Monday 18 December 2017

ගැටළුවක්! sweet worries..


Image result for moon in a dark sky

කලා සොළොසම මඟ හැර..
හොරෙන් ඇවිදින් පුරහඳ..
රෑ.... අමාවක අහසට..

යලි යවන්නත් ලෝබයි..
ඒත් නොගිහින් කෝමැයි..
දොස් කියයි මුළු ලොව..

ඔබට අවමන් දෙනු බෑ..
ඔබ නැතුව ඉන්නත් බෑ..
උභතෝකොටියක අමාවක..
සරා සඳ තුරුලෙම..

- කලණ

61 comments:

  1. හුටා , කමියා කෙලවගෙන වගේ

    ReplyDelete
    Replies
    1. අනේ නෑ යාළු.. අපි එහෙම කර ගන්නවද? :)

      Delete
    2. කෙලවගෙන ද සැඟවුණු දිය කඩිත්තකින් වතුර පොදක් බිලද

      Delete
    3. ආයේ මොකටද සැඟවුණු දිය කඩිති.. අපිට කෙලින්ම සපල්යි එක එන්නේ අනෝතත්ත විලෙන්..

      අනෝතත්ත විල නෙළුම නෙලාලා
      පීරා වරලස මල් ගවසාලා
      නාග ලොවින් බැස නාලිය ගමනින්
      වරඟන පිරිවරිනා ..
      එරන්දතිය එනවා ...

      සිතක උපන් දොල සංසිදුවාලා
      මතක සිනාවෙන් මුව සරසාලා
      ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
      සිතට තුරුළු වෙනවා ..
      එරන්දතිය එනවා ...

      කෝමල ගමනින් කෝල හැඟුම් හල
      කාලගිරෙන් සිතුවිලි සේනා ගෙන
      වරඟන පිරිවරිනා
      එරන්දතිය එනවා ...

      නළලත කුංකුම තිලක තියාලා
      නීල වර්ණයෙන් කැළුම් හෙලාලා
      පාද කිකිණි සොලවා
      එරන්දතිය එනවා ... :))))

      Delete
    4. ආ මේ එරන්දතී නේ එහම් කියන්න එපාය

      Delete
    5. මෙන්න මෙහේ බ්ලොගෙත් දාගෙන... සෑහෙන්න බරපතලයි වගේ තත්ත්වය


      Delete
    6. ඉස්සෙල්ල ආපු කණ නේ.. :)

      Delete
  2. මේ චෙපාකි ඉස්ටැයිල් නේද?

    ReplyDelete
    Replies
    1. හුටා, සුරන්ගයා කෙලවගෙන වගේ...😂

      Delete
    2. සුරා.. චෙෆාකි කොහොමත් හෙන ඉස්යිටැල් බුවා නේද? ඒ විතරක් නෙවෙයි හෙනම ඉස්මාට්.. අපි වගේ 'කෙලවගන්නේ' නෑ මේවායේදී.. :))

      Delete
    3. චෙෆ් බොස්.. එකෙක් නිකමට කතා කරලා නෑනේ කවිය ගැන.. :)))

      Delete
    4. කවියට වඩා කතා කරන්න පස්න මෙතන තියනවනේ.. මේක කාව්‍ය රසාස්වාදනය කරන වෙලාවක්ද මං අහන්නෙ...

      Delete
    5. හරි එහෙනං සිකුරාදා හවසක ජනමාධ්‍ය කේන්ද්‍රයේදී කතා කරමු මේ ගැන.. :)))

      Delete
  3. අමාවක දවසටත් හඳ පේන්නෙ ඉතිං තනමල්විල පැත්තෙ රවුමක් ගැහුවම තමයි.

    ReplyDelete
    Replies
    1. සඳ අමාවකයි ටෙලිය ඉවර වෙලා සඳ යහනට ෆිල්ම් එකත් බැලුව.. හැබැයි තණමල්විලට ටිකක් එහා වැල්ලවායේ දී.. :))))

      Delete
  4. ජනවාරි පළවෙන්දා පෝය.. හැක්

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා එදාට! :)))

      Delete
  5. Replies
    1. හම්මෝ වැටවල්.. පැනල කෙලවගන්නද කියන්නේ.. හැක්. :)))

      Delete
  6. අඩ්ඩො.. කො‍ටු පැනල බිජ්ජත් නැතිකර ගන්න හදන්නෙ ඉතිං ඔය

    http://metro.co.uk/2017/09/23/woman-chops-off-mans-penis-after-finding-out-hes-marrying-someone-else-6949859/

    ReplyDelete
    Replies
    1. අඩේ ඌ පව් නේ බං.. ගෙදරින් ගෙනාපු ප්‍රපොසල් එකකින් වෙන කෙල්ලෙක්ව බඳින්න යනවා කියල පරණ කෑල්ලට කියල.. හැක්. :)))

      Delete
  7. සමහර ආදරණිය ගැටළු මාරාන්තික වෙන්නත් පුළුවන්.....

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව්.. සේෆ්ටි ෆස්ට් ඈ! :))

      Delete
  8. හරි ලස්සන කවියක් නේ කමී අයියෙ..

    ReplyDelete
    Replies
    1. අනේ බුදු නංගියේ උඹටවත් මේක කවියක් විදියට පෙනිච්ච එකම ලොකු දෙයක්.. :)))

      Delete
    2. වෙනසකටත් එක්ක කිව්වෙ , ඇත්තටම මේකේ හොයන්න කතා ගොඩයි අයියෙ :) :)

      Delete
  9. වැඩේ හරියන්නෙ නැහැ, අපබ්‍රංශ කවිවල තේරුම ගන්න පුහුණු කරවන පන්තියකටවත් යනව එන අවුරුද්දෙ.

    ReplyDelete
    Replies
    1. වයසේ වැරැද්ද කියන්නත් බෑ මේ මහත්තුරුන්ගේ.. :))))

      Delete
  10. අපිට ඔහොම තමා බන්ස්..අමාවක කියල ඉන්න හදනකොට එනවා නේ පුරහඳ...සක්...!

    ReplyDelete
  11. ගැටළුවක්?....
    ගැටළුවක් නෑ පස්නයක් කොරගන්ඩ එපා.

    ReplyDelete
    Replies
    1. ලක්ෂ දෙකක් පඩි ගන්නවානම් එන්ජින් දෙකක් අදින එකත් කජ්ජක්ද කියල කෝච්චි ඩයිවර් ලගේ ප්‍රශ්නේදී උත්තරයක් ලැබුනලු.. :))))

      Delete
  12. අනාචාරයේ ගිහින් වගේ නේ ....
    හොඳා හොඳා ගෙදෙට්ට අහු උනොත් තමයි වැඩේ ....

    ReplyDelete
    Replies
    1. අපේ කමියට කැලෑ පත්තර ගහන්න හොඳ නැහැ නොව විදානේ

      Delete
    2. මතක ඇතිව හෙට අද පත්තරේ බලපන්. තියෙනිද ද්නනේ නැහැ අහවල් මග කොම්පැණ්යේ සුරක්ෂා නිලධාරි මහතා ම්‍ය පිහි පාරක් කා මහමෝදර රෝහලේ කියලා

      Delete
    3. අපොයි.. කවියක් ලියල මං කොර ගත්ත එකක්.. :))))

      Delete
  13. මෙන්න මෙයා කවිත් ලියනවා.... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මේක නිකම්ම කවියක් කියනවට වඩා අධ්‍යාත්මයෙන්ම පැන නැගිලා මෙව්වා උන මෙව්වා එකක් මෙයා.. :)))

      Delete
    2. අප්පච්චියේ එහෙමත් එකක්ද? අනේ වෙච්ච නස්පැත්තියක්. යස අගේට උන්නු කොලුවා.

      Delete
    3. ඇයි දැන් මක් වෙලාද?

      Delete
  14. හරි ලස්සන කවිය. තේරෙන කවි වලට වඩා ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ආ.. මේ නැවකුත් පෙරළිලා තියෙන්නේ.. හැක් හැක්... :)))

      Delete
  15. කලා සොලසම මගහැර..මන් ආස තැන

    ReplyDelete
    Replies
    1. තැන්කියු තැන්කියු.. කවිය ගැන යමක් කියවුනාමයි මයේ හිතේ.. :)))

      Delete
  16. කොහෙන්ද ඉස්සුවේ...

    ReplyDelete
    Replies
    1. ඉස්සුවේ නෑනේ.. හොයාගෙනම ආවානේ.. :)))))

      Delete
  17. අමාවක අහසට
    පුරහඳ ඇවිත්යැයි සිතුවද
    ඒ පසළොස්වක පෝය
    රාහු අඳුරේ සැඟව සඳ ඔච්චම් කළ... :P

    ReplyDelete
    Replies
    1. හම්මේ.. එහෙමද?
      මම හිතුවෙම අමාවක කියල..
      ඒ කියන්නේ තවම..
      පසළොස්වක එහෙනම්..
      ඒක දැනගත්ත එකම මදැයි..
      අද පාටියකට.. :))))

      Delete
  18. උඹට කවි ලියන්න ප්‍රතිභාපූර්ණ හැකියාවක් තියනව. මේ කවිය ඒකට උදාහරණයක්

    ReplyDelete
    Replies
    1. හරි හරි.. උඹ ඉතීම් ඉස්සර ඉඳන් 'කලාහිත' කියවනවානේ.. :)

      Delete
    2. දැන් මටත් කොන් නොවී ඉන්න පුළුවන් ,

      Delete
    3. අන්නෙහෙම හරබර කොමෙන්ට් දාන්න ඉගෙන ගනින් කවි වලට.. හෙහ් හෙහ්..

      Delete
  19. ඕව ඔහොම තමයි අනේ... සංසාරේ දුකම තමා..

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න නා ගත්තා.. සබන් නොමිලේ.. :)))

      Delete
  20. කලා, ඒ කියන්නෙ කලණසිරි සොලසම මග හැර, කියන්නෙ උගෙ බෝඩිමේ හිටිය දොලොස්දෙනාම මඟඇරල අමාවක දවසෙ කොටුවක් පනින්ඩ යනකොට කවුරුහරි පුර හඳ වගේ ෆ්ලෑශ් ලයිට් එකක් ගහල ... ආයෙ හැරිල යන්ඩත් බෑ මෝල් අමාරුවට .. නොයත් බෑ ... බෝඩිමේ උන්ට කියල තියෙන බොරු මාට්ටු වෙලා බැනුං අහන්ඩ වෙනවා .... කොටුව පැනල මාට්ටුවෙලා චාටර් වෙන්නත් බෑ ... මෝල් අමාරුව තියාගෙන ඉන්නත් බෑ ... හරිම අප්සෙට් චොට්ට චොර වෙලා බුකියෙ දුක හිතෙන කවියක් ලියල දාල ... පවු යකෝ... අසරණයට නෝන්ඩි දාන්ඩ එපා ... උගෙ අමාරුව තේරුං ගන්ඩ බලපල්ලා ...

    ReplyDelete
  21. කලා, ඒ කියන්නෙ කලණසිරි සොලසම මග හැර, කියන්නෙ උගෙ බෝඩිමේ හිටිය දොලොස්දෙනාම මඟඇරල අමාවක දවසෙ කොටුවක් පනින්ඩ යනකොට කවුරුහරි පුර හඳ වගේ ෆ්ලෑශ් ලයිට් එකක් ගහල ... ආයෙ හැරිල යන්ඩත් බෑ මෝල් අමාරුවට .. නොයත් බෑ ... බෝඩිමේ උන්ට කියල තියෙන බොරු මාට්ටු වෙලා බැනුං අහන්ඩ වෙනවා .... කොටුව පැනල මාට්ටුවෙලා චාටර් වෙන්නත් බෑ ... මෝල් අමාරුව තියාගෙන ඉන්නත් බෑ ... හරිම අප්සෙට් චොට්ට චොර වෙලා බුකියෙ දුක හිතෙන කවියක් ලියල දාල ... පවු යකෝ... අසරණයට නෝන්ඩි දාන්ඩ එපා ... උගෙ අමාරුව තේරුං ගන්ඩ බලපල්ලා ...

    ReplyDelete
    Replies
    1. අයියේ සොලොස කියන්නේ හරියටම දොළහට නේද? අනේ සුවර් නේද මේ විභාග ප්‍රශ්නෙකට උත්තර ලියන්න හදන්නේ.. :)))

      Delete
  22. හිතාගන්න බැරි දේවලුත් වෙනවනේ. මේකත් එහෙම දෙයක් වෙන්න ඇති නේද?? කොහොම උනත් හොද දෙයක්..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. වෙන්න ඇති සමහරවිට.. සරාසඳට මඟ වැරදුනා ද දන්නෙත් නෑනේ නේද? :)))

      Delete