අතිවිශාල ජනකායක් සහභාගී වූ ලංකාවේ අවමගුල් 'උත්සවයක්'- පිංතුරය Google අනුග්‍රහයෙන්
සංසාර ගමන කෙසේ වෙතත් මේ කොලොම්පුරේත් ඉන් ඔබ්බටත් දුව දුව ජිවිතේ හොයන මේ ගමනේදීම අපිට හමුවෙන විවධ පුද්ගලයින් හා ඔවුන්ගේ චර්යා අධ්‍යයනය කරන එක ආයේ අමුතුවෙන් වෙලාවක් වෙන් කරන්න ඕනි නැති මගේ එක්තරා විනෝදාංශයක්.. යෙදිලා හිටි හා ඉන්න රස්සාවල හැටියට රට පුරාම ඇවිදින්න ලැබීමත් නා නා ප්‍රකාර මිනිසුන් ඇසුරු කරන්න ලැබීමත් නිසා මේ විනෝදාංශය ලේසියන් ඉවරයක් වෙන එකකුත් නෙවෙයි..
මේ සති අන්තයේ යෙදුණු කටයුතු දෙකක් නිසා කොළඹින් පිට නොයා ඉන්න කලින්ම තීරණය කරලා තිබුනයින් තවදුරටත් මිත්‍රද්‍රෝහියෙක් නොවී තරුරසිගේ අලුත් නවකතාව 'දේශද්‍රෝහියා ගේ නිර්මල හෘදය' ගැන කතාබහට සෙනසුරාදා හවස්වරුවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයට ගොඩ වෙලා එන්නත් බෝනස් අවස්ථාවක් ලැබුන.. පුළුවන් අය එතැනදී මුණ ගැහෙමු.
තරුරසී ගේ වැඩේ ගැන විස්තරේ..
සති අන්තයේ යෙදුන ප්‍රධාන කටයුත්ත මගුලක්.. මනමාලයට මගේ වයස.. ඒ කියන්නේ හරිනම් ජිවිතාබෝධය ලැබෙන්න ඕනි වයස.. ඒ උනාට මූ අමාරුවේ වැටෙන්න තීරණය කරලා.. ඒක උගේ කැමැත්ත කියමුකෝ.. වෙඩිම ගන්නේ කොළඹ තරු හෝටලේක.. කෑම පිඟානක් අස්ප ගානක් ලු.. ඒක නිසා ඉන්වයිට් කරනකොට මුලින්ම කියුවේ 'මචං බැචාලා විතරයි.. ෆැමිලි එක්ක පස්සේ සෙට් වෙමු' කියල.. ෆැමිලි එක්ක එන්න ගත්තොත් එකා හතර පහ වෙලා ඉන්න එකේ ඌට ඇඳන් ඉන්න කලිසමත් උකස් තියන්න වෙනවා.. ඌ නම් බලෙන් දා ගන්න ලෙඩක් නිසා ඌට වෙන අලාභය කෙසේ වෙතත් ඔතනට පවුල දක්කන්න ගියොත් අපිට වෙන අපහසුතා? හම්මේ ඉතීම් ඕනිම නෑ.. කොහොම හරි උගේ රෙස්ට්‍රික්ටඩ් ඉන්විටේෂන් එක නිසා අපේ සතුට උතුරා ගිහිං තමයි දෙවෙනි ඉවෙන්ට් එක සෙට් උනේ.. ඒ කියන්නේ ඉරිදා වැඩේට බැචා ල ඔක්කොම එන නිසා අපි තීරණය කරා සෙනසුරාද දවල් ඉඳලම වෙඩිම සමරන්න.. අන්න එහෙමයි අපි.. කොහොමත් වෙඩිමට කියල අපිට විශේෂයෙන් කරන්න දෙයක් නැති එකේ (සර්විස් ඉන්න උන් නම් archsword වත් ගහයි) අපේ අදහස කලින් දවසේ ඉඳල සප්පායම් වෙලා එතන ගිහින් එක බත් පිඟාන දෙන්න තුන්දෙනා ගානේ කාල අරුගේ බර ටිකක් හෑල්ලු කරන්න.. හරි.. කියන්න ගියේ වෙඩිමක් ගැන නෙවෙයිනේ.. ඔයිට හාත්පසින්ම වෙනස් 'අවවෙඩිමක්' ගැන..
නේවි වෙඩිමක්..
****************************************************************************************
ඊයේ රෑ.. වැඩ ඉවරවෙලා කාමරේට ගිහිං නිදහස්වෙලා රෑ නවයට විතර මම ආපහු කෝල් එකක් ගත්ත..
'මචං අම්මට කොහොමද?'
'ආ.. අම්ම නැති උනා මචං..'
'ඔහ්..... දැන් මොකද වෙන්නේ කොහෙද උඹ ඉන්නේ?' මට වෙන අහන්න දෙයක් කියන්න දෙයක් එක පාරට ඔලුවට ආවේ නෑ..
'ම්ම්ම්.. අපි අදම අවසන් කටයුතු කරා මචං.. අම්මත් කලින්ම කියල තිබ්බේ පැය විසි හතරක් යන්න කලින් වැඩ කරන්න කියල.. ඊයේ රෑ උඹ කතා කරලා ටික වෙලාවකින්..රෑ එකොළහට විතර අම්ම නැති උනේ.. වයිෆුයි එයාගේ අක්කයි දෙන්නම අම්ම නැති වෙනකොටත් ළඟ හිටියා.. පස්සේ අද උදේම මරණ සහතිකේ එහෙම අරගන්න හොස්පිටල් එකෙන්ම ගොඩක් උදව් කරා.. දුර ඉන්න නෑයින්ට එන්න එපා කියලම පණිවුඩේ කියුව.. කොළඹ ඉන්න එක පුංචි අම්ම කෙනෙක් විතරක් ආවා.. මහයියාවත් හවස රිසර්ව් කර ගන්න පුළුවන් උනා.. අපි ටික වෙලාවක් මල් ශාලාවේම මිනිය තියාගෙන ඉඳල හවස අවසන් කටයුතු ඉවර කරා..'
උගේ දීර්ඝ විස්තරේ ඉවර වෙනකොට මම මගේ උත්තරේ හදාගෙන ඉවරයි..
'මචං.. ලෝක චාරිත්තරේට කියල අපි මරණ බදාගෙන අනේ අපොයි කියුවට ඇත්තටම විය යුත්ත ඕක තමයි.. හැබැයි ඒක ඔය විදියටම කර ගන්න පුළුවන් උනා කියන්නේ උඹයි **යි (වයිෆ් ගේ නම) ග්‍රේට්.. ආයි ඉතින් ** ගැනවත් උඹ ගැනවත් අහන්න දෙයක් නෑනේ.. වෙරි ගුඩ් මචං.. මට කියන්න වෙන දෙයක් නෑ.. **ගේ අම්මට ට සුභ ගමන්.. **ගේ අම්ම නිසා ඒ අම්මත් අර වගේ හිතල තිබ්බ එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ.. "
ලක්ෂ ගණන් වියදං කරගෙන තව මිනිස් පැය දහස් ගානකුත් විනාස කරගෙන මිනී කුණ බදාගෙන පුරා සතියක් 'සෝක ආතල්' අර ගන්න අද කාලේ මළගෙවල් ගැනම අහල අහල අපි සමහරුන්ට මේ කතාව ඇත්තක්ය කියල හිතා ගන්න අමාරු නම් මගේ මේ යාලුවා හා ඔහුගේ බිරිඳගේ මේ කතාව පොඩ්ඩක් කියවල ඉමු.
ඔහු ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි නාවික හමුදාවේ නිළධාරියෙක්.. ඇය කොළඹ ඉස්කෝලෙක ඉගෙන ගත්ත මහරගම ජිවත් උණු ජයවර්ධනපුර රෝහලේ සේවය කල වෘත්තීය හෙදියක්.. ඔවුන් විවාහ උනේ 2005 වසරේ වගේ.. මගේ යාළුවා කොළඹින් ඈත මංසන්ධියක් වීම නිසා අතිශය කාර්යබහුල වෙච්ච නගරයකට ආසන්න ගමක පදිංචිකරුවෙක්.. ඔහුට කවදාවත් ගමෙන් පිටට ඒමට ඕනි උනේ නෑ.. ඒ නිසාම ඔහු ගමේ ඉඩමකම මහා ගෙදරට කිට්ටුවෙන් ලස්සන පොඩි ගෙයක් හදල තිබ්බ.. ජෝඩුව විවාහ වෙලා පදිංචියට ගියේ මේ ගෙදරට.. ඇය රැකියාවෙන් ඉවත් උනා.. ළමයි දෙන්නෙක් ලැබුන.. සැමියා රස්සාවට යද්දී ඇය ගමේ ගෙදරට වෙලා ළමයි හදාගෙන හිටියා.. ළමයි ඉස්කෝලේ යන වයසට ආවම ගෙවල් ලඟම තියෙන කනිෂ්ඨ විද්‍යාලෙට දැම්ම.. ඊට අමතරව ගෙදර ඉඳගෙන ඈ ළමයින්ට අමතර දේ ඉගැන්නුවා. ලොකු දරුවා ඉතා විශිෂ්ඨ ලෙස ශිෂ්‍යත්ව විභාගය සමත් උනාම ලඟම තියෙන නගරයේ මහා විද්‍යාලයට ඇතුල් කළා..
හොඳම එක.. විශ්‍රාම යාම සඳහා සුදුසු සේවා කාලය ආපු ගමන් ඔහු විශ්‍රාම යාමට අයදුම් කරා.. දැන් ඉන්නේ විශ්‍රාම යන්න කලින් ලැබෙන නිවාඩුව විඳිමින්.. හෙට අනිද්දට පුර්ණ විශ්‍රාම අරගෙන ගෙදරට වෙලා පුංචියට වගාවක් කරගෙන පවුලත් එක්ක ඉන්න ඔහු සුදානමින් ඉන්නේ.. නේවි එකේ හිටියානම් මේ උපරිම පහසුකම් ගන්න පුළුවන් කාලේ.. අවුරුදු 55ක් වෙනකං ඉන්න තිබ්බ.. ඒත් උන් ජෝඩුවට ට ඒවායේ තඹේක වටිනාකමක් නෑ..
මේ අව්‍යාජ හිනාවයි මල් මිටයි උඹල ජෝඩුවට... (ආ.. මගේ බැචා හොඳ බ්ලොග් පාඨකයෙක්.. මාතලන් ගැන චෙෆාකි ගැන අටම් ගැන නිතර මගෙන් අහනවා.. සමහර බ්ලොග් පොස්ට් ගැන අපි බෝතල් ගණන් වාද කරලත් තියෙනවා.. ඒක නිසා ඌ මේක දකිනවා ෂුවර්!)
ඔව්.. පුදුම වෙන්න එපා.. තාමත් අපේ රටේත් ඒ වගේ හිතන වැඩ කරන මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා.. හැබැයි කොච්චර දැනගෙන හිටියත් මටවත් එක පාරට අර අවමගුල අවසන් කරපු සරළ පිළිවෙත විස්වාසේට ගන්න බැරි උනා කියහන්කෝ..
අනේ අපි කොයිතරං නම් පටලවගෙනද මේ ජිවිතේ?
"ලක්ෂ ගණන් වියදං කරගෙන තව මිනිස් පැය දහස් ගානකුත් විනාස කරගෙන මිනී කුණ බදාගෙන පුරා සතියක් 'සෝක ආතල්' අර ගන්න අද කාලේ.." නැවත නැවත හැරි හැරී කල්පනා කර බලන්න තියන අපි පටලවාගෙන තියන ජීවිතේ. කදිමට සිතුවම් වෙලා කල්‍යාණ
ReplyDeleteස්තුතියි ගුණසිංහ මහත්මය.. හැමදාම වගේ ඔබගේ අගය කිරීම ශක්තියක්
Deleteමතක් උනේ උඹ ඊයේ පෙරේදා මට දාපු දෝස්මුරයක් මේක කියෙව්වම...විශ්‍රාම සුව විඳින්න නේද ඔහේ මෙහේ ආවේ ..ඉතිං මොකෝ ඔය තරං දේවල් කරගහං දුක්ව්ඳින්නේ වගේ දෙයක් උඹ මට කිව්වේ...
ReplyDeleteහ්ම්...උඹේ යාලුවත් ඔය පොඩියට වගාවක් එහෙම කරගෙන ඉන්නව කියන සංකල්පේ සුට්ටක් ස්ට්‍රෙච් කරල බලහං..අපිලට එහෙම නවතින්න බෑ බං..හා නැද්ද...😂
කෝමහරි ඔය නවතම අවමංගල චාරිත්‍රේ නං..ඒ කිව්වෙ ඔය බුෆේ ඇරගෙන බොඩි එක පල්ලේ ඉඳන් බත් ගිලින එකනං හරි ගෝඩි බං..කොහෙන් ආව කවුරු ගෙනාව මලබතක්ද මන්දා...වට්ටක්කයි කරෝලයි එක්කනේ මලබත කෑවේ ගමේ මිනිය වලදාලා ආහම..අනේ මන්දා ඕයි...!
අපේ පැත්තේ (ගාල්ල)ත් දැන් මළගෙදර තුන් වේලටම බුෆේ එක අනිවාර්ය වගේ වෙලා.. ඒ මදිවට මගුලක ගියා වගේ කෑම ටික නියමයි නැත්නම් කෑම නං මෙලෝ රහක් නෑ කියන්නත් පටං අරං.. අපේ මමණ්ඩි මැරුන වෙලාවේ මමනං රෑ හිටපු ඔක්කොටම හොඳට බයිට් දාල බොන්නත් දුන්නා.. උන් සිංදු නොකියපු එක විතරයි අඩු උනේ..
Deleteකමෝන්. ඒ නැන්දණියට ජයවේවා! ඇයට මගේ උත්තමාචාරය.
ReplyDeleteමූට ඩෝප් වගේ. නැන්දණිය ජය වෙන්නෙ කොහොමද? එයානෙ මැරුණෙ.
Deleteශ්‍රංගාටත් ඉයන්ටත් ජයවේවා !!!
Deleteමේව ගැන ලියල කියවල වැඩක් වෙන්නෙ නැහැ. අපිත් අනික් අයට කියමු අපි මැරුණමත් කෙලින්ම සෙමට්‍රි එකට ගෙනිහින් ඉවරයක් කරල ගෙදර ලොකු පාටි එකක් දාන්න කියල.
ReplyDeleteකව්ද ඔය අනිත් අය ඈ....😂
Deleteමං හැබෑටම අපේ උන්දට මේ ලඟදි කියුවා ඔය වගේ මගේ අන්තිම කැමැත්ත.. ම්හු.. ඉෂ්ට වෙන පාටක් නෑ.. "අනේ මං දන්නේ නෑ.. මට කියන්න එපා ඕවා" කියල ගස්සගෙන ගියා නෙව.. :))
Delete@ ශෙෆාකි .. අනිත් අයටවත් කියල බලන්න ඕනි මාත්.. හැබැයි අන්තිම කැමැත්ත ඉෂ්ට වීම ඉක්මන් වෙයිද දන්නේ නෑ ඕව එලි උනොත් හිටං ..
Deleteහරි.....උබ කැමැති එහමනම් අපි එකෙන්ම ඉයන්...
Deleteඉයන් පාටිය දාන තැන විතරක් කියහන් - ගෙදර ඇඩ්රස් එක
DeleteAll of us dream to be like your friend but only a very few succeed. Write an update about your friend in about a years time .
ReplyDeleteI will for sure.. thanks Thusitha Duminda..
Deleteමාතෘකාව දැක්කම හිතාගෙන ආවෙ වෙන කතාවක් කියවන්න. අර පොරක් කියල තිබුනෙ අන්න මළගෙවල් කියල.
ReplyDeleteඒක මතක් වෙලාම තමයි මේ මාතෘකාව දැම්මේ.. මේ ඒකෙම අලුත් වර්ශන් එක කියමුකො :))
Deleteඅයිය්න්ඩි අන්න උබ ගැන ලක්බිම පත්තරෙ දාලා..
Deleteඇත්තටම වෙන්න ඕනි ඔය විදියට තමයි. ජීවත් වෙලා ඉන්නකම් හොදට සළකනවා. මැරුණම පුහු අටෝප මොකටද? ගොඩ දෙනෙක් කරන්නේ ඉන්නකම් වතුර උගුරක්වත් නොදී මැරුණම දවස් ගණන් තියන අඩන එකනේ. තව දෙයක් තමයි ඔබේ යාළුවගේ බිරිද. ඇය අදහන්න වටින කාන්තාවක්. නගරේ ඉදලා ගමට ගිහින් දරුවෝ හදාගෙන සැමියාට ආදරේ දෙන යහපත් බිරිදක්. ඒ කැදැල්ලේ කොයි තරම් සතුටක් ඇද්ද? දරුවොත් ගමේ සුවද වගේම නිදහසත් උපරිමයෙන් විදිනවා ඇති.ඔබේ යහළුවාත් ගොඩාක් හොද කෙනෙක් වෙන්න ඇති.
ReplyDeleteමුලු කමෙන්ට් එකම affirmative ma'am.. හරියටම හරි.. බොහොම ස්තූතියි ..
Deleteඅදායම් මට්ටම ගැන නොසලකා මෙහෙම මලගෙවල් මගුල් ගෙවල් තියෙන්නෙ මෙහෙ විතරක් වෙන්න ඇති නේ? ඉන්දියාවෙ පුලුවන් අය උත්සව ලොකුවට ගත්තට දුප්පත් මිනිස්සු මෙහෙ වගේ සල්ලි නාස්ති කරන්නෙ නැතුව ඇති. මෙහෙ දැන් එකම හොඳ ට්‍රෙන්ඩ් එකක් තියනවා කොලඹින් පිටත් මල් ශාලාවල ෆියුනරල් ගන්න. ඒක හොඳ ප්‍රායෝගික ක්‍රියාවක්
ReplyDeleteමම ඊයේ පෙරේදා ඔය කතාව අපේ වයිෆ්ට කියල මගේ අන්තිම කැමැත්තත් කියුව.. :)) එයිටාමතරව ගෙදරට වඩම්මල දානේ දෙන එකත් තහනම් කරා.. මේ ටීක ලියල අන්තිම කැමැත්තක් හදල තියන්න ඕනි.. :)
Deleteහපොයි අඩුම ගානේ උඹ මළාම දානයක්වත් දෙන්න එපා කිව්වද , ෂඃ
Deleteගෙදෙට්ට ගෙන්නන්න එපා කියුවේ.. උඹේ කොටහ එවන්න කියන්නං.. හැක්.
Deleteමල ගෙවල් වල නයිට් ගහන එකේ වෙනම ආතල් එකක් තිබුනට දවස් ගණන් තියාගෙන ඉන්න එක මෙලෝ තේරුමක් නැති වැඩක්...උඹේ යාලුවෝ දෙන්නා සිරා..
ReplyDeleteමරණයක් කරදරයක් උනාම ඥාති හිතවත්තු ලඟින් ඉන්න එක හිතට සහනයක්.. ඒත් අපේ සිස්ටම් එක හුඟක්ම ඕවර් යන එකක්.. ඇත්තටම කරදරයක්.
DeleteIn a society where every thing from the birth of a child, attaining age, marriage to death have been a 'show off', simply hearing this kind of stories is a blessing. Thank you for sharing with us.
ReplyDeleteThe second one you said, is just about to in my family.. I'm in a sort of mental dilemma right now.. for me it is really needless.. but donno what would be the other's opinion.. heh heh..
DeleteHa ha I understand. Very likely that the majority of your family and relatives won't be on your side.
Deleteමම මේ ලඟදි මෙහේ ගෑනු එක්කෙනෙක්ගෙ අන්තිම කැමැත්තක් ටයිප් කරල දුන්න. ඒකෙ තියෙන්නෙත් මිනිය ගෙදරටවත් ගේන්න එපා, දවසක් මැරිච්ච දවස ඇතුළත ආදාහනය කරන්න කියල. කොටිංම අළු ටිකවත් ගෙදරට ගේන්න එපා කියල තිබ්බ.
ReplyDeleteමේක ට්‍රෙන්ඩ් එකක් වෙනවනං බොහොම හොඳයි..
Deleteමගෙ අනිතිම කැමැත්තත් උබට තම්යි ටයිප් කරන්න දෙන්නෙ.........
Deleteමේ ගැන දැනගත්ත වෙලාවෙ මගේ කමෙන්ට්ස් දුන්නනෙ. ඇත්තටම යාළුවටත්, බිරිඳටත් මගේ ආදරය, ගෞරවය... මං ඉතින් මේ සීන් එක මගේ කතාවකට ගන්නනෙ උන්නෙ. දැන් ඉතින් වැඩක් නෑ. ප්‍රසිද්ධ වෙලානෙ...
ReplyDeleteමිත්‍රද්‍රෝහියා !!! බලාගන්නම්කො හෙට...
ඔහේට කියනකොටම තමයි මට හිතුනේ මේක ලියල බ්ලොග් එකේ දාන්නත් ඕනි කියල..
Deleteමරණයකදී මේ සරල පිලිවෙල හොදයි කියල කොච්චර හිතුවත් ඉතින් තමන්ගෙ කෙනෙක් නැති උන දවසට තමා ඒ සරල පිලිවෙත කොරන්න කොච්චර අමාරුද කියල තේරෙන්නේ.මගේ ඔය සත්තලන් හාදයත් මැරෙන කතාවක් ගැන කතා කලොත් කියනම දෙයක් තමා එයාවත් පැය විසිහතරක් ඇතුලත කරන දෙයක් කරන්න කියල.මමනම් ඒක විහිලුවකට අරන් මඟ අරිනවා මොකද මැරෙන කතා වලට මම බොහොම බයයි.මගේ කියන මිසිම කෙනෙක් මට කලින් මැරෙන්න හොද නෑ අප්පා.. මම තමා ඉස්සෙල්ලම මැරෙන්න ඕන.
ReplyDeleteසේම් හියර්.. හේ හේ.. අපේ උන්ද එක්කත් ඔය අන්තිම කැමති කතා කියන්න බෑනේ.. 'මට ඕව කියන්න එපා ඊට කලින් මම මැරිලා..' කියල මඟ ඇරලා යනවා නෙව..
Deleteරිය අනතුරකින් අපේ තාත්ත නැති උනේ ඉරිදා දවසක. හදිසි මරණයක් නිසා වල දමන්න ඕන, නීතියේ හැටියට. ඉතින් වලක් කපලා ඒ කටයුතු පිළියෙළ කරගන්න සඳුදා දවස තියාගෙන, අඟහරුවාදා තමයි අවසන් කටයුතු කලේ. අඟහරුවාදා අවසන් කටයුතු කරන්න තීරණය කරපු එකත් ගොඩක් අය ප්‍රශ්න කලා.
ReplyDeleteනිකමට හිතන්න අපි බදාදා වෙනකම් හිටියා කියල. ඒ දැනෙන වෙහෙස, වියදම්, දරන්න පුළුවන් තැනක නෙවෙයි අපි හිටියෙ. නොසිතූ මොහොතක සිදු වුණු දෙයක් නිසා අපේ පවුලේ ඔක්කොම ෂොක් වෙලා හිටියෙ. මළගෙදර ඉවර වෙලා මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න සල්ලි තියනවද කියන එක වත් අනිත් අය හිතන්නෙ නෑ.
අපේ තාත්තගේ ෆොටෝ එකක් අපි සාලෙ තියල තිබුණ. පස්සෙ ගෙදරට එන හැමෝම ඔය ෆොටෝ එක දිහා බලන් තාත්තගේ හොඳ කියනව, එතකොට අපේ අම්ම අඬනව. පස්සෙ අපි ෆොටෝ එක වෙන තැනක තිබ්බ. තමන් කියන දේ නිසා වෙන කෙනෙක් අඬන එක ගැන වත් ගානක් නෑ අපේ අයට.
ඔය අඟහරුවාද අවසන් කටයුතු කරන එකනං දැන් එච්චර සලකන එකක් නෙමෙයි. මල් ශාලාවක පෝස්ටර් ප්‍රින්ට් කරන වැඩේ කරන හින්ද මම දැකල තියෙනව එහෙම කිසිම අවුලක් නැතිව අඟහරුවාදට ගොඩක් මලගෙවල්වල අවසන් කටයුතු වෙනව.
Deleteමානවි.. අපේ නෝනගේ තාත්තා නැති උනේ (ඇත්තටම නැති වෙලා තියෙන්නේ) සෙනසුරාද රෑක.. අසනීපයක් නොතිබිච්ච තාත්තා ඒ දවස්වල ගෙදර හිටියේ තනියෙම.. අම්මා හිටියේ අපිත් එක්ක බදුල්ලේ.. තාත්තා හාට් ඇටැක් එකකින් නැතිවෙලා තියෙන්නේ.. ඇටැක් එක ඇවිත් වැටෙද්දී ඔලුව දොරක වැදිලා ලේ ගිහිං තිබුන.. ඉරිදා උදේ තමයි ෆෝන් එක ආන්සර් නොකරනකොට හොයල බලල දැක්කේ සිද්දිය.. ග්‍රාමසේවක / පොලිසියෙන් එහෙම ඇවිත් බලල සටහන් අරගෙන බොඩි එක කරාපිටියට ගෙනියද්දි ඉරිදා පෝස්ට් මෝටම් කරන වෙලාව ඉවරයි.. සඳුදා පෝස්ට් මෝටම් කරලා මල් ශාලාවට ගෙනියල ඔක්කොම කරලා ගෙදරට බොඩි එක ගේනකොට සඳුදා රෑ උනා.. කවුරුවත් කැමති උනේ නෑ අඟහරුවාදා අවසන් කටයුතු කරන්න.. ඒ පාර බදාදා තමයි ගත්තේ.. එහෙම බැලුවම් මැරිලා පැය අනූවකටත් වැඩියි අවසන් කටයුතු කරනකොට.. හදිසි මරණය හා මැරිලා හිටි විදිය තාත්තා තනියෙම හිටි එක ගැන මිනිස්සු කියන කතා ඔක්කොමත් එක්ක පුදුම පීඩනයක් තිබ්බේ ඒ ටිකේ.. ඒ මදිවට මැරිලා වැටිලා හිටි විදිය ෆොටෝ ගහල ඒ ෆොටෝ ළමයින්ට පවා පෙන්නලා.. අන්තිමේ අපි දැන් ආපහු පදිංචි වෙලා ඉන්න ඒ ගෙදර අපිට ආපහු සෙට්ල් වෙන්න පුදුම මහන්සියක් ගන්න උනා.. විශේෂයෙන්ම ළමයින්ගේ මානසිකත්වය හදන්න.. ඔය වගේම පණ පිටිං ඉන්නවා වගේ ෆොටෝ එකක් අපේ ගෙදරත් රාමු කරලා තියෙනවා.. මුල් කාලේ ඒක දිහා බලන්න හරි අමාරුයි.. ඒ විතරක් නෙවෙයි.. මිනිහෙක් මැරුණම 'මගේ ලෝකය අඳුරු උනා' කියන එක ඒ දවස්වල මට ප්‍රායෝගිකවම අත් දකින්න පුළුවන් උනා.. කොච්චර ලයිට් දැම්මත් මුළු ගෙදරම අඳුරුයි වගේ.. ගෙදරින් පිට පාරේ තියෙන ලයිට් වල පවා අමුතු මුසල අඳුරු ගතියක් තමයි මට තිබුනේ.. තාත්තගේ අඩුව වැඩියෙන්ම දැනුනෙත් මට.. තාත්තා එක්ක අන්තිම කාලේ වැඩිම සම්භන්දකම් තිබ්බෙත් මගේ.. මැරෙන්න කලින් දවසේ මම කොළඹ ඉඳන් බදුලු ගියේ ගාල්ල හරහා.. තාත්තව බලල වියදමට සල්ලිත් දීල මාත් එක්ක ගිහින් එමු කියුවට එන්න බෑ කියුව.. මැරෙන දවසේ හවසත් මගේ වැඩකට කෝල් කරලා ලොකු විස්තරයක් කතා කර කර හිටිය.. ඔය ඔක්කොමත් එක්ක ළමයින්ගේ හිත හදන එක තියා මගේ හිත හදාගෙන ඒ ගෙදර ඉන්න එකත් අමාරු උනා.. සුදු රෙදි සුදු කොඩි මරණ දැන්වීම් පවා ලොකු මානසික පීඩනයක් ගෙනාවේ..
Deleteඑදා තමයි මම තීරණය කරේ මම මැරුණු දවසක ජීවත්වෙලා ඉන්න උන්ට අවම පීඩනයක් එන විදියට කටයුතු සිද්ද වෙන්න උපදෙස් දීලා තියන්න ඕනි කියල.. හැකි ඉක්මනින් මේ කටයුතු ඉවර කරන එක 'අමිහිරි මතක' ගොඩක් එකතු වෙන්න තියෙන අවස්ථාව වලක්වා ගන්න හොඳ ක්‍රමයක්.. ස්තුතියි ඔබේ මතකය අපිත් එක්ක බෙදා ගත්තට..
ප්‍රසා.. සෙමෙට්‍රි වල වැඩ කරනකොට කොහොමත් වෙලාවල් දින බලන එක අමාරු වැඩක්.. ඒ වගේම ඔය මිත්‍යා මත හැකි ඉක්මනින් තුරන් වෙලා යන්න ඕනි..
ඒ හිතට දැනෙන මූසල බව නිසා හැම දේම අඳුරු වෙලා පේන එක නම් හොඳටම ඇත්ත. හැමදේම පාලුවට ගිහින් වගේ තමයි දැනෙන්නෙ. ෆොටෝ අරන් දරුවන්ට පෙන්නපු එක නම් හරිම අමානුෂික දෙයක් නේද? මටත් අපේ නෑදැයෝ කිවුව තාත්තගේ මරණේ ෆොටෝ අරන් තියාගන්න කියල. මම ගත්තේ නැහැ. ජීවත් වන කාලේ මතකයන් ඇති තරම් තියෙනවා නම් මරණයේ මතකයන් මොකටද, නේද?
Deleteඔය අර උඹයි මායි කසුට්ටයි එක්ක සෙට් වෙලා පුංචි බොරැල්ලෙ බෝඩිමේ බීල සින්දු කියපු යාලුවා නේද ..??
ReplyDeleteඋඹ කියන්නෙ අපේ අම්මගෙ තාත්ත නැති උනාමත් ඔහොම තමා කලේ ..
හප්පා ඊට පස්සෙ අපි අහපු කතා ටික නං ආයෙ ඕන්නෑ ....
අර බඳින යාලුවාට දැං පනහකටත් කිට්ටුයි නේද ..??
ඇයි බං ඔච්චර කල් ඉඳල වලේ වැටෙන්න යන්නෙ ...??
ඔය අර උඹයි මායි කසුට්ටයි එක්ක සෙට් වෙලා පුංචි බොරැල්ලෙ බෝඩිමේ බීල සින්දු කියපු යාලුවා නේද ..??
ReplyDeleteඋඹ කියන්නෙ අපේ අම්මගෙ තාත්ත නැති උනාමත් ඔහොම තමා කලේ ..
හප්පා ඊට පස්සෙ අපි අහපු කතා ටික නං ආයෙ ඕන්නෑ ....
අර බඳින යාලුවාට දැං පනහකටත් කිට්ටුයි නේද ..??
ඇයි බං ඔච්චර කල් ඉඳල වලේ වැටෙන්න යන්නෙ ...??
අපොයි නෑ.. උගේ තාත්ත යසට ඉන්නවා බං.. උන් නුවර ම නේ.. අර හංදිය නිසා බිසී වෙච්ච නගරේ නෙවෙයි.. යාලුවා අමාරුවේ වැටෙන එක ගැන නම් මටත් දුකයි ඉතිං.. :)
DeleteCan I get your email address?
ReplyDeletesumithyapa@gmail.com
Deleteබොහොම හොඳයි. සරළව මළගෙදර වැඩකටයුතු අවසන් කිරීම හැබැයි ඔබේ මිත්‍රයා කියනවා නෑදෑයන්ට දුර නිසා එන්න එපාලු කියලා. හැබැයි ඒ මැරෙන කෙනාගේ සහෝදර සහෝදරියන්ට අවසන් වතාවට එයාගේ මූණ බලාගන්න නොදීපු එක හරි නෑ කියලයි මම කියන්නේ. පුංචි කලේ ඉදන් එකට හැදිලා වෙන්වුනාම දැනෙන වේදනාව දරන්න ආමාරුයි. ( මම කියන්නේ ඔබේ මිත්‍රයා ගැන නොවේ ) අනිත් කාරණේ තමයි දැන් සමහරු ෂෝ එකටත් පාලර් එකක තියලා මිනිය වලදානවා මොකද ගේ නාස්තිවෙනවා , වැඩිය මුදල් වැය කරන්න ඕන නෑ. අන්න ඒ වගේ පිරිසකුත් මේ ලංකාවේ අද ඉන්නවා . ඉස්සර ගෙවල්වල කෙනෙක්ම මියගියාම හත් දවසක් යනකන් වෙස්සන්තරේ කියෙව්වූවේ කට කහනවට නෙවේ . දුක තුනී කරගන්න. විවිධ සංස්කෘතීන් තමන්ගේ අභිචාර විදි පවත්වන විදියවෙනස් . ඔය කොයි කැවුත් ඉස්සර කැළේට ගිහින් මිනිය ඇත ඇරලා එනවා . කෙසේ වෙතත් සරල වියයුත්තේ අවබෝධයෙන් මිසක් තෘෂ්ණාවට හා කරන්නන් වලේ නොවිය යුතුයි .
ReplyDeleteවිචාරක දියණිය
මේ කොමෙන්ට් එකට මම බොහෝම කැමතියි.. මේකත් අර රැගින් කතාව වගේ තමයි.. දෙපැත්තක් තියෙනවා අනිවාර්යයෙන්ම.. :))
Deleteමට හිතෙන විදිය..
මේ අම්ම ලියුකේමියාව හැදිලා බොහොම අමාරුවෙන් දවස් ගානක්ම නුවර ඉස්පිරිතාලේ හිටිය.. මට තේරුණ විදියට ඇය ඉක්මනින් මිය යන බවත් ඔවුන් දැනගෙන හිටිය.. ඉතිං වැඩි කරදරයක් නැතුව කලින් සති අන්තයේ වගේ ඒ නෑයින්ට ඇවිත් තමුන්ගේ ඥාතියා පණ පිටිං ඉද්දි අවසන් වතාවට කතා බහ කරලා පුලුවන්නම් හිතත් ටිකක් හදල කන්න බොන්න පුලුවන්නම් යමක් කමක් කන්නත් ගෙනත් දීල යන්න තිබුනනේ.. හදිසි මරණයක් නෙවෙයිනේ නේද? එහෙම ආපු නැති කෙනෙකුට අවසන් වතාවේ ෆොටෝ එකක් වගේ ගහල පස්සේ බැලුවත් ඇති කියල මට හිතෙන්නේ..
//අනිත් කාරණේ තමයි දැන් සමහරු ෂෝ එකටත් පාලර් එකක තියලා මිනිය වලදානවා මොකද ගේ නාස්තිවෙනවා , වැඩිය මුදල් වැය කරන්න ඕන නෑ.// ඉතින් ඇත්ත නේ.. මට හිතෙන්නේ මළමිනියක් ගෙදර ගෙනාවට වඩා හැම අතින්ම හොඳයි ඒ වෙනුවෙන්ම හදපු පාලර් එකක තියන එක.. ඔබම කියනවා වගේ දැන් ඉන්න මිනිස්සුන්ට ඉස්සර මිනිස්සු වගේ දවස් හතක් රෑ එලි වෙනකම් වෙස්සන්තරේ කියා කියා මළ ගෙවල් රකින්න වෙලාවක් නෑ.. පවුලේම එකක් නොවුනොත් දැන් අපිත් කරන්නේ අවසන් කටයුතු කරන්න පාංසුකුලේ දෙන්න මල ගෙදර 'කලබල වෙන්න කලින්' ගිහිං පැයක් හමාරක් ඉඳල කතා කරලා එන එක.. රැයක් එළිවෙනකම් තනි රැකපු මල ගෙයක් මතක ඇති කාලෙක මට නෑ.. ඉස්සරම නම් එහෙම ගියා.. ඉතිං ගෙදරක මිනිය තියාගෙන ඉන්න එක ඒ ගෙදර මිනිස්සුන්ට ලොකු පීඩනයක්.. රෑ දොළහ එකෙන් පස්සේ ඉන්නේ එකයි දෙන්නයි.. උන්ටත් බොන්න අරක්කු සිගරට් එහෙම දුන්නොත් විතරයි ඒ ඉන්නෙත්.. කාලයත් එක්ක ගොඩක් දේ වෙනස් වෙලා.. මිනියක් ගෙදර තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ දුක තුනී වෙන්න පටන් ගන්න කාලය ප්‍රමාද වීමත්.. තුනී කරගන්න අම්මරු තරම් දුක් මතක ගොඩක් එකතු වෙන එකත්..
ආයෙමත් ස්තුතියි මේ කොමෙන්ට් එකට.. අපි අවබෝධයෙන් සරල වෙන්න උත්සහ ගනිමු.
මට්ත් ඒ වගෙ අවමගුලක් හිමිවෙවා..(මගෙ මරනයට)...නත්නම් මාව වලදාලා ඇවිත් ගෙදර අනිත් උන්ටත් මැරෙන්න වෙන්නෙ....
ReplyDeleteඒක ඇත්ත මෙන්ඩෝ.. මඟුල් කාලා අවුරුදු ගණන් ණය ගෙවන අපේ උන්ට මරණෙකුත් කාලා ණය ගෙවන්න වුණොත් ඒක තමයි වෙන්නේ..
Delete@තනි තරුවෙ...
Deleteඅනික මචො...ඉන්නකන් නැති උන්ට මොකටද බන් එන්න කියලා දවස් ගනන් ගිල්ලවන්නෙ....
/නත්නම් මාව වලදාලා ඇවිත් ගෙදර අනිත් උන්ටත් මැරෙන්න වෙන්නෙ..../ මගේ මුළු පෝස්ට් එකම උඹ එක පේලියෙන් ලියල..
Deleteඒ අම්මාට නිවන් සුව!
ReplyDeleteමාත් කැමතියි ඒකට.. කොහොමත් 'නිවන'ට ළඟ කෙනෙක්.. සුභ ගමන් ඇයට!
Deleteමචං. උබේ යාලුවගෙ අම්මගෙ ඉල්ලීම ගැනනම් සතුටක් වගේම දුකකුත් තියෙනව. මැරෙනකොටත් හිතල තියෙන්නෙ දරුවන්ට අවම කරදරයක් දීල මැරෙන්න.මට කියන්න තියෙන අදහස් වලින් ගොඩක්ම උබ වගේම කමෙන්ට් වලත් තියෙනව. අනික බං කවුරු මොනව කිව්වත් මළ ගෙයක් ආරංචි වෙලා මිනිස්සු යන්නෙත් කැමැත්තකින් නෙමෙයි. උබ මේ කියල තියෙන මිනිය ළඟ ඉඳගෙන කෑම කන එක, මල ගෙදර බුෆේ වගේ දේවල් මම කවදාවත් අහලවත් දැකලවත් නැති දේවල්. දැන් කාලෙ මල ගෙයක් කියන්නෙත් තමන්ගෙ පුහු මාන්නය, පඩ ෂෝ එක පෙන්නන තැනක් කියලයි මට හිතෙන්නෙ. ණය වෙලා කණකර උකස් කරල කොහොම හරි ලොකුවට මල ගෙදර කරන්නෙ ලෝකෙට පෙන්නන්න. මොකද ඔබේ මිතුරාගේ මෑණියන් ගෙ මල ගෙදර ඔහොම කළා උනත් පිට අයට පෙනෙන්නෙ මල ගෙදර අඩු මුදලට කළා වගේ හැඟීමක් කියන එක අමතක කරන්නත් බැහැ. දැන් නම් ලංකාවේ ට්‍රෙන්ඩ් එක හැටියට ෂෝ එක පෙන්නන්න මළ මිනියක් උනත් ඇති කියලයි මට හිතෙන්නෙ. මමනං ගෙදරට කියල තියෙන්නෙ මොකක්හරි වෙලා හුටස් ගාල මම මැරුනොත් මගේ මිණිය වත් ලංකාවට ගෙන්න ගන්න එපා කියල. නැත්නං කියයි "ෂිහ්! ඕකට ලංකාවේ මැරෙන්න බැරුව එංගලන්තෙ ගිහිල්ලම මැරිලත් අපට මළ කරදරේ නෙ" කියල.
ReplyDeleteහපොයි ඔව් බොඩි එකක් ගෙනියන එක ගොඩක් වියදම් වැඩක් නේද? මටත් අසනීප උනාම එහෙම ඕක මතක් වෙනවා නිතරම.
Deleteතො එන්ගල්න්තෙ බැරි නම් ඔන තුතුකුඩියක මරුනත් අපි එනවා..හැබැයි මැරෙන්න ඉස්සර අපිට වෙඩින් කෙක් කැල්ලක් එක්ක ගල් අරක්කු ටිකක් නොදුන්නොත් උබ මරනවා....
Delete@ එක් මානවිකාවක් - ඔව් ඔව්. බොඩියක් ලංකාවට යවන්න ලක්ෂ 8ක් 10ක් විතර යනවලු. 2009 දි වගේ මැන්චෙස්ට වල කෑෂ් ඇන්ඩ් කැරි සුපර් මාකට් එකක මහේෂ් කියල සිංහල කොල්ලෙක් මරල තිබුන. කඩේට ආව සුද්දෙක් අරක්කු ඉල්ලල. ඒ වෙලාවේ අරක්කු දෙන්න බෑ කිව්වම පිහි පාරවල් හත අටක් ඇනල මරල. ඒ කොල්ල ගෙ මිණිය ලංකාවට යවන්න සල්ලි නැතුව මම දැක්ක ලන්ඩන් පන්සල් කිහිපයකම ආධාර එකතු කරන්න දැන්වීම් ගහල තියෙනව.
Delete@ එල ද බ්‍රා මෙන්ඩා - හැක් හැක් හැක් මෙන්ඩෝ..! වෙඩින් කේක් කෑල්ලක් එක්ක ගල් අරක්කු ටිකක් බෝන්නනම් තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි උබට. බලමු 2020 වලදි වත් උබේ ආසාව ඉෂ්ට කරන්න. 😎
/දැන් නම් ලංකාවේ ට්‍රෙන්ඩ් එක හැටියට ෂෝ එක පෙන්නන්න මළ මිනියක් උනත් ඇති කියලයි මට හිතෙන්නෙ// එකෙන්ම.. තනිකර මළ 'මගුලක්'.. ඒ විතරක් නෙවෙයි පට්ට සල්ලි කන වැඩක්.. ඕකට තව එකතු කරන්න තියෙනවා මැරිච්චි වෙලාව බලල සාස්තර කාරයෝ කියන ඒවා ටික.. අනිවා එකෙක් මළොත් ඒ ගෙදර ගෘහ මුලිකයට අපලයි.. ජනෙල් දොරවල් හිටං කඩල වෙනස් කරන්න ඕනි.. ඊළඟට මිනිය උස්සන වෙලාව වළලන වෙලාව එහෙ මෙහෙ උනොත් ඒ ගෙදර වාසය කරන උන්ගේ අවසානය..
Deleteඅනේ අපි කවදා මේ මඩ වලෙන් ගොඩ එයිද කියල හිතෙනවා බං..
එක්කෝ මම ඉන්නේ සමාන්තර ලෝකෙක වෙන්ට ඕනේ..... එහෙමයි කියලා හිතාන කියන්නම්කො මගේ අත්දැකීම්
ReplyDeleteමම අහලා තියෙන ඉස්සර නම්, මිනිස්සු ඔහොම මිනිය ලඟින් තියාන සතියක් විතර උත්සවශ්‍රීයෙන් මළගෙදර පවත්වාගෙන ගියා. නයිට් ගහන්න යාම, බූරු ගැහිල්ල සහ ඒ ආශ්‍රිත ක්‍රීඩා, බොකු දිරාස් බීලා වෙන කෝන්තරයකට මළගෙදර බඩු පොඩිපට්ටම් කිරීම ආදී වශයෙන් කෙරුනේ මම දන්නා ඉස්සර. තව ඉතින් අල්ලපු ගෙවල් අල්ලාගෙන ගෙවල් පිඉන් බදු අරගෙන ඉවුම් පිහුම් වලට hut ගහගෙන ඉවිල්ල තිබ්බෙත් ඉස්සර. මිනිය උස්සලත් ආයෙමත් ඔතන තියාගෙන වට්ටක්කයි කරෝලයි කන්න දුවගෙන එන්නෙත් මම දන්නා ඉස්සර.
දැන් ඉතින් මම දකින්නේ පුළුවන් ඉක්මනින් මළගෙදර කටයුතු පිළිවෙලක් කලර සාමාන්‍ය වෙන්න හදන බිසී මිනිස්සු. පාලර් එකක තියලා දවසින් දෙකෙන් ඉවරයක් කරනවා මිසක් උත්සවශ්‍රීයෙන් සමරන ගති අඩුයි. අනිත් එක කෑම නම් දැන් බුෆේ දෙන්නේ වටේ මිනිස්සුන්ට සහ හිතවතුන්ට කරදර කරමින් කෑම වලට වදදෙන්න තියෙන අකමැත්තට වෙන්න පුළුවන්. මට එහි වරදක් පෙනෙන්නේ නැහැ. කෑම හොඳයි/නරකයි කිවිල්ල අද විතරක් නෙවෙයි ඉස්සරත් තිබ්බා මම දන්නා තරමින්. තාමත් අර පරණ කුනුකන්දල් වලින් ජිවිතේ ගෙවන්න කැමති අයට නම් අල්ලන්නේ නැහැ එහෙම සරල විධි. ඒ ඉතින් සිඟිති ආතල්නේ. එයාල තව අවුරුදු කීපයකින් මැරිලා යයිනේ. ඉතුරු වෙලා ඉන්න අයට පුළුවන් සරල විදියට මී වැඩේ කරගෙන යන්න.
//දැන් ඉතින් මම දකින්නේ පුළුවන් ඉක්මනින් මළගෙදර කටයුතු පිළිවෙලක් කලර සාමාන්‍ය වෙන්න හදන බිසී මිනිස්සු. පාලර් එකක තියලා දවසින් දෙකෙන් ඉවරයක් කරනවා මිසක් උත්සවශ්‍රීයෙන් සමරන ගති අඩුයි// ඔයා කලිම්ම පොෂ් වෙලා නැත්නම් අප්ඩේට් වෙලා මෙයා.. අපි මේ තාම එහෙම වෙන්න හිතනවා.. අනේ මං දන්නේ නෑ එක්කෝ ඔයා කොළඹින් වැඩිය පිට යන්නේ නැතුවද මංදා..
Deleteකොහොම උනත් අපිත් ඉක්කනට ඔයාලගේ ලෝකෙට එන්න තමයි උත්සාහය.. ජයවේවා!
ARCHSWORD ගහන්න පුළුවන් වෙනනේ ආමාරුවේ වැටිච්ච නැති උන්ටනේද? එහෙම නම් ඔ්කට ගන්න ඇත්තේ ඊයේ පෙරේදා පාස් අවුට් වෙච්ච උන්ගේන් වෙන්න ඇති.
ReplyDeleteමම දන්න කියන එකියෙක් කොච්ච්යට පැනලා මැරෙනවාළු. මම කිව්වා හවස පනින්න එපා . උදේම පැනපන්. එතකොට දෙපාරක්වත් ස්වර්න වාහිණියේ ප්‍රවාත්තිවලට පෙන්වයි. අම්මා තාත්තා වයස හින්දා එක දවසේන් අස්කරන්න කියපන් කියලා. ඒත් කියනවා මිනිය දවස් 02ක් වත් ගෙදර තියෙන්න ඕනිලු. නැත්නම් වැඩක් නැහැලු. එය තියා අපේ අම්මාවත් කැමති නැහැ එක දවසෙන් වළලානවට. අනේ මන්දා බන්. මමනම් කිව්වේ මැරනාම පස්සේ මොනා උනාම මොකච කියලා. මේක අර මොරපු ළමිස්සිටයි අපේ අම්මාටයි පෙන්වන්න හිතෙනවා.
මෝරපු ළමිස්සිට කියන්ඩ කෝච්චියට පැන්නත් , අර ෆොටෝ ෂූට් කරන තැන් වගේ කෝච්චියට පනින්ඩත් ප්‍රසිද්ධ ස්ථාන තියනව කියල.
Deleteඑකක් දෙකක් කියපන් කො බලන්න දැන ගන්නත් එක්ක. දැමමහම මම කියන්නම්
Deletearchsword ගහන්නේ නොබැඳපු උන් තමයි ඉස්සරනම්.. දැන් ඉතින් මූට archsword ගහන්න අපි ඩිවෝස් වෙලා එන්නය? ඌනෙ අන්තිමට බැඳපු එකා.. අනික මං කියුව වගේ රෙස්ට්‍රික්ටඩ් ඉන්විටේෂන් බැචාලා විතරනේ.. ඒක නිසා ඒ වෙලාවට ඒ නිතිය නවනවා..
Deleteමළ මගුල් ගන්න එකේ උච්චතම අවස්තාව තමයි සුවර්ණවාහිනීයෙත් පෙන්න ගන්න තිබ්බනං..
අන්තිම ටිකනම් බොක්කටම වැදුනා අයියෙ
ReplyDeleteස්තුතියි රෝමා..
Deleteඅපේ රටේ මගුල් අවමගුල් දෙකේදීම වෙන්නේ අපි අපිවම රවට්ට ගන්න එකක් .
ReplyDeleteජීවිතේට පාඩමක් උගන්නන වටිනා පොස්ට් එකක් මේක , කල්‍යාණ මිත්‍ර යා .....
ස්තුතියි මිත්‍රයා..
Deleteඅනේ මේ ලියන ඒවා වෙන එකෙක් තබා ඔබ තුමාවත් බලයිද මං දන්නෙ නෑ!
ReplyDeleteඒත් ලියා තියන්නම්.
අපේ ගමේ හක් බෙල්ලාවක මළ ගෙයක් කියන්නෙ හරිම් උත්සවශ්‍රීයෙන් විචිත්‍රව ඉවර වෙන අපරාදෙ ඉවර උනේ කියලා හිතෙන ; ලඟදි වෙන එකක් නැද්ද කියලා හිතෙන එකක්!
එච්චරම සුන්දරයි!
මේ ලිපියේ පුල සිට ඔබ ලියන්නට පටන් ගෙන තියෙන තැන පටන් අන්තිම කොමෙන්ටුවට දැම්ම අන්තිම පිළිතුර වෙන තුරු පැවසෙන අදහස් ගඟුලේ උඩු අතට පීනන්නටයි මා සැරසෙන්නේ!
එකල මියගිය පසු දේහය දින ගනනාවක් තබාගන්නට ඇත්තේ පිට පලාත්වල සිටින නැදෑ හිත මිතුරණ්ට එන්නට විය යුතුය. අද වෙන විට මේ තරම් දියුණු සංනිවේදන මාධ්ය තිබුනද "අම්මට හුඩු ඌ මලාද මචං !?" කියවෙන වාර කොපමන නම් වෙත්ද?
ඊළඟට බොහෝ අය පවසන්නේ මලාට පස්සෙ මොන ගෞරවද කියාය!
මේ ලෝකය දුවන්නේ තනිකරම තාර්කික දැනුම මත පමනක් නම් ඔය කතා හරියටම ගැලපේ. එය ඇත්තක්ද? කයිවාරුවට කීවාට ඔහු හෝ ඇය පවා තමන්ගේ එදිනෙදා කටයුතු කිරීමේදී කට යුතු කරණ්නේ එසේද?
ඒවා සියල්ල තමා විශයෙහි සිතුව හොත් තත්වය තමාටම පසක් වනු ඇත!
"ඕව බොරු වැඩ! මලාට පස්සෙ වලලන එකනෙ ඇත්තෙ" කියන එකෙකුගෙන් අහන්න
"මචං උඹේ වෙඩිමේදී මොකද්ද බං ඇන්දේ කියලා?" ඌ සිරාවටම කියයි ඇඳපු සූට් එකයි ඒක අඳින්න හේතුවයි එය තොරාගන්න ගත්තු වෙහෙසයි සියල්ල.
බලන්න ඒව කොයි තරම් දුරට උගේම තර්කනයට ගැලපෙනවාදැයි කියා!
"ඇයි මච්ං සරමක් ඇන්දානම් ඉවරනේ! කොහොමත් රෑට ගලවන එකනේ...!!" කියා බලන්න. තර්කනය සුපිරියටම එලියට එනු ඇත.
පෙර කල ගෙදරක අවමගුලක් වූ පසු දින හතක් යනතුරු දොර ජනෙල් නොවසා සිටීමේ පුරුද්දක් තිබුනි. ඒ මන්ද යත් දේහයෙන් පිටවුනු විශබීජ යමක් වෙත්නම් ඉවත්ව යනු සඳහාය. මේවා කොයිතරම් විද්යානූකූල දැයි දත්තෝ කියත්වා!
එයට අමතරව දින ගනනාවක් යනතුරු එම පවුලේ අය තුල වෙතින් දුක මූලික කරගත් සංකූලතා ඉවත්ව යන තෙක් නෑදෑ හිත මිතුරණ් ගැවසීම සිරිතකි.
බොහෝ අය මල බතට මෙකල දොස් කියති!
ඒ එහි නම නිසා වියයුතුය. (දැන් දෙන්නේ Murder Rice ය!)
එකල එය පිසුවේ දේහය නිවසේ තැන්පත් කොට තිබූ ස්ථානයේය. ඒ එම ස්ථානයේ රැඳි විශබීජ අවත්ව ඉවත් කර ගැනීමට විය යුතුය!
එයින් පලමු වෙන්ම කන්නට දෙන්නේ භූමදානය සඳහා මිනී වල සෑරීමට එක්වූ පිරිසටය. එකල මිනී වලවල් සෑරුවේ කුලියට නොවේ. හිතවත් කමටය. මැරුණු පුද්ගලයා වෙත් දක්වන හිතයිශී භාවය දැක්වීමටය.
එකල මල බත භුක්ති විඳීමට එන ලෙස කිසිවෙකු හෝ අවසාන කටයුතු කරණා ස්ථානයේ සිට හඬ නගා කියයි.අවමංගලෝත්සවයට පැමිණි පිරිස කනත්තෙන් ගෙවල් බලා යන සිරිතක් එකල නොවීය! "මල බත කෑම" මලගෙයට සහභාගීවූ අයගේ පරම යුතුකම්ක්සේ සැලකුණි.
( මා මෙය පවසන්නේ වගකීමකිය!) එසේම මල බත මදි විය යුතුය!
එය මරණ කරුට ගෞරවයකි! ඒ ඇයි? " යකෝ මල බත ඉවර වෙන්න කන්නවත් මිනිස්සු ඉන්න ඕනෙ!" එකල වැඩිහිටියන් විටෙක මලපැන පවසන වැකියකි!
ඉන් අදහස් කරණුයේ මිනිසුන් ජීවත්ව සිටිනා කාලය තුල මිනිසුන් උපයා ගත යුතු බවය!
මිනිසුන් මියගිය විට සෙනග පැමිනෙන්නේ ඔහු හෝ ඇය ගුණ ගරුකව සිටියේ නම් පමණි! එහෙමත් නැත්නම් "මූ ශුවර් එකටම මලා "දැයි ප්‍රථ්යක්ෂ කාරගැනීමටය!
දින ගනනාවක් තබාගතයුතු වන්නේ නිල මැස්සන් ඇහිරෙමින් නොව ඔහුගේ හෝ ඇයගේ කල කී හොඳ දේ කියැවෙන පරිශ්‍රයක් තුලය.
මල බතට අද සුපිරි කෑම හැදුවාට එකල එහි අංඟුළු හෝ කට්ටා කරෝල හොද්දක් , ඇඹුල් කෙසෙල් ගෙඩි වෑං ජනයක් වට්ටක්කා අනිවාර්ය විය.
අද මේවා පිළිබඳ මෙසේ ලියන කියන මහත්වරුන් නෝනලා වෙත තවත් අවුරුදු ගනනාවකින් කොයි ලෝකේන් හරි කඩං පාත්වුනු බුද්ධිමතෙක් කියාවි ඔය තුනේ සංකලණයෙන් , සංයෝජනයෙන් ,සහයෝගයෙන් මිනිස් සිතතුලට අරවා වෙයි , ගතට මේවා වෙයි.
මටනම් කියන්නට ඇත්තේ මිනිස්සු ඇවිත් ගියාට පස්සෙ මිනිය වලලාපල්ලා කියාය.
ඉන්න එවුන්ට පෙට්ටිය වහගන්න බැරිවෙන්න මිනිසත්බව පිරුණු පිනිසුන් පිරුණු මල ගෙයක් පතමු!
As I said with Wicharaka diyaniya's comment..
Deleteමේ කොමෙන්ට් එකටත් මං බොහොම මනාපයි.. කියල තියෙන කරුණුත් එක්ක 100%ක්ම එකඟ නැතත් 'Yes sir, yes sir three bag full' කියල කියනවට වඩා තමන්ගේ මතය ප්‍රකාශ කිරීමම වටිනවා..
රායිට්.. අපි බලමු හක්බෙල්ලාවක ඉපැරණි මල ගෙදරක ශ්‍රී විභූතිය අදට කොහොම ගැලපෙයිද කියල..
එදා මං හිතන්නේ මළ 'මගුලක්' ගන්න වියදමක් යන්නෙම නෑ.. ඔය පෙට්ටියට තව පොඩි පොඩි උවමනාවන් දෙක තුනකට ඇරෙන්න.. ඒවත් අහල පහල සල්ලිය බාගේ තියෙන ඥාතියෙක් හිතවතෙක් උන්නොත් උන්ගේ ගානේ කරලා දෙනවා.. එයිටාමතරව ගෙදරට එන යන හැමෝටමත් එක්ක කෑම බීම ටික අහල පහල ගෙවල් වලින්ම තමා ලැබෙන්නේ හත් දොහේ දානෙට ගෙදර උයනකම්ම වගේ.. අපේ අම්මලත් ඉස්සර මල ගෙයක් කියුවම යන්නේ ලොකු බත් පෙට්ටියක් උයාගෙන පොලොස් ඇඹුලක් හදාගෙන..
ඊළඟට දවල් දවස පුරාම අහල පහල හැමෝම ගෑනු/ දරුවෝ ඒ ගෙදර කුදු මහත් වැඩ.. රෑ කළුවර වෙනකොට ගමේම කර දඬු උස් මහත් වෙච්චි පිරිමි මල ගෙදර.. ඉතිං හත් දවසක්ම යනකං මගුල් තමයි..
අද.. අපි හැමෝම මලගේදරකට ගොඩ වෙන්නේ නොකර බැරි කමට.. පැයකට වඩා ගිහිං රැඳිලා හිටි මල ගෙයක් මට මතක ඇති දවසකින් නෑ.. බදුල්ලේ අපේ ළඟම ඥාතියෙක් නැති උනා උනත් යන්න ගියාම මාරම ප්‍රශ්න ගොඩක්.. මගේ මාමලා දෙන්නෙක්ගේ, ලොකු තාත්තගේ, එයාගේ දුවල දෙන්නෙක් ගේ, පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මළ ගෙවල්/මළ පන්සල් වලට මට සහභාගී වෙන්න උනේ නෑ නොයෙක් ප්‍රයෝගික ගැටළු නිසා.. මැරිච්චි එකා හෝ උන්ගේ ජීවත්වෙන ඥාතියා ලඟම එකෙක් නම් කියක් හරි අත මිට මොලවල එන්නත්, නැත්නම් බිස්කට් පෙට්ටියක්, හාල් කිලෝ දහයක් හරි ලීටර් හතරේ අයිස් ක්‍රීම් බකට් එකක් (දානේදී) දීල ගොඩ වෙලා එනවා.. ඒ ඇරෙන්න කොච්චර හිතට දුක උනත් එයිට වැඩිය යමක් කරන්න අමාරුයි. ඒ සහභාගී වීම පැත්තෙන්..
එතකොට.. මළ මගුල් කෑම පැත්තෙන්.. අර උඩ මානවි ගේ කොමෙන්ට් එකට මම උත්තර දීල තියෙනවා මගේ එක්ස්පිරියන්ස් එක ලේටස්ට්.. ඒක හරිම අමාරුයි.. සමහරවිට ඕක හක්බෙල්ලවකදී උනා නම් මට ඔය හැටි හිත් අමාරුවක් වෙන එකක් නෑ.. එත් හක්බෙල්ලවකවල් ලංකාවටම තියෙන්නේ එකක් නිසා එහෙම නොවෙන එක අරුමයක් නෙවෙයි..
මේ කොමෙන්ට් එකේ මම අත් දෙකම උස්සල එකඟ වෙන කාරණයක් තමයි කරදරයක් වෙලාවට ඥාති හිතවතුන් ලඟින් ඉන්න එක හිතට සහනයක් කියන එක.. මගේ තර්කය උන්ට එහෙම ඉන්න බැරි නිසාම අපි අපේ සිස්ටම් එක වෙනස් කර ගන්න වෙනවා කියන එක..
ස්තුතියි තට්ටයා තුමනි..
//පෙර කල ගෙදරක අවමගුලක් වූ පසු දින හතක් යනතුරු දොර ජනෙල් නොවසා සිටීමේ පුරුද්දක් තිබුනි. ඒ මන්ද යත් දේහයෙන් පිටවුනු විශබීජ යමක් වෙත්නම් ඉවත්ව යනු සඳහාය// හෙන විද්‍යාත්මකයි නේ ඒ වැඩේ. මල මිනියේ විෂ බිජ යන්න එපැයි . කහ වතුරත් ඉහිනවනේ. ඒකත් හොඳ විෂබීජ නාශකයක්
Deleteමම මේ ප්‍රතිචාරයට කැමතියි
Deleteමාත් කැමතියි හත්දෙයියනේ.. :)))
Deleteනෙලුම් යාය ලිකෙලි උළෙල
ReplyDeleteඑතකොට කවදා හෝ පවත්වනවාද කියන ප්‍රශ්නයට පිළිතුර තමා ජූනි හෝ ජුලි මාසයට කල් දමල කියන එක. ලංකාවේ තියනවලු ඊ සොසයටි (e-society) කියල එකක්. ඒ ගොල්ලන්ගේ සහභාගිත්වයෙන් සහ සංවිධායකත්වයෙන් ලු මීළඟ සම්මාන උළෙල පැවැත්වෙන්නේ. ඒ ගොල්ලෝ කරනවයි කියන්නේ නෙළුම් යාය සම්මාන උළෙලේම දිගුවක් ලෙස සයිබර් සම්මාන උළෙලක් ලු. බ්ලොග් වලට අමතරව ෆේස්බුක් ආදී සමාජ ජාලා හා වෙනත් වෙබ් අඩවි වල පළවන නිර්මාණත් සලකා බලනවලු...............
අඩෝ ලෝටස් අජියා/ කල්‍යාණ කොලේවහලා ගහන්න වගේ හදන්නේ මේපාර. යුරෝපියන් සමර් වැකේෂන් එකට එන්න එයාර් මයිල් සෙට්කරගන්න නේද මේ වැඩ සෙට් කරගන්නේ
ඔය වගේ බජිට් පෙන්වන්න බැරි බැදුන්කොරේ වගේ රියලිටි ෂෝ එකක් වගේ ගේමක් යන නිසානේ
ලෝටස් අජියෝ Your comment will be visible after approval. ඇයි මේකත් ලන්ඩන්වල්
ඉන්ට්පොල් රෙඩ් නෝටිස් කාරයට කියලා හරි LNW එකේ සංස්කාරක මඩුල්ලෙන් අවසර අරගෙනද පල කරන්නේ
මේවට ඩයස් ප්ලේස් එකේ එවුන් කියන්නේ "පඩ ෂෝ ඩො" කියලා
ඕනනම් නොදා ඉන්න අවුලක් නැ ඔයාගේ ලොන්ත පොල් පඩ ෂෝ අපි අවුරුදු කීපයක් බැලුවා චුයින්ගන් හප හප වැඩක් නැ. නිව් ඔලිම්පියා එකේ සෙක්ස් නැති ඉන්ග්ලිෂ් ෂෝ එකක් බැලුවා වගේ හුජ්ජ කෝල්ලන්ට හොඳයි ඒවා
මාත් නෙළුම්යාය ගැන පෝස්ට් එකක් දාන්න ඉන්නේ මචෝ.. මතක ඇතුව ඒකටත් කොමෙන්ට් කරපං.. :)
Deleteකොහොමද මේකට කමෙන්ට් කරන්නේ කියල කල්පනා කළේ. මේ මගේ එක්ස්පිරියන්ස් එක. අපි බඳින දවසේ අපේ බිරිඳට ඕන වුනේ පෝරුවට නැගල සාරියක් ඇඳලා සිංහල චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම කරලා බඳින්න. මට ඕව තේරෙන්නේ නැති නිසා වැඩේ ටුවරිස්ට් හොටෙල් එකකට භාර දුන්න. ඒ කට්ටිය ඕව දන්නවනේ . හැබැයි එයා කිව්වේ තිහකට වැඩිය කතා කරන්න බැහැ කියල. අපේ අම්මගේ ලිස්ට් එකම 250. දෙන්න කෙහෙවලු පටලවාගෙන වලි. පස්සේ මම කිව්වා අම්මට ඔන්නොහෙ 30කින් කරමු කියල, සල්ලිත් ඉතුරු වෙනවනේ කියල. නැතනම් ඉතින් ප්ලේට් එකටම හෙන ගානක් නේ.. මම යාලුවෝ දෙන්නෙකුටයි ළඟම නෑදෑයෝ කිහිප දෙනෙකුටයි කිව්වා. අම්ම කලේ මලයව බන්දල දෙන එක කලින්ම. එතන හෙන සෙනගක් හිටිය බුෆේ දාල අරක මේක. ඊට පස්සේ මල්ලිගේ දෙවිනි ගමන දවස අපේ වෙඩින් එක තියපු හෝටලේම එකම හෝල් එකේ තියල අර 250 ගෙන්නුවා. කොහොමහරි මගුල් ගෙදරට 300 දැම්මා. ඒක තමා අම්මගේ ටාගට් එක. නැන්දයි ලේලියි අදත් වලි ඕකට.
ReplyDeleteඅවුරුදු 5 කට කලින් මට හදිසියේම එන්න වුනා නෑදෑයෙක් ගේ අවමගුලකට . එතැන දේහය තිබුන තැන ට ගිහිල්ල ආචාර කළාට පස්සේ අර මැරුණ ඥාතියාගේ පුතා මට කන්න යන්න කිව්වා. මට අන්දුන් කුන්දුන්. මම ඇහුවා මළ බත කලින් දෙනවද. නැහැ නැහැ හවසට කාලම යන්න කිව්වා. මම ගියේ හවස 5 ට විතර. බලන කොට ලොකු හෝටලේක කෝකියෙක් ගෙන්නලා ත්‍රී කෝස් මීල් එකක් දෙනවා. (එයා කිව්වේ එහෙමයි.)බොරු කියන්නේ මොකටද කෑම නම් ඇත්තටම හොඳයි. සෙනගත් අම්බානක. කෑම ගන්නත් පෝලිම මිනිය බලනවට වැඩිය. ඔහොමදවස් දෙක තුනක්. හත් දවසේදානෙට කලින් හවස රෑ බණට ගියා (අම්මට යන්න ඕනේ නිසා මම එක්ක ගියේ ) . එදත් අර කෝකියම ගෙනත් කෑම දෙනවා. මම නිකමට අම්මට කිව්වා අපි බිස්කට් එකක් සීනි ටිකක් ගෙනත් තේකක් බීල යනවා නේද බණ අහල කියල. අම්ම කිව්වා දැන් වෙනස් පුතේ හැම දෙයක්ම . කෑම නොකන අයට පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් ෂෝර්ට් ඊට්ස් ගෙනාව කියල ඥාතිය ඇවිත් කිව්වා. මොකද මම කෑවේ නැති නිසා. හත් දවසේ දානෙත් අර සීන් එකමයි. මට හිතුනේ අර ඥාතියාට පිස්සු කියල. පස්සේ බලන කොට ඕකලු දැන් ට්‍රෙන්ඩ් එක ලංකාවේ. නැත්නම් කොන් වෙනවලු. හරිද?
ලන්ඩන් වල මල ගෙවල් තුනකට ගිහින් තියනවා. අපේ අල්ලපු ගෙදර වයසක් අන්කල්ගේ අවුරදු 70 ගර්ල් ෆ්‍රෙන්ඩ් මැරුණ වෙලාවේ. පොරකියන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල. සෙමෙට්‍රි ගියා හවස වේක් එකට ගිහින් වයින් වීදුරුවක් බීල ආවා. ඊළඟ එක අල්ලපු ගෙදර ඒ අන්කල්ම. පොර පොලිසියේ. දුවත් පොලිසියේ ඉන්ස්පෙක්ටර් කෙනෙක්. අපි ඉඳහිට හවසට විස්කි අඩියක් ගහනවා. මැරුණම කනත්තේ අදාහනයට දිනයක් හම්බවෙනකන් ගෙදර තියා ගන්න බැහැ. පාලර් එකේ තියල එදාට අරන් එනවා. කනත්තට ගියා. පොලිස් කාරයෝ සෙට් එක ගාඩ් ඔෆ් හොනර් එකක් දුන්න . හවස වේක් එක. අර ෆින්ගර් ෆුඩ් කියන්නේ මෙහෙ ෂෝර්ට් ඊට්ස් තිබුන කන්න බැරි සැන්ඩ්විච් එක්ක. සුද්දන්ට කන්න පුළුවන් ඒවා. වයින් එකක් බීල ආව.
තුන්වෙනි එක කරු ජයසුරියගේ පිළිකාව හැදිලා නැති වෙච්ච දුවගේ. හවස භූමදානය කළේ. පනහක හැටක සෙනගක් හිටියා. වැඩිය නැහැ. හවස ඒ ළඟම හෝටලේක වේක් එක තිබ්බ ෆින්ගර් ෆුඩ් සහ වයින්, තේ , කෝපි එක්ක. කරු ජයසුරියයි බෑනල දෙන්නයි හෝල් එකේ දොර ළඟ ඉඳන් ආයුබෝවන් කිව්වා ආපු අයට. low-key affair.
එහෙම මේ දේ මේ රටේ සරල වෙලා තියෙන්නේ සම්බන්ධකම් එපමණ තද නැති නිසා වෙන්නත් පුළුවන්. අනික වෙන කරන්න විධිහකුත් නැහැ . හැමෝම වැඩ නම් මිනිය ගෙදර තියාන ඉන්නත් බැහැ. අපේ අම්ම මංගල්ලෙට නෑදෑයින්ට එන්න කියපු එකේ අසාධාරණේ කුත් නැහැ. සංස්කෘතීන් වෙනස්. මරණේ මගුලක් කරන එකත් අර ඥාතියා වගේ සල්ලි තියනවනම් ණය වෙන එක ප්‍රශ්නයකුත් නැත්නම් ඔහේ කර ගත්තු දෙන්.
යුරෝපයේ ළමයි වැඩිවිය පැමිණෙන එකට මුකුත් කරන්නේ නැහැ . සමහර ලංකාවේ පවුල් පාටියක් දානවා . හැබැයි ගැහැණු දරුවෝ කෙලින්ම එපා කියනවා කියල තමයි දන්නේ. උන්ට ලැජ්ජයි පාටි දානවට.
තරු නංගිගේ සභාවට ගියාට ස්තුතියි. ලංකාවේ හිටියනම් මාත් අනිවාර්යයෙන් යනව. උඹේ යාළුව තමන්ට කැමති විධිහට ජිවිතේ හදා ගන්න එකත් ලොකු දෙයක්. අපි ඔක්කොම හුඟක් වෙලාවට එහෙමයි කියල මට හිතෙන්නේ. (මේ දන්නා කියන අය )
අන්තිමට උඹ බිවහම උඹව බයිට් කරන මාතලන් ගේ හා චෙෆකි ගේ බ්ලොගුත් බීවම උඹට අල්ලන් තඩි බාන අටම කියන පෝරිසාදයගේ (ඒ වුනාට අනිත් වෙලාවට පුදුම අහිංසක) බ්ලොගේත් ගැන උඹේ යාලුවට කියල අපේ බ්ලොග් ගැන නොකීම ගැන මගේ බලවත් අප්‍රසාදය හේ හේ
ජයවේවා කල්‍යාණ මල්ලි
ජයවේවා! ආ.. මගේ යාළුවා හොඳ බ්ලොග් රීඩර් කෙනෙක්.. අරුන් තුන් දෙනා ගැන නිතර අහන්නේ මගෙත් එක්ක ෆිට් කියල දන්නා නිසා.. :)
Deleteවිහිළුවට කිව්වේ හප්පා
Delete