Thursday, 6 April 2017

හේමන්තයේ යළි දුටු ඒ නිකිණි සිහිනය.. It makes the heart grow fonder

Image result for love photos

අවුරුදු නිවාඩුවට දුර ගමන් කොහෙවත් යන්නේ නෑ කියල තීරණය කලේ ගොඩක්ම කලින්.. 13 සහ 14 දවස් කළබල මැද්දෙන්ම ගෙවිලා ගියත් පාලොස්වෙනිදා වෙනකොට බිරිඳත් දරුවනුත් කාන්සිය නිසාම නොසන්සුන් කියල දැනුන..

"යමු..ඇවිදින්න ටිකක්.." පහසුවෙන් මගේ මුවින් අහන්න නොලැබෙන ඒ වචන ටිකට කට්ටියම කලබල වෙලා වගේ..

"අපි?..කොහෙද?" කවුරුහරි එහෙම ඇහුවද නැද්ද හරියටම නිච්චි නෑ...

"යමු.. කොහේ හරි ටිකක් නිදහසේ ඉඳල එන්න.. හිතුනොත් රෑට නවතින්නත් බලාගෙන.." ඒ මම..

එතන ඉඳල පැයක් යන්න කලින් අපි පින්නදුව එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට ඇවිත් හයිවේ එක දිගේ කොළඹ පැත්තට එන්න ගත්ත.. පොඩ්ඩා බිරිඳගේ උකුළේ නිදි කිරනවා.. ලොකු දෙන්න පිටිපස්ස සීට් එකේ ටැබ් එකයි ස්මාර්ට් ෆෝන් එකයි මාරුවෙන් මාරුවට අරගෙන ගේම්.. අප්පච්චි ගැන සම්පුර්ණ විශ්වාසයෙන් එක්කෙනෙක්වත් යන්නේ කොහෙද කියල අහන්නේ නෑ.. ඒ විශ්වාසය බොහොම මහන්සියෙන් උපයගත්තු එකක්.. තමන් ආදරය කරන අයට ඇයි අපි එහෙම ආදරය කරන්නේ කියල හරියටම කියන්න පුලුවන්ද දන්නේ නෑ.. ඒත් ඔය වගේ විශ්වාසයක් ඇති වෙනවනම් එතන ඇත්තටම ආදරේ තියෙනවා.. මට මොන හේතුවකට මේ වෙලාවේ මේවා මතක් වෙනවද මම දන්නේ නෑ..

කහතුඩුවෙන් එක්සිට් වෙනකොටනම් ප්‍රශ්නාර්ථයක් වගේ එකක් එක්ක බිරිඳ මගේ මුහුණ දිහා බැලුවා මතකයි.. හිනා වුනා මිසක් මම ඒකටත් උත්තරයක් දෙන්න ගියේ නෑ. හිතුවට වඩා පාර ටිකක් කලබල උන නිසා අපි රත්තනපිටියට එනකොට තවත් පැය බාගයක් විතර ගිහිල්ල.. බාගෙට හදාගෙන යන පරණ කැස්බෑව පාරදිගේ ගිහින් ෆින්ගාරා එකට වාහනේ දැම්මම තමයි කට්ටියගෙම මූණු ආයෙම විකසිත උනේ..

********************************************

ලොකු දෙන්නත් එක්ක පූල් එකට බහින්නත් කලින්ම හිත නම් කූල් වෙලා.. සමර්හට් එකේ වයිෆ්ගේ උකුලේ ඉන්න පොඩ්ඩ කොච්චරවත් ට්‍රයි එක වතුරට පනින්න. එක ඇහැකින් ලොකු දෙන්න දිහා බලන ගමන්ම මම පූල් එක අයිනේ ඉඳන් අම්මගෙයි පුතාගෙයි ඇඟට වතුර ඉස්ස.. අහක බලාගෙන එහෙම ඉහපු වතුර පාරක් එතනින් යන්න ගිය මැදි වයසේ ජෝඩුවකගේ ඇඟට වැදුන බව දැක්ක මම අත ඔසවල හස්ත මුද්‍රාවෙන් ඔවුන්ගෙන් සමාව ඉල්ලුව.. බොහොම ප්‍රියමනාප මැදිවියේ විදෙශිකයෙක්වූ ඔහු සිය දකුණු අත ඔසවා මා හා එකඟතාවය පල කරද්දී ඔහුගේ බිරිඳ යැයි සිතිය හැකි කාන්තාව මගේ බිරිඳ හා කතා බහ කරමින් සිටිනයුරු මා දුටුවා.. එය යලිත් වරක් මා කැමතිම ලය ආර පිහිනුම් ඉරියව්වෙන් තටාකය දිගේ වටයක් පිහිනා ඒමට ලද ඉසිඹුවක් බැවින් හොඳින් හුස්මක් ගත් මා තටාක කන්ඩියට දෙපයින් වැර යොදා ඉදිරියට යොමුකළ අත් ඇතිව දිය  මතුපිටින් ඉගිල ගියේ සැහැල්ලු සිතකින්.. තව සුළු මොහොතකින් මේ හිත තැලිලා පොඩිවෙලා නැවත ලේ ගලන තුවාලයක් වෙයි කියල කොහොම හිතන්නද?

ලොකු දෙන්නත් ගොඩ වෙලා නිසා මම සැහැල්ලුවෙන් පීනාගෙන බිරිඳ සිටි සමර්හට් එක ලඟට ආයෙම ආවා.. පොඩි බඩගින්නක් දැනුනත් වතුරෙන් ගොඩ එන්න නම් හිතක් නෑ. අර කාන්තාව සහ අපේ එක්කෙනා තවම කතාව වගේ.. අද ඉතින් උන්දැගේ වරුණ අහන ඉන්න වෙයි සෑහෙන වෙලාවක්.. හිහ්..හිහ්.. මම හිනාවිගෙනම වතුරෙන් උඩට හිස එසෙව්වා..

"අප්පච්චී.. මේ ඔයාලගේ ගමේ කෙනෙක්.. කැන්ඩි.." බිරිඳගේ හිනා මුසු හඬත් එක්කම එතෙක් වෙලා තටාකයට පිටුපා බිරිඳ සමඟ කතා කරමින් සිටි ඈ සිනහවීගෙනම මා දෙස හැරුනා..

"හෙල්..ලෝ..ඔඕහ................................. ක.. ක...කලණ....අ..අ....!!!."

"නිකිණි!!!"

****************************************************
එදා හොස්පිටල් එකේ ඉඳල මාව කොහොම ගෙදර ගෙනාවද කියල මම දන්නේ නෑ.. දවස් දෙකකට පස්සේ මාව ආපහු ගෙනියලා නුවර ඉස්පිරිතාලේම නවත්වල තිබුන.. මම ඒ දවස් දෙකටම කිසිම කෑමක් බීමක් ගත්තේ නැතිලු.. දෙතුන් වරක් සිහිය නැතිවෙලා උනත් සිහිය ආ විගස ලොකු කෝලාහලයක් කරනවලු. ඒ මොකකටද මම මොනවද කියන්නේ කියන ඒවගේ කිසිම සම්භන්දයක් නැති උනත් දවසකින් දෙකකින් ඇරිලා යයි කියල හිතාගෙන ගෙදර අය ඉඳල.. ඒ දවස් දෙකේම තාත්තා වචනයක්වත් කතා කරලා නෑ. පුටුවක් තියාගෙන මම වැටිලා හිටපු ඇඳ ළඟ වාඩිවෙලා කල්පනා කර කර හිටියලු. දවස් දෙකකට පස්සේ මට හුඟක්ම අසාධ්‍ය වෙලා මාව නුවර පිහිටි පුද්ගලික රෝහලකට ගෙන ගිහින් තිබුනත් එතනින් ආපහු නුවර ඉස්පිරිතාලේටම යවල තිබුන.. මට යන්තම් ඒ ගැන මතක තියෙන මුල් මතකයේදී මම හිටියෙත් නුවර ඉස්පිරිතාලෙමයි. නිකිණි ඒ අහල පහලම ඉන්නවා වගේ දැනිච්ච නිසා මම සතුටින් එහේ හිටියා..

ඒ ගතවෙච්ච මාස තුනක වගේ කාලය මගේ ජීවිතෙන් මැකිලම ගිය වකවානුවක්.. අපේ ගෙදර තිබුණු සතුටත් ඒ එක්කම මැකිලා ගිහිල්ල.. නංගි බොහොම අකමැත්තෙන් තමයි පේරාදෙණියේ වෛද්‍ය විද්‍යාලයට යන්න කැමති වෙලා තිබුනේ. චලන.. මගෙත් එක්ක එක බඩ වැල ෂෙයාර් කරන් ඉපදිච්ච එකා.. කර කර හිටපු ටෙක්ස්ටයිල් කෝස් එකත් අත ඇරලා.. තාත්තා වැඩ කරපු බැංකුවට ට්‍රේනි කෙනෙක් විදියට යන්න තිබ්බ අවස්ථාවත් අත ඇරලා මගේ පස්සෙන්ම ඉඳල තිබුන.. මට නොකියුවට ඌ ඒ ටිකේ වැඩි හරියක් සහ ඊට පස්සෙත් කාලයක් යනකම් උසාවි පොලිසි ගානේ රස්තියාදු වෙලා තිබුන මං වෙනුවෙන්.. උගේ අත්වල තියෙන පිච්චිච්ච ලප කැළැල් මගෙන් හංගන්න ඌ අත්දිග ෂර්ට්, ටී ෂර්ට් අඳින්න පුරුදු උනා.. කලින් ඩෙනිමයි කොලර්ලස් ටී ෂර්ට් එකයි විතරක්ම ඇඳපු උගේ ඒ වෙනස්වීම පුදුමයි..


ගෙදර ආවට මට ගෙදර ඉන්නම බැරි උන නිසා අන්තිමට තාත්තා අපි දෙන්නව නුගේගොඩ ලොකු නැන්දලාගේ ගෙදර යැව්වා.. නංගි කැම්පස් ගියේ ගෙදර ඉඳන් නිසා ඒ දෙන්නට නුවර දාල එන්න බැරි උනත් කාලයක් යනකම්ම ඒ හැමෝම සෙනසුරාදා ට කොළඹ ඇවිත් අපිත් එක්ක ඉඳල ඉරිදට ආපහු නුවර ගියා. නිකිණි මාව තනිකරලා මේ ලෝකෙන් සමුගත්ත කියන එක මට ඒ වෙනකොටත් හීනයක් විතරයි.. ඒ හීනෙන් ඇහැරෙන්න බැරි කමට මම මාධවී අක්කව හමුවෙන එක එහෙම පිටින්ම නතර කරලා දැම්ම.. එයත් මට වැඩිය මුණ දෙන්න ආවේ නෑ. එයා තමයි ඉස්පිරිතලේදී මට ඒ මුසල පණිවුඩේ ගෙනාවේ.. "මල්ලි.. නිකිණි ආයේ එන්නේ නෑ.. එයා අපි හැමෝවම දාල ගියා.." මට එහෙම හිතෙද්දීත් අදටත් ඇඟ හිතල වෙනවා.. කන් අගුල් වැටෙනවා..

නුගේගොඩ තිබ්බේ ඉගෙන ගන්න ආසා හිතෙන වටපිටාවක්.. උඹයි මායි මේ කෙල්ලෝ රොත්තට පැටලෙනවා කියල නුගේගොඩ ආපු මුල් කාලේ ඉඳල චලන යා කොන්ඩේ වවන්න ගත්ත.. ඇත්තටම අපි දෙන්නගේ වෙනසකට ඒ වෙනකොට තිබුනේ උගේ මූනේ තිබ්බ මොන ප්‍රශ්ණ ආවත් නැතිවෙන්නේ නැති සිරියාවයි ඒ වෙනුවට මගේ මුහුණේ තිබ්බ කිසිම හැඟීමක් නැති සුදුමැලි කමත් විතරයි. කොන්ඩේ වවල කණට කරාඹුවකුත් දා ගත්ත චලනයා කොහෙන්දෝ ඔලුවට වැටිච්චි අදහසකට ආසවෙලා ෆැෂන් ඩිසයින් කෝස් එකක් කරන්න ගත්ත.. අද විසි අවුරුද්දකට පස්සේ ඌ මුළු ලෝකෙම ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ උන් අතර ජනප්‍රිය ෆැෂන් ඩිසයින් ඩිරෙක්ටර් කෙනෙක්. කාලයක් ලංකාවේ සහ පිටරට කොම්පැණි කීපයක වැඩ කරලා ෆ්‍රී ලාන්ස් කරන්න ගත්ත.. දැන් පවුලත් එක්ක පදිංචිය නිව් සීලන්ඩ් වල.. අවුරුද්දකට වතාවක් දෙකක් පවුලත් එක්ක හෝ නැතුව ලංකාවට එනවා. පොඩි උන් එක්ක ආවොත් නතර වෙන්නේ නුවර මහා ගෙදර අම්මයි තාත්තයි නංගිලා පවුලයි එක්ක. තනියෙම ආවොත් නම් එහෙ ඉන්නේ එක දවසයි.. කෙලින්ම ගාලූ එනවා.. තාමත් අඳින්නේ අත් දිගට..

මටත් නුගේගොඩ ගෙදරට වෙලා නිකම් ඉන්න හිතුනේ නෑ. කොහොමත් මගේ හිත තිබ්බේ කම්පියුටර් පැත්තට.. අයි.ටි. ඩිග්රි කියන ඒවා ඒ කාලේ ගොඩක්ම අඩුවෙන් තිබුනේ.. නාවල ටෙක් එකේ තිබ්බ සොෆ්ට්වෙයාර් ඉන්ජිනිරින්ග් ඩිප්ලෝමා එකට මම ඇප්ලිකේෂන් එකක් දැම්ම.. ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පහසුවෙන්ම සමත් වෙච්ච මට ෆුල් ස්කොල් එකක් ලැබුනා අවුරුද්දක ඩිප් එක කරන්න. නංගිගෙයි චලන ගෙයි ඉගෙනීමටත් වියදම් කරන්න වෙලා තිබ්බ වෙලාවේ මෙහෙම හරි තාත්තට සහනයක් වෙන්න ලැබුණු එක ලොකු දෙයක් කියල මම දෙපාරක් නොහිතාම කෝස් එකට රෙජිස්ටර් උනා. ඒ අවුරුද්ද ගෙවුන ඒ හැටි දැනුනේ නෑ.. ඒත් මේ මුළු කාලෙටම මට නුගේගොඩ දී කිසිම කෙල්ලෙක් දකින්න ලැබුනේ නෑ කියුවොත් කවුරුත් පිළිගන්න එකක් නෑ.. ඒක හරි. ඇත්තටම වෙන්න ඇත්තේ ඔච්චර කෙල්ලෝ මැද්දේ මම හොයපු කෙල්ල නොදැකපු එක වෙන්න ඇති..

ඩිප් එක කම්ප්ලිට් වෙන්න කිට්ටුවම වගේ සිළුමිණ පත්තරේ ඇඩ් එකක් තිබුනා නේවි එකට අයි.ටි. ඔෆිසර්ස් ලව ගන්නවා කියල.. ඩිප් එක කම්ප්ලිටි වෙලා තිබුනානම් මටත් කොලිෆිකේෂන් හරි. මොනවටත් කියල මම දැම්ම ඇප්ලිකේෂන් එකක්.. හමුදාවලට යනවා හෝ යන්න හදනවා කියන්නේම ඒ දවස්වල ගෙදර මළගෙයක් වගේ.. ඒක නිසා මුල් ඉන්ටර්වීව් තුනක් වෙනකං මම අඩුම තරමින් චලනයාටවත් කියුවේ නෑ. උන්ගේ ෆැෂන් ෂෝ එකක් නිසා ඌ කොහොමත් ඒ ටිකේ බිසී..  අයි.ටී. ප්‍රොෆෙෂනල්ස් ලගේ ඒ කාලේ තිබ්බ ඩිමාන්ඩ් එක වගේම හමුදාවට යන්න කැමති වෙන උන්ගේ අඩුව නිසාම පෙන්ඩින් රිසල්ට්ස් තියාගෙන පලවෙනි ඉන්ටර්විව් තුනම ගොඩ යන්න මට පුළුවන් උනා. අන්තිමට කොහොම හරි මගේ රිසල්ට්ස් එනකම් අපි හතර දෙනෙක් සිලෙක්ට් වෙලාත් නේවි එකට එන්ලිස්ට් කරගන්න එක සතියකින් පස්සට දාන්න නේවි එක කටයුතු කළා. මගේ ජිවිතේ දෙවෙනි හැරවුම් ලක්ෂය වෙච්චි නේවි එකට මම ආදරේ කරන්න පටන් ගත්තේ එතනින්.

මගේ තීරණේ චලනයට කියුව වෙලාවේ ඌ මුලින් වචනයක්වත් කියුවේ නෑ. මගේ දිහා ටික වෙලාවක් බලන් ඉඳල එක පාරම මාව බදාගෙන අඬන්න ගත්තා.. එදා අපි දෙන්න ඇති වෙනකම් ඇඩුවා මගේ හිතේ.. ඊට පස්සේ කවදාවත් මගේවත් චලනගේවත් ඇහැකින් කඳුලක් වැටෙනවා මට මතක නෑ. අඩුම තරමින් අම්මයි තාත්තයි මගේ තීරණය දැනගෙන අම්මා මහා හයියෙනුත් තාත්තා නිහඬවත් අඬනකොටවත් මට ඇඩුණේ නෑ. ඒ වෙනුවට ඒ වෙනකං හිස් වෙලා තිබ්බ මගේ හිත් අවකාසේ යන්තම් ආයෙම බර වීගෙන යන හැඟීමක් විතරයි මට දැනුනේ.. මගේ තීරණය අහලා නංගි දවස් ගානක් කැම්පස් යන්නෙත් නැතුව ඇඩුවලු ගෙදරට වෙලා.. මම දැන ගන්නකොට මම වැලිසර කඳවුරේ මාස තුනක හමුදා පුහුණුව ලබනවා..

සාමාන්‍ය හමුදා පුහුණුවෙන් පස්සේ මාව දැම්මේ ත්‍රිකුණාමල නාවික විද්‍යාපිඨයේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට. ඊට අමතරව ඒ නාවික ප්‍රදේශය පුරාම අළුතෙන් හඳුන්වා දීගෙන යමින් තිබුණු කම්පියුටරයිස්ඩ් සිස්ටම් වලට සම්පත් දායකයෙක් විදියට එකතු වෙන්නත් පුළුවන් උනා. යුද්දෙට කෙලින්ම සහභාගී වෙන්න නොවුනත් පහු කාලෙක නාවික හමුදාව බාවිතා කල බොහොම දියුණු යුද තාක්ෂණයේ මුල අපි ඒ විදියට පටන් ගත්තේ.. නාවික හමුදාව බොහොම ඉක්මනින් නවීන තාක්ෂණයත් එක්ක අත්වැල් බැඳගත්තා.. ඒ ගමන්ම මගේ නොවී තිබුණු මගේ ජීවිතෙත් ආපහු මටම අයිති කරලා දෙන්න නේවි එකට පුළුවන් උනා. අවුරුදු පහක කොන්ත්‍රාත්තුවකට නේවි එකට ගිය මම ලොකු වරප්‍රසාද මොකුත් නැතුවම තව අවුරුදු පහකට නේවි එකටම සේවය කරන්න එකඟ උනේ ඒ වෙනුවෙන් කෘතගුණ සලකන්න. අවසානයේදී මට මගේ ප්‍රිය බිරිඳව හමු උනෙත් ත්‍රිකුණාමලය නාවික කඳවුරේදීමයි.. ඒ මගේ ජිවිතේ තුන්වෙනි හැරවුම් ලක්ෂය.. ඒ ගැන වෙනම කියන්න ඕනි.. මෙහෙම බෑ.. කියල මම දිග හුස්මක් ගත්දී නිකිණි මහා හයියෙන් හිනා උනා.. ඒ හිනාව.. ඔන්න ආයෙම මාව පාරවනවා...

*****************************************************

ඔයා කෝල් කරනකොටත් මම ගෙදර හිටියා.. මමයි කියුවේ කාන්තිට මම නෑ කියන්න කියලා..

ඊට කලින් හා පස්සේ දෙතුන් වතාවක්ම චලන මට කෝල් කරා.. එයා කෝල් අරන් තිබුනේ කොමියුනිකේෂන් එකකින්.. ගෙදර අයටවත් ඔයාටවත් නොතේරෙන්න මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න චලනට ලොකු ඕනේ කමක් තිබුනා..

මට කරන්න ඕනි උනේ මට කරන්න බැරිම වැඩේ.. ඔයාගෙන් අයින් වෙන එක.. ඒත් චලනත් එක්ක කතා කරද්දී මට හිතුනේ මම මැරිලා හරි ඔයාගෙන් අයින් වෙනවා කියල.. ඔයාට ලස්සන ජිවිතයක් තිබුන කලණ.. මට ඒක විනාස කරන්න ලෝබ හිතුනා.. ඒ වගේම මට ලැබිච්ච ආදරේ අතාරින්නත් ලෝබයි.. මම හිටියේ හරිම අමාරුවෙන්.. ඇත්තටම කවුරුහරි ඇවිත් මාව මරලා දානවනම් මම කැමැත්තෙන් හිටියේ..

ඒ වියපත් රෝස කම්මුල් දිගේ කඳුලක් ගලාගෙන යනවා.. ඒ කඳුල මගේ උරමත බිඳෙන්න දෙන්න ආසයි.. ඒත්.. සිය සැමියාගේ උර මත වාරුවූ ඈ ඔහුගේ සැහැල්ලු කපු කමිසයේ උරමත ඒ කඳුළු දිය කර හැරියා.. ඔහුට ඈ කියන දේ වචනයෙන් වචනය නොතේරුනාට ඒ කතාව මට වගේම.. නැත්නම් මටත් වඩා හොඳින් තේරෙන බව විතරක් මට තේරුණා..

එදා චලනට හදිසියේ එන්න කියුවේ මම.. හැකි ඉක්මණින් අපි මොකක් හෝ කරන්න ඕනි බව විතරක් මට මතක තිබ්බ.. ඒ වගේම ඒ වෙනකොට චානක ඔෆිස් එකේ ඉඳම්ම මට බනින්නත් මාව මරණ බව තර්ජනය කරන්නත් පටන් අරන් තිබ්බේ.. මම ඔෆිස් නොගිය කලින් දවසෙත් බලෙන් ඇවිත් මාව ඔෆිස් එකට දාගෙන ගියා. එදාත් මම ඔෆිස් ගියේ නෑ. චානක ට ක්ලයන්ට් මීටින්ග් ගොඩක් තිබුන දවසක් බව දන්නා නිසා එදා මාව හොයාගෙන එන එකක් නෑ කියලයි මායි කාන්තියි කතා උනේ. කොච්චර මගේ ලඟින් හිටියත් කාන්ති ටවත් චලන ට එන්න කියූ බව මම කියුවේ නෑ. කාන්තිව හිතා මතාම මාකට් එකට යැව්වේ ඒකමයි.

චලන ඇවිත් එක විනාඩි පහක් ගියේ නෑ. චානක ආවා කියල තේරුණා. ඔය දෙන්නම එක වගේ නිසා කවුරු හරි ඔත්තුකාරයෙක් චානකට කියන්න ඇති ඔයා ආවයි කියල.. මම වැඳලා කියුවත් චලන එතනින් ගියේ නෑ. මම බලෙන්ම චලනව දොර මුල්ලට තල්ලු කරලා තමයි දොර ඇරියේ..

ඇගේ මුහුණේ බියපත් බව තවමත් මට දැකිය හැක.. ඈ යළිත් සිය සැමියාගේ උරමත හිස තබා ගත් අතර ඔහු විසින් ඈ නළලත මත තබන ලද සියුම් හාදුවකින් හා කෙහෙරැලි අතර සෙමින් පිරිමදිමින් දිවගිය ඔහුගේ පරිණත ඇඟිලි පහසින් සැනහී යලිත් පියවි සිහියට එළඹියාය. සැබවින්ම ඔහුගේ පහසින් වඩාත් සැනසුනේ ඈ නොව මා මය..

ඒ මිනිහා ඒ වෙලාවේ හිටියේ යකෙක් වගේ.. බොහොම කැත අසික්කිත කුණුහරුප වලින් මට බැනගෙනමයි ගෙට ආවේ.. මට වචනයක්වත් කියන්න උනේ නෑ.. 'උඹේ ඔය පැණි හැලියට වහ වැටිච්ච ඇඹලයා ට මම අද බාර දෙන්නේ හේනේ ගින්දරට පිච්චිච්චි වැඳිරියක් තෝ දැනගනින්.. ' කියල එක පාරම අතේ තියාගෙන හිටපු ටින් එකක් වගේ එකකින් මගේ පැත්තට මොනවද විසි කරා. ඒත් ඒ මිනිහට ඒක හරියට කරන්න උනේ නෑ.. දොර මුල්ලේ හිටපු චලන කොටියෙක් වගේ එක පාරම චානකගේ ඇඟට කඩාගෙන පැන්නා.. චලනයි චානකයි එක ගොඩේ පෙරලෙද්දී මගේ පපුවේ දකුණු පැත්ත ගිනි ගන්නවා වගේ විතරයි මට දැනුනේ.. එතනින් එහාට උනු දේවල් මම දැනගත්තෙත් මාස ගානකට පස්සේ..

නිතැතින්ම ඈ සිය වම් අත දකුණු පියයුර හා උරය අතර පෙදෙසේ රඳවා ගත අතර මෙතෙක් නොදුටු අසමතුලිත බවක් ඒ අවට මා නිරීක්ෂණය කලේ ඒ මොහොතෙයි.. මගේ බිරිඳ වේදනාවෙන් නැගිට ටිකක් ඈතට ඇවිද යද්දී ඔහු.. යලිත් ඈව සිය උරහිසට ලං කරගෙන හිස පිරිමදින්නට උනා..

*****************************************************************

විසි වසරකට පසු අද ආපහු ඒ කතාව.. ටෙරී.. නිකිණි ගේ ඇමෙරිකානු ජාතික සැමියා හා මගේ බිරිඳ බොහොම උවමනාවෙන් හා සංයමයෙන් අපිට සවන් දුන්නා.. කඩින් කඩ ඇතිවූ නොසන්සුන් අවස්ථා සමනය කර ගන්නත් කෑම බීම හා ළමයින්ගේ ඕනා එපාකම් සොයා බලමින් ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්නත් ඔවුන් දෙන්නා කටයුතු කළා.. ඒ ගැන ඔවුන් දෙදෙනාටම අපි.. ඒ කියන්නේ නිකිණි යි මායි ණයගැතියි.

උරහිස හා අත් බාහුවේ වූ දරුණු පිළිස්සීම් තුවාල සමඟ නුවර රෝහලට ඇතුලත් කර තිබු නිකිණි සති තුනක් පමණ නුවර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් පසු ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් සඳහා ඇමෙරිකාවේ රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණා. ඒ සමඟම ඇගේ දෙමවුපියන්ගේ මැදිහත් වීමෙන් ඈ හා චානක අල්විස් අතර දික්කසාදය සිදුකොට තිබු අතර ඈ වෙනුවෙන් ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසි බාවයද ලබාගෙන තිබුනා. මා ගැන සිතා මගෙන් ඉවත්වීමට ඇයට තිබු උවමනාව අනියම් ආකාරයකින් ඉටුවීම නිසා සියලු වේදනා විඳගෙන ඈ ඇමෙරිකාවේ තනි වීමට තීරණය කොට තිබුනා.

මේ අතර ඇගේ වියදම් හා කාලය ගෙවා දැමීම සඳහා ඈ විසින් රැකියා ඒජන්සියක් මාර්ගයෙන් ඇමෙරිකානු ජාතික පරිසරවේදී මහාචාර්‍යවරයෙකුගේ විද්‍යාගාරයක සහායිකාවක් ලෙස රැකියාවක් සොයා ගෙන තිබුනා.. ඇයට වඩා දස වසරකින් වැඩිමහලු වූද ඊටත් වඩා බොහෝ සෙයින් පරිණත වූද ඒ ප්‍රියමනාප මහාචාර්යවරයාගේ නීත්‍යනුකුල බිරිඳ ලෙස ඈ පත්වීම් ලබන්නේ එයිනුත් අනතුරුවයි. නුවර ප්‍රදේශයේ තිබු සියලු දේපල විකුණා දමා කොළඹ පදිංචියට පැමිණ සිටි ඇගේ දෙමවුපියන් බැලීමට වසරකට වරක් නොවරදවාම ඈ ලංකාවට කැටුව ඒමට ඔහු පෙළඹෙන්නේ රිදුනු තැවුණු අගේ හිත බොහෝ සෙයින්ම සුවපත්වූ බව විශ්වාසයෙන්ම දැනගත් පසුවයි. ටෙරී ට අනුව කවදා හෝ ඈ හා මා මෙලෙස හමුවනු දැකීමද ඔහුගේ එක උවමනාවක් වීලු. ඔහු ඇත්තෙන්ම ජීවිතය පිලිබඳ ආදරය පිලිබඳ මහාචාර්‍යවරයෙක්. මට හිතුනේ එහෙමයි.. ඒ වගේම මගේ බිරිඳත්.. ඈ ගැනත් නොකියාම බෑ..

ආදරේ කියන්නේ මොකක්ද? ආදරේ ගැන බොහොමත්ම කටුකම විදියට ඉගෙන ගත්ත විසි වසරකට එපිට අතීතයේ දවසක දිගන කොළඹීස්ස පාරේ සෙනග අඩුවෙන් ගැවසෙන වැව් ඉවුරකදී නිකිණිත් මාත් කතා  කළා මතකයි.. ඒ වගේම හොඳටම හිත රිදිලා හිටපු මොහොතක වේටර්ලගේ ඇණුම් බැනුම් අස්සෙම නුවර පායිවාස් එකේ උඩ තට්ටුවේ අඳුරු මුල්ලකදී ආපහු ඔය දේම කතා කළා අද වගේ මතකයි..
//අදහස් වලින් අපි දෙන්නා කොච්චර ළඟද ? අපි දෙන්නා අදහස් වලින් ගැටිලාම නැහැ. හැමවෙලේම මට දැනුන දෙයක් තමයි නිකිණියි මමයි අතරේ කතාකරන්න බැරි දෙයක් නැහැ කියලා. නිකිනි මට අවනතයි, මමත් නිකිනිට අවනතයි. අපි දෙන්නම දෙන්නාට පුදුම ගරුත්වයක් තියෙන්නේ. දෙන්නම අනික් කෙනාගේ හිතුවිලි වලට කොතරම් ගරු කරනවද?// ඔය මම අන්තිමට ආදරේ තේරුම් ගත්ත විදිය.. එහෙම බැලුවම අපි දෙන්නටම අද වෙනකොට ආදරේ ලැබිල තියෙනවා.. එහෙම බැලුවම අපි දෙන්නත් වාසනාවන්තයි.. 

එතකොට නිකිණි මියගිය කතාව! ඒක ඒ වෙලාවේ මාධවී අක්කට හිතුනු බොරුවක්ලු. පසුව සිදුවීම් පෙළ ගැසුණු ආකාරයට ඒක බොරුවක් බව කිසිදිනෙක මට නොකියා සිටීමට සියලු දෙනා තීරණය කරලා..

ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න.. ඔව්. ඔබ පැමිණියා.. ජීවිතය, ආදරය මේ සියල්ලටම අලුත් අරුතක් රැගෙන ඔබ නැවත පැමිණියා.. ඔබට ස්තුතියි!

**************************************************
විශේෂ ස්තුතිය.. ලිඛිතා ගේ කඩදාසි කොලයට.. ඈ විසින් පසුගිය දින හතළිහක් වැනි කාලයක් පුරා කොටස් තිහකින් රචිත 'ඔබ ඇවිත් යන්න එන්න' බ්ලොග් නවකතාව අපේ හිත් ශෝකයෙන් පුරවමින් පහුගියදා අවසාන කළා.. ඒත් මුල ඉඳන් රසවිඳපු ඒ කතාව එහෙම ඉවර වෙනවා දකින්න මගේ හිත ඉඩ දුන්නේ නෑ.. අවුරුදු විස්සකට කලින් බොහොම අහම්බයෙන් 'කලණ' කෙනෙක්ම උනු මේ කතාවේ කතා නායකයා මා යයි සිතා මා එය මෙලෙස අවසන් කරා. මේ 'ඔබ ඇවිත් යන්න එන්න' බ්ලොග් නවකතාවේ මා කැමති අවසානය මිස මගේ කතාව හෝ ලිඛිතා ගේ කතාව විකෘති කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.  මේක කියවල හොඳටම තේරෙන්න නම් ඒ නවකතාව රසවිඳලා තියෙන්නත් ඕනි.. එසේ කියවූ සැමට ස්තුතියි.

101 comments:

  1. මාක් කරල ඉන්ටෝනේ අරේ අර පෝරිසාද පත්‍ර බදර් එන්න කලින්

    ReplyDelete
    Replies
    1. අද එහෙනම් ගහමු පකෑස් වෙන්න.. හැක්. :))))

      Delete
    2. sin-bad හෙවත් නරක පවුකාරයා.. ඔහොමත් කියනවද අපේ පත්තර මිත්තරයට හැබෑට! :))

      Delete
  2. අනෙ අප්පොච්චියේ මෙහෙමත් කතා ලියනවද? මං හුස්ම ඇද ගත්ත පාර මැද නොකියවා කෝකටත් කියල අන්තිම කියෙව්වා...

    ReplyDelete
    Replies


    1. දැන් තමයි ආයෙම මුල ඉඳන් අගට කියෙව්වෙ. එක දිගට කොටස් දැම්ම නිසා ලිඛිතාගෙ කතාව කියවන්න බැරි වුණා. ඒක නිවාඩුව කියවන්න ඕන...

      අන්තිමට ලියපු ටික එක්කො මුලින්ම ලියන්න ඕන. මෙහෙම හුස්ම හිරවෙන වැඩ කරන එක හරිද මන් අහන්නෙ.

      Delete
    2. 73 පිටුවේ කවියට ලියපු එක මතක් උනාද? :)

      Delete
    3. ඔව්නෙ... ඇත්ත වගේම මෙහෙමත් රට පටළන කතන්දර මවන හැටි ඇත්තට...

      Delete
  3. සිනාසෙන අවුරුද්ද අභියස ඇස් පොඟවන කතාවක්!

    ReplyDelete
  4. Replies
    1. දෙය්යනේ කලණ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මම මේක කොහොමද කියන්නේ....

      මට අදහා ගන්න බැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
      ඔබ සත්‍ය කතාවමනේ ලියලා තියෙන්නේ!! හත්වලාමේ මේක 'කලණ' දැක්කොත් කියලා මට පන බයයි!! මම පසු කතාව draft එකෙන් මුදාහරිනවා

      Delete
    2. මාව වෙව්ලනවා හලෝ...

      Delete
  5. කනගාටුයි බං.. ලිඛිතගේ කතාව මං අතරින් පතරයි කියෙව්වේ.. මේ කතාව නං වැදුනා.

    ReplyDelete
    Replies
    1. ලිඛිතගේ කතාව මට වැදුණු තරම තමයි මේ.. :)

      Delete
  6. හිටිං ලිඛිතගෙ එකත් කියවලා ඇවිල්ලම කමෙන්ට් කරන්නං... ඩිංගක් විතර මඥ්ඥං වුණා

    ReplyDelete
    Replies
    1. කියවල බලහං.. අවුරුදු විස්සකින් විතර තරුණ වෙලා හැබැයි. :)

      Delete
  7. Replies
    1. ලිඛිතා ගේ කතාව කියෝලා බලපන්

      Delete
  8. ලංකාව ඇතුලත් උතුරු අර්ධ ගෝලයේ හේමන්තය තියෙන්නේ නිකිණි ඉවර වුනු ගමන් ම බිනර, වප්, ඉල් මාසවලයි.

    අවුරුදු බක් මාසේ ඇත්තේ වසන්තය යි.

    ReplyDelete
    Replies
    1. ඉතින් ?

      Delete
    2. මේ කියන්නේ අපේ ජීවිතවල හේමන්ත කාලයයි.. අවුරුදු නිවාඩුවේදී කියල තියෙන නිසා ඔබ කියන ගැටලුව එනවා තමයි. ඒක වෙනස් කරානම් හරි වගේ.. :)

      Delete
    3. වෙනස් කරන්න එපා.... ඒක අවශ්‍ය කොටසක්. කිසිම අඩුපාඩුවක් නැහැ.

      Delete
  9. හදිස්සියට කියෝල මඥ්ඤං වෙන්න බෑ. පස්සෙ එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. එහෙඥන් ලිඛිතගේ කතාවත් කියෝලම වරෙන්.. :)

      Delete
  10. ලිඛිතගේ කතාව ඉවරද? දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ..

      හරියන්නේ නෑ.. බ්ලොග් ගැන හිතලා මෙයාව ආපහු විප්‍රවාස කරන්න වෙනවා!

      Delete
  11. එතකොට මේ කතාව මුල ඉඳං අගටම කියවලා කමියට කොමෙන්ට් කරන පලවෙනි එකා මම ද ඈ?

    මං මේ අන්තිම කොටසෙ ලිඛිත ට කොමෙන්ට් එකක් විදිහට දැම්ම මෙතනින් පස්සෙ මොකක් වෙයි ද කියල. දැන් ඒකත් හරි.

    ReplyDelete
    Replies
    1. උඹ බලාපොරොත්තු වෙච්චි අවසානෙට ලඟින් වත් යනවද? නැත්නම් ලිඛිතගේ අවසනෙන් සැනසුනාද? :)

      Delete
  12. ෆින්ගාරාත් අරගෙන.

    ෆෝන් අමතකවෙලා දාල එන කෑල්ලක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒ අන්තිමට නේ.. තාම දන්නේ නෑ මොනවද අමතක උනේ කියල..

      Delete
  13. ලියන්නත් ඕනෑ, නොලියාත් බැරි, ලියලාත් බැරි, කතා මෙහෙමත් ලියලා දාන්න එපැයි! :D

    ReplyDelete
    Replies
    1. අ.ප.ය.එ.මෙ... හුහ්..

      (ප.ලි. අත්දැකීම් තියෙන අයට විතරයි ඕවා තේරෙන්නේ.. හැක්)

      Delete
  14. ඇ අයියේ දැන් මේ අඬ අඬා කියෙව්වෙ බොරැවක්ද? අනේ අම්මපා !

    ReplyDelete
    Replies
    1. හම්මේ.. පරණ නෑදෑයෙක් දැක්ක වගේ.. කවද ඉඳලයි බ්ලොග් කියවන්නේ ටීචර්?

      බොරුවක්මත් නෙවෙයි ඉතිං.. ඒත් ඇත්ත නම් මෙහෙම ලියන්නත් බෑනේ හිටං.. :)

      එනිවේ.. වෙරි වෙල්කම් ටු 'කල්‍යාණමිත්‍ර'

      Delete
  15. අඩේ ලිඛිත බ්ලොග් එකක් ලියනවද.. මම අදනේ දන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි දැක්ක එහෙ ගිහිල්ල හුස්ම හිර කරගෙන ඇවිත් තියෙනවා.. ටැංකියු වේවා!

      Delete
    2. උඹ මේක මේ විදියට ලියල තිබුනේ නැත්නම් වහ බොන්න වෙන්නේ.. නිකිණි නැතුව. ලිඛිතල ඉතින් පාටකයෝ ගැන හිතන්නේ නෑනේ.. කොල්ලන්ගේ දුක තේරෙන්නේ කොල්ලන්ටම විතරයි නැද්ද..

      Delete
    3. ඔක්කොටම පේන්නේ එතකොට මගේ ඇදේ විතරයි හුහ්.. අතන බොරුවට මැරෙන්න හදල, ගෑනු ළමයි මුලාකරලා, අන්තිමට යසට කසාද බැඳලා, දරු මල්ලෝ එක්ක මෙලෝ ගානක් නැතුව ඉන්න 'කලණ' ලා බබ්බු!

      Delete
    4. දැන් කලණ ලා බබ්බු නෙවෙයි.. වැඩිහිටියෝ.. හොඳ නරක තේරෙනවා.. :)

      Delete
  16. ටිකක් කියවාගෙන යද්දි නිවීහැනහිල්ලෙ කලබල නැතිව හොඳ හුස්මක් අරං කියවන්න හිතුවා.

    ReplyDelete
    Replies
    1. ලිඛිත ගේ එක.. එහෙම නේද? :)

      Delete
    2. ඒක වෙන්න බැහැ, මේ කතාව වෙන්න ඕනේ!
      ඒකෙ කොටසින් කොටසට මට කිනිසි, මන්නා අරගෙන එලෝන උන් තමයි වැඩි

      Delete
    3. සනීප වෙන්න කලින් තුවාල වෙන්න එපැයි.. :)

      Delete
  17. වෙලාවට (ඊස් ඇට් නලලෙ දාඩිය පිහින ගමං)
    ලිඛිත නෝනෙගෙ කතාව කියෙව්වෙ නැත්තෙ. හෙහේ. පහුගිය කාලෙම බ්ලෙගේ කියවන්න වෙලාවක් තිබ්බෙ නැති එකෙන් සෑහෙන්න දේවල් මිස් වෙලා වගේ. ;-) ;-)
    මල් හතයි අ⁣ා

    ReplyDelete
    Replies
    1. වැඩ නොකරත් බ්ලොග් කියෝපන්.. අන්න එහෙමයි අපේ ආදුරුසය!

      Delete
  18. මෙන්න තවත් එකෙක් ලියන්න ඉඩ තියෙන ඊලඟ කොටසේ සාරාංශය.

    මම ඒ ගොල්ලො එක්ක කථා කර කර හිටියේ පූල් එක ලඟම තිබ්බ මේසෙක කියල කිව්වනෙ. එකපාරටම මාව කවුරුහරි පූල් එකට තල්ලු කලා පුටුවත් එක්කම. මම එක පාරටම යට ගියා. මාව බේරගන්න පූල් එකට පැන්නෙ ටොම් නෙමෙයි නිකිණි. මම නිකිණිගෙ උදව්වෙන් අමාරුවෙන් ගොඩට එන්න හදන කොටම දඩාස් ගාල ඔළුව මොකක් හරි එකක වැදුන.

    ඒ වේදනාවට කෑගහනකොට මට ඇහැරුණා. එතකොටයි නිකිණි මැරිල නෑ කියල පෙනුනෙ හීනයක් කියල තේරුණේ. මාස කීපයක්ම මම ඒ හීනෙ තේරුම මොකද්ද කියන්න කල්පනා කරන කොට මම දැක්ක නේවි එකේ කැඩෙට් ඔෆිසර් ඇප්ලිකේශන් කෝල් කරල තියෙනව. මම හිතුව මගේ අනාගතය හසුරුවන්න නිකිණෛ හීනෙන් ඇවිල්ල දුන්න පණිවිඩයයක් තමයි ඒ හීනෙ කියල. ඔන්න ඔහොමයි කමිය නේවි එකට ගියේ.

    ReplyDelete
    Replies
    1. චා.. චා...
      එහෙම නෙවෙයි අනේ.... දඩාස් ගාල ඔලුව වැදුන ගමන් ඔක්කොම අමතක වෙනවා. ළමයි ඉන්නවද, වයිෆ් ඔක්කොම අමතක වෙලා නිකිණි අන්තිමට දැක්ක මොහොතේ ඉඳන් ටික ඉරේස් වෙනවා....
      ආන්න එහෙමයි!!
      (හෙමින්: ඉයන් සින්දු ලියන එක වගේම මෙගාත් ලියනවද?)

      Delete
    2. //මම ඒ ගොල්ලො එක්ක කථා කර කර හිටියේ පූල් එක ලඟම තිබ්බ මේසෙක කියල කිව්වනෙ// හැබෑට? කතා කරලා එනකොට ෆෝන් එක එහෙම සාක්කුවේ තියෙනවද බැලුවද? නැත්නම් පූල් එකටවත් වැටුනද දන්නේ නෑ..

      :)))))))))))))

      Delete
  19. මල මගුලයි.කියවං යද්දි උස්මත් හිරවුනා...අනේ අම්මප මෙහෙමත් ගල් පැලෙන ඉර හඳ පනුවො ගහන බේගල් තමංට වුනා වගේ ලියන හැටි

    ReplyDelete
    Replies
    1. ආ... ආ... මෙන්න ඩප්පියක්....

      Delete
    2. ඩප්පියක් මදි.. ලොකු බැරල් එකක් නැද්ද? හැක්.

      බේගලයක් නෙමෙයි බොලේ.. ඔන්න ඔය ලිඛිත තමයි කියන්නේ.. සත්තම කියල..

      Delete
  20. කියෙව්වා කියෙව්වා කියෙව්වා කියෙව්වා...තවම කියෝන ගමන්

    ReplyDelete
    Replies
    1. හම්මේ.. කවුද පාර කියුවේ මෙහෙට? අර අහවලාද? හැක්. වෙල්කම් කියුව එහෙනම් මේ පැත්තට.. මොණරතැන්නට ගියා මාත්.. නිදහසේ කියෝලා ගුණාගුණ කියන්නම් ඔන්න..

      ජයවේවා!

      Delete
  21. 1)පිස්සු වගේ
    2) මඥ්ඥං වගේ
    3) පපුව ටිකක් හිර වෙලා වගේ
    පොඩි කැස්සකුත් ආවා..
    ඊට පස්සෙ හොඳටම මල පැන්නා.ලිඛිතාගෙ බ්ලොගක් තියන බව නොදැන හිටියට ලැජ්ජ හිතුනා.
    ඒ කතාව වෙනම කියවනවා.නමුත් මේකෙ තියන රස වෙනයි... නියමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ බ්ලොග් එක ගැන ගස්ලබ්බා විතරක්ද, මමත් ලැජ්ජා වෙනවනේ!

      Delete
    2. මමත් එක දැනගත්ත දවසේ ඉඳලා ලජ්ජා වෙනවා , වලිඛිතා

      Delete
    3. දුහුප්! ආව මෙතන.....

      Delete
    4. ඔක්කොම ලජ්ජා වෙන එකේ.. ඔන්නොහෙ මාත් ලැජ්ජා වෙනවා.. නැත්නම් මං සමාජෙන් කොන් වෙන්න ඉඩ තියෙනවා.. හැක්.

      ස්තුතියි ගස් ලබ්බෝ..

      Delete
    5. ශහ්ඃ... ලැජ්ජ බයට හැදුනු කොල්ලො නෙව.. නැද්ද වලිබිතා?

      Delete
    6. මං නං බය විතරයි. ලැජ්ජාවක් ඇතුව ඒක කියවන්න බෑනෙ

      Delete
    7. ගස්: වලිබිතා??????????? ලිඛිතා හලෝ ලිඛිතා!!! මොකද්ද ඒ 'බි' යන්න??? ගර්ර්ර්....
      ප්‍රා: එහෙනම් බය කියන එකත් දන්නවා..... මම උන්නේ ලැජ්ජාව විතරයි දන්නේ නැත්තේ කියල. ඒ කියන්නේ ප්‍රබුද්ධයි! ඒක ප්‍රබුද්ධ අයට යන්න - එන්න හොඳ තැනක් නෙවෙයි.....

      Delete
  22. අර කතාව කියවලා එන්නම්..
    මේ ටික මේචර වැදුනානම් අර කතාව කිය්ව්වහම මට හිතා ගන්න බැහැ...
    අඩෝ මගෙත් පරන ආදර කතාවක් තියනවා ලියන්නද

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මේ කට කැඩෙනකං කියන්නෙ. ලියන්නකො අෆ්ෆා...

      Delete
    2. //ඒක තමයි මේ කට කැඩෙනකං කියන්නෙ. ලියන්නකො අෆ්ෆා...// x 2

      දැන් උඹටම කියල මෙතන බ්ලොග් එහෙකුත් තියන එකේ..

      Delete
  23. Phone eken baluve, sinhala na boss .kathava vedi vage..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කියුවේ වෙඩි වගේ කියල.. සමහරු නම් කියුවේ (දිග) වැඩි වගේ කියල.. තැන්කියු වේවා!

      Delete
  24. /මගෙත් එක්ක එක බඩ වැල ෂෙයාර් කරන් ඉපදිච්ච එකා../

    මක් කිව්ව? එක බඩවැල ෂෙයාර් කරං ඉපදිච්ච එකා? එහෙම එවුනුත් ඉන්නවද බොල? අපි නම් අහල තියෙන්නෙ එක බඩවැල කඩාගෙන ආපු එවුං ගැන විතරයි...:)

    ReplyDelete
    Replies
    1. හැබැට ඔය බඩවැල කඩාගෙන එන්නේ අහවල් එකටයි ඉපදෙනකොට? වැරදිලාවත් බඩවැලත් එක්ක ආමාශේ පිත්තාශේ අරව මේවත් කඩාගෙන ආවොත් එහෙම.. පොඩි කාලේ ඉඳල.. ඒ කියුවේ බඩේ ඉඳල පුරුදු කරන්න ඕනි යනකොට කොරහ බිඳගෙන නොයා ඉන්න.. හැක්.

      Delete
  25. ලස්සනයි අය්යෙ කවදත් වගෙම. අන්තිම පේලි ටික කියවලා තමා හුස්මක් ගත්තේ, මට හිතුනෙ ඇත්තට වුණු එකක් ඔයාට කියලා

    ReplyDelete
    Replies
    1. ඇත්තට උණු එකක් තමයි මෙයා.. මට නෙවෙයි ඒ කලණ ට.. :)

      Delete
    2. ඒ කලණගේ අකවුන්ට් එකෙන් ගියාට......... එක්කෝ ඕනේ නැහැ නෙහ් ?

      Delete
    3. මෙන්න කෑවෝ.. කෑවෝ.. අහක යන නයෙක් කෑවෝ..

      Delete
  26. ලිඛිතාගෙ කතාව හැමදාම උදේ පාන්දර කියවලා පුරුදු වෙච්ච මට...ඔන්න මේ කතාව නම් හරිම රහට දැනුනා...පටන් ගන්න කොටම මුල හරියෙ නම් දෙක දැක්කම තේරුනා....මේ යන්නෙ කොයි කතාවද කියලා....නියමයි මේක

    ReplyDelete
    Replies
    1. //"පටන් ගන්න කොටම මුල හරියෙ නම් දෙක දැක්කම තේරුනා....මේ යන්නෙ කොයි කතාවද කියලා...."//

      අනෙප්පල යන්න පච කෙලින්නේ නැතුව

      Delete
    2. @ විසිරි.. //හැමදාම උදේ පාන්දර කියවලා පුරුදු වෙච්ච මට// කොමෙන්ට් එක කියවන්නත් කලින් පබ්ලිෂ් වෙච්චි වෙලාව දැක්කම මට හිතුනෙත් ඕකමයි.. :)) ලිඛිත අපිව ඕල්රෙඩි කරකෝලා අතෑරලා තිබ්බ නිසා මම නම් ඔන්න හිතා ගන්න පුළුවන් විදියට තමයි ලියුවේ.. ටැංකියු වේවා 'නියමයි මේක' කොමෙන්ට් එකට..

      @ ඉවාන්.. මේ මේ උඹලගේ සහෝදර ප්‍රේමෙට යන වැලි වලට අපි නෑ ඔන්න.. හැක්. අපේ අක්කයි මල්ලිත් ඔය වගේ.. බැලුවොත් වලි.. ඒත් එකාට එකා නැතුව බෑ..

      Delete
    3. @ ඉවාන් - අනෙ මේහ්....පහු ගිය කාලෙ ලිඛිතාගෙ කතාවට වහ වැටිලා නොකා නොබී කියෙව්ව එකෙක් නෙව මේ මට කියවන්න එන්නෙ...කෝ අර කෙටි කතාව ඈ

      @ කමියා - කාගෙද සහෝදර ප්‍රේමයක් කිව්වෙ...මූ එක්ක මලාට සහෝදර කම් මගේ නෑ...ආයෙ අහුවුණොත් අතක් පයක් කඩල තමා යවන්නෙ...( මේක දැක්කම කට්ටියම බය වෙයි නේහ්...)

      Delete
    4. මටත් බය හිතුන නේන්නං.. සුදු අක්කේ මාත් එක්ක ෂේප් නේද? o.O

      Delete
  27. උස්සලා පොළවේ ගැහුවා වගේ.. මුල මැද අග මාංඥමිකයි...

    ReplyDelete
    Replies
    1. ලිඛිත තමයි වග කියන්න ඕනි..

      Delete
    2. හෑ...!! කොටියම කන්න!!!

      Delete
    3. හිහ්.. හොහ්.. හොවැහැ.. :))

      Delete
  28. මල හතිලව්වයි , යන්තං හිත හදාගෙන හිටිය ගම කෑවනේ ඉතිං, ශික් අම්මප

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ ලව්පූස් තුමා එක පාරක් මම බාගෙට ලියපු කතාවකටත් මල හත් ඉලව්වක් කරා..

      ලේඛකයා

      Delete
    2. මතකයි මතකයි.. ඔය කාලේ මගේ සිංහල අප්ශේට් ගිහිල්ලා කම්මල සින්ඩ්‍රෝමය වැළඳිලා තිබ්බ කාලයක්.. නැත්නම් මාත් ලියනවා යෝජිත අවසානයක්.. ඉවානයා ඒක අල්ල ගත්ත විදිය පට්ට..

      Delete
    3. අම්මට සිරි , එහෙමත් අතීතයක් තිබුනා නේ, හැක

      Delete
    4. ලව්පූස් තුමා කෝ අර කෙටිකතාව....

      Delete
  29. අතිවිශිෂ්ඨයි!
    බයි ද වේ මේ මගේ පළවෙනි කොමෙන්ට් එක උඹේ බ්ලොගේ..:D

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි.. වෙල්කම් වේවා කල්‍යාණ මිත්‍ර අඩවියට.. තැන්කිව් ෆොර් ද ඇප්‍රිශියේෂන්.. :)

      Delete
  30. හප්පේ.. මෙහෙමත් මිනිස්සුන්ගෙ හුස්ම හිරවෙන ඒවා ලියනවද මම අහන්නෙ...

    ලිඛිතගෙ කාතාව නම් කියවලා නෑ කියවන්න ඕනෙ ඉඩක් ලැබුන ගමන්ම .. මේක නම් නියමයි

    ReplyDelete
    Replies
    1. ඒක කියවන්න.. ඒක නැතුව මේක අගයක් නෑ.

      ස්තුතියි!

      Delete
  31. මේ මොන ජෝක්ස් එකක්ද මේ ...???????

    ReplyDelete
    Replies
    1. බොට ඔක්කොම ජෝක්ස්.. ඉක්කනට කසාදයක් බැඳපම්.. එතකොට ඔය ගතිය ඇරිලා යනවා.. හැක්.

      Delete
  32. කලනයව හම ගහන්න ඕනි මේ වගේ ඒවා ලියනවට. එක අතකට මේකා කියන බොරුවල හැටියට මේ මොකක්ද? ලිඛිතගේ කටහ්ව අදම කියවන්න ඕනි.

    ReplyDelete