Tuesday 31 March 2015

යහපාලනෙන් බෝනස් එකට පොරෝ පාරක් Annual Bonus Axed!

අදනම් කියන්නේ කතාවක්වත් කයියක්වත් සේෆ්ටියක්වත් මොන මළ උලව්වක්වත් නොවේ. හාට් බ්‍රේකින් නිවුස් එකක් හෙවත් උණු උණු ප්‍රවෘත්තියක් පමණි. 


Photo Courtesy: Google

"අතරමග ඇණහිටි ව්‍යාපෘති වල සේවකයින් ඉවත් නොකොට පසුගිය ජනවාරී මස සිට මේ දක්වාම එම සේවක මහතුන්ගේ මූලික වැටුප් ගෙවමින් ඔවුන්ව නඩත්තු කිරීමට සිදුවී ඇති නිසාත් රාජ්‍ය අංශයේ වැඩ නිමකල ව්‍යාපෘතීන් රැසකට අදාලව ලැබිය යුතු මුදල් මේ දක්වා අයකරගැනීමට නොහැකි වූ නිසාත් ආයතනය පත්වී ඇති මූල්‍යමය අපහසුතා අවම කර ගැනීම සඳහා මෙම වසරේදී ලබාදීමට බලාපොරොත්තුව සිටි අවුරුදු බෝනස් හා වාර්ශික වැටුප් වර්ධක අත් හිටුවීමට කණගාටුවෙන් උවද තීරණය කර ඇති බව මෙයින් දන්වා සිටිමි."

- මීට ආයතන ප්‍රධානී

ප.ලි.- 
හෙට අනිද්දාට වසර 18ක් සපිරෙන මගේ සේවා කාලයන්ගේ එකතුවට මේ තාක් කිසිම දිනෙක ඇනුවල් බෝනස් එකක් ලැබී නැති කල්‍යාණ මිත්‍රයාට මෙය එතරම්ම හාට් බ්‍රේකින් නොවුනත් ප්‍රවෘත්තිය කණ වැකුණු සැණින් තුශ්ණිම්බූත වූ වටේ පිටේ උන්ගේ මූණු හා රහස් කතා වලින් කම්පා වීමෙන් හිත උණුවී මෙසේ ලියා තැබූ වගයි.

145 comments:

  1. //ඇනුවල් ඉන්ක්‍රීමන්ට් (මේකට සිංහලෙන් මොකක් කියනවදැයි හිතීමට තරම් හිතට නිවනක් නැත.)//

    වාර්ශික වැටුප් වර්ධක??

    මේ නාවික හමුදාවෙ වෙන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. අන්න වචනේ.. තැන්කූ ස රස. නාවික හමුදාවෙන් අයින් වුනේ යුද්දෙ ඉවර උනු ගමන්..

      Delete
  2. / (මේකට සිංහලෙන් මොකක් කියනවදැයි හිතීමට තරම් හිතට නිවනක් නැත.) /

    යකාගෙ ආයතන ප්‍රධානියෙක්නෙ බං ඒකා....සර්කියුලර් එකක ඔහොමත් ලියන සිරිතක් තියනවද?

    ReplyDelete
    Replies
    1. ඒ යකා එවපු සර්කියුලර් එකක් නෑ බං රවි අයියා.. ප්‍රොජෙක්ට් මැනේජර්ලගේ මීටින් එකේදි කියල තිබුණ සේවක මහත්තුරුන්ව දැනුවත් කරන්න කියල.. ඔය මම ලියපු සර්කියුලර් එකක්.. හරිනේ ඉතින් මං ලියුවම යකාගේ වැඩක් වගේ තමයි.. හැක්.. (ඔන්න ස රස ගෙන් අහන් හැදුවා..)

      Delete
    2. අවුරුදු බෝනස් = අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ලබාදීමට නියමිත ප්‍රසාද දීමනාව

      Delete
    3. බෝනස් = ප්‍රසාද දීමනාව.. ඕකත් අමතක වෙලා හිටියේ ටැන්කූ ටැන්කූ.. මේ වගෙ සිංහල ටිකක් හරි ඉගෙන ගන්න ලැබීමම මටනම් බෝනස් එකක් වගේ..

      Delete
  3. ක.මි යො.. කැප්ටන් එහෙම කිව්වට හෙන සෙට් එකක් ගෙවල් වල යවල ඉවරයි.කොන්ට්‍රැක් බේසික් බහුතරයක්ගෙ එක්ස්ටෙන්ශන් කැන්සල්.ට්‍රේනිං එවුන්ට යන එන මං නෑ.. තවත් ලීඩිං කොම්පැණි ගොඩක් ඔය වලේම වැටිලා හති දානවා...
    උඹලට නැති උනේ බෝනස් විතරයි.
    ලේබස්ලා කීයක් රස්සාවටම කෙල වෙලා වැඩ නැතිව හූල්ලනවද බං...
    උං අවුරුද්දට කැවුමක් කනව බොරු.

    ReplyDelete
    Replies
    1. ඒ හූල්ලන හඬ ඇහිල තමයි මේ ලියන්න හිතුනේ බං.. මට කවදාවත් බෝනස් හම්බෙලා නැති නිසා මට ඒකෙ ගානක් උනේ නෑ.. ඒත් සමහරු ෆුල් නන්න.. ලොක්ක සෑහෙන්න ට්‍රයි එකක් දෙනව පරණ උන් සහ කී ප්ලේයර්ස්ලව හරි තියා ගන්න. අනිත් කොම්පැණි ගොඩක එහෙමවත් නෑ. හොඳ එක හොඳයි කියන්නෝනෙ බං..

      Delete
    2. ඒක හරි... ඒක හරි... හොඳ තියෙනවා.මම මේ අස්සෙම අර පිරිසවත් මතක් කලේ යුතුකමක් විදිහට.කොම්පැණි උනාට මාර ගේමක් දෙනව මේ දවස් ටිකේ ඉහ ගහගෙන ඉන්න.ඒක හරි..

      Delete
    3. 2009 මං දැන් ඉන්න ප්‍රොජෙක්ට් එක ඔය වගේ වැහුණු වෙලාවේ ඉල්ලලා අස් වෙන්න ගිය උන්ටත් ලොක්ක බැනල නවත්තගෙන තිබුන. දැන් තත්ත්වෙනම් ඊට වඩා දරුණුයි.

      Delete
  4. ඕක මොකද්ද බං එහෙනං බිලියන ගණන් පාඩු ලබන විදුලිය,තෙල් වගේ ආයතන වලටත් වාර්ෂික බෝනස් දෙන්නෙ.එහෙම දෙන්නෙ නැතුව ඉන්න හදපුවම සැරයක් ස්ට්‍රයික් කළා.මාරාන්තික උපවාසයක් කළා.මුන්ටත් තියෙන්නෙ එහෙම කරන්න.

    ReplyDelete
    Replies
    1. අපේ උන් ඔක්කොම ලොක්කට බොක්කනේ බොස්.. දුකට සැපට ඉන්න මිනිහ කියල පඩි නැතුව හරි වැඩ කරන්න කැමැත්තෙන් ඉන්න සෙට් එකක් ඉන්නේ.. අනික ඇත්තටම අමාරුවේ වැටිලත්නෙ ඉන්නේ දැන්.

      මං නම් ඉතින් අහිකුණ්ඨකය වගේ තැන් තැන් වලට යන එකා නිසා කොම්පැණියත් එක්ක එහෙමම ලව් එකක් නෑ. හැබැයි අනිත් උන් ගොඩක් දෙනෙකුට මේක උන්ගෙ සෙකන්ඩ් හෝම්.

      Delete
  5. අපේ බෝනස් එක ගැනත් තවම කිසි කතාවක් නෑ. ඒකටත් කෙලවෙලා වගේ. ලඟදීම ඔය සැම්පලේ ඊ මේල් එකක් එයි. :(

    ReplyDelete
    Replies
    1. එහෙම නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.. යහ පාලනේට ජය වේවා!

      Delete
  6. Replies
    1. කස්ටිය බයේ ඉන්නෙ කොයි වෙලේ එක්සිට් වෙන්න වෙයිද කියල.. හැක්

      Delete
    2. මග නැගුම නැවතුනාම මාග මග :P

      Delete
    3. මේ කියන්නේ 'මාග මග මා ගම' කියල වෙන්ටෑ.. හැක් ඒකත් හරි :D

      Delete
    4. ඉන්දික : +++++++++++++

      Delete
  7. අනේ....! අපිටනං ඉතිං බෝනස් හැමදාම හම්බෙනව මදි නොකියන්ඩ....
    ක.මී....හා..හා...කට..කට

    ReplyDelete
    Replies
    1. //අපිටනං ඉතිං බෝනස් හැමදාම හම්බෙනව මදි නොකියන්ඩ....// ඒ කාලේ අපිට නම් හම්බුනේ බෝ ගස් විතරයි පාර දිගට.. හැක්
      කටයි පුකයි දෙකම වහගෙන හිටියත් මේකෙ කොටන එක නවත්තගන්න බෑ බං..

      Delete
  8. හාට් බ්‍රේකින් නිව්ස් එකක් තමයි. නේවි එකේම ඉදල ප්‍රජෙක්ට් එකක කන්ට්‍රැක් වැඩකරණ මගෙ යාළුවෙක් ඊයෙ කිවුව
    " මගෙ රස්සාව අදින් ඉවරයි " කියල .
    ප්‍රයිවට් කම්පනි වල වැඩ කරණ අපි වගේ එවුන්ට බෝනස් නෑ කියන්නෙ , ඔලුවට පොරවෙන් ගැහුව වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න කාලෙකට පස්සෙ මගෙ ක්ලාස් මේට් කෙනෙක් හම්බුනා ගිය සෙනසුරාද.. අවුරුදු 15කට කිට්ටු එක්ස්පීරියන්ස් තියෙන සිවිල් ඉන්ජෙක්.. පහුගිය කාලේ පට්ට මාකට් එකක් තිබ්බ උන්ට.. මේ පළවෙනිදගෙන් ප්‍රොජෙක්ට් ඉවරයිලු. තවම මොකුත් සෙට් වෙලා නෑ කියුව.. අවුරුදු පහුවෙනකම් බලල තීරණයක් ගන්නව කියුව.. ඒ කියන්නේ තවත් ඉගෙනගත්ත රටට වැඩක් කරන්න පුළුවන් එකෙක් හෙට අනිද්ද වෙනකොට ලංකාවට සමුදෙනව.. ජය ශ්‍රී යහපාලනේ.

      Delete
    2. උනුත් එහෙව්කොට ඉතින්... මම දන්න විදිහට මේ අවුරුද්දෙ ප්‍රොජෙක්ට් ටෙන්ඩර් දාල නෑ තාම.මිනිස්සු බයයි පටං ගන්න.ඒ නිසා ඉස්සරහට හිස් කාලයක් එනවා වලක්වන්න බැරි වෙන.ගොඩ දෙනෙක් පාස්පෝට් වල දූවිලි ගසල ඉන්නෙ අවුරුදු පහු වෙනකන්..

      Delete
    3. උඹත් පනින්නද හදන්නේ? ඉස්සෙල්ල කකුල සනීප කර ගනින්. හැක්.. මගේ නම් තාමත් යහපාලන පුකේ අමාරුව සනීප උනේ නෑ.. එදාට මාත් පැන්නා..

      Delete
    4. සාදු කාර දෙන්න පින්වතුනි ..සාසු ...සාදු ..සාදු

      Delete
    5. සාධුකාර දෙන්න පොඩ්ඩක් හිටපන් තාම //යහපාලන පුකේ අමාරුව සනීප උනේ නෑ.. //

      Delete
  9. අම්මගේ රෙද්දේ යහපාලනේ.. මිනිස්සුන්ගේ රස්සාවල් නැති කරලා.. චීනගෙන 7% - 8% ගන්නවා කියලා කිංඩිය දාපු ආර්ථික උස්තාද්ලා මහ බැංකුවේ අධිපතියගේ බෑනගෙන් 11% - 12% ට ගන්නවා..

    කොත්ත්මල්ලිත් එක්ක ආප්ප වාටියක් කාලා ප්ලේන්ටි භාගයක් බොන්න වෙලා තියෙන්නේ දැන්.. මිට වඩා හොඳයි එහා ගෙදර එකා පොරොවෙන් ගහලා මරලා දැම්මා නම්..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැත.. මහා ලොකු බිසිනොස් කාරයන් වුවද මුන්ට කවුදෝ කීවාක් මෙන් බුලත් කඩයක් කරන තරම් සාර්ථකවවත් ආන්ඩුකිරීමට දැනීමක් නැත.. හත් පොලේ ගා ගන්නා උන්ගේ ගූ අපට හෝදන්නට වීම අබාග්ගයකි.

      Delete
    2. මේ උඹලමද බං , මචං උඹල ඉස්සරද දැන්ද කටිං කතා කරන්නේ

      Delete
    3. ඔව් බං අපිම තමයි. කටින්ද පුකින්ද දන්නෙ නම් නෑ.. ඉස්සර කතා කරපු තැනින්ම තමයි.. උඹට ඉස්සර අපි කවුරුහරි කිව්ව්ද මුන් අමන වැඩ කරනකොට අපි කටයි පුකයි වහගෙන ඉන්නවා කියලා?

      Delete
    4. උඹලට අපි කියපු හේ නොතෙරුනාට අපි මැරෙන්නය බං...

      Delete
    5. යහපාලනේට බැන්න විතරයි අටමට ෆුල් චූන්.. හැක් හැක්.. මට බෝනස් එක නැති උනාට අවුලක් නෑ බන් ජනාධිපතිගෙ මල්ලිගේ ඔලුවට පොරොවෙන් කොටන්න පුළුවන් තරම් පරමාධිපත්‍යයක් ලැබුණනේ රටේ ජනතාවට යහපාලනෙන්.. ඒක නිසා තාම සපෝට්.. බනින්නෙ බුල ගහන ඒවට විතරයි..

      Delete
    6. //උඹට ඉස්සර අපි කවුරුහරි කිව්ව්ද මුන් අමන වැඩ කරනකොට අපි කටයි පුකයි වහගෙන ඉන්නවා කියලා//

      නැ මචං මම දැන ගන හිටියා උඹල ඔහොම කියන බව

      //උඹලට අපි කියපු හේ නොතෙරුනාට අපි මැරෙන්නය බං...//

      නැ මචං මට හොදට තේරුනා උඹල පතන ජහපාලනේ එන්නේ නැ කියල

      //යහපාලනේට බැන්න විතරයි අටමට ෆුල් චූන්.. //

      නැතුව මචං මම පට්ට මරාවාදියනේ

      //ජනාධිපතිගෙ මල්ලිගේ ඔලුවට පොරොවෙන් කොටන්න පුළුවන් තරම් පරමාධිපත්‍යයක් ලැබුණනේ රටේ ජනතාවට යහපාලනෙන්.. //

      කලින් එහෙම නොවුනේ පොරෝ පාර වදින්ඩ ඕන උන් පට්ට ගාඩ් එකක් එක්ක හිටපු එකයි , සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච උන් පඩත්තල කං නොකරපු නිසයි

      ඕක ජහපාලනේ හොද කමක් නෙමෙයි , කොටපු එකා ඒ මානසිකත්වයට පත්වෙන්ඩ හේතු වෙච්ච කාරනා සහ උගේ තිබුන හිතේ හයිය

      Delete
    7. //කලින් එහෙම නොවුනේ පොරෝ පාර වදින්ඩ ඕන උන් පට්ට ගාඩ් එකක් එක්ක හිටපු එකයි , සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච උන් පඩත්තල කං නොකරපු නිසයි// ඒ කියන්නේ උඹ පිළිගන්නව ජනාධිපතිගේ මලය උනාට වැලි රාජු හිටියේ සාමාන්‍ය මිනිහෙක් වගේ ඩිෆෙන්ඩර් බැකප් බොඩිගාඩ් ල වගේ අයිති නැති ආරක්ශාවක් නැතුව කියල.. ඒක හොඳ නැද්ද බං.. අපි බලාපොරොත්තු උනේ යහපාලනේ ඒක තමයි.. මේ යක්කු ආන්ඩු කරන්න දන්නේ නැති උනත් අඩුම ගනනේ උන්ගේ පරපුර වෙනුවෙන් ජාතික ධනය කාල යකා නටන එකවත් කරන්නේ නෑ නේද?

      එව්වයින් මෙව්වයින් වැඩක් නෑ. සෙනසුරාද හවස ෆ්‍රී කර ගනින්. මං කෝල් එකක් දෙන්නම්

      Delete
    8. //ඒ කියන්නේ උඹ පිළිගන්නව ජනාධිපතිගේ මලය උනාට වැලි රාජු හිටියේ සාමාන්‍ය මිනිහෙක් වගේ ඩිෆෙන්ඩර් බැකප් බොඩිගාඩ් ල වගේ අයිති නැති ආරක්ශාවක් නැතුව කියල.. ඒක හොඳ නැද්ද බං.//
      ආරක්ෂාවක් අවශ්‍ය නොවන කෙනාට බොඩිගාඩ් ලා අනවශ්‍යයි. මහින්දගේ සහෝදරයන් වූ ගොථා ට සහ බැසිල්ට ආරක්ෂාව සැබෑවට අවශ්‍ය වූ නිසා එය භාවිතය වැරදිද? මහින්දගේ සහෝදරයෙක් කිසිම් බොඩිගාඩ් කෙනෙක් නැතුව සාමාන්‍ය කෙනෙක් ලෙස අකුරැස්සේ ජීවත් වන බව දන්නේ නැද්ද?

      Delete
    9. මකසි කලාහිත ඕක නොදන්නව නෙවෙයි , ඒ ගැන කතා කලොත් අවුල වෙන හින්ද දන්නැ වගේ ඉන්නව , ගොඩ දෙනෙක් එහෙමයි වෙන මොකක්හරි කියල මගඇරල යන්ඩ බලල ඒත් හරිගියේ නැත්තං බැනල අපහාස කරල හරි බේරෙනව ( කල්යානල එහෙම නැ )

      මකසි දැං මෙහෙම හිතන්ඩකො ඔය පොරෝ පාර වැලි රාජු ගැහැව්වයි කියල ඒකටත් උත්තරයක් හදාගන්නව රවුං කරල ,

      දෙන උත්තරය ඇත්තම නෙමෙයි කියල දන්න්නව , හදවත යට කරල තර්කය මතු කරනව

      Delete
    10. මකලා හූරා.. සහෝදර සහෝදරියෝ කීප දෙනෙක්ම 'චරිත' නොවී තව ඉන්න බව නම් දන්නවා.. ඒත් ඉතින් ඔය 'සාමාන්‍ය විදියට බොඩිගාඩ්ල නැතුව' කියනෙක නම් කොච්චර දුරට වලංගුද කියල හිතන්න වෙනවා.. ඇත්තටම වැලි රාජු වගේ එකෙක් මරා පවුලේ හිටියනම් ඌට ඉස්සෙල්ල පොරෝ පාර දෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි පර්සි අයියම තමයි..

      Delete
    11. අටම උඹම උත්තරේ දීලනේ..
      //හදවත යට කරල තර්කය මතු කරනව// හරි.. හදවතට එකඟවනම් මටත් මරාට චන්දෙ දෙන්න තිබ්බා.. ඒත් ඊට විරුද්ධ තර්ක බරපතලයි.. ඒවට යට වෙන්න උනා.

      Delete
  10. අනේ ඒකට අපට....

    අපට නම් හොඳ කලක් ගියා....

    මීට කොත්තමල්ලි සහ කහ වෙලඳ වියාපාරික සත් ගුනවත් ස ර ස තුමා

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙම කියපුව ඇහුවනම් නේද?

      Delete
  11. 2008/9 crisis එකේදී Contract basis හිටපු මාවත් රස්සාවෙන් අස් කරන්නේ නැතුව මාස පහ හයකට වඩා පඩි ගෙවාගෙන තියාගෙන හිටියා. ඒ මදිවට මම රට ගිහින් ආපු ආරංචිය දැනගෙන මට එන්න කියල පණිවිඩේ එවල ආපහු කොම්පැණියට ගත්තා.
    එහෙව් කොම්පැණිය ගැන හිතේ ආදරයක් ඇතිවෙන එක අහන්න දෙයක් නැහැනේ බං...

    Increment, Bonus ඔක්කොම නැති උනත් හිතේ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ගිය අවුරුද්දේ ඉතුරු නිවාඩු වල සල්ලි...
    “යකඩ මල්ලට ගුල්ලෝ ගහලනම් හාල් මල්ල ගැන කුමන කතාද” කියල ඒකටත් කෙළ වෙයිද දන්නේ නෑ...

    මගේ වාහන වැඩ කරපු සයිට් එකේ ජනවාරි මාසේ ඉඳල සල්ලි ගෙව්වේ නැහැ. දැන් ඒ සයිට් එකෙත් වැඩ නතර කරලා දාලා.
    පහුගිය දවස් ටිකේම හතර අතේ රෝල් ගහලා ඒවායේ ලීසිං, ටයර්, සර්විස් සහ ඩ්‍රයිවර් පඩි ටික යන්තම් බැලන්ස් කලා.
    මගේ පවුල විතරක් නෙමේනෙ බං. මගෙන් පඩි ගත්තු ඩ්‍රයිවර්ලා දෙන්නගේ පවුල් වල උනුත් කෑවේ බිව්වේ ඒ ප්‍රොජෙක්ට් වලින් ලැබෙන සල්ලි වලින්.
    වැඩ නැතත් උන්ට අවුරුදු කන්න සල්ලි කීය කීය හරි දෙන්න වෙනවා...

    කීයක්වත් උපයන්න පාවිච්චි නොවෙන මම පදින සුදු අලියව සැළකිය යුතු පාඩුවක් පිට හරි විකුණලා දාන්න තීරණය කලේ මේ හිරවෙලා තියෙන හිරවිල්ලෙන් ගොඩ එන්න හිතාගෙන...
    ඒ පළමු අදියර... ඉතිරිය බලමු ඉස්සරහට...

    ReplyDelete
    Replies
    1. //ගිය අවුරුද්දේ ඉතුරු නිවාඩු වල සල්ලි...// අම්මටසිලි එහෙම් එව්වත් ගෙවනවද? යකෝ මෙච්චර කල් වැඩ කරපු තැන්වලින් මට රජ ඇරිල්ලක් නෙ ඇරල තියෙන්නේ..
      මං නම් හිතාගෙන ඉන්නේ තව අවුරුද්දක් දෙකක් යනකම් කිසිම අමතර වැඩකට අත නොගහ පැටලෙන්නැතුව ඉන්න.. පුළුවන්තරම් බැඳීම් වලින් නිදහස් වෙන එකනම් හොඳයි වගේ. ඒත් ඔය සුදු අලිය නෑයි කියල 'මතකයේ රැඳුනු තැන්'වල යන එකනම් නවත්තනව නොවෙයි ඕන්.

      Delete
    2. ඕක තිබ්බයි කියල දැන් යන්නෙත් නැහැනේ...
      මම ලියන ඔක්කොම පරණ එව්වා... අතීතකාමය.. හෙහ්

      Delete
    3. වරදවා හැසිරෙන්නැත්තං කාමය අවුලක් නෑ කියල බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ.. අතීත මොකෝ අනාගතේ මොකෝ.. හැබැයි ආපහු යන්න මගක් ඉක්මණටම හොයා ගන්න එක හොඳයි.. නැත්නම් අපිට කියවන්න එව්ව නැති වෙනව..

      Delete
    4. විකල්ප වලට යන්න වෙනව තමයි ටික කාලෙකට, අපිත් මේ ලොකු කම්පනි දාල ඇවිත් සියලු සුඛ විහරණ අතහැරල ඉන්නෙ , අනාගතය හොද වේයැයි සුබ සිතිවිල්ලෙන්. සුදු අලියව විකුනල පොඩි වහු පැටියෙක් ගනින්, මාසෙට සෑහෙන ගානක් ඉතිරියි.

      Delete
    5. //අනාගතය හොද වේයැයි සුබ සිතිවිල්ලෙන්// සෙනසුරාදට හැබෑ වෙන්න නියමිතයි.. උඹේ වහු පැටිය කොහෙ හරි ගාල් කරල වරෙන් නැත්තන් යනකොට පොලීසියෙන් ලියයි.. හැක්..

      Delete
    6. හෙහ් හෙහ්... දැන්ම වහු පැටියෙක්වත් ගන්න වෙන්නේ නැහැ...
      සෙනසුරාදට මම යන්නේ ඉන්දියන් ක්‍රමේට අනුව ආටා එකෙන්ය...
      දැන් ඉතිං පොලොසියට බයබෝයි කං නැතිය...

      Delete
    7. මමත් දැන් කාලෙක ඉඳම්ම යන්නේ ඉන්දියන් ක්‍රමේටයි.
      මතක ඇතුව බලපන් ආට ඩ්‍රැයිවර් බීලද නැද්ද කියල.. නැත්තන් බිලිබෝයි වෙන්න වෙන්නේ.. හැක්..

      Delete
    8. කෝච්චිය තමයි කියාපු වාහනේ , පැද්දුනත් වටේ උන්ට චා වෙන්නෙ නෑ. දොරක් කිට්ටුව ඉන්න උන් ඔක්කොම බීල හින්ද කෝකද කියල හරියටම නෝට් වෙන්නෑ

      Delete
    9. මමත් හෙට සිට කොල්ලුපිටියේ සිට පුංචි බොරැල්ලට කෝච්චියෙන් යමි. හැක්.. වැඩපොලේ ඉඳල කොල්ලුපිටියේ ඉස්ටේසමටයි මරදානේ ඉඳල ගේ ගාවටයි යනවට වඩා එකපාරම මේ ටික පයින් ගියත් අවුලක් නෑ වගේ හැබැයි..

      Delete
  12. ඡන්දෙට කලින් පොඩියට කන්ට්‍රැක්ට් කරන මගෙ යාළුවෙක් කතා කරා. ඌ කිව්වෙ ඔක්කොම වැඩ ලොකු එකෙක් දෙන්නෙක්ටම දෙනව, වැඩක් ගන්නකොටම කමිෂන් එකට ගානක් කපා ගන්නව, ආන්ඩුවෙ වැඩ ගානක සල්ලි එන්නෙත් නෑ, කෝටියකට වඩා බිල් තීනව ගෙවන්නෙ නෑ, වගේ අවුල් ගොඩක්.

    අන්තර්ජාතික ක්‍රිකට් පාළක මණ්ඩලේ වැඩකරන උන් කිව්වෙ උන්ට හෙන ජයයි, වසර අග බෝනස් එකට අමතරව ස්ටාෆ් එකේ එකාට 50 ගානෙ අමතර ලාබෙකුත් බෙදුව කියල.

    දැන් උඹල මෙහෙම කියනව.

    අනේ මන්ද මොනාද වෙන්නෙ කියල!

    ReplyDelete
    Replies
    1. ඔය කතා දෙකම හරිනේ බං.. ඔක්කොම කන්ට්‍රැක්ට් ඒ කාලේ දුන්නේ මේ වගේ එකෙකුට දෙන්නෙකුට තමයි.. ඒ ෆිට් එකේ ගිහින් ඩොකියුමන්ට් අස්සන් කරන්නෙවත් නැතුව වැඩ කරල තමයි දැන් විරුවපට්ටං ගහන් ඉන්නේ..

      අනිකත් හරි.. ක්‍රිකට් පාළක මණ්ඩලේ උන් එහෙම ලෝබ නැතුව බෙදාගෙන ගිය නිසානේ අද ඒකට ඔය තත්තෙ ඇතිවෙලා තියෙන්නේ.. අන්න අතුරු පාලකේකුත් දාල ආයිම..

      මටත් පොඩි කතාවක් මතක් උනා.. 2012 දි මට හොල්සිම් එකයි ලයන් බියර් එකයි දෙකම එකපාර සෙට් උනා.. හොල්සිම් කන්ට්‍රැක්ට් බේසිස් ලයන් එකේ පර්මනන්ට්.. හොල්සිම් එකේ හිටපු උන් ඔක්කොම යාලුවෝ නිසයි ගාල්ලේ නිසයි මං හොල්සිම් ගියා. මං වෙනුවට ලයන් එකට 2010 පාස් අවුට් වෙච්චි ඉලෙක් එකෙක්ව ට්‍රේනින් කරවල ගත්ත ඇසිස්ටන්ට් මැනේජර් විදියට.. මේ ලඟදි ඌ මට හම්බුනාම කියනව ලයන් එකේ බෝනස් එක මාසෙ පඩිය වගේ 9 ගුණයක් ලු.. හැක් හැක්. වෙලාවට මට හාට් ඇටෑක් එකක් අවේ නැත්තේ..

      Delete
    2. ඉන්දික,
      ඔතන තිබ්බේ මෙන්න මේ වගේ දෙයක්. පොඩි උන්ට තමන්ගේ ඇති වියදං කරලා ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන්න බැහැනේ. ලොකු එවුන්ට දෙන්නේ ඒ නිසා.
      උන් තමන්ගේ අතේ වියදමෙන් හරි වැඩේ කරනවා. ආණ්ඩුව මුදල් ලැබෙන හැටියට ටික ටික පස්සේ ගෙවනවා.
      පොඩියට contract කරපු උන්ට කෝටියක් ගෙවන්න තිබ්බා වගේම ලොකුවට කරපු උන්ටත් බිලියන හතක් අටක් ගෙවන්න තිබ්බ කියන එකත් අමතක කරන්න එපා...

      ක්‍රිකට් පාලන මණ්ඩලේ සහ Construction කියන්නේ අහසයි පොළවයි වගේ දෙකක්නේ බං...
      උන් මොනවද තමන්ගේ මුදලින් කරන ආයෝජන. උන්ට සල්ලි ගලාගෙන එනවා හැම තැනින්ම...

      ///වැඩක් ගන්නකොටම කමිෂන් එකට ගානක් කපා ගන්නව,/// උඹ ලංකාවේ වැඩ කරලම නැද්ද... ;)

      Delete
    3. හැක්.. මේ ඉන්නෙ ඔය ගැන කතා කරන්න හොඳම එකෙක්.. ඉන්දිකය පුළුවන්නම් එල්ලියන්.. මං ඉතින් දෙකට දෙවාරෙට නැති එකානේ.

      Delete
    4. ලොකුපුතා, අවුරුදු විසිපහකට ඉස්සර අලිය ආන්ඩුව ඔයවිදිහටම හිතුවනම්, මේ වෙනකොට කැප්ටන්, හර්ෂ, දයා කියන්නෙ ලංකාවෙ මුල්පෙලේ කොන්ත්‍රාත්කාරයො නෙමේ. ඒ තියා නිමල් සියෙර පටන් ගත්තෙත් ලයිට් කණු හිටවල.

      // පොඩි උන්ට තමන්ගේ ඇති වියදං කරලා ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන්න බැහැනේ. ලොකු එවුන්ට දෙන්නේ ඒ නිසා.//

      පොඩි කම්පැනි වලට පොඩි කන්ට්‍රැක්ට් සහ ලොකු කම්පැනි වලට ලොකුකන්ට්‍රැක්ට්ස් දෙන්න ඕන. නැතුව ලොකු පොඩි සේරම ලොකු කීප දෙනෙක්ට විතරක්ම දුන්නම වෙන්නෙ පොඩි උන්ට වහ කන්න.

      ශ්‍රී ලංකා ක්‍රිකට් පාළක මණ්ඩලේට //අන්තර්ජාතික ක්‍රිකට් පාළක මණ්ඩලේ// කියන්නෙ නෑනෙ බන්. මම වහේන් ඔරෝ කිව්වෙ ICC එක ගැන.

      වැඩක් ගන්න පගාවක් දුන්න තමා, ඒත් පළවෙනි බිලම තමන්ගෙ කමිෂන් එක කර ගන්න ජාතියෙ වැඩ අපි කරලම නෑ.

      Delete
    5. අහ්! ICC එක ගැන මං නැට්ට පාගගෙන.. ඒත් ඉතින් ඒකත් හරි මොකද ඒක තියෙන්නේ ලංකාවේ නෙවෙයිනේ.. හැක්..

      Delete
    6. ක්‍රිකට් පාළක මණ්ඩලය... ICC
      හෙහ් හෙහ්... යකෝ අපි ටියුබ්බ බලුප් උනානේ උඹේ මේ කතාවට.
      මම දන්නා විදිහට උන්ට අවුලක් වෙලා නැහැ මචං. පාලම් 1000 ක් හදන්න ගත්තු ඕඩර් එක ෂේප් එකේ යනවා...
      ඒ වගේම උන් කරපු වැඩ වල සල්ලි පස්සේ කාලෙක හරි ගන්න පුළුවන් ඇති, කෙලින්ම දෙන්නේ නැහැ කියන වර්ගයේ සීන් නැතුව ඇති...

      ///පොඩි කම්පැනි වලට පොඩි කන්ට්‍රැක්ට් සහ ලොකු කම්පැනි වලට ලොකුකන්ට්‍රැක්ට්ස් දෙන්න ඕන. නැතුව ලොකු පොඩි සේරම ලොකු කීප දෙනෙක්ට විතරක්ම දුන්නම වෙන්නෙ පොඩි උන්ට වහ කන්න.///
      මේ කතාව හරි මචං... මගේ යාළුවොත් කීප දෙනෙක් ඉන්නවා පොඩි පොඩි වැඩ කරපු. උන්ටත් පහුගිය කාලේ වැඩ කරපුවයේ සල්ලි දීල නැහැල්ලු
      පොඩි උන්ට පොඩි පොඩි වැඩ තිබුන මචං සෑහෙන්න... හැබයි පොඩි වැඩ කරලා ඉවරවෙලා ලොකු වැඩ වලට ඇතුල් වෙන්න බලාගෙන හිටපු තරමක උන්ට චෑන්ස් එක ලැබෙන්න නැතුව ඇති මම අර කළින් කියපු මුදල් ආයෝජනය කිරීමේ හැකියාව සම්බන්ධ සිද්ධිය නිසා...

      පොඩි එකෙකුට පුළුවන්ද මචං බිළියන හත අටක වගේ මුදලක් මාස ගාණක් හිර කරලා රටේ පාරවල් හදල ඒ සල්ලි දෙන දෙන විදිහට ටික ටික පස්සේ කාලෙක ගන්න...

      ඒ වගේම ආණ්ඩුවක් පෙරළුනා කියන හේතුව නිසා බිළියන ගාණක අවධානමක් ගන්න පොඩි කම්පැණියකට අපහසුයි නේද...
      පොඩි එකෙකුට හිතන්න තියෙන්නේ "වෙලාවට මම ඒකට බෙල්ල නොතිබ්බේ" කියල...
      එහෙව් එකෙකුට ඒ වගේ දෙයක් එහෙම උනානම් ඌ මේ වෙද්දී සෙත්තපෝච්චි...

      ///වැඩක් ගන්න පගාවක් දුන්න තමා, ඒත් පළවෙනි බිලම තමන්ගෙ කමිෂන් එක කර ගන්න ජාතියෙ වැඩ අපි කරලම නෑ.///
      මේ කියන්නේ වැඩ සහ බිල් ලබාදෙන එළකිරි වගේ නිලධාරි මහත්වරු කරපු වැඩක් ගැනද, එහෙම නැත්නම් දේශපාළුවෝ ගැනද

      Delete
    7. කරුණාවෙන් සවන්දෙන්න මහත්වරුණි, මම දෙවැනි වතාවටත් නැට්ට පාගාගෙන සිටියෙමි. ශැහ්.. ටියුබ් ලයිට් බව දැනන් උන්නා ඒත් මෙච්චරටම.. ඒ ගැන මටම දැන් බ.අ.සි.

      ප.ලි. ඔබ දෙපළගේ මේ විසංවාදය උනන්දුවෙන් රස විඳිමි.

      Delete
    8. ලොකුපුතා, ලොකු කන්ට්‍රැක්ටර්ස්ලට ලොකු පොඩි දෙකම එකට දෙන්නෙ එතකොට ලොකු එක බිලක් ගෙව්වම පොඩි ඒවට අඬන්නෙ නැති නිසා. වැඩ දෙකම යනව, ගෙවීම අඩුයි. මේක පිටින් බැලුවම හරිම සාර්ථකයි. ම්කද වැඩෙත් යනව, සල්ලිත් නොගෙව. නමුත් ඇතුල භයානකයි. ඒකයි මම පහල කිව්වෙ සෝප් බබ්ල් එකක් කියල. හේතුව ලොකු කන්ට්‍රැක්ටර් සබියන්ට ගෙවන්නෙ නෑ. එතකොට උන් දුවන්නෙ අනවශ්‍ය විදිහට ගන්න පුද්ගලික ගිණිපොලී ණයට. නමුත් ලොකු එකා තමන්ගෙ රිසෝසස් වලට ගෙවන්නෙ බැන්කු ණය, ඕඩී වලින්. ආන්ඩුවට මේ හිඟ ගෙවන්න මුලින් තරමටම ණය හොයාගන්න බැරිවෙනකොට සල්ලි අච්චු ගහන්න වෙනව, නැත්තන් නොගෙවම ඉන්න වෙනව. මේ දෙකෙන් කෝක කලත් ඉකොනොමිය බිම.

      නමුත් ආණ්ඩුවට දරන්න පුලුවන් තරම දැනගෙන ඒ ප්‍රමාණයට වැඩ පටන් අරගෙන පොඩි වැඩ පොඩි උන්ටයි ලොකු වැඩ ලොකු උන්ටයි දුන්නම් දෙගොල්ලන්ගෙම රෝල දුවනව.

      අනික ආණ්ඩුවෙ ක්නට්‍රැක් කරන කවුරුත් දන්නව සල්ලි එන්නෙ මාස දෙකක්වත් ගියාම කියල. ෆොරීන් ෆන්ඩඩ් ඒව ඇර අනෙක් ඒවගෙ මේක සාමාන්ය දෙයක්. ගන්න කෙනා ගන්නෙ ඒක දැනගෙන වගෙම, දෙන්නෙත් ඒ හය්ය තීන උන්ට.

      පහුගිය කාලෙ මේ සාමාන්‍ය කාලෙ මාස 6 විතර ඇදුන. හේතුව ආණ්ඩුවට සල්ලි නැතිකම. එතකොට ණයට ලොක්කො කරත් කරන්න පුලුවන් සීමවට එමින් තිබ්බෙ. තව ගියානම්, සේරම බිම.

      සාමාන්‍ය ප්‍රොජෙක්ට්ස් වල පගාව දේසපාලුවො ගන්නෙ නෑ. උන් ගන්නෙ ප්‍රොජෙක්ට් එකෙන් පිට වාසි. පගාව ගන්න නිළධාරියො.

      එහෙම පගාව දේසපාලුවන්ට දෙන තරමෙ ප්‍රොජෙක්ට්ස් කියන්නෙ මෙගා ඩීල්. එවගේ ඩීල් වෙන්නෙ අපි වගේ හාල්කෑලි වලට ගොඩක් උඩින්, වෙන රටවලදි. ඒක තමා ඉස්සර ත්තවෙ. ඒත් බැරා මේ සීරම අනෙක් පැත්ත ගැහුව.

      //ප.ලි. ඔබ දෙපළගේ මේ විසංවාදය උනන්දුවෙන් රස විඳිමි. //

      අනේ පල ඩෝ යන්න, කුකුල්ලු කොටවල අප්පුඩි ගහන්න.

      Delete
    9. බලපං මේ විසංවාදය නිසා උඹල ඇතුලේ ඉන්න ඉංජිනේරුවෝ, ප්‍රොජෙක්ට් මැනේජර්ල, කොන්ත්‍රාත්කාරයෝ, දේශපාලකයෝ විතරක් නෙවෙයි කුකුල්ලුත් එළියට එන හැටි.. හැක්.. (දෙන්නම හෙන කුකුල්ලු බවනම් තේරෙනව.)

      Delete
    10. බැරා... හෙහ්...
      ///(දෙන්නම හෙන කුකුල්ලු බවනම් තේරෙනව.)///
      කමි අපි දෙන්නම කරන්නේ එක සමාන රස්සා කියල මම හිතනවා. ඒකයි මේ...

      Delete
    11. අපොයි ඔව්. උඹල දෙන්නම කරන්නේ බ්ලොග් වල කොලිටි කොන්ට්‍රෝල්/ කොලිටි ඇශුවරන්ස් කරනෙකනේ.. හැක්..

      බැරා ෆස්ට් ටයිම් මාත් දැක්කෙ..

      Delete
  13. එක එකා පොඩ්ඩක් කරේ නැග්ගම මොන හු...ක්ද මේක දාල යනවා කියල හිතෙනවා. එත් අපේ රස්සාවල තියෙන සුරක්ෂිතබාවය කොච්චරද කියල හිතෙන්නේ පොඩි එකා ඉස්පිරිතාලේ හිටපු මාස 10ටම මට දීපු පින්පඩිය ගැන හිතුවාම. යකෝ මොරටු යන්න බැරිවෙච්ච එක මොන දෙයක්ද කියල හිතුනේ එතකොට.
    ඉදිල්ලකෝ දැන් පොඩ්ඩක් තිරිකුනාමලේට සෙට්ල් වුනගමන් බොග දාන්නම් ඇරියස් එක්ක

    ReplyDelete
    Replies
    1. ඈ... අන්න කොම්පැණි... අපේ නම් ඉතිං ඇස්වහක් කටවහක් නෑ.. දවස් කුලිය වගේ තමා.මෙඩිකල් දවස් 07යි.ගෙවීම් එපමණයි.ඊට පස්සෙ හුළං...

      Delete
    2. ඩිලාන් ඔය කොම්පැණියේ මං කාලයක්ම වැඩ කල හින්දා ඔය සැප දන්නව.. කසාද බැඳපු කාලේ මං සමහර මාස වල මාසෙට දවස් 22ක් නිවාඩු ඉඳල තියෙනව. ඒක නොවෙයි මොකැයි උනේ පොඩි එකාට? දැන් හොඳද බුදු සරණින්?

      Delete
    3. ලබ්බ මූ වැඩ කරන්නේ මං මුලින් වැඩ කරපු සීමාසහිත නාහෙට අහන්නැති හා සමාගමේ.. හැක්..

      Delete
    4. කොයිල් ශෝට් උනා... ඔලුවට වැටුනෙ නෑ..

      Delete
    5. කලින්ද? තාමත් වැටුනෙ නැද්ද? නැත්නම් ඔය උගෙ නම උඩ කොටල බලපන්.. හැක්..

      Delete
  14. මේ කොමෙන්ටු අනුව පෙනීයන්නේ මෙහි බොග පලකරනා බොහෝ පින්වතුන් පෙර ලංආදිපති හොර තක්කඩි, වන්චා සහගත, දූශනශීලී මහ රජා වෙනුවෙන් තනමින් තිබූ මහා මාලිගා වල වැඩ කල ද්‍රෝහීන් යන්නයි...

    ඒ මන්දයත් අපේ යහපාලනේ එවැනි හොර මාලිගා හැර අන් සියලු ප්‍රොජෙක්ටු පෙරටත් වඩා හොඳින් පවත්වාගෙන යන නිසයි...

    තොපි මේ රට බංකොලොත් කල මහා මාලිගා වල වැඩ කල එකට අපේ යහපාලනේ පලිද!

    ReplyDelete
    Replies
    1. සා රස මහත්තයෝ...වෘත්තිකයන් වූ අප යෙදෙන්නේ අප ඉගෙනගත් පුරුදු පුහුනුවූ දේ ඇසුරින් ජීවිකාව ගෙනයාම මිස රජුන්ට හෝ මිසදෙටුවන්ට මාලිගා ඉදිකිරීම නොවන බැව් ඔබතුමා දන්නා බැව් අපද දනිමු නේ.... යහපාලනයට එදවස වූ සියලු ප්‍රොජෙක්ට් ඇලජික් වූ නිසාමැයි මේ අභග්‍යය....එහෙම නේද..?

      Delete
    2. //යහපාලනයට එදවස වූ සියලු ප්‍රොජෙක්ට් ඇලජික් වූ නිසාමැයි මේ අභග්‍යය....එහෙම නේද..?//

      මෙච්චර සාදාරන සමාජවාදී ජනතා වාදී අවංක මෙවුවා එකක් තියෙන යහපාලනේට අනං මනං කියන කොට කේන්ති යන්නෙ නැද්ද මෙයා :D

      Delete
    3. ස රස මහත්තයෝ මං නං හැබෑවටම ඉන්නේ එහෙව් එහෙක තමයි.. අපිට වෙලා තියෙන්නේ අර ඉන්දික උඩින් කියුව වගේ මග නැගුමේ බර අදින්න.. හැක්.. පුදුමේ කියන්නේ යහ පාලනෙන් නැවතිල තියෙන්නේ ඔය කිව්ව වගේ සුපිරි මාළිගා වැඩ නෙවෙයි බැලුවම පාරවල් හදනව වගේ අත්‍යාවශ්‍යය එව්වනේ.. ඒක ගැන මොකුත් අදහසක් නැද්ද?

      Delete
    4. //වෘත්තිකයන් වූ අප යෙදෙන්නේ අප ඉගෙනගත් පුරුදු පුහුනුවූ දේ ඇසුරින් ජීවිකාව ගෙනයාම මිස..// ශෙෆාකී ගින්දර වගේ බොස්.. ඒක යහපාලනේද මජර පාලනේද වැඩක් නෑ.. ඒ කියල හරි දේ හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි එපා කියල නෑනේ.

      Delete
  15. යහ පාලනේ හරි මරාගේ පාලනේ හරි, අපි විසින්ම පත්කල පාලනයක්නේ මචෝ මේකේ තියෙන්නේ සහ තිබුනේ..අපි නිදහස ඕනාය දූෂණය පිටුදකින්න ඕනාය කියලා මේ ආණ්ඩුව පත්කල විදියටම වෙන්නැති 2005දී මරාව පත් කරන්න ඇත්තේ....කොහොමෙන් කොහොම හරි අපේ බඩට, පඩිපතට, ලැපැට, බෝනස් එකට, කාර් පර්මිට් එකට, කොමිෂන් එකට, හෙලිකොප්ටර් එකට, ලැම්බොගිනියට, මල්වානේ විසල් මන්දිරයට, ඩුබායිවල හෝටලේට, මර්ෂක් බෑන්ක් අකවුන්ට් එකට ආදී දේවල්වලට කෙල උනාම ඔක්කොම ඉන්නේ එක තැන කියලා හිතුනා මේක කියෙව්වාම.
    යහපාලනේ වැරැද්ද නෙමෙයි බං, කොම්පැනි අයිතිකාරයෝ ටෙලිෆෝන් කෝල් එකෙන් අවොර්ඩ් කරපු මල්ටි බ්ලියන් ප්‍රොජෙක්ට් කරාම වැඩකරන එකාලට වෙන සංගෙඩිය තමයි ඔය ලියවිලා, කමෙන්ට් වැටිලා තියෙන්නේ..
    මම නම් ඉතින් ජීවිතේ සෑහෙන කාලයක් අරාබි ෂේක්ලාගේ කපටි කයිරාටික්කම් වලට තෙම්පරාදුවෙලා හිටිය නිසා තම්බි හත්ගව්වක් තියලා අමුඩෙ ගැහුවා වාගේ කොල්ලො කෙල්ලො ටික බේරගෙන පුලු පුලුවන් ඈයෝ ආයෙත් ඕමාන් ඇරියා යහපාලනෙන් කඩේ වහන්න කලියෙන්....
    .

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ආන්ඩුවක් වෙනස් උන ගමන් මේක වෙනව. හේතු දෙකක් නිසා. එක සල්ලි ප්‍රශ්ණ. දෙක ප්‍රයෝරිටීස් වෙනස් වීම.

      මෙතන සෝප් බබල් එක වගේ ආන්ඩුවෙ ණයට කල ප්‍රොජෙක්ට්ස් නැවතුනා. දැන් ඉතින් ටිකක් කලක් යන්න වෙනව ආයි මේක සෙට්ල් වෙන්න. අනික් පැත්තෙන්, ලංකාව වගේ රටක ආන්ඩුවෙ ප්‍රොජෙක්ට්ස් වලින් යැපෙන්නම ඉන්න එක ලොක්කන්ගෙ ගොන් කම. මෙහෙ තෙල් නැතිබව දන්නෙ නැද්ද ඔහොම කරන සේරටම ගෙවන්න. ආන්ඩුවෙ බැන්කු වැටිල මුළු ඉකොනොමි එකම වැටෙන්න කලින් මේක මෙහෙම උන එක හොඳයි.

      Delete
    2. //පුලු පුලුවන් ඈයෝ ආයෙත් ඕමාන් ඇරියා යහපාලනෙන් කඩේ වහන්න කලියෙන්..// ශෙෆාකී අපිට ඔහොම බොසාල හිටියේ නෑනෙ බොස්.. (ඇත්තම කතාවනම් පහලින් තිස්ස කෙටියෙන්ම කියල තියෙනව කවුරුත් දන්නෙ නෑ.. හැක්..)

      Delete
    3. ඉන්දිකය.. මටනම් අවුලක් නෑ.. අර අටමට කියුව වගේ ජනාධිපතිගේ මල්ලිගෙ ඔළුවට පොරොවෙන් කොටන්න තරම් මහජනයගේ කොන්දට පණ ආවනේ යහපාලනෙන්.. මටනම් ඒම ඇති.. ඔය පොරෝ කාරය බ්ලොග් එකක් ලියන්න කැමති වෙයිද දන්නේ නෑ..

      Delete
  16. අප්පමාදේන සම්පාදේත + කිව්වනාහන ගුරු!

    [ ;-) - just kidding OK? ]

    ReplyDelete
    Replies
    1. අර ශෙෆාකිගෙයි මේ කොමෙන්ටෙකයි දකිද්දි ඇඬෙනවා.. පවට පින දෙන්න බෑනේ ලොක්කා.. (අනිත් උන්ට නම් තේරෙන්න නැතුව ඇති.. හැක්)

      Delete
  17. හ්ම්....................හැම මාසෙම 10 වෙනිදට හම්බවෙන අපේ පැන්සොන් කට්ටට එහෙම කෙලවුනොත්, ඔන්න මම පොරොවක් නෙවෙයි ගන්නේ, පවර් සෝ එකක්. ඕ යේස්.

    අම්මපා ඔහෙලගෙ ආයතන ප්‍රධානියා ආය තන බල බලා ඉන්නවද සේවකයාගේ දුක ගැන බලනවද?

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් පැන්ශොනුත් නෑ.. බෝනසුත් නෑ.. විචාරක තුමාල තමයි පොඩි අපිවත් නරක් කරේ යහපාලනේ යහපාලනේ කිය කිය.. හැක්..
      එයාට තන පෙන්නුවේ මරා පාලනෙන්. දැන් දන්නෙ ඒ තණ කියල.

      Delete
  18. දෙසැම්බර් අපේ බෝනස් එක අප්‍රේල් වල ඇඩ්ර්නස් එකක් ඔය දෙකෙන් එකක් හරි නොලැබෙන්න ඔනේ නෑ පැය දෙකක් තුනක් පරක්කු වුනොත් ඉහල කලමනාකාරිත්වයට වෙන්නෙ කලිසම් ඔලුවේ ඔතා ගන්න..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි මෙන්ඩෝ ටීම් වර්ක් එක තියෙන්න ඕනි.. මෙහෙ අවුල තියෙන්නේ ලොක්ක ඉන්නෙත් ඒ ටීම් එකේමයි.. අපි ඉස්ට්‍රැයික් නම් මෑනුත් ඉස්ට්‍රැයික් ඉතින් කාටෙයි කියන්නේ.. එළද බ්‍රා තමයි..

      Delete
  19. බෝනස් ඉන්ක්‍රිමන්ට් විතරද නැතිවුනේ? තව බොහෝ දේ නැතිවේවි මගෙ හිතේ. අවසානයේ යහපාලන සැට් එකටත් සියල්ල නැති වේවි වගේ. හිතුවේ මක්කැයි... වුනේ මක්කැයි?

    ReplyDelete
    Replies
    1. තාම දින සීය ඉවර නෑනෙ බං.. ඔන්නොහේ අල්ලං ඉමු.. දුක අපේ උන්ගේ මූණු ටික දිහා බලන් ඉන්න එක තමයි..

      Delete
  20. සේවකයන්ගේ පැත්තෙන් බලන්කොට ප්‍රශ්නයක් තමයි.ඒත් රට ගිය විදිහට වෙන්න තිබුන දෙයක් බං.මේ තත්වය අවුරුද්දක් වැඩිම වුනොත් දෙකක් ඇතුලත සාමාන්‍ය තත්වයට පත්වෙයි.ඒත් ඉස්සර ක්‍රමය තිබුනනම් වෙන්නේ තව අවුරුදු දෙකකදී පාන් ගෙඩියක් ගන්න විල්බැරෝ එකෙන් සල්ලි අරන් යන්න වෙන එකයි.ගැටළුව තියෙන්නේ මේ අවුරුදු දෙක ජීවත්වෙන එකයි.ඒකට විකල්පයක් හොයාගන්නම වෙනවා.ඒක ගොඩක් දුරට තමන්ම හොයාගන්න විකල්පයක් මිස ආණ්ඩුවෙන් හොයලදෙන එකක් වෙන එකක් නෑ.
    සිංහළෙන්ම කිවුවොත් මට වෙලාතියෙන්නෙත් ලොකු පුතාට වෙලා තියන එකම තමයි.මේ දවස් ටික යන්තන් ශේප් මේ පැතිවල ගොයම් කපපු නිසා.ඒත් ඒක තාවකාලික වසන්තයක් විතරයිනේ.ගොඩක් දුරට මටත් තේ රහ බලන්න හරි ආපහු පිටි මෝලිය අනන්න දීපංකරේට හරි යන්න සිද්ද වෙයි.එහෙම නැතිව සාප කර කර ඉන්න එක මේ ප්‍රශ්නෙට උත්තරයනම් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ගල් කාරයෝ දෙන්නෙක්ම එක ලඟ කොමෙන්ට් කරල.. අම්මප පොඩි බිස්නස් කාරයොන්ටනම් ගොඩ ඒමක් ඇත්තෙම නෑ.. ඔය ලොකු පුතා ගැන වද වෙන්න එපා උඹ. ඌ මේ ලොකු රස්සාවක් කරන ගමන් කැසිල්ලට බිස්නස් කරන එකෙක්.. හැක්..

      Delete
    2. අඩෝ උඹව කොටියා කන්න එපායයැ මේ කියන කතා වලට...
      ඊට නරකද කිව්වනම් කහන සල්ලි තියෙන නිසා පාර දිගේ විසික්කා කොර කොර යන එකෙක්ය කියලා... හෙහ්

      Delete
    3. හැක්.. එහෙම කියුවොත් උඹේ ප්‍රතිපත්තිවලට හරි නෑනේ පරිසර දූශණේ වෙනවැයි කියන.. ඒකයි එහෙම නොකිව්වේ..
      කොටිය කාපන් කියුවොත් ජාතිවාදී ප්‍රශ්ණයක් වෙනව.. නරිය කාපන් වගේ කියුවනම් හරි..

      Delete
    4. ගල් කාරයෝ දෙන්නෙක්ම එක ලඟ කොමෙන්ට් කරල..
      හුටා..ඔය වගේ එවා ප්‍රසිද්දියේ කියන්න එපා බං

      Delete
    5. //හුටා..ඔය වගේ එවා ප්‍රසිද්දියේ කියන්න එපා බං// හුටා මං හිතුවෙ ඒක පේන්නෙ උන් දෙන්නට විතරයි කියල.. හැක්..

      Delete
  21. වැඩ කරන සෙට් එකට පඩියයි , බෝනස් එකයි , ඇඳුමකුයි දුන්නම ආයෙ ණයටත් ඉල්ලනවා. ඒකත් දෙනවා. ණය වෙච්ච තැන් වලට අවුරුද්දට කලින් ණය ගෙවන්නත් ඕන. මට ණය වෙච්ච හාඩ්වෙයා කාරයොන්ගෙන් ඒ සල්ලි හම්බවෙන්නෙත් නෑ. අවුරුදු නිසා මිනිස්සු වැඩ නවත්තල බිස්නස් වෙන්නෙත් නෑ. අන්තිමට සමහර වෙලාවට ණය වෙන්න සිද්ධවෙනවා. කාගෙන් වත් ඉල්ලන්නත් බෑ අවුරුදු නිසා. පුදුම ප්‍රශ්න බලාගෙන ගියාම හැමෝටම. ජීවිතේට බෝනස් නොගත්ත මට බෝනස් ගැන තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් කාලයක් පොඩියට හාඩ්වෙයාර් එකක් කරා.. පස්සෙ වෙලාවක වැඩි විස්තර කියන්නම්.. වතාවක් අවුරුද්දට ලොරියේ වැඩ කරපු එකාට පඩියත් දීල තව ගානකුත් දීල උඹ කියුව වගේ ඌටයි පවුලටයි පොඩි එකාට රෙදිත් දීල යවන්න හදනකොට ඌ ඇවිත් තව පාලොස් දාක් ඉල්ලුවා ණයට.. උඹ කියන්නේ ඒ වෙලේ මගේ අතේ සත පාලොස්දාහක් වත් තිබ්බෙ නෑ.. අඩුම තරමින් මගේ ගෑනිට පොඩි එකාට ඇඳුමක්වත් අරන් දීල තිබ්බේ නෑ.. සල්ලි නෑ කිව්වයි කියල ඌ අවුරුද්දෙන් පස්සෙ ඇවිත් ඊට මීටර් පන්සීයක් විතර එහායින් තිබ්බ හාඩ්වෙයාර් එකේ වැඩ කලා.. තත්වෙ ඕකයි. මං දන්නව ඩාලිං අමාරුව.. මන් නම් ලොකු කමකට කියනව නෙවෙයි දැන් රස්සාවකට යනකොට පඩි ඉල්ලන්නේ බෝනස් නෙවෙයි වෙන මොකුත් නොදුන්නත් මගේ ගේම ගහ ගන්න පුළුවන් වෙන්න. පුළුවන්නම් දීපන් නැත්නම් මං ගියා තියරිය.. එහෙම කරන්න පුළුවන් ඩිමාන්ඩ් එකක් තියෙන නිසා ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ.. මට දුක අපේ ස්ටාෆ් එකේ උන්ගෙ මූණු දැක්කම බං..

      Delete
    2. ඔයා නොදුන්නේ ඇත්තටම නැති හන්දා තියාගන නොදෙන උන් කොච්චර ඉන්නවද

      Delete
    3. සජ්ජා, බෝනස් එක කියන්නෙ ඉස්සර තාත්ත පඩි දවසට අරන් එන ඇපල් ගෙඩිය කන්න ආසාවෙන් බලන් ඉන්නව වගේ දෙයක්.

      Delete
    4. අටමෝ තිබ්බනම් මම ඇත්තටම දෙනවා.. එහෙම තියාගෙන නොදී ඉන්න එහෙකුටනම් කමක් නෑ මූ මට අරෙහෙම කරපු එකෙන් මං පට්ට අනාත උනා.. මං තනියම ලොරියට වැලි පටවල ගල් ගඩොල් සිමෙන්ති පටවගෙන ගිහින් ගෙවල් වල බාල තියෙනව.. අපේ උන්දෑ කවුන්ටරේ ඉඳන් බලාගෙන අඬනවා.. අදටත් කිසිම බිස්නස් එකකට අත තියන්න දෙන්නේ නැත්තෙ ඔය නිසා..

      Delete
    5. කම්මලය එහෙම බැලුවම මට පොඩි කාලෙත් බෝනස් හම්බෙලා නෑ.. හැක්.. ඉඳල හිටල 'බෝනස්' කෑල්ලක් හම්බෙන්න කවුරුහරි දන්න අඳුනන එකෙක් රට ගිහින් එන්නෝනෙ..

      Delete
    6. කම්මලය, මටත් මූට වගේම තමා. කව්රුහරි රට ඉඳල ආවොත් තමා බෝනස්.
      කමිය, අපේ ගෑණි බඩකුත් උස්සගෙන වැඩ ඇරිලා එනකොට එක්කගෙන ඇවිත් මික් කියන්නෙ නැතුව ඉන්නෙ "අතපය රිදෙනවා" කියල කිව්වොත් අනේ කිය කියා නාහෙන් අඬන ගමන් අතගාන නිසා. ඒ දවස් වල සුද්දා වගේ හිටපු මගෙ පින්තූරයක් පර්ස් එකට දාගෙන ඉන්න මගේ ගෑණි දන්නවා ගල් කුඩු නාගෙන අව්වේ වේලි වේලි හම්බකරන්න දුක් විඳින තරම. මිනිස්සු එහෙම තමයි බං , අපි හැමෝම දුක් විඳින මිනිස්සු. ඇඟ වෙහෙසල වැඩ කරන මිනිස්සු වගේම මනස වෙහෙසල වැඩ කරන මිනිස්සුත් දුක් විඳිනවා. අවුරුද්දට තමන්ට නැතත් දරුවන්ට අම්මල තාත්තලට ඇඳුම් කෑල්ලක් අරන්දෙන්න නගරෙ රෙදි කඩවල ලාභ ඇඳුම් පෙට්ටි අවුස්සන මිනිස්සු... පිස්සු හැදෙනවා බං... බෝනස් එකක් තිබ්බ නං රාක්ක වල ඇඳුමක් ගනීවි..

      Delete
    7. ඒ කාලෙනම් මහ එපාම කරපු කාලයක් බං.. කැසිල්ලට පටංගත්තට කාපු කට්ට අනන්තයි.. අපේ උන්දැ ඕක ගැන ඇහුවම කියන්නේ විශ්ණු දෙයියන්ටත් නරක කාලෙ ආවහම බටකොල කැව්වද කන්ඩ උනාද මොකක්ද කියලා.. හැක්..

      Delete
  22. බොලා බෝනස් නැතුව හුල්ලනවා. අපිට ලැබුණු බෝනස් එකෙන් හතරෙන් එකක් යහපාලන ආණ්ඩුව මංකොල්ල කාපු එක ගැන හුල්ලනවා.

    ReplyDelete
    Replies
    1. හම්බෙච්චි 'තුන' ගැන සන්තෝසයක් ඇත්තෙම නැද්ද?

      Delete
  23. මොනව වෙනවද කියල් කාටවත්ම හිතාගන්න බැරි තත්වයක් බං දැන් තියෙන්නෙ. රටේ සංවර්ධනය නම් කඩාවැටිල තමයි. පසුගිය කාලෙ යටිතල පහසුකම් සංවර්ධනයක් වුනා නාස්තියත් එක්කම . දැන් ඒ මොකවත් නැතිව යකුන් නටපු පිට්ටනිය වගෙ බාගෙට හදපු පාරවල්. අනේ මන්ද
    ඔය ප්‍රශ්නෙ හුඟක් දෙනෙකුට බලපානවලු තමා.

    ReplyDelete
    Replies
    1. සම්තින් ඊස් බෙටර් දෑන් නතින්ග් කියලත් හිතෙනව වෙලාවකට..බට් සම්තින් ලයික් මාරා නම් නෙවෙයි ආයිත්.. මාරා නෙවර් එවර්.. හැක්..

      Delete
  24. ක්‍රමය මාරු නොකර ඔලු ගෙඩි මාරු කරන මේ ක්‍රමය ජනතාව විසින්ම මාරු කරන දවසක් එනතුරු මෙවන් කර්ණ රසායන දින දින ඇසෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මොකටද බං මටනම් දැන් ඔය ක්‍රමේ වෙනස් කොරනවයි කියන එව්වොත් එක්කත් පට්ට මල..

      Delete
  25. කිසිදිනක බෝනස් ලැබී නොමැති නිසා එහි ආතල් එක නොදනිමි. වැඩේ කියන්නෙ බං අපේ ඔ‍ෆිස් එකේ අපි දවස් තුනක් නයිට් කලා...කොලාට වඩා හොඳයි බුදුයගත්තනම් කියල හිතුනා නයිට් 3ට ම හම්බුනේ රුපියල් 230 යි කියපන්කො.

    ReplyDelete
    Replies
    1. //කිසිදිනක බෝනස් ලැබී නොමැති නිසා// මටත් රස්සා කරන්න අරන් දහ අට අවුරුද්දක් වෙලත් තාම කොහෙන්වත් බෝනස් එකක් හම්බෙලා නෑති නිසා ඒකේ ඒ හැටි ගානක් නෑ බන්.. දන් බැලුවම හැබැයි අඩුම ලස්ස 3-4 ක පාඩුවක් තමයි මේක හම්බෙන්නෑයි කියන්නේ.. හැක්..

      ඔය 230 නයිට් තුනට හම්බුනේ 1980 වගේ වෙන්නැති නේද?

      Delete
    2. ලක්සම 6 ක් විතර නෑ ගිය අවුරුද්දට, ඇඩෙනව මතක් වෙද්දිත්. නයිට් තුනට රු 230. යකෝ ඔහොම වැඩගන්න එවුන්ට හෙන ගහනවනෙ. අපේ නයිටක් ගැහුවොත් කන්ඩ, බොන්ඩ දීල ට්‍රැවලිනුත් දීල රු 1700 විතර දෙන්ඩ ඕනෙ. දවස් තුනක් නයිට් කරන්ඩ දීල මාට්ටු උනොත් HR එකෙන් අපේ පතුරු අරියි

      Delete
    3. //ලක්සම 6 ක් විතර නෑ ගිය අවුරුද්දට// කලින් කොම්පැණියෙන් අයින් වෙච්චි පිනටද?

      //කන්ඩ, බොන්ඩ දීල ට්‍රැවලිනුත් දීල// හැක්.. බොන්ඩ දෙනවනම් අනිවා ට්‍රැවලින් දෙන්නම වෙනවා.. අපි ඒක දැක්ක එදා.. :p

      Delete
    4. බොන්නත් දෙන කොම්පැණි එකක්නම් අපිවත් ගනින්කෝ ඒකට...

      Delete
    5. අනේ මාවත්.. එක්කො එපා.. මං ගත්තොත් උඹල එකෙකුට්වත් බොන්න දෙන්නෙ නෑ වැඩ කරන වෙලාවේ.. ඇල්කොහොල්ල පොලිසියක් ගේනවා.. හැක්..

      Delete
    6. ඒකට තමයි කාටවත් පේන්නැති තැනක සෙට් වෙන්න ඕනෙ කියන්නෙ.සේෆ්ටි වාහනේ තමා සප්ලයි වලට තියාගන්නෙ. 'මචෝ... සිගරට් ඉවරයි.. අරගෙන පයින් වරෙන්.වහනේ ලඟට ගේන්න එපා' කියලා ඩයිබරට කිව්වම හරි.

      Delete
    7. උඹලෑ සේෆ්ටි ඔෆිසරයගෙ නොම්මරේ එවපං.. විස්තරේ කියන්න.

      Delete
    8. යක්කොව් බොන්න කිවුවහම අරක්කු විතරද ? නෙක්ටො, ෆැන්ට වගේ ඒව. දියවැඩියාව තියන උඹලව අරං මට තේත් එක්කම සීනිත් විකුනන්නද ?
      සල්ලි වලින් පාඩු තමයි ඒත් කලගුණ සැලකීම එයිට වඩා උතුම් කියල පරණ බොසා පටන්ගත්ත අලුත් තැනට ආව.

      Delete
    9. //දියවැඩියාව තියන උඹලව අරං// අන්න කරනවනම් බිස්නස්.. දෙන්නම් සීනි එකසිය නෙවෙයි තුන්සිය ගානට..

      Delete
    10. ළමයි....බොනවානම්
      බ්‍රෑන්ඩ් එක ගල්

      -ස්තුතයි-

      Delete
    11. චැහ්.. බ්‍රෑන්ඩ් එක ගල්ය කිව්වට එකෙක්වත් බොන්නෙ නෑනෙ බං ගල්.. ඔක්කොම බොන්නෙ විස්කි.. හැක්..

      Delete
  26. පීදී නිල් ගොයම බර වී දෙකට නැවේ
    කලා හිතේ රචනා හරි රහට පෙවේ
    ඉදිරියට ම යන්න සිංහල බොග් කලා ලොවේ
    සුපැතුම්!, මෙන්න කොමෙන්ට් අංක අනූ නවේ

    ReplyDelete
    Replies
    1. පීදුනමුත් ගොයම මොකට නැවෙනවනම් දෙකට
      කලාහිතෙත් ඉඳ හිටලා ලියවෙයි කවි රහට
      ඉදිරියටම යන්න හිතයි නැතුව හිතේ කහට
      දැන් සීයයි කොමෙන්ට් වලින් ස්තූතියි ඔබට! :)

      Delete
  27. මාත් කාලයක් වැඩ කොලානේ ලංකාවෙ ජනප්‍රියම පත්තර කන්තෝරුවෙ... ඒකෙ බෝනස් දෙන විදිය ඇහුවනං... කවුරුත් පිලිගන්නෙ නෑ.... මම කොලේ පෙන්නුවත් බොරු කියල කියනව... ඒක හින්ද මමත් උඹවගේම ඔය බෝනස් ගැන වැඩිය හිතන්නෙ නැතුව ඉන්ඩ පුරුදු උනා...
    ඒත් ඉතිං ඒක බලාගෙන වියදම් ප්ලෑන් කරන් ඉන්න උන්ට පිස්සු වගේ ඇති... පව් ඉතිං ....

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙත් තිබ්බෙ යහපාලනේද බං?

      Delete
    2. ඒකෙනං හැමදාම තිබ්බෙ ජහපාලනයම තමා .....

      Delete
  28. මුන්ට හෙන ගහපිය :(

    ReplyDelete
    Replies
    1. අපේ ලොක්කටද යහපාලනේ ලොක්කටද?

      Delete
  29. පොඩ්ඩක් හිටු මගෙත් තියෙනවා මේ වගේ කතාවක්.හැබැයි අපේ පුද්ගලික ලභයට වඩා පොදුවේ රටට අත්වෙලා තියෙන සුළු හෝ යහපාලනේ ගැන සතුටුයි බං අර මර පාලනයට වඩා.

    ReplyDelete
    Replies
    1. //ලභයට වඩා පොදුවේ රටට අත්වෙලා තියෙන සුළු හෝ යහපාලනේ// මතක් කරන්නෙපා රෙද්දෙ යහපාලනේ.. මරා නැති එකට විතරයි සතුටු.. ඉතින් කියපන්කෝ උඹේ විස්තරෙත් මේ උණුහුමේම

      Delete
  30. අපි නං පඩිය බෝනස් එකක් කරගෙන ජීවිතේ ගෙවනව.

    ReplyDelete
    Replies
    1. මාත් හැමදාම එහෙම තමයි බං.. මේ පාර පෙන්නල ගත්ත එකයි පොඩි අවුලකට තියෙන්නේ.. :(

      Delete
  31. ව්‍යාපෘති කළමනාකරුවන්ගේ මීටිමේ නේද? ..හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. මෙන්න සාක්කි.. බෝනස් ගෙවාගන්න නැති නිසා හැංගිල හිටිය නේද උඹ පේන්න නොහිටියෙ.. හැක්

      Delete
  32. මම නම් මේකෙ තිබ්බ කමෙන්ට්ස් ගොඩ කියෙව්වා :). සමහර කමෙන්ට්ස් හෙන ඉන්ටෙරස්ටින්. ගොඩක් දේවල් කමෙන්ට්ස් වලින් ඉගෙන ගත්තා සහ දැනගත්තා. ඒකත් හොඳ බෝනස් එකක් වගේ :D.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා දාපු කමෙන්ට් එකක් වගේ

      Delete
    2. මනා එළ කොල්ලෙක්නේ.. හැදෙන ගහක් කියන්න පුළුවන් පෙති දෙකෙම්ම.. අර ලොකු පුතයි ඉන්දිකයවයි කොටවල මාත් සෑහෙන්න දෙයක් ඉගෙන ගත්ත..

      Delete
    3. හැක්.. 'එළද බ්‍රා. ඇවිත් ගියා.. අපි පොඩි ළමයි' - මීට මෙන්ඩා :)

      Delete
    4. @ඉවාන් පවුලූශා :P එළද බ්‍රා. බ්‍රැන්ඩි එක ගල්

      @කමි :D අපි එහෙමයි ;) හැක හැක :D

      Delete
    5. අනේ පලයන් යන්න. බ්‍රෑන්ඩ් එක ගල්! සෙද්ද තමයි. අඩියක් ගහන්න කතා කරනකොට අපි අමද්‍යප.. හැක්.

      Delete
  33. ඕකනෙ කියන්නේ පුද්ගලික අංශෙට යන්ඩ කියලා. අපිට ගිය පාර මාස හයක් හම්බුනා කියන්නෙ බොරු කයිවාරුවකට එහෙම නෙමේ ඕන්..

    ReplyDelete
    Replies
    1. සෙන්න ගොඩ කාලෙකින් මේ පැත්තේ.. මේත් පුග්ගලික අංසයක් තමයි.. හැබැයි යහපාලනෙන් කන්ස්ට්‍රක්සන් නවත්තල හින්ද පුක බිම ඇනිල ඉන්නේ. හැක්.. මාස 6ක් එළකිරිනේ.. අවුරුද්දක් වැඩ කරාම අවුරුදු එකහමාරක පඩි.. මට යාලුවෙක් කියුව ලයන් බියර් එකේ මාස නවයක සැලරි දුන්නලු ගිය අවුරුද්දේ බෝනස් විදියට.. උන්ට සුද්ද ලාබෙනේ.. ඇඩ්වටයිසින් නෑ.. මාකට් රිටර්න් නෑ.. ක්‍රෙඩිට් සේල් නෑ.. හැක්.

      Delete
  34. බොලා රාජකාරි කොරන තැන පත්තර දැන්වීම් මම හිටපු තැනක කලා. මමත් සමහර දේවල් හදලා තියෙනවා. ආයතන ප්‍රධානී කැප්ටන් ඒ කාලෙ මගේ ආයතන ප්‍රධානියගෙ හොද බොක්කක්. වර්තමාන තත්වය නම් නොදනිමි. නමුත් මට ආරංචි වෙන විදියට සංවර්ධනය අස්සෙන් ගිහිල්ලා තියෙන රජ ගැහිලි ගැන හොයනකං සියලු ගෙවීම් නතර කරලලු නේද.

    ReplyDelete
    Replies
    1. කැප් මහත්තයාගෙනන් වෙනසක් නෑ බොලල්ලා.. උන්දෑ තාමත් මේ ව්‍යාපාරෙට මනාපයි.. ඒ වගේම දස්සයි.. දැන්නං දැන්වීම් නැතුවම වැඩ තියෙනව.. ඒත් මේ යහ පාලන හුට්ටප්පරේ නිසා ගොඩක් වැඩ මග ඇණහිටල නේ.. හම්බෙන්න තියෙන සල්ලි ගෙවන පාටකුත් නෑ දැම්ම.. ඒ මදිවට පන්සීයකට වැඩි සේවක රොත්තකට ගෙදර තියන් පඩි නඩි ගෙවනව.. ඉතින් කොහොමෙයි තව බෝනස් එකක් දෙන්නේ.. ඕන් ඕකයි දැන් තත්තේ..

      Delete
  35. බෝනස්..අනේ අවුරුදු ගාණකින් දැකලා නැහැ..ජාතියේ සන්නිවේදන සහකරු එක්ක ඉන්නකොට නම් අන්න මිනී මරන් හරි එව්වා ගාණට ලැබුණා..ඒත් ඒවටත් ලොක්කෝ කෙළ කෙරෙව්වේ නැත්තේ නැහැ..ඊටපස්සේ ගියා නෙව උඩ පැනගෙන සමුදුරෙන් එහා උන් ඇවිත් මෙහේ කොරන කොම්පැනි දෙකකට..බෝනස්? ඒ මොනවද පඩියත් දෙන්නේ පුළුවන්තරම් කොනිති ගහලා කිරල මැනලා කුම්මැහිකම් කරලා..අවුරුද්දට ෂොපිං?මොන ෂොපිං ද?ෂොපිං යන සෙනඟ වොචින්..:(

    ReplyDelete