Monday, 9 May 2016

මහා මුහුද මැද ගිලිහුණු රන්වැටක අඳුරු මතක..2- Floating Warriors

අද මේ කොටස සම්පුර්ණයෙන්ම වගේ වෙන් වෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව 2009 වසරට පෙර පැවතී නෞකා හා යාත්‍රා පිළිබඳව විස්තරයක් ගේන්න.. වසර 2001 අප්‍රේල් මාසේ 21 වෙනිදා මුලතිව් මුහුදේදී සතුරු වෙඩි වරුසා මැද අපෙන් වෙන්වී ගිය P 495 ඩෝරා යාත්‍රාව හා එහිදී මියගිය අභීත රණවිරු නැවියන් ගැන මතකය අලුත් කරමින් ගිය සතියේ ලියන්න පටන් ගත්ත ලිපිය මගදී හිතුනා ඒ විස්තරයත් එක්කම එකල යුද සමයෙහි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්ය භාරය ගැනත් පොඩ්ඩක් ලියන්න.. විශේෂයෙන්ම ඩෝරා යාත්‍රා වල කාර්යභාරය ගැන.. මේ විස්තර ගැන උනන්දු බොහෝ දෙනෙක් ඉන්න නිසා මැයි මාසයේ ඇතුලත ලිපි දෙක තුනක් ඒ සම්භන්දව ලියන්න හිතුවා.. මුල් ලිපිය නොකියවපු කෙනෙකුට මෙතනින් බලා ගන්න පුළුවන්.. ගිය අවුරුද්දෙත් හරියටම මැයි මාසේ මේ වගේ විස්තරයක් ලියන්න අරන් කොටස් දෙකකින් නැවතුනා.. බලමු පුළුවන් උනොත් ඒකත් මේකටම කපල් කරන්න..

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සියල්ල බලඝණ 8 කට වර්ග කර තිබුණි. පළමු බලඝණය IPC හෙවත් Inshore Patrol Craft (අභ්‍යන්තර වෙරළාරක්ෂක යාත්‍රා) ලෙසත් දෙවන බලඝණය CPC හෙවත් Coastal Patrol Craft (වෙරළබඩ ආරක්ෂක මුර යාත්‍රා) ලෙසත් නම් විය. මේ සිංහල නම් මට හරියටම ෂුවර් නැත. කට වහරේ මතක තිබු සැටියෙනි. මේ යාත්‍රා දෙවර්ගයම සාමාන්‍යයෙන් අධිකාරි නොලත් නිලධාරීන් හෙවත් ජේෂ්ට නැවියන් විසින් ස්ථාන භාර නිලධාරීන් (Officer-in- Charge) ලෙස පාලනය කල අතර වරාය ආරක්ෂාව භාර මාණ්ඩලික නිලධාරී (Staff Officer- Harbour Defence) ගේ අණ හා පාලනය යටතේ තිබු අතර යුදමය රාජකාරීන් වලට යෙදවීමේ හැකියාව අතින් බොහෝ පහල මට්ටමේ තිබුණි. Offensive (සතුරා හඹා ගොස් පහරදීම?) රාජකාරි සඳහා කිසිසේත් යොදා නොගත් අතර Defensive (ලඟට ආවොත් පහරදෙන?) role එකක් පමණක් පවරා තිබුණි. IPC 1 කාණ්ඩයට ඔබ අසා ඇති Waterjet, Javelin, Arrow, Wave rider, Fiberglass Dinghy (FGD) වැනි කුඩා යාත්‍රා ඇතුලත් වූ අතර  CPC 2 කාණ්ඩයට ඊට මදක් විශාල වූ Chevron, Dockyard වැනි නම් වලින් හැඳින්වූ යාත්‍රා ඇතුලත් විය. කාලයෙන් කාලයට මේවගේ පොඩි පොඩි වෙනස්කම් වූ නමුත් බහුතරය මෙසේ හැඳින්විය හැක.

  වොටර්ජෙට් වර්ගයේ යාත්‍රා.. 
සංදර්ශනයට වඩා සුදුසු ඇරෝ වර්ගයේ කුඩා යාත්‍රා.. 
වේව් රයිඩර් යාත්‍රාවකින් ගොස් කුඩා බෝට්ටුවක් පිරික්සන අවස්ථාවක්..
ඉදිරිපස බර අවියක් සවිකර waverider යාත්‍රාවක් යුද්දයට සුදුසු ලෙස සකස් කරගෙන තිබු අයුරු..
Chevron වර්ගයේ Coastal Patrol Craft -CPC එකක්.. මේවා කට වහරේ චැවටන් ලෙස හඳුන්වනු ලැබිය.
 
 Colombo Dockyard හි නිෂ්පාදනය කිරීම නිසා 'ඩොක්යාඩ්' යන නමින් හැඳින්වූ CPC එකක්..
මුලින් 'ඩෝරා' අතර තිබී පසුකාලීනව වේගය මද කම නිසා CPC ලෙස නම්කළ ප්‍රංශයේ නිෂ්පාදිත යාත්‍රාවක්.. 'ෆ්‍රෙන්ච් ඩෝරා' යන නමින් හැඳින්වින..
පසු කාලීනව SBS එක හා RABS යන විශේෂ ප්‍රහාරක කණ්ඩායම් දෙක කළපු හා ආසන්න මුහුදු තිරයේ විශේෂ මෙහෙයුම් වෙනුවෙන් මෙම Waterjet හා Waverider බෝට්ටු Command craft ලෙස හා Javelin / Arrow යාත්‍රා ඒවායේ පරිවාර සේනා ලෙස යොදා ගනිමින් කුඩා කුඩා ප්‍රහාරක කණ්ඩායම් නිර්මාණය කර ගත් අතර යුද්ධයකදී ඉතාමත්ම වැදගත්ම අවශ්‍යතාවය වන අණ හා පාලනය (Command and Control) පවත්වා ගැනීමේ අපහසුතාවය/ නොහැකියාව මත මේ යුධ උපක්‍රම කොතෙක් දුරට සාර්ථක වුවාදැයි වෙනම සාකච්චා කල යුතුයි. කෙසේ වතුදු මේ කණ්ඩායම් සඳහා 'ඉහලින්' මනා අනුග්‍රහයක් හා ප්‍රචාරණයක් නම් ලැබුණි. මන්ද පිටත් සිට බලා සිටින්නෙකුට මෙය ඉතා ආකර්ෂණිය යුද උපක්‍රමයක් (සංදර්ශනයක්?) මෙන් දැකිය හැකි වීමයි..

3 වන බලගණය වුයේ මා පෙර විස්තරයේ සඳහන් කල Fast Gun Boat (FGB) හෙවත් ගන් බෝට් ස්කොඩ්‍රන් එකයි. ඒවා තනි තනි නැව් (Independant) ලෙස වෙන වෙනම අණදෙන නිලධාරියෙකු යටතේ පාලනය වන අතරම Operational Requirement එක නිසා සමුහයක් ලෙසද කටයතු කලේය. අදාළ නැව් සියල්ලේම අණදෙන නිලධාරීන් අතුරින් ජේෂ්ඨතමයා Senior Officer Present in Afloat (SOFA) ලෙස නැව් කණ්ඩායමේම ආරක්ෂක රාජකාරීන් සම්භන්දිකරණය කරයි. පෙර සඳහන් කලාක් මෙන් නාවික හමුදාවේ අඩුම සැලකිලි මැද තමන්ගේ පමණ ඉක්මවා රාජ කාරී කල එහෙත් කලාතුරකින්වත් හොඳක් අහන්නට නොලැබෙන කණ්ඩායමක් ලෙස මෙම නැව් කණ්ඩායම මගේ මතකයේ පවතී.
 උදාර හා ප්‍රතාප ලෙස නම් කල FGB කාණ්ඩයේ නැව් දෙකෙන් එකක්..
 රණරිසි නැව
 Anti Submarine Gun Ship එක වූ පරාක්‍රමභාහු නැව
FGB (ගන් බෝට්) එකක් වතුර යට කොටසේ රෙපෙයාර් එකකට ගොඩට ගන්නා යුරු හා නැවත මුහුදට එක්කරන අවස්ථාවක්..
අධිකාරියට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික නෞකා යන ගෞරව ආමන්ත්‍රණය සහිතව නමක් මේ නැවකට හිමිවේ. අතීතයේ පටන් මේ නැව් සඳහා නම් ලබා දීම විවිධ නායකයින්ගේ නම් සමඟ සසඳා සිදු කර ඇත. නාවික හමුදාවට 1973දී  පමණ එක්වූ නැව් 5ක් SWRDB අකුරු පහ මුල් කරගෙන සූරයා, වීරයා, රක්ෂක, දක්ෂයා, බලවතා ලෙස නම් තැබීය. JR ගේ කාලයේ එක්වූ නැව් දෙකක් 'ජය'සාගර හා සාගර'වර්ධන' ලෙස හා තවත් ගන් බෝට් දෙකක් ජගතා හා රණකාමි ලෙස නම් විය. ඉන්පසුව එක්වූ නැව් බොහොමයක් 'රණ' යනුවෙන් පටන් ගැනිණි. රණධිර, රණවික්‍රම, රණජය, රණරිසි, රණසුරු, රණගජ, රණවිජය එවන් නැව් වේ.. චන්ද්‍රිකා ගේ සමයත් සමඟ මේ ප්‍රවනතාවය වෙනස් විය. එසමයෙහි ගෙන්වූ Landing Ship Tanker (LST) වර්ගයේ නැව සහ Anti-submarine war ship එකක් ලෙස ගෙන්වූ FGB එක යශෝධා හා විමුක්ති ලෙස නම් තැබීමට ගත උත්සහයක් ඇය විසින් ව්‍යර්ථ කොට පසුව ශක්ති සහ පරාක්‍රමභාහු ලෙස පිලිවෙලින් නම් තැබූ බව සඳහන් වේ. උදාර, ප්‍රතාප ලෙස ගන් බෝට් දෙකක්ද සයුර, සමුදුර, සාගර ලෙස Off shore Patrol Vessels (OPV) තුනක් හා මිසයිල් පද්දතියක් සහිතව යැයි කියූ සුරනිමල, නන්දිමිත්‍ර ආදී Fast Missile Vessels (FMV) වර්ගයේ නැව් දෙකඩ ඉන් අනතුරුව නාවික හමුදාවට එකතු විය.

අප මුලින් කතා කරගෙන ආ අයුරෙන්, 4 වන නාවික බලගණය වුයේ 4th Fast Attack craft Flotilla (4FAF) ලෙස නම් ලද නාවික හමුදාවේ ප්‍රභලම ප්‍රහාරක ඒකකය වූ 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනය හෙවත් ඔබ අප සැවොම දන්නා 'ඩෝරා' බලඝනයයි. තිස් වසරක යුද්ධයේ වෙසෙසින්ම අවසාන දශක දෙක තුල නාවික හමුදාවේ බල පරාක්‍රමය මුහුදු සිමාව තුල ආරක්ෂා කිරීමට තම ලෙයින් දහදියෙන් හා කඳුලෙන් අසීමිත කැපකිරීම් කර අභීත වීර නවිකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් වූ ඩෝරා ස්කොඩ්‍රන් එක, එක අණදෙන නිලධාරී වරයෙක් යටතේ හා ඒ ඒ යාත්‍රා සඳහා වෙන වෙනම අණභාර නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වූ යාත්‍රා 50කට ආසන්න ප්‍රමාණයක් සහිතව සැදුම් ලත්තේය.
 ඩෝරා යන වචනය එක් වීමට මුල්වූ ඊශ්‍රායලයේ නිෂ්පාදිත Super Dvora වර්ගයේ අධිවේගී ප්‍රහාරක යාත්‍රාවක් (Fast Attack Craft- FAC) 
 ඊශ්‍රායලයේම නිෂ්පාදිත Shaldag වර්ගයේ FAC එකක්..  
 ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත Ultra Fast Attack Craft (UFAC) එකක්.. P 495 යාත්‍රාව මේ වර්ගයේ එකක් විය.
ඇමෙරිකාවේ Trinity Marine සමුහය මගින් නිෂ්පාදිත FAC එකක්.. 
Killer වර්ගයේ කොරියන් FAC එකක්..
5 වන බලගණය ලෙස Auxiliary Ships හෙවත් යුධ කටයුතු සඳහා විවිද සහය ලබා දෙන නැව්, තෙල් වතුර ආහාර ගබඩා කරගෙන ගොස් බෙදා හැරීම හා ප්‍රධාන වශයෙන් භටයින් ප්‍රවාහනය කිරීමට උදව් වන නැව් කණ්ඩායම හැඳින්වින. ජෙට්ලයිනර් නැව කුලියට ගත එකක් නමුදු අයත් වුයේ මෙම බලඝනයටයි. ඊට අමතරව හංසයා, ලිහිණියා, A 541, A 542 වැනි පුද්ගලයින් ප්‍රවාහනය සඳහා යොදාගත් යාත්‍රාද, A 520, A521 වැනි භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගත යාත්‍රාද ඒ අතර විය. තවත් එක් විශේෂ යාත්‍රාවක් වුයේ Hovercraft යනුවෙන් හැදින්වුණු ගොඩබිම හා මුහුදේ දෙකේම යාත්‍රා කල හැකි වූ වායුපා යානයයි. නිරන්තර නඩත්තු කටයුතු සිදු කිරීමට අවශ්යවූ බැවින් මේ යාත්‍රාවෙන් නම් ගත නිසි ප්රෝයෝජනයක් නොවිය..
 
 Hovercraft එක මුහුදේදී හා ගොඩබිම අසලදී..


 P 541 හා P 542 මගී ප්‍රවාහන යාත්‍රා.. මේ යාත්‍රා දෙකෙන් එකක් 2000 වසරේදී ත්‍රිකුණාමලය වරායට එල්ල වූ කළු කොටි ප්‍රහාරයෙන් අබලන් තත්වයට පත් වූ අතර ඉතිරි නැව දැනට තල්මසුන් බැලීමට සංචාරකයින් ගෙන යන ව්‍යාපාරයට යොදවා ඇත. 
6 වන බලඝනය OPV විය. මුල් කාලයේ අභීත, එඩිතර, වික්‍රම සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල OPV තුනක් නාවික හමුදාව සතු වූවත් 90 දශකයේ මැද භාගය වනවිට ඒ අතරින් එඩිතර නැව ත්‍රස්ත ප්‍රහාරයකට නතුව කන්කසන්තුරය වරාය තුල ගිලී ගොස් තිබු අතර අභීත හා වික්‍රම නැවු දෙක තවදුරටත් භාවිතයට ගත නොහි පරණ යකඩ සඳහා විකිණීමට ඉවත් කර (Decommission) තිබුණි.  ඒ වනවිට තිබු ජය සාගර හා සාගරවර්ධන නැව් දෙකෙන් සාගරවර්ධන නැවද LTTE ප්‍රහාරයකින් තලෙයිමන්නාරමට ඔබ්බෙන් මුහුදේ දියබත් වී ගිය අතර එහි අණදෙන නිලධාරී ලෙස කටයුතු කල එවකට කමාන්ඩර් අජිත් බෝයගොඩ හා තවත් පිරිසක් බොහෝ කාලයක් තිස්සේ සතුරු ඇත අඩංගුවේ පසුවී යුද්දය අවසන් වීමට ටික කලකට පෙර නිදහස් වී පැමිණියහ.
ජයසාගර නැව
වසර 2000 වනවිටත් ලංකාවට OPV එකක් කියා තිබුනේ ජයසාගර නව පමණි. පහුගිය පොස්ට් එකේදී බොහෝ දෙනෙකු සී සික්නස් ගැන ලියන්න කී විට මට එක වරම මතක් වුයේ ජයසාගර නැවයි. මෙහි නැව් බඳේ හැඩය (Hull shape) එක නිසා ඉතා කුඩා මුහුදු චලනයකට පවා විශාල වශයෙන් නැව පැද්දේ.. අපි එකල මේ නැව් බඳ නෑඹිලියකට නැත්නම් පොල් ලෙල්ලකට සමාන කළෙමු. එය එතරම් වතුර මත කැරකේ. සාමාන්‍යයෙන් සී සික් නැති බොහෝ දෙනෙකු ජයසාගරේදී හරහා වැටෙයි. මුහුදට නොයන්නේ නම් ජයසාගර නැව මල් සාගරයකි. ඊට ප්‍රධානම හේතුව එය බොහෝ විට ගාල්ල හෝ කොළඹ වරායට අනුයුක්තව තිබීමයි. පසුකාලීනව වඩා ප්‍රමාණයෙන් හා පහසුකම් වලින් වැඩි සයුර, සාගර, සමුදුර වැනි OPV එකතු වුවද තවමත් ජයසාගර නැවද බැරි බැරි ගාතේ හෝ නාවික හමුදාවට තම සේවය සපයයි.
 සමුදුර OPV එක
 සයුර නැව
මුල් කාලයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතුවූ ප්‍රමාණයෙන් විශාල OPV එකක්.. 
7 වන බලඝනය FMV (ෆාස්ට් මිසයිල් වෙසල්ස්) වෙනුවෙන් වෙන්කර තිබුණි. ඔය කියුවට ලංකාවේ නේවි එක කිසිම කිසි දිනෙක මේ නැව් වල මිසයිල් භාවිතා කර නැත. මේ නැව් හා එහි තිබු මිසයිල් පිළිබඳව මා ගැඹුරින් හදාරා නැති මුත් පොදුවේ මිසයිල් සම්භන්දව හදාරා ඇති බැවින් ඒ පිලිබඳ යම් අදහසක් පමණක් මා සතුව වේ. මේ නැව් වල තිබුනේ ගේබ්‍රියල් නමින් හැඳින්වූ SSM (surface to surface missile) විශේෂයකි. මේවා රේඩාර් මගින් පාලනය කල යුතුයි. එනම් මේවා භාවිතා කල හැක්කේ රේඩාර් භාවිතා කල හැකි සිමාවේ පමණි. තව දුරටත් පැහැදිලි කරන්නේ නම් මුහුදු සිමාවේ ඇතුලත පමණි. නේවි එක භාවිතා කරන Marine Radars වලින් ගොඩබිම නිරීක්ෂණය කල නොහැක. එසේනම් මේ මිසයිල භාවිතා කල හැක්කේ සතුරු නැව් ඉලක්ක කර පමණි. අපේ සතුරන් වූ LTTE එකට මිසයිල ගසා විනාස කිරීමට තරම් නැව් (මුල් කාලයේ හඳුනා ගෙන) තිබුනේ නැත. කලක් යනවිට මේ මිසයිල අලුත් වැඩියා කල යුතු වේ.. මිසයිලයක වටිනාම කොටස වන warhead එක ඉතා ඉහල මිළක් වේ. මේ පිළිබඳව නිපුණ නිලධාරීන් එහි සිටිය යුතුවේ. නැව මුලින් ගේන අවස්ථාවේ එහි සිටි නිලධාරීන් ඒ පිළිබඳව පුහුණුවක් ලැබූ මුත් කාලයක් සමඟ ඔවුන් වෙනත් නැව් වලට මාරුවී යාම නිසා අවසානයේ මේ මිසයිල ඒ නැව් වලටම මර උගුලක් විය. කවුදෝ කියුවේ 'මේවා පත්තු කලොත් නැට්ට කඩපු අහස් කූර වගේ කොහේ ගිහින් නතර වෙයිද නොදන්නා' බවයි. මා දන්නා තරමින් පසු කලෙක මේවා පරිස්සමෙන් ගලවා ආරක්‍ෂිත ස්ථානයක තබා නැව් පමණක් OPV ලෙස භාවිතයට ගත්තේය.
නන්දිමිත්‍ර FMV එක
නාවික මෙහෙයුම් වලට නිහඬව බොහෝ මෙහෙයක් කල, අපේ වචනයෙන් කියනවනම් බර ඇද්ද Landing Craft (එකවර ගොඩබිමට Land කරන්න පුළුවන් විදියට හදපු නැව්) 8 වෙනි බලගණයට අයත් විය. මේ අතරින් Landing Ship Tanker (LST) එකක් වූ ශ්‍රී.ල.නා.නෞ. ශක්ති නැව විශේෂ වේ. උතුරට අවශ්‍ය ආහාර, යුධෝපකරණ හා භට පිරිස් පටවාගෙන ත්‍රිකුණාමලය හා කන්කසන්තුරය අතර මේ නැව කී වරක් ගමන් කොට ඇත්දැයි කිව නොහැක. එසේම ප්‍රමාණය හා හැඩය නිසා මේ නැව රළු මුහුදු තත්වයන්ට සාපේක්ෂව හොඳින් නුහුණ දුන් අතර එනිසාම ඒ සමඟ එහි ආරක්ෂාවට ගමන් කරනා ගන් බෝට් හා ඩෝරා යාත්‍රා වලට 'අමු වහක්' වීමද නොකියාම බැරිය. තව දුරටත් Landing Craft Mechanized (LCM) වර්ගයේ රණගජ, රණවිජය හා පබ්බත ආදී නැව්ද ඊට ප්‍රමාණයෙන් කුඩා වූ Landing Craft Utility (LCU) නම් වූ තවත් කුඩා යාත්‍රා දෙකක්ද නාවික හමුදාව සතු විය..
  

 ලංකාවේ නිෂ්පාදිත රණගජ හා රණවිජය LCM මුහුදේදී හා ගොඩබිමට land කර ඇති අවස්ථාවක්
 ශක්ති නැව
ශක්ති නැව වැනි LST එකක් ගොඩබිමට Land කර වාහන  හා troops ගොඩ බාන අවස්ථාවක්
කුඩා ප්‍රමාණයේ LCU එකක්..
ඉහත සඳහන් සියලු චායාරූප අන්තර්ජාලය ඇසුරිණි
හඃ.. මම හරිම කම්මැලි වැඩක් මේ කරේ.. විස්තර ලියන එක.. ඒත් ඉතින් අසන්නන්න්ගේ ඉල්ලීම් වලට කන් දෙන්නත් එපැයි.. ඊළඟ එකෙන් වත් බලමු P 495 අහිමි වූ මෙහෙයුම හා තවත් එවැනි ඩෝරා මෙහෙයුම් කිහිපයක් හා එකල අපේ ඩෝරා ජිවිතේ ගැන ටිකක් ලියන්න.. මැයි මාසේ ඉක්මනට ඉවර නොවුනොත් ඒ විස්තරත් ලියනවා.. 

86 comments:

  1. ඉස්සෙල්ලම කතාවට මාතෘකාවක් දාල හිටපං.

    ReplyDelete
    Replies
    1. ජාතකේ වැඩක් නෑනෙ හැලපෙ අයියෙ, බණ අහපං

      Delete
    2. ආයිත් අහල.. ඔන්න ඒ වුනාට නමක් දැම්ම ඉතිං..

      Delete
  2. Replies
    1. එක එක රටවල ඩෝර හදද්දි ඒකෙ එන්ජිම වෙනස්ද ? ඒ වගේම තියන තුවක්කුත් වෙනස් ඒවද ?
      ඇරෝ බෝට්ස් යුද්දෙ අවසාන කාලයේ විශේෂ උදවුවක් තිබුනෙ නැද්ද ?

      Delete
    2. ඔව්.. ඒ වුනාට ගොඩක් ඒවා එක වගේ.. තුවක්කු හයි කරන්නේ නේවි එකෙන්.. ඩෝරා එකේ පර්පස් එක අනුව.. ඒවත් ඉතින් ගොඩක්ම එක වගේ.. මුල් කාලේ මිමි 23 Typhoon Twin Barrel වෙපන් එකක් මේන් වෙපන් එක විදියට පාවිච්චි කළා.. පස්සේ 30 mm වෙපන් එකක් හයි කරා ඒ වෙපන් සිස්ටම් එකටම..
      ඇරෝ, ජැවලින් වල සද්දේ නම් තිබ්බ.. මොකද ඒවා ලොකු අයගේ කන්සෙප්ට් විදියට ආපුවානේ.. ඒ උනාට කරන්න පුළුවන් උණු ලබ්බක් නෑ.. හිටපු උන්ගේ වරදක් නෙවෙයි.. Command and Control නැතුව යුද්ද කරන්ඩ බෑ. ඒක ගැන ඊළඟ පොස්ට් එකෙන් කියන්නම්..

      Delete
  3. වෝටර් ජෙට් හැර අනිකුත් යාත්‍රා ප්‍රොපෙලර්වලින්ද?

    ReplyDelete
    Replies
    1. IPC කොටසකට 'waterjet' නම ලැබුනේ Water jet propulsion එක නිසා තමයි. Shallow waters වල operate කරන්න පහසුයි මේවා. 'Waterjet' වලට අමතරව ඊශ්‍රායල් වලින් ගෙනාපු ඩෝරා හා සුපර් ඩෝරා හැර අනෙක් සියලුම FAC හා A 541/ A 542 යාත්‍රා වල තිබුනෙත් water jet propulsion system එකමයි. Super Dvora වල තිබුණා Arneson Surface Drive (ASD) කියලා water surface එකේ operate වෙන waterjet වගේම maneuverability එකක් තිබුණු propeller සිස්ටම් එකක්.. අනිත් සියල්ලම වගේ propeller/ rudder combination එකක්..

      Delete
  4. හා ලියල ලියල. මැයි මාසෙඉවර වෙන්න තව ගොඩක් කල් තියෙයි. ඒ නිසා කලබල නොවී ලියහං.

    ReplyDelete
    Replies
    1. කලබල නොවී හිටියෝත්නම් තව එක පෝස්ට් එකක්වත් ලියන්න පුළුවන් වෙයිද දන්නේ නෑ..

      Delete
  5. දැන්නං මටත් දිය දෙබෑ කොරං යන යන්තරේක යන්ටම ඕනෙ... අගෙයි පෝස්ටුව ක.මි.

    ReplyDelete
    Replies
    1. //දිය දෙබෑ කොරං යන// එක මටත් ඉස්සර තිබුණු ලොකු අසාවක්.. :) ස්තුතියි ලේ.පා.හී. :)

      Delete
  6. 4FAF කියල කීවට ඕක ලියද්දි වත හරියට ලීවෙ නෑ. හුගක් උං ඕකට කීවෙ (මාත් එක්කම තමා) අප්පෙ අප්පෝ කියල. හැක් හැක්. මොකද ඕක ලිව්වෙ FAF4 කියලනෙ.
    හිහි...
    අර සංදර්ශන කතාව හිංදම නේවි ආපු උං වගෙම බයික් එකේ වැඩ දාන්න පුලුවන්ය කියපුවම සීමන් අතෑරල පැට්‍රොල්මන් ගියපු උන්නහේලත් හිටිය ඈ. හෙහ් හෙහ්..
    ඒව ඉන්ටෝව් බෝඩ් රස කතාලු

    (ගුටි කන්න වෙයිද මංද)

    ReplyDelete
    Replies
    1. //අප්පෙ අප්පෝ// හික් ඒක සිරා නම.. කොල්ලෝ එප්පේඑප්පෝ කියනවා ඇහිලානම් තියෙනවා ඒත් ඒක ලොකුවට හිතිලා තිබ්බේ නෑ.. ඉන්ටර්විව් රස කතා ටිකක් ලියහන්..

      Delete
  7. හෙක් හොඳ විස්තරයක් මෙතන තියෙනව.
    හොඳ වෙලාවට අර මිසයිල පත්තු කරන්නැතුව ගලෝල අරං තියන්න මොළේ පෑ‍දුනේ. නැත්තං කට්ටියට මල්වෙඩි සංදර්ශන බලාගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. මල් වෙඩි මගුලක් කියෝනව.. මම ඕවා තියෙනකම් ඒ නැවක් ලඟින් යන්නත් බයේ හිටියේ.. හැක්.

      Delete
  8. කලින් පෝස්ට් එකත් එක්ක අදයි මේක කියවන්න සෙට් උනේ.

    විස්තරේ නම් පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. මේ මාසෙම මේවා තමයි.. හැක්.. දිගටම රැඳී ඉන්න අපත් සමඟම.. :)

      Delete
  9. මේ නැව් වලට දේශපාලනඥයින්ගේ නම් වලින් කොටස් අරන් දාන්නේ වෙනත් රටවල් වලත් සාමන්‍යෙන් එහෙම දානවාද.නැතිනම් කුනුගොඩකට වුනත් තමන්ගේ නම දාගන්න තියෙන කැමැත්ත නිසා හෝ එහෙමත් නැතිනම් දේශපාලනඥයින්ගේ නම් යොදා ලකුණු රැස් කර ගැනිමේ ආශාවෙන් නිලදාරින් කරන වැඩක්ද මේක.කොච්චර වුනත් තම පවුලේ අයගේ නම් මේ නැව් වලට නොයොදවන්න CBK කරපු වැඩේ හරි.

    රනිල් මේයට පෙර අගමැතිව ඉන්න කාලේ ගෙනාපු "කරේජස්" නැව නාවික හාමුදාවට ලැබුනු ලොකුම නැව කියලා ඒ කාලේ මීඩියා වල කිව්වා මතකයි.

    ReplyDelete
    Replies
    1. CBK හොඳ වැඩත් කරලා තියෙනවා නෙහ්.. මේක කියද්දී කතාවක් මතක් උනා නොකියම බැරි.. සුනාමි ආපු අලුත චන්ද්‍රිකා වතාවක් ආවා ගාල්ලේ සුනාමි ගම්මාන බලන්න.. ඒ වෙලාවේ චන්ද්‍රිකා දැකපු අපේ ඥාති අක්ක කෙනෙක් "අනේ රත්තරං පාටයි.. කිරි බෝලේ වගේ.. ආසාවේ බෑ.." ඔහොම තමයි කියුවේ.. ඊට අවුරුද්දක් ගියේ නෑ.. මහින්ද රජ වෙලා චන්ද්‍රිකා බලු වෙලා ඉන්න ගමන් ඒ චන්ද්‍රිකාම ආව ආපහු ගාල්ලේ රැස්වීමකට.. අර අක්කම කියපි.. "නොදකින්.. මහා මුසල පාටයි.. වපරි.. හැතිරි.." හැක්.. මට බ.අ.සි.

      කරේජස් කියන්නේ සමුදුර නැව. ලොකුම එක නම් නෙවෙයි.. තුන් වෙනි තැන විතර.. ලොකුම ඉන්දියාවෙන් ලැබුණු සයුර සහ සාගර නැව්.

      Delete
  10. දැන් අපිට තියෙන්නේ එයාෆෝස් එකෙන් ගිය එකෙකුත් හොයා ගන්න එකයි....... එතකොට ත්‍රවිධ හමුදාවම හරි.........

    උඹේ පෝස්ටුව සුපිරියි මචං...

    ReplyDelete
    Replies
    1. එයාෆෝස් එකේ හිටිය දෙන්නෙක්ම ඉන්නව ...
      ඒත් ඒගොල්ලන්ට දැං වෙන වැඩ තියනව ලියනවට වඩා ....
      http://cyberyaya.blogspot.com
      http://ctkumara.blogspot.com

      Delete
    2. බුද්ධි එයා ෆෝස් ද? මම හිතුවේ ආමි කියල.. ඌ ස්පෝර්ට්ස් වලට විතරනේ ගිහින් හිටියේ.. මේ ලඟදි වසන්තයට පොස්ට් එකක් දැම්මා මනා කියල මිසිං වෙච්චි යාලුවෙක් ගැන.. පට්ට.. මාරයා නම් එයා ෆෝස් තමයි.. ඌ ඒත් කවදාවත් ඒ ගැන ලියන්නේ නෑනේ. නේවි තව ගොඩක් ඉන්නවා.. දැනට සර්විස් එකේ ඉන්න දෙන්නෙකුත් ඉන්නවා.. සර්විස් ඉඳල අයින් වෙච්චි නොකී කතා, මහේෂ් වගේ උනුත් ඉන්නවා..

      Delete

  11. අද පෝස්ට් දෙකම එක සැරේ කියෙව්වා.. ලංකාවේ හදන නැව් නයිජීරියාවට විකුණුව කියල නිවුස් එකක් දැක්ක.. ඔය නැව් හදනවා කියන්නේ කෑලි ගෙනල්ල එසෙම්බල් කරන එකද ? එන්ජින් වගේ දේවල් ලංකාවේ හදන්න පුළුවන් ද?

    මම එක සැරයක් ජෙට් ලයිනර් එකේ සවාරියක් ගියා.. එකත් මරු අත්දැකීම..

    යුද්ධ මතක ටිකෙන් ටික අමතක වෙලා යන නිසා මේවා ආයේ කියවන්න ආස හිතෙනවා...

    කල්‍යාණ මිත්‍ර වැඩිම කොච්චර දවසක් මුහුදේ ඉඳල තියෙනවද? ජොලියට වගේ දැන ගන්න අහන්නේ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මාත් ගියා... අවුරදු 13දි විතර නැවකට ගිහින් තිබ්බත්, ඒක එච්චර මතකයක් තිබ්බෙ නෑ. ජෙට් ලයිනර් ගමන මරු... ( අපෙ මලයයි මායි ඒකෙ ඉස්සරහා ටයිටැනික් එකේ වගේ යන්න ගිහින් එතන හිටපු ඔක්කොම හිනැස්සුව... හි හි)

      Delete
    2. මම එක දිගට වැඩිම කාලයක් මුහුදේ ඉඳලා තියෙන්නේ දවස් 12-ක් 14ක් විතර සමුදුර නැවේ.. ජෙට් ලයිනර් නම් දැන් නවත්තලාද කොහෙද.. ඒත් හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් A 541 එකේ තල්මසුන් බලන්න යනවනම්.. අවුරුද්දකට මාස 3ක් විතර ගාල්ලෙනුත් තව මාස තුනක් විතර ට්‍රින්කෝ වලිනුත් පිටත් වෙනවා. පසෙන්ජර් කෙනෙකුට 6000/-ක් වගේ ගානක්.. අත්දැකීම වටිනවා..
      අහ.. ඔය නැව් නයිජීරියාවට විකුනනවා කියුවට එතන තියෙන්නේ IPC විතරයි. ලොකු නැව් නෑ. RABS පටන් ගත්ත කාලෙම කරන්නාගොඩ මහතාගේ මුලිකත්වයෙන් වැලිසර නේවි කෑම්ප් එකේ IPC හදන්න project එකක් පටන් ගත්තා. නෙවි එකට ඕන කුඩා යාත්‍රා දැන් හදන්නේ එතන. මේක හොඳ ප්‍රවනතාවයක්. තව වැඩි දියුණු කරන්න පුලුවන්නම්. නැව් බඳ සම්පුර්ණයෙන්ම මෙහෙ හදන්නේ. එන්ජින් හා අනෙකුත් උපාංග ගෙනත් හයි කරනවා.. මිට කලින් ලංකාවේ ලොකු නැව් හැදුවා Colombo Dockyard එකේ.. නේවි එකටත් දුන්න.. නමුත් ඒක ලංකාවට අයිති සමාගමක් නෙවෙයිනේ..

      හිරු, ජෙට් ලයිනර් එකේ ඔක්කොම හිනාවුනේ හි හි හි හි කියලද? :)

      Delete
  12. මටත් නැවක යන්න ඕනේ.... හිහ්.
    විස්තරේ මරු. මේ කිසිම දෙයක් මීට කලින් දැනං හිටියේ නෑ. ස්තූතියි කමි අයියේ.

    ReplyDelete
    Replies
    1. නේවි කොල්ලෙක්ව හොයලා බැඳ ගමු.. :)

      Delete
  13. ඔය ඔක්කොම රේසින් බෝට්ටු කියලා මම හිතන් හිටියේ එ ඒ බෝට්ටු වලට වෙනස් වෙනස් නම තිටෙනවා හරියට විචාරක මාමගේ යුද්ධ ටැංකී ලිපියේ වගේ...මෙහේ මුහුදට හුවයි බල්ටියයි ගෙදර ඉදන්... ඉතින් විවිධ බෝට්ටු නම් එමට දකිනවා කමියෝ ආසාවෙන් කියෙව්වා විස්තරේ මරැ

    ReplyDelete
    Replies
    1. විචාරක මාමට වගේ ආලවට්ටන් දාල රස කරලා මේවා ලියන්න මට කම්මැලියි කිඹුලියෝ. ජස්ට් රිපොටින්.. හෙහ්.. මට ලියන්න ඕනි විස්තර කියද්දි කියවන උන්ට තේරුම් ගන්න පහසු වෙන්න තමයි මේ ටික ලියුවේ.. හැබැට උඹල මුහුදට යන්න ඕනි උනාම කොහොමද කරන්නේ? හූවක දුර ගිහින් බල්ටියක් ගහනවද? බලාගෙන බල්ටි දෙකක් ගැහුවොත් මුහුද මැද ඉඳියි.. හැක්.

      Delete
  14. එසේම ප්‍රමාණය හා හැඩය නිසා මේ නැව රළු මුහුදු තත්වයන්ට සාපේක්ෂව හොඳින් නුහුණ දුන් අතර එනිසාම ඒ සමඟ එහි ආරක්ෂාවට ගමන් කරනා ගන් බෝට් හා ඩෝරා යාත්‍රා වලට 'අමු වහක්' වීමද නොකියාම බැරිය.////

    ඒ මොකෝ...... ඇත්තටම ඇහුවෙ...

    ReplyDelete
    Replies
    1. මේකයි. ශක්ති නැව රළු මුහුදට හොඳට ඔරොත්තු දෙනවා. ඒ වගේම troops අරන් යන නිසා තර්ජනයත් වැඩියි. ඉතින් එයා එයාගේ පැසේජ් එක ප්ලෑන් කරන්නේ ට්‍රින්කෝ ඉඳල කෙලින්ම හැතැම්ම 100ක් විතර ගැඹුරු මුහුදට ගිහින් ඒ දිස්ටන්ස් එක දිගටම land එකට එළියෙන් maintain කරගෙන යන්න. බෙංගාල බොක්ක මැදට ගිහින් තමයි ආපහු KKS හාබර් එක පැත්තට හරවන්නේ.. එයාට එස්කොර්ට් එකට ගන් බෝට් සහ ඩෝරා යන්න ඕනි එයත් එක්ක.. එච්චර දුර ගියාම මුහුදේ රළ සැරට ඒ වගේ පුංචි බෝට්ටු ඔරොත්තු දෙන්නේ නෑ. නමුත් රාජකාරිය නිසා යන්නත් ඕනි.. මුහුද සැර කාලෙට ශක්ති එස්කොර්ට් එකට යනවා කියන්නේ ඉතින් පොඩි නැව් බෝට්ටු වලට 'අමු වහක්' ඒක නිසා.. ඇත්තටම කියුවේ.. හි හි..

      Delete
  15. මුහුදට ගිහිං එන්න පට්ට ආසාවක් තියෙන්නෙ.මාතර ඉන්නකොට මාළු ඩයල් එකක් ශේප් කරන් පොඩි ට්‍රයි එකක් දුන්නා.. කොහෙද.. ඊට කලින් හරහ වැටුනනෙ.තල් මස්සු බලන්න යන්න,කුඩාරාවණා කොටුව ලයිට් හවුස් එකේ සතියක් දෙකක් අදින්න,ටිකක් ගැඹුරට කිමිදෙන්න වගේ අමුතු ආසාවල් තියෙනවා.මෙව්ව කියවනකොට එව්ව වැඩි වෙනවා.. හෙහ් හෙහ්.. දිගටම ලියන්න.තැටිය රත් උන වෙලාවෙ රොටී ටික පුච්චගන්න ඕනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මාළු ට්‍රෝලර් වල නම් යන්න එපා.. තල්මසුන් බලන්න යන්න පුළුවන් නේවි පැසේන්ජර් ෂිප් එකේ.. little basses / great basses වැඩේ නම් වෙනම හොයල බලන්න ඕනි. කිමිදෙන වැඩේට හොඳ ෆිසිකල් ෆිට්නස් තියෙනවනම් ගොඩ දා ගන්න පුළුවන්.. (උඹට ඉරිසියා හිතෙන්න කියන්නේ..) මම ඔය ඔක්කොම කරලා තියෙනවා.. හැක්.

      Delete
  16. maru.phone eken baluve.sinhala type karanda amarui.
    Doravalata RPG vadunoth hil venavada?

    ReplyDelete
  17. maru.phone eken baluve.sinhala type karanda amarui.
    Doravalata RPG vadunoth hil venavada?

    ReplyDelete
    Replies
    1. හොඳ ඇති.. ඒකනේ කොමෙන්ට් දෙකක්ම.. RPG එකක් වැදුනොත් අනිවා ලොකු හිලක් හැදෙනවා.. ඇලුමිනියම් බොඩි එකක් තියෙන්නේ ඩෝරා වල.. P 495 ගැන ලියනකොට ඒ ගැන වැඩි විස්තරයක් ලියන්නම්.

      Delete
  18. ඒ දවස්වල ප්‍රවෘත්තිවල ඩෝරා යාත්‍රාවක් ගැන කතා නොකළ දවසක් නැති තරම් . ඔය සියලු නැව් හා ඩෝරා තාමත් හොඳින් නඩත්තු කරනවාද? මේකටත් සෑහෙන වියදමක් යනවා ඇති . විස්රතය මරු !

    ReplyDelete
    Replies
    1. සියලු ඩෝරා හා නැව් තාමත් ඒ විදියටම නඩත්තු වෙනවා.. එකම ගැටලුව operational readiness එක.. යුද්දයක් නැති නිසා එහෙම readiness එකක් මේන්ටේන් වෙනවද සැකයි. ඔව්. නඩත්තු වැඩ වලට ලොකු වියදමක් යනවා.. මේක කියද්දී ලස්සන කතාවක් මතක් උනා.. සයුර නැව දවස් දාහතරකට මුහුදට ගිහින් ආපුවාම ඩිසල් ලීටර් ලක්ෂ 2ක් විතර ගහනවා. එදා වියදමෙන් රුපියල් කෝටියක විතර.. ඒත් නැවේ කනිෂ්ට නිලධාරීන් හා නැවියන්ට නැවේ ඉඳල බේස් එකට යන්න වාහනයක් දෙන්නේ නෑ.. එහෙම තමයි නේවි එක..

      Delete
  19. මම ගිහිං තියනව waverider එකක ....
    මගදි කට්ටිය එක්ක සෙට් වෙච්ච හිංදා .. එන ගමන් පොඩ්ඩක් steer කරන්ඩත් දුන්න.... පොඩ්ඩක් වැඩිය කපපු හිංදා ආපහු ඉල්ල ගත්ත..... හැක හැක හැක .. ......
    මැයි මාසෙ විතරක් නෙමෙයි උඹ මේක මාස දොලහෙම ලියන්ඩ ඕනෙ ....

    ReplyDelete
    Replies
    1. ආපහු දවසක යමං ගාල්ලේ පැත්තේ..

      Delete
  20. ආමී කාරයයි නේවි කාරයයි දැං හරි , පොලිස් කාරයෙක් නං එයි කියල හිතන්ඩ බැ තව අවුරුදු විස්සකටවත් , එයා පෝස් කාරයෝ නං ජිවිතේට එන එකක් නැ මහ ආඩම්බරකාර කළු කන්නාඩි කාරයෝ

    ReplyDelete
    Replies
    1. අර කලපු කතන්දරේට අදාල දෙයක් තියනවා ඒක මෙහෙම කතා කරන එක හරි නැ වගේ හම්බුනහම අහන්නං

      Delete
    2. මටත් පේන්න බෑ ඔය පිහාටුවෝ.. හැක. මොකක්ද කලපු කතන්දරේ.. අහපන් මට නම් අවුලක් නෑ..

      Delete
    3. මාරයා හිටපු පිහාටුවෙක් නේද?

      අටමෝ, අර ඊයේ පෙරේදා හිටිය පොලිස් මාද්දිය පොරකාසක තුමාට වත් කියමුද බොගක් පටන් ගන්න කියලා.

      Delete
  21. කොමාන්ඩර්(එවකට) රාජරත්න ඉංදීය පරිප්පු නැව් වලට අභියෝග කරන්නට ඩෝරා එකෙන් මුහුදු ආරක්ෂණ සීමාවේ කඳවුරු ලෑ ඉංදීය නාවික හමුදා නැව් වෙත ගිය හැටි මතක් වුණා. මුහුදෙන් හරෝල යැව්වම තමයි පහුවදා ගුවනින් පරිප්පු බෙදුවේ...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මාත් අහලා තියෙනවා.. ඊශ්‍රායල් වලින් mk 1 ඩෝරා මුලින්ම ගෙනාපු කාලේ OIC ලා තමයි රාජරත්න ලා, සෝමතිලක දිසානායකලා නේද? අපි ඊට පරම්පරා ගානකට පස්සේ :)

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. දැන් මේක ලිව්වනම් නැවක් හොයල දියං අපිටත් යන්න . බෝට්ටු ගමන් කීපයක්ම ගිහිං තියෙනවා , නැවකට කියලා නැග්ගේ "ලොගෝස් හෝප්" එකට විතරයි , එකත් ඉතිං නවත්තල තියෙද්දිනෙ

    ReplyDelete
    Replies
    1. ගාල්ලෙන් තල්මස්සු බලන්න යන නැව යන වෙලාවක යමං.. මම 50% ඩිස්කවුන්ට් එකක් සෙට් කරලා දෙන්නම් නේවි එකෙක් හරහා.. පොඩි උන්ටත් නියම ට්‍රිප් එක..

      Delete
    2. //පොඩි උන්ටත් නියම ට්‍රිප් එක..//
      ඉවාන්ටද ? අයියෝ සල්ලි...මෙහෙමත් අපහාස.
      ඉවානයගෙ 50% මම දෙන්නම් , මගදි මෝරුන්ට කන්ඩ දාමු , උන්ට කියල ජීවිතේට ඌරු මස් හම්බවෙන එකක්‍ යැ.

      Delete
    3. ආයි දෙසැම්බර් වෙනකං හිටිං..http://whalewatching.navy.lk/

      Delete
    4. අඩෝ මලකඩ ඩබල් කම්මලයා දැනගනින් මෝරු මගේ යාළුවො , ඕ යේස් . උඹලගේ ගෙදෙට්ට මෝරු එවලා කවන්නේ දැනගන්

      Delete
    5. පත්තරේ, ඔන්න උඹටත් එක්කයි මූ මෙහෙම කියන්නේ.

      Delete
    6. චැක්, ......විචා පත්තරයව දාල බෑ අවුරුද්දට තිරික්කලේ බදින්න ඉන්නෙ ඌ විතරයි

      Delete
    7. ඉවාන්ට
      සල්ලි සබන් පෙන

      Delete
  24. මුල් පෝස්ට් එකත් එක්කම කියෙව්වා... හරිම අපූරු විස්තර් ටිකක්..

    ReplyDelete
    Replies
    1. ඔයා නම් ඉතින් මටත් වැඩිය නැව් ගැන දන්නවා ඇතිනේ.. හීනෙන් සෙල්ලම් කරන්නෙත් නැව් සහ ටෙඩි බෙයා ලත් එක්ක නේද?

      Delete
    2. හපොයි මේ තරම් නම් දන්නේ නෑ..

      උදේ හවස ඒවම දකිනකොට අයේ හීනෙනුත් පේන එක අහන්නත් දෙයක්ද... හි..හි..

      Delete
  25. මේ‍ක‍ෙ නිකං රූප බලාගෙන ආව විතරයි. උඹේ අත්දැකීම් තමයි ඕන.

    ReplyDelete
    Replies
    1. ආචිචිට රයිස් ගරන්ඩ.. මැදමුලනයා. මාත් පින්තුර ටික බලාගෙන ඉංගිරිස් අකුරු ටික ගණං කරගෙන ආවේ.. හැක්..

      Delete
    2. කාටවත් කියන්න එපා.. උඹල දෙන්නට විතරයි.. මේක වෙන එකෙක් ලියුවානම් මම බලන්නෙත් ඔය විදියට තමයි.. මේ රිපෝර්ට් කියවන්න මාත් කම්මැලියි. ලියන්න ඊට එහා. එත් ඉස්සරහට ඇත දැකීම ලියද්දි මේවා අතරමග විස්තර කර කර ඉන්න බැරි නිසා ඔන්නොහෙ ලියලා දැම්ම.. හික්..

      Delete
  26. මාලු බෝට්ටුවක මම එක පාරක් මුහුදු ගිහිල්ල දවසක්ම හිටිය. ඒ ජාඇල හරියෙන්. මගෙ යාලුවෙක්ගෙ බාප්පෙක්ගෙ බෝට්ටුවෙන්. සමුදුරෙහි අත්දැකීම් එපමණකි.ආහ්...තව .. සේරුවිල සහ නාගදීපෙ ගියා බෝට්ටුවෙන්...

    ReplyDelete
    Replies
    1. හෆොයි.. මාළු බෝට්ටු.. :) අපේ කොල්ලෙක් හිටියා නේවි එකේ.. මිනිහා මාසෙකට සැරයක් නිවාඩු ගිහිං ඉන්න වෙලාවට multi-day fishing trawler වල සතිය හමාර ආපහු මුහුදට යනවා.. කොල්ලෝ ඌට කාඩ් ගහලා තිබ්බේ මඩුවා කියලා.. හේතුව ඔබ තුමාගේ විචක්ෂනශීලි බුද්ධියට අහු වෙයි මයේ හිතේ.. :)

      Delete
    2. අප්පේ ඔය මඩු කතාව ඇත්තද බං. මටත් නේවි පොරක් ඔය ගැන කිව්වා. බලපන් කමියෝ මුලු පෝස්ට් එකයි කොමෙන්ට්ස් කියවලයි ඔච්චරයි අල්ල ගත්තේ.

      Delete
    3. මඩු කතාව ඇත්තළු...
      මම ඔය ගැන ආටිකල් එකක් කියෙව්වා ලඟදි...
      නිකමට සර්ච් කරලා බැලුවනම් ලස්සන ෆොටෝ තියෙනවා නෙට් එකේ, හෙහ් හෙහ්...

      Delete
  27. කම්මැලියා කියන්නේ පට්ටම පට්ට කම්මලියෙක්. ඇයි යකෝ මේ ටික මීට වඩා ඉතාම සවිස්තරව පෝස්ට් දෙකකටවත් කඩලා ලියන්න තිබුණනේ.

    ඉස්සරවෙලාම ඔය බලගන squadron ටිකයි යාත්‍රා ටිකයි ලැයිස්තුවක් හරි චාට් එකක් හරි හදලා දානවා. ඊට පස්සේ, 'role and task භූමිකාව සහ කාර්ය භාරය' විස්තර කරනවා.

    Offensive Role = ප්‍රහාරක ක්‍රියාන්විත භූමිකාව
    Diffensive Role = ආරක්‍ෂාව සැලසීමේ ක්‍රියාන්විත භූමිකාව.

    නාවික යාත්‍රා අධිකාරියට පත් කලාම, ඒවාට ගොඩවෙන ත්‍රිවිධ හමුදාවේ සියලුම අයවලුන්, ඒ යාත්‍රාවට ආචාර කලයුතුයි කියලා ලිව්වේ නැත්තේ මොකද බොල?

    පින්තූර ලොකු කරනු.

    ReplyDelete
    Replies
    1. අනේ මේ ලොකු සර් පිච්චු නම් කෙලින්න එපා.. මේකත් ලියුවේ හරිම අමාරුවෙන්..

      නැවට ගොඩ වෙන කොට සැලියුට් කරන්න නම් ඕනි තමයි ඉතින්.. ඒක අමතක උනා හිටං.. තව තියෙනවා සියලුම කාන්තාවන්ට (Women Sailors/ Women soldiers/ air women හැර) හා ත්‍රිවිධ හමුදාවේම අධිකාරියට පත් නිලධාරීන්ට නැවට ගොඩ වන විට සැලියුට් කරන්න ඕනි. තව piping the site (අණදෙන නිලධාරියෙකු එන විට බෝසන් පයිප්පයෙන් පිඹීම) හා side pipe (යුධ නැව් දෙකක් මාරු වෙන විට කණිෂ්ට නැවෙන් ආචාරය පුද කිරීම හා ජෙෂ්ට නැවෙන් එය පිලි ගැනීම) වගේ චාලිත්තර මහා හුඟක්.. අනේ ඕවා ලියන්න මට බෑ..

      Delete
    2. අඩේ............ඔන්න එව්වා ටිකත් මටත් මතක් වුනා. අර පයිප් කිරීම නම් හරිම ලස්සනයි. නැද්ද වීඩියෝ පොජ්ජක් හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා දාන්න.

      බ්‍රිතාන්‍ය හමුදා සම්ප්‍රදාය අනුවත්, සාමාන්‍ය සොල්දාදුවාගේ බිරිඳට, අධිකාරි ලත් නිලධාරීන් ආචාර කලයුතුයි, ඇය ත්‍රිවිධ හමුදාවට අයත් කෙනෙකු නොවන්නේ නම්.

      ඊළඟට කියන්න යන දුක්බර කතාව කාගේත් හිත්වල ලොකු කම්පනයක් ඇතිකරයි.

      Delete
  28. අපුරු ලිපියක්, මට නම් වාසනාවක් ලැබුන මන් කොළඹ නැව් තටාකාංගනයෙ ඉන්න කාලේ සයුර සහ ශක්ති නැව් දෙකට නැගල හැම තැනම ඇවිදින්න ලැබුනා, ඇත්තටම ඒවා ඩ්‍රයි ඩොක්ස් වලට ගන්න හැටි ඒවායේ නඩත්තු වැඩ එහෙමත්. මට මතකයි කොටින්ගේ වීඩියෝ එකක් ශෙයා වුනා ඒ කාලේ උන් ඩෝරා එකකට ගහල ගිල්ලවනවා, ඒ වගේම එකේ හිටපු සෙබළුන්ගේ ප්‍රාණය සුන් වුන සිරුරු ජීවිතාරක්ෂක කබා එක්ක මුහුදේ පාවෙනවා, හරිම දුක හිතෙන දර්ශනයක්. ඒවගේ කාලයක් තිබුනද කියන එක අද ගොඩ දෙනෙකුට අමතක වීම කනගාටුවට කරුණක්. මන් හිතන්නේ ඔය ඇලුමීනියම් බඳ සහිත වේග ප්‍රහාරක යාත්‍රා හදන්නම වෙනම වරක් ෂොප් එකක් දැම්ම ඩොක් යාර්ඩ් එකේ ඇලුමීනියම් ෂොප් කියල.

    ReplyDelete
    Replies
    1. dan godak aya marila ipadila wage kathawa.

      Delete
  29. කොමෙන්ටු නොදැම්මට බොහොමත්ම ආසාවෙන් කියවපු ලිපි දෙකක්.. අර හවර්ක්‍රාෆ්ට් එක දැන් කැඩිලා භරණ කෑම්ප් එකේ නවත්තල තියනවා. එන්ජින් දෙකම ගලවල. රෙපයාර් වලට ලොකු ගානක් යනවලු. හදන එකක් නෑ කියලයි කියන්නෙ. අනිත් ලිපියත් ඉක්මනටම ලියපං. බොහොම ආසාවෙන් මේව කියවන්නෙ. ඉස්සර dora කියල සර්ච් කලාම කිසි එකක් එන්නෙ නෑ.. උඹේ ලිපියෙන් පස්සෙයි දැනගත්තෙ ඒක Dvora බව...

    ReplyDelete
  30. ඒයි බොල දැන් දැක්කෙ..මහා මුහුද කිව්වම වැරදියි, එක්කො මහ මුහුද නැත්තං මහා සමුද්‍රය...:)

    ReplyDelete
  31. දැනට කැඩිලා තිබුනත් මට පුදුම උනන්දුවක් තියෙන්නේ hovercraft එක ගැන. ලංකාවට එහෙම ඒවා තිබුන බව මම දැනගත්තෙත් මේකෙන්. Hovercraft සෑහෙන කාලයක් පාවිච්චි කලාට ඒ තරම් සුලබව දකින්න නැත්තෙ ඇයි කීයලා දැන් හිතාගත්තෑකි.

    ReplyDelete
    Replies
    1. ඕක බලන්න ගියාම සම්පූර්ණ විස්තරයක් දැනගන්න ලැබුන ඒක භාරව හිටපු නැවියගෙන්. එන්ජින් එකක අමතර කොටස් වලට විතරක් ලක්ෂ 55ක් යනවලු. ඇතුලට ගියාම ලොකු ඉඩක් තියනවා. ඩිෆෙන්ඩර් ජීප් එකකුත් පටවාගෙන යන්න පුළුවන් ලු. කන්ට්‍රොලින් බොහොම සංකීර්ණයි. ඉදිරිපස සහ පසුපස ජලය පුරවපු ටැංකි වලින් ජලය එහා මෙහා යවල බැලන්ස් කරන ක්‍රමයකුත් තියනවා. කොහොම නමුත් ඔය වගේ දේවල් එකතුකරලා සංරක්ෂණය කරන සුදු ජාතිකයෙක් ආවලු ඕක ගන්න බලන්න. මම හිතන්නෙ ඕක විකුණලා දායි. එක පාරක් ගෝල්ෆේස් එකේ ඉන්නකොට ඕක මුහුදේ ඉඳන් ගෝල්ෆේස් එකට ගොඩබැස්ස මම දැක්ක යුද්ධ කාලෙ.

      Delete
    2. ලක්ෂ පනස්පහ මොකක්ද බං හමුදාවකට. ලංකාවෙ එවුන්ට මේ රීකන්ඩිෂන් කරපු වාහන ඔයිට වඩා දීලා ගන්න වෙලා තියෙන්නෙ. මම හිතන්නේ ඕක සංරක්ෂණය කරලා පාවිච්චි කරන එකයි වටින්නේ. කොළඹ BCC එකේ, නගර සභාවෙ හෙම වාශ්ප ලොරි තිබුනේ අදත් දුවන්න පුලුවන්.

      Delete
  32. තව විස්තර තිබ්බනම් තමයි හොඳ, හැබැයි ඉතින් කමෙන්ට් හරහාත් සෑහෙන දෙයක් දැන ගත්තා...

    ReplyDelete
  33. හොඳ විස්තරයක් කල්‍යාණ මිත්‍ර. ලංකාවේ අර හදපු පුංචි බෝට්ටු වගයකුත් තිබුන නේද. ඒවලින් තමා කොටින්ට වැඩිම ප්‍රහාර දුන්නේ කියල කියනවා නේද? (ලෝකයේ ප්‍රථම වරට නාවික හමුදාවක් හදපු කියලත් කියන්නේ. ඒවා නේද ඔය නයිජීරියාවට වික්කේ.)

    ReplyDelete
  34. මුහුදෙ යන්න නම් මම බයයි අප්පා.. ඒක වතුරට තියෙන බයක් මං හිතන්නෙ..

    අත්දැකීම් ගැන කොටස ඉක්මනට එයි නේද?

    ReplyDelete
  35. ලිපියේ නම දැක්කම රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
    පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ.
    සිංදුව මතක් උනා දැන් සමහරු අට පාස් නැති අය කියල ගරහන මේ දෙවිවරුවන් මිනිසුන් නැත්නම් ......... නමෙත් වැඩක් තියනවා ලිපියක... :) යුද්ධ වලට නම් මං කිසිසෙත්ම කැමති නැ, ඒ උනත් මේ වගෙ එකක නැගල යන්න නම් ආසවක් අවා දැක්කම..

    ReplyDelete
  36. නොදන්න දේවල් කිහිපයක් ඇස ගැසුන ඒක කියවිමෙන්. මටත් නැවක යන්න ආසාව ඇතිවුනා. ඒත් හිසේ කැරකිල්ල හැදෙනවට බයේ යන්න හිත නැහැ.

    ReplyDelete
  37. ඇත්තටම dvora වලට shaldag වඩා මුහුදු සටන් වලට හොඳද?

    ඔය ට්‍රිනිටි මැරීන් වලට තර්මල් කැමරා හා remote weapon system (MSIS) හයි කරපු වැඩේ හරි ගියාද? ("අධිෂ්ඨානය" පොතට අනුව )



    මම මෙහෙම අහන්නේ කිසිම ලොක්කෙක් තමන්ගේ "සංකල්ප" අනුව වෙච්ච වැඩ අසාර්ථකයි කියලා පිලි නොගන්න නිසා.

    ReplyDelete
  38. train එකේ යද්දි මේ කතාව කියෙව්ව ඒත් සිංහල කොටන්න බැරිව කමෙන්ටුවක් නොදා හිටිය. අද තමා ආයෙම ආවේ :) මේ නිකමට අහන්නෙ මටත් බැරිවෙයිද මගේ නම නැවකට දාගන්න ;)

    ReplyDelete
  39. මුහුද මැද්දේ ඉන්නවා වගේ දැනුනා
    තල් මසුන් බලන්න යන වෙලාවක උබෙන් උදවක් ඉල්ලන්ම්

    ReplyDelete
  40. මෙච්චර් වර්ග ගනනාවක් යාත්‍රා ලංකාවෙ නාවික හමුදාව සතුව ඇති කියලා මම දැන උන්නෙ නෑ...ඔය යාත්‍රා සියල්ලම අතරින් යුද්ධයේ අන්තිම කාලය වෙද්දි ලංකාවෙ සාමාන්‍ය සිවිල් ජනතාව අතර වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තිබුනෙ ජෙට්ලයිනර් කියන නම. උතුරේ සිට නිවාඩු ලබා දකුණට පැමිණෙන සෙබලුන් වගේම උතුරට අවශ්‍ය සැපයුම් කරන්නත් මේ නැව යොදාගත් බවත්, ලංකාවට හිමිකම නැතුව බද්දට ගත් යාත්‍රාවක් ඒ ගිවිසගත් කාලය අවසානයේ අපෙන් සමුගෙන ගිය බවක් මට මතකයි.

    Hovercraft ගැන මම අහන්න හිටියා...ඒ ගැන ලිපියේ සටහනක් තියෙනවා දුටුවා. මට අහන්න තියෙන පුරස්නෙ තමයි ඔය සී සික් කියන එක නැත්තටම නැතුව යන්නෙ නෑ නේද...මම අහලා තියෙනවා සමහරුන්ට කොපමණ කල් රාජකාරි කලත් සී සික් එක නැතුව යන්නෙ නෑ කියලා. කල්යානෙ ගෙ උත්සාහය ඉහළින් අගය කරමි.

    ReplyDelete
  41. ලිපි දෙකම එකට කියෙව්වා. නියමයි කමි. ගොඩක් වටින වැඩක්.
    ජය වේවා!!!

    ReplyDelete