Wednesday 30 August 2017

පියඹා එනවා ප්‍රේම කුරුල්ලා.. සත්නපුරේදී කූඩු තනන්ටා.. බ්ලොග් වසන්තය 2 'සම්මාන සාදය'ට ඔබ සුදානම්ද? Join the party of Bolg Wasanthaya 2017

මට අමුතුවෙන් කියන්න දේකුත් නෑ.. දැන් හැමෝම වගේ දන්නවා.. ඉන්දික පෝස්ට් එකකුත් දාල participantsලට register වෙන්න සිස්ටම් එකකුත් හදල බ්ලොග් වසන්තය ෆේස්බුක් පේජ් එකේ pin කරලත් තිබුනනේ.. ඊට අමතරව ෆේස් බුක් ගෘප් චැට් එකකුත් යනවා බරසාරේට..

එනිවේ.. දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ..

දිනය- 2017.09.03 ඉරිදා
ස්ථානය- Hotel Sapthapadi, හිදැල්ලන, රත්නපුර.
වේලාව- පෙරවරු 10.00 පැයේ සිට

වසන්ත මාසය පුරා ඇති මහත් උද්යෝගයකින් බ්ලොග් රචක රචිකවියන් විශාල පිරිසකගේ සක්‍රිය දායකත්වයෙන් පැවති පාඨක ඡන්ද විමසීමෙන් හා සංවිධායක මණ්ඩලයේ අවසන් විනිශ්චයෙන් පසුව ජනප්‍රියම බ්ලොග් රචකයින් ලෙස.. 

අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිදාන
සොඳුරු අතීතයෙන් බිඳක් ලියන කිර්ති කුලසේකර
යාන්හෑල්ල ලියන රංජිත් සුරංග ලියනගේ

ජනප්‍රියම ප්‍රතිචාර දක්වන්නන් ලෙස..

අටම්පහුර නමින් ප්‍රතිචාර දක්වන ලක්මාල් කන්දෙවිදාන
දුමී නමින් කවි ප්‍රතිචාර (බොහෝවිට) දක්වන දුමින්ද අබේසේකර
Praසන්ள නමින් ප්‍රතිචාර දක්වන චම්පික ප්‍රසන්න

මෙවර සම්මාන ජයග්‍රහණය කර තිබෙනවා. ඊට අමතරව 2016 හා 2017 වසරවල බ්ලොග් වසන්ත සමය ඒකාලෝක කරමින් අදාල කාලය පුරා වසන්ත උන්මාදය නොකඩවා පවත්වා ගැනීම සඳහා නොමසුරුව සිය කාලය හා ශ්‍රමය කැප කරමින් වැඩිම ලිපි ප්‍රමාණයක් බ්ලොග් වසන්ත වේදිකාවට තිලින කිරීම වෙනුවෙන් ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන දෙකක් මෙවර පිරිනැමීමට බ්ලොග් වසන්තය ප්‍රධාන සංවිධායක වරුන් වන දුෂාන් හා ඉන්දික තීරණය කොට තිබෙනවා.. ඒ සම්මාන දෙක මෙවර හිමිවන්නේ..

රසිකලොජි ලියන රසික හරිස්චන්ද්‍ර සූරියආරච්චි 
දම්පාට දේදුන්න ලියන ජීවන ෆර්නැන්ඩු
සම්මාන templates - වැරද්දක් තියෙනවා හොයාගත්තොත් කමෙන්ට් කරන්න.. 
මෙවර බ්ලොග් වසන්තය සම්මාන සාදය මෙවන් උත්කර්ෂවත් අයුරින් තරු පන්තියේ හෝටලයක දවස පුරා පැවැත්වීමට අවකාශ ලැබීමේ පුර්ණ ගෞරවය එම ස්ථානය හා සහභාගීවන සියලු දෙනාට දිවා ආහාරය ඇතුළු ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමේ කටයුත්ත ඉමහත් කැමැත්තෙන් බාරගත් සප්තපාදී හෝටලයේ අධිපතිතුමන්ට හිමිවිය යුතුයි. (ඔහු කවුදැයි හැමෝම දන්නවා ඇතැයි සිතනවා)

ඉතිං රත්නපුරේ ගමන එහෙම පිටින්ම මංගල්‍යයක් කර ගන්න හිතාන කොළඹ ඉඳන් රත්නපුරේට යන්න සහ ආපසු එන්න ආසන 29 ක බස් රථයක් සුදානම් කරලා තියෙනවා. එම බස් රථය 3 වෙනි ඉරිදා උදේ 7.00 ට පිටකොටුවෙන් (කොටුව ස්ටේෂන් එක හෝ ලේක්හවුස් ඉදිරිපිටින්- සැමට පහසු පරිදි) පිටත්වී නුගේගොඩ, මහරගම හෝමාගම මීපේ ඉංගිරිය හරහා රත්නපුරට පෙරවරු 10.00 ට පෙර ලඟා වීමට බලාපොරොත්තු වෙනවා. නැවත සවස තුනට පමණ රත්නපුරෙන් පිටත්වී එම මාර්ගයේම (හෝ අවිස්සාවේල්ල හරහා- පහසු පරිදි) කොළඹට පැමිණීමට හැකියි.

දැනට 30 දෙනෙකුට අසන්න බ්ලොග් රචක රචිකාවියන් හා ඔවුන්ගේ භාර්යාවන්/ ස්වාමිපුරුෂයින් 03 වෙනිදා සප්තපාදීයට එකතුවෙන බව ස්ථිර කර තිබෙනවා. එයින් 16 දෙනෙකු බස් රථයේ ඉඩ ඉල්ලා තිබෙනවා. ඉතින් එදිනට බ්ලොග් වසන්තයේ සම්මාන සාදය හා එක්ව හිතමිතුරු බ්ලොග් සහෘදයින් හා සාමිචියේ යෙදී ගීතයක නැටුමක හා සප්තපාදීයේ රසමුසු ආහාරවේලක රස විඳ ගැනීමට ඔබත් එක්වන්න..

හෙට දිනයේදී අපි අවසාන වශයෙන් සහභාගී වන ප්‍රමාණය නිවැරදිව හෝටල් කළමනාකාරිත්වයට දැන්විය යුතුයි. එම නිසා ඉන් පෙර ඔබේ සහභාගිත්වය තහවුරු කරන්න කාරුණික වන්න.. එසේම ඔබ යොදවා ඇති බස් රථයෙන් ගමන් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ බව හා බස් රථයට ගොඩවීමට බලාපොරොත්තු වන ස්ථානය දැනුම් දෙන්න. ඒ සඳහා මෙහි සටහනක් තැබීම හෝ මගේ පුද්ගලික ජංගම දුරකතනයට ඇමතුමක් දීම සෑහේ..

යම් අයෙකුට විශේෂ ආරාධනයක් කිරීමට අවශ්‍යනම් ඒ බව සඳහන් කරන්න. එසේම ඔබේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න. එන්න.. බ්ලොග් වසන්තය 2- සම්මාන සාදය ජයග්‍රාහිව සැමරීමට සියලු දෙනා එක්වන්න..

ස්තුතියි!

121 comments:

  1. Replies
    1. උඹ යන්න එපා

      Delete
    2. පිස්සුද, අපි යයි ඕවට.

      Delete
    3. මං යන්නෙත් නෑ බං .. 😃😃

      Delete
  2. ජයග්‍රාහී සියලු දෙනාටම ජය වේවා !!!! ඒ වගේම සියලු වැඩ කටයුතු සාර්තක වේවායි පතමි.... (හොද සොමියක් ගන්ඩල හොදේ..)

    ReplyDelete
  3. හෑව් එ ජොලි ගුඩ් ටයිම් ගයිස්!!!

    (මට නම් දැන් බ්ලොග් හේමන්තය උදාවෙලා, බ්ලොග් එක හේබාලා ගිහින්).

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිය අප්ඩේට් වෙන්නැති එක නම් ලෝක ලෙඩක්..

      Delete
  4. කවුද බොල මගේ ன යන්න ගලෝල ள යන්නක් දාපු එකා. හැක්..

    ReplyDelete
    Replies
    1. කවුල කියල දල්ලෙ ලෑ අලේ ප්‍රසල්ල!

      Delete
    2. ඒ අකුරු දෙකක් ද බං? දෙවෙනි අකුර මොකක්ද එතකොට?

      Delete
    3. හුකා.. මං හිතුව රසිකට දිව හැපිලා කියල .. ඒක හදන්න තේරෙන්නේත් නෑ ඕයි..

      Delete
    4. ඔන්නොහෙ තිබ්බාවෙ.

      Delete
    5. උඹේ නම හරියට ලියන්න ග්‍රැෆික් එක හදපු එකා වෙනම දෙමළ කෝස් එකකට යැව්වා. ඌ රුපියල් 1000ක් වැඩියෙන් චාර්ජ් කලා දෙමළ අකුරට.උගෙන් රු 100ක් විතර කපන්න ඕනෙ වැරදි අකුරක් දැම්මට.

      Delete
  5. සම්මාන templates -

    ලොකු කරෙක්ෂන් එකක්-

    ජීවන ප්‍රනාන්දු ගේ බ්ලොගය ලෙස ලියවී ඇත්තේ වැරදි නමකි.


    පොඩි කරෙක්ෂන් දෙකක්-
    (ලොකු අවුලක් නැත!)-

    1. මගේ වාසගම - සූරියආරච්චි
    2. මගේ බ්ලොගය - රසිකොලොජි

    :-)

    ReplyDelete
    Replies
    1. ලොකු වැරැද්ද නම් අපි හැදුවා.. පොඩි ඒත් වැදගත් වැරදි දෙක හදන්න පරක්කු වැඩිද මංදා :(

      Delete
    2. නමේ අවුල් දෙක හදන්න පෙඅමාද වැඩියි. අපි කියනකොට සම්මාන ප්‍රින්ට් කරලා ඉවරයි.....

      Delete
  6. ජීවනය කොහෙද බොල රසිකලොජි යක් ලියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙම කොමෙන්ටුව ටයිප් කරන විට රසිකගේ ඉහත කොමෙන්ටුව නොතිබූ බව සලකන්න.

      Delete
    2. හා එහෙලල් සලකල්ලල් කො, ප්‍රසල්ල!

      Delete
    3. ඒකනේ බං. බලපල්ලා මුං. වැඩක් කරොත් ඔහොමමයි :)

      Delete
  7. මම බස් රථයට ගොඩවන ස්ථානය ලෙස බස් රථයේ දොරටුව තෝරාගන්නා බවට මෙයින් සන්විධායක මණ්ඩලය වෙත දන්වා සිටිමි...

    ReplyDelete
    Replies
    1. ජනේලයකින් බහිමු නේ..!!!

      Delete
    2. හදිසි දොරටුවද නැත්තං රියැදුරු දොරටුව ද?

      Delete
    3. ඊස් ඇට් මාතලං ගේ (අනා)වැකියක් බොරු කිරීමට දොරක් නැති බස් රතයක් සොයමින් :)))

      Delete
  8. අටං සොදුරු යාන්
    අටං දුමී
    රසික ජීවන්
    සුභ පතනවා ආදරයෙන්

    ReplyDelete
    Replies
    1. Prasanna ta සුභ පතන්නේ නැද්ද? :))

      Delete
    2. සමාව බාජනය කරත්වා.... ප්‍රසන්න අයියෙ ඔබටත් ඉතසිතින් සුබ පැතුම් එක් කරනවා....සදා ජය...
      ප.ස. චූටි අත්වැරැද්දක් කමී

      Delete
    3. ගණං ගන්න එපා මල්ලි.
      ස්තුතියි.

      Delete
    4. ස්තූතියි වැව්.

      ජයවේවා!!!

      Delete
  9. ජයවේවා. අර බස් එකේ යන සොමි ගමනට එන්න තිබුන නම් මරු. ඊළඟ සැරේ ඔය සප්තපාදියටත් ගොඩවෙලා යන්න ඕනේ. බ්ලොගර් ඩිස්කවුන්ට් එකක් හෙම තියනවද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් ඩිස්ක්ලේමර් එකක් නං තියෙනවා ලු..

      Delete
  10. ඕකට ඉන්නේ කර වෙච්චි කොණ්ඩ කුරුල්ල විතරද නැත්නං හම්පඩ ශාන්තත් එනවද?

    අපිට ඉතිං බුකි ගිණුම් නෑනේ එන එක කන්ෆර්ම් කරන්න.. ඔන්න ඔහේ ගෙදෙට්ට වෙලා එදාට ගල් බාගයක් ගහනවා ගෝලීප් එකකුත් එක්ක.

    හැමෝටම හොද ෆන් එකක් ලැබේවා කියා ඔබට මා පතනවා . හැක්

    ReplyDelete
    Replies
    1. උඹටයි මටයි දෙන්නටම කොහොමත් යන්න බෑනෙ දෙන්නම එකා කොට.

      Delete
    2. උඹ යනවනං මතක ඇතිව අර තංගල්ලේ මල්ලිව එක්ක පලයන්. ඌ හරිම සෝකෙන් ඉන්නේ.. හැක්

      Delete
    3. කවුද බං කරවෙච්චි ශාන්තයි හම්පඩ කුරුල්ලයි කියන්නේ O.o

      Delete
  11. හයියෝ! මේ සැරෙත් වැඩේ මිස් වෙන්ඩයි යන්නෙ බං.

    ReplyDelete
    Replies
    1. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය. හැක්..

      Delete
    2. නෑ නෑ... ඒ අපේ සංහිදියාව...

      Delete
    3. මිස්.. එහෙම කරන්න එපා.. ආ දැන් මිස් නෙවෙයි මිසිස් නේ..

      Delete
  12. ජයග්‍රාහකයින් හැමෝටම සුභපැතුම්... සහබාගී වීමට නොලැබීම ගැන කනගාටුයි...

    ReplyDelete
  13. ෆර්නැන්ඩු නෙවෙයි යකෝ, ප්‍රනාන්දු
    යටත් විජිතවාදය දේශීය කරණය කරලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හරි.. එදාට හරිම විදිය කතා කරගමු.

      Delete
  14. සියලු සම්මනලාභින්ට සුබ පැතුම්...!

    ReplyDelete
  15. ප්‍රසන්න අයියාත් කටවත් නෙකියම කප් එක ඉස්සුව නෙ.අවුලක් නැ ඔින්න අපෙන් සුබ පැතුම්....

    අලෙ යාන්හැල්ලෙ සුරංග අයියටත් අපෙ උණුසුම් සුබ පැතුම්...

    අටමිපහුරෙ අටංටත් අපෙ උණුසුම් සුබ පැතුම්...

    තවත් සමිමානලාබි සියලුම blog වාසි blog ඡිවින්ටත් අපෙන් සුබ පැතුම්....

    ප:ලි...කටිටියම කන්න ඔිනි බෙන්න ඔිනි.නියම ෆන් එකක් ගන්න ඔිනි....

    ඡයින් ඡයම වෙිවා...

    ReplyDelete
  16. සම්මාණවලට මොනවා වුනත් පැමිනෙන එවුන්ට හොඳ ආතල් එකක් ලැබේවායි සහ ගනීවා යැයි ඉත සිතින් ප්‍රාර්තනා කරමි!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ අයියා.. සම්මාන අවශේෂ සාදය තමයි එක.. :)

      Delete
  17. ජයග්‍රාහකයන්ට සුබපැතුම් .කස්ටියම හොඳ ෆන් එකක් ගනී.

    ReplyDelete
  18. ජයග්‍රාහකයින්ට උණුසුම් නැතත් ඉතින් සුභ පැතුම්. මාත් අනිවා එන්ඩ ආසාවෙන් හිටියත් 3,4 දවස් දෙකේ ඇල්ල පැත්තේ සංචාරය කරන්න යළුවො සෙට් එක ට්‍රිප් එකක් සෙට් කරලා. දැන් ඉතින් නොගියොත් උන්ගෙන් වසන්න හම්බෙන් නෑ. මොනා උනත් ඊළග වසන්ත්යේදීවත් සෙට් වෙන්න හැකි වේවායැයි පතමි.......ජයවේවා..............

    ReplyDelete
    Replies
    1. සෙහ්.. අපරාදේ රස්තියාදුවක් ගහන්න තිබ්බ චෑන්ස් එක..

      Delete
  19. හිඳැල්ලෙන කියද්දදි නිකං හුරු පුරුදු ගතියට දැනුන . . . සෑහෙන්න මහන්සි වෙලා මෙමොරි රිකෝල් කලාම තමා සෙට්වුනේ, කාට හරි මතකද හිඳැල්ලෙන ඇඩ්ඩ්‍රස් එකකට දුවපු මිතුරු සේවයක් තිබ්බ ඉස්සර ?

    ReplyDelete
    Replies
    1. මිතුරු සේවයක් කියන්නේ මොකක්ද අයියා? :))))

      Delete
  20. අඩේහ් නියමයි, නිවාඩුවක් දාලා යන්න හිතෙනවා අප්පා මේකට

    ReplyDelete
    Replies
    1. එහ්.. අපරාදේ කලිං ඇවිත් ගියේ නේ.. :)

      Delete
  21. Can't agree with the selections but anyway my best wishes!

    ReplyDelete
    Replies
    1. එනිවේ තැන්කියු බොස්! :))

      Delete
    2. Desha,

      No worries at all. that's why I said "my best wishes"

      Delete
    3. රවී
      මේ සම්මන කිසිම එකක් ජූරියකින් තීරණය කරපු සම්මාන නෙමෙයි. බ්ලොග් ලියන කියවන අයගේ චන්ද වලින් තෝරගත්ත ඒවා. ජනප්‍රිය කමෙන්ට් කරුවන් තෝරන එකට විතරක් සම චන්ද ගත්ත කීපදෙනෙක් හිටිය නිසා විවිද සාධක සලකලා ඒ අතරින් සුදුසු අය තෝරගන්න අවශ්‍යය උනා.

      Delete
    4. දුමී,

      මම දන්නව දුමී එහෙම අවුලක් නෑ..පාඨකයින්ගෙ වැඩි කැමැත්තට ඉඩ දෙන්ට එපාය...ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නෙ ඒකනෙ..මම කිව්වෙ මගෙ පෞද්ගලික අදහස...

      දැන් අපි උදාරණයක් ගත්තොත් 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල දිනුව තමයි. ඒත් මහින්ද හිතවාදීන් ඒ තීරණයට එකඟවෙන්නෙ නෑනෙ..ඒත් එයාලටත් අකමැත්තෙන් හරි වැඩි දෙනෙක්ගෙ තීරණය පිළිගන්ට වෙනව...මෙතනත් එහෙමයි...:)

      Delete
  22. හොඳින් සුවඳක් විසිරිලා දැන් පිපෙන්නට යයි මල් පියුම්
    වසන් තය යළි පමාවීහෝ බිනර මහ රඟදෙයි රැඟුම්
    හොඳින් ඒ දින පැවැත්වීමට ලැබෙයි පරිසරයෙන් වැණුම්
    ජයෙන් ජයගත් හැමදෙනාටම හදවතින්මයි සුභ පැතුම්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මට සම්මානයක් තියෙන්න විදිහක් නෑ.
      1. අටම්පහුර
      2. සාරස
      3. කොලඹ ගමයා
      පිළිවෙල නේද තිබ්බෙ.

      Delete
    2. කවියට ස්තූතිය.. දෙවෙනි කොමෙන්ට් එකට උත්තරේ පහලින්..

      Delete
  23. මේක වැරදි ප්‍රතිපලයක් , කලින් නැවත්තුව වෝට් එකේ ඡන්දත් එක්ක ගත්තහම තුන්වෙනියා සුරංග නෙමෙයි ඉයන්

    ReplyDelete
    Replies
    1. ඉන්දික උපශාන්ත ඔබේ අවධානය පිනිසයි

      Delete
    2. කමෙන්ට් එකත් වැරදියි
      සාරස සහ අජිත් තමයි කමෙන්ට් කාරයන්ගෙන් දෙක සහ තුන උනේ

      Delete
    3. ඡන්ද ටික හරියට ගැනලා ප්‍රතිපල නිකුත් කරපල්ලා ... කලින් එකේ ජන්දත් ගණන් ගන්නවා කියුවා

      Delete
  24. Replies
    1. දුමී සහ ලක්මාල් කන්දෙවිදාන මහත්වරුනි.. මේ පිලිබඳ ඔබේ අවදානයට මුලින්ම ස්තූතියි.
      ජනප්‍රියම බ්ලොග් රචක සම්මානය සඳහා සමස්ත ප්‍රථිපල අනුව තෙවෙනියට නිර්දේශ වූ ඉයන් මහතා කාරුණිකව සම්මාන ලැයිස්තුවෙන් නම ඉවත් කර ගත්තා. ජනප්‍රියම ප්‍රතිචාර සඳහා වූ සම්මානයන්ගෙන් සරස මහතා (තුමා) මින් පෙර කිහිප අවස්තාවකම බ්ලොග් හා සම්භන්ද කිසිදු සම්මානයක් ඔහු බාර නොගන්නා බව ප්‍රකාශ කර තිබූ අතර මේ වෙනුවෙන් ඔහුගේ අදහස් විමසීමට ඔහු ඇමතූ කිසිම විටක දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නෑ. එමනිසා ඔහු අදාල සම්මානය ප්‍රතික්ෂේප කල ලෙස සංවිධායක මණ්ඩලය තීරණය කරා. වෙනත් විශේෂ කරුණක් නිසා අජිත් ධර්මකීර්ති මහතා සම්මානය සඳහා නිර්දේශ නොකර සිටි අතර ඒ පිලිබඳව ඊ මේලයක් මඟින් ඔහුව දැනුවත් කල අතර ඔහු ඒ පිලිබඳව එකඟ වෙනවා නොඅනුමානයි. අපට ඉතුරු වී ඇති සීමිත කාලය හේතුවෙන් ඒ පිලිබඳව ඔහුව දැනුවත් කරන අතරතුරම ඊලඟට නිර්දේශිත නම් සඳහා සම්මාන සකස්කිරීම සිදු කෙරුනා. ඔබේ ගැටලු වලට සාධනීය පිළිතුරක් ලැබෙන්නට ඇතැයි සිතනවා.. ස්තූතියි!

      Delete
    2. හෑ //වෙනත් විශේෂ කරුණක් නිසා අජිත් ධර්මකීර්ති මහතා සම්මානය සඳහා නිර්දේශ නොකර සිටි අතර ඒ පිලිබඳව ඊ මේලයක් මඟින් ඔහුව දැනුවත් කල අතර ඔහු ඒ පිලිබඳව එකඟ වෙනවා නොඅනුමානයි.// ඔය ඊමේල් එක එව්වේ මගේ මැනේජර් ටද?
      මට සම්මානයක් තියනවා කියල දැනගත්තෙත් අදයි. ඒක නැතිවුණා කියල දැන ගත්තෙත් අයි. සුවිශේෂී දවසක්. :)
      වැඩේට ජයවේවා. කමිය කරනවා කියන්නේ වැඩේ ගොඩ.

      Delete
    3. හෑ.. මේල් එක හම්බ උනේ නැද්ද? හිටාං ආයේ බලන්න.. මං ඒත් බැලුව මොකද රිප්ලයි නැත්තේ කියලත්.. :(

      Delete
    4. මැනේජර් සුමිත් කියල කෙනෙක් නේ. එයාට යන්න ඇත්තේ. :) හේ හේ

      Delete
    5. අජියා
      උඹේ සම්මානේ ගැන කමියත් එක්ක බේර ගනින්. උඹ ඌට උඹේ පවර් ඔෆ් ඇටෝනි දීලා කියලා තියෙනවා කියලා තමයි ඌ කිව්වේ..... :)

      Delete
    6. කමියා එහෙම කිව්වා නම් හරියටම හරි. "කොළඹ ගමයා මාධ්‍ය ප්‍රකාශක" තනතුරත් දෙන්න හැදුවා .මූ ගත්තේ නැහැනේ. ෂික් බං උඹල අපිට ඇද්ද බාල්දි වලට පොඩි බාල්දියක් වත් අදින්න ගියා . ඒකත් දෙන්නේ නැහැනේ. හේ හේ :)

      Delete
    7. කවද්ද කියාන් අපි උඹට බාල්දි පෙරලුවේ....?

      Delete
  25. සම්මානලාභී සියලු දෙනාටම සුබ පැතුම් . එන්න වෙන්නෙ නැති එක ගැන දුකා..........යි

    ReplyDelete
    Replies
    1. දුකා ට එන්න වෙන්නෙත් නැතිලු.. 😃😃😃😃

      Delete
  26. මේ පාට හතේ ෆ්ලැග් එක දැම්මේ මොකද උඩ ? ලන්ඩන් වල නම් ඕව දාන්නේ වෙනමම ගෘප් එකක්.

    ReplyDelete
    Replies
    1. අම්මප? ඉන්දිකයා තමයි ඕක බ්ලොග් වසන්තයේ ෆේස්බුක් පේජ් එකේ කවර් ෆොටෝ එකට දාලා තිබ්බේ.. :)

      Delete
    2. ඇයි මනුස්සයෝ අර LGBT කට්ටියගේ flag එක දැක්කේ නැතෙයි . හේ හේ :)

      Delete
    3. ආ.. ඒකටනං මොකද බ්ලොග් වලත් ඔය වගේ ඈයෝ කොච්චර නං ඉන්නවද?

      Delete
    4. ඕක දැම්මෙ මම....අම්මපා ඔය කියනකං මේකෙ කොල පාට පටියක් තියෙනවා දැක්කෙ නෑනෙ....

      Delete
  27. වැරැද්ද හොයාගත්තා මගේ නම වැරදියි

    ReplyDelete
  28. සියළු දෙනාටම මගේ සුභ පැතුම්.කාන්තා බලකායෙ සද්දයක් නෑ නොවැ.කවුරු කවරුද එන්නේ.මට නං ඒමට හැක.ඒත්බ්ලොග් කාන්තා බලකාය ඉස්ටැයික් කරනවා නං මම එකෙන්ම ඔවුන්ට එක් වෙමිය

    ReplyDelete
    Replies
    1. පලයං යන්ට බොරු නොකියා.. නැන්දම්මා බනිනව කියල එන්ට බෑ කියුව නේද කලිම්ම.. අන්න ඒකට මම එරන්දි.. කවුරු ආවත් නැතත් මම එනවා කියල එක හිතිං ඉන්නේ.. සුරංගේ නෝනා ඇතුලු තව නෝනලා සැට් එකකුත් සබරේ ඇනෝ ඇතුලු තව බ්ලොගී ලා සැට් එකකුත් එන්න නියමිතයි ..

      Delete
  29. බ්ලොග් වසන්තය වෙනුවෙන් ගෙදරදොර වැඩ නොතකා, බඩට නොකා එක පිට එක ලිපි ලියමින් බ්ලොග් වසන්තය දම්පාට කල දේදුන්නේ දම්පාට ජීවන ෆර්නැන්ඩෝ මහතාට විශේෂ සම්මානයක් ලබාදීම වෙනුවෙන් සංවිධායක මණ්ඩලයට මාගේ විසේස ඉස්තූතිය. බ්ලොග් වසන්තයට ගුණාත්මකභාවයක් ලබාදීම වෙනුවෙන් දම්පාට දේදුන්නට මාගේ නොවක් (ඇද නැති) ඉස්තූතිය.

    ReplyDelete
    Replies
    1. එකපාරක් කිව්වනෙ යටත් විජිත වාදය දේශීයකරනය කරලා තියෙන්නෙ කියලා

      Delete
    2. ෆර්නැන්ඩෝ ෆර්නැන්ඩෝ එයත් ෆර්නැන්ඩෝ .. // :))))

      Delete
    3. ඇබාත් ගෙන්නනවද ?

      Delete
  30. එමි. බස් එකටත් එමි. කමි බොමි සැනසෙමි. යලට මහට බ්ලොග් ද ලියමි....

    ReplyDelete
    Replies
    1. බොන එක නං අල්ලපු සීට් එකා බොයි.. උඹ කාහං ඇති වෙන්න.. හැක්

      Delete
    2. බස් ලිස්ට් එකට ඕල්‍ රෙඩි ඇඩඩ්! :)

      Delete
  31. බ්ලොග් ලියන්නෙ පිරිමි පරාණ පමනක් බව මින් තහවුරු වේ....
    සුබ පැතුම් .....

    ReplyDelete
    Replies
    1. එහෙමද? එතකොට බ්ලොග් ලියන ගෑනු පරාන මඩේ හිටෝපු ඉනි වගේ කියල එහෙම මේකෙං තහවුරු වෙන්නේ නැද්ද චීට? :)))

      Delete
    2. නෑ.මොකද කියනව නම් ඒක මනුස්ස ස්වභාවයක්. සමහර අය එහෙමයි. ඒත් බ්ලොග් ලියන්නෙ නම් පිරිමි විතරයි වගේ පේනවා.

      Delete
    3. පුරුසාදිපත්තිය උපරිමෙං තියෙන තැනක්ද ඒ කියන්නේ බ්ලොග් අවකාසේ? :)))

      Delete
  32. සම්මාන යකාට ගියදෙන්, එන උන්ට එකෙන්ම හොඳ ආතල් එකක් ලැබේවායි පතමි! හැමදාම වගේ මේ පාරත් ඔය නම් වරද්දාගෙන, බ්ලොග් පටලවාගෙන එහෙම තියෙන්නේ... හැක හැක !!! හරි මල්ලි දැන් ගන්න බලන්න සම්මාන රාත්‍රියේ බජට් එක එහෙම :P

    ජයින් ජයම වේවා !!!

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ.. හැක් .. මටමනේ වෙන්නේ .. :))

      සම්මාන කියන්නේ සාදයට නිමිත්තක් විතරයි සර්! මටනම් මොනම සම්මානයක් වත් ඒ හැටි වටින්නේ නෑ ඒත් ඒ සම්මාන ප්‍රදානය කිරීමට උපරිම වටිනාකමක් දෙන්න මම ට්‍රයි කරනවා hope you'd understand the difference.. ඒක නිසාම මගේ සමහර විනිශ්චයන් harsh විදියට පේන බව මම දන්නව.. ඒත් මුන් මේවා ගැන මගෙන්මනේ අහන්නේ.. ඒකට මම මක්කැයි කරන්නේ.. මගේ තීරණ අහනකම් ඔය දේ වෙයි. And about budget and ano comments, මේ දැන් පොඩ්ඩකට කලින් දේශාගේ පෝස්ට් එකේ කවුද ඇනෝ කෙනෙක් කියල ඇති. :))))

      Delete
    2. සම්මානයට පාත්‍රවූ සියලුම බ්ලොග් රචකයන්ට මගේ සුභ පැතුම්. මගේ පියා සිටියානම් ඒවි. එදින පැවැත්වෙන සම්මාන රාත්‍රිය සාර්ථක වේවායි. පතමි
      විචාරක දියණිය

      Delete
    3. ස්තුතියි .. සම්මාන රාත්‍රියක් නෙවෙයි මේක සම්මාන පට්ට දවාලක්.. :))

      Delete
  33. ශඃ කලනයෝ..!! සම්මාන රාත්‍රිය හෝටලේ කෑම බීම කෙසේ වෙතත්, බස් ගමනට උබල එක්ක සෙට් වෙන්න තිබ්බනම් මරු කියල හිතෙනව.. 😪.

    කොහොම උනත් මේ සීන් එකට එන්ටර් වෙලා ඉන්න සපෝර්ට් එක දෙන සෙට් එක අනුව මේ මේ ඉවෙන්ට් එකට මගේ මනාපය ප්‍රකාශ කොරමි හිටං . ජය වේවා..!! හොඳේ..!!

    👍🏽👊🏽🤘🏽

    ReplyDelete
  34. සම්මාන ලබපු හැමෝටම සුබ පැතුම් .ඊලග අවුරුද්දෙවත් එන්න බලමුකෝ

    ReplyDelete