(A fictitious blog novel about controversial supply chain to North & East during and immediate after the war)
පෙර වදන..
ලිඛිතා මංජරි විසින් සිය මුහුණු පොතේ හා කඩදාසිකොලේ බ්ලොග් එකේ මේ දිනවල ලියමින් සිටින අංජලිකා වෙල්ලාලගෙ-දර්ශන් ඉලෙයිරාජා-කිත්ම දොඩංගොඩ අතර තුන් ඈදුතු ප්‍රේමය ගැන කියවෙන මට ඇහෙන සරින් නවකතාවේ අතුරු කතාවක් වන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දර්ශන් නම් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු සිසුවා විසින් තහනම් සංවිධනයක් වෙනුවෙන් අනවසරයෙන් නිපදවන ලබන නියමු රහිත කුඩා ගුවන් යානා (Unmanned area vehicle) පිලිබඳව කියවීමේදි සිතේ ඇතිවූ සිතුවිල්ලක් මත නිර්මානය කරන ලද ප්‍රබන්දයක් මෙලෙස ඔබ වෙත ඉදිරිවපත් කරමි.
මෙම කතාව 2007 වසරේ අග බාගයේ සිට ඉදිරියට ලියවෙන අතර ඉන් පෙර සිදුවූ සිද්ධින් පිළිබඳව සඳහනක් වෙතොත් ඒ බැව් ඉඟි කරනවා ඇත. බොහෝදෙනෙකු සිතන පරිදිම මෙය LTTE සංවිදානයේ හා ශ්‍රී ලංකා ආරක්ශක සේවයේ එවකට ක්‍රියාකාරකම් වලට සමාන ආකෘතියෙන් ලියැවෙනු ඇති නමුත් මෙය හුදෙක් නිර්මාණාත්මක ලේඛනයක් මිස කිසිසේත් සත්‍ය ලෙස සිදුවූ සිදුවීමක් හෝ සත්‍ය චරිත ලෙස ජීවත්වූ/ ජීවත්වන කිසිවෙකු හා සම්බන්ද කතාවක් නොවේ.
2007 වසරේ අග බාගය යනු උතුරු නැගෙනහිර යුද්ධය ඉතා දැඩි ලෙස ඇවිල යමින් තිබූ වකවානුවක් වූ අතර රජයේ පාලන ප්‍රදේශ වෙතින් උතුරු නැගෙනහිර වෙත කෙරෙනු ලබන ආහාර ඉන්ධන ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය දැඩි ලෙස නියාමනයට ලක් කොට තිබීම නිසා ඒ අවසරයෙන් අවස්ථාවාදි දකුණේ සමහර ව්‍යාපාරිකයෝ සිය හිතවත් දේශපාලකයින්ගේ අනුබලයද සහිතව නොයෙකුත් කූඨ ව්‍යාපාර හරහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඉතා අධික ලාබ සහිතව උතුරට සැපයීම කරගෙන ගිය අතර ඒ සම්බන්දතා හරහා ත්‍රස්ත සංවිධානය විසින් දකුණේ විවිධ අපරාධ සිදු කිරීම්, ඔවුන්ගේ ත්‍රස්ථ ක්‍රියා සඳහා දකුණේ පුද්ගලයින් යොදා ගැනීම්, ආර්ථික මර්මස්ථාන වලට ඉහළ පෙළේ පුද්ගලයින්ට ප්‍රහාර එල්ල කිරීම් සැළසුම් කිරීම් නොකඩවා දියත් කලේය. මෙය භූමියේ හමුදාවලට මෙන්ම ජාතික බුද්ධි අංශ සේවාවන්ටද ඉතාමත් අභියෝගාත්මක මෙන්ම තීරණාත්මක කාල පරිච්ඡේදයක් විය.
මේ හැමටම වඩා පීඩාවට පත් පාර්ශවයක් වූයේ උතුරට සම්බන්ධ දකුණේ ජීවත් වූ ද්‍රවිඩ උගතුන්, ව්‍යාපාරිකයින්, රජයේ නිළදාරින් හා විශ්ව විද්‍යාල සිසුන් වේ. ඔවුන් වෙත නිරන්තරයෙන් රජයේ බුද්ධි අංශවල අවධානය යොමු වූවා සේම ත්‍රස්ත සංවිධනයේ නොමද බලපෑම් වලටද යටත් වීමට සිදුවීම බොහෝසෙයින් සිදුවිය. ඒවාට හවුල් වීම ඔවුන්ගෙ ජිවිත වලට තර්ජනයක් වූ අතර ඒවා මඟහැරීම ඔවුන්ගේ මෙන්ම උතුරේ වෙසෙන ඔවුන්ගේ ඤාති හිත මිත්‍රාදීන්ගේ ජිවිත වලටද තර්ජනයක් විය. එහෙයින් ඔවුන් බොහෝ දෙනෙකුගේ එකම අපේක්ශාව වූයේ 'දෙපැත්තෙන් එක පැත්තකට' රහසේ වැඩි සහයෝගයක් දී ඒ මාර්ගයෙන් අඹුදරුවන් සමඟ රටින් පැන ගැනීමයි.
2009 මැයි මාසයේදි යුද්ධමය වශයෙන් ත්‍රස්ත සංවිධානය පරාජය වීමෙන් අනතුරුවද මෙම ව්‍යාපාර, තොරතුරු රැස් කිරීම්, නව ආයුධ නිර්මාණය, නව සටන්ක්‍රම අධ්‍යයනය මෙන්ම මේ යට රැඳි දේශපාලනය දිගටම ක්‍රියාත්මක වූවායැයි අනුමාන කරමින් මේ නිර්මාණය ඉදිරියට යනු ඇත. ලිඛිතාගේ පූර්ව අවසරය සහිතව ඇගේ කතාවේ එන චරිත වන බිශොප් (දර්ශන් ඉලෙයිරාජා), KD (කිත්ම දොඩංගොඩ), දේවා, සංජු සහ රෝහිත පෙරේරා වැනි චරිත මේ කතාවේදි තැනින් තැන ඔබට හමුවෙනු ඇත. ස්තූතියි ලිඛිතා මංජරී සොහොයුරියට..
*******************************************
පසුබිම් කතා අංක එක..
බී. ඔස්ටින් පෙරේරා සහ පුත්‍රයෝ යනු 60 දශකයේදී කොළඹ-මහනුවර- ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ජනප්‍රියවු අත්‍යාවශ්‍ය භාන්ඩ ප්‍රවාහන, සැපයුම් හා විකුණුම් සමාගමක් වේ. එහි නිර්මාතෘ ඔස්ටින් පෙරේරා පහතරටින් ගොස් මහනුවර පදිංචි වූ වෙළඳ පවුලක සාමාජිකයෙක් වූ අතර උඩරට වංශවත් පවුලක කාන්තාවක හා විවාහ වී නුවර පදිංචි වී සිටියේය. ඔහු දක්ශ ව්‍යාපාරිකයෙකු වූ අතරම සමාජසේවා සඳහාද දේශපාලකයින් සඳහාද නොමසුරුව වියපැහැදම් කිරීම හේතුවෙන් ඉතා ජනප්‍රිය පුද්ගලයෙකුව සිටියේය. 70-77 කාලයේ ඔහුගේ ව්‍යාපාර වල යම් පසුබෑමක් සිදුවූයේ නමුත් 77න් පසු දේශපාලන හිතවත්කම් හරහා ත්‍රිවිද හමුදා වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලැබීමෙන් පසු ඔහුගේ ව්‍යාපාර යළිත් වේගයෙන් හිස ඔසවන්නට විය.
94 පළාත් පාලන මැතිවරණය ආසන්න වනවිට ඉහළපෙලේ ධනවතෙකු වූ ඔස්ටින් මුදලාලිට මධ්‍යම පළාත් සබාව සඳහා ඡන්දයට ඉදිරිපත් වීමට නාම යෝජනා වුවද ව්‍යාපාර කටයුතු වලට වැඩි උනන්දුවක් දැක්වූ ඔස්ටින් මහතා සිය වැඩිමහල් පුත්‍රයා වන රෝහිත පෙරේරා ඡන්දයට ඉදිරිපත් කලේය. පියාගේ මුදල් හා හොඳ නාමය මුල් කරගෙන මධ්‍යම පළාත් සබාවට තේරි පත්වු රෝහිත පෙරේරා පසුව සිය දේශපාලන සම්බන්දතා ද යොදා ගනිමින් පවුලේ ව්‍යාපාර පුළුල් කර අතර පියාගේ වියෝවෙන් පසු ඒවායේ වැඩි අයිතිකරු බවට පත්විය.
2005 වසරේ පාර්ලිමේන්තුවට තේරි පත්වීමෙන් අනතුරුව කෙළින්ම ව්‍යාපාරික කටයුතුවල යෙදීමෙන් ඉවත්වූ රෝහිත පෙරේරා මන්ත්‍රීවරයා ව්‍යාපාරික කටයුතු මෙහෙයවීම සිය පුත්‍රයා, සහෝදරයා සහ හිතවතුන්ට වෙන් වෙන් වශයෙන් පවරා ඒ සියල්ලෙහි නූල් දුර සිට හැසිරවීම කරගෙන ගියේය. මේ සමහර ව්‍යාපාර ඉතා ලාබදායි වූ නමුත් එතෙක් සිය පියා විසින් පවත්වාගෙන ආ නිරවුල් හා සාධරණ ක්‍රම වලින් බැහර වූ හෙයින් විරුද්ධ පාක්ශිකයින්ගේ වාග් ප්‍රහාර වලින් බේරීමේ පළිහක් ලෙස හේ සිය ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ශ ක්‍රියාකාරිකයෙකු හා මැණික් හා ස්වර්ණාභරණ ක්ශෙත්‍රයේ ව්‍යාපාරික දැවැන්තයෙක් වූ වෙල්ලාලගේ පවුලේ කණිටු දියණියට වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගනිමින් සිටි තම පුත්‍රයා විවාහ කර දෙමින් විශාල දේශපාලනික හා ව්‍යාපාරික පිම්මක් පැන්නේය.
පසුබිම් කතා අංක දෙක..
1971 වසරේ මැයි මස අවුරුදු නිවාඩුවෙන් පසු යළි පාසැල් ආරම්භ වූ කොළඹ රාජකීය විද්‍යාලයේ උසස්පෙළ පන්තියේ සිසුන් දෙදෙනෙකු අතර සංවාදයකි. මහනුවර උසස් පවුලකින් කොළඹ පැමින සිසු නේවාසිකාගාරයේ සිට පැමිණෙන ධර්මේන්ද්‍ර දොඩංගොඩ සිය අතිජාත මිත්‍රයා වූ තිරුසෙල්වන් ඉලෙයිරාජාට නුවරින් ගෙනා අතිරස ආස්මි ඇතුලු කෑම පාර්සලයක් තෑගි කල අතර දෙදෙනාම එක්ව තිරු ගේ මෑණියන් පිළියෙල කර එවූ තෝසේ, සාම්බාරු, සම්බල් සහ උළුඳු වඩේ පාර්සලය දිග ඇරගෙන කන ගමන් මේ කතා කරන්නේ පාසැල් නිවාඩු සමයේ ඇතිවූ තරුණ කැරැල්ල පිළිබඳවයි. හොස්ටල් එකේ මෙන්ම ගෙදරදිත් දැඩි විනය නීති යටතේ හැදී වැඩුණු ධර්මේන්ද්‍ර කැරැල්ල කළ තරුණයන්ට එරෙහිව කතා කළ අතර වැල්ලවත්තේ සිය ගෙදර සිට සිදුවූ සිදුවීම් වඩාත් ආසන්නයෙන් නැරඹූ එමෙන්ම කැරළිකාර තරුණයින්ගේ ඉල්ලීම් වලට වඩා සංවේදි වූ තිරු කැරැල්ල ගමන් කල දිශානතිය විනා එහි අරමුණ විවේචනය නොකිරීමට වග බලා ගත්තේය.. "ධර්මේ බලන්න.. තව ටික දවසකින් උඩහා පැත්තේ අපේ කොල්ලොත් ඔය විදියටම නීතිය අතට ගන්න හදනව"
ඉන් හරියටම වසර දොළහකුත් මාස දෙකක ඇවෑමෙන් රාජ්‍ය භාෂා දෙපාර්ථමේන්තුවේ භාෂා නිළධාරි තිරුසෙල්වම් ඉලෙයිරාජා, ඔහුගේ සුන්දර බිරිඳ සහ වසරක් වියැති දියණිය සතියක් පුරා බම්බලපිටිය පොළිස් නිළධාරී නිවස්නයේ ඉන්ස්පෙක්ටර් ධර්මේන්ද්‍ර දොඩංගොඩගේ නිළ නිවසේ අඳුරු කාමරයක බියෙන් ගැහෙමින් නොනිදා හෝ රැය පහන් කිරීමට වාසනාව ලද්දේ ආයුධ ගත් මැරයින්ගේ ග්‍රහණයට හසුව මරණය පෙනි පෙනි සිටිද්දි නිළ රියෙන් පැමිණි, තමා සමඟ එක බත් පත බෙදාගෙන කෑ සිය පාසැල් සගයා විසින් බේරාගෙන ආර්ක්ශිතව ඔහුගේ නිළ නිවස තෙක් රැගෙන යාම නිසයි. කළබල ඉවර උනු වහාම රාජකීයයේ සිය මිතුරන්ගේ මාර්ගයෙන් රැකියා ස්ථානයේ මාරුවක් හදාගත් තිරු, පවුල පිටින් ස්ථිර පදින්චියට යාපනය බලා යාමට ප්‍රතම මොහොතක් සිය සගයා වැළඳගෙන කඳුළු සැලුවේය.
දිනෙන් දින ඇවිලී ගිය කුරිරු යුද්ධයෙන් දිවයින උතුර හා දකුණ ලෙස කොටස් දෙකකට බෙදි යද්දී ඉඳහිට දෙමිතුරෝ සැප දුක් බෙදා ගත් නමුත් එකිනෙකා හමුවීමට ලැබු අවස්තා ඉතාම අල්ප විය. කල් ඇවෑමෙන් ධර්මේන්ද්‍ර පොලිසියේ විශේෂ මෙහෙයුම් අංශයේ ඉහළට යද්දි යාපනයේ පදිංචි ඔහුගේ පාසැල් සගයාට ඔහුව දුරකථනයෙන් ඇමතීමේ අවස්ථාව පවා සීමා සහිත විය. තිරු මහතා භාවිතා කල සියලු දුරකතනවලට ත්‍රස්ත සංවිදානයේ ඔත්තු කරුවන් විසින් රහසේ සවන්දීම නිසා ඔවුන් එකිනෙකා කතා කිරිමද සම්පූර්ණයෙන්ම පාහේ නැවති තිබියදි වසර 2006 එක් අඳුරු දිනයකදි ජෙශ්ඨ පොලිස් අධිකාරි ධර්මේන්ද්‍ර දොඩන්ගොඩ ට ඒ මූසල ආරංචිය කණ වැකින. සංවිධානය විසින් දුන් අණක් පැහැර හැරීමේ චෝදනාව නිසා දේශද්‍රෝහි ලේබලය යටතේ ඒ සොඳුරු මිත්‍රයා යාපනයේ සිය නිවසේදි සංවිධනයෙ තුවක්කු කරුවෙකු අතින් ඝාතනය වී තිබිණි. පසුව දැනගන්නට ලැබුණු පරිදි සංවිධානය විසින් ඔහුට අණ කර තිබුණේ පණිවුඩකරුවෙකු ලෙස සංවිධානයේ ඝාතකයෙකු ධර්මේන්ද්‍ර දොඩංගොඩ වෙත යැවීමට කටයුතු කරන ලෙසයි. ඒ හොඳ මිනිසා මිත්‍රත්වය පාවාදෙනු වෙනුවට ඔහුට ඤාතීත්වයෙන් සිය සහෝදරියගේ පුත්‍රයා වූද මාස කීපයකට මත්තෙන් සිය දියනියගේ සැමියා වූද අරුල් දේවනායගම් හෙවත් දේවාට සිය බිරිඳ, දියණිය මෙන්ම උසස් පෙළ හදාරමින් සිටි තරුණ පුතණුවන්ගේද අනාගතය බාර දී වීරයෙකු ලෙස අශිෂ්ඨත්වයේ වෙඩි උණ්ඩයට ළය දී නිහඬ ව ගොස් තිබුණි.
**********************************************
වර්ථමාන කතාවට ප්‍රවේශයක්...
දිනය: 2007 ඔක්තෝබර් මස 20,
ස්ථානය: වැලිකඩ රිමාන්ඩ් සිරමැදිරිය
වේලාව සවස 5ට ආසන්න වේ. සාමාන්‍ය ඇඳුම් ඇඳගත් තළෙලු උස මහත ගැහැණියක් ගේට්ටුවෙන් පිටව යාමට මෙන් ගොස් යමක් අමතකවූ විලාසයෙන් නැවත කලබලයෙන් අමුත්තන්ගේ කාමරය පසුකරමින් බන්ධනාගාරය දෙසට යමින් සිටියාය. යමින් ගමන්ම ඈ අත තිබූ සුදු තුණ්ඩු කැබැල්ල ගුලිකොට නො.42 කාමරයේ ඇගේ පැමිණීම අපේක්ශාවෙන් මෙන් සිටි රිමාන්ඩ් සිරකරුවා දෙසට විසිකරමින් මෙසේ පැවසුවාය.
"රෑ නමයට.. කෝල් සයින් එක ඇල්ෆා රෝමියෝ කියන්න කියුව"
හිස නොසොල්වා මුහුණෙන් කිසිදු හැඟීමක් පිට නොකළ සිරකරුවා ඇස් පමණක් කරකවා තුණ්ඩු කෑල්ල වටෙන තැන නිරීක්ශ්ණය කළේය.
ඉන් පැය හතරකට පසු.. හරියටම රාත්‍රි නවයට..
ට්‍රිං..ට්‍රීංං...
"හෙලො.."
"කෝල් සයින් ප්ලීස්.."
"ඇල්ෆා රෝමියෝ.."
"රයිට් පුතා.. නියමයි. මම මයික් සියරා. උඹ හෙට උදේම වත්තල යාඩ් එකට පලයං. ලොරි 34ක් යනව හෙට යාඩ් එකෙන් වවුනියාව ආමි කෑම්ප් එකට. උඹේ අයිඩි එකයි ලයිසන් එකයි අනිත් ඩොකියුමන්ට් ටිකයි එතන මහත්තය දෙයි. මතක ඇතුව උඹය කියල අඳුනගන්න තියෙන ඔක්කොම කොහෙ හරි දාලා පලයන්. පර්ස් අස්සේ කෙල්ලොන්ගෙ අම්මගෙ ෆොටො එහෙම තියෙනව නම් ඒවත් ඔක්කොම දාලා පලයන්."
"හරි.. ඒවා ඔක්කොම අයින් කරා. මග වියදමට කියල දීපු සල්ලි විතරයි සාක්කුවෙ"
"නියමයි..උඹේ ලොරිය එතනින් අන්තිමට පිටත් කරයි. මොනම වෙලාවකවත් අනිත් උන්ට ඉස්සර කරන්න එපා. මැදවච්චිය රෝඩ් බ්ලොක් එකට යනකං මොකෙක්වත් නවත්තන්නේ නෑ. මැදවච්චියෙන් ඔක්කොම නවත්තල උඹේ ඩොකියුමන්ට් ටික බලනව. ලොරියේ යටයි හිතුනොත් පිටිපස්ස උනත් ඇරල බලනව. ප්‍රස්නයක් නෑ ඩිමාන්ඩ් එකේ තියෙන බඩුමයි පටවල තියෙන්නේ. උඹ පැනික් උනේ නැත්නම් උන් එහෙමවත් බලන්නේ නෑ. මැදවච්චියෙන් යනකොට උඹ තමයි අන්තිමට යන්නෝනි."
"හරි"
"පූනෑව කෑම්ප් එක පහු කරලා වවුනියාව පැත්තට හැතැක්ම දෙකක් යනකොට වම් අත පැත්තේ මුලින් සොහොන් පිට්ටනිය, ඊළඟට ඇලත් එක්ක ලොකු කුඹුක් ගස් දෙක, ඊළඟට වම් අත පැත්තේම පස් පාර.. ඒකට ලොරිය දාලා මීටර් පන්සීයක් ඉස්සරහට යනකොට මුත්තවර් පාරට එයි. කෝල් සයින් එක ඇහුවොත් ඇල්ෆා රෝමියෝ කියාං. මතකනේ.. ගංජා අරක්කු එහෙම කෙළලා ගිහිං කෙළොගන්නව නෙවෙයි."
'පිස්සුද.. එහෙම කරනවද"
"මට නෙවෙයි යකෝ.. තෝ වගේ එකෙක් එහෙම පිස්සුවක් කෙළපු නිසා තමයි මට මේ අදටත් අස්සේ හැංගිලා ඉන්න වෙලා තියෙනේ.. මොනව හරි හේතුවකට උඹට තැන මිස් උනොත් හරි ආමි කාරයෙක් වාහනේට නැග්ගොත් හරි උඹ සාමාන්‍ය විදියට කෑම්ප් එකටම ගිහිං බඩු බාලා ලොරිය අරං වරෙන්. අපේ ප්ලෑන හරිගියොත් මුත්තවර් උඹව කරදරයක් නැතුව ගෙදරට ඇරලවයි. ඔය ෆෝන් එකයි උඹට දෙන ඩොකියුමන්ට් ටිකයි උගේ අතට දුන්නම කෑෂ් වලින් රුපියල් විසිදාහ උඹට ලැබෙයි"
"හරි මහත්තය.."
"ගියා ආවා.. මොකුත් නොදන්නව නොවුනා වගේ ආපහු රස්සාව කරගෙන හිටපන්. විස්වාසේ අනුව තමයි ඉස්සරහට වැඩ හම්බෙනවද බඩු හම්බවෙනවද කියල තීරණේ වෙන්නේ"
"ඒවා ඒ විදියටම කෙරෙයි"
"හරි.. උඹ ගැන මට හොඳ රෙකමන්ඩේශන් එකක් හම්බුනා පුතා.. පරිස්සමෙන්"
"හරි මහත්තය"
***************************************
හමුවෙමු ළඟදීම.. පළමු කොටසින්..
- ක.මි.
+++++++++
ReplyDeleteස්තූතියි වැට ඇනෝ ට :)
DeleteSorry, මේකෙ නම වැටුනෙ නෑ
Deleteමං හිතුවා අනන්‍යතාවය හංගන්න ඕනි වෙලා කියලා 🤭
Deleteඅපොයි නෑ කවදාවත්.
Deleteඅනිත් එක අනාගන්නතාවය බලපාන්නෙ බ්ලොග් ගෙට්ටුගෙදර්වලටනෙ :-D
අයි රිසර්ව් මයි කොමෙන්ට්..! :))))
Deleteමොන ග්‍රවුන්ඩ් එකද රිසර්ව් කලේ?
Deleteඕකනේ බැරි.. :/
Deleteලිඛිතගෙ කතාව ඉවර වෙන්න යන්නෙ..ඒකෙ හෙන පැටලැවිලි ගොඩයි.නමුත් ඉවර වෙන්න ළඟයි.ඒ කතාවෙම වැහුන පැත්තක් මේ කතාවෙන් බලන්න පුලුවන් වගේ. ඒ කතාවෙ කොටස් කීපයක්ම මේ කතාවෙන් ලස්සනට සාරාංශ වෙලා. හැබැයි කොල්ලො කතාව ඉවරෙනකම් ලියන්න ඕන හරිය .
ReplyDeleteමම නොවෙයි මම! :) ලිඛිතා ගේ කතාවෙන් තමයි උත්තේජනය ආවේ.. ඒකට හානියක් නොවී සමාන්තරව ලියන්න අනුමැතිය කියන පමාවෙන් දුන්නා ලිඛිතා මැඩම්! බොහොම ස්තූත්‍යි කොමෙන්ටෙකට මැඩම්..!
Deleteඑලය!
ReplyDeleteස්තූතිය!
Deleteරනිල් ගැන ගොඩක් අය අදහන බොරු අතරෙ මං විශ්වාස කරන බොරුවකුත් තියෙනවා. මං හිතන්නෙ නෑ රනිල් ගැන ඇත්ත අපි කිසි කෙනෙක් දන්නවා කියල. එහෙම කවුරුවත් ගැන දැනගන්න තරම් දේශපාලනයේදී සාවධාන වීමක් සිද්ද වෙන්නෙ නෑ කොයි පැත්තකින් වුනත්. ඒත් මෙහෙම දෙයක් තියෙනවා. හැමවෙලාවකම බහුතරය ඉන්න පැත්ත කියන්නෙ අනිවාර්ය ලෙසම වැරදි පැත්ත. අසංවේදී පැත්ත. වඩා අන්ධ වූ ඇදහිලිවන්ත පැත්ත.
ReplyDeleteරනිල් ගැන මගේ බොරුව මෙහෙමයි. රනිල් කියන්නෙ තමන්ගෙ දේශපාලන ඉතිහාසය ඇතුලෙ කිසිම දවසක ජාතිවාදය, වර්ගවාදය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. දේශපාලන බලය වෙනුවෙන් මේ තුරුම්පුව ලංකාවෙ අනිත් හැම කෙනෙක්ම පාවිච්චි කරලා තියෙනවා. ජවිපෙ මේක උඩින්ම පාවිච්චි කරපු පක්ෂයක්. අදත් ජවිපෙට මේ අන්තය අතාරින්න අමාරුයි. සජිත් ඕන වෙලාවක මෙතන හිටගන්නවා. ඒක තමයි ලංකාවෙ බලය දිනන ලේසිම ක්‍රමය.
අනික ලංකාවෙ බහුතරයට රනිල් එක්ක තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක්. උන් රනිල්ට කැමති නෑ. රනිල් විසින් උන්ව ඉන්ටිමේඩේට් කරනවා. අපහසුතාවයට පත්කරනවා. හීනමානයක් ඇති කරනවා. මං කැමතියි එහෙම පෞර්ෂයන්ට. අපිව පර්සනලි අවුල් කරන මිනිස්සුන්ට. ආදරෙන් බදා වැළඳගෙන පපුවෙන් කතා කරන හැගුම්බර මිනිස්සුන්ට වඩා අපිව එකසිස්ටන්ෂල් ක්‍රයිසිස් එකකට දාන මිනිස්සු අසිරිමත්.
රනිල් ඉන්නෙ තනියම. රනිල් කියන්නෙ පක්ෂයක් නෙමෙයි. හැමෝටම තමන්ගේ පිරිස වැඩි කරගන්න කියන්න වෙන බොරු, ඇති කරගන්න වෙන එකගතාවලට වඩා තනියම තමන් පිළිගන්න ස්ථාවරයක පෙනී ඉන්න මිනිස්සුන්ට මං කැමතියි. මිනිස්සු තමන් ඉන්න පැත්තට ආවොත් මිස තමන් මිනිස්සු ඉන්න පැත්තට නොයන එළඹුමට මං ගරු කරනවා. ජවිපෙ මෙතනදි ඉතාම දුර්වලයි. ඊයෙ විවේචනය කරපු දේ වෙනුවෙන් අද පෙනී ඉන්න තරම් පෞර්ෂයෙන් දුර්වලයි. උදා විදිහට මෑතක වෙනකල්ම ජවිපෙ විශ්වාස කලේ සමලිංගිකත්වය රෝගයක් කියල. කාන්තාවන් මත්පැන් පානය කිරීම වැලැක්විය යුතුයි කියල. ආගම අබිං කියල. අයිඑම්එෆ් යන්නෙ නෑ කියල. රජයේ රස්සා වැඩි කරන්න ඕන කියල. තව බොහෝ දේවල්. අඩුම තරමෙ ඒ පෙනී හිටපු අතීත තැන ගැන විවේචනයක් හෝ නැතිව ජවිපෙ ආස්ථාන මාරු කරනවා. ඒක මානසික රෝගී තත්වයක්.
මං කැමතියි හුදකලා වෙන මිනිස්සුන්ට. රංචුව විසින් ඔසවා ගන්න මිනිස්සුන්ට වඩා. ගෝටාබය වුනත් ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා හුදකලා වුනු තැන පටන් මං මනුස්සයෙක් විදිහට ගෝටාට ආදරය කරනවා. ඒ වේදනාව හෝ හුදකලාව බෙදාගන්න පුළුවන් නම් ඒක කරනවා. හුදකලාව විසින් මිනිස් පැවැත්මේ ඉතා ගැඹුරු තලයන් ස්පර්ශ කරනවා.
රනිල් කියන්නෙ හුදකලා මිනිහෙක්. ලිංගික අනන්‍යතාවයක් විදිහට මහා සමාජය විසින් හුදකලා කළ මිනිහෙක්. පොදු සංස්කෘතියට පිටස්තර සංස්කෘතියක් දැරීම නිසා හුදකලා කරන මිනිහෙක්. පොදු විශ්වාසයන් සමග අනන්‍ය නොවන නිසා හුදකලා කරන මිනිහෙක්. එතනදි රනිල්ව මට දැනෙන ප්‍රමාණය පොදු එක සමග අනන්‍ය මිනිහෙක් දැනෙන ප්‍රමාණයට වඩා වැඩියි.
අනික මේ වෙලාවෙ රනිල් පිහිටන තැන. ඒක ඓතිහාසිකයි. ජනවරමකින් නැතිව ව්‍යවස්ථා වරමකින් ලැබුණු ධුරයක්. බංකොලොත් රටක්. පිස්සු කෙළින ජනතාවක්. තමන්ගෙ එකම හයියට ඉන්නෙ ඉතිහාසයක් පුරා තමන්ගෙ ප්‍රතිවාදියාම වුනු තැනක්. අවසාන අවස්ථාවක්.
ඒක තනි මිනිහෙකුට සෙල්ලම් කරන්න ලේසි ගේම් එකක් නෙමෙයි. අනුර වගේ කෙනෙක් නම් කලිසමේ මුත්‍රා පහවෙන තරමෙ එකක්. ඒත් රනිල් තෝරගන්නවා උත්සාහ කරමින් මියැදීම යහපත් කියල. ඒක මිනිහෙක් විදිහට ජීවිතේ ගහන අවසාන කැරැල්ලක්. ඒ ගැන මට තියෙනවා ගෞරවයක්.
ඉතිං ඔය විදිහට රනිල් ගැන මගේ බොරුව තව දුර යනවා.
කියෙව්වේ නම් නෑ.. මක්ක හරි වැදගත් දෙයක් වෙනැතිනේ.. ටැංකියු ඈ! :)))
Deleteනිහඬතාව බිඳීම ගැන මගේ බලවත් මෙව්ව එක වගේම ඉතුරු හරිය කොයි කාලෙ කියවන්න ලැබේද දන්නෑ.
ReplyDeleteනිහඬතාවය බින්දා ගිය සතියේ ඉඳල.. ඔව් ඉතින් පොරොන්දු කඩ කරපු ඉතිහාසයක් නොවැ තියෙන්නේ හිටං. ෂුවර් නෑ ලියලා ඉවර වෙනකම් :))
Deleteහොඳ ත්‍රිලර් එකක් වෙයි වගේ..
ReplyDeleteදිගටම කියවන බලාපොරොත්තුවෙන්..
ජයි හෝ... 😊😊🤭
ආ.. මිසටර් අවන්හල.. තැන්කියු තැන්කියු! 😊
Deleteඑක දිගටම කියෙව්වා. හොඳයි. ඔහොම යං! 👌
ReplyDeleteතැන්කියු බසුතුමා..! කතාව ලියන්න පටන් ගන්නෝනි දැන්.. 😊
Deleteහිතවත් ඩ්‍රැකී, තට්ටයා, කොලොම්පුරේ, කමියා හා නිදි වෙත.
ReplyDeleteඔබ සමූහය විසින් පවත්වන්නට යෙදුනු බ්ලොග් හමුව සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීමට අපගේ සින්ඩිය මැදිහත් වූයේ මහත්වූ සතුටකින් සහ අපේක්ෂාවකින්ය.
එහෙත් මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් සුහද හමු දෙකක් පවත්වන්නට උත්සාහ කරණ අයුරක් අපට පෙනී යයි. එය එක්තරා අයුරකින් සාධණීය තත්වයකි.
කරුණාකර මෙම බ්ලොග් හමු පැවැත්වෙන දිනයන් හා ස්ථානයක් පිළිබඳව අපව දැණුවත් කරණ්නේ නම් එය අපට බ්ලොග් 1250ක් අතර බෙදා හැරිය හැක.
ඒ පිළිබඳව කිසියම් එකඟතාවයක් ඇතිවූ විගස අපව දැනුවත් කරණ්න.
මෙම උත්සව සඳහා අප මැදිහත්වන්නේ හුදෙක් ප්‍රචාරණයෙන් පමනි. එබැවින් එම උත්සව පැවැත්වෙන දිනයන් හෝ ආකාරය පිළිබඳව අප කණ්ඩායම වගකීමෙන් ඉවත්ව කටයුතු කරණ බවද සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලා සිටිමි.
බ්ලොග් හමු ද්විත්වයටම ජය වේවා!
//හිතවත් ඩ්‍රැකී, තට්ටයා, කොලොම්පුරේ, කමියා හා නිදි වෙත.// මම නම් එකම ගෙට් එකක්වත් සංවිධනය කරන්නේ නෑ තවත්. බොක්කෙන්ම කරන්න ගිහිං හිත රිදීමකින් අවසන් උනා. නමුත් කවුරුන් හෝ එකක් කරඔත් ඒකට සහභාගි වෙනව.
Deleteසඳකඩපහන සින්ඩිය කරන ඔබ ඒ වට්සැප් ගෘප් එකක හෝ ඉන්නවද? ඔබේ අනන්‍යතාවය ගැමත් ලීප දෙනෙක් ඇහුවා. දැනට ඒ එක ගෘප් එකකවත් නැත්නම්
sumithyapa@gmail.com කියන මගේ ඉමේල් එකට ඔබේ වට්සැප් නොම්මරය එවන්න. මම ඇඩ් කරන්නම්. එතකොට එහි තත්තවය ඔබට බලාගන්න පුලුවන්.
ගුවං හමුදා කප්පිත්තා කො කෝ
ReplyDelete😊😊🤭
Deleteහායි. කතාව හොඳයි.අපි ගිහින් එන්නංකො ඈ.
ReplyDeleteපුරුදු ඇනෝ හඬක්.. යාළුවෙක් මලාවත්ද පොයින්ට් එක චෙක් කරලා..🤭🤭
Deleteමරේමරු... ඉතුරු ටික ලියන ගමං නේහ්??
ReplyDeleteඅහ්, ලියන්න ඕනි නෙහ්? 🤭 ස්තූතියි!
Delete'මෙම කතාව 2007 වසරේ අග බාගයේ සිට ඉදිරියට ලියවෙන අතර ඉන් පෙර සිදුවූ සිද්ධින් පිළිබඳව සඳහනක් වෙතොත් ඒ බැව් ඉඟි කරනවා ඇත. '
ReplyDeleteනාඋක හමුදාවේ මහත්තයලා ඔය කාලේ නේද කප්පන් ගන්න දෙමල්ලු උස්සන් ගිහිං මැරුවේ.
ඒවා ගැනත් ලියනවද කතාවේ.
හැබැට මහත්තයා දෙමලු කීයක් මැරුවද
දෙමලු කියන්නේ මුදේ මාළු වගේ ජාතියක්නේ.
Deleteකොච්චර මැරුවත් පව් නැ. පිං තමයි සිද්ද වෙන්නේ.
තම්බිලත් එහෙමයි. උන් චිකන් වගේ. පව් නැ.
//Anonymous14 February 2023 at 03:44// ගැන්නේ නෑ බං.. ගණං පුලුවන්නම් හමුදාවට යනවයැ! 🤭
Delete//Anonymous14 February 2023 at 06:35// මාළු වලින් හාල්මැස්සෝ- මස් වලින් චිකන්.. කෑවට පව් නෑ නෙහ්?
Deleteකිව්වට තරහ වෙන්න එපා කමි. මෙලෝම රහක් නැති ලියවිල්ලක්. අගක් මුලක් ඇත්තෙත් නැහැ. ඔයාගේ කාලය අපරාදේ.
ReplyDeleteඋඹ විතරයි බං ඇත්තක් කියුවේ.. ටැන්කියු බොක්කෙන්ම :))))
Deleteකමියෝ මට හොඳයි හොඳටම ආරම්බේ
ReplyDeleteත්‍රිලර් එහෙක ඉඟි දැනටම ගැබ්ව තිබේ
දුන් වචනය හොඳයි; ළඟදී මැදදි සබේ
රැකගෙන ලියමු දැන්, ගැන මේ අරුම හබේ!
අල්ලා ගත්ත වගෙ කොටියා බැඳපු කඹේ..
Deleteදැන් ලියවෙන්නෙ ත්‍රිලර්ස් හොදි නැතිව ඉබේ.. 🤭
හායි
ReplyDeleteහරි අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකකට කමෙන්ට් එකක් දැම්මෙ .
Deleteටහිකේ ඒක.. සමරන්න ඩබල් දෙකක් දාන්නම වෙනවා.. මම කියුවේ කොමෙන්ට්. ඩබල් ඩබල්.. 🤭
Deleteඅර ඩෝරා කතාව වගේ නැතුව මේකවත් ඉවරයක් කරන්නෝනෙ ඈ!
ReplyDeleteසමාවෙන්නෝනි දැම්මම.. මඟදි කම්මැලි හිතුනොත් එහෙම :))))
Deleteලිඛිත ගේ එකත් තාම මඟ හරියේ කියවමින් ඉන්නෙ.මේකත් ටිකක් කොහෙද යන්නෙමල්ලෙ පොල් වගේ දැනෙන්නෙ ඒ නිසාද මංදා..බලමුකො නිවී හැනහිල්ලේ කියවලා
ReplyDeleteතාම කතාව ලියන්න පටං ගත්තේ නෑ.. 🤭🤭🤭
Deleteබ්ලොගර්සලා දෙන්නෙක් එකතුවෙලා ඔප් එකක් බහින්න හදන්නේ,
ReplyDeleteජයෙන් ජයම වේවා....
සිංහල බ්ලොග් ගල ලලිත් ද මේ? ලිඛිතාගේ ඔප් එක ඕල්මෝස්ට් කප්ලීටඩ් සක්සස්ෆුලි. මම මේ එතනදි ආපු පුංචි ඉන්ෆොමේශන් එකක් පස්සේ පන්නන්නේ.. 🤭🤭🤭
Deleteහලෝ
ReplyDeleteකියවන්න පටන් ගත්තෙ නෑ තවම ..කමෙන්ට් පස්සේ
ReplyDeleteලිඛිතාගේ කතාවම අතුරු කතාවක් විදිහට හා එහි අපි නොදැක්ක සමහර ඇතුලාන්තයක් ලියවෙයි වගේ. පෙරවදනේ කියවෙන දේවම් ගොඩාක් සමීපයො චරිත එහෙම. කතාව කියවන් යන්නම් එහෙනම් ඉදිරියට.
ReplyDeleteහුම්...
ReplyDelete