Monday 7 September 2020

ගාලු පුරවරයෙන් ලොවට දායාද කල සාහිත කලා මිණිමුතු... Galle is the place of inheritance in creative literature (සාහිත්‍ය මාසය වෙනුවෙනි)

Galle: Why Sri Lanka's second city should be on your winter sun bucket list  | London Evening Standard

Fort Galle

ගොම්මන් කළුවරේ වැටකේ වැටිය දිගේ..

අන්තිම කුරුළු ගී හඬ මිය ඇදෙනු හැඟේ..

සත් මහ සයුර මුමුණයි රණ ගීය ඇගේ..

නිම් හිම් නැතිව කවිහිත දඟ කරයි මගේ..


පණ ඇති මහා සමුදුරු පවුරට ඇදුනූ..

සතුරන් දිනා කොටු බැම්මෙන් වට කෙරුණු..

දකුණට අග රැජින පැළඳූ රජ ඔටුනූ..

ඇය වෙයි ගාලු මව මා දිනු බිම දකුණූ..


සැප්තැම්බරේ සාහිත මස එලඹෙනවා..

සාහිත කලා රස සැම දෙස පැතිරෙනවා..

ලොව සනසවන මහ කව් ගී වැව් බඳවා..

දකුණෙන් ලොවට දුන් මිණි මුතු සිහිවෙනවා.. 

තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි (1408-1491) – Sinhala Sangha

Ven. Thotagamuwe Sri Rahula Thero (1408-1491)

තොටගමු විහාරයේ බෝ මළුවෙන් මිදුන..

පින්බර සැළලිහිණ තුඩඟින් ගත් හසුන..

කැළණිය විභීෂණ දෙව් රජ බැහැ දකින..

උලකුඩ දේවියට දරු සම්පත් පතන..


මහ තෙර සිරි රහල් තොටගමු විහාරයේ..

සිසු නම වෑත්තෑ හිමි හා දිවා රැයේ..

කවි පොත පත කලා සාහිත ප්‍රචාරයේ..

එනයින් ලොවම අද ඒ ගැන විචාරයේ.. 

බුදුසරණ: විශේෂාංග | සියලු වියතුනට සිළුමිණක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ

Ven. Wettawe Thero

කන්කළු කවි හඬට ලොබ බැඳගෙන හැදුනූ..

මින්‍ රළ පවා තොටගමුවට වහ වැටුනූ..

ගුත්තිල ඇදුරු හා මූසිල ගැන ගෙතුනූ..

අදටත් දරයි සාහිත ලොව මිණි ඔටුනූ..

Today is the 112th Birth Anniversary of Martin Wickramasinghe

Martin Wickramasinghe

හෙළ නව කතාවට කවි ගී විචාරෙට..

ඉංගිරිසිය වුවද හුරු කල මනාකොට..

පත පොත පත්තරය සිව් මහ කලාවට..

කොග්ගල මළලගම නම අමතක කාට..


ගත් කතුවර නමට දෙන්නට උපාධියක්..

සිත්ගත් මඩොල් දූවට යමු සවාරියක්..

පත් පොත් සමඟ ජීවිතයම කලා පෙළක්..

වික්රමසිංහ මාටින් නම මහෝඝයක්..

Sybil presents 'Kuda Hora' in new garb | Daily FT

Sibil Weththasinhe

ගිංතොට මහා ගං දිය පිරිවර කැන්දා..

සංසුන් සිතින් වෙරළේ සිතුවම් ඇන්දා..

පංහිඳ තුඩග හා ඇස කඳුලක් රංදා..

අන්තිම 'සිබිල්' සිතුවම ඇන්දද නැන්දා..

Pothakinpituwak with Rathna Sri Wijesinghe - YouTube

Rathna Sri Wijesinghe

වෙල්ලස්සට වෙලා විසඳුව මහ ප්‍රශ්න..

බිම්බර සෙනඟ රණ ගීයට පන දුන්න..

ඔහු දිනු ගාලු පුරයට කිරුළක් වැන්න..

සැමදා දිනේ කිවිවර විජෙසිහ රත්න..


- යසිත්මා රශ්විනි යාපාබණ්ඩාර (ගා/ සංඝමිත්තා බාළිකා විද්‍යාලය)

23 comments:

  1. ලස්සනයි,,බුදු සරණයි දුව ....

    ReplyDelete
  2. ඈ දැං ගෑණු ළමයෙක් වෙලාද?

    ReplyDelete
  3. ලස්සනයි දුව. දැන් තාත්තත් ලියන්න කම්මැලි එකේ ඔයාවත් මේකෙ ලියන්න.

    ReplyDelete
  4. සුපර්බ් කවි පෙළක්, සුභ පැතුම්

    ReplyDelete
  5. බොහොම හොදයි. අපුරුයි, සුබ පතනවා තවත් ලියන්න,

    ReplyDelete
  6. හරි ලස්සණයි කවිපෙළ
    මගෙ හිත බැන්දා
    උපන් ගමට
    මනසින් දුරසිට වැන්දා

    ReplyDelete
  7. වෑත්තෑව කියන ගම තියෙන්නේ නුවර පලාතේ හිඟුල ප්‍රදේශයේ යි. දකුණු පලාතේත් එනමින් ගමක් තියෙනවා ද?

    ReplyDelete
  8. පෙත්තෙන් දෙපෙත්තෙන් දැනෙනව හැදෙන ගස
    කිවිඳි දෝණි, තව පදවැල් ගොතමු යස!

    ReplyDelete
  9. මම එදා ඉදලා කිව්වේ....උබලා ලියන මේ බ්ලොග් කවදාහරි වටීනේ උබලාට අපිට වඩා අපේ ලමයින්ට කියලා....

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ අංකල්. අප්පච්චිටත් ආයේ ලියන්න කියන්න

      Delete
  10. මොකෝ කියන්නේ ලියනවද
    https://kolambagamaya.blogspot.com/2020/11/1.html

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු.. මටත් රාවණා ඇරියස් ටිකක් තියෙනෝ. ගෙන්නගන්නම ඕනි මෙහෙටත්. :)

      Delete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete