Wednesday 1 February 2017

ලංකාවේ නරකම නිලධාරින්ය... Politicians are little better

[බ්ලොග් හා සමාජ මාධ්‍ය ආශ්‍රිතව අක්‍රියව නැත්නම් අඩුවෙන් සක්‍රියව ගෙවුණු මාස කිහිපයකට පසු නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ තුන්වන පියවර වෙනුවෙන් නැවත වෙහෙසීමට සිදුවීමත් සමඟ නැවත කාලය කළමනාකරණය කර ගනිමින් 'කලාහිත' යාවත්කාලින කිරීමට කරුණු යෙදී ඇත. ඉදිරි දින වලදී 2016 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ කටයුතු සිදුවන ආකාරය කලාහිත හරහා ඔබ වෙත වරින් වර රැගෙන ඒමට කටයුතු කරමි.]

දේශපාලනය හා ඒ හා සම්බන්ද චරිත පිළිබඳව මා දියාරු උනන්දුවක් ප්‍රකට කලද එයින් සම්පුර්ණයෙන්ම බැහැරව සිටීම කල නොහේ. රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා හා ප්‍රාදේශීය ලේකම් වරියක අතර ඇතිවූ මත බේදය සමඟ ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව නැවත කතාවක් හටගෙන ඇත. මේ ලියන්නේ අදාල සිදුවීම ගැන නොව මේ දිනවල මා අත්දකිමින් සිටිනා රාජ්‍ය නිලධාරීන්ගේ නොදැමුණු, උඩඟු, වහසි හා අකාර්යක්ෂම එමෙන්ම තම විෂය පිලිබඳ ඇති අල්ප දැනුම යාවත්කාලින කර ගැනීමට හෝ සුදානම් නැති අප්‍රසන්න කතා කිහිපයකි.
Photo courtesy- www.hirunews.lk

පෞද්ගලික කාරණා වුව කාලය පිලිබඳ ගැටළුවෙන් බ්ලොග් එක හිතා මතා අමතක කිරීමට බලපෑම් කල කරුණු බොහොමයක් පසුගිය මාස කීපය පුරා නොකඩවා යෙදිනි.. නාය යාමට ලක්ව අවධානම් කලාපයේ පිහිටි එමෙන්ම ගමනා ගමනය සඳහා ඉතා විශාල වෙහෙසක් දැරීමට සිදුවූ බදුල්ලේ අපේ මහ ගෙදර සිට වඩා පහසු බිරිඳගේ ගම වන ගාල්ලට දරු පවුලත් සමඟ මාරුවී පැමිණීමට කලෙක පටන් තිබු සිහිනයකි. කරුණු කාරණා යෙදෙන විදිය අනුව මේ සඳහා සුදුසුම කාලය 2016 වර්ෂාවසාන පාසල් නිවාඩුව බව අපි කලින්ම සැලසුම් කරගෙන සිටියෙමු. 

වෙනස්වීම් කළමනාකරණය (Management of Changes) කර ගැනීමේ මහා මෙහෙයුමක් වන මේ 'මාරුවේ' වඩාත්ම අපහසු අයිතමයන් වන්නේ ඉඩමක් මිලදී ගැනීම, නිවසක් ඉදිකර ගැනීම හා දරුවන් සඳහා සුදුසු පාසල් සොයා ගැනීමයි. වෙනත් රටක නම් මේ තුන්වෙනි කාරණාව නොසැලකිය යුතු තරම් පහසු කටයුත්තක් වුවත් ලංකාවේදී අනෙක් සියලුම කරුණු ඒ මත තීරණය කිරීමට තරම් අපහසු ඉතා බැරෑරුම් වගකීම එයයි. බලාපොරොත්තු මුදුන්පත් කරමින් ශිෂ්‍යත්ව මහා දුර්ගය තරණය කල දියණිය මේ වගකීමේ හරි අඩකින් මා නිදහස් කල පසු මා ඉතිරි කොටසට කර ගැසුවේ තරමක සහල්ලුවකිනි. නමුත්..

මුලින්ම ඉඩම මිලදී ගැනීම සඳහා බැංකු ණය වෙනුවෙන් ඉල්ලන අටෝරසියක් ලියකියවිලි සෙවීම සඳහා බිරිඳගේ පියා ප්‍රාදේශීය සභාවල, දිස්තික් ලේකම් කාර්යාල වල, ඉඩම් කාර්යාලවල දිනපතා සති ගණන් රස්තියාදු වන්නට විය.. මා මෙන් නොව ඕනෙම වැඩක් කර ගන්නට සුදුස්සෙක 'අල්ලා ගන්නා' ඔහු ඒ වෙනුවෙන් රුපියල් සීය, දෙසිය, පන්සීය, දාහේ ඒවා නොමසුරුව වියදම් කලේ 'නැත්නං තව දවස් ගානක් යන්න වෙනවා' කියමිනි. වරක් එක නෝනා කෙනෙක් හමුවී පරණ ලියවිල්ලක් සොයා ගැනීමට උත්සහ කල ඔහු අදාළ නෝනා මට දුරකතනයෙන් සම්බන්ද කලේ 'මේ මිස්ට පොඩ්ඩක් කතා කරන්නකෝ' කියමිනි.. අහෝ.. ඒ අදාල නෝනා කිසි හිරිකිතයක් නැතුව 'මහත්තය ඉතින් බලල මොනා හරි කරානම් ඕක හෙටම හොයල හදල දෙයි නැත්නම් ඉතින් අපිට කියන්නත් බෑනේ ඒ ගොල්ලන්ට' කියා මට කිවේය.. කටට ආ කුණුහරුප අමාරුවෙන් ගිලගත් මා 'මම තාත්තට කියන්නම්- තාත්තට ෆෝන් එක දෙන්නකෝ' කියා 'ලියුම නැතුව නිකං ආවත් සත පහක් දෙන්න එපා ඕකුන්ට' කියා තාත්තට කියා දුරකථනය විසන්ධි කලෙමි. එහෙත් ඔහු කෙසේ හෝ පහු වෙනිදා 'අදාළ පත් ඉරු සහිත ලිපිගොනු විනාශ වී ඇති බව' සඳහන් ලිපියක් සකස් කරවාගෙන පැමිණියේය. පසුව දැනගත් පරිදි ගාල්ල දිස්තික් ලේකම් කාර්යාලයේ බොහෝ 'නෝනා'වරු මහත්වරුන්ව අබිභවා පාගා ගැනීමේ රුසියෝය.. සමහරුන් එහි නීතිමය තත්වය ගැන අවබෝධයක් නැතුවාක් මෙන් එන එන උන්ට මේ කතා මෙලෙස කීමට පසුබට නොවෙති. එක්කෝ උන්ගේ මෝඩකමය. නැත්නම් පෙරේත කමය.. එහෙමත් නැත්නම් උද්දච්ච කමය.. ඒ මොක උනත් එය අප්‍රිය සහගතය.   

දෙවෙනි කරුණ ආරම්භ වන්නේ 2016 ඔක්තෝබර් මස 14 වෙනිදා යි. බැංකු ණය මත ඉඩම මිලදී ගත් මා ඒ සඳහා වරලත් වාස්තු විද්‍යාඥයෙකු විසින් ඇඳ සහතික කරන ලද නිවාස සැලසුම, වරලත් සිවිල් ඉංජිනේරුවෙකු විසින් සකස් කර සහතික කරන ලද ඇස්තමේන්තුව සමඟ ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් ලබාදෙන සියලු ලිය කියවිලි නිසි ලෙස සම්පුර්ණ කර අදාළ ගාස්තු ගෙවා මෙදින බිරිඳගේ පියා සමඟම ගොස් අක්මීමන ප්‍රාදේශීය සබාවට නිසි පරිදි බාර දී (එහි දී ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිළධාරී වරයා විසින් අදාල ලියකියවිලි සියල්ල පරික්ෂා කර බලා නිසි පරිදි ඇති බව තහවුරු කරන ලදී) පැමිණියෙමි. මේ කටයුතු සඳහා ආසන්න වශයෙන් සති තුනක් පමණ ගතවන බව එහිදී විෂය බාර කළමනාකරණ සහකාරවරිය මට පැවසුවාය.   

පසුදින, අපි කිසිවෙකු බලාපොරොත්තු නොවූ මොහොතක හදිසි හෘදයාබාදයකින් බිරිඳගේ පියා අප අතහැර ගියේය. එතෙක් කලක් අපි විසින් අඩු වටිනාකමක් ලබා දී තිබු ඔහුගේ අත්දැකීම්, සමාජ සඹදතා, පුද්ගල සඹදතා ඇතුලත් වූ ඒ නිහඬ සේවය හා ඕනෙම කලබලයකදී කලබල නොවී පාන ඒ මන්දස්මිතය මෙතරම් අඩුවක් අප වෙත ඉතිරි කර යාවියයි එදා නොව අදවත් මට සිතා ගත නොහැක. සියලු සැලසුම් උඩු යටිකුරුවී ගිය ඒ මරු පහරින් අවම වශයෙන් මාසයක කාලයක් මට මා අහිමිවිය. එයින් මතු පියවි සිහිය එළඹගත් මා නිවාස සැලසුම ගැන විපරම් කරද්දී.. අහෝ.. එතෙක් ප්‍රාදේශීය සභාවෙන් ඊට 'අතවත් තබා නොතිබිණි'.. 

'ටී ඕ මහත්තය හම්බවෙලා කියක් හරි දෙන්න.. නැත්නම් ඕක මේ කපේට ගන්න වෙන්නේ නෑ.. අපිත් කරේ එහෙමයි' මේ ගැන කතා කල උන්ගෙන් 90%ගේ උපදෙස එය විය. ඒත් මට පගා දීමට (ඒ ගැන ඇසීමට) වචන සොයා ගත නොහැක. අනික අපේ ක්ෂේත්‍රයේම නිලධාරියෙකුට? මට කොහොමත් පගා දීම හුරු නැත. පගාවක් කියා යමක් මා මෙතෙක් දී ඇත්නම් ඒ යම් උදව්වක් ගත් 'හිතවතෙකුට' නිදහස් වෙලාවක කතා කරගෙන 'බාර් එහෙක සෙට් වීමයි' එසේත් නැත්නම් ප්‍රති උපකාරයක් කිරීමයි. උදව් ගත් නොගත් බොහෝ 'හිතවතුන්ට' මගේ මේ පගා මා ලබා දී ඇත. සමහර හිතවතුන් සෙට් උනාට පසු මට බිල ගෙවන්නටද නොතබා ඔවුන්ම බිලද ගෙවා දමති. නැතිනම් සෙට් වෙන්නෙම ඔවුන්ගේ ගෙවල් වල ඔවුන්ගේ ආරාධනයෙනි. සතුට නම් වැඩිපුරම ඇත්තේ එවන් හිතවතුන් විමත් හිතවතුන් ගෙන් හැර අන් අයගෙන් මෙතෙක් උදව් ලබා ගැනීමට සිදු නොවීමත්ය. අනිත් සියල්ල නිසි මගින් ඉටු කරගන්නා රාජකාරී බැඳීම් පමණි. නමුත් දැන්.. මගේ වැඩය හෙවත් ඔවුන්ගේ රාජකාරිය කර දීමට 'මුදලින් පගාවක්' දෙනතෙක් අයෙක් බලා සිටි. 

මම දැඩි තීරණයකට එළැඹිමි. ගේ හැදුවේ නැතත් පගා වශයෙන් සත පහක් නොදෙමි. පගා නොදී නිරන්තරයෙන් කල බලපෑම් වල ප්‍රතිපලයක් ලෙස සැලසුම බාරදී මාස දෙකකුත් දින දෙකකට පසු එනම් 2016.12.16 දින ප්‍රාදේශීය සභාවේ හා NBRO එකේ අනුමැතිය ලබාගෙන අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත අනුමැතිය සඳහා මගේ සැලසුම ඉදිරිපත් කරන ලදී. ඉන්පසු උදාවුයේ ඉහත පරිච්චේදයේ දෙවන කොටසයි. වෙනස වුයේ ටී ඕ මහත්තයා වෙනුවට පී එච් අයි මහත්තයා යන්න ආදේශ වීම පමණි. ඒ මාසය තුල මගේ දුරකතනයෙන් වැඩිපුරම ඇමතුම් ලබා ගෙන ඇත්තේ අක්මීමන MOH කාර්යාලයට විය යුතුයි. මේ අතර පසුගිය ජනවාරි මැද මියගිය පියාගේ තුන්මස දානය යෙදී තිබීම නිසා දින කිහිපයක් මගෙත් MOH කාර්යාලයේත් දුරකථන වලට විවේකයක් ලැබුණි. නැවත මා ඔවුන් ඇමතු ජනවාරි 20 දින වන විට අවම වශයෙන් මගේ ලිපි ගොනුව වත් සොයා ගැනීමට එහි සිටි නිලධාරිනියට නොහැකි වීම නිසා නැවත ප්‍රාදේශීය සභාව අමතා අදාල ලිපිගොනු අංක හා දින ලබා දුන් පසු මට දැන ගැනීමට ලැබුනේ අමුතුම පණිවුඩයකි. 

'මහත්තයාගේ ප්ලෑන් එක මීටර්/ මිලි මීටර් වලින් තියෙන්නේ කියල අඩි අඟල් වලට හරවල ආයේ ඇඳලා ගේන්න කියල PHI මහත්තය නෝට් එකක් දාල තියෙනවා.. ඉතින් මේක අපි ආපහු සභාවට යවනවා..' 

මම.. 'හෑ.. අපි රටක් විදියට මෙට්‍රික් ක්‍රමේට හැරුනේ මිට අවුරුදු 30 කටත් කලින් නේද?' 

ඇය.. 'ඒවා මම දන්නේ නෑ මහත්තය.. ලියල තියෙන එක තමයි මම කියුවේ.. දැන් මේක මැඩම් ට දාල සයින් කරන්න ඕනි.. මැඩම් අද ඔෆිස් එකේ නෑ. ලබන සඳුදා අත්සන් කරවල බදාදා තමයි සභාවට යවන්න වෙන්නේ.. බදාදට තමයි සභාවේ ලියුම් අරන් එක්කෙනක් මෙහෙ එන්නේ.. ඊට පස්සේ මහත්තය සභාවට ගිහින් කතා කරගන්න..'

එයින් එළබුණු බදාදා දිනයේදී මා නිවාඩු ලබාගෙන ගොස් එක දිනක් තුල ප්ලෑන් එකේ එක කොපියක සියලුම දුරවල් ආදී අඟල් වලින් සටහන් කර ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරී ලවා සහතික කරවාගෙන ප්‍රාදේශීය සභාවේ ලියුම්කරු මගේ වහනයේම නංවාගෙන ඔහු සමඟ ගොස් අදාල ලියකියවිලි නැවත MOH කාර්යාලයට බාරදී ආවෙමි. මේ දිනය තුල ප්‍රාදේශීය සභාවේදීත් MOH කාර්යාලයේදීත් මේ අඩි අඟල් ඉල්ලීම ගැන මා ඔවුන් සමඟ කල සංවාද විවාද තර්ක විතර්ක මෙහි සටහන් කිරීමට වෙනම පෝස්ට් කීපයක් ලිවිය යුතු වේ.. අවසානයේ තේරුම් කර ගත දෙය නම්, මුලින්ම සටහන් කර ඇති පරදි මේ 'රජයේ සේවකයින්' නොදැමුණු, උඩඟු, වහසි හා අකාර්යක්ෂම එමෙන්ම තම විෂය පිලිබඳ ඇති අල්ප දැනුම යාවත්කාලින කර ගැනීමට හෝ සුදානම් නැති අප්‍රසන්න අමුම අමු ගෝත්‍රිකයින් පිරිසක් බවයි. ඔවුන් සමඟ තර්ක කිරීම විනා යටත් පිරිසෙයින් කතා බහ කිරීමට පවා මම ඉදිරියේදී මැළි වෙමි.

මගේ නිවසේ සැලසුම තවමත් අනුමත වී නැත...

අපේ ප්‍රයෝරිටි ලිස්ට් එකේ ඊළඟ කාරණාව වූ දෙවෙනි දරුවාට 'ජාතික' පාසලක් ලබා ගැනීමේ උත්සාහය නිසි මගින් ඉල්ලීම් කරමින් මේ හා සමානම වූ අප්‍රිය සහගත අධ්‍යාපන සේවා නිලධාරීන් රැසකගේ අමන මරි මෝඩ හා උද්ධච්ච කතා අහන් සිට ලබා ගත් අත්දැකීම් සහිත එකම එක උත්සහයකින් පසු අත්හැර දමා අපිට සුදුසු හා පහසු යැයි සිතුනු ප්‍රාථමික පාසලකට දරුවා ඇතුලත් කිරීමෙන් අවසන් විය. 

රන්ජන්ලා තෙවර්ප්පෙරුමලා සිල්වලා ප්‍රශ්ණ විසඳන අයුරු වැරදි බව හැබෑය.. හැබැයි මට මෙතෙක් හමුවූ නරකම පිරිස ඔවුන් ඇතුළු දේශපාලකයින් නොවේ.. දේශපාලකයින් බොහොමයක් තුල යම් පමණක 'වගවීමක්' ඇත.. ලංකාවේ නරකම 'රාජ්‍ය නිලධාරීන්' බව මගේ හැඟීමයි.

මේ ලිපියෙන් අසාධාරණ චෝදනාවකට ලක්ව සිත් රිදීමකට ලක්වූ අතලොස්සක් වූ මා බොහෝ සෙයින් කැමති අවංක හා දක්ෂ නිලධාරීන්ගෙන් මට කමත්වා! 

81 comments:

  1. මටත් පෙන්නම බැරි හැත්තක් ඔය @#4% පුතාලා ...සමහර වෙලාවට ඔක්කොම විස්තරේ අහගෙන ඉඳලා කියනවා අන්න අර මහත්තයා මුණ ගැහෙන්න කියලා ....හෙන ගහලා මදි බන් මුන්ට ...

    "පඩි දින හැර අනිත් දවස් බල බලා
    මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
    තේ බී එනකොට මම වැඩපොල බලා
    දහවල් කෑමට යන්නට සිදු වෙලා
    කෑම පැයට ටිකක් නිදාගන්නවා
    ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
    එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
    නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා....

    ReplyDelete
    Replies
    1. //හෙන ගහලා මදි බන් මුන්ට// බලාගෙන.. හෙට ආයේ ඉට්ටයික් කරයි.. 'සින්දු ඇනෝ ගේ ප්‍රකාශය හෙලා දකිමු'.. හැක්.

      Delete
  2. ඔය තත්වයට තවත් හේතුවක් දේශපාලඥයින්. ඔවුන් පවතින ක්‍රමය නිවැරදි කරන්නේ නැහැ එවිට මහජනතාවට හැම දේකටම ඔවුන් ලඟට යාමට සිදුවන නිසා. ඔවුන්ගේ බලය පවත්වාගෙන යන ක්‍රමය එයයි. රාජ්‍ය නිලධාරීන් හරියට වැඩ කරනවානම්, එකක් ඔවුන්ට ඇති ලාබ ප්‍රයෝජන නැතිවෙනවා. අනික, දේශපාලකයන්ගේ බලය අඩු වෙනවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. නිලධාරීන්ට මෙරිට් සිස්ටම් එකක් හැදුවනම් රැකියාවේ ඉදිරියට යන්න මහජන ප්‍රසාදය/ පැමිණිලි වලට වැඩි බරක් දීල ඕක හරියනවා.. ඒ වගේම එක මට්ටමක ඉන්න පුළුවන් උපරිම කාලය අවුරුදු හතරකට පහකට සිමා කරන්න ඕනි.. නැත්නම් සේවයෙන් අයින් වෙන්න වෙන විදියට..

      Delete
  3. ඇමතිවරයාගේ ක්‍රියාවෙන් රාජ්‍ය සේවයට වුන අපහාසය ගැන රාජ්‍ය වැඩ කරන/නොකරන සේවකයෝ බොහොම තදින් කතා කරන්නේ. එත්, වැඩකරන මනුස්සෙක් ඉන්නවා නම් ඔය ගැටළු ඔය තත්වෙට පත් වෙන්න ඉඩ හැරලා රාජ්‍ය සේවකයෝ පින් පඩි කාරයෝය කියල සමාජ ජාල වල ප්‍රසිද්දියේ කියවෙන තැනටම තමුන්ව බාල්දු වෙන්න කටයුතු සලස්වපු වැඩ නොකරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධවයි මුලින්ම කතාකරන්න ඕනේ.

    මොනවා වුනත් නීතිය ක්‍රියාත්මක කරන්න එපාය කියල රාජ්‍ය සේවකයන්ට තර්ජනය කරපු දේශපාලකයෝ නීතිය ක්‍රියාත්මක කරන්න කියල තර්ජනය කරන තැනට පත්වීම තිබුනට වැඩිය හොද තත්වයක්. අනික් අතට මේවා මෙහෙම වෙලා මිනිස්සු පාරවල් වහල උද්ගෝෂණය කරලා මහා කලබගෑනි වෙන්න කලින් දේශපාලකයෝ වැරදියට වුණත මැදිහත් වෙන එක වැඩිය හොදයි.

    රාජ්‍ය සේවකයෝ ස්වාධීන රාජ්‍ය සේවය කියල හිතාගෙන ඉන්නේ කලින් දේශපාලකයෝ කරපු වැඩ එයාලට කරන ලැබෙන එක වෙන්න ඇති. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වලින් (මතක හැටියට) ඇතිකළ මහජන පෙත්සම පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් දුන්න නියෝගවත් ක්‍රියාත්මක කරන්නේ නැති රාජ්‍ය නිලධාරියෝ ඉන්නවා කියල පහුගිය දවසේ වාර්තා වෙලා තිබුණ. දේශපාලනය තියෙන තරම්ම නරක තැනක තමයි නිලධාරීවාදයත් අද තිබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //තමුන්ව බාල්දු වෙන්න කටයුතු සලස්වපු වැඩ නොකරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධවයි මුලින්ම කතාකරන්න ඕනේ// මේ ටිකත් මගේ පෝස්ට් එකේම එක්ස්ටෙන්ෂන් එකක් විදියට සලකනවා. ස්තුතියි ඔබේ කරුණු දැක්වීමට.

      Delete
  4. හොඳින් විස්තර අහල කතා බහ කරල පගාව ගන්නැතුව වැඩ කරල දෙන අයත් අතළොස්සක් නැතුව නෙමෙයි ඒත් බහුතරයක් රාජ්‍ය ආයතන වල තත්වෙ ඕහොම තමයි. නියෝජ්‍ය ඇමති කෙනෙකුට අරහෙම හයිය අරගෙන කතා කරන්න පුලුවන්නං සාමාන්‍ය මනුස්සයෙකුට කතා කරන හැටි ගැන හිතාගන්න පුලුවන්නෙ. මමනං රංජන්ගෙ ඒ කතාකිරීම ගැන කිසිම වැරැද්දක් දකින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ටෞකන්ඩ වැරදියි කියාං ඒක.. කුමන තත්වයක් යටතෙ වත් එවැනි පහත් ආමන්ත්‍රණයන් අනුමත නොකරමි... හැක්

      Delete
    2. ඔවු ගිහිල්ල හොම්බට අනින්නයි තිබුණෙ. හැක්..

      Delete
    3. රන්ජන් වගේ එකෙක් කොහෙද බං ගම්පහ ගෑණුන්ගෙ ආණ්ඩු මට්ටු කරන්නෙ

      Delete
    4. එතකොට මන් දැන් මෙතන කතාවක් කියුවේම නැද්ද? උඹල රන්ජෙක් ගැන කියවන්නේ.. ඈ යකෝ..

      Delete
    5. ඕං ඔහොම සද්දෙ දාපන්කො උඹේ වැඩේ කරගන්න , මේ අහිංසක අපිට තමයි කටක් අරින්න බැරි ..

      Delete
    6. උඹල රාජ්ජිය සේවේ නෙවෙයිනේ.. ඒ උතුමන්ලා ගාව පුලුවන්ද එහෙම නොහොබිනා විදියට හැසිරෙන්ඩ?

      Delete
  5. කමියගේ කතාවට එකඟයි. බොහෝමයක් නිලධාරීන්ගේ තත්වය ඔහොම තමයි. පිඹුරක් අඳින්න එන සේවාදායකයින් බොහෝවිට කියන්නේ අතන්ට මෙච්චරක් දෙන්න ඕනෙ, මෙතෙන්ට මෙච්චරක් දෙන්න ඕනෙ, නැත්තන් වැඩේ ඉක්මණට වෙන්නෙ නෑ කියලා. ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳව තියෙන්නේ ප්‍රසාදයක් නොවේ.

    ජයවේවා!!!

    ReplyDelete
  6. මමත් ඔය දුක්සීන් වින්දා... හැබැයි පගානොදිවෙන ක්‍රම වලින් ඉක්මනට වැඩ ගොඩදාගත්තා.. ඔය වගෙ වැඩ වලදි මං නං මුලින්ම අල්ලන්නේ එතන ඉන්න දඩිබිඩි පියන්ල.. උං ප්‍රාලේට සතියක් කරන්න බැරිදෙ දවසින් කරනවා.. මමත් කැමති නැ ජරාව දෙන්නනං... හැබැයි පුති උඹ කැගැහුව කියල සිස්ටම් හැදෙන්නැ..පොඩි අනුගතවීමක් ඕන.. මගෙ කරැමෙට මං අතදාපු හැම තැනම බෑ කියල අහක දාන්න බැරි කනෙක්සන් එකක් හදාගත්තා.. ටීඕ ඇද්දකේස්.. අනුමත නැතිය කියල අනුමත ප්ලැ්න් එක හදන එකත් නැවැත්තුවා.. සබාපති ගාවදි ඌට සමාවගන්න උනා පස්සෙ ... කියල ඉවර කරන්න බැ බං ඒවා.. මං මේ පාර සම්මාන උස්සවෙට එන්නෙයි.. හැක්

    ReplyDelete
    Replies
    1. ටෝ සබාපතිට පගාව දුන්න නේද?

      Delete
    2. //සබාපති ගාවදි ඌට සමාවගන්න උනා පස්සෙ// ඔන්න ඕක තමා මට කියන්න ඕනි උනේ.. අක්මීමන ප්‍රාදේශීය සබාවේ මන්ත්‍රීවරු සභාපති කෙනෙක් හිටියනම් මේවා මෙහෙම වෙන්නේ නෑ. දැන් ඉන්නේ ලේකම් කෙනෙක් විතරයි.. ඒ ඉස්සර ඒ.ඕ. ලා හෙවත් ඇඩ්මින් ඔෆිසර් ලා විදියට හිටපු රාජ්‍ය සේවයටම පුරු ඇට ගැහිච්චි වයසක ඩයල් තමයි දැන් ඔය ප්‍රාදේශීය සබාවේ ලේකම් ලා විදියට වැඩ බලන්නේ. උන්ට කම්ප්ලේන් කරනවට වඩා හොඳයි කට පුකේ අතුල්ලා ගන්න එක අමාරුවෙන් දෙකට නැවිලා.. උන් වැඩක් කරන්නේ නෑ බං. කෙහෙල්මල් චන්දෙ තියල ඔතනට මොක්කු හරි ටිකක් එවන්න බැරිනම් ඔය ප්‍රාදේශීය සභා ලබ්බවල් අකුලෝල දාන්න ඕනි.. අපිට පුළුවන් විදියකට අපි හදා ගන්නවා එතකොට.

      Delete
  7. හැමතැනම ඔහොම තමයි...

    ReplyDelete
    Replies
    1. අම්මේ.. ආයෙනම් ඒ වගේ තැන වලට යන්න වෙන්න එපා..

      Delete
  8. ආණ්ඩුවේ තැනකින් වැඩක් කරගන්න ගියාම අදාල එකා වැඩේ කරල දෙන්නෙ නැත්නම් ඉන්න ඉහලම නිළධාරිය ලගට ගිහින් අපහසුතාවය කියල මේ වැඩේ ඉක්මනින් කරගන්න විදිහ මොකක්ද කියල අහපු ගමන් වැඩේ ඉක්මනින් කරල දෙනව. ඒක තමයි මම වැඩක් කරගන්න විදිහ.
    මෑත කාලයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් වැඩ වගයක් කරගන්න තිබ්බ රාජ්‍ය සේවයේ ඔය කියන කිසිම අඩුවක් මටනම් දැනුනෙ නෑ. කොටින්ම ඩයලොග් එකේ කස්ටමර් කෙයාර් එකට වඩා සිය ගුනයක් හොදයි.

    ReplyDelete
    Replies
    1. මෙතන ඉන්න ලොක්ක ප්‍රාදේශීය සභාවේ ලේකම්.. ඒ ලොක්කිට කියන කට හොඳයි.. උඹ ලකී.. මම අන්ලකි.. මොකද මට අත්තනගල්ලෙන් ඉඩමක් ගන්න බැරි උනානේ..

      Delete
    2. කම්මලා එකමදේ දෙතුන් පාර කියන කොට කාට උනත් කරදරයිනෙ.. හැක්

      Delete
    3. //ඩයලොග් එකේ කස්ටමර් කෙයර් එකට වඩා සිය ගුනයක් හොදයි//

      සිරාවට රාජ්‍යා සේවය හොඳයි අරුන්ගේ කස්ටමර් කෙයා වලට වඩා.

      Delete
    4. //කම්මලා එකමදේ දෙතුන් පාර කියන කොට// අහ.. වැඩේ කරගත්ත විතරයි මුගේ ලෙඩේ හොඳ වුනේ ඒකයි එහෙනම්..

      Delete
    5. ඩයලොග් එකේ ගොඩක් උනුත් රාජ්‍ය සේවේ වගේ තමයි.. උන්ට වඩා උන් නෑ කියල හිතන් ඉන්නේ..

      Delete
    6. යකෝ මං අවුරුදු ගානක් තිස්සෙ ඩයලොග් පාවිච්චි කරනව මටනං උංගෙ කස්ටමර් කෙයා එකෙන් අවුලක් ඇවිල්ල නෑ. ඔය වාත කේස් කෙල්ලෙක් අහුවෙච්ච වෙලාවටනං මඤ්ඤං කෙලියට තව පොඩ්ඩක් ඉවසල ඉඳල කොල්ලෙකුට වැඩේ කිවුව ගමං ඌ ගොඩ දාල දෙනව.

      Delete
    7. //ඔය වාත කේස් කෙල්ලෙක් අහුවෙච්ච වෙලාවටනං මඤ්ඤං කෙලියට තව පොඩ්ඩක් ඉවසල ඉඳල කොල්ලෙකුට වැඩේ කිවුව ගමං ඌ ගොඩ දාල දෙනව.//
      අන්න හරි, අාණ්ඩුෙව් ඔෆ්ස් ඒකක් නම් ගෑණු පරාණයක් ගාවට, කස්ටමර් ෙකයා නම් කොල්ලෙකු ගාවට

      Delete
    8. මටනං ආණ්ඩුවේ ප්‍රයිවෙට් වෙනසක් නෑ තීරණේ ගන්න තැන ගෑනු පරානයක් ඉන්නවනං ඒ වැඩේ වෙනකන් විස්සාසයක් නෑ..

      Delete
  9. උංට කොච්චර බැන්නත් උං හැදෙන්නෙ නෑ. වැඩක් නෑ. අපිට වෙලා තියෙන්නෙ උංට අනුගත වෙන්න. තනි කාලකණ්නි. ඇත්තමයි. අතදැකීම්.
    ලංකාවෙ රාජ්‍ය සේවය ගැන මම අතදැකල තියෙන නරකම දේ තමා උංට දෙයක් ගන්න තියේ නං අතක් දික්වෙයි ඕන තැනකට. ඒත් දෙන්න තියේ නං අංග විකල කොරු තමා
    ඉන්නෙ නොපතං.

    ReplyDelete
    Replies
    1. රාජ්ජ සේවකයෙක්ම කියනකොට ඉතීම්.. හැක්.. අනේ මලේ උඹවත් එහෙම නොවී හිටහන්..

      Delete
  10. ඔහොම එකක් ඉතිං නොවුනොත් තමා පුදුමෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. දැන් මං පුදුම වෙන්නේ නෑ..

      Delete
  11. නොම්මර එකේ කාළකන්නි වගේම රත්තරන් නිළධාරිනුත් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ඔව්. ඊයේ අර AT සුදර්ශන දොස්තර මහත්තය බුකියේ දාපු ඉවසීම ගැන ස්ටේටස් එක කියවල මේක නොලිය ඉන්නත් හිතුන.. අන්න ඒ වගේ 'මහත්තුරුන්ගෙන්' තමයි සමාව ඉල්ලුවේ..

      Delete
  12. මට දැන් ඕකුන්ට වඩා පේන්න බැහැ හිඟන දොස්තරලව...
    එකදාස් පන්සීයක් හයසීයක් දීල චැනල් කරලා ගියපු වෙලාවක ආසිරි එකේ හිටපු එක කාඩියෝලොජි ගෑනියෙක් මට බනින්න තියා ගත්තා...
    විනාඩි කාලක්වත් මම කියපු දේ අහගෙන ඉන්නේ නැතුව කලින් වෙන දොස්තර කෙනෙක් ලියල දීපු තුණ්ඩුව බලල ඒ බෙහෙතම තව සතියක් බොන්න කියල ලියල දුන්නා...
    තව සතියකින් එන්නලු. තව සල්ලි ටිකකට කෙළින්න...
    මළත් යන්න හිතෙන්නේ නැහැ ඒ වගේ උන් ගාවට...

    රජයේ නිලධාරි ගාව තාම වැඩිය පදිරි වෙන්න ලැබිල නැහැ, ගමේ වැඩ වලදී නම් අඳුරන උන් ඉන්න නිසා වැඩ එච්චර අමාරු වෙලා නැහැ...

    ReplyDelete
    Replies
    1. මටත් බදුල්ලේදී ඕක ඔච්චර දැනුනේ නෑ ඔක්කොම වගේ කර ගත්තේ කෝල් වලින් නිසා.. දැන් තමයි අරුමේ.. හැබැට ඔය චැනලින් දොස්තරලා ඉස්සර පොඩි හිනාවක් දාගෙන උනන්දුවෙන් කතා කරා චැනල් කරන වෙලාවට.. දැන් ඒක අනිවාර්ය සේවයක් වගේ වෙලා නිසා ආපාහු ඉස්පිරිතාල මට්ටමටම වැටිලා.. පරක්කු වෙලා එන එක.. තත්පර ගානෙන් ලෙඩේ බලල ඉවර වෙන එක මුණ බලල කතා කරන්නවත් ඉස්පාසුවක් නැති කම වගේම නර්ස් වැඩට ඉන්න කෙල්ලොන්ගේත් උෂ්නේ වැඩි වෙලා.. මටත් ඕක හොඳට දැනිල තියෙනවා.. කාටද කියන්නේ ඉතිං?

      Delete
  13. අවසානයේ තේරුම් කර ගත දෙය නම්, මුලින්ම සටහන් කර ඇති පරදි මේ 'රජයේ සේවකයින්' නොදැමුණු, උඩඟු, වහසි හා අකාර්යක්ෂම එමෙන්ම තම විෂය පිලිබඳ ඇති අල්ප දැනුම යාවත්කාලින කර ගැනීමට හෝ සුදානම් නැති අප්‍රසන්න අමුම අමු ගෝත්‍රිකයින් පිරිසක් බවයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඊට පස්සේ මුන්ගේ මුණ බලන්නත් අකමැති හිතුනා..

      Delete
  14. ගස්ලබ්බටත් නියම වැඩක් උනා මේ දවස් වල පදින ඉස්කූටරේ ලයිසොම ගන්න ගිය වෙලාවෙ. දෙන්නයි තුන්දෙනයි වැඩ කරගන්න ඇවිල්ල හිටියෙ.. බොහොම නිදහස් වෙලාවක්.කොරිඩෝවකට ඇරුණු ජනේලයක් තමයි කවුන්ටරේ.එක අතකින් හෙල්මට් එකයි ඩොකියුමන්ට් ටිකයි සල්ලියි අරන් අනික් අතින් හැරමිට්ට ගගහා ගිහිල්ලා වාරය ආවම භාරදුන්නා.ඩොකියුමන්ට් නමල තිබ්බා කියල එව්ව දිගෑරල දෙන්න කියලා ඒ හිටපු ගෑණි එව්වා කවුන්ටරේට විසි කරලා අනිත් එකිත් එක්ක කයිය ගහන්න ගත්තා.වැටුනු කොල ටික අහුලගන්න වත් විදිහක් නැතුව පුදුම තරම් සංතෝසයක් දැනිනෙ.පස්සෙ ඉතින් හැරමිට්ටයි බඩු ටිකයි කවුන්ටරේ උඩ හෙමින් හෙමින් අඩුක්කොල්ලා ඒකටම වාරු වෙලා කොල ටික දිගෑරලා දුන්නා.
    තමුන් බලන කඩදාසිකොලේ තමුන් විසින් දිගෑරගන්න එක මදිකමක් විදිහට එයාල දකින්නෙ මොන පදනමකින්ද කියලා තමයි තේරෙන්නැත්තෙ.(ගෑණුන්ගෙ ඔය ගතිය බොහොම වැඩියි.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //ගෑණුන්ගෙ ඔය ගතිය බොහොම වැඩියි.// හරියටම හරි.. දැන් ඔය උඹ කෙරුව වගේ හැරමිටිය කවුන්ටරේ උඩ තියල නැවිල කොළ හදනකොට ඔතන කොල්ලෙක් හිටියනම් 'හා..කෝ මෙහෙ දෙන්න..කියන්න එපයි බෑ කියල' කියලවත් ආපහු වැඩේ ඌ කරනවා.. ඒත් ඔය උන්දිලාගේ තියෙන උද්දච්ච කමට ගෑනු ඕක නොදැක්ක වගේ ඉන්නවා..

      Delete
  15. ළමයින් පාසලට ඇතුළු කරන කාරණේ ගැන නම් කියන්ට දේවල් එමටයි.ඒත් ඉතිං කැඳ බොන්ටවත්
    තියෙන ගුරුකම රැක ගන්ට එපායැ . මොකද ඉතිං අපිත් කුලියාපිටිය පැත්තෙ නොවැ.ඒ නිසා වහගත්තා ඕං කට.

    ReplyDelete
    Replies
    1. කවි එහෙම ලියන්නෙ බලාගෙන. අධ්‍යාපනේ වංචා විමර්ශනේ ඉස්කෝලෙට එයි.

      Delete
    2. මම මේ ඉසුරුපාය පැත්තට යන ගමන්.. ඕනිනම් නම ගම විස්තර දීල එන්නං.. හැක්

      Delete
  16. කමියෝ..ඔය ෆෝන් කිරිල්ලෙන් වැඩක් වෙන්නේ නෑ..හොඳම වැඩේ එතනට යන එක...ගිහින් කතාබහ කරලා කරගන්න පුලුවන් වෙන්න ඕනී...උඹ PHI කාරයාව හම්බෙන්න ගියේ ඇනුනට පස්සේනේ...මම ගාල්ලේ ප්‍රොජෙක්ට් එකක ඇපෲවල් ගත්තේ අක්මීමනින්...හැබැයි ක්ලයන්ට්ගේ ඉංජෙක් දිනපතා පස්සෙන් ගිහින්, අපේ ආකියෙකුත් එතනට ගිහින් තමා කරගත්තේ...උඹ ඒක සබ්මිට් කරලා අත ඇරලා දැම්මාම, අර පස්සෙන් ගිහින් කරදර කරන අයගේ ෆයිල් උඩට එනවා...උන්ටත් අපිට වගේම හෝ ගාලා ප්‍රශ්න ඇති, ඉතිං වැඩ නොකර පඩිය අරං පගා ගහලා වේල ගැට ගහගන්නව ඇති..උඹ දැක්කනේ උන් වාඩි වෙලා ඉන්න ඔෆිස්වල තත්වය..ඒ වගේ තැනක වැඩ කරන එකෙක් පගාවක් අරන් හරි වැඩක් කරන එකත් පුදුමයක්...
    CMC එකත් ඔයිට දෙවෙනි නෑ..ඔන්න ඒ පාර වර්ග අඩි 4000ට වැඩි ප්‍රොජෙක්ට්ස් ඔක්කොම CMC එකෙන් UDA එකට දාලා මෙගපොලිස් මිනිස්ට්‍රිය ඇපෲවල් දෙන්න...ටෞකලා හිටී දැන්...!

    ReplyDelete
    Replies
    1. අනික ඕක ඇන්ද එකාගේ වැරැද්ද..ඌ දැනගෙන ඉන්න එපැයි අඩි අඟල් වලින් ප්ලෑන ඇඳලා දෙන්න..සක්...!
      අපිට කිව්වනං ඇඳලා දෙනවනේ...!!!

      Delete
    2. අන්නේකනේ. ලංකාව මෙට්‍රික් උනේ අවුරුදු 30 කට කලින් උනාට තාම පාං දෙන්නෙ රාත්තල් වලින් කියල මේ මනුස්සයට තේරුං ගන්න බැරි උනානෙ.

      Delete
    3. ඔව්..ඔව්.. ඕක ඇන්ද එකාගේ වැරැද්ද තමයි.. වෙලාවක දන්දෙනියේ වත්තට හොයාගෙන ගිහින් ගම්මිරිස් වැලක එල්ලලා කුරුඳු පොල්ලකින් තලන්න ඕනි සයිටම් දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න.. හැක්.

      Delete
    4. ප්ලෑන නෙමේ ඔතන අවුල , භූමියට පෙරේත දෝසෙ. පෙරේත පාදයක් හිටල තියනව. .... ඉවානය එහෙම ඉඩම පැත්තෙ ගියාද ?

      Delete
    5. මට තව කීප දෙනෙක් කියුව.. යස්ස පැටවූ ටිකක් ගෙනියල පාටියක් දුන්නනම් ඔතන දැන් වහල ඉන්න පෙරේතයෝ ටික නිකම්ම යනවා කියල..

      Delete
  17. මම නම් ඔය රාජ්ජි ආයතනවලින් වැඩ කර ගන්න යනකොට, එතන ඉන්න කැත කෙල්ලෙක්ට ලයින් එකක් දානවා. ආයෙ ඉතින් මොනවද, කෙල්ල ඔක්කොම වැඩේ කරල දෙනවා. හැබැයි මේ වැඩේ ලස්සන කෙල්ලන්ට කරන්න බෑ, උන් අහංකාරයි. අනික ඉතින් මේක හරි යන්නෙ අපි වගේ කොල්ලන්ට විතරයි, වයසක ඩයල්වලට බෑ.

    ReplyDelete
    Replies
    1. අනේ XXහං.

      Delete
    2. එහෙනං මටත් පුළුවන් ඒ වැඩේ ගොඩ දා ගන්න.. මොකද ඉතින් මාත් සාරුක්කාන් වගේ ලස්සන කොල්ලනේ..

      Delete
  18. පර්මිට් අනම් මනම් නැතිව ගොඩනැගිල්ල හදලා පස්සෙ සුලු දඩයක් ගෙවන එකයි තියෙන්නේ හිටන්! අපි නම් එහෙමයි කොරන්නේ...

    ReplyDelete
    Replies
    1. හුටා..ඔහේ දත් ගලවන්නෙත් ඔය ක්‍රමේටමද....?

      Delete
    2. කොහෙද මේ බැංකුත් එක්ක බෑනේ.. නැත්නම් මාත් ඔවුන්ගේ කයිවාරු බල බල ඉන්නේ නෑ.

      Delete
  19. ටී ඕ ලයි PHI ඉන්නවා නේ ඕකුන්ට අර අහවල් එක කරන්ඩ ඕන

    ReplyDelete
    Replies
    1. අහවල් එක කරන්නං කීයක් හරි දෙන්න කියයි

      Delete
    2. හා..හා.. තාම නිතියානුකුල කරලා නා හිටං..

      Delete
    3. Ehema kiyannepa loku aiya

      Delete
  20. රාජ්‍ය සේවය කියන වචනෙන්ම උන් ගෞරවයක් හොයනවා. ඉතිං ඔලුව ඉදිමෙනවා. කොච්චර ඔලුව ඉදිමුණත් ජරාවත් ඉල්ලනවා.අපි රස්තියාදු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔවුනට දාන්න ඕනේ මහජන සේවකයෝ කියල..

      Delete
  21. සමහර රාජ්‍ය ආයතනවල 90% වඩා ඉන්නෙ නිලධාරිනියන්. මං හිතන්නෙ සියලු රජයේ කාර්යාලවල 50% වඩා එහෙමයි. පිරිමි හිටියයි කියලා වෙනසකුත් නෑ

    ReplyDelete
    Replies
    1. රටේ ගරුසරු වැඩිකම හොඳට පෙන්වනවා. උන් උන්ටම කියා ගන්නෙ මහත්තයා / මිස් කියලා

      Delete
    2. ඇත්ත ...අර මහත්තයට කියන්න...අර නෝනාගෙන් අහන්න

      Delete
    3. අපොයි.. එපාම කරපු වැඩේ.. හැරෙන්නම වෙලාව ඉවරයි ගෑනුන්ට.. ඔය ස්ටෝර්ස් මැනේජ්මන්ට්, අකවුන්ට් වගේ වැඩ ඇරෙන්න මේ පබ්ලික් රිලේෂන් වැඩ වලටනම් ගෑනු ගන්න හොඳ නෑ. අනිත් එක බැංකු වලට.. අනික පොඩ්ඩක් තැනක් ආවම මාර ගණකම.. දැක්කම හිනාත් යනවා..

      Delete
  22. මගේ ජීවිත කාලය පුරාවට දැකපු , කවදාවත් හැදෙන්නේ නැති කොටස් දෙකක් තමයි දේශපාලකයෝ සහ රජයේ සේවකයෝ. කුඩු කාරයෙක්ව ගොඩ දාගන්න පුලුවන්. මුන්ව බැහැ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අරූ අයිය.. ඒ වුනාට කොහොමද දෙගොල්ලන්ගේම ඌස්නේ?

      Delete
    2. කට ඇරපන් අරුනයියේ ගල් කාලක් දාන්න

      Delete
    3. ඈක්ක.. ගල්.. විස්කි නැද්ද? හෙක්..

      Delete
  23. රාජ්‍ය සේවක රසය ගන්න සුපිරි පොට් එකක් තියෙනව.ඒ ඉස්පිරිතාලෙ. ඇටෙන්ඩන්ලගෙ, නර්ස්ලගෙ ගණන් රවි මහත්තය ගහපු බදු වලින් වත් ගන්න බෑ මහත්තයෝ..!

    අද කාලෙට හරියන්නෙ මෙන්න මේ වගේ භාණ්ඩයක් තමයි කමි....

    ReplyDelete
    Replies
    1. මාත් පට්ටම කැමති සීන් එකක් තමයි මේ කැරවෑන් ජිවිතේ.. ළමයි ලොකු වෙලා නිදහස් වෙච්චි දවසක වත් හිතල බලන්න ඕනි.. :)

      Delete
  24. ඔන්න 'නෙවි' තව ගු ගොඩක් අනාගත්තා. මෙක ලියලා දෑන් ඉතින් සතර වටින් ගු ගහයි බාගෙට බාගයක් ගේ හදා ගන්නේ සල්ලි "බජට් නැති ලෝටස් ලෑන්ඩ් උම්මා කෙළිය ආධාර" වලින්කියලා නාලම වරෙන් කිව්වලු !

    ReplyDelete
  25. මේක තමයි පැරාත් නිතරම ලියන්නේ. ලංකාවේ රාජ්‍ය සේවක මධ්‍යම පන්තිය තමයි රටම කන්නේ!

    රාජ්‍ය සේවකයින් ගේ සමස්ත ජරාව කෑම, දේශපාලුවන් ගේ සමස්ත ජරාව කෑමට වඩා වැඩි ඇති, සේවකියන් සීයෙ පටි, දේශපාලුවෝ පන්දාහෙ පටි වුනාට!

    ReplyDelete
    Replies
    1. මේක මහා පිළිලයක්.. එපාම වෙලා තියෙන්නේ මුන් එක්ක.. සක්.

      Delete
  26. දවසක ඔපිස් එකක් මැද්දේ මුන්ට කුණුහරුපෙන් බන්නින්න තියනවනම්

    ReplyDelete
  27. ළගදි බම්බලපිටියෙන් කබඩ් එකක් රෑ බඩු කෝච්චියට දැම්මා(මාසයක් නෑ). ඒක අපේ ස්ටේශන් එකට එනකොට යට ලෑල්ල සම්පූර්ණෙන්ම ගැලවිලා.....ඉතින් ආයෙත් බඩුවක් කෝච්චියෙ එවන්න හිතෙයි ද

    ReplyDelete
    Replies
    1. යකෝ බෝලත් හරිම අසුභවාදී මිනිස්සු බැලුවාම.. කෝච්චියට දාපු කබඩ් එකේ යට ලෑල්ල විතරක් ගැලවිලා ආපු එක ගැන සන්තෝස වෙයන්කෝ.. මම උඹේ කොමෙන්ට් එක කියවන්න ගන්නකොට හිතුවේ කබඩ් එක තාම නැහැ කියල වෙන්න ඇති කියල.. හැක්..

      මම දැන් ඉන්න රටේ ඉඳන් ලංකාවට තැපෑලෙන් යවපු වැදගත්ම ඩොකියුමන්ට් එකක් ලංකාවේ තැපෑලට භාරදෙනකම් tracking වලින් පෙන්නුවා.. ලංකාවේ ගොඩබාපු දවසේ ඉඳන් අද වෙනකල් ගෙදරට ගියේ නැහැ.. දැන් අවුරුදු තුනක්..හැක්..

      Delete
  28. කමී.. මේ ප්‍රශ්නේ මෙතනට ගෙනල්ල තියෙන්නේ අපේ මිනිස්සුමයි බන්.. කොන්ද දෙකට නවාගෙන සැලුන් දොරෙන් රිංගල ගිහින් දෙකට නැවිල වැඩ කරගන්නකොට නිලධාරීන් හිතන්නේ උන් තමා පොරවල් කියල.. උන් වැටුප් ගන්නේ ඇයි කියල හිතන්න තරම් ලොජික් එකක් තේරුම් ගන්න උන්ට මොලයක් නැහැ..

    එක්තරා අවුරුද්දක මටත් ඉන්න සිද්දවුනා අද්යාපන අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක දිග පෝලිමක.. පෝලිමේ එකින් එකා ඇතුලට ගිහින් වැඩේ කරන යද්දී පෝලිමට පිටිං එකෙක් ගියා ඇතුලට.. ඒ වෙද්දී මට ඉස්සරහින් හිටියේ තුන්දෙනයි.. ඒත් මට ඉස්සරහ හිටපු තුන්දෙනාම මීයෝ තුන්දෙනා වගේ හිටය මීක් සද්දයක් නැතුව. මට මේකට මලපැන්න පාර මම ඇතුලට ගිහින් ඇහුව මේ මිනිස්සු පෝලිමේ ඉද්දි මෙයා කොහොමද මෙතනට ආවේ කියල.. අදාළ පුද්ගලයා සහ ආයතනයේ සේවකයින් කිව්වා මෙයා අද්යාපන අමාත්‍යංශයේ වැඩ කරන නිසා සහ එයාට රාජකාරී වැඩකට එලියට යන්න තියන නිසා එයා ඇතුලට ආව කියල.. එතකොට මම කිව්වා එහෙනම් මම වැඩ කරන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිසා එයාට කලින් මට අවස්තාව දෙන්න කියල.. එතකොට උන්නැහේලාට කට උත්තර නැතිවුනා.. පස්සේ මම කට්ටියටම කන්වල ඇඟිලි ගහගන්න කියල දුන්න ethics කියල දෙයක් තියනවා තමුන්නාන්සේට රාජකාරී වැඩක් තියෙනවනම් පෝලිමේ උදේ ඉඳන් හිටගෙන ඉන්න මිනිස්සුන්ට කියල ආචාරශීලී විදිහට අවසර අරගෙන ඒ මිනිස්සුන්ගේ කාලයටත් ගරු කරලා තමුන්ගේ අවස්තාව ගන්න ඉගෙනගන්න කියල.

    තව අවස්තාවක මට පොලිසියට යන්නවුනා හැඳුනුම්පත අස්තානගතවීම සම්භන්ධව පැමිණිල්ලක් දාන්න. එවෙලාවේ පැමිණිලි කවුන්ටරේ සෙනග ටිකක් වැඩියි. ඇතුලෙන් වෙන පොලිස් උත්තමයෙක් ඇවිල්ල පිටිපස්සෙන් ඉන්න උදවියට කතා කරේ " ඔය පිටිපස්සේ ඉන්න අය එනවල මෙහාට.. බොලත් එනවා මෙතන බෙට්ට තදවුනාම" කියල. මම ඒ වෙලාවේම යුද්දය ප්‍රකාශ කරා පොලිසිය ඇතුලේ කියල බැලුවේ නෑ.. මම කිව්ව උන්දැට "මිස්ටර් කරුණාකරලා කතා කරන්න ඉගෙනගන්න බෙට්ට තදවුනාම යන්න අපේ ගෙවල්වල වැසිකිලි තියනවා කියල " උන්දැ අගේට නගුට පස්සපත්තේ ගහගෙන පැමිණිලි ටික සටහන් කරගත්ත අපූරුවට..

    සුද්ද රට දාල ගියාට අපේ එවුන් තාම ඉන්නේ වැඩවසම් ක්‍රමය ඇතුලේමයි කමී. උන් නිලධාරීන් ඉස්සරහ හැසිරෙන්නේ අවුරුද්ද කාලෙට රතිඥ්ඥ වලට බයේ බල්ලො හැංගෙන්න වගේ. ඒ පුරුද්දට නිලධාරීන් ඕනෑම කෙනෙකුට පුරුදු පාර්ට් එක දානවා. ඒ පාර්ට් බස්සන්න අපේ මිනිස්සුන්ගේ කොන්ද ශක්තිමත් මදියි. කට කැපුවත් කියන්න තියන දේ කෙලින් කියල දැන් මැරුවත් අසාධාරණේ ඉස්සරහ නැගී හිටින්න මිනිස්සුන්ට පෞරුෂත්වයක් නැහැ. ඉදිරිපරපුරට එහෙම පෞරුෂත්වයක් ඇතිකරන වැඩ පිලිවෙලක්වත් මේ අද්‍යාපන ක්‍රමය ඇතුලෙත් නැහැ.

    මමත් අවුරුදු දොළහක් රජයේ සේවයේ හිටිය කියල අමතක වෙනව බං නිතරම.. හැක්..

    ReplyDelete
  29. මේක දැක්කහම මට මතක් වුනේ නිලධාරීන් සහ දේශපාලකයින් ගැන අහපු ප්‍රශ්නෙකට අපේ රටේ සිටින ඉතාමත් දැනුමැති පරිසර විශේෂ්න්යවරියක් වන රමණි ඇල්ලේපොල මැතිනිය දීපු උත්තරයක්..... ඇගේ උත්තරය දේශපාලකයන් අපිට වැඩ කරන්ඩ දෙන්නේ නැතැයි නිලධාරීන් කියන විට මට මතක් වෙනවා.... එක පල්ලෙහා ලින්ක් එකෙන් බලන්ඩ පුළුවන්....

    https://youtu.be/O1QnxNcVhtI?list=PLfBsyQuofCIw4SZ827PFiU13S_DI6Ueez&t=6199

    ReplyDelete