Friday 26 June 2015

My Grandma අපේ ආච්චී 2- පතෝල හා මල්වඩම්

මේ උත්සාහ කරන්නේ මීට මාස තුනකුත් දින හතරකට පෙර දුන් එක්තරා පොරොන්දුවක් ඉටු කරන්නයි. ඒ පොරොන්දුව වූයේ අපේ ආච්චී ගැන ලියූ විස්තරයේ 'පතෝල හා මල්වඩම්' ගැන කතාන්දරද රැගෙන හැකි ඉක්මණින් එන බවයි. ඊට පෙර හා පසුවද නොයෙක් පොරොන්දු ලබා දුන් නමුත් අද හිටි හැටියේ මෙය ඉටු කිරීමට සිත්විය. 

****************************************

සැමියා විසින් අනුචිතව සළකන ලදුව දීගය අත් හැරී කුළුඳුල් දියණියද සමඟ කාටවත් බරක් නොවී තම අභිමානයද රැකගෙන ඊට වින කරන්නට ආ වුන්ට එරෙහිව නැගී සිටි, ඍජු තරමක් දරදඬු ගති පැවතුම් හා උණුවෙන හිතක් හිමි කටකාර එළිසහාමිනේ ඔබට මතක ඇතැයි සිතමි. ඇගේ මෙම 'විදිය' විවාහයෙන් හා ජීවිතයෙන් ලද කටුක අත්දැකීම් නිසා හුරු වූවකට වඩා ජන්මයෙන්ම ලද්දක් යැයි සිතීමට කාරණා මෙම පතෝල හා මල්වඩම් ගැන සිද්දි දෙක නිසා ජනිත වේ. මන්ද අදාල සිද්ධි දෙකම අයත්වන්නේ ඇයගේ විවාහයට පෙර හිරිමල් යොවුන් වියට වීම නිසයි.

එළිසහාමිනේගේ දෛනික ජීවිතයේ එක් නොවරදින අංගයක් වූයේ දිය නෑමයි. මොන අසනීපයකින් සිටියද මිය යාමට දින එකොලහකට පෙරාතුව අවසන් වරට හොඳ සිහියෙන් සිටිනතාක් කල් ඇය එම පුරුද්දෙන් මිදී එක් දිනක්වත් සිටියායැයි මා අසා නැත. මේ නිසාම දෝ අපේ තාත්තාගේ පඩිපතින් කටවල් අටක් නඩත්තු කරමින් අසීරුවෙන් සිටියදී පවා මාසිකව 'ලයිට්බෝයි, සන්ලයිට් හා රොබින් නිල් පැකට්ටෙකක්' සහිත දැකුම් මල්ලක් ගෙනා පඩි දවසට ආච්චීට 'කතා කිරීමට' යාමට අම්මා පුරුදු වී සිටියාය.

තවද සීතල ස්ප්‍රිංවැලි, කඳන හා වේවැල්හින්න කඳු මුඳුන් වලින් පෙරී දුනුවංගිය අසලදී තරමක හැඩකාරියක් ලෙස මල්වර වන කුඩාඔය දිය කොමළිය බදුළු ඔයට වැදී සැඟවී යාමට මත්තෙන් කණුපැලැල්ල හා හිඟුරුගමුව ගම් දෙක සදාකාලිකව බේද කරමින් එමැදින් නිසොල්මනේ ගලා බසිනා හෙයින් එළිසාහාමිනේට දිය නෑම සඳහා අමුතුවෙන් බිලක් ගෙවීමට හෝ මහන්සියක් වීමට කාරණාවක් නොවීය. 
Photo courtesy: www.google.com

මේ ගංදෑලේ සුන්දර හිඟුරුගමුව හා කණුපැලැල්ල ගම්දෙක අතර සීතල යුද්දයට මුල්වන්නේ කුඩාඔයටත් වඩා කුඩාඔය නිම්නයේ හිඟුරුගමුව මායිමට පිහිටා තිබූ 'ගඟේ පිට්ටනිය'යි. ඊට අමතරව හෙල්මැළි ක්‍රමයට වගාකල කුඹුරුයාය මත්තෙහි 'ලේනිගේ ගල' යනුවෙන් හැඳින්වූ සුවිසල් නිදන්ගල හා ඒ අශ්‍රිත විහරස්ථානයද කොයි වේලෙත් වෙල්යාය හරහා හමා යන නැවුම් සුළගෙන් නටන බෝ කොලවල සිසිලෙන් නැහැවුනු බෝ හෙවනත් මෑතක් වනතුරුම හිඟුරුගමුවේ 'අගය වැඩි' කලේ පුංචිම සන්දියේ හිඟුරුගමුව වැසියන් වූ අපේ හිත්වල පවා යම් ගර්වයක් ඉතිරි කරමිනි.

පසු කලෙක මේ ගම් දෙක යා කරමින් වෙල මැද්දාවෙන් හා කුඩා ඔය මතින් දිවෙන 'අලුත් පාර' හා පාලම ඉදිකරන ලදී. එවකට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමතිවරයා වූ වින්සන්ට් ඩයස් මහතාගේ ආරධනයෙන් පාළම විවෘත කිරීමට එහි පැමිණි අගමැති ප්‍රේමදාස මහතාව පිළිගැනීමට අපේ අම්මා ලස්සනට කවි කීපයක් කී නමුත් අද එහි මුල් පද දෙක හැරුණුකොට අනෙක්වා මගේ මතකයේ නැත.

රලු ගල් බොරළු මැද අප ආ අඩි පාරේ
යාවී දෙගොඩ මහ පාලම තැනුනානේ..

වින්සන්ට් ඩයස් මහතා අද ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු ගේ මාමණ්ඩියයි.

මෑතක දිනෙක ඇතිවූ හදිසි සිතුවිල්ලකින් බිරිඳ හා දරු දෙදෙනාවත් කැටිව දිය නෑම සඳහා මා ගඟේ පිට්ටනියට ගියෙමි. වෙල ඉහලින් වූ බෝධිය හා එය දරා සිටි ගරා වැටුණු ප්‍රාකාරය පසුකරනවිට එකල හමුවූ දැවැන්ත දිය කඳුර හා ඉන් එතෙර වීමට තුබූ කළු යකඩ පාළම අද එහි නැත. මේ යකඩ පාලමටම ඇමිණූ අඩි හතරක් පමණ පළල වූත් අඩි තුනක් පමණ ගැඹුරින් යුතුවූත් යකඩ කාණුවක ආධාරයෙන් එදවස ගඟ ඉහත්තාවෙන් හරවා කුඹුරු යායට උඩින් ගලාගිය ඇල කඳුර හරහා මෙගොඩ විය. අද ඒ දැවැන්ත කඳුරත් පාලමත් යකඩ කාණුවත් වෙනුවට එහි ඇත්තේ සිමෙන්ති කාණුවක් හා ඊට යටින් ගිය බෝක්කු කටකි. 

මේ කඳුර දකිනවිට යම්කිසි පිළිකුලක් හා බියක්ද මුසුවූ නහය අකුලවන සුළු ජුගුප්සාජනක හැඟීමක් පෙර මගේ සිතේ ඇතිවිය. බියට හේතුවූයේ දැවැන්ත බෝ ගස හා අනෙක් විශාල ගස් යට සරුවට වැඩී තිබූ විසල් අලකොල ගාල නිසා කිසිදිනෙක මම මේ අඳුරු අගල නිසිලෙස දැක තිබුණේ නැති වීමයි. පිළිකුලට හේතුවූයේ වැසිකිළි යාම සඳහා වල කක්කුස්සි හෝ පෝච්චි, කොමෝඩ් සහිත වෙනම 'කාමර' නොතිබූ අපේ අම්මලාගේ තරුණ කාලයේ හැම දෙනාම ඒ සඳහා ගියේ මේ කඳුරට යැයි අසා තිබුණු හෙයිනි. 

බෝක්කුවෙන් එගොඩ වූ විට හමුවන්නේ පන්සල් වත්තයි. පන්සල් වත්ත මායිමෙන් හා කඳුර අයිනෙන් ගඟේ පිට්ටනිය දක්වා බැසීම සඳහා එකල ගල් පඩි අල්ලා තැනූ කුඩා අඩිපාරක් විය. පන්සලට පහලින් ගඟේ පිට්ටනියට යාව දැවැන්ත ඕවිටේ පිහිටි ඔයේගෙදර වත්ත හා රත්තාගේ වත්ත ලෙස හැඳින්වුණු හුදෙකලා නිවෙස් දෙකක් හා සරුසාර ගොඩ එළවලු කොරටු දෙකක් විය. මෙකියන කාලයෙහි මේ එක කොරටුවක අයිතිකාරයා වූයේ ගොළු පුංචිබණ්ඩේ ලෙස අන්වර්ථයෙන් හැඳින්වූ දක්ෂ ගොවියෙකි. සැබවින්ම ගොළුවූයේ ඔහු නොව ඔහුගේ පියා හෝ මුත්තා බව කියවේ. ගොවිතැනට දක්ෂ වූ තරමටම හේ අධික තණ්හාකාරයෙක් ලෙසද කුප්‍රකටව සිටියේය. 

Photo courtesy: www.google.com

වරක් අසනීපයෙන් පෙළෙමින් සිටි ගමේ අයෙකුට උයාදීමට පතෝල කරලක් අවැසි විය. ඒ වනවිට මුළු ගමෙන්ම පතෝල කොටුවක් සරුවට වැවී තිබුණේ පුංචිබණ්ඩේගේ කොරටුවේ පමණක් වූ අතර ඔහුගේ මසුරු බව දන්න කිසිවෙකුත් ඔහුගෙන් පතෝලයක් ඉල්ලීමට යාමට මැළිවිය. මෙවර ඉදිරියට ආවේ අපේ කතා නායිකා තරුණ එලීසාහාමිනේයි. සැමදා නෑමට යනවිට දැක පුරුදු දොඩා ඇති පුංචිබණ්ඩේගෙන් මේ වෙලාවේ හැටියට ඉල්ලුවොත් පතෝල කරලක් ඉල්ලා ගැනීම අපහසු නොවේයැයි ඇය සිතන්නට ඇත. අදහස ක්‍රියාවට නැංවූ ඇය එදින නා ආපසු එන අතර කොරටුවට හිස පොවා කාරණාව කියා මසුරු ගොවියාගෙන් පතෝල කරලක් ඉල්ලා ඇත. ඈ ලදුයේ කිසිසේත් බලාපොරොත්තු වූ පිළිතුරක්නම් නෙවෙයි. ඇස්පනාපිට දිලිසී දිලිසී එල්ලෙන හොඳින් ඇදුණු පතෝල කරල් දෙසත් එලිසාහාමිනේ දෙසත් මාරුවෙන් මාරුවට නුරුස්නා බැලුම් හෙලූ ගොවියා එක් වරම 'උඹට පිස්සුද එළීස නෝනේ.. මේ මලෙන් ඇදුන විතරයි කරල් මේව හොද්දකට ගන්න තව මාස තුනකින් මෙහා බෑ.. වෙන කොහෙන් හරි බලපන්' කියා ඉවත ගියේලු. .

ඇලේ ගෙදර රන්මැණිකලාගේ පිටුපස දොරට රෑ මැද්දෑවේ තඩිබාන තරුණ ගැහැණු කටහඬකි.

'රන්මැණිකක්කේ.. දොර ඇරපං. මං එළීසහමිනේ.'

'උඹ ඔය ලාම්පුව පැත්තකින් තියල ගිහින් බුදිය ගනින්.. මං මේ වැඩේ ඉවරයක් කරල යන්නම්.. කාටවත් කටේ කෙළ එහෙම හලනව නොවෙයි ඕං මේ ගැන' තමාටත් අණ දෙමින් ලහි ලහියේ දුම මත තිබූ සියළු දර බිමට බා ඒ මත සීරුවෙන් තැබූ දැවැන්ත පතෝල මිටිය මත නැවතත් දර අසුරමින් වසන් කරන තම විසේකාර තරුණ යෙහෙලිය දෙස රන්මැණිකා අයාගත් මුවින් හා විස්මිත දෑසින් ඒ මැදියම් රැයේ බලා උන්නාය.

පසුදා සුපුරුදු වේලාවට දියට යන එළිසාහාමිනේ එනු දුටු ගොළු පුංචිබණ්ඩේ මුසපත් දෙනෙතින් යුතුව ඇය ඇමතුවාය. 'බලපන් එළීසෝ.. ඊයේ උඹටවත් කරලක් දෙන්නේ නැතුව මං පරිස්සං කරපු අච්චර යස පතෝල කරල් ටික.. මොකෙක්ද කඩප්පුලියෙක් වත්තට පැනල එක කරලක් නෑර ඊයෙ රෑ කපාගෙන ගිහිල්ලනේ බං..'

"ඈ බං.. උඹ කියුව නේද ඔව්ව මලෙන් එළියට ආපු හැටියේ ලපටි කරල් කියල.. ඉතින් මොකාටවත් මොකක්ද උඹේ ලපටි කරල කපන් යන්න තියෙන උවමනාව.. හොඳට බලපන්.. වැල පාමුල බිම වැටිල ඇති පරවෙලා.. මං යනව බං නා ගන්ඩ" 

****************************************
එළීසාහාමිනේගේ ප්‍රාණසම මිතුරියක වූ ඇගිස්නෝනා දීග ගියේ පිටගම්කාරයෙකු සමග වුවත් උන් දෙපල ටික දිනකින් නැවත් හිඟුරුගමුවට පැමිණ ගම්සභා ඉඩමක කොනක පැලක් අටවා ගත්තේලු. මේ ඉඩමට කාලාන්තරයක් බැල්ම හෙලමින් සිටි ගමේ ආරච්චිල මේ සිදුවීමෙන් කුපිත වී 'අකුරටම රාජකාරිය කිරීමට' කියා ඉඩං මහත්තුරුන්ට පෙත්සම් ගසා මොන මොනවාදෝ ලියකියවිලි වගයක් පෙන්නා ඔවුන් එතනින් පන්නා දමා ඔහුගේ 'අනුකම්පාවෙන්' උන්ට පාළු සොහොන් පිටියට යාබද අඳුරු මුල්ලක ඉඩං කෑල්ලක් වෙන්කොට දුන්නේලු. ආරච්චිලගේ දැනුමට, රාජකාරියට හෝ බල පරක්‍රමයට අභියෝග කල නොහී ඔවුහු පරාජය බාරගෙන පසෙකට උවත් එළිසහාමිනේට අනුව නම් එය ආරච්චිලයාට හොඳ පාඩමක් ඉගැන්විය යුතුවූ නොහොබිනා කමක්ම විය.
Photo courtesy: www.google.com

දින කීපයකට පසු ආරංචිවූයේ දැඩිලෙස බියට හා කම්පනයට පත්විමෙන් උණෙන් හා මරු විකල්ලෙන් කියවන 'ආරච්චිලයාට' සෙත් ශාන්තියක් කිරීමට අහල ගම් සියල්ලේම කට්ටඩියන් ආරච්චි නිවසට රැස්ව ඇති බවකි. සුපුරුදු පරිදි එදින උදයේ නිවසෙහි දොර ඇර එලියට බට ආරච්චිලගේ ඇඟ මතට කඩා වැටුනේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දැවැන්ත මල් වඩමක් හා මළමිනී දවටන සුදු සළු පොදියකි. ඊට අමතරව මිදුල හා පිල්කඩ පුරාමත් මිනී ඇට කැබලි හා මරණ සැරසිලි විසිරී එය තනිකරම අමු සොහොනක සිරි ගත් බව කියවේ. මේ අසුභ දර්ශණයෙන් හා හදිසියේ මතු වූ අමනුස්ස බියකින් මුළු ගමම ඇළලී යද්දී සුපුරුදු අවඥාසහගත මද සිනහවෙන් යුතුව එළිසාහාමිනේ තොවිල්පොලේදී මෙසේ පැවසූ බව කියවේ.

"දැන්වත් අපේ රාළහාමිට තේරෙයිද දන්නෑ අමු සොහොනක් ලඟ මනුස්ස පවුලකට ජීවත් වෙන්ඩ බෑ කියල"

**************************************
ඊයේ ජූනි 25 අපේ අම්මගේ උපන් දිනය.. ගෙදර යන්න නැති උනත් ගිය වෙලාවක පෙන්නන්න කියල හිතාගෙන ඇයට උපන්දින තෑග්ගක් ලෙසයි මෙය හදිසියේ ලියා පල කලේ. නමුත් නැවත කියවනවිට හා කොමෙන්ට් කියවනවිට හැඟී ගියේ කිසිම අවස්ථා සම්භන්දයක් නැති 'වල් පල් තැලීමක්' මිස කියවිය යුත්තක් ලියවී නොමැති බවත් එයින් කතා රසයට දැඩි සේ හානියක් වී ඇති බවත්ය. රෑ නොසෑහීමෙන්ම නින්දට ගිය නමුත් උදේ පාන්දර හදිසියේ අවදිවී වහාම නැවත පෙර ලියවිල්ල 'ඩ්‍රාෆ්ට්' කර මෙසේ වෙනස් කොට අද දින නැවත් පල කරමි. සිදුවූ අපහසුතාවය ගැන බලවත් කණගාටුව! 

99 comments:

  1. ඉතුරු ටිකත් මේ ගමන්ම ලියලා දැම්ම නං රවී ව පරද්දන්න තිබුණා ලිපියේ දිගෙන්!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බොස්! ඒක තේරෙනකොටත් පරක්කු වැඩියි ඉතින්. වෙලා තියෙන වෙලාවක නිදහසේ කියවන්නකෝ.

      Delete
  2. ගාණක් නෑ පඳුරු තලාගෙනම කතාව කියපං.
    අවදානම
    වර්තමාන
    කොමර්ෂල්
    උඹට නැතුවම බැරි අනවශ්‍ය මහාප්‍රාණ ටික ඔන්න ඔය විදියට හදාපං.

    ReplyDelete
    Replies
    1. //උඹට නැතුවම බැරි// හැක්.. දැන් මං හොඳ නැද්ද මුල් කාලෙට වඩා.. ඔහේලට පිං සිද්ද වෙන්න තමයි ඉතින්. ඔන්න හදලමයි රිප්ලයි කරන්න ආවේ. තව එකක් හම්බුනානේ එතනම තිබිල.. දාවනය නෙවෙයි ධාවනය වෙන්නෝනෙ නේද? ඒකත් හැදුවා.. එළ.. මේකෙනම් ඉතුරු කෑල්ල කොහොමහරි අද හෙටම දානවා.

      Delete
    2. ඇයි සම්භන්දයෙන්, ඒක සම්බන්ධයෙන් විය යුතුයි.මම කලින් දැක්කෙ නෑ.

      Delete
    3. ඔයාටත් නිකං සම්බන්ධන්ට වගේ වැරදිමනේ පේන්නේ. හැක්.. එළ එළ.. ටැන්කූ උනන්දුවෙන් කියෝනවට.. ඊට වැඩිය සතුටක් කොහෙන්ද? ඔන්න ඒකත් හැදුවා.

      Delete
    4. මේ හැලප ගොයිය සිංහල භාෂාවෙ මුර දේවතාවද? හැබැයි හැමදාම මම-මි වරදිනවා...

      Delete
    5. Anonymous2 July 2015 at 13:04
      මුර දේවතාවද දන්නේ නෑ.. හැබැයි මාවනම් පාස් කරන්නේ නෑ ලේසියෙන්.. හදාගන්න තියෙන උවමනාවටලුනේ ගහන්නේ.. ඉතින් ගුටිකාගෙන හැදෙනවා.. හැබෑට මම වෙනකොට මි වලින් නෙවේද ඉවර වෙන්නේ? කොහෙද ඔය හැමදාම වරද්දන්නේ?

      Delete
  3. ගමේ ගිය දවසක මතක් කරලා අම්මට කියපන් එල ද බ්‍රා මෙන්ඩා සුභ උපන් දිනයක් කිව්වා කියලා..

    ReplyDelete
    Replies
    1. හරි මචං අනිවා.. හෙට රෑ යන්න හිතං ඉන්නවා ඒ කියන්නේ අනිද්ද උදේට උඹේ සුභ පැතුම අම්ම කියවනවා.. එළ.

      Delete
    2. "එල ද බ්‍රා" කියලා අම්මාට කොහොමද බං කියන්නේ?උඹත් මරු කතානේ කියන්නේ.:D

      Delete
    3. ඒක කියල අම්මට තේරුමත් කියල දෙන්න වෙනවා.. හැක්. අවුලක් නෑ කොල්ලො හතරකුයි මුණුබුරාල අටකුයි හදපු අපේ අම්මට ඕව අහල පුරුදුයි බං..

      Delete
    4. තන්පට මෙන්ඩා කියලා කියපන්.ටිකක් විතර වැඩේ ශේප්.

      Delete
    5. මෙහෙම හොඳ නැද්ද? අමු ද තිසරපට මෙන්ඩා! :p

      Delete
    6. යකෝ..මේ වගේ මඩ යාලුවෝ ටිකක්..ඒවා මුකුත් ඔනේ නෑ අම්මට කියපන් මෙන්ඩා පුතාගෙන් කමියාගේ ආදරනිය අම්මට සුභ උපන් දිනයක් කියලා...දවසක එනවා අම්මව බලන්න..මල්ලිලා මස්සිනාලා අයියලා ඉන්නවනම් කියලා වරෙන් ආපු දවසක බ්‍රෑන්ඩ් එක ගල් කියලා.

      Delete
    7. අවුලක් නෑ උන් ඔක්කොගෙමත් බ්‍රෑන්ඩ් එක ඒක තමයි.. උඹ උන් එක්කම සෙට් වෙයන් ගිය වෙලාවක මට නම් එපා.. හැක්.

      Delete
  4. ඉතා මනරම් පරිසර වර්ණනාවක් හා රසවත් රචනා විලාශයක්. හැබැයි ඔය පඳුරු තැලිල්ල මටනම් එච්චර අල්ලලා ගියේ නෑ . ජය !

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. මාතෘකාවෙන් පිට ගියා.. හිතුවට වඩා දික් උනා.. ලියාගෙන යද්දි ඕවා අමතක වෙනව.. ලියුවම කපන්ඩ කොටන්ඩත් දුකයිනේ ඒක නිසා ඔන්න ඔහේ පෝස්ට් කරල දැම්ම..

      Delete
    2. ඔන්න සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරා.. ස්තූතියි ඔබ තුමාට අවංකව කියපු දේ ගැන.

      Delete
  5. උඹලෑ අම්මා මට වඩා දවස් දෙහෙකට බාලයි!
    බෑණෝ ඉතුරු ටිකත් දාමු විජහට...

    ReplyDelete
    Replies
    1. අනේ අමතක වුණා.
      ආයු රක්ඛංතු ආවඩා... කළණයගෙ අම්මට!

      Delete
    2. අනේ අමතක වුණා,
      මේ වගේ අතිජාත පුත්තර රත්නයන් තව තවත් බිහිකරන්නට වාසනාව ලැබේවා!

      Delete
    3. පොඩි... සංසෝදනයක්!
      මේ වගේ උන් බිහිකරනවට හොඳා...ඔබතුමී කවියක් දෙකක් ලියාගෙන ඉංට.

      Delete
    4. ටැන්කූ මාමේ.. උඹ පෙරේද පාටියක් පෝස්ටෙකක් නැතුවම ගොඩගියානේද එතකොට?
      අර අන්තිම එකට.. මේ ආත්මෙනම් ආයි බැරිවෙයි.. හැක්.

      Delete
    5. හික්.. උලම..
      එහෙනම් අන්තිම එකටයි කියල කියුව එක කැන්සල්. :)

      Delete
  6. සන්දෙපොළ කියල කියනවද ඔය පැත්තේ ගැමියෝ ඉරිදා පොළට? ජනශ්‍රැති පර්යේෂකයෙක් එහෙම කියල තිබුනා. සන්ඩේ ෆෙයාර් කිය එකෙන් ආව කියල

    ReplyDelete
    Replies
    1. උඹ හරි මචන්.. අපේ ආච්චී කියුවේ සන්දෙ කඩේ කියල.. සන්ඩේ ෆෙයාර් කියන එකෙන් තමයි හැදෙන්න ඇත්තේ. උඹ කියවපු එකට හාත්පසින්ම වෙනස් එකක් දැන් උඩ තියෙන්නේ. පල් හෑලි අයින් කරල කෙලින්ම කතාවට ගියා.

      Delete
    2. තවලම් මගින් බඩු ගෙනියන මොනරාගල පැත්තේ අයත් කියනවා සන්දේ යනවා කියලා.

      Delete
  7. කෝ බං පතෝල,මල්වඩං... ඒඋනාට අව්ලක් නෑ ... රහයි ...
    අනේ අර ඩෝර කතා ටිකත් මේ වගේම දාපං ...

    ReplyDelete
    Replies
    1. ඔන්න පතෝල මල් වඩම් ගෙනල්ල පෝස්ට් එක වෙනස් කරා.. දැන් කියවල බලපන්. //අර ඩෝර කතා ටිකත්// ඒ පොරොන්දුවත් කවද හරි ඉෂ්ඨ කරනවා.

      Delete
  8. කමීගේ මෑණියන්ට සුභ උපන්දිනක් වේවා !!
    අපේ ආයුෂත් අරන් චිරාත් කාලයක් නිදුක් නිරෝගිව ජිවත් වෙන්න වාසනාව ලැබේවා !!!
    කමියෝ ගමේ ගියා වගේ බන් මේක කියෙව්වම...
    අර වෙල් යායක් පන්සල තියෙන්නේ කඳන ද ? මට ගම මතක නැ .මාරම ලස්සන ගමක් .

    ReplyDelete
    Replies
    1. //අර වෙල් යායක් මැද පන්සල// විය යුතුයි ...

      Delete
    2. උඹේ ආයුශ ගෙවන කාලේ අම්ම ආයිම බයිසිකල් පදින්ඩ අඬු කඩාගන්ඩ එහෙම හදයිද දන්නේ නෑ නේද? හැක්. එනිවේ ටැන්කූ ටැන්කූ. ඔය වගේ පන්සල් දෙකතුනක්ම තිබ්බා අපේ ඒරියල් එකේ. දැන්නම් ඒ පන්සලුත් නිකං මුඩුක්කු වගේ. උඹ සමහරවිට කියන්නේ මේ හිඟුරුගමුව පන්සල ගැනමද දන්නෙ නෑ. එතනත් ඉස්සර හරි ලස්සනයි.

      Delete
  9. උඹලෑ ගමත් හැලපයියාගේ ගමට දෙවැනි නැහැ වගේනේ.
    සුරන්ගේ "ආච්චම්මාවත්"මතක් වුනා.අර රාළහාමියාට කරපු දේ නම් නියමයි.

    අම්මාටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා....!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. මීට අවුරුදු තිහකට තිස්පහකට එහා මාරම ලස්සනයි බං. දැන් නම් මං ඉන්නේ මීට ටිකක් උඩහින්. මේක අපේ අම්මගේ ගම. මහ ගෙදර අයිති උනේ පුංචිට. දැන් ඒ ලස්සන ගම් ගතියනම් පලාතකවත් නෑ බං..

      Delete
  10. කමියගේ මව්තුමියට සුබ උපන්දිනයක් වේවා !!

    පතෝල මල්වඩං අනවශ්‍යයි. නියම කතා දෙකක්.

    ReplyDelete
    Replies
    1. හි හි.. පතෝල හා මල්වඩම් කියුවම නිකං දැන් පෙන්නන වේදිකා නාටියක් වගේ නෙහ්? ටැන්කූ ටැන්කූ.

      Delete
  11. //ලේනිගේ ගල' යනුවෙන් හැඳින්වූ සුවිසල් නිදන්ගල හා ඒ අශ්‍රිත විහරස්ථානයද කොයි වේලෙත් වෙල්යාය හරහා හමා යන නැවුම් සුළගෙන් නටන බෝ කොලවල සිසිලෙන් නැහැවුනු බෝ හෙවනත් මෑතක් වනතුරුම හිඟුරුගමුවේ 'අගය වැඩි' කලේ පුංචිම සන්දියේ හිඟුරුගමුව වැසියන් වූ අපේ හිත්වල පවා යම් ගර්වයක් ඉතිරි කරමිනි.//
    ඇයි දැන් මේව නැද්ද ? පරිසර වර්ණාව හොදයි හැබැයි තමන්ගෙ කියල ගමේ ෆොටෝ එකක් නැති එකයි අවුල. මට කිවුවනම් බොට ගමේ ෆොටෝ දෙක තුනක් එවනව.
    ආච්චිඅම්ම තරුණ කාලෙ කරල තියෙන්නෙ අපි කොල්ලො කාලෙ කරපුවනෙ.
    අම්මට සුභ උපන්දිනයක් වේවා කියල කිවුව කියපන්. අපි ලගදි දවසක බලන්ඩ එනව කියලත් මතක ඇතුව කියපං

    ReplyDelete
    Replies
    1. //ඇයි දැන් මේව නැද්ද ?// ඔය විස්තර තමයි මුලින් ලියලා මැකුවේ.. හැක්. ලේනිගේ ගලේ නිධානේ තියෙනවයි කියන කෑල්ල ඇර අනිත් හරිය ගොඩක් කඩලා.. බෝධිය වටේ කුඹුරු ගොඩ කරල තට්ටු ගෙවල් හදපු එකෙන් එතනට හුළං එන්නෙත් නෑ එතන වාඩි උනාට ඈත පෙන්නෙත් නෑ. ඉතිං හවසට හවසට කට්ටිය බෝධිය ලඟට එන්නෙත් නෑ. ළමයින්ට සෙල්ලම් කරන්න වෙලාවක් නැති නිසා ගඟේ පිට්ටනිය හරක්ට හා වල් බල්ලොන්ට සින්න වෙලා. මේව බලලමද කොහෙද කුඩා ඔය හිඳිල කෙඬෑරි වෙලා දණිහිසෙන් උඩට වතුර තියෙන තැනක් හොයා ගන්නවත් නෑ. දැන් ඉතින් කාටද වටින්නේ?
      ෆොටෝ නැති එක හෙන අවුලක් තමයි බං. මට තාම ඔය ෆොටෝ අල්ලන පුරුද්ද ආවේ නෑනේ. අර පොඩුවකට්ටු ගැන ලියද්දිත් ඔය හැඟීමම ආවා. කියුවට විශ්වාස කරපන් මං දැන් ඉන්නේ ඔතන ඉඳල හැතැම්මක් හමාරක් උඩින්. මේ අපේ අම්මගේ ගම. පහුගිය විසි අවුරුද්දටම මං ඔය ගමට තුන් හතර වතාවකට වැඩිය ගිහින් නෑ. එහෙම යන්න දැන් ආස හිතෙන්නේ නෑ. පරණ මතකය විතරක් හොඳයි. :(

      Delete
    2. ප්‍රාධාන නගරය පේන දුරින් ( වෙල් යායෙන් එහා පැත්තෙන් පේනව ), අපේ ගම අවුරුදු 20 කට පෙර තිබූ විදිහමයි. පොඩ්ඩකට වෙනස් වෙලා තියෙන්නෙ නාන මංකඩ පාළුවට ගිහින් එව්චරයි. පුදුමෙ කියන්නෙ අවුරුදු 20 ටම හැදිල තියෙන්නෙ ගෙවල් හතරයි. තාම තියෙන්නෙ එදා තිබ්බ පොඩි කඩ දෙක විතරයි.

      Delete
    3. ///ලේනිගේ ගලේ නිධානේ තියෙනවයි කියන කෑල්ල ඇර අනිත් හරිය ගොඩක් කඩලා.. ///
      සාමාන්‍යයෙන් වෙන්නේ ඕකේ අනිත් පැත්තනේ...
      නිධානෙ තියෙන ටික කඩල අනිත් ටිකනේ ඉතුරු වෙන්නේ... හෙහ් හෙහ්...

      Delete
    4. කම්මලය.. ඔය පැත්තෙං ඉඩං කෑල්ලක් හොයා ගන්න තිබ්බොත් කියපං හැලපෙ අයියගේ ගෙදර එන දවසට බලල ගන්ඩ.. හැක්. මාර වටිනව එහෙම එකක් අහන්න ලැබිච්චි එකත්.

      Delete
    5. ලොක්කෝ.. සමහර විට ඇත්තටම නිධානේ තිබ්බයි කියන්නේ ඔය කඩපු හරියෙද දන්නෙත් නෑ.. මොකෝ අපි පුස්කොල පොත් බැළුවැයි.. හැක්.

      Delete
  12. පෝස්ට් එක අජූතයි කියලා තමන්ම කියාගෙන තියෙන නිසා මං ආපහු කියන එකේ තේරුමක් නෑනෙ.
    හැබැයි පරිසර වර්ණනාව වෙනදා වගේම සුපිරියි.
    මහප්‍රාණ ගැනත් වෙනදට වඩා සැලකිලිමත් වෙලා තියෙන හැඩයි.
    යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ ලිව්වත් අර "නිදහස් සිතිවිලි" වල යටින් තියෙනවා "නිදහසේ සිතුවෙමි" කියලා. ඒ වගේ කලා හිත යටින් දාගන්න "කලබලේ ලිව්වෙමි" කියලා.
    අම්මාට සුබ උපන් දිනයක් සහ නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. :( අජූතයි කියුවේ කලින් හදිසියේ පෝස්ට් කරපු එක.. මේ ටික දැක්කේ නැද්ද? //නැවත පෙර ලියවිල්ල 'ඩ්‍රාෆ්ට්' කර මෙසේ වෙනස් කොට// කලබලෙ ලියුවට නිදහසේ හිතල ආයිම වෙනස් කරා. හැක්.
      ටැන්කූ වේවා.. අම්ම මේක කියවනවා හෙට උදේ :)

      Delete
    2. සඳ වියමන්,

      / යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ ලිව්වත් අර "නිදහස් සිතිවිලි" වල යටින් තියෙනවා "නිදහසේ සිතුවෙමි" කියලා./

      ඇයි බොල නිදහසේ හිතන හින්දමනෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ එව්ව ලියවෙන්නෙ...:)

      Delete
  13. :) මාත් අම්මට සුබ පැතුවයි කියන්න....

    ගම් පලාත නම් හරිම ලස්සන පැත්තක් වගේ.. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. අම්ම හෙට උදේට ලියවයි ඔයාගේ සුභ පැතුම.
      අපොයි ඔව්. ගමක් විදියට තිබුණු කාලේ හරිම සුන්දරයි :)

      Delete
  14. 3rd Mile Post ලඟද ගම? Hingurugamuwa Complex එකනම් තියෙන්නෙ තේවතු අතර වගේ.
    ගමට යන්න තියෙන්නෙ බදුල්ලෙ ඉඳල පස්සර පාරෙ එනකොට වමට හැරිලද?

    අම්මාට සුබ උපන් දිනයක්.

    ReplyDelete
    Replies
    1. ග්ලේන් ඇල්ෆින් එකේ 'හිඟුරුගමුව ඩිවිෂන්' එකයි 'හිඟුරුගමුව ගමයි' ප්‍රා ට ටැපලිලා තියෙන්නේ. මේ ගමට යන්න පුළුවන් පාරවල් දෙකයි එකක් මුතියන්ගන පන්සල ගාවින් ස්ටේෂන් රෝඩ් එකේ දිගටම ගිහින් CCC එක පහු වෙලා ඔය මං කියල තියෙන අළුත් පාලමෙන් එගොඩ වෙලා යන්න පුලුවන්. නැත්නම් පස්සර පාරේ ගිහින් CTB ඩිපෝ එක ලඟින් උඩට එනම් ස්ප්‍රින්වැලි පාරේ ටික දුරක් යනකොට හම්බවෙන 'දෙමෝදර' බෝඩ් එක තියෙන තැන තුන් මං හන්දියෙන් පහල පාරේ ගිහින් යන්නත් පුළුවන්. ඔය ලොකු විස්තර කියුවට මේව ඔක්කොම පයින් වුනත් යන්න පුළුවන් තරම් පොඩි දුරවල්. හරියටම ඔය පාරවල් දෙක යන්නේ කුඩා ඔයට සමාන්තරව දෙපැත්තෙන්.
      තුනේ කණුව (පස්සර පාරේ) හරියේ තමයි ග්ලේන් ඇල්ෆින් වත්තේ හිඟුරුගමුව ඩිවිෂන් එක තියෙන්නේ.
      සුභ පැතුමට ස්තූතියි! :)

      Delete
    2. ඔව් හිඟුරුගමුව කාර්යාල සංකීර්ණය තියෙන්නෙ ග්ලෙන් ඇල්පින්වල තමයි.

      ඔය අනිත් පාරෙත් මං සෑහෙන්න ගිහින් තියනව. ඒකියන්නෙ ගම හිඳගල හා ගවරවෙල අතර වගේද?

      Delete
    3. ආයිත් ටැපලුනා ප්‍රා.. දෙමෝදර බෝඩ් එකයි කියුවට මේ බෝඩ් එක තියෙන්නේ පස්සර පාරේ ගිහින් ස්ප්‍රිංවැලි පාරට වැටිල ටික දුරක් යනකොට බදුල්ල ස්ප්‍රිංවැලි මාර්ගයේ. ප්‍රා කියන්නේ බදුල්ල බණ්ඩාරවෙල පාරේ දෙමෝදර හන්දියේ ඉඳල ස්ප්‍රිංවැලි දක්වා එන මාර්ගය හෙවත් බදුල්ල සිට දෙමෝදර හරහා ස්ප්‍රිංවැලි මාර්ගය. මේක ටිකක් ටැපලෙනව තමයි.මැප් එකක් බැලුවනම් හොයා ගතහැකි ලේසියෙන්ම.

      Delete
    4. මං දන්නව බදුල්ල ස්ප්‍රින්වැලි පාර අර පාර අයිනෙ පෞරාණික දේවාලයක් (හිඳගල ?) තියෙන්නෙ (පිට බිත්තිවල නුවර යුගයේ ලොකු දේව රූප ඇඳල තියෙන්නෙ ) , තව පාරක් තියනවනෙ කලම්බු කොමර්ෂල් එක පරෙ ගිහින් ස්ප්‍රින්වැලි වත්ත හරියට වැටෙන.

      Delete
    5. හැක් හැක්.. ඔය තියෙන්නේ ගින්දර වගේ.. හැබැයි ඔය කියන්නේ පස්සර පාරේ හිඳගොඩ ගැන. හිඳගොඩට චූට්..ටකට කලින් Cඨ්ඹ් එක පහු වෙනකොටම තමයි ස්ප්‍රිංවැලි පැත්තට හැරෙන්නේ. ඒ හැරිල මීටර් පන්සීයක් විතර යනකොට හම්බවෙනව ඔය මං කියපු දෙමෝදර බෝඩ් එක. එතනින් පහල පාරේ ගියාම හිඟුරුගමුව ඔය මං කියන අපේ ආච්චී උන්නු ගම. දෙමෝදර බෝඩ් එක ලඟින් උඩ පාර තමයි ස්ප්‍රිංවැලි පාර. ඓතිහාසික පත්තිනි දේවාලේ තියෙන්නේ එතන ඉඳන් මීටර් දෙසීයක් විතර ඉස්සරහට ගියාම එතනට කියන්නේ ලිඳමුල්ල/ කළුගල්පිටිය කියල.. එතනිනුත් තව සුට්ටක් විතර ස්ප්‍රිංවැලි පාර දිගේ ගියාම තමයි මං දැන් ඉන්න තැනට යන්න පුළුවන්. හරියටම බැලුවොත් හිඟුරුගමුව කෙලින්ම උඩ පාරේ. දැන්නම් ක්‍රිස්ටල් ක්ලියර් වෙන්නොනෙ හිටං.

      Delete
    6. //තව පාරක් තියනවනෙ කලම්බු කොමර්ෂල් එක පරෙ ගිහින් ස්ප්‍රින්වැලි වත්ත හරියට වැටෙන// එළකිරි. අර පහලින් රවියත් අහල තියෙන්නේ. CCC එක ගාවින් ගිහින් කණුපැලැල්ල හරහා යන රිල්පොල වේවැල්හින්න පාරෙන් ගිහින් දුනුවංගියෙන් හැරිල කඳන (තොරණ කපොල්ල ) හරහා ස්ප්‍රිංවැල්ලට.. ඒ පාරේ තමයි දැන් ගොඩක් ප්‍රයිවෙට් වාහන යන්නේ.. මාග එකෙන් (PM මගේ classmate) තමයි හැදුවේ පාර.. ඉතින් ගින්දර වගේ තියෙනවනේ.. හැක්.

      Delete
  15. 1988 -89 කාලේ, බදුල්ලෙත්, දෙමෝදරත් හිටියා. මේ ලිපියේ කියන ප්‍රදේශවල දිවා රෑ දෙකේම හක්කොලං කොලා. ගොටුවල පාලම ඇන්දේ දවස් තුනක් ඇම්බුෂ් එකක් දාගෙන ඉඳලා අවශ්‍ය ටාගට් එක ගත්තා.

    නමුණුකුල නැග්ගා එක දවසක්. ඒ සුන්දරත්වය කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේමයි ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලෙන් හැරිලා බල්ලකෙටුව හරහා බදුල්ලට එන පාරේ තියන සුන්දරත්වය. දෙමෝදර වත්තේ වේවැල්හින්න කොටසේ වැලි මුවන්, මීමින්නන්, අඳුන් දිවියන් වැනි සතුන් හිටියා. (අපේ පව්කාරයෙක් හිටියා දඩයමේ යන)

    අම්මපා අර එළිසාහාමිනේ ගේ වර්ගයේ එක්කෙනෙක්වත් එක ගමකට ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හුටා.........අර ප.ලි. කොටසේ තිබ්බ අම්මගේ උපන්දිනේ අමතක උනා නොවැ. ඇයට උපන්දින සුබ පැතුම් සමග දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

      Delete
    2. ඒ කාලේ බදුල්ලේදී අහුවුනානම් එහෙම බලාගන්න තිබ්බා අපේ හැටි. හැක

      Delete
    3. ඒක හැබැයි. එහෙනම් විචාරක අවිචාරක වෙනවා.. හැක්.

      Delete
  16. ගම් පළාත ගැන කියවද්දි නම් ආසා හිතුනා. අම්මට සුබ උපන් දිනයක් වේවා....!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ගියානම් හොඳ ෆොටෝ කෑලි ටිකක් අල්ලන්න තිබ්බා.. ස්තූතියි. මං රිප්ලයි දාන්න පරක්කු උනත් අම්මා මේ සුභ පැතුම් ඔක්කොම කියෙව්වා..

      Delete
  17. අම්මට සුභ උපන්දිනක් වේවා හොදේ...
    ආයේ ගමේ ගියා වගේ දැනෙනවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මං රිප්ලයි දාන්න පරක්කු උනත් අම්මා මේ සුභ පැතුම් ඔක්කොම කියෙව්වා..
      අපිටත් ඒ ගමේ විස්තර කියන්නකෝ බලන්න.

      Delete
  18. මල්ලි මේ .....අපිත් කණුපැළැල්ලට සම්බන්ධ කොල්ලො හරී?...උඹ දන්නවනෙ..මයෙ පොඩි අම්ම බැන්දෙ එහාට. අනික මම ඉපදුනෙ රිවර්සයිඩ්වල. මම කලින් කිව්වද කියල මතක නෑ, එක පාරක් ඔය ගඟ අයිනෙ පිට්ටනියෙ තිබ්බ අවුරුදු උත්සවේකටත් මම ආව. ඒ සිංහල අවුරුද්දකට පොඩි අම්මලගෙ ගෙදර ආපු වෙලාවක එහෙ මල්ලිල දෙන්න එක්ක ගිහිල්ල. එහෙ ලොකු මලය එල්ලේ කප්පිත්ත. එදානම් උඹලගෙ හිඟුරුගමුවට දුන්න කණුපැළැල්ලෙ එවුං හොම්බෙං යන්ට...:)

    බොලායෙ අම්ම කියාපු කවියෙ ඉතිරි පද දෙක මෙහෙමයි.

    රලු ගල් බොරළු මැද අප ආ අඩි පාරේ,
    යාවී දෙගොඩ මහ පාලම තැනුනානේ,
    පෙම්දස් මැතිඳ ජනහද හඳුනන මානේ,
    ඔබ වත දකිනවිට මට සතපහ සිහිවේ,

    මල්ලි අම්මට සුබ උපන් දිනයක් කියල මාත් කිව්වය කියාපං....:)

    ReplyDelete
    Replies
    1. //එදානම් උඹලගෙ හිඟුරුගමුවට දුන්න කණුපැළැල්ලෙ එවුං හොම්බෙං යන්ට// හරි හරී.. ඒ කාලෙ අපි පොඩි උන්නේ එකයි උන් චන්ඩි වෙන්න ඇත්තේ.. හැක්.

      අම්මප රවී අයියේ උඹ නම් දෙයියෙක්.. ඔන්න ඔය වගෙම තමයි අම්ම කියුවේ.. හැබැයි ඒක අහල රවුමට තිබ්බ වින්සන්ට් ඩයස් මහත්තයගේ මූණත් සත පහ වගේ උනාලු.

      අම්ම කියෙව්ව රිප්ලයි එක. සුභ පැතුමටයි කවියටයි තාම හිනා වෙනවලු.

      Delete
    2. මල්ලි මේ... ඔය පාරෙ, ඔය පාරෙ කිව්වෙ C.C.C. එක ගාවින් කණුපැලැල්ලට යන පාරෙ දුවන CTB බස් එක මොකක්ද? ඕකෙ දහ දොළොස් පාරක් ගියාට මට මතක නෑ බෝඩ් එක. මේ..ඉදල්ගස්හින්නට බොහොම සමාන නමක් කියල මතකයි. මම 2004 වගෙ ඔහෙ එද්දි ඔය පාර හදනව ..ඇක්සස්ලද කොහෙද කන්ට්‍රෑක්ට් එක කලේ...

      Delete
    3. වේවැල්හින්න.. කණුපැලැල්ල, දුනුවංගිය හා මේ ඊයේ පෙරේද නාය ගිහින් ගෙවල් යටවුන රිල්පොල පහුකරල උඩට යන්නේ.. ඔන්න මතක තියා ගන්න ඕනි ආයි කියන්න බෑ.. (මං කලිනුත් කොහෙදි හරි කොමෙන්ට් එකක කියල තියෙනව හිටං..) :p
      මෙන්න වැඩක්.. මොන ඇක්සස් ද.. මාග.. මාග.. ලංකාවේ පාරවල්නම් ඉතින් වෙන කවුද.. හැක්.

      Delete
    4. අඩේ..එක පාරකුත් කිව්වද? හරි...හරි...වෙරි සොරි..අපි ඉතිං වයසක මිනිස්සුනෙ බං...ෆොගෙට් මී නොට් හැමවෙලේම..හරි වේවැල්හින්න තමයි...ස්තූතියි…

      ඒ පාර කලේ මාග ද? මට මතක තිබ්බෙ බං ඇක්සස් වගෙ...අප්පටසිරි...ඒ දවස්වල ඔය පාරෙ යන්ටම බෑ. තනිකරම මඩ කියන්නෙ හප්පෝ....ඒ මදිවට පාර හරහ බෝක්කුවලට කපල එව්වයෙ අඩුගානෙ වෝනිං ටේප් එකක්වත් නෑ. උඹ මල්ලි ඒ කාලෙ මාග නෙවෙයිනෙ නේද?...හෙහ්,හෙහ්,

      අපි ඒ ටිකේ පොඩිඅම්මලගෙ ගෙදර ගියේ C.C.C. එක ගාවින් උඩහට ගියාම තියෙනව තව පාරක්, ඔය පාරට පැරලල්. අන්න ඒකෙ.

      Delete
    5. (මූ නම් කොටියම කාපිය..) අනේ නෑ රවී අයිය මං ඒ කාලේ හිටියනම් එහෙම වෙන්න දෙන්නේ නෑනේ දන්නවනේ.. බොරුනම් ඔන්න දැන් ඒ පාරේ ගිහින් බලන්න කිසි කේස් එකක් තියෙනවද කියලා.. හැක්.
      //C.C.C. එක ගාවින් උඩහට // එළදලුව පාර.. ගුඩ් ෂෙඩ් එක්ල ගාවින් රේල් පාර ක්‍රොස් කරලා රේල්වේ රනින් බන්ග්ලෝ එක ගාවින් වමට.. කටුපැලැල්ලගම දක්වා දිවෙන අති සුන්දර මාර්ගය.. කණුපැලල්ල උඩ හරිය වගේ පහුකරාම ඒවයේ ඉන්න උන්ටනම් ඇති සුන්දර කමක් නෑ ඉතින්....

      Delete
  19. කතාව ලස්සනයි... කියන්න තේරෙන්නේ නෑ පොඩි කල බල ගතියක් පේනවා... ( මම බැලුවේ ඒ කාලේ දෙගම් වාසී ගැටුම් තිබිලා තියෙන්නේ .. "මල්දෙණිය- කිරඹ ඔය" ගමේ දෙකේ විතරක් නෙවෙයි එහෙනම්? )

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. කලබලෙන් තමයි ආයිබන්ඩ කියුවේ.. දෙගං ගැටුං කියුවට ඉතින් මේවා බොහෝම සීතලට ගිය එව්වා.. කන බොන එක පවා අදටත් බෙදා හදා ගෙන තමයි කරන්නේ.

      Delete
  20. උඹේ අම්මා මට වඩා දවසයිනේ වැඩිමල් අර කිව්වත් වගේ.

    මේක ඇත්තෙන්ම අම්මට ඉතාම හොඳ උපන් දින තෑග්ගක් වෙන්න ඇති. දැන් තියෙන්නේ මේක කියවලා ඇවිස්සිච්ච මතකයෙන් අම්මා උඹට කියපු අලුත් කතා ගොන්න ආයෙම ලියන්න අපේ ආච්චී 3 හැටියට.

    ReplyDelete
    Replies
    1. ඩුඩ්ඩො, උඹ මගේ පොඩි එකාට වඩා දවසයි වැඩිමල්... හෙහ්...

      Delete
    2. ලොකු පුතා. අනේ චූටි එකාට සුභ උපන් දිනයක් පැතුවා කියහං උඹේ යාලුවෙක්.

      Delete
    3. ඔන්න එහෙනම් තුන් දෙනාටම හැපී බිලේටඩ් විෂස් මගෙනුත්.. ඇවිස්සිච්ච මතක ආයිම ලියන්න.. හැක් හැක්.. මාත් කැමතියි එහෙම ලියන්න ඩූඩ්. ඒත් ලියනෙක පට්ට කම්මැලියිනේ.. හැක්.

      Delete
  21. මම පෝස්ට් එක කියෙව්වේ දැන්...
    මේ දවස්වල උන්හිටි තැන් නැති වෙමින් පවතින නිසා පොඩ්ඩක් නොසන්සුන්...
    මුලින්ම මව් තුමිට උපන්දිනේට සුභ පතනවා...

    මටනම් මේ ලියවිලි රටාව හොඳයි.
    ඒ වගේම උඹලගේ ආච්චි අම්මා පට්ට ගේම් නේ දීලා තියෙන්නේ. ගේම් උනත් ඒවයේ ගමේ කම තියෙනවා, ඒකයි වටින්නේ...

    ReplyDelete
    Replies
    1. ලොක්ක, මව් ටුමී මෙව්ව කියෙව්වා.. උන්දෑ සන්තෝසේ ඉපිලෙනවා.. හැබැයි වැඩිය පෙන්නන්නේ නෑ ඉතින්.. උඹ හරි. ආච්චි නියම ගමේ ගෑනියක්.. ආච්චිට පොඩි ලෙඩක් තිබිල තියෙනවා අසාධාරණේ පෙන්නන්න බැරි.. සමහරවිට තව ලෙඩක් තියෙන්න ඇති අනිත් උන් ඔක්කොමත් උන්දැ වගේ හිතන්න වැඩ කරන්න ඕනි කියල හිතන.. කොහොම හරි ඒ උන්දැගේ හැටි ඉතින්.

      Delete
  22. ආච්චි සුප්පා ආතල් එකක් දීල තියෙන්නෙ.

    අදයි බොල මේ පැත්තට ආවෙ. ෆලෝවක් දුන්නා.. නැවත හමුවෙමු.

    ජය !

    ReplyDelete
    Replies
    1. සෑමා වෙල්කම් ටු කලාහිත. තව තව සුප්පා ආතල් දුන්නා.. හිටහන්කෝ එකක් දෙකක් ආයි ලියන්නම්.. දිගටම ඇවිත් පලයන් මචං. ජය ශ්‍රී!

      Delete
  23. ආචිචිත් මැර ඩයල් එකක් නේ???
    වෙන එකෙකුට නෙවෙයි....ආරච්චි කෙනෙක්ට ගේමක් දුන්නා කිව්වාම!!!

    ReplyDelete
    Replies
    1. ආච්චී එහෙමයි බං. උන්දැට හිතුනොත් කොහෙ හරි කාට හරි අසාධාරණයක් උනා කියල ආයි මැරෙනව බලන්නේ නෑ ඉතින්. ඒ වගෙම තමයි ආච්චී සුපිරි හිටිවන කවි කාරියෙක්.. හොඳ කතන්දර කාරියෙක්. මළපොතේ අකුරක් ඉගෙනගෙන නැති උනාට රෑ එළිවෙනකම් මළ ගෙවල් වල යශෝධරාවත කට පාඩමෙන් කියපු ඩයල් එකක්..

      Delete
  24. කියවන්න ආස හිතෙන ලියවිලි රටාවක්.
    ආච්චි කොහොම වුනත් සුන්දර ගැහැණියක් කියා මට නම් හිතෙනව...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඈ හරිම සුන්දර ගැහැනියක්.. මං මේ ලියල තියෙන්නේ අපේ ඔළුවලට අහල කා වැදිල තියෙන කතන්දර ටිකක් විතරයි.. ඒත් කරුවල වැටුනට පස්සේ පිළේ ඉඳන් අහල පහල ගෙවල්වල උන් එක්ක තරඟෙට හිටිවන කවි කියපු ඕනෙම එකෙක්ගේ දුකකට උණු වෙච්චි කලබලවෙච්චි ගෑනියෙක් උන්දෑ.. ඒ කතා ඉස්සරහට ලියන්නම්කො.

      Delete
  25. මුලින්ම මිත්‍රයාගේ අම්මාට සුභම සුභ, නීරෝගී උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා...! (කෝ ඉතින් විෂ් කරලා කාඩ් එකක් එවන්නවත් කලින් දන්න එකක් යැ...)
    //නැවත පෙර ලියවිල්ල 'ඩ්‍රාෆ්ට්' කර මෙසේ වෙනස් කොට අද දින නැවත් පල කරමි//
    මම බැලුවා යකෝ පෝස්ට් එක යකා ගිල්ලවත් ද කියලා... මේ පෝස්ට් එක කියෝන කොට මතක් උනේ අපේ ආතා. අවු: 80 විතර වෙනවා.. ඇවිදගන්නවත් බෑ... ඒත් වත්තෙ පිටියෙ වැඩ කරන එකමයි දවසෙම කරන් දේ.. අපි එපා කියනවා.. කොහෙද එයා නෙවෙයි සතේකට ගනන් ගන්නෙ...

    ReplyDelete
    Replies
    1. අපේ අම්මට මයෙ හිතේ උපන්තේකට උපන්දිනයකට කාඩ්ඩෙකක් හම්බෙලා නැතුව ඇති.. ඉතින් උඹ එකක් යැව්වේ නෑ කියල ඒකේ අරුමයක් නෑ බං.. මේ හොඳටම ඇති.
      බොරු කියන්නේ මොකටද අපේ ආච්චී නම් ඔය වත්තේ පිටියේ වැඩ වලට විශේෂයෙන්ම තනියෙන් ඉඳන් කරන වැඩ වලට වැඩි මනාපයක් නෑ. උන්දෑ කයියකට බතකට ගියත් අනිත් උන් හිනස්ස හිනස්ස කතන්දර කිය කියා ඉන්නවා මිසක් වැඩිය ඇඟපත හොලවලා වැඩ කරන්නේ නැතිලු. ඒකටත් එක්ක කොහෙ හරි කදයකට එහෙම සෙට් උනොත් ඉතින්.. හැක්.

      Delete
  26. කමි ගෙ අම්මට සුභ වේවා කියලා පතනවා..
    ලස්සනට අලංකාර සහිතව වචන ගලපන හැටි නම් අපූරුයි.
    ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලබ්බෝ සුභ පැතුමටත් අගේ කිරීමටත්. ජය ශ්‍රී!

      Delete
  27. ඔන්න අම්මට මාත් සුබ පැතුවය කියන්න. ආච්චිගේ කතා ආච්චි කියාපු විදිහටම දාපං...කලබල නොවී. කොහොම වුනත් ආපහු ගමේදී හම්බවෙමු අර වගේ CD එකක් එලියට දාන්නවත් .

    ReplyDelete
    Replies
    1. මාත් ඒක තමයි බං කල්පනා කරේ ආයි CD එකක්වත් කරන්න මොකාද ඉන්නේ කියලා.. එදා වගේ නැතුව ආගිය කතා ටිකක් කතා කරන්න පුළුවන් තැනක සෙට් වෙන්නම ඕනි. තැන්කූ වේවා සුභ පැතුමට.

      Delete
  28. මේකේ පළවෙනි කොටසත් කියෙව්වෙ අද කමියො. මට අපේ තාත්තගෙ අම්මා මතක් උනා. උන්දැටත් මේ වගේ කතා සෙට් එකක් තියෙනවා. හැබැයි උන්දැ මට තමා ගොඩක් කැමති. දැන් නම් අපිව දාල ගිහිං අවුරුදු පහළවකට කිට්ටුයි. නියමයි. දිග වැඩි ගතියක් දැනෙන්නෙ නෑ මටනම්. ඔය කියන ගම් පැත්ත බලන්න ආසාවක් ආවා කියහන්කෝ :D

    ReplyDelete
    Replies
    1. අම්මාට සුභ පතන්න අමතක උනා නෙව. දිර්ගායුෂ ප්‍රර්ථනා කරනවා.
      ජය වේවා!!!

      Delete
    2. //හැබැයි උන්දැ මට තමා ගොඩක් කැමති.// එහෙනම් ඉතින් උඹටත් උන්දැව මතක් වෙනවා ඇති නිතරම.. ඉතින් ලියපන්කෝ රසට ඒ කතන්දර අපිටත් කියවන්න..
      තැන්කූ වේවා සුභ පැතුමට!

      Delete
  29. මුලින්ම අයියගේ අම්මට සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. අයිය දැක්වුව සහයෝගයට හුඟක් ස්තූතියි. ගිය සතියේ තමයි මුලින්ම මං මේ පේජ් එකට ආවේ. පෝස්ට් ගොඩක් කියෙව්වා. ඔක්කොම කියවන්න බලාපොරොත්තු වෙනවා. ස්තූති කරන්න ප්‍රමාද වුනාට සමාවෙන්න. මං බදුල්ලේ නෙවේ, බණ්ඩාරවෙල. දැං නං ඉන්නේ බදුල්ලේ. ආයෙමත් ස්තූතියි අයියේ.

    ReplyDelete
  30. ඔයත් අපේ මේ සුරංග අයිය වග‍ේ ආච්චම්ම සීරීස් එකක් ලියන්න ද යන්නේ ??????????
    ඹයාගේ ආච්චම්මත් මරු වැඩ රාශියකට දායක වෙලා තියෙන පාටයි. හී හී

    ReplyDelete
  31. ඔයත් අපේ මේ සුරංග අයිය වග‍ේ ආච්චම්ම සීරීස් එකක් ලියන්න ද යන්නේ ??????????
    ඹයාගේ ආච්චම්මත් මරු වැඩ රාශියකට දායක වෙලා තියෙන පාටයි. හී හී

    ReplyDelete
  32. මුලින්ම අයියගේ අම්මට සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. අයිය දැක්වුව සහයෝගයට හුඟක් ස්තූතියි. ගිය සතියේ තමයි මුලින්ම මං මේ පේජ් එකට ආවේ. පෝස්ට් ගොඩක් කියෙව්වා. ඔක්කොම කියවන්න බලාපොරොත්තු වෙනවා. ස්තූති කරන්න ප්‍රමාද වුනාට සමාවෙන්න. මං බදුල්ලේ නෙවේ, බණ්ඩාරවෙල. දැං නං ඉන්නේ බදුල්ලේ. ආයෙමත් ස්තූතියි අයියේ.

    ReplyDelete
    Replies
    1. නමුණුකුලින් ආ සමනලිය.. වෙල්කම් ටු කලාහිත.. ස්තූති ඕනි නෑ.. ගමේ එකෙක් උනාම නග්ගලා ගන්න එක අපේ යුතුකම..බදුල්ල මොකෝ බණ්ඩාරවෙල මොකෝ.. අපේ තාත්ත බණ්ඩාරවෙල අම්ම බදුල්ලේ ඉතින් මං ඔය දෙපැත්තටම අයිතියි.. හැක්. ගමේ නොවුනා කියලත් වෙනසක් නෑ.. මටත් එහෙම ගොඩක් දෙනෙක් උදවු කරා.. ඉතින් මාත් හැකි පමණ හැමෝටම උදව් කරනවා. එච්චරයි. අපි හැමෝගෙම අභිප්‍රාය සිංහල බ්ලොග් කලාව නංවන්න. ඒකට ඔයත් දායක වෙන්න. ඒක තමයි මට කරන්න පුළුවන් ලොකුම ස්තූතිය..
      මතක ඇතුව ඔයාගේ පෝස්ට් එකට වැටෙන හැම කොමෙන්ට් එකකටම පුංචි හරි රිප්ලයි එකක් දාන්න.. වෙලාව තියෙන විදියට අනිත් අයගේ බ්ලොග් පෝස්ට් එහෙමත් කියවල කොමෙන්ට් එකක් දාන්න පුංචියට හරි.. එතන තමයි බ්ලොග් ජනප්‍රිය කරවීමේ රහස තියෙන්නේ.
      ශ්‍රංග ගේ ආච්චි අම්මා දැන් සුපර් ස්ටාර් වෙලා ඉවරයි. අපේ ආච්චි අම්මව යවන්න වෙන්නේ රියල් ලීඩර් වගේ වැඩිය ෆේමස් නැති රියැලිටියකට තමයි.. හැක්. ඇවිත් බලල කමෙන්ට් එකක් දාපු එක ගැන සන්තෝශයි.. වෙලා තියෙන විදියට ආයි එන්න. ජය ශ්‍රී!

      Delete