Tuesday 20 December 2016

පෙනෙන දේ තුල නොදකින දේ A tax free value addition to sinhala blogging

මා විසින් මුහුණ පෑ සත්‍ය සිදුවීමකි!



දිනය - 2013 අප්‍රේල් මාසයේ දිනයක්  
ස්ථානය - වත්තහේන කණිටු විදුහල

මම - ඉස්කෝලෙට විදුලිය ලැබීම නිසා සිදු වූ ලොකුම හොඳ මොකද්ද?

විදුහල්පති - අපි මේ ඉස්කෝලෙට කරන්ට් එක ආවහම … ඉස්සෙල්ලම කරේ සල්ලි ටිකක් හොයාගෙන වතුර පොම්පයක් අරන් … වතුර ටැංකියක් හයි කරලා ටොයිලට් එකට වතුර දුන්නා

මම - හ්ම්ම්ම් (මම හිත ඇතුලෙන්  “ඕකේ  ඉතින් මොකද්ද මහා හොඳේ ???”)

විදුහල්පති - එකෙන් කර ගත්ත ලොකුම දේ තමා අපි ළමයින්ට හරි විදියට වැසිකිලි යන හැටි කියල දුන්නා …. එතකන් එක ළමයෙක්වත් හරි හැටි වැසිකිළියට  යන හැටි දැනන්  හිටියේ නැහැ….. (දිගටම කියවන්න මෙතන click කරන්න)

පෙනෙන දේ තුල අපි නොදකින බොහෝ දේවල් තියෙනවා.. ඒ දේවල දකින්න බොහෝ විට අපිට අදාල විෂය පිලිබඳ දැනීමක් තියෙන්න ඕනි.. ඒත් ලෝකේ තියෙන හැම විෂයක් සම්බන්දයෙන්ම ඉගෙන ගන්න හැකියාවක් අපිට නෑ. විදුලි හා විද්යුත් ඉංජිනේරු විෂය මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක වලට අයත් බලශක්ති සංරක්ෂණය/ කළමනාකරණය කියන්නේ ඉතාමත් පුළුල් ඒ වගේම මේ වෙනකොට ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන විෂයයක්.. මගේ බ්ලොග් එකේ කිහිප තැනක මින් ඉහත මා මිත්‍ර නදීර විජේසිංහ ගැන සඳහන් කරලා තියෙනවා. වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක් වෙන නදීර අනෙක් බොහෝ විදුලි ඉන්ජිනේරුවන්ගෙන් වෙනස් වෙන්නේ විදුලි බලශක්තිය උත්පාදනය හා කළමනාකරණය ගැන ඔහු දක්වන සැලකිල්ලෙන් ආ ඒ පිලිබඳ ඔහුගේ ආකල්පයෙන්.. සුර්ය බල ශක්තියෙන් විදුලිය උත්පාදනය, ගල් අඟුරු බලාගාර වලින් වෙන පරිසර දුෂණය, ඩිසල් මගින් ජනනය කරන විදුලිය වෙනුවෙන් අපි වැය කරන මිළ වගේ දේවල් ගැන ඔහුගේ කියවීම ඇත්ත වශයෙන්ම ඇස් අරවන සුළුයි. මගේ ලොකු උවමනාවක් තිබ්බ නදීර ලවා බ්ලොග් එකක් ලියවන්න. ඒ වෙනුවෙන් සිංහල බ්ලොග් අවකාශයේ තවත් ජේෂ්ඨ බ්ලොග් කරුවෙක් වන 'තිලකසිත' ගෙන්ද නදිරට ලොකු තල්ලුවක් ලැබුණා..

ඔන්න දැන්න නදීර ඔහුගේ මේ දැනුම හා අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවා.. ඔබට පුළුවන් ඔහු සමඟ මේ පිළිබඳව ඔහුගේ මෙම බ්ලොග් එක හරහා දීර්ඝ සංවාදයක් ගොඩ නගන්න. ඒ වෙනුවෙන් කාලය වෙන්කරන්න ඔහු කොයි වෙලාවකවත් මැලි වෙන්නේ නෑ..

IESL එකෙන් කරන Official e- newsletter එකේ නදිරගේ ලිපි පළවෙනවා.. මේ එහි ඔහු පිළිබඳව හඳුන්වා දී තිබු ආකාරය..

Eng. Nadeera Wijesinghe holds a Masters in Energy Systems from University of Gavle and B.Sc (Eng) Hons from University of Moratuwa specializing in Electrical Engineering. He is also a Project Management Professional (PMP) of PMI, USA. Currently he serves as Senior Electrical Engineer - Power System Designs at M.A. Consultants in the State of Qatar.

ඊට අමතරව කියනවා නම් නදීර කියන්නේ 'හොඳට කන බොන' ජිවිතේ විඳවන්නේ නැතුව විඳින එළ කොල්ලෙක්.. ඔහුව සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නා ගමන් ඔහුගේ බ්ලොග් එකට ගොඩවී නදිරව දැන අඳුනා ගන්නා ලෙසත්   'කලාහිත' හිතවත් සැමගෙන් ඉල්ලා සිටිනවා.. 

ස්තුතියි!

31 comments:

  1. කවදත් නවකයඉන්ට අතහිත දෙන කලාහිත කළණමිතුට උපහාරය
    = ඒ පැත්තෙත් ගොඩ වෙන්නම් අය්යෙ

    ReplyDelete
  2. උණුසුම් පිළිගැනීමටත් බ්ලොග් එකක් ලිවීමට දුන් අත හිතටත් අනෙක වාරයක් ස්තූතියි. මට තරම් නොවන තරමේ වර්ණනාවක් කර ඇත. පාඨකයන් ඒ පිළිබඳව මැදහත් සිතින් කටයුතු කරනු ඇතැයි සිතමි!

    ReplyDelete
    Replies
    1. තරම් නොවෙන කියුවේ අන්තිමට කියපු ටිකද? හා හා.. අවුලක් නෑ.. ඒ ටික නෝනට පෙන්නන්නේ නැතුව ඉන්න..

      Delete
  3. එල එල .. ජය වේවා .....

    ReplyDelete
  4. ඒ පැත්තෙත් ගිහින් බලන්නම්. හෝඩුවාවට ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  5. හොඳයි. ස්තුතියි මේ හඳුන්වාදීම ගැන. ගිහින් බලන්නම්.

    ReplyDelete
  6. ඔහු කතාකරන එක කොටසක් වන ගෘහාශ්‍රිත වාතයේ තත්වය ගැන මමත් බොහොම උනන්දුයි. ඇත්තටම එය කතාකිරීමට වටිනා දෙයක්.

    මමත් මැයි මාසයේදී Indoor Air Quality ගැන ලිපියක් ලිව්වා. වෙලාවක් තිබේ නම් මේක කියවලා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔහ්.. ඒක හරිම වැදගත් ලිපියක්නේ.. ස්තූතියි පාර පෙන්නුවට..

      Delete
  7. හොඳා හොඳා. ගිහින් එඤ්ඤංකො

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා.. ගිහිං වරෙංකෝ..

      Delete
  8. යකඩ කෑලි වයර් කෑලිනම් අපි එකෙන්ම.

    ReplyDelete
  9. ටැංකූ වේවා...

    ගිහින් බලන්නං ඈ.....

    ReplyDelete
  10. උඹ හොද ළමයෙක්

    ReplyDelete
  11. කල්යාන මහතා....අපේ වැඩේටත් පොඩි තල්ලුවක් දෙන්ට...අර දෙනවා කිව්ව කෝල් එක නම් තවම ආවෙ නෑ.....

    ReplyDelete
  12. නදීර කියන්නේ 'හොඳට කන බොන' ජිවිතේ විඳවන්නේ නැතුව විඳින එළ කොල්ලෙක්.. //
    ඔහම කිව්වට විස්වාස කරන්න බැහැ සෙට් වෙලා අඩියක් ගහලම කතා කරමු

    ReplyDelete
  13. ඒ පැත්තෙ ගිහිං බලන්නං.

    ReplyDelete
  14. aluthen blog lipi liyavenne naha vage.

    ReplyDelete
  15. IESL එකෙන් Official e- newsletter පළ කරනවට වඩා දෙයක් කරන්නෙ නෑ නේද?

    ReplyDelete
  16. ඔන්න අනබෙරය අහල ඒ පැත්තේ ගිහින් ආවේ.. වටිනා තොරතුරු ටිකක් එක්ක ලියවෙන බ්ලොග් එකක්...

    ReplyDelete
  17. ඕං මමත් ආවා කාළෙකට පස්සේ. ගිහිං බලන්නම්.

    ReplyDelete
  18. හොද හදුන්වාදීමක්.... ඔබට ජය !!!!!!

    ReplyDelete
  19. ආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ලිපි හොයාගෙන #ක ඉරාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී...අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්

    ReplyDelete