Tuesday 25 August 2015

Sling on hammock! නාවික යෙදුම් ගැන මතක කිහිපයක්..

"Cadets, you have to be here again sharp at 1330 hrs for next lesson. You; class leader take charge the division, double up to the gun room, have your dinner and back in time. no hanky panky, OK?"
"OK sir!"
"What is fucking ok? remember, no bloody ok in the Navy. Say 'Aye Aye sir!'.."
"Aye aye sir!"
ඊයේ හිතවත්ම හිටපු නාවික නිලධාරියෙකුගේ මවගේ අවමගුලකට සහබාගි වෙන්න උස්වැටකෙයියාවට ගිය වෙලේ විශේෂ පුද්ගලයෙක් හම්බ උනා.. මගේ නාවික ජිවිතයේ පලවෙනි අංශ භාර නිලධාරියා.. (මළ ගෙදර කියුවට ඉතින් මුලින්ම ගියේ ක්ලබ් හවුස් එකට.. ලස්සන තැන.. පුළුවන් වෙලාවක ගිහින් එන්න.. -ඇඩ් එකක් නෙවෙයි) 

ඔය උඩින් ලියුවේ මට මතක විදියට මං ඒ ජේෂ්ට උත්තමයත් එක්ක කතා කරපු පලවෙනි දෙබස ද කොහෙද. ඊයේ නෙවෙයි ඒ මීට අවුරුදු බර ගානකට කලින් දවසක..  ඒ මතකයත් එක්ක හිතුන පොඩ්ඩක් නාවික හමුදාවේදී භාවිතා වෙන වචන හා විශේෂ යෙදුම් ගැන මොනවා හරි ලියන්න.. අධික වැඩ තියෙන මහත්වරුන් කියවල කලේ නාස්ති කර ගත්තේ නැතත් කමක් නෑ මොකද ඒ හැටි ගත යුත්තක් නම් නෑ. සමහරු මේ විස්තර කියවන්න ආසා නිසයි ලියන්නේ. තරහා අවසර. 

හමුදාව ගැන ලියනකොට ඊටම අවේනික වූ භාෂාවන් වලින් ලියනෙක වැදගත්.. මොකද ඒ වචන නැතුව අපි බලාපොරොත්තුවෙන අදහස ප්‍රකාශ කිරීම සමහරවිට ගොඩක් අමාරුයි. ඉස්සරහට හමුදා කතා ටිකක් ලියන්න ඕනි කියල හිතන් ඉන්න නිසා කියවන අයටත් ඒ වචන දැනගෙන ඉන්න එක හොඳයිනේ. අනික, නාවික හමුදාව කියන්නේ සිරිත් විරිත් හා සම්ප්‍රධායන් (customs & etiquette) ගොඩක් එකතුවුණු තැනක්.. එක නිසාම ඒ හා බැඳුනු අතීත කතාවක් හා වචන මාලාවක් තියෙනවා. ඔන්න බලන්නකෝ ඉතින් ඔය උඩ වාක්‍ය දෙක තුනෙත් මං තද රතු අකුරින් ලියල තියෙන වචන සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිත වෙන්නේ නෑ.. නැත්නම් වෙනස් අර්ථයක් ගේන්නේ.. මුලින් ඒ ටික බලමු.

නාවික හමුදාවේදී වෙලාව සටහන් කරන්නේ ඉලක්කම් හතරකින් පැය 24 ක්‍රමයට. කොහේදී ලියුවත් එක එහෙමම විය යුතුයි. මැදට තිත් මොකුත් නෑ එකදිගට ලියනවා. ඔය 1330 hrs කියනෙක වෙනත් තැන්වලදී 13.30/ 13:30 විදියට හෝ 1.30 pm/ 1:30 pm විදියට ලියනවා දැකල ඇති. නාවික හමුදාවේදී am/ pm භාවිතයක් වත් තිත් භාවිතයක්වත් නෑ. මේක කියවන්නේත් ඉලක්කමෙන් ඉලක්කම.. වන් ත්‍රී ත්‍රී සීරෝ අවර්ස් සින්හලෙන්නම් එකයි තුනයි තුනයි බින්දුව පැය විදියට. දවසේ ඕනෙම වෙලාවක් පැටලෙන්නේ නැතුව මේ විදියට පැහැදිලිව කියන්න පුළුවන්. විශේෂයක් තියෙනවා මේ වෙලාව කියවීමේදී 0000 පැය කියලා එකක් කියන්නේ නෑ. දවස ඉවර වෙන්නේ 2359 පැයේන් ඊළඟ දවස පටන් ගන්නේ 0001 පැයේන්. 

සීග්‍ර ගමනේ යාම
double up කියනේකනම් මං හිතන්නේ හැමෝම වගේ අහල තියෙනවා.. හැබැයි මේ ඩබල් කරනවා කියන්නේ නිකම්ම දුවනවා නෙවෙයි ඒක මාර්ච් එකක්.. Double March (විනාඩියකට පියවර 180/ පියවරක දිග අඟල් 36 මතක විදියට).. විනාඩියකට තියන පියවර ගාන හා පියවරක දුර වෙනස් වෙනවා මාර්ච් එකෙන් මාර්ච් එකට.. සෙමින් ගමන (slow march), ගමනේ යාම (quick march), සීග්‍ර ගමනේ යාම (double march)  හා කල් මැනීම (mark time) විදියට මාර්ච් කරන විදි ගොඩක් තියෙනවා.. තව දුරටත් ඉගෙනගෙන ක්ලාස් එකක් එහෙම ගන්න කැමති අය ඉන්නවනම් මෙන්න මෙතන තියෙනවා ඔය හැම පියවරක් ගැනම විස්තර.. කියනෙක මෙච්චර අමාරුනම් කරනෙක කොහොම අමාරු ඇත්ද නේද? එක තමයි ට්‍රින්කෝ නේවි Parade Ground එක ඉස්සරහා ලොකුවට ගහල තියෙන්නේ The more you sweat on training; less you bleed in war කියල... හා හා .. ගෙටින් ලේට්. ඩබලප් ඩබලප්..

එතකොට Dinner.. හෑ. අපි හැමෝම ඉතින් dinner කියන්නේ රෑ කෑමටනේ.. ඒත් එක වැරදියි. dinner කියන්නේ දවසේ අපි ගන්න ප්‍රධානම ආහාර වේලට.. //Dinner usually refers to the most significant and important meal of the day, which can be the noon or the evening meal.// කියල තමයි විකිපිඩියාත් කියන්නේ. නේවි එකේ හැමෝම බරටම කන්නේ දවාලටනේ.. ඒක නිසා dinner කියන්නේ දවල් කෑමට. රෑ කෑමට කියන්නේ supper කියල.. දවල් කෑම වෙලාව මතක් කරන්න විශේෂ නලා ශබ්දයක් නාද කරනවා. ඒකට කියන්නේ dinner call කියලා. එතකොට ඒ නලාවට කියන්නනේ බෝසන් නලාව (Boatswain pipe) කියල.. 

දවල් කෑම විතරක් නෙවෙයි උදේ 'නැගිටලා පැදුරු අකුලලා පිළිවෙලට අහුරපල්ලා' (wakey wakey lash up and stow) කියන තැන ඉඳල රැට 'ලයිට් නිවල බෝසන් පයිප් එක බිමින් තියනකම්ම' (light off pipe down) හැම පණිවිඩයක්ම සන්නිවේදනය කරන්නේ මේ piping හරහා තමයි. මේ නිසාම සාමාන්‍ය ව්‍යවහාරයේදී මේකට කියන්නේ 'පයිප් කරනවා' කියල.. පයිප් කරනවා යන්න හැදුනේ ඉස්සර හැම නැවකම වගේ පබ්ලික් ඇඩ්රස් සිස්ටම් එක විදියට තිබුනේ නැවේ පාලක මැදිරියේ (bridge) ඉඳල හැම කම්පාර්ට්මන්ට් එහෙකටම දුවන පයිප්ප පද්දතියක් හරහා නිසා. අදටත් ගොඩක් නැව් වල මේ ආකාරයේ පයිප්ප තියෙනවා.. නමුත් මේ වෙනකොට ඕනෙතරම් නවීන PA සිස්ටම් තියෙන නිසා බාවිතා වෙන්නේ බොහොම අඩුවෙන්. PA සිස්ටම් එක නැත්නම් පයිප්ප කට ලඟට කරලා ඊට අවේණික නලා ශබ්දය ශබ්දකොට හා පණිවුඩය ප්‍රකාශ කල විට මුළු නැවටම ඒ මැසේජ් එක යනවා ගැටළුවක් නැතුව. 
බෝසන් නලාවක් හා එය හඬවන නැවියෙක් 
මේ පයිප්ප හරහා කතා කරන විදියත් හරි අපුරුයි. මුලින් තමන්ට කතා කරන්න ඕනි ස්ථානය කියලා ඊට පස්සේ කතා කරන කෙනා ඉන්න ස්ථානය කියලා sir නැත්නම් තුමනි කියල ඉවර කරනවා. පිළිතුරු දෙන්නෙත් එයාකාරයෙන්මයි. උදාහරණයක් විදියට නැවක් ගමන් කරන අවස්ථාවක නම් නැවේ ඉහලම ස්ථානයක ඉන්න අවට බලන්නෙකු (look out) පාලක මැදිරිය අමතන්නේ මෙහෙමයි.

අවට බලන්නා 
"පාලක මැදිරිය, වම පස අවට බලන්නා තුමනි" (bridge, port look out sir)
පාලක මැදිරියෙන් පිළිතුරු ලැබෙනවා.
"වම් පස අවට බලන්නා, පාලක මැදිරිය" (port look out, bridge) මෙතැනදී පාලක මැදිරියේ ඉන්න නිලධාරියා ජේෂ්ට නිසා අනිත් පැත්තට තුමනි කියන්නේ නෑ.. කනිෂ්ට නැවියන් අතර කතා බහකදී නම් (උදාහරණ ලෙස එන්ජින් කාමරය හා එන්ජින් පාලන කාමරය වැනි) දෙපසටම sir හෝ තුමනි ලෙස අවසන් කරනවා.. 
"ඇණියේ සිට අංශක 30ක් වම්පසට ඉතා ඈතින් කුඩා වස්තුවක් නිරීක්ෂණය වේ තුමනි"  (30 degrees port from bows; small object appeared far away sir!) 
"බොහොම හොඳයි. දිගටම නිරීක්ෂණය කරන්න" (very good. keep monitoring"
"පාලක මැදිරිය, වම් පස අවට බලන්නා. පණිවුඩය පැහැදිලියි. එසේ කරන්නම් තුමනි!" (Bridge, port look out, roger. will comply sir!"
නැවක පැති හඳුනාගන්නා මුලික සැකැස්මක්

මෙතැනදී වම් පස යන්නට port ලෙස බාවිතා කල බව දුටුවා නේද? ඔව්. නැවක වම් පස හැමවිටම port side එක ලෙසත් දකුණු පස හැමවිටම starboard (ස්ටාර්බර්ඩ්) side එක ලෙසත් තමයි හැඳින්වෙන්නේ. මේ නිසා නේවි එකේදී හැම තැනකදීම වගේ left/ right වෙනුවට port/ starboard ලෙස තමයි කියවෙන්නේ.. එක තැනක හැර.. වම..දකුණ..වම.. ...වම දකුණ වම.. දන්නවනේ. (ඉංග්‍රීසියෙන්) මාර්ච් කරනකොට විතරක් left right..a.. left...... left right..a.. left.. කියනවා අපිත්. ඒ වගේම නැවේ ඉදිරිපස bows ලෙසත් පසුපස stern ලෙසත් හඳුන්වනවා මුලික වශයෙන් ඉහත පින්තුරයේ ආකාරයට. 

එතකොට roger කියන්නේ පණිවුඩය පැහැදිලිව ලබා ගත්තා කියනෙක (I've received your message clearly).. මොකක් හරි කියුවහම 'රොජර් සර්' කියුවොත් ආයි කියන්න බෑ මට ඒක තේරුණේ නෑ කියල.  ඒ වගේම තමයි ඔය 'බොහොම හොඳයි' කියනෙකත්. මුල් කාලේ අපි හිතුවේ ඇත්තටම අපි ගොඩක් හොඳ නිසා බොහොම හොඳයි කියනවා කියලා.. ඉතින් ෆුල් හැපී. පස්සේ බැලුවම ඒක සරඹයේම කොටසක්. 

එකක් මිස් උනා නේද gun room.. ඔව්. නේවි එකේදී ජුනියර් ඔෆිසර්ස්ලාගේ ක්වාර්ටර්ස් එක හඳුන්වනේ Gun room කියලා. එතකොට ජුනියර් ඔෆිසර්ස්ලා වෙන්නේ ලුතිනන් නිලය සහ ඊට පහලින් අය.. හමුදාවේ කපිතාන් නිලයට සමාන නිලය තමයි නේවි එකේ ලුතිනන් නිලය. ඊළඟ නිලය ලුතිනන් කමාන්ඩර් (හමුදාවේ නම් මේජර්) හා එතනින් එහාට ජෙෂ්ට නිලධාරීන් හැටියට සලකන්නේ. ජෙෂ්ට නිලධාරීන්ගේ නිවාසය හඳුන්වන්නේ ward room හැටියට. කතාව ඔහොම උනාට ලංකාවේ තියෙන්නේ බොහොම කුඩා නේවි එකක් නිසා අධිකාරියට පත් කල සියලුම නිලධාරීන් (commissioned officers) මෙහෙ නම් ඉන්නේ ward room වල.. පුහුණු වන නිලධාරීන් (officer under trainees) පමණයි gun room එකේ ඉන්නේ.. room කියුවට මේවා  accommodation blocks  නැත්නම් ෂලේ (chalet) ටයිප් එකට තමයි තියෙන්නේ. 

It's getting boring. finish it quickly!
Aye Aye sir!
වැඩි විස්තර කියන්න ඕනි නෑ නේ. එහෙම තමයි ජේෂ්ට නිලධාරියෙකුගේ විධානයකට අනුකුලතාවය පෙන්වන්නේ. OK කියන වචනය පාවිච්චි කරන්න බෑ. 'Aye' කියන්නේ 'Yes' කියනවට සමාන පරණ ඉංග්‍රීසි වචනයක්. බොහෝවිට ලතින් බාසාවේ 'Ais' (Affirmative කියන තේරුම) කියන වචනෙන් බිඳිලා ආවක් වෙන්න පුළුවන්. 
********************************************
වචන ගැනම කියුව මිසක් යෙදුම් ගැන කියන්නම බැරි උනානේ. මාතෘකාවට දාපු 'sling on hammock' කියන යෙදුම නේවි එකේ නිතර යෙදෙනවා. ඒ වුනත් ඉතින් ඒක නොදන්නා බොහෝ දෙනෙක්ද ඉන්නවා ඔය අතරම.. විශේෂයෙන්ම මුහුදු ගමන්වලට හා නැව් වල සේවයට එන්නේ නැති ගොඩබිම විතරක් සේවය කරන බ්‍රාන්ච් වල නිලධාරින් එහෙම මේ වචන එක්ක ගොඩක්ම ෆැමිලියර් නෑ. මගේ එක ඒ වගේ බැචෙක් දවසක් අලුතෙන්ම ඇපොයින්මන්ට් එකක් බාර ගන්න උතුරු පළාතේ කඳවුරකට ගිහින්. එතන අණ දෙන නිලධාරී තුමා (CO) හොඳ  'සීමන්' කෙනෙක්.  අලුත් නිලධාරියා ගිහින් සැලියුට් එකක් එහෙම ගහලා "Good morning sir, I'm Lieutenant ..........., appointed as ................under your command from today onwards" කියනකොටම ලොක්ක කිව්වලු "OK.... sling on hammock" කියල.. උතුරු පළාතේ ඩොටේ අහගන්නවත් 'සීමන්' කෙනෙක් අහලක පහලක නැති අල්ල පනල්ලේ අපේ එකාගේ හීන් දාඩිය දානවලු මේ මොකක්ද කියුවේ දැන් මොකද කරන්නේ කියල.. කෝකටත් කියල Aye Aye sir කියල ටිකක් වෙලා ඉඳල වෙන මොකුත් අවුලක් නැති නිසා සැලියුට් එකක් ගහල එලියට ඇවිත්. 

'අහන්න පුළුවන්' හැමෝගෙන්ම ඇහුවත් හොයා ගන්න බැරි වෙලා.. පහුවෙනිදා පාන්දර 6 ට විතර මම කන්කසන්තුරේ හාබර් එකෙන් ඩෝරා එකේ එලියට එනකොටම UHF සෙට් එකේ කතා කරනවා.. 

"95, this is ......... golf (G) mike (M). lima (L) tango (T) ........ ඉන්නවද? ඕවර්."
"........... this is 95, lima tango .......... on the mike. over"
"මචං ............ හියර්. ඊයේ රිපෝට් කරේ මෙහෙට. මොකක්ද Sling on Hammock කියන්නේ කියපන්. ඊයේ ආව ගමන් CO කියුවේ.. මෙහෙ කවුරුත් නෑ දන්න එකෙක්. ඕවර්."
"උඹ බය වෙන්න එපා. 'ගිහින් රෙස්ට් කරපන් මං ආයි කතා කරනකම්' කියල තමයි ඔය කියල තියෙන්නේ..ඕවර්"
"95, this is ............... shift to channel 3 please, over"
"................, this is 95, roger, shifting channel 3. out"
"95, this is ........, how do you read me here over"
"This is 95, you are loud and clear. go ahead please. over"
"උගේ අම්xx  .. මේ හුxxx ඕක ඔය විදියට කියන්න තිබ්බේ නැද්ද බං.. මට ඊයේ එළිවෙනකම් නින්ද ගියෙත් නෑ හුxx............................................. ඕවර්"

මේ පින්තුරේ දැම්මේ තනිකඩ ගෑනු දරුවෝ එහෙම ඉන්නවනම් ඒ අයගේ පහන් සංවේගය සඳහා බව කරුණාවෙන් සලකන්න. 





115 comments:

  1. වචන සෙට් එක නම් අද තමයි හරියටම දැන ගත්තෙ. එහෙන් මෙහෙන් අහලා තිබුණට නියම තේරුම දැන ගන්න පුළුවන් උනා. ඔය Aye Aye කියන එක නම් දැනගෙන හිටියා අර Pirates of the Caribbean ෆිල්ම් එක නිසා.

    ReplyDelete
    Replies
    1. හම්බේ.. එකෙක් හරි කියවලා.. මාර කික් එකක් තියෙන්නේ ඒක දැක්කම. මචෝ වචන/ යෙදුම් නම් තව සිය ගානක් තියෙනවා.. ආයෙම හිතුනොත් මේ වගේ ලියන්නම්..

      Delete
    2. Aye Aye කියන එක දැනගත්තෙ filam එක බලලද කැම...රා කටෝ. වෙන වෙලවක ඕක ඇහිලම නැද්ද ?

      Delete
    3. මම ඕක දන්නෙත් Pirates of the Caribbean ෆිල්ම් එක නිසා. අනිත් එක ඔය මුහුදු ගමන් තියෙන කාටුන් , කතා වල ඔය Aye Aye කෑල්ල තියෙනවා නේ

      Delete
    4. කම්මල මහත්තයෝ වෙන මොන වෙලාවටද සාමාන්‍යයෙන් 'aye aye' කියල ඇහෙන්නේ? කියහන්කෝ බලන්න..

      Delete
    5. @ පැතුම්, නේවි එකට යන්න කලින් මට ඕක ඇහිලා තිබ්බේ සිංහල සින්දුවක විතරයි.. 'වරෙන් යන්න මහා මුහුදේ නාන්න.. යාලුවෝ අඬගහයි මා හට' කියනෙකේ තියෙනවා නේද 'ආයි ආයි ඉප්පි ඉප්පි ආයි.." කියල කැල්ලක්.. :)

      Delete
  2. මේ දවස් වල the last ship බලන නිසා වචන ටික තරමක් හුරුයි..starboard නැත්නම් තාරකා අංගනය කියන එකේ තේරුම අද දැනගත්තේ ෆිල්ම් එක තේරුම් ගන්න එක ලොකු පහසුවක්

    ReplyDelete
    Replies
    1. සෙල්ලංද ආචාර්ය තුමෙක්ගෙන් මෙහෙම ක්‍රෙඩිට් එකක් හම්බවෙනවා කියනෙක.. ඩොක්ටර් වීරකෝන් වෙරි වෙල්කම් :)

      Delete
  3. උඹ බෝරින් කිව්වට මම නං ඔක්කොම කියෙව්වා.ඉන්ටරෙස්ටින්.ඇත්තටම මමත් දැනගෙන හිටියෙ එකම එක පාරිභාෂික වචනයයි.ආ තව ලන්ච් එකට ඩිනර් කියනව කියලත් අහල තිබ්බා.අනික්වා ඔක්කොම ගොනා සහ තණකොළ වගේ.

    ReplyDelete
    Replies
    1. හම්මේ අමාරුම කඩුල්ලක් පැන්නේ.. තන්තෝසයි එකෙන්ම.

      Delete
  4. බ්ලොග් අවකාශයෙ වටිනාකම කියන්නෙ මේකයි. මෙතනට එනව හැම ක්ශේත්‍රයකම අය. ඒ ක්ශේත්‍රවල වෙනම උප සංස්කෘතියක් තියනව.හමුදාවල මේ තත්වය හුඟක් විශේෂයි. හමුදාවල තියන උපසංස්කෘතිය දුෂ්කර තතවයන් ජයගන්න පසුබිමක් නිර්මානය කරනව කියල මට හිතෙනව.ඒක සාමාන්‍ය ජනතාවට නුහුරුයි.නමුත් හැමෝටම ඒක අළුත් දෙයක් වගේම ජීවිතයට උකහාගන්න යමකුත් ඇති.යුධ නාවික ගුවන් කතන්දරවලට වැඩි දෙනෙක් කැමතියි.
    ඒකයි විචාරකගෙයි කල්‍යානගෙයි මතකයන් හැමෝටම සුවිශේෂ වෙන්නෙ.

    ෆෝසස් විතරක් නෙමෙයි තවත් මේ වගෙ කශේත්‍ර තියනව. ඒ අයත් බ්ලොග් ලියන්න ආවොත් බ්ලොග් අවකාශය හුඟක් ලස්සන වෙයි.

    ReplyDelete
    Replies
    1. මම මේ බ්ලොග් එක පටන් ගත්තේ සේෆ්ටි ෆීල්ඩ් එක ගැන ලියන්න.. එතකොටත් කවුද ඔය කතාවම කියුවා.. හැක හැක..
      වැරදීමකින් මේ බ්ලොග් එකට දැම්මේ වැරදි නමක්. ඒකෙන් සේෆ්ටි ගැන ලියනෙක අතැරිලම ගියා.. :)

      Delete
  5. Hammock කියන්නේ අර එල්ලෙන ඇද නේද?
    Aye Aye නම් අහලා තියෙනවා! අනික්වා නම් ඉතින් ග්‍රීක් තමා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒක තමයි :) ගස් දෙකක් මැද්දේ බැඳ ගත්තම හම්මේ සැප..

      Delete
  6. මේ තියෙන්නෙ යස අගේට... අපි මේවට කැමතියි එකෙන්ම... උඹ ලියපන්.නොතේරුනොත් අපි චැනල් 3 දාගෙන එන්නම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික තේරිලා තියෙන්නේ උබට විතරද කොහෙද.. හැක හැක..

      Delete
  7. Jaws ෆිල්ම් එකේ ඉඳලා ඔය හතර පැත්ත අවුලක් නෑ. තරු පේන පැත් සටාබෝඩ්. වරායට ගහන පැත්ත පෝට්. ඇණිය කියන්නෙ ගිහිං ඇනෙන පැත්ත. අවරය කියන්නෙ අනික් පැත්ත. මම හරිද?
    අන්තිම දෙබස අවුල් මචෝ.
    මීට හිතවතී...

    ReplyDelete
    Replies
    1. //තරු පේන පැත්ත සටාබෝඩ් //

      නැවට නගින පැත්ත පුට්බෝඩ් …
      මීටර් පැනල් එක ඩෑෂ්බෝඩ් …

      වාරකං , මාදැල් ,තෙප්පං ,මාරියාව ,වලාලෙ ,මඩිය :D :D
      ඔන්න මමත් මගේ දැනුමෙන් පෝස්ටුවට යමක් එකතු කලා. එතකොට නෙවැ අගේ වැඩි ... හා නැද්ද මං අහන්නෙ ඈ .…

      Delete
    2. වාසනා වේවා පත්තර තුමනි...

      Delete
    3. බෝට්ටුවෙන් ඉතාලි යනකොට පාඩං වෙච්චි වචන නේද පත්තරයො ?

      Delete
    4. හක්ක (jaws) පනිනවනේ හිතවතී..
      //අන්තිම දෙබස අවුල් මචෝ. // ඒක දැම්මේ අවුල් කරන්නම තමයි. මෙහෙම කියවපන්.
      95 කියන්නේ මගේ කෝල් සයින් එක. (P 495 ඩෝරා එකේ) ඊට පස්සේ කියන්නේ යාළුවා ඉන්න බේස් එකේ කෝල් සයින් එක. GM කියන්නේ ගූඩ් මෝර්නින්. LT කියන්නේ ලෙෆ්ටිනන්ට් කියනෙකේ (මගේ රෑන්ක් එක) ෂෝට්න් ෆෝම් එක. ඊට පස්සේ මගේ නම කියල ඉන්නවද කියල අහන්නේ.
      ඊට පස්සේ මං උත්තර දෙනවා 'ඔව් මං තමයි කතා කරන්නේ කියලා.'
      මචං කියන තැන හිස්තැනට එන්නේ යාළුවගේ නම. ඒ පේලි දෙකම පැහැදිලියි නේ.
      සාමාන්යෙන් අපි ඔක්කොම කොමන් චැනල් එහෙක තමයි ඔපෙරේට් කරන්නේ. UHF සෙට් එක මුහුදු හැතැම්ම 5-10ක් අතර වගේ ඇහෙනවා. ඒ කියන්නේ අපි කතා කරන ඒවා ඒ අවට UHF සෙට් එක අහන ඉන්න ඕනේ එහෙකුට ඇහෙනවා. 'පෞද්ගලික' දෙයක් කතා කරන්න ඕනි උනාම අපි කරන්නේ චැනල් එක ශිෆ්ට් කරලා කතා කරන එක.
      ඉතුරු හරිය නම් උබට නොතේරෙන්න හේතුවක් නෑ.. හැක හැක..

      Delete
    5. පත්තරේ.. යකෝ මෙහෙම කාඩ් ගහනවට කියන්නේ කාඩ්බෝඩ්.. හැක හැක. උඹේ කොමෙන්ට් එක නිසා මේ පොස්ට් එකට VAT බද්දක් ගහයිද දන්නේ නෑ අගේ වැඩි වෙලා..

      @ CJW අම්මප.. වාසනාවන් මචං..

      @ කම්මල.. මං ඉස්සරහට ලියනවා මාෆියා එක ගැන.. එතකොට පත්තරයාගේ ඉතුරු අත්දැකීම් ටිකත් අහගත හැකි.. :)

      Delete
  8. අන්න හරි මචං .නාවික ආයුධ ගැනත් ලියහං . අරුදැට උණ ගැ‍ෙනෙන්ඩත් එක්ක

    ReplyDelete
    Replies
    1. මාදැල් , බිලීපිති , කරක් ගොටු , :D

      Delete
    2. පොඩි පහේ නගුලක් තියනවා ඒ ගැන ලියයිද දන්නෑ.. හැක් හැක්..

      Delete
    3. ඊළඟ පෝස්ට් එකේ මයිනහං , ටින්කරින් මිටි , පෝරු , වැලිකොළ , වියගස් , ඇරල්ඩයිට් , කපන කටු පිළිබඳ පැහැදිලි විග්‍රහයක් බලාපොරොත්තු වන්න

      - කල්‍යාන මිත්‍ර -

      Delete
    4. //නාවික ආයුධ ගැනත් ලියහං . අරුදැට උණ ගැ‍ෙනෙන්ඩත් එක්ක// අරුන්දට කෙසේ වෙතත් මටත් FCID යන්න වෙයිද දන්නේ නෑ සාක්කි දෙන්න ඕව ලියල..
      ඔය පත්තරය ලියල තියෙනවා වගේ අහිංසක ධිවර ආයුද නැත්නම් කම්මල් ආයුද ගැනනම් ඕනනම් ලියුවකි.
      CJW පොඩි = අඟල් ද මචං?

      Delete
  9. මනරම් ඈ......
    කියන්න වදන් නෑ... වදන් සේරෙරමම තෙපලා...

    ජ ය වේ වා !!!! තුමණි...

    ReplyDelete
    Replies
    1. Very good. continue reading. බොහොම හොඳයි දිගටම කියවන්න.

      (Aye! නෙවෙයි යකුනේ දෙපාරක්. Aye Aye! කියපල්ලා..)

      Delete
  10. උස්වැටකෙයියාව ක්ලබ් හවුස් එක ලස්සන තැනක් කියන එකනම් මමත් අනුමත කරනවා. නාවික හමුදා කඳවුරු පිහිටලා තියෙන තැන් ගොඩක් කොහොමටත් ලස්සනයි. ගොඩක් තැන් වලට ගිහින් තියෙන්නේ යුද්දේ තිබුණු කාලේ නිසා රසවිඳින්න වුනේ සීමාවන් යටතේ. උස්වැටකෙයියාවටනම් අවුරුදු දෙක තුනකට කලින් ආපු වෙලාවක ගියා.

    ඔය SHIT කියන වචනේ හැදිලා තියෙන්නෙත් වතුරට තෙමුනාම අවුල් දේවල් ප්‍රවාහනයේදී STORE HIGH IN TRANSIT කියන එක කෙටි කරලා ගහපු නිසා කියන කතාව ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. 'මාලිමා' කියන නමින් දැන් නම් ලංකාව වටේම වගේ නේවි එකෙන් කරන හෝටල් සෙට් එකක් තියෙනවා. මාලිමා ක්ලබ් හවුස් එකත් ඒ වගේ එකක් තමයි. ඇත්තටම ලස්සනම බීච් එහෙම තියෙන්නේ ට්‍රින්කෝ සයිඩ් එකේ. කොරල් කෝව්, රොකී පොයින්ට්, මාබල් බීච්, ග්‍රීන් බේ, සෝබර් අයිලන්ඩ්, එලිෆන්ට් පොයින්ට්, නොර්වේ අයිලන්ඩ්, රවුන්ඩ් අයිලන්ඩ්.. මේ වගේ සුපර් ප්ලේස් ගොඩක්ම තියෙන්නේ ට්‍රින්කෝ ඩොක්යාඩ් එකේ නේවි පාලනය යටතේ.. සැන්ඩි බේ වලයි සෝබර් අයිලන්ඩ් වලයි දැන් අමුත්තන්ට යන්න පුළුවන් හොටෙල් දෙකක් තියෙනවා.. ආපු වෙලාවක යන්න සෙට් කරන්නම්.
      අර SHIT කතාවනම් මම හරියටම දන්නේ නෑ ලොක්කා..

      Delete
    2. ට්‍රින්කෝ සයිඩ් එකේ ඔය ගොඩක් තැන් වලට ගියා අවුරුදු 20කට විතර කලින් කෑම්ප් එක ඇතුලේ දවස් තුන හතරක් නැවතිලා යාලුවෙකුගේ බිලට. බීච් ටික කවර් කරගෙන රවුම යන්නත් එයා බෝට්ටුවක් සෙට් කළා තැන් තැන් වල ඩියුටි හිටපු අයට කෑම ගෙනියන එකත් එක්ක. එතකොට බේ එකේ අනිත් සයිඩ් එක තිබුණේ කොටි අතේ. දැකපු සමහර බීච් තවමත් ජීවිතේටම දැකපු ලස්සනම තැන්. ෆෝසස් වල ඉන්න යාලුවන්ගේ ආරාධනා පිළිගන්න අප්සෙට්ම කේස් එක කන බොන බිල් ඔක්කොම උන්ගේ මෙස් බිලට වැටෙන එක. උන් එකෙක්වත් අපිට සත පහක්වත් ගෙවන්ඩ දෙන එකක්යැ? උස්වැටකෙයියාවේ බිලත් එතන හිටපු යාලුවා මාස කීයක් ගෙවුවද දන්නේ නෑ.

      Delete
    3. අවුරුදු 20 කට කලින් කියන්නේ හම්මේ.. මං දකින්නත් කලින් නොවැ.. දැන්නම් ගොඩක් තැන වෙනස් වෙලා.. Sandy bay වලයි Sober Island එකෙයි තියෙන්නේ අපිට සල්ලි ගෙවන්න පුළුවන් හෝටල්.. එක නිසා අවුලක් නෑ.. අවුරුදු විස්සකට කලින් නම් නේවි ඔෆිසර් කෙනෙකුට ඔය බිල් ඒ හැටි ගානක් වෙන්න නැතුවැති. අනික කොහොමත් මේස බිල් පට්ට ලාබයි 'අමුද්‍රව්‍ය වියදම' විතරනේ වැටෙන්නේ.

      Delete
  11. ඔය මොනා උනත්...ඉස් ඉස්සෙල්ලාම හැන්ඩැල්ලෝ බයිට් එකනම් කෑවෙ බොලාගෙ පොට් එකක...එක්දාස් නමසිය බර ගනන් වල..
    මදැයි එකෙක් මදිවට දැන් ඩබලක්...
    ඔහොම යං ඔහොම යං..
    උඹේම වර්ඩ්ස් වලින් කියනවනං පටන් ගත්ත ගානමයි ඉවර වෙනකොට තියෙන්නේත් හිටං...නැද්ද...ඈ..?

    ReplyDelete
    Replies
    1. "Aye aye, sir" is a phrase commonly heard present day in naval language. It is derived from a duplicate of the word "aye" which came into the English language in the late 1500s and early 1600s, meaning "Yes; even so.". It was common in dialect and is the formal word for voting "yes" in the English House of Commons.
      ඔන්න ඔහොමත් කියනවලු නේද සෑර්...!

      Delete
    2. //පටන් ගත්ත ගානමයි ඉවර වෙනකොට තියෙන්නේත් හිටං// මැදදී පොඩ්ඩක් පිස්සු කෙළියට ගානක් නෑ.. හැක හැක..
      සඳැල්ලෝ (අපේ හිටිය සමනලය ටයිප් ඩයල් එකක් කියන්නේ එහෙමයි) බයිට් එකනම් සුප්පා.. ඒ වුනාට අපි ඒකාලේ හිතුවේ තොර මෝරු බයිට් තමයි රහ කියල :p

      Sea Daddy කෙනෙක් යමක් කියල දුන්නම snotties ල පිලිගන්නවා උඩින්ම.. :)

      Delete
  12. අතිත මතක සමග කියවූ රසවත් සටහනක්.....
    ආයි...ආයි ...සර්...මතක් වෙද්දිත් හිනා යනවා...
    හරියට ඌයි... ඌයි...සර් වගේ...

    ReplyDelete
    Replies
    1. සර් ට කියන්න.. අපේ එකෙක් අදටත් කියන්නේ 'හායි හායි' කියල.. :)

      Delete
  13. ++++++++++
    Kiyewwemuya...
    Namuth dan baduya. Cool beer ekak badâgenath ninda yanawoya. Comment hetaya.

    ReplyDelete
    Replies
    1. බියර් කිව්වට කසිප්පුද කොහෙද බීලා තියෙන්නේ

      Delete
    2. Beer atharata Black poddak sandwich unâ, ekay me...

      Delete
    3. බඩුම තමයි.. අපි ඔෆිස් එනකොට මෙයාල ඕෆ් වෙලත් යකෝ..

      Delete
  14. හම්මේ, බලාගෙන යද්දී වෙනමම වචන සෙට් එකක්නේ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අඩුම තරමින් වචන හා යෙදුම් පන්සියක්වත් තියෙනවා ලියනවනම්.. :)

      Delete
    2. හිටපු නාවික හමුදාධිපති තුමන් වන අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඔය Naval termsපොතක් ලියල තියෙනවා. මගේ එක කොහෙද මන්දා...

      Delete
  15. අර හුxx කියන්නෙත් නේවි එකට ආවේනික වචනයක් වෙන්නැති නේද සර්.

    ReplyDelete
    Replies
    1. උඩම පිංතූරෙ ලයිට් තුනක් තියන පොල්ලක් උස්සන් යන්නෙ කල්‍යාණෙ නේද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අර හුxx කියන්නෙත්// අපොයි ඔව්. ඉංග්‍රීසි බාසාවේ වචන සෙට් එහෙකුත් තියෙනවා ඒ වගේ නේවි එකටම ආවේනික.. දවසකට අඩුම දහ පාලොස් සැරයක් කියුවේ/ ඇහුවේ නැත්නම් කෑවේ නෑ වගේ..
      Idiot, bloody fool, fucker, asshole, hooligan, barbarian වගේ වචන..

      අම්මප කඩුව උඩ ලයිට් තුනක් පත්තු වෙනවා මං වත් දැක්කේ නෑ නේ බං.. දැක්කනේ 'පොරක්' පාස් අවුට් වෙනකොට තියෙන assචර්යේ..

      Delete
  16. Aye Aye sir .. හුහ් ඕවා ලියලා උඹ විචා මාමගේ බෑනා වෙන්නද හදන්නේ..? අපි ඉතිං අධික වැඩ තියෙන මහත්වරුන් වුනාට කියවල බැලුව ගමේ එකා නිසා , හැක. හොඳ වෙලාවට මට නේවි එකට යන්න හිතුනේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට තමයි හිතුනෙ නැත්තෙ ...නැත්තං Aye Ayeee කියන්ඩ සිද්ධ වෙන්නත් තිබුන.

      Delete
    2. //අධික වැඩ තියෙන මහත්වරුන්// අපේ ගමෙනුත් බිහි වෙච්චි එකට මුලින්ම රෙස්පට් එක.. මගේ හිතේ තිබ්බේ විචා මාමගේ ලොකු කෙලී ගැන.. ඒ මගුල දැන් ඉවරයිනේ.. හපෝයි දොස්තර නෝනලා වනම් බඳින්න බෑ.. එයාල 'සැත්කම්' කරනවා.. එක නිසා උඹම බෑනා වෙයන්. ඕන් අපි නෑ..

      කම්මලයට මතක් වෙන්නෙම අවරය..

      Delete
  17. Boatswain / Forecastle වගේ ඒව කියන කොට බෝසන් / ෆොක්ස්ල් කියනවට අමතරව ලියනකොටත් Bosun / Fo'c'sle වගේ කෙටි කරනව නේද? එහෙම ලිවීම නිල වශයෙන් පිලිගන්නවද?

    ReplyDelete
    Replies
    1. boatswain/ coxswain/ forecastle කියන වචනත් Aiguillette/ Epaulette/ Lieutenant (අගිලට්/ ඇපලට්/ ලෙෆ්ටිනන්ට්) කියන වචනත් කියන්නේ ලියන විදියට වෙනස්ව තමයි. හැබැයි අර කියවන විදියට ලියන සීන් එක නිත්‍යානුකුල ද දන්නේ නම් නෑ බොස්.

      Delete
    2. බොස් පොඩි වෙනසක් තියනව නේද?Aiguillette/Epaulette ප්‍රංශ වෙන්න ඇති ( Lieutenant ඒවගේද දන්නෙ නෑ ගූගල් නොකර ) ඒවා ශබ්ද කරන විදිහ ලියන විදිහට වඩා වෙනස්.

      ඒත් Bosun/ Fo'c'sle ශබ්ද කරන විදිහ වෘත්තිමය විදිහට කෙටි කරපුව. මට දැනගන්න වුනේ නේවි එකේ ලියනකොට ඒව සම්පූර්ණ අකුරු ප්‍රමාණය ලියනවද කෙටි කල ඒව (සමහරවිට apostrophe සමග ) ඒ විදිහටම ලියනවද කියල (රිපෝට් ලියනව ඇති නේද)?

      මේ පාරනම් බැනුම් අහන්න වෙනව ෂුවර් එකටම (ඒත් මේ ආමි නෙමෙයි නේවි නිසා බේරෙන්නත් පුලුවන්. KM වැඩිය සීරියස් නැති sense of humour තියන rear admiral කෙනෙක් නිසා )





      http://www.quora.com/Why-are-some-nautical-words-like-boatswain-and-forecastle-not-pronounced-the-way-they-are-spelled

      Delete
    3. රිපෝට් නම් ලියුව ඒ කාලේ.. තාමත් ඉඳල හිටලා අනුන්ගේ ඒවා ලියනවා.. ඒ නැතත් staff work/ secretarial works හැම නිලධාරියෙක්ම ඉගෙන ගන්නවා. නේවි එකේ මොනම වෙලාවකවත් ඔය කෙටි විදියට ලියන්නේ නෑ.. ස්ටෑන්ඩර්ඩ් ඇබ්රිවියේෂන්ස් තියෙනවා ඊට අමතරව මොකුත් වචන වෙනස් කරන්න බෑ.
      Lieutenant කියනෙක ප්‍රනවුන්ස් කරනකොට ලියුතිනන්/ ලෙෆ්ටිනන්ට් කියන දෙවිදියටම කියනවා. ප්‍රංශ ද අප්‍රබංශ ද දන්නේ නෑ හැබැයි. Lieutenant කියනෙකේ තේරුම නම් සම්පුර්ණ රෑන්ක් එකක් හම්බ වෙන්න කලින් ඊට සුදානම් කිරීමක් විදියට නැත්නම් preceding rank එකක් කියනෙක. උදාහරණ ලුතිනන් කමාන්ඩර්, ලුතිනන් කර්නල්, ලුතිනන් ජෙනරල්.
      ඔය Rear Admiral කියනෙකත් සමහර තැන්වල ලුතිනන් අද්මිරාල් විදියට තියෙනවා. එහෙම බැලුවොත් මම ලුතිනන් ලුතිනන් ලුතිනන් රියර් අද්මිරාල් කෙනෙක්.. :p

      Delete
  18. Baggywrinkle
    Cuntline
    Jackstaff
    Limber-Hole
    Manrope
    Rollocks
    Sheave hole
    Snatch block
    Futtock
    වගේ ලස්සන යෙදුම් තාම භාවිතා වෙනවද?

    ReplyDelete
    Replies
    1. රුවල් නැති නිසා නැතුව ඇති. ඒත් සමහර රුවල් /කඹ/ බ්ලොක්ක / ටැකල් සම්බන්ධ වචන ඒවා නැති තැන්වලත් යෙදෙනව නේද?

      Delete
    2. කවුරුවත් බනින්න ඉස්සෙල්ල කියන්නෙ, මට නාවික දැකීම් නැත.
      ඇහුවෙ පණ්ඩිතකමකටනෙමෙයි සෑහෙන කාලයක් සිට Patrick O'Brien , Dudley Pope ආදීන් හා අතීත නාවික සටන් හා මූදු කොල්ලකරුවන් ගැන කියෙව්වත් වර්ථමාන නාවික දේ ගැන වැඩිය කියවා නැති නිසා ඇහුවා.

      Delete
    3. ප්‍රා ගේ වපසරිය ඉතින් අපි දන්න නිසා බනින එක කෙසේ වෙතත් මමනම් උත්තර ලියන්නෙත් දෙපාරක් බලලා.. :p නොන්ඩි වෙන්න බෑනේ.
      ඔය වචන ගොඩක් ඒවා Seamanship වල භාවිත වෙනවා. ධන්නම් ගොඩක් වෙලාවට අර කියුවත් වගේ ට්‍රේනින්ග් පර්පස් විතරයි. තැන්කියු පොස්ට් එකේ 'අගය වැඩි' කලාට..

      Delete
    4. යකෝ ප්‍රා ජේ හිමිජ්ජා වගේ හිටියට දන්න කුණුහරප ගොඩ.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ඒකනේ බොස්. මහින්ද මහත්තයා හදන්න හදපු නොව්ලේජ් හබ් එකක් වගේ කෙලින්ම..

      Delete
  19. තුමනි මම නම් අසා මෙව්වාට නෙමේ නැවක,බෝට්ටුවක යන්න.කෝ තාමත් බැරි වුනානේ අඩුම ගානේ ඔරුවකවත් යන්ට.:(

    ReplyDelete
    Replies
    1. සිම්පල් ප්ලෑන් එකක් කියන්නම්. ට්‍රින්කෝ හරි ගාල්ලේ හරි ගිය වෙලාවක මට කෝල් එකක් දීපන්කො.

      Delete
    2. එළ,එළ අනේ අපිව බෝට්ටුවක යවන්න කෝ ඔච්චර සිම්පල් එකේ සුදු අයියේ.:D

      Delete
    3. බෝට්ටුවක දාල යවන්නම්. උඹ ඉස්සෙල්ල ගාල්ලට ගොඩබිමින් ගිහින් මට කතා කරපංකෝ :)

      Delete
    4. ඒක නම් හොද ඔත්තුවක්

      Delete
    5. කොළඹ ටිකක් අමාරුයි. ප්‍රොසිඩියර් වැඩිනේ. ලංකාවේ වෙන ඕනි තැනක නේවි එකක් කිට්ටුවට යනවනම් කියපල්ලා මුහුදක් තියෙන තැනක.. බෝට් රයිඩ් එකක් සෙට් කරන්නම්.. :)

      Delete
    6. උඹ කිව්වා නම් පරිස්සමින් කියලා ප්‍රා කිව්වා හිටං. :D

      http://dreamsofharee.blogspot.com/2015/09/blog-post.html

      Delete
  20. හෙමීට කියවල එන්නං.

    ReplyDelete
    Replies
    1. හිමිට කියවනකොට තව බොරින් බං.. ඔය උඩින් පල්ලෙන් ගහල දාපන්. අවුලක් නෑ. මං දන්නවා සීන් එක. :)

      Delete
  21. සිරාවට සැහෙන්න දෙයක් දැන ගත්ත නේ.. දැන් ඔය ෆිල්ම් එකක් බලනකොට උනත් යමක් තේරුම් ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. එළය.. එහෙනම් තව ටිකක් කියල දෙන්නම් වටි හොඳයි කියල හිතෙනවනම් අරගන්න.. :)

      Delete
  22. double march? On the double ne? :P

    //එතකොට Dinner.. හෑ. අපි හැමෝම ඉතින් dinner කියන්නේ රෑ කෑමටනේ.. ඒත් එක වැරදියි. dinner කියන්නේ දවසේ අපි ගන්න ප්රධානම ආහාර වේලට..//

    බටහිර රටවලත් ' dinner ' කියන්නේ බොහෝ වෙලාවට ප්රධාන කෑම වේලට තමා. මේ ගොල්ලෝ සුද්දෝ වගේ. :D

    හරිම රසවත් පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. Double march තමයි හරි, double up, move on the double වගේ ඒවත් බවිත කරනවා සාමාන්‍යයෙන්..
      තාම නේවි එකේ පාවිච්චි කරන්නේ සුද්ද හදපු BRN සහ Admiralty Publications නේ අනේ. ඉතින් අපිත් ඇත්තටම සුද්දෝ වගේ තමයි කට්ට කළු උනාට.

      Delete
  23. ඒයි මල්ලි... අපෙ මළයෙක් හිටිය බන් නේවි එකේ ඌත් ඔය මොකක්ද රෑන්ක් එකක් තිබ්බ එකෙක්. ඕකා ඒ කාලෙ මාසෙකට සැරයක් ගෙදර එනකොට අර කැරපොත්තන්ට ගහන ස්ප්‍රේ එක...බේගෝන්...අන්න එව්ව හත අටක් අනිවා ගේනව. එව්ව ඉෂූ කරනවයි කියන්නෙ බන් නේවි එකේ බියර්ඩ් මේන්ටෙනන්ස් කියලලු. ඒ කියන්නෙ රැවුල නඩත්තු කරන්ට. බේගෝන් දෙන්නෙ මලේ රැවුලෙ අර සත්තු ජාතියක් ඉන්නෙ ( මට උන්ගෙ නම කියන්ට මොකද්ද මොකද්ද වගෙ...හිහ්..හොහ් ) අන්න එවුන් බෝවෙනවට.සමහර ඔෆිසර්ස්ලගෙ ඒ සත්තු මොනව කලත් වඳ කරන්ටම බැරිලු. එහෙම එවුන්ට නියෝග කරනවලු රැවුල තනිකර බූගාල දාන්ට කියල.

    පලි - ආ..තව එකක් ගොඩක් නේවි පොරවල් ගෙදර ගිහිල්ල එනකොටලු අර ෂත්තු ජාතිය රැවුලෙ ඉන්නවයි කියන්නෙ...:)

    ReplyDelete
    Replies
    1. මඩ ගහනවයි කියල ඔහොමත් ගහනවද හැබැට? හිටහන්කෝ මාත් අල්ල ගන්න වෙලාවක..

      Delete
    2. මේ සේලරුවෝ මොකද රැවුල වවන්නේ.. අනිත් එක සල්ලාලයෝ කියලත් කියනවා නේද? මොකද ඒ ? අපහාසෙකට නෙවෙයි හොඳද ...දැන ගන්න අහන්නේ...

      Delete
    3. අපහාසයක් නෙවෙයි ඔය දෙකම ආඩම්බරයක් විදියට තමයි 'සේලරුවෝ' සලකන්නේ.. රැවුල වවන්නේ මුහුදේදී නිතර කපන්න බැරි නිසා.. සල්ලාලයෝ වෙන්නෙත් ඉතින් ගොඩ ඉන්න තියෙන අවස්ථාව අඩු වීම නිසා තමයි.. ඒ වගේම බේබද්දෝ.. ඉක්මන් කෝප කාරයෝ.. දැන්නම් මේ තත්වයන් ගොඩක් වෙනස් වෙලා.. එත් කල්චර් එක තාම ටිකක් තියෙනවා..

      Delete
    4. අපේ එකෙක් රැවුල වවාගෙන ලොක්කට පෙන්නන්න ගිහිල්ල ලොක්ක කිව්වලු උඹ රැවුල කපපං කියල.

      Delete
    5. සති දෙකක් දෙනවා වවලා පෙන්නන්න.. මුණ පුරා හරියට වැවෙන්නේ නැත්නම් වවන්න දෙන්නේ නෑ..

      Delete
    6. චැ.//සති දෙකක් දෙනවා වවලා පෙන්නන්න.. මුණ පුරා හරියට වැවෙන්නේ නැත්නම් වවන්න දෙන්නේ නෑ.. //
      කලින් කිව්වනම් මම අද නාවික හමුදාපති

      Delete
    7. උඹ වයසට ගියා වගේම ඩයල් එකක් හිටියා මචං නේවි එකේ.. නාවික හමුදාපති වෙන මෙරිට් එකේ.. පොඩි කැපිල්ලක් නිසා යන්න උනා.. අම්මප උඹ දැක්කම මට බුවාව මතක් වෙනවා :)

      Delete
  24. සමහර දේවල් ජුන්ඩ ජුන්ඩ පුරුදුයි වගේ... බැලුව මොකෝ කියල.. හුටා මම the last ship season 2..බලනවනෙ. ඒකනෙ සිද්දිය.

    එතකොට ඔය aye aye කියන්නෙ ජේස්ටයෙක් කනිස්ටයෙක්ට ලිංගික පාඩමක් කොරනකොට නෙවෙයි එහෙනං....

    ReplyDelete
    Replies
    1. ජුන්ඩ පරිස්සම් කර ගනින්.. තව ටිකක් කියෝනකොට නැත්නම් අරකෙ සීසන් 3 වගේ එනකොට ජුන්ඩ ලොකු වෙන්නත් ඉඩ තියෙනවා.. හැක හැක..
      අහ! අර වෙලාවට කා ගහන්නේ uui uui sir කියල මයේ හිතේ..

      Delete
    2. කාමරංක ගෙඩිය වගෙ ලොකු වෙන්නත් පුලුහං නැත්තං වේලිච්චි බිලිං ග්ව්ඩිය වගේ පොඩි වෙන්නත් පුලුහං.. හිටං..හක...හක...
      ඒකත් හරි aye aye කියන්නෙ ආයෙ ආයෙ කියනව වගේනෙ....එතකොට ඌ ගැට්ට කැඩෙන්නම දාවි හිටං

      Delete
    3. ආයේ ආයේ කියලනම් වැරදිලාවත් කියනවා නෙවෙයි.. හැක හැක..

      Delete
  25. එල පෝස්ටුව....2පාරක් කියවලා බාගෙට තේරුම් ගියා.....සමහර එවුවා අවුල් වෙන්ඩ ඇත්තේ මගේ කඩ්ඩ භාවිතයෙන් තොර හින්දා හොඳටම මලකඩ කාලා හින්දා වෙන්ඩෑ

    තව විස්තර දෙන්ඩොු්

    ReplyDelete
    Replies
    1. ලොකයියා ඉතුරුවා කියල දෙයි. ඔය කඩද මලකඩ කන්ද නොදී ඉඳල හිටලා ටිකක් පොලිෂ් කරලා තියාගන්.. මොනදෙටත් වටිනවා..

      බලමු ඉස්සරහට.

      Delete
  26. ඉස්කෝලේ යන කාලේ කැඩෙට් කාරයෙක් වෙච්චි මට මේවා දැක්කහම ඉතින් කාන්තාරේ වතුර පනිට්ටුවක් දැක්කා වගේ තමා!
    බලමු මේ ඩිග්රි එහෙම ඉවර වෙලා ඇතුළට එන්න අදහසකුත් තියනවා ;)

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ පුළුවන් හැම එකාම අඩුම අවුරුදු පහකටවත් එහෙම ගිහින් එනවනම් දෙපැත්තටම හොඳයි. අපිනම් දැන් එලියට ඇවිත් ගොඩක් කල් නාඩියෝ..

      Delete
  27. මං ඉන්න පලාතේ අය Yes වෙනුවට භාවිතා කරන්නේ "Aye" (wey aye, man!) (Geordie)

    ඉස්කෝලවල් වල කෑම බෙදන ගැහැනුන්ට කියන්නේ "dinner ladies' කියල කියනවා අහලා තියෙනවා නේද? (A woman who serves meals to children in a school.)

    ReplyDelete
    Replies
    1. ඉන්න පළාත කියුවට උඩරට නම් වෙන්න බෑ :) මොනවා උනත් නාවික අභාෂයක් ලඟින්ම තියෙන බවක් දැනෙනවා..

      Delete
  28. අඩේ සම්පූර්ණයෙන්ම අලුත්.සාමාන්‍ය් දැනීමටත් පට්ට වටිනවා.එතකොට අර සම්හර හදිසි අවස්තාවල,අනතුරුවලදි එහෙම මේඩේ මේඩේ කියල කියන එකේ තේරුම මොකද්ද??

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹ මාව අමාරුවේ දානවා කොල්ලෝ. ඔය සිග්නල් කොමිනිකේෂන් ගැන මං වෙනම පොස්ට් එකක් ලියනවා කියල මේකේ උන්ට චන්ද පොරොන්දුවක් දීල තියෙන්නේ.. මේක දැක්කොත් උන් ආයි අවිස්සෙනවා.
      එනිවේ, මේ ඩේ (may day) කියන්නේ ඩිස්ට්‍රස් සිග්නල් (distress signal) එකක් හැමෝම (navy/ merchant navy) දන්න. ඒ වගේ තව එකක් තමයි SOS (save our soul) කියන්නේ. නැවක් යම් අපදවකට ලක් වුනාම නියමිත සංක්‍යාතයක් හරහා මේ මැසේජ් එක පාස් කරනවා. ඒක අහගෙන ඉන්න අනිත් නැව් හෝ ගොඩබිම මෙහෙයුම් මද්‍යස්ථාන ඒ වෙලාවට උදව්වට එනවා. වැඩි විස්තර පසුවට..

      Delete
    2. වැඩි විස්තර පසුවට..

      Delete
    3. නෝ කමිට්මන්ට්ස් හියර් ආෆ්ටර් :)

      Delete
  29. හයියෝ.................ටෙලිකොමා මාව කෑවා. ඒ නිසා එන්න පරක්කු උණ. අප්පේ...............ඇති යන්තං ලියන්න 'පිලිබඳ සිත්' පහල වෙලා තියෙන්නේ.

    වෙලාව ලියන ආකාරය ත්‍රිවිධ හමුදාවටම පොදුයි නේද? පයිප් කෝල්ස් එකකවත් ඕඩියෝ ක්ලිප් එකක් දැම්මනම් හොඳයි. අර බෝට්ටුවේ පින්තූරය තව ටිකක් ලොකුවුනානම් හොඳයි.

    ආමි එකේ කැප්ටන් කෙනෙක් නේවි එකේ කැප්ටන් කෙනෙකුට මචං කිව්වලු.

    දැනේ පෙනෙනවා නේද හමුදා තොරතුරු ලියනවානම් බලන්න අය ඉන්න බව.

    ReplyDelete
    Replies
    1. ටෙලිකොමා එතකොට ඩයලොගා අම්මප මේ ඔක්කොම එන්නේ ඔබ තුමාටමනේ.. ඔය ලින්ක් බින්ක් දාන්න මං හරි කම්මැලියි අෆ්ෆා..
      මචං උඹත් කැප්ටන් මාත් කැප්ටන් කිව්වළුද? හැක හැක හැක..
      අම්මප ට්‍රැෆික් වදිකරගන්නනම් කියාපු සබ්ජෙක්ට් එක තමයි.

      Delete
  30. විචාරක තුමාට පස්සෙ ලංකාවෙ ආරක්ෂක අංශයක් පිළිබඳ ලියවෙන මේ විස්තර බොහොම කැමැත්තෙන් කියවනවා ලොකු මාමෙ. කැඩෙට් කරුවෙක් විදියට ඔබ මුලින් විස්තර කරන සරඹ අපිත් කොරාපුවා නොවැ. නමුත් වමට දකුණට හැරෙන විදිය වෙනස් නේද නාවික හමුදාවෙ සරඹ වළදි.

    අනිත් කාරණය තමයි නාවික හමුදාවෙදි සැලියුට් කරන විදියෙ වෙනස. මොකක්ද එයට හේතුව...

    ReplyDelete
    Replies
    1. කැඩෙට් පුතාගේ සින්දුව පට්ට පුතේ.. ඔන්න මං දාන්න හැම විදියටම ලකුණු දැම්මා..
      වමට දකිනට හැරෙන සීරුවෙන් පහසුවෙන් ඉන්න හැම එහෙකම නේවි එකේ ප්‍රධාන වෙනස තමයි කකුල හයියෙන් පොළොවේ ගහන්න නැති එක. නැව් තට්ටුව උඩ සරඹ කරද්දී ඔහොම ගහන්න ගියොත් නව හීල් වෙනවනේ මචෝ. එක නිසා කකුල ඇදල අරන් හීල් දෙක හප්පලා තියෙනවා.
      එතකොට සැලියුට් කරන විදිය.. ඉස්සර නාවිකයෝ මුහුදේදී අම්බානට මහන්සි වෙනවනේ බං රුවල් කඹ එහෙට මෙහෙට අදින්න. හබල් ගාන්න, ගල් අඟුරු එන්ජිමට දාන්න එහෙම.. ඉතින් උන්ගේ අත්ල පට්ට කිලිටුයි හැම වෙලේම.. ඒ අත්ල හංගන්න තමයි නේවි එකේ සැලියුට් එක ගහනකොට පිටි අත්ල පේන්න ඒ සරඹය කරන්නේ. ඔය වගේ හැම ඩ්‍රිල් එහෙකටම හේතුවක් තියෙනවා.
      ජයවේවා! අයි පුළුවන් වෙලාවක වරෙන් මේ පැත්තේ..

      Delete
    2. සති අග තමයි එන්න වෙන්නෙ...අර මම වතාවක් විස්තර කිව්ව සංචාරක අංශයෙ මහා ප්‍රදර්ශනය මේ සිකුරාදා පටන් ගන්නවා...එතනින් පස්සෙ තමයි ඉසිඹුවක් ලැබෙන්නෙ...ඔලුව ගිණි අරගෙන වගේ වැඩ මේ දවස් වල.

      Delete
    3. එළ එළ.. සුබ පතනවා බොක්කෙන්ම. සින්දු ගේමත් අතාරින්න එපෝ..

      Delete
  31. ක්ලබ් හවුස් එකට අපි වගේ අයට විවෘත නෑ නේද?
    හමුදාවේ නිල සහ නාවික හමුදා නිල සමාන නැද්ද? නාවික හමුදා නිල පහල සිට ඉහලට විස්තරයක් කියපන්.

    ReplyDelete
    Replies
    1. නැත්තේ මොකද? ඒක නිකම් හෝටලයක්. ඕනේ එහෙකුට යතහැකි. එක කැල්ලක් තියෙනවා ඔෆිසර්'ස් ලට වෙන් කරපු A/C බාර් එකක්.. ඒකට යන්න නම් නේවි ඔෆිසර් කෙනෙක් එක්ක යන්න ඕනි.. තව ෂෝට් ඇඳන් යන්න බෑ වගේ වෝර්ඩ් රූම් ඉශු ටිකක් තියෙනවා.. අනිත් ඕනිම තැනකට යන්න පුළුවන්. පට්ට ප්ලේස් එක වෙලාවක සෙට් වෙමු.
      මුලින්ම කැඩෙට් ඔෆිසර් (Cadet Officer) අවුරුද්දක් ඉන්නවා. ඊළඟට මිඩ්ෂිප්මන් (Midshipman) අවුරුද්දයි. මේ දෙකම ට්‍රේනින්ග් රෑන්ක්ස්. පාස් අවුට් වෙනකොට ඇක්ටින් සබ් ලෙෆ්ටිනන්ට් (Acting Sub Lieutenant). තව අවුරුද්දක් ඉන්නකොට සබ් ලෙෆ්ටිනන්ට් (Sub Lieutenant). ටෝටල් සර්විස් එක අවුරුදු හතර හමාරෙන් ලෙෆ්ටිනන්ට් (Lieutenant). ඒ රෑන්ක් එකේ අවුරුදු 6ක් ඉන්නකොට ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් (Lieutenant Commander). ඔතනට එනකම් හැමෝම සිනියෝරිටි (Seniority) එකට අනුව ප්‍රමෝට් වෙනවා. එතනින් එහාට යන්නේ මෙරිට් (Merit) ප්‍රමෝෂන්. කමාන්ඩර් (Commander), කැප්ටන් (Captain), කොමඩෝර් (Commodore), රියර් අද්මිරාල් (Rear Admiral), වයිස් අද්මිරාල් (Wise Admiral). සාමාන්යෙන් ලංකාවේ නාවික හමුදාපති වෙන්නේ වයිස් අද්මිරාල් කෙනෙක්. වසන්ත කරන්නාගොඩ විතරයි නාවික හමුදාපති ඉන්න ගමන් අද්මිරාල් (Admiral) නිලයට උසස් කරේ.. යුද්දෙන් පස්සේ. නැත්නම් නාවික හමුදපතින් කෙනෙක් විශ්‍රාම යනකොට කොම්ප්ලිමෙන්ටරි ප්‍රමෝෂන් එකක් විදියට අද්මිරාල් කෙනෙක් විදියට උසස් කරනවා.. එච්චරයි. යුද ගුවන් හමුදාවලත් ක්‍රමය ඕකමයි නමුත් මේවට සමාන්තර නිල වලට කියන නම් වෙනස්. එක විකිපීඩියා වගේ තැනකින් චෙක් කර ගත හැකි. ලොකු නේවි වලනම් අද්මිරාල් ට පස්සේ තව රෑන්ක් එකක් තියෙනවා ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් (Admiral of the Fleet) කියල.. ෆ්ලීට් (Fleet) කියන්නේ නැව් ගොඩක් එකතුකරලා හදන නැව් කණ්ඩායමකට.. ඒ වගේ ලොකු නැව් කණ්ඩායමක ලොක්කට තමයි ඒ තනතුර දෙන්නේ.. එත් ලංකාවේ නේවි එක එච්චර විශාල නැති නිසා අද්මිරාල් කෙනෙක්වත් නෑ.. ෆීල්ඩ් මාෂල් (Field Marshall) කියන තනතුර සමාන වෙන්නේ ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් කියනෙකට.. තව මොනවද දැන ගන්න ඕනි කියපන්.. හිතේ තියන් ඉන්න එපා.. හැක හැක හැක..

      Delete
    2. Wise Admiral නෙවෙයි Vice Admiral වෙන්නොනේ.. හැබැයි ගොඩක් උන්ට Wise නැති නිසා Vice වෙන්න බැරුව යනවා..

      Delete
    3. එල ද බ්‍රා..
      මට ක්ලබ් හවුස් එකේ වෙබ් එක දිපන්

      Delete
  32. දිගටම මෙව්වා ගැන ලියන්ඩෝ, ආසාවෙන් කියෙව්වා. දන්නෙම නැති ක්ෂෙත්‍රයක් ගැන ලිවිවම අපිටත් ඒ ගැන දැනගන්න ලැබෙනවානේ. නැව් ගමන් වලට නම් මමත් සෑහෙන කැමතියි.

    ReplyDelete
    Replies
    1. හනේ.. මෙන්න මෙයත් ඇවිත් කියෝලා ගිහින්. මේ ටිකේ බිසී උනා සහෝදරි.. එක්සෑම් සීන් එකක් නිසා.. තව දවස් දෙක තුනකින් ආයි ලියනෝ.. එතකොට නැව් ගමනකුත් යන්න කතා කරන්නම්කො..

      Delete
    2. එතකොට නැව් ගමනකුත් යන්න කතා කරන්නම්කො..
      හුටා...

      Delete
  33. මං ගිහින් තියෙන්නේ ට්‍රින්කො නේවි බේස් එකට විතරයි. ඒකත් ට්‍රිප් එකක්. කල්චර් එක ගැන දැනගන්නත් එක්ක කමියයියා ලියන එක ගොඩක් හොදයි.

    ReplyDelete