Friday 17 February 2023

Check Point..! 2 වෙනි දිගහැරුම

1 වෙනි දිගහැරුමට..


වත්තල හේකිත්ත පාරෙන් හේකිත්ත පටුමඟට හැරවූ නිල් පැහැ පොලිස් ජීප් රථය දකුණට විශාල වැළමිට වංගුව ගෙන පාරේ දකුණු පස පිහිටි M.S. Direct Distributors යනුවෙන් නම් සඳහන් වූ දැවැන්ත ගබඩා සංකීර්ණය ඉදිරිපස නවත්වන ලදී.  ඉන් බැස ඉදිරියට ගිය පොලිස් සාජන්ට්වරයා සහ ඔහුගේ සහායකයා එහි සිටි වියපත් ආරක්ශක නිළධාරියා විසින් පිළිගන්නා ලද අතර යම් ප්‍රශ්ණ කිරීමකින් අනතුරුව ඔවුන් දෙදෙනාව ගබඩා සංකීර්ණයේ එක් කෙළවරක පිහිටි කාර්‍යාල කාමර වෙත යොමු කරන ලදී. එහි ප්‍රධාන කාර්‍යාලයේ විශාල මේසයක් ඉදිරියේ හොඳින් ඇඳ පැළැදගත් වයස අවුරුදු 40ක පමණ කාන්තාවක් අසුන්ගෙන සිටි අතර ඇගේ සහායිකාවන් යැයි සිතිය හැකි තවත් කාන්තාවක් සහ තරුණියක් එහි සිටියහ. එතරම් ගරුසරුවකින් තොරව කාර්‍යාල කාමරයට එබුණු ආරක්ශක නිළධාරියා 'මේ පොලිසියෙන් දෙන්නෙක් ඇවිත් කතා කරන්න ඕනිලු' කියා සාජන්ට්වරයා දෙසට හැරී 'එයා තමයි අපේ මැඩම්- ගිහින් කතා කරන්න' කියා යන්නට ගියේය.

පැසුණු පොලිස් නිළධාරියා මේ සිදුවීමේ නිසැක වෙනසක් නිරීක්ශණය කලද එය යටපත් කරගෙන හිස් වැසුම ගලවා කාමාරයට ඇතුල් වී ඈ විසින් සන් කරන ලද පුටුවෙ හරිබරි ගැසී වාඩි වූයේය. ඒ සමඟ සහායිකාවක් විසින්  තවත් පුටුවක් ලං කරන ලදුව සහායක නිළදාරියාද ඒ අසළින්ම අසුන් ගන්නට යෙදුනේය. 

"ගුඩ් මෝනිම් මැඩම්, පොඩි විමර්ශනයකට ආවේ.. ප්‍රශ්ණ ටිකක් තියෙනවා අහන්න, මේ අය හිටියට කමක් නැද්ද" සේවිකාවන් දෙස බලමින් පොලිස් නිළධාරියා විමසද්දි ඈ ඊට සිනහවකින් සංග්‍රහ කළාය.

"ආ.. කමක් නෑ. ඒ අය මාත් එක්කම ඉන්න අයනේ. මොකක්ද ඔෆිසර් අහන්න තියෙන්නේ?" එසේ පැවසුවද ඇය එකෙණෙහිම එහි සිටි තරුණ සේවිකාව 'මේ සර්ලට බොන්න මොනවාහරි ලෑස්ති කරගෙන එන්න' කියා පිටත්කර හැරියාය. මැදිවියේ හුන් අනෙක් සේවිකාව පොලිස් නිළධාරින් දෙදෙන්නට එක එල්ලේ ඇස නොගැටන අයුරින් ඔවුන්ගේ පිටුපසට වී කතාවට සවන් දුන්නාය. 

"ඊයේ මෙහෙන් වවුනියාවට යවපු ලොරි 34න් එකක් අතුරුදහන් කියලා දන්නවද"

"ආ.. ඔව්. අපේ මැනේජර් උදේ කියුව එහෙම එකක්..තාම ගිහින් නෑ කියල.. මම අනේ වැඩි විස්තරයක් නම් දන්නේ නෑ.. මොකක්ද වෙලා තියෙන්නෙ කියල දැන් දන්නවද ඔබ තුමාල?"

"නෑ. හමුදා බුද්ධි අංශ වලින් තවම හොයනවා.. අපි ලොරියේ සහ රියදුරාගේ විස්තර කන්ෆර්ම් කරන්න ඕනි. අපිට දැන ගන්න පුලුවන්ද..,,?

"අනේ.. මම අපේ මැනේජර් ට කතා කරන්නද, එයා තමයි විස්තර දන්නේ" 

"හා.. දන්න කෙනෙකුට කතා කරන්නකෝ.. ඔබ තුමීද මේ ආයතනයේ ප්‍රධානියා?"

"නෑ, හස්බන්ඩ් තමයි ඔක්කොම බලන්නේ.. මේ එයා නැති ටිකේ මම ඇවිත් ඉන්නේ.. පද්මිණි.. මිස්‍ටර් සෙනෙවිරත්නට කතා කරන්නකෝ"

"කවුද හස්බන්ඩ්, කෝ දැන් එයා?"

"හස්බන්ඩ් නෑ..මේ..මේ ටිකේ රට ඉන්නේ.. බිස්නස් වැඩකට ගිහිං.. ආ.. එන්න මිස්ටර් සෙනෙවිරත්න. මේ පොලිසියේ මහත්තුරු ඇවිත් නැතිවෙච්චි ලොරියේ විස්තර අහනවා"

ඒ අතර සාජන්ට් මහතාගේ දෑස ඔෆිස් එක වටා එහෙ මෙහෙ යන්නට විය. ඔහුගේ මතකය හරිනම් මේ ඉඩම සහ ගොඩනැගිල්ල මීට පෙර අයත්ව තිබුණේ රජයේ කර්මාන්තශාලාවකටය.කලක් අකර්මන්‍යව තිබු එහි ව්‍යාපාරික සන්නාමවත් දැන් අසන්නට නොමැත. කාර්‍යාල කාමරයේ බිත්ති පුරා නොයෙකුත් දේශපාලකයින් උසස් නිළදාරීන් සමඟ මේ කාන්තාව හා ඇගේ සැමියා යැයි සැළකිය හැකි තවත් කඩවසම් පිරිමියෙක් එකට සිට ගත් පින්තූර එල්ලා ඇත. ඒ අතරින් ඉහළම ඇත්තේ රටේ ඉහළම ප්‍රභූ කාන්තාවක් සමඟ මේ කාන්තාව ඉතා ළඟින් සිට ගන්නා ලද ඡායාරූපයකි.

"මැඩම් ලා මේ බිස්නස් එක පටං ගත්තේ මෑතක නේද? මට මතකයි මෑතක් වෙනකම් මේ ඉස්ටෝරුව ගරාවැටිලා වහලා තිබ්බේ.. සෑහෙන්න දේශපාලන සම්බන්දකම් තියෙනවා වගේ නේද?"

" ඔව්. මෙතනට ඇවිල්ලා නම් අවුරුද්දක් වගේ වෙන්නේ. ත්‍රී ෆෝසස් වලට සප්ලයි කරන ඕඩර් එක අපිට ළඟදිනේ ලැබුනේ. මිනිස්ටර් රෝහිත පෙරේරා හස්බන්ඩ්ලගෙ ඤාති.. ඊට වැඩිය මැඩම්.. අපිත් එක්ක චැරිටි කරනවනේ.. මැඩම් තමයි මිනිස්ටර් ට කියල ඒක හදලා දුන්නේ.. ඒ උනාට.. මැඩම් එක්ක හරි අමාරුයි අනේ.. හැම තැනම යන්න ඕනිනේ. මට මේ වැඩ බලන්න වෙන්නේ නැත්තේ ඒකයි" ඇය නොරුස්නා හඬින් මෙන් නමුත් මවාගත් ආඩම්බරයකින් බිත්තියේ රඳවා ඇති ප්‍රභූ කාන්තාවගේ හා ඇගේ පින්තූරය පෙන්වමින් පැවසුවාය. 

"එතකොට අර සිකියුරිටි ගාඩ්?" සාජන් මහතා එතෙක් වේලා ඔහු සිත පෙළි පැනයක් නිරාකරණය කර ගැනීම සඳහා ඉදිරිපත් කලේය. 

"ආ.. ඒ අපේ අංකල් කෙනෙක්. එක්ස් නේවි. වැඩක් නැතුව ගෙදර ඉන්න නිසා මෙහෙ ස්ටෝර්ස් එකේ සිකියුටි බලන්න දැම්මා"

"අහ්.. මේ එතකොට මැනේජර් කියුව නේ"

"ඔව්. සාජන්ට් මහත්තය.. මම සෙනෙවිරත්න. මම තමයි ඕවරෝල් බලන්නේ. මොනවද දැන ගන්න ඕනි කියුවේ"

"අර මිසින්ග් වෙච්චි ලොරිය සහ ඩ්‍රයිවර් ගැන... පීසී.. මෙතුම කියන විස්තර ටික හරියට ලියාගන්න"

"මෙතන ඇත්තටම අපි කරන්නේ සප්ලයර්ස් ල සහ බයර්ස් ලා අතර කෝඩිනේශන් එකක්. අපිට සප්ලයි ලින්ක් එකක් තියෙනවා. ඒ අය අපිට එක්කෝ මෙතනට බඩු ගෙනත් බානවා. නැත්නම් අපි ගිහින් මිළදී ගන්නව. ක්‍රෙඩිට් පීරියඩ් එකක් එක්ක. ඒ වගේම අපිට බයර්ස් ලා ඉන්නව. ත්‍රී ෆෝසස් වලට තමයි වැඩිම ඩිමාන්ඩ් එක තියෙන්නේ. ට්‍රක් 5-10 වගේ තමයි කළින් යැව්වේ ඇට් අ ටයිම්. දැන් ඩිමාන්ඩ් එක වැඩි නිසා අපි ලොරි රෙන්ට් කරන්න ඇඩ්වටයිස් කරා වීක් එන්ඩ් නිව්ස් පේපර්ස් වල. ඩ්‍රයිවර්ස් ලා ඇතුව හෝ නැතුව. ඩ්‍රයිවර්ස් ලා වෙනම රෙකෘට් කරනවා. සමහරු දිගටම එනවා. සමහරු ටර්න් එකට විතරක් එනවා. එහෙම රෙන්ට් කරපුලොරියකුයි අලුතෙන්ම වැඩට ආපු ඩ්‍රයිවර් කෙනෙකුයි තමයි ඔය තවම ගිහින් නැත්තේ."

"ඒ විස්තර තියෙනවද මෙහෙ? රෙන්ට් ඇග්‍රිමන්ට්, එතකොට ඩ්‍රයිවර්ගේ එම්ප්ලොයිමන්ට් ඇග්‍රිමන්ට් එහෙම?"

"රෙන්ට් ඇග්‍රිමන්ට් එකක්නම් අපි අයිතිකාරයත් එක්ක අත්සන් කරලා අරගන්නවා කොපියක්.. ඩ්‍රයිවර්ලානම් පර්මනන්ට් නැති නිසා එහෙම ඇග්‍රිමන්ට් එකක් නෑ" 

"එයා ගැන මොනවද විස්තර තියෙන්නේ?"

"අනුර කියලා මනුස්සයෙක්. පදවිය පැත්තේ. කළින් දවසේ කතා කරලා එදා අන්තිම මොහොතේ තමයි ආවේ. මම කියුව එනකොට අයිඩී කොපියයි ලයිසන් කොපියයි ගේන්න කියලා.. මිනිහා ගෙනත් තිබුණේ නෑ.. අපේ මේ ෆොටො කොපි මැශින් එකත් කැඩිලා දැන් ටික දවසක්. උදේම ළඟ කොහෙවත් කොමියුනිකේශන් ඇරලත් නෑ කොපියක් ගහගන්න. අනිත් වාහනත් එක්ක යවන්න ඕනි නිසා නමයි, ඇඩ්‍රස් එකයි, අයිඩි නොම්මරෙයි, ලයිශන් එකේ නොම්මරෙයි ලියාගෙන මම යැව්වා.. ඊළඟ දවසේ අනිවාර්‍යයෙන් ෆොටෝකොපි දෙකක් අරං එන්න කියල. මේ තියෙන්නේ ඒ විස්තර"

"අනුර රත්නායක.. හැත්තෑ දෙකේ.. ඒ කියන්නේ තිස් පහක් වගේ නේ වයස.. මේ මෑන් පදවි ශ්‍රීපුර නේ? පදවියයි පදවි ශ්‍රීපුරයි කියන්නේ දෙකක්.."

"අහ්.. මට ඒක ගාණක් උනේ නෑ.. මට මතක තිබ්බේ පදවිය වගේ"

"පදවි ශ්‍රීපුර කියන්නේ වැලිඔය බෝඩරේ.. කොටි කටේ.. මායිම් ගම්මානයක්.. මට පේන්නේ මිනිහා ලොරිය අරගෙන ගෙදර ගිහින්ද කොහෙද.. හෙහ් හෙහ්."

තොරතුරු ලබාගැනීමෙන් පසු ලද යම් කිසි සැහැල්ලු බවකින්ද, යම් ඉඟියක් ලැබුවායැයි හැඟෙන තෘප්තිකර බාවයකින්ද යුතු හිනාවක් පෑ මැදිවියේ සාජන්වරයා තම සගයා දෙස බලා නැවත වරක් සරදම් සිනාවක් පෑවේය. මෙතෙක් වේලා නිහඬව සියල්ල අසා සිටි තරුණ ගැහැණිය..

"අපි දැන් මොකක්ද කරන්නේ ඔෆිසර්.. අපිට ප්‍රශ්ණයක් වෙයිද මේක?"

"මේක අපි දැන් කාටත් ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ. මීට පස්සේ මිනිස්සු වැඩට ගද්දි මීට වඩා හොයලා බලලා ගන්න වෙයි. මේ මනුස්සය සෙල්ෆෝන් එකක් පාවිච්චි කරේ නැද්ද?

"මම ඇහුව.. ෆෝන් එකක් නෑ කියුව.. අනුරාධපුරේ පැන්නම හරියට සිග්නලුත් නැති නිසා අපි ඒක ගැන වැඩිය උවමනා කරන්නේ නෑ"

ඒ සමඟම පිටව ගිය සේවිකාව තේ බඳුනක්, කිරි, සීනි සහ හකුරු වෙන වෙනමත් කේක් සහ බිස්කට් පීරිසි දෙකක්ද සමඟ පැමිණියෙන් රජයේ නිළධාරීන් දෙදෙනාට තේ බීම සඳහා ආරාදනා කරන ලදි. මැදිවියේ සාජන්වරයා කිතුල් හකුරු පිඟාන කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන්නට වූ බව දුටු කාන්තාව..

"ඔය රත්නපුර කළවාන පැත්තේ අපේ සප්ලයර්ස් ලා එවන්නේ. එහෙ සමිති වලින් කෙළින්ම හකුරු පැණි හදන අයගෙන් එකතු කරලා අපිට එවන්නේ. ඔරිජිනල් කිතුල් හකුරු..!"

"ඒක තමයි.. කටට දියවෙනවා. මෙහෙම කිතුල් හකුරු මෙහෙ ලේසියෙන් ගන්න නෑ. අපි වගේ දියවැඩියා කාරයින්ට සීනි වෙනුවට කියාපු ආදේශකේ.. හෙහ් හෙහ්.. අපේ ඕඅයිසී මහත්තයත් දන්නවනම් හොයාගෙන එනවා.. හෙහ් හෙහ්."  

"අයියෝ.. ඕක මොකක්ද.. පද්මිණි.. ලෑස්ති කරන්නකො හකුරු පාර්සල් තුනක් මේ මහත්තුරු දෙන්නටයි. ඕඅයිසී මහත්තයාටයි."

"නෑ නෑ.. දැන් ඔයාල කොහොමත් පොලිසියට එන්න වෙනවා මේ ගැන පැමිණිල්ලක් දාන්න. අනිත් ලොරි ආවයින් පස්සේ ඇවිත් පැමිණිල්ලක් දාන්න මේ විස්තර දීලා ලොරියයි රියදුරායි නැවත ආවේ නෑ කියල. ඒක ඔයාලගේ ආරක්ශාවටත් හොඳයි. ඔබතුමීත් එන්න වෙලාවක් තියෙනවානම් ඕඅයිසී මහත්තය කැමති වෙයි දැන අඳුන ගන්න. මාත් විස්තර කියන්නම්කො. මහත්තයාට දෙන තෑග්ගක් ඒ වෙලාවටම දෙන්න. විමර්ශණයකට ගිහිං එන ගමං අපි තෑගි ගත්තයි කියුවොත් හරි නෑනේ. අපි දෙන්නට නම් ඉතින් ඕක කමක් නෑ"

"හරි එහෙනම් බොහොම ස්තූතියි උපදෙස් වලට.. මිස්ටර් සෙනෙවිරත්න මේ මහත්තයගෙ ටෙලිපෝන් නොම්මරේ තියෙනවනම් ඉල්ලා ගන්න. උවමනාවකට කතා කරගන්න පුලුවන්නේ. අද හවසට හරි හෙට උදේම හරි අපි එන්නම් අනිත් ලොරි ටික ආවට පස්සේ"

"හරි මැඩම්, එහෙනම් අපි ගිහිල්ලා එන්නම්"

**********************************************

"හම්මට.. මහේෂ්ශයියා.. උඹ ආවද? හෙට උදේ නේද එනවා කියුවේ.. ඇයි මොකෝ අර ගමේ ඇන්ටි කෑල්ලගේ ගෙවල් පැත්තේ ජපං කොඩිය දාලද..හෙක් හෙක්.. අඩෝ උඹ ආපු ගමං තනියෙම අනුමත උනාද..කැත වැඩ ඩෝ ඒවා" 

අඩ වෙරි මතත් අඩ නින්දත් අතරේ ඇඳේ දිගාවි උන් මහෙෂ් සමිරගේ ගෝරනාඩුවත් සමඟ බියවී ඇඳෙන් බිමට පැන්නේය. ඔහුගේ විලාසය දුටු සමීරද මොහොතකට වික්ශිප්ත වූයේ දවස තිස්සේම බස් රථයේ දොරේ එල්ලී කොට්ටාව පිටකොටුව අතර කඨෝර වියලි දූවිල්ලට නිරාවරණය වූ තමාට වඩා තෙහෙට්ටු මුහුණකින් නිදි බර දෑසකින් හා අවිනිශ්චිත බැල්මකින් තමා දෙස බලා සිටින මහේෂ්ගේ විරූපි මුහුණ දුටු විටයි. 

"ඒ මොකෝ බං ඔය? උඹට සනීප නැද්ද.. උඹ කොහෙද ගියේ, ගෙදර නෙවෙයිද? මොකක්ද අවුල කියපං.. යංද මෙහෙමම බෙහෙත් ටිකක් ගන්න?" ඒ වනටිටත් උඩ ඇඳුම් උනා දමා යට ඇඳුම පිටින් ටවල් කෑල්ලත් අතැතිව නාන කරාමය යටට වැදීමට සූදානමින් සිටි සමීර ටවල්ලෙක යලි වැලට දමා ශෝටක් අතට ගනිමින්ම මහේෂ් විචාලේ ඔහුගේ පෙනුම එතරම්ම නොපහන්වූ නිසාවෙනි. නමුත් ඒ වනවිට නැවත පියවි සිහිය එළවා ගැනිමට මහේෂ් සමත්ව සිටියේය.

"මොකුත් නෑ බං. උදේ ආවේ.. ඊයෙ එළිවෙනකං නිදි නෑ. උදේ ඇවිත් මහංසි පිටම බාගයක් ගහල ඇල උනා. එළෝ මෙළෝ නැතුව නින්ද ගියානේ. මොකද අද සම්තිං එක හොඳයිද? ලොක්කගෙන් වාසියක් උනේ නැද්ද? හෙහ් හෙහ්.. ඔය සෝට දාගත්ත එකේ පලයන් හන්දියට ගිහිං බාගයක් අරං වරෙං මගේ ළඟ සල්ලි ඇති.."

"දැන් එපා.. උඹ බීලනෙ ඉන්නේ.. මගේ ළඟ පැට්ටෙක් ඉන්නව. ඒක අදිමු කාලා. උඹ කොහෙද ඊයේ ගියේ ගෙදර නෙවෙයිද.. යකෝ එළි වෙනකං නිදි මරල.. දවස් දෙකක් වැඩ නැතුව අතේ සල්ලිත්.. ඇත්ත කියපං.. උඹ දළ කෑල්ලක්වත් ඉස්සුවද බස්සෙකේ යන? කවුද අර තර්ස්ටන් බහින පස්ස ලොකු ජබ්බ මිසීද හෙහ් හෙහ්.. අර උඹට ඇහැ දීලා බහින්නේ හැමදාම.. ඒ කියපන්කෝ..සිරාවට?"

"මේ.. මගෙන් කුනුහබ්බ නාහා ගිහිං ඔය කූට්ටම හෝදගෙන වරෙං එනවනං.. මාත් නාගන්න ඕනි. මළ පෙරේතය වගේ ඊයෙ ඉඳල නාන්නෙත් නැතුව.."

"ඒ..මේ.. ඇත්ත කියපංකෝ.. කවුද කෑල්ල.. අර මිස් වෙන්න බෑ.. අදත් ආව බස්සෙකේ උදේ.. ඊයෙත් හිටියද කොහෙද.. මොකක්ද කියන්වකො ජොයින්ට්ටෙක අගේ නොකර.."

"එහෙම එකක් නෑ උලමෝ.. මළගේක යන හයර් එකක් සෙට්ටුනා කන්තලෙනුත් ඇතුලේ. අද මරණෙට ඉඳල එන්න කියල ගිය උන් රෑ ගිහින් එතන වලියක් සෙට්වෙලා රෑම ආවා. මැරිච්චි එකාගේ හොර ගෑණු සීන්නෙකක්. මටත් ලේසි නිසා මාත් ඇද්දා. ඒ උනාට මහන්සියි."

"මැරිච්චි එකාගෙ කියුවට අපේ ඩ්‍රයිවර් බොසාගේ හොර ගෑණු සීන්නෙකෙක් කියලමයි මටනම් හිතෙන්නේ.. හරි හරී අයියලා ඔහොම යමුකෝ.. අපිත් ඉතිං මේ කොට්ටාව පිටෝටුව අතරෙමනේ කැරකෙන්නේ.." 

"ඒක නෙවෙයි උඹට කොහෙන්ද අද පැට්ටෙක්? කිත්ත ආවද?"

"කිත්ත තමයි ඒ *ත්තත් එක්ක පුදුම වදයක්නේ ඕයි. තමුසේ නැතුව මං ඕක කරන්නේ නෑනේ. තමුසේ දන්නවනෙ මහේෂ්ශයියා.. දවස් දෙකක් එකදිගට බඩු බැස්සුවේ නැත්නම් ලයින් එක වෙන එකෙක් අල්ලනව කියල මූ කෝල් ගහනව ඉවරයක් නෑ බස්සෙකේ පෝන් එකට. ලොක්කගෙ හිතේ මගේ කෑල්ලක් කියල.. හෙහ්. මාත් ඒ විදියටම දැනෙන්න ඇරිය. ඉස්සරහ පුට්බෝඩ් එකට එනකොට බලු බැනුම්.. හෙහ් හෙහ්.. මොනා කරන්නද නාවින්න ආර්පිකෝ එක ගාවින් අරගෙන කොටුව ස්ටේශන් ඉස්සරහදි බොගක් දාල එන්නං කියල අමාරුවෙන් බජාර් එකට ගිහිං දීල ආව. පොලිසියට අහු උනාට හපං බොසාට ඉව වැටුණනං. අන්න පන්සීය ඇති තමුසෙගෙ,, පැට්ට මට.. මේ අරූට කියනව බොසා ඉන්න දවසට වෙන ලයින් එකක් ගහන්න කියල ඈ! තමුසෙත් එක්කනං එකට හිරේ ගියත් මොකෝ.. ආ.. ඒ අපිට විතරයි එහෙම.. දැන් අයියලාට වෙන වෙන ලයින් තියෙනවනේ අපිට නොකියන නෙහ්?" 

බස් වලට ලෝඩ් කරන්න හා මගියන් හසුරුවන්න කෑ ගහන පුරුද්දටද මංදා සමීරයා කතා කරන්න ගත්තම උගේ කටට නිවනක් ඇත්තේම නැත. වෙන එකෙක් හතර පස් වතාවකට කියන දෑ ඌ එක හුස්මට කියාගෙන යයි. කටට කොහෙන් වචන එනවාදැයි ඌ වත් නොදනි. මොනවා උනත් සමීරයා හිත හොඳ කොල්ලාය. කළින් හෝමාගම බස්සෙකේ වැඩ කරද්දි සමීර මුලින්ම තමා සමඟ ගෝල වැඩේට සෙට් උන බව මහේෂ් මතක් කළේය. බස් අයිතිකාරයා සමඟ නොහොදව තමන් හෝමාගම බසයෙන් බහිද්දි ඔහුත් බැස්සේය. එපමණක් නොව අලුත් බස් රථයට නැගීමට අවස්ථාව ලැබුණේද සමීරගේ මාර්ගයෙනි. දැන් බස් රථයේ හිමිකරු කාලයක් තිස්සේ සමීර දෙස ඇහැ ගසාගෙන සිටිබව මහේෂ් දනි. ඔහු ගෝල වැඩේට දක්ශය. පොඩි ගතමනාවක් කපා ගත්තද බස් හිමිකරුට පාඩුවක් වීමට නොතියයි. සමීර මහේෂ් සමඟ හෝමාගම බස් රථයෙන් බැස්ස ගමන් හිටපු ගෝලයා එළව දමා දෙදෙනාම මේ කොට්ටාව බස් රථයට නංවා ගන්නා ලද්දේ රියදුරු ලෙස වැඩකරමින් සිටි හිමිකරුද විවේකයක් ලබා ගනිමිනි. සමීර වරින් වර සිංදු කෑලි කියමින් අඩු පාඩුවට උරුවම් බාමින් නාන හඬ එළියේ ශවර් එක දෙසින් ඇසේ. ඔහුට බොරුවක් කීමට- ඔව්, සමහරවිට ජීවිතේ පළවෙනි පාරට- සිදුවීම ගැන මහේෂ් ඇත්තටම පසුතැවිළි විය.. 'මට උඹව මොනම අමාරුවකවත් දාන්න ඕනි නෑ මල්ලි'..

මහින්ද මාවතෙන් මේ හැරෙන අතුරු පාරට රාත්‍රියේ මේ වෙලාවට ලේසියෙන් ත්‍රීරෝද රථයක් හෝ මෝටර් බයිසිකලයක් ඇතුලු කරන්නේ නැත. වෙනත් වාහන කිසිවක් ඇතුලු කිරීමට පටු පාරේ කිසිසේත් ඉඩක් නැත. නිවැසියන්ට අයත් ත්‍රීරෝද රථ දෙකක් හෝ තුනක් බොහෝ දිනවල පාරේම අයින් කර නතර කර තබනා හෙයින් මෝටර් සයිකලයක් වුව පරිස්සමෙන් පැමිණිය යුතුවේ. ඇසුණු හඬට අනුව ඒ ට්‍රේල් වර්ගයේ මෝටර් බයිසිකලයකි. එය කාමරය පසුකර මදක් ඉදිරියට ගොස් එකතැන හරවා හරියටම මහේෂ්ලාගේ කාමරය ඉදිරියේ නවත්වා සැර දමන හඬට මහේෂ් කාමරයේ දොර අසළට යන්නට හැදුවා පමණි..

"ටක්.. ටක්..ටක්.."

*************************************************

තුන්වන දිගහැරුමෙන් හමුවෙමු..

-ක.මි. 

36 comments:

  1. "පැට්ටෙක් " කීවේ. බීලා ඉතිරි කොටයක් ද.
    සමීරව නම් ලෙසටම මැවුනා.දූවිලි වැදුන කාකි සේට්ටෙක ටීශේට්ටෙකට උඩින් බාගෙට ඇදල.පිටෝටුව පිටෝටුව කියල කෑගහනවා.
    පස්ස ලොකු ජබ්බ මිසී , පස්සත් බොහොම අමාරුවෙන් හරස් කරල දොරෙන් බහින්න කලින් මහේශ් දිහා ඉස්සරහ කන්නාඩියෙන් බලල හිනා වෙනවා.

    ඒත් මහේශ්ව මවා ගන්න තාම ජාති මදි..සුදු හීන්දෑරි එකෙක් ද , කලු උස මහත එකෙක් ද. මහත මිටි එකෙක් ද කියල හිතා ගන්න බෑ.

    හැබැයි ඉතින් බර වාහන ඩ්‍රැයිවර්ල බහුතරේ හීන්දෑරි කෙට්ටු හාදයෝ තමා....

    ඉක්මනට ලියන්න ආයෙ..අර ඩ්‍රැකා වගේ අවුරුදු ගනන් අදින්න නම් ලෑස්ති වෙන්න එපා කලු අයියේ...

    ReplyDelete
    Replies
    1. පැට්ටෙක් කියන්නේ පොඩි කංසා මිටියකට. ඉස්සර රුපියල් 50ක, පස්සේ පස්සේ 100/-, 250/- වෙලා දැන් පැටි බාගයක් 500/- ක්. එක ගංජා සුරුට්ටුවක ප්‍රමාණය.

      මහේෂ් ගැන විස්තර ගොඩක් ඉස්සරහට කියවෙනවා.. ඉතින් දැනට හිතෙන විදියට මවාගන්නකෝ.
      කවුද යකෝ කළු? මේ රිදී බන්දේසිය වගේ ඉන්න මටද ඔය කියන්නේ? 🤭 🤭 🤭

      Delete
    2. මහේෂ්ට ලස්සන දිග කොණ්ඩයක් තියනව

      Delete
    3. //මහේෂ්ට ලස්සන දිග කොණ්ඩයක් තියනව// ඒක පරිස්සමට ගලවල අරන් තියාගෙන ඉන්නේ කබඩ්ඩෙකක දාල 🤭

      Delete
  2. මේ තියෙන්නේ ලෙසටම. පහර😊

    ReplyDelete
    Replies
    1. ටැන්කියු. පහර දුන්නේ නැත්නම් ඇති මඟදි. 🤭

      Delete
  3. කතාව නං කියෙව්වේ නැහැ.කතා කීපයක් දැම්මම පස්සේ කියවන්න ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. නම ලකුණු කරලා යන්න ආවැයි.. 😊

      Delete
  4. අද කතාවෙ පලවෙනි කොටස නියමෙට ලියල තියනවා. ප්‍රයිවෙට් බස් කියන්නෙ, වෙනම උප-සංස්කෘතියක් කියල අහල තියනවා. ගැන්සි බැහැලා, අත්විඳලා නැති නිසා, ඒ ටික ටිකක් නුහුරුයි. නුහුරුයි කිව්වෙ, වැරදි හෝ නරකයි කියන එක නෙමෙයි.

    පලවෙනි කොටස ලියපු වියත් සිංහල රටාව, දෙවන කොටසේදී වෙනස් කලේ වුවමනාවෙන්මද?

    ReplyDelete
    Replies
    1. මල්ලි අඹතලේ පාලම ළඟ කුමාරිලා (මැරිච්ච ගුණපාලලැයි නෝනාගේ) ගෙදරට කාලෙකට කලින් රිංගුව එක වැරදි හෝ නරකයිද?

      Delete
    2. @DGMB //පලවෙනි කොටස ලියපු වියත් සිංහල රටාව, දෙවන කොටසේදී වෙනස් කලේ වුවමනාවෙන්මද?// ඕ.. එහෙම හිතලම තමයි ලියුවේ අන්තර්ගතයට ගැලපෙන්න.. එක ළඟ බාසාවේ තේරෙන වෙනසක් වෙනකොට ඒක owl owl 😊වගේද කියවනකොට? හිතන්නෝනි ඒ ගැන. ස්තූතියි.

      Delete
    3. //Anonymous17 February 2023 at 19:22// කුමාරිලැයි ගේ ගුහාවක් වගේද බං? නැත්නම් ඇස්කිමෝල උන්නද අඹතලේ පැත්තේ? 🤭

      Delete
    4. @කල්‍යාණ මිත්‍ර
      දෙබස් වලදි "ටවල්, ෂෝට" වගේ වචන භාවිතය කිසිම අවුලක් නෑ. ඒත් විස්තර කිරීමෙදි ඒ ටික ටිකක් නුහුරු ගතියක් දැණුනා. මගේ "අවුල් ඔපීනියන් එකක්" නිසා වැරදි වෙන්නත් ඇහැකි.

      @ ඇනෝ
      ගුණපාලලැයියා කිව්වෙ, ඇටඹ ගහේ බෙනේ උන්න පක්සියද? අර මී කතුරට අහුවෙලා මලේ....

      Delete
    5. @DGMB 🤭 අන්න එහෙම තේරෙන්න කියන්න එපැයි .. දැන් අහුවුනා අවුල. එහෙම බලලා ආපහු කියවද්දි මටත් නිකම් අවුල් අවුල් වගේ.. තැන්කියු ඈ. ඉස්සරහ කොටස් වලදී සැළකිලිමත් වෙන්නම්. 🙏

      Delete
  5. බලමු ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. නදුනන තුවක්කුකරුවෙක් නේද ඇවිත් තියෙන්නේ.

      Delete
    2. //නදුනන තුවක්කුකරුවෙක් නේද ඇවිත් තියෙන්නේ.// බලමු ඉස්සරහට.. 🤭 🤭

      Delete
  6. රීඩබල් වෙනව නං ලිපියක් කියවීම
    කියවමි; හෙමින් නොගනිමි තීරණ එහෙම
    කතුවර සිතේ ඇති දේ ගැන පැවසීම
    කාටද ඇහැකි, අප කළ යුතු ඉවසීම

    ReplyDelete
    Replies
    1. නිමල් අයියට විතරක් කියන්නම්.. මේක මගේ හිතේ විතරක් තියෙන එකක් නෙවෙයි.. හැබෑවටම වෙච්චි සිදුවීම් කීපයක් නාට්‍යානුසාරයෙන්.. ආ නෑනේ.. නවකතානුසාරයෙන් ඉදිරිපත් කිරීමක්.අර මනෝජ් කියුව වගේ 'බලමු ඉස්සරහට..'

      ස්තූතියි අලංකාර කවි ප්‍රතිචාරයට හැමදාම වගේ.. 🙏

      Delete
  7. නියමයි...... ෆිල්ම් එකක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඇඟ කිලිපොළා යන ප්‍රේම ජවනිකා සමඟ සිත මන්මත් කරවන සටන් රැගත්.. 🤭 🤭

      Delete
  8. දෙමලුන් මරා දැමූ සාමාන්‍ය නැවි සුමිත් ට නිවන් සැප සම්පත් පාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. අසාමාන්‍ය නැවියොත් ඉන්නවද බං? 🤭 🤭

      Delete
  9. //වත්තල හේකිත්ත පාරෙන් හේකිත්ත පටුමඟට හැරවූ නිල් පැහැ පොලිස් ජීප් රථය දකුණට විශාල වැළමිට වංගුව ගෙන පාරේ දකුණු පස පිහිටි//අපේ කම්පැනි එකේ ලංකාවේ කාර්යාලය තියන තැන හරියටම ලිව්වේ තවත් මඩක්ද කියල කල්පනා කළේ. 😄

    ReplyDelete
    Replies
    1. හුටා.. ඔයත් සංසාරේ වගේ මගේ පස්සෙන්ම එනවනේ කතාවක් ලියුවත් යකෝ.. 🤭 🤭 2007/08 කාලේ වගෙත් ඔයාගේ ඔෆිස් එක ඔය කිට්ටුවම තිබ්බානම් සහ මේ වගේ දේවල් ගැන ඉව තියෙන එකෙක් ඒ ඔෆිස්සෙකේ හිටියානම් මේ කතාව දැනටම වැඩි හරියක් තේරිලා. 😄

      Delete
    2. අපි එතනට ගියේ අවුරුදු හතරකට විතර කලින්. දෙවෙනි තට්ටුවේ ඔෆිස් එක. ඒකෙ බිම් මහලේ නම් ඉටිකිරිස් නංගිලා ටිකක් ඉන්නවා රෙසිප්ෂන් එකේ. 😃

      Delete
    3. ආයේ යන්න වෙනවා ඇත්තද බලලා එන්න ඒ පැත්තේ.. 🤭

      Delete
  10. Replies
    1. ඔව්. ට්‍රේල් තමයි ඒ කාලේ 'පොරවල්' පැද්දේ.. රේස් කරන සද්දෙන් කියන්න පුලුවන් 'පොරගෙ' ඝනකම 😄

      Delete
  11. අද තමයි දවස් ගානකට පස්සෙ බ්ලොග් කියවන්න වෙලාවක් හම්බඋනේ. ඕං කොටස් දෙකම කියෙවුව.
    අගේ ඇති කතාවක් වගේ. ඔහොම ලියාගෙන යං.

    එකාතකට මේකෙ මැද ටික ලිවුවෙ අටමද කියලත් මට හිතෙනව ඉඳගෙන.

    ReplyDelete
  12. මහේෂ් කියන්නෙ අර අවංහල ලියන එකාද? ඌ බොන් නෑනෙ. අරක්කු වල සුවඳ බලනව විතරයිනෙ.

    ReplyDelete