Tuesday 28 April 2015

නෙළුම්යායේ ලියන්නා- බ්ලොග් සංසදයේ පිකප් එක හා ඉස්සරහට මොකද වෙන්නේ Blogger's Guild Proposed Action Plan (1)

මේ ලියුම පුළු පුළුවන් හැමෝම අතරේ බෙදාගෙන කියවලා අදහස් දක්වන්න.. මේක බ්ලූ ප්‍රින්ට් එකක් විතරයි. කිසිවක් අවසන් තීරණ නොවෙයි. වෙනස් වීමට/ කිරීමට අවකාශ තියෙනවා බහුතර මතයට අනුව. ඇනෝ නොදා දාන කොමෙන්ට් එකක් ප්‍රොෆයිල් නමින් දාන්න. ඇනෝ කියන ඒවා කරන්න අමාරුයි. අපිට ඕනේ හමෝටම එකතු වෙන්න පුළුවන් හැමෝටම අවස්ථාව තියෙන බ්ලොග් එකමුතුවක් හදන්න. පුද්ගල නාම චරිත අමතක කරල මේකට සහයෝගය දක්වන්න. ඒ ඔක්කෝටම කලින් උඩින් පල්ලෙන් නැතුව ටිකක් උනන්දුවෙන් කියවන්න. මොකද මේ ලියුම සිංහල බ්ලොග් අවකාශයේ අනාගතය වෙනුවෙන් ගන්න උත්සාහයක්. 

*********************************************************************************

සියළුම බ්ලොග් යාළුවෝ වෙතටයි..

කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැහැ මට වැටහෙන්නේ..

ඒත් ඉතින් මේක කොහොම හරි ලියන්නත් එපැයි. හරි. හැමෝටම ආයිබෝන් කිව්වා ඕන් එහෙනම්. අපිට නැතත් නෙළුම්යායට හා බ්ලොග් කලාවට දිගු ගමනක් තියෙන්න එපැයි.

දැන් හැමෝම වගේ දන්නවනේ නෙළුම්යාය ගැන.. නොදන්න කෙනෙක් ඉන්නවනම් කියල හිතල මේ කියන්නේ.. නෙළුම්යාය කිව්වේ ලංකා නිව්ස් වෙබ් එකේ ගිය විශේෂාංගයකට.. කොළඹ ගමයා ලියන අජිත් ධර්මකීර්ති තමයි ලංකා නිව්ස් වෙබ් වෙනුවෙන් නෙළුම්යාය සංස්කරණය කරේ. ජිත් හා ලංකානිව්ස්වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ චන්දිම විතාන ආරච්චි කාලයක් ඉඳල බ්ලොග් ලියන්නෝ  හා සැලකියයුතු බ්ලොග් ප්‍රමාණයක් කියවන අය. 2014 අවුරුද්දේ ඉඳල අජිත් මේ බ්ලොග් අතුරින් වැදගත් හා ආකර්ශණීය ලිපි අයිතිකාරයාගේ අවසර අරගෙන නෙළුම්යායේ පල කරන්න ගත්තා. මේක හරි ජනප්‍රිය වැඩක් උනා ඒ එක්කම. ලිපි පළවුනු ලේඛකයෝ දන්නවා ඒත් එක්ක තමන්ගේ ලිපි කියවන පිරිස වැඩි උනු ආකාරය.. ඉතින් බොහෝ දෙනෙක් මාත් ඇතුළුව අජිත්ට සම්පූර්ණ අවසරය දුන්නා අපේ ඕනෙම ලිපියක් නෙළුම්යායේ පළ කරන්න. ඒ අයට අමතරවත් රසවත් ලිපි දැක්කම අයිතිකරුගෙන් අහලා නෙළුම් යායේ පළ කරන වැඩේ ඔහොම දිගටම අජිත් කරගෙන ගියා. මේ වැඩේට චන්දිම විතාන ආරච්චි ගෙන් උපරිම සහය ලැබුණු බවත් මතක් කල යුතුයි. 

රායිට්.. මෙන්න කිසිදු පෙර ඇඟවීමකින් තොරව පහුගිය ජනවාරී මාසේ දෙවෙනිදා  නෙළුං අජිත් (ඒක තමයි දැන් එයාගේ සුරතල් නාමය..) පෝස්ට් එකක් දානවා නෙළුම් යාය බ්ලොග් සම්මාන 2014 යනුවෙන් සම්මාන ලභීන්ගේ නම් ලයිස්තුවකුත් එක්ක.. ඒ අතර හොඳම බ්ලොග් පෝස්ටු 3ක්, හොඳම කවි සංකල්පනා 3ක් හා වසරේ බ්ලොග් කරුවා ලෙස එක් පුද්ගලයෙකුත් තෝරගෙන තියෙනවා. බැලූ බැල්මට ඒ හැම එකක්ම යම් පොදු කාරණයක් මුල් කරගෙන, ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් කර අරින එහෙත් දේශපාලන පමණක් නොවන අත්‍යාවශ්‍ය සමාජ පරිවර්ථනයක් සඳහා කුළුගැන්වුනු නිර්මාණ ලෙසයි බොහෝ මධ්‍යස්ථ පිරිසක් දකින්නේ. යම් තරමකට කන්ට්‍රවර්ශල් උනත් අපි දන්නා ලංකා නිව්ස් වෙබ් මාධ්‍ය භාවිතය හා මේ තෝරා ගැනීම් එකම තලයක තිබූ බවයි පෞද්ගලිකව මගේ හැඟීමත්. ඊට පෙරත් ඔය වගේ සම්මාන සඳහා නිර්දේශ හා සම්මාන ලබාදීම් ගැනත් කසු කුසු ගිය නිසා මේකත් බ්ලොග් අතර මහා ලොකු ගැටළුවක් උනේ නෑ. නමුත් සම්මාන උළෙල යතාර්ථයක් වෙන බව දකින්න දකින්න මේක බ්ලොග් ලෝකයේ උණුසුම් මාතෘකාවක් උනා. විශේෂයෙන්ම හුදෙක් සම්මාන උළෙලකින් පමණක් නොනැවතී බ්ලොග් සංසදයක් පිහිටුවීමට හා ඒ හරහා බ්ලොග් කලාව වැඩිපුර ජනගත කිරීම සඳහා ඉදිරි පියවර කිහිපයක් ගැනීමට නියමිත වීමත් සමඟ මේක රියල් එකටම 'බ්ලොග් දෙබරෙට ගල් ගැසීමක්' උනා. තුවාලෙට ලුණු වැටෙන්න ගත්තේ සම්මාන උළෙල පැවැත්වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය වෙන් කිරීමත් සමඟයි. ඒ සිඳුවීම වූ ආකාරය මීට පෙර කිහිප තැනකම ලියා ඇති නිසා ඒ 'අහම්බය' ගැන වැඩිපුර ලියන්නේ නෑ. කිසිම සම්මාන උළෙලකදී හැමෝවම සතුටු කරන්න බෑ වගේම මෙතනදිත් සම්මාන ලබා දීම් ගැන යම් යම් ගැටළු ඇතිවුනත් චන්දිම විතානආරච්චි හා  නෙළුං අජිත්ගේ අප්‍රතිහත ධෛර්‍යය නිසාම  හා  සහෘද හිතවතුන්ගේ නොමසුරු ආධාර උපකාරයෙන් නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ මෞලි මංගල්‍යය හෙවත් පළමු බ්ලොග් සම්මාන උළෙල සාර්ථක ඉදිරි පියවර රැසකට පළමු පියවර තබමින් පසුගිය මාර්තු 26 වන දින ප්‍රමාණාත්මකව අඩු බ්ලොග්කරුවන්ගේ හා ඊට බොහෝ සෙයින් වැඩි මාධ්‍යය අවධානයක් මැද සාර්ථකව අවසන් උනා..

එතනින් එහාට තමයි කතාව. ලංඩන් වල ඉඳලා මේ වෙනුවෙන්ම ලංකාවට ඇවිත් කොළඹ හෝටලේක නැවතිලා තමයි අජිත් මේ වැඩේ සංවිධානේ කරේ. මුල ඉඳලම මේකට බකප් එක දීපු මට උනත් 'අජිත් අයියා දැන් කොහොමද වැඩේ? අපෙන් මොනවද වෙන්නෝනෙ?' කියල අහනවට වඩා උදව්වක් දෙන්න බැරි උනා.. ඉතින් අජිත් වෙනුවෙං ලංකාවේ මේ කටයුතු හොයල බලල උදව් කලේ ලංකා ඩේලි එකේ හිමාෂි කරුණාරත්න, උපුල් නිශාන්ත ශ්‍රී ලංකා මිරර් එකේ කැලුම් ශිවන්ත වගේ අය . ඔවුන්  බ්ලොග් වලට කෙලින්ම සම්බන්ධ  අය නොවෙයි. ඉතින් ඔය වගේ දුෂ්කරතා ගොඩාක් මැද්දේ කරපු සංවිධාන කටයුතු වල අඩුපාඩු නිසා ඔය වෙලාවේ බ්ලොග් කාරයින්ට නිදහසේ වචනයක් දෙකක් කතා කිරීමට නොහැකි උනා. ආ.. කියන්න අමතක උණු දෙයක් තමයි සම්මාන උළෙල අතර තුරේදී ලංකා නිවස් වෙබ් හී නෙළුම් යාය විශේෂාංගයට අමතරව ඉතා ඉහල වෙබ් අවකාශයක් ආවරණය කර හැකි පරිදි නිර්මාණය උනු නෙළුම්යාය වෙබ් අඩවියත් ලෝන්ච් කරා.. ඉතින් වැඩේ ඉවර උනැයි කියමුකෝ. ඒ වුනත් කාටවත් යන්න හදිසියක් නම් නෑ.. එළියේ ලොබියේ ඔන්න පිළිසඳර ආරම්භ උනා. හැමෝම අජිත් ට ස්තූති කරනවා වැඩේ හොඳට කරාට. අන්තිමට එකා දෙන්නා අමාරුවෙන් හැලිලා එක 'සඳැල්ලකට' ප්‍රමාණය ඉතුරු උනාම තමයි බ්ලොග් සංසදයේ වැඩ ගැන කතා බහ පටං ගත්තේ. ඕවා එකක්වත් කලින් ප්ලෑන් කරලා තිබුණේ නැති උනත් හරිම ස්මූත් විදියට සිද්ද උනා.. හරියට නිකම් 'ඩබල් බ්ලැක් ඔන් ද රොක්ස්' වගේ..

ඊලඟට උදා වුනේ ස්ව කැමැත්තෙන් බ්ලොග් සංසදයේ තනතුරු සඳහා ඉදිරිපත් වීමේ වාරය.. ම්හු.. එකෙක්වත් ඒ ගැන වොරි වෙන්නැති පාර මං ඉදිරිපත් වෙලා වැඩිය බරපතල නැති වගකීමක් ගන්න එකඟ උනා. මට නෙළුං අජිය දීපු 'බරපතල නැති වගකීම' තමයි මේ ලියන්නා කම. (හැබැයි පුතෝ පළවෙනි අවුරුද්දට විතරයි). ඊළඟට මාතලන් හැර එතන සිටි අනිත් හැමෝගේම කැමැත්තෙං වසරේ බ්ලොග් කරු වූ මාතලන් ඉදිරි වසර සඳහා සභාපති කියල බලෙං දැම්ම. ඒක කියනකොට මාතලෙන්ගේ මූණ ඇඹුල් වුනේ හරියට අමුවෙං ගල් කාලක් ගැහුව වගේ.. හැක්. බ්ලොගර්ස් ගිල්ඩ් එක ලියාපදිංචි කිරීමට අවශ්‍ය නිසා ඒ කටයුතු නීතීඥ උපුල්ටම පැවරීමටත් (සමාගම් ලේකම් වරයා ලෙස ) හා තාවකාලිකව මුදල් එහෙ මෙහෙ කර ගැනීමට අවශ්‍ය උනොත් ඒ කටයුතු හිමාශිටම පැවරීමටත් හැමෝම එකඟ උනා. ඊලඟට කාරක සභාව පත් කර ගැනීම. යෝජනා උනු නොයෙක් නම් අතරේ අවසාන වශයෙන් දැනට ඇක්ටිව් බ්ලොග් ලියන්නන් හා කියවා කොමෙන්ට් කරන්නන් අතරින් පහත සඳහන් කීප දෙනා කාරක සභාවට නම් කෙරුණා.

ප්‍රදීප් ජයතුංග (ප්‍රා ජේ- බ්ලොග් එකක් නොලියයි. බොහෝ බ්ලොග් කියවා වටිනා කොමෙන්ට් ඉදිරිපත් කරයි)

මේ අය මෙසේ නම් කිරීමට එකම හේතුව උනේ සාපේක්ශව මේ සඳහා ටිකක් වැඩිපුර කාලය වෙන් කිරීමට හැකියාව තිබුණු නිසයි. පළවෙනි අවුරුද්දෙන් පසු මේ සියල්ල වෙනස් වේවී.

ඔන්න ඊලඟට කරපු වැඩේ තමයි මේ හැමෝවමත් ලංකා නිවස් වෙබ් එකේ චන්දිමවත් එකතු කරලා ඊ මේල් ත්‍රෙඩ් එකක් හදාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඊ-සාකච්ඡා කරපු එක. මේක නොකියාම බැරි පට්ටම ආතල් එකක් උනා. බ්ලොගර්ස් ගිල්ඩ් එකක් හදලා ලෝකෙ වටේම ඉන්න බ්ලොග් කරයෝ එකතු කරන්නේ කොහොමද කියල හිතෙන තරමට අන්තිමට මේ ටික දෙනා මත වලින් හැප්පෙන්න උනා. ලොකුම සංවාද ගියේ ප්‍රධාන කරුණු දෙකකට. එකක් බ්ලොග් කරුවන් ලියාපදිංචි කිරීම සම්බන්ධව.. දෙවැන්න සම්මාන දීම සඳහා බ්ලොගර්ස් ගිල්ඩ් එකේ නැත්නම් බ්ලොග් සංසදයේ ලියාපදිංචි බ්ලොග් කරුවන් පමණක් අතුරින් තෝරා ගැනීම ගැන.. ඊට අමතරව කුඩා කුඩා විවාද ඇති උනා සාමාජික මුදලක් එකතු කිරීම, බ්ලොග් විනිශ්චය කිරීම සඳහා පත් කරන තේරීම් මණ්ඩලය පිළිබඳව වගේ. මේ කාරණාවලදී හැමෝම බොහෝම නම්‍යශීලීව කටයුතු කල බව කිව යුතුමයි. 

ඉතින් ඔයාකාරයට කටයුතු කරල අවසානම නෙවෙයි ඊට තව ඉඩ තියාගෙන ඊයේ වෙනකොට මෙන්න මේ ක්‍රියාමාර්ග ටික නැත්නම් පිළිවෙල අනුගමනය කරන්න කට්ටියම පොදු එකඟතාවයකට ආවා!

1. ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදය නමින් මේ බ්ලොගර්ස් ගිලඩ් එක ව්‍යවස්ථාපිත සංස්ථාවක් විදියට ලියාපදිංචි කිරීම- මේ  සම්බන්ධව නීතීඥ වරයෙකු වන  උපුල් ප්‍රනාන්දු දැනට කටයුතු කරගෙන යනු ලබන අතර ව්‍යවස්ථාව හැදීම සඳහා ඔහුට උදවු කිරීමට අවශ්‍ය අවස්ථාවක බ්ලොග්කරුවන් සූදානමින් සිටිනවා.

2. ඉන් පසු සංගමයේ නමින් ගිණුමක් ආරම්භ කෙරෙනවා. සියළුම මුදල් කටයුතු සිදුවන්නේ ඒ හරහායි. මුදල් ලැබෙන මාර්ග ලෙස දැනට ඩොනේශන්ස්, ඇඩ්වර්ටීස්මන්ට් හා සාමාජික මුදල්ද ඉදිරියේදී තවත් මුදල් ලැබෙන හා බ්ලොග්කරුවන්ට අධාරයක් වෙන ආකාරයේ ආයෝජනද (අදාල පාර්ශව වල අනුමැතිය ඇතුව ) සැළසුම් කරගෙන යනවා. මේ සම්බන්ධව  මහ මොළකරුවන් ලෙස දැනට චන්දිම සහ අජිත් කටයුතු කරනු ඇති. මුදල් වියදම් කිරීමේදී සභාපති/ ලේකම්/ කාරක සභික අත්සනින් යුතුව පමණක් වියදම් කල හැකි අයුරින් සකස් කිරීමට නියමිතයි.

3. සාමාජිකයින් ලියාපදිංචි කිරීම- මෙය ඉතාමත් දරුණුවට විවාදයට ලක්වුනා.. අවසානයේ තීරනය උනේ දැනටත් සින්ඩිවල සිදුවන ආකාරයට බ්ලොගේ නම, බ්ලොගේ වෙබ් ලිපිනය, ඊ මේල් ලිපිනයක් හා අන්වර්ථ නම අනිවාර්ය කොටත් සැබෑ නම, දුරකථන අංක ආදී අනෙකුත් තොරතුරු ඔප්ශනල් ලෙසත් ගූගල් ෆෝර්ම් එකක් හරහා එක් රැස් කොට ගබඩා කර තබා ගැනීමයි. ඉන් ඉදිරියට සාමාජික සාමාජිකාවන් ඊමේල් ලිපිනයන් හරහා දැනුවත් කිරීම සිදුවෙනු ඇති. තවද මෙම තොරතුරු ඉතාමත් රහසිගත ලෙස ඉතාමත් සීමිත පුද්ගලයින් පිරිසක් විසින් පමණක් භාවිතා කරනු ඇති. ගූගල් ෆෝම් එක හෙට අනිද්දා වනවිට බ්ලොග් හා සින්ඩි හරහා ඔබ වෙත එවන්න කටයුතු කරනවා.
මෙහිදී ලියාපදිංචියට එරෙහිවූ කාරක සභිකයින්ගේ මතය වූයේ බ්ලොග් කරුවන් අනාවරණය වීමක් විය හැකිය යන්න නමුත් එය වෙනත් කිහිප ආකාරයකින්ම සිදුවිය හැකි නිසාත් ලියාපදිංචි වීමෙන් ඊට වඩා බොහෝ ප්‍රථිලාභ අත්වන නිසාත් අවසානයේ මේ තීරණයට එළඹිනි. 

4. සාමාජික ගාස්තු අයකිරීම පිළිබඳවද නොයෙක් මත ඉදිරිපත් වූ නමුත් අවසානයේ සියලු දෙනාගේ කැමැත්තෙන් තීරණය වූයේ එක් සාමාජිකයෙකු සඳහා යාවජීව සාමාජික ගාස්තුව රුපියල් 1000/- ක් ලෙසත් වාර්ශිකව සාමාජිකත්වය අළුත් කරන්නේ නම් වර්ශයකට රුපියල් 100/- ක් ලෙසත් සාමාජික ගාස්තු අයකල යුතු බවයි. මේ සඳහා අදාල ගිණුම් අංකය ස්ථාපිත  කිරීමෙන් අනතුරුව සියළු සාමාජික සාමාජිකාවන් දැනුවත් කරනු ඇත. මුදල් තැන්පත් කල රිසිට් පත ස්කෑන් කර ඊ මේල් කිරීමෙන් හෝ වෙනත් අයුරකින් තමන්ගේ මුදල් තැන්පතු කිරීම සනාත කලහැකි විය යුතුයි. 

5. nelumyaya.com කියනෙක තමයි මේ සම්මාන උළෙල සඳහා නිර්මාණ එවියයුතු වෙබ් අඩවිය. ඊමේල් ලිපිනය editor@nelumyaya.com හෝ editor@lankanewsweb.com.  එසේම   www.blogpower.info තමයි බ්ලොග් සංසදයේ සිංඩියලියාපදිංචිවන අයගේ බ්ලොග් මෙතන ඔටෝ අප්ඩේට් වෙනවා. ලියාපදිංචි නොවූවත් සම්මාන සඳහා ඉදිරිපත් කිරීමට කැමති ලිපි වෙතොත් ඔබට හෝ අදාල පුද්ගලයාට මේ සින්ඩිය වෙත හෝ නෙලුම් යාය වෙත ඉදිරිපත් කල හැකියි. (ඉහත සින්ඩියේ පළවන නිර්මාණ අතුරින් දැනටත් වන ආකාරයටම වඩා හොඳ නිර්මාණ ලංකා නිව්ස් වෙබ් හි හා නෙලුම්යාය වෙබ් සයිට් එකේද පළවනු ඇත.) අවසානයේදී ඒ සියලු ලිපි අතරින් කැටගරි එකොළහක්  යටතේ සම්මාන සඳහා නම් යෝජනා කරනවා. සමහර අංශ සඳහා ස්ථාන 3ක් හා අනිත්වා සඳහා එක් සම්මානයක් ලෙස ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී ලිපියකින් පහැදිලි කරන්නම්. මෙවර සම්මාන උළෙළට පෙර ජයග්‍රාහිකයින්ගේ නම් ප්‍රසිද්ද කරන්නේ නෑ. නොමිනීස් විතරයි. දැනට තීරණය කර ඇති පරිදි දෙවන සම්මාන උළෙල 2016 මාර්තු 26 වෙනි දින ආණ්ඩුවේ නොවන ස්ථානයකදී පැවැත්වෙනු ඇත. ඊට දේශපාලකයින් ගෙන්වනු නොලබන අතර යමෙකු ආවත් ඔහුට තැන දීමක් නොවෙනු ඇත. අනුග්‍රාහකයින් අවශ්‍ය නිසා මාධ්‍යයට දැන්වීම අවශ්‍යය වේ. 

6. බ්ලොග් විනිශ්චය- මෙයත් දැඩිලෙස කතාබහට ලක්වුනා. බ්ලොග් කියවන හා බ්ලොග් වලට ආදරය කරන අපක්ශපාතී කොටසක් හොයා ගැනීම ඉතාම අපහසු උනා. චන්දිම විතාන ආරච්චි  හා අජිත් ධර්මකීර්ති මෙම විනිශ්චය මණ්ඩලයේ සිටිය යුතුම යැයි තීරණය උනා. ඊට අමතරව ප්‍රවීණ මාධ්‍යවේදී හා පුරෝගාමී බ්ලොග් රචක නාලක ගුණවර්ධන හා BBC හි සරෝජ් පතිරණ මේ සඳහා එක් උනා. අජිත්ට අමතරව අනෙක් බ්ලොග් කරුවන් අතරිනුත් මේ සඳහා නියෝජනයක් අවශ්‍යයැයි හැඟුණු නිසා මම හා අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිදාන අපේ බ්ලොග් රචනා මේ වසරේ නිර්මාණ ඇගයීමෙන් ඉවත් කරවාගෙන ඒ සඳහා එක් වුනා. අජිත් ධර්මගේ කොළඹ ගමයාද සම්මාන සඳහා නිර්දේශ වන්නේ නෑ. ඊට අමතරව සිය කැමැත්තෙන්ම මාතලන් විසින් තමන්ගේ බ්ලොග් අඩවියත් මෙම තරඟයෙන් ඉවත් කර ගත්තේ එහි කටයුතු සඳහා විනිවිද භාවයකින් ඉදිරිපත් වීමටයි. නමුත් ඔහු ජජ් පැනල් එකේ සාමාජිකයෙකු ලෙස එක් වන්නේ නෑ. මීට අමතරව තාක්ශණික කරුණු ඇතුලත් ලිපි ඇගයීමේදී අදාල ක්ශේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහය ලබා ගැනීමට කටයුතු කරනවා. දැනට එකඟතාවයකට පැමිණ ඇති ක්‍රයිටේරියා වලට  අනුව එක් එක් විනිශ්චය මණ්ඩල සාමාජිකයා විසින් වෙන වෙනම ලකුණු ලබාදී අවසානයේ තේරීම සිදු කරනු ලැබෙනු ඇති. අවසන් නොමිනීස්ලාගේ ලිපි ජයග්‍රහකයින් තෝරා ගැනීමට පෙර නැවත මුල සිට සමීක්ශණය කිරීමක්ද බලාපොරොත්තු වෙනවා. 

ඔන්න ඕක තමයි නෙළුම්යාය තොරණේ මෙතෙක් විස්තරය කෙටියෙම්ම. මාතලන් නම් ගත්ත කටටම කියුවා මේකත් බොහෝම දිග වැඩියි කියලා. ඒත් මං අසරණයි ඔයිට වැඩිය කොට කරන්න බෑ මාසෙකට වැඩිය දහපාලොස් දෙනෙක් කතා කරපුවානේ. ඉදිරියේදී කරන්න ඉන්න අනෙක් පොදු ව්‍යායාමයන් පිළිබඳව යථා කාලයේදී දැනුවත් කරන්නම් මූලික අදියර මෙහෙම සාර්ථක කර ගත්තම.

හරී. වැදගත්ම දෙය.. බ්ලොගර්ස් ගිල්ඩ් එක නැත්නම් ශ්‍රී ලාංකික බ්ලොග්කරුවන්ගේ සංසදය කියන හීනය හැබෑවක් කරගන්නනම් මේ විස්තරේ හොඳින් කියවල තම තමන් දන්න සියළුම බ්ලොග් කරුවන් හා එක්ක බෙදාගෙන වැරදි අඩු පාඩු වෙනස් විය යුතු එක්වියයුතු තැන් ගැන හැකි ඉක්මණින් අපිව දැනුවත් කරන්න. අපි ලෑස්තියි ඔබගේ විචාරාත්මක අදහස් වලට කන් දෙන්න. ඉදිරියේදී මුද්‍රිත මාධ්‍ය පරදල වෙබ් මාධ්‍යය ඉදිරියට එන කාලේ වෙනකොට බ්ලොග්කරුවන් ගැන අවබෝධය හා අවධානය වැඩි වෙනවා. ඒ වෙනකොට අපි ශක්තිමත්ව සංධානගත වෙලා හිටියොත් දැන් වෙනවාට වඩා ප්‍රබල දායකත්වයක් සමාජ සාධාරණත්වය වෙනුවෙන් කරන්න පුළුවන් වෙයි කියල තමයි අපේ හැඟීම. මේක කිසිම විදියකින් දේශපාලන ව්‍යායාමයක් නෙවෙයි.. බයියෝ ටොයියෝ සහ ගොයියෝ ඔක්කෝම ඉන්න අපි හැමෝගෙම වැඩක්.. 

සියළුම බ්ලොග්කරුවන් එකමුතු වේවා! බ්ලොග් සංසදය දිගුකල් දෙනේවා! ජය ශ්‍රී!

245 comments:

  1. ඒ කියන්නේ අපිත් සාමාජිකත්වයක් අරන් නැහැ... හත්තිලව්වයි.... සම්මානත් නොලැබී යාවිද???? අහෝ.....

    ReplyDelete
    Replies
    1. හයියෝ උදේ පාන්දරම වැටිච්චි කොමෙන්ට් එක? කුරුට්ටනේ තාම රෙජිස්ටර් කරන්න පටං ගත්තේ නෑ.. ලඟදිම ඇප්ලිකේශන් එක පබිලිශ් කොරනවා.. අනික රෙජිස්ටර් නොවුනට සම්මාන දෙනවා.. හදිසි නැතුව ආපහු බලපල්ලා..

      Delete
  2. පාප මිත්‍ර... මේ පෝස්ට් එක ඇත්තටම දිග වැඩියි.. ප්‍රධාන කාරණා සාරාංශ කොට පැහැදිලිව ලියන්න.. අදාළ පරිදි අංක දමා කැටගබත් (රයිස්) කරන්න..

    උම කිව්ව නිසා පැහැදිලිව හෙමින් කියෙව්වා.. තාම අවුලක් දැනුනේ නැහැ.. නමුත් සම්මාන දීමේදි රෙජිස්ටර් වෙලා ඉන්න ඕන කියන එක ගැන නං මම කැමති නැහැ. හොද එකක් කාගේ කොතන තිබුනත් අරගෙන අගයන්න හැකි වටපිටාවක් සෑදිය යුතුයි.. අපි කතා කරමු. .ජොනි වෝර්කර් සමගින්.. ජය

    ReplyDelete
    Replies
    1. අඩේ දවස් දෙකක් ට්‍රයි කරල මාතගෙනුත් බැණුම් අහගෙන මේක ලියා ගත්තේ බං. ආයිනම් ලියන්න කියන්න එපා.. ඕනිම නම් ජොනි වෝකර් එක්ක ඇවිදින ගමන් පොඩ්ඩක් කතා කරමු.

      Delete
    2. මමත් එනවා ඡොනියා එක්ක ඇවිදින්න යන්න

      Delete
    3. මේ අපේ ජොනී නෙමෙයි. මේ කියන ජොනියා ගල් පෙරන්නේ නෑ.. හැක්..

      Delete
    4. හරි හරි බෑන්ඩ් එක ගල් වුනාට ඇවිදින්න කැමති ඡොනි එක්ක

      Delete
    5. විමල් වීරවංශත් ඊයේ ඔය වගේ වැඩක් කරා.. හැක්..

      Delete
  3. මුලින්ම අපැහැදිලියි දිග වැඩියි අකුරු වැරදියි.
    සම්මාන වලට රෙජිස්ටර් වෙන්නට මොනම ආකාරයකින් වත් එකඟ නෑ.සාමාජික මුදලක් අවශ්‍ය නම් ගෙවන්නම්.

    ReplyDelete
    Replies
    1. හුටා.. හැලපයියේ බැරිද මේ ලේකම් කම බාර ගන්න. මට මෙහෙම බනින්නේ ඇයි දෙයියනේ.

      හරි. සම්මාන වෙනුවෙන් රෙජිස්ටර් වෙනවා කියලා එකක් නෑ.. රෙජිස්ටර් වෙන්නේ බ්ලොග් කරුවන්ගේ සංසදයට.. අනික රෙජිස්ටර් උනත් නැතත් සම්මාන දෙන්න තීරණය කරලා තියෙන්නේ. රෙජිස්ටර් වෙනවනම් විතරක් එකවර 1000/- ක් හෝ අවුරුදු පතා 100/- බැගින් ගෙවන්න වෙනවා රුපියල් වලින්. (ඊට අමතරව අතමාරුවක් වගේ ඕනෙ වුනොත් ප්‍රයිවට් එකේ ඉල්ල ගන්නම්.) ජය වේවා!

      Delete
    2. හෆෝයි.... මම කිව්වෙත් සම්මාන දෙන්න රැජිස්ටොර් වෙන්න ඕන නෑ කියලා..

      Delete
    3. ඒක නේන්නම් බොලේ මං වැරැද්දක් කියුවා වගේ මට බනින්නේ

      Delete
    4. සම්මාන දෙන්න බ්ලොග් සංසදයට රෙජිස්ටර් වෙන්න ඕනේ නැහැ කියල තීරණය කෙරුවනේ.

      Delete
    5. ඔව්. ඒක මං පැහැදිලිව ලියුවා

      Delete
  4. මචෝ මේකෙම සමාජිකත්වය ලබා ගැනීමේ වැදගත්කමත් දැම්මා නම් නේද හොඳ.. මෙතන සාකච්ඡාව අහවර උනාම.. අඩු පාඩු එක්ක මමත් මක්කා හරි ලියන්නම්.. ඒක වගකීමකුත් වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නැතිව නැතිව.. සභාපතියා නැතිව කෝමද මේවා කරගන්නේ මේ කැහැටු පාපමිත්‍රයා.. සියල්ලෝ එකතු කල නොහැකියි. බහුතරයක් එකතු කරමු..

      Delete
    2. සාමාජිකත්වය ලබාගැනිමේ වැදගත්කම කුමක්ද යන්න පැහැදිලි මදි තමා

      Delete
    3. පැමිනීමට නොහැකි අවස්තා වලදී DMO සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන්ඩ ඕනෙ. නැද්ද දේශා ?

      Delete
    4. ඔන්න කම්මලා අහල තියෙනවා ප්‍රශ්නයක්. උඹ කොහොමද බන් මාතෘකාව ට ගැලපෙන ම විදියට ප්‍රශ්න අහන්නේ..?

      Delete
    5. මාතේ පින්සිද්දවෙයි මුන්ට තේරෙන බාසාවකින් කෙටියෙන් ලියපන්.. හැක්.

      @ දේශා.. පාපමිත්‍ර උනත් කැහැටු කියපු එකටනම් මං පට්ට මනාපයි.

      @ MPPG.. ඇත්ත... ලඟදිම දාන්නම් ඒ ගැනත්

      @ කම්මල ඇමිණෙන්නැතුව ඉන්නවනම් මොකුත් සහතික ඕනි නෑ.. හැක්.

      Delete
    6. @ විභී.. උගේ කන් ටිකක් ඇහෙනවා හොරයි සද්දෙටම

      Delete
    7. @ විභී ....උඹට ගැලපීමක් දැනුනද ? එහෙනම් අනිවා දේශකයගෙ අන්තිම පොස්ට් එක කියවල.

      Delete
    8. මොකක්ද බං ඒ පෝස්ට් එකට තියෙන සම්භන්දේ.. මට කොයිල් වගේ? හැක්.

      Delete
    9. තැනකට එනව කියල බොරු කියල පස්සෙ ලෙඩ වෙච්චි කතා කියන හින්ද තමයි බං මීට පස්සෙ DMO සහතිකේ ගේන්න කිවුවෙ. ඇත්තටම මටත් දැන් කොයිල් ~~~~~

      Delete
    10. මට දැන් නෙ ශෝට් උනේ. ඔය කිව්වේ දේශාගේ අන්තිම නෙවෙයි ඊට ඉස්සෙල්ල පෝස්ට් එක.. නෙළුං යායේ මගේ කොටහ කියල දාපු එක ගැනනෙ.. අන්තිම එක දැම්මේ සයිබර් වසන්තය ගැන... හිස් වාර්ථාවකි කියලා.. එළ එළ..

      Delete
  5. ජයවේවා කියන්නම් මුලින්ම... ෆෝම් එකක් මටත් එව්වේ නැත්තං බලාගමු... සම්මාන උළලක් තියන වෙලාවක් බලල ඩයිනමයිට් එකක් දානවා තොපි සේරම තොලොංචි වෙලා යන්න. අටමගේ බයික් එකේ පිටිපස්සෙ ආම්පන්න පෙට්ටිය ගලෝල තියල පිං කැටයක් හයි කොරල රට වටේ යවමු. ලංකාවේ බ්ලොග් කාරයොන්ගෙ ගෙවල් වලට. බැංකු ගිණුම් වැඩක් නෑ.
    //ප්‍රදීප් ජයතුංග (ප්‍රා ජේ- බ්ලොග් එකක් නොලියයි. බොහෝ බ්ලොග් කියවා වටිනා කොමෙන්ට් ඉදිරිපත් කරයි)// වටිනා කමෙන්ට් නෙවෙයි, කෙලින්ම හීන් නූලෙන් දෙන්නෙ රෙදි ගැලවෙන්න..
    //ප්‍රගීත් අනුරාධ (ඉවාන්)// තූ විතරක්.. නමේ කැත. මුල් නමේ කැත මැකෙන්නද කොහෙදෝ ඉවාන් කියල දාල තියෙන්නෙ.
    මේ.. නරකද සංසදෙන් අයිඩෙන්ටියකුත් දුන්නොත්? "හොරෙක් මං පහරන්නෙක්" කියල ලොකුවට ලියපු කාඩ් එකක් බෙල්ලෙ එල්ලන් යද්දි මාතලන්ගෙ මූණෙ තියන උජාරුව මට මැවිල පේනවා..
    හා හා එව්වයින් වැඩක් නෑ... වැඩේට ඉතසිතින්ම සුභපතනවා... වටිනා කියන වැඩ මෙව්වා...

    ReplyDelete
    Replies
    1. ප්‍රගීත් අනුරාධ
      අපේ පැත්තෙත් ඉන්ව ඔය නම තියන පොරක්

      සමනලයෙක්

      Delete
    2. //වටිනා කමෙන්ට් නෙවෙයි, කෙලින්ම හීන් නූලෙන් දෙන්නෙ රෙදි ගැලවෙන්න..// මාත් ඔහොම තමයි ලියන්න ගියේ. ප්‍රා කියුව එපා කියලා.. හැක්.

      @ අටම්. මෙයා වන බඹරෙක්..

      Delete
    3. උපාසක දෙක දෙක කියුවලු කව්ද මන්ද

      Delete
    4. සමනළයෙක්, වන බඹරෙක්.... තව තව....?

      Delete
    5. දෙක දෙක කියන්නෙනම් ගෙම්ඹෙක් වෙන්නෝනෙ.. සත්තු වත්තක්ම වෙනවා..

      Delete
    6. සජ්ජා අයිඩෙන්ටියක් දෙන්න අදහසකුත් තියනවා. කාරක සභාවම තීරණය කරපු දෙන්.

      Delete
    7. //අයිඩෙන්ටියක් දෙන්න අදහසකුත් තියනවා.// ජයසිරි අලවත්තත් කියුවා මතක නැද්ද? :p

      Delete
    8. අයිඩෙන්ටි? අෆෝ... චන්දෙකට යමු බලන්න ඒ අදහස ගැන.

      Delete
    9. සංශෝධන එන්ටර්ටේන් කරනවනම් අපි පක්ශා...යි..

      Delete
    10. @බස්සි
      //අයිඩෙන්ටි? අෆෝ... චන්දෙකට යමු බලන්න ඒ අදහස ගැන.//
      ++++++++++++++++++++++++++++

      Delete
    11. දැන් උඹේ චන්දෙ ඔය දෙකෙන් මොහොකටද?

      Delete
    12. NIC එක නැතිවෙලා දැන් අවුරුදු 2ක් විතර ඉදන් ඇදගන යන්නේ ඩ්‍රයිවින් ලයිශන් එකෙන්.ඒ නිසා ID එකක් දීපන්.අර එදා උඹේ එකවගේ පොලීසියට පෙන්නන්න පුළුවන් එකක්නම් තවත් හොදයි.

      Delete
    13. හා හා.. මං පොලීසියේ ඇන්ට්‍රියක් දාලා තියෙන්නේ ඒක නැතිවෙලා කියලා..

      @ මනා.. මමනම් ප්‍රසිද්ධියේම පක්ශා...යි.. කියුව..

      Delete
  6. පැහැදිලියි! හරිම පැහැදිලියි.උඩ මහත්තුරුන්ට දිග වැඩි වුනාට කරන්න දෙයක් නෑ. මේවගේ සීන් විස්තර ඇතිව ලියන්න ඕන.

    බ්ලොග් කරුවන්ගෙ විස්තර (පෞද්ගලික) අනවශ්‍යයි. ඊමේල් තියන නිසා සම්බන්ධ වෙන්න බැරි නෑනෙ. වැඩේ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව. මේවට සමගාමීව බ්ලොග් මිනිස්සු අතරට යනව නං එච්චරයි

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් අයියේ ඒක ඇත්ත. කොට වුණා නම් අපේ අයට විස්තර මදි ,,,

      එකෙන්ම අපි කැමතියි,, මේ වැඩේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..

      Delete
    2. ///විස්තර (පෞද්ගලික) අනවශ්‍යයි// ++++++ ස්තූතියි රාජ් මං වෙනුවෙන් පෙනී හිටියට.. ඉදිරියටත් සහයෝගේ තමයි ඕනේ.

      @ ඔමා... එකෙන්ම.. තැන්කූ බොක්කී..

      Delete
  7. අවසාන හරිය කියවගෙන යනකොට මුල දී කියවපුවා අමතක වුනා, හරි කෙලියයි ආයෙ පාරක් කියවන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. උඹේ නම මම දැනුයි හරියට දැක්කේ.. හැක්..

      Delete
  8. මම ප්‍රතිපත්තියක් ලෙස සාමජිකත්ව සහ තරග වලට සෙට් වෙන්නේ නැහැ. ඒක නෙලුම්යය සම්බන්ධ හේතුවකට නොවේ. ඒ නිසා මම ඒ දෙවර්ගයට සහබාගි නොවුනත්, ඕනෑම සටහනක් උපුටා ගන්න එක සහ ඒවා ප්‍රචලිත කරන එකට ස්තුතිපූර්වකව අනුමැතිය දෙනවා.

    සුබ පතනවා අලුත් වැඩේට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොකා මේ පැත්තේ 'වග තුග' හොයා බැලුවට. ඉදිරියේදීත් මේ සහයෝගය ඕනිවෙයි.

      Delete
  9. බ්ලොග් කට්ටක් ඇත
    ඇත්ත විස්තර නැත
    සාමාජික වන්නට කැමතිය
    නියම නම නැතිවය

    ලජ්ජා බයට හැදුනු නිසාවට
    රස්සාවත් ඕනෑ නිසාවට
    පැනලයේ එව්වන්ට
    බැරිය මුණ පෙන්නන්ට


    හේතු සිය ගණනක්ය
    දක්වන්නට කාලය මදිය
    හැකි නම් ඇතුලට එන්නට
    නියම නම නැතිවම
    නොපමාව දන්වන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත විස්තර ඕනේම නැත
      රොටිය පිච්චීම සෑහෙත
      හොඳ හොඳ ලුණුමිරිස් මෙහි ඇත
      රොටියෝ වෙල්කම් කලාහිත වෙත

      Delete
  10. හොඳ අදහසක්...
    මම හිතන්නේ නියම නම් නැතුව බ්ලොගේ තියෙන විස්තර වලින් ගේම ගැහුවොත් මක්කද වෙන්නේ.
    ඕනෙනම් ඊ මේල තියෙනවනේ

    සාමාජිකත්වය ගන්න එකේ කිෂි කේස් එකක් නැහැ
    ඔය තරඟ වලට අපි නැහැ කියල දැන්ම කිව්වොත් ඔට්ටු නැද්ද

    අපේ සටහන් උපුටා ගැනීම සහ දෙන ප්‍රචාරය ගොඩක් වටිනවා නේන්නම්.
    එහෙනම් අලුත් වැඩේට ජය වේවා කිව්වා...

    ReplyDelete
    Replies
    1. //ඔය තරඟ වලට අපි නැහැ කියල දැන්ම කිව්වොත් ඔට්ටු නැද්ද// එහෙම ඔට්ටු නෑ.. හොඳට ලියන උන් සම්මානෙට භාජනේ වෙන්න අවස්ථාව තියෙන්න ඕනි.

      වැඩේ ඊ මේල් වලින් විතරක් යතෑකි. අවුලක් නෑ. ඇප්ලිකේශන් එක හැදුවම එල්ලන්නම්. ජය ශ්‍රී!

      Delete
    2. කාටවත් කියල සම්මාන දෙන්නේ නැහැ. එහෙම තරඟයක් නැහැ. තරඟ නැති දෙයක් මේක. මුල එක දුන්නෙත් තරංග වලින් නෙමෙයි.

      Delete
    3. //මුල එක දුන්නෙත් තරංග වලින් නෙමෙයි.// ටයිපින් මිස්ටේක් එකක් උනාට මටනම් හිතුනේ මුල් එක කරේ තරංග වලින් වගේ තමයි කියලා.. රිමෝට් කොන්ට්‍රෝල් නේ වැඩේ ගියේ.. හැක්..

      Delete
  11. සාමාජිකත්වය ගත්ත අයට පමණක් සම්මාන දීමට තරම් ලඝු තීරණයක් ගත්තෙ ඇයි කියන එකනම් මට හිතාගන්න බෑ.
    පිහිටුවාගත් සංවිදානයට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඒක මුලින් එහෙම කරන්න අදහස් කරලා තිබුණේ බ්ලොග් සංසදයේ සාමාජිකත්වය ගන්නයි කියනෙකට උත්තේජකයක් විදියට.. ඒත් පස්සේ අපේ විරෝධය මත ඒ අදහස වෙනස් කලා.. දැන් එහෙම එකක් නෑනේ. ඒකට හොඳයි කියන්නේ නැද්ද?

      Delete
    2. බ්‍රෑන්ඩ් එක ගල් කියලා යෝඡනවාක් ඉදිරිපත් කරනවා චන්දෙ දෙන්න වරෙන්

      Delete
    3. හොද පුතාල, අන්න එහෙමයි ළමයි ඉන්න ඕනෙ. Very good.

      Delete
    4. හොඳ පුතයි කියුවේ මටද නැත්නම් ගල් මෙන්ඩා ටද?

      මෙන්ඩ.. රිසල්ට් එක 215යි 1යි 1යි 7යි.. (හැබැයි 215 හම්බෙන්නේ විපක්ශව)

      Delete
    5. හොද පුතා කිවුවෙ උඹට. අපේ බාප්පත් එක්ක එක පන්තියේ හිටපු මෙන්ඩිස් මාමට පුතේ කියනවද ?

      මෙන්ඩො, චන්දෙ විතරක් නෙවේ යෝජනාවම මම කරන්නම්. අපේ පානය ගල්

      Delete
    6. මෙන්න තවත් සරත් වීරසේකර කෙනෙක්.. හැබෑවටම ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින.. හැක්.

      Delete
    7. අපේ බාප්පත් එක්ක එක පන්තියේ හිටපු මෙන්ඩිස් මාමට//
      තලනවා තෝව කිනිහිරේ උඩ තියලා

      Delete
    8. කම්මලේ.. උඹලෑ බාප්පාගෙන් වෙන්ඩෑ මෙන්ඩා කම්මල් වැඩ ඉගෙන ගන්න ඇත්තේ..

      Delete
    9. බ්‍රෑන්ඩ් එක ගල් කියලා කම්මලේ කටින්ද කිවුවේ....හැක්

      Delete
    10. කියන්නා කෙසේ කීවත් බොන්නා සිහිබුද්ධියෙන් සිටිය යුතුයි.. මේ කිව්වේ කලින් වෙච්චි සීන් එකක් ගැන එහෙම නොවෙයි ඕං.. හැක්..

      Delete
  12. ලිපිය නම් දිග වැඩි නෑ. නමුත් අර ඉතිහාස කතාව අයින් කරන්න තිබුණා දිග වැඩිම නම්.

    සංසදයේ නීති රීති සංක්‍ෂිප්තයක් ඔය කියන ෆෝම් එකට ඈදීම අත්‍යවශ්‍යයි.

    මගේ අදහස කියනවා නම්-

    1. මේ සංසදයට සහ බ්ලොග් සින්ඩිකේටර් එකට මට බැදෙන්න අවශ්‍යයයි.

    2. නමුත්, වඩාත් වැදගත් කරුණ වන්නේ අපද ලියන බ්ලොග් පොදු ජනතාව අතරට ගෙනි යන්නේ කොහොමද කියන එකයි. ලංකානිවුස්වෙබ් මගින් අළුතින් පිරිස එකතු වුණ එකට හේතු තියෙනවා. ඒ අය ආණ්ඩු විරෝධී දේශපාලන තොරතුරු දැනගන්න, ලිපි බලන්න ආ අයයි. නමුත් ඔය කියන බ්ලොග්ෆ්ලවර් කියන සින්ඩියට මුලින් සෙනග එන්නේ කොහොමද? විශේෂයෙන්ම කලින් බ්ලොග් කියවා නැති අය එතැනට එන්නේ කොහොමද?

    3. අරමුදල් යෙදවිය යුත්තේ බ්ලොග්කරුවන්ට තෑගි දීමට නොව, බ්ලොග්කරණය තවත් ප්‍රභලිත කිරීම බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ඕනෑම කෙනෙක් තමන්ගේ බ්ලොග් එක හෝ අදහස් ලොකු පිරිසක් අතරට යනවට කැමතියි. ඒ අතින් බැලුවම මේ වැඩේ ඉතාමත් කාලෝචිතයි ඒ වගේම ප්‍රායෝගිකයි. ඒ තම ධනාත්මක පැත්ත.

      මම කැමැති කාසියේ අනිත් පැත්තත් දකින්න. නෙලුම් යාය මුලින්ම කරලියට එන්නේ 2014 අග භාගයේ. අපි බ්ලොග් පොස්ට් බැලුවොත් ඒ කාලයේ එක රැල්ලක් තිබ්බා MR හා පැවතුන රජයට එරෙහිව. FB එකෙත් ඒ රැල්ලට බ්ලොග් කරුවෝ සක්‍රීයව දායක උනා.

      සීමාවෙන් පිටත ඉඳන් ට්‍රෙන්ඩ් එක දිහා බලන මනුස්සයකුට හොඳට තේරෙනවා මේක යන්නේ කොහෙටද කියල. එතකොට හොද political, analytically mind එකකට තේරුම් ගන්න පුළුවන් මේ අලුත් ට්‍රෙන්ඩ් එක, force එක control කරන remote එක අතේ තියන කෙනාට අනාගතයේදී තියන power එක. හරියට workforce union වල සහ student union වල power එක JVP එක ළඟ තිබ්බ වගේ.
      අනික මේ සද් කාර්යය පිටි පස්සේ ඉන්නේ LNW. අපි ඒ ගොල්ලෝ ගැනත් හොඳට දන්නා නිසාත්, ටිකක් එලියට ඇවිත් බැලුවොත් අපිටත් වෙනස්ම image එකක් පෙනෙයි.

      නෙළුම් යායයි presidential election එකයි අහම්බයක් කියල හිතන්න කැමති අය එහෙම හිතුවට කමක් නැ.

      පසුගිය මාස 5 ට නෙළුම් යායේ හැසිරීම graph එකක ඇන්දොත් අංශක 45 ක වඩා වැඩි ආනතියකින් උඩ නැගල තියනව පෙනෙයි අපිට. ඒ වගේ ට්‍රෙන්ඩ්ස් හරිම unusual and very suspicious.

      P.S: අපහාසයක් කියල හිතන්න එපා. කොට තට්ටයෝ ඉන්නවා නේද? පරෙස්සමෙන්.

      Rider

      Delete
    2. LNW
      කියන්නේ මොකක්ද

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මම මගේ බිරිඳත් එක්ක ලංකාවට ගිය වෙලේ මගේ යාළුවන්ට සාදයක් දුන්න. හතර පස් දෙනෙකුට. මම අරන් දුන්න බෝතල් වලින් බිල මමම ගෙනාපු බයිට් කාල, මම ගෙවපු පූල් එකෙන්ම නාල , එක උස යාළුවෙක් මට වැඩිය උස මගේ බිරිඳ දිහා බලල කිව්වා - මිට්ටා කට්ටයා කියල. කොට තට්ටයන් වගේම උඩු රැවුල තියෙන කට්ටයන් ගෙන්, රැවුල වවා ගෙන ඉන්න කට්ටයන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඕනේ නැත්ද? විනිවිද පෙනෙන්න කරන වැඩ දිහා බලල කියනවා පරිස්සම් වෙන්න කියල. හරි ආතල්. කොට තට්ටය කියන්නේ අපහාසයක් මිනිහෙකුට. ඇත්ත නමින් ඇවිත් කතා කරමු. එතකොට හොයා ගන්න පුළුවන්. ට්‍රෙන්ඩ් එක තමා මිනිස්සුන්ට නිදහස දීම. වැඩවසම් රදලයන්ට තියන භය නැති කිරීම. පොලිසිය ආවහම කණුවේ බැහැල යන්න ඕනෑ කම නැති කිරීම. නෙලුම් යාය කියන එක අවුරුදු ගානක් LNW එකේ තිබ්බ එකක්. මම එකට බ්ලොග් දැම්මේ වෙන වාමාංශික බ්ලොග් අඩවියක ඒක කරන්න පුලුවන්ද කියල හොයල. නිදහසට ඉඩ දුන්නහම ඒක දෑතින් බදා ගත්ත එක තමා කලේ.

      Delete
    5. @ Rasika //ඉතිහාස කතාව// ඒක නොදන්න බොහෝ අය ඉන්නව කියල හිතුන නිසයි මෙතන එල්ලුවේ.
      //සංසදයේ නීති රීති සංක්‍ෂිප්තයක් ඔය කියන ෆෝම් එකට ඈදීම// +++++ ගුඩ් අයිඩියා. ඒක එහෙම කරන්නම්.

      එක පාරම සින්ඩිය ප්‍රසිද්ධ වෙන එකක් නෑ. යම් තත්ත්වෙකට එනකම් LNW එක හරහාත් සහයෝගය ලැබේවි පුරුදු විදියටම. බ්ලොග් සම්මාන සඳහා තෑගි දෙන්නේ අනුග්‍රාහකයින්. සාමාජික මුදල් වත් වෙනත් ආධාරයක්වත් ඒ සඳහා යොදා ගන්න අදහසක් නෑ.

      Delete
    6. Anonymous28 April 2015 at 19:00 ඇනෝ මචන් සොරි, උඹේ කොමෙන්ටෙකේ ගන්ඩ දෙයක් තිබ්බත් නැතත් මං මෙතන ඇනෝ කමෙන්ට් වලට උත්තර දෙන්න යන්නේ නෑ.

      Delete
    7. @ අටම්. Lanka News Web

      @ අජිත් අයියා.. කළබල වෙන්න දෙයක් නෑ.. දන්නෝ දනිති. අපි කාටවත් කවුරුවත් 100% විශ්වාස කරන්න බෑ.. නමුත් වැරැද්දක් නොකරනතාක් එකට වැඩ කරනවා.. එච්චරයි.

      Delete
    8. මල්ලි මම උත්තර ලිව්වේ මේ කොමෙන්ට් එක තැන් දෙක තුනකම දැක්ක නිසා. අනික කුණුහරප ලියන්නේ නැතුව එක අපහාසයක් විතරක් දාල විශ්ලේෂණයක් වගේ එකක ඉදිරිපත් කරලා තියෙන නිසා. ඔය පවර් එක නිසාමද කොහෙද දැන් ලංකානිව්ස්වෙබ්ටුඩේ කියාල සයිට් එකකුත් දාල තියෙනවා. ඒකෙ තියෙන ඒවා කියවලම බලන්න. එතකොට තේරෙයි කවුද මොකක්ද කියල. අනික මේ කවුරුත් පොඩි ළමයි නෙමෙයිනේ නොතේරෙන්න. හිතලම බලන්න අපි කොහොමද මාතලන් , රසික, දේශකයා, බස්සි වගේ අයව තම්බන්නේ. මුන් ටික අපිව තම්බල වේලෙන්නත් දායි ඕන නම්.

      Delete
    9. ගල් මල් දෙකම එන බව අපි දැනන් උන්නනේ.. මේක කටු ඇනෙනවා වගේ වෙච්චි සෙට් එකකුත් බ්ලොග් අස්සෙම ඇති.

      Delete
    10. අජිත් අයියා. හොදම දේ මේ වගේ දකින දේ නොදැක්ක ගානට ඉන්න එකයි..

      Delete
    11. දේශකයා එක්ක එකඟයි

      Delete
  13. 4. අනිත් කරුණ http://nelumyaya.com/ සහ http://nelumyaya.com/ යන අඩවි දෙකක් මොකකටද? ඒ දෙකෙන්ම එකම වැඩේ නේද කෙරෙන්නේ?

    ReplyDelete
    Replies
    1. නෙළුම්යාය වෙබ් එකයි LNW එකේ නෙළුම් යාය විශේෂාංගයයි තමයි වෙන වෙනම තියෙන්නේ.

      Delete
  14. මම උඔලට ඔනම වෙලාවක බොක්කෙන් සහයෝගය දෙනවා..දුකයි සමාඡිකත්වය ගන්න සුදුසුකම් සපුරා නැතිවිම ගැන.

    ReplyDelete
    Replies
    1. අවුලක් නැ බ්ලොග් නැතුවට දාහක් දීලා යාවජීව සාමාජිකයෙක් වෙයං

      Delete
    2. බ්ලොග් ලියන්නේ නැති උන්ගෙන් දෙදාහයි..හැක්.. උඹ, කම්මල, ප්‍රා ජේ අපේ යාවජීව සාමාජිකයෝ කොහොමත් බ්ලොග් නොලියුවට..

      @ අටම්.. වැඩිපුර දාහ අපි දෙන්නට පන්සීය පන්සීය.. හැක්

      Delete
    3. ඇත්තටම කියපන් බිලොග් නොලියන අයට සමාඡිකත්වය ගන්න පුලුවන්ද?
      ඇයි බං අපේ පත්තර මල්ලි.

      Delete
    4. ආ ඔව්වොව්.. පත්තරයයි තව ඒ වගේ දෙතුන් දෙනෙක්ම ඉන්නවා.. උඹල ඔක්කෝටම බලෙන් හරි සාමාජිකත්වේ දෙනවා..

      Delete
    5. නොදුන්නොත් කාලාබිලා බුදිය ගන්න උපවාසයක් කරනවා..
      මචං මේ නිලපානයකුත් තියනවද?

      Delete
    6. නිල පානය ගල්.. කොල පානය Vat 69 :p

      Delete
  15. මම ඊයේ පෙරේදා බ්ලොග් ලියන්න ගත්තේ.මටත් පුළුවන්ද ඔයාලට එකතු වෙන්න.වැදගත් මුකුත් නම් තාම ලියවිලා නෑ.දේශපාලනේ ගැන නම් මම ලියන්නෙම නෑ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව කැලේට පිපුණු මේ මල කලාහිතට.. ඒ වගේම බ්ලොග් සංසදේටත්.. ඉදිරියේදී කටයුතු කරන ආකරය මේ වගේම දැනුම් දෙන්නම්.. දිගටම එන්න.

      Delete
  16. ඕනෑම කෙනෙක් තමන්ගේ බ්ලොග් එක හෝ අදහස් ලොකු පිරිසක් අතරට යනවට කැමතියි. ඒ අතින් බැලුවම මේ වැඩේ ඉතාමත් කාලෝචිතයි ඒ වගේම ප්‍රායෝගිකයි. ඒ තම ධනාත්මක පැත්ත.

    මම කැමැති කාසියේ අනිත් පැත්තත් දකින්න. නෙලුම් යාය මුලින්ම කරලියට එන්නේ 2014 අග භාගයේ. අපි බ්ලොග් පොස්ට් බැලුවොත් ඒ කාලයේ එක රැල්ලක් තිබ්බා MR හා පැවතුන රජයට එරෙහිව. FB එකෙත් ඒ රැල්ලට බ්ලොග් කරුවෝ සක්‍රීයව දායක උනා.

    සීමාවෙන් පිටත ඉඳන් ට්‍රෙන්ඩ් එක දිහා බලන මනුස්සයකුට හොඳට තේරෙනවා මේක යන්නේ කොහෙටද කියල. එතකොට හොද political, analytically mind එකකට තේරුම් ගන්න පුළුවන් මේ අලුත් ට්‍රෙන්ඩ් එක, force එක control කරන remote එක අතේ තියන කෙනාට අනාගතයේදී තියන power එක. හරියට workforce union වල සහ student union වල power එක JVP එක ළඟ තිබ්බ වගේ.
    අනික මේ සද් කාර්යය පිටි පස්සේ ඉන්නේ LNW. අපි ඒ ගොල්ලෝ ගැනත් හොඳට දන්නා නිසාත්, ටිකක් එලියට ඇවිත් බැලුවොත් අපිටත් වෙනස්ම image එකක් පෙනෙයි.

    නෙළුම් යායයි presidential election එකයි අහම්බයක් කියල හිතන්න කැමති අය එහෙම හිතුවට කමක් නැ.

    පසුගිය මාස 5 ට නෙළුම් යායේ හැසිරීම graph එකක ඇන්දොත් අංශක 45 ක වඩා වැඩි ආනතියකින් උඩ නැගල තියනව පෙනෙයි අපිට. ඒ වගේ ට්‍රෙන්ඩ්ස් හරිම unusual and very suspicious.

    P.S: අපහාසයක් කියල හිතන්න එපා. කොට තට්ටයෝ ඉන්නවා නේද? පරෙස්සමෙන්.

    Rider

    ReplyDelete
    Replies
    1. මම මගේ බිරිඳත් එක්ක ලංකාවට ගිය වෙලේ මගේ යාළුවන්ට සාදයක් දුන්න. හතර පස් දෙනෙකුට. මම අරන් දුන්න බෝතල් වලින් බිල මමම ගෙනාපු බයිට් කාල, මම ගෙවපු පූල් එකෙන්ම නාල , එක උස යාළුවෙක් මට වැඩිය උස මගේ බිරිඳ දිහා බලල කිව්වා - මිට්ටා කට්ටයා කියල. කොට තට්ටයන් වගේම උඩු රැවුල තියෙන කට්ටයන් ගෙන්, රැවුල වවා ගෙන ඉන්න කට්ටයන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඕනේ නැත්ද? විනිවිද පෙනෙන්න කරන වැඩ දිහා බලල කියනවා පරිස්සම් වෙන්න කියල. හරි ආතල්. කොට තට්ටය කියන්නේ අපහාසයක් මිනිහෙකුට. ඇත්ත නමින් ඇවිත් කතා කරමු. එතකොට හොයා ගන්න පුළුවන්. ට්‍රෙන්ඩ් එක තමා මිනිස්සුන්ට නිදහස දීම. වැඩවසම් රදලයන්ට තියන භය නැති කිරීම. පොලිසිය ආවහම කණුවේ බැහැල යන්න ඕනෑ කම නැති කිරීම. නෙලුම් යාය කියන එක අවුරුදු ගානක් LNW එකේ තිබ්බ එකක්. මම එකට බ්ලොග් දැම්මේ වෙන වාමාංශික බ්ලොග් අඩවියක ඒක කරන්න පුලුවන්ද කියල හොයල. නිදහසට ඉඩ දුන්නහම ඒක දෑතින් බදා ගත්ත එක තමා කලේ.

      Delete
    2. මේක දාන්න තව හේතුවක් තමා බ්ලොග් ලෝකයේ ගිය හොඳ නිර්මාණ වලට අනික් මාධ්‍ය වලින් ඉඩ නැති කිරීම. අනික අනික් අයගේ ඉරිසියාව මම පැහැදිලිවම දැක්කා. වාමාංශික වෙබ් අඩවි තමන්ගේ මතවාදයට හරියනවනම් විතරයි පල කරන්නේ. ජාතිවාදී හෝ ආගම්වාදී ඒවා තමන්ට ගැලපෙන ඒවා විතරයි. පත්තර කලේ තිබ්බ ආණ්ඩුවට කහින එක. කරන්නේ නැති ස්වාධින බ්ලොග් කරුවන්ට උදව් කිරීම තමා අපි කරන්නේ. මොකද මමත් එහෙම එකෙක් නිසා. මට තිබ්බ බාධක, ඉරිසියාවල් මම දන්නවා.

      Delete
    3. අපි මෙහෙම හිතුවොත් අජිත්, ඉස්සරහට ජාතික බ්ලොග් සංසදය, නිදහස් බ්ලොග් සංසදය, අන්තර් බ්ලොග් සංසදය වගේ ඒවත් එන්නේ න කියල කියන්නේ කොහොමද? දැන් බලන්න කම්කරු දිනයට කම්කරුවා කෑ ගහන්නේ කාට ජය වේවා කියලද?
      ඒ වගේ ඉස්සරහට වෙයි කියල කියන්නේ පුලුවන්ද?
      ඇයි මේ නිදහස් media එකකට සංසද හදන්නේ?
      එතකොට ඕක අස්සේ ඔය ලියන ය හිර වෙවෙනවා නේද?
      පස්සේ කාලෙක බ්ලොග් වලට චර්යා ධර්ම පද්ධති හදන්න කට්ටිය සෙට් වෙයි නේද?
      සංසද හදන්නේ නැතව බ්ලොග් promote කරන්න බැරිද?
      බ්ලොග් කාරයොන්ට ලියන්න අතැහැ දෙන්න ඕනද? ඊට වැඩ හොද නැද්ද ඒ ගොල්ලොන්ගෙ නිර්මාණ මහජනයා අටහ්රට අරන් යන එක (සංගම් නැතුව)
      අනික කාටද කියන්න පුළුවන් සම්මාන බලාගෙන ලියන්න පටන්ගනිද කියල?
      සංගමේ නැති එවුන්ගේ බ්ලොග් ප්රෝමොටේ වෙන්නේ න නේද එතකොට?
      සංගමේට ඕන බ්ලොග් විතරක් උඩට ගන්න පුලුඑං නේද?
      අන්තිමට, අපි මේ foundation එක දාන්න යන්නේ අපි නැති කරපු ඒකාධිපති (Dictatorship ම නෙමේ monopoly එකක් ) හදන්න නේද?
      බ්ලොග් කියන්නේ එක media එකක් නම් අයි එකේ ඒවා තව media එකකින් ප්රෝමොටේ කරන්නේ? TV එකේ program , නෙව්ස් paper එකේ යන්න ඕනෙද ? ප්‍රින්ට් media , බ්ලොග් වලට ඉරිසියා කරලා මොනවද කරන්න පුලුඑං?
      අපි හොඳ දේවල් ලියනාවන් ඕනෑතරම් readers ල ඉඳි , but ටිකක් කල් යයි base එකක් හදා ගන්න.
      අජිත්, history එක බැලුවොත් මාතලන් , රසික, දේශකයා, බස්සි වගේ නෙමේ ඊටත් වැඩ ලොකු යය සම්මත මින්නිසු පවා ඇඳිලා තියනවා . පහිගිය අවුරුදු 10-12 අපිව කොච්චර ආණ්ඩුවද? :-)

      Rider

      Delete
    4. දැන් ඔයා කියල තිබුන මෙහෙම.
      //නෙළුම් යායයි presidential election එකයි අහම්බයක් කියල හිතන්න කැමති අය එහෙම හිතුවට කමක් නැ. //
      එතකොට මම සුමනදාස ගුනවර්ධනටත් වඩා දක්ෂයෙක්. MR presidential election එකක් තියනවා කියල මම ඒ දවස් වල ඉඳන් දන්නවා. :)
      අපි මෙහෙම හිතුවොත් අජිත්, ඉස්සරහට ජාතික බ්ලොග් සංසදය, නිදහස් බ්ලොග් සංසදය, අන්තර් බ්ලොග් සංසදය වගේ ඒවත් එන්නේ න කියල කියන්නේ කොහොමද? රයිඩර් ඒවා already තියෙනවනේ. බ්ලොග් අවකාශයේ හොයල බලන්න සින්ඩි ම කීයක්ද සංසද කීයක්ද කියල .

      දැන් බලන්න කම්කරු දිනයට කම්කරුවා කෑ ගහන්නේ කාට ජය වේවා කියලද? එක අපේ වමේ පස්ස වල පුරස්නයක්.
      ඒ වගේ ඉස්සරහට වෙයි කියල කියන්නේ පුලුවන්ද? මට නැවකි කීමට නොහැක. තවත් අයත් කරන්නේ නම් ඒක හොඳක් මිස නරකක් නොවේ.
      ඇයි මේ නිදහස් media එකකට සංසද හදන්නේ? එතකොට මනුස්සයෝ editor's guild එකක් මොකටද? ජනමාධ්‍ය වේදීන්ගේ සංගම් මොකටද? ඔහෙලා බය වෙන්නේ බ්ලොගාලට හදන කොට විතරද? ඔහේගේ ඔය නිදහස් මීඩියා එක කොහෙද තිබ්බේ ලංකාවේද? සඳරුවන් සේනාධිර ගෙන් හෙම ඇහුවනම් කියයි.
      එතකොට ඕක අස්සේ ඔය ලියන ය හිර වෙවෙනවා නේද? එක ඒ අයගේ අතේ තියෙන්නේ.
      පස්සේ කාලෙක බ්ලොග් වලට චර්යා ධර්ම පද්ධති හදන්න කට්ටිය සෙට් වෙයි නේද? අපට නම් එහෙම අදහසක් නැහැ. මුන් පොඩි එවුන්ය හදන්න.
      සංසද හදන්නේ නැතව බ්ලොග් promote කරන්න බැරිද? එක කාලයක් කලා. ඊට පස්සේ තම දන ගත්තේ ඇනෝ වර්ගයක් ඉන්නවා කියල මරණ තර්ජන කරන, බ්ලොග් වලක්වන හෙම.
      බ්ලොග් කාරයොන්ට ලියන්න අතැහැ දෙන්න ඕනද? නැහැ. උන්ට ලියන්න පුළුවන්.
      ඊට වැඩ හොද නැද්ද ඒ ගොල්ලොන්ගෙ නිර්මාණ මහජනයා අටහ්රට අරන් යන එක (සංගම් නැතුව) - එකනේ මනුස්සයෝ මේ කරන්නේ. කලේ. සංසදය හදන්නේ ඒ අවශ්‍යතාවය නිසා.
      අනික කාටද කියන්න පුළුවන් සම්මාන බලාගෙන ලියන්න පටන්ගනිද කියල? සම්මාන මුලින් දුන්නෙත් නොදන්නා අයට. දන්නා අයගේ නොදන්නා අය කියල වෙනසක් නැතුව අපි පල කරන්නේ. පෙන්වන්න බලන්න එහෙම කරන අනිත් උන්. මාතලන් හා අජිත් කුමාර ඇර. (ඒවා සින්ඩි )
      සංගමේ නැති එවුන්ගේ බ්ලොග් ප්රෝමොටේ වෙන්නේ න නේද එතකොට? - අපි බ්ලොග් ප්‍රොමෝට් කරන්නේ සංගමේ අයගේ විතරයි කියල කොහෙවත් කියල තියනවද?
      සංගමේට ඕන බ්ලොග් විතරක් උඩට ගන්න පුලුඑං නේද? - සංගමේට වෙබ් එකක් නැතුව කොහොමද ඒ අය එක කරන්නේ.
      අන්තිමට, අපි මේ foundation එක දාන්න යන්නේ අපි නැති කරපු ඒකාධිපති (Dictatorship ම නෙමේ monopoly එකක් ) හදන්න නේද? - කොහොමද මොනොපොලි වෙන්නේ දැනටම සිඳී 10 විතර, කොත්තු, බූන්දි වගේ ඒවා තියෙන කොට. (තමන්ගේ කට්ටියගේ ඒවා විතරක් පල කරන )
      බ්ලොග් කියන්නේ එක media එකක් නම් අයි එකේ ඒවා තව media එකකින් ප්රෝමොටේ කරන්නේ? TV එකේ program , නෙව්ස් paper එකේ යන්න ඕනෙද ? ප්‍රින්ට් media , බ්ලොග් වලට ඉරිසියා කරලා මොනවද කරන්න පුලුඑං? - නිර්මාණ වලට බය විමනේ තියෙන්නේ. මිනිසුන් අතරට ගෙන ගියාම මිනිසුන් තොර ගනීවි හොඳ දේ. එක දැන් වෙමින් යනවා.

      අජිත්, history එක බැලුවොත් මාතලන් , රසික, දේශකයා, බස්සි වගේ නෙමේ ඊටත් වැඩ ලොකු යය සම්මත මින්නිසු පවා ඇඳිලා තියනවා . පහිගිය අවුරුදු 10-12 අපිව කොච්චර ආණ්ඩුවද? :-) - එක නම් ඔයාගේ ප්‍රශ්නයක්. තමන්ව අන්ද ගන්න එක. ඔය පක්ෂ වලට ඇඳිලා ඉන්නේ වහල්ලු ටිකක්.

      Delete
    5. අජිත්, ඔයත් ජනමාධ්‍ය වේදීයෙක් නේ, දන්නවා ඇති නේද ජනමාධ්‍ය වේදීන්ගේ සංගම් හැසිරෙන්නේ වැඩ කරන්නේ කොහොමද කියල. සංගමේ නැති අයට help කරන්නේ කොහොමද කියල. ඔය w3lanka එකේ තියනවා ජනමාධ්‍ය වේදීන්ගේ සංගම් ගැන para ගේ experience. දෙයක් තහනම් කරනවට වඩා effective නාස් ලනුව දාන එක.

      දැන් ඔය කියන්නේ මේ හදන්න යන්නේ කොත්තු, බූන්දි වගේ තව එකක් කියලද? ////ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදය නමින් මේ බ්ලොගර්ස් ගිලඩ් එක ව්‍යවස්ථාපිත සංස්ථාවක් විදියට ලියාපදිංචි කිරීම////

      Rider

      Delete
    6. රයිඩර් ඇනෝ.. මටනම් උඹේ තර්ක උඹේම කොමෙන්ට් එකේ පහලට එනකොට කැඩෙනවා. ඒ වුනාට උඹ උඹේ මතය වෙනුවෙන් එකහෙලා පෙනී සිටීම මං අගේ කරනවා. ඔය හැම එකක්ම අපි මීට කලින් ඇදගෙන වලි දාගත්ත ඒවා කොමිටිය ඇතුලෙම. මේ එළියට දාල තියෙන්නේ බහුතර මතය මිසක් හැමෝගෙම මතය නොවෙයි.

      Delete
    7. එතකොට ඕක අස්සේ ඔය ලියන ය හිර වෙවෙනවා නේද? - හිරවෙන්න කැමති අය දැනටමත් හිරවෙලා ඉන්නේ, හිර කරන්නේ කොහොමද පිස්තෝල ඔලුවට තියලද? මාවනම් හිර කරන්න බැරි වෙයි, නෙලුම් යයට දැම්මත් නැතත්, මට ඕන දේ මම ලියනවා , නෙළුමට ඕනනම් දාපුදෙන් නැත්තම් නිකම් හිටපුදෙන්. කැමැත්තෙන් හිරවෙන්නේ වාසි බලාගෙන මේකට එන අය මිසක් ඇත්තටම ලියන්න ඕන අය නෙවෙයි .

      පස්සේ කාලෙක බ්ලොග් වලට චර්යා ධර්ම පද්ධති හදන්න කට්ටිය සෙට් වෙයි නේද? -ඉතිං හදපුවාවේ , හැදුව පලියට කවුද පිලිපදින්නේ , කෙලින් ඉන්න කොන්ද පන නැති එවුන් ඕවා පලි පදියි .

      සංසද හදන්නේ නැතව බ්ලොග් promote කරන්න බැරිද? - පුළුවන් නම් කරපල්ලකෝ ,වැඩක් කරන එවුන්ට අකුල් හෙලන්න නැතුව .

      බ්ලොග් කාරයොන්ට ලියන්න අතැහැ දෙන්න ඕනද? ඊට වැඩ හොද නැද්ද ඒ ගොල්ලොන්ගෙ නිර්මාණ මහජනයා අටහ්රට අරන් යන එක (සංගම් නැතුව) -නිර්මාණ මහජනයා අතරට ගෙනියන එක තමා මේ කරන්නේ, තේරෙන්නේ නැද්ද ? සංගම් නැතුව කරන්න ඕන එකා එහෙම කරපල්ලා , සංගමෙන් කරන්න ඕන එකා එහෙම කරපල්ලා

      අනික කාටද කියන්න පුළුවන් සම්මාන බලාගෙන ලියන්න පටන්ගනිද කියල? - එහෙම ලියන එවුන් ඇතිවෙයි , ඒකට මොකෝ , සම්මානයක් ගන්න නිකම්ම බෑනේ , හොඳට ලියන්න ඕන, ඉතින් සම්මාන බලාගෙන ලියනවා කියන්නේ හොඳින් ලියන්න වෙනවා , එක නරක නෑනේ .

      සංගමේ නැති එවුන්ගේ බ්ලොග් ප්රෝමොටේ වෙන්නේ න නේද එතකොට?- සංගමේ නැති එවුන්ව ප්‍රමෝට් කරන්නේ නෑ කියලා අජියා කොහෙවත් කියලා තියෙනවද?

      සංගමේට ඕන බ්ලොග් විතරක් උඩට ගන්න පුලුඑං නේද? එහෙමත් පුළුවන්. එහෙම නැතිවෙන්නත් පුළුවන්, එක ගැන සංස්කාරක වරු වග කියන්න ඕන.

      අන්තිමට, අපි මේ foundation එක දාන්න යන්නේ අපි නැති කරපු ඒකාධිපති (Dictatorship ම නෙමේ monopoly එකක් ) හදන්න නේද? - කොරහේ කිඹුල්ලු....

      Delete
    8. ඊලඟ අවුරුද්දේ කාරක සභාවට අලුත් තනතුරක් දාන්න ඕනි ඩිෆෙන්ස් ඔෆිසර් කියලා.. මෙන්න මගේ නාම යෝජනාව- ඉවාන් පවුලූශා මහතා

      Delete
    9. අම්මට හුඩු මම ලියන්න හිටපුවා ඉවානයා ලියලා...

      Delete
    10. පේනවනේ දැන් තරඟේ වැඩියි.. පුරන කුසලක් නොපමාව පුරන්න ඕනි..

      Delete
    11. @කමි
      //ඊලඟ අවුරුද්දේ කාරක සභාවට අලුත් තනතුරක් දාන්න ඕනි ඩිෆෙන්ස් ඔෆිසර් කියලා.. මෙන්න මගේ නාම යෝජනාව- ඉවාන් පවුලූශා මහතා//

      ++++++++++++++++++++++++++++++++++++++
      මම ඉස්තීර කරන්නම් :D

      Delete
    12. @ ඉවාන්, උබෙත් මාලේ ගෙලේ චේ පපුවේ උනාට ඔලුවේ ගොම.
      මචන්, උබල 10 දෙනෙක් විතර එකතුවෙලා වාද විවාද කරලා, ගහගෙන මරාගෙන දෙයකට එකග වෙලා තියනවා. එක එහෙම උන කියල අපි කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව හිස් මුදුනින්ම පිළිගන්න ඕනද? ඔය සංගමය හදන්නේ 12 දෙනෙකුඅට නෙමේනේ. බ්ලොග් ලියන, ලියන්න ඉන්න හැමෝටම. ඒ හින්ද ඕන කෙනෙක්ට අය්තියක් තියනවා මේ සම්බන්දයෙන් ඕනෑම දෙයක් අහල නිරවුල් කරගන්න සහ තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. ඒ මතය වරදයි නම් උබල වැඩේ initiate කරපු එවුන් විදිහට නොතේරෙන එවුන්ට පැහැදිලි කරලා දියන්.

      අපි කරන්නේ මෙහෙමයි ඔනනනම් වරෙන් නැත්නම් පලයන් tone එකේ answers නැතුව. දැන්ම executive powers අරගෙනනේ ඔයා.

      Rider

      Delete
    13. මනා පේනවනේ කේස්.. දැන් ගේන්නම වෙනවා..

      @ රයිඩර් ඇනෝ.. උඹට කොච්චර තේරුන් කරල දෙන්න හැදුවත් අහන්නේ නෑනේ බං..

      Delete
    14. @කමි .. ඒක තමා. හරියන්නෙ නෑ නැත්තං.

      @රයිඩර් ඇනෝ තුමා... නිවී සැනසිල්ලෙ මේ පෝස්ට් එක සහ කමි, අජිත් ධර්මා යන අයගෙ කමෙන්ට්ස් ටික හොඳට කියෙව්වොත් දැනට ඔබතුමාගෙ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි කියල හිතෙනව.

      Delete
    15. රයිඩර් ඇනෝ නෙමෙයි මූ රයිඩර් ඇනේ වෙලා ඉන්නේ දැන්.. හැක්

      Delete
    16. Ok Guys,

      ඔක්කොටම Thanks මහන්සි වෙලා මේ වැඩේ ගැන විස්තර කලාට. මම මුලින්ම comment එකේ කිවුව විදිහට මේ වැඩේ ගොඩක් හොදයි, ගොඩක් පිරිසක් අතරේ blog ප්‍රවර්දනය වෙලා, කියවන ලියන ය වැඩි උනහම එකෙන් සැහෙන වැඩක් සමාජයට වෙනවා.
      මෑත කාලයේදී blog වල දැක්ක trend එකක් තමයි ප්‍රතිරූප වන්දනාව, කීප දෙනෙක් ඇරෙන්න ගොඩක් අය, එක්කෙනෙක් දෙන්නෙක් කියන දේ ප්‍රශ්න නොකරම පිළිගන්න තත්වය.
      විශ්වාසය කියන්නේ කාලයත් එක්ක ගොඩ නැගෙන දෙයක්. ඒ හින්ද අපි කාලයට ඉඩ දීල ඉස්සරහට යමු. හැම හොද වැඩකටම comment එකකින් හරි support එකක් දෙන්නම් මචන්ලා.
      සුහද හමු, අවුරුදු උත්සව වලට සීමා නොවී ඊට එහා දෙයක් කරලා, බ්ලොග් සමාජ ගත කරන්න plan එකක්, agenda ඇති කියල විස්වාස කරනවා.
      all the best.

      බ්ලොග් කියවන අවුරුදු 8 ටම මම comment කරපු 4 වෙනි පොස්ට් එක :-)

      P.S.
      අජිත්, ///කොට තට්ටයෝ....//// ප්‍රකාශයෙන් යම්කිසි හිත රීදීමක් උනානම් මගේ කනගාටුව :-).

      Rider

      Delete
    17. එක එහෙම උන කියල අපි කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව හිස් මුදුනින්ම පිළිගන්න ඕනද? - කීයටවත් එපා , මට පෙන්නන්න බෑ එහෙම කියන කියන එකට එහෙයි කියන එව්වෝ, උඹ ඉතාම හොඳයි ප්‍රශ්න කරලා ගැටළු තියන තැන් නිරාකරණය කරගෙන කැමතිනම් එකතුවෙන්න පුළුවන් නැත්තම් නිකං ඉන්න පුළුවන්.
      අනික නෙලුම් යාය මගේ නෙවෙයි , ඒ නිසා මට executive powers නෑ. මම කිව්වේ මගේ මතය , මම නම් කැමතිනම් ගියා නැත්තම් නිකං හිටියා . වැඩේ යනකොට මට සහ මගේ ප්‍රතිපත්ති වලට එකඟ නැත්තම් මම අයින් වුනා , එහෙම නැතුව එක කඩාකප්පල් කරන්න හදන්නේ නෑ.

      අනික උඹ යට කියන ප්‍රතිරූප වන්දනාව කරන්නෙත් කොන්ද පන නැති එවුන්ම තමා . කාගේත් පුකට වඳින්නේ මොකද අපේ බයිට් වලින් නෙට් ගිහින් නොමිලේ දෙන බ්ලොගර් එකේ ලියන්න .

      අනික උඹට වැරදිලා ..මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ මචං. ඕක මමම කියල තියෙනවනේ , ආයේ අලුතෙන් කියන්න දෙයක් නෑ.

      //""විශ්වාසය කියන්නේ කාලයත් එක්ක ගොඩ නැගෙන දෙයක්. ඒ හින්ද අපි කාලයට ඉඩ දීල ඉස්සරහට යමු.""// ඉතිං ඕකනේ බං මෙතන හැමෝම කියලා තියෙන්නේ . කාලයත් එක්ක බලමු, වැඩකට නැත්තං අල්ලලා දාලා නිකා ඉමු . එච්චරයි. මොකෝ නෙලුම් යායෙන් ඇවිත් අපිව මරන්නැයි.

      Delete
  17. ජයවේවා...!!!
    මිනිසත්කමට අගයක් එකතුවෙන වැදගත් වැඩක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඇප්ලිකේශන් එක දැම්මම පුරවල එවපන්.. හැක්.

      Delete
    2. ඇප්ලිකේශන් එකේ බ්‍රෑන්ඩ් එක කියන කොටුව හිස් තියපං

      Delete
    3. ඩිෆෝල්ට් සෙටින්ග්ස් ගල් තියන්නම්.. වැඩි හරියක් ගල් කාරයෝනේ.

      Delete
    4. ඝළ්..ඝල්...ඝල්... හැබැයි නියම DCSL.

      Delete
    5. ඉස්කෝලේ සිංහල උගන්නනකොට උඹේ ඔලුවට ඵොළ්ළකිණ් ගහලද හිටියේ?

      Delete
  18. ඉතාම හොඳ වැඩක්... ජයෙන් ජය ම වේවා කියල සුබ ප්‍රාර්ථනා කරනවා. හැකි විදියට උදව්වක් දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. ඇප්ලිකේශන් එක දැම්මම පුරවලා එවන්න.. හැමෝම එකතු වෙන එක තමයි ලොකුම උදව්ව..

      Delete
  19. ඉතාම සතුටුයි. මට නම් ඕන මොකා කරල හරි ඔනව කරල හරි කොහොම කරල හරි බ්ලොග් කලාව බැබලෙනව දකින්න. ඒ මම බ්ලොග්කරුවෙක් නිසා නොවෙයි.
    බ්ලොග් කියන්නෙ පාඨක ලේඛක සංවාදය. මත ගිනිපුපුරු වගෙ ගැටෙනව. බ්ලොග්කරුවන්ගෙ සහෝදරත්වය ඊට සමගාමීව මුවහත් වෙනව. තවතවත් කිට්ටු වෙනව.ඕනම ප්‍රශ්නයක් විසදන්න පුළුවන් සාකච්ඡාවෙන් , සම්මන්ත්‍රණයෙන් තමයි. ඒකම සංවර්ධනයටත් හේතු වෙනවා. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය කියන්නේ ඒකාධිකාරයක්.බ්ලොග් එහේ නැහැ. බ්ලොග් ලිපි දැකල මුද්‍රිත කට්ටියත් තක්බීර් වෙලා.
    බ්ලොග් කියන්නෙ අද පුංචි ගිනි පුපුරක් වුනෙත් හෙට එය සමාජයටම ආලෝකය ලබා දේවි.

    උඩ නම් ලියල තියන බ්ලොග්කාරයො වන්දනාකාර පියවරු ලෙස හදුන්වනව. වන්දනාකාර පියවරු කියන්නෙ පාළු බිමක ජනාවාස පිහිටවල අළුත් දෙයක් ලෝකයට ලබා දෙන්න එඩිතර වූ ආදි ඇමරිකානුවන්. අද ඊලඟ පරම්පරාව මොන තරම් බලවත්ද

    හෙට බ්ලොග් ලෝකයට එන අලුත් බ්ලොග් කාරයන්ට අද ඔබ කරන මේ දේ කවදහරි අනුස්මරණීය වෙයි.
    කෙළවරක් නැති සිංහල බ්ලොග් වංශකතාවේ මුලින්ම රන් අකුරෙන් ලියවෙන නම් තමා ඔබේ නම්.

    ReplyDelete
    Replies
    1. මචන් මධ්‍යස්ථ, කල්‍යාණ මිත්‍ර කියන්නේ tip of the iceberg

      Rider.

      Delete
    2. මමා හැමදාම වගේ හොඳ සිහිකල්පනාවෙන් බව දන්නව. ඉදිරියටත් සහයෝගේ හම්බුනොත් ඇති. ස්තූතියි

      Delete
    3. @ Anonymous28 April 2015 at 20:07

      උඹ ඇනෝ නොවුනනම් උත්තරයක් දෙන්න වටින කොමෙන්ටුවක්

      Delete
    4. මචන්, කියන කෙනා නෙමේ, කියන අදහස අනුව answer කරපන්. දැක්ක නේද උබලගේ attitude ? පස්සේ කලෙක මෙහෙම වෙයි, උබ අපේ සංගමේ නැති නිසා මම උත්තර දෙන්න බැඳිලා න කියල.

      අනික සංගමේ එක rule එකක නේද //අන්වර්ථ නම අනිවාර්ය කොටත් සැබෑ නම, දුරකථන අංක ආදී අනෙකුත් තොරතුරු ඔප්ශනල් ලෙසත්// එහනම් කොල්ලෝ "අන්වර්ථ නම" කියනකොට එතන "ඇනෝ" කියන concept එක නේද?

      Rider

      Delete
    5. මරණ තර්ජන කරන්න එන්නේ නැති බ්ලොග් ලෝකෙන් අනිත් එවුන්ව එළවන්න හදන්නේ නැති ඕනේ ඇනෝ කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්.

      Delete
    6. Anonymous29 April 2015 at 03:25

      උඹේ කතාව මං පිළිගන්නව සහෝ.. ඇනෝ ලට උත්තර නොදී ඉන්න තීරණය කරේ මෙතන සධාරණ විවේචනයක් නොකර නිකම්ම වැඩේ අල කරන්න විතරක් දගලන උන් ඇවිත් චොර කරයි හිතලා.. නැතුව උඹේ සනුහරේ විස්තරේ දැන ගන්න ආසාවකට නොවෙයි.
      රයිට්..// කල්‍යාණ මිත්‍ර කියන්නේ tip of the iceberg// කියන එකට මම මෙහෙම කියන්නම්.. අපි මෙතන දහ දොලොස් දෙනෙක්ගේ අදහස් තමයි මං තනියෙම එළියට දැම්මේ.. ඉතුරු ඔක්කොම තවම හැංගිලා නැත්නම් යට.. එහෙම බැලුවම අනුපාතයත් එක්ක ගත්තත් උඹේ කතාව හරි..
      නමුත් උඹ අදහස් කරපු දේට මෙහෙම කියන්නම්. අපි එකෙක්වත් NGO කාරයෝවත් දේශපාලන ගැත්තෝවත් මේ වෙනුවෙන් පඩි ලබන එවුන්වත්, වැදගත්ම දේ මේ කිව්ව හැම දේටම අත් දෙකම උස්සල කැමැත්ත දීපු එවුන්වත් නෙවෙයි. අනික අපි අද මේ වැඩේට අත නොගැහුවත් කවද හරි කවුරු හරි මේක කරයි. කොරහේ කිඹුල්ලු හරි තේ කෝප්පේ කුණාටු දකින්න කලින් පොඩි ට්‍රයි එකක් දීල බලමු නේද?

      Delete
  20. මචෝ මමනම් මේකට එච්චර කැමති නෑ!

    සාමාජිකත්වය ගන්න සංසද කියන්නෙ බ්ලොගර් වගේ නිදහස් මාධ්‍යකට අවශ්‍ය දෙයක් කියල මම හිතන්නෙ නෑ. නමුත් නෙළුම් යාය වෙබ් එක සිනිඩියක් වෙනවනම් මම කැමතියි. එතකොට ඒ සින්ඩියට ලියාපදිංචිවෙලා පලවෙන බ්ලොග් වලට සම්මාණ දෙන්න පුළුවන්. නැතුව ලෝකෙම ඉඳන් ලියන සිංහල බ්ලොග් සිය ගානක ලිපි දහස් ගාණක් හොයල කියවන එක ප්‍රායෝගික වෙන එක නෑ.

    වැඩේට බොක්කෙන් සුභ පැතුම්..!

    උදව්වක් ඕනනම් ඉල්ලහන්, නමුත් සාමාජික පත්තර එවන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔය සාමාජික ගාස්තු දාහ කියන කෑල්ල අයින් උනොත් මං හිතන්නේ උඹ කියනෙක තමයි වෙන්නේ.. සින්ඩියට වැටෙන හා යොමු කරන ලිපි බලල සම්මාන දෙන එක. ලොකුම උදව්ව තමයි දිගටම ලියපං.. මොන සම්මානේ දෙන්නත් බ්ලොගා ල ලියන්න එපැයි..

      Delete
  21. ඇත්තන්ම වටිනා කියන වැඩක්.

    උඩින් තියෙන කමෙන්ට් ටිකත් කියෝලාම තමයි මගේ කමෙන්ට් එකත් දාන්නේ.

    බ්ලොග් ලියන්නන් අතරින් හොඳම ලියන්නන් ට සම්මාන දෙන එක බොහොම වැදගත් වටිනා කියන කාරණයක්.
    එත් ඒ වෙනුවෙන් සමූහයේ රෙජිස්ටර් වෙන්න සිද්ධ වෙන එක ට මගේ ඒ හැටි මනාපයක් නැත. එත් බහුතර කැමැත්ත එක නම් මගේ ද කැමැත්ත එයයි.

    මොනා වුනත් අර උඩින් රසික කියල තියෙනවා වගේ මේ සමූහයේ මුලිකම , ප්‍රමුකම පරමාර්ථය වෙන්න ඕනා බ්ලොග් අවකාශය තියෙන තැනින් තවත් මහා පොලවට කිට්ටු කරලා මිනිස්සු අතර ජනප්‍රිය කිරීමයි.

    තව එකක් තියෙනවා.
    ටිකින් ටික බ්ලොග් අවකාශය සමාජගතවෙන කොට අද නැති තහංචි, නීති රීති, අනම් මනම් සදාචාර අපේ නිදහසට වට බඳින්න බොහොම ඉඩක් තියෙනවා. එදාට ඒවගේ ප්‍රශ්න වලට මූණ දෙන්න ත් ලැස්ති වෙලාම ඔය වැඩේ පටන් ගන්න කියලත් මෙතන කියන්න කැමතියි.

    අනිවාර්යයෙන්ම මාත් ඕකට බැඳෙනවා.

    සුබම සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. සම්මාන දෙන්නට ලියා පදිංචි වීම අවශ්‍ය නැත.
      //මොනා වුනත් අර උඩින් රසික කියල තියෙනවා වගේ මේ සමූහයේ මුලිකම , ප්‍රමුකම පරමාර්ථය වෙන්න ඕනා බ්ලොග් අවකාශය තියෙන තැනින් තවත් මහා පොලවට කිට්ටු කරලා මිනිස්සු අතර ජනප්‍රිය කිරීමයි.// මේක තමා මුලිකම පරමාර්ථය.

      Delete
    2. විභී.. වෙල්කම්.. දිග උත්තර ලියන්න බෑ බං දැන් කොන්දත් රිදෙනවා.. දවසක හම්බෙලාම කතා කරමු. ජය වේවා!

      Delete
  22. කල්‍යාණ මිත්‍ර , බොහොම ස්තුතියි ලිව්වට. මිනිසුන්ට දැනුම ලබා දෙනවට වවිරුද්ධ කවුද ? ඒ අයට අපි විරුද්ධයි. මිනිසුන්ට දැනුම ලබා දීම හා දැනුම පහලම තලයන්ට ගෙන යාම තම කල යුත්තේ. එතකොට කාටවත් කවුරුවත් රවටන්න බැහැ. මේ බටහිට ලෝකයේ මාධ්‍ය ඉතාම දරුණු විධිහට මිනිසුන්ව රවටගෙන හිටියේ. ඔවුන්ට තව දුරටත් ඒක කරන්න බැරි වෙලා තිබෙනවා. සමාජ ජාල සහ බ්ලොග් කරුවන් නිසා.

    ReplyDelete
    Replies
    1. ජනවාරි තීණ්දුවෙං පස්සේ ලංකාවෙත් වෙබ් මාධ්‍ය මර්ධනය බොහෝම සුහද වෙසින් එමින් තියෙනවා.. අපි ඒක අඳුන ගන්න වෙනවා..

      Delete
    2. ///ජනවාරි තීණ්දුවෙං පස්සේ ලංකාවෙත් වෙබ් මාධ්‍ය මර්ධනය බොහෝම සුහද වෙසින් එමින් තියෙනවා///

      That is what i'm trying to convince to you guys.
      Rider

      Delete
    3. I don't think that will happen. If it happens we have to work with proxies as we have done previously. Nothing new there.

      Delete
    4. Bro, i am talking about not banning the blogs. it is not easy to ban a blogspot domain. I am talking about controlling the peoples towards to some personal goal instead of the banning. This is very dangerous since any one will not be able to realize or understand until they have get screwed.


      ////බොහෝම සුහද වෙසින් එමින් තියෙනවා////

      Rider

      Delete
    5. Anonymous29 April 2015 at 04:13

      We are already beware of that dear. It is not only to bloggers but for all web media. Best option is unity or being divided?

      Delete
    6. මට නම් ටොයියන්ගෙන් එහෙම එකක් ඇවිල්ල නම් නෑ.. ඒත් බයියෝ සෙට් එකක් නම් ඉන්නව මාව මරාගෙන කන්න ලෑස්ති උන...

      Delete
    7. බයියෝ කවද හරි ආයි ටොයියෝ උනොත් නම් අපිට නානසාරගේ අබ සරණයි.. හැක්

      Delete
  23. අර කිව්වත් වගේ සම්මාන සමාජිකයන්ට පමණයි කියන කතන්දරේ අහගන්නේ නැතුව කරන්න පුලුවන් නම් වටිනාකම ඉහළයි.අනික නෙළුම්යායේ අලගිය මුලගිය දේශපාලනය අතෑරලා හොඳ නිර්මාණවලට ඉඩ දෙනවා කියන අදහස ඒත්තු ගැන්වීමත් ඔබලාගේ වගකීමක් වෙනවා කියලා හිතනවා.මාත් දැක්කා සම්මාන උළෙලෙන් පස්සේ පක්ෂ විපක්ෂ නොයෙකුත් මතවාද පළවෙලා තියෙනවා.ඒවාට නිසි පිළිතුරු දිය හැකි හොඳම විදිය සමූහයක් ලෙස කටයුතු කිරීමෙන් සොයාගත හැකියි කියලයි මට හිතෙන්නේ. :)

    අනික සමාජිකත්වය සඳහා පෞද්ගලික විස්තර අත්‍යාවශ්‍ය නැහැ කියන තැනයි මාත් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. තනියා යන්නේ අපිත් එක්ක පැරරල්ව.. ඊලඟ අවුරුද්දේ ලේකම් කමට දැන්ම යෝජනා කරන්න ඕනි. :)

      Delete
    2. අනේ මචෝ පිස්සු නම් කරන්න එපා..මම මේ ඉන්න විදියට ඉඳන් දෙන හෙල්පක් දෙන්නම්.. :)

      Delete
    3. හලි හලි.. උඹ ඔය ඉන්න විදියට ඔහොමම ඉන්න ගමන් ඔය එහෙට මෙහෙට ලියුං කියුං ටිකක් යවපං.. ඒ ඇති. හැක්.

      Delete
  24. මමත් එනෝ මේකේ ලියාපදිංචි වෙන්න

    ReplyDelete
    Replies
    1. http://uncyclopedia.wikia.com/wiki/Backwards_Peace_Sign

      Delete
    2. යාළුවා.. සාදරයෙන් පිළිගන්නවා..

      @ Anonymous29 April 2015 at 03:38

      ha haa.. hope that යාළුවා.. is not showing me the backward peace sign. good capture mate.

      Delete
  25. Replies
    1. අවවාදය වගේම ආදර්ශය.. එළකිරි

      Delete
  26. මේක වැදගත් වැඩක්. මේකට මිතුරු වගේම සතුරු පාර්ශවත් ඉන්න පුළුවන්. තෝරාගන්න අමාරුම මිතුරු වෙසින් පෙනී සිටින සතුරන්ව. හැම කෙනාවම ආවරණය වෙන විදියට සම්මාන දුන්නොත් කවුරුත් විරුද්ද වෙන එකක් නෑ. මම පුංචි යෝජනාවක් කරන්නම
    මේකේ ප්‍රධාන අරමුණු සම්මුතියක් විදියට ලේඛනගත කරන්න ඕනේ. ඉන් පස්සේ වසරකට සැරයක් ඒ ලේඛනය කියවා බලා, පහුගිය අවුරුද්දේ ඒකෙන් පිටට පැන්නද කියලා හොයන්න ඕනේ. මුල් ලේඛනයට එකතු නොවුණු යම් වැදගත් කාරණා තියෙනවා නම් බහුතර එකඟතාවය ඇතුළුව එකතු කර ගන්න ඕනේ. මේ විදියට ට්‍රැක් එක පනින්නේ නැතිව යන්න ඕනේ. අද බොහෝ සංවිධාන වලට වෙලා තියෙන්නේ, තමන්ගේ මූලික අරමුණු මොනවද කියලා අමතක වීම. පුළුවන් තරම් අපක්ෂපාතී වෙන්න ඕනේ.
    මේක සාර්ථකව කර ගන්න ලැබේවා යයි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. //මේකේ ප්‍රධාන අරමුණු සම්මුතියක් විදියට ලේඛනගත ..වසරකට සැරයක් ඒ ලේඛනය කියවා බලා.. පිටට පැන්නද කියලා..ට්‍රැක් එක පනින්නේ නැතිව යන්න ඕනේ.// එක්සලන්ට්. විල් ඩූ ඉට්. රසිකත් මේ වගේ හොඳ යෝජනාවක් ගෙනත් තිබ්බා.
      ඇත්තටම මේ වගේ කොමෙන්ට් තමයි ඕනි.

      Delete
  27. Replies
    1. ඉතිරි ටික සම්පූර්ණ කළ නුඹට තුති

      Delete
    2. වැඩේ සම්පූර්ණ කරනෙක උඹලට බාරයි..

      Delete
  28. මුලින්ම සුභ පැතුම් " බ්ලොග් සංසඳයට " ...!

    බ්ලොග් කියන දේ පිළිබඳව අහම්බෙන් මෙන් දැනගත් මම දැන් එයට ඇබ්බැහි වෙලා කිව්වොත් තමා හරි. රූපවාහිනියෙන් ඈත්වෙලා ඉන්න මට බ්ලොග් කියන්නෙ දැනුම , සතුට පිරුණු අපූරු ලෝකයක්. ( සීතල යුද්ධ , නිර්දය විවේචන තිබුනත් ) ...

    මේ ආරම්භ කල කටයුත්ත සාර්ථකව ඉදිරියට ගෙනයන්න හැකිවෙන්න සුභ පතනවා ..!
    සාමුහික ප්‍රයත්නයක් විදිහට පවත්වාගෙන ආපු බ්ලොග් එක දැන් යාවත්කාලින නොකලත්, බ්ලොග් කියවන්නෙක් විදිහට බ්ලොග් සංසඳය සමඟ එකතුවෙන්න ඇති කැමැත්තත් මෙසේ සටහන් කරනවා.

    ReplyDelete
    Replies
    1. //බ්ලොග් එක දැන් යාවත්කාලින නොකලත්// ඒවානම් හරියන්නේ නෑ පුතා.. උඹල වගේ උන්ව නැවත ලියන්න පොළඹවන එකත් මේකේ එක මූලික අරමුණක්.. ලියන්නේ නැතුව සංසද ගහල වැඩක් නෑ.. ඉස්සෙල්ල ලියන්න පටං ගනින් පුළු පුළුවන් විදියට.. පාසෙ පුළුවන් සංසද අටවන්න..

      Delete
  29. LNW සහ මේ කාර්යය ගැන සැක කරන අයට කියන්න තියෙන්නෙ, මේ වගේ වැඩට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙමු කියල. සංසද පිහිටුවීමත් ඔය කියන 'නිදහස්' මාධ්‍ය ඇතුලෙ කරන්න පුළුවන් වැඩක්. ඒක එහෙම නොවෙනව නං -ඒ කියන්නෙ මේක වෙනත් පැත්තකට යනව නං- ඉවත් වීමටත් බාධාවක් නෑ නෙව. (වෙනත් න්‍යායපත්‍ර මේක අැතුලෙ තියනව නං ඉස්සෙල්ලම ඉවත් වෙන්නෙ මම).
    අනිත් කාරණාව ලංකා නිව්ස් වැනි අඩවි බ්ලොග් හා සම්බන්ධ වීම හොඳ දෙයක්. දෙගොල්ලටම පුළුවන් පාඨකයන් වැඩි කරගන්න.

    ReplyDelete
    Replies
    1. තේරෙන කියන උන් මේකත් එක්ක ඉන්න එක ලොකු හයියක්..

      Delete
  30. වෙනම කොන්ට්‍රිබියුසොං එකක් එකතුකරලා පොඩි මාකටිං පාරක් දුන්නනං පත්තරවල හෙම බ්ලොග් නොබලන අයත් බලන්න ගනී නේද?
    සංසදය දිගුකල් දිනේවා!

    ReplyDelete
    Replies
    1. ඊට නරකද //වෙනම කොන්ට්‍රිබියුසොං එකක් එකතුකරලා// හවසක පොඩියට සෙට් වෙලා මේක ගැන තව කතා කරොත් හෙම..

      Delete
    2. කමියාගේ යෝඡනාවට අත් දෙකම ඉස්සුවා

      Delete
    3. මදාවියා ගේ ළමයින්ගේ විභාග කියල කර අරියිද දන්නෑ.. හැක්.

      Delete
    4. ඇයි බං, මූ දෙකක් දාගන ගෙදර ගියහම ළමයි වෙනුවට මූ ඉස්කෝලේ යනවද පහුවදාට?

      Delete
    5. ළමයි පාඩම් කරගෙන ගිහින් විභාගෙට තාත්තගෙ කවි ලියලි කියල.. හැක්..

      Delete
  31. හොඳ ප්‍රයත්නයක්...සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. වෙනි අයියගේ ආශිර්වාදය රටක් වටිනවා..

      Delete
  32. අප්පොච්චිගෙ පප්පේ.................................පෝස්ට් එකත් කියවලා කමෙන්ට් ටිකත්, ටික නෙවෙයි ගොඩ, කියවලා ඉවරවුනාම දැනුනේ හීනෙන් ඇඳෙන් පල්ලට වැටුනා වගේ.

    එකට එකතුවෙලා විවේචන කැපිලි කෙටිලි නැතුව යමක් කරගෙන යන්න බැරි අපගේ අති උත්තම ජාතික ලක්ෂණයත් සමහරු පෙන්නලා තියනවා.

    තවලම හඳපානේ ඉදිරියට අරං යමු. බල්ලෝ බිරුවාට කම් නැත.

    ReplyDelete
    Replies
    1. රෑට හීනෙන් ඇඳෙන් පල්ලට සිමෙන්ති පොලොවට (අපේ ගෙදර පොළොවනම් ටයිල් ඈ..අපි හෙන පොස්..) වැටුනාම මාර කූල් එකක් දැනෙනවා නේද එක පාරටම.. හැක්..

      විචාරක තුමාගේ සහයෝගය ලැබුණා කියන්නේ ඉතින් යුද්දේ දිනුවා වගේ තමයි.. ජය ශ්‍රී!

      Delete
    2. විචාරක,
      ඔහේ army එකේනේ හිටියේ,ලොක්කා කිඋවොත් ඉතින් එක හරිනේ තමන්ගේ මතේ කියන්න ගිහින් ඇර ගන්නේ මොකටද නේද?
      කවුරු හරි කියපු ගමන් අනේ සාධු කියල පිලිගන්නවට වඩා, විමසල බලල තමන්ගේ මතේ කියල, තමන් වැරදි පිළිගෙන එහෙම නැත්නම් තර්ක කරලා පොදු මතයකට එන ඒකද හොඳ?

      Rider

      Delete
    3. විචාරක තමයි මෙතන ලොක්කා.. හැක්.

      Delete
    4. @ Anonymous29 April 2015 at 09:48

      ඔහොම චූ බරට නැගලා තිබුනට ගෑනු හම්බ වෙන්නේ නැහැ. ගිහින් චූ කරලා ඇවිත් බුදියගනින් කොල්ලෝ. උඹලා තවම ඇට්ටිම්බෙන් ඉන්න එවුන් නේ. මෙව්වට හොට දාන්න එපා.

      Delete
    5. ////විචාරක තමයි මෙතන ලොක්කා.. හැක්////
      කල්‍යාණ දීපු රෙද්ද uncle කපල මහල ඇද ගත්තා නේද ? :-)
      ලබ්බ බැහැල මීයා වැලි කාවටත් ගෑනු හම්බුවෙන්නේ නෑ, uncle.
      ඔයා ලාග්ගෙක් ගහගනේ නිදාගන්න.
      bye

      Rider

      Delete
    6. මේ මාව එහෙම ඕවට ගාවගන්න එපා රයිඩර් ඇනෝ (ඇණේ) හැක්.. මට බෑ විචාරකගේ ඔෆිස් එක ඉස්සරහා හෙඩ් ස්ටෑන්ඩ් ගහගෙන ඉන්න.. :(

      Delete
    7. @ Anonymous29 April 2015 at 14:20

      අනේ පව් කොල්ලෝ හිතේ අමාරුව යන්නත් එක්ක දකුණු අතේ පිහිටෙන් මොකවත් කරගෙන බුදියගනින්

      Delete
    8. Sorry old man, I am left handed!!!!!!

      If use of right hand, compulsory, If you don't mind could I use your right hand???

      Delete
  33. ආණ්ඩුවේ නොවන තැනක ස්වාධින විදිහට පවත්වනවනම් ඇතත්ටම හොඳ

    ReplyDelete
    Replies
    1. ගිය පාර වෙච්චි අඩු පාඩු හදා ගමු. ඔයාගේ උදවු දිගටම ඕනේ.

      හිමාශී සාදරයෙන් පිළිගන්නව කලාහිතට.

      Delete
  34. දිගම දිග පෝස්ට් එකයි කමෙන්ට් මාගලයි අමාරුවෙන් කියෙව්වා කියමුකෝ. මාත් මක්කා හරි ලියන්නං. මේ ටිකේ බුසී වෙලා ටිකක් විතර. බුසියෙන් මිදී ඉක්මනින් ආපසු එමි.

    විරිදුවක්වත් ලියල දාන්නන් නෙලුං තොරණෙ විස්තරේ කියල.

    ReplyDelete
    Replies
    1. ආං එහෙමයි වෙන්නෝනේ.. කාරක සභාවේ කාන්තා නියෝජනයත් ඉන්න එපැයි ගින්දර වගේ..

      Delete
  35. @සුදීක - හොඳ අදහස මචන්. @විචාරක, @දේශකය හා @රාජ් - මේක වැරදියට යනවනම් ඔයාල වගේ අය එතැනදී ඒක හදයි කියල මගේ බලාපොරොත්තුවක් තිබෙනවා.
    @රයිඩර් - විවේචන එන එක හොඳයි. මේක වඩා කොමන් ප්ලට්ෆොර්ම් එකක් කරන්න තමා හදන්නේ. උදාහරණයක් වශයෙන් මේ ඉන්න අපි හත් අට දෙනාගේ වත් දේශපාලන අදහස් එකඟ නැහැ. නමුත් සංසදයකට එකතු වෙන්න ඒක ප්‍රශ්නයක් නෙමේ. මේක හදන්න පළමුව (ඒ අය මෙතන ඉන්නවා නම් කියයි) බුන්දියට ලියන හිතවත් සහෝදරයෙකුට හා මා දන්නා වමේ පක්ෂයක සහෝදරයෙකුටත් කතා කල. ඔවුන් ආවේ නැහැ. ඊළඟට තව බ්ලොග් ලියන අපේ සහෝදරයෙකුත් ඔබ ඔය කියන ප්‍රශ්නම දැම්මා . නමුත් වැඩේ කර ගෙන යන ආකාරය දැක්කට පස්සේ ඔහු පැහැදුනා. ඔබටත් කියන්නේ වැඩේ වෙන දිහා බලන්න ඉස්සෙල්ල සැක සංකා තිබෙනවානම්.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ.. උණුකරල නිවල පෙරල ගත්ත පිරිසිදු වතුර වගේ පැහැදිලිවම.. මේවත් බොන්න බැරිනම් ඉතින්

      Delete
  36. දාන්නෙම නෑ කමෙන්ට් අයි යකෝ, ඊයේ දාපු පොස්ට් එකට අද එනකොට ත්‍රීවීල් එකක් අරන් එන්න ඕන කමෙන්ට් බොක්ස් එක හොයාගන්න , උඹව මුනගැහිලම දෙකක් කියන්න ඕන ලොකුපුතාටත් උන ගැනෙන්න ඕ... යේස්

    ReplyDelete
    Replies
    1. කරුමේ ඩබල් පින සිංගල් කියල ගහපු ත්‍රීවීල් එකක්නම් මේ පැත්තේ කැරකුණා කිව්ව දැක්ක උන්..

      Delete
  37. මුදලට සමාජිකත්වය කෙසේ වෙතත් හොඳ වැඩක් කෙරෙනවනම් ඒකට මගේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. නිකම්ම කරාම අපේ උන්ට වටිනාකමක් නැති නිසා ගන්න සාමාජික ගාස්තුවක් රාජ් ඕක.. නැත්නම් ජීවිතේටම රුපියල් 1000/- කියන්නේ මුදල් ගැන හිතල දාපු කොන්දේසියක් නෙවෙයි. නැත්නම් අවුරුද්දට රුපියල් 100/- ඒ කියන්නේ මාසෙට රුපියල් 8.33 යි. හිතා ගන්න පුලුවන්නේ.

      Delete
  38. සෑහෙන සංකීර්ණ ක්‍රියාවලියක්. අනේ මංද මොනව කියන්නද කියලා.

    ReplyDelete
    Replies
    1. සැහැල්ලුවෙන් සරලව හිතමු. සිහියෙන් වැඩ කරමු.

      Delete
  39. තෝරු මෝරු ප්‍රශ්න විසඳනකොට හාල්මැස්සෝ බලන් ඉන්න එක තමා හොඳ. මාත් බෙල්ල පොඩ්ඩක් දාලා කෙටියෙන් සරලව කියලා ඔළුව බේරගන්න බලන්නෙ මේ හොඳේ
    1. කිසිම දේශපාලන පක්ෂයකට ආවඩන්න හරි කඩේ යන්න හරි නොවන එකමුතුවක් නම් අගෙයි
    2. අපි හැමෝම වගේ සීමා මායිම් කඩාගෙන අලුත් ලෝකයක් හොයන අය ( වෙනස් වෙන ලෝකයත් එක්ක අත් වැල් අල්ලං)
    3.මෙය හුදෙක් බ්ලොග් ලියන්නන්ගේ උන්නතිය පිණිස පමණක්ම වේවා.
    4. = නැතිනම් පාට පක්ශ උලාගෙන අපි බෙදෙයි

    ReplyDelete
    Replies
    1. අලි හොඬවැල අස්සට රිංගපු කටුස්සියත් ඔහොමලු හිතුවේ...

      ඔයාගේ ප්‍රාර්ථනාවන් ඔක්කොම ඒ විදියටම ඉටු වෙන්නෝනේ. ස්තූතියි

      Delete
    2. ගානෙන් ගානෙන් කටුස්සි කිව්වෙ මටඩ මන්දා.

      Delete
    3. වෙලාවට අලි හොඬේ ඇතුලේ කබරියක් රිංගුවේ නැත්තේ.. :p

      Delete
  40. බොහොම හොද උත්සාහයක්..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සහයෝගය ලැබෙනව කියනෙක.. ස්තූතියි.

      Delete
  41. ජය වේවා...! ඕං මං බල බලා උන්නු දෙයක්. නියම වැඩක්... සම්මාන උළෙල ඉඳන්, අර බක් මහ උළෙල ගැනත් මම පට්ට හැපි එකේ උන්නේ... අපේ සමහර උන් හිතා ඉන්නෙ බ්ලොග් තියෙන්නෙ ඇඩ් දාන්න කියලා. මගෙන් අහං එනවා සමහර පොඩි එව්න් බ්ලොගියක් හදන්නෙ කොහොමද කියලා.... මම ඉතින් මුෂ්ටි තියාගන්නෙ නැතුවම කියල දෙනවා.. අන්තිමට අහන එකට තමයි බෙල්ල මිරිකන්න හිතෙන්නෙ. 'ගූගල් ඇඩ් දාන්නෙ කොහොමද අයියෙ..' ඔහොම ඇහුවම මම **** කියලා යකෝ ඇඩ් දාන්න ඉස්සෙල්ලා පෝස්ට් ටිකක් දාපන්. එන එව්න් බලන්නෙ ඇඩ් නෙවෙයි කියලා කියනවා.
    කොහොම උනත් මේ වගේ දෙයක් පටන් ගත්තු ඔය කස්ටියට පිං! මමත් ඕන සප් එකක් දෙනව ඕං බොක්කෙම්ම.... ඔය බුකියේ කාලෙ කන අපේ එව්න්ට බ්ලොග් වල තියෙන අගේ තේරුම් කරල දෙන්න පුලුවන් නම් නියමයි.. මොකද අද කාලේ පොතක් ලියල පල කරනවට වඩා සිය දහසක් ලාබෙට බ්ලොග් එකක් අටෝ ගන්න පුලුවන් . අනික ඒකෙන් මිනිස්සු අතරට යන්නත් ලේසියි. මේ බ්ලොග් කලාව නිසා ගොඩක් නිර්මාණශීලි අය මතු වුණා.
    මේකත් කියන්නම ඕනි. සමහරු පටන් ගන්න කොටම මහා ඉහලින් බ්ලොග් එක පටන් අරං ටික කාලෙකින් අතාරිනවා (බිසී හින්දා වෙන්නත් පුලුවන්) . ඒ හින්දා බ්ලොග් ලියන්න උනන්දුව ඇති කරන්න වැඩක් සෙට් කරන්න ඕනි. දැං ඉතිං ඔය ටී.වී සයිස් ෆෝන් තියෙන කොට ඕකත් මහලොකු දෙයක් යැ...
    අන්තිමට මේ වැඩේ මොන් කේස් ආවත් නවතින්නෙ නැතුව සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙලා අපේ බ්ලොග් සංසදය හොඳ තැනකට පත්වෙවා කියල මම එක හිතින් සුභ පතනවා. ඔබලාට ජය..!

    ReplyDelete
    Replies
    1. ටෙක් සයුරේ රොහාන් නේද මේ? ස්තූතියි. එකතුවෙලා ඉදිරියට යමු. ජය ශ්‍රී!

      Delete
  42. දැනෙන විදිහට බ්ලොග් ලියන එවුන් ඒවා ලියන්නේ සම්මාන බලාගන නෙමෙයි.කවුරු හරි ඇවිත් ඒ දාන පෝස්ට් කියවලා යයි කියන එක තමයි බලාපොරොත්තුව.බැනලහරි කමෙන්ට් එකක් වැටෙනවනම් ඊටවඩා සම්මානයක් උන්ට ඕනේ නෑ.නෙළුම්යාය කියන්නේ බ්ලොග්කාරයන්ට බෝනස් එකක්.ඕකට ලෝකේ නැති තර්ක මතුකරමින් කිඹුල්ළු දකින අයියලට කියන්නේ ඕක ගැන ඔච්චර හිතන්න යන්න එපා කියලයි.කැමති අය සාමාජිකත්වය ගනියි.අකමැතිඅය නිකන් ඉදියි.දෙගොල්ලන්ගේ කාට වුනත් හොඳ පෝස්ට් වලට සම්මාන ලැබෙයි.ඒක දිහා බලන් ඉදලා උත්තේජනය වෙන බ්ලොග්කාරයෝ හොඳ නිර්මාණ කරන්න පෙළඹෙයි.නොලියන එවුන් බ්ලොගක් අටවගන නිර්මාණ කරන්න පෙළඹෙයි.තවත් පරම්පරාවක් බ්ලොග් ලෝකෙට එකතුවෙයි.එච්චරයි.තව මොන ලබ්බක්ද මෙතන තියෙන්නේ?

    නෙළුම්යායේ සංවිධායකවරු කරන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්.තමන්ගේ කාලය,මුදල්,ශ්‍රමය වැයකරලා මේවගේ දෙයක් කරන්නේ LNW එකේ දේශපාලන ස්ථාවරය බ්ලොග්කාරයන්ට කාවද්දන්න හදනවා කියලා හිතන එක මහා විහිළුවක්.ඒ දේ කරන්න මීටවඩා කොච්චර ලේසි විධි තියනවද?ඔවුන් එහෙම කරනවමයි කියල හිතමුකෝ.ඒක තෙරුම්ගන්න බැරි තරමටම බ්ලොග්කාරයෝ බබ්බුද?එහෙම කරනවනම් මෙතනින් අයින්වෙලා පුරුදු විදිහටම තමන්ගේ නිර්මාණකරනයේ යෙදෙන්න තියන බාධාව මොකද්ද?

    අයින්කරමු කොරහේ කිඹුල්ලු.බහිමු මුහුදට.තවත් අයව මේකට ඇදල ගමු.නිර්මානකරණයේ යෙදෙන්නන්ව දිරි ගන්වමු.බ්ලොග්,ඉන්ටර්නෙට් තියා කියවන්න පොතක්වත් නැති පරම්පරාවක් මේ රටේ තාමත් ඉන්නවා.මේ සංසදය තුලින් ඇතිකරගන්න මිත්‍රත්වය,සහෝදරත්වය තුලින් ඒ පොඩීවුන්ගේ ඇස් පාදන්න කරන්න පුළුවන් දෙයක් කරමු.පොර මානසිකත්වයෙන් මිදිලා මිනිස්සු විදිහට සහෝදරත්වයෙන් ජීවත්වෙමු.

    ReplyDelete
    Replies
    1. ++++++++++++ලියපන් කවියක් මේ ගැන..

      //නෙළුම්යායේ සංවිධායකවරු කරන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්.තමන්ගේ කාලය,මුදල්,ශ්‍රමය වැයකරලා// අනිත්ව පැත්තකින් තියපන් ඊයේ ඉඳල මගේ උරපතු දෙක කකියනවා මේකට කොමෙන්ට් කොටලම..

      Delete
    2. කටුස්සා ස්තුතියි. මේ වගේ කොමෙන්ටුවක් එනවා වගේ දැනුන පුංචි කටුස්සගෙන්.

      Delete
    3. //////අනිත්ව පැත්තකින් තියපන් ඊයේ ඉඳල මගේ උරපතු දෙක කකියනවා මේකට කොමෙන්ට් කොටලම../////

      Me too ;-)

      Rider

      Delete
  43. සයිබර් සාක්ෂරතාවය තව තවත් අලුත් පරම්පරාව වෙත ගිනියන්න ක්‍රමවේද හොයන්න ඕනේ. කුණු හොයනවට වඩා මේක ඇතුලෙ කියවීම පුරුද්දක් කරවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. දැන් උඹව වදෙන් පොරෙන් මෙතනට ගෙනාපු එකම මදිද නේ.. බුකියෙ වනවාසී වෙන්න නොදී..

      Delete
    2. //කියවීම පුරුද්දක් කරවන්න ඕනේ.// අපි ගොඩක් සෙට් වෙලා ඉන්නේ කියවන්න කැමති නිසා කියල.

      Delete