Thursday, 9 November 2017

අසමසම වීරත්වයක් ප්‍රකට කල ඒ පුංචි සගයා - An officer who fought with an extraordinary feat of bravery in the presence of death

අද නොවැම්බර් නවය.. නොවැම්බර් කියන්නෙ අමතක කරන්නම බැරි මාසයක්.. එයිනුත් නොවැම්බර් නවය..

මචං..

උඹ ගැන ලියන්න හැමදාම හිතාගෙන හිටියා.. ඒත් ඒකට හිත හයිය නෑ.. අද උදේ ගමයා ෂෙයාර් කරපු ෆොටෝ එක දැක්කම කරන්ට් එකක් වැදුනා වගේ.. අදනම් කොහොම හරි උඹට ලියනවා.. ඔව්..උඹ..

Hey, Cadet, Come here! What is your name?

I'm Cadet NGCD Jayathilaka NRX 1134 sir!

Which intake?

I'm from 28th Intake sir!

Oho.. bloody 28's ah? You fuckers are bloody too smart neh? You will have nice time when you come to fleet, right.. From where are you?

I'm from Kandy sir!

Kandy? which school?

Vidyartha College, Sir!

Aha.. You played Rugby?

Yes Sir! I played Rugby during my school days.

What? But you looks a bloody baby.. he hee.. okay.. carry on!

Aye Aye Sir!

ඔව්.. බේබි.. ඒක තමයි උඹේ කාඩ් එක.. උඹට තිබ්බේ හුරුබුහුටි පොඩි එකෙක්ගේ පෙනුමක්.. 'සේහ්.. බලපන් බං මූනේ රැවුල වැවෙන්නේ නෑනේ.. නිවාඩු ගියාම ඉස්කෝලේ යන කෙල්ලෙක් දිහාවත් බලන්න බෑ.. ඇයි මල්ලි කියල තග දානවානේ..' උඹ කේකේඑස් වෝර්ඩ් රූම් එකේ ඉඳන් එහෙම හිනාවෙවී කියනවා මට මැවිලා පේනවා..

ඒත් උඹ අපේ ඉන්ටේක් එකේ හිටපු මහා හුඟක් ලොකු එකෙක්.. ඒ උඹේ දැනුමෙන්, හැකියාවෙන්, නිර්භීතකමෙන්.. ඒ ඔක්කොමත් එක්ක උඹේ වැඩ වලින්.. ඒකමයි උඹට ගමයා 'සකලඥාන' කියල වෙනම කාඩ් එකකුත් ගැහුවේ.. ඔව්.. ඒ කාඩ්ඩෙක උඹට ලෙසටම ගැලපෙනවා.. කැඩෙට් ගන් රූම් එකේදී රෑට බඩගිනි උනාම රෙඩ් හාට් අයන් එක අනිත්පැත්ත ගහල ඒක උඩ රොටි පිච්චුවේ උඹ.. අපිට හිතා ගන්නවත් බැරි විදියට ඉස්තරම් විදියට අපේ පලවෙනි ගෙට් එක නුවර එලිෆන්ට් වෝක් එකේ ග්‍රෑන්ඩ් ස්ටයිල් එකෙන් ඇරෙන්ජ් කරේ උඹ.. මතකද හේමා ගේ අම්ම නැති වෙච්ච වෙලේ? මාවත් දාගෙන නුවර ඉඳල උඹල තාත්තගේ ඩෙලිකා එකේ පිඹගෙන ගිහිං හේමා රට ඉඳල එන්නත් කලින් එතන ඔක්කොම ඇරෙන්ජ් කරේ උඹ.. එතකොට විතාරණ යා මැරුණු වෙලේ.. හ්ම්ම්.. අන්න ඒ වෙලාවට අපි බේබිලා.. උඹ අපිට පෙනුනේ යෝධයෙක් වගේ..

උඹට මතකද දවසක් අපි 'සබ්ටෙක්' එකේ ජංගල් කෑම්පින් ගිහින් ඉන්නකොට වවුනියාවේ කැලේක.. අපි දෙන්න ඩියුටි.. අනිත් උන් රෙස්ට්..තලෙයිමන්නාරම මුහුදට උඩින් පායාගෙන ආපු හඳ කටු අකුල් අස්සෙන් අපි දෙන්න එකාට එකා පිට දීල වාඩි වෙලා හිටපු ග්‍රවුන්ඩ් ෂීට් එකටත් වැටිලා තිබුන....  හීතල තුවක්කු බඳට බරදීල හිටියට අපි එක එකාගේ පිටේ නහර දිගේ දුවන ලේ අනිකාගේ පිටට දැනෙද්දී අපිට හිතලක් දැනුනේ නෑ.. ඒත් මේ මදුරුවෝ.. උඹ දන්නවා මම හිටපු ගමන් දඟලන්නේ මදුරුවෙක් විද්දම කියල.. ඒ වගේම මේ මදුරුවෝ විදිල්ල මට ඇලජික් කියලත් උඹ දන්නවා.. උඹ හිමිට පහත්වෙලා කැමා එකේ සාක්කුවෙන් මදුරු කොයිල් කෑල්ලක් අරං අවා මුවාවට පත්තු කරලා ළඟ ගහක අත්තක එල්ලුවා.. ඊළඟට අනිත් සාක්කුවෙන් සිද්දාලේප කුප්පියක් අරං 'ඉඳා මේකෙන් ටිකක් අත්වලයි මුණෙයි ගා ගනිං' කියල මට දුන්න.. ඒ මහා රෑ කටු කැලේදීත් උඹ 'සුදානම්'.. අදටත්.. ඔව්..අදටත්.. ගහක අත්තකට උඩින් හඳ පායලා තියෙන වෙලාවට.. මදුරුවෙක් කොහෙන් හරි ඇවිත් මට උඹව මතක් කරලා දෙනවා..

වාහන ගැන, කොම්පියුටර් ගැන, ඉන්ටර්නෙට් ගැන, පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් ගැන, අලුත් ෆිල්ම්ස් ගැන විතරක් නෙවෙයි අලුත් වැල සයිට් එකක් ගැන උනත් අහගන්න අපිට මුලින්ම හිටියේ උඹ.. උඹ නිතර බිව්වේ වත් ගොඩක් බිව්වේ වත් නෑ.. උඹ වැඩියෙන්ම කරේ බීල පිස්සු කෙලින අපිව 'බැලන්ස්' කරපු එක.. අපි වෙනුවෙන්  එදාට මුහුදට ගිය එක.. ඒත් උඹට හිතුන දවසට ටිකක් බිව්වම උඹ පට්ට ආතල්.. එදාට උඹේ 'සකලඥාන' කම උතුරනවා..

අපි 2IC ල කාලේ 46 සීරිස් ඩෝරා කමාන්ඩ් කරේ හෙන 'පොරවල්'..  ඉතිං උඹට OIC කෙනෙක් වෙලා ටික දවසකිම්ම 46 සීරිස් ඩෝරා එකක් කමාන්ඩ් කරන්න හම්බ උනා කියුවම බැචා ල විදියට අපිට හෙන ගැම්ම.. අපි දන්නවානේ පොර කවුද කියල.. ඒ කියන්නේ 'ඉහළිනුත්' දැනගෙන ඉඳල තියෙනවා උඹ කවුද කියල..

ඔව්.. එදා 2006. නොවැම්බර් 09 වෙනිදා වෙනකම්ම අපි උඹ ගැන ඒ විදියට සතුටිං ආඩම්බර උනා.. එදා වෙච්චි දේ ගැන ලියන්න මම දැනගෙන හිටියේ නෑ මචං.. මේ ඒ ගැන වෙන තැනක වෙන එකෙක් ලියපු සටහනකින් කොටසක්..

(මම මේකේ 'පණ්ඩිත' සර් ගැන නොලියුවා නෙවෙයි.. උඹව මතක් වෙන හැම වෙලේම 'පණ්ඩිත' සර්වත් මතක්වෙන බව කියුවා කියපං.. )

"It was around 1500 hrs on 9th November 2006 P 416 & P461 – two fast attack craft commanded by Lt ONMR Panditharatne & Lt NGCD Jayatilake, RSP came ashore after an extensive sea patrol off the Eastern coast of Chalai. These Officers-In-Command of the two craft were renowned to be very dedicated, fearless and experienced Fast Attack Craft (FAC) Commanders. With a very high sense of duty and responsibility they instructed their crew to prepare the craft for sea to face any unforeseen and urgent eventuality, before they left the craft at one of the piers in the Kankasanthurai Naval harbour. 

No sooner they refreshed themselves and relaxed with two hot cups of tea at the wardroom, the ‘action alarm” prompted them back into their usual ‘sea rigs’, and off they bolted towards their Dvoras without delay. Having sailed and fought for the past many years they knew that every second mattered to the FAC that relieved them from patrol now at sea and involved in an ‘attack imminent’ situation. It was around 1630 hrs that P416 & P 461 joined the other FAC which were setting into battle formations to take on a cruising LTTE cluster of 10 – 12 attack craft and 03 suicide craft heading for KKS harbour from the then enemy held coast of Chalai. 

The two battle hardened crews of P416 & P461 took up stations in the battle formation and all SLN FAC decided to take on the enemy head on before they closed in on KKS harbour where few ships with essential cargo for humanitarian missions and some military cargo were lying. If the explosive laden – suicide craft broke through the Naval defence line and cruised into the Naval harbour all hell would have broken loose. Then the SLN craft, sticking to their primary classic role as the first line of defence of Sri Lanka, decided to open fire at the enemy craft coming at them in full swing with suicides lined up couple of meters behind them. It was the sea tigers’ usual strategy to cover their deadliest weapon – suicide craft, from the Naval gunfire until SLN craft are hit & stranded with less or no manoeuvrability, with few guns operating effectively, and then unleash their deadly suicide craft. This is a threat which no Navy in the world has ever encountered in an open Naval combat with any kind of Naval force in the entire Naval history recorded so far. 

In a Naval battle no commander of a vessel ever asks his comrade sailors to go forward, but  takes them forward with him. He keeps his head up always despite the deadliness of the volume of fire projected at him from the enemy's heavy & medium calibre machine guns. He takes decisions standing in the line of fire with the last protection of Armour on an unfriendly medium – water. More importantly he is the last to leave the craft when everything fails, or usually will take the noblest manner of death as a captain of a Naval Warship going down with the sinking vessel. Such was the fierceness of a Naval Battle the Sri Lanka Navy fought for the past 3 decades to liberate this country from the clutches of LTTE barbarism."

මේ යුද්දේ උඹලට අලුත් දෙයක් උනේ නෑ.. කොටිම්ම.. ලෝකේ කිසිම නෙවි එකක් 'සුවිසයිඩ් බෝට්ටු' එක්ක යුද්ධ කරලා නෑ.. ඒත් ඒකවත් උඹලට අපිට අලුත් දෙයක් වුනේ නෑ.. අපි ඉගෙනගෙන තිබුනේ කොල්ලෝ ඉස්සරහට දාල පස්සේ ඉඳන් 'ඕඩර්' දෙන්න නෙවෙයි.. කොල්ලෝ ටිකත් එක්ක ඉස්සරහට ගිහිං යුද්දෙට මුණ දෙන්න.. නැවේ ජූනියර්ම එකාටත් බොඩි ආමර් එක දාල ඉවර උනාම තමයි OIC බොඩි ආමර් එක දාගෙන්නේ.. උඹේ crew එක මෙච්චර උඹට ලෙන්ගතු උනේ උඹ උන්ගේ හැබෑ නායකයා වෙච්චි නිසා.. උන් දැනගෙන හිටියා 'සර්ගේ' එක නහරෙක හරි පණ තියෙනකං උඹ උන්ව රකිනවා කියල..උන්ට විතරක් නෙවෙයි.. උඹත් එක්ක එකට යුද්දෙට ගිය අනිත් ඕනෙම එකෙක් දැනගෙන හිටියා උඹේ අන්තිම හුස්ම ටික තියෙනකං උඹ උන් එකෙක්ව වත් තනි කරන්නේ නෑ කියල..

As the sun set in the Northern seas of Sri Lanka on that fateful day, many lives went down, making the supreme sacrifice for their motherland. Lt Mudeep Panditharathne, NRX 0954, was always an honourable Officer and died a Naval Officer’s noble death when P 416 settled down in the Davy Jones's Locker (Seabed) off Thondamanaru, KKS and Lt Chinthaka Jayathilake, Commanding P 461 showed sheer courage and comradeship by attacking the advancing enemy fleet in an extraordinary feat of bravery. P 461 along with its Commander and crew went down fiercely protecting P416 which had lost its controls and was moving at a very low speed.

Lt Chinthaka Jayathilake was born on 13 November 1976, into a family of six where he had one elder sister and two younger brothers. Chinthaka had his education at Vidyartha College, Kandy where he excelled as a keen sportsman and represented Vidyartha in Cricket. He joined the Navy on 04 August 1997 as an Officer Cadet of the 28th Intake of the Naval and Maritime Academy. He was known for honesty, comradeship and above all bravery both by his contemporaries and seniors as well.

These valiant Officers had one thing in common - they considered dignity was more precious than life. They fought for freedom, comradeship, pride and honour and by many means they were unmatched to many of us who are among the living today. Three long years have passed without their valuable companionship yet the beautiful memories of these true heroic sons of our time will be deeply cherished in the hearts and minds of the grateful people of Sri Lanka. 

Some gave all and all gave some
Some stood true for our land so true
And some had to fall…
When we always think of them 
Let us think of all our liberties
And recall
That some gave all… (Sir Billy Ray Cyrus)

Photo credit goes to Cdr (SBS) Chatura Gamage of SL Navy

උඹ ගැන අදත් ආඩම්බරයි මචං.. ඒත් සතුට කියන තැනට ලොකු දුකක් හිස් බවක් එකතු වෙලා.. වයස අවුරුදු තිහක් වෙන්න දවස් හතරකට කලින්.. කාලයක් තිස්සේ පෙරුම් පුරලා හොරෙන් ලව් කරලා අන්තිමේ ගෙදරින් කැමැත්ත ලැබිච්ච කෙල්ලගේ අත ගන්න වෙඩින් එකට දවසුත් දාගෙන ඉද්දි.. ශරීරෙන් පුංචි උඹ යෝධයෙක් වගේ මහා පිම්මකින් පස්සේ අපිව දාල ගියා.. 

එදා උතුරේ මුහුදේ වෙඩි හඬින් අකම්පාල වෙච්චි මහා රලගෙඩි ඇවිත් කන්කසන්තුරේ හාබර් එකේ ගල් වැටි දිගේ ඔළුව ගහ ගහ මහා හඬින් හඬා වැටුනා.. උඹව හඟ ගත්ත පේදුරුතුඩුවේ මුහුද අපේ ප්‍රශ්න වලට දෙන්න උත්තර නැතුව වගේ සදාකාලේටම ගොළු උනා.. උඹල අම්ම, තාත්තා.. අක්ක, මල්ලිල.. එතකොට අර අහිංසක කෙල්ල.. උන් පොළොවේ හැපී හැපී ඇඩුව උඹ මැරුණ කියල විශ්වාස නොකර..

ඒත් උඹ.. අපේ ආදරේ, හිතවත්කම්, නෑකම්, යාළුකම් වෙනුවට 'සදාකාලික වීරත්වය' තෝරගත්ත.. ඔව්.. මැරෙන බව දැන දැන.. මැරෙන බව දැන දැන.. උඹ.. යෝධයෙක් වගේ.. අපි හැමදාම දැකපු අර මහා පුරුෂයා වගේ.. කන්කසන්තුරේ වරාය එහෙම නැත්නම් උතුරු මුහුදේ අපේ ආධිපත්‍ය විනාශ කරන්න ආපු ඒ මිලේච්ඡ සතුරු බෝට්ටු ඉදිරියට ගියා.. එහෙම වීරකම් හැමෝටම කරන්න බෑ බං.. අපි උඹට ආදරේ ඒකයි..

උඹට ජය!

මම කල්ලා...




69 comments:

  1. උඹ අපිව අඬවනවා කමියා.....

    ReplyDelete
    Replies
    1. මාත් අමාරුවෙන් ලියුවේ මචං.. සංවේදී උනාට ස්තුතියි!

      Delete
  2. දැනෙනවා වැඩි වගේ.....
    අඩන්නම තමයි වෙන්නේ තව දිගට තිබ්බනං .....

    ReplyDelete
    Replies
    1. මාත් අමාරුවෙන් ලියුවේ සුටික්කෝ.. සංවේදී උනාට ස්තුතියි!

      Delete
  3. Replies
    1. ඔව්.. මහා හුඟක් දුකයි..

      Delete
  4. අයියෝ බං , මම fb එකේ මේක දකිද්දි මෙහෙම දුක් හිතෙන කතාවක් කියල දැනගෙන හිටියෙ නෑ. අපරාදෙ මම වගේ එකෙක් ඉපදුන දවසෙ මේ වගේ හොද එකෙක් යන්න ගිහින්.

    ReplyDelete
    Replies
    1. මට ඒක හිතුන.. උඹ මේ දේවල් වලට හුඟක් සංවේදියි කියල මං දන්නවා මචං..

      Delete
  5. කියන්ඩ වචන නෑ බන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. සංවේදී උනාට ස්තුතියි මචං!

      Delete
  6. හොද මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියන්නේ ඇත්ත වෙන්න ුඇති

    ReplyDelete
  7. හොද මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියන්නේ ඇත්ත වෙන්න ුඇති

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම වෙන්න ඇති..

      Delete
  8. පිස්සුවෙන් ඇණ කොටාගන්න පෘතජ්ජනයො අතරෙ හොද මිනිස්සු දුක් විදින්න තරම් පවි කරලා නැතිව ඇති..ඒකයි එයාලා ඉක්මනටම මේ ලෝකෙන් සමුගන්නේ..යුද්ද කාලේ මේ වගේ අත් දැකීම් ගොඩක් ලැබුනා..අදටත් පපුව බරට රැදුන මතක්වෙනකොට හිත හිරෙන මතක ඒ අතරෙ..මේකත් ඒ වගේ කියලා මට හිතෙනවා.ඒ උතුම් මිනිහා වෙනු⁣වෙන් මගෙ හිත හිරිවැටුනා..ඇස් දෙකට කදුලු පිරුන

    ReplyDelete
  9. පිස්සුවෙන් ඇණ කොටාගන්න පෘතජ්ජනයො අතරෙ හොද මිනිස්සු දුක් විදින්න තරම් පවි කරලා නැතිව ඇති..ඒකයි එයාලා ඉක්මනටම මේ ලෝකෙන් සමුගන්නේ..යුද්ද කාලේ මේ වගේ අත් දැකීම් ගොඩක් ලැබුනා..අදටත් පපුව බරට රැදුන මතක්වෙනකොට හිත හිරෙන මතක ඒ අතරෙ..මේකත් ඒ වගේ කියලා මට හිතෙනවා.ඒ උතුම් මිනිහා වෙනු⁣වෙන් මගෙ හිත හිරිවැටුනා..ඇස් දෙකට කදුලු පිරුන

    ReplyDelete
    Replies
    1. සංවේදී උනාට ස්තුතියි ප්‍රියංකා..

      Delete
  10. යාපනේ ගිය වෙලාවේ හසලක ගාමිණී වීරයා ගැන ඒ ස්මාරකය ළඟදි හදවතට දැනුන හිරිවැටීම මේක කියවද්දි මේ වීරයා ගැනත් දැනුනා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ මතක හිත හිරි වට්ටනවා..

      Delete
  11. අපට ළඟම මිතුරෙකු වෙන් වූවවිට
    හිතට දුකක් දැනෙනව සිහි කරනවිට
    ඇහැට කඳුළු නවතනු බැහැ සෙනේහෙට
    උඹට බනිණු බෑ අද මා හැඩෙව්වට.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නෙතට කඳුලැලි ගේන මතකය.. අවදි වී දින දිනක් ගානේ..
      සිතට සිතුවිලි කවි ගලද්දිත්.. හිත හිතා හිත හඬනවානේ..
      අතට නුහුරුය ඒත් කවි හිත.. කවි ලියන්නැයි කියනවානේ..
      හිතට දැනුනා දුමියො උඹෙ කව.. උඹත් මේ ගැන තැවෙනවානේ..

      Delete
  12. Those are the heroes who sacrificed everything for us to live. What we are doing with the life they gave us? They will live forever!!!!

    ReplyDelete
  13. Those are the heroes who sacrificed everything for us to live. What we are doing with the life they gave us? They will live forever!!!!

    ReplyDelete
  14. යුද්ද නොකරපු මටත් ලොකු දුකක් දැනුනා. මගේ ලොකු පුතාත් අද වගේ දවසක උපන්නේ. අදට අවුරුදු 35.

    ReplyDelete
    Replies
    1. ඔබේ ලොකු පුතාට සුභ උපන් දිනයක්! සංවේදී උනාට ස්තූතියි!

      Delete
  15. නියම රණ විරුවෝ !!!.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. ස්තූතියි මචං

      Delete
  16. ඔබේ පන දී අපේ පන රැක්කාට බොහොම පින් ජයතිලක විරුවාණෙනි.

    ReplyDelete
    Replies
    1. අගේ ඇති ඇගයීමට ස්තූතියි ඉයන් මහතාණෙනි!!

      Delete
  17. Thanks for the letter Kalana. You being one of the best among them; owes a big salute too. And thanks for opening the gate for ano comments again as well.

    ReplyDelete
    Replies
    1. My pleasure.. your wish (ano thing) sir! Very many thanks!

      Delete
  18. උදේ පාන්දරම ඇස්වලට කඳුළු ආව බන්. සිරා පොරක්!

    ReplyDelete
    Replies
    1. යෙප්.. සිරා පොරක්! සංවේදී උනාට ස්තුතියි මචං..

      Delete
  19. කඳුළු අතරින් අමාරුවෙන් කියෙවල ඉවර කලා... ;(
    උතුම් මිනිසෙක්...

    ReplyDelete
    Replies
    1. උතුම් ඇගයීමක්! සංවේදී උනාට ස්තුතියි !

      Delete
  20. මේ වගේ රටක් වටින කොල්ලො අපිට නැති වුනේ අපේ අවාසනාවට. ඌ එහෙ ගිහින් හොඳින් ඇති.

    ReplyDelete
    Replies
    1. ඌ අනිවා ගිය තැනක හොඳින් ඇති.. ස්තූතියි කසුනා..

      Delete
  21. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ... හරිම දුකයි... :'(

    ReplyDelete
    Replies
    1. සංවේදී උනාට ස්තූතියි නංගි..

      Delete
  22. “The King once said to me, 'Harold, you stand above all other men.' I said, 'No, Sire. I want nothing more than to stand shoulder to shoulder with my men. I am nothing without them.”
    ― Elizabeth Alder

    “we developed a firm, practical feeling of solidarity, which grew, on the battlefield, into the best thing that the war produced - comradeship in arms.”
    ― Erich Maria Remarque

    ReplyDelete
  23. නියමං කල්‍යාණ.

    අර ඉංගිරිසි එකේ තිබ්බ එකක් නං හිතටම වැදුනා.

    n a Naval battle no commander of a vessel ever asks his comrade sailors to go forward, but takes them forward with him.

    ReplyDelete
    Replies
    1. Yes they do machan.. and never leave the ship until last of his men leaves in any sort of emergency! Those are truely nobel comradeship!

      ස්තූතියි මචං!

      Delete
  24. මේකේ වෙච්ච වෙලාවේද කොටි අල්ල ගත්ත සේලර්ලාගේ මුණු රාවය පත්තරෝ දාලා තිබ්බේ. ඔය අනේක බෝට්ටුවේ OIC ද මගේ අත පනිනවා. අන්තිම වෙනකන් මම ඉන්නවා ඔයාලා යන්න කියලා සේලර්ලාට කියලා බෝට්ටුව එක්කම නැතිඋනේ? මට මතකදි ඉදිමිච්ච මුණ එක්ක එකේක ඇහැත් එක්ක බැන්ඩේජ් කරලා ඉන්නවා පොටෝ දෙකක් රාවයේ ඒ දවස් දාලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. යේස්.. ඒක තමයි.. 416 එක ඩිසේබල් උනාම ඒකෙ ඕ.අයි.සී. කොල්ලොන්ට වතුරට පැනලා බේරෙන්න පුළුවන් අයට බේරෙන්න කියල තිබුන.. ඒත් ඒ වෙනකොට වතුරට පනින්න බැරුව තුවාල වෙලා පණ ඇද ඇද හිටපු කොල්ලෝ කීපදෙනෙක් බෝට්ටුවේ ඉඳල තියෙනවා.. ඒක නිසා ඔහුත් බෝට්ටුවේ නතර වෙලා.. ඒක දන්නා නිසා තමයි 461 එකෙන් (චින්තක ගේ ඩෝරා එක) අන්තිම මොහොත වෙනකම් 416 එක ප්‍රොටෙක්ට් කරේ.. තව එකක්.. ඩෝරා එක ගිලෙන එක එකක්.. ඒත් ඒක ගිලෙන්න කලින් කොටි ඒකට නැග්ගොත් ඒක ලොකු කේස් එකක්.. මොකද ආයුද, කොමියුනිකේෂන් සෙට්, ඇමෝ, සහ අනිත් රේඩාර්, කැමරා, සෝනාර් වගේ හයි ටෙක් අයිටම් ඔක්කොම උන් ගලවගන්නවා.. ඒක පට්ට කේස් එකක්.. ඉතිං බෝට්ටුවේ එකෙකුට හරි පණ තිබුනොත් පොඩි SMG එකක් හරි තියාගෙන කොටි පණපිටින් ඩෝරා එකට ගොඩ වෙන එක වලක්වන්න වෙඩි තියෙනවා.. එහෙම නැත්නම් ළඟ තියෙන අනිත් ඩෝරා වලින් ඒක උපරිම ප්‍රොටෙක්ට් කරනවා.. අන්තිමේ ඇදගෙන ගොඩට ගෙන්න බැරි උනොත් අඩුම අපිම RPG එකක් ගහල හරි ගිල්ලලා තමයි එන්නේ.. ඔය පැනපු කොල්ලෝ දෙන්න එදා කොටි බෝට්ටුවලින් අල්ලාගෙන තිබ්බ.. ඒත් උන්ට 461 එක නිසා කිසිම බෝට්ටුවකට ගොඩ වෙන්න උනේ නෑ.. අන්තිමේ එකම දේ උන්ගේ සුවිසයිඩ් බෝට්ටු දෙකක් හප්පලා ඩෝරා දෙකම බ්ලාස්ට් කරලා.. උන්ගේ ප්‍රධාන අරමුණ වෙච්චි කන්කසන්තුරේ හාබර් එකට එනකං උන්ට එන්න බැරිඋනේ මේ සටන නිසා..

      උන් කන්කසන්තුරේ හාබර් එක කිට්ටුවට ආවානම් හාබර් එක ඉස්සරහා ඇන්කර් කරලා තියෙන ලොකු නැව් දෙකක තමයි මේ සුවිසයිඩ් බෝට්ටු හප්පන්නේ.. එහෙම වෙලා හාබර් මවුත් එකේ ලොකු නැවක් ගිල්ලුවනම් හාබර් ඔපරේෂන් සම්පුර්ණයෙන්ම නවතිනවා.. උන් හැමදාම ට්‍රයි කරේ ඒ දේ කරන්න.. එහෙම උනා නම් යුද්දේ කතාව මීට හුඟක් වෙනස් වෙනවා..

      Delete
    2. කලින් කියෙව්වට ප්‍රතිචාරයක් දමන්න වුනේ අදයි. හිතට හුඟක් දැනෙන්න ලියල තියනව කලින් ලිපි දෙක තුනේ වගේම.මේ වගේ යුධ බිමේ ඇත්තටම සිදුවුණ නිර්භීත ක්‍රියා ලියල ජාල ගත කරල තියෙන එකේ වටිනාකම එන්නේ පස්සට. චිත්‍රපටි හදන්න ඕනේ මේ මිනිස්සු වෙනුවෙන්.

      Delete
  25. මේ වගේ දේවල් තව තවත් ලියවෙන්න ඕනි.... දැන් හැමෝටම අමතක වෙලා ආරක්ෂක අංශ වල හිටපු කොල්ලො මොන තරම් කැපවීමක් කරාද කියල මේ රට ආරක්ශා කරන්න...

    ReplyDelete
  26. කළන ආපහු ලියන එක ගැන සතුටින් මේක කියවන්න ආවෙ. ඒ උනාට...

    ReplyDelete
  27. අනේ බන් උබ මොකෝ අනෝ ඇරියේ දැන් පඩත්තල කොල්ලෝ මේක වෙස මඩමක් කරගනියි
    පුදුම වැඩක් කියන්නේ පිටකහන් සෙට් එකේ එකේවත් මුකුත් තම කියලා නැති එක

    විරෝධාර කතා ලියලා අහවල්ලුවගේ යුද්ධය නම් විකුණගෙන කන්න එපා ලොක්කා

    යුද්ධයේ දී මියගිය නාදුනන සොල්දාදුවාට කරන නියම උපහාර නම් එයයි .....


    යුද්ධයේදී ඔහු මියයන්නත් ඔබ ජිවත් වෙනත් හේතුව මොකද්ද කියලා පැහැදිලි කලොත් ?????/


    ReplyDelete
    Replies
    1. ඇනෝ ඇරියේ මේ එක ජේෂ්ඨයෙකුගෙන් බේරෙන්න බැරි උනානේ බං.. ආයි හිමිං වහල දානවා.. අම්මප ඇනෝ වහල තියෙද්දී පුදුම සහනයක් තිබුනේ..

      ආ.. පොතක් ගහන්න හිතුනු දවසට උඹේ අවවාදේ මතක් කර ගන්නම්.. දැනට මේ බ්ලොග් පඩන්ගුවෙ ලියල නම් සත පහක දෙයක් හම්බවෙලා නෑ බං අතින් කයිට් වෙන තරමක් ඇරෙන්න..

      එතකොට යුද්දයේදී මියගිය අඳුනන සොල්දාදුවාට කොහොමද ගෞරව උපහාර කරන්නේ?

      අන්තිම එකට උත්තරේ නම් පැහැදිලියි නේ.. උන් යුද්ධ කරා.. මම (මග) ඇරියා.. ඔබට සතුටුයිද දැන් යාළුවා?

      Delete
    2. ඔබට සතුටුයිද දැන් යාළුවා?..... ඔවු බන් පට්ට සතුටුයි කියලා වැඩක් නැ උම්බලවගේ රණවිරු හිරලුවෝ තමයි දැන් යුද්ද ගැන පඩ ෂෝ දාන්නේ

      බ්ලොග් පඩන්ගුවෙ ලියල නම් සත පහක දෙයක් හම්බවෙලා නෑ බං.....හි හි එතකොට අර බජට් නැති අහවල් යායේ සම්මාන ලි කෙලියදී සියඹලා තිබුනෙම නෑ නේද ගොරකා විතරමයි නේද උම්බලට තිබුනේ රාධා නෝනාගෙ රුකඩ උඹලා ! උඹ බබා මොකුත් දන්නේ නෑ

      මියගිය අඳුනන සොල්දාදුවාට කොහොමද ගෞරව උපහාර කරන්නේ?.....
      පාරේ යන වල් බල්ලන්ට කන්න අරන් දීලා මියගිය අඳුනන සොල්දාදුවාට පින් අනුමෝදන් කරපන්. අඩුම ගානේ උන්ට පින්වත් ලැබෙයි අකාලයේ මිය නොයන්න එහෙම නැතිව බයිලා ලියලා නොවෙයි

      Delete
    3. සුමිත් පින් උඹටත් ඇනෝ ඇරියාට . මොකද මේවාගේ වේලෙන හිපාටුවන්ට හරියට පිනට ගොනෙක් සෙට්කෙරා වගේනේ.පින අඹට එපා කියලා උන්ටම අන්මෝදන් කරපන්.

      Delete
    4. @ Anonymous14 November 2017 at 15:09 හා මචං එහෙම කරන්නං..

      @ Udara - සාදු සාදු සා....දු.. :)))))))

      Delete
  28. කල්‍යාණ මිත්‍රත්වය වෙනුවෙන් ලියවුන වීරත්වයේ කතන්දරය. අතිශය සවේදී සටහනක් .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ස්තුතියි විචාරක දියණිය..

      Delete
  29. රණවිරුවෙක් සහ ස්මාට් මනුස්සයෙක්

    ReplyDelete
  30. ඇයි අඹ P495 , 2001 April 21 සිද්ධිය ගැන ලියන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ආ.. මං එහෙම සීරිස් එහෙකුත් ලියාගෙන ආව නේ.. දැන් බං මතක් උනේ.. :)))

      Delete
  31. දරාගන්න අමාරු ලිපියක්. මම පෞද්ගලිකව අකමැතියි යුද්ධය ගැන ,ඊටත් වඩා ඒකෙන් නැති වුණ හමුදා නිලධාරීන් ගැන කියවන්න. නොදන්න හේතුවක් නිසා නාවික හමුදාව ගැන මේ වගේ කියවන්න වඩා අකමැතියි. හේතුව මට කඳුලු එනවා.
    ඒත් මම කියෙව්වා මේ පෝස්ට් එක. දරාගන්න අමාරුයි.

    ReplyDelete