Friday, 7 April 2017

ස්තුතියි කපුගේ මහත්මයා! ඔබට සුභ රාත්‍රියක්! Who says Kapuge died?

කපුගේ මිය ගිහිං වසර දාහතරක් ලු..
අපේ බ්ලොග් මිත්‍ර ශාන්ත කේ හේරත් මහතා විසින් අඳින ලද කපුගේ ගේ සිතුවමක්..
අපේ අයියල අක්කලාගේ කොල්ලෝ කෙල්ලෝ දැන් අවුරුදු 16-20 අතරේ ඉන්නේ ගොඩක් දෙනෙක්ම.. ඒ කියන්නේ උන් කපුගේ හැබැහින් සිංදු කියනවා අහලා තියෙන්න බෑ.. අපේ ගෙදර කට්ටිය සෙට් උනාම පුංචියට පටන් අරං රෑ මැදියම වෙනකං ඇදිල යන පැදුරු සාජ්ජයක් වගේ එකක් සාමාන්‍යයෙන් වරදින්නේ නෑ.. මටයි අපේ ලොකු අක්කටයි සිංදු කියන්න බැරි උනාට අපේ පවුලේ සහ පවුලට එකතු වෙච්චි ගොඩක් උන්ට හොඳට සිංදු කියන්න පුළුවන්.. මෙහෙම වෙලාවලට නිතැතින්ම ගැයෙන සිංදු කීපයක් තියෙනවා.. ඒවා ඇත්තටම රික්වෙස්ට්.. හැමදාම වගේ මේ රික්වෙස්ට් රවුන්ඩ් එක පටන් ගන්නේ එකම සිංදුවකින්..

"සුx බාප්පි.. නින්ද නැති රැයේ කියන්නකෝ..." රික්වෙස්ට් එක එන්නේ අර මන් කියපු ගැටවර (Teenage) කාන්ඩෙන් වීම තමයි විශේෂත්වය.. 'සුx බාප්පි' කියන්නේ අපේ පොඩි(ම) අයියා..

"ඔව් සුx.. පටන් ගනිං.. " ඒ දෙවෙනි අයියා.. මේ වෙනකොට ඉතිං කන බොන අය කොහොමත් විදියක් වෙලා නේ ඉන්නෙත්.. කිසිම වෙනසක් වෙලා නැතත් සුපුරුදු විදියට තාත්තගේ සර්පිනාව ඉස්සරහ වාඩි වෙලා ඉන්න ලොකු අයිය තාලේ අල්ලලා ඉවරයි..

"නින්ද නැති රැයේ.. සඳ කඳුළු මීදුමේ.. හැංගිලා අඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ.. 
තා..රකා දියේ ගිලී.. නිල් එළිය නිවේ.. වැහි බිංදු වැටේවි.. රෝස පෙති කඩා හැලේ..."

ලා..ලා..ලා... ලාලාල..ලා... // ටරර..රරර.. රරර..රරර.. පසුබිමින් සංගීතය ඉබේම වගේ සැපයෙනවා..

"කිළිපොලා සැදී යමින්.. නොහිම් සීතලේ.. තුරුළු වෙමි දෙනෙත් පියා.. ඔබගේ උණුහුමේ..
ජීවිතය ඉතින් අපේ..සිහිනයක් නොවේ.. හෙට උදේම අවදි වී.. යා යුතුව තියේ...

නින්ද නැති රැයේ....//" ඉඳිකටුවක් බිම වැටුනත් ඇහෙන තරමට වටපිටාව නිශ්ශබ්දයි.. හැමෝම දැහැනකට සම වැදිලා වගේ..

//රැය ගෙවේ සඳත් නිවේ.. දුරයි ජිවිතේ.. ඉතිං අවසරයි මගේ.. පුංචි කුමරියේ...
කටුවලට දෙතොල් තියා.. මලක් නැති ගසේ.. සිඹිමි එකම හාදුවයි.. සොඳුර ඒ මගේ...

නින්ද නැති රැයේ..." ඔය ටික යනකොට ළඟ හිටියොත් 'ගාල්ලේ පුංචි' මගේ උරහිසට හේත්තු වෙලා.. ඇස් දෙකත් පියාගෙන.. හැමෝම තවත් තත්පර කීපයක් ඒ විදියටම තම තමන්ගේ ලෝකයේ ඉඳන් ඒ සින්දුව විඳිනවා..

"වෙල්ඩන් සුx.. එළකිරි! තව එකක් කියපං ඔය ගැම්මෙන්ම.. " දැහැන බිඳින්නේ දෙවෙනි අයිය..

"දුක හාදු දෙන රැයේ.." ආයෙම රික්වෙස්ට් එක ටිනේජ් ගෘප් එකෙන්..

ටිරි රිරි රී.. ටිරි රිරි රී.. ටිරි රිරි රී.. ටිරි රිරි රී..

"දුක හාදු දෙන රැයේ.. සිත පතුලටම වෙලා.. යව්වනේ අකට විය විරහි.. හද ගිලන් වෙලා..
දුක හාදු දෙන රැයේ.." 

ගහකොලද මල් පිපේ ඇල දොළ නිල කඩා හැලේ.. පෙරදාක මිරිඟු සයුරේ.. ඒ රුවට රැවටුනේ..
දුක හාදු දෙන රැයේ...

ටිරි රිරි රී.. ටිරි රිරි රී.. ටිරි රිරි රී.. ටිරි රිරි රී..

නන්නාදුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා... මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා...
දුක හාදු දෙන රැයේ..." යලිත් සභාව තත්පර කීපයක් යනකම් නිශ්ශබ්දයි..

ඊළඟ රික්වෙස්ට් එක යුෂුවලි එන්නේ පොඩි අක්කාගෙන්.. "සුx අයියේ.. දවසක් පැල නැති හේනේ කියන්නකෝ.."

"අන්න පාර.." වහාම අනුමැතිය ටිනේජ් ගෘප් එකෙන්..

ටූ රූ රූ ..රූ රූ.. ටූ රූ රූ ..රූ රූ.. ටුරු රුක් ටුක්.. ටුරු රුක් ටුක්.. ටුරු රුරු රුරු රූරූ.. කියල ලොකු අයිය සර්පිනාවෙන් තාලේ අල්ලනකොට (ආච්චි) අම්ම පුටුවේ තව පොඩ්ඩක් පස්සට වෙලා ඈත තියෙන මොකක් හරි දිහා බලා ගන්නවා..

"දවසක් පැල නැති හේනේ.. අකාල මහා වැහි වැස්සා.. තුරුලේ හංගා ගෙන මා.. ඔබ තෙමුනා අම්මේ.. පායන තුරු හිටි පියවර.. හිටියා ඔබ අම්මේ..."

අපේ තාත්තා ආණ්ඩුවේ වැදගත් රස්සාවක් කරාට, ළමයි හය දෙනෙක් හැදුවට කවදාවත් කිසි දෙයක් බරපතලෙට ගත්ත කෙනෙක් නෙවෙයි.. ඒකටම බීමත් එකතු වුනාම අපේ පොඩි කාලේ අපිට අනිත් 'ගාඩ් මහත්තුරුන්ගේ ළමයි' වගේ ඉන්න ලැබුනේ නෑ.. ඔහොම ගිහිල්ල අසු ගණන් වල මුල් කාලේ දවසක බීමතින් කරපු වීර ක්‍රියාවක් නිසා තාත්තව මුලින් 'ඉන්ටඩික්' කරලා පස්සේ 'ඩිස්මිස්' කරපුවාම තමයි අපේ ජීවිතවලට නියම කුනාටුව කඩන් වැදුනේ.. අම්මා නොසැලී ඒ හිටි පියවර නොහිටියානම්.. ඉස්සරහට බ්ලොග් එකේ ලියල තියන්න කතන්දර ගොඩක් මගේ ඔලුවට එනවා.. සිංදුවේ ඉස්සරහට කියවෙනවා වගේ අවැඩක් නම් තාම අපේ කාටවත් වෙලා නැතත් කවුරුවත් දැහැන බිඳ ගන්න සුදානම් නෑ..

"නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුන දා.. බිරිඳකගේ සෙනෙහෙ ගියා.. යෝධ ඇලේ නැම්මේ..
නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ..."

ටූ රූ රූ ..රූ රූ.. ටූ රූ රූ ..රූ රූ.. ටුරු රුක් ටුක්.. ටුරු රුක් ටුක්.. ටුරු රුරු රුරු රූරූ..

"කොළඹ අහස කළු කරගෙන මූදු හුළඟ අඬලනකොට.. ඔටුන්න බිම දා දුවගෙන.. එන්නද එක පිම්මේ..
මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ...
මං එනතුරු ඉඳි...කඩ ළඟ ඉන්නවා...ද අම්මේ...
මං එන...තුරු.... ඉඳි..කඩ.. ළඟ.. ඉන්න..වා......................................ද... අම්......මේ............................"
අන්තිම පේළි තුන සමූහ ගායනයක්.. හැමෝම වගේ අත්වැල් අල්ලනවා.. ඊට පස්සේ මහන්සි නිවෙනකම් හැමෝම හැමෝටම අත්පුඩි ගහ ගන්නවා.. මද විරාමයක්..සතුටු සාමිචියක්.. තේ එකක් බොන්න.. කැවිල්ලක් කන්න අදහසක් දෙකක්.. සංගීත භාණ්ඩ නැවත සුසර කර ගන්න.. මියුසික් වැරදුන තැන් ගැන කතා කරන්න ඉසිඹුවක්.. ඒ ගමන් ඊළඟ සිංදුව ගැන කතාව.. ඔය අස්සේ අම්මට පරණ කතාවක් මතක් වෙනවා..

"කල්xට මතකද ඉස්සර මට කවි වලින් ලියුන් ලියනවා නේවි ට්‍රේනින් ගිය මුල් කාලේ..?"

"හා..හා.. අම්ම ඔය කියන්නේ අර කවිය ගැන නේද" අපේ උන්දා මට කලින් සවිඥානික වෙනවා අම්මගේ ප්‍රශ්නෙට..

".................................................
......................................................
ලොව ජය අරං මං එනතුරු නොපමාව
ඔබ මඟ බලනවද ඉඳ ඉඳිකඩ ගාව" මම අම්මට ලියල යවපු කවි ලියුමක අන්තිම කවිය අම්මට කටපාඩම් උනත් මේ සටහන තියන වෙලාවේ මට ඕකේ මුල් පද දෙක මතක නෑ..

"............................................
හිටියත් සිනාවෙන් රසමුසු බස් තෙපලා
පොල් සම්බලයි කරවල බැදුමයි හදලා
ආවම කවන්නම් ළඟ ඉඳගෙන අනලා" අම්ම එවපු උත්තරෙත් අම්මම මතකෙන් කියනවා.. මට ඒකෙත් මුල් පදේ මේ වෙලාවේ මතක නෑ..

ආපහු සිංදුවකට යන්න වෙලාව.. සුx අයියට විවේකයක් දෙන්නත් ඕනි..

"ඔයා දොඹ මල් කැලෑවේ කියන්නකෝ" 'ගාල්ලේ පුංචි'ගෙන් මට හෙමිහිට ඇවිටිල්ලක්.. කාට අමිහිරි උනත් ඈට නම් මගේ ගීත තාම මිහිරියි.. "පිස්සුද.. සිංදු කියන එක නවත්වල කට්ටිය එළවන්නද ඔයා හදන්නේ?" මගෙන් විරෝධය..

"මොකක්ද නංගි.. ආ දොඹ මල් කැලෑවේ.. පට්ට.. වරෙන් කල්x අපි දෙන්නම කියමු.. සුx සපෝට් කරපං.." දෙවෙනි අයිය වැඩේ ඇදගෙන යන්න සුදානම්..

"දොඹ මල් කැලෑවේ.. බඹරුන් ගැයූ.. කවියක් වගේ ආදරේ.. 
අත්වැල් බැඳන් යන්න.. ලංවී ලඟින් ඉන්න.. සංසාර ගිරි දුර්ගයේ.." බ්‍රේක් එකෙන් පස්සේ වැඩේ නැගල යනවා.. ඒත් ඉතුරු ටික මට තනියෙම තමයි කියන්න වෙන්නේ.. අයියලට වචන මතක නෑ..

"රෑ මිදුමේ සීත මිටියාවතේ.. මේ කේතකි මල් වනේ..
සඳසේ උදා වූ සෙනෙහේ නිමා වේද දුක් දොරකඩින් හෙට දිනේ..//"

අහ.. තනියෙම කියන්න වෙන්නේ නෑ. මගේ ප්‍රියම්බිකාව සහ ටිනේජ් සෙට් එක ඉන්නවා සපෝර්ට් එකට..

ඊළඟට මගේ ආසම කෑල්ල..

"කඩු තුඩු මතින් යන්න කුර ගාව ගාවා.. හිනැහී දෙතොල් ඉරි තලා..
පෑ පුන් සඳක් නිසරු අහසේ පිපේවා.. කටු වැට උඩින් පායලා..//

දොඹ මල් කැලෑවේ.. බඹරුන් ගැයූ.. කවියක් වගේ ආදරේ.. " නවත්වන්න හිතෙන්නේ නැති නිසා මම තව වටයකුත් කියනවා..

"උඹ බොරුනේ කියන්නේ සිංදු කියන්න බෑ කියල" දෙවෙනි අයිය සභාව මෙහෙයවනවා.. ගාල්ලේ පුංචිගේන් ඔන්න මට තව තල්ලුවක්.. "ඒදණ්ඩ දිගේ පා පොඩිති නගා... කියල තියෙන එක කියන්නකෝ.." "ගංගාවේ ගීතය" මම ගත්ත කටටම කියනවා.. ෂා! නියමයිනේ කියල ටිනේජ් බ්‍රිගේඩ් එකෙන් අනුමැතිය ලැබෙන කොට සුx අයියා සින්දුව පටන් ගන්නවා..

"ගංගාවේ ගීතේ... ගොළුවී ගියා..දෝ.. 
ඔබ මා.. හමුවේ...
පෙම්බස් දොඩනා..යුගය නිමාවේ..//
ගංගාවේ.... ගීතේ.."

ඔය පටන් ගත්තට මට තමයි ඇදගෙන යන්න වෙන්නේ.. මැද කෑලි වල වචන මෙයාල දන්නේ නෑ.. සුවර්..

ඔබ මුව මඬලේ.. මුතු හිනා වගේ.. දිය සරැලි ගඟේ..  ගලනා රඟේ..//
මතකයේ වෙලී..... පැටලේ....
මල් බඹර පැතුම විලසේ..//
ගංගාවේ... ගීතේ...//

ඒදණ්ඩ දිගේ පා පොඩිති නගා.. නෙත් තුඩු අතරේ.. හමුවී..දොඩා..//
මා ලයේ සදා.. නොමැකේ...
අරවින්ද කැකුල විලසේ...//
ගංගාවේ.. ගීතේ......
ගංගාවේ.................................ගීතේ........."

සිංදුවේ අන්තිම හරිය යනකොට ලොකු අක්ක හිමීට නැගිටලා කුස්සියට යනවා.. තව ටිකකින් දුම් දාන කහට එකක් එක්ක හකුරු තව මොනා හරි කෑමක් සුවර්.. ඒ නැතත් ඔක්කොගෙම හිත් පිරිලා.. රාත්‍රිය තවම බොහෝ තරුණයි.. හරියට කපුගේ වගේම.. කවුද කියන්නේ ඔහු මිය ගිහිං කියල.. ඔහු තව දුරටත් සිංදු කියන්නේ නැතුවා විතරයි.. එකාතකින් ඒක හොඳයි.. මේ කියපු සිංදු ටිකවත් අහල ඇති වෙන්නේ නැතිකොට.. තව කියුවොත් කොහොම වෙයිද?

ස්තුතියි ගුණදාස කපුගේ මහත්මයා! ඔබට සුභ රාත්‍රියක්!

විශේෂ ස්තුතිය: ලිපියට නිමිත්ත සැපයු සඳුන් සෙවණේ චන්දන ගුණසේකර ට..





86 comments:

  1. වාසනාවන්ත පවුලක්! :)

    ReplyDelete
    Replies
    1. නැහැ කමිගේ :)

      Delete
    2. අම්මප?

      දැන් ඉතිං අවුරුද්දකට දවසයි තමයි ඒකත්... :/

      Delete
    3. මටත් ඉන්නෙ මේ වගේම ගී සාද පවුලක්.. හැමෝටම වගේ ඩිංග ඩිංග ගයන්න පුලුවන්...

      Delete
  2. /"කල්xට මතකද ඉස්සර මට කවි වලින් ලියුන් ලියනවා නේවි ට්‍රේනින් ගිය මුල් කාලේ..?"

    "හා..හා.. අම්ම ඔය කියන්නේ අර කවිය ගැන නේද" අපේ උන්දා මට කලින් සවිඥානික වෙනවා අම්මගේ ප්‍රශ්නෙට..

    ".................................................
    ......................................................
    ලොව ජය අරං මං එනතුරු නොපමාව
    ඔබ මඟ බලනවද ඉඳ ඉඳිකඩ ගාව"

    මම අම්මට ලියල යවපු කවි ලියුමක අන්තිම කවිය අම්මට කටපාඩම් උනත් මේ සටහන තියන වෙලාවේ මට ඕකේ මුල් පද දෙක මතක නෑ../

    නිකං පලයං බං යන්ට... මතක නෑ....ඉඳපං මතක් කරල දෙන්ට...

    "මෙස් එකෙ උයන කුකුළොත් කර තියාගෙන,
    වැල්ලෙං පිල්ලිගැහු කරවල ඔතාගෙන,
    ලොව ජය අරං මං එනතුරු නොපමාව
    ඔබ මඟ බලනවද ඉඳ ඉඳිකඩ ගාව"

    ReplyDelete
    Replies
    1. අම්මපා අයියේ උඹ නම්.. කුෂ්ඨ හැදිච්චි ඉෂ්ඨ දෙයියෙක් වගේ ඇවිත් මේ කවි දෙක මතක් කරේ.. උඹට කියන්න අර අම්ම ලියල එවපු එකේ මුල් පදෙත් මට නිකම්ම මතක් උනා කියහන්කෝ..

      පෙර කල පවට කරවල ජාඩි ම ඇදලා
      හිටියත් සිනාවෙන් රසමුසු බස් තෙපලා
      පොල් සම්බලයි කරවල බැදුමයි හදලා
      ආවම කවන්නම් ළඟ ඉඳගෙන අනලා...

      ටැංකියු හොඳේ..

      Delete
  3. මිය ගිය වුණත් ඒ හඬටම ප්‍රිය කරමී
    තිය තිය තාල ඒ ගී වෙත තැනක් දෙමී
    දිය උල්පතකි ඒ ගී නැත රසය නිමී
    තිය නෙමි ස්තූති මේ ගැන ලිව්වාට කමී.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සිව් සිය වරක් මගේ හිත සතුටක රන්දා
      කව් පද හතරකින් ඔබ පිළිතුරු බැන්දා
      අව් වැසි සුළං මැද මෙදවස 'වැඩ' හින්දා
      සව් දිය පුරමු දවසක කවි රස කැන්දා..

      ජයවේවා දුමි!

      Delete
    2. එන ඉදිරියේ අවුරුදු සිරි ඇති හින්දා
      වෙන දිනයකදි ඒ පැතුමක් හිත රන්දා
      කන බොන එක නැතත් සතුටක් හිත රන්දා
      වෙන වැඩ අතැර එමි කවියට ප්‍රිය හින්දා....

      ජයවේවා!!!

      Delete
  4. ඒ ගී සුව ව්ඳමින් ගතකල එක් සීතල බදුලු රාත්‍රියක මතක නොමැකී තියෙනවා කමී මා ගාව....!

    ReplyDelete
    Replies
    1. සීතල බදුලු රාත්‍රි නිමයි
      දැන් එන්නේ රස්නේ ගාලු රාත්‍රි නේ. :)

      Delete
    2. @ චෙෆාකි.. එදා එකිනෙකට නොගැලපෙන කතන්දර දෙක තුනක්ම යොදාගෙන තිබ්බ නිසා මට ඕනේ විදියටම ඒ රාත්‍රිය සමරන්න බැරි උනා.. ඒත් ඒ අත්දැකීම මේ විදියට හරි විඳගත්ත බ්ලොග් හිතවතුන් තුන් හතර දෙනා අතර ඔබත් සිටීම මට ඇත්තටම සතුටක්.. ස්තුතියි ඒකට..

      @ රන්දිල්.. රස්නේ වෙන්නේ නෑ.. වෙල් හුළඟට දාඩිය නිවෙනවා..චඃ.. මේවා මෙහෙම කියන්න හොඳ නෑ.. පස්සේ දවසක කට්ටියත් එක්කම දවසක් ඉන්න බලාගෙන ඇවිත් බලාගන්න..

      Delete
  5. ස්තූතියි කපුගේ..අපිට මේ වගේ පෝස්ට් එකක් කියවන්ට සැලැස්සුවට

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒකටත් ස්තුතියි!

      Delete
  6. කපුගේ, සෝමතිලක ජයමහ.... ඔය කටහඬවල් දෙකට මම පුදුමාකාර විදිහට ආසයි. ඒත් ඒ හඬවල් දෙක හරිම මූසල හඬ දෙකක්. මේ මනුස්සයට පිස්සුවැටිලා හිටිය තරමක් ඒ කාලේ ඉඳලම.උන්මාද සිතුවම් වලින් පටන්ගන නිර්මලා ගෙනුත් එහාට වෙනකම්ම ඇදගන ගියේ තාමත් ප්‍රියතමයා ඔහුම කරගනමයි. ඇස්දෙක පියාගන නිකමට මතක්කරගනින් ඒ කටහඬෙන් මේ පදටික

    කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ
    තුරුලුවෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ


    ඇසුවත් නෑසෙන දුටුවත් නොදකින- ඔබේ තුන් සිත වැසෙනා
    අපේ නටඹුන් ප්‍රේම නගරේ වන්ඳනාකරු මා

    සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
    බාල වයසින් මැරුන ප්‍රේමයකි තරු එළිය



    ReplyDelete
    Replies
    1. දෙවෙනි සහ තුන්වෙනි ඒවා ඇහෙන්නේ මේ තේ එකෙන් පස්සේ.. අන්තිම හරිය වෙනකොට තමයි මෙන්න මේ ටික ඇහෙන්නේ..

      හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ..
      නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ..

      මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ.. මිහින්තලා ගල පැත්තේ..
      පිරුවට ඇඳ පෙට්ටියක තියාලා.. පහන් දෙකක එළි මැද්දේ..
      මදටිය වැටෙද්දී..සඳ කැලතෙන ඇළ.. ඒදණ්ඩේ ඉස්මත්තේ...
      සුමනෝ.....ඕ..ඕ.....ඕ....... උඹ ඇයි නැත්තේ.....//

      ඊට පස්සේ ආයේ සිංදු කියන්න බෑ.. එළියට ඇවිත් ඔය ඉතුරු වෙලා තියෙන කොටයක් දෙපාරට ළඟ නමාගෙන උගුරට දෙකට දුමක් ඇදල...

      තිත්ත කරුවලේ තැන් තැන් වලට වෙලා ඒ ගැන කතා කරනවා බොහොම ගැඹුරෙන්.. :)

      Delete
  7. මිත්‍ර කපුගේ තවමත් තමන් ගේ ම තනු / ගීත නිර්මාණය කර නැති ද?

    ReplyDelete
    Replies
    1. පලංචියේ වැඩ හිඳගෙන මහා සෑයේ හුණු තවරන පියාණෙනි.. සින්දුව එයාගේ තාත්තත් එක්ක කියුවා කියන එක ගැන ඇර වෙන කිසි දෙයක් මම මිත්‍ර ගැන දන්නේ නෑ.. :/ මගේ එක වැරද්දක් ඒක.. මට 'වැදිච්ච' නැති කිසි දෙයක් ගැන මගේ උනන්දුවක් නෑනේ.. සෙහ්.. හදා ගන්නෝනි ඒ ගතිය ටිකක්..

      Delete
  8. ඊයෙ අර මං ලිව්ව එෆ් බී පෝස්ට් එක මතක් වුනා...ඇත්තටම කමියා...අද ඇයි මෙහෙම සින්දු නැත්තෙ....

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ.. ඔයා කියුවේ තියෙනවා කියල..
      //ඔබේ තොල් පෙති වැදී
      මගේ නළලේ කේශනාලිකාවක් පිපුරුනා....
      දැන් ඉතින් වෙන මක්ක කරන්නද?
      ආදරේ කරනු මිස..// බලන්න කොච්චර රොමෑන්ටික් ද කියල..

      Delete
  9. සුන්දර රාත්‍රිය

    ReplyDelete
  10. එදා අපිට ඕකෙ හොඳ හරිය මගෑරුණා. අපේ ගෙදර අනික් එක්කෙනා නං ලෙසටම අහගෙන හිටියලු. පහුවදා ගමනක් නොතිබ්බනං අපිටත් ඔය අතරේ සිංදුවක් කියන්ඩ තිබ්බා.

    ReplyDelete
    Replies
    1. චුටි මැණිකේට තමයි ඒක හරියට සෙට් වුනේ.. රහමෙර බාවිතා නොකිරීමේ ආදීනව තමයි හිටං.. :)

      Delete
  11. මම හිටියනං කියන්නේ

    සේද සිහින සුදු දුන්හිඳ ඔබ
    උස සීත නමුණුකුල ගිරිහිස මම
    මූණ බලාගෙන මේ විදියට
    මතු ජාතී ජාතීයෙත් උපදින්නද

    නීල් නුවන් නිල් තරු එළියට
    පෙම් ගීත ගයන මළ හිරුදෝ මම
    පාරමිතවෙන් යළි උපදින
    බැසයන්නද ජීවිත පියගැට පෙළ

    මාලිගාව ලග පය පාමූල
    සුදු නෙලුමද මම සදකඩ පහනක
    නාද නගන සද සදළුව මත
    හිමි පාද සලබ ගීයට පෙම් බැද

    ගායනය ::වීශාරද ගුණදාස කපුගේ
    පද රචනය:රත්නශ්‍රී විජේසිංහයන්

    https://www.youtube.com/watch?v=uGpZdYv4n_8

    ReplyDelete
    Replies
    1. අම්මප වෙලාවක ඇරෙන්ජ් කරනවා එකක් උඹලවත් එක්ක ගිහිං ගෙදර.. එදාට උඹට කියල ඕක කොහොම හරි කියවන්නත් ඕනි..

      අපි සුරංගයවත් එකතු කරගෙන වෙල්ලස්සේ ගීතයත් කියමු..

      ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුන්ච නාදයෙන් ඇවිලුන
      වෘක්ෂ දේවතාවුන් බිම වැටි පන ගසයි..
      මිනී මල් පිපුණු සිතල නිම්න භුමියේ ඇටකටු
      හතර රියන් කඩ අහිමිව විලාපය නගයි...

      Delete
  12. සේද සිහින සුදු දුන්හිඳ ඔබ

    ඔය වගීම පැදුරු සාජ්ජයක් අපේ ගෙදරත් තියෙනවා , ප්‍රධාන වාදකයා අපේ පොඩි මාමා. මිනිහ එක්ක කියන බෑ බැනුම් අහල පණ යනවා සෘතියෙන් පිට කියලා

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර ඔක්කොමල පොඩි මාමල.. අම්මේහ්.. සෘතියෙන් පිට කියල බේරෙන්න බෑ. ඔය හේතුව නිසාමයි මම සිංදු කියන්න බෑ කියල පැත්තකට වෙන්නේ.. ඒත් කපුගේගේ ඒවා කියන වෙලාවට එහෙම අයින් වෙලා ඉන්න බෑ. අනිත් උන්ගේ පිහිටෙන් ට්‍රැක් එකේ යන්තං තියාගෙන කියල දානවා.. :)

      Delete
    2. ඉවානයලගෙ ගෙදර ගියොත් මට අත්පුඩියක් වත් ගහන්න හම්බවෙන්නෙ නෑ

      Delete
    3. ඔයාගේ අයියගේ නම රනිල් ද අනේ? හැක්..

      Delete
    4. කම්මලේ, උඹ දුක්වෙන්න එපා. අපිදෙන්නා දවසක සෙට්වෙලා සිංදුවක් කියමු

      Delete
    5. එදාට වැඩිපුර අරක්කු බෝතලයක් බොනවා මම

      Delete
  13. මට උඹලගෙ ඔය සාජ්ජෙ ගැන පට්ට ඉරිසියයි බං. අපිට නම් ඔහොම ආතල් දැන් නෑ බං, අපේ එවුන් ඉන්නෙ ලෝකෙ පුරා . ආයෙ ඔක්කොම එකට කවදාවත් හම්බවෙන එකක් නෑ.
    කවද හරි උඹලගෙ බදුල්ලෙ ගෙදර අපිවත් එක්ක පලයං.
    කපුගේ , කියන්නෙ අපේ ජීවිතේට සංගීතය පුරෝපු පුද්ගලය

    ReplyDelete
    Replies
    1. මම දැන් එහෙ නැති එක තමයි අවුල.. නැත්නම් තාත්තගේ කට හඬ පණ තියෙන කාලේ උඹලව එහෙ එක්ක ගිහින් විනාඩි අටක් තිස්සේ කියන බුද්ධං සරණං සිංදුවයි වහලේ උළු උඩ යන්න අදින ගිරිහෙල් මුදුනේ සහ මායා (කෝ සැපතා මේ සංසාරේ) සිංදු දෙකයි උඹලට අස්සවන්න සලස්සන්න ආසයි..

      Delete
  14. මේ වගේම පැදුරු සාජ්ජ අපේ ගෙදරත් අවුරුදු කාලේට වරදින්නෙ නෑ... මේ ටික කියවනකොට මට ඒ මතකයෙ රස මුසු තැන් තමයි හිතට ආවේ.

    ReplyDelete
    Replies
    1. තුෂානි ත් වාසනාවන්ත පවුලක සාමාජිකාවක් ඒ කියන්නේ.. :) අහන්නත් ආසයි.

      Delete
  15. එහෙනං මට මේකත් කියන්න දියං

    සුදු සිනා කුසුම් නොපිපෙයි මනරම්
    මේ උයන් බිමේ කිසිදාක ඉතින්
    ඔබ යනවානම් යළි නොඑන සිතින්
    මල් නගන වසන්‍තයෙ යතුර අරන්...

    ඔබ දන්නවනම් එක නෙළුම් මලක්
    දිය යටට වෙලා දුක් විදින තරම්
    උණු කඳුළු වලින් රොන් සුණු තනමින්
    ළය ම‍ඩලෙ තබා උණුසුම් කරමින්
    ඒ නෙළුම වුණත් සැග‍වේවි ඉතින්
    කිසිදාක දියෙන් නොමැකෙයි රහසින්....

    මුතු හැදෙන තුරා මුතු බෙල්ලෙකු මෙන්
    දුක ළයේ තබාගෙන හිටියා මං
    මං නැතිව ගියත් යම් දිනක ඉතින්
    ඒ මුතු ඇට දිය යට නිදන බැවින්
    ගෙනියන්න ඇවිත් ඔබ එනවානම්
    මට අයිති නොවෙයි ඒ ඔබට තරම්....

    පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය හා ගායනය - ගුණදාස කපුගේ

    සුදු සිනා කුසුම් නොපිපෙයි මනරම්

    ReplyDelete
    Replies
    1. නැත්තං මේක

      තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ
      පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
      හිනා අමතකව ගිය මට
      හීනයක්ද තාමත් ඔබ
      කියන්න දේවී කියන්න දේවී.................

      කියා තෙපුල් ගී
      ගී ඔබ දුන් හාදු පමණි
      ඉතිරි වුණේ පැමිණි ඉසව්වේ
      ඇවිලෙන සාංකාව විතරද මට
      තනි මැකුවේ පාළු කැදැල්ලේ............

      හදේ ගැඹුරු ගැබ
      ඔබ උන් තැනින් නැගුණු
      දුකට වඩා දුකක් නැහැ ලොවේ
      ඉකිලන වේදනාව විතරද මට;
      ඉතිරි වුණේ මතක කොදෙව්වේ.................

      තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ

      Delete
    2. හම්මේ... බොන්න වෙනවා ඕයි මේ මහා දවාලේම..

      Delete
    3. මේකත් කියන්නං හැබැයි චතු නගාව එක්ක එන්න වෙනවා .

      නිර්මලා ලොන්ඩරිය හිමි
      සලුවඩන මැණිකේ නිර්මලා
      මල් හිනා නුඹෙ තැවරිලා
      කිරි ඉද්ද මල් වැට පීදිලා
      කුල ගෙවල් සැරසිලි කළත් අපි
      සළු වඩා පාවඩ එලා
      කිර්මලා නිර්මල නැතැයි මා
      ඔබෙ ලොවෙන් පිටමන් කළා......

      පන්තියේ මිතුරන් එදා කළ
      විහිළුවෙන් හිත රිදුන දා
      මා හෙළූ කඳුළක් මගේ
      දින පොතක තිබිලා හමු වුණා
      යුද වැදී නෑ සියන් බළමුළු
      අපේ ලොව ගිනි වැදුණු දා
      මා හෙළූ කඳුළින් තෙමූ
      සළුපිළි තවම නෑ වේලිලා.....

      දොවාලන්නට බැරි පිළී ගඳ
      කහට කුලමල තවරලා
      මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක
      දරන්නට බෑ නිර්මලා
      එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
      හිත පුරා පවතින නිසා
      හිමි නැතත් මට හුරු සුවඳ ඒ
      ඇඳුම් අතරේ තියනවා....

      පද - රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය - ගුණදාස කපුගේ
      ගායනය - ගුණදාස කපුගේ සහ නිරංජලා සරෝජනී

      නිර්මලා ලොන්ඩරිය හිමි
      සලුවඩන මැණිකේ නිර්මලා

      Delete
    4. ඇසුනත් නෑසෙන දු‍ටුවත් නොදකින
      නුඹෙ තුන් සිත වැසෙනා
      අපේ නටඹුන් ප්‍රේම නගරේ
      වන්දනාකරු මා.. වන්දනාකරු මා..
      ලෝ මහා පා සෙල් ටැඹක් යට
      සිහිනයක් සේ පෙනේ නුඹ මට
      හඬා වියොවින් හැඬූ නුඹෙ නෙත
      ලියවැලක් දෝ සඳ පහන් මත..
      ඇසුනත් නෑසෙන..
      තැනිතලා මත ‍රැඳුන පියවිලි
      සඳ පහන් යට ඇඳුන සෙවනැලි
      වැව්තලේ හස නඟන දිය‍රැලි
      ගෙනේ නිරතුරු සිනා කඳුලැලි
      ඇසුනත් නෑසෙන..

      ගායනය - ගුණදාස කපුගේ
      සංගීතය - ගුණදාස කපුගේ
      පද රචනය - මහින්ද චන්ද්‍රසේකර

      Delete
    5. මෙන්න ආතල්

      Delete
    6. ඇඬෙනවා.. තනි ඇහැට..

      Delete
  16. මොනව වුණත් කමී
    නුඹේ ඇත්ත කවිකම මතුවෙනව මෙන්න මේ වගේ වෙලාවට

    ReplyDelete
    Replies
    1. අනික් වෙලාවට මෙලෝ රහක් නෑ නේ බං? :) :D

      Delete
  17. රාත්‍රිය තවම බොහෝ තරුණයි.. හරියට කපුගේ වගේම..
    සුන්දර පහුලක් සහ හමුවක්....

    ReplyDelete
    Replies
    1. කලාතුරකින් එකතුවෙන..

      ස්තුතියි ජේත්තුකරයා!

      Delete
  18. කපුගේගෙ කටහඬම ගීතයක් වගේ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. කන් හුරන කටහඬක් ඒක.. :)

      Delete
  19. ඇහැ! අලුත් බිස්නස් එකකාක් පටන් ගන්නද නැතිනම් ඕල් රෙඩි ස්ටාට් ද ?

    ReplyDelete
    Replies
    1. වැරදි තැනක දාපු කොමෙන්ටෙකක්වත්ද?

      Delete
  20. කපුගේ සදානොමියෙන ගී හඬ... මගෙත් ප්‍රියතම දුක හාදු දෙන රැයේ...

    ReplyDelete
    Replies
    1. සදා නොමියෙන +++++++ ඒකනේ මාත් කියන්නේ..

      Delete
  21. වැඩේ කියන්නේ මේ සිංදු වල පද ඇහෙද්දි කපුගේ මහත්මයගෙ ඒ වෙනස්ම කටහඬ හිත අස්සෙ ඉඳන් දෝංකාර දෙනව. කපුගේ මහත්මයගෙ ගීත අහන්න අමාරුම මොකක්දෝ කියාගන්න බැරි වේදනාබර ගතියක් ඒ කටහඬේ තියනව. ගොඩක් සිංදුවල මම අත්විඳි දෙයක්... ඒ සිංදු ඇහුවම පස්සෙ හිතටත් මොකක්දෝ දුකක් දැනෙනව

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ඔය මොකක්දෝ එක

      Delete
    2. අනේ මන්ද ඉවාන් අය්යෙ කපුගේගේ කටහඬින් ඇහෙන සිංදු වල හරි වේදනාබර ගතියක් දැනෙනවා. ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ

      Delete
    3. අන්න ඒ මෙව්වා එක නිසා තමයි මම කියන්නේ කපුගේ මැරිලා නෑ කියල.. නාහ්නම් කොහොමද ඒ මෙව්වා එක තාම දැනෙන්නේ..

      ස්තුතියි හංසි..

      Delete
  22. දුක හිතෙන සින්දුමනෙ අප්පා... මමත් ආස සින්දු තොගයක් තියෙනවා කපුගේගෙ..

    ‘‘තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැර දා ඈ ගිය දවසේ...‘‘

    ‘‘උන්මාද සිතුවම් මැවේ බිඳේ...‘‘ අයියෝ මං අඬන සින්දුව...

    ‘‘කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරුණු මල් පාරේ...
    දවසක හමුවෙමු හමු වී හිනැහෙමු හිනැහී වැළපෙමු අපි ආයේ...‘‘

    අපේ ගෙදරත් කට්ටිය එකතුවුණාම සින්දු කියනවා. පැදුරු සාද නිතර තියෙනවා... අන්න මම එෆ්බී දාලා ඇති අපේ තාත්තා මේ ළඟදි පාටියක උපුල් කොපුල් කිව්ව වීඩියෝවක්. එයා ඉතින් කියන්නෙම ඔය සින්දුව මොකද වචන මතක ඒකෙ විතරයි. වෙන සින්දු කියනවනම් ඉතින් අපි වචන ලියල දෙන්න ඕන. නැත්නම් ළඟ ඉඳල මුල මතක් කරල දෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. මේ අපි පැදුරු සාදෙකුත් දාමුකො... මේ වගේ සින්දු...

      Delete
    2. තරූ ගෙනා තීරණයට එකඟ වෙමී
      මරූ ඒයත් ස්ථිර වෙන තුරු හිඳිමී....

      ජයවේවා!!!

      Delete
    3. මාත් ආසම සිංදුවක් තරු අක්කේ...

      Delete
    4. තරු අක්කෙ හොඳ අදහස. අපි බ්ලොග් පැදුරක් දාමුද. මම සංගීත කණ්ඩායම ගේන්නං . ඩොලැක්කියයි, එකෝඩියන් එකයි ,ගිටාරෙයි ඇතිනේ. කීබෝඩ් එකක් ඕනෙනම් ඌවත් එක්ක එන්න පුලුවං

      Delete
    5. අයියෝ එදාවත් දාන්න තිබුණන් ඉවාන්...
      (මතක ඇතුව හිස් වීදුරු බෝතලයකුයි 2 කාසි දෙකකුයි ගේන්න!)

      Delete
    6. ‘‘තරු මල් යායම පොඩි කර අහස් විලේ
      ඉර හඳ මිරිකා දියකර සාගරයේ
      අඳුරේ උන්නෙමි ලොවම එපා වී
      මා හැර දා ඈ ගිය දවසේ...

      මේක තමයි මේ තාක් කාලයකට බිහි වුන හොදම විරහා ගීතය

      Delete
    7. අපි බ්ලොග් පැදුරක් දාමු ඇත්තටම... ඉවාන් හොඳ අදහස...

      Delete
    8. අපි බ්ලොග් පැදුරක් දාමු ඇත්තටම... ඉවාන් හොඳ අදහස... ++++++++++++++

      කවුරු කවුරුද එන්නේ? හිටහල්ල පෝස්ට් එකක්ම දාල අහන්න.

      Delete
    9. @ තරූ.. කෝ වීඩියෝව? හොයනවා..හොයනවා..හොයනවා.. තාම හම්බ උනේ නෑනේ.. :/ ඔය උපුල් කොපුල් ගීතය අපේ පැදුරු සාජ්ජෙත් වරදින්නේ නෑ.. ඒක කියන්නේ අපේ ලොකු නෑනා.. :)

      Delete
    10. මමත් එමි. ඕනනං සංගීතයත් ගෙන එමි. ගිටාරය, එකෝඩියන් එක සහ ඩොලැක්කිය. කී බෝඩ් අවශ්‍ය නං වහා දැනුම් දෙව

      Delete
  23. පැදුරු සාජ්ජෙක කපුගේගෙ සිංදුවක් කියවෙන්නෙ නැත්නම් තමයි පුදුමෙ මිත්‍රයා...!

    ReplyDelete
    Replies
    1. අනිවා.. මෙන්න තව ටිනේජ් කමෙන්ට් එකක්!!

      Delete
  24. kamiyo මේක අහලා තියනවද බලපන් ...

    මා හඹා ගිය සම්පතක්
    සොයා ආ දා මා නිවසේ
    හඹා ගිය දා තිබූ ආශා
    මා වෙතින් දැන් පලා ගොස්

    විජිතයක් බඳු ප්‍රේමයක්
    පතා කළ සංග්‍රාමයක්
    දිනා ලද අභිෂේකයෙන් පසු
    දැනේවිද එහි අරුමයක්

    නොනිමි ගමනේ විඩාවක්
    නිවාලන විසිතුරු විලක්
    දැක ගිලී සැණාසි නිවුණු පසු
    දැනේවිද පෙර අසිරියක්

    ගී පද - මහින්ද දිසානායක
    ගායනය/සංගීතය -ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. අහල තියෙනවා දෙයියෝ.. අහල තියෙනවා.. මහින්ද දිසානායක කියන්නේ කපුගේ සහ දිවුල්ගනේ එක්ක රජරටින් පහලවෙච්චි අනික් මැණික.. මහින්ද දිසානායකගේ ගීත විතරක් අඩංගු වෙච්චි සී.ඩි. වගයක් මේ මෑතක් වෙනකම් මගේ ළඟ තිබ්බ.. ආවාදෝ සංසාරේ, දියාලුවෝ වේලි තනා, රුවක් ඇදෙනවා එක්ක කපුගේ ගේ මේ සිංදුවත් තව දිවුල්ගනේට, ක්‍රිෂාන්ත එරන්දකට සහ ජනප්‍රිය තව ගායක ගායිකාවෝ ගොඩකගේ සිංදු තියෙනවා මහින්ද ලියපු.. උඹට ස්තුතියි මේක මතක් කරාට.. :)

      Delete
  25. කපුගේ අයිති රජරටට කියලා ලොකු ගැම්මක් පුරේ එවුන්ගේ තියනවා ...කපුගේ පුරේට අයිති කෙනෙක් ...
    මම කැමතිම
    සුමනෝ ඇයි උබ නැත්තේ ...

    ReplyDelete
    Replies
    1. මමත් කපුගේ ගේ සින්දු වලින් සාමාන්‍යයෙන් අන්තිමට කියන්නේ සුමනෝ තමයි.. ඊට පස්සේ වෙන මොකුත් කියන්න බෑ.

      කපුගේ මුළු රටටම අයිති එකෙක්.. උඹ ඔය මට කියල &**(*&^% හදන්නේ.. :/

      Delete
  26. මමත් 2017 අවුරුද්ද පටං ගත්තේ පැදුරු සාජ්ජෙකිං...
    කපුගේ නැති පැදුරු සාජ්ජේ පරිප්පු නැති හෝටලේ වගේ

    ReplyDelete
    Replies
    1. පරිප්පු නැත්නම් හෝටලයකුත් නෑ. ඈස් සිම්පල් ඈස් දැට්! :/

      Delete
  27. ලංකාවට දුවගෙන එන්න හිතෙනවා බන් මේවා කියෙව්වම.. රසවින්දනයක් නොදන්නා සහ නොගැලපෙන රසවින්දනයක් තියෙන එවුන් එක්ක එක මේසයක වාඩි වෙනවා කියන්නේ සසර කරපු පවක් පලදීමක්. මෙහෙව් සංගීත සාහිත්‍යක් තියන අපේ ශ්‍රී ලාංකිකයෝ පිටරට ඇවිත් සංගීත කණ්ඩායම් අටවාගෙන සුද්දන්ගේ සංගීතය අපිට සුද්දන්ට වඩා හොඳට පුළුවන් කියල පෙන්වන්න දත කන තරම් දැක්කාම ඈයිය කියල හිතෙනවා බන්..

    කපුගේට එක වතාවක් වේදිකාවේදී " මේ සඳේම සෙවනැල්ලේ " කියන ගීතයේ පද අමතකවුනා.. අපි ගීතය වාදනය ආරම්භ කරයින් පස්සෙයි කපුගේ කිව්වේ වචන අමතකයි කියල. මොනවා උනත් ගීතය නවත්වන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. මා ගාව පද ටික තිබුනත් වේදිකාවේ අඳුර නිසා කපුගේට කියවන්න පෙනීම මදිවුණා.. අන්තිමේ ගීතය මම කොටසයි කපුගේ කොටසයි ගායනා කරා.. ඒ දවස මට කවදාවත් අමතක වෙන එකක් නැහැ..

    තමුන්ගේ සංගීතය ඇතුලේ තියන වචන සහ භාව්‍යමය හැඟීම් තමන් ළඟ නැති බහුතරයක් ව්‍යාජය සංගීත කාරයෝ අතරේ කපුගේ කියන්නේ බොහොම අව්‍යාජ්‍ය මනුස්සයෙක්. කන්න බොන්න නවතින්න තරු පන්තියේ හෝටල්, බෝතල්, කෑම බීම ඉල්ලුවේ නැති, තමන්ගේ ගාස්තුව ලැබුනාම කවදාවත් ගණන් නොකර සාක්කුවේ දාගතපු මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. "මේ සඳේම සෙවනැල්ලේ" මාරම එක්ස්පිරියන්ස් එකක්!!!

      ඇඩෙනවා.. කපුගේ මැරුණේ නැති නිසා හොඳයි! :/

      Delete
  28. කපුගේ ගේ ගී හඬට කවුරුන්ද අකමැති.

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි මම දැක්ක බුකියේ වාදයක් යනවා ඔය ගැන.. මගේ හිත කිළුටු කර ගන්න අකමැති නිසා ඒක කියෙව්වේ නෑ.. :)

      ස්තුතියි මනෝජ්.

      Delete
  29. කාලයකින් රසවත් බ්ලොග් ලිපියක් කියෙව්වා. කපුගේ ගේ ගීතවල රසවත් සිහි කැඳවීම වගේම මේ පවුලේ අත්දැකීමත් හරිම රහයි..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තපස්.. මේ පැත්තේදී දකින්න ලැබීමම සතුටක්..

      කොලම නොලියන්නේ අපරාදේ.. ඉස්සර ආසාවෙන් කියවපු බ්ලොග් එකක්.. විශේෂයෙන්ම අපේ අදහස් සමානයි කලාව ආශ්‍රිත තේරීම් වලදී..

      Delete