Thursday, 18 January 2018

ඩබල්ලේ උඩුවෙල! Deep down the memory lane..

ඉස්කෝලේ කතාවක්ද සුනාමි කතාවක්ද මොකක්ද මංදා.. මොකක් උනත් අම්බලන්ගොඩයාගෙන් එහෙම මෙහෙම කතන්දර අහන්න බෑනේ.. ඒක නිසා ඔන්නොහෙ ලියනවා.. මේකේ මුලක් මැදක් අගක් නෑ.. එහෙම එකක් ගැන මගෙන් අහන්නත් එපා..

ඒ 1988 අවුරුද්ද.. මම මහා විද්‍යාලෙට ආවේ ජනවාරි 18 වෙනිදා.. මම එනකොට පන්ති බෙදල.. මාව දාල තිබ්බේ A පංතියට.. හැබැයි එහෙම ඉන්න උනේ බොහොම ටික දවසයි.. අපිව කඩල දැම්මනේ D පංතිය හෙවත් කුස්සියට.. ගෘහ විද්‍යාව උගන්නපු මානෙල් ටීචර් තමයි අපේ පන්ති බාර.. ගෘහ විද්‍යාව ඉගෙන ගත්තේ ගෑල්ලමයි විතරක් නිසාද කොහෙද ඒ ටීචර් පන්තිදීත් වැඩිපුර හිටියේ ගෑල්ලමයි එක්ක තමයි.. මානෙල් ටීචර් මට හොඳටම මතක මටයි නදිෂයාටයි දීපු දඬුවමක් නිසා.. ඒක වෙනම ලියන්න ඕනි.. ලියල තියෙනවා මගේ හිතේ මෙතනද කොහෙද.. මේ ලියන්න ගත්තේ 'උඩ්ඩ' ගැන..

අපිව D පන්තියට දාල ටික දවසකින් 'මල්ලිකා' ටීචර් ඇතුළු සෙට් එකක් ආව අපිව 'නිවාස' වලට බෙදන්න.. මල්ලිකා ටීචර් ව විතරක් මතක ඇත්තේ පස්සේ කාලෙක අපේ 'ආදරණියම' ගුරුතුමියක් වීම නිසාත් එතුමියගේ 'උස' හා සුදු සාරිය නිසාත් වෙන්න පුළුවන්.. කොහොමත් මේ පැටලිල්ල උනෙත් මල්ලිකා ටීචර්ටම තමයි.. කොහොම හරි ඔය නිවාස බෙදන සීන් එකේදී ටීචර් අපි එක එක්කෙනාගේ නම් අහගෙන ගියා.. අපි ඉතින් පිළිවෙලට නම් කියුව.. සුමිත් කළනසිරි, නදීෂ අබේසිංහ, පමල් පියංක අමරකෝන් ඔහොම කියාගෙන යන ගමන් මෙන්න එකෙක් කියපි 'ඩබල්ලේ උඩුවෙල' කියල..

මට ඇහුනේ හාමුදුරු කෙනෙක්ගේ නමක් වගේ.. ඒ පැත්ත බැලුවම අම්මප ඉන්නවා එකෙක් ගෝරිලි පැටියෙක් වගේ අතකින් කටත් වහගෙන.. නම අහන්න අහන්න අරකම කියනවා කට අතින් වහගෙන.. ටීචර් ටත් තේරුනේම නෑ. කොහොම හරි ටීචර් ලා දෙතුන් දෙනාම අහල අහල අන්තිමේ කියුව ඒ.ඒ. උඩුවෙල කියල.. ඒ.ඒ. කියන්නේ අරුණ අනුරුද්ධ කියන එක.. යකෝ මෙච්චර ලස්සන නමක් තිබිල කියපන්කො කට ඇරලා අරුණ අනුරුද්ධ උඩුවෙල කියල.. හෙහ්.. එහෙම කියන්න බැරි .. මම කියුවේ කට ඇරලා කියන්න බැරි පොඩි කේස් එකක් තිබුනනේ ඌට.. ඒක දන්නේ පස්සේ.. එදා ඉඳන් උගේ කාඩ් එක 'කැන්ගරු පොකට්'..
පොකට් එකේ පැටියෙක් දාගෙන ඉන්න කැන්ගරුවෙක්ගේ ඉමේජ් එකක් ඉස්සුවේ ගුගල් ඉමේජ් වලින් හිටං
මේ කැන්ගරු පොකට් නොහොත් ගොරිල්ලා නොහොත් ඩබල්ලේ උඩුවෙල නොහොත් අපේ උඩ්ඩා සුපිරිම චරිතයක්.. පිටින් පෙනිච්ච මනුස්සයාට වඩා බොහොම හිතවත් මිත්‍රශීලි ඒ වගේම හොඳ විනෝදකාමී කොල්ලෙක්.. ඉස්කෝලේ තාප්පෙන් එහා පැත්තේ උන්ගේ ගෙදර පිහිටා තිබීම නිසා අපෙන් ඌට වෙච්චි කරදර අලාභහානි මෙච්චරක්ය කියන්න බැරුව ඇති.. ඌට ගෙදරින් තිබ්බ සම්බාධකත් බැලන්ස් කරගෙන අපිවත් එන්ටර්ටේන් කරන්න ඌ ගත්ත මහන්සියේ තරමට වඩා ගොඩක් ලොකු මහන්සියක් ඌට ගන්න උනා අර පත සරිරෙත් උස්සන් අපිත් එක්ක එක සීරුවට ඉස්කෝලේ තාප්පෙන් උන්ගේ වත්තට පනින්න..

මම මුලින්ම ලෑන්ඩ් ෆෝන් එකකින් ටැප් කරලා කෝල් එකක් ගන්න ඉගෙන ගත්තේ උන්ගේ ගෙදරින්.. එතකොට කාඩ් ගහන්න, කැරම් ගහන්න වගේ ක්‍රීඩා ත් ප්‍රගුණ කරන්න පුළුවන් උනා.. ඒ ඔක්කොටම වඩා තාම මතක 'ලෙච්චිමි' ගේ කූල් ඩ්‍රින්ක් එක.. 'බේබිමාතියා.. ලොකු නෝනා ආවොත් මාත් යිවරයි..' කිය කියා ලෙච්චිමි අපිට හැමදාම බිස්කට් එක්ක කූල් ඩ්‍රින්ක්ස් හදල දෙනවා.. ඉස්කෝලේ ඩබල් පීරියඩ් සෙට් වෙච්චි තාක්ෂණික සෞන්දර්ය වගේ විෂයන් තියෙන දවස් කියන්නේ ලෙච්චමී ට වැඩ වැඩි දවස්.. මොකද අපි අනිවාර්යයෙන් තාප්පෙන් පැනල 'උඩ්ඩා'ලගේ ගෙදරට යනවනේ.. අනේ.. ඌ අපි වගේ එහෙම මැරෑටියෙක් වත් නොසන්ඩාලයෙක්වත් නෙවෙයි.. ඌට පීරියඩ් කට් කරන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ.. ඒ උනාට 'අපි වෙනුවෙන් අපි' කියල ඌ අනිවා අපිත් එක්ක එනවා..

ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් වලදී මට උඩ්ඩා එක්ක ලොකුවට සෙට් වෙන්න බැරි උනත් හම්බෙච්චි හැම වෙලාවකම පරණ ලෙන්ගතුකම එහෙමම තිබ්බ.. මට උඩ්ඩාව ඉස්කෝලෙන් පස්සේ හම්බුනේ දෙතුන් වතාවයි.. ඒ හැම එකක්ම වගේ අපි උන්ගේ ගෙදර ගිය වෙලාවල විතරයි.. ඒත් අන්තිමට හම්බුනේ 2003/ 2004 වගේ අහම්බෙන් හාලිඇලදී.. ඒ කාලේ මට වාහනයක් නොතිබ්බත් කාගේ හරි අටමගලයක් පැදගෙන ගිහින් දවසක් හාලිඇල දී හුළං බැහැල ටයර් කඩයක් හොයන් යන්න උනා.. බැලින්නං ඒ හාලිඇල ටයර් කඩය කරේ උඩ්ඩා.. ඉතිං තව මොනවද? සෑහෙන්න ආගිය තොරතුරු කතා කර කර ඉඳල ජංගම දුරකථන අංක එහෙමත් හුවමාරු කරගෙන අපි වෙන්වුනා.. ඒත් ආයේම කවදාවත් අපිට කතා කරන්නවත් හම්බ වෙන්නවත් උනේ නෑ.. 2004 සුනාමියෙන් පස්සේ දවසක හදිසියේ නදීෂයාට කෝල් එකක් ගන්න කොට ඌ ඒ අසුබ ආරංචිය මට කියුව..

'මචං උඹ දන්නවද? යාල පැත්තේ ට්‍රිප් එකක් ගිහිං ඉද්දි උඩ්ඩා සුනාමියට අහුවෙලා බං.. ශිහ්.. මාර අපරාදේ..' 'අයියෝ'.. මට කියවුනේ එච්චරයි.. උඹ මැරුණට 'මහ විද්‍යාලේ' වගේම අපේ හිත් වල හැමදාම ජිවත් වෙනවා මචං.. කවද හරි ආයෙම සෙට් වෙමු' .. එතකං උඹට සුභ ගමන්!

(අපි BMMV 95 කණ්ඩායම කියල බුකියේ ගෘප් එකක් හදාගෙන පොඩියට කරගෙන යනවා.. මේ එතන ලියපු එකක්.. පස්සේ හිතිලා බ්ලොග් එකේ එල්ලුවේ.. 'දැනුණේ' නැත්නම් ගණන් ගන්න එපා)  

37 comments:

  1. හාලිඇලෙන් බදුල්ල පැත්තට යද්දි දකුණු පැත්තෙ තිබ්බ ටයර් කඩේ. මට යන්තමට වගේ රූපෙ මතක ඒ යාළුවගෙ

    ReplyDelete
    Replies
    1. කොළඹ පැත්තෙන් හාලි ඇලට ඇතුල් වෙනකොට වම් පැත්තේ වන්ගුවත් එක්ක වගේ බං මට මතක.. සමහරවිට එක්කෝ දෙකම උගේ වෙන්න ඇති නැත්නම් පස්සේ කාලෙක කඩේ මාරු කරාද කියන්නත් බෑ..

      Delete
  2. උලමෝ , මම කියපු දේ ලියන්නේ මලාට පස්සේද?

    ReplyDelete
    Replies
    1. ආ.. උඹත් මොනවා හරි ලියන්න කියුවද? මට මතක නෑනේ.. :) :D

      Delete
  3. ඔහොම යාලුවො කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. හිටි ගමන් මේ වගේ මතක් වෙනවා..

      Delete
  4. දැන් ඉතින් ඉස්සරහට එකා එකා යන කාලේ තමා බං එන්නේ...

    ReplyDelete
    Replies
    1. යන තැනකට වැඩ කරපං දැන් හරි බං කාලේ.. එහෙමද? හෙහ්..

      Delete
  5. හිටිය ගමන් ඔය වගේ පරණ දේවල් තදේටම මතක් වෙනවා.. ලිව්වාම පොඩි සහනයක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. අම්මප.. කොහොම මතක් උනාද වත් මතක නෑ.. :)

      Delete
  6. //'දැනුණේ' නැත්නම් ගණන් ගන්න එපා) //
    නෑ නෑ දැනුණා, ටික උනත් හොඳට දැනුණා.

    ReplyDelete
  7. Replies
    1. ඔව්වොව්.. මහ විජ්ජාලේ තමයි. :)

      Delete
  8. //'දැනුණේ' නැත්නම් ගණන් ගන්න එපා) //
    නෑ නෑ දැනුණා, ටික උනත් හොඳට දැනුණා.

    ReplyDelete
  9. හිත රිද්දන මතකයක්... සුනාමි කතා බෝමයි කමියා

    ReplyDelete
    Replies
    1. පල යන්න සුනාමි කෝච්චියේ පර්ස් සුද්ද කරපු එකා මූ

      Delete
    2. හාපෝ මගෙ හතුරෙක් ආවා

      Delete
    3. සුනාමි මතක.. හපොයි.. මතක් කරන්න එපා. ඉවානයා කියුව වගේ ගඳයොත් හෙනට හිටිය.. ෂිට්!

      Delete
  10. මාත් හිටියේ ඔය කුස්සියේ ගිය ගමන්ම , අපේ පංතිබර වුනේ චිත්‍ර මානෙල් ටීචට. මල්ලිකා ටීචගේ පුත්තරයා අපේ පන්තියේ ඌත් මල්ලිකා ටීච වගේම උසයි :D.

    ReplyDelete
    Replies
    1. බොලෑ පංති බර උණේ මක් වෙලාද? එච්චරට අණ්ඩපාලයොද හිටියෙ

      Delete
    2. 'කලණ'.. එල කොල්ල.. උඹල වගේ නෙවෙයි.. හැක්..

      ඩිලා.. ඔව් බං.. උන්නු තරමක් උන්නේ මේ වගේ අණ්ඩපාල අංකල් ලා තමයි.. මුණ දැක්කම මළ පනිනවා ඒ දවස්වල.. හෙක්.

      Delete
    3. චඃ උඹට නම මතකයි නේ, මම නම නොකිව්වේම ඔය නම තියෙන එවුන් මට පේන්න බැරි හිනදමයි හැක

      Delete
    4. අපේ පන්තියේ බර කොච්චරද කියනවනං එකොළහ වසර වෙනකොර පංතිබාර ටීච කෙනෙක් හෝ සර් කෙනෙක් නෑ . හැමෝම බාරගන්න බෑ කිවලු , ටික දවසක් දසනායක සර් පංති බාර වෙලා හිටියා , ඔය කමියලනම් ඒ අහිංසක සර්ට කිව්වේ ගිනිකූරා කියලා . අපි නම් එහෙම නෑ .
      පස්සේ පන්තිය බාර දුන්නා ඩයස් සර්ට , හැමදාම උදේට ඩෝන් පටෝන් තමා , සර් පන්තිය එනකොට අනික් පන්තිවල එවුන් අපේ පන්තිය දිහා බලාගෙන ඉන්නවා රෙස්ලින් බලන්න . තුන් හතර දෙනෙකුට ඇඟිලි පහ කම්මුලේ හිටින්න ටැටූ ගහන්වම තමා .
      හම්මේ මතක් වෙනකොටත් මයිල් ඉස්මයිල් වෙනවා

      Delete
    5. ඩයස් සර් අපි A/L කරන කාලෙ ප්‍රින්සිපල්... ඒ කාලෙ නම් රෙස්ලින් නවත්තල හරිම හොඳ ගුණ යහපත්කම් ඇතුව හිටියා...

      Delete
  11. ආයෙ දැනුනද කියලත් අහනව.

    ReplyDelete
  12. සුනාමි කාලේ කතා තවම ඇහෙනවා නේද? උඩ්ඩ ට සුභ ගමන්

    ReplyDelete
  13. හිතට වැදුන කෙනෙක් නැති උනාම කාලයක් ගියත් ඒ මතක අලුත් වෙනවා. මතක් උනාම දුකත් වැඩි වෙනවා. මේ දේත් ඒ වගේ.

    ReplyDelete
  14. මං කියන්ඩ හිතාගෙන ආව ටික නොකියම යනව. අන්තිම ටික කියෙව්වට පස්සෙ ඔලුව එහෙම්පිටිම්ම හිස් උනා

    ReplyDelete

  15. ආයුබෝවන්, මම නීත්යානුකූල හා විශ්වාසනීය සමාගමක නීත්යානුකූල හිමිකරු වන HEINRICH ADAMI මහතා, මම විවේචනාත්මක කොන්දේසි සහ තේරුම්ගත හැකි කොන්දේසි සහ කොන්දේසි ලබා දෙමි. වටිනාකම් සහ ව්යාපාර දර්ශනය පාරිභෝගික සේවා සඳහා ඉතා දැඩි කැපවීමකි, ඉතා උසස් සදාචාර ප්රමිති, අඛණ්ඩතාව සහ විවෘත සන්නිවේදනය. මගේ ගනුදෙනුකරුවන්ට තොරතුරු ලබා දෙන නිදහස් ප්රවාහය දුප්පත් අයට මුදල් ලබා දීම. ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න: [privateloaninvestors@gmail.com] ආකෘති පත්රය පුරවා අප වෙත අප වෙත පැමිණෙන්න * පළමු නම: __________ * නම: ___________ * රැකියාව: __________ * ලිංගය: _________________ * රට: _____________ * මාසික ආදායම: ______ * : _______ * කාලය: ____________ * දුරකථන අංකය: _______ අපගේ ස්වාමීන්ව ඔබ ආරක්ෂා කරයි. සමගම,
    āyubōvan, mama nītyānukūla hā viśvāsanīya s

    ReplyDelete