Thursday 14 May 2015

We were soldiers - වසර හයකට පෙර යුද්ධයේ අවසන් හෝරා කිහිපයේ මතක සමඟ තනිවීමි

අද මැයි මාසේ 14 වෙනිදා.. තවම දවස ලබලා පළවෙනි පැයවත් ගෙවිල ඉවර නෑ.. නිදි නැති තවත් එක රැයක් දිය වෙවී යද්දී මගේ මතකය අවුරුදු හයකින් ආපස්සට ඇදලා දාන්න පාවෙල් පවුලිකොවුස්කි (Pawel Pawlikowski) ගේ අයිඩා (Ida) චිත්‍රපටිය ගැන තරංගී ලියූ මේ විචාරය සමත් උණා.. මේක කියවන වයස්වල මැරිල ඉපදුණු නැති හැමෝටම මතක ඇති මං මේ කියන දවස්.. තිස් වසරක් තිස්සේ දික් ගැහුණු කුරිරු යුද්ධය අවි බලයෙන් යටපත් කිරීමේ සද්දන්ත වෑයමේ අන්තිම අවිනිශ්චිත හෝරා කීපය.. ආරම්භයක් විදියට අයිඩා ගැන කියවද්දි මට මතක් වුණු මේ 'අයිඩා' ගැන මං තරුරසී හි තියපු මේ පුංචි සටහන මෙතන අලවන්නම්..

//දෙදහස් නවයේ මැයි මාසේ යුද්ධයේ අන්තිම දවස් වල.. මගේ භාරයේ තිබුණු පොඩුවකට්ටු ට්‍රාන්සිට් කෑම්ප් එකට බෝට්ටු වලින් පැනලා එද්දි අල්ලගෙන ආපු උන් අතර ආච්චිත් එක්ක ඇවිත් හිටපු පොඩි කෙල්ලක් හා කොල්ලෙක් හිටියා. ඒ දවස් වල කොල්ලට අවුරුදු නවයක් හෝ දහයක් පමණ හා කෙළි පොඩ්ඩිට අවුරුදු හත අටක් වගේ වෙන්න ඇති. ආච්චීත් හොඳටම වැහැරිලා.. සිංහලෙන් තියා දන්න දෙමළෙං වත් මොකද වුණේ කියන්න බැරි තරමට බය බිරාන්ත වෙලා හිටියේ. ඒ නඩේ හිටපු වෙන වැඩිහිටියෙක් කියපු කරුණු වලට අනුව ආච්චි අම්මත් එක්ක ළමයි දෙන්නව බෝට්ටුවට නැග්ගුවට අම්මටයි තාත්තටයි ගොඩ වෙන්න ඉඩ තිබිලා නෑ. මනුස්සයා කියපු විදියටනම් ඒ අම්මයි තාත්තයි ඒ වෙනකොටත් ජීවතුන් අතර ඉන්න විදියක් නෑ. මොකද ඒ බෝට්ටුව එනවත් එක්කම එතනට කඩා පැනපු ත්‍රස්වාදීන් පැනල යන්න හැදූ ඔක්කෝටම වෙඩි තියල මරල..... නේවි එකෙන් දීපු පරිප්පුයි පොල් සම්බෝලයි හාල් මැස්සොයි එක්ක බත් එක පොඩි උන් දෙන්නා සූස් සූස් ගගා කනකොට ආච්චී වචනයක්වත් කතා කරන්නැතුව අඬ අඬ ඒ දිහා බලන් ඉන්නව දැකපු මං ඇතුළු එතන හිටපු හැම එකාම අඩුම තරමින් රහසින් හරි ඇඬුවා.. අඩි හයමාරක් උස දැවැන්ත ශරීරයක් තිබ්බ ජූඩෝ ශූරයෙක් වෙච්චි මගේ දෙවනියා නම් හැමෝටම පේන්න ඉකි ගහ ගහ ඇඬුවා. මිනිහ එදා මගෙන් අහල මහා ජීවිත අවධානමකුත් අරන් කුච්චවේලි කඩමංඩියට බයික් එකේ ගිහින් ඇවිත් පොඩි උන් දෙන්නට අඳින්න දෙන්න සූට් දෙකක් අරන් ඇවිත් තිබු.. දැන් මේක වෙලා අවුරුදු 6ක්.. දැන් ඒ පොඩි එකීට අවුරුදු දහතුනක් දාහතරක් වෙනව ඇති. අම්ම කෙනෙක්ගේ රැකවරණයක් ඕනිම කාලේ.. පොඩුවකට්ටු වලින් බස් එහෙක පටවල පුල්මුඩේ කෑම්ප් එකට යැව්වයින් පස්සේ මොනව උනාද දන්නේ නෑ.. පශ්චාත් යු සාහිත්‍යය.. මටනම් අයිඩ ලා කියන්නේ හැබෑම ජීවිත් අත්දැකීම්. //        

අප්පච්චිගේ Area of Responsibility එක (කල්ලරාව ඇතුලු ඒරියා මැප් එක).. ඉතින් මගේ වගේ තමයි

කල්ලරාව.. ඔය නම මං මුලින්ම ඇහුවෙත් හරියටම මීට අවුරුදු විස්සකට කලින් මැයි මාසේ දවසක.. ත්‍රීකුණාමලයේ ඉඳලා හැතැම්ම 35ක් විතර උතුරින් යාන් ඔය මුහුදට වැටෙන ඉසව්වේ තියෙන පුංචිම පුංචි ධීවර ගම්මානයක්.. හරියටම 1995 මයි මාසෙ 25 වෙනිදා ත්‍රස්තවාදීන් මේ ගමට කඩා වැදිලා අහිංසක ළමා ලපටීන් ඇතුලු 42ක් ජීවිත බිලි ගත්ත.. ඉතුරු උනු අතලොස්සක් දෙනා පණ බේරගෙන ත්‍රීකුණාමලේට පැනල ආවදා ඉඳන් නැවත 1998 යුධ හමුදා මෙහෙයුමකින් මේ පෙදෙස අත්පත් කර ගන්නකම් මේක ත්‍රස්ථවාදීන්ගේ තිප්පොලක්.. ඒ කාලේ කල්ලරාවේ තමයි එල්.ටී.ටී.ඊ. එකේ ප්‍රධානම රෝහල පිහිටලා තිබුනේ. ඊට අමතරව උතුරේ ත්‍රස්ථවාදීන් හා නැගෙනහිර ත්‍රස්ථවාදීන් අතර ගොඩබිම හරහා වුණු සියළු ගනුදෙනු සිදුවුනෙත් මේ ප්‍රදේශය ආශ්‍රිතව.. 

ගූගල් මැප් එකක් බැලුවොත් හොඳට දැක ගන්න පුළුවන් මේ තැනට පිටිපස්සෙන් ගෝමරන්කඩවල කැලෑව එක සීරුවට සම්භන්ද වෙනවා කන්තලේ, සෝමාවතිය රක්ශිතය, ත්‍රිකෝණමඩු හරහා වාකරේට.. වාකරේ කියන්නේ ඒ කාලේ නැගෙනහිර කොටින්ගේ ස්ට්‍රොන්ග් හෝල්ඩ් එක.. ඒ වගේම ඔය කැලෑවම මහවැලි නිම්නය හරහා රට මැදටම ඒ කියන්නේ වස්ගොමුව හා අංගම්මැඩිල්ල රක්ශිතය දක්වාම එක දිගට සම්භන්ද වෙනවා.. ඔය මහවැලි නිම්නයේ සෝමාවතිය ත්‍රිකෝණමඩු පැත්ත ගැන ලස්සන මතක ගොඩක් මේ දවස් වල නිදහස් සිතුවිලි ලියන රවී අයිය ආපහු මතක් කරනව 'කුකුලේගඟ මතක' කියලා.. ඒත් මං නම් ඔය පැත්තේ කුකුලේගඟක් ගැන අහලා නෑ.. සමහරවිට මෑන්ට පොඩ්ඩක් ටැපලිලා ඇති වයසක මනුස්සයානේ.. කවුරුහරි මේ නිදහස් සිතුවිලි සීරීස් එක තවම බලල නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම ගිහින් බලන්න.. මේ අපි වගේ නෙවෙයි අන්න කතන්දරනම් කතන්දර.. 
මේකනම් ගත්තේ ගූගල් වලින්

කොහොමින් කොහොම හරි කල්ලරාව කියන්නේ උපාය මාර්ගිකව සෑහෙන්න වැදගත් ප්‍රදේශයක් දෙපැත්තටම.. ඒකම තමයි ආපහු ආමි එකෙන් 'ජයභූමි' මෙහෙයුම කරල නැවත මේ ප්‍රදේශය අත්පත් කර ගත්තේ. ජයභූමි යන කාලේ අපි ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ (දැන් විශ්ව විද්‍යාලය) ට්‍රේනින්.. ඒක නිසා ජය භූමි ගැන ලොකු මතකයක් නෑ.. ජයභූමි නෙවෙයි ට්‍රෙනින් කාලේ උන් හිටි තැන්වත් මතක නෑ.. ඉතින් මොන ජය භූමියක්ද.. සමහරවිට අපේ විචාරකතුමාට මේක ගැන අත්දැකීම් ඇති. මං අහල තියෙන විදියටනම් මේ ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීමේදී ආමි එකට එල්.ටී.ටී.ඊ. එකෙන් එච්චර ලොකු බාධාවක් වෙලා නෑ. මුහුණට මුහුණ සටන් කරනවට වැඩිය සැඟවී ඉඳන් පහරදෙන ගරිල්ලා ප්‍රහාර වගේ ක්ලැන්ඩස්ටයින් ඇටෑක් තමයි වැඩි හරියක් තිබුනයි කියන්නේ.. සමහරවිට ඔය ගරිල්ලා ප්‍රහාර වලින් වෙන හානිය වැඩි වෙන්නත් පුළුවන් මහ හටනකට වඩා.. 

ඒ කාලේ ෆැශන් එකක් තමයි ආමි එකෙන් සටන් කරල අල්ල ගන්න බූමි ආරක්ශා කිරීමට නේවි එකට හා එයාෆෝස් එකට බාර දෙන එක. ඔය වෙනුවෙන්ම නේවි එකේ බ්‍රාන්ච් එකකුත් පටන් ගත්තා පැට්‍රෝල්මන් කියලා.. ඒ නේවි එකේ ගොඩබිම් මෙහෙයුම් සඳහා කියලා.. මුලින්ම බඳව ගත්ත නිළධාරීනුත් වැඩි දෙනෙක් ආමි ට්‍රේනින් උනු අය.. කාගේ තීරනයකට මොන වාසියකට ඔය බ්‍රාන්ච් එක පටන් ගත්තද මන්දා.. මටනම් හිතෙන්නෙම ඉතින් ඔය ටික ආමි එකෙන්ම කරන්න තිබුනනේ කියලා.. සමහරවිට හමුදාවල විශාලත්වය ගැන හිතල වෙන්න ඇති.. එහෙම උනානම් සමහරවිට ආමි කමාන්ඩර් ඒ කාලෙම ෆීල්ඩ් මාශල් වෙලා නේවි එකෙයි එයා ෆෝස් එකෙයි කමානඩර්ස් ල රියර් අද්මිරාල් නැත්නම් එයාර් වයිස් මාශල් තනතුරෙන් නතර වෙන්න තිබුනා.. හා..හා.. ඕවා මේ පෝස්ට් එකට අදාල කරුණු නෙවෙයි. හමුදාවල දේශපාලනේ කතා කරන්න තහනම්.. ඇත්තටම තහනම් ද මං දන්නේ නෑ.. ඒත් ඒක නිළධාරී නිවාස වලනම් ප්‍රතිපත්තියක්.. 

අපේ ඔෆීස් එකේ (දැන් ඉන්න) මට පෙන්නන්නම බැරි වැඩේ තමයි මේ බාගෙට දන්න එවුන් පැන පැන දේශපාලනේ කතා කරන එක. අහගෙන ඉද්දි හරියට පොඩි එකාගේ ලියුම කියවනවා වගේ. ඒ ඔක්කොටම හපන් ලන්ච් රූම් එකේ කච කචේ. නේවි එකේනම් ඔෆිසර් මෙස් වල කතා නොකරන මාතෘකා තුනක් තියෙනවා. ආගම, දේශපාලනය සහ බිරින්දෑවරුන් (කාන්තාවන් නොවේ) සම්භන්දව.. ඒක රීතියක්. මොකක් උනත් හරිම හොඳ දෙයක්. 

නේවි එකේ ඔෆිසර් මෙස් නෑ තියෙන්නේ වෝඩ් රූම් (ward room), ජූනියර් ඔෆිසර් මෙස් එකට කියන්නේ ගන් රූම් (gun room) කියල.. ජූනියර් ඔෆිසර්ස් ලා විදියට සලකන්නේ ලෙෆ්ටිනන්ට් රෑන්ක් එක සහ ඊට පහල නිළධාරීන්. හැබැයි ලංකාවේනම් පාස් අවුට් උනායින් පස්සේ හැම නිළධාරියාම ඉන්නේ වෝඩ් රූම් වල.. අන්ඩර් ට්‍රේනින් ඔෆ්ෆිසර්ස් ලා පමණයි ගන් රූම් වල ඉන්නේ. සෙසු නිළයන් නම් කියන්නේ ඕවයේ ඉන්න තරමක් ඉන්නේ ලෙඩ්ඩු නිසා තමයි ඕවට වෝඩ් රූම් කියන්නේ කියලා.. 

ආ.. සෙසු නිළයනුත් නෑනේ.. ඉන්නේ නැවියන්.. (නැවියන් කියුවම වෙන මොකුත් හිතනව එහෙම නෙවෙයි..) නැවියන් කොටස් දෙකයි.. ජේශ්ඨ සහ කනිශ්ඨ.. ජේශ්ඨ නැවියන් වෙන්නේ සුළු නිළධාරී සහ ඉන් ඉහල අය.. ඉහල අය කියුවට මහ ගොඩක් නෑ තව රේට්ස් තුනයි. ප්‍රධාන, සමූහ ප්‍රධාන හා පාලක ප්‍රධාන සුළු නිළධාරීන් විදියට.. ඔය අය අතරින් සමූහ ප්‍රධාන හා පාලක ප්‍රධාන සුළු නිළධාරීන්ට ඊට පහල තරාතිරම් වල නැවියන් 'සර්' කියල ආමන්ත්‍රණය කරනවා.. නිළධාරීන් විසින් 'මිස්ටර්' කියල කියනවා. අනිත් තරාතිරම් වල හැමෝටම කතා කරන්නේ ඔවුන්ගේ තරාතිරම සහ නම යොදලා.. හරියට පෙටි ඔෆිසර් සිල්වා, ලීඩින් සීමන් දිසානායක වගේ. කනිශ්ඨ නැවියන්ගෙනුත් ලීඩින්ග් හෑන්ඩ්ස් ල (leading hands) ඉතින් වැඩක් කරන්නේ නෑ.. සුපවයිසර් ල වගේ තමයි ඉන්නේ.. ආ.. හෑන්ඩ්ස් ල කියන්නේ නැවියන් ට.. 

මේ ඔක්කොම නේවල් ටර්ම්ස්.. සියළු හමුදා අතරින් කස්ටම්ස් සහ එටිකට්ස් (customs & etiquette) වැඩි පුරම තියෙන්නේ නේවි එකටලුනේ.. ඒකනේ ඔය රජවරුන්ගේ පුත්තු එහෙම නේවී එකටම දාන්නේ.. මං කියුවේ එංගලන්තේ.. එංගලන්තේ.. එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.. 

හැක්.. මොනවද කියන්න ගියේ මොනවද කියුවේ. ඕකනේ කියන්නේ මේ බ්ලොග් කාරයෝ කියන්නේ මහ පට්ට ඇරියස් එකක් තියෙන උන් කියලා.. ඉස්සර මට මතකයි මීඩියා ඩිප්ලෝමා එක කරන කාලේ අපේ කෝස් කෝඩිනේටර් මහැදුරු සුනන්ද මහේන්ද්‍රත් ඔය වගේ.. උදේට පටන් ගන්නවා අපි අද කතා කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම.. කියලා.. හවසට ඉවර වෙන්න කලින් ආපහු මතක් කරනවා  අපි අද කතා කරන්න හිතන් හිටියේ මාධ්‍ය ආචාර ධර්ම ගැන.. හොඳයි අපි ඒක ලබන සතියේදී වැඩිපුර කතා කරමු කියලා.. අවුරුද්දම ඔහොම තමයි.. හැබැයි වෙලාව යනවා තේරෙන්නේ නෑ තලන පඳුරු තැලිල්ලට.. වතාවක් උස්සන් ආවා ලියුමක් කොල්ලෙක් කෙල්ලෙකුට ලියපු පෙම් හසුනක්.. පණිවුඩයක පැහැදිලි බාවය ගැන කියල දෙන්නද කොහෙද.. මෙන්න මෙහෙමයි තියෙන්නේ..

"ප්‍රේම ගග මැණික් වග..
සිරිමා බෝ පිහටලා බෑවා.. 
ඔබ හර්නම් මමත් හර්.. 
මේවගට 
කකට කිශු පිබින 
පිකපුරු බන්ඩාර"... අපි හෙන ගේමක් දීලා ඕකේ වැඩි හරියක් තේරුවා.. එකක් හැර.. 

"ප්‍රේම ගඟේ.. මැණික් වාගේ.. (ජනප්‍රිය සින්දුවක කොටසක්..) 
සිරිමා බෝ පිහිට ලැබේවා. 
ඔබ හරි නම් මමත් හරි. 
මේ වගට 
'කකට කිශු පිඹින' 
පී. කපුරු බණ්ඩාර"... අර 'කකට කිශු පිඹින' කියනෙකනම් අදටත් හිතා ගන්න බෑ.. රායිට් නැවතත් කල්ලරාවට.. (රවී අයියා ස්ටයිල් එක කොපි කලෙමි.)

කල්ලරාව ගැන මගේ දෙවනි මතකය දුවන්නේ වසර දෙදාහට.. ඔන්න එතකොටනම් අපි බ්ලඩි සබ් ලෙෆ්ටිනන්ට්ස් ලා.. කිලර් ස්කොඩ්‍රන් එකේ පොරවල් හෙවත් 2IC ලා. කිලර් ස්කොඩ්‍රන් එක කියුවේ ඩෝරා ස්කොඩ්‍රන් එකට. රියල් නේවි නැත්නම් සාම්ප්‍රධායික නේවි නොවුනත් ලංකාවේ නේවි එකේ රියල් බැට්ල් ෆ්‍රන්ට් එක.. ඩෝරා ජීවිතේ ගැන කියන්න ගත්තොත් කල්ලරාවට යන්න තව අවුරුදු හත අටක් යන නිසා ඒක නොකියා ඉන්නම්. පස්සේ කියන්නම් කියල බොරු පොරොන්දු දෙන්න බෑනේ. 

දවසක් පණිවිඩයක් ආව නේවි එකෙන් හදපු පන්සලක් විවෘත කරන්න නේවි කමාන්ඩර් (ඒ දවස් වල දයා සඳගිරි) එනවා කියල කැමති ඔෆිසර්ස්ලටත් ලෑස්ති වෙන්න යන්න කියලා. මාත් ඉතින් සුදු යුනිෆෝම් එහෙම ඇඳගෙන රෙඩී උනා යන්න.. ඒසී බස් දෙක තුනක් ගියාට අපි ඉතින් මුලින්ම එන නිසා ඒ ඔක්කොම මිස් උනා බොහෝම අමාරුවෙන් අන්තිම මොහොතේ එස්කොට් එක යන බස් එහෙක එල්ලිලා ගියා.. ගියා තමයි.. මුලින්ම වැලි කාගෙන පාරක් වගේ එහෙක ගිහින් එන්ටර් උනා පට්ට කැලේකට.. ඔන්න එවලේ කොල්ලෙක් ගෙනත් දුන්නා හෙල්මට් එහෙකුයි බොඩි ආමර් එහෙකුයි සර් දා ගන්න කොටි ඇම්බුශ් තියෙන්න පුළුවන් කියලා.. අම්මගේ රෙද්ද තුම් මුනින් දාඩිය දාගෙන ඕක අටවන් යනවට වැඩිය වෙඩි කාල මැරෙන එක ලේසි නිසා මං හෙල්මට් එක සීට් එක යටට දාල බොඩි ආමර් එක බස් එකේ ජනේලට හේත්තු කරලා ඒකට ඇලවෙලා කපල ගැහුවා.. කපල ගහනවා කියන්නේ හොඳට නිදා ගන්න එකට.. එතකොට නිදි කිරා වැටෙන එකට කියන්නේ කුකුලා ගහනවා කියලා.. 

ඔන්න කොහොමින් කොහොම හරි පැය දෙහෙකට විතර පස්සේ කැලයක් මැද තියෙන පට්ට ප්ලේස් එහෙකට ඇවිත් ගොඩ බැස්සා.. බැලින්නම් තිරියාය ගිරිහඬු සෑය.. 

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ.. ඔහොම තමයි ඉස්සර අපේ සමාජ අධ්‍යයනය ටීචර් කියලා දුන්නේ.. ලංකාවට ගොඩ බැහැලා බුදු හාමුදුරුවොන්ගේ 'නිසැක' කේශ දාතු තැන්පත් කරල හදපු සෑය. කල්ලරාව ට පිටිපස්සෙන් මහ ගල් කන්දක් උඩ තියෙන පට්ටම ප්ලේස් එකක්. ඕක උඩට නැගපුවාම වටේම පේනව සුපිරියට. ඔය මර්චන්ට් බ්‍රදර්ස් ල ගොඩ බැස්ස තැන ගැන ස්ටෝරි දෙක තුනක්ම තියෙනවා. 

සමහරු කියනවා කල්ලරාවට පහලින් තියෙන පොඩුවකට්ටු වලට ගොඩ බැස්සලු. පොඩුවකට්ටු ගැනනම් පහුව කියනවාමයි.. 

සමහරු කියනවා කල්ලරාවට ඉහලින් යාන් ඔය වැටෙන තැනට ගොඩ බැස්සලු. අන්න අනිත් පොට් එක.. කොළඹ හෙන පොරවල් සෙට් එකක් ඉස්සර එනවා යුද්දෙ නතර වෙච්චි අලුත යාන් ඔය මං ඔය කියන පොට් එකට ඈන්ග්ලින් වලට.. ෆෝ වීලර්ස් වල ඇවිත් කෑම්ප් ගහගෙන දවස් ගනන් ඈන්ග්ලින්. මං තුමා තමයි සාදර අනුග්‍රහය ඒරියා ක්ලියරන්ස් වලට.. එකෙක් සුකී. කොළඹ සුකී'ස් වොක් එක ගැන ගොඩක් දෙනෙක් අහල ඇති.. රාජකීයන් නම් කොහොමත් දන්නව ඇති ඉස්කෝලෙ ඉස්සරහමනේ තිබ්බේ. ඌ හදනව සුකී'ස් ස්පෙශල් සෝස් එකක් දාල සීසන් කරපු චිකන් ෆ්‍රයි එකක්.. ෆහ්.. කිල් ෆකින් කර්නල් කැලේ.. ඌප්ස්.. ඒ ගැනත් එතනින් ඉවර කරමු. ආයි කියන්නේ නෑ. කියන්න හම්බුනොත් නිකන් බෝනස් එකක් වගේ තමයි. 

තව මතයක් තමයි යාන් ඔයට ඉහලින් තියන 'අරිසිමලේ' වැල්ලට ගොඩ බැස්සයි කියනේක.. අරිසිමලේ ගිය අය ඉන්නවද? අරිසි කියන්නේ හාල් වලටනේ දෙමළෙන්. මෙතන තියෙන්නේ නිකම්ම හාල් නොවෙයි ඔරිමජිනල් සම්බා.. පිස්සු හැදෙනවා එහෙම වැල්ලක්. ආයි ලොවෙත් හොයන්න බෑ.. දැන්නම් මං හිතන්නේ එතන වැලි ඇත්තෙම නැද්ද කොහෙද බලන්න ගිය වුන් පොට්ටනි ගහන් ඇවිත්ම..  

අප්පට සිරි පෝස්ට් එක දිග වැඩි වෙනවා නේද.. රායිට් කොහොම හරි කල්ලරාව ගැන දෙවෙනි මතකයට ආවනේ.. ඉතුරු කොටසකින් යලිත් හමුවෙමු.. ඇත්තටම කියන්න ආවේ යුද්ධයේ අන්තිම වකවානුව ගැන බොහෝම සංවේදී මතක ටිකක් හරියට අර පොඩි උන් දෙන්න ගැන වගේ. ඒත් මතක් වෙන වෙන එව්ව ඔන්නොහේ ලියුවා.. කැමති එකෙක් කියවලා බනින්නේවත් නැතැයි.. එහෙනම් යලි හමුවෙමු.

216 comments:

  1. ඊගාව ලිපියත් ඉක්මනට දාමු...

    ReplyDelete
    Replies
    1. බොහෝම හෘදයාංගම ඇනෝ ඉල්ලීමක්. අනිවාර්යෙන්ම ඉටු කරනවා ඇනෝ.

      Delete
  2. / මං ඇතුළු එතන හිටපු හැම එකාම අඩුම තරමින් රහසින් හරි ඇඬුවා.. අඩි හයමාරක් උස දැවැන්ත ශරීරයක් තිබ්බ ජූඩෝ ශූරයෙක් වෙච්චි මගේ දෙවනියා නම් හැමෝටම පේන්න ඉකි ගහ ගහ ඇඬුවා. */

    දරුවන් ඉන්න මනුස්සයන් දරුවන් දැක්කාම සංවේදී වෙනවා.
    දෙමව්පියන්ට ආදරේ මනුස්සයන් වැඩිහිටි අය දැක්කාම සංවේදී වෙනවා.

    ඒ ඇඬීම මසුස්සකරමයි. දුර්වලකමක් නොවේ!

    මනුස්සයින් ගේ ෆොටෝ දැක්කාම කැමරා කෝණය හොයන, වඳ කෙසෙක් මොටයි සිහිවෙන අමනුස්සයින්ට ඕවා තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. දැවැන්ත ශරීරයක් ඇතුලේ හිරවෙලා හිටපු පුංචි මිනිහෙක්.. පුදුමේ කියන්නේ මෑන් ඔය කියන කාලේ වෙනකොට කසාද බැඳල හිටියෙත් නෑ.

      //මනුස්සයින් ගේ ෆොටෝ දැක්කාම කැමරා කෝණය හොයන, වඳ කෙසෙක් මොටයි සිහිවෙන අමනුස්සයින්ට ඕවා තේරෙන්නේ නෑ.// ටූ තම්බ්ස් අප්!

      Delete
  3. ඔය මීඩියා කෝස් ගිය පළියට ලියන්න හැකිවෙන්නේ නෑ. මේ ලිවීම හරිම අපූරුයි. උදේ පාන්දර නව නළු රසයම ලැබුනා!

    ස්තුතියි, ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික. ඊයේ රෑ නිදි වරන් ලියපු එකට උදේම ලැබුණු සම්මානයක් වගේ.

      Delete
  4. උදේ පාන්දරම නේවි රස කතාව රස වින්දා.

    පහුගිය කාලෙ වරින්වර අපිට ඔය නේවි රස කතා අහන්න ලැබුනා අපේ මෙහෙ තානාපතිතුමා ඇතුළු දූත මණ්ඩලයෙන් වැඩි කොටසක් නාවික හමුදා නිළධාරීන් නිසා.

    ඒක නෙවෙයි මොකෝ අර ආච්චි අම්මගෙ කතා සීරිස් එකට උනේ?

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆයිල් පික් එකයි නමයි වෙනස් කරපු පාර අඳුන ගන්නත් බැරි උනා. ඔය කියන කොට චරිතෙත් හොඳ කතා කාරයෙක් තමයි.. ඒ වගේම එයාගේ කතාත් සමහරවිට මේකේ ලියවෙයි.
      අහ්! ආච්චිගේ කතා ටිකත් ලියන්න ඕනි නේ. වෙලාවට මතක් කරේ. මේ දවස් වල ආච්චි වැහිලා වගේ වැඩ.

      Delete
  5. හෙහ් රවි අය්ය ස්ටැයිල් එකම තමා කොහෙද යන්නෙ මල්ලෙ පොල් ඒත් කියවන්න එපා වෙන්නෙ නෑ හැබැයි කියවල ඉවර වුණාම මොකක්ද පටං ගත්තෙ කියලත් මතක නෑ...
    හෙහ් කියන්න දෙයක් නෑ මොකෝ අපි ඔහෙ හිටියෙ නෑ නෙව...
    ඊට වඩා වැඩ තිබ්බලු ඈ... නේවි එකේ ඉදලත් අර පැට්‍රොමන් සීන් එක නං ඇහුවෙ අදමයි ඈ... කව්රු කියල දෙනව කියලද අනික පැටාලගෙ හෙන ගැට්ට නෙ ඒ මදිවට දන්න බම්බුවකුත් නෑ ඒත් ලෝකෙට ලොක්කො

    ReplyDelete
    Replies
    1. //පැටාලගෙ හෙන ගැට්ට // උඹ එහෙනම් අනිවා ඉඳල තියෙන්නේ පැට්‍රෝල්මන් බේස් එහෙක. ඒවයේදි තමයි උන් හෙන පොරවල්.. හැබැයි අපිටනම් කතන්දර කියන්න එන්නේ නෑ.. ලොස් කරල දානවනේ.. හැක්. ඉස්සරහට ලියන නිසා වැඩි විස්තර ඕනේ නෑ..

      Delete
    2. //එකේ බ්‍රාන්ච් එකකුත් පටන් ගත්තා පැට්‍රෝල්මන් කියලා.. ඒ නේවි එකේ ගොඩබිම් මෙහෙයුම් සඳහා //

      ස ර ස ගේ තුට්ටු දෙකත් මෙතන ඔබන්න අවසර:

      1988 ඉස්කෝලේ හිටිය ලසිත ගුනරත්න කැප්ටන් කල රග්බි කන්ඩායම එම දසකයේම හිටි හොඳම කන්ඩායමයි.

      ලසිත ට අමතරව ප්ලේස් කිකර් ශාන්ත ප්‍රනාන්දු, තිලක් සිල්වා, තෝරදෙනිය වගේ කීපදෙනෙක් ඒ කලෙ රග්බි තරු! කැමරන් කියලා නස්වසීලන්ත සුද්දෙකුත් ඒ කන්ඩායමේ හිටියා...

      ඒ කාලේ නාවික ලොක්කෝ එනවනේ ඉස්කොලේට ඔපිසර පැටවු රෙකෲට් කොරන්න...

      අනේ අර අසරන රග්බි ටීම් එකට ලනු දීලා උන් ව නේවි එකේ අලුතින් ම පිහිටවපු පෙට්‍රොල්මන් බ්‍රන්ච් එකට බඳවාගත්ත වගේ මතකයි.

      ඕකට හිනාවෙන කස්ටිය කීවෙ අසරන කැමරන් කාරය බේරුනේ ඌ නවසීලන්තෙට පලා ගිය හින්දා කියලා...

      ටික කලකින් ම එකා දෙන්න පැට්‍රල්මන් බ්‍රන්ච් එකෙන් හැලිලා එලියට ආවත් කියලා කවුදො කියනවා මතකයි....

      Delete
    3. ඔබන්න.. ඔබන්න.. කොහෙ එබුවත් සරස ගේ තුට්ටු දෙක හෙනම වටිනවා.. ඔය කියන්නේ පැට්‍රොල්මන් දෙවැනි බැජ් එක ගැන.. සුපර් ස්පෝර්ට්ස්මන් ල තමයි ඔක්කොම හිටියේ.. විශේෂයෙන්ම රග්බි හා ක්‍රිකට්.. හේමන්ත පීරිස්, සම්පත් පීරිස්, හෙන්ස්ලි පීරිස්, රවී ඩි සොයිසා, ඉන්ද්‍රජිත්, පොන්නම්පෙරුම, කල්දේරා වගේ නම් එහෙමත් මතක ඇති එහෙනම්..

      කැමරන්ට බේරෙන්න වෙන්නෙත් නෑ ඔය කියන සිද්ධි රාජපක්ශ පුත්තුන්ගේ කාලෙදී එහෙම උනානම්..

      Delete
    4. //කැමරන්ට බේරෙන්න වෙන්නෙත් නෑ ඔය කියන සිද්ධි රාජපක්ශ පුත්තුන්ගේ කාලෙදී එහෙම උනානම්.. //

      සමාවෙන්න මෙහෙම කියනවට.... දේසපාලනේ පොඩ්ඩක් පැත්තකට දාන්න...

      නාමල් කැමරන් ව දන්නවා... නාමල් චූ කොල්ලා කාලෙත් ලොක්කා සමග අපේ මැචස් පවා බලන්න එනවා... ලොක්කත් ඒ කලෙ ඉඳන් ම රාජකීය මැච් නරඹනවා (මේ පාර බ්‍රැඩ්බි එකත් ලොහාන් සමග නරඹන පින්තූර දැක්කෙ නැතෙයි??)

      රන්ජිත් අතපත්තු ලොක්කා සමග ලොක්කා පාසල් රග්බි තරඟ නැරඹීමට පමිනීම ඒ කාලේ සාමාන්ය දසුනක්...

      කවුරු මොනවා කීවත් නාමල් සහ මල්ලිලා දෙදෙනාම තෝමියන් ෆස්ට් ෆිෆ්ටීන් ප්ලේ කලේ ටීම් එක කැප්ටන් කලේ තමන් ගේ දක්ශතාවය නිසා....

      Delete
    5. දේශපාලන අදහසකින් උනත් වැරැද්දකට නෙවෙයි අර කතාව කියුවේ. ඒ පුත්තුන්ගෙන් රග්බි ක්‍රීඩාවට වුණු හොඳක් උළුප්පන්නයි.. ඒ දවස්වල ආමි සහ විශේෂයෙන්ම නේවි රගර් වගේම ලංකාවෙම රගර් සෑහෙන්න දියුණු උනා. ඒ උන් තුන්දෙනාම උන්ගේ අප්පච්චි වගේම රග්බි ක්‍රීඩාවට ආදරේ නිසා. ඒකේ දෙකක් නෑ. අනෙක් හැම දෙයක්ම වගේ ඒකත් කරපු විදිය තමයි අවුල්. ඉතින් ඒක පැත්තකින් තියමුකෝ. තාත්තා ජනාධිපති නොවී නාමල් හා යෝශිත නේවි ටීම් එකට ගැහුවනම් හා මං ඒ ටීම් එක කෝච් කරානම් සමහරවිට ෆෝම් එක අනුව දෙන්නම හෝ එක්කෙනෙක් නේවි ෆස්ට් ෆිෆ්ටීන් ගහන්න තිබ්බා.. කැප්ටන් කරන්න තරම් ලොකූම නිපුණත්වයක්නම් මං දැකල නෑ. රෝහිත ගැන දන්නේ නෑ. හැබැයි මිනිහගේ ට්‍රැක් රෙකෝඩ් නම් එච්චර හොඳ නෑ. ප.ලි. මමත් 2003 දී නේවි රග්බි ටීම් එකට සිලෙක්ට් උනත් කොළඹ ඇපොයින්මන්ට් එකක් නැති උන නිසා ඒ අවස්ථාව මග හැරුණ. අපේ තාත්තත් ඒ කාලේ ජනාධිපති හරි අඩුම ගානේ ගොට්ට අල්ලන හරි එකෙක් උනානම් සමහරවිට..

      Delete
    6. මගේ දේශපාලන අදහස කෙසේ වෙතත් මමත් රග්බි ක්‍රීඩාවේ පිබිදීම ගැන නම් සතුටු වෙනවා. ගර්බි විතරක් නෙවෙයි යම් තරමකට ක්‍රීඩාවේ පිබිදීමක් දකින්නට ලැබුනා. ඒවගේ යටි අරමුණු මොනවා උනත් බාහිරින්වත් අනුග්‍රහයක් ලැබෙනවා දකින්නත් සතුටුයි. ඒ ගැන මමත් ඇත්තටම දරන්නේ ඔබේ මතය. එතනින් එහාට 'නමුත්' කියල කොටසක් තිබෙන බව මතකේ තිබ්බම ඇති. ( කොහොමත් ලංකාවේ උපරිම දානයක් සිද්ද කලත් 'නමුත්' කොටසක් ඉතුරු වෙනවා/කරනවා නේ... හි හි..)

      Delete
    7. තාවකාලිකව හෝ රග්බි වල හා පොදුවේ ක්‍රීඩාවේ සිදුවූ නැගීම... සමහරවිට ඉදිකිරීම් ක්ශේත්‍රයේ වුනා වගේ.. ගැන මමත් ඇත්තටම සතුටු වෙනවා.. නමුත්..
      //ලංකාවේ උපරිම දානයක් සිද්ද කලත් 'නමුත්' කොටසක් ඉතුරු වෙනවා/කරනවා නේ... හි හි..// හි හි හි හි හි හි...

      Delete
    8. දේශපාලනේ පැත්තකට දැම්මොත් නාමල් සහ යෝශිත හොඳට සෙල්ලම් කළා ඉස්කෝලෙ කාලෙ. රෝහිත නං උඩට ආවෙ අප්පුච්චගේ තොම්බුවට පින්සිද්ද වෙන්න කියලයි මගේ අදහස. උන් දෙන්නගෙ රග්බි උණ ඇඟේ තිබ්බ. උන් දෙන්නත් නරක් උනේ දේශපාලන හයිය නිසා වෙන්නැති.

      Delete
    9. නාමල් හා යෝශිත සෙල්ලම් කරනව වගේම උන් දෙන්නගේ රග්බි උණත් දැකල තියෙනවා.. රෝහිත ගැන මාත් දන්නේ නෑ.

      Delete
  6. ඉවර කරහං.. අපුරුයි පුතා.. හැබෑට උඹගේ සත්‍ය වයස මං හිතනවාට වඩා වැඩියි වගේ.. හැක්

    ReplyDelete
    Replies
    1. ඊට කලින් උඹේ වයස කියපිය

      Delete
    2. අප්‍රේල් 29 ට 44 යි. ඇයි දේශ විශ් කලේ නැද්ද?

      Delete
    3. //අපුරුයි පුතා..// හික්.. අපේ සීනියර් බැච් එකේ හිටියා උඹ වගේම චරිතයක්.. පාස් අවුට් වෙලා ගිය දවසේ ඉඳන් සේලර්ස් ල ඔක්කෝටම කතා කරේ 'පුතා' කියලා.. වතාවක් පට්ට වයසක මාස්ටර් චීෆ් කෙනෙක් මළ පැනල කිව්වලු 'සර් හොඳ වෙලාවට හම්බුනේ මට මේ අපේ අම්මට #$%$#@ එකා හොයා ගන්න නැතුව හිටියේ' කියලා.. අන්තිමට CO ත් කතා කරල ඌටම බැනල. ලොසේ ලොස් වෙලා හිටියා කාලයක් යනකම්. හ්ම්ම්.. වයස නේද? ඒවා රහස් පුතා!

      Delete
    4. @ Anonymous14 May 2015 at 09:06

      ඒක නේන්නම් බලපන්කෝ මචං..

      Delete
    5. @ කම්මලයා.. ඒයි උඹේ වයස නෙවෙයි බං මූ අහල තියෙන්නේ මගේ වයස ගැන.. හිකිස්..

      Delete
    6. කම්මලයා
      අප්‍රේල් 29 නෙමෙයි බං 1 වෙනිදා

      Delete
    7. කම්මලයා අප්‍රේල් පළවෙනිදද.. එහෙනම් මං ඌට වඩා වඩිමල්.. මං පෙබරවාරී 29 හැක්..

      Delete
  7. එකඟයි. ඇඩීම දුර්වලකමක් නොවේ. ඒ වගේම හමුදාවෙ තිබුන ඔය මනුස්සකම කොටින්ගෙ තිබුනෙ නෑ. මේ කතාවෙම කියන කල්ලරාව වගෙ ගම් වලට පැනල පොඩි ළමයි මැරුවෙ එකපාර වෙඩි තියල නොවෙයි. කපල කොටල. පොඩි ළමයි දෙකට ඉරල .ඔවුන් ඊට කලින්දා කාල තියෙන්නෙ වට්ටක්ක තම්බල. ත්‍රස්ත නායකයන්ගෙ ළමයින්ට වැගෙ සැප දෙපැත්තෙම ළමයින්ට තිබුනෙ නෑ.
    කොටින්ගෙ ම්ලේච්ඡත්වය සහ සෙබලුන්ගෙ මනුස්සකම ගැන කියවන හොද ලිපියක්.
    විශාල මන්නා ගත් කොටින්ගෙන් තම දරුවන් තිදෙනා බේරාගන්න වෙහෙස වුන මවක් ගැන කතාවක් අහල මට ඇඩුන. එක ළමයෙක් ඇද යට හංගල අනික ළමය වෙන තැනක හංඅග තිඋයෙන්නෙ කිරි දරුව කිහිලි ගන්නගෙන . ඉස්සරහ දොරෙන් ගෙට ආපු කොටිය කිරි දරුව දෙකට පලල තියනව. එතකොටම ජනේලෙන් ආපු කොටිය ඇදයට ළැමයව එලියට ගන්නව දැකල ඒ දිහාට යනකොට අනික ළමයවත් අහුවුනා.

    තව කතාවකදි කොටි ගෑනු වගයක් ගෙදරකට එනකොට ඒ ගෙදර හිටියෙ අම්මයි කිරි දරුවයි .කොටි ගෑනු තේ ඉල්ලල තියනව. ගෙදර තේ නොතිබූ නිසා කඩේට ගියෙ දරුව ගෙදර දාල. තේ කොල අරන් එනකොට ගෙදර දොරවල් ඇරල දාල. අර ළැමයව කපල වළදක තිබුනලු.

    මේ ළමයි හැමෝගෙම තාත්තල කුලී වැඩ කරපු අය . ප්‍රභාකරන් වගෙ ම්ලේච්ඡයන් නොවෙයි. ඒ නිසා බාලචන්ද්‍රන් වෙනුවෙන් හඩන කදුළු මේ අය වෙනුවෙනුත් හලන්න පුළුවන් නම් අපේ මනුස්සකම නිර්ව්‍යාජයි

    ReplyDelete
    Replies
    1. වැරැද්ද මොකා කළත් වැරැද්දමයි.. කොටි බොහෝමයක්ම අමුම අමු ම්ලේච්ඡයෝ.. ඒක ගැන වාදයක් නෑ.. ඒ උන්ව පුරුදු කරල තිබුණු විදිය.. සාම්ප්‍රධායික හමුදාවක නිසා පමණක් නොවෙයි හිතක් පපුවක් තියෙන මිනිහෙක් විදියට මටනම් එහෙම කරන්න බෑ. මේ සාමාන්‍ය දෙමළ මිනිස්සු ඒ විතරක් නොවෙයි ආයුධ අත ඇරල බාර වෙන්න ආපු එහෙම නැත්නම් යුද්ධෙන් තුවාල වෙලා අසරණ වෙලා වැටිල හිටපු ත්‍රස්ථවාදියෙක් එක්කවත් මගේනම් විශේෂ වෛරයක් තිබ්බේ නෑ.. කියන්න ගියොත් කතා ගොඩයි.. ඉදිරි පෝස්ට් එහෙකින්ම කියන්නම්කෝ.

      Delete
    2. @ ම.ම
      //ඒ වගේම හමුදාවෙ තිබුන ඔය මනුස්සකම කොටින්ගෙ තිබුනෙ නෑ.//

      හමුදාවක් කියන්නේ යම් විනයක්,පිළිගත් ආචාර ධර්ම ඇතුව කටයුතු කරන කොට්ඨාශයක්.ත්‍රස්‌තවාදීන්ට එහෙම විනයක්,හැදියාවක් නැහැ.එකනේ උන් ත්‍රස්තවාදීන් කියන්නේ.පිළිගත් හමුදාවකට ත්‍රස්තවාදී කටයුතු කරන විදියට වැඩ කරන්න බැහැ.බාලචන්ද්‍රන් ඝතනයත් අනෙක් අහිංසක දරුවන් ඝතනයත් දෙකක් නෙමේ එකක්.

      Delete
    3. බාලචන්ද්‍රන් ව මැරුවමද කියන්න මම දන්නේ නෑ.. කවුරු හරි එහෙම කරානම් ඌ පට්ට ලොස් එකෙක්.. මටනම් ගේම තිබ්බේ තුවක්කු අතින් ගත් එවුන් එක්ක මිසක් එහෙම නැති අහිංසකයෝ එක්කවත් පොඩි උන් එක්කවත් නෙවෙයි..
      දෙමළ නොවන ගෑනු පොඩි එවුන් අහිංසකයෝ මරන්න අණ දීපු ප්‍රභාකරනුත් ඒ වගේම ලොස් එකෙක්.. ඒකේ හෝදන්න දෙයක් නෑ.

      Delete
    4. //මේ ළමයි හැමෝගෙම තාත්තල කුලී වැඩ කරපු අය . ප්‍රභාකරන් වගෙ ම්ලේච්ඡයන් නොවෙයි. ඒ නිසා බාලචන්ද්‍රන් වෙනුවෙන් හඩන කදුළු මේ අය වෙනුවෙනුත් හලන්න පුළුවන් නම් අපේ මනුස්සකම නිර්ව්‍යාජයි//
      ++++++++++++++++++

      අපේ හුඟක් කට්ටියට දැන් වෙලා තියෙන්නේ හමුදාවල හිටියේ ම්ලේච්ඡයෝ කොටින්ගේ හිටියේ බෝධිසත්වයෝ වගේ හීනමානයක් ඇතිවීම නේ..මං හිතන්නේ යුද්ධේ ගැන අත්දැකීමක් තියෙන කමියටවත් අඩුගානේ ඒ ගැන අහද්දි කලකිරීමක් ඇතිවෙනවා ඇති. නැත්නම් කමියත් දේශපාලනය ප්‍රධාන කරගෙන ඒවා අමතක කරල සැනසෙනවද දන්නෙ නෑ.උඹෙන්ම අහන්න වෙනවා ඒක..:)
      උඹේ ලිවිල්ල ගැනත් මෙතනම කොටන්නම්.ආයෙ පහළට යන්න කම්මැලි බං..

      මම හිතන්නේ උඹ මේක නිර්දේශපාලනිකව ලිව්වොත් ඒකේ උඹට ඕන වටිනාකම මතුවෙනවා කියලයි.මොකද කියනවා නම් උඹ මේක සද්භාවයෙන් ලිව්වා වෙන්න පුළුවන්.නමුත් මම දකින සමහරු ඉන්නවා, (ඇත්තටම උන්ට සමහරක් කියන්නද පිංගුත්තරයෝ කියන්නද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා) ඒ වගේ උඹලම කියන පොඩි දෙයක් අහුවෙච්ච ගමන් උඹලම කෙරුව මෙහෙය බල්ලගෙනුත් පහළට දාන.සමහරු හිතන් ඉන්නවා ඒක රැඩිකල් වීම, උඩුගං බලා යාම කියලා..ඒ ගැන ප්‍රසිද්ධියේ පිළිගත්තත් නැතත් උඹලා දන්නවා කියලත් හිතනවා..

      Delete
    5. සැක් උඹ වගේ කම්මැලි එකියක්.. මෙච්චර වටින කොමෙන්ටුවක් මේ මුල්ලක එබුවනේ.. මටත් දේශපාලනයක් තියෙනවා.. ඒත් ඒ දේශපාලනෙයි මේ මතකයි පටලවගෙන නා ගන්න මට පිස්සු නෑ බං..

      අනික..
      අවුරුදු ගානක් එකට ට්‍රේනින් වෙලා ඇඟේ මයිල් ගහක් ගහක් ගානේ අඳුනන.. අසනීපයක් හැදිල වැටිල ඉන්නකොට අම්ම තාත්ත වගේ බේත් හේත් කෑම ටික ලඟට දීල, කිළුටු ජොකා පවා අරන් ගිහින් හෝදල දාල සපත්තු දෙක පවා පොලිශ් කරල දීපු.. හීතල කෑලේක රෑ එළිවෙනකම් පිටට පිට තියන් හේත්තුවෙලා වැලිමිටවල්වලින් කතා කරපු.. ඇම්බුශ් එහෙක ඉන්න ගමන් උඹට මදුරුවෝ කනකොට ඉන්න බෑනේ මෙන්න මේකෙන් ටිකක් කන් දෙපැත්තෙ ගා ගනින් කියල සිද්ධාලේප කුප්පියක් දික් කරපු.. එකට අඩිය ගහල වැඩි උනාම කර තියාගෙන ගිහින් මහ රෑම බාත් රූම් එකකට දාල නාවල ෂෝර්ට් එකක් අන්දල ඇඳක නිදිකරල උගේ වෙරි බහිනකම් වමනේ දාපුවා අස් කරපු.. කසාද බඳින්න ඔක්කොම ලෑස්ති කරල ඉද්දිත් නිවාඩු යන්නැතුව යුද්දෙට ගිහින් ඩෝරා එකට වෙඩි වැදිල නතර උනාම කොල්ලො ටික මුහුදට පන්නල තනියම වෙපන් එකක් අරං මරණයට අභියෝග කරල අන්තිම හුස්ම වැටෙනකං සුවිසයිඩ් බෝට්ටු වලට වෙඩි තියල 'කඩුව දරපු අත' මිට මොළවගෙන සිංහ සෙයියාවෙන් මූදු පතුලේ හැංගිච්ච මගේම බැචා එක්ක මට මොන දේශපාලනේද බං.. වෙන මොකුත් ලියා ගන්න බෑ.. සමාවෙයන්..

      Delete
    6. අනික කියන කොටසින් පස්සේ මගේ හුස්ම හිරවුනා... එතන පිටු 500ක කතාවක් නේද දෙය්යනේ!

      Delete
    7. සතුටුයි උඹ ඔහොම හිතලා ලියන එක ගැන.මොකද සමහර කරුමෙට උපන් එවුන් (ගෑණු/පිරිමි/ඒ අතර උන්) හිතන් ඉන්නේ උඹලා අනිවාරතේ මරාගෙන මරාගෙන ගිහින් දැන් යුද්ධයක් නැතිවුණ නිසා මිනීමැරීමේ පිපාසාවෙන් පෙලෙන හරියට අර එන්ජිඕ කටු සූප්පු කරන උන් හදන චිත්‍රපටිවල වගේ කාලකණ්ණි ටිකක් කියලා..උඹලට නායකත්වය දුන් උනුත් ඔව්වා දැක දැක කටවල් පියන් ඉන්න එක කණගාටුවට කාරණයක්..ඒ මොනාවුණත් මොළයක් හදවතක් තියෙන ශ්‍රී ලාංකිකයන්ට උඹලා කරපු සේවය කවදාවත් අමතක වෙන එකක් නැහැ.පිංගුත්තරයොයි, නපුංසකයොයි, ඩොලර් කාක්කොයි, අවජාතකයොයි කොච්චර ණයට කැස්සත්.
      ජය වේවා!

      ප.ලි:
      ඊලඟ කොටස ඉක්මණින් ලියාවි කියලා බලන් ඉන්නවා.ඒ වගේම උඹේ බැචා ගැන අත්දැකීම හරිම සංවේදී.:(

      Delete
    8. @ උපේක්ෂා //එතන පිටු 500ක කතාවක් නේද දෙය්යනේ!// හ්ම්ම්... යටත් පිරිසෙයින්..

      @ තනි තරුව.. බැචාල එකෙක් විතරයි ඔය.. තව දෙන්නෙක්.. සමහරවිට බැචාලටත් වඩා ලඟින් උන්නු එකම බෝට්ටුවේ නිළධාරීන් හා කොල්ලෝ.. මැවි මැවී පේනවා..

      Delete
  8. කල්‍යාණ,

    ඔබ බ්ලොග් ලෝකයට පැමිණීම බ්ලොග් කියවන්නන්ට විශාල සතුටක්. මොකද මම ලියන්නේ යුද හමුදාවේ කතා විතරයිනේ. දැන් නාවික හමුදා සාමාජිකයකුත් එකතුවෙලා. ඒ නිසා විශාල අඩුවක් පිරිමැහිලා තියනවා.

    සෑහෙන්න ආවේගයකින් එක හුස්මට ලියලා ඉවර කරපු පෝස්ට් එකක් බව පෙනෙනවා. මටත් සමහර වෙලාවට ලිපි ලිව්වට පස්සේ තමයි තේරෙන්නේ 'හමුදා වචන සහ යෙදුම්' සාමාන්‍ය සමාජයට තේරෙන්නේ නැහැ නේද කියන එක. ඒ නිසා මම නැවත පැහැදිළි කිරීම් කරනවා. ඔබත් මේ ලිපියේ නිලධාරි නිවස්නය සහ අධිකාරි නොලත් නිලධාරීන් ගැන එහෙම විස්තර කිරීම වැදගත්.

    අර පොඩි එකී ඉන්න පින්තූරයට යටින් දැම්මනම් හොඳයි AOR = Area Of Responsibility කියලා.

    මේ ලිපියේ තිබෙන සමහර කොටස් ඇසුරෙන් තවත් ලිපි කීපයක් ලියන්නට අමුද්‍රව්‍ය තිබෙනවා. ඒ ගැන සිතාබලන්න. වැදගත් කරුණු යන්තමින් සඳහන් වෙලා තියෙන්නේ.

    යුද හමුදාවේ සෙබළු ප්‍රමාණය මදි නිසයි, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය තීරණය කලේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන්ගේ, පාබල සටන් හැකියාව වර්ධනය කරලා, ඔවුන්ගෙන් සැලකියයුතු පිරිසක්, පාබල භූමිකාවේ - Infantry Role යොදවන්න. ඇත්තටම ඔවුන් ඉතා විශිෂ්ඨ ලෙස ඒ කාර්යය ඉටුකලා. හැබැයි ඒ පුහුණුව නාවික/ගුවන් හමුදාවල අදත් නොකඩවා නොකරන්නේ නම් විශාල පාඩුවක්.

    සෙබළුන් තම පෙම්වතියන්ට ලියන ලිපි ගැන රසකතා බොහොමයක් තියනවා. එක කොල්ලෙක් ලිව්වලු, 'මම මේ ලිපිය ලියන්නේ ටක ටක රූට රූට' කියලා. ඒ කියනේ 'ටික ටික රෑට රෑට' කියන එකයි. පුළුකුනාව පැත්තේ සේවය කළ තව එකෙක් ලිපියේ සෑම වාක්‍යකටම පස්සේ ලියනවලු 'ඔන්න ඔහොමයි රංජනී පුලුකුනාවේ තත්වේ' කියලා. ඒ කතාව හමුදාව පුරාම පැතිරිලා තිබුණා. දකුණු පළාතේ කොල්ලෝ දෙන්නෙක් කතාවෙනවලු බංකරේ ඉන්න ගමන් 'මක්කැයි උඹලෑ මෝ කියාලා ලියාලා එවාලා තියෙන්නේ' කියලා. අනිකා උත්තර දෙනවලු, 'අපේ නංගිගේ පුකමල පීදිලාය, වතුර වක්කොරන්ට තියනවාය, කියාලා ලියාලා එවාලා තියනවාය' කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරකතුමා දීර්ඝ කොමෙන්ටුවට.. අර අන්තිමට කියුව භාශා හසුරුවන විදියේ වෙනස්කම් නම් බලන්න හොඳම තැනක් තමයි අළුතෙන් ගත්ත රෙකෘට් බැච් එකක්. කාලයක් යනකොටනම් බොහෝ දුරට ඒ වෙනස්කම් අඩු වෙනවා. හැබැයි වැදිච්ච කාඩ් නම් ඉතින් දිගටම තියෙනවා.
      අර AoR එකනම් මං ඔන්නොහේ කම්මැලිකමටමයි දැම්මේ කවුරුහරි ඇහුවොත් විතරක් කියල දෙනව කියල හිතං.. ඔව්වොව්.. බොහෝම ලාවට තමයි ගොඩක් දේවල් ටච් කරේ ඔබ තුමා වගේ ඉන් ඩීටේල් නම් ගියේ නෑ.. අරමුණ උනේ අන්තිම දවස් ටිකේ මතකයන් ආවර්ජනය කිරීම විතරක් කියල හිතපු නිසා.. හැබැයි බොහෝ කරුණු නොකියත් බෑ අර කියුව වගේ කියවන උන් හමුදාවල වැඩ කරල නෑනේ. :)

      Delete
  9. මේ වගේ අත්දැකිම් කියවන්න කැමැති..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ටී මේසෙදි කියන්න තරම් දෙයක් නම් නෑ නේ බං.. එළද බ්‍රා.

      Delete
    2. පලයන්ඩ ටි ටෙබල් එකේ කියලා හිනාවෙන්ඩ උඔ ප්‍රේඩි සිල්වා නෙමෙයි... උඔ මට විරයෙක්,
      මම විචාගේ වගේම උඔගේ මේ ලිපි කියවන්නත් කැමති. මචං මේ අපි නොදන්න දේවල් ඒවා උඔලා කියනකොට අපි අහගෙන ඉන්නෙ බොක්කෙන්

      Delete
    3. //පලයන්ඩ ටි ටෙබල් එකේ කියලා හිනාවෙන්ඩ උඔ ප්‍රේඩි සිල්වා නෙමෙයි...උඔ මට විරයෙක්, // හැක්.. ඒ කියන්නේ ගාමිණි ෆොන්සේකා, විජේ කුමාරතුංග නැත්තං ශෂී විජේන්ද්‍ර වගේ.. එළ එළ.. ජීවිතය වේදිකාවකි. අපි සැවොම එහි රඟන නළුවෝ වෙමු.

      Delete
    4. සමාවෙන්න මෙහෙම කියනවට... හැබෑටම ශෂී විජේන්ද්‍ර කාගේද බොලේ වීරයා? අපහාසෙට කිව්වා නෙවෙයි.. මම මේ ඇහුවමයි... ඌ දැක්කම මට 'පව් දෙය්යනේ' කියල කියවෙනවා

      Delete
    5. //හැබෑටම ශෂී විජේන්ද්‍ර කාගේද බොලේ වීරයා? //
      +++++++++++++++++++++++++++++++
      හුකැස් ...මතත් ඕකම හිතුනා .මේකයි අර ලාල් වීරසිංහයි නේද එකට රඟපෑවේ .....
      https://www.youtube.com/watch?v=uFX7IyU4z3U

      Delete
    6. @ උපේක්ෂා & සින්දු ඇනෝ.. ඇයි බංස්ලා ඌ රඟපෑවෙත් වීරයාට නේද? ඔබට දිවුරා කියන්නම්.. හැක්.. පට්ට ඩාන්ස් එකක් නෙ තියෙන්නේ ඒ සින්දුවේ ශෂී ගේ..

      Delete
    7. සසී විජේන්ද්‍ර දැන් ස්වාමි ජී කෙනෙක්. අබ්බූත බල එහෙම තියනවලු ගජරාමෙට. උස්ම නොගෙන සිටීම, එර්දියෙන් වැඩම කිරීම ඇතුලු තව නොයෙක් ක්‍රියාකාරකම්....

      Delete
    8. රවි අයියෙ... යමුකො පොරව බලන්න.. අනේ.. යංකො..

      Delete
    9. //උස්ම නොගෙන සිටීම, එර්දියෙන් වැඩම කිරීම ඇතුලු තව නොයෙක් ක්‍රියාකාරකම්.// ඒ කාලේ ෆිල්ම් වල රඟපාල පුරුදු වෙලා වෙන්නැති..

      ලබ්බෝ.. ඔව් පලයන්.. උඹේ ලබ්බේ ඇට ගාන හරියටම කියන්න පුලුවන් ලු (දෙකයි කියලා) උන්නාන්සේට දිවැසින්.. හැක්.

      Delete
  10. ඉතුරැ ටිකත් ලියපා...න්

    ReplyDelete
    Replies
    1. ඔහ්.. කඩවුණු පොරොන්දුවක් නොවේවායි මාත් ප්‍රාර්ථනා කරනවා

      Delete
  11. මෙව්වා දිග වැඩි වුණාට අවුලක් නැහැ කමියා...... මේ ඉතිහාසය අායම අායම මතක් කරන ඒකත් වැදගත්...... නියමෙට ලියලත් තියෙනවා කමියා....... සුපිරියි....

    ReplyDelete
    Replies
    1. දිග වැඩි වෙන්නේ ඔටෝ.. බ්‍රේක් කරන්න මාර ට්‍රයි එකක් දෙන්නෝනේ.. රහයි නම් අවුලක් නෑ.. පහලින් ඇනෝ කෙනෙක්නම් බැනල තියෙනවා දිග වැඩියි කියලා.. හැක්.

      Delete
  12. අර අක්කරයක් විතර තියන ඡේද කඩන්නකො දෙකට තුනට. කාන්තාරෙකට ගිහින් අතරමං වුනා වගෙ වෙනවනෙ.. :)
    පස්සෙ ආයි ඇවිත් කියවන්නම ඕන. දැන් වෙලාව මදි.

    ReplyDelete
    Replies
    1. හුම් හුම්.. සමහර ඡේද දිග වැඩියි තමයි.. මං කියන්නම්.. නිදහසේ කියවලා ඔයාම කියන්නකෝ කඩන්න ඕනි තැන්. මට හිතා ගන්න බෑ..

      Delete
    2. "ඔයාම කියන්නකෝ කඩන්න ඕනි තැන්" මල මගුලයි, කාල වරෙන්කො.. :D

      මං හිතන්නෙ පොතක් කියවනව වගෙ නෙවෙයි කොම්පුටර් එක දිහා බලාගෙන කියවන කොට ඇහැට තරමක් වෙහෙසකරයි. හදිස්සියෙන් හරි අහක බැලුවොත් කියවපු තැන හොයා ගන්න හරිම අමාරුයි. ඇහි පිල්ලමක් ගැහුවත් ඉඳපු තැන මිසින්... ඉතිං පේලි කීපයක් වෙන්න කැඩුව නම් අර අන්තිම චේදෙ වගෙ, හරිම පහසුයි.

      කොහොම නමුත් කියෙව්ව ඕං.

      "ඕකට ඇනෝ කෙනෙකුත් දොස් කියල තිබුනා.." හප්පොච්චියේ... දොසක් කිව්වා නෙවෙයි.. නිකං මට දැනුනු දේ ටයිප් කරල දැම්මා ඉතරයි. ඔහොම්මම තිබුනත් වර්ඩ් ඩොක් එකකට කොපි කරගෙන හරි කියවනව නම් තමයි ටිකක් හිතට වැදුනොත්. ඔය ඔක්කොම අංග සම්පූර්ණ කරගෙන ලියන්න අමාරු බව මට තේරෙනවා. :) :)

      Delete
    3. හලි හලි ඔන්න මං හදිසියට දෙකට දෙකට කැඩුවා.. තව ටිකක් බලල තව කෙටි කරන්නම්. වචන ටිකට අප්‍රමාණ සංතෝශයි.

      Delete
  13. මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි... අනේ බාලචන්ද්‍රනුත් උඹලටම අහු උනා නම්...

    ReplyDelete
    Replies
    1. බාලචන්ද්‍රන් ගේ තාත්තටත් වැඩිය නේවි එකේ පරම හතුරා වුණු සුසෙයි ගේ පවුලයි ළමයිනුයි අරගත්තෙ ඔය මං කියපු පොඩුවකට්ටු වලින් තමයි.. හොයලා බලපන්කෝ උන් අද ඉන්න තත්වේ.. එක්කෝ ඕන නෑ.. ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්.

      Delete
    2. ඇත්තටම එහෙම වුණා නම්.... ආයෙමත් කඳුළු...

      ඒ කතාවත් ලියන්න...

      Delete
    3. ඇත්තටම එහෙම උනා.. චැනල් 9 එකේ Sri Lanka Killing Fields වීඩියෝ එකට ආරක්ශක අමාත්‍යාංශෙන් කරපු රිප්ලයි වීඩියෝ එකක් තියෙනවා Youtube වල බලන්න Lies Agreed Upon කියලා.. මං තුමාත් ඒකේ චරිතයක් මවනවා ඔය සිද්දියට අදාලව.. වැඩි විස්තර පසුවට..

      Delete
    4. හම්මේ මේක හොයාගන්න තිබ්බ අමාරුව... https://www.youtube.com/watch?v=z5O1JAfRXew අපේ කමී පොඩි එකෙක් වඩාගෙන යන ක්ලිප් එක. උඹල දෙවිවරු බං.. මේකෙ 47.20 අපේ කතානායකයා ඉන්නවා...

      Delete
    5. අඩේ එතන කමි ටිකක් මහතයි නෙ.

      Delete
    6. සජ්ජ ඒ පොඩි එකාගේ අම්ම ඒ කියන්නේ සුසෙයි ගේ මල්ලිගේ නෝනා බාගෙට පිච්චිලා හිටියේ එනකොට.. අම්මව අපේ කෙල්ලො දෙන්නෙක් උස්සන් ගියා.. පොඩි එකා දැක්කම ආස හිතුන නිසා මං වඩා ගත්තා.. ඊට පස්සෙත් සෑහෙන්න වෙලාවක් මගේ අතේ හිටියා..

      ඔව් මනා.. ඒ ටිකේ කල්ලරාවේ මාළු කාල පට්ට මහත් වෙලා හිටියේ.. හැක්.

      Delete
    7. යකෝ ඒ ඉන්නෙ උඹද? හෙහ්..මම දන්නෙ නෑනෙ බං උඹ නලුවෙක්ය කියල මේ වීඩියෝ එකේ 12.30 බලපං. ..ඒ ඉන්නෙ නෑ කියන්ට එපා..උඹ නේද?...හෙහ්,හෙහ්,

      Delete
    8. ඇයි යකෝ නළුවෙක් වෙන්න මගේ මොනවද අඩු? බිසෝ කුමාරිහාමිගේ කළුවා.. ඔව් ඒ මං තමයි.. නාට්ටියට රඟපාන්න පොඩ්ඩක් ඉතර කෙට්ටු වෙන්න උනා.. හැක්.

      Delete
  14. මහබැංකු බෝම්බෙ පිපිරුණු දවසේ ඉස්කෝලේ පොඩිම පන්තියක පොඩි කෙල්ලෙක් වෙලා , අනිත් උන් උන්ගේ දෙමවුපියෝ හරි සහෝදර සහෝදරියෝ මහබැංකුවේ වැඩකරන හින්ද අඬනකොට මම කිසිම හේතුවක් නැතුව කෑගහල ඇඩුවා. ගුරුවරු හිනා උනා මට, ඒත් අදටත් මට එහෙම කුලියට ඇඩෙනවා යුද්දේ ගැන පොඩිම පොඩි කතාවක් කිව්වත්. මේ ටික හොදටම ඇති මට මාසයක් සුසුම්ලන්නත් , ඉඳල හිටලා හොරෙන් අඩන්නත්.

    සංවිධානේ උන් අතින් සිංහල මිනිහා මැරුණු හැටි අහන්නත් බැහැ. ඒ තරම් ම්ලේච්චයි. අපේ හමුදා එහෙම කරන්න නැතුව ඇති කියලා මට හිතෙනවා. ඒත් කොතනත් ජාති දෙකෙන් ඉන්නවනේ. මැරුණු අයට පන දෙන්න බැහැ , තවත් ඒ යුගයක් නැති වෙන්න කටයුතු කරනවා ඇරෙන්න. ඒත් තාම එහෙම වටපිටාවක් මට නම් පේන්න නැහැ. ඒ ගැන පුදුම කණගාටුවක් දැනෙන්නේ.

    පෝස්ටුව නම් වටිනවා. සංවේදී කොටස් ගැන නම් කියාගන්න දෙයක් නැහැ. තව ලියමු..

    ReplyDelete
    Replies
    1. 1996 ජනවාරි 31 //බෝම්බෙ පිපිරුණු දවසේ ඉස්කෝලේ පොඩිම පන්තියක පොඩි කෙල්ලෙක් වෙලා// හනේ අම්මේ පොඩි පුතේ..
      එතකොට නුවර කුමාරී ඉස්කෝලේ ගියේ කොළඹද? නැත්නම් නුවර ඉඳන්ම ඇඬුවද?
      මහ බැංකු බෝම්බෙං මගෙත් බාප්ප කෙනෙක් නැති උනා ආමි ඉඳල රිටයර් වෙලා සෙන්ට්‍රල් බෑන්ක් සික්‍යුරිටි ජොයින් උනා විතරයි. ඒ බාප්පාගේ පවුලේ සහෝදරයෝ දහයයි සහෝදරියෝ තුනයි.. ඔක්කොම හයේ හතරේ සයිස්. වැඩි දෙනෙක් ෆෝසස් වල හිටියේ.. මහ බැංකු බෝම්බෙයි දෙහිවල ට්‍රේන් එකේ බෝම්බෙයි තමයි මං නේවි යන්න ආසන්නයේම වෙච්චි බරපතල සිදුවීම්. ඔය සිදුවීම් එක්ක හිරෙන් පැනල යන එකෙක් වගේ අමාරුවෙන් පැනල ගිහින් තමයි ඒ බෝට්ටුවේ එල්ලුනේ.

      මාසයක් ඇඬෙව්වට සොරි හොඳේ.. දැන්ම ස්ථීරෙට විසඳුමක් හොයාගත්තේ නැත්නම් අපි ඔක්කෝටම ආයිම අඩන්න වෙන එකනම් ශුවර්.

      Delete
    2. ඒ කුලියට ඇඩුවේ නුවර ඉඳන්. පස්සේ කොළඹට ආවත් වෙනසක් උනේ නෑ.
      විසඳුම තියෙන්නේ අපේ අතේ. කනගාටුවට කාරණේ මිනිස්සු ඒක වෙන කෙනෙක්ට බාරදීලා , ඌ රජෙක් කරලා, ඌට වන්දනා කරන්න හිතාගෙන ඉන්නෙක. මෙහෙව් රටක??? ඔය සහජීවනය කියන්නේ අමුතු කෙරුවාවක් නෙවෙයි. අපි අතරේම තිබ්බ දෙයක්. දැන් අමුතුවෙන් කියල දෙන්න වෙලා.

      ඇඩිල්ල ගැන මක් කරන්නද? මම පොඩ්ඩ ඇත්තම් චොර වෙනවා.

      Delete
    3. //ඌ රජෙක් කරලා, ඌට වන්දනා කරන්න හිතාගෙන ඉන්නෙක. මෙහෙව් රටක??? // මේකෙ හොරෙන් හොරෙන් දේශපාලනේ කතා කරනව කියල සමහරු මට නොසෑහෙන්න දොස් කියනවනෙ. ඒක නිසා ඕකට උත්තර දෙන්නේ නෑ. මං මේ පෝස්ට් එක දාල උඹේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නද මංදා.. එහෙනම් ආපහු ලඟ ලඟම දෙතුන් පාරක් අඩන්න වෙයි..

      Delete
    4. මම කිව්වේ දේශපාලන කතාවක් නෙවෙයි. එහෙමනම් අපිට තේ එකක රසවත් කම ගැනවත් කතාකරන්න බැහැ එතන දේශපාලනේ තියෙනවා කියල. එහෙම නෙවෙයි, මම කිව්වේ දේශපාලන කතාවක් නෙවෙයි. මම කිව්වේ රටේ පුරවැසියන් විදියට අපේ කාර්යභාරය ගැන. රටක පාලකයෝ තෝරනවට අමතරව උන්ට තව ගොඩක් වැඩ තියෙනවා. දැන් ඉන්න ලාංකිකයෝ හිතන්නේ පාලකයෝ නිසයි මෙහෙම උනේ, උන් තමයි හැමදේකටම විසඳුම දෙන්න ඕනේ කියල. මම එයාලට කියන්නේ 'පල් මෝඩයෝ' කියල.

      මගේ ඇඩුමෙන් කාරියක් නැහැ. අත්දැකීම් ලියන්න. අදහස් ලියන්න. අමුවෙන් හරි උයලා හරි ඒක කරන්න. මේවා සටහන් වෙන එකෙන් එකෙක්ගේ හරි වෛරී හදවතක් පාඩමක් ඉගෙන ගත්තොත් ඒ ඇති. අපිට තාම හැලිය රත්වෙලා කියල තේරෙන්නේ නැහැ. ඒකයි වැඩේ..

      Delete
    5. //එහෙමනම් අපිට තේ එකක රසවත් කම ගැනවත් කතාකරන්න බැහැ එතන දේශපාලනේ තියෙනවා කියල// ඇත්තටම එහෙම එකක් තමයි වෙලා තියෙන්නේ.

      හැලිය රත් වෙනකොට ශක්තිය හීන වෙලා පැනගන්න බැරි වෙනවලු නේද ගෙම්බන්ට?

      Delete
  15. ම්... නේවි... ඒකනෙ මේ තරම් අත්දැකීම්... අර වගේ අත්දැකීම් කොයිතරම්ද? මට හිතාගන්න බැරි තවමත් මිනිස්සු වෛරයම වපුරන්න උත්සාහ කරන්නෙ ඇයි කියන එක.... මේ තරම් විනාශයක්, වේදනාවක් හිමිවුණාටත් පස්සේ.. අර අත්දැකීම දෙවෙනිවරට බැලුව වුණත් ආයෙම කඳුළු පිරුණා..

    අනේ කළ්‍යාණ මිත්‍ර මගෙ අම්මේ ඔයත් රවී වගේම තමයි.... යන්නෙ කොහෙද මල්ලෙ පොල් යායක් වගේ කතන්දරනෙ ලියන්නෙ...

    ReplyDelete
    Replies
    1. //මට හිතාගන්න බැරි තවමත් මිනිස්සු වෛරයම වපුරන්න උත්සාහ කරන්නෙ ඇයි කියන එක// මිනිස්සුන්ගේ ලේ කඳුළු දාඩිය හා හැඟීම් තව සමහරුන්ගේ ආදායම් මාර්ග.. ඒකයි ඒ..

      //ඔයත් රවී වගේම තමයි.... යන්නෙ කොහෙද මල්ලෙ පොල් යායක් වගේ කතන්දරනෙ ලියන්නෙ// හැහ්.. ලියන්න අදහස් දීල එනව මෙතන දොස් කියන්න..

      Delete
  16. කල්ලරාව මුල් මතකය ඕක තමයි මගෙත්....

    ReplyDelete
    Replies
    1. අපේ පරම්පරාවල ගොඩක් උන්ගේ මුල්ම මතක ගොඩාක්ම විනාශකාරී අත්දැකීම්..

      Delete
  17. උඹත් දැන් රවිගෙ මල්ලි වගේ,හොඳා හොඳා.
    උඩින් ඔක්කොමල අඬා වැලපිලා, හොටු පෙරලා, දුක්වෙලා, ප්‍රශංසා කරල,වනල ආදී කරන්න තියෙන ඔක්කොම ටික කරල තියෙන නිසා මම එව්ව කරන්න යන එකේ තේරුමක් නෑනෙ.
    ඡේද දිග වැඩියි.බහුතරයක් පාරිභාෂික වචන පෝසස් වල උන්ට මිසක සාමාන්‍ය අපට තේරෙන්නෙ නෑ.අනවශ්‍ය මහප්‍රාණ යෙදීමේ රෝගය උඹටත් තදින්ම තියෙන නිසා කියවද්දි ටිකක් අපුල දැනෙනවා.
    අනික් උන් වගේ හැම එකම හොඳයි කිව්වෙ නැති නිසා ඕන්නං බැනපන්.

    ReplyDelete
    Replies
    1. මහප්‍රාණ ගැන වැඩිය දෙයක් නොකීවට, අනික් ටික නම් සහතික ඇත්ත. යකෝ මූ හිතන් ඉන්නෙ අපිත් පැන්ෂන් ගිය හමුදා නිලදාරියො කියලද ? බයවෙන්ඩ එපා හැලප අයියෙ දැන් බුවා ගාව තියෙන්නෙ පතරොම් නැති ඇන්ටික් තුවක්කු ( වක් )

      Delete
    2. //උඹත් දැන් රවිගෙ මල්ලි වගේ,හොඳා හොඳා.//

      හෙහේ ,
      ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට.:D

      Delete
    3. අනිත් උන්ට කලින් මේකට උත්තර ලියල ඉන්න ඕනි. නැත්තන් හිතයි බයට කියල හැක්.
      //බහුතරයක් පාරිභාෂික වචන පෝසස් වල උන්ට මිසක සාමාන්‍ය අපට තේරෙන්නෙ නෑ// හැලපයියට කියන්න ඔය සමහර Naval terms තියෙනව අදටත් අපිටත් තේරෙන්නේ නැති.. වතාවක් කොළඹගේ මහත්තයා පොතක් ලියුවා ඔය වචනවල තේරුම දාලා.. අදටත් ඒකෙන් තමයි ගොඩ යන්නේ.. ටිකක් දන්න සීනියර් උන් ඒ කාලේ පට්ට වැඩ දානවා පොඩි උන්ට.. තේරුම හොයන්න වටේ යන්න ඕනි. විශේෂයෙන්ම අලුතෙන් ඇපොයින්මන්ට් එකක් එහෙම ගන්න ගිහින් CO ට රිපෝට් කරාම පොඩි රැග් එහෙකට වගේ ඔයින් දෙක තුනක් අතාරිනවා.. නොදැන හිටියොත් අමු වහක් තමයි ඉතින්. කොහොමද දෙයියනේ ඉතින් ඔය ඔක්කොම පැහැදිලි කරන්නේ එකින් එක..
      //අනවශ්‍ය මහප්‍රාණ යෙදීමේ රෝගය උඹටත් තදින්ම තියෙන නිසා කියවද්දි ටිකක් අපුල දැනෙනවා.// ඔය ලේඩේනම් අම්මාපල්ල තියෙනව මට එකෙන්ම.. මං කරන්නේ වඩා වැඩි හොඳට කියලා සැක තැන් ඔක්කෝටම මහප්‍රාණ දාන එක.. හැක්. භාශා විශාරදයෙක් බැලුවම ඉතින් අපුල තමයි.
      //ඡේද දිග වැඩියි// ඕකට ඇනෝ කෙනෙකුත් දොස් කියල තිබුනා.. ආයිම නිවීහැනහිල්ලේ කියවලා දෙකට තුනට කඩන්න ඕනේ..
      //හොඳයි කිව්වෙ නැති නිසා ඕන්නං බැනපන්// ආයි මොකටද සෙකන්ඩ් වෙන්නේ ඕං බැන්න එහෙනම්. :p

      Delete
    4. @ කම්මල..
      හැලපයාට බැනල ඉවර වෙනකොට උඹත් ආවද අලගු තියන්න.. හොඳයි දැන් කියපන්කෝ ඕකේ නොතේරෙන වචන පැහැදිලි කරල දෙන්න.. එහෙම නැත්නම් එකක්වත් තේරෙන්නේ නැද්ද? අනෙ අම්මේ මගේ රෑ නින්ද.. අපරාදේ.

      Delete
    5. @ මනෝජ්.. හැක්. ඒවා හැලප ඉට්ටැයිල්.. නැත්නම් 'අද විශේෂ' හැලප.. වැඩේ කියන්නේ කොච්චර කෑවත් රහ අඩු නෑනේ.

      Delete
    6. @KM
      ඇයි නේවල් ටර්ම්ස් ලියන හා ශබ්දකරන විදිහ? Forecastle = Fo'c's'le =ෆෝක්ස්ල්
      සීනියර් සර්විස් එකනෙ නේද?

      Delete
    7. ප්‍රා. ඔය තියෙන්නේ ගින්දර වගේ.. ඇයි එතකොට තේරුම වෙනස් වෙන විදිය.. Dinner කියන්නේ දවල් කෑම.. Heads කියන්නේ ටොයිලට් වලට.. හැක්. ඇත්තටම අපි Island nation එකක් විදියට senior force එක වෙන්නෝනේ නේවි එක.. ඒ වගේම first line of defence. ඒත් ලංකාවේ නම් සීනියර් ආමි එක.

      Delete
    8. මම ඕවා මූට කිව්වා.. කොහෙද මුන්න් අණ දුන්න උන් මිසක්ක, අණක් පිළිපැද්ද උන් නෙමෙයිනේ...

      Delete
    9. එහෙම හිටපු (හිතපුද මංදා) එකෙන් දැන් ඇන ගන්නවා.. ණන ළල වැරදිද මංදා.. මහප්‍රාණ දාන්න බයයි හැලපෙ ඉන්න නිසා.. හැක්.

      Delete
    10. කළා කළා...

      //මං කරන්නේ වඩා වැඩි හොඳට කියලා සැක තැන් ඔක්කෝටම මහප්‍රාණ දාන එක// යන්ඩ මෙතෙන්ට. http://subasa.ambitiouslemon.com/spellerweb.py
      සියත්ව නිවැරදි කරන්න කියන එකට ටික් එකක් දාල පිරික්සන්න. එතකොට උඩින් එයි නිවැරදි වෙලා. ඒ ටික කොපි කරගෙන (ctrl+c) ඔය කොහෙට හරි පේස්‍ට් කරල එතනින් ආපහු බ්ලොග් එකට කොපි කරන්න. මට පෙනුණු විදිහට හැම වචනයක්ම නිවැරදිව එන්නෙ නෑ. නමුත් බොහෝ දුරට ගොඩ දා ගන්න හැකි.

      මීට

      භාෂා වමාරන *කළා :D

      Delete
    11. කලා කලා වැඩේ කලා.. පුළුවන් තරම මකලා නිවැරදි කලා.. ස්තූතියි ඇනෝ තරු කළා! :p

      Delete
  18. ඔව්,බං අර ඇනෝයි,හැලපයියයි කියා තියෙනවා වගේ මේකේ ජේද ටිකක් කඩලා දැම්මා නම් හොඳයි.
    අනෙක් විස්තරෙත් ලියහන්කෝ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඔන්න හදිසියට දෙකට දෙකට කැඩුවා.. හිටහන් හොඳට කියෝලා ආයිම කඩන්න.. මේක මාර කේස් එකක්නේ. නොලිය හිටියත් බැනුම් ලියුවත් බැනුම්.. හැක්.

      Delete
  19. මුල්ම කොටස චිත්‍රපටියක් වගේ. කඳුලු උනනවා නිරායාසයෙන්.

    අර ලියුමෙ සීන් එකත් පට්ට. බොරු වීරයෝ ගැන කියවනවට වඩා කල්‍යාණලා වගේ පොලොවෙ පයගහපු වීරයෝ ගැන කියවනකොට හිතට පුදුම හැඟීමක් දැනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මනෝශ් වැඩ අස්සේ ඇවිත් මේ හෑලි කියවනව කියන එකම පට්ට සතුටක්.. වීරකමක් ගැන හිතල නෙවෙයි.. ඒත් සමහර දේවල් පට්ට මිසින්.. ඒකයි ලියන්නේ හිතට එන හැටියට

      Delete
  20. වැලිකන්ද, ත්‍රිකෝණමඩු පැත්තෙ සුදු උස හරක් වර්ගයක් ඉන්නවනේද? දැන් ආමි ෆාම් එක තියන හරියට එනකම් විතර ඉන්නව මගෙ හිතේ. ඒ ගැන මොනවත් දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඒ කින්නියා හරක් ප්‍රා.අපි පොඩි කාලෙ තාත්ත ගාවත් එකෙක් හිටියා.ලස්සනට තියාගන්න හොඳයි.උස නිසා කරත්තෙ බඳින්න බෑ.ඔය හරක් දකුණු ඉන්දියාවෙ කරත්ත ඇදගෙන යන්න බහුලව පාවිච්චි වෙනවා.

      Delete
    2. ප්‍රා.. වැලිකන්ද ත්‍රිකෝණමඩු ඒරියා එකේ ගොඩබිම වැඩිය කරක් ගහල නැති උනාට ඔය හරක් කතාවනම් දන්නවා.. දැක්කම බය හිතෙනවා ඒත් පට්ට ලස්සනයි.. උන්ට කියන්නේ කිලාරී හරක් කියල.. දකුණු ඉන්දියාවෙන් තමයි මෙහෙට බෝ වෙන්න ඇත්තේ.. පූනානි වලදි නිදහසේ ඉන්න ලොකු රංචු දැක්කා වතාවක්.

      Delete
    3. හැලප අයියා උන්ව කරත්තවල බඳින්නම විශේෂයෙන් හැඩ ගස්සපු බෝමු ලී තියෙනව මං දැකල තියෙනවා..

      Delete
    4. බොමු ලී නෙවෙයි බං, බෝං ලී.

      Delete
    5. අඩේ එහෙමද? කවද කාපු ටකරංද? අපි ඕකට කිව්වේ බෝමු ලී නැත්තං බෝඹු ලී කියල

      Delete
    6. බෝඹු ලී කියන්නෙ වෙනම ගස් ජාතියක්. දත් මදින්න ගන්නවා බෝඹු කෝටු . බෝඹු ලී අරගන්නවා කුළුගෙඩි මිටවල් ගහන්න. "බෝං ලීයෙ අරිනවා" කියල ව්‍යවහාරේ කියන්නෙ මුල් තැන දීල වැඩේ ගන්නවට. මුදුනා කරනවා කියන්නෙ. අන්න ඒක. මුරුංග ඇත්තේ තියනවා කියන එකටත් ටිකක් විතර ආසන්නයි..

      Delete
    7. කරත්ත වැඩ.. ගොයම් පෑගිලි වගේම හරක් ඇති කිරිල්ලත් මට ආධුනිකයි බං.. භාවිතයට වඩා ඇහැට දැකපු කණට ඇහිච්චි දේවලින් උකහා ගත්ත ටිකක් විතරයි.. උඹටනම් මේ ගැන පළමෝත අත්දැකීම් තියෙනවා වගේ. ගමේ මහ විද්‍යාලෙට ගිය මං කොළඹ රෝයලිස්ට් කෙනෙක්ගෙන් මේ ගැන අහගන්නව කියුවම නිකං නයා නයා වගේද මංදා..

      Delete
    8. රෝයලිස්ට් කතාව අල්ලල දාහං .. අපි නොදන්න දේවල් දන්න එවුං කොච්චර ඉන්නවද. නාසා එකේ රොකට් සයන්ස් කරන එකාටත් ගමේ අමුඩේ ගහගත්ත ගැමියගෙනුත් ගන්න දේවල් තියනවා...

      Delete
  21. Carl Muller ගේ Jam Fruit Tree, Yakada Yaka, Once upon a tender time සහ Spit and polishකියවලා තියෙනවාද.... ?? නැත්නම් හොයාගෙන කියවන්න

    නේවි ජීවිතේ ගැන එතුමාත් ලියා තියේ..

    ReplyDelete
    Replies
    1. Carl Muller- once a Navy communicator; turned to an award winning journalist :) මෙතුමා ගැන අහල තිබුනට ඔය පොත් එකක්වත් කියවන්න වෙලා නෑ.. දැන්නම් කියවන්න ලොකු උනන්දුවක් ඇති උනා. ස්තූතියි ඔත්තුවට

      Delete
    2. "Colombo" by Carl Muller

      Delete
    3. Yet to see.. but it says a historical fiction 'Colombo- A Novel' with two others of same category 'Children of the Lion' & 'City of the Lion' by Muller. My small library would be bigger soon. Thanks for all the hints!

      Delete
    4. කාල් මලර් නුවර. දවසක් විජිත යාපා එකේ නෝටිස් එකක් ගහල තිබ්බ මලර් එයාගෙ පොත් 3000 වගෙ තියන පුස්තකාලෙ එහෙම පිටින්ම විකුණනව කියල. එක පොත දෙක වුනත් ගන්න පුලුවන්ය කියල තිබ්බ. ඒකෙ තිබ්බ විස්තරේ කියවල මට පිස්සු හැදුන. " Some very interesting books on Mysticism, Occult, Science Fiction, Ancient History & Aliens would be sold en masse or on piecemeal basis. "

      ඒ දවස් රැකියා විරහිත කාලෙකුත් වෙලා තියෙද්දි පොතේ තිබ්බ පන්දාහක්ද කොහෙද අරගෙන ගියා කාල්ගෙ ගෙදර. අපි ඒ කාලෙ හිටියෙ හීරැස්සගල ඇනෙක්ස් එහෙක. කාල් හිටියෙත් ඒ කිට්ටුව පයින් යන දුර. මගෙ වෙලාවට කාල් ගෙදර හිටියෙ නෑ. පුතා මට පුස්තකාලෙ පෙන්නුව. ඒත් තාත්ත එනකල් ඉන්න වෙයි කිව්ව පොත් ගන්න එයා ගණං හිලව් දන්නෙ නෑ කියල.මම පැයක් වගෙ හිටිය පොත් අතපත ගගා. ඒත් කාල් ගොයිය ආවෙ නෑ. මොබයිල් එකක් තිබ්බෙත් නෑ මනුස්සයට කෝල් එකක් දෙන්න. පස්සෙ හෙට එන්නං කියල මම ගෙදර ගියා. ඊට පස්සෙ ආයම යන්ට බැරිවුනා. පොත් ගැනිල්ල ඉතිං එහෙම්මමමයි.

      Delete
    5. වයසට යන බොහෝ ශ්‍රී ලාංකිකයින්ට අත්වෙන ඉරණමෙන් කාල් ටත් බේරෙන්න බැරි වෙලා වගේ.. මොනව උනත් අපරාදේ ඒ පොත් ටික ගැනිල්ල මිස් වෙච්චි එකනම්..

      Delete
    6. මම ඔය පොත් සෙට් එකම කියවලා තියෙනවා. කියන්න වචන නෑ. උපරිමයි.

      Delete
  22. දිගටම ලියන්න මේ කතාව. ගොඩාක් සංවේදියි.

    හැබැයි ඕනාවට වඩා පඳුරු තලනවට මං ආස නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ.. ඔය වටේ පිටේ කතා ටික අඩු කරල තව කොටහක් දෙකක් ලියන්නම්කෝ.

      Delete
    2. විකාර. උඹ තලහන් ඇති තරං පඳුරු... අපි කියෝනව... පිස්සු නං කෙලින්න එපා.... කොට කරන්න ලෑස්ති වෙන්නත් එපා...

      Delete
    3. ෂොර්ට් ඇන්ඩ් ස්වීට් බස්සී දිගට ලියනවට කැමති නෑ බං.. මං මේ කල්පනා කරන්නේ කොහොමද ඉල්ලුමට සැපයුම දෙන්නේ කියලා

      Delete
  23. අප්පච්චිලගෙ AOR මැප් වල වැඩිහරියක් අයිතිකරගන්න දෝණිඇන්දල තමයි. මෙතන ෆොටෝවෙත් ඒක හොදට ලියවිලා තියනව.
    // කිලර් ස්කොඩ්‍රන් එක කියුවේ ඩෝරා ස්කොඩ්‍රන් එකට. // මේවට ඉස්සරහින් තව පොඩි ගන් බෝට් ගියා නේද ? ඒකට කිවුවෙ මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. නෑ බං ඒක වැරදි යෙදුමක්. ගන් බෝට් Gun boat කියන්නේ සාපේක්ශව ඩෝරා වලට වඩා ලොකු 'නැවක්'. ගන් බෝට් වල හොඳ ෆයර් පවර් එකක් තුබුනට ස්පීඩ් එක මදි ඒ නිසා යුද්දෙට නෙවෙයි එස්කෝර්ට් ඩියුටි සහ රෙකී ඩියුටි වලට පැට්‍රොල් ක්‍රාෆ්ට් එකක් විදියට තමයි යූස් කලේ. උඹ ඔය කියන්නේ කරන්නාගොඩගේ RABS වලට දීපු ඇරෝ (arrow) සහ ජැවලින් (javelin) වර්ගයේ පුංචි බෝට්ටු වෙන්නෝනෙ. වෙලාවක පෝස්ට් එකක් දාන්නම් මේ විස්තර කියලා.. මෙහෙම කෙටියෙන් කියන්න අමාරුයි.

      Delete
    2. ලියනවා කියුවට RABS ලියුවේ නැහැ නේ

      Delete
    3. RABS කියන්නේ නේවි එකේ දේශපාලනය.. :p මේ සංවේදී කතා අස්සේ දේශපාලන හින්ට් ගහනවට ගොඩක් දෙනෙක් කැමති නෑනේ.. වෙනම ලියන්නම්

      Delete
  24. වටේ යනව කිව්වට උඹ මේ ලියන විදිය මරු. කල්ලරාවෙ යනවා ආයෙ සුකීස් වොක් එනවා ආයි කොළඹ කොහේ හරි මීඩියා කෝස් එකකට එනවා ඒක තමයි වෙන්න ඕනේ. එතකොටයි රහ. ආයෙත් ඉක්මනින්ම වටේ අරං පලයං මාව. ආසයි වටෙන් කියවන්න

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ.. 'වටේ ගිය උන්' තමයි දන්නේ ඒකේ රහ.. එළ එළ..

      Delete
  25. නියමයි කමියෝ ...මෙහෙම ඒවා දිගටම ලියපන් .එක දිගට කියවගෙන යන්න පුළුවන් .අර ගන්දස්කාර දේසපාලන ලිපි නිසා බොලොග් එපා වෙලා ඉන්නේ ....ජයවේවා මචෝ ..

    ආමි නේවි එයාෆෝස්
    ඊ.පී.ඩී.පී. එල්.ටී.ටී.ඊ. //
    මව්බිම නැත්නං මරණය කිව්වත්
    පෙලෝ ටෙලෝ සහ කරුණා අම්මාන්
    අම්මේ මේ කිසිවෙකු හට බෑ
    ජීවිත දෙන්නට වෛරෙන් නොමරා ඔබ වාගේ
    අම්මේ මේ කිසිවෙකු හට බෑ
    පණක් රකින්නට ඔබ වාගේ

    එස්.එල්.එෆ්.පී. යූ.එන්.පී.
    එල්.එස්.එස්.පී. එන්.එස්.එස්.පී. //
    ජේ.එච්.යූ. සහ ජේ.වී.පී.
    ඒ ටු ඉසෙඩ් ඒ බී ???
    අම්මේ මේ කිසිවකු හට නෑ
    උඹ වාගේ මා ගැන සැළසුම් මගෙ ජීවිතයට
    අම්මේ මේ කිසිවකු හට බෑ නෑ නෑ නෑ
    වැටහෙන්නේ දුක අවංකවම

    ඩබ්ලිව්.එච්.ඕ. යූ.එන්.සීඩා
    නෝවෙත් දෙන්නේ පිටරට පීඩා //
    සී.එන්.එන්. සහ බී.බී.සී.
    ස්කයි එයාර් ඇන්ඩ් එම්.ටී.වී.
    වයි එෆ්.එම්. ඇන්ඩ් ශ්‍රී එෆ්.එම්.
    අයි එෆ්.එම්. රජ එෆ්.එම්.
    සිරස ෂා ඇන්ඩ් ද ගී හිරු එෆ්.එම්.
    ලක්හඬ එස්.එල්.බී.සී. අයි සී
    අම්මේ මේ කිසිවෙකු හට බෑ
    මා නලවන්නට උඹ වාගේ
    අවංකවම


    ගායනය, සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි
    උපුටා ගත්තේ "ගී පැදුරෙන්" )

    ReplyDelete
    Replies
    1. අම්මට සිලි.. රොක් අජියගේ නේද? 'පොල්කටු හැන්දෙන් වලං හූරනව' වගේ වොයිස් එකෙන් බෑඟිරි ගානකොට පට්ට ඇති.. ත්‍රී ෆෝසස් වලටම හරියන හඬ.. ගින්දර මචං

      Delete
    2. බලපන් සින්දුගේ හැකියාව
      එල ද බ්‍රා මචං

      Delete
    3. දැට් ඊස් වන් ඇන්ඩ් ඔන්ලි සින්දුවා 4U.. ඒ හැකියාවනම් පට්ට.. එළද බ්‍රා

      Delete
    4. පෙරුම් පිරුවේ මං -අජියගේ සිංදුව අහනකොට දැන් මතක් වෙන්නෙ කමියව..

      Delete
    5. මටනම් අජිය කියනකොට මතක්වෙන්නේ අටමගෙ ගෙදර උන්දෑ පොල්කටු හැන්දෙන් වළං හූරන හැටි.. හැක්..

      Delete
  26. උදේ පෝස්ට් එක ගැන කිව්වට කියවන්න උනේ නැහැ එක එක වැඩ නිසා. පශ්තාත්භාගය ගිනි ගත්ත වගේ ගතියක් මේ දවස්වල දැනෙනවා කරන්න තියෙන වැඩ ගොඩ නිසා. වැඩ කිව්වේ මගේ පෞද්ගලික වැඩ, හරිය.

    පෝස්ට් එකේ මුල හරිය හැමෝම කිව්වා වගේ ගොඩක් සංවේදියි. ඉතිරියත් ඉඩ පාඩු තියෙන විදිහට ලියමු.

    ///අපේ ඔෆීස් එකේ (දැන් ඉන්න) මට පෙන්නන්නම බැරි වැඩේ තමයි මේ බාගෙට දන්න එවුන් පැන පැන දේශපාලනේ කතා කරන එක. අහගෙන ඉද්දි හරියට පොඩි එකාගේ ලියුම කියවනවා වගේ. ඒ ඔක්කොටම හපන් ලන්ච් රූම් එකේ කච කචේ. ///

    හෙහ් හෙහ්... රටේ ජනතාවගේ නියම ප්‍රතිබිම්භයක් මේ වගේ සයිට් වල තියෙනවා කියල මම හිතෙනවා.
    උන්ටත් ජන්ද අයිතිය තියෙන නිසා දන්න ටිකෙන් හිතල ජන්දේ දෙනවා වගේම, දන්න ටිකෙන් කතා කිරීමේ අයිතියත් අපි පිළිගත යුතුයි නේද.
    කතා නොකරම බැරි බේගල් ඇහෙන්න ගත්තොත් මිසක් මමත් ඔය දේවලට කට අරිනවා අඩුයි. මම ගොඩක් දේවල් අහගෙන ඔළුවට දාගන්නවා, හිතෙන් කිරලා මැනලා බලනවා.

    දැන් දැන් ක.මි. ගේ බ්ලොග් එකෙත් ඉඳල හිටලා මැක්කෝ පේන්න ඉන්නවා... හෙහ්

    ReplyDelete
    Replies
    1. //රටේ ජනතාවගේ නියම ප්‍රතිබිම්භයක් මේ වගේ සයිට් වල තියෙනවා කියල මම හිතෙනවා// හුටා එහෙනම් ඊලඟ චන්දෙන් අනිවා මරා දිනනවා.. හැක්.

      //දන්න ටිකෙන් හිතල ජන්දේ දෙනවා වගේම, දන්න ටිකෙන් කතා කිරීමේ අයිතියත් අපි පිළිගත යුතුයි නේද// ඒකනේ දෙයියෝ මේ කට පියාගෙන අහගෙන ඉන්නේ..

      //ක.මි. ගේ බ්ලොග් එකෙත් ඉඳල හිටලා මැක්කෝ පේන්න ඉන්නවා// මොකාගෙන් ගැලවුනත් ඔය දේශපාලන මැක්කගෙන් බේරිලා බණක් භාවනාවක්වත් කරන්න අමාරුයි අද කාලේ..

      පස්ස ගිනි අරන් ඉන්න ගමන් හරි ගොඩවෙලා ගිය එක සතුටක් ලොකුමලේ..

      Delete
    2. Uda sindu ano ge comment eka balanna...
      Oya makkâ hariyata kiri kalêta watena goma bindu wagê...
      Rasaya maranawâ...

      Delete
    3. හ්ම්ම්..හ්ම්ම්.. කතාවනම් ඇත්ත තමයි ඉතින්.. බලමුකෝ ඉස්සරහට..

      Delete
  27. දිග උනාට රහයි, සංවේදී කතාවක්... ඊළඟ එකත් ලියමු ඉක්මන්ටම.

    ReplyDelete
    Replies
    1. හොඳයි දිගයි! හැක්.. ස්තූතියි ගන අඳුරේ සුදු මල්ලිට..

      Delete
  28. සුපිරි ලිපිය මිත්‍රයා...! දැනෙන්න ලියලා තියෙනවා... ඇත්තටම කොටි කියන්නෙ අමුම අමු ම්ලේඡයො ටිකක් (රෝන් ටර්න් ‍ෆිල්ම් එකෙත් ඉන්නවා ඔයිට නොදෙවෙනි උන් ටිකක්) කිසිම දෙයක් නොදන්න කිරි සප්පයො පවා මරා දාන්න තරම් හයියක් මුන්ට ආවෙ උන්ට ලැබුණු පුහුණුව නිසා වෙන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. Wrong turn.. පට්ට.. දැන් 6ත් අවුට් වෙලා නේද? 6 බලන්න බැරි උනා.. ඒ වගේ මිනීමස් වැද්දෝ තමයි මුනුත්. ටෙක් සයුරෙනුත් සයුරේ ටෙක් එකට ගොඩ උනා එහෙනම්.. එළ එළ..

      Delete
  29. kiyewwa agey ithiri kotasath ikamana liyannooo

    ReplyDelete
    Replies
    1. නගාට සිංහලත් අමතක වෙලාද මංදා.. හැක්.. ලියන්නම් ලියන්නම් ඉක්මණින් ටැන්කූ වේවා..

      Delete
  30. දිග වැඩි උනාට කමක් නෑ කමියො ලියහන්.අපි කොහොම කොහොම හරි කියවන්නම්.මට මේක කියවන්න උනේ හතර පාරකට.දැන් ආයෙ කියවලා සෙට් කරගත්තා.
    පෝස්ට් එක අස්සෙ හොඳ කනේ පාරවල් දෙක තුනක් තියෙනවා අදාල අයට හොඳට රිදෙන්න.
    යුද්ධය කියන්නෙ ගඳ ගහන දෙයක්.මොකා ගෑවුනත් එකයි.ගඳයි.ඒත් සම හරක් අනුන්ගෙ ගූ සුවඳයි අපේ ඒවා විතරක් ගඳයි කියන එකට හොඳ උත්තරයක්.
    මචෝ... මෝස් සංඤා ක්‍රමය ගැන හිංගලෙන් ලියහන්කො... මම හෙන ආස සීන් එකක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඩි ඩි ඩි.. ඩා ඩා ඩා.. ඩි ඩි ඩි.. ඩි ඩි ඩි.. ඩා ඩා ඩා.. ඩි ඩි ඩි.. /// මේ සද්දෙ මතකද කොහෙදි හරි? ටයිටැනික් ෆිල්ම් එකේ නැව ගිලෙද්දි.. ඩි ඩි ඩි.. නැත්නම් ෂෝර්ට් ස්ට්‍රයික් තුනක් කියන්නේ S අකුර. ඩා ඩා ඩා නැත්නම් ලොන්ග් ස්ට්‍රයික් තුනක් කියන්නේ O අකුර, ඒ කියන්නේ මෙතන කියන්නේ SOS.. SOS.. එහෙම නැත්නම් Save Our Soul කියල.. Save Our Soul නැත්නම් May Day May Day කියල දිගටම ට්‍රාන්ස්මිට් කරනවනම් ඒ කියන්නේ අදාල පුද්ගලයා ඉන් ඩිස්ට්‍රස්.. ඇහුන කෙනෙක් ඉදිරිපත් වෙනවා ජීවිත් බේරගන්න.. ඒකයි මුහුදේ රීතිය. ෆොනටික් ඇල්ෆබෙට් එක හා මෝස් කෝඩ් එක ඇතුලු අනෙකුත් නාවික සංඥා ක්‍රම ගැන දවසක ලියන්නම්. දැනගන්න කැමති උන් ඉන්නව කියනෙකම ලොකු දෙයක්.

      Delete
    2. අපි කැමතියි

      Delete
    3. 1,2,3.. දැනටම පාඨකයෝ තුන් දෙනයි.. සබ්ජෙක්ට් එක උගන්නද්දි සාමාන්‍යෙන් ක්ලාස් එහෙක ඇහැරිලා ඉන්නෙත් මාත් ඇතුළුව දෙතුන් දෙනෙක් තමයි.. මේක හොඳ උත්තේජනයක් ලියන්න.. ස්තූතියි ලබ්බා, මකලා, සෙන්නා..

      Delete
    4. අඩේ මෝස් සංඤා sos ඇහුනාම ඒක එන ලොකේෂන් දැනගන්නේ කොහොමද?

      Delete
    5. 4, 5, 6.. අඩේ ඔය ඉන්නේ පාඨකයෝ..

      Anonymous15 May 2015 at 17:00
      ඇනෝ.. උඹත් මං වගේම ටීචර් ලට ඇනයක් වෙච්චි එකෙක්ද කොහෙද? ඒක දිග කතාවක්.. හිටපං වෙලාවක් හොයං ලියන්නම්..

      Delete
    6. (ටිකක් ඉවසන්) හිටපන්.. :)

      Delete
  31. පඳුරු තලලා තිබුනත් මේ ශෛලීය රහයි ....
    ඉතිරියත් ඉක්මනට ලියන්න. විචාරක තුමාගේ අදහසටත් එකඟයි.

    // ඔබ බ්ලොග් ලෝකයට පැමිණීම බ්ලොග් කියවන්නන්ට විශාල සතුටක්. දැන් නාවික හමුදා සාමාජිකයකුත් එකතුවෙලා. ඒ නිසා විශාල අඩුවක් පිරිමැහිලා තියනවා. //

    ReplyDelete
    Replies
    1. සඳරූ.. සඳරූ.. දැන් කවදද සඳරු ආයිත් පඳුරු තලන්න ගන්නේ හිස් අහසේ. අපි මේ බලන් ඉන්නේ ඒ දවස එනකම්.. කම්මැලිකම ඇති.. ආපහු ලියමු.. ස්තූතියි අගේ කිරීමට නම්..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මේ හිස් අහසේ සන්දරු නෙමේ නේද ?

      Delete
    4. ඔව්වොව්.. මේ ඒ සඳරු ගෙ තමයි අහස හිස්ම වෙලා තියෙන්නේ.. ඒකනේ මේ අපිත් අප්සෙට් එකේ.

      Delete
    5. නැ බන් මේ හිස් අහසේ සඳරු නෙවෙයි ....හිස් අහසේ එකා ට කොළඹ ඉඳලා ලියන්න බැහැලු .අදහස් එන්නේ නැතිලු .....

      Delete
    6. https://www.blogger.com/profile/02443105551422568890

      http://www.blogger.com/profile/07862631016071942986

      Delete
    7. සින්දු සහ නිකං ඇනෝ.. හිස් අහස හා සඳරු කියල ප්‍රොෆයිල් දෙකක් තියෙනව නේද? හුටා.. මං හිතං හිටියේ මේ එකාම කියලනේ.. බලමු. මං ඔරිජිනල් සඳරු (හිස් අහස ) කවුද කියල හොයල කියන්නම්..

      Delete
  32. මේකේ රචනා විලාශයක් කරුණු කාරනාවල සාරවත් බවත් ඉහළයි . මුලින්ම කියවනකොට හිතුනේ දිග වැඩිදෝ පඳුරු තැලුවා වැඩිදෝ කියල . ඒත් පස්සේ හිතුනා මේ විදිහත් හොඳා කියල. ඇත්තටම යුද්දේ අවසාන කාලේ ගැන ගොඩක් හැඟීම්බරව කිව්වනම් දරා ගන්න අපහසු වේවි. මුල මැද අග කොටස් වෙන වෙනම ගත්තත් වැදගත් කොටස් තියෙනවා. ඉතින් මහන්සියෙන් ලියලා අපිටත් හිතන්න හා රස වින්ද්න්න යමක් දුන්නාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම යුද්දේ අවසාන කාලේ ගැන ගොඩක් හැඟීම්බරව කිව්වනම් දරා ගන්න අපහසු වේවි//
      කාරණා දෙකක් නිසා දිග වැඩි උනා නැත්නම් පඳුරු තැලුවා.. එකක් ඔය හේතුව. කියවන කෙනාටත් වැඩිය මට ලියන්න අමාරුයි..
      අනික් එක ලියන්න වෙලාවක් හොයා ගන්නේ අමාරුවෙන්නේ. ඒ වෙලාවට කොන්ට්‍රෝල් එකක් නෑ කියන්න ලියන්න හිතේ තියාගෙන ඉන්න ඒවා ඉබේම වගේ ලියවෙනවා.. පළවෙනි කාරණාව නම් අමාරුවෙන් හරි හිත හදාගෙන ලියතහැකි කියමුකෝ. දෙවෙනි එකනම් බියෝන්ඩ් මයි කන්ට්‍රෝල්.. :) ස්තූතියි ඔබේ විග්‍රහයට.

      Delete
  33. හ්ම්ම්ම් හැගීම් බර වුනා තමයි. යුද්දයක අතුරු කතා බොහොමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. බොහෝම හැඟීම්බර වෙනවා අතුරු කතාවලදී..

      Delete
  34. මෙතන ලිපියෙන් බාලචන්ද්‍රන් මතුකරන්න එන අවජාතක සිංහල බල්ලොත් ඉන්නවා. ඔක්කොටම කලින් ඒ ගැන ලියන්න ඕන. බාලචන්ද්‍රන් හමුදාව විසින් රූපවල පෙන්වන ලෙස තම භාරයේ සිටියදී මැරුවා නම් අනිවාර්යෙන්ම අමානුෂික වැඩක් බව මමත් පිලිගන්නවා. අපි හිතමු හමුදාව ඔහු මැරුවා ඒ වගේම ම්ලේඡ්චා ක්‍රියා සිදුවුනා කියලා. එහෙම සිදුවුනත් සිදුවුනේ සාපේක්ෂව කුඩා ප්‍රමාණයක් වෙන්න ඕන. මොකද විශාල ප්‍රමාණයක් කිසිප්‍රශ්නයක් නැතිව හමුදාව ජීවිත පවා පරිත්‍යාගයෙන් බේරා ගත්තා. හමුදාවන් අතර කලාහිත විචාරක වගේ උණුවෙන හිතක් සහිත අය වගේම කොටින්ගෙන් තම හිතවතුන්ට වූ ම්ලේච්ච වැඩ නිසා පලිගැනීම චේතනා සහිත අය වගේම විකුර්ති ආශා ඇති අය අනිවාර්යෙන්ම ඉන්න පුළුවන් ඔවුන් අතින් යමක් සිදුවුවා නම් එයට වඩා යටත්වූ කොටින්ට සහ ජනතාවට කොටි හිරිහැර් කරා නමුත් දැනට සිදුකරන්නේ යම් යම් පින්තුර ටිකක් පෙන්වලා හමුදාව මානව හිමිකම් කඩකරනවා කියා කොටින්ගේ 30 වසරකම සිදුවූ මානව හිමිකම් කැඩීම් සහ ම්ලේච්ච ක්‍රියා සාධාරනී කිරීමයි. මෙවැනි ප්‍රචාරණ වලට උඩගෙඩි දෙන සිංහල අවජාතක බල්ලන් සිටීම ජාතියේ අවාසනාවකි.

    දෙමල ජනයා සහ සන්විදානය අතහැර යන කොටි සාමාජිකයන් බේරාගැනීමට ඔබලා කල කැපවීම ගැන සඳහන් youtube වැඩසටහන හොඳ පිළිතුරකි. චැනල් 4 සහ වෙනත් අය ගෙනයන ප්‍රචාර වලට එරෙහිව නිසි පිළිතුරු සහ කොටි කල අමානුෂික ක්‍රියා ගැන ලෝකය දැනුවත් කල යුතුය. නැත්නම් සිදුවන්නේ අවසාන යුද්ධයේ සිදුවුනා යයි කියන සිදුවීම් ටිකක් අලලා ඔවුන් අසරණ ජාතියක් බවත් සිංහලයන් ම්ලේච්චට්‍යන් බවත් ප්‍රචාරය වීමයි.

    ReplyDelete
    Replies
    1. මකසි,++++++++++++++++++++++++

      Delete
    2. මාත් වැටක් ගහන්නද උඩ ඇනෝ වගේ.. අඩේ ඇනෝ ඌ දැන් මකසි නෙවෙයි මකලා..

      බාලචන්ද්‍රන් ව හමුදාවෙන් මැරුවයි කියල මං කවදාවත් කියන්නේ නෑ.. මට අප්සෙට් අපෙ උන්ට එහෙම නෑයි කියල හරියට කියා ගන්න බැරි එකටයි.. එක එක කාලවලට එක එකාගේ අදහස් හා අභිමතාර්ථ වෙනස් වෙනවනේ.. ඉතින් ඇට නැති දිවෙන් උන් කියන කතා අපිට උඹලට නවත්තන්න බෑ.. අනික හැම සිංහලයම එකම මතේ ඉන්නෝනේ කියල නීතියක් ගේන්නත් බෑනේ. මං උත්සාහ කරන්නේ හැම තිස්සෙම මං දන්න දේ අනිත් උන් එක්ක බෙදා ගන්න විතරයි.. මං කියල තියෙන දේවල් සම්භන්දයෙන් මං ඇප වෙනවා.. හැබැයි තව එකෙක් වෙන මොනව හරි කියනවනම් ඒකටත් මම ඉඩ දෙනවා..

      Delete
  35. ලංකාවෙ බහුතරයකට ( ජනවාරි 08 ට පෙර අර්ථයෙන් සැළකුව මැනවී ) දැන් යුද්ධයක් තිබුන බවක්වත්, කොයි වේලේ බෝම්බ පිපිරෙයිද කියලා ගැහි ගැහී හිටියද කියලත් දැන් මතක් නෑ. දැන් කටයුතු වේගන යන විදිහට රට බේරාගත්තු කල්‍යාණ මිත්‍රලා සුළු (මහ ?? ) ජාතීන්ව සමූල ඝාතනය කරපු ද්‍රෝහියෝ ‍රැලක් කියලා ලංකාණ්ඩුවෙන්ම දඬුවම් දුන්නොත් පුදුම වෙන්න දෙයකුත් නෑ... පරිස්සම්වන්න..

    ReplyDelete
    Replies
    1. ඔව්.. කාරණා කාරණා සිද්ද වෙන විදියට පරිස්සම් වීමනම් කොහොමත් ඇඟට ගුණයි වගේ.. ස්තූතියි සෙන්නා..

      Delete
  36. සීත කඳුකරේ මීදුම අධිකයි පමා උනෙමි සොඳුරේ!
    මචෝ, මෙන්න මේ වගේ නේවි ඇක්ස්පීරියන්ස් දාපංකො මාසෙකට දවසක්වත්. පට්ට රහයි ඕයි! ඒ වගේම වැදගත් තොරතුරුත් බර ගානක් දැනගත්තා.
    අර පොඩි උන්ගෙ කතාවනං ඇහැට කඳුලු උනන එකක්ම තමා. ඔහොම පොඩි උන් කීයක් යුද්දෙ නිසා අනාථ වුනාද? උන්ට ඕනිවෙච්ච යුද්දයක් හින්දද? ලෝකෙ ගැන දැනගන්නට පටන්ගන්න කොටම ඔහොම අත්දැකීමක් ලැබෙනකොට ඒ පුංචි හිත්වලට මොනවා හිතෙනවා ඇද්ද? උඹලා එහෙම හරි උන්ට සැලකුව එක බෝධිස්ත්ව කමක් කළණ. ඒ මොහොත හරි උන් සතුටින් ඉන්න ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. මධුර මාධවී රස සරණිය දෙන නළඟන ඔබද ප්‍රියේ..
      //දාපංකො මාසෙකට දවසක්වත්//
      ඔන්න ඔහොම SMART Objectives දෙනවනම් සළකල බලන්න පුලුවන් ..

      Delete
  37. මේ ටිකේ අසනීපෙන්. එහෙම කියල මෙව්වගේ එව්ව මිස් කරන්නෙ කොහොමද. කිලර් ස්කොඩ්‍රන් නම කිව්වම ඇඟට හෙන ගතියක් දැනෙනවා... ඒ දවස් වල උඹ යකා වගේ ඉන්න ඇති. ඒ උනත් ඒ යකා ඇතුලේ සංවේදී හදවතක් තියන බව දන්නවා. සුකී දන්නවා(දන්නවා කිව්වට මාව දන්නෙ නැතුව ඇති). සුකීගෙ පුතා ඉගෙනගත්තෙ මාත් එක්ක. සොහාන් වූ... ඒක නං ගජ යාළුවා..

    ReplyDelete
    Replies
    1. පේනවනේ ඒජ් ගැප් එක.. සුකී මගේ යාලුවා.. උගේ පුතා උඹේ යාලුවා.. හැක්.
      කිලර් ස්කොඩ්‍රන් කියන්නේ පටබැඳි නමක්.. //ඒ දවස් වල උඹ යකා වගේ ඉන්න ඇති// මේන් බලපං ඒ කාලේ.. ඔතන ඔය නැද රැවුල වවල ඉන්න එකා දැන් නෑ මැරිලා.. ඌ ගැන ලියන්නම් වෙලාවක.

      Delete
    2. ප්‍රියිවසි ඉශු එකක් නිසා වෙන්නැති ඒක පේන්නෙ නෑ..

      Delete
  38. පොස්ට් එකේ සමහර කොටස් බොඳ වෙලා පෙනුන තරමට හිත සංවේදී වුනා. // නේවි එකෙන් දීපු පරිප්පුයි පොල් සම්බෝලයි හාල් මැස්සොයි එක්ක බත් එක පොඩි උන් දෙන්නා සූස් සූස් ගගා කනකොට ආච්චී වචනයක්වත් කතා කරන්නැතුව අඬ අඬ ඒ දිහා බලන් ඉන්නව දැකපු මං ඇතුළු එතන හිටපු හැම එකාම අඩුම තරමින් රහසින් හරි ඇඬුවා..// මේ ටික මම මගේ ඇස් දෙකෙන් දැක්ක වගෙයි දැනුනේ..

    පොස්ට් එක දිග වැඩියි කියල නම් චුට්ටක් වත් හිතුනේ නෑ. එක හුස්මෙට කියවගෙන ගියා ඊලඟ එකත් ඉක්මනටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. //පොස්ට් එක දිග වැඩියි කියල නම් චුට්ටක් වත් හිතුනේ නෑ// ඔයා විතරමද මංදා එහෙම කියුවේ.. හිහ්.. ස්තූතියි තුශානී.. තව විස්තර ලියන්නම් මතක තියෙන විදියට

      Delete
  39. සංවේදීයි.. සමහර තැන් වලදී නොලියූ අත්දැකීම් මතක් කලා...ඇත්තමයි ඒ කුඩා උන් දැක්කම දැනෙන දුක කියා නිම කරන්න බෑ.. අපි සල්ලි දීලා ගන්න මිනරල් වතුර බෝතලෙත් ඉල්ලාගන්නවා සෙල්ලම් කරන්න.... පොඩිම බබාලට ඒ ප්ලාස්ටික් බෝතලේට ගල් කැට ටිකක් දාලා මූඩිය වහලා දෙනවා සද්දෙ ඇහෙන්න හොලවන්න පුළුවන්නේ.... සංකීර්ණ සැපවත් දේ හොයමින් හිටිය නගරෙ ජීවිතේට වඩා බොහොම සීමිත සරල දේවල් වටින්න පටන් ගත්තා ඒවායෙන් ජීවිතේ වෙනස්ම උනා ! රසවත් එක දිගට කියවගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. //සමහර තැන් වලදී නොලියූ අත්දැකීම් මතක් කලා// ඔව්.. සමහර අත්දැකීම් ඔයාලට ලියන්න බෑනේ.. එතිකල් ඉශූස්.. ඊට වඩා පහසුවෙන් අපිට ලියන්න පුළුවන් මගේ හිතේ.. ඒත් අපිටත් ලියන්න බැරි දේවලුත් තියෙනවා.. ස්තූතියි බෝ හෘදයාංගම කොමෙන්ට් එකට..

      Delete
  40. මෙහෙම සැබෑ අත්දැකීම් ජාලයේ ලියවෙන එක වටිනවා
    දෙවන කොටහත් ඉක්මනට දාමු.
    කකට කිශු පිඹින//
    "කනට කර පිඹින " වෙන්නත් පුළුවන් ලියපු බුවාගේ තරම අනුව.
    පණිවිඩයක පැහැදිලි බවට තාම අහුවුනු හොඳම එක මේක.

    ReplyDelete
    Replies
    1. //"කනට කර පිඹින "// ++++++ හහ් හහ් හා.. එහෙම එකක් මට ඉතිලවත් තිබ්බේ නෑ.. ස්තූතියි ඇනෝ.. මැඩගස්කාර් මාත් බලල තියෙනව කඩින් කඩ ළමයි බලන වෙලාවට.. අර කපුටු පිහාට්ටක් කපුටෝ හත් දෙනෙක් වෙච්චි කතාවකුත් තියෙනව නේද?

      Delete
  41. කමියෝ මාර සංවේදී කතාවක්. මමත් තරුගේ බ්ලොග් එකේ අර කමෙන්ට් එක දැක්කා. බොරු කියන්නෙ මොකද ඒක කියෙව්වෙ කඳුළු පුරවගෙන. ඇත්තටම උඹල වගේ මිනිස්සු අඳුරගන්න ලැබීම මාර සතුටුයි(උඹ කිව්වෙ ෆිට් එකට ඈ :D). පුළුවන් නම් ඔය අත්දැකීම් ටික ඔක්කොම පොතක් විදිහට එළිදක්වමු. එහෙම පොතක් ගැහුවත් නොගැහුවත් මේ අත්දැකීම් ටික දිගටම ලියන්න. කියවද්දී නිකං ෆිල්ම් එකක් බලනව වගේ. මැවිලා පේනවා. ඊළඟ කොටසත් හෙට අනිද්දම දාන්න පුළුවන් නම්. කමෙන්ට් ටිකකුත් කියෙව්වා.පස්සෙ ඉතුරු ටික කියවන්න ඕනෙ. ලියවිල්ල සුපිරිම සුපිරි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ///උඹ කිව්වෙ ෆිට් එකට ඈ :D// හිටහන් මං උඹව ඊලඟ වතාවේ හම්බුනාම උල තියන්න.. හැක්

      Delete
  42. රටාවත් නියමයි ... කතාවත් නියමයි .....දිගටම ඇදගෙන යන්න ඕනෙ හොඳේ ......

    ReplyDelete
    Replies
    1. උඹ ඊයෙම හම්බෙච්චි වෙලාවේ මේ ටික මට කොමෙන්ට් කරානේ.. තැන්කූ තැන්කූ.. තාම නිදි මතේද?

      Delete
  43. කතාව කියවනවාට වඩා වෙලාවක් ගියා කොමෙන්ට් කියවන්න. නියමයි. මේ වගේ කතා තව පල කරන්න. මේවා ඉංග්‍රීසියෙන් ලිව්වා නම් තවත් හොඳයි. මේ එංගලන්තේ පැත්තේ ඉන්න ඩයස් පොරවල් මේවා කියවන්න ඕනේ. හමුදාවක් වැඩ කලේ කොහොමද . ලෙහි පපු තියන කඳුළු දකින මිනිස්සු ඒවල හිටියේ කියල දැනගන්න.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියාගෙ කතාවට එකඟයි.ඇත්ත දේ එලියට ගෙනියන්නෙ නැතිව එයාලට දොස් කිය කිය හිටියට වැඩක් නෑ.එහෙම කියලා සිංහලෙන් නොලිය එහෙම ඉන්නෙපා ඔන්න.මොකද පිට හදනවා වගේම ඇතුලෙ ඉන්න එවුන්ටත් කියල දෙන්න ඕනෙ යුද්ධයක් කියන්නෙ සෙල්ලමක් නෙමෙයි කියලා.

      Delete
    2. පහුගිය පෝස්ට් එකෙයි මේකෙයි කොමෙන්ට් වලට රිප්ලයි දාපු වෙලාවේ මට තව පෝස්ට් තුන හතරක් ලියන්න තිබ්බා.. හැක්. මේ කොමෙන්ට් තමයි අපිට ලියන්න දිරි දෙන්නේ. ඇත්තටම ලිපිය ලියනවට වඩා මං ආසයි කොමෙන්ට් වලට රිප්ලයි කරන්න.

      Delete
    3. ලබ්බෝ.. මං ලියනේව බැරිද උඹට ඉංගිරීසියට ට්‍රාන්ස්පරක්කු කරන්න..

      Delete
    4. හෙහ්.. මෙන්න මෙයා.. මම මේ බොලා සේෆ්ටි, මෝස් කෝඩ් වගේ ඒවා හිංගලෙන් ලියනකල් බලන් ඉන්නවා කියවන්න.
      ඉංගිරිසි පොබොලොම්..
      ඒ උනාට ඔහෙලා වගේ උදවිය එහෙම කලොත් රටක් විදිහට අනාගතේට ගොඩක්ම වටී.අපේ පොඩි එවුන්ව වත් මොල හේදිල්ලෙන් බේරගන්න ඇහැකි.

      Delete
    5. හැක් හැක්.. බලමු බලමු.. දැන් ඉඳලම ඉංග්‍රීසි පංතියකට ගියොත් මැරෙන්න කලින් බැරිවෙන එකක් නෑ.. "Try & try & try. One day you may fly" කියනවනේ. :p

      Delete
    6. සිංහලෙනුත් ලියල ඉන්ගිරිසියෙනුත් ලියනව හොදයි.....

      Delete
  44. ඉස්සෙල්ලම ඉස්තුතියි කියල කියන්න ඕන මල්ලි...මට දුන්නු ප්‍රචාරයට...

    යුද්දෙ කියන එක කොහොමත් අමිහිරියි තමයි. පළමෝත අත්දැකීම් ( First hand Experience ) වලින් මම කියන්නෙ.

    මේ මල්ලි..Naval Rating කියල කියන්නෙ කාටද? රජීව්ට කෙලල ඇරපු අර කවුද නේවි පොර ගැන ඒ දවස්වල පත්තරේ තිබ්බෙ Indian P.M. attacked by A Naval Rating කියල.

    ReplyDelete
    Replies
    1. බීබීසී එක ගැන එස්එල්බීසී එකෙන් ප්‍රචාරයක් දුන්න වගේ.. හැක්.
      ඔයා මාරයි රවී අයියා සශී විජේන්ද්‍රට වගේ බලයක් තියෙනවද කොහෙද හිත් කියවන්න.. ඔය රේටින් ගැන මං ලියන්නත් හිතල ආයි නිකං හිටියා.. නේවී එකේ ඔෆිසර්ස් ලට තියෙන්නේ 'නිළයන්' හෙවත් Ranks .. නැවියන්ට තියෙන්නේ 'තරාතිරම්' නොහොත් Rates... ඔය වගේ බොහෝ 'වෙනස්කම්' තියෙනවා ඔය දෙක අතර.. ඔය සමහර 'වෙනස්කම්' වලට මං පුද්ගලිකව මනාපත් නැති නිසා තමයි ඕක ගැන නොලියුවෙත්..
      පළමෝත අත්දැකීම් ++++++

      Delete
    2. ක.මි. වෙළඳ නැව් වලත් ඔහොමයි. ඔෆිසර්ස්ලා හා රේටින්ග්ස් කියලා දෙජාතියක් ඉන්නවා.. අපිනම් තේරුම් අරන් ඉන්නේ අරුන් ලොක්කෝ මුන් පොඩ්ඩෝ කියලා.. :D

      රවී අයියා - මම මේ ඊයේ හිතුවා First Hand Experience වලට හින්ගලෙන් මොකක්ද කියන්න පුළුවන් කියලා.. තැන්කුයි බොහෝ...

      Delete
    3. සෙන්නා,

      පළමෝත කියන වචනෙ පේටන්ට් අයිතිය තියෙන්නෙ අපේ ගරු කටයුතු ටැබූ තුමාට. එතුමා තමයි ඒ වචනෙ නිර්මාපකයා....:)

      Delete
    4. 'සෙන්නා ගේ බ්ලොග් රෝල' මගේ බ්ලොග් ලිස්ට් එකට එල්ලගෙන සෑහෙන්න කලක්.. මට තිබුණු ප්‍රශ්ණයක් තමයි මොකද ඒක අප්ඩේට් වෙන්නේ නැත්තෙ කියලා.. දැනුයි 'කුරුන්ද' හම්බුනේ.. ඒත් ඒක මගේ ලිස්ට් එකට දා ගන්න බෑ.. :( ආයි ට්‍රයි කරනකම් කියවන්න ගත්තා.. මුල් පෝස්ට් දෙකම කියවලා තමයි මේ කොමෙන්ට් එක දාන්න ආවේ.
      මර්චන්ට් නේවී එකත් ඕල්මෝස්ට් සේම් නේ. සෙන්නගේ සාගර අත්දැකීම් එහෙමත් ලියන්නකෝ වෙලාවක.

      මාත් අද තමයි ඔය පළමෝත වචනේ ඇහුවේ. රවී අයියටත් //අපේ ගරු කටයුතු ටැබූ තුමාටත්// ආයෙමත් ස්තූතියි.

      Delete
    5. රවි අයියා, එහෙමද.. මම හිතුවා ඒක ඔබ තුමාගේ කියලා.. කලින් ඔය වගේම අමුතු වචන දෙක තුනක් එහෙම හදලා තිබුනා මාතකයි... "වදන් තදය" එකක් නේද ?

      කමි, මට සාගර අත්දැකීම නෑ. අඩුම ගානේ තවම ට්‍රිප් එකක්වත් යන්න සෙට් වුනේ නෑ.. අපි ඇවිල්ලා ගොඩ ඉඳන් නැව් එළවන්නෝ... හෙහ් හෙහ්..

      බ්ලොග් රෝල අප්ඩෙට් වෙන්න ලියනන් එපැයි බන්.. :D

      Delete
  45. කල්යාන මිත්‍රයා .. මම ගියවර පුණ්‍ය භූමියට වැඩි අවස්ථාවේ ගිරිහඬු සෑයත් වන්දනා කළා සමහර විට ඔබට සමාන්තර KDA හිටපු මගේ පාසැල් කල්‍යාන මිත්‍රයාගේ අනුග්‍රහයෙන්. මේ වා නොදැක සිටි මේ දෑස කුමටද කියලා හිතුනා. අරලගංවිල මහා විද්‍යාලයේ සිසුවෙක් ඒ පැත්ත දැන් රන් කරන්නේ කියලා දැනගත්තම මාර සන්තෝෂයක් දැනුනා හිතට. ළමයෝ මේ සර්ට බීම එකක් දෙන්න කියලා මගේ අනුග්‍රාහකයා කියන කොට මම බාටා කෑලි දෙකක් දාගෙන නේවි මේසේ... අපි දන්නවයි නේවි officers ලගේ නීති...

    ReplyDelete
  46. අනේ මචං මේ කතා ටික දිගටම ලියපං .. හරිම ආසාවෙන් කියෙව්වා .කිසිම දිග වැඩියක් නෑ.. !!!

    අඬන එක කිසිම ලැජ්ජ වෙන්න දෙයක් නෑ .. අඬන්න ඕනැනං අඬනවා.. ඒත් බැරිනං බාගයක් ගෙනැත් ඒකත් තනියෙං ගහනවා.. කැමති එකෙක් ඕනෙකක් කීවට මට මොකෑ .අපි මනුස්සයො නෙවැ බං..ඕ යේස්

    ReplyDelete
  47. හරියටම ජීවිතය වගේ හදිස්සියේ පටන් අරන් ඉබාගාතේ ඇවිද ගිහින් හදිස්සියේම නතරවනවා. ඒත් මේ විස්තර ගොන්න බොහොම සුන්දර අත්දැකීමක් වුනා. මෙතනට ආවෙ මේ දැන් තුවක්කු කතාව ලියලා දැයි බලන්න. එත් හමුවුනේ අමුතුම රසවත් පුවත් ගොඩක්

    ReplyDelete
  48. දිග වැඩියි කියලා හිතුනෙම නැති හොඳම පෝස්ට් එකක් කමි. කමෙන්ට් එකක් නොදා පැනලා යන්න හිතුනෙම නෑ.

    ReplyDelete
  49. පැය දෙකකටත් වැඩියෙන් කියෙව්වා( කොමෙන්ටුත් එක්ක) ..නියමයි කමී..මේ 31 වෙනිදා ප්‍රධාන එකට යනවා කොළඹ අතෑරලා...

    ReplyDelete