Wednesday 2 December 2015

ආත්මාර්ථකාමී බ්ලොග්කරනය හා අතෙන් කයිට් කොමෙන්ට්කරනය Selfish Blogging vs Solicitous Commenting

දෙකෙන් එකක් තෝරා ගැනීමට කාලය එළඹ තිබේ..

පුළුවන් තරම් කාලයක් බ්ලොග් පෝස්ට් ලිවිම හා සහෘද බ්ලොග්කරුවන්ගේ පෝස්ට් කියවා ඒ වෙනුවෙන් යම් අදහසක් කොමෙන්ටුවක් ලෙස ඉදිරිපත් කිරීම කරගෙන ආවෙමිය.. පහුගිය දෙතුන් මසක සිට බ්ලොග් ලියන එක සැහෙන දුරට මඟ හැරී ගියේ වැඩ ටිකක් වැඩිවූ නිසාවෙන් වන නමුත් ඒ කාලය පුරාවටම මගේ ලිස්ට් එකේ මෙන්ම මාතලන් සින්ඩියේ, අටම්පහියේ, කුරුටු සින්ඩියේ, අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයේ, හැලප අයියගේ රාජ් ගේ හා විචාරකගේ  ආදී මෙකි නොකී අටෝරසියක් සින්ඩි හා බ්ලොග් වලට අලුතෙන් එකතුවෙන ලිපි කියවා සටහනක් තැබීමට මට 'moral obligation' එකක් ඇතැයි සිතා ඉඩ ලැබෙන සැම විටෙකම අතට අහුවෙන ක්‍රමයකින් ලොග් වී කොමෙන්ට්කරනය අතපසු නොකර කරගෙන යාමට උත්සහ දැරුවෙමිය. ඒ වෙනුවෙන්ම උලව් ඉස්මාට් ෆෝන් මගුලක්ද මිලදී ගත් අතර එයින් බ්ලොග් කියවා කොමෙන්ට් කරන විට දෙක දෙක නොව දෙක තුන වදින ලෙඩක්ද හදාගෙන රවියා, දෙමල නයන්නා වැනි මහත්වරුන්ගේ කුණු කතාද සාවධානව ඉවසා සිටියෙම්ය.. දැන් නම් බිත්තියටම තදවී ඇති බැවින් 'බ්ලොග්' සඳහා වෙන් කළහැකි කාලය සැලකිය යුතු ප්‍රතිශතයකින් කපා දැමීමට සිදුවී ඇතිය. ඉදින්.. දෙකෙන් එකක් තෝරා ගත යුතුය.. 
 දෙක යනු.. 

එක.. තොපි කියෙව්වත් එකයි නැතත් එකයි.. මගේ බ්ලොග් එකේ මන් ලියනවා.. උඹලට ඕනිනම් බලලා කොමෙන්ට් කරපල්ලා.. නැත්නම් කුදගහගනියව්..හැබැයි මගෙන් රිප්ලයිවත් උඹලගේ අටමගල් කියවන්න එයි කියලවත්නම් බලාපොරොත්තු වෙන්න එපා.. ආදී වශයෙන් සිතා.. හිතට එන දේ 'මගේ බ්ලොග්' එකේ ලියා දමා කඩේ වසා ආත්මාර්ථකාමී බ්ලොග්කරනයේ යෙදීම....

දෙක.. 'මගේ බ්ලොග්' එක සම්පුර්ණයෙන්ම අත හැර සිත් සේ පිනුම් ගැසිය හැකි බ්ලොග් ලිස්ට් එකක් හොයාගෙන අනුන් වෙනුවෙන් අතෙන් කයිට්  'කොමෙන්ට්කරනයේ' පමණක් යෙදීම..  

මේ කැටගරි දෙක හා කලින් කියූ සමබර (සමබර කියුවට සමබරම නොවෙයි එක් අන්තයකටම නොගොස් සිටින) බ්ලොගාල බොහෝ දෙනෙක් මතක් උනත් ඉල්ලගෙන කන්න ඕනේ නැති නිසා 'එක' කැටගරිය ගැන නොහිතා නොලියා සිටිය යුතුයැයි සිතමිය.. 

'දෙක' ගැන කියන විටනම් සුපිරි නම් කීපයක්ම මතකෙට එයි.. 

ගෝරිල්ලන් ගැන පමණක් නොව ලස්සන ගෑනු ළමයින් ගැනද අතිශය උනන්දු ප්‍රා ජේ බ්ලොග් එකක් ලියුවානම් එය සිංහල එන්සයික්ලෝපීඩියා එකක් වනු නොඅනුමානය.. 

එකෙක් මලා කියුවත් එලද බ්‍රා කියන බ්‍රා මෙන්ඩා ලියන්න ගත්තොත් යාන් හෑල්ලට එහා ගිය ආත්ම කතනයක් කියවිය හැකිවනු ඇත. 

ඩබල් ආදිපාද කම්මල වරක් සිරාගේ හතේ කාමරයට උගේ දොස්තර ලවු එක ලියා යැවුවේය.. එය කියවූ උන් මේකා නොලියන එකට මුගේ හතර වරිගෙටම බැන්නේය.. 

ගෙදර උන්දැට 'ගරු කරන' නිසා නොලියා හිටියට පත්තරයා කතා සාගරයකි. 

ලොවෙත් නැති බ්ලොග් එකක් ලියන னයන්න දෙමල praයන්න ඉංගිරිස් කොන්ක්‍රීට් බාසුන්නැහේ දේශකයා ගේ අවතාරය නොව දේශකයාම බව සමහරු පලි ගහන්නේ  ඌ ලියපු සමහර කොමෙන්ට් වල 'ගුණාත්මක' භාවය එතරම් ඉහල නිසාය.. 

කාලයක් මේ සෙට් එකේම හිටපු ඇනොපිලිස් මුද්දා ට ඩෙංගු හැදිලා නිසා දැන් ඌ බ්ලොග් පැත්තේ එන්නේ නැත්ද කොහෙදය.. 

තව මේ වගේම අතින් කයිට් කොමෙන්ට් කාරයෝ සිටියත් මේ අයගේ විශේෂයක් ඇත්තේ අනුන්ගේ බ්ලොග් එකක් තමන්ගේ වගේ කරගෙන නොමසුරුව ඒ වෙනුවෙන් කොමෙන්ට් වියදම් කිරීම හා බොහෝ විට මුල් කොමෙන්ට් එක දෙකෙන්ම සෙට්වී පෝස්ට් එක ගැලවී විසිවෙන තුරු කොමෙන්ට් හරඹය ඇදගෙන යාමට ඔවුන් දක්වන කැපවීමය.. මට ඇත්තටම ආස එහෙම එකෙක් වෙන්නටය..  එහෙත් එච්චර වියදම් කරන්නට හිත හදා ගන්නටත් අමාරුය.. 
ඒක නිසා හිත හදාගෙන පළවෙනි කාණ්ඩයට එකතු වෙන්න හිතුනත්.. එක්කෝ ඕනා නැතිය.. කාලා බිලා පුරුදු වෙච්චි එකා ගේ අස්සේ කොටුවෙලා ඉන්නවා වගේ ඒක මටනම් මෙලෝ රහක් නැතිය.. 

අම්මට සිලි.. මෙහෙම ලියාගෙන යනකොට තවත් ක්‍රමයක් මතක් විය.. එනම්.. බ්ලොග් ගනු-දෙනුවකට යාමය.. වෙන විදියකින් කියුවොත් මන් ලියන ඒවා බලල කොමෙන්ට් කරන උන්ගේ බ්ලොග් මාත් කියවා කොමෙන්ට් කරනවා' වැනි අසාධාරණ නොවන එහෙත් ආත්මාර්ථකාමී සංදිස්ථානයක් හොයා ගැනීමය.. ටිකක් හිතාගෙන යනකොට හැබැවටම ගොඩක් උන් කරන්නෙත් ඒකය.. මටත් එහෙම ඔප්ෂන් එකකට ටික කාලයකට හරි යන්න හිතෙනවාය.. 

එකතකින් මෙච්චර කල් හොයා හොයා බ්ලොග් කියෙව්වේ අජිත් ගමයා මට පවරපු රාජකාරියක් නිසාය.. එනම් ඊළඟ බ්ලොග් සම්මානෙට සුදුසු ඒවා තෝරන්නට උදව් වෙන්න  කියාය.. ඒ වැඩේ මන් මට හැකි අයුරින් උපරිමෙම්ම කල බව සතුටෙන් කිව යුතුය.. දැන් උවත් මගේ අද වෙනතුරු යාවත්කාලින කරන ලද 'නිර්දේශිත බ්ලොග් පොස්ට්'  ලැයිස්තුව ඉදිරිපත් කල හැකිය.. මේ මාසෙන් ඒ වගකීමත් ඉවර නිසා මගේ තේරීම පහසු වනු ඇතිය.. අජිත් ගමයාට දැන් මගේ නිර්දේශ වලින් වැඩක් තිබුනා නැතා මේ මාසේ අවසන් වෙන විට විස්තරයක්ද සමඟ මගේ නිර්දේශ ලැයිස්තුව මේ බ්ලොග් එකේම පල කිරීමට හිතා ඉන්නවාය.. ඒ වගත් එසේය.. (මාතලන් ගෙන් කොපි කරන ලදිය..)

හරිනම් දැන් මුලටම ගොස් මාතෘකාවේ සිටම වෙනස් කොරගෙන ආ යුතුය.. ඒත් ඔන්නොහෙ ඒකට කම්මැලිය.. තවමත් අවසන් තීරණයක් ගෙන නැති නිසා සමහර විට මේ පොස්ට් එකට වැටෙන කොමෙන්ට් වලටත් මගෙන් රිප්ලයි නොවැටිය හැකිය.. එසේ වුවොත් මාගේ චොයිස් එක 'එක' බව සැලකිය යුතුය.. නැත්නම් උඩුකුරිඥ්ඥ වෙලාම වෙන්නත් පුළුවන්ය.. 

237 comments:

  1. ලේසියෙන් නොවෙන විදිහට අද මම එක වෙලාද කොහෙද...

    ReplyDelete
    Replies
    1. මටනම් ලියන්න බැරි වෙලාවේ ගැටලුවකට වඩා මම ඉන්න තැන සම්බන්ධ ගැටළුවක්...
      ඔපීසියේ මම ඉන්නේ පාරේ හතරමං හන්දියේ නිසා හෙණ වාතයක්...
      ඒ මදිවට ලොකු බොසයි, පොඩි බොසයි ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ, උන් දෙන්නගේ හිතේ, අතේ කටේ තියෙන ගැටළු අහන්න වෙන්නෙත් මටනේ. දහ පාරකට වඩා අහපු කතා වලට බාගෙට හරි හිනා වෙන්නත් එපැයි...

      බ්ලොග් බැලිල්ල සහ කමෙන්ට් කිරිල්ල නම් දිගටම කරනවා, බාගෙට ලියපු පෝස්ට් හැට හුටා මාරක් තියෙනවා...
      අර උඹ කිව්වත් වගේ කමෙන්ට් ඔස්තාර්ලා සෙට් එක බ්ලොග් වලට ලොකු සේවයක් කරනවා...
      උන්ටිකත් නැති උනානම් දැනටත් තරමක පාළු ගතියකින් තියෙන බ්ලොග් අවකාශය ගොඩක් පාලු තැනක් වෙන්නත් ඉඩ තිබුනා...

      ඇත්තටම උඹ කියපු අපේ උන් සෙට් එක බ්ලොග් නොලියන එක අපරාදේ තමයි...

      Delete
    2. කොමෙන්ට් නොකරත් බ්ලොග් නොලියුවත් 'මතකයේ රැඳුනු තැන්' කියවන්න නම් මං එනවා.. ඒක වැඩිය අවුලකුත් නෑ.. ඇයි බොල අවුරුද්දකට එකයි දෙකයි නෙහ්..නොලියන බෝව අර කළු කොටියම කාපිය .. හඃ..හඃ..

      Delete
    3. මම ඇයි බං අලුතෙන් බ්ලොග් එකක් ලියන්නෙ මේ බ්ලොග් ඔක්කොම මගෙනේ..
      උඔලාට වඩා මම උඔලා ලියන ඒවාට ආදරේයි..

      ලොකු
      උඔගේ බාගේට ලියපු ටික සම්පුර්න කරපන්..මතකද කලු කොටියාට හම්බවුන කමෙන්ට්..ඒ ලිපිය අදටත් ආය පාරක් කියවන්න හිතෙනවා

      Delete
    4. ලොක්කා, ඔය හතරමං හන්දියට කලර් ලයිට් එකක් හයිකරල හරි උඹ අායෙ ලියන්න පටං ගනිං.

      Delete
    5. ආ...ලොක්කා උඹේ එක්ස්ප්ලනේශන් එක පිලිගන්න අමාරුයි. හවසට බොන එක නවත්තල ලියපං

      Delete
    6. ආ...ලොක්කා උඹේ එක්ස්ප්ලනේශන් එක පිලිගන්න අමාරුයි. හවසට බොන එක නවත්තන්න එපා බොන දවසට මටත් කතා කරපන්..බිලා උඔ ලියපන් මම කමෙන්ට් කරන්නම්..

      Delete
  2. 'නිර්දේශිත බ්ලොග් පොස්ට්' ලැයිස්තුව ඉදිරිපත් කල හැකිය..

    අනේ කොහොම හරි අර [අ]විචාරක සර් ලොක්කට මොකක් හරි කට්ටක් දෙන්න. දෙන්නම එකක් නැත්නම් " ඔරොප්පු වලිප්පුව" කියාලා මවලා හරි එකක් හදලා දෙන්න.ස්පොන්සර්ලා අපි හොයලා දෙන්නම්

    ReplyDelete
    Replies
    1. ඔබේ නිර්දේශයත් තියෙන නිසා සලකලා බලන්නම්.. :)

      Delete
    2. @ Anonymous2 December 2015 at 19:02

      හිතේ අමාරුව යන්න දෙකක් දාගෙන නිදාගන්නවා දරුවා. ඔය හිත් වේදනාව තමා මියයනතුරුම නැති නොවන බව මතක තියාගන්නවා හොඳයි. අපි දුන්නොත් දෙන්නේ අන්න ඒ විදිහටය.

      Delete
    3. අපි දුන්නොත් දෙන්නේ අන්න ඒ විදිහටය.......ඔයා තරු ඔටුණු ගහන්න දිපු හරිය අපි ඔක්කොම දන්නවා ........අන් අය දැනගත් විට ඒවා ...ඔබේ මුහුණට XX හරවනවා

      Delete
  3. ඔය ක්‍රම තුන හැරෙන්නට බ්ලොග්කරණයේ යෙදිය හැකි තව ක්‍රම ඇත්තේම නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන හිතන්නේ නෑ කියලා තමයි හිතන්නේ.. :-) (මෙයත් මිහිඳු සාදු ජාතියේ ප්‍රශ්ණ නේ අහන්නේ..)

      Delete
    2. පුළුව්න පනේ ගිනිපෙට්ටි වලට නම දාන්න බැරි පොරට කියලා ලියවගෙන තමන්ගේ නමින් Publish කිරිම

      Delete
    3. මේ ක්‍රම තුන ඇර තව ක්‍රම තුනක් තියනවා ඒත් මේ ක්‍රම තුනම තමා

      Delete
  4. බ්ලොකරුවෝත් මනුස්සයෝය...

    ReplyDelete
    Replies
    1. බ්ලොකරුවෝත් කන බොන ආතල් දාන මනුස්සයෝය...

      Delete
    2. වෙන්නත් පුලුවං තමයි.

      Delete
    3. ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා
      රැව් දෙන්නේ මරණින් පස්සේ
      කී දොස් නැවතී එතුවක් පැවතී
      හොඳ මතුවේ මරණින් පස්සේ...

      නොතකා සිටි ඒ වටිනා ජීවිත 
      පොළොවේ සැඟවෙන දා
      කළ මහ සේවා සත්ගුණවත් කම්
      ගුවනේ රැව් දෙනවා...

      මේ ඉර හඳ යට පුහුදුන් වූ අප
      කාටත් වරදිනවා
      යම් යම් තැන්වල සමහර සිතුවිලි
      කාටත් පැටලෙනවා...


      ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
      තනුව සහ සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
      ගායනය : මයිකල් පීරිස්

      Delete
  5. කලා හිත තුමාට බ්ලොග් හෙම්බිස්සාව හැදිලා වගේ.... සින්හල බ්ලොග් ලියන කටුස්සො හොඬවැල දිගේ ඇතුලට ඇවිත්....

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුවා සිංහල බ්ලොග් ලියපු කටුස්සට මොකද උනේ කියල.. බැලින්නං.. හඃ හඃ..

      බයි ද වේ.. සරස තුමා මං බ්ලොග් වල දැකපු සුපිරි ඩයල් එකක්.. පුළුවන් හැම වෙලාවේම මල්ලේ පොල් ගනින්න නම් මං එනෝ..

      Delete
    2. සරස තුමාගෙ මල්ලෙ පොල් එක රෝලෙන් මිසින් වෙලා.. ආයෙ දාගන්න ඕන.. උදලු දෙයියා..

      Delete
  6. වැඩ ටිකක් වැඩි වුනාම බිලොග් පෝස්ට් එකක් දාන්න පරක්කු වෙනවා.බිලොග් බැලුවත් කොමන්ටුවක් දාන්නවත් වෙලාව නැති වෙනවා.සමහර වෙලාවට අපේ බිලොග් පෝස්ට් වලට දාන කොමන්ටු වලට රිප්ලයි කරන්නත් වෙලාව මදි වෙනවා.මටනම් පහුගිය දින කිහිපයේ බිලොග් වලට එන්න වුනේම නෑ.හේතුව වැඩ අධික වුනා.ඒත් බිලොග් එකට ආවම වචන දෙකතුනකින් හරි මොනවා හරි දෙයක් කියලා කොමන්ටුවක් දාන්න,රිප්ලයි කරන්න හිතෙනවා.

    කමියෝ ... තොපි කියෙව්වත් එකයි නැතත් එකයි..කියලා උඹ නොඇවිත් එහෙම ඉන්නවා නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. මගේ අතින් යම් යම් බ්ලොග් ලියන්නන් ට බ්ලොග් කියවන්න බැරි වෙලා අසාධාරණයක් වෙලා තියෙනවනම් උඹ ඒ එකෙක්.. ඉස්සරහට ඒ වැරැද්ද වෙන්න තියන්නේ නෑ..

      Delete
    2. කමියට කොඩිවිනයක් කරල දාමුද මනෝ.

      Delete
  7. උඹ අර නාවික හමුදාව සම්බන්ධයෙන් ලියන ඒවා නැවැත්වුවොත් ඊට විරුද්දව මානව හිමික නඩුවක් ගොනු කරනවා ප්‍රා ජේ ට කියලා.

    ReplyDelete
    Replies
    1. නොලිය ඉන්නත් බැරි ඒවම තමයි.. කොමෙන්ට් කරන්නේ නැති වෙනම සෙට් එකක් ඉන්නවා ඒවා කියවන.. උන්ගෙන් තමයි වැඩිම බලපෑම.. :)

      Delete
    2. මමත් කියන්න ආවේ මේකම තමයි. නාවික හමුදා අත්දැකීම් කියන්නේ පුද්ගලික දෙයකට වඩා ඉතිහාසය ලිවීමක්.
      අනාගතේ සෙල්ලිපි වෙන්නේ මේකේ ලියන එව්වා තමයි. පළමු පෙළේ අත්දැකීම් ඊටත් වඩා වටිනවා.
      මොන රෙද්ද නොකරත් කමක් නැහැ බ්ලොග් ලියන එක නවත්තන්න එපා!

      Delete
    3. ඒ ගමන් ඉයන්ට විරුද්දව මානව හිමික නඩුවක් ගොනු කරනවා ප්‍රා ජේ ට කියලා සිංදු නොලියා හිටියොත්

      Delete
    4. ඉයන් උඹ ලියල තියන පෝස්ටුව ඉල්ලා අස්කර ගනිං, මාත් දානව ප්‍රාජේ ට කියල මානව හිමිකම් නඩුවක්. බලහං මම ලියපු එකම පෝස්ට් එක බැලුවනම් උඹලට මගෙ වේදනාව තේරෙනව.

      Delete
  8. වෙලවක් තියෙනවා නම් අනිත් බ්ලොග් කියෝපං.. පුලුවන් නම් කොමෙන්ටුවකුත් දාහං.. හැබැයි..., වෙලාව හොයාගෙන හරි ලියහං.ඒක නවත්තන්න එපා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ 'එක' ට කිට්ටු විසඳුමක්.. හඃ හඃ..

      Delete
  9. මේ පෝස්ට් එක දැම්මෙ මමද කියල දෙතුන් පාරක් හොඳට බැලුව.මාත් හැම තැනටම ගිහින් කොමෙන්ට් කරන කෙනෙක්. අලුත් බ්ලොග් එකක් දැක්කොත් ඒකට උදව්වක් කරනවමයි.
    ඔය විකල්ප වල පළමුවෙනි එක ගැන මටත් කීප සැරයක්ම හිතිල තිබුන. බොහෝම පන්ඩිතමානී බ්ලොග්කරුවන් ඉන්නව කවදාවත් කිසිම බ්ලොග් එකක කොමෙන්ට් කරන්නෙ නෑ. වෙලාව කතා බොරු .ඔවුන් දවස තිස්සෙම ඉන්නෙ බ්ලොග් එකේ නැත්නම් බුකියෙ.

    අපි බ්ලොග් ලියන අය දේශකයො ලෙසත් අනෙක් අය ශ්‍රාවකයො ලෙසත් සිතන්න නරකයි. ඒකයි අනෙක් අයගෙ කොමෙන්ට් කරන්නෙ.
    ඔය බ්ලොග් ගනුදෙනු කතාව ගැන කියනවනම් බ්ලොග් ලෝකෙ එහෙම දෙයක් තියනව. මම උත්සාහ කළා ඒකෙන් මිදෙන්න. නමුත් එයින් මිදෙන අතරෙම නිතරම මගෙ බ්ලොග් එකට එන අයට කෘතවෙදෙ වෙන්නත් ඕන.
    කවුරුහරි මගෙ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දැම්මොත් මම අනිවාර්යයෙන්ම එයාගෙ බ්ලොග් එකේ කොමෙන්ට් දෙකක් දානව. ඒ මගෙ හැටි. හෙහ් හෙහ්.
    කොමෙන්ට් එකක් දානව කියන්නෙ අපේ ගෙදරට ඇවිත් සුහදත්වය ප්‍රකාශ කිරීමක්. ඉතින් ඔහුට තේ එකක් දීල ( රිප්ලයි කරල ) එයාගෙ ගෙදරටත් තෑගි අරන් යන එක ( කොමෙන්ට් දාන්න ) අපේ යුතුකම .


    ඒ වගෙම ට්‍රැෆික් සෝසස් වල තිබුනොත් කවුරුහරි මගෙ බ්ලොග් එකට ඇවිත් කියල. මම අනිවාර්යයෙන්ම එයාගෙ බ්ලොග් එක කියවන්න පුරුදු වෙනව.


    මේ ප්‍රතිපත්තිය නිසා නැතිවුනෙ මගෙ කාලය. මම දවසෙ වැඩිකාලයක් ගත කරල තියෙන්නෙ බ්ලොග් වලට. බලපුවම කිසිම තේරුමක් නැති වැඩක්. ඉතින් මම කොමෙන්ට් කරන එක සීමා කරන්න හිතුවත් ඒක මට කොහෙත්ම කරන්න බැරිවුනේ මගෙ බ්ලොග් එක කියවන්න එන යාලුවන්ගෙ අලුත් පෝස්ට් දකිනකොට. යන්නම හිතෙනව. ඒක එක්තරා ආකාරයක ගනුදෙනුවක් තමයි.

    නමුත් මේ ගනුදෙනුවට අමතරව කිසිම භේදයක් නැතිව බ්ලොග් ලෝකයෙ සැරිසරමින් කොමෙන්ට් දමමින් සංවාද කරමින් මම කාලය නාස්ති කලා.
    මට ඕන වුනා මේ ඇබ්බැහියෙන් මිදෙන්න. මම විසදුමක් හෙව්වා.

    බලන්න මේ අදහස් හොදද කියල.

    මගෙ බ්ලොග් එකට කවදාවත්ම ආවෙ නැති අයගෙ බ්ලොග් වල කොමෙන්ට් නොකරන්න තීරනය කළා.කොපමන හොඳ වුනත් මට අවශ්‍ය වුනත් නොකරන්න හිතුව. ( සමහර බ්ලොග් වලට මම යනව කොමෙන්ට් කරනව. ඒ අය මගෙ එකට වැරදිලවත් එන්නෙ නෑ. මම තීරනය කළා ඒ වගෙ බ්ලොග් වලට සින්ඩියකින්වත් ගිහින් හිට්ස් වැඩි කරන්න දායක වෙන්නෙ නෑ කියල.)

    සර්වඥ බ්ලොග් වල කොමෙන්ට් නොකරන්න තීරණය කළා.

    මම කොමෙන්ට් එකක් දාල රිප්ලයි ආවෙ නැති නම් ආයෙ කොමෙන්ට් නොකරන්න තීරනය කළා.

    මගෙ බ්ලොග් එකේ කොමෙන්ට් නොකරන අයගෙ කොමෙන්ට් නොකරන්නත් තීරනය කළා.

    අනවශ්‍ය සංවාද වල නොපැටලී ඉන්නත් තීරණය කළා.

    මේ තීරන නිසා මට කාලය ඉතිරි කරගන්න පුළුවන් වුනා.
    මේ තීරන කාල වේලා ගැටළු නිසා මීට වඩා දැඩි කරන්න මට අවශ්ය වුනත් කාලයක් තිස්සෙ ගොඩ නැගුන සුහදත්වය හා මගෙ සංවේදී කම නිසා ඊට වැඩි දෙයක් කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මම හැමදාම හිතන දෙයක් තමයි ම.ම. කියන්නේ 'යකෙක්' කියල.. අයි යකඩෝ මෙච්චර කරුණු කාරණා ගැන මෙච්චර දිගට ලියන්න.. අනුන් ලියන ඒවාට කොමෙන්ට් කරන්න.. කමෙන්ට් වලට රිප්ලයි කරන්න.. කොහොම වෙලාව හොයා ගන්නවද හිත ගන්න බෑනේ..
      රායිට්.. මේ ටිකත් හරිනම් පොස්ට් එකටම එන්න ඕනි.. අර 'හොඳ අදහස්' ටික ඒ විදියටම පිළිපදින්න තීරණය කරා.. :)

      Delete
    2. //අනවශ්‍ය සංවාද වල නොපැටලී ඉන්නත් තීරණය කළා. //

      චැහ්..... ලාබෙට තිබුන ආතල් නැතිවෙන්නයි යන්නේ...

      Delete
    3. //ලාබෙට තිබුන ආතල්// හඃ හඃ ... හොඳ ඉන්ටර්නෙට් පැකේජ් එකක් තියෙනව ඇත්තේ නේද? මන් කල්පනා කරේ මට වැඩිහරියක් ආතල් ලැබිලා තියෙන්නේ 'නොමිලේම'..

      Delete
    4. සුදෝ...මුලදි කොමෙන්ට් නැතිඋනාම ටිකක් මෙව්වා වෙනවා තමයි. හිට්ස් වලටත් එහෙමයි.. හැබැයි කාලයාගේ ඇවෑමෙන් ඕක හරියනවා.. නරකද යලට මහට එකක් දාලා අනික් අයගේ එව්වා කියෝලා කොමෙන්ට් එකක් දාගෙන හිටියොත්.. හැක් හැක්

      ජ ය වේ වා !!!

      Delete
    5. මේ අයද මේ හම්මේ පරාර්ථයේ උත්කුරුස්ටයට කෙල පැමිණි අය.. හයියො සංසාරේ කියා සිතුනි මම ගේ ප්‍රතිචාරය කියවා...

      Delete
    6. //නරකද යලට මහට එකක් දාලා අනික් අයගේ එව්වා කියෝලා කොමෙන්ට් එකක් දාගෙන හිටියොත්.. හැක් හැක්//
      ඔන්න මගේ ක්‍රමේ

      Delete
    7. ඔය වෙල් විදානයත් දැං යලට මහටවත් කුඹුරට බහින්නෙ නෑ.

      Delete
    8. උඔලා මගේ බ්ලොග් වල අනිවාර්්‍යෙයන් කමෙන්ට් දාන්නම ඔනේ..මේ ඔක්කෝම මගේ බ්ලොග්..

      Delete
  10. Welcome to "කමෙන්ට්කරුවන්ගේ සංසදය".
    පුලුවන්වෙලාවක කැමති පෝස්ට් එකකට හෝ කැමති කමෙන්ට් එකකට කමෙන්ට් එකක් දාගෙන ඉන්න ඇඩ්මිරල්.
    වෙලාව වැඩියෙන් තියනකොට මේ සංසදයෙන් බ්ලොග්කරුවන්ගේ සංසදයට ප්‍රොමෝට්වෙලා නාවික හෝ බදුල්ල හෝ මාතර හෝ තමන් කැමති ඕනෙ මගුලක් ගැන ලියන්න.
    මේන් තින්ග් ඉස් නොට් ටු බී ටූ සීරියස් අබවුට් දීස් තින්ග්ස්.
    බී සේෆ්, බී හැපී

    ReplyDelete
    Replies
    1. නෝ.. නෝ.. ඉට්ස් ටූ අර්ලි ටු සෙලිබ්රේට්.. :)

      යස්..යස්.. මේන් තින්ග් ඊස් නොට් ටු වොරි.. :)

      Delete
  11. ප්‍රාගෙ ඇඩ්වයිස් ඊස් ද බෙස්ට් ඉන් මයි ඔපීනියන්. කිසිම දෙයක් ගැන ස්පෙසිෆිකේෂන්ස් තියාගන්න එපා ලොක්කා.චිත්ත සන්තුෂ්ඨිය තමයි වැදගත් වෙන්නෙ.

    කමෙන්ට් එකක් දැමියයුතුයි කියල මට හිතෙන පෝස්ට් වලට මම කමෙන්ට් කරනවා. ඒ වගේම සාමාන්‍යයෙන් විවේචනයක් නැත්නම් මතභේදයට තුඩුදෙන අදහසක් ප්‍රකාශ කරන්න වුනොත් මම කරන්නෙ තුන් හතර පාරක් හිතල කමෙන්ට් නොකර ඉන්නව.ඒත් මලම පැන්නොත් කම් ඕ ගෝ චිකාගෝ කියල කියන්ට තියන දේ කියනව.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් තාම පෘතග්ජනයෝ නේ බොස්.. ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනිම නෑ කියල අහල විතරයි තියෙන්නේ.. දැන් ටික ටික හැදෙනවා ඔයාල දිහා බලලා.. :)

      Delete
    2. මගෙ පොකට් මනී වලට කෙලින්න උල්පන්දම් දීපු අනික් එකා .

      Delete
    3. රවි අයියලගෙ තියරිය ආවේනිකයි... ඇත්තටම වචනයේ පරිසමප්ත අර්ථයෙනම බොස් ලා.. අපේ රෙස්පෙක්ට් එක...

      Delete
  12. මමනම් ඉතින් වැදගැම්මකට නැති ගතයුත්තක් නැති වල්පල් ලියන, බ්ලොග් කලාවේ බොහොම පොඩි එකෙක්.. එත් මහන්සි වෙලා ලියන දේකට ලැබෙන සම්මානෙකට වඩා ලක්ෂ කෝටි ප්‍රමාණයක් වටිනවා පාඨකයෙක් ලියන කමෙන්ට් එක කියලයි මගේ අදහස...

    ReplyDelete
    Replies
    1. එච්චර වටිනා නිසා වෙන්නැති බං සමහරු නිකමටවත් එකක් දෙන්නේ නැත්තේ.. :) මගේ කොමෙන්ට් එකක නම් එච්චර අගයක් නෑ.. ඒත් මට අම්බලංගොඩ කතා මිස් උනා.. ඉස්සරහට ඒ වැරද්දත් හදා ගන්න ඕනි.. :)

      Delete
    2. අඩේ අම්බලං, ලක්ෂ කෝටි ගණනං ඕන නෑ අඩුම ගානෙ රුපියල් සීයක්වත් දියංකො එක කොමෙන්ට් එකකට. හැක්...

      Delete
    3. අපේ ඩේට හැදි ගෑවිලා ගියාවෙ .. එනකොට බෝතලයක් ගෙනෙන් ඒ ඇති.

      Delete
    4. කම්මලයා...උම්මා..උම්මා..
      බෝතලයක් දිපන්..සාංඝික දානයක් දුන්නා වගේ

      Delete
  13. දෙවියනේ කියලා කොම්පැනියෙන් බ්ලොග් බ්ලොක් කරලා තියෙන නිසා කොටන්නේ නැතුව හිටියැකි....ඒත් ඉතින් තියෙන අමාරුවට ගූගල් ට්‍රාන්ස්ලේටර් පිහිටෙන් ඉදලා හිටලා ඇවිත් කියවලා නම් යනවා!....

    අඩේ උඹ ලියහන්....අපිට ඇවිත් ආතල් එකක් දාන්ඩවත් මේක තියෙන්ඩ එපැයි! අනිත් උන්ට වගේ උඹට ඩෝන් යන්නේ නැති හින්දා මේක වැනසුවට කමක් නැතැයි අයියේ???

    ReplyDelete
    Replies
    1. ඔය කොම්පැනියෙන් බැරිද මටත් රස්සාවක් ඉල්ලා ගන්න..

      මාත් මේක බ්ලොගර් ගෙන් ඉල්ලා ගත්තේ.. උඹට ඕනි දෙයක් කර ගනින්.. :)

      Delete
    2. ඔය කම්පැනියේ බෝසාට හැමනියං (කාලේකදිම වතුර ලැබෙන්න ඔනේ)..
      මම බ්ලොග් වල කමෙන්ට් දැම්මේ නැත්තං තමයි අපේ බෝසාට තරහා යන්නේ..

      Delete
  14. මාතලන් කිව්වා වගේ බ්ලොග් ලියන්නේද මනුෂ්‍යයෝය . ඉතින් මමත් කොමෙන්ට් වලට ආසයි. ඒත් අපිට පුලුවන්නම් මෝරන්න කොමෙන්ට් තිබ්බ නැතා කියල නොහිතා දිගටම ලසස්නට ලියන්න ඒකයි ග්‍රේට් . මම දන්නා බොහෝ දෙනෙක් කාලය සමග කරන්නේ ලොකු අරගලයක් . ඉතින් ඔවුන්ගේ කොමෙන්ට් කිරීම හෝ කොමෙන්ට් වලට උත්තර දීමේ කටයුත්ත තීරණය කරන්නේ කාලය විසින්. මම හිතන්නේ හොඳ යමක් ලියන්න පුලුවන්නම්, තියෙන කාලයෙන් ප්‍රයෝජන අරගෙන ඒක ලියනවානම්, බ්ලොග් අවකාශයට එකතුවෙන වැලිව් එක ඒක තමයි. එහෙම උදවිය දිරිගන්වන්න මොකුත් පෙරළා බලාපොරොත්තු නොවී දිගටම කොමෙන්ට් කරන මිනිස්සු කරන්නේ මිල කරන්න බැරි සේවයක්

    ReplyDelete
    Replies
    1. //එහෙම උදවිය දිරිගන්වන්න මොකුත් පෙරළා බලාපොරොත්තු නොවී දිගටම කොමෙන්ට් කරන මිනිස්සු කරන්නේ මිල කරන්න බැරි සේවයක්// ++++++++++++++
      අනේ මන්දා.. ස්ටැට්ස් එක්ක බැලුවම මන් වැරදි වෙන්න පුළුවන්.. ඒත් මට හිතෙන්නේ.. බ්ලොග් පොස්ට් එකක කොමෙන්ට් සංවාදයක් නැත්නම් එක 'පාලු ගෙයි වළන් බිඳීමක්' වගේ කියලා..

      Delete
  15. බ්ලොග් ලිවිය යුත්තේ තමන් ගේ සතුට වෙනුවෙනි. අනුන් සතුටු කිරීමට නොවේ.

    බ්ලොග් කියවිය යුත්තේ තමන් ගේ සතුට වෙනුවෙනි. අනුන් සතුටු කිරීමට නොවේ.

    කමෙන්ට් කළ යුත්තේ අවංකවම කීමට යමක් ඇතිනම් සහ යමක් එකතු කිරීමට ඇතිනම් පමණි. අනුන් සතුටු කිරීමට නොවේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න කියන්න ඕන දේ නියමෙටම කියල. ඇත්තටම බ්ලොග්කරුවන් පුහුණු කළ යුත්තෙ මේ ප්‍රතිපදාවයි. සියළු ප්‍රශ්න විසදෙන අත්දුටු බෙහෙත ඕක තමයි.ඕක කරන්න පුළුවන් නම් තමන්ගෙ කාලයත් ඉතිරි කරගෙන නිදහසේ බ්ලොග් ලියන්න පුළුවනි.

      Delete
    2. ස්‍වයං වින්දනය සදහා බ්ලොග් ලිවීම. ඒකත් නරක නෑ.

      Delete
    3. @ රසිකලොජි.. මන් සතුටු වෙන්නේ මගේ බ්ලොග් එක නැත්නම් මා වටා එකතු වන පිරිස සතුටු වනු දැකීමෙනි.. :)

      @ ම.ම. //ඕක කරන්න පුළුවන් නම් // හඃ හඃ.. ඕක කරන්න පුලුවන්නම් නෙවෙයි රසික කියන විදියට ඕක කරලා සතුටු වෙන්න පුලුවන්නම්.. යස්..ටූ තම්බ්ස් අප්!

      කම්මල .. කම්මල නෙවෙයි උඹ කම්මැලි.. ඒත් එක නියම කොමෙන්ට් එක.

      Delete
    4. කම්මල,

      / ස්‍වයං වින්දනය සදහා බ්ලොග් ලිවීම. /

      ඒක කොරන්නෙ කොහොමද බොල? තනි අතිං කී බෝඩ් එකට කොටන එක මහ වදයක්නෙ. අන්න අර අත් හතරක් තියෙන දෙයි කෙනෙක් වගෙ වත් උනානම් ගේම දෙන්න තිබ්බ නියමෙට. අනික බං කී බෝඩ් එකේ ගන්ට දෙයක් නැතිවෙයිනෙ..ශික්...

      Delete
    5. මා නම් බ්ලොග් ලියන්නේ කියවන පිරිසගේ සතුටසහ අවධානය වෙනුවෙන්.. එයින් යම් පිරිසක් සතුටු වෙනවා නම් ඊට එකතු වෙනවා නම් මගෙනම් සතුට එයයි... කියවන්නේ මගේ සතුට වෙනුවෙන්.. යුතුකමක් ලෙස කොමෙන්ටුවක් අනිවාර්‍යෙන් දමන්නට පෙලඹෙන්නේ ප්‍රතිචාර වලින් බ්ලොග් කරුවා දිරිමත් වන බව දන්නා නිසයි..

      Delete
    6. රවී අයියා, කම්මලයගෙ ඩබල් ඩබල් වැටෙන්න හේතුව ඕකද දන්නෑ.

      Delete
    7. ප්‍රසන්න,

      අම්මප හරියටම හරි තමයි..උඹේ මීටරේ තමයි මීටර්, මේ කම්මල් සසඟෙහි යෙදෙන්නා ස්වයං වින්දනය කරන ගමං තමයි කමෙන්ට් දානව ඇත්තෙ. එතකොට යකෝ..අඩේ හරිනෙ..එන්ටර් බට්න් එක තනි ඇඟිල්ලෙං ඔබනවත් එක්කම අරකත් ඒකෙ වදිනව ඇති. ඉතිං කමෙන්ට් දෙකක් වැටෙන එක අහන්ටත් දෙයක්ද?

      අඩේ ඔන්න මට තව එකක් කල්පනා වුනා..ඈ බං එතකොට මේ පහුගිය ටිකේ අපේ මේ කල්‍යාණ කල්‍යාණ මිත්තරයට එක පාර කමෙන්ට් තුන තුන වැටුනෙ? ඒ කොහොමද කියලද උඹට හිතෙන්නෙ?

      උඹේ සූක්සම විචාර බුද්දිය මෙහෙයවල කියාපං මලේ බලන්ට...හෙහ්,හෙහ්,

      Delete
    8. හැක්.. හැක්...
      කමියට වෙච්ච දේ ගැන රවි අයියට මේ ටිකෙන් හිතාගන්න පුලුවන් වෙතැයි මම උපකල්පනය කරනව.

      //කල්‍යාණ මිත්‍රNovember 30, 2015 at 12:22 PM

      නැද්ද වැඩිපුර ටෝකන් එකක් දෙකක්.. හැක හැක..
      Reply
      Replies

      Praසන්னNovember 30, 2015 at 5:59 PM

      මොකද මෙයා දෙක දෙක ඉල්ලන්නෙ.
      Delete
      සජ්ජාගේ පඩංගුවDecember 1, 2015 at 12:06 AM

      මාරු කොරගන්න.. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි
      මධු මාධවීDecember 1, 2015 at 9:54 PM

      කළණ,
      යකෝ මේ තියෙන එක කොන්ට්‍රෝල් කොරගංට බැරුව ඉද්දි මූ අහනවා දෙකක්.

      Delete
    9. අනේ මේ.. තොපි දෙන්න තමයි මට ඔය කේස් එකට ගහණ තරමක් මඩ ගැහුවේ.. ඔව් යකෝ.. මන් ඒ පාර විසික් කොල්ල දැම්ම මගුල් ඉස්මාට් පෝන් එක.. අල්මාරිය අස්සට..

      Delete
    10. මෙන්න ඌරෙක් සෞඛ්‍යය පාඩමක් දාල ... හැක හැක ...

      Delete
    11. මෙන්න මගේ ප්‍රතිපත්තියට මුලින් නොකියවුණු කොටසක් එකතු කළා.

      1. බ්ලොග් ලිවිය යුත්තේ තමන් ගේ සතුට වෙනුවෙනි. අනුන් සතුටු කිරීමට නොවේ. (අනුන් සතුටු වේ නම් එය ප්‍රසාද දීමනාවක් හෙවත් බෝනස් එකකි!)

      2. බ්ලොග් කියවිය යුත්තේ තමන් ගේ සතුට වෙනුවෙනි. අනුන් සතුටු කිරීමට නොවේ. (මා ඔවුන් ගේ බ්ලොගය කියවූ බව දැන බ්ලොග්කරුවා/කාරිය සතුටු වේ නම් එය ද ප්‍රසාද දීමනාවක් හෙවත් බෝනස් එකකි. ඔබෙ සැප මගෙ සතුටයි!)

      3. කමෙන්ට් කළ යුත්තේ අවංකවම කීමට යමක් ඇතිනම් සහ යමක් එකතු කිරීමට ඇතිනම් පමණි. අනුන් සතුටු කිරීමට නොවේ. (මා ඔවුන් ගේ බ්ලොගයේ කමෙන්ට් කළ විටබ්ලොග්කරුවා/කාරිය සතුටු වේ නම් එය ද ප්‍රසාද දීමනාවක් හෙවත් බෝනස් එකකි. ඔබෙ සැප මගෙ සතුටයි!)

      Delete
  16. වෙලාව ගියත් පුළුවන් තරම් විස්තරාත්මක කමෙන්ට් එකක් කරන්න උත්සාහ කරන්නම්. පෝස්ට් එකත්, කමෙන්ටුත් කියවගෙන ගියහම හැඟීම්බරව ලියවුනා වගේ පෙනෙන ගොඩක් තැන් හමුවෙනවා. මමත් කමෙන්ට් කරන්නේ අඩුවෙන්. එයට පළමු සහ සරලම හේතුව මට කියන්න තරම් විශේෂ දෙයක් නැතිවීම. මේක එක් එක් පුද්ගලයාගේ ස්වභාවයට සම්බන්ධ දෙයක්.
    වෙනත් උදාහරණයක් ගත්තොත්, මගේ සේවා ආයතනයට සතියකට අඩු වශයෙන් තුන් වරක්වත් බාහිර දේශකයෙක් එනවා. මේ දේශන වලට සහභාගී වන්නේ ඉතා කුඩා කණ්ඩායමක් (15කට අඩු). මේවා අළුත් පර්යේෂණ වලට සම්බන්ධ නිසා මගේ විෂය ක්ෂේත්රයට කෙලින්ම සම්බන්ධ නැතත් මම හැම දේශනයකටම අනිවාර්යෙන්ම සම්බන්ධ වෙනවා. ඒ වගේම මගේ කාලයෙන් පැය භාගයක් මෙවැනි පර්යේෂකයෙක් සමඟ පෞද්ගලිකව කතා කිරීමට වෙන්කරනවා. මෙවැනි දේශනයකදී සහභාගී වන හැමෝම මොනවා හරි අහනවා. ඒත් ගොඩක් වෙලාවට මට එහෙම අහන්න විශේෂයෙන් වැදගත් දෙයක් ඔළුවට එන්නේ නැහැ. ඇතැම් වෙලාවට එය වැඩි මහන්සියක් නැතිව නිකම්ම් කෙරෙනවා. මෙවැනි පර්යේෂණයක සැලකිය යුතු අඩුපාඩුවක් දැක්කොත් මම බොහෝ විට එය පෙන්වා දෙන්නේ අර පෞද්ගලිකව කතා කරන වෙලාවේදී.
    බ්ලොග් සම්බන්ධවත් එහෙමයි. ඇතැම් බ්ලොග්කරුවන් ලියන දේවල් සහ ඔවුන්ගේ පසුබිම සමඟ තිබෙන කිසියම් හෝ සම්බන්ධතාවක් නිසා ලියන්න දෙයක් එකපාරටම මතක් වෙනවා. උදාහරණයක් ලෙස මට හමුදා සේවය පිලිබඳ (යුද්ධයට අදාල) පළමෝත අත්දැකීම් කිසිවක් නැහැ. (හමුදා කඳවුරු කිහිපයක මෙස් වල කාලයක්ම හවසට එක දිගට සෙට් වුනු අත්දැකීම් සහ හමුදා නිවෙස්නවල ගත කළ සතිඅන්ත පිලිබඳ අත්දැකීම්නම් තිබෙනවා.) හමුදාව ගැන සහ යුද්ධ ශිල්පය ගැන විචාරක ලියන සටහන් මම කැමැත්තෙන් කියවනවා. නොදන්නා දේවල් ඉගෙනගන්නවා. (කමියා ලියපුවත් මෙයට අදාලයි) ඒත් කමෙන්ට් දාලම නැති තරම්. ඒකට හේතුව කමෙන්ට් එකක් දාන්න තරම්වත් මූලික දැනුමක් නැතිකම. දැන් විචාරකම වෙන දෙයක් ගැන ලියන කොට මෙය වෙනස්. පැරණි සෝවියට් දේශය ගත්තත් එහෙමයි. මම කියවන්න ආසයි. ඒත් එවැනි දෙයකට මට එකතු කරන්න දෙයක් නැහැ.
    සමහර වෙලාවට ලිපියේ කියලා තියෙන දේ මා දන්නා දේවල් වලට සම්බන්ධයි. ඒත් කියන්න තියෙන හැම දෙයක්ම වගේ කියවිලා තියෙන්නේ. මධ්යස්ථ මතධාරියාගේ ඇතැම් ලිපි වගේ. ආයේ තවත් කියන්න දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අගනා අදහස්. අවංක අදහස්. ඉහලින්ම අගය කරනවා.

      Delete
    2. විචාරක කියන සමහරක් පටපල් බොරු . අතේ මාට්ටු වෙනවා .ඒවා ඔහුට පෙරලා ඔහුට කීවිට භුමි තෙල් ගෑවුණු ගැරඬි ක් වගේ දඟලනවා අනේ පව් වයසේ වැරැද්ද වෙන්න ඇති එහෙම නැතිනම් සිවිල් සමාජේ ට ඇවිල්ලා නිල උණෙන් මන් තමයි නියම පොර කියලා බ්ලොග් කියවන අයට දන්න්වන්න ඕන කම ඇති
      ඉතින් ඔය නිල උනේ එහෙනම් කල්‍යාණ මිත්‍ර ට තියෙන්න ඕනෙනේ තව නොදන්නා කොච්චර බ්ලොග් කරුවෝ ඉන්නවා ද හමුදා සේවයේ යෙදුන ?
      විචාරක සිවිල් සමාජේ තවමත් යුද්ධ මානසිකත්වය බිහිකරන්න,පතුරවන්න උත්සහ කරනවා තමන්ට යුද්දය නිසා ලැබුණු නිලයේ හයිකාරකම් පෙන්වා සිවිල් සමාජයෙන් නොලැබෙන ගෞරවය ලබාගන්න

      Delete
    3. ඉකොනොමැට්ට..
      අපි දන්න දේවල් වලට එහායින් පොස්ට් එක ලියවිලා තිබුනත් දිරිගැන්විමක් හරි කරලා යන්න..කියවනවා ඒත් කමෙන්ට් කරන්නෙ නෑ කියන එකට මම තරයේ සම්පුර්නයෙන්ම විරැද්දයි එකග නෑ..
      මම බස්සිගේ පොස්ට් වලට “මට වෑල්“ කියනවා
      උඔගේ ඒවාට..“බර වැඩි..ටිකක් සරල කරපන් කියනවා“
      අම්බලන්ගොඩයාගේ මේ සැරේ පොස්ට් එකේ මගේ කමෙන්ටු දෙක
      මනෝගේ වශි ගුරැකම් වල ඉයන්ගෙයි මගෙයි වලිය බලන්න..
      කමෙන්ටුවක් වෙනුවෙන් වචනයක් කොටපන් ඒක බ්ලොගර්ට කෝටියක් වටිනවා..

      ඇනෝ..
      විචාගේ හමුදා දැනුම විස්තාරාත්මකව තව කෙනෙකුට පැහැදිලි කිරිමේ හැකියාව කමියාටත් වඩා හොදට ඔහුට තියනවා..
      අනික ඔහු සුහද විනොදාත්මක කෙනෙක් අපේ බාෂාවෙන් කියනවා නම් හමුදා උණ නැති ආතල් පොරක්..ඔහු කැමැති එයාගේ විෂය ගැන කතා කරන්න ඒක ඉතින් ඔනම මනුස්සයෙකුට තියනවානේ..මම රෙදි කඩේකට ගියත් බ්‍රා එකක් අල්ලලා පෙරලා බලන්නෙ..

      තරහා මරහා අතඇරලා දාන්න...

      Delete
    4. මෙන්ඩ හරි. විචාරක කියන්නෙ විනෝදාත්මක පොරක්. ඔහු ලියන දේවල් අපි මීට කලින් කවදාවත් අහපු දේවල් නොවෙයි. ඔහු අපට කරන්නෙ විශාල සේවයක්. මට තේරෙන්නෙ නෑ ඇනෝ කෙනෙක් වරින්වර විචාට පහර ගහන්නෙ ඇයි කියන එක.

      Delete
    5. ඉකොනොමැට්ටා සහ මෙන්ඩා..++++++++++++++++++++++++++

      Delete
    6. ඇනෝ කෙනෙක් වරින්වර විචාට පහර ගහන්නෙ ඇයි කියන එක.

      විචාරක ගැන සහ සුද්දියෙන්ම දන්නා හින්දා ......ඇයි මේ අනික් අයට කොවුලක්[හඬක්] වෙලා තියේන්නේ
      එකට

      හමුදා උණ නැති ආතල් පොරක්.. සුරංගනා කතා කියනවද ? අහපිය 88/89 මොනවද කලේ කියලා

      Delete
    7. 88/89 කාලේ මම විචාව දන්නෙ නෑනේ ඇනෝ..අපි කාගේ කාගෙත් කිල්ලෝටවල හුනු තියනවා..

      Delete
    8. ඇනෝ:
      විචා ලියන ඒවායේ අඩුපාඩු ඇති. කවුරු හරි ඒවා පෙන්වලා දෙනවනම් මම ඒවත් කියවනවා. හැබැයි මටනම් අඩුපාඩු තියෙනවද කියලා දැනගන්න තරම්වත් මූලික දැනුමක් නැහැ. අනිත් එක මම විචාගේ හමුදාව පිළිබඳ සටහන් කියවන්නේ යුද්ධ කරන්න නෙමෙයි නිසා මටනම් මෙය ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

      මෙන්ඩා:
      මෙය මම යට පැහැදිලි කරලා තියෙනවා. දිග වැඩි නිසා කමෙන්ට් එක දෙකට කඩලයි දැම්මේ.

      Delete
  17. ඒත් "ආවා කියෙවුවා ගියා" වගේ දෙයක් හරි "හොඳ ලිපියක්" කියල හරි කියන්න පුළුවන්නේ. මට සම්බන්ධවනම් මෙතන තියෙන්නේ බරපතල ප්රායෝගික ප්රශ්නයක්. කියවන්න පුළුවන් වුනත් සිංහලෙන් ටයිප් කිරීමේ සහ ඉකොනොමැට්ටා ලෙස ලොගින් වීමේ ආවස්ථික පිරිවැය ඉතා වැඩියි. (මීට වඩා යමක් කිව නොහැකියි) මෙය අමුතුවෙන්ම කළ යුතු දෙයක් නිසා ගොඩක් වෙලාවට මගේම පෝස්ට් වල කමෙන්ට් වලටවත් පිළිතුරු දෙන්න වෙන්නේ නැහැ. ඒ සඳහා වෙලාව හොයාගන්න කොට එක්කෝ අදාල ලේඛකයා අලුත් පෝස්ට් එකක් දාලා. නැත්නම් වෙන අය කියන්න හිටපු දෙය කියලා.
    තවත් කරුණක් තියෙනවා. ගොඩක් වෙලාවට ලිපියක තියෙන කරුණු වලට මට සම්පුර්ණයෙන් එකඟ වෙන්න බැහැ. දැන් ඔබේ බ්ලොග් එකේ ඔබ දමන්නේ ඔබට අවශ්ය දෙයක්. මම එයට එකඟ නැත්නම් වෙනම පෝස්ට් එකක් දමනවා මිසක් ඔබේ පෝස්ට් එකමෙන් තුන් ගුණයක් දිග කමෙන්ට් එකක් දැමිය යුතුයැයි මම හිතන්නේ නැහැ. මට හිතෙන්නේ මෙය ඔබේ තැන ආක්රමණය කිරීමක් කියලයි. (දැන්නම් ඒක තමයි කරන්නේ)
    දැන් එතකොට බ්ලොග් ලියන්න කාලය හොයාගන්නේ කොහොමද? මටනම් මෙය බ්ලොග් කියවනවාට සහ කමෙන්ට් දමනවාට සාපේක්ෂව පිරිවැය අඩු කටයුත්තක්. බ්ලොග් එක ලිවුවත් නොලිවුවත් මට උනන්දුවක් ඇති දේ මම කියවනවා. ලියන සටහනේ ඩ්රාෆ්ට් එක මම හදන්නේ දවසකට පැය දෙකක් පමණ වාහනේ එලවන ගමන් හිතින්. මෙය මගේ පුරුද්දක්. (අතුරු ප්රශ්නයට පිළිතුර: පසුගිය මාස දොළහ තුල රිය අනතුරු වුනේ දෙපාරයි. දෙපාරම වැරැද්ද අනිත් පාර්ශ්වයේ.) ඔලුවේ ඩ්රාෆ්ට් එක හදාගත්තට පස්සේ ටයිප් කරගෙන යන එකයි තියෙන්නේ. ඉන්පසුව මම දින කිහිපයක් ඉදිරියට 'ඔටෝ පෝස්ට්' දමනවා. සමහර කමෙන්ට්ස් වලට පිළිතුරු දෙන්නත් කලින් ඊළඟ ලිපිය එන්නේ එහෙමයි. මට පැත්ත පලාතෙවත් යන්න බැරි වුනාම.
    මගේ බ්ලොග් එකට අදාලවනම් කමෙන්ට්ස් සහ හිට්ස් අතර තියෙන්නේ ඉතා දුර්වල සම්බන්ධතාවයක්. කියවන අය වැඩිවන විට කමෙන්ට්ස් වැඩිවනු මිස කමෙන්ට්ස් වැඩි වූ විට කියවන අය වැඩිවෙනවා කියා මා සිතන්නේ නැහැ. මගේ බ්ලොග් එකේනම් දත්ත අනුව එය පැහැදිලියි. කමෙන්ට්ස් දකින්නත් කෙනෙක් බ්ලොග් එකකට එන්න ඕනෑ. මම හිතන්නේ ඒකෙ අනිත් පැත්ත. බ්ලොග් එකකට එන කෙනෙක් එහි කමෙන්ට් දමා ඇති කෙනෙකුගේ බ්ලොග් එකකටත් යාමට ඉඩකඩක් තියෙනවා. ඇත්තටම කමෙන්ට්ස් නිසා හිට්ස් යම් තරමකට වැඩි වුනත් එය වෙන්නේ එකම පිරිසක් නැවත නැවත පිවිසීම නිසා මිස පැමිණෙන ගණන වැඩි වන නිසා නෙමෙයි. ඒත් බ්ලොග් සටහනක වෙනත් බ්ලොග් එකකට ලින්ක් එකක් දැමූ විටනම් අලුතින් පිරිසක් පිවිසෙනවා. මේවා මම දත්ත අනුව කියන දේවල්. හිතලා කියන දේවල් නෙමෙයි.
    මම හිතන විදිහට බ්ලොග් කියවන්නන් දෙවර්ගයක් සිටිනවා. පළමු වර්ගය තෝරාගත් බ්ලොග් ගණනාවක්ම කියවන අය. සාමාන්යයෙන් කමෙන්ට් දමන්නේ ඒ අය. එයට අමතරව එක් එක් බ්ලොග් එකට පුරුදු වූ අය ඉන්නවා. මේ අය බොහෝ විට අනිත් බ්ලොග් කියවන්නේ නැහැ. කමෙන්ට් දමන්නේත් නැහැ. ක්රොස් ලින්ක් දැමූ විට ඒ අය වෙනත් බ්ලොග් වෙත යොමු වී ඇතැම් විට පුරුදු වෙනවා. මේ නිසා මා හැකි අවස්ථා වල අනිත් බ්ලොග් වලට ක්රොස් ලින්ක් දමනවා. එහෙත් මෙය කෘතීම ලෙස කළ නොහැකියි. ලියන දෙයට අදාල විය යුතුයි.
    මා මෙයින් අදහස් කරන්නේ කමෙන්ට් නොවටිනා බව නෙමෙයි, කමෙන්ට් වලින් සිදුවන්නේ වෙනත් කාර්ය භාරයක් කියන එකයි. මෙයට අමතරව, සාමාන්යයෙන් කමෙන්ට් අඩු බ්ලොග් වල සහ කමෙන්ට් අඩු ලිපි වලට හැකිනම් මම කමෙන්ට් එකක් තියනවා. මතයක් නොවන තොරතුරක් නිවැරදි නැත්නම් නිවැරදි කරනවා. මෙහිදී අදාල අය මගේ බ්ලොග් එක කියවනවද, කමෙන්ට් කරනවද යන්න මම සැලකිල්ලට ගන්නේ නැහැ.
    දැන් කමි මගේ බ්ලොග් එක නොකියෙවුවත්, කමෙන්ට් නොදැම්මත් ඔබ ලියන දෙයට මම කැමතිනම් මම කියවනවා. මට එකතු කරන්න යමක් ඇත්නම් මම කරනවා. ඒ වගේම, කිසි කෙනෙක් මට උදවුවක් වශයෙන් අකැමැත්තෙන් බ්ලොග් එක කියවිය යුතුයැයි මා සිතන්නේ නැහැ. හැබැයි අකැමැති ඇයි කියා කියනවනම් මට වැරැද්ද හදාගන්න උදවුවක් වෙනවා.
    මගේ ඊළඟ බ්ලොග් සටහන දැන් කමිගේ බ්ලොග් එකේ දාල වගේ. දැන් හිතෙනවද කමෙන්ට් තවනම් එපා කියලා?

    ReplyDelete
    Replies
    1. අඩ්ඩඩ්ඩඩ්ඩා.. ලේසියට පහල ඉඳන් රිප්ලයි ගෙන ආපු නිසා මේක දකිනකොට කියන්න ඕනි ටික පොඩි පොඩි කැලි වලින් තැන් තැන් වල ලිය ලිය ආවේ.. මේක මුලින් දැක්කනම් ඔක්කොටම උත්තර මෙතනම දෙන්න තිබ්බා..

      ෆස්ට් of ඕල්.. තෑන්ක් යූ ෆොර් ද ලෝන්ග් කමෙන්ට්..

      මෙහෙමයි.. මුලින්ම කියන්න ඕනි මම මේක ලියල කියන්න උත්සාහ කරේ මට ඉදිරියේදී බ්ලොග් වෙනුවෙන් වැය කරන කාලය සෑහෙන්න අඩු කරන්න වෙන බවත් වැය කරන සුළු කාලය මා සමඟ 'ගනුදෙනු' කරන මගේ හිතවත්ම පාරිභෝගිකයින් වෙනුවෙන් පමණක් වැය කිරීමට සිදුවෙන බවත්.. අනිත් කරණය බ්ලොග් කෙරුවාවේදී මට මේ වෙනකල්නම් ලොකුවට හිතේ අමාරුවක් වෙන්න දෙයක් වෙලා නෑ.. මට ඇති තරම් වෙලාව තිබ්බා.. මට හිතෙන වෙලාවට ලිව්වා.. පුළුවන් තරම් ඒවා කියෙව්වා. අමතර වගකීමක් විදියට එක එක කැටගරියේ හොද බ්ලොග් ගැන නෝට් කර ගත්තා (සම්මාන සඳහා රෙකමන්ඩ් කිරීමට) පුළු පුළුවන් හැම වෙලාවේම බ්ලොගා ලත් එක්ක සෙට් වුනා.. පොතක් එළිදක්වන දේකට සංවාදයක් තියෙන තැනකට ගොඩ උනා..මන් ලියන ඒවත් ගොඩක් අය කියෙව්වා.. අගය කරා අඩු පාඩු පෙන්නලා දුන්නා.. ඒ හරහා ලොකු හිතවත්කම් ගොඩ නැගුනා.. බ්ලා බ්ලා බ්ලා..
      එක නිසා හිතේ අමරුවක්නම් කොහෙත්ම නෑ..
      පෞද්ගලික ජීවිතයේදී තුනේ ඉලක්කම මට ගොඩක් කරදර කරනවා මේ දවස් වල.... රස්සාව එක තැනක කරපු මට දැන් සතියකට තුන් පොලක වැඩ කරන්න වෙලා තියෙනවා.. මගේ වෘත්තියට අදාලව තැන දෙකක ඩිප්ලෝමා දෙකක් හදාරන ගමන් වෘත්තියට කෙලින්ම අදාල නොවුනත් වෙනත් වැදගත් උපාධියකුත් වශයෙන් එකවර අධ්‍යාපන කටයුතු තුනකට අත ගහල තියෙනවා.. ඒ අතර තව මාසයකින් හමාරකින් මගේ තුන් වෙනි දරුවා ලැබෙන්න නියමිතයි. ඒ වගේම කොළඹ, ගාල්ල හා බදුල්ල කියන තුන් තැනක 'ඇඩ්මින්' වැඩ කරගන්න තියෙනවා.. සෝ ද කාලය හෑස් බිකම් අ බැරියර්.. :)
      ඒකට විසඳුමක් විදියට තමයි බ්ලොග් ඇක්ටිවිටිස් ටිකක් කර්ටේල් කරන්න හිතුවේ.. කොහොමද ඒක කරන්නේ ඊළඟ ප්‍රශ්නේ.... මෙහෙමයි.. මන් බ්ලොග් වලට ඇබ්බැහි උනේ ඒකෙ තියෙන මේ සංවාදාත්මක ගුණය නිසා.. නැතුව ලෝකේ තියෙන වටිනාම කරුණු කාරනා බ්ලොග් වල ලියවෙන නිසාවත් හොඳම පණ්ඩිත මහා මහාචාර්යවරු බ්ලොග් ලියන නිසාවත් නෙවෙයි.. ඉතින් ඒ සංවාදාත්මක ගුණය රැකගෙන මෙතන ඉන්න සුළු වෙලාව 'ආතල් එකේ' ඉන්න මට ගැලපෙන්නේ මාත් එක්ක එයාකාරයෙන් ගනුදෙනු කරන කණ්ඩායමක් මිසක් .. :) අයි හොප් යූ ගොට් වට අයි වොන්ටඩ් ටූ සේ..
      අගේන් තෑන්ක්ස්..

      Delete
    2. කල්‍යාන ඔබ හිතවත්ම පාරිභෝගිකයන් තෝරගන්නවට වඩා නරකද භේදයකින් තොරව අවශ්‍යම තැනදි කොමෙන්ට් කිරීම ,ඒ කියන්නෙ අර රසික කීව වගෙ ප්‍රතිපත්තියකට මාරු වුනොත් . මොකද මටනම් හිතවත් කියල පිරිසක් තෝරගන්න අමාරුයි.

      නමුත් කොමෙන්ට් හා සංවාද කෙරුවාවනම් මහ කාලය කන වැඩක්.
      විශ්වාස කරයිද මන්ද .මේක කිව්වම හැමෝම මට හිනාවෙන බවත් දන්නව. කල්‍යාන කියන වැදගත් උපාධිය මම කරන දවස් වල එක අඛන්ඩ ඇගයීම් පරීක්ශනයක් කරගන්න බැරිවෙලා අවුරුද්දක් රිපීට් වුනා. යෝග්‍යතාවය නැති නිසා ෆයිනල් ලියන්න දුන්නෙ නෑ. බ්ලොග් වල සැරිසරන්න මිස පාඩම් කරන්න හිත දුන්නෙ නෑ. පස්සෙ බැරියැ පස්සෙ බැරියැ කිය කිය හිටිය. අන්තිමට විභාගෙට කලින් දවසෙත් බ්ලොග් වල තමා.

      බුකිය බ්ලොග් කියන්නෙ කාලෙ කන දේවල්. කල්‍යානට විතරක් නෙමේ ඔය ප්‍රශ්නෙ විශාල පිරිසකට තියනව. මේක ඇබ්බැහියක්.

      Delete
    3. තමන්ට හරි කියල හිතෙන දේ කරාම හරි මචං..


      Delete
    4. හිතවත්ම පාරිභෝගිකයෝ කියන්නේ මේ උඹල අපි වගේ 'ගනු දෙනුවට' එකතු වෙන අය ටික දෙනා.. මින් පස්සේ ගනුදෙනු කරන්නේ ඒ ටික දෙනා එක්ක විතරයි කියල තමයි මගේ අලුත්ම ප්‍රතිපත්තිය.. :)
      (මේකේ කොමෙන්ට් කියෙව්වමනම් පිස්සු හැදිලා ආයිත් හැදෙනවා.. කාට කොහොම උත්තර දෙන්නද හිතා ගන්න බෑ.. :)

      Delete
  18. කල්‍යාණ මිත්‍රයා අනේ හොඳ මිත්‍රය වගේ බ්ලොගේ දාන්න එපා ලිස්ට් එක. එතකොට ඒක බලපෑමක් වෙනවා. අපි කතා කරලා සාකච්චා කරලා ලිස්ට් එක හදමු. ඔයාගේ ලිස්ට් එක ටහ්වම් එව්වේ නැහැනේ. ඉස්සෙල්ල ඒක එවන්න. 26 ද වැඩේ අපේ කරු පරණවිතාන නැවත සහයෝගය දෙනවා කිව්ව නිසා අනිවාර්යයෙන්ම කරනවා. ඔය ලිස්ට් එක ප්‍රසිද්ධියේ දැම්මොත් මට ඒක අයින් කරන්නනේ වෙන්නේ. තව දෙතුන් දෙනෙක් ලිස්ට් එවන්න ඉන්නවා. ඒ ගොල්ලොත් ඔයාගේ එක බලල කොපියක් එව්වොත් ඒක හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. //කරු පරණවිතාන// සහයෝගේ දුන්නට කමක් නෑ වැඩේ අල කරන්න නම් එපා කියන්න.. තව ලොකු ලොකු අය එනවනම් 'බ්ලොගර්ස්'ලා නාවත් කමක් නෑනේ.. :)
      එහෙනම් එහෙම නොදා ඉන්නං.. කොහොමත් දෙසැම්බර් අන්තිම වෙනකම් මන් මේ විදියටම මගේ 'වගකීම' කරනවා.. ඔයාට ඊට පස්සේ එවන්නම්.. මට පුළුවනි සම්මාන උළෙලෙන් පස්සේ මගේ පොස්ට් එක දාන්න..

      Delete
    2. එහෙම කරමු. ආණ්ඩුවේ කෙනෙක්ගේ සහයෝගය ගන්නේ එතකොට සල්ලි ඉතුරු වෙන හින්ද. නමුත් නෙලුම් යායෙන් මේ ආණ්ඩුව බේරලා නැහැ නේ. වැරදි දේට අපි වැරදියි කියනවා ඕන තරම්. ගිය ආණ්ඩුව වගේ තවම මේ ගොල්ල බ්ලොක් කරන්න ආවේ නැහැ මුකුත්. පරණවිතාන කවදාවත් කියල නැහැ අරක ලියපන් මේක ලියපන් කියල මන් දන්නා තරමින්. බ්ලොග් කරුවන්ට එන්න ආරාධනා කරනවා. මේ දෙවෙනි එකෙන් පස්සේ මගෙත් ඉන්න බලා පොරොත්තුවක් නැහැ. මගේ වැඩ ගොඩක් මිස් වෙන නිසා. කොමෙන්ට් ගැන නම් කියනන් තියෙන්නේ කොච්ච්ර වැඩ තිබ්බත් බ්ලොග් ලිපිය හොඳ හෝ නැතා කියෙව්වා නම් මම කොමෙන්ට් එකක් දානවා. අනික මගේ එකට ආවද නැත්ද කියල හොයන්නේ නැහැ. මම මුල් කාලයේ ඇනෝ කොමෙන්ට් දැමුවත් පස්සේ ප්‍රොෆයිල් එකට මාරු වුණා . ඒක වැරැද්දක් කියල හිතෙනවා වෙලාවකට.

      Delete
    3. //මේ දෙවෙනි එකෙන් පස්සේ මගෙත් ඉන්න බලා පොරොත්තුවක් නැහැ// ඒ කියන්නේ ඒකටත් අබ සරණයි.. එහෙනම් මෙදා සැරේ මතක වස්ත්‍ර පුජා කරල පාංශු'කුලෙත් දීලම යමු.. :/

      Delete
  19. මල මගුලයි මෙතන දාන්න ඕන උන එක ම.ම. ගෙ එක යටින් වැටිලා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උඹේ යට ඒවත් තියෙනවනං කොයි වෙලාවක හරි හැලෙයි බලාගෙන.

      ජ ය වේ වා !!!

      Delete
    2. කොහේ දැම්මත් උඹේ අදහස නේ.. මම දැක්කනම් එච්චරයි..

      මචෝ.. උඹ ඒ කතාව කියුවම මම නිකමට ගිහින් මගේ ස්ටැට්ස් චෙක් කරා.. එතකොට දන්නේ මේ මන් පබ්ලිෂ් කරපු 51 වෙනි පොස්ට් එක.. මගේ මුල් පොස්ට් 8 ටම කොමෙන්ට්ස් වැටිලා තියෙන්නේ 9යි.. ඒ 9ත් වැටුනේ මේ මෑතක කුරුටු සින්ඩියෙන් මගේ පළවෙනි කවිය ආපහු දාපු වෙලේ.. දැන් වෙනකොට ඔක්කොම කොමෙන්ට්ස් 3800ක් වගේ තියෙනවා.. ඒ කියන්නේ අන්තිම පොස්ට් 30-40 ට ඇවරේජ් එක කොමෙන්ට්ස් 100 ට වැඩියි.. එයින් බාගයක්ම මම රිප්ලයි විදියට දාපු ඒවා. එතකොට 45-50ක් විතර දෙනෙක් මට කොමෙන්ට් කරලා තියෙනවා.. පේජ් විවර්ස් ලා බැලුවත් ඒ වගේ.. ලොකු අවුලක් නෑ බං.. පොස්ට් එකක් දාපුවම දවසට 500-600ක් විතර දවස් දෙක තුනක් යනකම් එනවා.. මොකුත්ම නොලියා හිටියත් දවසට 60-70ක් ගොඩ වෙලා යනවා.. මේ ස්ටට්ස් බ්ලොගර් පෙන්නන ඒවා මිසක් කොහොම කවුන්ට් වෙනවද මන් දන්නේ නෑ.. මේ ටික බැලුවම මට මන් ලියපුවා ගැන සතුටක් මිසක් දුකක් දැනෙන්නේ නෑ බං.. මෙහෙම 'ගනුදෙනුවකට' යන්න හිතුවේ හිතේ අමරුවකටනම් නෙවෙයි.. වෙලාව මැනේජ් කර ගන්න.. :)

      Delete
    3. වෙල් විදානේ උඩුකුරුංඥං !!

      Delete
  20. උඹ කියන ඒවා නං මම දන්නෑ බං.. මම නං බ්ලොග් හොයාගෙන කියවන්නේ.. උඹලගේ ඇඩ් වෙන හැම අලුත් ෆලෝවර් කෙනෙක්ගෙම බ්ලොග් එකක් තියේද කියල මං බලනවා. අජිත් කුමාරගේ දර්ශකය නිතරම ඔලුවට එනවා.. කොහේ හරි බ්ලොග්ස්පොට් කියල කෑල්ලක් තිබුනොත් මං එතනට යනවා.. ෆාලා් කරනවා. කියවනවා. කියන්න දෙයක් තිබුන නං (හොදවැයින් දෙකක් හරි) කියල එනවා. නැත්නං නිකං එනවා..

    මං මේක කරන්නෙ ආසාවට. කියවන්න ආස නැත්නං අතාරිනවා. ලියන්න ආස නැත්නං ඒත් අතාරිනවා.. මොකක්ද බං මේ ආත්මාර්ථකාමි අදහස්.. උඹල මෙතැනට පය ගහපු තැන පටන් තමංගේ ගොඩ ගැනම හිතතවා.. කමෙන්ට් එපා කියන්නේ නැහැ ඒවා ඕන. ඒත් එයා ආවොක් මං යනවා. කමෙන්ට් කරොත් කමෙන්ට් කරනවා. මොන විකාරද?? ඒ අය මාර්කටින් අය බං. ආසාවකින් කරන අය නෙමෙයි.. මට නං පටන් ගත්ත දවසේ ඉදලම බ්ලොග් වල යකා මාතා තමා. ඔයි හාදයගේ කට පොඩ්ඩක් සැර උනාට මං බෙහෙයින් මනාපයි ඒ වැඩ පිළිවෙලට.

    උඹට ලියන්න ඕන නං ලියපං.. ප්‍රා වගේ වෙන්න ඕන නං ඒ විදියට ඉදහං.. එච්චරයි. මේක ආසාව පිළිබද ප්‍රශ්නයක්.. හැක්..

    කොන්ක්‍රිට් බාසා ඇ්ත්තටම මගේ නිව්න් සහෝදරයා.. ඕං පළමු වතාවට මාදයයට කිව්වා.. හැක්.. ජය වේවා කමියා.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි.... එහෙනං මූ තමයි මම මෙච්චර කල් හොය හොය හිටපු එකා.
      බලමුකො ඒකෙත් හැටි.

      Delete
    2. //උඹ කියන ඒවා නං මම දන්නෑ බං.. // උඹ බබා.. හඃ හඃ..

      ඔය උඹ කියන ක්‍රමේට තමයි මේ මතක් වෙනකම් මාත් බ්ලොග් කියෙව්වේ.. අලුත් බ්ලොග් හොයාගෙන ගිහින් කියවන්න.. උන්ව දිගටම ලියන්න උනන්දු කරවන්න.. බුකියේ ලියන උන්ව බ්ලොග් ලියන්න පුරුදු කරන්නවගේම ලියල ලියල අත ඇරලා ඉන්න උන්ව ආපහු ලියන්න උනන්දු කරන්නත් උත්සහ කරා මිසක් මන් 'මගේ ගොඩ ගැනම' නම් හිත හිත හිටියේ නෑ ඩාලිං..
      මං සාමාන්යෙන් එහෙම බිසී වෙන එකෙක් නෙවෙයි.. ඒත් පහුගිය ටිකේ වෙච්චි වෙනස්කම් නිසා එක තැනක ඉන්න තියෙන වෙලාව අඩු උනා.. දුව දුව බ්ලොග් ලියන්න බෑනේ.. හැබැයි කියවන්න පුළුවන්.. එහෙම කියවල දාපු කොමෙන්ට්ස් තමයි අර තුන හතර වැටුනේ.. ඔන්න ඔය නිසා මට ඕනි උනා බ්ලොග් වලට වෙන් කරන කාලේ අඩු කරන්නත් වෙන් කරන සුළු කාලය හරියට මැනේජ් කර ගන්නත්.. ඉතින් මාව කියවන උන්ට අසාධාරණයක් කරන්නත් බැරි නිසා මට පුළු පුළුවන් වෙලාවට උන් එක්ක විතරක් 'ගනුදෙනුව' තිය ගන්න හිතුවා.. මොකද මට බ්ලොග් වල ලෝකේ තියෙන හොඳම ලිපි කියවන්න ඕනි නෑ.. ඒ වගේම සම්භාව්‍ය ලිපිම කියවන්න ඕනිත් නෑ.. විහිළුවක් කරලා හිනාවෙලා නොදන්නා දෙයක් තියෙනවනම් පුළු පුළුවන් විදියට කතා වෙලා ක්ලියර් කරගෙන ආසාවෙන් ඇසුරු කරන්න තිබ්බනම් ඇති. එකට මට ඕනි කරන්නේ මාත් එක්ක කතා කරන මාව කියවන සෙට් එකක්.. හරියට මේ උඹල අපි වගේ. නැතුව කොහෙවත් ඉඳන් මහප්‍රාණ කියවන මහා පොරවල් එක්ක ගනුදෙනු කරලා වැඩක් නෑ.. නව් අන්ඩස්කර්ට්?

      Delete
    3. දේශා
      කොන්ක්‍රිට් බාසා ඇ්ත්තටම මගේ නිව්න් සහෝදරයා..
      අනේ පලයන්ඩ තොගේ නරි මුන වගේද අර පසන්න කොලුවා..

      Delete
    4. අන්න හරි බං. අරින්න එපා.

      Delete
  21. තව ක්‍රම තියෙනවා.
    --- බ්ලොග් ලියන්නෙත් නැතුව ප්‍රොෆයිල් එකකුත් නැතිව ඇනෝ කමෙන්ට් කිරීම
    --- තමා බ්ලොග් එකක් ලියන ගමන් එහි කමෙන්ට් වැඩි කරන්න තමාම තමාගේ බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් කිරීම

    ReplyDelete
    Replies
    1. ඇනෝ සීන් එකනම් මට දිරවන්නේ නෑ මකලා. අනික මේ ට්‍රයි එක හිට්ස් වැඩි කර ගන්න නෙවෙයි.. බ්ලොග් වෙනුවෙන් වෙන්කරන කාලය අඩු කරලා යොදවන කාලය නිසි පරිදි කළමනාකරණය කර ගන්න උත්සහ කරන්න..

      Delete
  22. බ්ලොග් ලිවීමේ හතරවැනි අවුරුද්දට පැමිණ සිටිමි. මේ ගැන ළඟදීම ලියන්නට සිතා සිටිමි. කියවන ඉතා සුළු පිරිසකට හෝ දැනුම සහ/හෝ වින්දනය ලබාදීමට නොහැකිනම්, එය මගේ අසාර්ථකත්වය යයි සිතමි. කිසිම දවසක මගේ අඩවියේ අදහස් දක්වා නැති අයගේ බ්ලොග් අඩවි, මගේ බ්ලොග් රෝල්ට එකතු කරගෙන ඇත්තෙමි. අදටත් ඔවුන්ගේ අඩවි වෙත ගොස් අදහස් දක්වමි.

    සැලකියයුතු තරම් බ්ලොග් අඩවිවල පළවන දෑ මට ගෝචර නොවන බැවින්, එම අඩවි වෙත ගොස් අදහස් කිසිවක් නොදක්වා ආපසු එමි.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය විදියටම තමයි මෙච්චර කල් කරේ.. දැන් වෙලාව අවුල් නිසා මොකක් හරි ස්පෙක් එකක් හදා ගන්න වෙනවා.. :) ඒකට තමයි ට්‍රයි එක..

      Delete
    2. විචාරක කියන සමහරක් පටපල් බොරු . අතේ මාට්ටු වෙනවා .ඒවා ඔහුට පෙරලා ඔහුට කීවිට භුමි තෙල් ගෑවුණු ගැරඬි ක් වගේ දඟලනවා අනේ පව් වයසේ වැරැද්ද වෙන්න ඇති එහෙම නැතිනම් සිවිල් සමාජේ ට ඇවිල්ලා නිල උණෙන් මන් තමයි නියම පොර කියලා බ්ලොග් කියවන අයට දන්න්වන්න ඕන කම ඇති
      ඉතින් ඔය නිල උනේ එහෙනම් කල්‍යාණ මිත්‍ර ට තියෙන්න ඕනෙනේ තව නොදන්නා කොච්චර බ්ලොග් කරුවෝ ඉන්නවා ද හමුදා සේවයේ යෙදුන ?
      විචාරක සිවිල් සමාජේ තවමත් යුද්ධ මානසිකත්වය බිහිකරන්න,පතුරවන්න උත්සහ කරනවා තමන්ට යුද්දය නිසා ලැබුණු නිලයේ හයිකාරකම් පෙන්වා සිවිල් සමාජයෙන් නොලැබෙන ගෞරවය ලබාගන්න

      Delete
    3. ඇනෝ ඉකොනමැට්ටාගේ කමෙන්ටුව බලන්න

      Delete
    4. බෝතලේට ම නැමෙන්න එපා ඔක තාවකාලික සොමියක් විතරයි.

      Delete
    5. පිනට බොන්න තරම් අහේනියක්වත් පිනට බොන්න අරන් දෙන්න තරම් දළකාරොයෝවත් මෙතන නෑ..

      Delete
    6. බොන වෙලාවට එක පේනවා

      Delete
    7. //බෝතලේට ම නැමෙන්න එපා ඔක තාවකාලික සොමියක් විතරයි.// ඔයා නාකොටික් එකේද මෙයා? මේ ඊයෙ පෙරේද එහෙන් එකෙකුත් ඇවිත් ඔය වගේම කියුවා.. ඇඹ ලයාට පැණි හැලිය ගැන කියල දුන්නා වගේ.. හැක හැක..

      Delete
    8. //බෝතලේට ම නැමෙන්න එපා ඔක තාවකාලික සොමියක් විතරයි.//
      මොන සොමියත් තාවකාලිකයි බොස්, ඉන්න ටිකේ කාටවත් කුහක වැඩ නොකර සොමියෙන් ඉදිල්ලා,.

      Delete
    9. අපෝ නාකොටික් එවුනුත් මේවට එනවද එයාලත් රණ විරුවන්ද

      Delete
  23. මෙහම හරි පොස්ට් එකක් ලිව්ව එකත් එල ද බ්‍රා
    ඔය බයිලා මල මගුල් මුකුත් වැඩක් නෑ..උඔට ඔන ඔන විදිහට ලියන එක නවත්තන්න මේවා උඔලාගේ බ්ලොග්ද? මේවා අපේ ...
    කමෙන්ට් වලට උත්තර නොදි හිටියොත් දානවා මුහුදට..
    ඔය මුකුත් හිතන්න එපා මස්සිනා..අපි යන දවසක ලෝකයට යමක් ඉතුරැ කරලා යමු..උඔ ලියපන්..උඔලාගේ හැකියාවන් හෙට දවසේ අපේ දරැවන්ට..
    උඔලා ලියනවානම් අපේ ඡිවිත කථාව හරි දෙනවා මචං..

    ReplyDelete
    Replies
    1. අන්න හරි මෙන්ඩ, අරින්න එපා.. මුංට ඕන ඕන හැටියට මේව නවත්තන්න පුලුවන්ද.

      Delete
    2. උඹල දෙන්නටම මං රෙස්පෙක්ට් නිසා ඕනි එකක් කියල බැනපන්.. එල්ලෙන්න එන්නේ නෑ..

      //උඔට ඔන ඔන විදිහට ලියන එක නවත්තන්න මේවා උඔලාගේ බ්ලොග්ද? මේවා අපේ ...// අන්න එහෙම තමයි බං මාත් හිතන්න කැමති බ්ලොග් ගැන.. ඒත් බැලුවම වැඩි හරියක් බ්ලොග් කාරයොයි පත්තර කාරයොයි අතර වෙනසක් නෑනේ.. මට ඕනිනම් මම ලියුවා.. මට ඕනිනම් මම කියෙව්වා.. මට ඕනිනම් කමෙන්ට් කරා.. හඃ හඃ

      Delete
    3. ඇරු ඇරු :D මාත් ෂපෝට් …

      Delete
    4. ඇරු ඇරු :D මාත් ෂපෝට් …x 2

      Delete
    5. ඕනි එකක් කියල බැනපන්.. එල්ලෙන්න එන්නේ නෑ.. //

      දැක්කානේ..මු මටයි දෙමල ණ යන්නටයි බයයි..දෙමල ණ යන්නත් මට බයයි..
      අඩෝ..කමියා බැහැපන් එලියට..(පොඩ්ඩක් ඉන්න සරම කරට අරගන්නකන්..) අද තුනෙන් එකක් බේර ගන්නවා..

      Delete
    6. හික්.. මෙන්න කොමෙන්ට් ස්කොඩ්‍රන් එකම බැහැලා..

      Delete
    7. මෙන්ඩා, ඔවු උඹට බය සරම කරට අරං ඉන්න වෙලාවට නෙමෙයි හැබැයි. හැක්...

      Delete
    8. අද තිත්තයාගෙ චෑන්ස් එක.. වරෙව් !!

      Delete
    9. යකෝ..අපි පොල්මල ගහගෙන ගුවන්තොටුපල බලන්න ලැන්ඩ්මාස්ටරේ ආපු කොල්ලෝ...
      පොලිසියේ අයියලාට “අයියේ මේ කොඩිය පොඩ්ඩක් අල්ල ගන්න‘ කියලා හලාවත ටවුමේ කොඩි දාපු කොල්ලෝ..
      සෝමේ මාමා එක්ක කිතුල් ගහේ බාගයක් නැගපු කොල්ලෝ..
      වරෙව්..!!
      තනි තනියම හරි කාන්ඩායම් වෂයෙන් වරෙව්...

      Delete
    10. කණ්ඩායමක් නං ඒකෙ අඩුම පහක්වත් ඉන්න ඕන..අපි තනියෙන් .. වරෙව්

      අපි සල්ගාදු එකට බයිසිකලේ හේත්තු කරලා දුවලා පහුවදා උදේ ඇවිත් බයිසිකලේ අරං ගියපු කොල්ලෝ.. දිව්වේ එක්සයිස් එකට යකෝ .. බයට නෙමේ.
      වරෙව් අද !!!!

      Delete
    11. //වරෙව් අද !!!! // අද බෑ බන් ,,,වෙන දවසක දාගනින් ...

      "යල මහ දෙක ජයට වැවෙන
      ගමේ උපන් කොල්ලෙකි මං
      ගමේ උපන් කොල්ලෙකි..
      බුලත් කන්නෙ පයින් යන්නෙ
      සිංහල විතරයි දැනෙ මට සිංහල විතරයි දැනේ "

      Delete
    12. පංති කට් කරල හෙලුවෙන් මා ඔයේ නාල කෝච්චි එනකොට ඔයෙන් ගොඩවෙලා කෝච්චියට පුක පෙන්නපු කොල්ලො.. වරෙව්...

      Delete
    13. සිංහයෝ වාගෙයි අපේ හැඟුම්
      යුක්තියේ ශක්ති බලේ හිතේ
      හිතු දේ කරනු මිස නෑ
      කිසි දා පැරදී පලා ගියේ...
      සතුටින් ඉන්නෙ අපී
      කඳුලැල් දන්නෙ ම නෑ
      වරදේ නෑ සමා...
      ගිනි කඳු මැඩ ගෙන 
      ජය ටැඹ වෙත යන
      බාධා පීරලා...
      එක මල් ඉත්තෙ පිපී
      සොයුරන් සත්දෙන මේ
      වෙලිලා දම්වැල සේ...
      අත අත පටලා 
      නොයතී බිඳිලා
      පෑහී රන්රස සේ...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය : සෝමපාල රත්නායක
      ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ආනන්ද පෙරේරා ඇතුළු පිරිස

      චිත්‍රපටිය : පෙරළිකාරයෝ (1986 අප්‍රේල් 25)

      Delete
    14. වෙස්සගිරියේ පිං කැටේන් කොටුවකට බබල්ගම් එකක් ගහලා සල්ලි උස්සලා පන්සල ඉස්සරහා දන ගස්සලා තිබ්බ කොල්ලෝ අපි...වරේව්..

      Delete
    15. සෙන්ට්‍රල් පාලම යට බිලා බිලා නැගිට ගන්න බැරැව ඉන්නකොට ත්‍රි විල් පාක් එකේ එවුන් අරන් ගිහින් නුවර වැවේ නාවලා..වෙරි හිදෙනකන් බන්ටේ ඒකේ බුදි කෙරෙව්ව එවුන් අපි..
      වරෙව් ඔනේ එකෙකක්..

      Delete
    16. හප්පට සිරි... කොමෙන්ට් බලකායෙ ඉන්නෙ එසේ මෙසේ උං නෙමෙයිනෙ බලාගෙන ගියාම.
      දැං බෑ මේ ෂොට් එකක් ගහන ගමං.
      හෙට කතාකරගමු.

      Delete
    17. බීල වැටිල යාලුවො ත්‍රීවේල් එකක දාගෙන එද්දි පිටිපස්සෙ ඉඳන් ත්‍රීවීලකාරයගෙ කොන්දට කබරය දාල උගෙන් ගුටිනොකා මගින් බැහල ගිය එකෙක්... වරෙව්....

      Delete
    18. වෙරි මරගාතෙ බස්සෙකේ පස්සෙ දොරෙන් චූ දානකොට ඩැයිබරයා ගෝරනාඩු කරලා කොන්දාගෙන් බැනුම් අහලා දොර වහපුවාම එතන ඉඳගෙන ගිහිල්ලා සම්පත් බැංකුවේ පුන්කලසට ඉතුරු චූ ටික දාලා හූ කියපු එවුන් වරෝ.......

      Delete
    19. බොරැල්ලේ සම්පත් බැංකුව ඉස්සරහා පුන් කලසට චු කරලා මිචා හොල්ල හොල්ල හිනා වෙච්චි බොග් කාරයෙකුත් හිටියා.. ඌ මිසින් මේ දවස් වල..
      බදුලු ඔයේ පාලම ළඟ පටි ජොකා ඇඳන් නාල කෙල්ලෝ එනකොට 'මුණ පෙන්නේ නැති වෙන්න' අනිත් පැත්ත හැරිච්චි එවුන් අපි.. වරෙව්...

      Delete
    20. කමියා මේවා බලල උඔට බ්ලොග් ලියන එක නවත්තන්න හිතෙනවද මචං?
      බලපන් උඔ වෙනුවෙන් හැම එකාම බොක්කේ තියන ඒවාත් ඇදලා අරන් දිලා..
      එල ද බ්‍රා මගේ යාලුවනේ..

      Delete
  24. බුදුන් වදාළ, මාත් අනුගමනය කරන "මැද මාවත" කළ්‍යාණ මිත්‍රට යෝජනා කරමි. ඒ කියන්නෙ, මට පුළුවන් වෙලාවට බ්ල‍ොග් එක ලියනවා. මට පුළුවන් හැම වෙලාවෙම අනිත් අයගෙ බ්ලොග් කියවලා, පුළුවන් හැම වතාවෙම එක කමෙන්ට් එකකට වඩා දානවා...

    ReplyDelete
    Replies
    1. 'පුළුවන් වෙලාව' කියන එකට කමිට්මන්ට් එකක් නෑ නේද? මට ඕනි කමිට්මන්ට් එකක් තියාගෙන ඒක කොහොම හරි කරන්න.. අන්න එකට ස්පෙක් එකක් හදා ගන්න තමයි මේ ට්‍රයි කරන්නේ ඩාලිං .. :)

      Delete
    2. ඩ්‍රැකි අයියා ඔය කියන්නෙ දෙවැනි හරස් විදියද?

      Delete
    3. නෑ මෙන්ඩො, කුමාර වීදිය

      Delete
    4. කමි,
      මං "පුළුවන් වෙලාව" කියන්නෙ, "ආවට ගියාට" කියන එක නෙවෙයි. මං කරන්නෙ පුළුවං වෙලාව හදාගන්න එකයි. නැත්තං මේ ආත්මෙට බ්ලොග් කෙරුවාව කරන්න බෑ.

      Delete
    5. මට උඹට වගේ එහෙම බෑ බං.. මොකක් හරි 'නීතියක් රීතියක්' හද ගන්නම ඕනි වැඩක් කරන්න.. නැත්නම් කෙරෙන්නේ නෑ ලොවෙත්..

      Delete
  25. මම මචං කියවන්නේ මම කැමති බ්ලොග්.ඒ කියවන එව්වයේ අදහස් දක්වන්න මට දෙයක් තිබ්බොත් මම ඒ දේ කියනවා.එතැනදී මම කියවන අනිත් අය මාවත් කියවනවාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමේ.

    අනිත් එක ඔය "පට්ටයි,එළ,නියමයි"වගේ කියනවාට වඩා වැඩි දෙයක් කියන්නයි මගේ කෑමත්ත.ඉතින් එහෙම කියන්න ගියාම යම් යම් සංවාද ඇති වෙනවා.හැබැයි එකට මට අවුලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. //"පට්ටයි,එළ,නියමයි"වගේ කියනවාට වඩා වැඩි දෙයක් // ලියන එකාට වටින්නේ එහෙම කොමෙන්ට් එකක් තමයි..
      මම නම් මචං පත්තර පොත් පත් කියවනවට වඩා වැඩි යමක් බ්ලොග් ලිවීමෙන් කියවීමෙන් බලාපොරොත්තු වෙනවා..

      Delete
    2. මනෝජ් හොඳ බ්ලොගර් කෙනෙක්. පපුවෙන්මයි කතාව. මම හරි කැමතියි.

      පට්ට,එල වගෙ කොමෙන්ට් නම් විහිළුවක්. එහෙනම් සින්ඩියක තියන ඔක්කොටම පට්ටයි පට්ටයි පට්ටයි කිය කිය කොමෙන්ට් දාන්න් පුළුවන් නෙ. වෙලාවත් ඉතුරුයි පෝස්ට් කියවන්න ඕන නෑ. පට්ටයි පට්ටයි පට්ටයි කිය කිය දාගෙන දාගෙන යනව . හෙහ් හෙහ්

      Delete
    3. මගේ එල ද බ්‍රා නම් මම දාන්නෙ කමෙන්ටුවක් කෙටුවා කියන ගැලවිමට නෙමෙයි..මොකද මම අඩුම තරමේ දවසකට දෙපාරක්වත් හැම බ්ලොග් එකකටම ගොඩ වෙනවා..

      ලියන්න ඔනේ තැන මම අතපය දිගඇරලා කමෙන්ට් කරනවා

      Delete
    4. මචන් උඹේ එළද බ්‍රා කොමෙන්ට් එක පපුවෙන් එන එකක්. ඒකෙ නිර්ව්‍යාජ බව මම දැක්ක. හෙහ් හෙහ්

      Delete
    5. මම උඔව මේ තරම් ලගින් අදුරගත්තෙ පත්තර මල්ලි නිසා..ඉස්සර උඔ මට ඇත්තටම යකෙක් ..පත්තරයා තමයි කිව්වේ උඔට ලං වෙලා බලපන් කියන තරම් යකා කලු නෑ කියලා

      Delete
    6. යකෝ ඒ කියන්නෙ උඹ මධ්‍යස්ථගෙ හැමතැනම....... නෑ එක්කො ඕන නෑ. හැක්..

      Delete
    7. මෙන්ඩ.. එළද බ්‍රා මචං.. ඕකට ගහන්න කොමෙන්ට් එකක් නෑ තාම.. :) අපි දිගට කොමෙන්ට් ලියන්නේ අපේ 'බොක්ක' අපිට එහෙම වචන දෙකකින් කියා ගන්න බැරි නිසා..

      Delete
    8. යකෝ මෙන්ඩා.. එතකොට පත්තරයත් ගේද?? හැක්..

      Delete
    9. මම ඉස්සර යකාට බයයි..ඌ ලියන පොස්ට් කමෙන්ටු බරපතල වැඩියි..ලොකු ටොක් දැම්මොත් ගහනවා ඔන එකෙකුට දුවන්න කමෙන්ට් වලින්..දවසක් පත්තරයා කතා කරලා කිව්වා උඔ යකාට කමෙන්ට් දාපන් ඔකා ඔහම ලිව්වට සරල මනුස්සයෙක් කියලා..

      Delete
    10. @ මෙන්ඩා,

      සුදෝ මම උඹවත්,වෙන කාවවත් ටාගට් කරලා නෙමේ එහෙම කිව්වේ.මම දන්නවා උඹ ඒ කමෙන්ට් එක දාන්නේ බොහොම හෘදයන්ගමව කියලා.

      මම අදහස් කෙරුවේ බං ඒ විදියේ කමෙට් එකකට වඩා යම් දෙයක් කියන්න මම කැමති බව.

      මාධ්‍යස්ථ යකා කාලේ මමත් සැහෙන්න යකා එක්ක වාදා කරලා තිබ්බා.ඒ මතවාදීව මිසක් ගහමරාගන්න නෙමේ.

      Delete
  26. වෙලාව තියෙනවා නම් ලියනවා . නැත්තන් ඉතින් මොන ලෝකෙන් වෙලාව හොයන ලියන්නද..
    සුදුසු නම් විතරක් කොමෙන්ට් කරනවා. නැත්තන් කියවල යන්න යනවා
    යන්න හිතෙන්නේ නැති බ්ලොග් වලට යන්නේ නැහැ. මොකෝ ඌ ලියන්නේ ඌට ඕනෑ දේ. මම අකමැති උනා කියල ලියන එකාට පාන්ද.. හොඳම දේ යන්නේ නැතුව ඉන්න එක
    සමහර ලිපි කියවද්දී ලියපු එකාට ගිහින් ගහල එන්න හිතෙනවා. අන්න ඒවගේ ඒවාට යන්නෙත් නෑ. මං මොකටද ලේ පුච්චගන්නේ
    ඔය මොක උනත් සමහර කාලා තියෙනවා මාර කම්මැලි හිතිලා බෑවිල ඉන්න. අන්න ඒ වගේ සංක්‍රාන්ති කාල වල පණ යනකන් බ්ලොග් කියෙව්වත් මං මුකුත් කොමෙන්ට් කරන්නේවත් ලියන්නේවත් නෑ. එහෙම ඉඳල ඉඳල ඔන්න දවසක මද පමණින් අනුමත උනාම ආයේ අර ගැම්ම එනවා

    ReplyDelete
    Replies
    1. වෙලාව ගැන ප්‍රශ්නයක් තමයි මචෝ මෙච්චර දුර ගියේ.. :) මමත් ලියන්න නම් කොහොමත් කම්මැලියි.. කියවන්න නම් ආසයි.. කියෙව්වම ලියපු එකාගේ හිත සතුටු වෙන්න මොනවා හරි කියන්නත් කැමතියි.. වෙලාව මද වීම නිසා තමයි මේ ජරමර..

      Delete
  27. මමනං බ්ලොග් ලියන්න පටංගන්නත් කලින් (දැං කියලත් ඉතිං ලියන්නෙ නෑ තමයි) ගොඩක් බ්ලොග් වල කොමෙන්ට් කළා. ඒ හින්ද අර කොන්ක්‍රීට් එකේ දාපු වචන තුනට හතරට නොසෑහෙන්න ප්‍රතිචාර හම්බ උනා. පස්සෙ පස්සෙ ඉතිං උංම කුණුහරුපත් කිවුව තමයි.
    ඇත්තටම මම ඒක ලියන්නෙ නැත්තෙ මට ලියන්න හැකියාවක් නෑ කියල හිතන හින්දයි. නිකං මෙලෝ එකෙකුට කියවන්න බැරි එකක් ලියල අනික් මිනිස්සුංගෙ ලේ පුච්චන්නෙ මොකටද.
    ඒත් මේ කොමෙන්ට් කරන එකනං නොකඩවා කරන දෙයක්. මගේ එක ෆලෝ කරනවද, ඒකෙ කොමෙන්ට් කරනවද කියල බලල නෙමෙයි මට හිතට වදින විදියෙ පෝස්ට් තියෙන එකක්නං අනිවාර්යෙන් මම ‍කොමෙන්ට් කරනව වගේම ෆලෝ කරනව.
    ඒ කොච්චර හිතට වදින බ්ලොග් එකක උනත් මගේ චොයිස් එකට ගැලපෙන්නෙ නැති පෝස්ට් එකක් හෝ බරසාර කරුණු තියෙන පෝස්ට් එකක් තිබුණොත් බොහෝ වෙලාවට කොමෙන්ට් නොකර ඉන්න පුලුවන්. මොකද අදාල නැති කොමෙන්ට් දාල ඒ පෝස්ට් එකේ වැදගත්බව චා කරන්න ඕන නැති හින්ද.
    අනික අර මෙන්ඩ කියල තියෙනව වගේ උඹල හිතෙන හිතෙන වෙලාවට මේව නවත්තන එක අපි වගේ කොමෙන්ට් කරන එවුවන්ට කරන අසාධාරණයක්. ඒ හින්ද පුලුවන් වෙලාවට දිගටම ලියහං.

    අර දේශකය කියල තියෙනව මම උගේ නිවුන් සහෝදරය කියල. ඌ එහෙම කියන එකේ උඹල ඒක පිළිගනිල්ල. හැක්....

    ReplyDelete
    Replies
    1. අර දේශකය කියල තියෙනව මම උගේ නිවුන් සහෝදරය කියල. ඌ එහෙම කියන එකේ උඹල ඒක පිළිගනිල්ල//

      හා..මචං..
      බ්‍රැන්ඩ් එක ගල්ද?

      Delete
    2. කී තරමින් පිළිගන්න එපා
      ඇසු තරමින් අදහන්න එපා
      දුටු තරමින් සැනසෙන්න එපා
      එය හරිමඟ නොම වේ ...

      සැක දේ නිසැකව නොදනී නම්
      හරි විශ්වාසය නැති වේ නම්
      කිව්වට ඇසුවට දුටුවට සිතුවට
      පිළිගන්නා එක අවදානම්

      සමගිය සාමය නැතිවෙන්නේ
      මිතුදම් පෙම්දම් බිඳ යන්නේ
      සිතකට නෙතකට බසකට කෙනෙකුට
      රැවටිලයි ලොව පිරිහෙන්නේ ...

      ගායනය - වී වර්ධරජා
      සංගීතය - ලාල් හිනටිගල
      ගී පද - සිරිල් ඒ සීලවිමල

      Delete
    3. හැක්... හැක්... ඔන්න මෙන්ඩො.

      Delete
    4. පල යන්ඩ.. ලියන්න බෑ... යකෝ උඹේ කමෙන්ට් එක සමහර වෙලාවට පෝස්ට් එකට වැඩිය හොඳට වදිනව...

      Delete
    5. අඩේ ප්‍රසන්න අයියා.. මහරෑ කඩා පාත් වෙලා ඩිස්ටර්බ් කලාට එකෙන්ම සොරි වෙන්න ඕන.. හැක් හැක්..

      Delete
    6. ඕව මොනවද මල්ලි. රෑ දොලහට උණත් වරෙං කිසි අවුලක් නෑ.
      හැබැයි කෝල් එකක් දීහං එන්න කලින්. නැත්තං ගෙදරට හොරු පැන්නොත් උඹල වගකියන්නෙ නෑනෙ.

      Delete
    7. ප්‍රසා.. බලපන් උඹ ඔය උඩින් ලියල තියෙන ටික අර කොන්ක්‍රීට් ගලේ කෙටුවනම් පොස්ට් එකක් නෙවෙයිද? හඃ හඃ හඃ.. මාත් මේ ටිකේ සත්නපුරේ හරහා නිතර එහෙ මෙහෙ යනවා.. අපිටත් කඩේ දොර අරිනවද?

      Delete
    8. නැතුව... නැතුව...

      Delete
    9. මමත් දවසක එනවා තෝ බලන්න..

      Delete
  28. කමියියේ එක තැනකවත් කොටු වෙන්න එපෝ.... ඔයාලගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙයි බ්ලොග් ලෝකේ. මේකේ පැවැත්මට ඔයාලා ඕනි. මේ සබරෙට ඇත්තටම දැනුන දේ.

    ReplyDelete
    Replies
    1. අර අන්තිම සින්දුව පට්ට..ඈ! එකෙන් සිංදුවක් කරමුද?

      Delete
    2. ඒ අහපු එකටත් තැන්කු අයියේ. සින්දුවක් කරනව කියන්නේ සබරෙට දුර තියෙන ලස්සන හීනයක් අයියේ... කවුරුවත් ඒ වෙනුවෙන් උදවු කරයිද..

      Delete
  29. උඹල ලියන්ඩයි , කමෙන්ට් කරන්නයි, කමෙන්ට් වලට උත්තර ලියන්ඩයි කොහොම වෙලාවක් හොයාගන්නවද කියල මට හිතාගන්න බෑ.
    හැබැයි උඹ නොලිය හිටියොත් නම් ඒක අපරාධයක්, මම ලියපං කියල කියපු කතාවකුත් ඇරියස් තියනව. ඒ ලිපිය කියවන්ඩ බලාගෙන විශාල පිරිසකුත් ඉන්නව. ( ඒක ලියපං ගුටි නොකා ).

    ReplyDelete
    Replies
    1. උඹල ලියන්ඩයි , කමෙන්ට් කරන්නයි, කමෙන්ට් වලට උත්තර ලියන්ඩයි කොහොම වෙලාවක් හොයාගන්නවද කියල මට හිතාගන්න බෑ.හැබැයි උඹ නොලිය හිටියොත් නම් ඒක අපරාධයක්, මම ලියපං කියල කියපු කතාවකුත් ඇරියස් තියනව. ඒ ලිපිය කියවන්ඩ බලාගෙන විශාල පිරිසකුත් ඉන්නව. ( ඒක ලියපං ගුටි නොකා ).

      Delete
    2. එක්කො දානවනං දෙක දෙක දාපං ප්‍රතිපත්ති පාවල නොදී.. චැහ්.
      ඕං මං වැරැද්ද නිවැරදි කලා ඈ..ආයෙ නං බෑ :D

      Delete
    3. නැට්ට නැතුව මාව උඹට පේන්නෙ කැතටද පත්තරේ ?

      Delete
    4. අඩේ උඹේ නැට්ට කැපුවද? අපරාදෙ.

      Delete
    5. නැට්ටෙන්නෙ යකෝ බැලන්ස් වෙන්නෙ..නැත්තං මං පොඩිකාලෙ හදපු සරුංගල් වාගෙ කූරිය ගහනවනෙ :D ..චැහ්.

      Delete
    6. මදු වැලක් එල්ලගත්ත නං හරි. පොඩි කාලෙ සරුංගල් කූරිය ගහනකොට කරන්නෙ ඒක..

      Delete
    7. //නැට්ට නැතුව මාව උඹට පේන්නෙ කැතටද පත්තරේ ?// :D නැට්ට තියෙද්දී උඹේ පොඩි ගතියක් තිබ්බා බං.. මේ මගුලකට තියා බලපන් අඩියක් පුඩියක් ගහන්නවත් වෙලාවක් නෑ මේ කාලේ.. කොහොම හිටපු 'කොල්ලොද' අපි නෙහ්?

      Delete
  30. මටත් මේ දවස් වල තියෙන්නේ ඔන්න ඔය ප්‍රශ්ණේම තමයි. ලියන්න කියවන්න තියා මගේ එකකට රිප්ලයි කමෙන්ට්න් එකක් දාන්න බ්ලොග් පැත්තෙන් එන්නත් වෙලාව අඩුයි.. ඒත් එහෙමයි කියලා මේවා දාලා යන්න හිතෙන්නෙත් නැහැනේ. කොහොම හරි එල්ලිලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. //ඒත් එහෙමයි කියලා මේවා දාලා යන්න හිතෙන්නෙත් නැහැනේ. // අන්න ඔතන තමයි බං කොස්ස.. බෑ බෑ කියා කියා ඇවිත් එල්ලෙනවා..

      Delete
  31. ලියන එක නතර නොකර පුළුවන් වෙලාවට ලියපන් , පුළුවන් වෙලාවට කොමෙන්ට් කරපන් ....


    තැටිය මැද්දෙ කළු කරාපු
    පහන් තිරය මැදට ආපු
    හනුමන්තත් පුදුම හිතනවා....
    රාමටත් බැරි වුනා වු
    මහ වැඩකට පෙළඹුනා වු
    අපි දැකල එයා හඬනවා....
    ඇයි මොකද එයා...
    නෑ නෑ දැන් එයා මෙහේ නෑ...

    ඉරට එළිය අඩු වුනාට
    සඳට එළිය අඩු වුනාට
    අපිට මොටද කනා මැදිරියෝ....
    මදුරු තුඩට අහු වුනාට
    ඇඟෙන් බිඳක් අඩු වුනාට
    නෑ නෑ නෑනේ දෙනෙත් අඬන්නෙ....

    ඉසුරු අහුරු මලු පුරාපු
    අමුතු ලොවක අප රඳාපු
    සිහින සිහින නොවේ හැම දිනේ....
    දිනක අපට අප පතාපු
    ලොවක රජව නං දරාපු
    පෑදෙ පෑදේ වාසනාවේ....


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය: අර්නස්ට් සොයිසා
    ගායනය: එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු සහ පිරිස

    "මරුවා සමඟ වාසේ" 1977 චිත්‍රපටියේ ගීයකි......

    ReplyDelete
    Replies
    1. කටුස්සා එක්ක බොන වෙලාවක කියන්න මේ සින්දුව හොදයි මොකද ඌ එක්ක බොනවා කියන්නෙ "මරුවා සමඟ වාසේ" වගේ තමයි..

      Delete
    2. කටුස්සා සමඟ වාසේ- මරුවා බුදු වේවා!

      මේ මොකුත් නෑ කටුස්සා වගේ ෂේප් එකේම කඩේ වහල (ඕපන් කරලා..) දැම්ම නම්..

      Delete
  32. පිශ්ශු කෙලින්ඩ එපා ලොක්කා... පරන කරපු ඔක්කොම කොරහං... මූට කෙල්ලො එක්ක බුකියෙ චැට් කොරන්ඩ පුලුවන්.. මේක මේන්ටේන් කොරන්ඩ බෑ...

    ReplyDelete
    Replies
    1. මේ මගුලක් නිසා නිදහසේ චැටක් වත් දාන්න වෙලාවක් නෑ කියහන්කෝ.. හැක හැක හැක..

      Delete
  33. කොමෙන්ට් ඔක්කොම කියෙව්වම ටිකක් හිනා ගිය බවත් කියන්න ඕන. මෙතන පුරස්නෙ බැඳීම් ඇතිවීම.ඇත්තෙන්ම බැඳීම් කියන්නෙ දුකක්. ඒ වගේම බරක්.කල්‍යාන හදන්නෙ බැදීම් සීමාසහිත කරගන්න.
    මම නම් කවදාවත් බ්ලොග් ලියන්න හිතන් හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් බ්ලොග් කියෙව්වා. හැමෝගෙම බ්ලොග්වල සැරිසැරුවා. එක එක නම් වලින් සංවාද කළා. යකා කියන නමත් එහෙම එක නමක් විතරයි.
    ඔහොම යකා නමින් සංවාද කරන දවසක මාතා කිව්ව පටන් ගනින් බ්ලොග් එකක් කියල.

    ඒත් මට බ්ලොග් එකක් හදන්න තාක්ෂනික දැනුමක් නෑ.අහම්බෙන් දවසක් ඔමා ඇහුව බ්ලොග් එකක් හදල දෙන්නද කියල. ඇත්තටම ඔමාට යක්කු පැටලිලා තිබුනෙ. වෙන කෙනෙකුට රැවටිලා මාත් එක්ක චැට් කලේ. .මටත් තේරුනා.සද්ද නැතිව හිටිය .එදා ඔමාට වැරදිලා මා එක්ක චැට් කරන්න වුනේ නැත්නම් අද මට බ්ලොග් එකක් නෑ. කොහොමත් මම ඔමාට ඒ ගැන ණයගැතියි.

    ඔමා නැත්නම් මේ වගෙ බ්ලොග් එකක් මට කවදාවත් හදන්න බෑ.ඔමා දැන් ලියන්නෙ නැති එක ගැන මට දුකයි. ඔමාල හොඳට ලියපු කාලෙ හොඳ බ්ලොගර්ස්ල හිටිය. දැන් ඒ අය එක එකා අතුරු දන් වෙලා.

    මම බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුදු දෙකක්. වෙලාවකට මට මෙහෙමත් හිතෙනව බ්ලොග් එකක් නොකළා නම් හොඳයි කියල. ඒ කිසිම කලකිරීමක් නිසා ඇතිවුන හැඟීමක් නෙමෙයි. මට නිකමට එහෙම හිතෙනව. බ්ලොග් ලියන්න ඇවිත් මා කලේ නොකල යුතුව තිබුන වැඩක් කියල සිතට අදහසක් එනව. මම මුල පුරපු සංවාද ගඟට ඉනිකැපුව වගෙ වුනා.මට ඕන වුනේ අලුත් ආරක බ්ලොග් කලාවක් . නමුත් ඒක වුනේ නෑ.

    මම බ්ලොග් ලිවීම සම්පූර්නයෙන්ම නතර නොකලත් කල්යාන වගෙ කිසියම් තීරනයකට එනව ලබන අවුරුද්දි. එකම හේතුව කාලවේලාව තමයි. සයිබරයට අපි කාලය නාස්ති කරනව වැඩියි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. මේ වගෙ පෝස්ට් එකක් දාන්න මාත් හිතාගෙන උන්නෙ.දැන් ඕන නෑ .මෙතනදිම කියල දානවා.
      ලබන අවුරුද්දෙ මම බ්ලොග් ලිව්වත් නොලිව්වත් ( තවම එහෙම ස්ථිර තීරණයක් අරගෙන නෑ ) මං බ්ලොග් ලිව්ව පසුගිය අවුරුදු දෙකේදි මගෙ බ්ලොග් එක කියවීමෙන් සහ කොමෙන්ට් කිරීමෙන් මට උදව් කළ හැමෝගෙම බ්ලොග් කියවා කොමෙන්ට් කර ඔවුන්ව දිරිමත් කරනවා. ඒක අනිවාර්යයෙන්ම මම යුතුකමක් ලෙස කරනවා.

      Delete
    2. මම එකග නෑ..ඉදලා හිටලවත් පොස්ට් එකක් ලියන්න කියලා ඉල්ලිමක් කරනවා..

      Delete
    3. ලියන්නෙ නෑ කියලම ස්ථිර තීරනයක් අරන් නෑ. මධ්‍යස්ථ මතධාරිය ලෙස බ්ලොග් අවකාශයෙ සජීවීව ඉන්නව. යලට මහට පෝස්ට් එකක් දානවා. හැබැයි වැඩිපුරම යකා නටන්නෙ අනුන්ගෙ අඩවි වල. ඒත් ඉස්සර තරම්ම පැල් බැදගෙන බත් මුල් බැදගෙන ඇවිත් නෙමෙයි. හිතුනම තමයි ඒකත් . නිවාඩු වෙලාවක පරන යාලුවෙකුගෙ ගෙදරට ගොඩ වැදිල එනව වගෙ එකක්.

      තමන්ගෙ වාසභවනට එන්නෙ ඉදල හිටල. කාලවේලාව කලමනාකරනය කරගන්න තමයි මේ හැම දෙයක්ම .

      Delete
    4. ලබන අවුරැද්දෙ මැද වෙනකොට මමත් ටික කාලයකට බ්ලොග් වලින් සමුගන්න හිතාගෙන ඉන්නවා..හැබැයි දාලා යන්නෙ නෑ..

      Delete
    5. /මැද වෙනකොට මමත් ටික කාලයකට බ්ලොග් වලින් සමුගන්න හිතාගෙන ඉන්නවා//

      සු භ පැ තු ම් !!!

      Delete
    6. මෙන්ඩ... සුභපැතුම් ... මතේ.... දුකයි...

      Delete
    7. මෙන්ඩා පහල කරඹෑවෙ බාසාවෙන්ම කියපන් " අයියා මම ටික කාලෙකට පොඩියක් වහං වෙලා ඉන්නයි හිතාන ඉන්නෙ "

      Delete
    8. පල යන්ඩ නරියෝ..මම බොරැවට කිව්වේ මම මේක දාලා යන්නෙ නෑ..තොපි ගියත් මම තනියම හරි ඉන්නවා..

      Delete
    9. බොට තනියට මං ඉන්නව.

      Delete
  34. යමක් ලියන්න එන්න හිතාගෙන හිටියට පරක්කු උනේ වැඩ අධිකකම නිසයි.පරක්කු වෙලා පහළට ආවෙ ත්‍රීවීල් එකක.ඉතිං මම උඹට කලින් ලියන්න ගත්ත කෙනෙක් උනාට උඹ ලියන දේවල්වලින් නොදන්න දේ දැනගෙන තියෙනවා.ඒ වගේම මට කමෙන්ට් කරන්න හිතෙන්නෙ කියවපු දෙයින් යමක් හිතට දැනුනොත් එහෙම නැත්නම් හදවත කම්පනය උනොත් විතරයි.එහෙම වෙලාවට අත දිග ඇරලා ලියනවා.නැත්නම් නිකං ඉන්නවා.දැන් නම් මේ බ්ලොග් කෙළිය ටික ටික කම්මැලි වේගන එන්නෙ.මටත් බ්ලොග් නොලියා කමෙන්ට් විතරක් කරමින් ඉන්න තියේනම් හොඳයි කියලත් වෙලාවකට හිතෙනවා බං.

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට හැමෝම කියවන්න විතරක් බලාන හිටියොත් ලියන්නෙ කවුද??? විශේෂයෙන් ඔයාලගෙ වගේ සුපිරි ලියවිලි..

      Delete
    2. හයියයියෝ.. හැලපයියේ.. පිච්චු නම් කෙලින්න හිතන්න එපා.. අඩුම ගානේ අර ලෙලි පොල් ගහන ගොඩ්ෆ්‍රී කාරයා ගැනවත් හිතපන්.. ඒ මිනිහව කවුද ඔය වැඩෙන් ගලව ගන්නෙවත්.. හඃ හඃ.. හඃ..

      මං ගැන කියනවනම් ඉතින්.. මෙච්චර කාලයක් අමාරුවෙන් හරි ඇදගෙන ආවේ කසාදෙට පස්සේ මේ බ්ලොග් එක විතරයි.. තව එච්චර දුර අදින්න ජින්තු මදි..

      Delete
    3. හැලපයිය ත්‍රී වීල් එකේ හයර් එක ගෙවල හිටියොත් නරකද?

      Delete
  35. මං කියන්ඩද උඹ බ්ලොග් කියවන එකයි, ලියන එකයි, ක්මෙන්ට් කරන එකයි, විතරක් නවත්තපං ...
    ඔය කෙල්ලන්ට පැණි හලන ඒව පාර්ටි ඕගනයිස් කරන වැඩ වගේ ඒව කරහං .....
    අනිත් එක ..
    ඔය ප්‍රසන්න, ප්‍රා , මෙන්ඩ , පත්තර, කම්මල වගේ කමෙන්ට් සෙට් එකට මාව ගාව ගන්ඩ එපා ... උඹට පව් සිද්ද වෙයි ....

    ReplyDelete
    Replies
    1. //ඔය ප්‍රසන්න, ප්‍රා , මෙන්ඩ , පත්තර, කම්මල වගේ කමෙන්ට් සෙට් එකට මාව ගාව ගන්ඩ එපා ... උඹට පව් සිද්ද වෙයි ....//
      ආ....ඔව් ..ඔව් මල් ආසනේ උඩින් බෙට්ටක් තියල පව් පුරෝගන්ඩ එපා. : D

      Delete
    2. හැක්... හැක්....

      Delete
    3. ඇත්ත ඇනෝපිලසා ගාවන්න එපා..පැදුරක් දාලා හරහට නිදිකරවපන් ඔකාව

      Delete
  36. මේ ඔබේ 200 වැනි කොමැන්ටුවයි.

    - ස්තුතියි -
    බ්‍රෑන්ඩ් එක ගල්.

    ReplyDelete