Wednesday 17 December 2014

හමුදා රස කතා Which one is better?


හැමෝම අහල තියෙන විදියට නැත්නම් ගොඩාක් දෙනෙක් හිතන විදියට හමුදා ජීවිත හරිම දරදඬු, දුෂ්කර, වෙහෙසකර එහෙම නැත්නම් කෙටියෙන්ම කියනවනම් 'මහ එපා කරපු' එකක්.. ඒක ඇත්ත බොහෝ විට, ඒ වගේම අහන්න දකින්න ලැබෙන දේ හා බොහෝ හමුදා පුද්ගලයින්ගේ ස්වාභාවයන් පිටින් නිරීක්ශණය කරාම පේන්න තියෙන්නෙත් ඒ වගේ තමයි. අපේ 'විචාරක තුමා' වගේ සරළ සුන්දර මිනිස්සු දකින්න ලැබෙන්නේ කලාතුරකින්. හැබැයි මේ බොහෝ හමුදා පුද්ගලයින් තුල ඉතාමත් සැහැල්ලු විනෝදකාමියෙකුත් ඉන්නවා තමන්ට ඉතාමත් කුළුපග ඇසුරකදී එළියට එන. කල්පනා කරල බලන්න ඔබේ බොහොම හිතවත් හමුදා යාලුවෙක් ඉන්නවනම් 'සෙට්' වෙච්ච වෙලාවට ඔවුන් කොච්චර 'ෆන්' ද කියලා.. 
මගේ කෙටි කාලීන හමුදා අත්දැකීම් අනුව රාජකාරියෙන් බැහැරව ඉන්න විට මේ හමුදා පුද්ගලයින් බොහෝ විනෝදශීලියි. සෙට් වෙන්න, කයිවාරු ගහන්න, ෆන් ගන්න, සිංදු කවි කරන්න විතරක් නෙවෙයි 'මඩ ගහන්නත්' ඔවුන් එකසේ සමත්.. රාජකාරී ජීවිතේදී අත්දකින කුඩා සිදුවීමක් හෝ කිසිසේත්ම සිදු නොවූ තනිකරම හිතළුවක් වුනත් අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් කරන මේ 'මඩ ගැහිල්ල' හමුදා පුද්ගලයින් අතර ඉතාම ජනප්‍රියයි.. විශේෂයෙන්ම කිවයුතු දෙයක්නම් මඩට මඩකින් පිළිතුරු දෙනවා විනා මේ හරහා කෝප ගැනීමක් හෝ යාලුකම් අත් හැරීමක් සිදු වෙන්නේ නෑ. සමාන නිළයන් අතර මෙන්ම තමන්ට වඩා ජේෂ්ඨ කනිෂ්ඨ නිළධාරීන් අතර වුවත් මෙවන් අවස්ථාවල කිසිම දුරදිග යන ගැටළු ඇතිවන්නේ නෑ.. මේ ටික මුලින් කිව්වේ කවුරුහරි හිතුවොත් ආයුධ අතේ තියෙන උන්ට විහිළු කිරීම ඇස් රතු වෙන වැඩක් නොවේදැයි කියල ඒ අදහස ඉවත් කර ගන්නයි.. තවත් ඉතාමත් වැදගත් දෙයක් මතක් කල යුතුයි. එනම් හමුදා නිළධාරීන් අතර සම්ප්‍රධායක් ලෙස මෙවන් අවස්ථාවල කථා නොවෙන මාතෘකා තුනක් තිබෙනවා.. ඒ දේශපාලනය, ආගම සහ කාන්තාවන් (බිරින්දෑ වරුන්) ගැනයි.. ගැටුමක් නොමැතිව හාස්‍යයකින් පමණක් සැනසීමට එයත් ප්‍රධාන හේතුවක්.

මේ වගේ අවස්ථාවල කියවෙන 'හමුදා රස කතා' බොහෝ ප්‍රමාණයක් තිබුනත් පිටස්තරයෙකුට මේවා රස විදින්න හැකියාව අඩුයි.. ඒකට ප්‍රධාන හේතුව තමයි මේවා බොහොමයක් හමුදා වචන හා ක්‍රමවේද පදනම් කරගෙන ගොඩ නැගුනු ඒවා නිසා ඒ පිළිබඳ අවබෝදය අඩුවීමෙන් එහි රසය උකහා ගැනීමට නොහැකි වීමයි. මිලිටරි බාවිතයෙන් බැහරව මෙවන් හාස්‍යයට බඳුන් වන එක් මාතෘකාවක් තමයි 'ඉංග්‍රීසි'.. එක්කො හැමෝටම ඉංග්‍රීසි බැරි නිසා එහෙම නැත්නම් ඔක්කොටම පුලුවන් එක්තරා ප්‍රමාණයකට නිසා මෙහිදී කවුරුවත් අපහසුතාවයට පත් වීමක්නම් වෙන්නේ නෑ. ඒ වෙනුවට ඒ හරහා අපූරු විනෝදයක් නිර්මාණය කර ගන්නවා..එච්චරයි.. මේ එවන් කෙටි කතා දෙකක්..
**********************
වරක් අපේ එක් නිළධාරියෙකුට පිටරටින් ආ නැවක Liaison Officer කෙනෙක් විදියට වැඩ කරන්න සිද්ද උනාලු. රාජකාරි කටයුතු වලින් අනතුරුව හවස මේ නැවේදී අදුනගත් විදේශීය නිළදාරියෙකුත් සමග ගෝල් ෆේස් පැත්තෙ රවුමක් යන්නත් අවස්ථාව ලැබිල තියෙනවා. ලෝකල් සුද්දොත් එක්ක වගේ නෙවෙයි ඇත්තම සුද්දොත් එක්ක ඉංගිරිස් කතා කරන එක පහසු නිසා (වැරදුනාට ගානක් නැති නිසා) අපේ එකත් ඉතින් දන්න වැඩ කෑලි ඔක්කොම දදා යාළු සුද්දත් එක්ක චැට.. ඔහොම යන ගමන් තිබහට කියල පොඩි හට් කඩේකට ගොඩවෙලා දෙන්න බොන්න මොනව හරි ගන්න.. සුද්ද දැක්ක ගමන් ෆැන්ටා බෝතලයක් ගත්තලු.. අපේ එකා ඉතින් මහේලයි සංගයිත් බොන නිසා කියල කූල් කොකා කෝලා එකක් අරන් දැන් දෙන්නත් එක්ක මුහුද දිහා බලන් බොනවලු. 
උගුරක් දෙකක් බීපු සුද්දා යාළුවා දිහා බලල බිබී හිටපු ෆැන්ටා බෝතලේ තිබ්බ අත මුහුද දිහාට දික් කරල කිව්වලු.. 'Fantastic' කියලා.. ආයි මොකද අපේ එකත් එම පයින්ම උගේ බෝතලේ උස්සල කිව්වලු........... "කොකෑස්ටික්"  
**********************
ගොඩාක් දෙනෙක් මාත් එක්ක එකඟ වෙයි කාලයක් තිස්සේ පවත්වාගෙන යන ඕනෙම හමුදා කඳවුරක් ලස්සනට පිඩලි අල්ලල, මල් වවල, ගහ කොල හිටවල පාරවල් කාණු ගැටි පවා පාට කරල ඉතා අලංකාරව මේන්ටේන් කරගෙන ඉන්න බවට. මෙහෙම තියෙන්න ප්‍රධාන හේතුව තමයි ජේෂ්ඨ නිළධාරීන්ගේ අධීක්ශනය හා වැඩ කිරීමට ඕනෑ තරම් අය සිටීම (හෝ බලෙන් වැඩ කිරීමට පෙළඹවීම කියන්නත් පුළුවන්) කොහොම හරි උතුරු පලාතේ ඔය වගේ නාවික හමුදා අනුඛන්ඩයක වරක් අපේ එක්තරා නිළධාරියෙකු අණ භාර නිළධාරියා විදියට වැඩ කලාලු. මෙතනත් ඉස්සරහා ඔය මන් කිව්ව වගේ ලස්සනට පිළිවෙලට හදල මල් වවල ක්‍රෝටන් ගස් හිටවල පිළිවෙලට පවවාගෙන ගිහින් තියෙනවා. ඔය අතර අයාලේ ගිය එළුවෙකුත් මෙතනට ප්ලග් වෙලා.. ඉතින් 'අණබාර නිළධාරියාගේ පූර්ණ අනුමැතිය' ඇතිව 'කොල්ලො' ටික මේ එළු නාම්බවව නාවල සුද්ද කරල කෑම්ප් එක ඇතුලෙම ලොකුමහත් කරන්න පටං අරං.. දවසක් උදේ බලනකොට එර එළු තඩිය ඉස්සරහ හිටවල තිබුන ක්‍රෝටන් ගස් ටික ඔක්කොම තැනින් තැනින් කාලා විනාස කරල දාලලු.. ඊට පහුවෙනිදා ජේෂ්ඨ නිළධාරියෙක් කඳවුරු පරීක්ශාවටත් එන්න නියමිතයිලු.. මේක දැක්ක අපේ නිළධාරියාගේ මොලේ මඥ්ඥං වෙලා දැන් මොකද කරන්නේ කියල හිතා ගන්න බැරුව ඉන්නවලු.. ඔය අතරේ අණුකණ්ඩයේ ජේෂ්ඨ නැවියෙක් ඇවිත් කියනවලු 'සර් අපි මේක එච්කිවු එකට දැන්නුවොත් හොඳයි නේද කියල.. ඒ පාර මෑන්ටත් හිතිල 'ඒක තමයි හෙට ඇවිල්ල ලොක්ක මේක ගැන අහනකොට කියන්න දේකුත් තියෙන්නෙ එපැයි' කියල තීරණය කරාලු සිග්නල් එකකින් මේ බව ඉහලට දැනුං දෙන්න.. ඔක්කොටම හපන් දැන් ගහපන්කො ඉංග්‍රීසියෙන් සිග්නල්.. එළුවගේ මෑණියන් වහන්සේ මතක් කර කර ලියුවලු කෙටියෙන්ම.. ඔය සිග්නල් කොම්‍යුනිකේශන් වල තියෙනව බේසික් ප්‍රින්සිපල් එකක් ක්ලියර් ඇන්ඩ් බ්‍රීෆ් කියල.. ඉතින් ආයි මොනවද මෙන්න මැසේජ් එක.......... "මටන් ඊටන් ක්‍රෝටන්"
**************************

මේක නම් අනේ අම්මපල්ල ඇත්තම ඇත්ත එකක්.. මයෙ ඉස්සරහම මගේම බැචෙකුට වෙච්චි නිසා බය නැතුව කියන්නේ.. ඉංගිරිස් ප්‍රශ්නෙකට වැඩිය මෙතන නම් තියෙන්නේ පැනික් Panic කේස් එකක්.. ඔන්න අපි ට්‍රේනින් කාලේ.. ඔක්කොම කරන්න තියෙන්නේ රුටීන් එකකටනේ. දවසේ අන්තිම ටාස්ක් එක තමයි රෑ අටට තියෙන 'ඩියුටි ඔෆිසර් රවුන්ඩ්ස්' වලට සූදානම් වෙන එක.. හැම එකක්ම සෝදල අස් කරල සුද්ද කරල නියමිත නිළ ඇඳුම ඇඳගෙන රෙඩි වෙලා ඉන්න ඕනි.. ටොයිලට් එක පවා හෝදලා මොප් කරල තියන්නේ වතුර බිංදුවක්වත් නැති වෙන්න.. නැත්නම් ඔළුව කොමඩ් එක අස්සට දාල ප්ලශ් කරනවනේ..හි හි.. ඉතින් අපරාදේ කියන්න බෑ ඔය මොනවා කලත් වැඩක් නෑ එන ගමන්ම මොකක් හරි එකක් පුලප් pull-up කරල බැච් එක පිටින්ම රෑ දහය විතර වෙනකම් දුවවනවා.. පට්ට සනීපයි. ඔන්න ඉතින් මං කියන දවසෙත් අපි ඉතින් ලෑස්ති වෙලා බලං ඉන්නවා ඕනෙ දෙයකට.. එදා එන්න හිටිය බුවා (ඩියුටි ඔෆිසර්) ටිකක් අනිත් උන්ට වඩා වෙනස්.. හොඳට හොයල බලනවා.. ඒ වගේම මෑන්ස් අනිත් උන්ට වඩා ටිකක් ස්මාර්ට්.. හොඳට ඇඳල කරල එහෙමත් ඉන්නවා.. ඉතින් ඔන්න බුවා ආවා.. ඇවිත් මගේ ඉස්සරහ හිටිය අපේ බැච් එකේ හිටපු අහිංසකම හොඳටම වැඩත් කරන එකෙක් ගාව නැවතිලා උගේ සපත්තුවක් අපේ එකාගේ සපත්තුවක් ගාවට ලං කරල හරව හරව බලනවා.. දෙකම ගින්දර වගේ පොලිශ් කරලා දිලිසෙනවා.. තියරි එකක් තියෙනවනේ ට්‍රේනි කෙනෙක්ගේ සපත්තු අනිත් හැමෝටම වඩා හොඳට දිලිසෙන්න ඕනි කියලා.. (කොහෙද තියෙන්නේ කියලනම් අහන්න එපා.. ඒත් එහෙම එකක් තියෙනවා) ඉතින් විනාඩියක් දෙකක් ඔහොම බල බල ඉන්නකොට මං බලගෙන අපේ එකාට මූත්‍රා පිටවෙන්න වගේ ඇඹරෙනවා බයටම.. එක පාරටම ලොක්ක අඩියක් පොළොවේ ගහල අහපි 'Which one is better? is that your fucking one or my one?' හිතා ගන්න පුළුවන්ද අපේ එකා දුන්නු උත්තරේ.................... "ස..ස..සර්.. යුවර් ෆකින් වන්"
**************************

බ්ලොග් එකක් ලියන්න පටං ගත්තත් හරි මේ වගේ නසරානි කාලයක් උදා වුණේ නෑ. බලන බලන හැම තැනම වේස පාලනේ.. හැම එකාම බනිනව හැබැයි ලියන්නෙත් කියවන්නෙත් එව්වමයි.. හරියට මරා ට බැන බැන චන්දෙ දෙනව වගේ. ඔතනින් එහා ගිහින් කතා කරන්න වැදගත් හරි මිනිහෙක්ගේ හිත් ගනී කියල හරි හිතෙන මාතෘකාවක් නොතිබිච්ච නිසා මොකුත් නොලිය ඉන්න හිතුවා.. දෙසැම්බර් මාසෙන් බාගෙකටත් වැඩිය ගිහින් කලාහිත ගොලුවෙලා නිසා පොඩි සිඟිති ආතල් එකක් ගන්න මේ ටික ලියුවේ.. කට්ටියට කියවලා බැන බැන හරි යන්න බැරියැ.. 

76 comments:

  1. එල ද බ්‍රා..
    හෙට උදේ ටි ටෙබල් එකෙදි මේ කතා ටික කියනවා.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. එළ එළ.. බ්‍රා අඳින උන් ඉන්නවනම් බලාගෙන.. වචන් ටිකක් වෙනස් කරපං

      Delete
  2. යකෝ මෙක තෝගේ බෙලෝග් කටුව කියලා දන්නේ අද..ගහමු බෝතලයක්.

    ReplyDelete
    Replies
    1. ටියුබ් ලයිට් ද? ගහමු ගහමු.. ගල් හොඳයි

      Delete
  3. "ස..ස..සර්.. යුවර් ෆකින් වන්" - :) batch ekatama hamba unada? uta witharak wenama salakuwada? ela dial ekak!

    ReplyDelete
    Replies
    1. sirawatama u ela dial eka :D training kale thani thaniwa mokuth ne.. wathayak giyath batch ekatama thamayi. thankuu aawata :D

      Delete
  4. Replies
    1. ගිහින් බැලුවා.. ලොකු ලොකු දේශපාලනේ නැති නිසා හොඳයි වගේ.. කතාව කියෙව්වනම් ඒ ගැනත් සටහනක් දානවනම් කැමතියි..

      Delete
  5. කොකෑස්ටික් !!!
    හැමදාම උඩ නැගලම ඉදල එපාවෙලාද උඹට?

    ReplyDelete
  6. උඩනම් හැමදාම උනත් උන්නැකි බං.. මේ බිම දාල පාගන වේස පාලනෙත් එක්කනේ බැරි.. හෙහ් හෙහ්..

    ReplyDelete
  7. නියමයි මචන් - මේ වගේ ඒවා දාස් ගානක් තියෙනවා , මතක් වෙන වෙන සැරේට දාපන් අඩු ගැනේ මේ මිලිටර්ය් සාහිත්‍ය එක තැනකට ගොනු කරපන් ....!!!

    ReplyDelete
    Replies
    1. තැන්කියු මචං.. //මේ වගේ ඒවා දාස් ගානක් තියෙනවා// ඇත්ත ඒත් සමහර ඒව ගොඩක් උන්ට තේරෙන්නේ නෑ හමුදා ව්‍යවහාරය නිසා.. සමහර ඒව සදාචාරත්මක හේතු නිසා දාන එක හරි නෑ.. ඉතින් බොහොම පරිස්සමින් තමයි ලියන්න ඕනි..හ හ හා.. ලියමු ලියමු තව ටිකක්.. ජය ශ්‍රී!

      Delete
  8. පළවෙනි දෙක පොඩ්ඩක් අහල තිබ්බ වගේ දැනුනත් අනිකනම් අදමයි දැනගත්තෙ. පිස්සු පීකුදු. මාත් ලියන්න ඉන්නෙ නැව් තට්ටුවක පාන්දර දුන්නු ට්‍රේනිං එකක් ගැන.
    අනේ මක්ක උනත් නොලිය ඉන්න එපා බං. උඹල ලියන්නම ඕනි මිනිස්සු. ඔය හත්තිලව්ව තව සුමාන 3 යි. උඹලා අපි එහෙමද?

    ReplyDelete
    Replies
    1. උඹ අහල නොතිබුණා කියුවනම් තමයි පුදුමේ මං මේ ලියුවේ උඹ මේකටත් කවියක් ලියන්න කලින් හැක් හැක්.. නොලිය ඉන්න බැරි එක තමයි ලෙඩේ.. ජය ශ්‍රී!

      Delete
  9. හැම එකාම ලියන කර්කශ දේශපාලනයක් නිසා බ්ලොග්වල කියවන්න දේකුත් නැති එකේ උඹවත් මෙහෙම දෙයක් ලියන එක හොඳයි.මේ බ්ලොගේ උඹගෙ කියල දන්නෙ අදනෙ බං.

    ReplyDelete
    Replies
    1. හැලපයියේ.. බ්ලොගේ නමෙයි මගේ නමෙයි වෙනස නිසා පොඩි අවුලක් තියෙනව ගොඩක් දෙනෙකුට.. ඒත් දන් ඉතින් ඔන්නොහේ ඉන්නව..
      \\\කර්කශ දේශපාලනයක්\\ මට ඔය වචනේ අහු නොවී තිබුනේ.. තැන්කියු කිවුවා එහෙනම් ආවට.. ජය ශ්‍රී!

      Delete
  10. මම අද අද තමා කලාහිත පැත්තෙ ආවෙ. හැම තැනම තියෙන දේසපාළු කතා දැකල අප්පිරිය වෙලා හිටියේ. මේ පෝස්ට් එක නම් මරු මොකද අපිට ඔය වගේ කතා දැන ගන්න හම්බවෙන්නෙ නෑනේ ලේසියකට. අන්තිම කතාවනම් සුපිරි :D. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා එහෙනම් වෙල්කම් කියල පිළිගන්නව කලාහිතට.. දේශපාලනේ තරමටම දේශපාලන කතාත් දැන්නම් අප්පිරියයි.. ඒ ගතිය හොඳටම වැඩි උනේ මේ පාර.. වෙනසකටත් එක්ක මේ ටික ලියුවේ.. ඔන්න එහෙනම් දිගටම ඉන්න කලාහිතත් එක්ක.. ජය ශ්‍රී!

      Delete
  11. උදේ පාන්දරම ලේ පිරිසිදු විය. මූඩ් ෆික්ස් විය. ඒ ඔබ නිසා..බෙහෙවින්ම ස්තූතියි..

    හමුදා ජීවිතයනම් දුෂ්කරත්වය මෙන්ම රසකතා ලෝකයක් නේද.

    ReplyDelete
    Replies
    1. එය එහෙම වූවා නම් සතුටකි.

      මේ දුශ්කර සමය නිමවී සතුටින් ඉන්නා කාලයක (එවැන්නක් උදා වුවහොත්) හමුදාවේ දුශ්කර හා කටුක අත්දැකීම් ගැනද යමක් ලිවීමට සිතා සිටිමි. ජය ශ්‍රී!

      Delete
    2. ඒකනම් ඉස්තරම්!! ලියමු ලියමු.

      Delete
    3. ලියනකොටනම් එච්චරම 'ඉස්තරම්' වෙයිද දන්නේ නෑ.. මොකද වැඩිහරියක් ලේ කඳුලු දහදිය නේ.. කෝකටත් බලමුකෝ ලියන්න තරම් නිදහස් වට පිටාවක් හම්බෙයිද කියලා..

      Delete
    4. ලේ කඳුලු වලින් කරපු ඒ කැපකිරීම් තමයි කොහොමත් ඉස්තරම්..

      Delete
    5. ඒ කතාව හරි.. ඒ වගේ ඉහළම කැපවීම කල මගේ බැචාල තුන් දෙනෙක් ඉන්නව (දැන්නම් අපේ හිත්වල විතරක්) ඒ ගැන ලියන්න හිතාන ඉන්නව හිත එකලසක් කරගෙන :'(

      Delete
  12. අඩෝ , මේක මරු , කොකෑස්ටික්

    ReplyDelete
    Replies
    1. අඩෝ, උඹ කාලයක් අතුරුදහන් වෙලා ඉඳල ආපහු පහත් වෙච්චි එකම මටනම් කොකෑස්ටික්!!!

      මොකුත් නොලියා ඉඳල දැන් 'මාතලන්ගේ සින්ඩියෙන් හැලෙන්නත්' ලඟයි නේද?

      Delete
    2. අර ඇනෝ කෙනෙක්ද කව්ද කියල තිබුනේ අවුරුද්ද පැනපු ඒවත් තිබුනා කියලා. මාත් හිතන්නේ එහෙමයි. ඒත් කෙරෙන්නේ හරමයි. හැක්.

      Delete
    3. ඒකත් හරියටම මාතා ගේ දේශපාලනේ වගේ(ලු) නේද? හැක් හැක්..

      Delete
  13. පැන්ටෑස්ටික්. ඔයිට වඩා ලස්සන කතා වගයක් අපේ විචා කලින් දැම්මා. දැං ඒකා වල් නිසා ඒවා දාන්න හිතක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. වල් වුනාම මේව නොලිය ඉන්න එක හොඳයි.. නැත්නම් අහවල් එව්වා තලා ගන්න වෙනවා දැන් ඉන්න හමුදා කරයින්ගෙන්.. ජය ශ්‍රී!

      Delete
  14. තව මෙව්වා ටිකක් ලියමු තව දවසක

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු.. හැබැයි උඹට වගේ ඔය එව්ව මෙව්ව එච්චර රහට නම් ලියන්න බෑ අපිට.. හැක් හැක්..

      Delete
  15. පට්ටස්ටික් මේක !

    ReplyDelete
    Replies
    1. // පට්ටස්ටික්// මං හිතුවෙ මුලින් වැරදිලා ටයිප් කරල කියල.. හැක් හැක්.. ඒ වචනෙම පට්ටස්ටික්.. ජය ශ්‍රී!

      Delete
  16. මරු! අර යුවර් ෆකින් වන් තමා හොඳම.
    හැම එකාගෙම කර්කශ දේශප‍ාලන ලිපි බලල එපාවෙලා බං. අපි ඔන්නොහෙ කතා ලියමු! :-)

    ReplyDelete
    Replies
    1. යුවර් ෆකින් වන් කියුවට පස්සෙ තමයි හැබෑවටම මරු! වෙන එකෙක් තියා ලොක්කත් බඩ අල්ලගෙන හිනා උනා හෙන වෙලාවක්.. දුවවපු එක ඇරුනම ඒ සීන් එකනම් අපිට පට්ට ආතල්..
      ///හැම එකාගෙම කර්කශ දේශප‍ාලන ලිපි බලල එපාවෙලා බං. අපි ඔන්නොහෙ කතා ලියමු! :-)/// +++++

      Delete
  17. මරු කතා ටික...
    මගේ යාළුවො වැඩිදෙනෙක් යුධ හමුදා සහ පොලිසියේ නැහැ.
    ඉන්න කීපදෙනා එක්කත් සෙට් වෙන්න අවස්ථාව අඩුයි.
    ඒ ඇරෙන්න අපේ කැම්පස් යාළුවො අතරේනම් කලාහිත ලා ස්වයං වාරණ දාගෙන ඉන්න මාතෘකා සම්බන්ධවත් විහිළු සග මඩ ගැසීම් සිද්ධ වෙනවා....

    වෛරී දේශපාලන කතා ඇරෙන්න මේ වගේ කතා ටිකක් කියවන්න ලැබුන එකත් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. /// අපේ කැම්පස් යාළුවො අතරේනම්/// හපෝ මතක් කරන්න එපා.. හමුදාවල උන් තව හොඳයි.. (අත්දැකීමෙන් කියන්නේ.. 97-2000 වගේ කාලවල මමත් අඩුම වශයෙන් මාසෙකට දවස් 5-6ක් ඔය කැම්පස් වල නවතිනවා.. විශේෂයෙන්ම පේරා.. මොකද මගේ අතිජාත සමකාලීනයන් වැඩි දෙනෙක් ඒ වෙනකොට නැවතිලා හිටියේ ඕවැයි නිසා නිවාඩුවට ආවම මටත් කරන්න දෙයක් නෑනේ..)
      ආයෙත් කියන්නේ.. හමුදාවල උන් (ඒ අතින්) දාහක් හොඳයි.. හැක් හැක්..
      \\වෛරී දේශපාලන කතා ඇරෙන්න\\ ++++++++++ ජය ශ්‍රී!

      Delete
  18. අපේ මහලොකු හමුදා පරපුරක් උන්නට එකෙක් විහිළු කරන්නෙ නෑනෙ අම්මප!

    යුවර් පකින් වන් කතාව පට්ට! අනික්ව ඉතින් පටගහපුවනෙ :)

    හැබැයි ඔයි පරණ කතා උනත් එකට ඉන්න එකෙක්ට මාට්ටු කරල කාඩ් එක විදිහට කියන එකත් මරු වැඩේ.

    ReplyDelete
    Replies
    1. මගේ 'යුවර් ෆකින් වන්' බැචාට වැදිච්ච ඔය වගේ කාඩ් සිය ගනනක් ඇති.. ඒ වගේ භ්‍රන්තයක් කෙළල පස්සේ හිනාවෙන එක උගේ විශෙෂ දක්ෂකමක්.. ගොඩක් එව්වා මෙහෙම කිව්වට තේරෙන්නෙ නෑ.. එක්කෝ රඟපාල කියන්න ඕනි නැත්නම් හමුදා ව්‍යවහාර ගැන දැනගෙන ඉන්න ඕනි.. මේ දවස්වල සිංහයා වැඩිය ගොරවන්නේ නැත්තෙ මොකෝ? ද්වේශපාලනේ තිත්ත වෙලාද?

      Delete
  19. Vesa palane gana kiyawanawata wada . Me dewal godak hodai.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ගයාන්.. කියලා වැඩක් නැත ඒ ගැනනම්.. ගයාන් මේ පැත්තට ආව පළවෙනි වතාව මයෙ හිතේ.. සදරයෙන් පිළිගන්නව කලාහිතට.. දිගටම ඉන්න.. ජය ශ්‍රී!

      Delete
  20. මටන් ඊටන් ක්‍රෝටන්" එක නම් අහල තියනවා. නමුත් ඒකත් එක්කම අනිත්වත් හොඳට ලියල තියනව.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා, ඇත්තටම ඔය පළවෙනි කතා දෙකනම් ජනප්‍රියයි හමුදාවලින් පිටතත්.. එහි 'නාහ' වර්ශන් එකක් තමයි මං ලියුවේ.. (ලියන්න දෙයක් නැති කමටම..) තුන්වෙනි එකනම් ඇත්තටම වෙච්චි දෙයක් මීට අවුරුදු 17කට විතර කලින් අපි ට්‍රේනින් කාලේ.. ස්තූතියි පැමිණීමටත් අගය කිරීමටත්.. ජය ශ්‍රී!

      Delete
    2. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14974-which-one-is-better

      Delete
    3. බුදු අම්මෝ අජිත් අයියේ.. තැන්කූ තැන්කූ.. හඳුන්පොත කී ගානව.. මගේ පළවෙනි ලියැවිල්ල බ්ලොග් සින්ඩි වලින් පිට ප්‍රසිද්ධ මාධ්‍යක වැටෙන..

      Delete
  21. කලාහිත බ්ලොගය කියවීමෙන් හිමහත් සතුටට පත් උනා, විශේෂයෙන්ම අතීත මතක සටහන් හා ඒ සමග බැදුණු ඉතා අගනා රස මුසු කතා, මඩ වගේම අගේට ඇත්ත වගේම හැමෝගෙම කුතුහලයට සහ හාස්‍යට ලක් කරන්නට ගොතපු කත්වල් නම් බොහොමයක් මතක් උනා.
    ඉතා කෙටියෙන් මමත් ඔබගේ බ්ලොගයට එක කතාවකින් සම්මාදන් වෙන්නම් :)

    මම දන්නා තරමට නම් මේකත් සිරාවටම උන දෙයක්, පොඩි අඩු පාඩු මග හැරීම් වෙන්න පුළුවන්, ඒත් දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් modify කරලා දාන්න කියලත් ඉල්ලනවා,

    ඔන්න ඉතිං , ඒ කලේ අපි හැමෝම දන්නා විදිහට හැම සතියකම, තම යාත්‍රාවේ ( බෝට්ටුවේ, නැවේ ) ඔපෙරෂනල් ස්ටෙටස් එක ලොක්කට උදේම සිග්නල් කරන්න ඕනේ, ඉතින් මගේ හිතවත් ඔෆිසර් කෙනෙකුට මල කෙලියක් වෙලා, OIC ත් නිවාඩු, ඉතින් OIC ගේ වැඩ ටික ඔක්කම බලන්න වෙලා තිබුනේ මේ හිතවත් ඔෆිසර්ට. එක දවසක් ඔන්න බොලේ උදේම සිග්නල් ටික කියවගෙන යනකොට, අර වගේ යාත්‍රාවේ තත්වය එවන්න කියල සිග්නල් එකක් එවල, කල්පනා කරලා බැලුවලු දැන් මොකද කරන්නේ කියල, කොමා ට කිවුවලු, සිග්නල් pad එක ගේන්න කියල, අර කිවුව වගේ දැන් "ක්ලියර් and බ්‍රිෆ්" වෙන්නත් එපැයි. ඉතින් ටිකක් වෙලා කල්පනා කරලා " Both Engine Rest On Chocs " කියල ගහල දැම්මලු.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මිත්‍රයා, සාදරයෙන් පිළිගන්නවා කලාහිතට.. අගය කිරීම ගැනත් තුති.. ඔබත් අනිවාර්යෙන්ම සහෝදර නාහ නිළධාරියෙක් බව නම් පැහැදිලියි.. එවැන්නෙක් මගෙ බ්ලොගය කියවන බව දැන ගැනීම මට විශේෂ සතුටක්.

      ඔබ කියූ කතාවත් ඉතාමත් ජනප්‍රියයි.. මං ඔය ගැන ලියන්නත් හිතල අවස්ථා සම්භන්දයන් නොදන්නා කම නිසා රස වින්දනයට බාදා වෙයි හිතල ලියුවේ නෑ.. දැන් ඔබ වැඩි කොටසක් කියල තියෙන නිසා මට පහසුයි.. බටහිර, දකුණ සහ උතුරු නාවික විධානයන් තුල ඒ දිනවල ඔය Op state signal කිරීම තිබුනා (දැන්නම් කොහොමද දන්නේ නෑ). මෙය බටහිර විධානයේදී සිදු වූවක්. නැවක්/ බෝට්ටුවක් Under water repairs වලට Dock/ slipway එකට ගත්තම අපි සිග්නල් කරනව Craft rest on chocks කියල. ඒ වගේම බොහෝ වෙලාවට ඒ ගමන්ම Engine දෙක (හෝ හතර) බිමට බානවා Major overhaul හෝ Routine maintenance සඳහා. නැවක් Non operational උනාම බොහෝ වෙලාවට CO/ OIC වෙනත් යාත්‍රාවක මුහුදට යනවා. XO/2IC ල තමයි වැඩ බලන්නේ. ඒ දවස් වල තිබ්බ යුධමය තත්ත්වය නිසා අත්දැකීම් ඇති 2IC ල උතුරු/ නැගෙනහිර රාජකාරි වලට යොදවල ගොඩාක් වෙලාවට අලුතෙන් පාස් අවුට් වෙච්චි ඔෆිසර්ස් ල තමයි දකුණට/ බටහිරට එවන්නේ. ඉතින් ඔය වගේ 'පිස්සු කෙළින' එක ගොඩාක් වෙලාවට වෙනවා. මෙතන කොල්ලට වුනේ 'Both engines routine maintenance overdue. Craft rest on chocks' කියන එක කෙටි කරල ගහන්න ගිහින් ඇනගත්ත එක.. තව එකක් කියන්න ඕනි.. ඔය වගේ වෙලාවට කොමා ල (Communicators) බලන්නෙම පුළුවන් තරම් අරින්න (නේවි බාසාවෙන්= screw) ඒක නිසා මිඩා (Midshipman) කාලෙදි මේ දේවල් මඩ කාල ඉගෙන ගන්න එක පට්ට වැදගත්.. (මේ පැහැදිලි කිරීම ඔබට නොවේ. කලහිත කියවන නේවි නොවන අයටයි.)

      අපි දෙදෙනාට ඉදිරියේදීත් මේ වගේ බොහෝ දේ රසවත්ව කතා කල හැකි වේවි. දිගටම ඇවිත් යන්න එන්න. ජය ශ්‍රී!

      Delete
    2. තවත් හිටපු නේවි බුවෙක්20 December 2014 at 01:26

      බ්ලොගය කියවන වෙලාවට නම් හොද හොද කතා මතක් වෙනවා, ඒත් අර ඒ දවස් වල වගේ පොඩ්ඩක් සෙට් වෙන්නේ නැතුව රස බර ඇතිව ලියන එක තාම අමාරුව, තව නේවි පොරක් එක්ක Hannapier නැත්තම් Franklin එහෙමත් නැත්තම් අර ඉන්දියාව ඉදල ගෙනාපු Old Monk එකක් හරි මොකුත්ම නැතිනම් ඕල්ඩ් බෝතලයක් ඔපෙන් කරල ගත්තනම් වටේටම බෙදන්න තිබුන හොද මද ටිකක් හි හී .....
      නමක් නැතුව දානවට වඩා මෙහෙම නමක් දැම්මට කමක් නැහැනේ නේද හිතවත් කලාහිත ;)

      Delete
    3. //හිතවත් කලාහිත ;)// හිතවත්නම් තව මොනවද? අනික මේ වීසා කැන්සල් වෙලා ඉන්න අපිට පරණ කකුලක් හරි ඉඳල හිටල සෙට් වෙන එකම මදෑ..

      හැනපියර් නම් ලොවෙත් එපා.. අම්මේ.. මං අවුරුදු 7කට බීම නවත්තල හිටියා පාරක් කැම්පස් සැට් එකක් එක්ක තරඟෙට හැනපියර් බීලා.. තව අපේ එකෙක් පාරක් කැඩෙට් කාලෙ හොරෙන් Lower gun room රෑ බීල පහුවෙනිද ඉහ අත බදාගෙන කියනව මොනාද බන් අර අරක්කු ජාතිය 'හැනපිනා' ද මොකක්ද..නොදකින්..හ හ හා..

      Old Monk නම් ඉතින් සුපර් තමයි.. කළගෙඩිය වගේ බොනව බොනව ඉවර වෙන්නෙත් නෑනෙ.. වෙලාවක හෙනං සෙට්වෙමු ඔය ඇනෝ ගතිය මගෑරල.. ජය ශ්‍රී!

      Delete
  22. ළඟ හිටියනම් ගහනවා එකක් උඹට. යකෝ මෙන්න මේවා තමයි එලියට දාන්න ඕනෙ.

    මේ ලිපිය කියෙව්වේ අද 19 උදේ. මම ඊයේ පෙරේදා ගියා, මුලතිව්, කිලිනොච්චි, පූනරීන්, යාපනේ, ඩෙල්ෆ්ට් දූපත, නාගදීපේ, අලිමංකඩ, සංචාරයක්. දැනට හමුදාවේ ඉතුරුවෙලා ඉන්න 'ගෝල කකුල්' වලින් නොමඳ භක්තියක් ලැබුනා.

    නාගදීප ජැටියේදී ප්‍රවාහන ප්‍රශ්නයක් ආවත්, නාවික හමුදාවේ 'ලොකු කකුලකට' කෝල් එකක් දීලා වැඩේ ගොඩ දාගත්තා. ඩෝන්ට් කෙයාර් පිට මට කතාකරපු 'මාස්ටර් චීෆ්' කෙනෙකුට මම කවුද කියලා කනට කරලා කියලා ආවා, එතන සෙනග ගොඩේ උගේ නම්බුව රකින්න ඕනෙ හින්දා. මමත් නිළ ඇඳුමක් ඇන්ද නිසා.

    අර යුවර් ෆකින් වන් එක වගේ කතාවක් අපේ කාලෙත් අපේ කෙඩෙට් ස්කූල් එකේ කියනවා. ඩියුටි ඔෆිසර් එන්න ඔන්න මෙන්න කියලා එක කැඩ්ඩෙක් දැකලා තියනවා උගේ ජොකෙක් ඇඳ යට තියනවා. මූ ඒක ගුලි කරලා බෙඩ් ශීට් එක යට ගහලා. ඩියුටි ඔෆිසර් ඒ ගුලිය දැකලා ඇහුවලු වට්ස් තත්ව ෆකින්ග් තින්ග් කියලා. අරූ කිව්වලු සර් මයි ෆකින්ග් ජෝක්ස්ට්‍රැප් කියලා.

    ReplyDelete
    Replies
    1. අන්තිම ඡේදයේ වට්ස් දැට් යනුවෙන් නිවැරදි විය යුතුයි.

      Delete
    2. වෙලාවට ලඟක නොහිටියේ.. නැත්නම් 'යූ බ්ලඩි ෆකින්ග් ඉඩියට්..' කියල කණ පුරවල එකක් කන්න වෙනවා.. හහ් හා..
      ඔබ තුමාට කියන්න මං ට්‍රේනින් කාලේ හිතාගෙන හිටියේ 'නාහ' වලට ගත්ත පජාතම ලොස්ම බැච් එක අපේ එක කියලා.. මොකද හිටපු උන් ඔක්කොම ඔය 'යූ බ්ලඩි ෆකින්ග්' විශේෂණයත් එක්ක ආපු 'ඉඩියට්ස්' ල, 'ආස් හෝල්'ල, 'හූලිගන්ස්'ල, 'බාබේරියන්ස්'ල සහ තව ප්‍රසිද්ධ වේදිකාවක කියන්න බැරි (සුදු බණ්ඩා/ මැරවින් වගේ එකෙකුට හැර ) නම් වලින් හඳුන්වපු උන්.. හැක් හැක්..පාස් අවුට් උනාමනේ වැඩේ තේරුණේ..

      මට ඔය රවුම 2012න් පස්සේ යන්න බැරි උනා. අපි වගේ 'එක්ස්' ලට දැන් ඔය වගේ ගැටලු හැමතැනම එනවා. වාසනාවකට වගේ තවමත් දන්න අඳුනන එකෙක් දෙන්නෙක් හරි ඉන්නේ. මට ඔය වගේම දෙයක් 'ආමි' එකෙන් උනා ඒ පාර අර පතුලක් නැති ලිඳ බලන්න ගිහින්. නාගදීපේදි ප්‍රවාහන අපහසුතාවයනම් ආවේ නෑ එතකොට එතන OIC යා යාලුවෙක් නිසා ඊටත් වඩා වෝටර් ජෙට් එකෙ PO මගේ ඩෝරා එකේ හිටපු කොල්ලෙක් ඉතින් කර උඩ තියන් සැලකුවේ.

      2001 දී මන් ලෑන්ඩින්ග් ක්‍රාෆ්ට් එකේ ඉන්නකොට තමයි ඉස්සෙල්ලම නාගදීපෙට බස් එකක් ගෙනිහින් දැම්මේ.. ඒ විතරක් නෙවෙයි එළුවතිවු අනලතිවු අයිලන්ඩ් වලටත් බස් ගිහින් දැම්මා.. මගේ පළවෙනි ඇපොයින්මන්ට් එක කයිට්ස් වල. ඒ දවස් වල උන් අපිව දැක්කේ දෙයියෝ වගේ. එදා ගිය වෙලේ මං වාහනේ නතර කරේ ජැටිය උඩමයි. හැබැයි එනකොට කොල්ලෙක් ඉඳගෙන මගෙන් රුපියල් පනහක් ඉල්ලුවා පාකින්. මං දෙන්න අතටත් අරගෙන නිකමට කියුවා පුතා මං නේවි එකේ කියලා. මූ ගත්ත කටටම කියපි 'ඒ වුනාට කරන්න දෙයක් නෑ. හැමෝම දෙන්න ඕනි කියල'.. මට ඌරු ජුවල් නැග්ගා.. කතා කරපිය තොගෙ මහ එකාට කියල මං එතන හෙන ජවුසමක් නැටුවා මළ පැන්න පාර.. පස්සේ උන් ශේප් වෙලා මට යන්න කියුවා, එවලේ ඉඳන් මං ආවෙම මළ අතේ තියාගෙන.. අපේ වයිපරේ පට්ට බයේ.. හැක් හැක්.. කතන්දර නම් ගොඩයි.. කියනවනම්.. ස්තූතියි ඔබ තුමාට පැමිණීමටත් අගය කිරීමටත්.. ජය ශ්‍රී!

      Delete
    3. Ok.. re-write that fucking sentence 'What's that fucking thing ? Sir, my fucking jockstrap'.. 1000 times in clear block capitals, and bloody well hand over me exactly by 0800 hrs tomorrow morning.. no bloody hanky-panky ok.. if you failed or make any mistake again.. would be 10.000 times next, understood? - Fuck off!!! :D

      Delete
    4. මෙන්න යුහ නාහ වලියක් යනෝ

      Delete
    5. මේක බොහොම සොඳුරු වලියක් ඇනෝ මිත්‍රයා.. ජය හැම විටම යුහ වලට.. ජය ශ්‍රී!

      Delete
  23. ඒහ්
    මේවයින් එකක්වත් මං අහල නෑ නෙව
    කලාහිත නේවිද
    මගුලයි
    එහෙනං මාව දැකලත් හම්බෙලත් ඇති
    දැං ඉතිං දැක්ක තැන දුවන්ට තමා වෙන්නෙ
    හෙහ්

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක්.. හේයි..උඹ පැනල ආපු එකෙ නේද? ඔහෙ හිටු කුදලං යන්න.. ඒත් මොන මගුලකටද? මං දැන් (S)ex Navy නේ.. හිකිස්..

      Delete
  24. මරු කතා සෙට් එක... !
    "සර්ගේ එක" ලස්සන ඇති... හික්ස් :)
    මරු එකෙක් ඒකා නම්...

    ReplyDelete
    Replies
    1. ඔය වගේ මරු මරු වැඩ කරපු මරු මරු බුවාල සැට් එකක් නිසා මරු මරු කතන්දර නම් ගොඩයි මරුධංග :) ඉඳල හිටල මරු ලඟටම ගිහිල්ලා ආවත් ඔහොම එකටම ඉඳල මරු වැළඳ ගත්ත උන් ගැන මතක් වෙනකොට තමයි අමාරු. ජය ශ්‍රී!

      Delete
  25. මේ දවස් වල මහන්සි වෙලා දෙයක් ලිව්වට වැඩක් නෑ ගොයියො..හැමෝම ඉන්නෙ මැතිවරණ සිහියෙන්...මටත් එහෙම හිතිලා තියෙනවා....

    මටන ඊටන් ක්‍රෝටන් මම පළවෙනි වතාවට ඇහුවෙ...ඒක පට්ට සිරා මචෝ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ වගේ මහන්සි නොවී සිම්පල් ඒවා ලියන්නේ මචෝ.. ස්තූතියි ආවට.. ජය ශ්‍රී!

      Delete
  26. යුවර් ෆකින් වන් ඉස් බෙටර් මචං!

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ.. හව් අබවුට් යුවර් වන් මචං? හැක් හැක්..

      Delete
  27. "මටන් ඊටන් ක්‍රෝටන්" :D :D
    මගේ හිනාවේ සද්දෙට එහා පැත්තෙ කැබින් එකේ එකත් නැගිටල බැලුවා....

    ReplyDelete
    Replies
    1. හම්බෝ නදිනියෝ ඔහොම හිනාවෙනවද හැදෙන ගෑනු ළමයි.. ඒක නෙවෙයි වෙල්කම් ටු කලාහිත.. ඔන්න මං බ්ලොග් රෝලටත් එකතු කරගත්ත නදී නිම්නය.. ලස්සන අදහස්.. කම්මැලි නැතුව දිගටම ලියන්න ඕනි හොඳේ..

      ඔයාට කියන්න මටත් ඔය වගේ හිනා ගියානේ ඔයා අර සිරාගේ පෝස්ට් එකට දාල තිබ්බ ගස් යන කොමෙන්ටුවට.. හැක් හැක්.. ජය ශ්‍රී!

      Delete
  28. අම්මේ කමියාගේ කතාව......................... -කින් කතාවනම් ඒළස්...............

    ReplyDelete
    Replies
    1. මචන් කුරුට්ස්, මේ දවස් වල අහන්ඩ හම්බෙන අතොරක් නැති කින් කතා අස්සේ මේ වගේ -කින් කතාවක් එළස් කියල අහන්න ලැබීමම එළස්.. තැන්කූ හොඳේ.. ජය ශ්‍රී!

      Delete
  29. කමියො , මේ බ්ලොගේ මට අප්ඩේට් වෙන්නෙ නෑනෙ. මොන හුකෑස්ටික් එකක් ද මන්ද ?

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට.. එහෙම කොම්පෙලෙන් එකක් මට ආවේ පළවෙනි වතාවට හිංදා මටත් හිතා ගන්න බෑ මොකැයි කියල එක සීරුවටම.. අපි ඔය දන්න කියන බුවෙක්ගෙන් අහල බලමු කම්මලේ.. කොහොම හරි උඹ ඇවිත් ගිය එක ලොකු දෙයක්.. ජය ශ්‍රී!

      Delete
  30. අඩේ මම මේ බ්ලොග් එක දැක්කේ අදනේ .. කල්‍යාණ මිත්‍රගේ කොමෙන්ට්ස් හැම තැනකදීම දැක්කට බ්ලොග් එක දැක්කේ අද අහම්බෙන් ..

    මේ කතා එකක් වත් මම කලින් අහල නෑ .. ඔක්කොම මට නම් ජොලි ..

    අනිත් ලිපිත් බලන්නම් .. :)

    ReplyDelete
    Replies
    1. පැතුම් සාදරයෙන් පිළිගන්නව කලාහිතට.. මේවා 'හේමන්තයේ පිපී හිනැහෙන වසන්ත කැකුළු'.. හෙහ්.. ලියන්න හිතන් ඉඳල ගොඩක් කල්.. අවස්ථාවක් ලැබුනේ මෑතක.. කොහොමත් මං ලියනවටත් වැඩිය කියවන්න කැමතියි ඒකයි කොමෙන්ට් වලින් වැඩිපුර දකින්නේ. අරාධනා කරනව එන්න දිගටම කියවන්න කලාහිත කියල.. ජයශ්‍රී!

      Delete
  31. මගෙ අම්මේ කමෙන්ට් ඔක්කොමයි කතා ඔක්කොමයි කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. නිවාඩු දවස ඉවර ඇති නේද? ටැන්කූ ටැන්කූ කලාහිත උනන්දුවෙන් කියෙව්වට.. ජය ශ්‍රී!

      Delete