Tuesday 15 August 2017

මැච් පැරදුනාට කොල්ලන්ට බනින්න එපා බං .. When the going gets tough

මැච් පැරදුනාට 
කොල්ලන්ට බනින්න එපා බං
අැති තරම් චාන්ස් දීලත්
ගහන්නෙ නෑ කියල ....
පව් බං පේන විදියට මහ එවුන්
උන්ගෙ වාසියට කොල්ලො ටික...
අතරමං කරල තියෙන්නෙ ...
ඔය කොයිතරම් චාන්ස් දුන්නත් පලපුරුද්ද තිබුනත් ...
දශම කාල් භාගයක හිඩසක් අැති
පිතිකරුවෙකුටනං තරඟය
සෙල්ලම් කරනව වෙනුවට
තරඟය නරඹන්න ...
මේව ඉතිං මෙහෙම කෙටියෙන්
විස්තර කරන්නත් අමාරුයි ...
හාල්පාරු මහ එවුන් කරන
ඔල්මොරොන්දන් වැඩ වලට
කොල්ලන්ටයි මැද්දෙදි
ගෙවන්න වෙන්න ...
බොරු කියන්න අවශ්‍ය නෑ
අපේ මොරාල් එක අන්තිම
අඩියෙ තමයි දැන් තියෙන්නෙ ...
ගහන එවුන්ගෙ වගේම බලන එවුන්ගෙත් බිංදුවට බැහැල කියුවත් වැරදි නෑ මයෙ හිතේ ...
අැතුලෙ ඉන්න
සමහර හාල්පාරුවන්ටනං ගානක් නෑ
අැයි උන් ගහන්නෙ
වෙන අමර ගැහිල්ලක්නෙ ...
ඔය එකෙක්වත් කොල්ලා ටික
වෙනවෙනම අරගෙන තනි තනියෙන්
කතා කරල තියෙනවද දන්නෙ නෑ ...
හරි පිළිවෙලකට කතාකරල තිබුනනං
ඔහොම වෙන්නෙත් නෑ ...
මැද්දෙදි උන්ට එන පීඩනය හඳුනාගෙන
එය තමන්ගෙ ඉනිමට වෙන බලපෑම
අවම කරගෙන පිත්ත හෝ පන්දුව
හසුරැවන විදිය විස්තර කරල ...
එහෙමත් නැතිනම්
පීඩනය අවම කරගෙන
දැනට වඩා පහසුවෙන්
ඉනිමක් ගොඩ නගන හැටි කියාදීල ...
ඒකට අවශ්‍ය කරුණු කාරණා
හොයල බලල ඔවදන් දෙන්න
ඔය ලක්‍ෂ කෝටි ගනන් පඩි ගන්න
පුහුණු කරුවන්ගෙ වගකීමක් ...
සමහර උන් ඕව දන්නවද
දන්නෙත් නෑ ...
දැනගෙන කෙරුවනං ඔහොම වෙන්නෙත් නෑ ...
මනස කියන එක
සෑම චිත්තක්‍ෂණයකම වෙනස්වන දෙයක් ...
ඒකත් එක්ක ගනුදෙනු කරන්න ඕන
මනස අැතුලෙන්ම මිස පිටින් නොවෙයි ....
මැද්දට බැට් කරන්න ගියාම
නැතිනම් බෝල් කරන්න ගියාම
අතෝරක් නැතිව මනස දුවනව ...
ඕක මෙල්ල කරගෙන
අපේ වැඩේ කරගන්නත්
ප්‍රයෝග අවශ්‍යයි ...
හැම දෙනාම එකට ඉඳගෙන
තනි රුස්වීමකින් විසඳන්න ...
හැම කේස් එකක්ම
එක වගේ නෑ ...
කණ්ඩායම් රුස්වීම්වලින් කරන්නෙ සැලසුම් ....
ඒ සැලසුම් සහ ප්‍රයෝග (tactics)
ක්‍රියාත්මක කරන විදි වගේ
දේවල් කතා කිරීමයි ...
සෑම කණ්ඩායම් සැලසුමක් අැතුලෙම
ඒ ඒ පුද්ගලයට අදාල තනි
සැලසුම් තියෙනව ...
කණ්ඩායම් සැලසුමට තම තමන්ගෙ
ඒක පුද්ගල සැලසුම් අනුගත කිරිම සඳහා
මග පෙන්වීම අවශ්‍යයි ...
කොපමන හැකියාව තිබුනත් පලපුරුද්ද තිබුනත්
ක්‍රීඩකයාගේ චරිතය (Character) තමයි හිර උන වෙලාවට ගොඩදාන්නෙ ....
සමහර පලපුරුදු ක්‍රීඩකයන්ටත් ....
අනීවාර්යෙන්ම නවක ක්‍රීඩකයන්ගෙත්
චරිත ගොඩනැගීම් වැදගත් ....
(Character building)
නමුත් කණ්ඩායම් රුස්වීමට එන එකා
රුස්වීමෙන් යන්නෙ තමන්ගෙ
ඒක පුද්ගල සැලැස්මෙත් ප්‍රශ්ණ අැතිවනං
ඒකාට අැති පීඩනය දෙගුණයක් ....
ඒ වගේ වෙලාවට කලබල නොවී
ලෙඩේ හොඳට හඳුනගෙන
ඒ ඒ ලෙඩේට අවශ්‍ය බෙහෙත් දීම අවශ්‍යයි ....
ලෙඩේ හඳුනගෙන හරි බෙහෙත දෙන්න හරි දාෙස්තර කෙනෙකුට පුළුවන් වගේම ....
හරි පුහුණුකරුවෙකුටත් එක එක ක්‍රීඩකයා හඳුනාගෙන ඔවුනට අවශ්‍ය මානසික තල්ලුව
දෙන්න පුළුවන් ...
නැතිනම් හැදාමත්
ඔය සෙල්ලමම තමයි ...
මේ සම්බන්ධය අැති කරගැනීමට
ක්‍රීඩකයා සහ පුහුණුකරු අතර අන්නෝන්‍ය
ගෞරවය හා විශ්වාසය තිබිය යුතුමයි ...
ගෞරවයක් නැතිනම් කොහොමද බං
විශ්වාස කරන්නෙ ...
විශ්වාසයක් නැතිනම් කොහොමද බං
ගෞරව කරන්නෙ ...
Trust - Respect ....
Respect - Trust ....
හාල්පාරුවො ටික නං
ගෙදර යා යුතුමයි ....
ඔය ඉතිං මට හිතෙන හැටි ....
අනේ අම්මාපල් ...
අපිත් අසරණයි මේ වෙලාවෙ අපිටවත්
අඩුම ගානෙ වචනෙකින්වත්
කොල්ලන්ට උදව්වක් දෙන්න බැරිවීම ගැන ...
- අතුල සමරසේකර

අතුල සමරසේකර කියන්නේ කවුද බං කියල අහන අපේ සමහර බ්ලොග් ජීනියස් ලගේ දැන ගැනීම පිණිස පහල කොටස cricinfo වෙබ් අඩවියෙන්..
Athula Samarasekera was an imposing figure; a strapping physique leant him the ability to play some commanding innings. With the bat in hand he was capable of powerful strikes and was a more than handy medium-pace bowler. Samarasekera made an inauspicious start to his career, scoring a duck on his one-day international debut. On his Test debut he matched the performance, being dismissed in the first innings for a duck. In the second innings he played a characteristically breezy innings making 57, punctuated by a number of boundaries. He completed a promising allround match capturing two wickets and taking two catches. Too often though Samarasekera was dismissed when he seemed set to dominate the bowling, a substantial score beckoning. When he did score it was well worth watching as he provided maximum entertainment with his aggressive style. Never able to fully establish a permanent position in the team, Samarasekera chose to end his international career by deciding to take up professional cricket in Bangladesh. 
Johann P Jayasekera

50 comments:

  1. අතුල සමරසේකරගේ රනප් එක වගේ කවියත්

    ReplyDelete
  2. අතුල සමරසේකරලගේ හොඳ කාලේ මැච් තිබ්බනං අපිට කියන්න වෙන්නේ ජයසූරියත් අතුල වගේ තමා ගහන්නේ කියල

    ReplyDelete
    Replies
    1. අන්නේකයි ..

      දැන් අතුල අයියා ඒ වගේම ගහනවා පෑනෙං.. සුපිරි!

      Delete
    2. අතුල සමරසේකර ක්‍රීඩකයෙක් වශයෙන් අසාර්ථක වුණත් කෝච් කෙනෙක් වශයෙන් සාර්ථක විය හැකි සෑහෙන විභවයක් තියෙන කෙනෙක්. ඔහුගේ කමියුනිකේශන් ස්කිල්ස් හොඳ වගෙයි. අවශ්‍ය වන්නේ කෝචින් වලට අදාල බේසික් ටෙක්නික්ස්වල සිට මැනැවින් හැදෑරීමයි. කමී ඔබ අතුල දන්නවානම් ඔහුට අප සුභ පැතුම් එක්කල බව කියන්න. කවියෙක් වශයෙන් ඔහු දක්ෂතා පෙන්වීමත් අගය කල යුතුයි.

      Delete
  3. අතුල සමරසේකරලා දැන් දැන් බොරුවට පොර ටෝක්ස් ඉශූ කරාට මෑන්ස්ට ටීම් එකේ ප්ලේස් එකක්වත් ලැබුණෙ නැති බුවෙක්. ටෙක්නික් අතින් නම් චොර, ස්ලොගර් කෙනෙක්. ඉස්සර ලෝකල් ටීම් වල හිටපු හොඳ බෝලර්ස්ලට ලෑල්ල තියල එකක් දාල මාරුවෙලා ලොඳ බෝලර්ස්ලට පොල් අඩි නෙලපු ගල් කපටි ඩෑල් එකක්. සමරෙ ටයිප් එකේ දැන් ඉන්න පොරක් තමයි බැටින් පැත්තෙන් සීක්කුගේ පෙසන්න පොල් අඩියා. හැබැයි සීක්කුවා සමරෙට වඩා හෑන්ඩ් අයි කෝඩිනේශන්, මේකින් කන්ටැක්ට් පැත්තෙන් සෑහෙන හොඳයි. මෑන්ස් බෝලින් වලින් නම් ටිකක් තිසර පෙරේරට ළඟින් යනව, එච්චරම කොලිටි නැතිවුණත් දිමුත් කරුණාරත්නගෙ වගෙ බෝලින් වලට සමානයි. නැචුරල් ඕෆ් කටර් ඇන්ඩ් සීම් බෝලින් තමයි ගොඩක්ම තිබ්බෙ. කොහොම වුණත් හොඳ ක්ලබ් ලෙවෙල් ප්ලේයර් කෙනෙක්. ලොඳ ටීම්වල දුර්වල බෝලර්ස්ලව නැත්තටම නැති කරා, පට්ට.

    ReplyDelete
    Replies
    1. හොඳ බෝලර්ස්ලට ලෑල්ල තියල එකක් දාල ලොඳ බෝලර්ස්ලට නෙලන එක තමයි බං හැම හොඳ බැටාම කරන්නේ.. සුවිසයිඩ් යන උන් ඇර.. හෙහ්.

      Delete
    2. හහ් හහ් හා, අනේ බන් උඹ දන්න ක්‍රිකට්, හිනස්සන්න එපා යකෝ ඔහොම. උඹ ක්‍රිකට් ඉගෙනගත්තෙ අතුල සමරෙ නැතන්ම් බෝල සමරෙගෙන්ද? හික්ස්.

      දැන් එතකොට බෝලර්ස්ලා සේරම (4+1 නැත්නම් 5 මෑන් ඇටෑක් එකකින්) හැන්ඩි විදිහට බෝල් කරොත් බොට ගහන්න වෙන්නේ අතේ තමයි. ලොලේ ලොල්.

      Delete
    3. හා මචං සොරි නොදන්නා දේවල් කියන්න ගියාට.. :)

      Delete
    4. ඔය ඉතින් උඹලට මුකුත් කියන්න බැහැ මළ පනිනව නෙව. කේන්ති ගන්න එපා බන්. ටේක් ඉට් ඊසි මෑන්.

      බැටිං වලදි අවශ්‍ය වෙන ටෙක්නික්ස් වගේම ගේම් ප්ලෑන් එක අනුව ස්ට්‍රැටජි එක සහ ටැක්ටික්ස් අවශ්‍ය පරිදි ගලපාගත යුතුයි. ඇග්‍රසිව් බැට්මන් කෙනෙක් උනත් බැටින් ස්ටන්ස්, ඔබ්සර්ව් ඇන්ඩ් ක්වික් ඩිසිශන්ස්, ප්‍රොපර් ශොට් සිලෙක්ශන් (බේසික් ශොට් 12 හොඳින් ටෙක්නිකලි කරෙක්ට් වීම වගේම ඇඩ්වාන්ස් ශොට්ස් ඇතුළු සැමදේ), ලයින් ලෙන්ත් කලින් ප්‍රෙඩික්ට් කිරීම් (බෝලර්ගේ සීම් පොසිෂන් එක, අතේ මූව්මන්ට්, පන්දුව එන මාවත/ ලයින් එක හොඳින් ෆලෝ කිරීම වගේ දේවල් ) සහ ෆුට් වර්ක් හරහා ඊට ඇජස් වීම වගේ ගොඩක් දේවල් තියෙනව, නිකන්ම අත දිග ඇරල බොටම් හෑන්ඩ් ස්ලොග් කිරීඑම විතරක් නෙවෙයි. බලපන් ආබ්‍රහම් බෙන්ශමින් ද විලියේ (ඩි විලියර්ස්) වගේ උන්, දැන් මේ සීරීස් එකේ පුජාරා/ රෙහෙනේ වගේ උන්ගෙ ක්ලැසික් ශොට්ස් බලපන්, (නුවන් ප්‍රදීප්ගේ පොඩි මිස්ටේක් එකකින් ලයින් එක චුට්ටට් වෙනස් වුණත් බෝලෙ බවුන්ඩ්‍රියෙන් එහා.) ඒ වගේම අන්තිම මැච් එකේ හර්දික් පාණ්ඩ්‍යා ගේ කැමියෝ එක තනිකර අපේ poor බෝලින් ස්ට්‍රැටජි නිසා.

      උදා: උබ අයි.පී.එල් බලනවනම් දකින්න ඇති පාණ්ඩ්‍යා නිතරම ගුඩ් ලෙන්ත් මිඩ්ල් ස්ටම්ප් ලයින් එක එන බෝල් වලට පලු යන්න නෙලන බව. ඉතින් අපේ උන් ටෙස්ට් කියල ඌට දැම්මෙම ගුඩ් ලෙන්ත්. අපේ මාලින්ද පුශ්පකුමාරයා එක ඕවරේක පිට පිටම ඉස්සරහට ගුඩ් ලෙන්ත් දාල දීපු හැටි බලපන්. (6x4) යකෝ මැතිව්ස්ල තරංගල (experienced seniour players) කට පුක වහන් ඉන්නෙ ඌට ලෙන්ත් එක පොඩ්ඩක් වෙනස් කරන්න කියපන්, ඒත් නැහැ. ලහිරු කුමාරගේ ලයින් ඇන්ඩ් ලෙන්ත් චොර. බලපන් ශමි අහමද්ගේ ලයින් ඇන්ඩ් ලෙන්ත්? යාදව් ලූස් ඩිලිවරි ගොඩක් දැම්මත් උගේ ස්පීඩ් එකත් එක්ක ආපු ලේට් ස්වින්ං එක ස්ට්‍රේට් එනකොට ඩෙඩ්ලි නේද?
      උඹෙත් අදහස් මේ ගැන කියන්න පුලුවන්නම් අගෙයි.

      Delete
    5. ේ නම් සුදීකයා ද මන්දා?

      Delete
    6. Hek...Hek.....Katussoooooo :) :)

      Delete
  4. Replies
    1. ඔහෙත් කිරිකැට් ගැන ඉන්ටරෙස්ට්ද හිටං :)

      Delete
  5. ඒවගේම මැච් පැරදුනාම කොල්ලන්ගේ දෙමව්පියන්ට බණින්නත් එපා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. බ්ලොග් ලියන අය දැනගතයුතු කාරණයක් තමයි බ්ලොග් ලෝකය කියන්නේ මෙවන් විශමතා පමණක් නොව තමන්ගේ දුර්වලතා සහ දුබලතා වසා ගැනීමට අන් අයට හැංගී පහරදිය හැකි තැනක් බව.

      Delete
    3. That’s because in their relentless, thoughtless, and undisciplined pursuit of their self-serving agendas, they’re quite willing to run over those whom they perceive as standing in their way.

      Delete
    4. අන් අයට හැංගී පහරදිය හැකි තැනක් බව....හැබෑට දැන් පිස්සෙක් වගේ හොයාගෙන ඇවිල්ලා කෙලියොත් එහෙම ඔහෙට වේදනාව පමණක් ඉතුරුවෙයි පිස්සු කියලා අංගොඩ යවලා උව හිරේ යවයි එතකොට ඔබට දැනෙන වෙනස සැපද ...

      Delete
    5. උදේ වරුවම බිසී වෙලා මේ ආතල් එක මිස් උනා හිටං

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. හිතවත් ඉයන්,

      මාතලන් විසින් මා විසින් ඔබගෙන් ඇසූ කමෙන්ට් එක මකා දමා ඇනෝ වසා දමා තිබෙනවා. මන් හිතන්නේ ඔබ සමග වලිදාගත් වෙනත් ඇනෝ කෙනෙක් නිසා විය යුතුයි. දැන් ඔය වලි ඇති ඉයන්. ඉවසීම ප්‍රගුණ කරන ලෙස දෙන්නගෙන්ම ඉල්ලනවා.

      කමී කැමති නම් මෙතන එම කමෙන්ට් එක නැවත දාන්නම්, අවුල් නම් මකා දැමුවත් කම් නැහැ.

      මේකයි මගේ පැනය;

      //හිතවත් ඉයන්,

      මේවනවිට රටේම ගර්හාවට ලක්ව ඇති වත්මන් අන්ත දූෂිත යහපාලන චෞර රෙජීමය යටතේ සිදුවූ ‘බැඳුම්කර සිද්ධිය වංචාවක් නම් එය ලූනු බිකක් තරම් යැයි’ කීවේ කැබිනට් ප‍්‍රකාශකයා ය. පහුගිය ආණ්ඩුවේ අන්ත දූෂිත රෙජීමයේ රාජපක්ෂවරුන් හොරු කියා කෑ ගසන වත්මන් විසුළු ජනපතිවරයාත් සෞඛ්‍ය ඇමති ඇතුළු ප්‍රබල ඇමතිවරුත් වසර 10ක් පුරාම රාජපක්ෂ වරුන්ගේ සපත්තු ලෙව කමින් එක හැලියේ බත් එකට හොරා කෑවේය. රාජපක්ෂලාගේ සපත්තු ලෙව කෑ කැ.ප්‍ර.ගේ දත් ගෙවී ගොස්ය. මහින්ද රාජපක්ෂගේ දෑසට වැලි ගසා හිටපු ධිවර අමාත්‍යවරයා ලෙස ලබාගත් අල්ලස් වලින් කෝටි දහසකට වඩා වටිනා ධිවර යාත්‍රා 8ක් මොහු සතුව බවට කියන චෝදනා ගැන සිදුවූ විමර්ෂන මොනවාද? මොදර ධිවර වරාය සොච්චම් මුදලකට බදු දෙමින් රජය කල අලාභය කෝටි දහසකට වැඩි බවට තවත් චෝදනාවකි. රෝගීන්ට දීම සදහා ආනයනය කරන බෙහෙත් වලින් ද කෝටිගනන් අල්ලස් ලබාගන්නා යහපාලන ආණ්ඩුවේ කම්බ හොරා ලෙසද හිටපු හොරුන් විලාප නගනු පෙනේ.

      ඇත්තෙන්ම ඉයන් මිලියන, බිලියන ගණන් යනු ලූනු බිකක් නම් ගෙඩියක් කිලෝ එකක් යනු කීයක් දැයි අප වැනි "හිඟන්නන්ට නම් සිතා ගන්නවත් නොහැකිය. මිලියන, බිලියන ගණනින් වන මූල්‍ය විශුද්ධිකරණ ද ඒ ආකාරයේම ලූනු බිකවල් බව නම් අප වටහාගත යුතුය.

      තවත් ඇමැතිවරයෙකු කියූ ආකාරයට හැම කාලෙකම රට පාලනය කළෝ හොරුය. හොරකම සහ දේශපාලනය වෙන් කළ නොහැකිය. එය ඇත්තක් විය හැකිය. එහෙත් හැම රටක්ම, හැම කාලයේම පාලනය කළේ හොරුන්ම පමණක් නොවන බව එතුමා නොදැන සිටිනවා නොවිය හැකිය.

      රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපෑම් කිරීමට සහ මැදිහත්වීමට වෘත්තීය සමිතිවලට කිසිම අයිතියක් නැතැයි කීවේ තම විශ්වවිද්‍යාල ශිෂ්‍ය අවධියේ කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරී නායකයකු ලෙස කටයුතු කළ පසුව සහචර ධනපති ආණ්ඩු කීපයක ඇමති ධුර දැරූ සහ තවමත් හොබවන ඇමැතිවරයෙකි.

      ඉන් පෙනී යන්නේ සමාජවාදී විප්ලවීය ව්‍යාපාරවල අත්පොතක් වූ ලෙනින්ගේ ‘‘කළ යුත්තේ කුමක්ද?’’ හිටපු කොමියුනිස්ට්වාදියා කියවා නැති සැටියකි. එය කියවූයේ නම් වෘත්තීය සමිතියක් වෘත්තීය සමිති විඥානයෙන් එහාට යා යුතු බවට වූ ලෙනින්ගේ තීසිසය ඔහුට මුණගැසෙන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම් ජාතික සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් මැදිහත් වීමට වෘත්තීය සමිතිවලට ඇති අයිතිය එතුමාට වැටහෙනු ඇත. අද මෙන්ම එදාත් අපූරු කොමියුනිස්ට්කාරයන් සිටි බවට නම් එතුමා කදිම නිදසුනකි.//

      Continue....

      Delete
    9. Cont'd...

      //ඉයන් මේ ප්‍රශ්නවලට ඔබේ පිළිතුරු මොනවාද?

      01. අධිකරණයට පෙර, අධිකරණ ක‍්‍රියාමාර්ගවලට පෙර අධිකරණ තීන්දු ප‍්‍රකාශ කරන ඇමතීන් හිඟ නැති රටක ස්වාධීන අධිකරණයක් කෙරෙහිවන ජනතා විශ්වාසයට කුමක්වේ ද?

      02. මැතිවරණ සිතියම දිගින් දිගටම අකුලා තැබීමට සැලසුම් සකස්කරන පසුබිමක ස්වාධීන මැතිවරණ කොමිසමක ස්වාධීනත්වය අදාළ වන්නේ රාජගිරියේ ගොඩනැගිල්ලකට පමණක් නම් ඉන් ඇති සමාජ පලය කුමක්ද?

      03. බිලියන, ටි‍්‍රලියන ගණනේ වන වංචා ලූනු බික් වෙද්දී කුසට ලූනු බිකක්වත් තරමේ අහරක් නැතිව නියංසායෙන් වේළුණු වැව් පතුල්වල ඕලූ_ නෙළුම් අල සොයමින් මහපොළොව හාරන කුස පිටට ඇලූණු ගැහැනු පිරිමින්ගේ, ළමා ළපටින්ගේ සෝ සුසුම්, උණ ගින්දරේ පැහෙන දරුවාට බෙහෙත් ටිකක් ගන්නට ගෙයි සන්තකේ සතයක් නැති තැන මන්නය උකසට තැබීමට සිදුවන දරු දුක දරා ගැනීමට බැරි පියවරුන්ගේ හැඬුම් නොඇසෙන ස්වාධීන මානව හිමිකම් කොමිෂන්වලින් ඇති පලය කුමක්ද?

      මේ සියලූ පූර්විකා සමගින් අප අවධානය යොමු කළ යුතු ප‍්‍රධාන ගැටලූවක් වේ. අපේ රටට මෙහෙම වුණේ ඇයි? යන්න ඒ ගැටලූවය. දිව්‍ය ලෝකය දක්වා වේගයෙන් වලාකුළු අතරින් ඉහළට නැග දිව්‍ය මන්දිර සමග තරග කොට ඒවා සියලූ වටවල දී පරාජය කළ හැකි ‘මොනැක් මන්දිර’ සහ ‘ඇකිලියන් මන්දිර’ තියෙන සහ හැදෙන රටක බඩ සායෙන් සහ රෝග පීඩාවන්ගෙන් දුක් විඳින දස ලක්ෂ ගණනින් වූ ජනකායක් හැදුණේ කොහොමද? එය එක අතකින් රටක් ලෙස අප අවමානයට පත්කරන එකකි. රාජ්‍යයක් ලෙස එහි අපරිණත බව ප‍්‍රකාශ වන්නකි.

      ආණ්ඩු ලෙස ඒවායේ අඥාන බව, වංචාකාරී බව මෙන්ම සහචර ජාවාරම්කාරී සහ පුද්ගල කේන්ද්‍රීය භාවිත හෙළිදරව් වන්නකි. මැතිවරණ වේදිකා තුළත්, පාර්ලිමේන්තුව තුළත්, පක්ෂ තුළ සහ අතරත් ආණ්ඩුපක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතරත්, සන්නිවේදන මාධ්‍ය තුළත් හොරු සහ හොරකම් පිළිබඳව සිදුවන දෛනික විවාද සහ එකිනෙක පාර්ශ්ව අතර සිදුවෙන චෝදනාවලින් පෙනී යන්නේ පාලකයන් සියල්ලම චෞරයන් බවය.

      මේ රාජ්‍යය චෞර රාජ්‍යයක් බවත් මේ රාජ්‍යයේ ආණ්ඩු චෞරයන්ගේ සහ උන්ගේ සහචර සට්ටැඹින්ගේ රජදහනක් වන ආණ්ඩු බවය. ඉතින් එවැනි ව්‍යුහ සහ පුද්ගලයන්ගෙන් අර ඉහත කී ආකාරයේ ජනයා වෙනුවෙන් පොදුජන සුබසෙත ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් හා සම නොවේද? කෙසේ වෙතත් ඊට පිළිතුරු සහ විසඳුමක් සොයා ගත යුතුමය. ඒ සඳහා, නිදහසින් පසු නවසිය හැත්තෑ ගණන්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ආසියානු මොඩලය ලෙස නම් දැරූ මේ රට, බොහෝ පාලන කාලවල චෞර රාජ්‍යයක් වුණේ මන්ද, එහි ආණ්ඩු චෞර ආණ්ඩු වූයේ මන්ද යන්න පිළිබඳව විමසීමක් කළ යුතුය. ම්ගේ අරමුණ වන්නේ එය ය. හැකිනම් මේ පිළිබඳව අවංකව අදහස් දක්වන්න.//

      (පිළිතුර මෙතන දෙන්න, මා නැවත මාතලන්ගේ බ්ලොගය බලන්නේ නැතිනිසා) - ඔබගේ බ්ලොගයේත් ඇනෝ වසාදමා තිබෙන නිසා එහි කමෙන්ට් කරන්නත් බැහැ.

      Delete
    10. සොරි ඩියර්.. මේ කාලේ කන සමනල් ඇනෝලාගේ සහ පුද්ගලිකව පහරගහන ඇනෝලාගේ පිම්පි වැඩ නිසා අකමැත්තෙන් වුව තාවකාලිකව මාත් ඇනෝ වැහුවා. ඒත් මේ වගේ කොමෙන්ට් බ්ලොක් කරන්න කිසිම උවමනාවක් නෑ. යම් හෙයකින් ඉයන් මීට පිලිතුරක් දී තිබුනොත් ඔබ වෙනුවෙන් ඇනෝ කමෙන්ට් කරන අවස්තාව යලි දෙන්නං කොමෙන්ට් මොඩිෆිකේශන් ඇතුව හෝ.. එතකල් එහෙම එකක් වෙනුවෙන් මහන්සි වෙන්න මේ දවස්වල වෙලාවක් නෑ. අගේන් සොරි.

      Delete
  6. දැන්වීමයි [ මුදල් ගෙවා ප්‍රචාරයකි ]

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුතුන් වන නාමල්, යෝෂිත යන අයගේ නමට රට පුරා ඉඩම් 21 ක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර
    දිසානායක මහතා පවසයි.

    ඔවුන් විසින් එලෙස ඉඩම් මිලදී ගනු ලැබු ඔප්පු අංක, මිලදී ගත් දිනය හා මිලදී ගනු ලැබූ මුදල පිළිබඳ තමා ළඟ නිවැරදි තොරතුරු ඇති බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

    මෙවැනි විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීමට මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

    මහජනයාගේ මුදල් මෙලෙස අවභාවිතා කරන පුද්ගලයින් රට වෙනුවෙන් වැඩ කරන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බවත් එමෙන්ම අධිකරණයෙන් ඔවුන් දඬුවම් නොලැබුවත් ජනතා අධිකරණය ඉදිරියේ දඬුවම් දිය හැකි බවත් රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

    ReplyDelete
    Replies
    1. අඩෝ ඇනෝ.. ඔන්න දැන්නීම එහෙමම පලකරනවා.. මුදල් ටික ඉක්කණට ගෙවපං හොඳ ඇනෝ වගේ..

      Delete
    2. සියළුම විස්තර සහිතව ඔබගේ ගිණුම් අංකය, බැංකුව නම, සිප් කෝඩ් එක සහ ඔබගේ හැඳුනුමපත් අංකය පැහැදිලිව සඳහන් කරන්න කොමිස් මුදල තැන්පත් කරන්න

      Delete
    3. යකෝ කොමිස් දෙන්නේ බිල ගෙව්වමනේ.. ඉස්සෙල්ලා දැන්වීම පල කරාට බිල ගෙවල හිටපම්.. :))

      Delete
  7. අයිසෙ කල්යාන ලොක්කෝ

    ලංකාවේ කි‍්‍රකට් තේරීම් කමිටුවේ ඉන්න ඉහළ නිළධාරියෙකු කණ්ඩායමට කී‍්‍රඩකයින් ඇතුලත් කිරීම සදහා තරග මුදලින් හරි අඩක්, ක‍්‍රීඩකයාගේ බිරිද හෝ පෙම්වතිය ඉල්ලා සිටින බව කණ්ඩායමෙන් කැපී සිටින ක‍්‍රීඩකයින් අනාවරණය කර ඇතැයි කටකතාවක් තිබෙන අතර මෙය සත්‍ය කතාවක් ද?

    ක්‍රීඩකයන් පවසන පරිදි එම ක්‍රිකට් නිලධාරියා කාන්තාවන්ට හා මුදල් සදහා දැඩි ලොල් කමක් ඇති ඔහු තරුණ ක‍්‍රීඩකයින්ගෙන් මෙම ඉල්ලීම සිදු කරන බවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් තොරතුරු ලබාගෙන ගොසිප් සයිට් වලිනුත් වාර්තා කර තුබුණා නේද? මේකේ ඇත්ත මොකක්ද?

    ReplyDelete
  8. බයි බයි ඇනෝ.. ඩීසන්ට් ඇනෝලාට ඉඩ දෙමින් කොමෙන්ට් මොඩරේට් කිරීමට අවකාශ ලැබෙන තුරු තාවකාලිකව සියලුම මකුණන් බ්ලොක් කරන ලදී. බ්ලොග් කමෙන්ට් වලට මුවාවී බ්ලොගර්ස් ලාට පුද්ගලිකව පහර ගැසීමේ ට්‍රෙන්ඩ් එකක් ඔබ්සර්ව් කල බැවින් මේ තීරණය අකමැත්තෙන් හෝ ක්‍රියාත්මක කල බව කරුණාවෙන් සලකන්න

    ReplyDelete
  9. බනින් එපා අපේ කොල්ලන්ට බනින් එපා
    ක්‍රිකට් පිටිය මේ අඳුරුව ඇත්තේ
    ටික කාලයකට පමණයි ............ තනුව ( බනින්එපා පොඩි දෝනිට ගහන්නෙපා .....)

    ReplyDelete
    Replies
    1. දුරුතු පෝයදා එංගලන්තයේ.. වඳින්න ගොස් අප එන ගමනේ..
      වළං මුට්ටි ටික පොඩි කර ගත්තේ.. ඕක ඔහොම කර ගන්නයි..// :)

      Delete
  10. අතුල ගේ පත්තරේ යන ලිපි කියවලා තියනව

    ReplyDelete
  11. නව නාවික හමුදාපති ලෙස ට්‍රැවිස් සින්නයියා පත් කරයි!

    වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඉල්ලා සිටි පරිදි ඔහුගේ නාවික හමුදාපති ධූරය තවත් දිගු නොකළ ජනාධිපතිවරයා නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.
    දවස් 2ක් තුළ ජාත්‍යන්තර මුහුදේ LTTE ආ‍යුධ නැව් 3ක් ගිල්වූ ට්‍රැවිස් සින්නයියාට, යහපාලනයෙන් සාධාරණය ඉෂ්ඨ වූ වගයි

    මහින්ද රාජපක්ෂ මැර පාලන සමයේ දේශපාලන පලිගැනීමට ලක්ව නාවික හමුදාවෙන් ඉවත්ව ගොස්, යහපාලන රජය විසින් නැවත සේවයේ පිහිටුවන ලද, වත්මන් නැගෙනහිර ආඥාපති හා නාවුක යාත්‍රා සමූහයට අණදෙන ධජ නිළධරයා වන රියර් අද්මිරල් ට්‍රැවිස් සින්නයියා.
    ඔබට ජාතියේ උත්තමාචාරය!
    Image may contain: 1 person
    9 Comments
    17 Shares

    ReplyDelete
    Replies
    1. ක්‍රිකෙට් වලට කොහෙමයි නාවික හමුදාපති සම්බන්ද උනේ

      Delete
  12. ක්‍රිකට් නවත්තල දැන් අවුරුදු 7-8 ක් වෙනවා, කොහොමත් මම මෙහෙ වින්ටර් එක ආපුවහම ක්‍රිකට් වෙනුවට ආපහු ජිල් බෝල ගහන්නයි බට්ටො පනින්නයි හිතාගෙන ඉන්නේ :-D

    ඒ අස්සේම මේ ලඟදි ඉන්දියන්කාරයෙක් මගෙන් ඇහුව මං ක්‍රිකට් බලන එක නැවැත්තුවේ අපි ඉන්දියාවට පරදින හන්දද කියල ?

    මම කිව්වා නැහැ අත ඇරලා දැම්මෙ ඉන්දියන්කාරයොයි පකිස්තාන්කාරයොයි එකතුවෙලා මැච් ෆික්ස් කරන්න ගත්තට පස්සෙ කියල. මිනිහ කට පියා ගත්ත :)

    ReplyDelete
    Replies
    1. උබගේ ඒ උත්ටරේට කටට ගල් කාලක් වක් කරන්න ඕනේ

      Delete
    2. ගල් කාලට තැන්කූ හොඳේ, ආපු වෙලාවක එනවා සෙට් වෙලා වග කියන්න :-)

      මේ කන කෑම දැක්කහම වෙන මොනවා කියන්නද බං ... ඌව බයිට් කරන්න කිව්වට අපි ක්‍රිකට් විතරක් නෙමෙයි බං රටක් විදිහටත් වැටිලා තියන තැන දැක්කහම දුකයි !

      Delete
  13. දන්නේ නැති දේවල් වලට කොමෙන්ට් දාන්න යන්නේ නැහැ. ක්‍රිකට් හදා ගන්න ක්‍රිකට් ලෝලියෝ පෙරමුණ ගත්ත නම් හොඳයි. ක්‍රිකට් ලෝලීන්ගේ සංගමය වගේ එකක් හදල. වෙන පරාජයන් දැක්කාම දුකත් හිතුන.

    ReplyDelete