Tuesday 8 January 2019

"ගාල්ලගේ මැරුණම ඔළුව ගෙනියනවා.." Bravest of the Brave; Fondly Remembering the Founder 2IC of SLN's Special Boat Squadron- Late LCdr Sandun Gallage

෴සදාකාලික වීරයෙක්෴
ජාතිය රන් විමනක් වේ - ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ - සමත් වෙතොත් පුත නුඹවේ
සුරතල් සිඟිති සිනා නගමින් මව් ඇකයේ නැලවෙද්දී මවගෙන් ඇසෙන දේශාභිමානී ගායනා ඇසෙන විට ඒ කුඩා ළයේ දෑ බැති මල් නූපදීයයි කාටනම් කිව හැකිද ? 1970 ඔක්තෝබර් මස 19 දින කැදැල්ල එළිය කරන්නට උපන් ඒ කිරි කැටියා ඉන් වසර 26කට පසු 1996 ඔක්තෝබර් 20 දින වැදූ මව නොසිඳෙන සෝ සයුරක ගිල්වමින් දිනූ දැයට තම දිවි පුද කල බව අනේ…ඒ සිත් කෙසේ දරා ගන්නද ?
ඔහු… 
සමන්ත වරුණ ගාල්ලගේ ,
ලුතිනන් කොමාන්ඩර් ,
NRP 609 ,
ශ්රී ලංකා නාවික හමුදාව 
 As an Officer Cadet- early 90's
සඳුන් යන නමින් සැමගේ සිත් දිනා ගත් ඔහු කුඩා කල සිටම හුරුබුහුටි කාර්යශූර දරුවෙකු වුනා . රගර්, කරාටේ ,ජූඩෝ, පිහිනුම් අංශ වලින් පාසලේ කැපී පෙනෙන සිසුවෙකු වූ ඔහු ගැන ගුරුවරුන් පවා අහස උසට බලාපොරොත්තු තබා ගත්තා . ගල්කිස්ස ජීවිතාරක්ෂක සමාජයේ පිහිනුම් ශූරයෙකු වූ සඳුන් කැළණියේ ගංවතුරට හසුවූ 38 දෙනෙකු බේරා ගත් නමුත් එතරම් වෙහෙස වී සිටියදීත් " ඒ මිනිස්සු බඩගින්නෙ ඉඳිත්දි මට කන්න බෑ අම්මේ " කියා එදින නිරාහාරව ගත කලා .

මානුෂීය ගුණාංගයන්ගෙන් පිරිපුන් අවිහිංසක තරුණයෙකු වුනත් සඳුන්ගේ පැතුම වුනේ රටේ පවතින යුධමය වාතාවරණය තුරන් කොට සාමය උදා කරන සටනට උරදෙන්නට හමුදා සේවයට බැඳෙන්නටයි . "පුතේ වීර මාතාවක් වෙන්න මාත් කැමතියි . ඒත් දැන් මේ රටේ තියෙන්නේ බිස්නස් එකක් . තරුණ ළමයි වෙළඳ භාණ්ඩ තත්වයට පත් වෙලා තියෙන නිසයි මම ඔයා හමුදාවට බැඳෙනවට අකමැති " මව ඔහුට විරුද්ධ වුනේ එහෙමයි . "අම්මි මේ situation එක නිසා ඉදිරියේදී සිංහළ දෙමළ මුස්ලිම් මිනිසුන්ට ජීවත් වෙන්න රටක් නැති වෙනවා . මම කවදාහරි රටට සේවයක් කරලා මැරුණොත් අම්මාට මාව මේ ලෝකෙට බිහිකල එක ගැන ආඩම්බර වෙන්න පුළුවනි." ඔහුගේ අදහස වුනේ එයයි . ඔහු පළමුවෙන් අයදුම් කල යුධ හමුදා සේවයට යන්නට මව කැමති කරවා ගන්නට නොහැකි වුනත් තම පුතුට දැඩි ඇති ආදරය නිසාම දෙවන වරනම් ඔහුගේ ආසාවට විරුද්ධ වන්නට අම්මාට නොහැකි වුනා .

As a Midshipman- Prior to commission
1990 පෙබරවාරි 01 දින ශ්රී ලංකා නාවික හමුදා සේවයට එක්වූ ඔහු පුහුණු කාලය තුලදීද දක්ෂ , අවංක , එඩිතර , විනය ගරුක නිළ දරුවෙකු වුනා . ඔහු නාවික හමුදාවේ සිටියදී රට වෙනුවෙන් කල සේවය ගැන , ඔහු කළ වික්රමයන් ගැන පියාට පවසා තිබුනත් මව දැන ගත්තේ ඔහු මිය ගියාටත් පසුවයි . " ලොකු අම්මා මල් යහනාවල් උඩ අයියලාව හැදුවට එයාට කොටි ගැන message එකක් ලැබුනම කන කෑම එකත් පැත්තක තියලයි කොටි වනසන්න යන්නේ . උන්ගෙ බෝට්ටු ගිල්ලවලම තමයි ආපහු එන්නෙත් " ඒ තොරතුරු මව දැන ගත්තේ නාවික හමුදාවේම සේවය කරන ඥාති පුතෙකුගෙන් . රටේ පවතින අවිචාර යුගය හේතුවෙන් සඳුන්ගේ බාප්පා ඔහුව හමුදාවෙන් අස්කරගෙන නවසීලන්තයට ගෙන්වා ගැනීමට උත්සාහ කලත් " බාප්පලා රට ගිහින් සැප වින්දට අපිත් ඒ දේම කලොත් මේ රටේ දුප්පත් මිනිසුන්ට ජීවත් වෙන්න රටක් කෝ ?" යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේ ඔහුට වඩාත් ආදරේ කල බාප්පාගේත් හිත රිදවමින් . 

Commissioned as a Sub Lieutenant in 1992
1993 ජනවාරි 18 දිනය නාවික හමුදා ඉතිහාසයේ සුවිශේෂි කඩඉමක් සනිටුහන් කලා . ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ නිළධාරින් දෙදෙනෙකු හා නාවිකයන් 42 ක් විශේෂ යාත්රා බලඝණය නමින් නාවික කොමාන්ඩෝ ඒකකයක් පිහිටුවා ගත්තා . එහි නිර්මාතෘ වූයේ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්රධානි අද්මිරාල් රවි විජේගුණරත්න මැතිතුමායි . " Bravest of the Brave " ඔවුනගේ උදෘත පාඨය වුනා . මුහුද , ගොඩබිම හා ගුවන යන අංශ තුනෙහිම අති දක්ෂ කොමාන්ඩෝ සටන් කරුවන් ලෙස පුහුණුව ලබා විශේෂිතවූ මෙහෙයුම් සඳහා පෙරට යන නාවික හමුදා විශේෂ යාත්රා බළඝණය පිහිටුවීමේදී ඔහු එහි ආරම්භක දෙවන අණදෙන නිළධාරියා වූයේ ඔහුගේ ඒ උත්තරීතර කැපවීම නිසාවෙනි . අති දක්ෂ පිහිනුම් ශූරයෙක් , නිර්භීත සටන්කාමියෙක් ,ප්රහාරක යාත්රා මෙහෙවීමේ හා ඉලක්කයට වෙඩි තැබීමේ නිපුණයෙකු වූ ඔහු එම තනතුරට ඉහලම සුදුසුකම් දැරුවා .
අනෙක් අතට කොටි ඔත්තුකරුවන් ගැන ඔහුට තිබුනේ පුදුම ඉවක් . ඔවුන් සමගම සිනාසී කමින් බොමින් ගැවසුන දෙමළ වෛද්යවරයෙක් ගැන ඔහු අනතුරු ඇඟවූ අතර පරීක්ෂා කර බැලීමේදී පොළව යට තිබූ අවි ආයුධ සොයා ගත හැකි විය. නිවාඩු යන්නට ගිය උසස් නිළධාරියෙකුට " සර් , ඒ පාරෙන් යන්න එපා " කියූ ඔහුගේ කීම පිළිගත් නිසා එම නිළධාරියා හා පවුලේ අයගේ ජීවිත ආරක්ෂා විය .
පියකරු සිනාවෙන් හා නිහතමානි කතාවෙන් නාවික හමුදාවේ උසස් පහත් නිළ බේදයක් නොතකා සැමගේ සිත් දිනා සිටි මේ නිළධාරියා කිළාලි කලපුවේදී කොටින්ට එල්ල කල මරු ප්රහාර හේතුවෙන් සහ ඔහුගේ සටන්කාමී බව හේතුවෙන් කොටින්ගේ ඝාතන ලැයිස්තුවටද ඇතුලත් විය . ඔහුගේ නිවසට කතාකොට මවටත් මරණ තර්ජන එල්ල කරන තරමට ඔහු කොටින්ට හිසරදයක් වී සිටියේය . "ගාල්ලගේ මැරුණම ඔළුව ගෙනියනවා " යන කොටින්ගේ ප්රකාශය එකල නාවික හමුදාවේ ප්රසිද්ධ රහසක් විය . හමුදා සේවය පිළිබඳ නැවතත් මවගෙන් මැසිවිලි නැගෙන්නට විය . " එක පුතෙක් ඉන්න අම්මලත් තමන්ගෙ පුතාව යුද්දෙට යවද්දි පුතාලා තුන්දෙනෙක් ඉන්න අම්මා අකමැති වෙන්නේ ඇයි . අපි ඉපදෙන කොට ගෙනාවෙ මරණෙ විතරයි . ඉතින් රටට සේවයක් කරලා ඒ මරණයට වටිනාකමක් ලැබෙන විදියටයි අපි මැරෙන්න ඕනෙ. අම්මා ඒ ගැන ආඩම්බර වෙන්න " මවගේ කඳුළු මැද මවටත් සිතන්නට යමක් කියා දුන් ඔහුගේ පිළිතුර විය .
මේ අතර තුරුණු වියේ හුන් සඳුන්ට මල්සරාගේ හී සර පහරින් බේරෙන්නට නොහැකි විය. නාවික හමුදා නිළධාරිනියක වූ නිෂිකා කුමුදිනී සමඟ විවාහ දිවියට පත්වූ ඔහු රුමල් මිත්සර පුතුගේ ජන්මයෙන් පිය පදවියෙන් අභිෂේක ලැබුවේය .
Could be the last happiest movement of his life..
තමාගේ 26 වන උපන් දිනයට නිවාඩු එන බව නිවසට දන්වා තිබුනත් පැවරුන හදිසි රාජකාරියක් නිසා එම ගමන පසෙක ලන්නට සිදුවිය. 1996/10/20 දින සහෝදර නැවියන් සමඟ ප්රහාරක යාත්රාවකට නැගුනු ඔහු පිටත් වුනේ තවත් කොටි දඩයමකටයි . යාපනය චලෙයි , නල්ලතන්නිතුඩුවායිහි පිහිටි මුහුදු කොටි මර්මස්ථානයක් වනසන්නට එදා යුධ හමුදා හා නාවික හමුදා රණ ශූරයන් එක්ව මෙහෙයුමක් දියත් කලා . ඔවුන් වෙරළට ගොඩබසින්නට සූදානම් වෙද්දී කොටින්ගෙන් වෙඩි වරුසාවක් එල්ල විය . තම යාත්රාවේ සිටි නැවියන් දිරිමත් කරමින් සතුරන්ට එරෙහිව ඔහු එඩිතරව සටන් වැදුනා . ප්රති ප්රහාර එල්ල කරමින්ම තම නැවියන්ට මුහුදට පනින්නට අණ දුන් ඔහු නොකඩවා සතුරන් හා ගැටුනා . දරුණු සටන් පවතින අතරතුරේදී සතුරන්ගෙන් එල්ල වූ ප්රහාරයකට ඔහුද ලක් විය. රටට මහඟු සේවයක් ඉටු කරමින් සිටි සමන්ත වරුණ ගාල්ලගේ තම අභිමානවත් රණ සේවය නිමා කරමින් තම අවසන් හුස්ම ලක්මවට පුද කලේ එලෙසිනි .
රණ වික්රම පදක්කම , රණ ශූර පදක්කම , පූර්ණ භූමි හා වීර වික්රම විභූෂණයෙන් ජාතියෙන් පිදුම් ලද ඔහු වෙනුවෙන් " මෙවන් අකල් වියෝවක් නොවී සසර වසනා තුරා යලිත් හමුවනු මැනවි " ඔහුට ආදරය කල සහෟදයන්ගේ පැතුම වූවා සේම , සදාකාලික වීරයාණෙනි, ඔබ අපට අහිමිව වසර 22 ක් සපිරෙන මොහොතේ මෙලෙස ඔබ සමරමු.
"ඉතිරිවැ සිටිනා අප ලෙස වයසට
නොම පැමිණෙති ඔහු ලොව කිසිදා
කාලය හමුවේ නොමැයෙති දිරුමට
නොම පිරිහෙති ඔහු වසර නිසා
ඉර බැස යද්දී - ඉර පායද්දී
අප සැම සිහිපත් කරමු ඔවුන් "

“They shall grow not old ,as we that are left grow old
Age shall not weary them ,nor the years condemn ,
At the going down of the sun , and in the morning ,
We will remember them”

- Subhashini Edirisooriya (Former Leading Medical Assistant and a close family friend of Gallage's family)

PS- Hi! Friends :) How do you do? I'll be back soon here. :) 

36 comments:

  1. මුලින් කියවද්දිම දැනුනා මේක ලියුවේ කල්‍යාණ නෙවෙයි කියලා

    ReplyDelete
  2. ලුතිනන් කොමාන්ඩර් ගාල්ලගේ මාගේ පාසල වන ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ සාඩම්බර ආදි සිසුවෙක් වාගේම මාගේ පාසල් මිතුරාගේ ලොකු අයියා. ඔහු පාසල් කාලයේ රගර් කි‍්‍රිඩාව පිහිනුම් හා ජිවිතාරක්ෂක සේවය තුලින් ඉහලම දස්කම් දැක්වු අයෙක්. ඔහු මිය යාම අපට මෙන්ම රටටද විශාල පාඩුවක්

    ReplyDelete
  3. එතකොට මහත්තයා නාඋක හමුදාවේ මාමාලා විසින් කප්පන් ගන්න පැහැරගෙන ගිහින් මරා දාපු සිසුන් සිහිකරන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. රණවිරුවන්ට අපහාස නොකරනු.

      Delete
    2. Ya.. yaa.. why not? praise the good, dump the garbage! Sorry, No Sinhala. :)

      Delete
  4. මිට කලිනුත් මම කියලා ඇති මේ ගැන.මචං රවි විජේගුණරත්න කොච්චර පොරක් උනත් අර උද්ඝෝෂකයෙක්ගේ කණට ගැහුවාට පස්සේ මිනිහා ගැන මට තියෙන්නේ අපුලක්.එක තවත් වැඩි උනා එයාගේ පසුගිය ක්‍රියාකාරකම් වලින්.හරියට ෆොන්සේකා වගේ.

    ReplyDelete
    Replies
    1. Did I say anything about RW here? :)))) Ooops.. Come on Manoj, my friend. Don't judge actors by their characters in the drama.. You are much better than that. :)

      Delete
  5. මේ බොසා! ඔය ගැම්මටම අර ඩෝරා කතාවත් ඉවරයක් කරානම් නරක ද?

    ReplyDelete
    Replies
    1. See.. Let me install Sinhala font first boss! :))

      Delete
    2. මොකේ අයියේ සිංහල නැත්තේ?

      Delete
    3. Try Helakuru
      https://www.techsayura.com/2018/11/helakuru-for-pc.html

      Delete
    4. ඒකෙ කුණුහබ්බ නේ බං වදින්නේ.. සිංග්ලිෂ් නෙමෙයිද ටයිප් කරන්න ඕනි?

      Delete
    5. සිංග්ලිෂ් ද කුණුහබ්බද කියලා තෝරන්ට පුළුවන් ආයිබෝං..
      හැක්!

      Delete
    6. අනේ මට තේරෙන්නේ නෑ බං ඒක.. දැන් රියල් ටයිම් යුනිකෝඩ් වල ටයිප් කල්ල කොපි පේස්ට් කරනව. ඒක මහ වදයක් ඉතිම්.

      Delete
    7. පෝස්ට් එකේ තියෙන වීඩියෝව බලන්න අයියේ.

      Delete
  6. මුදා ගන්නට දෙරණ - පුදා ඔබෙ දිවි කුසුම
    එදා ජයගත් සයුර - සදා සමරමු සොයුර

    ReplyDelete
  7. මේ වගේ විරුවො නොහිටින්න අපි අද එලොව...

    ReplyDelete
  8. මරණය සිහිකිර්මක් නිසා මොකුත් නොකියමි. එහෙත් යුද්දයේ අතීතය ලියා විකුනාකන අනික් බ්ලෝග කරුවන්ගේ ගණයට නොවැටෙන්න වග බලා ගනු ඇතියි අපේ ප්‍රාර්ථනාව,

    යුද්දය ගැන ලියා පොත් ගසා බ්ලොග් ලියා කෙරුමන් වන්න හදන පුද්ගලයින් ගැන ඔබට වැටහීමක් ඇති බව දනිමි.

    සිංහ රෙජිමන්ට් එකේ මේජර් ජෙනරාල් ලෙවල් එකෙන් බ්ලොග් කියවන මිනිසුන් මුලාකර රියල් රණවිරුවන් කොටින්ට ගසා පලවා හැර අල්වාගත් බංකර් මුරකරපු එකේක්, කැන්සර් සැදී විඳවා මලා.

    ReplyDelete
  9. මාගේ අන්තිම පෝස්ට් එකට ඇනො කමෙන්ට් එකක් දැම්ම සියුරෙකු හට මා දුන්පිළිතුර මෙහි එල්ලන්නම්! එය මෙසේ ය!~ මේවන විට පවති යුද්ධය විවේචනය කිරීම සුඛෝපභෝගී කට යුත්තක් වී ඇත. එය හරියටම ගැල පෙන්නේ ආගම් විවේචනයටය.යුද්ධය නොපැවතී ගැටළුව මේ ආකාරයෙන් හෝ විසඳේ නම් අපද කැමතිය. එහෙත් ප්රභාකරණ් නමැති ඵා පොදු සාධකය ගිය වැල්වෙට්ටිතුරේ ඉස් කොලේ "සා ම ය" කියන වචනය කියාදෙන දවසේ ඔහුට කම්ඹුල්ගාය හැදී සතියක්ම ඉස්කෝලේ යන්නට බැරිවී ඇත. ඔබ කියෙව්වාද තමලිණීගේ පොත. එහි තිබෙනවා ඔහුට සාමය කියන දේට තිබුනු උනන්දුව කෙතරම්දැයි කියා! පොකුරු බෝම්බ තබා ටොනික් ඩප්පියක් හෝ වෙනකෙකු නසන්නට භාවිතා කිරීම අප හෙලා දකින්නෙමු. ඔය විදියට පිටකොටුව බෝම්බය, මහබැංකු බෝම්බය, දෙහිවල දුම් රිය බෝම්බය ගැන ඔබේ අදහසත් ලියාතබන්න මෙහිම. ත්රස්ථවාදීන් හට ත්රස්ථවාදී ක්රියා කරණ්නට හැකිවූ පමණින් ජනතා ඡන්දයෙන් පත්වූ ගරු කටයුතු රජයකට එලෙස කල හැකිද? මේ ඊට බොහෝ දෙනා අසන පැනයකි. ඔවුනට කියන්න තියෙන්නේ ප්රශ්නය තමා කරා එනතුරු පිළිතුර දාර්ශණිකය කියන ප්රසිද්ධ ප්රකාශයය. ඕනෑම ප්රශ්නයක් කිසිවෙකු හෝ කුමණ ආකාරයකින් හෝ විසඳූ පසු එහි අඩු පාඩු කියන්නට මමද සැබෑ දක්ශයෙක්මි. එහෙත් ඊට විකල්ප විසඳුමක් විමසුවේ නම් ඊට දෙන්නට පිළිතුරක්ද නැත්තේමය. මමද දත් ගැලවීමට එකහෙලා විරුද්ධ අයෙක්මි. ඒ දත් කක්කුම එන තෙක්ය! ඔබගේ මතයට මා ඉඩ තබමි. ලියන්න.
    අවසාන වශයෙන් මා ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙමි මෙන්න මේ පැනයට.
    "ඇත්තටම මොකද්ද කරණ්න තිබුනේ යුද්ධය වෙනුවට . . . . ?"

    ReplyDelete
  10. No tears - no roses When sailors die !

    ReplyDelete
  11. වැඩර්ලා ළඟ 'පෙණ' නැත

    Myself Hattor

    ReplyDelete
  12. බොහොම සංවේදී හැඟිම් දනවන පොස්ටුවක්.

    ReplyDelete