Wednesday 1 June 2016

සපත්තු ජෝඩුවක් හරි මේස් ජෝඩුවක් හරි අරං දෙමුද? Other side of සුදීක's same coin


කැලණියේ හෙලේනා විජයවර්ධන ඉස්කෝලේ කියන්නේ සුපිරි පාසලක් නෙවෙයි.. ඒ අවට ආර්ථික අපහසුතා වලින් පිඩිත දෙමවුපියන්ගේ දරුවෝ තමයි ඒකෙ අකුරු කරන්නේ.. ගොඩක් දෙනෙකුට උපාලි විජේවර්ධන පදනමේ ශිෂ්‍යත්ව ලැබෙනවා.. ඒකෙන් තමයි ඉගෙන ගන්නේ.. මේ අවු අස්සේ ඊයේ පෙරේදා පාත්වෙච්චි හෙන ගෙඩියෙන් උන්හිටිතැන් අහිමි උන පොඩි එවුන් අනූ දෙනෙක් ඉන්නවලු ඉස්කෝලේ ඒ ගන්න බැරුව.. පොත්පත් හම්බ වෙලා.. ඒත් පාසැල් ඇඳුම් හා සපත්තු මේස් කාගෙන්වත් ලැබිලා නෑ.. විස්තරේ ඇහුවම මට හිතුනා අපිට පුළුවන් වෙයි කියලා උදව්වක් කරන්න..
මොකද කියන්නේ.. පුළුපුළුවන් විදියට එකතු වෙලා සපත්තු ජෝඩුවක් හරි මේස් ජෝඩුවක් හරි අරං දෙමුද? ළමයි 10-15කට හරි අරන් දෙන්න අපි එකතු උනොත් බැරිවෙන එකක් නෑ.. කාගෙන්වත් පුද්ගලිකව ඉල්ලීමක් කරන්නේ නෑ අනවශ්‍ය පීඩනයක් වෙයි කියල හිතන නිසා.. කරදරයක් නොවෙයි කරගන්න පුළුවන්වෙයි කියල හිතනවානම් විතරක් උදව් කරන්න.. ස්තුතියි.

ක.මි.

49 comments:

  1. මමත් එකක් දෙනවා. ඒ කියන්නේ සපත්තු දෙකයි, මේස් දෙකයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා.. මම කතා කරන්නම්. හැකි ඉක්මනින් හම්බවෙන ටික ගිහින් දෙන්න තමයි අදහස.. :)

      Delete
    2. යකඩෝ මාතෘකාව දැක්කේ දැන්.

      Delete
    3. උඹේ ලිපිය කියවපු වෙලාවේ ඉඳල ඇරියස් එක තිබ්බ.. අහුවෙච්චි වෙලාවේ කෙලළා දැම්ම.. හැක්.

      Delete
  2. කොහොමද ඊයක් එවන්නේ?

    ReplyDelete
    Replies
    1. sumithyapa@gmail.com බොහොම ස්තුතිය් මිත්‍රයා.. :)

      Delete
    2. ස්තුතියි, ඊයක් ඒවා ඇත

      Delete
    3. පිලිතුරුත් ඒවා ඇත. :)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සපත්තු ජෝඩු 5 යි මේස් කුට්ටම් 10 , වියදම සහ අකවුන් නම්බර් එක lankan.ian@gmail.com

    pl

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්.. හැමදාම වගේ.. :) මේල් එකක් එව්වා..

      Delete
  5. සපත්තු මේස් සයිස් සහ පාට, වගේ විස්තරයක් එවන්න. ඕනේ ගැහැනු ලමයිටද, පිරිමි ලමයිටද කියලත් කියන්න.

    මේලක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන්.. ඕනේ ගෑණු ළමයින්ට.. සුදු පාට.. සයිස් තවම කන්ෆර්ම් කරේ නෑ.. ඉස්කෝලෙන් විස්තරය ලැබුණු ගමන් මේල් එකක් එවන්නම්. :)

      Delete
  6. මට තිබුණු ගැටලුව උඩ අහලා තිබුනා.. දැන් දැන ගන්න ඕනේ ළමයිගෙ සයිස් ගැන...

    හොඳ වැඩක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කසුන් ට මේල් එකක් එව්වා.

      Delete
    2. හරි අයියේ... පනිවිඩේ ලැබුනා..

      Delete
  7. මේලක් එව්වා...උත්තර,එවන්න සර්...

    ReplyDelete
  8. ඊයක් එවා ඇත. ගිණුම් අංකය දන්වන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. පිළිතුරු එව්වා.

      Delete
  9. මේලක් එව්වා...උත්තර,එවන්න සර්...

    ReplyDelete
    Replies
    1. මේල් ඔක්කොටම උත්තර දුන්නා සර්! බොහොම ස්තුතියි!

      Delete
  10. එක්සෑම් ලඟ හිංද සල්ලි පොඩ්ඩක් අමාරුයි බං..........ඒකවුන්ට් නම්බර් එක මේකට (rasikab007@hotmail.com) ඊයක් දාන්ඩ සල්ලි ටිකක් හොයාගෙන දානන්..

    ReplyDelete
    Replies
    1. කරදර වෙන්න එපා මචන්.. හිතුවටත් වඩා ආධාර ලැබුනා.. ඉස්සරහට මොනවා හරි කරනකොට ආයි කියන්නම්. ස්තුතියි හිතවත්කමට..

      Delete
  11. මාත් ඉතිං තාම යැපෙන්නා හින්දා මුකුත් නොකිය ඉන්නම්. එකතු කරන් උන්නු ටිකත් දුන්නෙ කරදර වෙච්ච අයටමයි. ඒ නිසා කමිය අයියෙ මේකට නෑවිත් ඉන්නෙ හොඳද.

    ReplyDelete
    Replies
    1. කිසිම ගැටළුවක් නෑ නංගෝ.. හිත තියෙන එකම ඇති.. මම බලාපොරොත්තු උන්ටත් වැඩිය ප්‍රතිචාර හොඳයි.. ගිහින් ඇවිත් විස්තර දාන්නම් බ්ලොග් එකේ.. :) බොහොම ස්තුතියි.

      Delete
  12. මටත් කියහන් වැඩේ සිද්ධ වෙද්දී...
    දායකත්වයක් සපයන්නම්...

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර මොකටද? අතේ තියෙන විදියකට සයිස් 5න් හෝ 6න් DSI supersport සුදු සපත්තු ජෝඩුවක් හෝ දෙකක් ගෙනත් මගේ මෙසේ ළඟ පැත්තකින් තියමු.. අනිද්දා උදේ වරුවේ වංගුවක් දාල ගිහින් ඉස්කෝලෙට දීල එන්න හිතන් ඉන්නේ.. හෙට එනකොට ගෙනත් තියහන්.. :)

      Delete
  13. වැඩේ හරි... බඩු ලැබෙයි.
    පින් සිදුවේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි.. ජෝඩුවට සහ රූමි ට.. :)

      Delete
  14. පුත්තලමේ අවතැන් පවුල්වලට අපේ ගමෙන් මෙවැනි ආධාර ලබාදුන් නිසා එයට දායකත්වය දැක්වුවා. ඉදිරියේදී බලමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරකතුමනි ඔබේ කැපවීමට..මේ වැඩේට බොහෝ උදවු ලැබුනා.. ඉස්සරහදි ඔබෙත් සහයෝගයෙන් යම් වැඩක් කරමු.

      Delete
  15. Replies
    1. ස්තුතියි රසික අනගි ප්‍රාර්තනාවටත් ලොකු උපකාරයටත්.. :)

      Delete
  16. ඊයක් එවා ඇත. බඩු ලබාදෙන්නේ කෙසේද?
    චමින්ද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමින්ද. පිළිතුරක් එව්වා.. බලන්න.

      Delete
  17. බඩු රේඩි සර් ...අරන් පලයන් !!

    ReplyDelete
    Replies
    1. ආයි ආයි සර්! හවස ඔතනින් යන ගමන් ගන්නම්..

      Delete
  18. මචං අධාරයක් කරන්ඩ බැරි අවස්ථාවක ඉන්නෙ. ගංවතුරට මාවත් හේදිලා ගියා.

    ReplyDelete
    Replies
    1. අපි වෙනුවෙන්... :) උඹව බලන්නත් එන්නම් සුදෝ.. ඇති වෙන්න උදව් හම්බ උනා.. වචනේටත් ස්තුතියි මචෝ..

      Delete
  19. කමියා....වැඩ කිහිපයකට අත දැම්මා. දැනට එයින් සෑහීමකට පත්වෙන්න වෙනවා. නැත්නම් අපේ නඩත්තුවටත් ආධාර හොයන්න යන්න වෙනවා :D ඕකයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අරූ අයියා.. වචනේටත් ස්තුතියි.. උදව් ගොඩක් ලැබුනා.. විස්තරය ටයිප් කරන ගමන්..

      Delete
  20. මමත් එවන්නම්. අර කොල්ලුපිටියේ තැනට ගෙනත් දුන්නම් හරිනේ.

    ReplyDelete
    Replies
    1. කොල්ලුපිටිය ආධාර එකතු කරන මධ්‍යස්ථානයටද? හෙහ්.. කොටසක් ගිහින් දීලා ආව.. මේ ඒ විස්තරය ටයිප් කරන ගමන්.. ස්තුතියි අජිත් අයියා..

      Delete
  21. සුබ පැතුම්....

    ReplyDelete