Wednesday 22 October 2014

පස්සෙන් එන (යන) ප්‍රේමය...




මොකක් හරි සංවේදී කතාවක් කියෙව්වම ඒක මට දැනෙන විදිය  එවලේම පුංචි වචන තුන හතරකින් කුරුටු ගාන්න මට තියෙන්නේ පුදුම උණක්.. ඒ වගේ ලියපු නොලියපු කවි කුරුටු ගී මගේ ඩෙස්ක් එක උඩ කටු කොල වල දවස් ගානක් තිබිල විසි කරල දානව ගොඩක් වෙලාවට.. ඒත් දැන් බ්ලොග් එකක් ලියන්නයි ගොඩක් බ්ලොග් කියවන්නයි පටන් අරන් තියෙන නිසා ගොඩාක් වෙලාවට ඒක කොමෙන්ට් එකක් විදියට අදාළ බ්ලොග් එකට දානවා. ඒ අතරිනුත් කිහිපයක් මගේ කලාහිතටත් ඉඳල හිටල දාල තියෙනවා. 
අටම්පහුරේ අටමා මේ වගේ හිතට දැනෙන කතා ලියන්න දස්සයනෙ.. ඉතින් අටම් ලියපු මටම දාවුණු පැටවුනට හා මටද අම්මා වන් කියන ලිපිය මට දැනුණු විදියයි මේ. 

එතකොට අටම්ගෙම රාහු ගිල්ල ආදරේ මම ගිල ගත්තෙ මේ විදියට.

ඉතා විශාල පරාසයක කරුණු රසවත්ව ක්‍රමවත්ව හා ඉක්මණින් ලියන්න පුළුවන් අපූරු හැකියාවක් තියෙන කෙල්ලක් විදියට තමයි බස්සිගේ නවාතැනේ බස්සිව මං අඳුනගෙන තියෙන්නෙ. ඉතිං බස්සිගෙ අපිට කොහෙ හරි වැරදුනා බං කියන බස්සිම සඳහන් කරන පරිදි 'අමුතු කවිය' මට අමුතු නොවුනේ මේ විදියට

මේ ඊයෙ පෙරේද දවසක බස්සි BnS ලගේ අලුත් සිංදුවකට අපූරු පෙරවදනක් ගෙන එමින් තරුණ මහළු කාටත් ආදරේ හිතෙන උද්ධෘතයක් වන 'ප්‍රේමය' ගැන අපූරු සටහනක් තියල තිබුනා. ඉතින් පුරුදු විදියට ඒ සටහනත් කියවල ඉවර උනේ කටුකොල වල මෙහෙම කුරුටු ගාන ගමන්. බස්සිගේ නවාතැන කොමෙන්ට් එක්ක කියවන අයනම් මේ වෙනකොට මේක දැකලත් ඇති. එහෙම නොදැකපු කෙනෙකුට කියවන්න ඔන්න මං මෙතනත් දානවා. ජය ශ්‍රී!

පස්සෙන් එන (යන) ප්‍රේමය

මා නතර වෙලා...
කතා නොකරන ඔය දෙනෙත ලඟ
හිනාවක් නැති හිනා වත ලඟ
මා නතර වෙලා...//

ගත විඩාමැයි.. හිත බරක් මැයි..
නින්ද දුර රෑ යාමයේ..
සතුට ලඟ නෑ පැන ගිහින්..
විල්ලුද කටු මැද සයනයේ..

සසර දුව යන රිය සකක්මැයි..
අඳුර විනිවිඳි ප්‍රේමයේ..
පතා එන මුදු අරුම සෙනෙහස..
නිසා හිත බෝ දුක් තියේ..

මා නතර වෙලා.. මා නතර වෙලා..

කලණ  (2014.10.21)

Photo courtesy- www.google.com

31 comments:

  1. කලයා බොහෝ කලා හැකියාවන්ගෙන පිරුණු කලයක් වගේ ... ජය

    ReplyDelete
    Replies
    1. කලයක්? O.o .. හිහ් හිහ්.. ඉස්සර බතලේ.. දැන් කලේ.. තව ටික කාලෙකින් වලේ.. අනිච්චේ දුඛ්ඛේ.. යාලුවා උඹටත් ජය ශ්‍රී!

      Delete
  2. ඔය විදිහට ඇසීම දැකීම සෙවීම (අසමි අකිමි සොයමි :D) දිගටම කරගෙන යන්න. ඔබ තුළ ඇති නිසග හැකියාව ලෝකයටම දෙන්න දැන් කාලය ඇවිත්. අපට ඒ රසගඟුලේ කිමිදෙන්නට ඉඩදෙන්න.

    හදපත්ලෙන්ම සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාටත් හද පත්ලෙන්ම.. මාත් පොඩි පහේ අසමි දකිමි සොයමියෙක් තමයි.. ඒත් විචාර ලියන්න පට්ට කම්මැලියි නේ. ඒකයි ඉඳල හිටල පොඩි කොමෙන්ටුවක්වත් ලියල සතුටුවෙන්නේ. උත්සාහ කරනව මින් ඉදිරියට ටිකක් වැඩිපුර ලියන්න. :D

      Delete
  3. ඔහ් ඔන්න මමත් මේ පැත්තට ගොඩ වුනා... දිගටම යන්.. අපුරු දැක්මක් නේ...
    සුභ පැතුම්..!!!!

    ReplyDelete
  4. ස්තූතියි ඔබේ සිහිනය කලාහිතේ සිත්තම් කරාට.. සාදරයෙන් පිළිගන්නව ඇගයුමත් ඇරයුමත් දෙකම.. //දිගටම යන්// ජය ශ්‍රී!

    ReplyDelete
  5. සිංදුවක් වගෙ. අර ඔබේ තියන පුරුද්ද (සංවේදී කතාවක් කියෙව්වම ඒක මට දැනෙන විදිය එවලේම පුංචි වචන තුන හතරකින් කුරුටු ගාන්න) නම් ඉතා හොඳ දෙයක්. දැන් නම් ලියල විසි කරන්න ඕනෙ නෑ, බ්ලොග් එකේ දාන්න පුළුවන් නෙ මේ වගෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන... සාදරයෙන් පිළිගන්නව කලාහිතට.. ඔව්.. ආයෙනම් ලියන කිසිම දෙයක් විසිකරන්නේ නෑ. තමන්ගෙ නිර්මාණයක් රසවිඳින්න කෙනෙක් ඉන්නව කියල දැන ගත්තම මෙච්චර සතුටක් ඇතිවෙයි කියල මං කලින් දැනගෙන උන්නෙ නෑ. :D

      Delete
  6. කලා හිත කියන එක දැක්කම මට ඔලුවට එන්නෙ කලා රිට කියන එක මයි... වෙනස් කරගන්න ඕන කෝම හරි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හරියටම හරියන එකත් ඒකම තමයි මයියා.. අර තැන නොතැන ටිකක් බලල හැම එකක්ම කටට ආවට කියන්නැතුව හිතේ තියාගෙන ඉන්න නිසයි කලාහිත කියල දැම්මෙ.. හැබැයි උඹට වැඩේ තේරුණා.. :)

      Delete
  7. ඔන්න බ්ලොග් වල වටිනාකම.

    තමන්ගෙ හිතේ ඉපදෙන අදහස් නිකම්ම කුණුගොඩට විසික් නොකර, ඒ මිලකල නොහැකි කුරුට්ට මෙහෙම හැමෝටම කියවන්න දෙන එකම මදිද?

    පද ටික අපූරුයි!

    ReplyDelete
  8. ස්තූතියි ප්‍රියා.. පැමිණීමටත්.. අගය කිරීමටත්.. ඇත්තටම මේ සමාගමය වටිනව.. කොච්චර නිර්මාණ කාගෙවත් අගය කිරීමකට ලක් වෙන්නෙ නතුව කුනු කූඩෙට යනවද නැත්නම්.. දිගටම ඉන්න කලාහිතත් එක්ක. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අනිවා. දැන් ඉතිං දිගටම එනවා. දිගටම ලියමු.

      ජය ශ්‍රී!!

      Delete
  9. අපුරුයි කලණ

    සින්දුවක් කරන්න පුළුවන්නේ, නියම පද ගැලපිල්ල. ජය වේවා

    ReplyDelete
    Replies
    1. පට්ට තැන්කූ සොමියෝ.. උඹට කියන්න ඔය අතරින් දෙකක් දැනටමත් දෙන්නෙක් ඉල්ලගෙන ගිහින් තියෙන්නෙ සින්දු කරන්න.. අර අටම් ගෙ පෝස්ට් වලට ලියපු ගෙදර උන්දැ ගැන කියන එකයි මහණ වෙන්න ගිය කෑල්ල ගැන කියන එකයි.. මේකත් ඔය කවුරු හරි ඉල්ලුවොත් දෙනව.. තියාගෙන කන්නයැ බං.. ජය ශ්‍රී!

      Delete
  10. ඔබට තියෙන්නෙ කවි හිතක්. ජීවිතයේ අත්දකින දේවල් සංවේදීව, නිර්මාණාත්මකව කවියට නඟන්න පුලුවන් එහෙම හිතකට විතරයි. ඔබ එවැනි දුර්ලබ කෙනෙක්. ඒක මටත් ආඩම්බරයක්, මොකද ඔබ මගේ ගම් පළාතෙ නිසා.

    ඔන්න මගේ පළමු සටහන ඔබේ අඩවිය තුල. එහෙනම් නිතර මුණගැහෙමු.

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය කිව්ව අරමුණින්ම තමයි මං මගේ කවිකාරිටත් බ්ලොග් එකක් පටන්ගමු කිව්වෙ. කොල කෑලි වල පොත් වල ලියල තියෙන පියසටහන් කවදහරි මැකිල යඉ, නැතිවෙයි. ඒත් ගූගල් ඉන්නකල් මේවා හැමදාමත් සුරක්ෂිතයි.

      ඒ පැත්තට ගිහින් බලනවානම් මෙතනින් යන්න.

      Delete
    2. ආදරයෙන් සාදරයෙන් පිළිගන්නව සඳුමල් වත් සඳුමල් ගෙ කවිකාරීවත් කලාහිතට.. ස්තූතියි පැමිණීමටත් ඇගයීමටත්.. ඔහ්! ආරාධනා කරන්න කලින්ම පෝස්ට් එකේ තිබ්බ ලින්ක් එක හරහා ගිහින් විස්තර ගොඩක් හිතා ගත්තා.. එකක් කියන්නම්.. ඔබ ගොඩක් වාසනාවන්තයි.. ඒ වගේ කවි හිතක් ලබන්නට.. සුභ පතනව දෙපළටම යහපත් අනාගතයකට.. ජය ශ්‍රී!

      Delete
    3. මගේ කොලර් අප්!! ස්තූතියි ඔබට..

      Delete
    4. ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
      කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..

      හිතැඟි කළඹ කැටයම් කල
      නීල පලිඟු ගොළු කැඩපත..
      හද බිදු තල සිතුවම් කල
      රූ කඩමලු මුව රඟහල...

      ගී ලියන්න මට කීවේ...

      තුරුණු බමර ආයාචන
      අභියස පත්තිනි කෝවිල
      මගේ දෙනෙත් කුළු ගැන්වුන
      ගී මුමුණන ගීත බුබුල..

      ගී ලියන්න මට කීවේ...

      - දයාරත්න රණතුංග

      Delete
    5. ප්‍රියා.. මෙතෙනට සිංදුවා නැති අඩුව දැනෙනව.. මට මතක විදියට ඔය සිංදුව 'හද දික්තල සිතුවම් කල- රූ දොඩමලු මුව රඟහල'.. වෙන්න ඕනි..ආයෙ අහල බලමු..

      මගේ පට්ටම ආස එකක්..

      Delete
  11. මනෝෂ්ගෙ පෝස්ට් එකේ ලිංක් එක දිගේ ආවෙ.
    අපූරු පද ටික බොසා !!

    ReplyDelete
    Replies
    1. පත්තර මලේ.. වෙරි වෙල්කම් ටු කලාහිත.. තැන්කූ අගය කිරීමට.. පත්තරේ දාල පොඩි සපෝට් එකක් දීපල්ල පාඨකයෝ ටිකක් හදා ගන්න.. අපි ලියන මොකක් හරි එකක් බලන්න කවුරු හරි ඉන්නව කිව්වම මෙච්චර සතුටු හිතෙනව කියල දන්නවනම් අම්මප මොන්ටිසෝරි ගිය කාලේ ඉඳලම ලියන්නේ..

      Delete
    2. //අපි ලියන මොකක් හරි එකක් බලන්න කවුරු හරි ඉන්නව කිව්වම මෙච්චර සතුටු හිතෙනව කියල දන්නවනම් අම්මප මොන්ටිසෝරි ගිය කාලේ ඉඳලම ලියන්නේ..// ++++++++++++++ එකෙන්ම ඔව් මචෝ. මේක සම්පූර්ණ ඇත්ත.

      Delete
  12. ඔන්න මමත් ගොඩ වැදුනා. මට නිකමට හිතෙනවා මේකා බ්ලොග් ලෝකේ ලොකු දුරක් යන කෙනෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. අම්බෝ.. බර වැඩිද මංදා. මං හිතාන උන්නේ ඔය කොමෙන්ටුවක් කොටාගෙන පැත්තකින් ශේප්පෙකේ ඉන්න..

      බ්ලොග් ලෝකයේ 'සු'පසන් 'දී'ප්ත්මත් 'ක'කුලක් වෙන ඔබ වැන්නෙකු මෙහි පැමිණීමත් සටහනක් තබා යාමත්.. මටනං ඒත් ඇති වගේ..

      'ස්තූතිය්- නැවත එන්න"

      Delete
  13. ඇත්තට ම අපි ආවෙත් අදම තමයි.... හරිම රසවත් බ්ලොගයක්.. මුලින් ම සුභ පතනවා දිගට ම රසවත් ම බ්ලොගය කරගෙන යන්න ලැබේවා කියලා... ඒ වගේ ම අපේ බ්ලොග් සහෘදයන් අතර ට අලුතෙන් ම පැමිණි ඔබව සාදරයෙන් පිළිගන්නවා........

    කළ්‍යාණ මිත්‍ර ‍ෙයක් ම වේවා
    කළ්‍යාණ මිත්‍රයින් ම ලැබේවා...........................

    ReplyDelete
    Replies
    1. ගඟ රැලි නැගේ බාධා මැඩ යන අතර
      එනමුත් සැලෙනවද තොටියා හෝ පහුර
      බ්ලොග් ලෝකයේ සරණෙමි නොම යමි අතැර
      කලාහිතට සවියකි ඔබ ගී පවුර

      Delete
  14. ලස්සන නිර්මාණයක්

    ReplyDelete