Thursday 4 June 2015

A Seven Billion's Dream

මල්ලි මෙහෙ වරෙන්.. උඹෙ ඉන්නව කිව්ව නේද කවුද යාලුවෙක් ඔය දුම් පරීස්සා වැඩේ කරන?

අහ්! මහත්තයා.. ඔව් මේ.. යාලුවෙක්මත් නෙවෙයි ඒත් උදව්වක් ගන්න පුළුවන්.. මොකක්ද කේස් එක?

නෑ බං හෙටින් කාර් එකේ ආදායම් බලපත්තරේ ඉවරයි.. ඊයේ ඉරිද දැම්ම දුං සහතිකේ ගන්න.. මේ පරය ෆේල් කරානේ කළු දුම වැඩියි කියලා.. හදාගෙන එන්නලු. තව එක පාරක් පුළුවන් ඔය ගෙවපු එකෙන්ම ගොඩ දාගන්න. ඒකත් ෆේල් උනොත් ආයි මුල ඉඳන් සල්ලි බඳින්න එපැයි. බලපං පොඩ්ඩක් ඌට කතා කරල ගොඩ දාගන්න ඔය රුපියල් පන් හය සීයක් දීල.. මුන්ගෙ අම්මලාට මුනුත් අපිටම තමයි කෙලින්න බලාගෙන ඉන්නේ..

වැඩේ නං මොනව හරි කරගන්න පුළුවන් වෙයි මහත්තයා.. ඒත් කාර් එක? ඒක හදා ගන්නෙ නැද්ද?

ආ.. ඒක ලබන මාසෙවත් බලමු. මේ මාසේ වියදං පට්ට අවුල්. දැං සෑහෙන්න කාලෙක ඉඳලා ඔය ඔයිල් ගහන සීන් එකයි දුම දාන සීන් එකයි තියෙනවා.. අතේ කීයක් හරි තියෙනකොට වෙලාවක් නෑ.. වෙලාවක් හම්බෙනකොට එම්ටි පොකට්. 

මොනා කතා කරනවද සර්.. මහත්තුරුත් ඔහොම කියනවනම් අපි ගැන කවර කතාද.. 

හරි හරි..උඹ එහෙනං ඌට කතා කරල ඩ්‍රයිවර් කෙනෙක් එක්ක අරං පලයං කාර් එක. මෙන්න ඊයේ දීපු ඩොකියුමන්ට් ටිකයි රුපියල් දාහකුයි තියෙනවා.. පන්සීයකින් ගොඩ දාගන්න බලපං.. නැත්තං මට කොහොමත් පාඩුයි..හෙහ්..


******************************

ආ.. ඔව්. ඇයි උඹ මිස්කෝල් එකක් ගැහුවේ? වැඩේ හරිද?

හරි තමයි.. පට්ට කේස් මහත්තයා.. ස්ටාර්ට් එකේ පොඩ්ඩක් තියාගෙන ඉඳල ජියර් එකට දාල රේස් කරන කොට දුම දානව ඕසෙට.. හැමෝම බැලුව කාර් එක දිහා.. ඒ මදිවට පෝලිමේ ඉඳල ඉස්සරහට ගන්නකොට නවත්තගෙන හිටපු තැන තඩි ඔයිල් පැල්ලමක්. මං දඩ බඩ ගාල පයින් පස් ටිකක් දාල වහල දැම්මා..

හරි හරි. දැන් මොකෝ අරූ කියන්නේ.. පාස් කරන්න බෑ කියනවද.. යකෝ ඌට කියපන් ලෙඩක් තියෙන නිසා තමයි ඌට පගාවක් දෙන්නේ කියල.. හුහ්.. 

නෑ ඒක හරි.. පන්සීය දුන්නට බෑම කියුව.. ඒපාර මං තව දෙසිය පනහක් අතේ තිබ්බම නහයන් අඬ අඬ ඕකේ කරල දුන්න.. හැබැයි ඉක්කණට හදා ගන්නලු.

අනේ උගෙ අම්මගෙ රෙද්ද.. සහතිකේ දුන්නනං ඔන්න ඕක අරං වරෙන්.. උගෙ බණෙන් මට වැඩක් නෑ.

හරි මහත්තය.. මහත්තය.. මේ මේ.. ඩ්‍රයිවර් අයියට තේ ටිකක් අරන් දීලම එන්නං නේ..

ඇයි ඌට දිය තත්තෙද ඔය ටිකට.. ඉතුරු දෙසීය පනහෙන් බොන්න බැරිනං නාල හරි කමක් නෑ විජහට වරෙන් මට දොලහමාරට පොඩි එකී ගන්න යන්නෝනි..  

*******************************

මුදලාලි අංකල් දෙන්නකෝ අපිට රෝල්ස් දෙහෙකුයි. කිරි පැකට් දෙහෙකුයි. ගෝල්ලීප් දෙහෙකුත් දෙන්න කීයද ගාන?

කන්න නං නැතත් කමක් නෑ මල්ලි ගනිංකො ඔය සිකරට් එක.. මුදලාලි නැද්ද මේ කිරි පැකට් මෙයිට වැඩිය කූල් එව්වා? මාර දැවිලක්නේ තියෙන්නේ මේ දවස් වල..  

ඩ්‍රැයිවර් අයිය බලපංකෝ අර බඩදරු ගෑනිගේ මූණේ හැටි විතරක්.. හරියට මීට කලින් කවදාවත් සිගරට් දුමක් වැදිල නෑ වගේ.. වේසි ඔරවන්නෙ නිකං ඒකිගෙ සල්ලි වලින් අපි සිගරට් එකක් ගහනවා වගේ.. 

හා හා මහත්තය ඔය හිස් කිරි පැකට් නිකං පාරට විසික්කන්න එපා.. කොල්ලො ඔය පැකට් ටික අහුලල දාහං කුණු බක්කියට.. සැන්ටිපෝට් කාරයා ආවොත් විනාසයි.

ක්‍රෑහ්.. තුහ්.. බලපංකෝ නාකියාගේ කටේ සැර.. අරං දාගන්න කියහං දැන් කෙළ බෙට්ටත් උගේ ලබ්බට.. හා හා ඔය කොටේ විසි කරල දැන් යමං අර යකා ආයි කෝල් කරන්න කලින්..


********************************

මහත්තයා.. මහත්තයා හම්බෙන්න විසිටර්ල දෙන්නෙක්.. 

කවුද.. එවනව බලන්න..

මහත්තයාහ්..

අහ්! උඹලද? මොකෝ කාලෙකින් අපිව මතක් වෙලා.. කොහෙද දැන් තාම පරණ තැනමද? ඉඳල හිටල කෝල් එකක්වත් දීල උන්නද මලාද බලන්න නරකයි නේද? හැක්..

ඒක තමයි සර් ආවෙත්.. ප්‍රොජෙක්ට් එක නතර කරානේ.. පරිසර වාර්තාවේ ප්‍රශ්ණයක්ලු.. අපි අනාත වෙලා ඉන්නේ..

ඇහ්.. ඒකත් එහෙමද? ඔය බොරු බං රෙද්දෙ පරිසර වාර්තා.. මොකෝ අපි පරිසරේ කනවැයි.. අරුන්ට ගිය කොමිස් ටික මුන්ට එන විදියට හදා ගන්නකං ඔය මොනව හරි ඇදල ගන්නවා.. කෝ දැන් ගෝලයෝ ඔක්කොම ඉන්නවද ටීම් එකේ? 

ඔව් මහත්තය දහයක් දොලහක් ඉන්නව තාම..

හරි මොනවහරි කොන්තරාත් එකක් බලමු. හෙට වරෙල්ල කට්ටිය අරගෙන.. හැබැයි දහයෙන් පස්සේ. උදේට මං පොඩ්ඩක් පරක්කු වෙනවා.. අර විල්පත්තුව එළි කරන තම්බින්ට විරුද්ධව යාළුවෝ සෙට් එකක් ප්‍රොටෙස්ට් එකක් තියෙනවනේ කොටුවේ ඉස්ටේසම ඉස්සරහා.. ඒකට පොඩ්ඩක් ඔලුව දාල එන්නෝනෙ.. ඒවත් කෙරෙන්න එපැයි.. හැක්.

*********************************


ඒයි.. දුවව ගත්තද?

ඔව්. හරි හරි.. මං මේ ට්‍රැෆික් එකේ ඉන්නේ.. මේ මඟුල හැමදාමනම් කරන්න බෑ. වෑන් කාරයට කියනව මීට පස්සේ ඌට එන්න වෙන්නේ නැති දවසට වෙන වාහනයක් හරි එවන්න කියලා..

ඉතින් එක ඔයා කියන්නකෝ මට කියන්නේ.. හිහ්..

හැම වාහනේම ඉන්නේ තනි මිනිහයි නැත්නං එක මිනිහයි තව පොඩි එහෙකුයි විතරයි.. මට මේ පේන මානේ තියෙන වාහන ඔක්කෝගෙම ඉන්න උන් ටික දාතහැකි බස් දෙහෙකට.. මේ වාහන සිය ගාන වෙනුවට එහෙම බස් දෙකක් දිව්වනං ට්‍රැපික් එකකුත් නෑ.. මෙච්චර තෙල් ගොඩක් ඉඩක් මිනිසුන්ගේ වෙලාවල් වැය වෙන්නෙත් නෑ. 

මේ ඕවා ඔයා කියන්න රටේ ලොක්කන්ට මට කියල මොකෝ මං බස් දාන්නයැ? දැන් ඔය ළමය පරිස්සමින් අරං එන්න. මතක ඇතුව හොඳ පළතුරු ටිකකුයි පුතාට ලැක්ටො කැලමයින් එකකුයි ගේන්න. කොල්ලගේ ඇඟ පුරාම බිබිලි බිබිලි දාල.. මොනව වෙලාද මංදා අඩු වෙන්නෙම නෑනේ.

හොඳ පළතුරු.. හුහ්.. එහෙනම් ඉන්නව මෙහෙමම මං ගමේ ගිහින් ටිකක් හොයාගෙන එන්නං.. මෙහෙ තියෙන්නේ චීනෙන් ගේන ගූ ගහල හදන ඇපල් බරුයි, කාබයිට් සැරට කහපාට වෙච්චි අඹ පැපොල් කෙහෙල් ගැටයි විතරයි.. නොද්දකින් මේ වේස හැත්ත.. ළමයෙකුට දෙන පළතුරකටවත් වහ නොදා විකුණන්න බෑනේ.

හරි හරි ඔතන ඉඳං පුපුරලා වාහනේ හප ගන්නේ නැතුව ගෙදර එනවා.. නැත්තං තව ජංජාලයක්..

***********************************

ආ.. මහත්තය.. මේ මම..

ඔ..ඔව්. තමුසෙල කට්ටිය ගෙනාවද? මං මේ පොඩ්ඩක් එළියේ ඉන්නේ.

ඔව් සර් අපි දොලොස් දෙනෙක් ආවා නවය වෙනකොට.. මහත්තය එනකං හිටිය කෑමෙනුත් පස්සේ මේ ආවේ නැති නිසා පොඩ්ඩක් බැලුවේ.. 

ඒකනේ බලනවකෝ අයිසේ.. මට ඉස්ටේසම ගාව ඉඳල හදිසියේ ජෙනරල් හොස්පිටල් එක ගාවට දුවගෙන එන්න උනානේ.. දුවට අසනීප වෙලා කියල පන්තියේ ටීචර් කෝල් එකක් දීලා..

ඇයි සර්, මොකක්ද අප්සෙට් එක..

නෑ මේ හුස්ම ගන්න අමාරු වෙලා.. මෙයාට කොහොමත් වීස් එක වගේ තියෙනවා පොඩි කාලේ ඉඳල.. අද අර මාසෙකට දවස් දෙකක් පාරෙ ඩියුටි දානවනේ ට්‍රැපික් වැඩ වලට.. දන්නවනම් මං අද යන්න දෙන්නෙත් නෑ..

ඉතින් දැන් මොකද මහත්තයා වෙලා තියෙන්නේ? අපි එන්නද ඉස්පිරිතාලේ ලඟට?

නෑ නෑ.. ඕනෙ නෑ.. තමුසෙලාට තියා මටවත් ඇතුලට යන්න දෙන්නේ නෑ ICU එකේ.. ඔක්සිජන් අල්ලනවා.. පාරේ වාහනවල කාබන් මොනොක්සයිඩ් දුමට මෙයාට විස වෙලා.. හදවතට ලේ ගමන් කරන එක අඩු වෙලාලු.  මේ ඉස්කෝල වල උන්ටත් පිස්සුනේ.. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් අයියෝ.. මගෙ කෙල්ල..


***********************************

ඔහ්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. හෙට ජූනි පහ ලෝක පරිසර දිනේලු. ඔය හෙටට විතර පොඩ්ඩක් කොලපාට ෆොටෝ එකක් ස්ටේටස් අප්ඩේට් එකක් එහෙම බුකියට දාල පරිසරේට දැනෙන්න ආදරේ කරන්න අමතක කරන්න එපා.. නැත්තං නිකන් අපි ගොඩේ වගේ වෙනවනේ.. ඊට පස්සේ ආයි තව තුන්සිය හැට හතර දවසක්ම තියෙනවා කැමති හැටියට පිස්සු කෙළින්න. හෙට දවස ගැන උදේ පාන්දර මං මතක් කරද්දී ඉතුරු තුන්සිය හැට හතර දවස මතක් කර දුන් 'ලොකු පුතා' වෙනුවෙන් මේ පෝස්ට් එක.. ජය ශ්‍රී!


100 comments:

  1. ලංකාවෙ තියෙන ප්‍රමිතියක් නැති ඉන්ධන පාවිච්චි කරනකොට කොහොමත් වාහන වල ඇන්ජිම ඉතුරු වෙන්නෙ නෑ. ඒ වගෙව කොච්චර දුං සහතික පාස් උනත් පරිසරයට එකතු වෙන විස නැතිවෙන්නෙත් නෑ.
    මේ රටේ මිනිස්සු පරිසරයෙ වටිනාකම තේරුං ගන්නකොට බොහොම පරක්කු වැඩි වෙලා තියෙයි.

    ReplyDelete
    Replies
    1. අස්සයා පැනල ගියාටවත් ඉස්තාලය වහන්න මතක් වෙන ජාතියක් නෙවෙයි අපි.

      Delete
  2. අයිසෙ මේකනම් දිග වැඩියි,
    කියවන්න කම්මැලියි

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්න, කම්මැලි කම දෙපිටින් යනවා

      Delete
    2. ඒකනේ අයිසේ. මං ලියුවෙත් පට්ට කම්මැලි කමෙන්. බුකියේ ගෑල්ලමයි දෙන්නෙක් එක්ක චැටක් දාන්න තිබ්බ වෙලාව.. සැක්.

      Delete
    3. රන්දි දෙපිටින් යනවා කියන්නේ මයෙ හිතේ ඩබල් වෙනවා කියනෙක වෙන්ටෑ. ටැන්කූ මං වෙනුවෙන් බැට් කරාට..

      Delete
    4. අයිසේට කියන්න අයිසේ නෑ අයිසේම හිතාගන්නවා අයිසේ.

      Delete
    5. මේවා කාටවත් කියල වැඩක් නෑ තමුන්ටම දැනෙන්න ඕනි අයිසේ.. අප්පට සිලි අයිසේ ඇනෝට වෙල්කම් කියන්නත් බැරි උනා කලාහිතට..

      Delete
  3. පපුවට වැදෙන බීට් එකක් අහගෙන පපුව පුම්බන් පැරඩ් එකක ගියා වගේ දැනුනා..

    ReplyDelete
    Replies
    1. අමතක උනා. ලොකු පුතාටත් තැන්කුි

      Delete
    2. ඔව් ලොක්කට තමයි 'මෙනි තෑන්ක්ස්' උදේ පාන්දර මගේ ඔළුව අංශක 180කින් ආපස්සට කැරකෙව්වට... :)

      Delete
    3. මම කලේ ඔය මගුලේ දින වලට බැනපු එකනේ බං... මට ඒක මතක් කරලා අහ ගත්තු එකටයි, මේ පෝස්ට් එකටයි දෙකටම කමි ටම තමයි තෑන්ක්ස් කරන්න ඕනේ...

      Delete
    4. උඹත් එවෙලේ 'ආ ඔව්වොව් හෙට තමයි දිනේ' කියුවනම් මෙහෙම පෝස්ට් එකක් නෑ ලොක්කෝ..

      Delete
  4. හොඳ ඒකාංගික නාට්‍යයක් බැලුවා වගෙයි. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හැක්.. දාමුද පොඩි ඇඩ් එකක් මැදට ටෙලියේ 'වස විස නැති- රන්දිල් මිනරල් වෝටර්.. බය නැතුව බොන්න' වගේ කියල.. ටැං ටිං ටොං..

      Delete
    2. ඒකාංගික කියන්නේ එක ජවනිකාවේ නේද? මෙතන ජවනිකා තුන හතරක් තියෙනවානේ.

      Delete
    3. ඕකේ තේරුම නම් හරියට දන්නේ නෑ. හැබැයි මෙහෙදිනම් අපි ඒකාංගික ටෙලියක් කියල කියන්නේ එක දවසෙං (පැය භාගෙන්) විකාශය වෙලා ඉවර වෙන එහෙකට.. ඒකේ ජවනිකා ගොඩාක් තියෙන්න පුළුවන්. :)

      Delete
  5. මේක නම් ලියල නිකං කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ, ආය කියන්න දෙයක් ඉතුරු කරල නැහැ.

    ReplyDelete
    Replies
    1. කිරි ගහට මෝල් ගහෙං ඇන්නම 'පචස්' ගාල කිරි විසි වෙනවනේ.. බලාගෙන ඇහැ..

      Delete
  6. කරකවල_අතඇරියා_වගේ...
    සුපිරියි..හිතන්න_දේවල්_ගොඩක්_තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මලිය_ටැන්කූ-වෙල්කම්_ටු_කලාහිත :)

      Delete
  7. මේක එල කමියෝ! නියම කනේ පාර.

    ReplyDelete
    Replies
    1. කණට ගැහුවම නියමයි කියපු එකෙක් දැක්කමයි.. ටැන්කූ ටැන්කූ. හරවහන් අනිත් කණටත් එකක් ගහන්න.

      Delete
  8. උවමණාම තැන් ටිකක් නියමෙටම ටච් කරලා තියෙනවා.
    පරිසරයට කෙළියා වගේ නෙමෙයි පරිසරයා රිටර්න් එක දෙනකොට. එදාට ආයි නෝ රිවර්ස්.

    ReplyDelete
    Replies
    1. //පරිසරයට කෙළියා වගේ නෙමෙයි පරිසරයා රිටර්න් එක දෙනකොට. එදාට ආයි නෝ රිවර්ස්./// උඹ මේක කලින් කියල තිබ්බනම් මං මාතෘකාවට දානවා.. වට් ගෝස් අරවුන්ඩ් කම්ස් අරවුන්ඩ්..

      Delete
  9. වලිගය කොතරම් දිගද... එකා පස්සේ එකා අල්ලාගෙන.. බලාගෙන යනකොට වලිගයේ අයිතිකාරයා වෙන කවුරුද, අපිම මිසක්!!

    කමි... මේ ටික මම දැනට දවස් ටිකකට කලින් කල්පනා කළා ( පචයක් නෙවෙයි, ඇත්තමයි) අපි ප්‍රමිති වලට, නීති වලට හිනා වෙනවා, ගරහනවා, පුළුවන් හැම වෙලේම ඊට උඩින් යන්න වලිකනවා. කොටින්ම කහ ඉර පෙනී පෙනී ඊට මෙහායින් පාර පනිනවා... ( අඩේ මමත් එහෙම කරලා තියෙනවනේ!) ඊට පස්සේ තව කාටවත් ශාප කරනවා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට කක්කා යනකල් බෙරිහන් දෙනවා.

    මගේ හිතවත්ම අයෙක් රියදුරු බලපත්‍ර නිකුත්කරන ස්ථානයේ පුද්ගලික අංශයේ ඉහල තනතුරක් දරනවා. මේ ලඟදි රජයේ ඉහල තනතුරක කෙනෙක් ඔහුට පුද්ගලිකව එවල තියෙනවා රියදුරු බලපත්‍රය අලුත්කරන්න, කිසිම ලියකියවිල්ලක් නැතුව! එතැන තියෙන නීති රෙගුලාසි කඩන්න කියන්නේ තවත් එවන් නිතිය රැකිය යුතු කෙනෙක්, ලැජ්ජයි.

    මමත් මම ගැන ලැජ්ජා හිතුන, මේ කියන දේවල් දැකලත් අහක බලන් ඉන්න වෙලා තියෙන එක ගැන.

    ReplyDelete
    Replies
    1. අපිට අහුවෙන්නෙම අනුන්ගේ වලිගනේ කැන්ඩි..
      //හිතවත්ම අයෙක් රියදුරු බලපත්‍ර නිකුත්කරන ස්ථානයේ පුද්ගලික අංශයේ ඉහල තනතුරක් දරනවා// හොඳ ඔත්තුවක්.. ලබන අවුරුද්දෙද කොහෙද මගෙත් ලයිශන් එක එක්ස්පයර් වෙනවා.. හැක්.
      විහිළු නෙවෙයි අඬන්න ඕනි..

      Delete
    2. හුහ්... පෙනේද මුන්ගේ තරම??? මොකටද මගේ කට ඉතින්!

      Delete
    3. මගේ එකත් අලුත් කරගන්න විදිහක් හොයා හොයා හිටියේ. . හරිම හොද අපේ උපේච්චා කරල දෙයි ෂුවර් එකට..

      Delete
    4. හිහී.. හුහූ.. හෙහේ.. හාන්දුරුවොන්ගෙන් හැටි වැඩක් උදව්වක් ගන්න විදිය ප්‍රගුණ කරලා තියෙන්නේ එකෙන්ම. අනිවා මල් කොබා කැන්ඩි හොඳ කෙල්ල. ආයි නැහ් බැහ් නෑ.

      Delete
    5. හා හොඳයි අය්යේ... වරෙන්කො... කොරල දෙඤ්ඤඅං !

      අයිඩින්ටිය අරන් වරෙල්ල... 111111111V එකටයි 222222222V එකටයි නම් දෙන්නම්..

      Delete
    6. හපූයි මෙන්න පට්ට මරාවාදී බයියෙක්. හැක්. අපිවත් කතානයක මැදුරට ගෙන්නලා ප්‍රශ්ණ කරවන්නද නගේ උඹැහැ හදන්නේ?

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ ප්‍රා ගේ කොමෙන්ටුව ආතර් මකලා .....
      අඩෝ ආතරයෝ තෝ අහුවෙයන් @#$

      Delete
    2. http://en.wikipedia.org/wiki/Arthur_Hutchinson_(murderer)

      Delete
    3. පහල කම්මලයාගේ එහෙකුත් මකලා.. මූ නම් මහ ගෙඩියෙක්..
      ඔය ආතර් පේටන්ට් එක මට මත විදියට අයිති බස්සිට :)

      Delete
    4. බස්සිට අහු උනානම් ආතර් ඉවරයි ...හැක් හැක්

      Delete
    5. https://www.pinterest.com/pin/17310779789801319/

      Delete
    6. //බස්සිට අහු උනානම් ආතර් ඉවරයි // ආතරයට අහුවුනානම් බස්සියි සින්දුවයි දෙන්නම ඉවරයි.. බලපන් උඩ ප්‍රා දාපු ලින්ක් එක..

      ප්‍රා නිකං මර්ඩර්පීඩියා එක වගේ.. හැක්.

      Delete
  11. යමක් බෝකකට වදින්න කියන්න උඔටම ආවෙිනික ක්‍රමයක් තියනවා..
    එල ද බ්‍රා
    අපිත් හිඩැස් වලින් රිංගනවා අපිට පස්සෙන් පොඩි එවුනුත් රිංගනවා අන්තිමට වුන්ට බනිනවා...
    අපී ඡිවත් වෙලා ඉවරයි අපේ පොඩි එවුන්ට මේ ලෝකය ඉතුරැ කරමු..

    ReplyDelete
    Replies
    1. "Seven Billion Dreams. One Planet. Consume with Care." දෙදාස් පහළොව පරිසර දිනයේ තීම් එක.. බුදු හාමුදුරුවෝ කියපු එකක් වගේ මටනම් ඇහෙන්නේ. අපි අඩුම තරමින් අන්තිම ආත්මාර්ථකාමීව 'අපේ' පොඩි උන් ගැනවත් හිතල මේක ඉතුරු කරන්න ඕනි මචං.

      Delete
    2. අනිවා කමියා...මතකද සඡ්ඡා ලියලා තිබුන පරිසරයට කූනු දැමිම ගැන ලිපිය

      Delete
    3. ඔව් බං මටත් ඒක මතක් උනා. ඌ නම් මං වගේ ඇල්වතුරත් නිවල නෙවෙයි ඉතින් උණු උණුවෙම ඇරල දානවනේ. හැක්.

      Delete
  12. ඇත්තෙන්ම කාබන් මොනොක්සයිඩ් සහ අනිකුත් විස වායු විතරක් නෙමෙයි. කාබන් පාර්ටිකල්ස් කොයිතරම් එනවද? නහය ඇතුලෙ කලුවට බැඳෙනව. පෙනහල්ලට කොයිතරම් යනව ඇද්ද

    වැරදිලා පෙට්‍රල් වාහනයකට ඩීසල්ටිකක් වැදුනහම කොහොමද කියල දැකලතියනවද KM? පිටිපස්ස පේන්නෙ නෑ ස්මෝක් ස්ක්‍රීන් එකට. ලීටර් 1 1/2 යි වැදුනෙ. දවස් 5ක් විතර පිටිපස්සෙ ක්ලවුඩ් එක. හීට් සීකින් මිසයිල් එකකින් මිසක් ඩේන්ජර් එකක් නෑ. :-D

    ReplyDelete
    Replies
    1. මෙන්න පුංචි සේෆ්ටි ක්ලාස් එකක් කරගන්න චෑන්ස් එකක්..
      මයික්‍රෝන් පහට වඩා ප්‍රමාණයෙන් කුඩා සියලුම 'ඉන්හේලබල් ඩස්ට්' ස්වසන මාර්ගය දිගේ ඝර්ත දක්වාම ගමන් කරනවා.. ඇදුම හා පෙනහළු පිළිකා දක්වා වර්ධනය වන්නේ ප්‍රමාණය ඉක්මවා අප ආශ්වාස කරන මේ කුඩා දූවිලි අංශුයි. ආශ්වාස කරන වාතයේ අඩංගු සංඝටක වලට අනුව හැදෙන පිළිකා හෝ රෝගී තත්වයද වෙනස් වෙනවා.. වඩාත්ම නරක මේ දේවල් එකවර නොව කාලාන්තරයක් තිස්සේ වර්ධනය වී රෝග ලක්ශණ පහල වන අවදිය වන විට බොහෝ විට 'ඉරවර්සිබල්' වීමයි.
      හැබෑට වතාවක් අපේ එකෙකුට ඔය පැස්ටෝල් එන්ජිමට ඩීසල් ගහල ටික දවසක් යනකොට තාර වගේ බැඳිල මුළුමණින්ම එන්ජිම ප්ලශ් කරන්න වෙච්චි බවකුත් මං අහල තිබුනා.. අත්දැකීමක්නම් නෑ. හැබැයි මේ 'තාක්ශණය' ඩිකෝයි එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් බවයි කතාවෙන් නම් පෙනී යන්නේ. හැක්.

      Delete
  13. 'වටම ගිහින් ගෙටම ආවා' කියලා කතාවක් තියනවා අහලා ඇති නේද? ඒ වගේ මේ කතාවේදීත් කියවෙන්නේ අපි ඔක්කොම දේවල් කරනවා, නමුත් අපි යන්නෙත් එකම රවුමේ තමයි. අපි ලඟත් සෑමවිටම අවංක හෑ සාධාරණ බව නැහැ.

    ත්‍රිවිධ හමුදා වාහන, පොලිස් වාහන, ලංකා ගමනාගමන මණ්ඩලයේ වාහන, දුම් පරීක්ෂාවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඉතින් මොකක්ද ඒ නීතියේ ඇති තේරුම? පාඨලී චම්පික උන්නැහේ මේ වැඩේ පටන්ගත්තේ, එයාගේ ඒ කාලේ අමාත්‍යාංශයෙන්, රටට ආදායමක් උපයා දෙන්නයි. නමුත් අද මේ දුම් පරීක්ෂාවෙන්, පෞද්ගලික ආයතන දෙකක් පෝසතුන් වෙලා ඉන්නවා.

    හෙහ් හෙහ්.......annual physical fitness test එකට, අපි ඒ කාලේ කිව්වේ, 'වාර්ෂික දුම් පරීක්ෂාව' කියලා. නේවි එකේ මොකක්ද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා කියනව වගේ එහෙකුට එක නීතියක් තව එහෙකුට තව නීතියක් තියෙනකං මේ රටනම් හදන්න බෑ. හැක්.. හමුදාවල ෆිට්නස් හදන්න බැරිත් ඔය හේතුව නිසාමයි මං හිතන්නේ.

      Delete
  14. වංග බසින් ලියන ලද්දේ කලාහිතේ "කලණසිරි "

    ReplyDelete
    Replies
    1. දිලෝ ඔය නම තියෙන උන් ඉන්නේ ලංකාවටම දෙන්නයි. එකෙක් පොලීසියේ ටිකක් තදයෙක්.. අනික කොහොමත් තදයෙක්.. හැක්. පුළුවන්නම් තුන්වෙනියෙක් හොයල දීපන්. තාම නෑ.

      Delete
    2. ඌට ඔය දිලා කියල තියෙන කෑල්ලක් නෑ මගේ මුලට එන වාසගම තමයි මං උගේ අගට දැම්මේ.

      Delete
  15. එක ඇඟිල්ලක් දික් කරනකොට ඇඟිලි හතරක් තමුන්ටයි කියනවනෙ.

    ReplyDelete
    Replies
    1. හැමෝම හිතන්නේ දබර ඇඟිල්ල දික්කරාම ඔක්කොම ඒ පැත්තට කියලනේ..

      Delete
  16. ඔන්ලයින් එකෙන් අලුත් කරද්දී ඩුම් සහතිකේ නැතුව අලුත් කළා මම. හැබැයි අලුත් කරන දවස වෙද්දී පරණ එක එක්ස්පයර් නැති වෙන්න ඕනේ...

    සමහර තැන තියෙනවා ගාන කොටා ගන්න ෆේල් කරනවා..

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් චූදිතයෙක්.. හැක්
      සිස්ටම් එකේම වැරැද්දනේ ඉතින්..

      Delete
  17. වාර්ථා කියන එක වාර්තා කියල හදපන්.

    ReplyDelete
    Replies
    1. එසේය තුමනි. කොමෙන්ට් කරන්න පෙරම වරද නිවැරදි කලෙමි. අනේක වාරයක් ස්තූතියි. (මදැයි ඔයින් ගියා.. මං සෑහෙන්න දියුණුයි වගේනේ දැන්.)

      Delete
  18. අපේ පාරෙ හිටි ගමන් ලංගම බස් එකක් යනවා... ඒක ගියාම විනාඩි 5 කට 10 කට පාර පේන්නෑ.... බස් එකේ ඇංජිම අස්සෙ මැලයක් පුච්චනාව වගේ. කෙහෙල් ඉදවන්න පුලුවන්....! නියම ලිපිය මිත්‍රයා...
    (කාර් වල දුමට නම් දැන් විසඳුමක් තියෙනවා... ඇයි දැන් ඉලෙක්ට්‍රික් කාර් තියෙනවනේ!)

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්.. දුං වාර්තා ගන්න උනානම් උඩිම්ම පාස් වෙන බස් එකක්.. හැබෑට ඔය ඉලෙක්ට්‍රික් කාර් ගැන මාත් හරි උනන්දුයි. බැරිද රොහාන්ට හොඳ සවිස්තරාත්මකව ඔය ගැන ලිපියක් ලියන්න ටෙක් සයුරේ වාසි අවාසි දෙකම පෙන්නල තේරෙන භාශාවෙන්.

      Delete
    2. හම්... ලියන්න ඕනි පෝස්ට් එකක් මිත්‍රයා!

      Delete
  19. ඔක්කොම එකයි බන්..... අපි උඹලත් එක්කම ....

    ReplyDelete
    Replies
    1. මම මටත් එක්කම ඇන ගත්ත ටොක්කක් මේක.

      Delete
    2. මටත් ඇන ගන්නවා..
      ආය මේ වැරැද්ද කරන්නෙ නෑ

      Delete
    3. එහෙම එකෙක් හරි යම් දායකත්වයක් දක්වන එක ගැන මගේ හද පිරි මෙව්වා එක උඹට.

      Delete
  20. අපි වියදම් හදාගන්නේ අපේ ආදායමට කෙළවන විදියටමයි. ඒ නිසා විධායක ද කම්කරුද කියල වෙනසක් නෑ මාසේ අන්තිමේ සාක්කු හිස් (දෙදාස් පන්සීයෙ කතාව නෙවෙයි)

    කොහොම උනත් අපි හරිම ආත්මාර්ථකාමීයි. අපේ කෙනෙක්ට අමාරුවක් වෙන්නම ඕනේ අපිට අනික් මිනිස්සුන්ගෙ අමාරුව පේන්න.

    ඉස්සර මම වැඩ කරපු ඇඩ්වර්ටයින් ඒජන්සියේ ක්ලයන්ට් කෙනෙක් තමයි ලංකාවේ ප්‍රධානම වාහන පරිසර වාර්ථා දෙන කොම්පැණියක්. දවසක් මම ක්ලයන්ට් මීටින් එකකට ගියා ඒකේ මැනේජර් - පබ්ලික් රිලේෂන්ස් එක්ක.

    මේ යකා කියනවා මාර වැඩේ දැන් අපේ වෙහිකල් ඉමිෂන් පොයින්ට්ස් වල ඉන්න උන් ජරාව අරං ටෙස්ට් එක පාස් කරල දෙනවනේ කියලා. ඒකෙන් කොම්පැණියෙ නම කැතවෙනවා. ඒකට මොකක් හරි වැඩක් කරන්න ඕනෙලු.

    සැලකිය යුතුයි - ඊට සතියකට කලිං අපේ ගෙදර තිබුන දුම් කෝච්චිය වුන 15 ශ්‍රී ටොයෝටා ඩීඑක්ස් කටුව ඒ කොම්පැණියෙම අපතයෙකුට රුපියල් 500 දීලා පාස් කරගත්තා

    දැන් ඉතිං දියන්කෝ මුන්ට එහෙම නොකරන්න කොන්සෙප්ට් එකකුත්.

    ReplyDelete
    Replies
    1. //අපි වියදම් හදාගන්නේ අපේ ආදායමට කෙළවන විදියටමයි// ++++++++++
      අපේම නයි අපිවම කයි. හිතට එකඟවම ලියන්න ඇති කන්සෙප්ට් එක මගේ හිතෙ.. හැක්.

      Delete
  21. ඇත්තටම ඔය එක එක දින තහනම් කරන්න ඕනේ...
    අම්මගේ දිනේ, තාත්තගේ දිනේ, සිගරැට් කොටේ දිනේ, පරිසර දිනේ... තව දිනනම් කියල කීයක්ද...
    අපේ උන්ට එහෙම මගුල් නැතුව සෙල්ෆ් ඩිසප්ලීන් එකක් ඇතුව වැඩ කරන්න පුළුවන්නම් ගැටළු ගොඩක් අඩු වෙනවා...

    ලංකාවේ දුම් පරික්ෂා කරන එක ඒ තරම් සාර්ථක ක්‍රමයක් කියල මම හිතන්නේ නැහැ. වෙන රටවල මිට වඩා හොඳ ක්‍රම තියෙනවද කියල මම හෙව්වෙ නැහැ. වැඩක් නැති නිසා...

    පච රණවක පරිසර ඇමති වශයෙන් ඉන්න කාලේ ලකුණු ටිකක් දාගන්න මේ වගේ ක්‍රම දෙකක් ගෙනාවා. එකක් දුම් සහතික, අනෙක ෆෝන් වලට ගහපු පරිසර බද්ද...
    ඔය දෙකෙන් ෆෝන් වල කතාව තනිකර කුණුහරපයක්, දුම් සහතිකේ බාගෙට කුණුහරපයක්...
    වැඩිදුර කතිකාවතක් සඳහා පෝස්ට් එකක්ම දාන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. //වැඩිදුර කතිකාවතක් සඳහා පෝස්ට් එකක්ම දාන්න වෙනවා// මේ වැඩේ වෙනවයි කියන්නේ මගේ වෑයම සාර්ථකයි. ජය වේවා!

      Delete
    2. /ඇත්තටම ඔය එක එක දින තහනම් කරන්න ඕනේ...
      අම්මගේ දිනේ, තාත්තගේ දිනේ, සිගරැට් කොටේ දිනේ, පරිසර දිනේ... තව දිනනම් කියල කීයක්ද.../
      යෑස් ....එකෙන්ම තහනම් කරන්න ඕනෙ විශේෂ යෙන් අමද්‍යප දිනේ.

      Delete
    3. @ කම්මලය.. දාපං සීයක් (හා කට ගාවට එනකං සෝඩා..) හැක්.

      Delete
  22. උඹ එක කතාවකින් ටොකු කීයක්නම් ඇන්නද..!! ඒත් වැඩක් නෑ බන්... බීරි අලින්ට වීණා ගහලා වැඩක් නෑ, උන්ට වීණාවෙන් ගහන්න ඕනා.. එතකොට යාන්තම පොඩ්ඩක් විතර ඇහෙනවා...

    ReplyDelete
    Replies
    1. //බීරි අලින්ට වීණා ගහලා වැඩක් නෑ, උන්ට වීණාවෙන් ගහන්න ඕනා..// අම්මප ඇත්ත.. නිකං පොඩි කිචිකිචියක්වත් දැනෙන්න කෙලල අරින්න ඕනි දෑත බදලා.. මෙහෙම හුරතල් කතා කරලනම් වැඩක් නෑ තමයි. හැක්.

      Delete
  23. මල්ලි උඹ දන්නවද එළදෙන්නු පැඩලා සහ රාමතෙල් ඇරලා පරිසරයට ලොකු හානියක් කරනවයි කියල?

    ගෝලීය උණුසුම ඉහළ යැවීමට ලොකු බලපෑමක් කරන්නෙ හරිතාගාර වායූන්.පරිසරයට එකතුවෙන හරිතහගාර වායු පරිමාවෙන් 18% ක ප්‍රමාණයකට හේතුවෙන්නෙ කෘෂිකර්මය. ( ප්‍රවාහනයෙදි පරිසරයට හරිතාගාර වායු මුදාහැරෙන්නෙ මීට අඩුවෙන් ) එයිනුත් ප්‍රධාන වශයෙන් කිරිපට්ටි පාලනය. එළදෙනුන් රාමතෙල් හැරීම සහ අධෝවාතය පිටකිරීමෙන් පරිසරයට එකතුවන මීතේන් ප්‍රමාණය ඉතා විශාලයි.

    ඒ හින්ද බං බොලා ඔය දුම් පිටවීම අවම වෙන විදිහට එන්ජින් ටියුන් කරන එව්වයින් එතරම් ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ. පරිසරයට ඇත්තටම ආදරේනම් මල්ලි උඹලගෙ අර නෙළුම්යාය සහෘද සමූහයෙන් පටන් ගනිං එළදෙනුන්ගෙ අධෝමාර්ගයට රබර් පොරොප්ප ගහන ව්‍යාපෘතියක්. අන්න එහෙමනෙ බං වැඩක් කරන්ට ඕන. ප්‍රශ්නෙ හරියට අවබෝධ කරගනිං ඉස්සෙල්ල. හරක් රිංගන කපොලු තියෙද්දි කූඹිගුල් වහල වැඩක් ඇත?

    උඹේ ලිවිල්ල නම් නියමයි.........:)

    ReplyDelete
    Replies
    1. රවී අයියා ඔයත් මාර ගුග්ලිනේ දාන්නේ.. මේ ගොන් **** පුතාල මරන්න එපැයි මෙහෙම පඩිනවට.. හැක්. අම්මපා මුලු ආර්ටිකල් එකම අකුරක් නෑර කියෙව්වා කොමෙන්ට් කරන්න කලින්. ඒ තරං උඹේ වචන විශ්වාසනේ. මේකනම් බැලින්නම් සත්තම තමයි. හැබැයි පුකට නෙවෙයි කටට තමයි මොකක් හරි කරන්න වෙන්නේ. 95% ක්ම මීතේන් පිට කරන්නේ කටින්ලු නේ. මං කල්පනා කරේ හරකෙක් බැරි වෙලාවත් ගිනිකූරක් එහෙම හපල කෑවොත් බඩ පුපුරයිද කියලා පටෝරියං ගාල හක්ක පටස් එකක් කෑව වගේ..

      Delete
    2. ඉස්සර ඇමරිකාවේ ගෑණු කොන්ඩ වලට ගහපු Hair Spray වලින් අවුරුද්දකට වෙච්ච පරිසර හානියට වඩා අඩු පරිසර හානියක්ලු ලංකාව වගේ රටක සිද්ධ වෙන සම්පුර්ණ පරිසර දුෂණයෙන්ම සිද්ධ උනාය කියන්නේ...
      හැබැයි ඒ ඉස්සර, දැන් තත්ත්වේ කොහොමද දන්නේ නැහැ... ;)

      Delete
    3. ඕක මාත් කොහෙදි හරි අහලා තියෙනවා.. ලොකුවට වැරදි කරන උන් ලොකුවට ඒ ගැන හිතනවා වගේ පොඩියට වැරදි කරන අපිත් පොඩියට හරි හිතන්න ඕනි නේද?

      Delete
  24. පට්ටම පෝස්ට් එකක් කමි. සුපිරිම වැනිල්ලක්.
    හැබැයි පට්ටය කියන මමත් මේක ලියන උඹත් මේ වැනිලි වලින් කියන මොකකට හරි කොහෙන් හරි සම්බන්ධයි කියල හිතෙනවා. මොකද අපිත් ඒ ඒ අවස්ථාවල අපේ පහසුව තකා කරන වැඩවලින් කොයි තරම් නම් නොහොඳක් වෙනවා ඇත්ද.

    මේ පෝස්ට් එකේ තිබ්බ කමෙන්ට්ස් වලින් අළුත් දේවල් දැන ගත්තා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං කලිනුත් කියල තියෙන්නේ. මේ මටත් එක්ක ඇනගත්ත ටොක්කක්..
      උඹ ඔය රවී අයිය උඩින් දාල තියෙන ලින්ක් එක කියෙව්වද? අම්මප ඔය සීන් එක මාත් අදනේ දැන ගත්තේ..

      Delete
    2. දුම් පරික්ෂාව හොරට කලා කියන එක ටොකු ඇනගන්න තරම් සීන් එකක් නෙමෙයි බොලව්...
      එතන තියෙන්නේ තනිකර මොංගල් සිස්ටම් එකක්...
      අපිව හුරගෙන කන්න හදාපු වැඩක්. දුම චෙක් කරලා ලයිසොන් එක ගත්තට අවුරුද්දක් පුරා වාහනේ දුවද්දී සිද්ධ වෙන වෙනස්කම් වලින් පරිසරයට එක් වෙන්න පුළුවන් දුම් සහ කාබන් අංශු වලට මොකද වෙන්නේ.
      චෙක් කරන ප්‍රොසීඩියර් එකේ වැරදි නිසා ෆේල් වෙන වාහන වෙනුවෙන් මිනිස්සු වියදම් කරන සල්ලි, සම්පත් නාස්තිය... මේවට කවුද වග කියන්නේ...

      Delete
    3. දුම් පරීක්ෂාවනම් ඇත්තටම තවම හොරට කරල නෑ.. එහෙම කරන්න ඕනි වෙලා නෑ. හැබැයි ඔය අනිත් වැරදි පොඩි පොඩියෙන් හරි වෙනවනේ.. ප්ලාස්ටික්.. පොලිතීන්.. අපද්‍රව්‍ය, ජලය, වාතය, ශබ්දය, බලශක්තිය, අහාර, flora & fauna එකී මෙකී නොකී දාහක් දේ අවභාවිතය හා අධි පරිභෝජනය වගේ. අන්න ඒකටයි මගේ ටොක්ක මං ඇන ගත්තේ...

      Delete
  25. "මිහි මවට හිමිවන ඉරණම ම මිහි දරුවාට ද හිමි වේ . මිනිසා ජීවය නම් වියමනහි මැවුම්කරු නොව , හේ එහි රැදෙන්නෙකු පමණි . ඔහු එම වියමනට කුමක් කළ ද එය තමාට ම කරගත්තා සරිය "

    - රතු ඉන්දීය නායක සියැටෙල් ( 1780- 1866 )

    ReplyDelete
    Replies
    1. පරිසරයට ලඟ මනුස්සයෙක්ගේ පරිසරයට ආදරණීය ප්‍රකාශයක්. ස්තූතියි සින්දුවාට මෙතන සටහන් කිරීම ගැන..

      Delete
    2. සින්දුවනම් පට්ට.. දන්නවනේ මොකක්ද අප්සෙට් එක කියලා.. හැක්.. (විහිළුවට.. නිර්මාණයක් රසවිඳින්න නිර්මාණ ශිල්පිනියගේ දේශපාලනේ බාධාවක් කර ගන්න තරම්ම මැට්ටෙක් නෙවෙයි මචං මම.)

      Delete
    3. දේශපාලනය ගැන මතකයක් වත් තිබුනේ නැතිය ...උඹම ලියපු එකත් හොදය .කාගෙවත් දේශපාලනේ මට අදාලත් නැතිය .අපි ලංකාවේ ඡන්ද දායකයෝ නොවේය ,පුද්ගලික අංශය වෙනත් රටකට අයිතිය , ඒ අතින් බැලුවත් අපිට අම්මටසිරි ලංකාවේ දේශපාලනේ වැඩක් නැතිය .....හැක්

      Delete
    4. //අපි ලංකාවේ ඡන්ද දායකයෝ නොවේය ,පුද්ගලික අංශය වෙනත් රටකට අයිතිය // ඩබල් ලයික්. දේශපාලනේ මතකෙවත් නැති බව අමු අමුවේම ඔප්පු වෙලා තියෙනවා හැක්.

      Delete
  26. මේ ගමේ කතාව.

    ලෝක මට්ටමෙනුත් ඕකයි වෙන්නේ. ගල්අගුරු, හයිඩ්‍රෝ කාබන් පුච්චලා ඕසෝන් වනසලා, වනාන්තර කපලා, ලෝකයමට දිනෙන් දින විනාසයට යනවා.

    ReplyDelete
    Replies
    1. ඔසී රටේ නියඟය ගැණ මා ලියූ කවි පන්තියකින් එක කවියක්

      පුළුසති හයිඩ්‍රෝ කාබන් රිසි විලස
      පුරවති වායුගෝලය ධූමයෙන් විස
      පෙර නැති විරූ නියගය රට හතර දෙස
      නැණ ඇති අයට වැටහෙනු ඇත මේ වෙනස

      Delete
    2. එක ඇති තැනට දහ පහලොව වැය කරලා
      උන්නත් සිනාසී අද රස බස් තෙපලා
      හෙට ඉපදෙන උන්ට යන කල ගැන හිතලා
      සුරැකිය යුතුය මිහි මව තව බෑ නසලා..

      ස්තූතියි රසික අපූරු කොමෙන්ටෙකට හා කවියට...

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete

  28. අපිට හයේ පංතියේ පටන් පාසැලේ අවසාන පංතිය දක්වා පරිසරය සුරකින විදිහ ප්‍රායෝගිකව ඉගැන්නුව. අදටත් ඒ ඉගෙනගත් දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්නව වගේම දරුවන්ටත් ඒ දේවල් උගන්වනව.
    උඹගෙ මේ ලියවිල්ල මරු වටේම කවර් කරගෙන තියනව.

    ReplyDelete
    Replies
    1. අපිනං බලෙන් වගේ ඉගෙන ගත්තේ.. දැන් හැබැයි වැරැද්ද දැක්ක තැන කකියනවා..

      Delete
  29. දෙබිඩි ජීවිත, Double standards, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ, කියනකොටව්නම් එහෙමයි, කරනකොට මෙහෙමයි. සුදුසු ටැග් මත ක්ලික් කරන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම.. ඔක්කොම සුදුසුයි (ටැග් කිරීමට) අවාසනාවට ඔක්කොම නුසුදුසුයි (ක්‍රියාවට නැගීමට)

      Delete
  30. Hats off KaMi මාටින් නිමෝලර්ගෙ කියමනක් ඔයා ලස්සනට කතාවකින් කියලා තියෙනවා (ඇනෝ පාරෙන් ආවෙ වනගත නිසා නෙවෙයි )

    ReplyDelete
    Replies
    1. First they came for the Socialists, and I did not speak out—
      Because I was not a Socialist.
      Then they came for the Trade Unionists, and I did not speak out—
      Because I was not a Trade Unionist.
      Then they came for the Jews, and I did not speak out—
      Because I was not a Jew.
      Then they came for me—and there was no one left to speak for me.

      වන ගත නැත්නම් ගත වන වෙලාද පේන්න එන්න බැරි.. හැක්.. කොහොමවත් කමක් නෑ ආවනේ ඉතින්.. තැන්කූ වනගත නැති ඇනෝ..

      Delete
  31. අර උඩින් විචාරකත් කියා තිබුනා වගේ ඔය දුම් පරීක්ෂණ වැඩෙන් පවා කරන්නේ ගාණක් කපාගන්න එකයි.
    බලපං පරිසර විනාශය තුලින් අපි බැටකන ගමන්ම අපිත් ඒ පරිසර දුෂණයට නිරන්තරයෙන් හවුල්කාරයෝ වෙන හැටි.

    අර උඹ කියලා තියෙනවා වගේ පුද්ගලික වාහන කොළඹට ඇතුල් කරන එක සිමා කරන්න කියලා කොළඹට ඇතුල් වෙන නගරවල සිට කොළඹ දක්වා කොළඹට සුඛපභෝගී බස් සේවයක් ආරම්භ කෙරුවා ඩලස් ප්‍රවාහන ඇමති ඉන්න කාලේ.හැබැයි එක එච්චර සර්ථක වුනේ නැහැ.ඒ වගේ දෙයක් සාර්ථක කරගන්න පුළුවන් නම් එකත් සුළුවෙන් හෝ පරිසරයට යහපතක් වේවි.

    ReplyDelete
  32. ගහන්න පුලුවන් හැමතනටම ගැහුව නේද? ඇඩෙනවා

    ReplyDelete
  33. +++++ oya dila thiyenne ridennama.. Niyama lipiya..

    ReplyDelete