Thursday, 16 February 2023

Heroin හෙරෝයින් - හත්වෙනි (අවසාන) කොටස- ('එළ ද බ්‍රා' සංජීව මෙන්ඩිස් ගේ සජීවී කතාවකි)

අවවාදයයි! ඇබ්බැහි විය හැක.... 


මෙය සැබෑ සිද්දි පදනම් කරගෙන ගෙතූ කතාවකි. නම්ගම් ස්තාන මගේ මනසේ ඇදුන ඒවාය.
සමහර සිද්දින් සිදුවිම් සැබැලෝකයේ සිදුවුවා හෝ සිද්දවිය හැකි වුවත් ඒවා අහබු සිදුවිම්ය.
කතාව ගලාගෙන යාම සදහා සමහර සිදුවිම් සහ සිද්දින් එකතුකර හෝ ඉවත්කර ඇත.

- සංජිව මෙන්ඩිස් 

මෙන්න යකෝ මෙන්ඩ හෙරොයින් කතාවේ අන්තිම ටික එවලා.. මම Check Point එකේ දෙවෙනි සර්ච් එක කර කර හිටියේ අද දාන්න හිතාගෙන. බෑනේ ඉතිං සීනියර් එකාට තැන දෙන්නෙපැයි. අනික මේක ඉවරයක් කරේ නෑ කියලා ඔය බ්‍රා මෙන්ඩා වෙනුවෙන් මම කී දෙනෙක්ගෙන් බැණුම්ම ඇහුවද? අන්තිමට බැනුම් ඇහුවේ Tee Pee කෑම්ප් ගිය දවසේ.. නිමල් ලොක්කාගෙන්. අම්මප.. මම හිතාගෙන උන්නේ මෙන්ඩ තාම හිරේ කියල.. ඩීල් එකක් දාන්න ගිහින් මාට්ටු වෙලා ගයිය පසන් ලා එක්ක. :)

එළ ද බ්‍රා..! අද එහෙනම් ඔන්න Heroin අන්තිම හිට් එක. 

*******************************************************************************

හයවෙනි හිට් එක


මේ මාස 10  ගොඩක් දේවල් සිද්ධ වුනා,,,,,

ගයියා ඇපපිට එලියට ගියා.....

කිව්වා වගේම මාව ඇප දිලා එලියට ගත්තා...

ගයියට ටිම් එකෙන් තියන මරන තර්ජන එන්න එන්න වැඩි වුනා,,,, හැම දෙයක්ම නාවාස්ට බාරදිලා කොලබින් අතුරුදන් වුනා...

ගයියා ඉන්න තැන දැනගෙන හිටියේ මමයි, නවාසුයි විතරයි.....

කැබිතිගොල්ලෑව පැත්තේ දේවාලේක කපු මහත්තෙයේක් විදිහට වැඩ කරනවා...

මම එලියට එනකොට මධුර මට හැමදෙයක්ම ලැහැස්තිකරලා තිබුනේ...මට තිබුනේ ටීම් එකත් එක්ක වැඩ පටන් ගන්න විතරයි....

කන්ජි තමයි මධුරගේ දකුනු අත... තමයි ටිම් එක හැන්ඩ්ල් කරේ.. මධුරගේ ‍රෙකමන්ඩ් එක හින්දා මට ටීම් එකේ ලොකු තැනක් තිබුනා.. නිසාමද මන්දා පරන එවුන්ට මාව දිරෙව්වේ නෑ....

ඉතින් මට පාන්ද?......

හලාවතට ආපු කොකේන් කිලෝ 200 කුත් දාගෙන අන්රේජිස්ට්ඩ් කාලුපාට අලුත්ම ඩිෆෙන්ඩ්ර් එකක කොලබට එනගමන් මම හිටියේ ස්පිඩ් එක 120 පැනලා තිබුනේ....කොච්චිකඩේ පහුවුනා විතරයි...

ට්රි!....ට්රින්....ට්රි...ට්රෛ,,,,

ස්ට්රියන්විල් එක එක අතකින් අල්ලග්න අනිත් අතින් ෆෝන් එක ගත්තා..

මීට ඉස්සෙල්ලා දෙපාරයි ගයියා මට කතාකරලා තිබුනේ....

ගයියා....කියපන්...මචෝ.....

පහන්....මාව එස් ටි එෆ් එකෙන් අල්ලගත්තා....

මලා..... කොහමද ...මමයි නවාසුයි විතරයිනේ උබ ඉන්න තැන දන්නෙ??????? උබ දන්නවනේ මම වගේ කෑ# වැඩ කරන්නෙ නෑ කියලා...

උබ නෙමෙයි මචෝ.. නවාස්...!!!!!!!!!!!!!

පාර මැද්දේ වැදුන බ්රේක්පාරට තවපොඩ්ඩෙන් පිටිපස්සෙන් ආපු කාර් කාරය  තව පොඩ්ඩෙන් මගේ ජිප් එකේ පීටිපස්සෙන් නගිනවා….

මම වාහනේ අතුරු පාරකට හරවලා නැවතුවා..

ගයියා...මම උඹ ඉන්න තැනට එනවා..

එපා..උඹ පඬියා නොවි මම කියනදේ අහගනින්...මේක තමයි අන්ඩ්ර්වල්ඩ් එකේ හැටි..නවාස් බයයි මම කොයි වෙලාවක හරි ආපහු බහි කියලා... දන්නවා මොනතරම් ශෝ ගැහැව්වත් මම බැස්සොත් ක්ලැප් එක වදින්නෙ මට කියලා.....හරි ඒවා වැඩක් නෑ...මම කියන දේ අහගනින්...මේ මහත්තූරු එක්ක මම කතා කරා එයාලාට ඉල්ලන දේ දිලා මම මහත්තුරුන්ගෙන් ඉල්ලිම් දෙකක් ඉල්ලුවා..එයලා කැමතිඋනා ඉල්ලිම් දෙකම දෙන්න...

එක...මට උඹට කතා කරන්න ඕනේ කියන එක...

පහන් උඹ පරිස්සම් වෙයන්...ඊලගට ලිස්ට් එකේ ඉන්නෙ උඹ...පුලුවන්නම් මේ හැමදෙයක්ම අත ඇරලා දාලා වෙන රටකට පලයන්...

දෙක...

තව ටික වෙලාවකින් මම මේ මහත්තුරුන්ව තේක්ක කෑල්ලට එක්කරගෙන යනවා....මම හන්ගපු ආයුද පෙන්නන්න..

ගයියගේ සුපූරුදු ලේන්ගතු හිනාව මගේ කන් ඇතුලේ දෝන්කාර දුන්න....

උඹ ඉපෙදෙන ආත්ම්යක මගේ සහෝදරයෙක් වෙලා ඉපදෙන්න ඔනේ.....උබට ජය ශ්රි මහා බෝ සමිදු පිහිටයි...

වැටෙන දොඹ හූරන මහා වැස්සට මගේ කදුලු හේදිලා ගියා..අතේ තිබුන ෆෝන් එක කුඩු පට්ටන් වෙන්න පොලවේ ගහලා වාහනේට නැගලා ටුනායක 18 කනුවෙන් මිනුවන්ගොඩ පාරට හරවලා නාරම්මල හරහා වාරියපොල පහුවෙනකුනුත් මගේ වාහනේ ස්ප්රිඩ් එක 120 පැනලා තිබුනේ...

මගේ ටාගට් එක තිබුනේ පුලුවන් තරම් ඉක්මනට කෑබිතිගොල්ලෑවට යන එක...දැදුරුඔය පාලමට ටිකක් මෙහා ඉදලා හෙන වාහන පෝලිමක් තිබුනා....අනුරාධපුර පැත්තේ ඉදලා එන වාහනයකින් ඇහැව්වා...

මල්ලි මොකද බ්ලොක් එක ඇක්සිඩ්න්ට් එකක්වත්ද?

නෑ....දෑදුරුඔයට එහා තියන රෝඩ් බ්ලොක් එකේ අනුරාදපුර පැත්තට යන වාහන ඔක්කෝම චෙක් කරනවා...එයලා හොයන්නේ කලුපාට ඩිෆෙන්ඩ්ර් එකක්... මගේ දිහා කින්ඩි හිනාවක් දැම්මා...

ගයියා කියපු දේ හරි එහනම් උන් හොයන්නෙ මාව....මට තිබුනේ එක විසදුමයි....දෑදුරුඔයට මෙහායින් තිබුන අඩිපාර කෙලින්ම වැටුනේ දෑදුරුඔයට.... පාරට වාහනේ හරවලා වාහනේ හොදට රේස් කරලා ඈක්ස්ලේටර් එකට ලි කෑල්ලක් හිරකරලා..ජිප් එක කෙලින්ම දෑදුරුඔයේ මැද්දට වැටෙන්න අතෑරියා...මේ දවස්ටිකේ වැහපු වෑස්සට ඔය උතුරලා යන නිසා ජිප් එක නොපෙනියන්න තරම් වෙලාවක් නොගියත් පාලම උඩ ඉන්න මිනිස්සුන්ගේ කෑගැහිල්ලට චෙක්පොයින්ට් එකේ හිටපු රාලාහමිලා පාලම උඩට දුවගෙන එනවා මම දැක්කා...හිමින්සිරුවේ පාරට ඇවිත් එන පලවෙනි බස් එකට නැග්ගේ ඒක යන්නේ කොහෙටද කියලවත් බලන්නෙ නැතුව...

බස් එක අබන්පොල තේ බොන්න නවත්තපු වෙලාවේ තේ එකක් බිලා දුමක් දාන්න මට හෙන උවමනාවක් තිබුනත්...බස් එකෙන් බැස්සේ නැත්තෙ ටික වෙලාවත් ඇති ගයියගෙ ඉරනම මගේ පොතෙත් ලියවෙන්න...ඒත් මගේ නන්ගිගේ වයසේ කෙල්ලෙක්ට කරදර කරන එවුන් ටික දැක්කාම මගේ අගේ හිටපු පරන යකා මගේ ඉස්මුදුනට නගින්න වෙලාවක් ගියේ නැහැ...උන් 4-5 දෙනා මට ගේමක් තිබුනෙම නැහැ...

****************************************************************************************************

ඉන් වසර 2 කට පසු.................

විහගි....පලවෙනි පාරන්ම මෙඩිකල් කොල්ජ් තේරුනා...

නන්ගි වෙනකොටත් එහේ හොස්පිටල් එකක වැඩකරනවා...

නන්ගිගේත් උදව් ඇතුව..නන්ගි ඉගනගත්ත කොලේජ් එකටම ශිශත්වයක් ගන්න විහන්ගිට පුලුවන් උනා....

විහගි ගේ අප්පච්චිගේ උදව් ඇතුව..එයලාගේ ගමේ හිටපු යුද්දෙදි අතුරුදහන් උන මගේ වයසේ කොල්ලෙගේ විස්තර වලින් මම "නුවන් සෙනරත් බන්ඩාර" විදිහට ඕස්ට්රේලියාවලට ආවා...

අපේ පලවෙනි පුතා ඉපදෙනකොට ලග ඉන්න බලාගෙන...විහගි ගේ අම්මයි , අප්පච්චියි ලබන මාසේ මෙහේ එනවා..

 

                මගේ පුතා......"ගයාන්"....................

Tuesday, 14 February 2023

Check Point..! 1 වෙනි දිගහැරුම


පෙරවදනට.. 

ඩීන්ස් පාර දිගේ වේගයෙන් පැමිණි සුදු පාට ප්‍රාඩෝ රියෙන් එම්මෝඑච් ඔඩිස්සෙක ගාවින් බැසගත් මහේෂ් හෙමින් සීරුවේ ඒ අසල දැල් කඩයට ගොඩවුණි. උදෑසන නවය පසුවී විනාඩි තිහක්වත් ගතවී නැති නිසා තවම දැල් කඩය අසල සෙනඟක් නැත. ඔහු වම් අතට ගෙන මිට මොළවාගෙන සාක්කුවේ ඔබාගෙන සිටි දාහේ කොල මිටිය පරිස්සමෙන් එළියට ඇද දෙවරක් ගැන ඉන් දෙකක් උඩ ශර්ට් සාක්කුවට රුවා ගෙන ඉතුරු කොළ දහ අට නැවත මිටි කොට කළිසම් සාක්කුවටම ඔබා ගත්තේය. සෑහෙන කාලයකින් මහේෂ් රුපියල් විසිදාහක් එකවර ළඟ තබාගෙන හිඳ නැත. ඔහුට යම්කිසි චකිතයක් දැනී මෙන් වරක් වට පිට බලා නැවත දැල් කඩයට එබී 'සංස්ථා ගල් බාගයක්' ගෙන ඉන් පිටවී ඉස්සරහ හෝටලෙන් චිකන් කොත්තු බාගයකුත් ගෝලිප් පහකුත් මිළදි ගෙන ඉක්මණින් මහින්ද මාවතේ ඔහුත් බස් රථයේ ගෝලයාත් වෙසෙන කාමරයට ගොස් දොරගුළු ලා ගත්තේය. 

ගෝලයා සමීර උදයේම පිටත්ව ගොස් ඇත. තමා නැති දවසට ඌ වැඩට යන්නේ නොගොහින්ම බැරි නිසා බව මහේෂ් දනී. 'බොසා ඉස්ටියරින් වීල්ලෙක කැරකුවට නගින බහින හැම එකා ගානෙම ගණන් තියාගෙන ඉඳල මට කලින් ටර්න් එකේ සම්තින් එක කියනව මහේෂයියා.. එකෙක් හරි සල්ලි ගන්න බැරි වෙලා මිස්සුනොත් මගෙ ගාණෙන් තමයි කෙළවෙන්නෙ.. ඒ යකත් එක්ක බෑ බං. උඹ යනවානං ඊට කලින් දවසේ මට කියපං මාත් යන්න.. මඟුල.. රුපියල් පන්සීයට ඔහොම මැරෙන්න පුලුවංද බං?' තමා ඊයෙ සහ අද නිවාඩු ගන්න බව පෙරේදා හදිසියේ පැවසු විට උගේ අඬෝවැඩියාව එලෙස විය. ලංගමයේ හිටපු ෆෝමන්වරයෙකු වූ බස් රථයේ අයිතිකරු නම් බොරුවට පිප්පුවාට තමා සතියකට දෙකකට සැරයක් නිවාඩු ගන්නවාට කැමති බව මහේෂ් දනී. එදාට ඔහු බස් රථයේ රියදුරු ලෙස වැඩ කරන ගමන් රූට් එකේ තත්ත්වය, ආදායම ගැන හොඳ අවබෝධයක් ලබාගනී. ඉන්පසු දවසකට රුපියල් දෙතුන්සීයක් වත් එහෙ මෙහෙ කරගැනීම මහේෂ්ලාට සමීරලාට තවත් අමාරු වෙයි.

කාමරයට ඇතුල් වූ වහාම මහේෂ් සාක්කුවේ තිබූ රුපියල් දහ අටදාහා බෑගයේ පතුලේ සැඟවීය. කිසි ලෙසකින් ඊයේ ගිය ගමන හෝ එයින් ලැබුණු මුදල ගැන සමීරට හෝ දැන ගැනීමට ඉඩ නොතැබීමට මහේෂ් ඉටාගත්තේ එය ජීවිතයත් මරණයත් අතර  ගමනක්ම වූ නිසායෙනි. කෙතරම් වෙහෙස නිදිමත වුවත් වතුරින් ඇඟපත දොවා ගැනීමට තරම්වත් ඉස්පාසුවක් ඔහුට නොවේ. කිළිටි සරම ඇඟලාගෙන ඇඳ සිටි ඇඳුම් අහවර කල ඔහු ගෙන ආ අරක්කු බාගය කඩා ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් උගුරේ හලා ගත්තේය. උගුර කට පිච්චීගෙන එන අමියාව යටපත්කරගෙන රස්නේ පිට දිග ඇරගත් චිකන් කොත්තුවෙන් කොණක් කඩා මුවලාගත් ඔහු සිගෙරෙට්ටුවක්ද දල්වාගෙන කබල් ඇඳේ වාඩි වී ඊයේ සිට සිදුවූ සිදුවීම් එකිනෙක මෙනෙහි කරන්නට විය.

"ඇල්ෆා රෝමියෝ.. හෙක් හෙක්.. ඒකත් මරු නම. නිකං සුද්දෙක් වගෙ.. හෙක්"

********************************************

"What the fuck is going on here? Why you all are looking at me like half fucked ducks? If no one have any idea on what has happened- why the hell you all are here down the line? Officer Commanding Colonel Amarasinghe..! Do you have anything to tell me?"

වන්නි ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මූලස්ථානයට වාර්ථා කල වවුනියා හමුදා කඳවුරේ නිළධාරි අණදෙන කර්නල් අමරසිංහ ගුගුරා හැලෙන තම ප්‍රධානියා ඉදිරියේ තුෂ්ණිම්බූතව බලාසිටියේ ඔහුගේ ප්‍රශ්ණ වලට දිය හැකි සාර්ථක පිළිතුරක් සොයා ගත නොහැකිවයි. තමා දෙන පිළිතුර මත තම හමුදා අනාගතයම රඳා පවතින බව කර්නල් අමරසිංහ දනී. ඔහු එහෙටත් නැති මෙහෙටත් නැති පිළිතුරක් ලබා දුන්නේ එහෙයිනි.

"Sir, we are working with SIO and his team to find out a clue. I've deployed my team too separately for a search. ඊයේ කිලිනොච්චිය දිසාපතිට හෑන්ඩ් ඕවර් කරන්න කියල එසෙන්ශල් කාගෝ ට්‍රක්ස් 34ක් එන බව විතරයි අපිට දන්වල තිබුණේ. අපි හැමදාම එස්කෝර්ට් දෙන්නේ වවුනියාවේ අපේ බේස් එකෙන් එහාට මූහමලේට යනකම් විතරයි. මැදවච්චියෙන් කන්ෆර්ම් කරා ට්‍රක්ස් 34 ම ක්ලියර් කරලා එව්වා කියලා. මුලින් ආපු ට්‍රක්ස් 33ම ආවා. රෙකෝර්ඩ් වල හැටියට අනුර රත්නායක කියන ඩ්‍රයිවර් එක්ක අන්තිමට ආපු ට්‍රක් එක තමයි මිසින්. දැනට කිසිම හෝඩුවාවක් නෑ."

ඒ සමඟම කිලිනෝච්චි දිසාපතිනි සෞම්‍යරාජා මහත්මිය මෙම ස්ථානයට පැමිණීම නිසා හමුදා කතාවල 'සැර' තරමක් බාල වී ගියේ, ඈ දෙසට හැරුණු මේජර් ජනරාල්වරයා සිනාමුසුව ඈ පිළිගෙන අසුනක් දක්වා සිටියේය. 

"Mrs. Saumyaraja, I regret what has happened- I heard they were all essential medical items to your hospitals right?"

"Of course, General! Our doctors are screaming.. we are already out of many medical & surgical essentials. this lot too took more than three weeks to get approved and dispatched. Remember I talked to you too couple of times."

"Yeah in deed.. we are already in to investigation.. but so far no clue what so ever. I'll send a report on this today itself and will talk to essential service commissioner general as well. For your problem; we'll try to get down some replacement medical items as soon as possible- but my problem; to see what has happened? ah.. I foresee it's only a beginning of new problem. let's see. huh"

"Ayyo.. can't we see an end of all these soon General? Thank you very much for your kind support to my poor people in Wanni."

"They are not only your people, they are my people too. Okay then, thanks ma'am for your time. Colonel Amarasighe, We are meeting in the afternoon too. I'm expecting a more conclusive answer from you there. Ah.. get down all the records of that driver, both from Medawachchiya and the supplier as well"

**************************************************

අද කිලිනෝච්චි දිසාපති කාර්‍යාල කාර්‍යමණ්ඩලයට එතරම් යහපත් දවසක් නොවේ. ඊයේ රාත්‍රියේ පැමිණි ට්‍රක් රථ 34 ඇති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෑම, ඒවා නිසි පරිදි අදාළ ප්‍රාදෙශිය ලේකම් කාර්‍යාල වෙත හා රෝහල් වෙත බාර දීම මෙන්ම ඒවා නිරීක්ශණයට පැමින සිටින රතුකුරුස නිළදාරින් හා ලොරි රථ වල රියදුරන්ට අවශ්‍ය පහසුකම් සැපයීම මේ සියල්ල ඔවුන් වෙත පැවරී තිබේ. අවාසනාවට අද දිසාපතිතුමියද නැත. ඊයේ පැමිණීමට නියමිතව තිබූ වෛද්‍ය උපකරණ සහ බෙහෙත් ද්‍රව්‍ය රැගත් එක් ලොරියක් මෙතෙක් නොපැමිණීම නිසා ඒ සම්බන්ධ හදිසි රැස්වීමකට ඈ උදයෙන්ම වවුනියාවට ගියාය. එම ලොරිය කොටි සංවිධානය විසින් පැහැරගන්නා ලදැයි තැන තැන කසුකුසුවක් ගියත් සෑම තැනම ඉන්නා සංවිදානයේ සාමාජිකයින් නිසා කිසිවෙකු ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කලේ නැත. අද මේ රතුකුරුස නිළධාරීන් ඉන්නා නිසා සංවිධානයේ උන් පැත්තකට වී සිටියත් වෙන දවසක් වූයේ නම් ටොයිලට් එකට ගියත් එකෙකු පස්සෙන් එයි. එනිසා අද දේවනායගම් මහතා ඇතුලු දිසාපති කාර්‍යාලයේ සේවකයෝ බොහෝ මහන්සි නමුත් යම්කිසි උද්‍යෝගමත් බවකින් වැඩෙහි යෙදී උන්නෝය.  

කිලිනෝච්චි දිසාපති කාර්‍යාලයේ අත්‍යාවාශ්‍ය සේවා බාර නිළධාරියා වූ අරුල් දේවනායගම් හෙවත් දේවා, දිසාපතිතුමිය ඇතුලු කිලිනෝච්චියේ සියළු රජයේ නිළධාරීන් පාහේත්, එල්ටිටීඊ සංවිධානයේ කිළිනෝච්චිය පරිපාලන කටයුතු බාරව කටයුතු කල සිරන්දන් හෙවත් ප්‍රදීප් මාස්ටර් ඇතුලු සියලු නායක මට්ටමේ සාමාජිකයින්ද, මූහමලේ, වවුනියාව, මැදවච්චිය මෙන්ම උතුරින් යාපනය, කන්කසන්තුරෙයි, නාගර්කෝවිල්, කිලාලි හා නැගෙනහිරින් මන්නාරම් ආදි හමුදා කඳවුරුවල ප්‍රධානීන්ද කොළඹ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්‍යාලයේ නිළධාරීන් වැඩි දෙනෙක්ද, ප්‍රධාන සැපයුම්කරුවන් වන ඔස්ටින් පෙරේරා සහ සමාගමේ ඇතුළු බොහෝ සැපයුම්කාර සමාගම්වල ඉහළ නිළධාරින්ද උතුරේ මෙන්ම දකුණේ සමහර දේශපාලකයින්ද ඉතා හොඳින් හඳුනන කාගෙත් සිත් ගත් ප්‍රියමනාප නිළධාරියෙක් විය. ඒ සඳහා එකක් ඔහුගේ රැකියාවේ ස්වාභාවයත්, ඔහුගේ උපතින්ම පිහිටි මානව සම්බන්ධතා හැකියාවනුත්, චතුර ලෙස ඉංග්‍රීසි, දෙමළ භාශා මෙන්ම බොහොම හොඳින් සිංහල භාශාවද හැසිරවීමේ විශේෂ දක්ශතාවයත් මොනවට උදව් විය. 

සෞම්‍යරාජා මහත්මිය දිසාපතිනිය ලෙස පත්ව ආ මුල් කාලයේ ඇයට දේවාගේ මේ සබඳතා ඉතාමත් වැදගත් වූයේ නිරන්තරයෙන් සිදුකලයුතු තෙවන පාර්ශවයන් හා ගණුදෙනු වලට දේවාගේ උදව් නැතිවම බැරි තත්වයක් උදාකරදෙමිනි. 

"දේවා කොහොමද මෙච්චර හොඳට සිංහල කතා කරන්නේ?" දිනක් රාජකාරි ගමනක් එක වාහනයෙන් යන අතර දිසාපතිනිය දේවා විමසුවාය. අත්‍යාවශ්‍ය සේවා රාජකාරීන් සඳහා ප්‍රාඩෝ වර්ගයෙ රථයක් සහ කැබ් රථ දෙකක් රතුකුරුස සංවිධානය හරහා කිළිනෝච්චි දිසාපති කාර්‍යාලයට වෙනම ලබා දී ඇති අතර එයින් එක් කැබ් රථයක් දේවාගේ බාවිතයට වෙන් කර ඇති නමුත් පොදු ගමන් යන සෑම විටම ඔවුන් එක් රථයකින් ගමන් බිමන් යන්නේ ඉන්ධන ඉතිරිය පිළිබඳව LTTE සංවිධානයෙන් ලබා දී ඇති නොනිළ උපදෙස් නිසා පමණක් නොව ප්‍රායෝගිකවම ඉන්ධන ගෙන්වා ගැනීමේ අපහසුතාවය ඔවුන් දන්නා නිසාද වේ.  

"මැඩම්, 83 වෙනකම් අපි හිටියෙ කොලඹ. මම සෙන්ට් තෝමස් ඉගෙන ගත්තේ 4 පන්තියට එනකම් සිංහල මීඩියම්. 83 මාමලා අපි යාල්පානම් එනකොට මට ටැමිල් ලියන්න කියවන්න බෑ. ඇවිත් තමයි ඉගෙන ගත්තේ."

"මගෙත් අප්පා හොඳට සිංහල කතා කරා.. එයා වර්ක් කරේ කොළඹ ඔඩිටර් ජෙනරල් ඔෆිස් එකේ. ඒත් එයා කවදාවත් අපිව කොළඹ පදිංචියට එක්ක ගෙන ගියේ නෑ. ඒක නිසා මට සිංහල පොඩ්ඩක් පොඩ්ඩක් තේරුණාට කතාකරන්න බෑ. අපරාදේ" සෞම්‍යරාජා මහත්මිය අවංකවම ඒ ගැන සිය කණගාටුව පළකර සිටියාය. 

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි රථ 33හි තිබූ සියලු ද්‍රව්‍ය බෑමෙන් අනතුරුව උපදෙස් ලැබී තිබු පරිදි අදාළ ප්‍රාදෙශීය ලේකම් කාර්‍යාල වලින් එවා තිබූ වාහන වලට ඒ ඒ ප්‍රමාණයන්ගෙන් පටවා පිටත්කර යැවූ අරුල් දේවනායගම් රතුකුරුස සමාජයෙ ස්වෙච්චා නිළධාරීන් හා ලොරි රථ වල පැමිණි රියදුරු මහත්වරුන් විවේක ගන්නා ශාලාව වෙත ඇවිද ගියේ දිසාපති කාර්‍යාලයෙන් ලොරි රථ හා රියදුරන් වෙත නිකුත්කල අවසර පත් ද අතැතිවයි. හවස 5ට පෙර ඔවුන් නැවත ආරක්ශිතව මූහමලේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ සිට හමුදා පාලන ප්‍රදේශයට පිටත්කර හැරිය යුතුයි. හවස 5න් පසු මොනම හේතුවකටවත් එල්ටීටීඊ සංවිධානය මූහමලෙන් එපිටට වාහන නොයවන නමුත් හමුදා පාලන ප්‍රදෙශයෙන් එන වාහන පැමිණීමට අවසර දී ඇත. මේ වාහන, රියදුරන් හා රතුකුරුස නියෝනිතයින් ආරක්ශිතව මූහමලෙන් පිට කරනතුරු දේවාට නිනව්වක් නැත. දිසාපතිනිය ආ විගස දවසේ විස්තර සපයා දරු ප්‍රසූතියට සූදානමින් සිටින සිය බිරිඳ බැලීමට යාපනේ යාමට අවශ්‍ය අවසරපත්‍රය පවා මේ වනවිටත් ඔහු සුදානම් කර ඇත. 

ලොරි රථ 33 එහි රියදුරන් සමඟ පිටත්කර යැවීමට පෙර සුපුරුදු පරිදි එම රියදුරන් සමඟ දේවා සුහද කතා බහක නිරත වේ. ඔවුන්ගේ කෑම බීම, විවේකය, ඉන්ධන තත්වය ආදිය විමසන අතරම ඔහු මෙතෙක් අතුරුදහන් වූ ලොරි රථය හා එහි රියදුරා ගැන විමසුවද ඒ කිසිවෙක් ඔහු පිළිබඳව හෝ ලොරිය අතුරුදහන් වීම පිලිබඳව කිසිවක් නොදැන සිටියහ. බොහෝ දෙනා පැවසූ පරිදි එය මෑතක සමාගමට කුලී පදනම මත ලබාගත් ලොරියක් බවත් රියදුරා අලුත් අයෙකු බවත්, එකෙකු මැදවච්චියේ චෙක් පොයින්ට් එකේදි හමුවී සිගරෙට්ටෙකක් බීමට කතා කලද ඔහු සිගරෙට්ටෙකක් තබා බුලත් විටක්වත් නොකෑ බව පමණක් කියවිණි. සිනාමුසුව විස්තර ඇසූ දේවා ඔවුන්ට කල්පනාවෙන් ගමන් කරන ලෙස උපදෙස් දී පිටත් කර යවා සිය කාර්‍යාලයට ආපසු ගමන් කලේය.

කාර්‍යාල මේසය මත වූ යාපනයට යෑමේ අවසරපත පසෙකින් තැබූ දේවා සිය පරිගණකයට එබී ඔහුට ලැබී තිබූ ඊමේල් කීපයක් පරීක්ශා කරන්නට විය. සැටලයිට් තාක්ශණය හරහා දිසාපති කාර්‍යාලයට ලැබී තිබුණු සීමිත අන්තර්ජාල සම්භන්දතාවය දිසාපතිතුමියට හැරුණු විට ලැබුණු දෙතුන් දෙනා අතර දේවාත් වෙයි. අන්තර්ජාලය තිබුණත් රජයේ කටයුතු කිසිවක්ම පාහේ අන්තර්ජාලය භාවිතයෙන් එතෙක් සිදු නොවූ හෙයින් මෙය හුදෙක්ම පෞද්ගලික කටයුතු සඳහා පමණක් බාවිතා විය. ලැබී තිබුණු ඊමේල් අතර එක් සුවිශේෂි මේල් එකක් කියවූ දේවාගේ මුහුණ ළඟ සිටින ඕනෑම කෙනෙකුට පහසුවෙන් හඳුනාගත හැකි පරිදි වේගයෙන් වෙනස්වනු නිරීක්ශණය කල කිසිවෙකුත් එන අවස්ථාවේ ඔහු අසළ නොසිටීම ඔහුට මහත් අස්වැසිල්ලක් විය. වහා සිය මුහුණේ සියළු හැඟීම් මකා දැමූ ඔහු යාපනයට ඇතුල් වීමට ලියූ අවසරපත පොඩි කර විසිකර දමා සිය රාජකාරි දුරකතනයෙන් දිසාපතිතුමියගේ සැටලයිට් ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේය.

********************************************

ඉතිරිය ඊළඟ කොටසින්..

ස්තූතියි.

-ක.මි. 

Monday, 13 February 2023

Check Point..! (දීර්ඝ මෙහෙයුමකට පෙරවදන)


(A fictitious blog novel about controversial supply chain to North & East during and immediate after the war)


පෙර වදන..

ලිඛිතා මංජරි විසින් සිය මුහුණු පොතේ හා කඩදාසිකොලේ බ්ලොග් එකේ මේ දිනවල ලියමින් සිටින අංජලිකා වෙල්ලාලගෙ-දර්ශන් ඉලෙයිරාජා-කිත්ම දොඩංගොඩ අතර තුන් ඈදුතු ප්‍රේමය ගැන කියවෙන මට ඇහෙන සරින් නවකතාවේ අතුරු කතාවක් වන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දර්ශන් නම් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු සිසුවා විසින් තහනම් සංවිධනයක් වෙනුවෙන් අනවසරයෙන් නිපදවන ලබන නියමු රහිත කුඩා ගුවන් යානා (Unmanned area vehicle) පිලිබඳව කියවීමේදි සිතේ ඇතිවූ සිතුවිල්ලක් මත නිර්මානය කරන ලද ප්‍රබන්දයක් මෙලෙස ඔබ වෙත ඉදිරිවපත් කරමි. 

මෙම කතාව 2007 වසරේ අග බාගයේ සිට ඉදිරියට ලියවෙන අතර ඉන් පෙර සිදුවූ සිද්ධින් පිළිබඳව සඳහනක් වෙතොත් ඒ බැව් ඉඟි කරනවා ඇත. බොහෝදෙනෙකු සිතන පරිදිම මෙය LTTE සංවිදානයේ හා ශ්‍රී ලංකා ආරක්ශක සේවයේ එවකට ක්‍රියාකාරකම් වලට සමාන ආකෘතියෙන් ලියැවෙනු ඇති නමුත් මෙය හුදෙක් නිර්මාණාත්මක ලේඛනයක් මිස කිසිසේත් සත්‍ය ලෙස සිදුවූ සිදුවීමක් හෝ සත්‍ය චරිත ලෙස ජීවත්වූ/ ජීවත්වන කිසිවෙකු හා සම්බන්ද කතාවක් නොවේ.

2007 වසරේ අග බාගය යනු උතුරු නැගෙනහිර යුද්ධය ඉතා දැඩි ලෙස ඇවිල යමින් තිබූ වකවානුවක් වූ අතර රජයේ පාලන ප්‍රදේශ වෙතින් උතුරු නැගෙනහිර වෙත කෙරෙනු ලබන ආහාර ඉන්ධන ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය දැඩි ලෙස නියාමනයට ලක් කොට තිබීම නිසා ඒ අවසරයෙන් අවස්ථාවාදි දකුණේ සමහර ව්‍යාපාරිකයෝ සිය හිතවත් දේශපාලකයින්ගේ අනුබලයද සහිතව නොයෙකුත් කූඨ ව්‍යාපාර හරහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඉතා අධික ලාබ සහිතව උතුරට සැපයීම කරගෙන ගිය අතර ඒ සම්බන්දතා හරහා ත්‍රස්ත සංවිධානය විසින් දකුණේ විවිධ අපරාධ සිදු කිරීම්, ඔවුන්ගේ ත්‍රස්ථ ක්‍රියා සඳහා දකුණේ පුද්ගලයින් යොදා ගැනීම්, ආර්ථික මර්මස්ථාන වලට ඉහළ පෙළේ පුද්ගලයින්ට ප්‍රහාර එල්ල කිරීම් සැළසුම් කිරීම් නොකඩවා දියත් කලේය. මෙය භූමියේ හමුදාවලට මෙන්ම ජාතික බුද්ධි අංශ සේවාවන්ටද ඉතාමත් අභියෝගාත්මක මෙන්ම තීරණාත්මක කාල පරිච්ඡේදයක් විය.

මේ හැමටම වඩා පීඩාවට පත් පාර්ශවයක් වූයේ උතුරට සම්බන්ධ දකුණේ ජීවත් වූ ද්‍රවිඩ උගතුන්, ව්‍යාපාරිකයින්, රජයේ නිළදාරින් හා විශ්ව විද්‍යාල සිසුන් වේ. ඔවුන් වෙත නිරන්තරයෙන් රජයේ බුද්ධි අංශවල අවධානය යොමු වූවා සේම ත්‍රස්ත සංවිධනයේ නොමද බලපෑම් වලටද යටත් වීමට සිදුවීම බොහෝසෙයින් සිදුවිය. ඒවාට හවුල් වීම ඔවුන්ගෙ  ජිවිත වලට තර්ජනයක් වූ අතර ඒවා මඟහැරීම ඔවුන්ගේ මෙන්ම උතුරේ වෙසෙන ඔවුන්ගේ ඤාති හිත මිත්‍රාදීන්ගේ ජිවිත වලටද තර්ජනයක් විය. එහෙයින් ඔවුන් බොහෝ දෙනෙකුගේ එකම අපේක්ශාව වූයේ 'දෙපැත්තෙන් එක පැත්තකට' රහසේ වැඩි සහයෝගයක් දී ඒ මාර්ගයෙන් අඹුදරුවන් සමඟ රටින් පැන ගැනීමයි.

2009 මැයි මාසයේදි යුද්ධමය වශයෙන් ත්‍රස්ත සංවිධානය පරාජය වීමෙන් අනතුරුවද මෙම ව්‍යාපාර, තොරතුරු රැස් කිරීම්, නව ආයුධ නිර්මාණය, නව සටන්ක්‍රම අධ්‍යයනය මෙන්ම මේ යට රැඳි දේශපාලනය දිගටම ක්‍රියාත්මක වූවායැයි අනුමාන කරමින් මේ නිර්මාණය ඉදිරියට යනු ඇත. ලිඛිතාගේ පූර්ව අවසරය සහිතව ඇගේ කතාවේ එන චරිත වන බිශොප් (දර්ශන් ඉලෙයිරාජා), KD (කිත්ම දොඩංගොඩ), දේවා, සංජු සහ රෝහිත පෙරේරා වැනි චරිත මේ කතාවේදි තැනින් තැන ඔබට හමුවෙනු ඇත. ස්තූතියි ලිඛිතා මංජරී සොහොයුරියට..

*******************************************

පසුබිම් කතා අංක එක..

බී. ඔස්ටින් පෙරේරා සහ පුත්‍රයෝ යනු 60 දශකයේදී කොළඹ-මහනුවර- ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ජනප්‍රියවු අත්‍යාවශ්‍ය භාන්ඩ ප්‍රවාහන, සැපයුම් හා විකුණුම් සමාගමක් වේ. එහි නිර්මාතෘ ඔස්ටින් පෙරේරා පහතරටින් ගොස් මහනුවර පදිංචි වූ වෙළඳ පවුලක සාමාජිකයෙක් වූ අතර උඩරට වංශවත් පවුලක කාන්තාවක හා විවාහ වී නුවර පදිංචි වී සිටියේය. ඔහු දක්ශ ව්‍යාපාරිකයෙකු වූ අතරම සමාජසේවා සඳහාද දේශපාලකයින් සඳහාද නොමසුරුව වියපැහැදම් කිරීම හේතුවෙන් ඉතා ජනප්‍රිය පුද්ගලයෙකුව සිටියේය. 70-77 කාලයේ ඔහුගේ ව්‍යාපාර වල යම් පසුබෑමක් සිදුවූයේ නමුත් 77න් පසු දේශපාලන හිතවත්කම් හරහා ත්‍රිවිද හමුදා වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලැබීමෙන් පසු ඔහුගේ ව්‍යාපාර යළිත් වේගයෙන් හිස ඔසවන්නට විය. 

94 පළාත් පාලන මැතිවරණය ආසන්න වනවිට ඉහළපෙලේ ධනවතෙකු වූ ඔස්ටින් මුදලාලිට මධ්‍යම පළාත් සබාව සඳහා ඡන්දයට ඉදිරිපත් වීමට නාම යෝජනා වුවද ව්‍යාපාර කටයුතු වලට වැඩි උනන්දුවක් දැක්වූ ඔස්ටින් මහතා සිය වැඩිමහල් පුත්‍රයා වන රෝහිත පෙරේරා ඡන්දයට ඉදිරිපත් කලේය. පියාගේ මුදල් හා හොඳ නාමය මුල් කරගෙන මධ්‍යම පළාත් සබාවට තේරි පත්වු රෝහිත පෙරේරා පසුව සිය දේශපාලන සම්බන්දතා ද යොදා ගනිමින් පවුලේ ව්‍යාපාර පුළුල් කර අතර පියාගේ වියෝවෙන් පසු ඒවායේ වැඩි අයිතිකරු බවට පත්විය. 

2005 වසරේ පාර්ලිමේන්තුවට තේරි පත්වීමෙන් අනතුරුව කෙළින්ම ව්‍යාපාරික කටයුතුවල යෙදීමෙන් ඉවත්වූ රෝහිත පෙරේරා මන්ත්‍රීවරයා ව්‍යාපාරික කටයුතු මෙහෙයවීම සිය පුත්‍රයා, සහෝදරයා සහ හිතවතුන්ට වෙන් වෙන් වශයෙන් පවරා ඒ සියල්ලෙහි නූල් දුර සිට හැසිරවීම කරගෙන ගියේය. මේ සමහර ව්‍යාපාර ඉතා ලාබදායි වූ නමුත් එතෙක් සිය පියා විසින් පවත්වාගෙන ආ නිරවුල් හා සාධරණ ක්‍රම වලින් බැහර වූ හෙයින් විරුද්ධ පාක්ශිකයින්ගේ වාග් ප්‍රහාර වලින් බේරීමේ පළිහක් ලෙස හේ සිය ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ශ ක්‍රියාකාරිකයෙකු හා මැණික් හා ස්වර්ණාභරණ ක්ශෙත්‍රයේ ව්‍යාපාරික දැවැන්තයෙක් වූ වෙල්ලාලගේ පවුලේ කණිටු දියණියට වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගනිමින් සිටි තම පුත්‍රයා විවාහ කර දෙමින් විශාල දේශපාලනික හා ව්‍යාපාරික පිම්මක් පැන්නේය. 

පසුබිම් කතා අංක දෙක..

1971 වසරේ මැයි මස අවුරුදු නිවාඩුවෙන් පසු යළි පාසැල් ආරම්භ වූ කොළඹ රාජකීය විද්‍යාලයේ උසස්පෙළ පන්තියේ සිසුන් දෙදෙනෙකු අතර සංවාදයකි. මහනුවර උසස් පවුලකින් කොළඹ පැමින සිසු නේවාසිකාගාරයේ සිට පැමිණෙන ධර්මේන්ද්‍ර දොඩංගොඩ සිය අතිජාත මිත්‍රයා වූ තිරුසෙල්වන් ඉලෙයිරාජාට නුවරින් ගෙනා අතිරස ආස්මි ඇතුලු කෑම පාර්සලයක් තෑගි කල අතර දෙදෙනාම එක්ව තිරු ගේ මෑණියන් පිළියෙල කර එවූ තෝසේ, සාම්බාරු, සම්බල් සහ උළුඳු වඩේ පාර්සලය දිග ඇරගෙන කන ගමන් මේ කතා කරන්නේ පාසැල් නිවාඩු සමයේ ඇතිවූ තරුණ කැරැල්ල පිළිබඳවයි. හොස්ටල් එකේ මෙන්ම ගෙදරදිත් දැඩි විනය නීති යටතේ හැදී වැඩුණු ධර්මේන්ද්‍ර කැරැල්ල කළ තරුණයන්ට එරෙහිව කතා කළ අතර වැල්ලවත්තේ සිය ගෙදර සිට සිදුවූ සිදුවීම් වඩාත් ආසන්නයෙන් නැරඹූ එමෙන්ම කැරළිකාර තරුණයින්ගේ ඉල්ලීම් වලට වඩා සංවේදි වූ තිරු කැරැල්ල ගමන් කල දිශානතිය විනා එහි අරමුණ විවේචනය නොකිරීමට වග බලා ගත්තේය.. "ධර්මේ බලන්න.. තව ටික දවසකින් උඩහා පැත්තේ අපේ කොල්ලොත් ඔය විදියටම නීතිය අතට ගන්න හදනව"

ඉන් හරියටම වසර දොළහකුත් මාස දෙකක ඇවෑමෙන් රාජ්‍ය භාෂා දෙපාර්ථමේන්තුවේ භාෂා නිළධාරි තිරුසෙල්වම් ඉලෙයිරාජා, ඔහුගේ සුන්දර බිරිඳ සහ වසරක් වියැති දියණිය සතියක් පුරා බම්බලපිටිය පොළිස් නිළධාරී නිවස්නයේ ඉන්ස්පෙක්ටර් ධර්මේන්ද්‍ර දොඩංගොඩගේ නිළ නිවසේ අඳුරු කාමරයක බියෙන් ගැහෙමින් නොනිදා හෝ රැය පහන් කිරීමට වාසනාව ලද්දේ ආයුධ ගත් මැරයින්ගේ ග්‍රහණයට හසුව මරණය පෙනි පෙනි සිටිද්දි නිළ රියෙන් පැමිණි, තමා සමඟ එක බත් පත බෙදාගෙන කෑ සිය පාසැල් සගයා විසින් බේරාගෙන ආර්ක්ශිතව ඔහුගේ නිළ නිවස තෙක් රැගෙන යාම නිසයි. කළබල ඉවර උනු වහාම රාජකීයයේ සිය මිතුරන්ගේ මාර්ගයෙන් රැකියා ස්ථානයේ මාරුවක් හදාගත් තිරු, පවුල පිටින් ස්ථිර පදින්චියට යාපනය බලා යාමට ප්‍රතම මොහොතක් සිය සගයා වැළඳගෙන කඳුළු සැලුවේය. 

දිනෙන් දින ඇවිලී ගිය කුරිරු යුද්ධයෙන් දිවයින උතුර හා දකුණ ලෙස කොටස් දෙකකට බෙදි යද්දී ඉඳහිට දෙමිතුරෝ සැප දුක් බෙදා ගත් නමුත් එකිනෙකා හමුවීමට ලැබු අවස්තා ඉතාම අල්ප විය. කල් ඇවෑමෙන් ධර්මේන්ද්‍ර පොලිසියේ විශේෂ මෙහෙයුම් අංශයේ ඉහළට යද්දි යාපනයේ පදිංචි ඔහුගේ පාසැල් සගයාට ඔහුව දුරකථනයෙන් ඇමතීමේ අවස්ථාව පවා සීමා සහිත විය. තිරු මහතා භාවිතා කල සියලු දුරකතනවලට ත්‍රස්ත සංවිදානයේ ඔත්තු කරුවන් විසින්  රහසේ සවන්දීම නිසා ඔවුන් එකිනෙකා කතා කිරිමද සම්පූර්ණයෙන්ම පාහේ නැවති තිබියදි වසර 2006 එක් අඳුරු දිනයකදි ජෙශ්ඨ පොලිස් අධිකාරි ධර්මේන්ද්‍ර දොඩන්ගොඩ ට ඒ මූසල ආරංචිය කණ වැකින. සංවිධානය විසින් දුන් අණක් පැහැර හැරීමේ චෝදනාව නිසා දේශද්‍රෝහි ලේබලය යටතේ ඒ සොඳුරු මිත්‍රයා යාපනයේ සිය නිවසේදි සංවිධනයෙ තුවක්කු කරුවෙකු අතින් ඝාතනය වී තිබිණි. පසුව දැනගන්නට ලැබුණු පරිදි සංවිධානය විසින් ඔහුට අණ කර තිබුණේ පණිවුඩකරුවෙකු ලෙස සංවිධානයේ ඝාතකයෙකු ධර්මේන්ද්‍ර දොඩංගොඩ වෙත යැවීමට කටයුතු කරන ලෙසයි. ඒ හොඳ මිනිසා මිත්‍රත්වය පාවාදෙනු වෙනුවට ඔහුට ඤාතීත්වයෙන් සිය සහෝදරියගේ පුත්‍රයා වූද මාස කීපයකට මත්තෙන් සිය දියනියගේ සැමියා වූද අරුල් දේවනායගම් හෙවත් දේවාට සිය බිරිඳ, දියණිය මෙන්ම උසස් පෙළ හදාරමින් සිටි තරුණ පුතණුවන්ගේද අනාගතය බාර දී වීරයෙකු ලෙස අශිෂ්ඨත්වයේ වෙඩි උණ්ඩයට ළය දී නිහඬ ව ගොස් තිබුණි. 

**********************************************

වර්ථමාන කතාවට ප්‍රවේශයක්...

දිනය: 2007 ඔක්තෝබර් මස 20,

ස්ථානය: වැලිකඩ රිමාන්ඩ් සිරමැදිරිය

වේලාව සවස 5ට ආසන්න වේ. සාමාන්‍ය ඇඳුම් ඇඳගත් තළෙලු උස මහත ගැහැණියක් ගේට්ටුවෙන් පිටව යාමට මෙන් ගොස් යමක් අමතකවූ විලාසයෙන් නැවත කලබලයෙන් අමුත්තන්ගේ කාමරය පසුකරමින් බන්ධනාගාරය දෙසට යමින් සිටියාය. යමින් ගමන්ම ඈ අත තිබූ සුදු තුණ්ඩු කැබැල්ල ගුලිකොට නො.42 කාමරයේ ඇගේ පැමිණීම අපේක්ශාවෙන් මෙන් සිටි රිමාන්ඩ් සිරකරුවා දෙසට විසිකරමින් මෙසේ පැවසුවාය. 

"රෑ නමයට.. කෝල් සයින් එක ඇල්ෆා රෝමියෝ කියන්න කියුව"

හිස නොසොල්වා මුහුණෙන් කිසිදු හැඟීමක් පිට නොකළ සිරකරුවා ඇස් පමණක් කරකවා තුණ්ඩු කෑල්ල වටෙන තැන නිරීක්ශ්ණය කළේය.

ඉන් පැය හතරකට පසු.. හරියටම රාත්‍රි නවයට..

ට්‍රිං..ට්‍රීංං...

"හෙලො.."

"කෝල් සයින් ප්ලීස්.."

"ඇල්ෆා රෝමියෝ.."

"රයිට් පුතා.. නියමයි. මම මයික් සියරා. උඹ හෙට උදේම වත්තල යාඩ් එකට පලයං. ලොරි 34ක් යනව හෙට යාඩ් එකෙන් වවුනියාව ආමි කෑම්ප් එකට. උඹේ අයිඩි එකයි ලයිසන් එකයි අනිත් ඩොකියුමන්ට් ටිකයි එතන මහත්තය දෙයි. මතක ඇතුව උඹය කියල අඳුනගන්න තියෙන ඔක්කොම කොහෙ හරි දාලා පලයන්. පර්ස් අස්සේ කෙල්ලොන්ගෙ අම්මගෙ ෆොටො එහෙම තියෙනව නම් ඒවත් ඔක්කොම දාලා පලයන්."

"හරි.. ඒවා ඔක්කොම අයින් කරා. මග වියදමට කියල දීපු සල්ලි විතරයි සාක්කුවෙ" 

"නියමයි..උඹේ ලොරිය එතනින් අන්තිමට පිටත් කරයි. මොනම වෙලාවකවත් අනිත් උන්ට ඉස්සර කරන්න එපා. මැදවච්චිය රෝඩ් බ්ලොක් එකට යනකං මොකෙක්වත් නවත්තන්නේ නෑ. මැදවච්චියෙන් ඔක්කොම නවත්තල උඹේ ඩොකියුමන්ට් ටික බලනව. ලොරියේ යටයි හිතුනොත් පිටිපස්ස උනත් ඇරල බලනව. ප්‍රස්නයක් නෑ ඩිමාන්ඩ් එකේ තියෙන බඩුමයි පටවල තියෙන්නේ. උඹ පැනික් උනේ නැත්නම් උන් එහෙමවත් බලන්නේ නෑ. මැදවච්චියෙන් යනකොට උඹ තමයි අන්තිමට යන්නෝනි."

"හරි"

"පූනෑව කෑම්ප් එක පහු කරලා වවුනියාව පැත්තට හැතැක්ම දෙකක් යනකොට වම් අත පැත්තේ මුලින් සොහොන් පිට්ටනිය, ඊළඟට ඇලත් එක්ක ලොකු කුඹුක් ගස් දෙක, ඊළඟට වම් අත පැත්තේම පස් පාර.. ඒකට ලොරිය දාලා මීටර් පන්සීයක් ඉස්සරහට යනකොට මුත්තවර් පාරට එයි. කෝල් සයින් එක ඇහුවොත් ඇල්ෆා රෝමියෝ කියාං. මතකනේ.. ගංජා අරක්කු එහෙම කෙළලා ගිහිං කෙළොගන්නව නෙවෙයි."

'පිස්සුද.. එහෙම කරනවද"

"මට නෙවෙයි යකෝ.. තෝ වගේ එකෙක් එහෙම පිස්සුවක් කෙළපු නිසා තමයි මට මේ අදටත් අස්සේ හැංගිලා ඉන්න වෙලා තියෙනේ.. මොනව හරි හේතුවකට උඹට තැන මිස් උනොත් හරි ආමි කාරයෙක් වාහනේට නැග්ගොත් හරි උඹ සාමාන්‍ය විදියට කෑම්ප් එකටම ගිහිං බඩු බාලා ලොරිය අරං වරෙන්. අපේ ප්ලෑන හරිගියොත් මුත්තවර් උඹව කරදරයක් නැතුව ගෙදරට ඇරලවයි. ඔය ෆෝන් එකයි උඹට දෙන ඩොකියුමන්ට් ටිකයි උගේ අතට දුන්නම කෑෂ් වලින් රුපියල් විසිදාහ උඹට ලැබෙයි"

"හරි මහත්තය.."

"ගියා ආවා.. මොකුත් නොදන්නව නොවුනා වගේ ආපහු රස්සාව කරගෙන හිටපන්. විස්වාසේ අනුව තමයි ඉස්සරහට වැඩ හම්බෙනවද බඩු හම්බවෙනවද කියල තීරණේ වෙන්නේ" 

"ඒවා ඒ විදියටම කෙරෙයි"

"හරි.. උඹ ගැන මට හොඳ රෙකමන්ඩේශන් එකක් හම්බුනා පුතා.. පරිස්සමෙන්"

"හරි මහත්තය"

***************************************


හමුවෙමු ළඟදීම.. පළමු කොටසින්..

- ක.මි. 

  

Saturday, 4 February 2023

කරන්ට් නැතුව මොන රව්ටර්ද මහත්තයා? බ්ලොග් පුනර්ජීවන සම්මන්ත්‍රණ මාලාව අංක දෙක සහ හදවත්ගලනය- Welcome me back to blogging..!

අන්තිම පෝස්ට් එක දාලා තියෙන්නෙ 2022 ජනවාරි 11 වෙනිදා.. ඒකත් අපේ දෝණියැන්දාගේ එකක්. හරිවිදියට බැලුවොත් මගේ ඉස්ටැයිල් එකෙන් අන්තිමට පෝස්ට් එකක් දාල තියෙන්නේ 2021 ජූනි 8. අවුරුදු එක හමාරකින් මේ ආසාවෙන් බ්ලොග් සටහනක් ලියන්න අරන් තියෙන්නේ.. ඒකට හේතු ගොඩයි. 

පළවෙනිම හේතුව තමයි මාතෘකාවේ අන්තිමට තියෙන 'හදවත්ගලනය'.. මම දන්නේ නෑ මේ වචනේ කලින් කොහෙවත් ලියවෙලා තියෙනවද කියලා. හැමෝම කතාවෙන බුද්ධිගලනය නම් නිතර දකිනවානේ. පුද්ගලිකව ඔය බුද්ධිගලනය කියන එකට මගේ මරාසාද් විරෝධයක් නැති නිසා මම ඒක ගැන ඒ හැටි වද වෙලා නෑ. බුද්ධිය හා හැකියාව කියන්නේ මිළ කලයුතු සම්පතක්. ඒකට නිසි වටිනාකමක් ලැබෙනකම් ඒක මාකට් කරන්න ඕනි. 'නිසි වටිනාකම' කියනෙකට පරිවාර එක්ස්ප්ලනේශන් ගොඩයි. නිසි වටිනාකම පුදගලයාට, අවස්ථාවට කාලයට අනුව වෙනස් වෙනවා. බුද්ධිය තියෙන එකා ඒක තමන්ට ගැලපෙන විදියට යොදාගන්න එහෙට මෙහෙට ගලනව.. ඒක වැලැක්විය හැකි හෝ වැලැක්විය යුතු දෙයක් නෙවෙයි. වළක්වන්න ඕනිනම් කරන්න ඕනි තමන්ට ඕනි බුද්ධියට නිසි වටිනාකම දෙන එක. ආ.. ඒ ඇති. හැබැයි 'හදවත්ගලනය' ඊට වඩා හැඟීම්බරයි..

Tee Pee Camp site එක අසළින් නිසොල්මනේ බරට ගලන කැළණි නදී හදවත

ඊයේ අපි පුංචි හමුවක් දාගත්තා.. ඒකට දාපු අන්වර්ථ නම තමයි ඔය බ්ලොග් පුනර්ජීවන මොකක්ද එක.. ඒක නිදහස් සිතුවිළි (නො)ලියන එහි සම කතෘ සම්මානනීය බ්ලොග් රචක රවී වීරසිංහ මහතාගේ නිදහස් සිතේ එවලේ ඇතිඋන සිතුවිල්ලක්. හැබැයි ඒකේ ඇත්ත අරමුණ වෙන එකක්.. ඔය අරමුණත් එක්ක මම ඔය හමුව ගැන අපේ ගෙදර උන්දාට කියුවේ මෙන්න මෙහෙම..

"අන්න අරූ.. අපේ ***යා.. ඌ පවුලත් එක්කම ලංකාව දාල යනව.. අම්මප මට මගේ සහෝදරයෙක් රට දාලා යනවා කියල ඇහුවට වඩා දුකයි" ඔය ඇත්තම කතාව.. ඒක අහපු අපේ උන්දාට මට වැඩිය දුකයි. මම එහෙම ලේසියෙන් ඔය වගේ දේවල් ගැන දුක් වෙන්නේවත් වෙනත් ඉමෝශන්ස් එළියට දාන්නෙවත් නෑ කියල අපේ උන්දා දන්නව. ඒ නිසාම උන්දා කිසිම බාදා කිරීමක් නහයෙන් ඇඬිමක් දුක කීමක් නැතුව ගමනට අනුමැතිය දුන්නා. නැත්නම් හොම්බ බිම ඇනිලා පවුල පිටින් යන ඔය වගේ ගමන් පවා අතිශයින් සීමා කරලා ඉන්න මේ කාලෙ තනියෙන් යන්න දාන රික්වෙස්ට් ලේසියෙන් ඇපෘ වෙන්නේ නෑ. 

මම මෙතන උගෙ නම දාන්නේ නැත්තේ තාම ඒකා දරුවොත් එක්ක ලංකාවෙන් පිට උනේ නැති නිසා. ඒත් ළගින් ඉන්න ඔක්කොම වගෙ ඉතින් කියන්නේ කවුරු ගැනද කියලා දන්නව. ඌට මේ දවස්වල අධික වැඩ. සෙල්ලමක්‍ යැ ඉගෙනගන්න දරු මල්ලොත් එක්ක ගහෙන් ගෙඩි එන්නා වගේ එකපාරට එහෙම රටකින් රටකට සංක්‍රමණය වෙන එක? මට නම් කියද්දිත් ඔලුව රිදෙනවා. ඒක නිසා දන්න එකෙක් උනත් කවුරුවත් ඌව මේකෙ මෙන්ශන් කරන්න එපා ඉතිං. කෝල් කරලා දුක කියලා අඬන්න තියාගන්නත් එපාල :) ඔය ඔක්කොම අවු අස්සේ තමයි ඊයෙ ඌ ඔතනට ආවේ.. ආවා විතරක් නෙවෙයි.. සුපුරුදු පරිදිම අපේ කන්කරච්චල් සමසිතින් ඉවසලා, ඒ හැම එකටම බොක්කෙන්ම සහබාගිවෙලා, හැම එකා ගැනම වෙනදා වගේම අවදානෙන් ඉඳලා, අපිට අමතකවෙන සිංදුවල වචන මතක් කරලා දීලා අවසානේ මාතලී රාජකාරියත් අකුරටම ඉස්ට කරගෙන තමයි කොල්ලා දවස නිමා කරේ. ඒක පුදුම හැකියාවක්..

ඇත්තටම ***යා හරිම හිත හොඳ කොල්ලෙක්.. ඔව්. තාම කොල්ලෙක් කියන්න පුලුවන් බය නැතුව. උගෙ සහ උගෙ පවුලගෙ තියෙන සුදුසුකම් වලට මේ ලංකාව දාලා යනවානම් යන්න ඕනෙ හැටි කල්.. හැබැයි ඌ එහෙම ගියේ නෑ. උගෙ 'හිත' තිබ්බේ මෙහෙ.. මේ පොළොවේ. ඌ මං දන්න තරමින් ආත්මාර්ථකාමියෙක් නෙවෙයි. ඉන්න පුලුවන් අන්තිම මොහොත වෙනකං කාගෙන මෙතන හිටියා. අවසානයේ වගකිවයුතු සැමියෙක් තාත්තෙක් විදියට ළමයින්ගේ අනාගතේ ගැන තීරණයකට එන්නම වෙන බිත්තියට තල්ලු වෙනකම් ඌ ලන්කාව ගැන සුබ හීන දැක දැක වචනයෙන් ක්‍රියාවෙන් ඒකට දායක වෙමින් මෙතන හිටියා.. අන්න ඒක තමයි උගෙ වටිනාකම.. උගේ වටිනා හදවත.. අන්තිමේ හදවත පස්සට දාලා බුද්ධියට ඉඩ දෙන්නෞඋට සිද්ධ උනා. උගෙ බුද්ධිය මෙහෙන් ගලන එක මට ප්‍රශ්ණයක් නෑ.. ඒත් ඒ එක්ක උගෙ හොඳ මිතුරු හදවත ගලන එක තමයි දරාගන්න අමාරු..! 

ජයවේවා මචං.. කල්පනාවෙන් වැඩටික කරගෙන දරු මල්ලොත් එක්ක ගිහින් පරිස්සමෙන් හිටපල්ලා.. උඹලට වරදින්නේ නෑ..!

                                      ****************************************** 

කොච්චර ඉමෝශනල් උනත් ඉතින් බ්ලොගාල සෙට් එකක් එකතු වෙනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක්. සතියකට කලින් සිරිබිරිසාගමනයට කට්ටිය එකතු උනු අපේ තට්ටයා මහත්තයාගේ ටී පී ද කෑම්ප් සයිට්ටෙක  තමයි ඊයෙත් මේ හමුවට යොදාගෙන තිබුනේ.. ඒ තරමට ඒ පරිසරේ මේ වගේ දේකට ගැලපෙනවා සහ හිතට වැදිලා තිබුණා කට්ටියගේ.. ඒ වගේම කොළඹින් නුවරින් සහ නුවරෑළියෙන් මෙතන ආපු හැමෝටම සමෝසමේ ළඟාවෙන්න පුලුවන් දුරකින් වීමත් විශේෂ වාසියක්. එයිටාමතරව තට්ටයා මහතාගේ සිනා පිරුණු ලස්සන මූණත් එක්ක පිදෙන ආගන්තුක සත්කාර, අපේම එකෙක්ගේ තැනක අපිට අපි විදියටම ඉන්න පුලුවන්ය කියන හිතුවිල්ලත් කැළණි ගඟේ හීතල වතුර ටික වගේම හිතට සනීපයි.




පාන්දර තුනට එලාර්ම් එක තියලා දෙකයි පණහට නමියගෙ කෝල් එකෙන් ඇහැරෙන්න උනු නිදි නැති නිදි මහත්තැන් උයාගෙන ආපු සුදු කැකුලු හාලේ බත් ටිකටයි තැලි කොල ඇඹුලටයි කොළොම්පුරේගේ අම්ම උයල එවපු කිරිම කිරි රහ හාල්මැස්සො හොද්දයි නමියාගෙ ගෑල්ලමයා ආදරේ දාල හදලා එවල තිබ්බ පොල් සම්බෝලෙයි හරි අපූරුවට ගැලපුනා. කැළණි ගඟ ඉවුරේ ඊශ්‍රායෙල් සීමාවේ ගස් හෙවනේ තට්ටයා මහතාගේ නවීන පන්නයේ යකඩ පැලේ ඉඳගෙන ගත්ත ඒ හීල සෑහෙන කාලෙකට අමතක වෙන එකක් නෑ.. ඔය අතරතුර ආගිය කතා අතරේ වෙච්චි අටෝරාසියක් රස කතා කියන්නම ඕනි උනත් කියාගන්න බෑ, අඩුම ඔය ඊශ්‍රායෙල් පලස්තීන කතාවවත්. මොකද රවී අයියා මට ලියන්න අවසර දුන්න කතන්දර දෙක තුනට ඔය ඊශ්‍රායෙල් පලස්තීන බෝඩරේ අයිති නෑ. ඒක ලියන එක එයා බාර ගත්තා.

ඊළඟට එළඹුනේ කිතුල්ගල සිරිල් අයියාට එදිරිව කොත්මලේ විමල් අයියාගේ නඩුව.. නඩු නිමිත්ත තමයි දෙන්නම එකතුවෙලා රා බෝතල් තිහකට වැඩිය හක්බෙල්ලාවකට එකතු උන අහිංසකයෝ සෙට් එකකට පෙවිම. ඇත්තටම නඩුව ඒක නෙවෙයි. නඩුව දාලා තියෙන්නේ හක්බෙල්ලාවක උගුඩුවෝ.. මීට පස්සේ රා බීම සම්බන්දව උන්ට තියෙන චෝදනා නරක නාම ඔක්කොම ඒ ඉළංදාරීන්ගෙ නමට හරවලා උංට වෙච්චි අසාධාරණේට සාධාරණයක් කරලා දෙන්න කියලාලු. තම්බපු මඤ්ඤොක්කා, පොල් සම්බෝල එක්ක එවලේ රත් කරලා ගත්ත උදේ උයාගෙන ආපු දුවන පුහුල් කලු කරිය එක්කම සෙට් වෙනවා නම් රා බීලා නරක නාමයක් නෙවෙයි අච්චු කරත් කමක් නෑ කියලාලු අර ඉළංදාරීන් නම් කියන්නේ. අනේ මංදා ඕවානම්. මම නම් අහිංසකයි කෙට්ටුයි. 





සමහරු නම් සබන් නැතුවම නෑවා.. කවුද අහන්න එපා.. 

ඔය අතරේ වෙච්චි රස කතාවකින් එකක් කියන්න බොහොම අමාරුවෙන් අවසර ගත්තා මම නඩේ ගුරාගෙන්. ඒක මේ අපේ තට්ට මහත්තයාට වෙච්චි පොඩි අකරතැබ්බයක් හිටං. ආශ්‍රය කරන කවුරුත් දන්නව වගේ උන්දා හෙන උනන්දුවානේ.. අනික යොදුන් හතක් කැලේ ඇතුලට වැදිලා උන්නත් බ්ලොග් එක ලියන්නයි කියවන්නයි ඕනි නිසා කැලේ ඇතුළට ජංගමයට සිග්නලුත් නැති නිසා උන්දෑට ඕනි උනා අරඹේ ඔය අයිනේ කෑම්ප් සයිට්ටෙකට රවුටරයක් හයි කරගන්න. ඉතිං ඩෑලොග් අනාගතේ අදයි ඔපීසියේ ලොකුම මහත්තැන් ලගේ ඉඳලා කොළඹ ඔපීසියේ පියන්ට එනකං කතා කරලා අන්තිමේ උන්දැට පුලුවන් උනාලු 'ටෙක්නිකල් ඔෆිසර්' කෙනෙක් ගෙන්න ගන්න. ඔන්න ඉතින් දැන් එනවා කියපු වෙලාවේ තට්ට මහත්තැන් හක්බෙල්ලාවක ටීපී එකේ ඔපරේශන් හබ් එකට වෙලා ටෙක්නීශියන්ව බලාපොරොත්තුවෙන් ඉන්නව. ටික වෙලාවකින් ආවලු ටෙකා ගෙන් කෝල්ලෙකක්. 'සර් මම ඇවිත් ඉන්නේ'.. 'කෝ පුතේ මමත් දොරකඩ ඉන්නේ කෝ ඔයා කොතනද?' 'ආ.. සර්.. නො.**, @$%^ පාර, ගම්පහ නේද ඇඩ්‍රස් එක? මම එතන ඉන්නේ ගේට්ටුව ඉස්සරහ'..'ඈ බොල $$%@පුතේ.. ඔය මගේ ගෙදරනෙ. මම ඉන්නේ කැම්ප් සයිට්ටෙකේ.. හක්බෙල්ලාවක.'.. 'සර්ගෙ ඩීටේල්ස් වල තියෙන්නෙ මේ ඇඩ්‍රස් එක තමයි.. එහෙනම් සර් යටියන්තොට බ්‍රාන්ච් එකට කතා කරන්න වෙයි' '$$%%$$@^&," පලවෙනි කොටස එහෙම ඉවරයි. 

ඊළඟට යටියන්තොට බ්‍රාන්ච් එකත් එක්කත් කතා කරලා කොහොම හරි එදාම තව ටෙක්නීශියන් කෙනෙක් එහෙන් ගෙන්න ගන්න ලොක්කට පුලුවන් වෙලා. ඔන්න දැන් ටෙකා ආවා හක්බෙල්ලාවක.. 'ඇත්තටම පුතේ මට ඕනි මේක මෙතනට නෙවෙයි.. මගේ කෑම්පින් සයිට්ටෙකක් තියෙනව කිලෝමීටර් හත අටක් ඇතුලට වෙන්න. අන්න එතෙනට' 'හරි සර්.. සිග්නල් තියෙනවානම් ප්‍රශ්ණයක් නෑ.. අපි යමු ගිහින් බලමු. මගේ බයික් එකේම සර්ටත් යන්න පුලුවන්" ඔහොම කියලා දෙන්නා එක්ක ගියාලු අරඹේඔය සයිට්ටෙකට බයික්කේ.. ගියා කියුවට වැඩි හරියක් ලොක්කා කරලා තියෙන්නේ කොල්ලවයි බයික්කෙයි තල්ලු කරන එක තමයි බැහැලා. උනන්දුවනේ හිටං. ඒ වගේයැ රව්ටරේට සිග්න සෙට් උනොත්? ඔන්න දැන් කොහොමහරි දෙන්නත් එක්ක කෑම්පින් සයිට්ටෙකටම ගිහිං. ටෙකා කොල්ලත් සෑහෙන ආසාවෙන් උනන්දුවෙන් ගස් ගල් උඩ නැගල බිම දිගාවෙලා උගේ ගැජමැටික් එක (අර සිග්නල් ස්ට්‍රෙන්ත් එක බලනෙක) හතර අතේ කරකවලා බොහොම සාර්ථක විදියට රවුටරේ තියන්න තැනක් හොයාගෙන මෙහෙම ඇහුවලු. ' සර්.. මෙතන හොඳයි.. කොතනින්ද කරන්ට්ටෙක ගන්න වෙන්නේ?' 'හුටා.. මෙහෙට කරන්ටෙකනම් නෑනේ පුතේ.."

"කරන්ටෙක නැතුව කොහොමද රවුටරයක් ගහන්නේ මහත්තයා".. ඇත්තටම ඔය ටෙක්නීශියන්ගේ මුවින් නිකුත් වූ වදන් වැලේ සරළම හා සභ්‍යම අනුවර්ථනය පමණක් බව කරුණාවෙන් සළකන්න.

තට්ටයා මහතා සමඟ කොණඩයා මහතා..

                                       ****************************************

ආ.. වැදගත්ම ටික තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඔය අස්සේ බීමයි සින්දු කීමයි හිනාවීමයි ඔක්කොම සෑහෙන වෙලාවකට නතර කරලා සෑහෙන බරසාර විදියට කතාවක් ගියානේ.. කොහොමද බ්ලොග් ලියන එකට ආයෙම කට්ටිය එකතු කරගන්නේ? අන්න ඕකයි සාකච්චාව.. ඕකත් එක්ක පළවෙනි සරළම පැනය තමයි ඇයි අපි එහෙම කරන්නේ කියන එක.. බ්ලොග් කියන්නේ තනිකරම පුද්ගලික කැමත්ත මත කරන ප්‍රකාශනයක් නම්, ඒකෙන් කිසි වාසියකුත් නැත්නම් අපි මොකටද ඕක ගැන වද වෙන්නේ? මට හිතෙන විදියට මෙතන තියෙන්නෙ බ්ලොග් වල ප්‍රශ්ණයක් නෙවෙයි.. බ්ලොගර්ස් ලගෙ ප්‍රශ්ණයක්.. ප්‍රශ්ණයක් නොවෙන ප්‍රශ්ණයක්. කාලයක් තිස්සේ බ්ලොග් ලියලා ඒවට කොමෙන්ට් කරලා පහුකාලීනව බ්ලොග් හමුවීම් වලදි එකතු වෙලා බෙදා හදාගත්ත සහෝදරකම් එක්ක.. එක ෆ්‍රීකුවන්සියක සෙට් වෙන පිරිසක් වෙච්චි කොට.. ඒ සොඳුරු නොස්ටැල්ජියාවෙන් මිදෙන්න අමාරුකම තමයි ඇත්තටම තියෙන්නේ. ඒ කල්ට් එකට අපි ආදරෙයි. ඒක නැතිවෙලා යනවා වගේ පේනකොට දුකයි. ඕක තමයි කතාව මට අනුව. නැත්නම් කියවනවානම්  අදටත් ඕනි තරම් බ්ලොග් ලියවෙනවා. සමහර ඒවා ඉතා වටිනා ලිපි. මේ වගෙ පල් හෑලි නෙවෙයි. ඒත් ඒවා කියවන පිරිස කොමෙන්ට් කරන පිරිස අඩුයි. හේතුව අර 'සෙට්වීම' නැතිකම. ඕකට මට අනුව තියෙන්නේ සරළ විසඳුම් ටිකක්. එහෙම උවමනාව ආසාව තියෙන උන් දිගටම ලියන්නෝනි. පුලුවන් හැම වෙලේම අනිත් උන්ගේ පෝස්‍ට් එකක් කියවලා කොමෙන්ට් එකක් දාන්න.. ඒවට රිපලයි කොමෙන්ට් එකක් දාන්න, සාකච්චාවක් ඇති කරන්න ඕනි. සහ අනතිම සහ වැශගත්ම දේ අපි ඉඳලා හිටලා හරි කොහෙදි හරි සෙට් වෙන්න ඕනි.. මොකද කියන්නේ? අප්‍රේස් මාසේ වගේ දාගමුද බ්ලොගර්ස් ගෙට් එකක්? අදහස් දීපල්ලා.

ජය වේවා..!

ක.මි. 

Tuesday, 11 January 2022

අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු

වසර දෙකකට අධික කාලයක් තිස්සේ ලෝකය වෙලාගත් දරුණු වයිරසයක් හා ඒ හා සමානව සියලු ක්ෂේත්‍ර වල සිදුවූ කඩා වැටීමත් සමඟ සමස්ථ ලෝකයම ඉදිරියේදී ආහාර හිඟයකට මුහුණ දීමට සුදානම් විය යුතු බව ලෝක ආහාර වැඩසටහන මේ වන විතත් අනතුරු අඟවා ඇත. ලංකාවේ අපිට ආහාර හිඟයට අමතරව වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල දැඩි හිඟයකටද දැනටමත් මුහුණ දීමට සිදුවී ඇත්තේ නිෂ්පාදන ක්‍රියාවලියකින් තොරව සංචාරක ව්‍යාපාරය, විදෙස් ශ්‍රමිකයින් වැනි අදායම් හරහා සියලු අවශ්‍යතා පිටරටින් ආනයනය කිරීමේ  යැපුම් ආර්ථිකයක් පැවතිම හා වසංගතයෙන් දුර්වල වූ අපේ ආර්ථිකයේ මිළදී ගැනීමේ හැකියාව මේ වනවිට සීග්‍රයෙන් පහත බසිමින් පවතින හෙයිනි. මෙයට තාවකාලික පිලියමක් ලෙස රජය යම් යම් ආනයනික භාණ්ඩ සඳහා සම්බාධක පනවා ඇති නමුත් මෙය බොහෝ පිරිසකගේ නොසතුටට හේතු වී ඇති බව පෙනේ. ආනනයනය සීමා කර ඇති භාණ්ඩ අතර බොහොමයක් සුඛෝපබෝගී වාහන, මිලාධික ඇඳුම්, සුවඳ විලවුන්, විදුලි උපකරණ, ජංගම දුරකථන හා උපාංග ආදී විශ්වයේ නියමයෙන් මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස හඳුනාගත් අවශ්‍යතාවයන්ගෙන් එහාට විහිදීගිය පරාසයක භාණ්ඩ වේ.  අපේ වැඩිහිටියන්ගෙන් අප අසා ඇති පරිදි මීට වසර පණහකට පමණ ඉහත කාලයකදී මෙවන් වූ සංවෘත ආර්ථික රටාවකට අප රට හැඩ ගැසෙමින් යද්දී ජනතාව කෝප වූයේ හාල් පරිප්පු සීනි වැනි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල හිඟය නිසයි. 1977 සිට ක්‍රියාත්මක වන විවෘත ආර්ථික සංකල්ප වලින් අනතුරුව වසර 45කින් අද වන විට ජනතාව ගෑස්, කිරිපිටි, ඉන්ධන, වාහන අමතරකොටස්, ජංගම දුරකථන හා පරිඝනක අමතර කොටස් වැනි මූලික අවශ්‍යතා වලින් බැහැර වූ භාණ්ඩ වල හිඟය නිසා කුපිත වී සිටිති.. 

මේ පිළිබඳව මහජනතාව ලෙස අප සතු වගකීමක් හෝ වගවීමක් නොමැතිද? පැහැදිලිවම තිබේ. පසුගිය දශක දෙක තුනක කාලය තුල ජනතාව ඉතා වේගයෙන් හා අන්තනෝමතික ලෙස අධි පරිභෝජනවාදී ජිවිත රටාවකට හුරුවෙමින් සිටියහ. ලංකාවේ ඒක පුද්ගල ආදායම දකුණු ආසියාවේ බොහෝ රටවලට සාපේක්ෂව ඉහළය. වැඩිපුර හම්බකරන්නට සමත් වූ මිනිසුන් ඉවක් බවකින් තොරව ආත්මාර්ථකාමී ලෙස සම්පත් නාස්ති කරමින් සිටියහ. එය ක්‍රම ක්‍රමයෙන් නාගරික සමාජයේ සිට ගමටද, ගමේ ප්‍රභූ පැලැන්තියේ සිට මද්‍ය ආදායම් ලබන පහළ මධ්‍යම පන්තිය දක්වාම ක්‍රමයෙන් පැතිර ගියේ තම ආදායමට සරිළන ජිවන රටාවක් වෙනුවට මිනිසුන් ණය වී ගෙවල් හදන, වාහන මිළදී ගන්නා, කෙනෙකු පළඳින ඇඳුමෙන්, භාවිතා කරන සුවඳ විලවුන් වර්ගයෙන්, අත රැඳී ජංගම දුරකතනයේ වර්ගයෙන් අනිකාගේ ජිවන මට්ටම මනින, උන්මන්තක ස්වරුපයක් දක්වා එය පැතිර යවමිනි.  කුසට අහරක්, හිසට සෙවනක්, විළි වසා ගැනීමට ඇඳුමක් යන මූලික අවශ්‍යතාවයන් මේ වනවිට ආනයනික ක්ෂණික හා සකස්කළ ආහාර, ජීවත්වීමට නොව ප්‍රදර්ශනයට ඉදිකළ මහා මන්දිර හා විවිධ සන්නාමයන්ගේ ප්‍රවර්ධන ප්‍රයෝග වලට හසුවූ මිලාධික ඇඳුම් පැළදුම් විලාසිතා දක්වා වෙනස් වී තිබේ. පොතක ඇතුළත කතාව එහි පිටකවරයෙන් මනින්න එපා යන ප්‍රසිද්ධ කියමන වචන වලට පමණක් සීමා වී එකිනෙකා පරයා භෞතික වශයෙන් කැපී පෙනීමේ හරසුන් වෑයමක අප සියලු දෙනාම වේලි සිටියෙමු. 

ඉදින්, මේ ලැබුවා වූ දුෂ්කර කාලය අපේ ආකල්ප වෙනස් කරගැනීමේ පියවරක් ලෙස නව ආරම්භයක් කරගැනීමට අපි උත්සාහ කරමු. සුඛෝපභෝගී වාහන, මහා පරිමාණ ගොඩනැගිලි, මිලාධික පාරිභෝගික භාණ්ඩ වෙනුවට දියුණුවේ මිනුම් දඬු ලෙස  මිනිසුන්ගේ සතුට, සමානාත්මතාවය හා දැනුම  අගයන සමාජයක් දක්වා අපි අපේ ආකල්ප වෙනස් කර ගනිමු. අපි හැකි සෑම අයුරකින්ම අධි පර්භෝජනවාදී හා නාස්තිකාර, අසාධාරණ ජිවිත භාවිතයන්ගෙන් මිදී සරළ ජිවන රටාවකට හැඩ ගැසෙමු. ස්තුතියි. 

- යසිත්මා රශ්විනි යාපාබණ්ඩාර , සංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල.