Tuesday 14 February 2017

රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා.. A master to be the Commander; Far side of SL Navy

නිලන්ත ඉලංගමුව ගේ සටහනක්..
තවත් දින කිහිපයකි. ඒ නව නාවික හමුදාපතිවරයකු සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කිරීම සඳහාය. වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ විශ්‍රාම යෑම එළඹෙන සතියට යෙදී තිබීම මූලික කොට ගනිමින් නව නාවික හමුදාපතිවරයා පත්කිරීම සඳහා මූලික අවශ්‍යතාවය මතු වී තිබේ.
නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අතින් මීලඟට සිටින නිලධාරියා වන්නේ රියර් අද්මිරාල් ට්‍රැවිශ් සින්නයියා මහතාය. ඔහු මීලඟ නාවික හමුදපාතිවරයා බවට පත් කිරීම හෝ වෙනත් තෝරාගත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අදාළ තනතුර සඳහා පත්කිරීම රටේ නායකත්වය මත පැවරී ඇති වගකීමකි.
මීලඟ නාවික හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ඇති වගකීම සුළුපටු නොවේ. එය ඉතාම භාරධූර කාර්යයක් වන අතර රාජ්‍යය තාන්ත්‍රික මට්ටමින් ඉතාම වැදගත් මෙහෙවරක් මෙම පත්කිරීම ඔස්සේ සිදුවේ. එහි මූලික වගකීම පැවරී ඇත්තේ සේනාධිනායකයාට මෙන්ම ඔහු වටා සිටින රට වෙනුවෙන් අවංක කැපවීමෙන් කටයුතු කරන ඉතාම සුළු පිරිසටය. දක්ෂයෙකුට කෙසේ හෝ වල කපා සතුටු වන පිරිසට නොවේ. එසේම අග්‍රාමාත්‍යය වික්‍රමසිංහ මහතාටද මෙහිදී පැවරී ඇති වගකීම ඉතාම තීරණාත්මක වේ. ඔවුහු විසින් රටට සහ රටේ අනගාතයට වැදගත්වන සාදාරණ තීන්දුවක් ගනු ඇතැයි විශ්වාස කරමු.
ජ්‍යෙෂ්ඨත්වය අතින් මීලඟට සිටින නිලධාරියා සම්බන්ධයෙන් තුළනාත්මක අදහස් දැක්වීමක් අත්‍යවශ්‍යය යැයි සිතේ.  මන්ද, ට්‍රැවිශ් සම්බන්ධයෙන් රටේ ප්‍රධාන ජනමාධ්‍යය ඇතැම් අවස්ථාවලදී සත්‍යයෙන් තොර වාර්තා මෙන්ම විකෘති කරනු ලැබූ වාර්තා පල කිරීම සැබවින්ම කනගාටුදායක කාරණයක් වන හෙයිනි. විශේෂයෙන් එවකට නැගෙනහිර නාවික බලගණයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබූ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා කොළඹට මාරු කොට ට්‍රැවිශ් නැගෙනහිර නාවික ආඥාපතිවරයා ලෙස පත්කිරීම බොහෝ දෙනෙකුගේ දෑසට ඉදිකටුවලින් අනින්නාක් බඳු විය. ඒ නිසාම ඔහුට එරෙහිව විවිධ කැලෑ පත්‍ර ලියවුණා පමණක් නොව ඔහු නාවික හමුදාවට කළ සේවය එමඟින් ලඝු කොට තැකීමට බොහෝ දෙනෙකු කටයුතු කරනු ලැබීය. එම මූලික කාරණයට යටත්ව,  මෙම කෙටි සටහන ඔහු සම්බන්ධයෙන් ලිවීම අත්‍යවශ්‍යය බව මෙම ලේඛකයාගේ පෞද්ගලික අදහස වේ. එසේම, ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුව පුරා රටේ පුවසියෙකු ලෙස කළ අදහස දැක්වීම සමාලෝචනය කිරීමට මෙය ඉතාම උචිත අවස්ථාව ලෙස පෙනේ. එය ඉදිරි දින කිහිපය තුළදී සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.
රියර් අද්මිරාල් ට්‍රැවිශ් සින්නයියා, ශ්‍රී ලංකා නාවික හමුදාව බිහිකළ අග්‍රගණය නාවිකයෙකු බව බොහෝ දෙනෙකු දන්නා නමුත් විවිධ දේශපාලන අවශ්‍යතාවයන් හේතුවෙන් හිතා මතාම අමතක කරනු ලබන කාරණයකි. එය ස්වභාවික තත්වයක් වන්නේ අනෙකුත් බොහෝ ආයතන මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවද කලාන්තරයක් තිස්සේ උග්‍ර ලෙස දේශපාලනීකරණය වීම හේතුවෙනි.
විශේෂයෙන් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් දයා සඳගිරි මහතා විසින් ඇතිකරනු ලැබූ අසංවිධාන පරිපාලන රටාව ආයතනය පුරා පිළිකාවක් මෙන් පැතිරුණු අතර, ඉන් ආයතනයට තිබු සැබෑ ගරුත්වය මෙන්ම විනය පිරිහීමට ලක් විය. ඉන් පසු නාවික හමුදාව බිහිකළ හමුදාපතිවරුන් අතර විශ්‍රාමික අද්මිරාල් කරන්නාගොඩ මහතා සහ වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හැරෙන්නට බොහෝ දෙනෙකු දේශපාලන ආවතේවකරුවන්ගේ භූමිකාවෙන් ඔබ්බට ගමන් නොකළහ. විශ්‍රාමික අද්මිරාල් තිසර සමරසිංහ මහතා ඉතාම විනයානුකූල චරියක් වූවා සේම ඔහු බොහෝ දෑ තම “සෞඛ්‍ය” උදෙසා හිතාමතාම අමතක කිරීමට තීන්දු කොට කටයුතු කළ නිලධාරියෙකි.
එම අසංවිධානාත්මක පරිපාලන රටාව නිසා විශ්‍රාම යෑමට දින කිහිපයක් තිබියදී තමන්ගේ හෝ තම දුවා දරුවන්ගේ උපන්දින මූලික කර ගනිමින් හෝ තම සහෝදරන්ගේ ඉල්ලීම නිසා නාවික හමුදාපති ධූරයට පත්වූ හෝ සේවා දිගු ලබාගත් නාවිකහමුදාපතිවරුන් බිහිවිය. වෘත්තීයමය කුසලතාවය සෑම විටම නොවැදගත් කාරණයක් වූ අතර,  ධූරාවලියේ ඉහල නැගීම සඳහා කෙතරම් දුරට පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටින එහෙයියෙකු වන්නේද යන්න මූලික අවශ්‍යතාවය බවට පත් විය. එවැනි තත්වයක නිවැරදිව රාජකාරි සිදුකරණ නිලධාරීන් හුදෙකලා වූ පිරිසක් බවට පත් වූහ.
එකල තම රාජකාරිය නිවැරදිව සිදුකළ පිරිසට  ගතහැකි පියවර දෙකක් විය. පළමුවැන්න කුමන හෝ පීඩාවක් විඳගෙන සේවයේ කටයුතු කිරීමය. දෙවැන්න කලින් විශ්‍රාම යෑම සඳහා ඉල්ලීමය. කලින් විශ්‍රාම යෑම, තර්කානුකූලව ඉතාම සියුම් කාරණයකි. මෙහි වෙනස තේරුම් ගැනීම සඳහා ප්‍රධාන උදාහරණ දෙකක් තිබේ.
පළමු උදාහරණය ට්‍රැවිශ් ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් එකල පැවති ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී නොසිටීම මූලික කරගෙන ආණ්ඩුව සිදුන් ඔවුන්ට විශ්‍රාම යෑමට අවශ්‍යය පරිසරය නිර්මාණය කිරීමය. මෙහිදී නාවික හමුදා නිලධාරීන්ට ඇවන්ට්ගාඩ් ඔස්සේ විශාල ඉල්ලමක් ලබාදෙන බවට වූ ටොපියද ආණ්ඩුව අතේ තිබුණි. ඇතැමුන් එම ඉතාම රසින් අනුභව කළෝය. ඇතැමුන් තම ගරුත්වය රැකගෙන හුදෙකළා වූහ. අවන්ට්ගාඩ් ඉතාම සියුම් දේශපාලනයක නිරත වූයේ එහිදීය.
දෙවැන්න, විශ්‍රාමික කර්නල් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ මහතා එකල පැවති ගැටුම්කාරී තත්වය හමුවේ තමන්ට ප්‍රතිකාර ගැනීමට අවශ්‍යබව පවසා විදෙස්ගත වීමය. මෙම සිදුවීම් දෙක ඉතාම කල්පනාවෙන් සලකා බලන විට සමාන සිදුවීම් දෙකක් ලෙස තේරුම් ගැනීමට කිසිවෙකු හෝ අන්ධ වන්නේද? තර්කානුකූලව ඒවායෙහි සමානකම් හඳුනාගත හැකි වුවද භූමියේ සැබෑ සත්‍යය හමුවේ එහි ඇති දේශපාලනය ඉතාම මැනවින් හඳුනාගැනීමට අටුවා ටීකා ටිප්පනි අවශ්‍යය නැත.
ට්‍රැවිශ් දේශපාලනික වශයෙන් පළිගැනීමට ලක් වූ නිලධාරියෙකු ලෙස පිළිගැනීමට අවශ්‍යය සාධක ඕනෑ තරම් තිබියදී හුදු තර්කානුකූල කාරණා මත එල්බ ගනිමින් ඔහු මුහුණ දුන් කටුක යතාර්ථය අමතක කිරීමට කිසිවෙකු හෝ උත්සහ කරන්නේ නම් එය වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කුහකකමකි.
කෙසේ වෙතත්, වත්මන් ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ නියෝග අනුව යමින් වත්මන් නාවික හමුදාපතිවරයා ඔහු යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීම ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍යය කාරණයකි. ඇතැමුන්ගේ පටු දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් විෂය දන්නා අයෙකු සේවයෙන් ඉවත්ව යෑමට අවශ්‍යය පසුබිම සැලසීම මඟින් රටට අහිමිවන්නේ අදාළ දැනුම් සම්බාරය සේම රටේ අනාගතය වෙනුවෙන් යම් යහපත් කටයුත්තක් සිදු කිරීමට හැකියාව ඇති අයෙකි. එසේම, විෂය දන්නා අයවලුන් ඈත්කර තැබීමෙන් කිසිඳු දේශපාලන නායකත්වයක් දිගුකාලීන වසී ලබා ගන්නේ නැත. කෙටි කාලීන බලයක් සමඟ පොරබදිමින් එය සදාකාලීක යැයි සිතා කටයුතු කොට මට්ටු වූ නායකයින් අතර ප්‍රධාන උදහාරණයක් වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාය.  එනයින් බලන කළ ට්‍රැවිශ් යළි සේවයේ පිහිටුවීම මෙන්ම ඔහුගෙන් රටට ගත යුතු වගකීම් සමුදාය ගැනීම රටක නායකත්වය සතු කුසලතාවයකි. මෙය ට්‍රැවිශ් සම්බන්ධයෙන් පමණක් නොව තම වෘත්තීයමය ගරුත්වය රැකගෙන කටයුතු කරනු ලැබූ බොහෝ නිලධාරීන් සම්බන්ධයෙන් ඉතාම වලංගු කාරණයකි.
නමුත් දේශපාලන පළිගැනීම් වලට ලක් වූ ඇතැම් විශ්‍රාමික නිලධාරීන්ට ආණ්ඩුව පොරොන්දු වූ ඔවුන්ගේ ශ්‍රේණිය ඉහළ දැමීම පවා ඉතාම සියුම්ව මඟහැර තිබීම කනගාටුවට කාරණයකි.
ශ්‍රී ලංකාවේ සමුද්‍ර කටයුතු සම්බන්ධයෙන් සැබෑ විශේෂඥයින් අත්‍යවශ්‍යය කාලපරිච්ඡේදයක් අපි පසු කරමින් සිටින්නෙමු. ඉන්දීය දේශපාලන බලය හමුවේ සෑම මොහොතකම රත්වෙමින් පවතින ධීවර ගැටලුව පමණක් නොව අනෙකුත් ලෝක බලවතුන් ඉන්දීය සාගරය තුළ සිදුකරමින් සිටින ක්‍රමෝපායික භූ-දේශපාලන කටයුතු මනාව කියවීමට හැකි සහ එම කියවීම ඔස්සේ හුදු පෞද්ගලික වාසි වෙනුවෙන් නොව තම රටේ ශක්තිය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් අත්‍යවශ්‍යය මොහොතක් අපි පසු කරමින් සිටින්නෙමු.
මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව මත පැවරී ඇති වගකීම අතිශ්‍යය පුළුල් කාරණයකි. දූපත් රාජ්‍යයක නාවික හමුදාව යනු සෑම විටම අවදානම සමඟ රාජකාරී කිරීම පැවරී ඇති ආයතනයකි. යුද්ධය නිමා වුවද ඔවුහු සිදු කරන යුද්ධය නිමා වී නැත. එම මූලික වගකීම ඇවන්ට් ගාඩ් වැනි පෞද්ගලික සමාගමකට හෑල්ලූ වූ කාලයකින් පසු උදාවෙමින් පවතින තත්වය හමුවේ එය නිවැරදිව මෙහෙවීම සඳහා දැනුම මෙන්ම එම දැනුම නියමිත මොහොතේ නියමිත පරිදි භාවිතා කිරීමට හැකි නිලධාරියෙකු නාවික හමුදාපති ධූරයේ මෙන්ම එම විෂයානුබද්ධ ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීම සඳහා පත් කිරීම අතවශ්‍යය වේ.
ට්‍රැවිශ් යනු විෂයය දන්නා නිලධාරියෙකු මෙන්ම එය නිවැරදි මොහොතේ භාවිතා කිරීම ප්‍රයෝගිකව පෙන්වූ නිලධාරියෙකි. එල්.ටී.ටී. ඊ. සංවිධානයට අයත් නෞකා වලට එරෙහිව ඉතාම සාර්ථකව මෙහෙයුම් රාශියක් සිදුකළ නිලධාරීන් අතර කැපී පෙනෙන්නෙකු වන ඔහු ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ කටයුතු මනා පරිචියෙන් පැහැදිළි කළ අයෙකි. ජ්‍යෙෂ්ඨත්වයෙන් පමණක් නොව තම වෘත්තීයමය භාවිතාව අතින් ඉතාම ඉදිරියෙන් සිටීමට හැකි වූ නිලධාරීන් අතලොස්ස අතරින් ඔහු ඉදිරියෙන් සිටින්නෙකි. රටේ ගැටලුව හුදු බහුවාර්ගිකයින් විසින් සුලුවාර්ගිකයින් තලාපෙලා දමන ජනවාරිගික අර්බුදයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අර්ථගන්වනු ලැබූ ත්‍රස්තවාදී උවදුරට ට්‍රැවිශ්ගේ භූමිකාව සියුම් භාවිතයකි. හිටපු විදේශ අමාත්‍යය ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතා විසින් දේශපාලනික වශයෙන් දේශීය සහ විදේශීය ප්‍රජාව හමුවේ පිළිතුරු දීමට උත්සහ කරනු ලැබුවේ එම මූලික විසංවාදයයි.
ඇතැමුන් කළ හැකි සෑම දූෂිත කටයුත්තක්ම සිදුකොට ඉන් පසු රටේ සමුද්‍ර කටයුතු සම්බන්ධයෙන් නිබන්ධන ලියා යුද්ධය සහ එහි මෙහෙයුම් තමන්ගේ කර ගන්නා විට විෂය දන්නා අයවලුන් එවැනි විගඩම් දැක රටේ යහපත වෙනුවෙන් සිදුකළ හැකි කටයතු ගැන සිතන කාලයක අවශ්‍යය වන්නේ යමක් නිවැරදිව කළ හැකි අයෙකු වගකීමට සහ වගවීමට යටත් නිලයන් සඳහා පත් කිරීමය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටි කීර්තිමත් නාවික නිලධාරියෙකු වූ කැප්ටන් ඇල්ෆ්‍රඩ් තයෙර් මහතා විසින් ලෝකයට දායාද කරනු ලැබූ “ද ඉන්ෆ්ලුඅන්ස් ඔෆ් සී පවර් අපොන් හිස්ට්‍රි” ග්‍රන්ථයේ ( ග්‍රන්ථය කියවීම සඳහා පිවිසෙන්න –  https://archive.org/details/seanpowerinf00maha )  ඕනෑම රාජ්‍යය සාර්ථකත්වය රඳා පවතින මූලික කාරණයක් ලෙස සමුද්‍ර බලය අර්ථ ගන්වනු ලබයි. තයෙර් යනු එක්සත් ජනපදයට ඉතාම ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට මූලික දායකත්වයක් ලබා දුන් අයෙකි. එක්සත් ජනපදයේ සාර්ථකත්වය ඇත්තේ වෙන කිසි තැනක නොව විෂය දන්නා අයවලුන් නිවැරදි ස්ථාන වලට පත්කොට ඔවුන්ගෙන් උපරිම සේවය ගැනීමට පත් වූ නායකත්වය කටයුතු කිරීමය. එසේම එම නායකත්වය, ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටීමය.
මීලඟ නාවික හමුදාපතිවරයා පත් කිරීමේදී වත්මන් නායකත්වය හමුවේ පැවරී ඇති මූලික වගකීම නාභිගත වන්නේ එම මූලික කරණයට යටත්වය. එම ඉතාම වැදගත් තීන්දුව රටට මෙන්ම තම නායකත්වයේ නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව මුදුන්පත් වන ආකාරයෙන් ගනු ඇතැයි අපේක්‍ෂා කරමු.
උපුටා ගැනීම- http://www.slguardian.org/si/archives/14952 

31 comments:

  1. වත්මන් නා.හ."කැප්ටන් හැඩොක්" නම් එදා මාගම දී ගම කෑවා.

    ReplyDelete
    Replies
    1. නා.හ.කියන්නේ "නහයට අහන්නේ නැති".
      එකනේ එදා එහෙම දැගලුවේ.

      Delete
    2. ඉල්ලංම කෑව නේද...මට නං ඒ කාලෙත් කිසිම ෆිට් එකක් තිබුණෙ නෑ. ටිකක් විතර තෙරුම් ගන්න බැරි චරිතයක්.

      Delete
  2. නාවික හමුදාවේ සිංහ, ගජබා, ගැමුණු වගේ කුල භේද තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ.. ඒත් බ්‍රාන්ච් තියෙනවා.. නාවික හමුදාපති වෙන්නේ (මෙතෙක් වුනේ) විධායක අංශයේ නිලධාරියෙක්.. "නේවි එකේ ක්‍රීම් එක තමයි එක්සේකටිව් ඔෆිසර්ස්ලා කියන්නේ" වගේ ඒවා තියෙනවා හැබැයි කවුරුත් වැඩිය චැලේන්ජ් කරන්නේ නෑ... :)

      Delete
    2. මං එහෙම ඇහැව්වේ යුධ හමුදාවේ බොහෝ වලිවල කොණකින් ඔය සිංහ/ගජ/මහේෂ/වෘෂභ බෙදීම් තියෙන බව තේරී ඇති නිසා.

      Delete
  3. /* අද්මිරාල් තිසර සමරසිංහ මහතා ඉතාම විනයානුකූල චරි(ත)යක් වූවා සේම .....*/

    ඒ ගැන නම් කියනුම කවරේද? මෑන් මෙහේ හයි කොමිෂනර් ඉන්න කාලේ ලංකාවේ තගරි මෙහේත් දාන්න ආපු කතාව දන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. මට පුද්ගලිකව දිරවන්නේ නැති චරිතයක්.. හැබැයි නේවි එකේදී නම් 'අන්බ්ලෙමිෂ්'.. At least for the records.. වලං හෝදන්න එපැයි ඉතින් වලං කැඩෙන්නත්..

      Delete
  4. පෝය පහු වෙනකොටමද කොහෙද මේ කමියට රණවිරු පිස්සුව හැදෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවේ නැත්තකුත් නෑ.. :)

      Delete
    2. Ano,

      වන් හන්නන් පෙසන්ට් ඇග්‍රීඩ්...:)

      +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  5. ඉලංගමුව වගෙ නොම්බර එකේ එල්.ටී.ටී.ඊ. කුලී ලියන්නෙක් නිකන්ම වෙන්න බෑ නාවික හමුදාපති පත් කරන එක ගැන කතා කරන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව්. මොනවා හරි ඇති.. :) මාත් මේක රී පෝස්ට් කරේ නිකම්ම නෙවෙයි..

      Delete
  6. ට්‍රැවිශ් සින්නයියා හොඳ,දක්ෂ වගේම මිගාවට ඉන්න ජ්‍යෙෂ්ඨම නිලධාරියා වෙන්නත් පුළුවන්.නමුත් මේ විදියේ පුර්ව ප්‍රචාරණ ව්‍යාපාර ගැන මගේ තියෙන්නේ අකමැත්තක්.මට මතකයි පොලිස්පති ධුරයට පත් වෙන්න පුජිත් ජයසුන්දර පවා කැම්පේන් එකක් කෙරුවා ඔය ෆේස්බුක් වල.මේක හොඳ ප්‍රවණතාවක් නෙමේ.මේක දිගටම ගියොත් කට්ටිය පෝස්ටර් ගහාගෙන,රුපවාහිනි දැන්වීම් දාගෙනම මම තමයි සුදුස්සා කියලා කියාගෙන එන්නත් පටන් ගනීවි.

    ReplyDelete
    Replies
    1. මාත් හරිනම් මේකට යටින් වැටක් ගහන්න ඕනි.. මාත් අකමැතිවම (හිටපු) දෙයක්.. නමුත් දැන් ක්‍රමේ විදියට නිකම් ම හිටියොත් වැරද්දක් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.. එහෙම උනොත් අපරාදයක්.. :/

      Delete
    2. Well said. Agree with you. To be honest, considering all the officers mentioned above except Admiral W. Karannagoda (RSP, VSV, USP, MBA, MSc, ndc, psc, DISS, MRIN, MNI, SLN), have been utterly criticized for their performances/ conduct/ discipline etc. While considering the name of this writer (the name stated in the top left hand of the post), it seems another fake propaganda of another contestant for the Navy chief competition. It's not a coincident that this blogger (KM) is an active member of the organizing committee of the highly corrupted blog award ceremony funded by international criminal with red warrant from Interpol. Just FYI.

      Delete
    3. //except Admiral W. Karannagoda// LMAO.. :)))))

      VMT for your comment Mr. Ano.

      Delete
    4. උඹේ කමෙන්ට් එක මරු මනෝ.....මේවා මහා විකාර වැඩ. සුපර්ස්ටාර්ස් තෝරන ගානට හමුදාපතිලා තෝරන්න යන එක ලොකු විනාශයක්...

      Delete
  7. ලක්බිම පත්තරෙත් මේ ගැන ලිපියක් තිබුනා ඒක කියවනකොටත් මට උබ මතක් උනා

    ReplyDelete
  8. ට්‍රැවිස් සින්නයියා මේ බලු පොරයට නොයා යුතුයි. ලැබේ නම් සුදුස්සාටම ලැබිය යුතුයි කියලා හිතාගත්තම ඇති. ඔයිට වඩා දේවල් ඒ මිනිහට නැතිවෙලා ඇති ජීවිතේ. හොඳ මිනිස්සු රඟන්නේ නැහැ කමියෝ.

    ReplyDelete
  9. මොනවා තිබුනත් වැඩක් නෑ සී රිග් එක ගහගෙන ගිහින් කොලුවෙක්ගේ බෙල්ලෙන් අල්ලාගෙන දෙකක් නෙලන්ඩ බැරිනං.

    ReplyDelete
    Replies
    1. He He :D :D

      +++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  10. සුදුස්සාට ලැබෙනවා නම් එච්චරයි.

    ReplyDelete
  11. මට මතක හැටියට ට්‍රැවිස් midshipman කාලෙ තමයි අපි join වුණේ. ක්‍රමේකට රාජකාරි කළ පුතයෙක්. ඒත් ජොලි කොල්ලා. එයාගෙ තාත්ත දත් දොස්තර සින්නයියා. මගෙත් දතක් ගලවල තියෙනවා. ඒ කාලෙ කතාවක් තිබුණා දොස්තර සින්නයියා පොඩි ෂොට් එකක් දාගෙන උනොත් වැරැදි දත් ගලවනවා කියලා. මාත් පණ බයේ ගියේ. අවුලක් වුණේ නෑ.

    ReplyDelete
  12. ගුවන් හමුදාවේ ඉස්කොඩ්න් ලීඩර් කියන පොස්ට් එක ආමි එකේ මොන එකටද සමාන වෙන්නේ ...
    නිලදාරී ගනයට වැටෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්කොඩ්රන් ලීඩර් (ගුවන්) = මේජර් (ආමි)= ලුතිනන් කමාන්ඩර් (නේවි)
      Squadron Leader= Major = Lieutenant Commander

      :) උඹටත් තියෙන පස්න.. හැක්.

      Delete
  13. 2012දී දේශපාලුවන්ගෙවත්, මාධ්‍යවේදීගේන්වත් පස්සෙන් නොයා තමන්ට සුදුසුකම් මතම නාවික හමුදාපති තනතුර ලැබෙයි කියලා බලන් හිටිය එක්කෙනාට වුන දේ අපි දැක්කනේ. ඉතින් පොඩි කැතයක් තිබුනත්, සද්දේ වහල ඉදලා අන්තිමට හිස් අතින් ගෙදර යනවට වඩා, තමන් කරපු දේ ගැන මෙහෙම මිනිස්සු දැනුවත් කරාට මම වරදක් දකින්නෙ නෑ.

    ReplyDelete
  14. කොහොමහරි mansta වසනාwa තිබුණා commander වෙන්න

    ReplyDelete