Thursday 22 January 2015

මූණු පොතේ කවි මඩුව- දුංහිඳ අන්දරය Tag- Facebook is there for FUN


මූණු පොතේ ගුරු පාර දිගේ ජීවිතය සොයා යන විටෙක අහම්බෙන් වගේ නෙත ගැටුනු සිව් පදයකි.. කවිය ලියා තිබුනේ ප්‍රියන්ති හංසමාලී නම් කිවිඳියයි. කවියත් එක්ක කලාහිතේ තියෙන ලවු එක එසේ මෙසේ එකක් නොවේ. දන්න අතීතයේ ආච්චි අම්මාගෙන් අම්මාටත් අම්මාගෙන් කල්‍යාණ මිත්‍රයාටත් ලෙස දායාද ලැබුණු කවි හිත නිසා පැටලුණු ලෙහුනු අවුල් අනන්ත අප්‍රමාණ නමුත් දෙවරක් නොහිතා මේ කවි අකුලටද හොට දැමූයෙමි. හොහෝ.. එයනම් රස කවි ගුලාවකි. ඇසුරු සැනින් අනෙක් පසින් පිළිතුරු ලැබින. අතු ගංඟාවෝ හෙමින් හෙමින් ගලාවිත් කවි දොළ කවි ගංගාවක් විය. කල්‍යාණ මිත්‍රයාත් බොහෝ කලකින් නිදහසේ ඒ කවි දියේ ඔබ මොබ පිහිනා ගියේය. අවසන දුන්හිඳ අභියසදී සොඳුරු කවි පෙම උතුරා වාන් දැමූවද අඹුදරුවන් නිවසේ බලා සිටිනා බැවින් ඉක්මණින් ආපසු ආයුතු විය. 

හංසි 
පන්හිඳ ගොළුය ඉකියද තනිවට...... නැත්තේ
තුන්යම සුසුම කුමකට තරහව......... ඇත්තේ
පින්මදි හෙයිනි සෙනෙහස මගෙ හිත ගත්තේ
දන්දුන් හිතද යාවිද මිය මතු ............ මත්තේ

කල්‍යාණ

පන්හිඳ ගොලුවෙලා ඉකිබිඳුමක් .....පමණී
සුසුමක උණුහුමින් නෙතු වියලී... ගොසිනී
පින්මද වුවද හිත ඔබෙ හිත ලඟ..... බැවිනී
මිය යා නොහැක මා ඔබ වෙනුවෙන් රැඳුනී

හංසි

ලස්සන වචන මගෙ හදවතෙ ලියා...... ගමී
රිද්දන අහිමි බව නොසිතා ඉවස........ ඉමී

කැන්දන මිහිර හිත පතුලෙම රඳව ..... ලමී
මත්තට මියෙමි ඔබෙ දෙපතුලෙ දිවිය දෙමී


කල්‍යාණ

උයනක් අසල බඩ ලඳු කැලයක  වෙසෙන
කිරිලක් ගයනවලු ඇගේ ආදරෙ..... පමණ

සැරයක් වලක වැටි හිටි ගේ කුරුළු.. තැන
වරුවක් මෙහේ හිත හිත ඒ කිරිලි..... ගැන


හංසි

හෙල් කඳු පල්ලම්ද පැන දිය කඩිති.... නෙක
එන්නම් සොයාගෙන ගන්නට ඔබව...... දැක
දෙන්නම් හදවතම කෙරුමට මාව ........ රැක
සිත්තම් පාන කිරිලිය මා නොමැත ...... සැක


කල්‍යාණ

සිත්තම් පාන කිරිළිය හදවත............. මැද්දේ
දැන්නම් සැක නොමැත හිත ඔබ වෙත පැද්දේ

වැරදීමකින් මම පෙර මල් හී.............. විද්දේ
පඳුරක් වෙතයි කිරිලිය තවමත්.......... බැද්දේ




චමින්ද
දැන් දුටුමි පිපුනු හැටි කවියක් එක..... ඉත්තේ
තුන් දිනකින් බැරිවිය ලිමට මේ........ මත්තේ
දන්දුනහොත් මේ ටික වන බව කිය... යුත්තේ

තුන් සිත පහදුනු සදා සෙනෙහස එනු ඇත්තේ


සම්පත්

පන්හිද ගොළුද ඉකියද තනිවට........... ඇත්තේ
තුන්යම කුසුම අද දින හරහට............ ඇත්තේ

පින්මදි නොමැත සෙනෙහස මගේ සිත් ගත්තේ
දන්දෙන්නට හිතයි සිත මගේ නුඹ....... මත්තේ


හංසි

සුන්දර සිතුම් අවදිව හිත......... නලවනවා
ලස්සන සිතැඟි කවි සිතුවිලි... ලියවෙනවා

ගින්දර සමග කළ සෙල්ලම්.......රිදවනවා
කැන්දන දුකද සවියක් වී ...... දිරි දෙනවා


චමින්ද

මන් අද නුබෙ කවියට සැනසි...... යනවා
ඉන්ලද සතුටට තුති පුද.............. ලනවා
ගින්දර වුවද සිතල වි.................. එනවා

සන්තොස කිවිදියට නැවතත් පුද දෙනවා


හංසි

පුන්සඳ දිලෙන රෑ තරු මල් පිපින...... රැයේ
නන්දන උයනෙ දෙව්ලියො ගී ගයන.. පැයේ
සුන්දර පැතුම් මුසුකර ඔබෙ සුමුදු .......ලයේ
ලංකර ගන්න එන්නම් යස සිහිනෙ..... මයේ


ඇලෙක්ස්

දුන්හිඳ ලඟදි හමුවී නෙත සිත ........ගත්තේ
තිස්සෙම එකම එක පැතුමකි හිත ..ඇත්තේ
බින්න බහිහින්නයි හිතුවේ ඔය .....පැත්තේ
ලංවී ගන්න ඇයි පූරුවෙ පින ......නැත්තේ?


හංසි

දුන්හිඳ ළඟදි හමුවී බහ දුන්න....... කියා
පෙම් ලොව කිරුළු හිමිවී අද තුටුව. ඔයා
ලිව් සිය දහස් ගොනුවි කවි තනුව.. වියා
බින්නෙට එන්න එක්වී කවි ලියමු මෙයා

කැළුම්

දුන්හිඳ ළඟදි නුඹ මට නම් බහා.... දුන්නා
අද අපි සතුට විඳිමින් පෙම්වත්... වෙන්නා
වෙන් වුනු දුකට ඌ නුඹ ගැන හිත මින්නා

හංසියො පාළයා දිය ඇල්ලට...... පැන්නා


හංසි

පායන කලට සඳ අහසේ කවුරුත් ලොබ......... බඳින්නේ
"පාලය" මොටද මගෙ ලෝකයෙ රජ වෙන්නට පතන්නේ
කාලය ගෙවෙයි ඔහු පසුවට වෙනතක් වත්...... බලන්නේ
ආලය හිමිය " මිය යන තුරු ඔබ මාගෙම"....... කියන්නේ


මංජුල
පිලිසිඳ ගත්ත සිතුවිලි ඔබ ලඟ....... නතර
වුහැටි මතක ඇත ලබැදියෙ හද..... නිතර
නෙත්යුඟ කෙවෙනි ආදර රුක්ෂයෙ පතර

දුන්හිඳ මතක දේ ඔබලඟ අප......... අතර


හංසි
හමු උනි දිනෙක දී මට යස....... හස රැල්ල
කියවුනි සිතැඟි නෙත් අග පෙම් කඳුලැල්ල
විඳවමි තනිව මට හිමි නැත...... අරුනැල්ල
සමුගමි පතල සුභ දුන්හිඳ.......... දිය ඇල්ල

කල්‍යාණ

දුන්හිඳ කඩා වැටුනත් හිස මත.......... ඔන්න
'පන්හිඳ' නිසා බෑ අත ඇරලා............ යන්න
එන්නට බැරිය දා දරු පැටවුන්......... දෙන්න
බින්නට නොවෙයි කැමතිද 'එකගෙයි කන්න'


කැළුම්
සුමියට හිතෙන දේවල් බලපන්......... ඔන්න
මොනවද දෙන්නෙ දෙකකට ඔයහැටි කන්න
යාහා පාලනෙ සහානත් නැතුවලු..... දෙන්න
හිතපන් ටිකක් ඉස්සර එකගෙයි....... කන්න


හංසි

ඔවදන අගෙයි සතුටින් එය......... පිළිගන්න
එනමුදු සොයුර කරුණත් මෙම.... අහගන්න
ඇති හැකි අයට වැඩ බැරි නැත... දැනගන්න
හොඳ නම් ගලද අඹරන කහ... නොතකන්න


කල්‍යාණ

රැවුම් ගෙරුම් ඉවසන එක.. දෙන්නෙකුගේ
කැවුම් කනව මෙනි වෙනසක් නෑ 'එක ගේ'
'බැළුම් බෝල' විකුණා හෝ මම..... මාගේ
කැළුම් බය නොවෙන් රකිනවමයි.... දීගේ


කැළුම්

නුඹ නම් සුපිරි වැඩ කරුවෙකි මිතුර..... මගෙ
රැකපන් පළමු බිරිඳයි දරු දෙදන.......... අගෙ
බැළුමෙන් වාසි නොමගන් එය ගොඩක් අගෙ

හදපන් ළමයි වැඩි වෙයි ජාතියත්......... මගෙ


හංසි

සුන්දර අහසෙ නෙක තරු මල් හිනැහෙනවා
කන්දක නොයෙක් දිය ගංගා.... බැස යනවා
අත්තක පිරුණු ඵල හුඟකට...... රස දෙනවා
එක්වෙමු සොඳින "එක ගේකත්" හිත්ලනවා


කල්‍යාණ
සුන්දර සොඳුරු මුත් හීතල දුරුතු.. මහේ
පොපියන නිබඳ කවි හිත ඉගිලේවි රැහේ

කවි දීගෙකට එන බව කී...... පුංචි පහේ
කවිකාරියේ ඔබ දැක මල් පිපුණි... ඉහේ


හංසි
සුන්දර දියඇලිය වතුපිටි සරුසාර ...........මෙහේ
කන්දක මිහිදුමය නෙත සිත පිනයි.......... ඔහේ
ලස්සන සිතුවිලිය කවි පද මැවෙයි........... ඉහේ
දෙන්නෙම සතුටකිය මෙහි ගමෙ මේ දුරුතු මහේ

කල්‍යාණ

පෙම්බර බදුලු පුර මා දිනු ගම...... සිරස
දුන්හිඳ දිය කොමළි හා ඇගෙ දරු. පිරිස
චන්දන සිසිල දෙන මන පිනවන.. සරස
කැන්දන හඬ ඇසේ ඔබ දැකගනු පිණිස

හංසි
සඳවති බලමු කුමටද ආවාට............ ඇගේ
එකගෙයි විඳිමු හදවතෙ සතුටක්ම... නැගේ
විඳවමු කුමට සිහිකර කරදරම.......... සගේ
නංවමු සිහල බල යුතුකම එයයි........ වගේ


කල්‍යාණ
රැස්වුන පිරිස දුන්හිඳ ලඟ... කවිය සොයා
හිස් වුනි හනික ඉර අවරින්..... විසිර ගියා
විස්සක් තිහක් ආවත් ඔබෙ.. සුවය සොයා
ඉන්නව නේද කවිහිත ලඟ අතැර නොයා

දුන්හිඳ සොඳුර මන බන්ඳන පිය ලෝලී
ඔබ සිහිවෙලා තව ලියවෙයි.. කවි පේලී
අයිතිය කියා කුලවමි නගනව.... සෝලී
ඉතින් අවසරයි මගෙ කවි....... මනමාලී

කිසිදා දැක නැති, මෙතෙක් නොදැන සිට ඒ සොඳුරු කවි සිතැත්තිය ප්‍රියන්ති හංසමාලී (හංසි) ටත්, එවන්ම වූ චමින්ද, සම්පත්, ඇලෙක්ස්, තරංග (කැළුම්) හා මංජුල යන නොදුටු කිවි සොහොයුරන්ටත් ඒ කවි හැන්දෑව වර්ණවත් කිරීමට එක්වීම ගන බොහෝමත්ම තුති. ඔබේ නිර්මාණ අනවසරයෙන් උපුටාගෙන මෙහි පල කරනුයේ ඒ සඳහා නිසි නිර්මාණාත්මක වටිනාකමක් දීමට පමණක් බව කරුණාවෙන් සලකන්න.

විශේෂ ස්තූතිය- ෆේස්බුක් තියෙන්නේ ෆන් ගන්න බව මතක් කර දුන් නංගීට

කල්‍යාණ මිත්‍ර


31 comments:

  1. කියවා රසවින්දෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ෆන් එකට ලියූවෙමි.

      Delete
  2. දුන්හිඳ පරදවන කවි ඇල්ලකි මේක
    කිමිදී ගියේ නැත්නම් මටමයි සෝක
    ගඟකට තිබෙයි නොවැ අතු ගංගා නේක
    ඉන් දිය බිඳක් වන්නට මා සිතු 'සේක'... :D :D

    -Chandana-

    ReplyDelete
    Replies
    1. දුන්හිඳ පරදවන කවි කී................... පෙරදාක
      කිමිදී ගියෙ කොහෙද බ්ලොග් ලෝකෙන් දුරක
      අතු ගංගා එකක් මුත් අඩු වූ................ දිනෙක
      ගඟ දුක හිතී වැලපෙනවා ගෙන........... සෝක

      Delete
  3. //විශේෂ ස්තූතිය- ෆේස්බුක් තියෙන්නේ ෆන් ගන්න බව මතක් කර දුන් නංගීට//

    සිරා කතාව යකූ!

    මගෙ ගාවත් තියෙනවා එෆ්.බී. කවි පැදුරු. ඒත් දවසක් මමනං ඔහොම එකක් බ්ලොගේ දාල බුකි විරෝධී ඇනුම්පද අහගන්න උනා. එදා ඉඳන් මම කරන්නෙ කවි පැදුරු බුකියෙම නෝට් එකක් විදියට වියලා දාන එක.

    ReplyDelete
    Replies
    1. හේයි බස්සියෝ.. වෙලාවට මගෙ මේ පෝස්ට් එක අනිත් උන්ගෙ බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලා නෑ.. තාම තියෙන්නෙ ආයුධ නැව් සීන් එක. බැලුවම ඒක වෙස් වලාගත් ආශිර්වාදයක් වගේ.

      ඕන් මමනම් බුකි විරෝදී නෑ. අර නංගිත් ඉන්නවනේ.. හැක් හැක්..

      Delete
  4. රස වින්දෙමි නුඹගේ කවි පෙළහර ය
    වෙන්කරලන්න නම් කාලයමඳ ය
    මනහර පද බැඳුම් කරනා සුන්දරි ය
    දිගු ගමනක් යන්න සිතුවොත්නම් සොඳ ය

    ReplyDelete
    Replies
    1. නාලිනි ඇවිත් ඇත සොහොයුරියක් විලස
      කාලය හරස් වූවත් විඳ ඇත........... පහස
      එක පුන් සඳක් පායා ඇත මගෙ...... අහස
      ඒකයි කවි දීගෙ දුර යන්නැති......... රහස

      Delete
  5. කියෙව්වා. අනිත් අයට කියවන්න දාන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයියා.. කවි ගොඩක් දෙනෙකුට දිරවන්නේ නෑනේ. මටනම් බතුත් ඕන්නෑ කවියක් කියාගෙන ඉන්න තියෙයිනම්. ජය ශ්‍රී!

      Delete
    2. මෙය මෙතන පලවෙනවා. ලියපු අයගේ විරුද්ධතාවයක් නැති කියා හිතනවා.
      http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15577-tag-facebook-is-there-for-fun

      Delete
    3. ස්තූතියි අජිත් අයියා.. ඉබ්බෙක් දියේ දාන්නද ඇහුවම ඇන්නෑවේ කිව්වලු.. හැක් හැක්..

      Delete
  6. ෂඃ...........නියම කවි මඩුවක් නේ. එක පාරටම මට මතක් වුණේ අපි පුංචි කාලේදී දැකපු ලංකාවේ සුප්‍රසිද්ධ කිවි කිවිඳියන් සහභාගී වූ කවි මඩු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක තුමා, එච්චරටනම් බර සාර නෑ. ඒත් හරිම ඉන්ටරෙස්ටින්. මේ පොඩි කොල්ලො කෙල්ලො ඉන්නවනෙ වෙඩි වගේ කවි පද බඳින.. හිතන්නත් අමාරුයි. වෙලාවක දාමුද කවි සාජ්ජයක් පොඩියට වගේ? ජය ශ්‍රී!

      Delete
  7. Replies
    1. අලුත් නේ බං.. ටික ටික ඉගෙනගන්නවා ඔක්කොම..

      Delete
    2. ටික ටික දිගු ගමනකට ආසිරි..

      Delete
  8. එල ද බ්‍රා කස්ටියගෙම හැකියාව..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක මල්..
      ගල් නම් පල්..
      අඩුම පොල්..
      නැත්නම් වැඩේ දෙල් :P

      Delete
  9. මේක සින්ඩියකවත් මගේ රෝලෙවත් පෙන්නන්නේ නෑනේ.....
    ත්‍රිකුණාමලේදී හම්බුන බදුලු කොල්ලගෙයි දකුණේ කෙල්ලගෙයි කසාදෙත් ඉවරද කොහේද......D
    කවි ටිකනම් කොකෑස්ටික්....
    සියළුම දෙනාට ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. // මේක සින්ඩියකවත් මගේ රෝලෙවත් පෙන්නන්නේ නෑනේ.....// එහෙම තමයි බං හොඳ දෙවල්.. හැක් හැක්..

      මේක මුලින් කොහෙවත් අප්ඩේට් උනේ නෑ.. නැත්නම් පෝස්ට් කරල ගොඩක් කල්.. මං අත ඇරල දාල තිබ්බේ.. දැන් ඌටම හිතිලද කොහෙද දෙතුන් පොළක අප්ඩේට් වෙලා..

      අර බදුලු ගාලු ලව් එක ගැන බය වෙන්න එපා.. ගැට දෙකක් දාල තද කරල තියෙන්නේ. හෙල්ලෙන්නවත් බෑ..

      Delete
  10. රසයි රසයි ඉතාම රසයි.. දුන්හිඳ අපේ නිසා ගොඩක්ම රසයි..

    මෙන්න දුන්හිඳ ගැන කවිකාරි ලියපු හැටි.

    නොපෙනෙන දුරක ඉඳන්
    මා අසලට ඇවිදින්
    හෙමි හෙමිහින් රඟමින් ගලන්නේ...
    මා ගත රිදේවිදැයි...
    බයද
    මගේ දුන්හිඳ කුමාරියේ...

    මා නොදන්නෙමි...
    ඔබ මට පෙම් කරන්නෙදැයි
    ඔබෙ සුසුම් පොදින්...
    මා හද ඇති යටගියාව
    ඔබට දැනෙන්නෙදැයි මා නොම දන්නේ...

    රඟමින් හෙමි හෙමිහිට...
    ඔය ලෙසටම යන විට
    මා වගෙ උන් හමුවේදැයි නෑ මං දන්නේ...
    ඒ හමුවුනොතින්...
    මඟ හැරයන්නට...
    ඔබට හැකියි නේද
    මගෙ දුන්හිඳ කුමාරියේ...

    http://ampiyasatahan.blogspot.com/2014/08/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. දුන්හිඳ අපේ නිසා ගොඩක්ම රසයි.. ++++++++++

      උඹ කවිකාරිව ලියන්න උනන්දු කරවනව හොඳටම මදි වගේ.. කෙල්ලො කොහොමත් ටිකක් කම්මැලියි මුලින් සමාජෙට එන්න.. උනන්දු කරවපන් මල්ලි.. රටක් රාජ්ජයක් වටිනව කෙල්ලගෙ කවි හිත..

      Delete
  11. මට කවි දිරවන්නෙත් නෑ, ෆේස් බුක් දිරවන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. මටනම් දෙයියනේ කියල දෙකම හොඳට දිරවනවා සෙන්නෝ.. වැඩිය කන්න හම්බෙන්නැති එක තමයි අවුල.. :P දිරවන්නැතුව උනත් ඇවිත් රහ බලපු එකට තැන්කූ වේවා.. ජය ශ්‍රී!

      Delete
  12. මේ ලබ්බ අදනේ යකෝ දැක්කේ, මොකෝ උඹ හංගලා පොස්ට් දාන්නේ අපි කිවයවයි කියලද?

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකක් දාලා ලබ්බත් එළියේ දාං ඉන්න ඕනි කියල අදනේ බං දන්නේ.. හැක් හැක්.. මං ඔය කොම්පීටර් ජිල්මාට් වැඩිය දන්නේ නෑ.. මොනව හරි ලියුවා පෝස්ට් කරා.. හරි හරි මින් පස්සේ පොස්ට් එකක් දැම්මම ඕකත් ටිකක් එළියෙ දාං ඉන්නංකෝ අනිත් උන් දකිනකම්.. එහෙනං ජය වේවා කිව්වා!

      Delete
  13. දැක්කෙ පක්කු වෙලා
    කිවි ටික බොක්කෙන්ම කියෙව්ව ඒ හන්ද කොමෙන්ටුවකුත් දැම්ම
    මට නං උපන්තේකට මේම කවිලයන්ට බැරිවෙයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේ උඹමද කියන්නේ. අනේ පලයන් මයිය යන්න.. සම්මාන ගත්ත කවියෝ උඹල..

      බොරු නොකර ලියපන්.. පරක්කු වෙලා හරි ආවට ටැන්කූ.. ජය ශ්‍රී!

      Delete
  14. රූසිරි කිමද බැලුවේ නිති රැගුම් වල
    තැවරුනු පුයර රතු හැට්ටය සෑම විට
    අදුරෙදි පවා මා පසු පස ගමන් කල
    නිකමට සිතුනාද මා නැගනියක් බව

    නිතඹද පලල් වූ උකුලට මුවා වුන
    රිදුමක් ලෙසට රුහිරට දින ලන්වීම්
    ඉවසිය නොහැක මුදලට ගිජු වුන ඇයද
    හදුනන නාදුනන අයටද පාඩු විය

    සතුරෙකි සමජෙට පවුලට කැඩී ගිය
    මා කිම් කලෙද කිසිවක් නැත නොදැනේය
    අවසන් සමය ජීවිතයෙදිි අඩ අදුර
    කිසිවෙක් නොමැත බත් හැලියකි පිලුනු උන

    මට මෙය උනේ දැන ගෙන නොව බලයෙන්ය
    කිසිවෙකු කිසදිනක අසුවේ නැත මන්ද
    සිතුනට සහකරුවෙක් ගැන සැම විටම
    නොදුනේ ඇයිද දෑතක් මට නැගිටින්න

    මාවතේ දියනිය.

    ReplyDelete