Saturday 29 April 2017

සුභ ගමන් විචාරකතුමනි.. !!!

කියන්න නොතේරෙන මොකක්ද අඩුවක් හිතේ ඉතුරු කරලා ඔහු නික්ම ගිහින්..
බ්ලොග් ලෝකයේ දී හඳුනාගත් ආදරණීය වැඩිහිටියා.. වයසට ගියත් ඔබට තිබ්බේ බොහොම තරුණ හිතක්.. ඒ වගේම ජවසම්පන්න කටහඬක්.. ඒත් එදා නෙළුම් යාය සම්මාන උලෙළ දවසේ කතාකරනකොට ඔබේ කටහඬ බොහෝම දුබල වෙලා.. මම හිතුවේ සම්මානය ගන්න වෙලාවට ඔබව සජීවීව සම්බන්ධ කරගන්න.. ඒත් ඒක බැරිඋනා .. පස්සේ ඔබම මට කතා කලා..
"මට ටිකක් නින්ද ගියා කල්‍යාණ.. මොකද උනේ? කවුද සම්මානේ ගත්තේ?" මේ විස්තරත් තව ගොඩක් දේවලුත් ඔබත් එක්ක කතා කරන්න ඉතුරු වෙලා තියෙද්දී ඔබ යන්න ගිහිං.
 ජීවිතේ එහෙම තමයි නේද? ඔබට සුභ ගමන් විචාරකතුමනි.
මම
කල්‍යාණ..

26 comments:

  1. විචාරකව බ්ලොග්කරුවෙකු ලෙස මිස පෞද්ගලිකව දැන නොසිටියත් ඒ අඩුව මටත් දැනෙනවා. බ්ලොග් එක අප්ඩේට් වීම නැවතුනු පසුව වරින්වර එහි ගොස් බැළුවේ ඔහු සුව වී නැවත ආපසු එනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්. විචාරකගේ ආත්මය තැන්පත් කළ අසමි දකිමි සොයමි තුළ ඔහු තවත් කලක් ජීවත් වනු ඇති!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක (මේජර් WMJ ගුණරත්න මහතා) මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමාගේ දේහය පිලිබදව අවසන් කටයුතු ලබන සදුදා (මැයි 1 දින) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ වනවිට එතුමාගේ දේහය තැන්පත් කර ඇත්තේ නොම්බර 100, දිද්දෙණිය වත්ත,පළමු පියවර, බෝයගනේ,පොතුහැර(කුරුණෑගල) යන ලිපිනයේ ඇති එතුමාගේ නිවසේයි.

      කොළඹ සිට ගමන් මාර්ගය- කොළඹ නුවර පාරේ අඹේපුස්ස හරහා කුරුණෑගල දෙසට පැමිණෙන්න. අඹේපුස්ස සිට කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණෙන විට පොතුහැර රේල්වේ ක්‍රොසිං එක හමුවේ. එය පසු කොට මීටර් 500 ක් පමණ ඉදිරියට යන විට වම් ඇත්ත පැත්තේ ලියනගේ එන්ටප්‍රයිස් නමැති බැකෝ, ඩෝසර් ආදිය විකුණන සේල් එකක් ඇත. එය පසු කොට මීටර් කිහිපයක් යන විට වම් අත පැත්තේ දිද්දෙණියවත්ත,පළමු පියවර මාර්ගය ඇත. එම මාර්ගයේ මීටර් කිහිපයක් යන විට විචාරක මහතාගේ නිවස (මේජර් ගුණරත්න) සුදුකොඩි දමා ඇති නිසා සොයාගත හැක.

      Delete
  2. ආවොත් යන්න වෙනවා.
    සසර හැටි.

    ReplyDelete
  3. සුභ ගමන් විචාරක තුමා....සැබවින්ම ලොකු අඩුවක් දැනෙනවා!!1

    ReplyDelete
  4. සුභ ගමන් විචාරක තුමණි

    ReplyDelete
  5. විචාරකට නිවන් සුවය අත් වේවා!

    ReplyDelete
  6. සුබ ගමන් විචාරක තුමණි !

    ReplyDelete
  7. ඊයේ අටංගේ හෝඩුවාවට විචාරක බලන්න වාට්ටුවට ගියා. ඒ වෙනකොටත් ඔහුට ඔක්සිජන් දෙනවා. මීට කලින් නොදන්නා ඔහුව ඊයේ දුටුවේ ළෙඩ ඇඳේ. අද ඔහු යන්නම ගිහින්. මෙයයි ජීවිතේ...
    ඔහුට සුභ ගමන්..


    ReplyDelete
  8. කිසිදින අප හමු නොවූන ද ඊමේල් වලින් , මුහුණු පොතෙන් අප මිතුරන් වූයෙමු. බ්ලොග් ලෝකයට ඒමට මට අත හිත දුන්නේය​. යහපත් මිනිසෙකු , හිත හොඳ මිතුරෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු වූ මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගෙන් සමු ගනිමි. ඔබට නිවන් සුව.

    ReplyDelete
  9. සුභ ගමන විචාරකතුමනි

    ReplyDelete
  10. මාත් සමග එක පාරක් කතාකර වෙනත් ගමනක් යන අතරමග මාව හමුවෙන්න එනව කිවුවත් ඔහුගේ ගමන් මග වෙනස් වූ නිසා හමුවීමේ අවස්ථාව නැති උනා.
    බ්ලොග් ලොව හිටපු නිහතමානී චරිතයක්.

    සුබ ගමන් විචා.

    ReplyDelete
    Replies
    1. එහෙමද නැත්නං උඹ හිටියෙ නැද්ද?

      Delete
  11. සැබැවින් නොදු‍ටුමුත්,
    ලොකු අයියෙකුම වුනු,
    නොකියාම වෙන්ව ගිය
    විචාරක සුභ ගමන්
    ස්තුතියි අන්තර්ජාලයට.

    ReplyDelete
  12. සැබවින්ම සුභ ගමන්

    ReplyDelete
  13. ඔබට සුබ රාත්‍රියක් විචා!!!

    ReplyDelete
  14. ජීවීතය ගැන අපූරු පාඩමක් කියල දුන්
    නිහතමාණී සොඳුරු මිනිසා...
    ඔබට සුබ ගමන්...

    ReplyDelete
  15. මා බලාගෙන හිටියා ඔහුගෙ කමෙන්ටුවක් වැටෙනතුරු.
    අපි ගෙවන ජීවිතවල හැටියට කුරුණෑගල එන්න වෙන එකක් නෑ. හැබැයි ඔහුට සුභ ගමන්.

    ReplyDelete
  16. ලොකු දුකක් දැනුනා ..
    පුලුවන් වුනොත් හෙට යනවා...

    ReplyDelete
  17. හර්මන් ලොස් කප් එකට කැම්ප් ගිය NCC Company Sergeant Major කෙනක් හැටිය ද තන් පටයෝ ඔතනට ඇඳගෙන යන්නේ ඔතන army Military Funeral Honors එකක් තියනවා ගන්කබරක් වගේ එහෙම ගිහින් එකටත් අවනම්බුවක් කරහන් NCC එකට ලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මාත් එක්ක රණ්ඩු වෙන්නේ ...
      මම කාත් එක්කවත් රණ්ඩු වෙන කෙනෙක් නෙම්යිනේ

      Delete
    2. Anonymous30 April 2017 at 10:18

      ටිකක් කසනවා කසනවා වගේ නේද?
      කෝකටත් නරකද බෙහෙත් ටිකක් ගත්තොත්.

      Delete
    3. කැනඩාවේ ඉන්න ඩොක්ටර් මැන්ටල් ට කියලා බලමුද

      Delete
  18. සිංහල බ්ලොග් කලාව එළිය කරපු විචා මාමට සුභ ගමන්!!!

    ReplyDelete
  19. විචාරක ගියත් විචාරක ලිව්වා දේවල් තවත් කාලයක් යනකම් සිංහල පාඨකයන්ගේ බුද්ධිය,රසය වර්ධනය කරාවි. නෙලුම් යයා සම්මානය ලැබීමට ඔහු සුදුස්සෙක්.ස්තුතියි ඔහු ඇගයීමට.

    ReplyDelete