Tuesday 7 February 2017

ලෝටස් අජිත් ට මුල්‍ය අපරාධ චෝදනා? මෙවර නෙලුම්යාය බ්ලොග් සම්මාන නොපැවෙත්වෙන ලකුණු? It always seems impossible until it's done.- Nelson Mandela

නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ කතා බහ ආයෙම පටන් ගෙන ඇත... විශේෂත්වය වන්නේ මෙවර ඊට වැඩිම ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ මතවාදීව නෙලුම්යාය සම්මාන උළෙලට එකහෙලා විරුද්ධ පාර්ශවයයි.. රසික සුරියආරච්චි මහතා පවසන පරිදි //"රාජපක්‍ෂ පාලන සමයේ අවසාන කාලයේ සිට, උග්‍ර මරාවාදී පිරිස් "ලංකානිව්ස්වෙබ්" සමග වෛර බැඳ ගෙන සිටියහ. ලංකාවේ සිට ඒ පුවත් අඩවියට පිවිසීමට හැකි පහසු ක්‍රම අසුරා වාරණයක් ද පනවා තිබුණි. දෙවසරකට පෙර සිදුවූ මරා ගේ පරාජයෙන් පසු ඒ වෛරය "ලංකානිව්ස්වෙබ්" හි කොටසක් ලෙස හඳුනාගත් "නෙළුම් යාය" වෙබ් අඩවිය දෙසට ද පැතිරිණි. නෙළුම් යාය සම්මාන උළෙල සහ එහි සංවිධායක අජිත් ධර්මකීර්ති පිළිබඳව වෛරය අප නමින් දන්නා සහ තවමත් නමින් නොදන්නා පිරිසක් අතර ඇති වී ඇත්තේ ඒ අනුව ය..// මෙසේ මතවාදීව නෙලුම්යායට එරෙහිවන බොහෝ දෙනා බ්ලොග් ලියන, නිතර බ්ලොග් කියවන හා එමෙන්ම මීට ටික කලෙකට පෙර බ්ලොග් ලොව ජය කෙහෙළි නැංවූ (එහෙත් දැනට උපක්‍රමිකව පසු බැස ඇනෝ වෙසින් පෙනී සිටින?) අප හොඳින් දන්නා හඳුනන අපේම මිතුරු බ්ලොග්කරුවෝම වීම සතුටට කරුණකි. ඔවුනතරින් සමහරෙක් ප්‍රසිද්ධියේම තම වෑයම තනිකරම දේශපාලන උවමනාවක් බව පිළිගැනීමට තරම් කශේරුකාවක් සහිත මහත්වරුන්ද වේ. මේ බ්ලොග් හුටපටයෙන් ඔබ්බට ඔවුන් ඉතා හිතවත් හොඳ මිතුරන් පිරිසක් බැවින් මෙසේ හොඳින් හෝ නරකින් නෙලුම්යාය ජනප්‍රිය කිරීමට හා ඔසවා තැබීමට වෙහෙසීම එක අතකින් අරුමයක් නොවේ. ගැල ඉදිරියටම යන බව ඔවුන් හොඳින් දනී. දේශපාලන අරමුණු අභිබවා යමින් ඇතැම් පිරිසක් නෙලුම්යාය කර්තව්‍ය හා සම්බන්ද වූ සමහරුන්ට පෞද්ගලිකව මඩ ප්‍රහාර එල්ල කිරීම නම් නොතරම් යැයි සිතේ. එහෙත් ගිවිසුම් නැති මේ එක පාර්ශවික ප්‍රහාරයේ භාවිත කරන නොකරන අවි ගැන කතා කිරීමට වඩා ඒ සඳහා ඔවුන්ට ඇති අයිතිය සුරකිමින් නිහඩ වීම සෑහේ. 

මෙවර අප පවත්වන්නට යෙදෙනුයේ නොකඩවා පැවැත්වෙන තුන්වන බ්ලොග් සම්මාන උළෙලයි. තව තැනින් තැන කඩින් කඩ බ්ලොග් සම්මාන ප්‍රධානය කිරීම් කිහිපයක් සිදු උනද අපේ විරුද්ධ මතධාරීන්ගේම කියවීමට අනුව නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල යනු මෙදිවයිනේ ජනප්‍රියම හා විධිමත්ව පවත්වනු ලබන එකම බ්ලොග් සම්මාන උළෙලයි. මා හිතවත් බ්ලොග්කරුවන් දෙපොලක් වන ඉන්දික කොඩිතුවක්කු (සිංහයා)ගේ  හා දුෂාන් කරවිට (දුමී) ගේ සංකල්පයක් අනුව නෙලුම්යාය අවසාන වනවාත් සමඟම ඇරඹෙන 'බ්ලොග් වසන්තය' පාඨක සම්මාන ප්‍රධානෝත්සවය මෙහිලා කිසිසේත් අවතක්සේරු නොකිරීමට පසුගිය වර එහිද සම සංවිධායක වරයෙකු ලෙස කටයුතු කල මා නම් කිසිසේත් සුදානම් නැත. නෙලුම්යාය හා සමානවම මේ බ්ලොග් වසන්තය මගින් ඇති කරනු ලබන ප්‍රමෝදයෙන් ඉදිරි මාස කිහිපය තුල ශ්‍රී ලාංකික බ්ලොග් අවකාශය පිරි ඉතිරි යනු දැකිය හැකිවීම බ්ලොග් කලාවට ආදරය කරන අප හැමගේ බලාපොරොත්තුවයි. එමතු නොව මේ වෙනුවෙන් ආශාව, කැපවීම හා හැකියාව ඇති වෙනත් ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ඉදිරියේදී තව තවත් බ්ලොග් ඇගයීම් හා සම්මාන ලබාදීම සිදු කරන්නේනම් ඒ සඳහා හැකි සෑම අයුරකින්ම සහයෝගය දැක්වීමටද මා සුදානම් බව කිව යුතුමය. 

2015 මාර්තු මස 26 වන දින කොළඹ 5 ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවති පළමු බ්ලොග් සම්මාන ප්‍රදානය මට සිහිවේ. එහි පසුබිම දන්නා අයෙකු ඒ හා 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණ ප්‍රතිපලය අතර සම්බන්දතාවයක් පිළිබඳව සිතා ගැනීමට මැලි වනු ඇත. 2014 දෙසැම්බර් 30 දින හෝ ඊට අසන්න දිනෙක අජිත් ධර්මකීර්ති විසින් 2014 වසර සඳහා යෝජිත සම්මනලාභින්ගේ නම් ඔහුගේ කොළඹ ගමයා බ්ලොග් අඩවියේ පළකරද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පරාජයට පත්ව සිටියේ නැත. ඒ වනවිට ඔහු ලංකා නිව්ස් වෙබ් හි නෙලුම්යාය විශේෂාංගය සංස්කරණය කරමින් එම වසර තුල වඩාත් අවධානයට ලක්වූ බ්ලොග් ලිපි නෙලුම්යාය විශේෂාංගය යටතේ නැවත පළකරමින් ශ්‍රී ලාංකීය බ්ලොග් කලාව ප්‍රචලිත කිරීමේ හුදෙකලා වෑයමක යෙදී සිටියේය. 2014 බ්ලොග් සම්මාන ලැයිස්තුව ඔහු විසින් ප්‍රසිද්ධ කරන තාක් ඒ පිළිබඳව සම්මානලාභීන් හෝ බ්ලොග් වලට සම්භන්ද වෙනත් පුද්ගලයෙකු දැන සිටියායැයි මා විශ්වාස කරන්නේ නැත. පළමු සම්මාන උළෙලේදී තිබු ලොකුම අභියෝගය සම්මාන ලබා ගැනීම සඳහා බ්ලොග් කරුවන් ගෙන්වා ගැනීමයි. අජිත් ධර්මකිර්තිගේ ඒ නොසැලෙන උත්සාහය නොවන්නට නෙලුම්යාය බ්ලොග් සම්මාන ප්‍රධානය මහපොළොවේ යථාර්තයක් නොවන්නට බොහෝ ඉඩකඩ තිබුණි. මා ඇතුළු බොහෝ බ්ලොග් කරුවන් නෙලුම්යාය හා එක්වන්නේ ඉන් අනතුරුවයි. 

වඩා සංවිධානාත්මකව හා වැඩි සහභාගිත්වයකින් 2015 වසර සඳහා වූ බ්ලොග් සම්මාන ප්‍රධානය දෙවන වරට 2016 මාර්තු 26 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදීම පවත්වන්නට හැකිවීම ඒ සාමුහික උත්සාහයේ ප්‍රථිපලයයි. ශ්‍රී ලාංකීය බ්ලොග් කලාවේ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය සලකා ජිවිත කාලයේදී එක වරක් පමණක් පුද දෙනු ලබන 'නෙලුම්යාය විශේෂ සම්මානය' ලබාදීම ආරම්භ කිරීම දෙවන බ්ලොග් සම්මාන උළෙලේ විශේෂත්වයයි. 

2015 වසරට සාපේක්ෂව 2016 වසර ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය තුල හැල හැප්පීම් අඩු වසරක් ලෙස දැකිය හැක. නමුත් 2016 වසර තුල සිංහල බ්ලොග් අවකාශයට එකතු වූ හා ක්‍රියාශීලි වූ සුවිශේෂී බ්ලොග් රචකයින් කිහිප දෙනෙකු නිසා බ්ලොග් අවකාශය වඩාත් අවධානයට හා ආකර්ෂණයට ලක්වීම නිතැතින්ම සිදුවිය. නෙලුම්යාය බ්ලොග් ඇගයීමේ කාර්යභාරය වඩාත් අවධානයට ලක්වන්නේත් මේ පසුබිම තුලයි. 

***************************************************
2015 බ්ලොග් සම්මාන ප්‍රධානොත්සවයෙන් අනතුරුව ඒ පිළිබඳව ඉතා සාධනීය විවේචන, අදහස් හා යෝජනා රැසක් මතුවිය. මේ සියල්ල හා ලද අත්දැකීම් සැලකිල්ලට ගනිමින් 2016 වසර සඳහා වූ බ්ලොග් සම්මාන උළෙල සඳහා නෙලුම්යාය සංවිධායක මණ්ඩලය ලෙස අපි මේ වනවිට සයිබරයේ පෙළ ගැසෙමින් සිටිමු. සම්මාන සඳහා සළකා බැලීමේදී සමහර බ්ලොග් අඩවි හා බ්ලොග් ලිපි මඟ හරි යාමේ අවධානමක් ඇත යන්න පසුගිය වර නැගුනු එක අදහසකි. එය සිදුවිය හැකි තත්වයකි. එම නිසා මෙවර අපේ හිතවත් අටම්පහුර බ්ලොග් අඩවියේ ලක්මාල් කන්දෙවිදාන හෙවත් 'අටමා' විසින් නෙලුම්යාය සඳහා ඔබේ නිර්දේශ ලිපි හා බ්ලොග් අඩවි ඉදිරිපත් කල හැකි ලෙස වෙනම බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය අතර මුල් කාලයේ ඊට බොහෝ යහපත් ප්‍රතිචාර ලැබිණි. අනතුරුව අටමා ගේ මුලිකත්වයෙන් ම පසුගිය ජනවාරි 31 වන දින දක්වා තව දුරටත් ඊමේල් මගින් නිර්දේශ ලබා ගැනීම සිදු කරන ලදී. මේ ලද නිර්දේශ වලට අමතරව සියලු බ්ලොග් සින්ඩිකේටර් වල 2016.01.01 දින සිට 2016.12.31 දින දක්වා පළවූ බ්ලොග් ලිපි විනිශ්චය මණ්ඩලයේ අවධානයට ලක්වනු ඇත. මේ ගතවෙන්නේ එම කාලවකවානුවයි. 

සියලුම කැටගරි සඳහා විනිශ්චය මණ්ඩලයේ අවසන් නිර්දේශිත ලිපි/ බ්ලොග් අඩවි 5 (හෝ 3) තව නොබෝ දිනකින් එලි දැක්වීමට අපි සුදානමින් සිටිමු. එළඹෙන මාර්තු අවසන් සතියේ කොළඹ හෝ ආසන්න ස්ථානයක සංවිධානය කරනු ලබන සරල හා සුහදශීලී හමුවකදී 2016 වසරේ බ්ලොග් ලොව කිරුළු දරන්නෝ සම්මානයට පාත්‍ර කරනු ඇත. දිනය වෙලාව හා ස්ථානය හරියටම ඉදිරියේදී සඳහන් කරන්නෙමු. 

ගැල ඉදිරියටම ගමන් කරනු ඇත!!!
ප.ලි. උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවී ඇති බැවින් නෙලුම්යාය ප්‍රචාරක කර්තව්‍යයේ යෙදී සිටන ප්‍රොෆයිල් සහ ඇනෝ මහතුන් සමඟ වූ ඉතා වටිනා හා සිත්ගන්නා සුළු වූ කොමෙන්ට් සංවාද වලට නිතර එක් වීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.  

124 comments:

  1. /* රසික සුරියආරච්චි [] පවසන පරිදි 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට 'නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල' එක එල්ලේ බලපෑම් කර ඇති බැවින් ඔවුහු හෙවත් 'මරාවාදී බයියන්' නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලට එරෙහිව අවි ඔසවන බව පෙනී යයි. */

    මා පැවසූයේ එසේ නොවේ. මෙසේ ය.

    "රාජපක්‍ෂ පාලන සමයේ අවසාන කාලයේ සිට, උග්‍ර මරාවාදී පිරිස් "ලංකානිව්ස්වෙබ්" සමග වෛර බැඳ ගෙන සිටියහ. ලංකාවේ සිට ඒ පුවත් අඩවියට පිවිසීමට හැකි පහසු ක්‍රම අසුරා වාරණයක් ද පනවා තිබුණි.

    දෙවසරකට පෙර සිදුවූ මරා ගේ පරාජයෙන් පසු ඒ වෛරය "ලංකානිව්ස්වෙබ්" හි කොටසක් ලෙස හඳුනාගත් "නෙළුම් යාය" වෙබ් අඩවිය දෙසට ද පැතිරිණි. නෙළුම් යාය සම්මාන උළෙල සහ එහි සංවිධායක අජිත් ධර්මකීර්ති පිළිබඳව වෛරය අප නමින් දන්නා සහ තවමත් නමින් නොදන්නා පිරිසක් අතර ඇති වී ඇත්තේ ඒ අනුව ය."
    [http://rasikalogy.blogspot.com/2017/01/nelum-yaya-blog-awards-ceremony-2017.html]

    ReplyDelete
  2. නෙලුම් යාය බ්ලොග් සම්මාන උත්සවයට මගේ සුභ පැතුම් එක් කරමි.

    සම්මාන සඳහා සළකා බැලීමට මා කැමති බ්ලොග් ලිපි කිහිපයක් පිළිබඳව නාම යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු චෙමි.

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින්! ස්තුතියි.

      Delete
  3. දෙයක් කිරීමට වඩා, බලා විවේචනය ඉතා පහසුය.

    ReplyDelete
    Replies
    1. දැකපු, බලපු උඹල දන්නවා.. (මේ කොමෙන්ට් එක සෑහෙන්න වටිනවා)

      Delete
  4. මට නං රයිටර් බොලොක්කෙ නිසා නැඟිටගන්න බෑ. කොහොම උනත් ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඕක මහා කරුමයක්.. උඹට වඩා කියවන අපිට.. ඉක්කනට නැගිටින්න බලපන්..

      Delete
  5. ජ ය වේ වා !!!

    ReplyDelete
  6. සුභ පැතුම්..!!
    සහයක් දිය හැකිය.අවස්ස නම් දල්ලල්ල.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. /දල්ලල්ල/

      මිරිස් කුඩු බෝතලේටවත් එබුවද?

      Delete
    2. අනිවා.. උඹෙන් ඕනි උදව්.. මං මේල් එකක් දාන්නං. අන්ඩ පරිස්සං කරන හිටපන් මේ පාර අනිවා එන්ඩ ඕනි.

      Delete
  7. හෙහේ... නෙළුං යායට ජය.. සියලු වැඩ ඉටිකිරිස් එකට හරි යන්න ඕන. හමුබෙමු නේ.. :-);-)

    ReplyDelete
    Replies
    1. හබ්බෙමු

      Delete
    2. /හමුබෙමු/ /හබ්බෙමු/

      මේවගේ තේරුම හමු වෙලාම කියපල්ලා.. ජයවේවා!

      Delete
    3. හමුවෙමු + බොමු = හමුබෙමු/හබ්බෙමු!

      Delete
    4. විදානය නං හරි..ඒත් ඔය මයිය කන බොන එකෙක් නෙවෙයිනේ.. :)

      Delete
  8. හෙහේ... නෙළුං යායට ජය.. සියලු වැඩ ඉටිකිරිස් එකට හරි යන්න ඕන. හමුබෙමු නේ.. :-);-)

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් නේද කොමෙන්ට් එක දැම්මේ? කොමෙන්ට් එක පබ්ලිෂ් උනාම බැක් යන්නේ නැතුව ක්ලෝස් කරලා දාපන් වින්ඩෝ එක.. එතකොට දෙකක් වැටෙන්නේ නෑ.

      Delete
  9. ගැල ඉදිරියටම ගමන් කරනු ඇත!!! අනිවාර්‍යෙන්.....හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඔහොම යං....ජයෙන් ජය ! 😇

    ReplyDelete
    Replies
    1. ගැල තල්ලු කරන්න මේ පාරත් තාත්තා එක්කම එන්න.. ජය!

      Delete
  10. මම ඔය උත්සවේට ආවොත් තොපි මගේ ඇඳුම් ගලවලා හෙලුවෙන් ගෝල්ෆේස් එකට ඇදගෙන යයි.
    ඒ හන්ද එන්නෙ නෑ බයයි.
    ඉවර උනාම ආයෙත් "වියදම් පෙන්නපියෝ" කියල "අඳෝනාව ෆේස් 2" පටන් ගන්නට අදහස් කොරගෙන ඉඳිමි හිටං

    - සාරස

    ReplyDelete
    Replies
    1. සා රස තුමා එනවා.. සම්මාන උස්සවේටත් ඉඳල ආෆ්ටර් පාටි එකටත් ඉඳල යන්නේ.. ඇනෝ මහත්තුරුත් ගොඩ දෙනෙක් එනවා. ඔබතුමාත් එන්න..

      Delete
    2. එහෙනම් මම එන්නේ නැහැ. දත් ගලවා ගැනීමේ අදහසක් නැත.

      Delete
    3. එදාට සා රස තුමා දත් ගලවන අඬු පඬු නොගෙනෙන බව පවසා ඇත.

      Delete
  11. මූලය අක්කරමිතා ගැන සදහන් කර නැත... හැක්

    ReplyDelete
    Replies
    1. ඒවා ලියන්න කලින් ඩේට ඉවර උනා.. දැන ගන්න ඔනිමනම් සීයෙ කාඩ් එකක් දාහන්.. (හැබැයි ගසා කෑවා කියන්න ඔට්ටු නෑ..)

      Delete
  12. මාත් ආවෙ කඩුපයිට් සේරම බලාන්ට.. කොයිද මුන් සුපියල් පා කේව

    ReplyDelete
    Replies
    1. අපි ඇල්වතුරත් නිවල බොන්නේ..

      Delete
  13. ගැල ඉදිරියටම අරගෙන යන්න සුභ පැතුම් හැමෝටම...

    ReplyDelete
    Replies
    1. ගිය පාර දැක්කට පස්සෙද කොහෙද ගිම්මිව දැක්කේ.. ඉතින් මොකද වෙන්නේ.. ආයෙම නෙලුම්යායෙදී හමුවෙමු.

      Delete
  14. සියලුම කැටගරි සඳහා විනිශ්චය මණ්ඩලයේ අවසන් නිර්දේශිත ලිපි/ බ්ලොග් අඩවි 5 (හෝ 3) තව නොබෝ දිනකින් එලි දැක්වීමට අපි සුදානමින් සිටිමු.

    මේ සමගම විනිශ්චය මණ්ඩලයේ නිලධාරි උතුමානන්ගේ නම් ටිකත් ප්‍රසිද්ද කලානම්

    සියල්ල දැනුවත් වෙන්නට ඔච්චර සුපිරි පිරිසිදුවටම ඔක වෙනවා කියලා පෙන්වන්න

    ත් එක්කලා !!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියවල නිර්දේශ දෙන්න කියල රේගියුලර් බ්ලොග් ෆොලොවර්ස් ල කීප දෙනෙකුටම කියල තියෙනවා.. වැඩේ තියෙන්නේ ගොඩක් දෙනෙක් ඒ වගකීම ගන්න කැමති නෑ. බ්ලොග් ලියන කියවන අපි කීප දෙනෙක්ම තමයි අපේ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ කරන එකෙන් අයින් කරගෙන ඒ වැඩේ කරන්නේ. මේක බ්ලොග් වලින් සම්පුර්ණයෙන්ම බාහිර කෙනෙකුට කරන්න බෑ. බ්ලොගින් කියන කල්ට් එක අඳුන ගත්ත කෙනෙක් වෙන්න ඕනි. උදාහරණෙකට අපි බ්ලොග් කවි දහයක් විතර සිලෙක්ට් කරලා ලංකාවේ නමගිය කවි රචකයෙකුට දුන්නොත් ඒ පුද්ගලයා හිනාවෙයි මේවට උඹල සම්මානත් දෙනවද කියල.. බ්ලොග් කවියක වටිනාකම එන්නේ සමහරවිට ඒක පබ්ලිෂ් කරන වෙලාවත් එක්ක.. ඒ හරහා ගොඩ නැගුනු කතාවත් එක්ක.. ඉතින් බ්ලොග් කවියක් උණු උණුවේ රස විඳපු එකෙකුයි මාස ගානකට පස්සේ 'කියවන' එකෙකුයි එකම ජජ්මන්ට් එකක් දෙයි කියල හිතන්න බෑ. පස්සේ බලන එකා ඕනිනම් විරිත්, මාත්‍රා, එළිවැට. එළිසමය උපමා උපමේය බලයි.. ඒත් වැරදිලා හරි ඒ කවියේ 'පකයා' කියල තිබ්බොත් සම්මානේ දෙයිද? බ්ලොගර් කෙනෙක් බැලුවොත් ඊට වෙනස් විදියට බලයි. මේවා කියන්න ලේසියි. කරන්න ටිකක් නෙවෙයි ගොඩක් අමාරුයි.
      අනික දැන් ඔය නම්ටික කියුවම නෙලුම්යාය ගැන තියෙන ඔක්කොම ප්‍රශ්න ඉවර වෙයිද? මෙහෙම කරන්නම්. ඔබතුමාට කරන ගෞරවයක් විදියට අපි පුළුවන්තරම් 'සුපිරි පිරිසිදුවටම' මේක කරන්න උත්සහ කරන්නම්.

      කොමෙන්ට් එකට ස්තුතියි!

      Delete
    2. හරියට හරි කල්‍යාණ මිතු තුමෝ (සසසා ගෙන් පුරුදු වූවකි )

      Delete
    3. සසසා නෙවෙයි සා රස තුමා.. එහෙමයි අපි කියන්නේ..

      Delete
    4. ලෝටස් අජිත් ට මුල්‍ය අපරාධ චෝදනා? කෙසේ වෙතත් විනිශ්චය මණ්ඩලයේ නිලධාරි උතුමානන්ගේ නම් නම් ටික කලින් පොරෝසිද්ද කලාම ලෝටස් අජිත් ට මට අදාළ නැනේ තියරිය පාවිච්චි කරලා මන් සුදනා කියලා ගොඩයන්න පුවන්වෙයි .

      Delete
    5. //උදාහරණෙකට අපි බ්ලොග් කවි දහයක් විතර සිලෙක්ට් කරලා ලංකාවේ නමගිය කවි රචකයෙකුට දුන්නොත් ඒ පුද්ගලයා හිනාවෙයි මේවට උඹල සම්මානත් දෙනවද කියල.. බ්ලොග් කවියක වටිනාකම එන්නේ සමහරවිට ඒක පබ්ලිෂ් කරන වෙලාවත් එක්ක.. ඒ හරහා ගොඩ නැගුනු කතාවත් එක්ක.. ඉතින් බ්ලොග් කවියක් උණු උණුවේ රස විඳපු එකෙකුයි මාස ගානකට පස්සේ 'කියවන' එකෙකුයි එකම ජජ්මන්ට් එකක් දෙයි කියල හිතන්න බෑ. //

      +++++++++++++++

      Delete
    6. ඇනෝතුමාටත් ඉයන්තුමාටත් ස්තුතියි හිටං..

      Delete
  15. බෙස්ට් ඇඩ්වර්ටයිසර් සම්මානයට සාරසතුමා යෝජනා කරමි.

    ReplyDelete
    Replies
    1. අපි එහෙම එකක් දානකම් තමයි ඔය.. හැක්.

      Delete
  16. වැඩේ සාර්ථකව කර ගෙන යන්න සුභ පැතුම්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි.. එදාට හමුවෙමු.

      Delete
  17. සතුටුයි... පරණ බ්ලොග් යහළුවන් මුණ ගැසේවි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. එදාට හමුවෙමු.

      Delete
  18. එදාට එන්න නොලැබෙන අපි වගේ අයටත් සම්පූර්ණ විස්තර දැනගත හැකි වන විදිහට, ඡායාරූප, වීඩියෝ ආදිය සංවිධානය කලා නම් හොඳයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්ලයින් ටෙලිකාස්ට් කරන්න පුලුවන්ද නම් දන්නේ නෑ. ඒත් ෆොටෝ වීඩියෝ එහෙමනම් අනිවා දානවා.. බලමු අපේ ටෙක්නිකල් එක්ස්පර්ට් ල මොනවා හරි කරයි.

      Delete
    2. අහ.. එහෙම එකක් තියෙනවා නේන්නං.

      Delete
  19. Replies
    1. නාවොත් *&^&%$%#@##$$%වාමයි.

      Delete
    2. ගෙදර ඉන්නේ මේ දවස් ටිකේ උදව්වක් ඕනේ නම් කියපන් (*&^&%$%#@##$$% .......බැහැනේ එනවාමයි).

      Delete
    3. මාත් එන්නෙයි?

      Delete
    4. උඹ බය උනා නේද නාවොත් *&^&%$%#@##$$% ගන්න වෙයි කියල.. හැක්.

      Delete
    5. අර බයික් මල්ලි එවන්නෙයි එක්කරගෙන යන්න?
      (නිදන කතාව විදනයගෙන් අහපන් )

      Delete
    6. //නිදන කතාව// විදානයාට බොන්න දුන්නම නිදිම තමයි.. පහුවෙනිදට වමනේ හෝදලා ගන්න ඕනේ නිදා ගත්ත තැන.. හැක්..

      Delete
  20. ගැල ඉදිරියෙන් ඉදිරියටම යත්වා...

    ReplyDelete
    Replies
    1. ගැල තල්ලු කරන්න එදාට සෙට් වෙන්න.. ජය!

      Delete
    2. අනිවාර්යෙන්ම එනෝ

      Delete
  21. එළ,එළ වැඩේ සර්වප්‍රකාරයෙන්ම සර්ථක වේවා....!

    ReplyDelete
    Replies
    1. මේ පාරත් නෝනා පොල්ල දායිද?

      Delete
  22. Replies
    1. ටූ අර්ලි ටු විශ්? බලමු. ස්තුතියි!

      Delete
  23. අනේ පල ...
    ගියපාර නෙලුංයායෙන් ගාල්ල ටවුම කිට්ටුවෙන් පර්චස් 40ක ඉඩමක් ගත්තා ...
    මේ පාර එකෙන් අර තට්ටු තුනේ ගේ හදන්ඩනේ ඔය වලි කන්නෙ ...
    ඊලඟ පාර එකෙන් මොනාද ..?? ජගුවර් එකක්ද ..?? බෙන්ස් එකක්ද ..??

    ReplyDelete
    Replies
    1. මීයා ලෙවකන්නෙ අත කඩා ගන්න ඇයි බං? අජියට පුලුවන්නම් අපිට මොකෝ?

      Delete
    2. ගාල්ලෙන් නෙමේ මං ගත්තේ තන්ගල්ලෙන්.

      Delete
    3. තන් වෙනම අරන් ඉස්සරහින් හයි කර ගන්නවා අපි..

      Delete
    4. /ගියපාර නෙලුංයායෙන් ගාල්ල ටවුම කිට්ටුවෙන් පර්චස් 40ක ඉඩමක් ගත්තා/
      සැටිපිකට් ඇත්ත බඩ තඩියෝ.. මගේම යාලුවෙක් තමයි මැනලා දුන්නේ.. හැක්

      Delete
    5. විදානයේගේ යාළුවට පොල්ල අල්ලන්න ගිහින් තමයි මං නහයත් කඩා ගත්තේ..

      Delete
  24. //මේ බ්ලොග් හුටපටයෙන් ඔබ්බට ඔවුන් ඉතා හිතවත් හොඳ මිතුරන් පිරිසක් බැවින්// කවුද ඒ ? ඒ කොමෙන්ට් ආපු විධිහට අර කමිය දාන එල්ෆ් ඇන්ඩ් සේප්ටි තොප්පියක් ඉල්ලා ගෙන ගෝනි දෙකක් ඔතාගෙන එන්න හිටියේ .

    ReplyDelete
    Replies
    1. කාපු බීපු වෙලාවට ඔය මිත්තරයෝ කරන පුංචි විහිලු ඒ හැටි ගන්න දෙයක් නෑ.

      Delete
  25. ඕක බ්ලොග් සම්මාන උළෙලක් නෙමෙයි කල්‍යාණ මිත්‍ර තුමෝ. ඔබට වැරදිලා. මට අජිත් එක්කවත් උබල එක්කවත් අවුලක් නැහැ. හැබැයි ලියද්දි හැම වෙලේම ලියන්න නෙළුම් අඩවියේ සම්මාන උළෙල කියල. හැබැයි හැම වෙලේම.

    ඒක විතරක් අමතක කරන්ට එපා. මොකද ඔය උත්සවය ඔහෙලට ඕනි විදිහට කරන උත්සවයක් මිසක් සමස්ත බ්ලොග් ලෝකෙටම කරන දෙයක් නෙමෙයි. තව එකක්, මාතලන් අටමට සම්මාන දෙන්නත් අමතක කරන්ට එපා.

    උබල මහන්සි වෙනවට වඩා උන් දෙන්න උන්ට පුළුවන් විදිහට ඔය සම්මාන දුන්න 99% ම ගොඩ දාල තියෙනව.

    මට ප්‍රශ්නෙ උබලව උන්ව ස්වාදීන කරන එක. නැතුව මම උබලගේන්වත් උන්ගේන්වත් කාල බීල නැහැ. මම දැකලත් නැහැ. උබ හොඳ බ්ලොග් එකක් කරනවනවානම් උබටත් සම්මානයක් හම්බවෙන්ට ඕනි. ඒකෙ දෙකක් නැහැ. එත් එක මෙතන වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සමස්ත බ්ලොග් ලෝකෙම අහුවෙන විධිහේ එකක් කරලා පෙන්වන්න. මොකද දුමියල කරපු එ කෙත්, බස් රේඩියෝ අය කරපු එකෙත් "සමස්ත" බ්ලොග් ලෝකෙමේ අහුවුනා කියල මම හිතන්නේ නැහැ.

      Delete
    2. මාතලන් තමයි පළමු බ්ලොග් සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු හැටියට සම්මානය ගත්තේ. කල්‍යාණ මිත්‍ර විනිශ්වය මණ්ඩලයේ නිසා ඔහුගේ බ්ලොගය ඉවත් වෙනවා.

      Delete
    3. මට දෙන්න මේ පාර හොඳම බ්ලොග් කරු සම්මානය (හරි හරි බ්ලොග් ලිව්වේ නැති උනාට කමක් නැහැ )

      Delete
    4. අජිත් අයියේ. මට ඔයා එක බ්ලොග් එකක් කියන්ට ඔයා තනියම ප්‍රොමෝට් කල.. නිකංම නිකන් ඔයාගේ බ්ලොග් එකේ එල්ලන්නේ නැතිව.

      මම මේ කිසිම දෙයක් පෞද්ගලිකව ගන්නේ නැහැ. මට වැඩකුත් නැහැ. ඒත් මේ සම්මාන උළෙලේදී ප්‍රසිද්ද වේදිකාවට ගෙනල්ල මාතලන්ට හෝ අටම්පහුරට සම්මානයක් දෙකක් දෙන්නෙ නැතිනම් ඇයි ඔහෙල බයිලා ලියන මිනිස්සු වේදිකාවට ගෙන්නල ඔහෙලගෙ හෝ ඔහෙලගෙ පාර්ශවයන්ව විහිලුවකට ගන්නේ.

      ඇයි ඔහෙලා දේශපාලකයන් මේකට සම්බන්ද කරගන්නේ..??

      මේක ඕනෑම කුනුහබ්බයක් කියන්ට පුළුවන් නිදහස් තැනක්.

      අපිට නිදහස ඕන. ලියන්ට කියවන්ට කොමෙන්ට් කරන්ට.. ඔහෙලා කරන්නේ ඒකට දේශපාලකයන් එක්ක එකතු වෙලා ඒක නැති කරන්ට..

      ඒ කියන්නේ අපි හෙට ලංකාවට ගියහම කොමෙන්ට් කල නිසා CID එකට යන්නද..??

      දැනුත් මම කියන්න ගෙනෙව් මාතලන් සහ අටම්පහුර ප්‍රසිද්ද වේදිකාවට.. දියව් උන්ට තැනක්... කියපියව් මුන් තමයි ලංකාවේ බ්ලොග් එකට දෙයක් කලේ කියල.. බෑ.. උබලට ඒක කියන්ට තරම් පන නැහැ..

      පුලුවන්නම් කරලා පෙන්නපන්...

      Delete
    5. මේකේ තියන බ්ලොග් ගාන ගණන් කරලා බලන්න.
      http://www.blogpower.info/

      Delete
    6. අටමා ඔයා කරන දේ මේ දවස් වල ඇවිත් කියල දෙන්න මේ ළමයට.

      Delete
    7. කවුද මේ /ඔහෙල බයිලා ලියන මිනිස්සු// ටිලාන්

      Delete
    8. ටිලාන් සමග එකඟයි. මේ නිදහසේ අදහස් ලියන්න කියවන්න තියෙන අවකාශය මේ කාලකණ්ණි දේශපාලුවන්ගේ ඇට කහන ජඩයින් කල්ලියක් අල්ලාගෙන දේශපාලනීකරණය කරමින් උන්ගේ පුද්ගලික න්‍යායපත්‍ර පුදග්ලික අවශ්‍යතා ඉටුකරගැනීම අතිශය් හිරිකිතයි. හැමෝම කියන්නෙ ඔය කෙහෙල්මල් රෙද්දෙ සම්මාන නැති කාලේ තිබුණු බ්ලොග් ප්‍රබෝධය විනාශ වී ගොස් අද සිංහල බ්ලොග් වලට කෙළවී ගිහින් තියෙන්නෙ මේ කාලක්ණ්ණි දේශපාලක තක්ක්ඩින්ගේ ඇඟිලිගැසීම් නිසා බවයි. මුන් එක්ක වාද කරල තේරුමක් නැහැ, නිකම් කාලය කා දැමීමක් විතරයි බන්. නරි කියයිද ඇත්ත? නොදකින්.

      Delete
    9. //හැමෝම කියන්නෙ ඔය කෙහෙල්මල් රෙද්දෙ සම්මාන නැති කාලේ තිබුණු බ්ලොග් ප්‍රබෝධය විනාශ වී ගොස් අද සිංහල බ්ලොග් වලට කෙළවී ගිහින් තියෙන්නෙ// මරා ගත්තේ නැහැ නේද? ගොඨාභය මහතාට ඔත්තු දුන්නෙත් නැහැ නේද? කොළඹ විශ්ව විද්‍යාලේ එකෙක් බ්ලොග් ලියනවා කියල ආරක්ෂක අමත්යන්ස්හෙට ගියේ කොහොමද? ගහ දන්නා අපට කොළ කඩ පාන්න එපා ඕයි.

      Delete
    10. ටිලාන්.. මචං, උඹ පොඩ්ඩක් ළඟ පිකප් උනාට බොක්ක හොඳ එකෙක් කියල දැනෙන නිසයි, උඹ ලංකාවෙන් පිට ඉන්න නිසයි උඹට මේ ඇත්ත තේරුම් කරලා දෙන්න හදන්නේ.. මෙතන ඔය කට්ටිය කියන කළු යකෙක් නෑ. කරූ පරණවිතාන කියන්නේ බ්ලොගර් කෙනෙක්.. සතර දිගන්තය බ්ලොග් එක ලියන.. නෙලුම්යායෙන් කියල මේක කරාට මේකේ වියදම් දරන්නේ චන්දිමත් අජිතුත් තමන්ගේ වෙනත්ඇ අදායම්ළු වලින්. දෙවෙනි සම්මාන උළෙලේදී මෙතන උඩින් කොමෙන්ට් කරලා තියෙන බොහොම නිහඬ තව බ්ලොග්ත කරුවෙක් සම්මාන වලට මුදල් දීල තිබ්බ.. තව එංගලන්තේම ඉන්න 'සුරංග'ගේ රසිකයෙක් සුරංග හොඳම බ්ලොග්කරු උනොත් ඌට කොම්පියුටර් එකක් දෙන්න ලැස්ති වෙලා හිටිය.. (ඒත් ඌ දෙවෙනියා උන නිසා ඒ වැඩේ උනේ නෑ..) අනිත් වියදම් කරේ අජිත් සහ චන්දිම. චන්දිමගේ මෙහෙ තියෙන පත්තර, වෙබ් වල වැඩ කරන හිතවත්තු තමයි ඔය සම්මාන හදන ඒවා නාට්‍ය කණ්ඩායමට එහෙම ගෙව්වේ. එතකොට ගිය පාර ගෙනාපු මියුසිකල් ගෘප් එක ගෙනාවෙත් සල්ලි දුන්නෙත් ඉවාන් පවුලුෂ.. උන්ට ප්ලේ කරන්න උනෙත් නෑ නමුත් ඇජෙන්ඩ එකේ තිබ්බ නිසා එක දවෙසෙන් කතා කරලා ගෙන්න ගත්තේ ඉවාන් තමයි. ඔය ඔක්කොම ඇරෙන්ජ් කරේ අජිත් ලංකාවට ආවයින් පස්සේ වැල්ලවත්තේ හෝටලේට මාත්, ඉවානුත් මාතලනුත් නිතර නිතර ගිහිල්ල. මුල් අවස්ථා දෙකේදී කරු පරණවිතාන ගේ සහයෝගය ගත්තේ ඒ හෝල් එක නිකන් ලැබෙන නිසාත් සංග්‍රහ කටයුතු කරූ බර ගත්ත හින්ද.. මුල් වතාවේ තියෙනකොට කරූ පරණවිතාන දේශපාලකයෙක් නෙවෙයි අමාත්‍යංශ ලේකම් විතරයි. වැඩේට ජනමාධ්‍ය අවධානය ගන්නයි right to information බිල් එක ගේන්න මුල් වීමයි නිසා කතානායක කරූ ජයසුරිය ව ගෙන්නන්න යෝජනා කලේ පරනවිතනයි. දෙවෙනි එක අපි යොදා ගත දිනේ ජනමාද්‍ය අමාත්‍යංශයේ එකෙක්වත් නෑ ඔක්කොම යාපනේ ගිහින්. අපිට හෝල් එකේ දෙස් බැංකු පවා අදින්න උනා අන්තිම මොහොතේ.. එතන හිටපු උන් දන්නවා. දෙවෙනි එකට කරූ ජයසුරිය මහත්තය ආවේ කතා කරලා.. ඔහුගේ දේශපාලනය මොකක් උනත් ඒ ජේෂ්ටත්වයේ පුද්ගලයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරම් ඔහු නිහතමානියි. හොඳ දේට හොඳයි කියන්න බය වෙන්න ඕනි නෑ. මේ පාරත් හැකි උනොත් අපි කරූ ජයසුරිය මහත්තයට කතා කරනවා. එයා එනවනම් එයි. වෙන දේශපාලකයෝ කාටවත් ආරාධනා කරන්නේ නෑ. හැබැයි එන කෙනෙකුට එන්න පුළුවන්.
      චන්දිම විනිශ්චය මංඩලයේ හිටිය කියන එකට උඹ පරල වෙලා ඉන්නවා දැක්ක. චන්දිම ඇත්තටම හිටියේ හොඳම බ්ලොග් අඩවිය තෝරන පැනල එකේ විතරයි. ඒකට අපි හැකි තරම් අයගෙන් අදහස් විමසුවා. මොකද හරිම තේරීමක් ගන්න ඕනි නිසා.. එතන තරඟය තිබ්බේ සුරංගයි බස්සියි අතර.. ඒ දෙකෙන් එකක් වත් දේශපාලන අදහස් ප්‍රකාශ කරන කන්ට්‍රවර්ෂල් බ්ලොග් නෙවෙයි. දෙන්නම විශේෂාංග ලේඛකයෝ. බස්සිගේ බ්ලොග් එකට වැඩිපුර ලකුණු ලැබුනේ බස්සි මල්ටි ෆසට් ලියන්නියක්.. සුරංගගේ තියෙන්නේ එක තලයක්.. හැබැයි ඒක සයික්ලෝන් එකක් වගේ 2015 බ්ලොග් ලෝකේ කැළඹුවා,,.. මේ වගේ කරුණු ගොඩක් කතා කරලා සලකල අවසානයේ ලකුණු ආපු පිළිවෙලට විතරයි බස්සි එක, සුරංග දෙක උනේ. අපි කවුරුවත් ඒ රිසල්ට් එක මැනිපියුලේට් කරන්න ගියේ නෑ. සුරංග දෙක වෙච්චි නිසා සුරංගට හම්බෙන්න ගිය කොම්පිටරෙ නැති උන එක විතරයි උනේ.

      උඹ පොඩ්ඩක් නිවී හැනහිල්ලේ 2015 සම්මාන ගත්ත බ්ලොග් ලිස්ට් එක ආයේ කියවල බලපන්. එතන උඹට හිතෙන විදියට අසාධාරණ නොලැබිය යුතු කෙනෙක් ඉන්නවනම් මට හයිලයිට් කරපන්. ඒ වගේම උඹ හිතන විදියට ඒ සම්මානේ යන්න ඕනි කාටද කියලත් කියපන්. අටමා හා මාතලන් බොහොම අවබෝධයෙන් මේ කටයුත්ත එක්ක සම්භන්ද වෙලා ඉන්නේ.. උන්දෙන්නත් මාත් අජිතුත් සම්මාන සඳහා නිර්දේශ වීමෙන් අයින් වෙලා මේක කරන්නේ. එකයි අපේ බ්ලොග් එතන නැත්තේ..

      ඔය කා ගහන උන් කරන්නේ තනිකරම දේශපාලන ක්‍රීඩාවක්. 2015 වෙච්චි දෙයින් පස්සේ උන්ගේ කණ්ඩායම බලන්නේ ආයේ මොනම ආකාරයකින්වත් උන්ට අවැසි වෙන දේවල් සයිබර් අවකාශය ඇතුලේ වෙන්ට ඉඩ නොතියන්න.. ඒක දිග ප්ලාන් එකක කොටසක්. උඹ ඕවට නිකන් කොටු වෙන්න එපා.. මොකද ඔය කෑ ගහන අනිත් උන්වත් ඕව පර්සනල් ගන්නේ නෑ.

      උඹ මෙච්චර කල් කරා වගේ පුළුවන් විදියට බ්ලොග් බලල උඹේ අදහස් කෙලින් කියපන්.. ඒක තමයි උඹට කරන්න පුළුවන් හොඳම සහ වටිනාම දේ බ්ලොග් වෙනුවෙන්..

      ජය!

      ක.මි.

      Delete
    11. චන්දිම විනිශ්චය මංඩලයේ හිටිය කියන එකට \\\\\ එතකොට මේ චන්දිම මද ඉන්ටර් පොල් ලිස්ට් එකෙත් ඉන්නේ .එහෙව් කෙනෙකුත් විනිශ්ව මණ්ඩලේ ඉන්නවනම් ඕන දේශපාලන හොර වාහෙයක් ගෙන්න ගත්තයි කියලා අවුලක් නෑ තවම හොරු කියලා ඔප්පු කරලා නැහැනේ

      චන්ද්‍රිකා බණ්ඩාරනායක නම් වඩාත් හොඳයි හවස තියන බීච් [ බොන] පාටියටත් ටක්කෙට ගැලපෙනවා

      Delete
    12. ඔව් ඩාලිං, ඒ චන්දිම ම තමයි.. අර හොර ඔප්පු හැදුවයි කියල ඉන්ටර්පෝල් එකෙන් හොයන්නේ.. අන්න එයා..

      බීච් එකේ වෙයිද වැවක් අයිනේ වෙයිද දන්නේ නෑ මේ පාර.. කොහේ උනත් කන බොන බොක්ක හොඳ එකෙක් නම් ඔහෙත් වෙල්කම්. :)

      Delete
    13. අජිත් අයියා කරන්නේ ලොකු වැඩක් ...
      මෙන්ඩ කියලා එකෙක් හිටියට බ්ලොග් නිසා මට ලොකු වටිනාකමක් ලැබුනා මම බ්ලොග් ලිව්වේ නැති උනාට උබලා හැම එකෙක්ම මට උබලගේ එකෙක් තරම් ආදරෙන් සලකනවා...සතියේ හැම දවසක්ම මට බොන්න පුලුවන් එත් උබලා එක්ක බීපු එක දවසක් තරම්වත් වෙන එවුන් එක්ක බීපු කිසිම් දවසක් වටින්නේ නැහැ ...මම කියන්නේ අරක්කු ගැන නෙමෙයි බ්ලොගේර්සලා එකතු උනහම කතා කරන දේවල් වලින් මම මොන තරම් දේ ජිවිතයට ගත්තද ...
      කිසිම් දවසක මට සම්මානයක් හම්බවෙන්නේ නැහැ (මම බ්ලොග් ලියන්නේ නැති නිසා) එත් ලියන උන්ට අප්පුඩියක් ගහලා උන්ට ප්‍රණාමය දක්වන්න ලැබෙන එක මට නම් කෙලෙහි ගුණ සැලකීමක් ...අදටත් වෙන උන් එක්ක සෙට් උනහම උබලගේ බ්ලොග් පොස්ට් වල කරුණු ගැන කතා කරනකොට උන් පුදුම වෙනවා මට තියන දැනුම ගැන ...ඒක උබලට කියලා තේරුම් කරන්න බැරි තරම් වටිනාකමක් ...
      මම හැමදාමත් බ්ලොග් ලියන උන්ට ණයයි...

      Delete
    14. ස්තූතියි බ්‍රා මල්ලි. බ්‍රා මල්ලි නැත්නම් කොමෙන්ට් ලොව පාළුයි.

      Delete
  26. සියලු අතින්ම සාර්ථක වේවා

    ReplyDelete
  27. Replies
    1. නිවාඩුවක් දාමුද ඉමර්ජන්සියක්වත්?

      Delete
  28. සුබපැතුම්... ආදි බ්ලොග්කරුවන්ගෙන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මීට අනාදියෝ.. (අනාදියෝ කියල රවී ගේ ආච්චි කියන්නේ මහා කඩප්පුලි උන්ටලු.. හැක්.)

      Delete
  29. මෙදා සැරේටත් සුභ පැතුම්.............

    ReplyDelete
  30. අවතක්සේරු නොකිරීමට පසුගිය වර එහිද සම සංවිධායක වරයෙකු ලෙස කටයුතු කල මා නම් කිසිසේත් සුදානම් නැත. ;)

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර මහත්මයා,

      මං සාමාන්‍යයෙන් මේ අඩවි වල අදහසක් ලියා යන්නේ ඉතාම කලාතුරකින්. එහෙම ලියපු තැනක මොකද වෙලා තියන්නේ කියල බලන්න නම් යන්නෙම නැති තරම්. දැන් මේ අඩවියට නැවතත් ආවේ මේක මේ සම්මාන උළෙලක් ගැන කියවෙන සටහනක් නිසා, මොකක්ද මේ වෙන්නේ කියල තව පොඩ්ඩක් බලන්නයි.

      ඉතින් ආයෙත් පොඩි වචන කීපයක් ලියන්න හිතුනේ, මා ඔබේ ලියමනෙන් උපුටා දැක්වූ කොටස ගැන වැරදි අවබෝධයක් ඇති කරගෙන දෝ කියලා සිතුනු නිසයි.

      "නොකිරීමට සුදානම් නැත" කියන්නේ කිරීමට සුදානම් කියන එක නෙවෙයිද?. මගේ වැටහීම අනුව නම් එහෙමයි. පොඩි පහේ ටයිපින් මිස්ටේක් එකක් වගේ එකක් නෙවෙයිද එතන තියන්නේ. "නො" යන්න කපල බලන්න. :)මා වැරදි නම් පිළිගැනීමට සූදානම්.

      Delete
    2. ඔහ්.. ශිට්.. හැබෑ නේන්නං . ඔබතුමා පොඩි හරි ඉඟියක් කලින් දුන්නා නම් මට ඕක ක්ලික් වෙන්න තිබ්බ.. කොහෙද මේ බෑඩ් ඇනෝලා නිසා දැන් ඔබ තුමාල වගේ වැදගත් මහත්මයෙකුගේ වැදගත් හුවාදැක්වීමක්වත් බරපතලෙට නොගන්න මානසිකත්වයක් ඇවිත් නේ.. මගේ වැරැද්ද.. සමාවෙන්න මහත්තයා :)

      Delete
    3. ඔහ්.. ශිට්.. හැබෑ නේන්නං . ඔබතුමා පොඩි හරි ඉඟියක් කලින් දුන්නා නම් මට ඕක ක්ලික් වෙන්න තිබ්බ.. කොහෙද මේ බෑඩ් ඇනෝලා නිසා දැන් ඔබ තුමාල වගේ වැදගත් මහත්මයෙකුගේ වැදගත් හුවාදැක්වීමක්වත් බරපතලෙට නොගන්න මානසිකත්වයක් ඇවිත් නේ.. මගේ වැරැද්ද.. සමාවෙන්න මහත්තයා :)

      Delete
  31. නෙළුම්යාය සම්මාන උළෙල ගැන වලිය ගැන ෆ්‍රෙඩී සිල්වා දැක්වූ අදහස් මෙතනින් බලන්න.

    ReplyDelete
    Replies
    1. කළුදාවැද්දෝ කීචි බීචි කියන එක තමයි කතාව.. හි..හි..හි..

      Delete
    2. නෙළුම්යාය සම්මාන උළෙල ගැන දීපාල් සිල්වා විස්තර කල අකාරය මෙතනින්
      බලා ගන්න.

      "...නිස්සෝ සුදුසෝ යට කොට පුස්සෝ වැඩ දෙති යමරෙට..."

      Delete
    3. ඇනෝ එන පුස්සෝ
      කඩා කප්පල් කරන්නට මිස
      වෙන වැඩක් නැති ඉබ්බෝ

      Delete
    4. එයා මයිල් ගඟේ ගියා
      ගඟට උඩින් කොක්කු ගියා
      ලන්ඩන් වල ඇල්බටයා
      බ්ලොග් විකුනා හොලිඩේ ගියා!

      © sarasaa.

      Delete
    5. බ්ලොග් විකුණලා ගත්ත හුණූ බිජු වගයක් තියනවා ඕනෙද?

      Delete
    6. // දත් දොස්තරලා...හීන්නූල් කාරයෝය...එක්කෝ චෙයාර්එක කැඩිලාය...එක්කෝ ලයිට්නැත...නැත්නම් වතුරනැත...ෆිලින් මැටීරියල් නැත...එහෙමත් නැත්නම් උදව්කරන සුලුසේවකයා නිවාඩුය. දත්ගැලවීමට සූදානම් නමුත් කරන්න විදියක් නැත. ෆුල් ආතල් එකේ iPHONE එකේ ගේම්ගසමින්/ෆේස්බුකියේ කැරකෙමින් සිට දවල් 11වනවිට පැනගනියි. ඩයරිය චෙක් කලොත් උදේ 8සිටසවස4 දක්වා වැඩකර තිබේ. කරන ඔන්කෝල් එකක් නැතත් ඔන්කෝල් දීමනාවද නිරායාසයෙන්ම ලැබේ. පුදුමය නම් හවසට හොරෙන් පුද්ගලික වෙදකම් පමණක් කරන පරිපාලන දොස්තරලාද ඔන්කෝල් දීමනාව ලබා ගැනීමයි. මේ හැටහුටාමාරක් පරිපාලන දොස්තරලා කොයිම වෙලාවකවත් කාමරේ නැත. කොන්ෆරන්ස් ගිහින්ය. දත් දොස්තරලා වැඩකරන්නේ උදයවරුව පමණකි. කඩාපනින හමුදාව චෙක් කලොත් පෙන්නන්නට දිනය නොදැමූ හාෆ්ඩේ ලීව් චිට් එකක් ලොක්කා ගාව ස්ථිරවම තබා තිබේ. පුද්ගලික දත්කඩයේ ජෙනරේටර්, වතුර,ෆිලින් මැටීරියල් අලුත්ම ඩෙන්ටල් චෙයාර්එකක් තිබේ...හෝගාලා වැඩය. දත් එකදිගට ගලවමින් පනිට්ටුවට දමා පොකට්ටුවට විදිති. දොස්තරලා ස්ට්‍රයික් කර ලෙඩුන්ගේ ගෙලමිරිකා ලබාගන්නා සියළුම වරප්‍රසාද පඩිවැඩිවීම් දත්දොස්තරලාටත් ඉබේම ලැබේ. ෆුල් ආතල්ය.// උපුටා ගන්නා ලදී. http://nelumyaya.com/?p=7326

      Delete
  32. සාලාව අතු ගාලා අස්පස් කරන්නවත් මාව ගනිල්ලකෝ

    ReplyDelete
    Replies
    1. කලින් ආවොත් වැඩ නම් තිබේ.

      Delete
    2. ජාත්‍යන්තර රතු නිවේදනලාභී වරෙන්තු කරුවකු ගැන තොරතුරු දැන දැන ඒ බව පොලීසියට නොදන්වා සිටීම ඕනෑම රටක නීතිය ඉදිරියේ වරදකි.ඒ ඇනිට ඉහත නම සඳහන් වූ හොර ඔප්පුකරු පමණක් නොව, ඒ පුද්ගලයා පිළිබඳ තොරතුරු වසන් කරන අජිත් ධර්ම නමැත්තාද නීතිය ඉදිරියේ වරද කරුවෙකි. එම නිසා මාර්තු මාසයේ මොහු ලංකාවට පැමිණියහොත් මොහු අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතුය.

      Delete
    3. මදැයි කොලා, ඊස්ටර් එකට ජර්මනියේ යන්න හිතන් හිටියේ. මම කියන පුද්ගලයා ඔතන කොහෙත්ම වැදගත් නැහැ. කමියලට, අටමට, ඉවන්ට , උපුල්ට වැඩේ ටොප් එකට ගෙනි යන්න පුළුවන්. නමුත් ඉතින් මේ ඇනෝ ව අහක දාල කොහොමද? බලාපොරොත්තු කඩ කරන්න හොඳ නැති නිසා දැන් එන්නම වෙනවා.

      Delete
  33. pta kasannge sammana ulela..
    eka eka eka ekage pitawal kasa gananwa..

    samaharu pukawaluth kasanawa

    kasa ganilla apita mokada ?

    ReplyDelete
  34. සුබ පැතුම් මල්ලි!

    ReplyDelete
  35. වැඩේ ලෙසටම වැඩේ කරන්න මෙන්න මගෙනුත් සුබ පැතුම්..
    මොනා හරි දෙයක් වෙන්න තියේ නම් කියහන්..
    පුල්වුඅන් දෙයක් නම් කරලා දෙන්නම..

    ReplyDelete
    Replies
    1. අර ඔබේ නිර්දේශ ලිපි තියෙන බ්ලෝග ට යන්න දෙන්නේ නැහැනේ බන්...

      Delete

  36. කොයි කාගෙත් අදහස් කිරල මැනල ඔය දේසපාලුවො පොරවල් කරන්නෙ නැතිව කොන්ද කෙලින් තියන් සම්මාන උළෙල වඩාත් පාරදෘශ්‍ය ලෙස කරන්න ලැබේවා.

    ReplyDelete
  37. නෙළුම් යායටත්, නෙළුම් යායට මේ ඉර එළිය ලබා දෙන අයටත් ජයෙන් ජයම වේවා! ගැල ඉදිරියටම අරගෙන යන්න අපිටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් කියන්න අයියෙ.

    ReplyDelete
  38. හානේ සුභ පැතුම්.ගිය අවුරුද්දෙත් හරි සුන්දර දවසක් ගත වුනා.ඒක ලස්සන කලේ ඔයාලගෙ කැපවීම.ඵල ඇති රුකටයි ගල් ගහන්නේ.කරත්තය රේසිං කාර් එකක්ම වී ඉදිරියට ඇදේවා!හදවතින්ම පතමි.
    එන්ට උත්සහා කරමි.-ඇවිත් රෑ වුනාම ආපහු යන එකනේ ඇඩෙන වැඩේ.අපි ගෑල්ලමයිටත් ඔයාලා වගේ ෆැන්ට බෝතලයකුත් එක්ක සෙට් වුනා නං ආපහු යාමේ අකරතැබ්බ මතු වෙන් නෑ නොවැ

    ReplyDelete
  39. ජයවේවා මිත්‍රවරුනි...

    ReplyDelete