Tuesday 15 March 2016

සබඳ එනුමැන සැරිසරන්නට නෙළුම් යායක ආදරෙන්... Spring has sprung, and bees are humming!

ඉරා... තිමිර පට... ලොවම එකලු කර
දිනා ගන්නට ලෝකයක්... 
පෙරා... පහන් කල... සරා සඳක් ලෙද
තැබූ මාහැඟි පියවරක්... 
එකමුතුවෙලා... අත්වැල් බැඳන්...
විකසිත කලා... හදවත් රැසක්...
නෙලාගන්නට එන්න මිතුරේ - සුවඳ ගැල්වූ මල් මිටක්...
සුවහසක් මල් පිපී හිනහෙන - නෙළුම් යායක ඉසිඹුවක්...
නෙළුම්...යායට එන්න මිතුරේ- දිනා ගමු අපි ලෝකයක්...//

උදා හිරු පිනි- ගත සිඹින කල 
හමන මදනල- අවදිකල සිත
යොමා ලොව වෙත- සරන දන මන
සවිය වන්නට- වෙහෙසෙනා... 
මැවෙන සිනහා - ගලන මනු දම්
උනන කඳුලැළි- නෙතු කෙවෙනි මත
පිපී හිනැහෙන- නෙළුම් යායට
එන්න මිතුරේ- පා නගා...

වැට කඩොළු- නැති සිතුම් පෙලහර
අකුරුවන සිය- දහක් පෙති මත
නොනවතින පන්-හිඳක තුඩු අග
වර නැගෙන- දිවි සාගරෙන්...
එක මිටට ගෙන- නිල් අහස මත
අදින්නට රූ- හිතු මනාපෙට
සබඳ එනුමැන- සැරිසරන්නට
නෙළුම් යායක ආදරෙන්...



RSVP: කටුස්සා...


139 comments:

  1. මෙහෙම ආරාධනා කරද්දී සැරිසරන්න එන්නට නොහැකිවීම ගැන ඇතිවන්නේ දැඩි කණගාටුවකි.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතාපවත් 'ප්‍රසන්ස්' එක නැතිවීම අපටත් මහත් කණගාටුවකි.

      Delete
  2. චැහ් මේ හැලපයිය නිසා එක වෙන්න බැරි වුනා නෙ. කමක්නෑ මං දෙක.

    ReplyDelete
    Replies
    1. හැලපයියට දෙක උනාට අවුලක් නෑ මචෝ..

      Delete
  3. Replies
    1. යනකොට පරිස්සමින් ගිහින් ඇරලන්නම්.

      Delete
    2. මාමේ මාවත් මාවත්!

      Delete
    3. දෙකේ බදුල්ල බස් එකට දාන්නම්.. හැබැයි වෙරිමරගාතේ ගිය පාර කටුස්සා කරා වගේ බස් එකෙන් බහිනවා එහෙම නොවෙයි..

      Delete
  4. මෙදා සැරේ නම් එනවා... පාස්කුවට ගෙදර යන එකත් අවලංගු කර දැම්මා ඔන්න...

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන නිළිය නැතුව? එහෙනම්..

      Delete
    2. නාටිටිය අහවර වුණාම හැමෝම ඇවිත් ප්‍රධාන නිලියට සුබ පතයි නේද?

      Delete
    3. සුභ? වැඩේ ලස්සනට උනේ නැත්නම් සුභ කෙසේ වෙතත් පතුරු ගහනවා ප්‍රධාන නිළියව..

      Delete
  5. ඔය තරම් ආදරෙන් සැරිසරන්න ගියොත් සිකියුරිටි උත්තමයො කියයිද ලමයෙක් අරං එන්න කියල?

    ඔතන උස අඩු කවුරුවක්වත් නෑ මෙන්න ලමය කියල පෙන්නන්න

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් ඉන්නවා.. පොඩි අවුලකට තියෙන්නේ.. එක්කෙනෙක්ගේ කෙස් ඇත්තෙම නෑ.. අනිත් එකීගේ කොන්ඩේ දිගම දිගයි..

      Delete
    2. අවුලක් වෙන්නෑ... මිනිස්ට්‍රියෙ නේ තියෙන්නෙ

      Delete
    3. ප්‍රශ්නයක් නෑ හුලඟෙන් ලමයින්ටත් තට්ටෙ බෝවෙනවනෙ. ඒත් මෑන් මෙහෙ සීතල නිසා ගියපාරවගේ ෆුල්සූට් එකෙන් ආවොත්....

      කොන්ඩෙ දිග එක්කෙනා අඟල් දහතුනාමාරෙ හීල් එක දැම්මාම අවු 18ක් විතර පේනව.

      ලව්පූස් නම් ඉතින් ලදරුවෙක්වගේ සිරියාවන්තයි. හිනාවට බඩ පිරෙනව කියල චෙෆ් කෙනෙකුත් කිව්ව

      Delete
    4. ඔව්. ඕන් ද ස්පොට් මිඩියා වලට නිව්ස් එක දෙන්න පුළුවන්.. හි හි..

      Delete
    5. //හුලඟෙන් ලමයින්ටත් තට්ටෙ බෝවෙනවනෙ// හිහ් හිහ්.. හුහ් හුහ්.. හෙහ් හෙහ්.. මේක අර රවිගේ 'පුවක් එෂණින්' එකේ ප්‍රචාරය කරන්න ඕනි එදාට..

      Delete
    6. මන් හිතුවේ සම්මාන උළෙලක් කිව්වම සූට් අඳින්න ඕනේ කියලනේ. මේ පාර ඔය සරමක් වත් ඇඳන් එන්නම්.

      Delete
    7. මෙහෙ ඔය ඕනෙම ඇඳුමක් ඕනෙම තැනකට 'සූට්' වෙනවා.. :)

      Delete
  6. සැඟවුනු අමුත්තා තරගයක් තියේද?

    ReplyDelete
    Replies
    1. අමුතු අයනම් ඉඳියි , ඒත් හැංගෙන එකක් නෑ KM ෆොටෝ ගැහුවෙ නැත්නම්

      Delete
    2. අමුතු අයත් ඉන්නවා.. හැංගිච්ච අයත් එදාට එනවා.. මං කැමරා ෆෝන් එක ගෙදර තියලා එන්නේ.. නැත්නම් අනිත් අයට තරඟයක් නැති වෙනවනේ..

      Delete
  7. මෙහෙම කියන කොට
    නෑවිත් කොහොමද...?

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මාත් කොහොම හරි එන්න හිතාගෙන ඉන්නේ..

      Delete
    2. කොට මොකටද යකෝ. ෆුල් එව්වා තියෙද්දී.

      Delete
    3. කොට ඕනි පහු වෙනිදට..

      Delete
    4. ඔය කොයි කොයි ලයිසෝන් චන්ඩි ටික එදාට එලියට එයි නේ. ඒවගේම පොට්ටු අම්මගේ සෙට් එකත් එදාට එලි බහිනේ

      Delete
    5. ඒ කියන්නේ ඇනොත් එනවා නේ.. :) එළකිරි.

      Delete
  8. නිමාඩු දැම්මේ නෙලුම් යාය නිසාමයි

    ReplyDelete
    Replies
    1. වැඩක් ඇති දේකට නිවාඩුවක් දැම්මමයි නේ.. හි හි හි..

      Delete
    2. බොරු කියන්න එපා බබී.. මාව බලන්න එන්න නේ ඔයා නිවාඩු දැම්මේ වස්තුවේ.. හැක්

      Delete
    3. දිව බොරු කියන්නේ නා කියන්නේ ඕකනේ.. පේනවනේ.. උඹව බලන්න නෙවෙයි මාව බලන්න තමයි එයාට ඕනි.. ඒකනේ නෙළුන් යායටම එන්න නිවාඩු දැම්මේ..

      Delete
    4. ඔමා නිවාඩු දාල එනවා කියන්නේ මම අනිවාර්යයන්ම එනවා.

      Delete
    5. ඔමා එන එකේ හැබැයි ඔයා නාවත් අවුලක් නෑ.. ඔමා චොකලට් ගෙනෙයිනේ..

      Delete
    6. මේ සාරි අදින්න ඒවා මේවා නම් මට තේරෙන්නෑ ඒ වගේම කැතයි, කාසමයි සී සට් එකයි තම්‍යි ඈ

      Delete
    7. කාසන් සී සර්ට් ඇඳලා පුල් සෙක්සි විදියට එනවට තමයි අපිත් කැමති මෙයා..

      Delete
  9. නිමාඩු දැම්මේ නෙලුම් යාය නිසාමයි

    ReplyDelete
    Replies
    1. මේ මගේ හිතේ රිටර්න් ටිකට් එකට වෙන්න ඇති..

      Delete
    2. ෆෝන් එකෙන් දෙකක් වැටෙන එක වලක්වන්නම බෑ , :(

      Delete
    3. කොමෙන්ට් කරලා ඉවර වෙලා බැක් යන්න එපා. ඒ වින්ඩෝ එක ක්ලෝස් කරලා දාන්න.. මට තිබ්බ අවුල එතකොට විසඳුනා.

      Delete
  10. බබාලා එක්කං එන්න පුළුවන් නේද? :)

    ReplyDelete
    Replies
    1. අනේ මං දැන්නේ දැක්කේ, මාත් ඉන්නවා මේ පෝස්ට් එකේ පිංතූරයක, :D

      Delete
    2. ලොකු බබා එක්ක එනවනම් අනිවාර්යයෙන්ම පොඩි බබෙකුත් එක්ක එන්න.. නැත්නම් සමහරවිට සිකියුරිටි එකෙන් කේස් එකක් දායි.. ;)

      Delete
    3. ඔව් වොව්.. ඒක මං හිතලමයි දැම්මේ.. මේ පාරත් සම්මානෙට ඔයාගේ පින්තුරේ තමයි ගන්න ඉන්නේ..

      Delete
  11. කස්ටියම කඩි මුඩියේ... ලහි ලහියේ... නිවාඩු දාගෙන..ගී සිංදු.. කවි කතා කියාගෙන.. අළුත් ඇඳුම් අරගෙන.. කස්ටිය කතා කරගෙන.. බෝත....ම්ම්ම්.. මේ මේ.. ඉතිං.. හෙහ් හෙහ්..
    සුන්දර දවසක් අත ලඟයි...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මොකක්ද අර 'බෝත තිත් තිත්' කතාව.. තේරුණේ නෑනේ.. හැක හැක හැක.. අපි මේ හොඳ ළමයි නරක කරන්න එහෙම හදනවා නෙවෙයි ඔන්න..

      Delete
  12. නෙලුම්යායක වැඩේ ඉවරව
    බමන මතකට සාදරෙන්
    ඉවාන් සහ අන් නොබොන සගයන්
    බයිට් වන්නට වත් වරෙන්
    පිරිමි තනියම නොවී පෙරසේ
    සියළු දෙන බොමු බෝතලෙන්

    ReplyDelete
    Replies
    1. අරක්කු කොම්පැනියක වැඩ කරන එකෙක් වගේ කොයි වෙලෙත් බෝතල් ගැනමයි කතාව.. හැක හැක හැක..

      Delete
  13. ජෙංනි එක්ක ඇවිදං යමු හවහට අපි

    ReplyDelete
    Replies
    1. //ජෙංනි// නෙවෙයි ජෝර්ජ්. උඹට බබී ගේ යාළුවගේ නමවත් මතක නෑනේ..

      Delete
    2. ජෙනී එකක් ඕනෙවෙයිද?

      Delete
    3. හෆොයි.. අපිටනම් ඉතිං තනි ලියද්දේ ඒවා තමයි හරියන්නේ..

      Delete
    4. මොන බබියෙක්ද බං ඒක් යස්සනියක්..

      මම කිව්වේ අජියගේ ජොනි ඇවිදින්නා ගැන. හැක්

      Delete
    5. @ මහප්‍රරාණ

      හැක්.. යන්තං ඒක තේරුනානේද කමියෝ..

      Delete
    6. උඹ කියපු එක මට තේරුනේ පස්සේ කියහන්කෝ.. ඇයි ඉතින් දේශකයා කියනකොටම මතක් වෙන්නේ උඹෙයි බබී ගෙයි ලවු එකනේ.. හික්..

      Delete
    7. අපි ඕවට නැහැ. කොස් දනියෙල් නැත්නම් තනි හෝර්ලික්ස්

      Delete
    8. ඔය කියලා අත් දෙක වන වන ආවොත්නේ..

      Delete
  14. ඉරා අඳුරු පට පෙරදිග අහසේ
    පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
    අරුණළු උදයේ දිලිසෙන පිණිමත
    පියමං කරමින්
    අහස් ගව්වටයි ළං වන්නේ

    ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
    බොඳවී යාදෝ
    මිණි කැට මිහි තුළ
    පා පෙරළී ගොස්
    රැඳේද අප හැම
    ඉමක් නොපෙනෙනා
    අහස් ගඟේ

    ඉර හඳ නැති වී සුළඟ සසුම් ලන
    දවසක් ඇවිදින් උදාගිරෙන්
    කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
    එකමුතු වී අපි ඉමු මිතුරෝ
    එන්න මගේ පිය මිතුරෝ
    එන්න මගේ පිය මිතුරෝ
    එන්න මගේ පිය මිතුරෝ

    ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
    ගී පද - මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
    සංගීතය - ප්‍රේමසිරි නේමදාස

    ReplyDelete
    Replies
    1. හි හි හි.. ඒ කාලේ නෙලුම්යාය ගැන ලියපු සින්දුවක් වගේ නේ බං.. උඹටත් මේවා කොහෙන් හම්බවෙනවාද දන්නේ නෑ. :)

      Delete
    2. අන්න රසික ගේම මුණුපොතේ “ආචාර්ය“ කේමදාස තැතෙයි කියලා

      Delete
    3. මං කියුවේ සංගීත කාරයොත් ඔක්කොම මහා මහා ආචාර්යවරු නේ බං.. ලේසි නෑ..

      Delete
    4. අනේ මන්දා දෙශෝ ...කියන්නත් මොනවා හරි තියෙන්න එපැයි ..
      "සංගීතය - “ආචාර්ය“ ප්‍රේමසිරි කේමදාස" ..ඔන්න හැදුවා ...නමත් වැරදිලා "නේමදාස" කියලා ..හපොයි ඒක නේ දකින්න තිබුනේ ..

      Delete
    5. දේශකයා,
      මගේ අදහස නම් කලාකරුවන්ට පට්ටම් දමා ඇමතීම අනවශ්‍ය බවයි.

      Delete
    6. @ සිංදුවා.. මේකේ තාම තියෙන්නේ නේමදාස කියල.. උඹව එල්ලන්න වෙනවා.

      @ රසික.. මටත් හිතෙන්නේ කලාකෘති වලදී පට්ටම් නම්බු නාම වලින් නම් වැඩක් නෑ..

      Delete
    7. කමියෝ මේක මෙතැන හදන්න බෑනේ ....ඕනිමනම් ඕන්න ඩිලීට් කරලා දාමු ..හැක්

      Delete
    8. උඹට ආතර් ගේ බලතල පාවිච්චි කරන්න හිතුනද? ඕනි නෑ.. කියන්න ඕනි ටික ඔක්කොම රිප්ලයි වල තියෙනවනේ.

      Delete
  15. උභතෝකෝටිකයක පැටලී සිටිමි. 27 උදේ 6 වෙනකොට මාව නුවරඑළියට යවන්න පුලුවන්ද? නොගියොත් මා නසී.

    ReplyDelete
    Replies
    1. හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. පාන්දර 2 ට පිටකොටුවෙන් නුවර හරහා බදුල්ල බස් එකක් යනවා.. ඒක 4.15 විතර වෙනකොට පේරාදෙණියට යනවා. එතනින් නුවර එලිය බස් එකක් ගන්න.. 6 ට නුවර එළියේ..
      ගියොත්.. හි හි හි.. නුවරඑළියේ කවුරුවත් නසින්නේ නා කියලනම් ෂුවර්. හැක හැක..

      Delete
    2. ටිකක් රෑ වෙද්දි දෙකක් දා ගත්තා ම උදේ හය නෙමෙයි රෑ 10 විතර වෙද්දි වුණත් යවන්න බැරි කමක් නැහැ..... හැබැයි ඔන්න උදේ 8 ට විතර කියන්න එපා අනේ පුතේ බහින්න බැරි වුණා දැන් ඉන්නේ බණ්ඩාරවෙල කියලා හරිය..........

      Delete
    3. බෑග් අමතක කරන්නත් බෑ. වැඩි උනොත් කටුස්සව තනියට එවන්නම්.

      Delete
    4. අන්න ඩබල....... අත් දෙකවත් ගැටගහලාම යවමු..... නැත්තං මුං එකම බස් එකේ වුණත් තැන් දෙකකට තැන් දෙකකට යන්න ඉඩ තියෙනවා......

      Delete
    5. අපෝ පිටකොටුවේ සිට නුවර එලියට රෑ 2ටත් බස් තියනව ......

      Delete
    6. අංකල් පොඩි කාරෙකක් දෙන්නද හෑර් එකට?

      Delete
    7. අම්මෝ...දැනුයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.මගේ නම ගෙනියන්න එකෙක් ඉන්නවා කියලා දැනගත්තහම දැනෙන සතුට ......

      Delete
    8. දැම්මම බඩු වගේ කස්ටියට..

      Delete
  16. මමත් එන්න හිතං ඉන්නේ , කමක් නැද්ද ආවට ? HIV සෙටිපිකට් ගේන්න ඕනද?

    ReplyDelete
    Replies
    1. ආවට කමක් නෑ.. කාගෙවත් උකුලේ නිදා ගන්න තහනම්.

      Delete
    2. ඔව්වොව්
      HIV ඉතරක් නෙවී ජැපනිස් එන්සපටපලපටයිපීස් සැටිපිකෙට්ටුවත් ඕනලු හිමි

      Delete
    3. එතන තෙල් බෙහෙත් විකුණන තැනක් නොවෙයි බොලල්ලා..

      Delete
    4. අම්මගේ තාත්තගේ විවාහ සහතිකෙත් ඇන්න වරෝ ....ආ උප්පැන්නෙත් ඕනෑලු ..තව ස්ත්‍රී පුරුෂ භාවයත් චෙක් කොරලාලු ගන්නේ ....හැක් .සුළගෙන් බෝවිය හැකි සමාජ රෝග බහුල බැවින් ඒ සඳහා ප්‍රවේසම් වෙන ලෙස සංවිධායක කමිටුව අනතුරු අඟවනවා ...

      Delete
    5. ඒඩ්ස් නැහැ කියලා ඕනනං 2000 කට දෙනවා.... තියෙනවා කියලා ඕනනං 4000ක් වෙනවා... කෝකද උඹලට ඕනේ.....

      Delete
    6. අපරාදේ ඔච්චර කරපු එකේ ඔය ඉස්සරහින්ම මෙඩිකල් සෙන්ටර් එකකුත් දාන්න තිබ්බා බ්ලොග් ලියන දොස්තර නෝනලා දෙතුන් දෙනෙක් එක්ක ඇවිත්..

      Delete
    7. දැන් මචං වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ ඒඩ්ස් තියෙනවා කියලා සහතිකය ගන්න එකටයි..... ඊට පස්සේ ට්‍රනිටි දාන පෝලිමෙත් ඉන්න වෙනවා හැබැයි...... ඒකටත් සර් කෙනෙක්වත් සෙට් කරගත්තා ම හරි........ ආ... තව මාධ්‍ය කාරයෝ ටිකකුයි නිමල් වගේ පොරකුයි ඕනේ..... හැක්

      Delete
    8. එඩිස් කියන්නේ මොනවද?

      Delete
    9. ඒඩ්ස් කියන්නේ ඔය පොඩි පොඩි උපකාර කරන ඒවා තියෙන්නේ අන්න ඒවටනේ .. USAID කියල එහෙම තියෙන්නේ මහා පරිමාණයෙන් කරන ඒවා මගේ හිතේ..

      Delete
  17. නිදිමතයි වගේ
    එදාට නින්ද යන සීන් එකක් තියෙන්නෙ මට කෝච්චි ඔක්කම බැරි වෙනාලු

    ReplyDelete
    Replies
    1. කලින් දවසේ ලෙඩ නිවාඩු දාලා අපේ කාමරේ ඇවිත් හිටපං.. මං ඇහැරවලා එක්ක යන්නං..

      Delete
  18. අපිටත් එන්න ඇහැකිද අයියේ............ ඡායාරූප ගත්තොත් අල්ලන් යනවාද????????

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය චායාරුප ගත්තට අල්ලන්නේ නෑ. මගේ වගේ VIP චායාරුප ගත්තොත් තමයි කේස්..

      Delete
  19. පුංචි කුඩා උන්ට එන්න ඇහැකි පොඩි එකෙක් නිසා අහන්නේ

    ReplyDelete
    Replies
    1. එන්න පුළුවන්. මඟදී ගෙදර යන්න ඕනි කියල ඇඩුවොත් බිල්ලෙකුට කියනවා ගිලින්න කියල..

      Delete
  20. නෙළුම් යායක සැරිසරන්ට නම් ඉතිං එක්කො කොරවක්කෙක් වෙන්ට ඕන නැත්තං දියබරියෙක් වෙන්ට ඕන...:)

    ReplyDelete
    Replies
    1. ඇයි කිඹුලියො ගෙම්බො කබරයො
      මේ ඔක්කම බ්ලොග් ලියන උංදල නෙව හැක්

      Delete
    2. දවසේ කමෙන්ටුව...
      නෙළුම් යායේ ඕකුන්ට වඩා ඇවිදින්නේ Pheasant-tailed Jacana වගේ කුරුල්ලෝ, උගේ සිංහලෙන් ලියපු උප්පැන්නේ නම තියෙන්නේ සැවුල්පෙඳ දියසෑනා කියලා...

      Delete
    3. ටිකක් විතර රෑ වෙනකොට නෙලුං කොල උඩ ඇවිදින කොරවක්කො ටිකක් බලාගන්ඩ පුලුවං වෙයි ....

      Delete
    4. එනකොට එන්න කියන්නේ සුදු හංසයෝ, රන් වන් වරල් තියෙන මාළුවෝ වගේ.. යනකොට දියබරියෝ, කබරයෝ ඔය ඕනි විදියකට ගියාට අපිට කමක් නෑ..

      Delete
  21. මමත් එදාට එන්න කියල බැලුවේ...
    අපි වගේ හුදී ජනයා රෑ වෙලා අඹ ටිකක් වැඩියෙන් පෙවිලා පාරේ යද්දී පොලෝසියට තමයි වැඩිය බය...

    ReplyDelete
  22. නෙලුම් යායට හංසයන්ට එන්න පුලුවනිද. :) පුළුවන් කමක් ලැබුන ගමන් එන්න ආසාවෙන් ඉන්නේ.එනවනම් කලින් කියන්න ඕනද ? කොහොමද වෙන්නේ.කලින් ඇවිල්ල නැති නිසා දන්නේ නැහැනේ ...

    ReplyDelete
    Replies
    1. කලින් ලකියන්න ඕනේ නැහැ. ඇවිත් යන්න පුලුවන්නම්.

      Delete
    2. කබරයන්ට එන්න පුළුවන් නම් හංසයන්ට එන්න බැරි මොකද? මේ නෙලුම් පිපෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විලක.. හැමෝටම සමාන අයිතිවාසිකම්.. :)

      Delete
    3. ප්‍රජාතන්ත්‍රවාදී නෙළුම් විලක්.. කටුස්සො, බස්සියො හෙමත් ඉන්නෙ...

      Delete
    4. ඔව්. හැබැයි එරුනොත් හරි ගිලුනොත් හරි එහෙම අපිට දොස් කියන්න එපා.. හැක හැක..

      Delete
  23. මොකද අර RSVP කටුස්සා කියල දැම්මෙ ..???
    මට නං හොඳටෝම සැකයි .....

    ReplyDelete
    Replies
    1. මටත් හැකයි

      Delete
    2. උඹලා දෙන්නට විතරයි බං හැකේට හරි ඒක මීටර් උනේ.. මේක මේ ඔය යෝධයා ලියලා මගේ ඇඟේ ගහපු එකක්.. මං අතින් බයිට් පුච්චගෙන පබිලිෂ් කරේ.. බැනුම් අහන්න උනොත් ඌට බනින්න කියල තමයි RSVP ඌට දැම්මේ.. වෙන එකෙක්වත් හරියට කියෝලා නැද්ද කොහෙද ඕසේට කොමෙන්ට් කරාට.. හැක හැක..

      Delete
  24. නෙලුං අල කියන්නේ මොනවාද?

    හවසට කිරිබත් දෙනවාද පප්පඩං එක්ක?

    වැටිලා නිදාගන්න තැනක් තියේද?

    සිංදුත් කියනවද?

    රියදුරු මහත්තයෙකුත් එක්කං එන්න වේද?

    ඔය මගුලට මාත් එන්නද?

    ජ ය වේ වා ද???

    ReplyDelete
    Replies
    1. 26 වරෙන්.. එතකොට ඔය ප්‍රශ්ණ ටිකට උත්තර හොයලා කියන්නම්.

      Delete
  25. රෑට පුරේ යනවද....ගෙදර යනවද....එදා රෑට කාසියක් උඩ දාලම බලමු.....

    ReplyDelete
    Replies
    1. ඒ කාසියේ දෙපැත්තම ගෙදර කියල ලියල උඩ දාපන් මචං.. පීස්..

      Delete
    2. බෑග් එක ගෙදර තියල වරෙං, ඊට පස්සෙ උඹ කැමති දිහාක පලයං.

      Delete
    3. ඔව්. මේ පාර බේර ගන්න කම්මලත් නෑ.. හැක්.

      Delete
  26. ලස්සන කවි පේලියක් නේ කමිය. ඒ වුනාට කියන්නේ මේ අපි නම් ඔය කවි සංවාද වලට නැහැ කියල.

    ReplyDelete
    Replies
    1. කවි වලටත් නෑ.. සංවාද වලටත් නෑ.. ඕනිනම් කටුස්සව එවන්නම්.. (මේක මේ උගේ කවියක් මගේ වගේ මම දැම්මේ) හැක හැක..

      Delete
  27. නෙළුම් යායක් නිසා නෙළුම් පොහොට්ටුවක් නැතුව කොහොමද... නේද ;)

    ReplyDelete
    Replies
    1. පුංචි පොහොට්ටුව මල වෙනා කියන්නේ කට කහනවටද? :)

      Delete
  28. "විලේ නෙලුම් නෙලන්නට එපා" කියලා තියෙනවා නේද ?

    නෙළුම් යායක සැරිසරන්න එන්න හිතයි මටත්.

    ReplyDelete
    Replies
    1. ගිය පාර වගේ නිශ්ශබ්දව ඉන්න බෑ ඒ වුනාට.. හුරේ දාන්න ඕනි.. :)

      Delete
  29. මේපාර මට එන්ඩ වෙන්නෙ නෑනෙ . ගියපාර එකෙන් තමයි උඹව අදුන ගත්තෙ . කටුස්සවයි මුද්දවයිත් හම්බ උනේ එදා, , බලපං කරුමෙක හැටි.

    ReplyDelete
    Replies
    1. දන්නවනම් එදා නොයා ඉන්නවා.. එදා ගිය එකඟ තමයි මේ නසරනියෝ ඔක්කොම සෙට් උනේ.. හැක්. මේ පර උඹ නැති අඩුව දැනෙයි. කටුස්සටත් 26ට කලින් බඩු පැකට් කරන්න වෙයි වගේ.

      Delete
  30. සුබ පැතුම්..බොක්කෙන්ම

    ReplyDelete
    Replies
    1. බොක්කට බ්ලොක් ගලක් දැම්ම වගේ.. එළකිරි.!

      Delete
  31. මෙහෙම ආරාධනා කරද්දී ඉතින් නෑවිදින් ඉන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඉතාලියේ ඉඳන් ආපු එක ඔය ටික මොකක්ද නේද?

      Delete
  32. මේවා කියවනකොට ආසාවේ බෑ. ඒත් එන්ට වෙන්නේ නෑ නොවැ :(

    ReplyDelete
  33. මෙහෙම ඉන්වයිට් කොලාම නෑවිත් කෝමද නේහ්?

    ReplyDelete
    Replies
    1. සම්මානී නෑවිත් ඉඳල කොහොමද සම්මාන උළෙලට.. (රහසක් එලිවුනාවත්ද මංදා..)

      Delete
  34. ආරාධනා කරපු විදිහ හන්ද විතරක් නෙමෙයි. මේ කොමෙන්ටු වල කතාවෙන ඒව බැලුවාමත් නෑවිත් ඉන්න කොහොමටවත් හිතෙන්නෙ නෑ. මේ වයසක මනුස්සයත් හැරමිටියකිං හරි එනවා රටේ හිටිය නං. ඒ විතරක් යැ; කොමෙන්ටුවක් වත් දාගන්න මේල් එකටවත් යාගන්න බැරුවා. ඒක දාන්නෙත් අනුංගෙං ඉල්ල ගත්තු මේල් එකක පිහිටෙං මොනවා කොරන්ඩ දෑ මං වෙනුවට මයේ කොලුපැටියා එවනවා. මයෙ අප්පලා ඌව බලාගනිල්ලා. මයේ නම MPP ගුණසිංහ ඔතෙන්ට එන කොලු පැටියා යසිත ගුණසිංහ

    ReplyDelete
  35. අර first එක්ට ආවෙ යක මාම නැත්තම් මමත් එනව

    ReplyDelete
  36. මාත් අනිවා එනව..ඊට කලින් සම්මාන උලෙල වෙනුවෙන් අපෙනුත් කෙරෙන්ට යමක් ඇත්තං දැනුං දෙන්ටකෝ....පාර වැරදිලා වෙන කොහේ හර් නොගියොත් නියම වෙලාවට එමි

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල එන්නකෝ.. ආවම දෙන්නම් වැඩ.. තේ හදන්න, අමුත්තන්ට සලකන්න.. තව කොච්චරක් වැඩ තියෙයිද?

      Delete
  37. 😍 ආදරණීය මාර්තු 25 , සුදූ ඔයා ඉක්මනට එන්න මයෙ අම්මා......

    ReplyDelete