Wednesday 30 March 2016

නොකී කතා ගේ කොක්ක, නොකී කතා ගේ ආගමනය සමඟ බ්ලොග් සම්මාන උළෙලේ නොකී කතා.

star of the function
අඩුපාඩු කම් මෙන්ම පොසිටිව් ලක්ෂණ ද බොහොමයක් සමඟ නෙලුම්යාය බ්ලොග් සංසදය මගින් සංවිධානය කල දෙවන බ්ලොග් සම්මාන උළෙල මාර්තු 26 වෙනිදා දවල් කිරුළපන  ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඔඩිටෝරියම් එකෙන් ඇරඹී 27 හිමිදිරිය උදා වීමට පය දෙක තුනකට මත්තෙන් දෙහිවල ආනන්දගේ වාඩියේ දී අවසන් උනා..

සමස්තයක් විදියට ගත්තම පළමු උත්සාහයට වඩා සැහෙන්න ඉදිරියෙන් හිටපු එක ගැන අවංකවම සතුටුයි.

උත්සවශ්‍රිය කිරුළපන සිට දෙහිවලට සිය රථයෙන් කැඳවාගෙන යන ගමන් මෙන්ම පසුදින පලකල පෝස්ට් එකෙනුත් 'පැරා' කියූ පරිදි; මීටින් මිටි ගණන් තියා සිය ගණනක් මිනිසුන් වෙහෙසවා දහසින් බැඳී පියලි දහස් ගණන් විසි කරලත් අවසානයේ හරයක් නැති මාධ්‍ය සංදර්ශන විතරක් තියන වෙනත් උත්සව වලට සාපේක්ෂව බ්ලොග් වල අනන්‍යතාවය පරිදිම සයිබරයේ සංවිධානය වී මහපොළොවේ යථාර්තයක් කරගත් මේ උත්සවයේ සංවිධාන කටයුතු සිදුකල ආකාරය විශේෂයි..

උත්සවයේ වගකීම් භාර දීලා තිබුනේ එක එක්කෙනාට.. සමහරු බ්ලොග් වලට සම්භන්ද නෑ.. සමහරු කතා කරන්නේ නෑ.. (ඊමේල් වල) .. සමහරුන්ට තේරෙන්නේ නෑ. සමහරු වගකීම් අරගෙන කරන්නේ නෑ.. සමහරුන්ට ඇත්තටම වැඩක් කරන්න තේරෙන්නේ නෑ. පුළුවන් උන්ට වෙලාවක් නෑ.. ගැටළු ගොඩක්.. අජිත් එංගලන්තේ ඉඳලා ආවේ 19. එනකොට මම කොළඹ හිටියේ නෑ. මුල්ම වතාව අජිත් මම සහ ඉවාන් එකට හමු උනේ 23 රෑ.. ඇත්තටම 24/ 25 දවස් දෙකේ තමයි මේ වැඩේ මහපොළොවේ සංවිධානය කරන වැඩේට තිබ්බේ.. හුස්ම ගන්නවත් විවේකයක් නැති උනේ එහෙමයි.

මම මුලින් මේකේ විනිශ්චය කටයුතු කරන්න පමණයි පොරොන්දු උනේ. මොකද බස්සිගේ පෝස්ට් එකේ අටමා කියලා තිබුනා වගේ දවස් ගානේ බ්ලොග් කියවන්නේ නැතුව බ්ලොග් තෝරනවා කියනඑක ප්‍රයෝගික නැති වැඩක්. එහෙම උනොත් සම්මාන දෙන්න වෙන්නේ 'හොඳම' නෙවෙයි 'වාසනාවන්තම' බ්ලොග් වලට තමයි.. පටන් ගත්තට වැඩේ ලේසි උනේ නෑ. මගේ බ්ලොග් රෝලේ, අටමගේ, විචාරක තුමාගේ, හැලප අයියගේ, රාජගේ ආදී විවිද බ්ලොග් රෝල් වලත් මුලින් මතලන්ගේ සින්ඩිය, අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය හා අඹ ගහයට සින්ඩි තුනෙත් පසුව අටමාගේ  හා කුරුටු සින්ඩි වලත් පළවුණු පොස්ට් හැකි පමණ කියවලා නිතරම අදාල කැටගරි වල ඉහලින්ම තිබුණු පෝස්ට් 5-7ක් අතර ප්‍රමාණයක් එකකින් එකක් රීප්ලේස් කර කර එක්සෙල් ෂීට් එහෙක මාක් කරගෙන තියා ගන්න උනා.. කොළඹ ඉන්න දවස්වලට රෑ දෙක තුන වෙනකම් බ්ලොග් කියෝනවා. ගෙදර ගියාම කලින් නිදාගෙන පාන්දර තුනට විතර නැගිටලා බ්ලොග් කියෝනවා.. සෙල්ලම් නෑ ඒ වැඩේ.

විනිශ්චය මණ්ඩලේ කටයුතු කරන නිසා මම, අටම්, අජිත් හා  නාලක ගුනවර්දන අපේ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශයෙන් ඉවත් කර ගත්තා. මේ සාකච්චාවට නිතරම එකතු උනු නිසා හා බ්ලොග් වල වැඩට සක්‍රියව දායක උනු නිසා මාතලන් තමන්ව නිර්දේශ නොකරන ලෙස ඉල්ලා සිටියා ඒක විනිශ්චය මණ්ඩලය පිළිගත්තා. විනිශ්චය මණ්ඩලයේ අනිත් සාමාජිකයින් හෙළි නොකර සිටීමට තීරණයක් ගත නිසා එය සඳහන් කරන්න බෑ. අතරමගදී අටමා විනිශ්චය මණ්ඩලයෙන් අයින් උනා අජියත් එක්ක වෙන ගේමක් ඇදගෙන.. හැබැයි ඌ පුළුවන් හැම වෙලාවේම මට උපදෙස් දුන්න කතා කර කර.. ඒ වගේම අලුත් බ්ලොග් ගැන හොඳ බ්ලොග් පොස්ට් ගැන ඔන් ද ස්පෝට් ඔත්තු දුන්නා. 2015 පටන් අරං නැගලා ගිය බ්ලොග් අඩවි කීපයකම පිටිපස්සේ අටමා ඉන්නවා.. ඒ සම්භන්දව මගේ රෙස්පෙක්ට් එක  එකෙන්ම..

තිලකසිත, දේශකයා, ඉයන් සහ සොඳුරුසිත රචකයින් තම නිර්මාණ සම්මාන සඳහා නිර්දේශ නොකර සිටින ලෙස මුලින්ම ඉල්ලා සිටියා..

අටමා අයින් උන එකෙන් ලොකුම පාඩුව උනේ මට.. මොකද මගේ මතය විනිශ්චය මණ්ඩලයේ නියෝජනය කරන්න ලඟින්ම හිටියේ අටම්. විනිශ්චය මණ්ඩලයේ බ්ලොග් කියවන්න වෙලාවක් නැති ය ඉන්න එක ගැන මුලින්ම ලෙඩේ ඇද්දේ මම සහ අටම්. නමුත් ඔවුන් හැකි සෑම විටම බ්ලොග් කියවන බව අජිත් පුන පුනා කියුවා. කියුවා වගේම අවසානයේ ඔවුන් හැමෝම තමන්ගේ නිර්දේශ එව්වා..

අජිත් එක වැරද්දක් කළා. ඒක තමයි නිර්දේශ වෙන වෙන ලිපිය එයාගේ බ්ලොග් එකේ ප්‍රසිද්ද කිරීම. ඇත්තටම අපි බලාපොරත්තු උනේ අවසන් නිර්දේශ ඒ කියන්නේ සම්මාන තුනක් දෙන කැටගරි වලට උපරිම නිර්දේශ 5ක් පමණක් වශයෙන් තෝරාගත් පසු පමණක් ඒවා ප්‍රසිද්ද කරන්න. නමුත් අජිත් සමහර කැටගරි වලට නිර්දේශිත නම් දහය දොළහා එයාගේ බ්ලොග් එකේ දැම්මා. මේක නිසා මට සිද්ද උනා සම්මාන උළෙලට සතියක් තියලා වෙනම පොස්ටුවකින් අවසන් නිර්දේශ කියලා යලි ඉදිරිපත් කරන්න.

මෙතැනදී පලවෙනි කොක්ක වැටුනේ 'නොකී කතා' ගෙන්. නමුත් කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඔහු ඉතා ඉහල මහත්මා ගුණයක් පෙන්නුම් කරමින් එයට ප්‍රතිචාර දක්වලා එපමණකින් නොනැවතී සම්මාන උළෙලට සහභාගී වීමට තරම් නිහතමානී උනා. එයට උපරිම රෙස්පෙක්ට් එක. ඒ වගේම පුංචි කොක්කක් විචාරක තුමාගෙනුත් වැටුනත් මම හිතන්නේ කරුණු පැහැදිලි කිරීමටත් ප්‍රථම ඔහු තත්වය තේරුම් ගත්තා. එලෙසම ඉතා ව්‍යාකුල තත්වයක හිඳිමින් පවා මේ අවස්ථාවට සහභාගී වී ඔහුගේ මහත්මා ගතිය පිළිබිඹු කිරීම ගැනත් මගේ උපරිම රෙස්පෙක්ක්ට් එක.

අවසන් නිර්දේශ අතරින් සම්මාන සඳහා තෝරද්දී අපි තවත් පුංචි නිර්ණායක ටිකක් යොදා ගත්තා. ඒ විනිශ්චය මණ්ඩලයෙන් ලකුණු ලබාදී තිබුණු ප්‍රමාණයට අමතරවයි. සම්මාන උළෙලට සහභාගී වීමේ හැකියාවට ලකුණක් ලැබුනා. වෙනත් සම්මානයකට නිර්දේශ වී ඇත්නම් ලකුණක් අඩුවුණා.. නෙලුම්යාය සමඟ බ්ලොග් ප්‍රවර්දනයට සක්‍රියව දායකවී කටයුතු කල අයට අමතර ලකුණක් ලැබුනා. තනිවම පවත්වාගෙන බ්ලොග් වලට සාපේක්ෂව හවුල් බ්ලොග් වලට ලකුණක් අඩු වුනා. මෙයාකාරයෙන් බ්ලොග් එකේ විවිදත්වය, පාඨක ප්‍රතිචාර හා කොමෙන්ට්ස්, අදාළ වසර තුල ඒ ඒ කැටගරියට සාපේක්ෂව ලියවුනු පොස්ට් ප්‍රමාණය ආදී දේ ගැන සැලකිලිමත් උනා. ඔහොම තමයි තේරුවේ.. මොකද මේ ඔක්කොම නිර්මාණ ගොඩක් හොඳයි. වෙනස් වෙන්නේ බොහොම සුළු සුළු කාරනා මත. ඉතින් අවසන් වටයට තේරුණු අය අතරින් කාට සම්මානය ගියත් එහි ලොකු වෙනසක් වෙන්නේ නැති තරම්. මේවා කියන්න ඕනේ නැති උනත් නොකියා ඉන්න තරම් බය වෙන්න ඕනත් නැති නිසා තමයි කියන්නේ..

ලොකුම අමාරුව ආවේ මේ අවසන් නිර්දේශ අදාල බ්ලොග් කරුවන්ට දැනුම් දෙන්න ගිහිං.. මොකද නිර්දේශිත සියලු දෙනාවම දැනුවත් කිරීමට කටයුතු කලත් සමහරු කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු නිසා. සමහර බ්ලොග් කරුවන්ගේ 'ඝනකම' හොඳටම බලා ගන්න පුළුවන් උනේ මෙතැනදී. අපරාදේ කියන්න බෑ නිර්දේශිත නම් අතර තිබුණු බොහෝ ජේෂ්ඨයින් තම නම් දුටු විටම වගේ මට කතා කර ස්තුතිය පලකලා. සමහරුන් පුද්ගලික හේතු නිසා තම බ්ලොග් ලිපි සම්මානයට පාත්‍ර නොකරන ලෙස ඉල්ලා සිටියා.

හැලප කඩේ, සඳ වියමන් හා දමිත් කේතක එසේ පුද්ගලික හේතු නිසා ඉවත් කරගත් අය.

සුදීක ගේ විද්‍යා හා තාක්ෂණ සම්භන්ද ලිපිය වෙනත් ලිපයක පරිවර්තනයක් බැවින් සම්මාන සඳහා තෝරා නොගන්නා ලෙස ඉල්ලා සිටියා. ඔහුගේ අවංක භාවය පිලිබඳ විශේෂ උපහාරය!

ඉවාන් හා කටුසු හදවත ගේ ලිපි සම්මාන සඳහා මුල් වටයේ හා අවසන් වටයටද තේරුණු නමුත් ඔවුන් සංවිධාන කටයුතු වලට දැක්වූ විශාල දායකත්වය නිසා ඔවුන්ගේ නම්ද සම්මාන ලැයිස්තුවෙන් ඉවත් කර තැබීමට මා හැකිතරම් කටයුතු කල අතර අජිත් එයට විරෝධය දැක්වුවත් ඉවාන් හා කටුස්සා දෙදෙනාම කැමැත්තෙන් තරඟයෙන් ඉවත් උනා වැඩි විනිවිද භාවයක් උදෙසා. ඔවුන් දෙදෙනාටම ඒ පිළිබඳව උපහාරය!

එසේ තරඟයෙන් ඉවත් නොවුණු අනෙත් හැමෝම සම්මාන උළෙලට සහභාගී වේවි හෝ නියෝජිතයෙකු සම්භන්ද කරාවී යයි සංවිධායක මණ්ඩලය විදියට අපි බලාපොරොත්තු උනා. නමුත්...???

මෙහිදී සාධාරණ හේතුන් මත හා රටින් පිට ජීවත්වීම කියන හේතු මත සොඳුරු සුව අසපුව, පින්ච් පොයින්ට්, ඉකොනොමැට්ටා, දුමිගේ කට කහන කතා, නිලූක කදුරුගමුව හා හෙන්රි ද බ්ලොග්වෝකර් (ඩුඩ්) සම්මාන උළෙලට සුභ පතා සහභාගී වීමට හෝ වෙනත් අයෙකු ඒ වෙනුවෙන් සහභාගී කරවීමට නොහැකි බව සඳහන් කර පණිවුඩ එවා තිබුණා.

ඒ අතර එම හේතුව මතම සහභාගී නොවීමට සිදුවන රවී (නිදහස් සිතුවිලි), කවිඳු ජයසිංහ (සොඳුරු අතීතයෙන් බිඳක්) හා MPP ගුණසිංහ (දෙයියන්ගේ රටේ) සම්මාන උළෙලට සුභ පතා පණිවුඩ එවමින් ලංකාවේ සිටින ඔවුන්ගේ නියෝජිතයෙකු මේ සඳහා සහභාගී කරවීමට කටයුතු කලා. ඔවුන්ගේ කැපවීමට ස්තුතියි!
 කවිඳු ජයසිංහ වෙනුවෙන්..
රවී වීරසිංහ වෙනුවෙන් 
(ගුණසිංහ මහතාගේ පුතාගේ ඡයරුපයක් තවම හමු උනේ නෑ)
ලංකාවේ ඉන්න අයගෙන් ලෝකයේ කොනක (සිදු), නුවර කුමාරි හා ඉන්ද්‍රනාත තේනුවර සහභාගී වීම අවිනිශ්චිත නිසා තමන් වෙනුවෙන් නියෝජිතයින් එවීමට උත්සාහ ගන්නා බව පැවසුවද නුවර කුමාරි වෙනුවෙන් මිස වෙන අයෙකු පැමිණ සිටියේ නෑ.

ලොකුම ගැටලුව ආවේ හයිකු/ කෙටි කවි අංශය සඳහා. එහි සම්මාන ලාභීන්ගෙන් ප්‍රතිචාර නොමැති තැන දන්නා අඳුනන අය ලවා දුරකථන ඇමතුම් දී පවා විමසා සිටියදීත් ඔවුන් කිසිවෙකු යහපත් ප්‍රතිචාර දැක්වුයේ නෑ. අවසානයේ ඒ සම්මාන කසල ගොඩට විසිකර දැමීමට අපි තීරණය කලා. අඩුම වශයෙන් එහිදී හෝ ඒ සම්මාන සඳහා අපි වූ වෙහෙසට යම් ප්‍රතිලාභයක් ලැබේවි පොළොවට පස් විමෙන්වත්.

එයිටාමතරව, එදින සියලු කැප කිරීම් කරමින් ප්‍රශ්න ගැටළු කෝටියක් මැද අපේ මහන්සියට වටිනාකමක් එකතු කිරීමට ඒ ස්ථානයට එකතුවුණු සම්මාන ලද නොලද සැමට ගෞරවනීය ප්‍රණාමය! එය ඔබ විසින් නෙලුම්යායට පෙරලා ලබා දුන් මහඟුතම සම්මානයයි! ඔබ නිසා මේ සම්මාන උළෙල ලබන වසරේදීත් පැවැත්වීමට අපිට ලොකු ධෛර්යක් ආවා..

නොයෙක් හේතු නිසා එදින සම්මාන, සමරු හා සහතික පත් ලබා ගැනීමට නොහැකි වූ ඔබගේ සම්මාන, සමරු හා සහතික (පමණක්) මා ළඟ සුරැකිව තිබෙනවා. ඒවා එකතු කර ගැනීමට හැකි අයුරකින් මා අමතන්න.

සම්මාන ගැන කතා ඉවරයි. සංවිධාන කටයුතු ගැන කියනවනම් මුලින් කියුවා වගේ ඊ මේල් වලින් සාකච්චා කරලා දවස් දෙකක් ඇතුලත තමයි මේක කරේ. මුලින්ම මරු පහර වැදුනේ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන්. අපි යොදා ගත් මාර්තු 26 දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ සියලු දෙනා හා මිඩියා ආයතන සියල්ලම සහභාගී වෙන දැවැන්ත වැඩසටහනක් යාපනයේදී ලෑස්ති කරගෙන. ඒක නිසා කරූ පරණවිතාන නියෝජ්‍ය ඇමති තුමාට මීට සහභාගී වීමට නොහැකි උනා. ඒ සමඟ මාධ්‍යයෙන් ලැබෙන්න තිබුණු සහයෝගයත් නැත්තටම නැතුව ගියා කියුවොත් නිවැරදියි. ගිය පාර මාධ්‍ය වදයක් උනත් මේ පාර මාධ්‍ය වලින් සහයෝගය ලැබුණානම් හොඳයි යන මතයේ තමයි 'දැන්' ගොඩක් දෙනෙක් ඉන්නේ.. මම නම් එදා ඉඳන්ම හිතුවේ එහෙම. ඒත් යමක් කරගන්න බැරිම වෙන ගානට ඇවිත් තමයි අපි හිර උනේ..

තව චෝදනාවක් ටොයියයි බයියයි නාට්‍යය.. ඒක අපි කලින් බලපු දැකපු එකඟ වෙච්චි එකක් නෙවෙයි. රවීගේ පුවක් එශැණින් ඉදිරිපත් කරන්න භාර දීලා තිබුනත් එතනට ඇවිත් අසංග සායක්කාර ද මොකාද එකා කියපි ඒක කරන්න ඕනි විදියක් මොකුත් එයාට කියුවේ නැති නිසා ඒක කරන්න බෑ. කියලා. ඒ වෙලාවේ හැටියට අයිටම් අඩු කරන්නත් බෑ මොකද කරූ ජයසුරිය මහත්තයා එනවා කියුවේ 4.45- 5.30 අතරේ.. ඒ වේලාව ගැප් එක පුරවන්න ඕනි නිසා එයාගේ විනාඩි 15ක පුරුදු වෙච්චි නාට්ටියක් එවලේ පෙන්නන්න එකඟ වුනා. (මට පෙන්නේ ඒක උගේ ගැටයක්ද කොහෙද) අන්තිමට ගොන් ආතල් ටිකක් දීලා උන් දෙන්නා වටිනා විනාඩි 15ක් විතර කෑවා.
වේදිකාව උඩ &*&^%$#%@#
මුලින්ම දිලිනිට (දිලාගේ ලෝකය) ස්තුති කරන්න ඕනි කවදාවත් නොකරපු වැඩක් කරන්න බාර ගත්තට. ඒත් සයිටේෂන් කියවනවා වගේ 'බර' වැඩකට දිලාගේ හඬ පුංචි වැඩියි. කවුද ඉතින් දන්නේ එවෙලෙනේ අපිටත් අහන්න ලැබුනේ. එකක් දෙකක් වැරදෙනකොට කෙල්ල තවත් පැනික් උනා. අන්තිම සයිටේෂන් ටික ඉවාන් කියවනකොට ඒ දෙකේ වෙනස පැහැදිලිව පෙනුණා. කොහොමින් කොහොම හරි ඕඩියන්ස් එකේ වැඩිම අවධානයක් තියෙන වෙලාවේ අපේ තීරණ වලට හේතු පාඨ කියවලා සාධාරණිකරණය කර ගන්න තිබ්බ ගෝල්ඩන් ඔපචුනිටි එකක් එතනින් අහිමි උනා.
දිලිනි උපරිම උත්සහා දරමින්
ගොඩක් දෙනෙක් නොදන්නවා උනාට සම්මාන දෙන එකෙත් ලොකු අවුල් කීපයක්ම තිබුනා. ලොකුම වැරැද්ද උනේ 'විශේෂ සම්මාන' දෙක ලාභීන්ට. එවලේ දුන්නේ ඔවුන්ට ලැබිය යුතු නිවැරදි සම්මාන දෙක නොවෙයි. ඒ වෙනුවෙන් වැරදියට හදලා එවපු සම්මාන දෙකක්.. බොහොම වැදගත් මහත්වරු දේපලක් වන ඔවුන් දෙදෙනාටම ඒ අවස්ථාවේ කරුණු වටහා දී එය සමතයකට පත් කරගෙන අද වෙන විට එය නිවැරදි කර තිබෙනෙවා. සම්මාන වේදිකාවට ගෙනාවේ උත්සවය පටන් ගත්තාටත් පසුව. ඒ නිසා මට අනෙක් සියලු වැඩ පසෙකලා 'විභීෂණ' කියුවා වගේ වේදිකාව උඩටම වෙලා සම්මානත් එක්ක චෙස් අදින්න උනා.. ඒ ටික පිළිවෙලටම හදා ගත්තේ නැත්නම් ලෝක ලෙඩක් වෙනවා. සම්මාන ටික පිළිවෙලට අහුරලා ඉවර වෙනකොටම මෙන්න සම්මාන දෙන්න මාතලන්  වේදිකාවට නැගලා. නැත්නම් කළු වලහැඩියෙක් වගේ මම ඔය සම්මාන දෙන මැද්දට පනින්නේ නැතුව ලස්සන චුටි ගෑනු දරුවෝ දෙන්නෙක් එතනට එක්ක ඇවිත් වැඩේ භාර දෙන්න. කුරුටු හාමිනේලාව තමයි ඒ වැඩේට යොදවන්න මම හිතන් උන්නේ. ඒත් කොහෙද.. අඩුම තරමින් උන්ට කියන්නවත් යන්න වෙලාවක් තිබ්බේ නෑ.
සම්මානත් සමඟ චෙස් ඇදීම 
ඉන්දික සිංහයා කොහේදෝ කියලා තිබ්බා වගේ 'ලංකාවේ කොට අදින අලි හැමතැනම කරන වැරද්දක්' මාත් කරා.. ඒ තැනට සුදුසු විදියට ඇඳගෙන නොයෑම. ඇත්තටම එදා දවල් එකොළහ වෙනකනුත් මම ඇඳගෙන යන්නේ මොකක්ද කියල මට හිතන්න වෙලාවක් තිබ්බේ නෑ. ඇඳුමක් සපත්තු දෙකක් ගන්න තමයි හිටියේ. අන්තිමට එකොළහට විතර අටමා එක්ක වෙන වැඩකට ලිබර්ටි ප්ලාසා එකට ගිය වෙලේ යන්තම් ඇගේ ගානට හරියන්න හම්බුනු කළු ෂර්ට් එක ගත්තා.. සපත්තු දෙකක් ගන්න හැදුවත් Bata හරි නෑ ලිබර්ටි එකේ ගණං කියලා අටමා ගන්න දුන්නෙම නෑ.. ආයි වෙලාවකුත් නෑ ඒ පාර කාමරේට දුවලා ගිහින් ඩෙනිමක් එක්ක ඒ ෂර්ට් එක ඇඳලා සැන්ඩ්ල් දෙකක් දා ගෙන දිව්වා. මම හිතාගෙන හිටියේ වේදිකාවෙන් ඈත් වෙලා කැමා වෙලා ඉන්න රෑ වෙනකම්. ඒ අස්සේ තමයි සම්මාන සංගෙදිය පහත උනේ.. හේතු කියලා වැඩක් නෑ. මම වැරදියි.

අනිත් පොඩි පොඩි අඩුපාඩුනම් නොගිනිය හැකි තරම් වගේ. ඉවාන් පට්ට ගේමක් දුන්නා වැඩේ පිළිවෙලට අදින්න. මෙන්න රෙස්පෙක්ට් එක!! උගේ ඒ හැකියාව සැහෙන්න වටිනවා බ්ලොග් ලෝකෙට.
ගේම ගොඩ දාන්න දඟලන ඉවාන්
ලොකුම පොසිටිව් එක තමයි බ්ලොගා ලගේ ඇටෙන්ඩන්ස්. පරණම පරණ උන්ගේ ඉඳන් අලුත්ම අලුත් එවුන් දක්වාත් , පට්ට සීනියර් සිටිසන්ලගේ ඉඳන් ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ දක්වාත් ආදී එකී මෙකි නොකී වශයෙන් මාරම ක්‍රොස් සෙක්ෂන් එකක ක්‍රවුඩ් එකක්. මට පිස්සු වගේ එකාට එකා අඳුන්නලා දීලම.. තේ බොන්න එලියට දාලා එකාට එකා මින්ගල් වෙන්න දීපු චාන්ස් එක මාර වර්ත්. මම මුල ඉඳලම කියුවා ඒක එහෙම වෙන්න ඕනි බව. මගේ තව එක යෝජනාවක් උනේ ගෘප් එක එළියේ සෙට් කරමු කියන එක. එළියේ කතා කර කර ඉඳලා අහම්බෙන් වගේ ඇතුලට ගිය වෙලාවක ඇහුනේ උන් පට්ටම සින්දු ටිකක් ඇතුලේ පුටු වලටයි වේදිකාව ඇස කරන නාට්‍ය කණ්ඩායමේ ටික දෙනාටයි අහන ඉන්න කියුවා. ඒක අවුල් උනේ මට තේරෙන්නේ නැති සවුන්ඩ්ස් ප්‍රශ්නයක් නිසා. සවුන්ඩ්ස් වලට විතරක් බොහොම පොඩි ගානක් අරන් ඉවාන්ගේ ෆිට් එකට එක දැනුම් දීමෙන් ආපු ඒ කොල්ලෝ ටිකට මගේ රෙස්පෙක්ට් එක.
සජ්ජා හා මනා ගේ බ්ලොග් සංගීත කණ්ඩායම
ඒ ආපු ක්‍රවුඩ් එක අතර චෙෆාකි, ඉයන්, නාලක, අජිත් පැරකුම්, විචාරක, ජිවන ෆර්නැන්ඩු වගේ වයසින් හා ප්‍රොෆයිල් එකෙන් ජෙෂ්ටයොත් තිස්ස දොඩන්ගොඩ, කෞශි, සුදික, මාතලන්, ඕනයා, අටමා (නම් කියන්න ගියොත් වන වෙනවා) වගේ බ්ලොග් වල ජෙෂ්ටයනුත් අතරේ සුවිශේෂී ආගමනයන් කීපයක් මතක් කරන්නම ඕනි.

අංක එක. කසුන් හෙවත් අහසෙන් එන්න.. මේ ටික ලියනකොට මයිල් කෙලින් වෙලා උගුර හිර වෙනවා.. මල්ලි, දෛවයට පරදින්නේ නැතුව ඉන්න උඹ දෙන ගේම එක්ක මම ජිවිතේ කරලා තියෙන දේවල් මොනවද.. උඹට මගේ උපරිම බොක්ක..රෙස්පෙක්ට් එක!

ඔමායා.. ඕනිනම් පහසුවෙන්ම මඟ අරින්න පුළුවන් කම තියෙද්දී උඹ නිවාඩුව ඇජෙස් කරගෙන එහෙ ඉන්න ගමනුත් මෙහෙ ඇවිදිනුත් දවස ගානේ කතා කරලා මොනවද අයියේ වෙන්න ඕනි කියලා අහගෙන එදා එතනට ඇවිත් පෙන්නුවේ උඹේ මනුස්සකම නංගි.. උඹ දන්නවනේ 'ගරු සරු නැති' බ්ලොගාල සලකන්නේ ඒ මනුස්සකමට විතරයි. රෙස්පෙක්ට් එක එකෙන්ම!
නොකී කතා සමඟ ඇත්තටම අපූරු අපුර්වී 
නොකී කතා.. හෙන්රි වර්ණකුලසුරිය.. බ්ලොග් වලදී දැක්කත් නැතත් හෙන්රි කියන්නේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්.. හෙන්රිට සෙට් වෙන්න පුළුවන් මේ ලංකාවේ ඕනෙම ගැදරින් එකකට.. ඒකෙ දෙකක් නෑ.. නොමිනේෂන් අතර තිබිලා නම කැපුනම ඒක ගැන කෙලින්ම ප්‍රශ්න කරන්නත්, ගැටුළුව තේරුම් කරලා දුන්නම මහත්මයෙක් වගේ ඒක පිලිගන්නත් ඉන් පස්සේ කිසි වෙනසක් නැතුව අනිත් උන් සම්මාන ගන්නවා බලන්න එන්නත් ඒ අවස්ථාවේ හදිසියේ ලද ආරාධනයෙන් නොපැකිලි වේදිකාවට නැග තම සගයින්ට සම්මාන පුද දෙන්නත් සාමාන්‍ය එකෙකුට බෑ. එකට එසේ මෙසේ පෞරුෂයක් නොව මහා කොන්දක් තිබිය යුතුයි. නේවි එකේ බාසාවෙන් කියනවනම් 'Respect You, Sir!

රසික හරිශ්චන්ද්‍ර සුරියආරච්චි... මුළු සම්මාන උළෙල වෙනුවෙන්ම මන් කරපු කැපකිරීම් එක සැණින් අමතක කරවලා යටපත් කරලා සතුට ගෙනා පුද්ගලය.. මොනයම් හරි ක්ෂේත්‍රයක 'පුරෝගාමියෙක්' වෙන්න ලේසි නෑ. රසික ට කලින් මෙන්ම රසිකට වඩා බ්ලොග් ලොව ආකර්ෂණය ගත්ත චරිත නැතුවා නෙවෙයි. ඒත් ඒ අය බොහෝ විට තනියෙම බැබළුණා ඊට පස්සේ නිවිලා ගියා මිසක් සිංහල බ්ලොග් ගැන කතිකාවක් ඇති කරන්න මුල් වුනේ නා.. රසික නැත්නම් කකා කන්ට්‍රවර්ෂල් චරිතයක්. හැබැයි ඒ නිසාම ඔහු බ්ලොග් ලෝකයට එක්කල විවිදත්වය තව කෙනෙකුට කරන්න බැරි උන තරම්. ආසන්නම උදාහරණය මේක. රසික ඔබේ පැමිණීමෙන් මා කොතරම් කුඩා බ්ලොග් කරුවෙකුදැයි ඔබ මට පසක් කර දුන්නා.. මේ උපරිම රෙස්පෙක්ට් එක!!!
මගේ කුදු බව පසක් කල රසික 
අනිත් පොසිටිව්ස් අතර උඩින්ම තිබුනේ නාලක හා අජිත් එක්ක කල සාකච්චාව.. 'ගරු සරු අඩු' කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන්න පුළුවන් ලෝකයක් හදන්න බ්ලොගර්ස්ලා විදියට හා පුරවැසියන් විදියට අපිට පැවරිලා තියෙන වගකීම ගැන මට අහන්න ලැබුනේ සම්මානත් එක්ක චෙස් අදින ගමන්. වෙනත් කිසිම මාධ්‍යයක ඒ වගේ සජීවී හරබර සංවාදයක් ගොඩ නැගේවි යයි හිතන්න අමාරුයි. 'තමන්ගේ හැරමිටිය වැනීමේ සීමාව අනෙකාගේ නහය මුලින් අවසන්වේ' වගේ දරුණු ප්‍රශ්නයක් අහලා ප්‍රවීණ නාලක ගුනවර්දනයවත් මොහොතකට ගොළු කිරීම පිලිබඳ ඉවානයට මගේ බලවත් විරෝදය.. 'ආ...ඒක case by case' කියල ගොඩ එන්න නාලකට ටිකක් වෙලා ගියා කියලා තව කී දෙනෙකුට මීටර් උනාද දන්නේ නෑ.
සරල එහෙත් හරවත් නාලක හා අජිත් පැරකුම්
හොඳම එක 'තරු රසි' ප්‍රදාන චරිතය රඟපාපු ආණ්ඩුවේ රස්සාව නාට්‍යයද මංදා.. ඒ වුනාට මම මුල ඉඳලම ඕකට කොක්ක ඇද්දා වෙලාව වැඩියි කියලා.. මම කියුවේ අපි යන්නේ නාට්‍ය බලන්න නෙවෙයි වෙන වැඩකට එක නිසා එච්චර දිග නාට්‍ය දාගන්න එපා කියලා. ඒ වුනාට අජිත් එක හිතින් තරුරසිට.. වැරදුනා නාට්‍යට හිටපු නිසා අන්තිමේ ..ඔව් අන්තිමේ වැඩේ උනා.. වචන නෑ කියන්න.. ඒක නිසා මාතලන් ගෙන් හොරකම් කරගන්න වෙනවා.. වල්ලා පට්ට.. කෙල්ල බඩ වෙලා. කොල්ලාට කෙල්ලව බඳින්න විදියක් නෑ ආණ්ඩුවේ රස්සාවක් නැතුව. අන්තිමට හම්බ වෙනවා 'අළුගෝසු' තනතුර.. කෙල්ල කියනවා ඒක බාර අරගෙන කෙල්ලවයි හම්බ වෙන්න ඉන්න ලමයවයි ලඟට ගන්න කියලා. කොල්ලා කියනවා 'මිනී මරන්න බැරි නිසා' ඒ රස්සාව බාර ගන්න බෑ; ඒක නිසා දැන්ම කසාද බඳින්න බෑ,'හම්බ වෙන්න ඉන්න ලමයව මරමු' කියලා.... ඔන්න නිර්මනශීලි, ඉවාන්, බස්සි, විදානේ, පොඩිකුමාරිහාමි, දිනේෂ්, හංසි, තුෂානි වගේ ඉමක් කොනක් නැති කතා කාරයන්ට අවස්ථාව බ්ලොග් පොස්ට් එකක් හරහා මේකේ දෙවෙනි කොටස ලියන්න..

ඒ වගේම ආෆ්ටර් ඉවෙන්ට් එකත් පට්ටම සුපිරි..

එතනට ආපු කරු ජයසුරිය මහතාට හා එන්න බැරි උන කරු පරණවිතාන මහතාටත් ස්තුති කරන්නම ඕනි. විශේෂයෙන්ම කරු ජයසුරිය මහතාගේ බ්ලොග් සම්භන්ද දැනුම වැඩි දියුනුවී තිබීමත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනි.
හිරු පෑයුවා වගේ කරූ ආපු එක
තව පොටෝ කෑලි ටිකක්.. අනුග්‍රහය ඇනොපිලිස් හෙවත් මුද්දාගෙන්. ඌ වේදිකාව ඉස්සරහා දනගහගෙන නියම වෘත්තීය චයරුප ශිල්පියෙක් විදියට අනෙකුත් වීඩියෝ කැමරා කරුවන්ට බාදා නොවන ලෙස දක්වපු සහයෝගය වෙනම අගේ කරන්න ඕනි. 


















තව තව තිබුණු ප්‍රශ්න හා හොඳ තැන කතා කරපල්ලා.. දැන් මේක නතර කරන්න බෑ. ඊළඟ එක මිට වඩා හොඳට කරමු.  ජය වේවා!

- කල්‍යාණ මිත්‍ර






242 comments:

  1. පිස්සු කොර නෙහ්.... දන්න කියන අය ගොඩා....යි.. ඒ අතර කකාත් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. උඹ කොහෙද බං හිටියේ පහුගිය කාලේ.. මගේ බ්ලොග් රෝලෙනුත් හලිලද මංදා.. හැබැට මොකද උනේ?

      Delete
    2. ---------------------------------------------------


      දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!


      "මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!


      ------------------------------------

      Delete
  2. සායක්කාර බොක්කෙ මිත්‍රයා නිසා මොනවත් නොකියත් බෑ.. කියලත් බෑ...
    සාය කියන්නෙ පිස්සු හැදෙන වැඩකාරයෙක්.. මටම පුදුමයි මේ නාට්‍යය සාය ලිව්වෙ ඇයි කියලා.. මේ වගේ වෙලාවකට...
    සායට අපේ කටවල් අරින්න පුළුවන්.. ජීවිිතය ලස්සනයි, අපි අපි වගේ, සිහින පුරය, කුටු කුටු මාම වගේ නාට්‍යය ලිව්වේ සායක්කාර...
    ඒ වගේම අතිවිශිෂ්ඨ සංඝදාසගේ චූටි කලිසම ලීවෙත් සායක්කාර...
    පහුගිය දවසක මාත් එක්ක කතාකරපු ගිහාන් (ප්‍රනාන්දු ) අයියා කීවේ සායගෙ වැඩකට යන්න අපි හැමෝම කැමතියි කියලා...
    ඒත් ටොයියයි බයියයි වැඩේට නම් කැමති නෑ,..
    සායක්කාර පරයෙක්මත් නෙවෙයි..
    අපට ඔහු සංඝදාසගේ චූටි කලිසම සම්පූර්ණයෙන්ම නොමිලේ දුන්නේ අපේ සංගමයේ සහෝදරයෙක්ගේ තාත්තා කෙනෙක්ගෙ අසනීපයකට මුදල් උපයන්න නාට්‍ය දර්ශනයක් පෙන්නන්න ප්ලෑන් කරපු නිසා

    ReplyDelete
    Replies
    1. අසංක සායක්කාර දක්ශ ලේඛකයෙක්, නාට්‍යකරුවෙක්. මටත් හිතාගන්න බැහැ ඔහුගෙන් මෙවැනි බහුභූතයක් එලියට ආවේ කොහොමද කියලා. ඇදලා ගත්තා, දමලා ගැහුවා, මලක් පිපුනා, මල පරවුනා වගේ වැඩ මේ වගේ උත්සව වලට කොතරම් ගැලපෙනවද කියලා අසංකට හිතුනේ නැත්තේ ඇයි? අසංකත් අනිත් බොහොමයක් අය වගේ මේ තුප්පහි බාල සොමියට අනුගත වෙමින් පවතිනවාද? කලා ක්ෂේත්‍රයේ උදවිය දැනුවත්ව ඇදවැටෙමින් පවතින ආගාධයට වගකියන්න ඕන ඔවුන්මයි. ප්‍රේක්ශකයා අනාථයි. මේ තත්වයට පත්වෙච්ච ප්‍රභල ශිල්පීන් හැන්දෑවට හැන්දෑවට ටීවි චැනල්වල රෙද්ද අස්සෙන් බලා ගත්ත හැකි.

      "නාටක මාරයි...බල්ලෝ වමාරයි"
      Aru

      Delete
    2. මචං උඩුවා.. කේන්තියට කියවුනේ.. ඒක අයින් කරන්නම්. මම බලාපොරොත්තු උනෙත් නෑ උගෙන් එහෙම එකක්.. හැබැයි උගේ ඇටිටියුඩ් එකේ පැහැදිලි ප්‍රශ්නයක් තිබුණා. මිනිහෙකුට වැඩක් බාර දෙන්නේ විශ්වසෙකින්.. ඒකෙ ගැටළුවක් තියෙනවනම් කලින් කතා කරලා විය යුත්තේ මොකක්ද කියලා clarify කර ගන්න එක උගේ වැඩක්. උඹ කියන්නේ අර අනිත් නාට්ටිය කරපු උන් මට දුන්න වදයක්? ඒ කියන්නේ උන් ඒක බැහැල කරා. මූ අන්තිම මොහෙතේ ඇවිත් ඒක කරන්න බෑ මේක තමයි කරන්නේ කියනකම් අපි කවුරුත් දන්නේ නෑ.. මේ මගුල ඌ අනිවා කලින් ප්ලෑන් කරපු එකක්. නළුවෝ ඩබලත් කලින්ම ඇවිල්ලා හිටියේ..

      අරූ අයියා.. දෙයියෝ දැක්කා වගේ.. මටත් දුක අපි කොහෙද යන්නේ කියන එක ගැන.

      Delete
    3. අපරාදේ...
      මං සාය එක්ක කතා කරන්නම්

      Delete
    4. සාය ගලවලා කතාකරහන් මචෝ.

      Delete
  3. මේවගේ දෙයක් කරන්න මුදල් කොහොමද කොහෙන්ද කවුද දුන්නේ කියලා අයවැය ලේකනයක් ඔබට ඉදිරි පත් කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඇනෝ උඹ ඔය ගෙවන්නද අහන්නේ ???

      ධර්මපාල තුමාගෙනුත් අය වැය ඉල්ලපු රටක් මේක.

      Delete
    2. Ngo සල්ලි! දැං සතුටුයිද ඔබට

      Delete
    3. ඇයි උඹ වගේ හිගන්නෙක් කියලා හිතුනද ? ඕනනම් පවුම් වලින් හරි ඩොලර් වලින් හරි දෙකෙන්ම දෙන්න පුළුවන් හරි විදිහට අවොත් ඇහුවේ කමියාගෙන්
      අනුන්ට කඩේ යන්නේ නැතිව පැත්තකට වලා හිටන් උඹට ඕනෙනම් ධර්මපාල තුමාගෙ පරම්මපාවෙන් ඇට ඉල්ලගනින්

      Delete
    4. Anonymous30 March 2016 at 15:53

      බ්ලොග් සම්මාන උළෙලේදී කවුරුවත් සල්ලි ගැන ඇහුවෙවත් අයවැය ඉල්ලුවේවත් නෑ. හැමෝම පුළු පුළුවන් විදියට උදව් කලා මිසක්. මට හමුවෙලා තියෙන බ්ලොගා ලාගෙන් එකෙක් දෙන්නෙක් ඇරෙන්න සල්ලි මායිම් කරන්නේ නෑ කොහොමවත්. මේ වගේ සම්මාන උළෙලක් තනි වියදමෙන් කරන්න පුළුවන් මට්ටමේ සල්ලි කාරයෝ වගේම සම්මාන උළෙලට ඒ ගන්න බස් වියදම හොයා ගන්නත් අමාරු උන් දෙගොල්ලම අපි අතර ඉන්නවා.. උන් දෙගොල්ලම එකට කාලා බිලා කරට අත දාගෙන ඉන්නවා වෙනසක් නැතුව. සල්ලි ඉස්සරහට දාගත්තනම් ඒක එහෙම වෙන්නේ නෑ. ඒක නිසා සල්ලි ගැන කතා නොකරනවානම් කැමතියි. ඔබට අවශ්‍යනම් අජිත් කලින් දාපු පොස්ට් වල මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ කවුදැයි බලා ගතහැකි.

      Delete
    5. // ඕනනම් පවුම් වලින් හරි ඩොලර් වලින් හරි දෙකෙන්ම දෙන්න පුළුවන් හරි විදිහට අවොත් //

      ෂාහ්.. සල්ලිකාර ඇනෝ කෙනෙක්.. මම කඩේ යන්නෙ කාටද කියන එක මමයි තීරණය කරන්නේ.. උඹ නෙමේ...කමියා වගේ එකෙක්ට කඩේ ගියාට කොහෙත්ම අවුලක් නෑ...

      ඔච්චර සල්ලි තියන එකේ කලින්ම ඉදිරිපත් වෙලා, සල්ලි වියදම් කරලා ඉවර වෙලා අය-වැය ඉල්ලුවානම් තමා ලස්සන....

      Delete
    6. ඇනෝ,
      සල්ලි ගැන ප්‍රශ්න කරන්න අයිතිය තියෙන්න(මේවගේ වෙලාවක)
      1.ප්‍රසිද්ධියේ (උදාහරණයක් විදියට බ්ලොග් අවකාශයයෙන්) මුදල් ඉල්ලා එකතුකල විටෙක,

      2.තමුන් සල්ලි දීල තියන වෙලාවක.

      නැත්තං බෑ.

      Delete
    7. ඔච්චර සල්ලි තියන එකේ කලින්ම ඉදිරිපත් වෙන්න පුළුවන් කම තියන නිසයි තමයි ඇහුවේ උඹට ඔන්දිහාක උඹ පලයන් වටේට පුක නොදී උඹේ පුකෙන් අපිට වැඩක් නැ සෙන්නෝ .කටු කන බල්ලෝ කොහොමත් කොහෙත් එකයි

      අජිත් කලින් දාපු පොස්ට් වල ලින්ක් එකක් දැම්මනම් කාටත් බලා ගන්න කියලා වටිනවා කමි

      නැත්තං බෑ.... එකනේ කාටත් තේ.....රෙන විදිහට රාජ් විතරනේ දන්නේ අපි දන්නේ නැනේ එහෙම බැරිබව කිව්වට ටැංකිව් හොඳේ

      Delete
    8. අඩෝ ඇනෝ පකෝ, උඹ ගමේ මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකද?

      Delete
  4. ටොයියගෙ මගුල තමා මටත් එපා කරපුම එක. ඒක නැත්නම් කොච්චර හොඳ ද? පෙන්නන නාට්‍යේ ස්ක්‍රිප්ට් එකවත් ඊලඟ එකේ ඉඳන්වත් බලමු කලින්.

    ReplyDelete
    Replies
    1. දෙවෙනි නාට්‍යයේ ස්ක්‍රිප්ට් එක බැලුවා මචං. මේක මේ ඒ වෙලාවේ දීපු ගොන් ආතල් එකක් නේ..

      Delete
  5. Respect u Sir...

    මං ගැන කියල තියෙන කතාවලට දෙකක් කියන්න මං පසුව එන්නම්....

    ReplyDelete
    Replies
    1. ටොයි බයි නාට්ටිය යනකං තරුවා ඇඹරැණා කියන්නෙ ඉතිං... හි හි...

      ඒක කොච්චර ඕනවට වැඩිද කියනව නං අන්තිමට අපි දෙන්නම ෆොන් ඔබන්න පටං අරං තමයි ඒක ඉවර වෙනකං ඉවසගෙන හිටියෙ.... හි හි...

      Delete
    2. අපි දෙන්නා ඒ නාට්ටිය හරීයට රස වින්දා නේ හිරූ... ඒ වෙලාවමනෙ නුවර කුමාරි වධ දුන්නේ.. මට වමනෙට වගේ ආව එක නැවතුණා.. ඒ මැට්ටිට දෙස් දෙවොල් තියලා...

      Delete
    3. ඊළඟ සම්මාන උළෙලේදී කාන්තා බ්ලොග්කාරිනියන්ට එක ළඟ වාඩි වීමත් ෆෝන් ඇතුලට ගෙන යාමත් තහනම් කරන්න වෙනවා.. :)

      Delete
    4. ආන්න පලාන්ට පිංවතුනි මගේ වටිනාකොම....

      Delete
  6. මී ළඟ එක හොඳට කරමු. එකෙම්ම. මගෙ ෆොටෝ එකක් තියෙනවනං එවන්න. මං ෆොටෝ ජෙනික් විදිහට හිටියෙ නං නෑ. drackey@gmail.com

    ReplyDelete
    Replies
    1. මුද්දා ගේ අවධානය පිණිසයි!

      Delete
    2. ඇයි බං අර FB කවර් එකේ තියෙන්නෙ දිලිහි දිලිහි .....

      Delete
  7. ^_^ කියවද්දි දැණුනේ එදා දවසට ආයෙමත් ගිහිං එතන ඉඳං ඉන්නවා වාගෙ! :) සතුටුයි! <3

    ReplyDelete
    Replies
    1. එහෙනම් මටත් සතුටුයි හිටං :)

      Delete
  8. පපුව සංතෝසෙන් පුරෝගෙන මේක කියෙව්වේ...මමත් මුලදිම මේක දිහා බැලුවේ රබර් ඇහෙන්....හේතුව මේ වගේ දෙවල් මට කරන්න බැරි නිසා මිස වෙන කිසිම කාරනයක් නිසා නෙවෙයි....උඹලාගේ කැපවීම අපවන් ආධුනික බ්ලොග්කරුවන්ගේ ඉදිරිගමනේ ඉන්ධන බව මා දැන් දනිමි....!!!!

    ReplyDelete
    Replies
    1. නෙලුම්යායට ආපිට ලැබුණු වටිනා සම්මානයක්.. :)

      Delete
    2. ඒක නේ අයියා එදා ඉඳලා කිව්වේ ඇවිල්ලා බලන්නෙයි කියලා....

      ඔහේ පොතේ කවරේ නෙමෙයි පොතවත් නොදැක නේ ආඩපාලි කීවේ...

      ඔහේ ඇවිල්ලා කියලා දැන ගත්තාම බොහෝම සතුටු උනා....

      Delete
    3. ඒක නේ අයියා

      Delete
  9. මමත් ඔය වගේ වැඩවල අන්තිම මොහොත වෙනතුරු පැටලිලා ඉඳල අත්දැකීම් තියෙන නිසා උඹට සිද්ද වෙච්ච අකරතැබ්බය ගැන හොඳින්ම වටහා ගන්නට පුළුවනි.ඇඳුම ගැන කිව්වොත් ඒ වැඩේ කලින්ම කල්පනා කරල එවෙලෙට අඳින්න ඇඳුමක් කලින් ලෑස්ති කරගෙන ගෙනිහින් තියාගන්නයි තිබුනෙ.හමුදා නිලධාරියෙකුට මෙව්වා කියල දෙන්න අවශ්‍ය දේවල් නෙවෙයි මම හිතන්නෙ.අන්ඩඩ්‍රෙස් වගේම ඕවඩ්‍රෙස් වෙන්නත් හොඳ නෑනෙ.
    උඹට බැරිවුනේ වෙලාවක් නැති නිසා උනත් වෙලාව ඇති තරං තිබුන සමහර අයත් තැනට ගැලපෙන්නට ඇඳගෙන ඇවිත් තිබුනෙ නෑ කියල මම දැක්කා.(මේ කතාවෙන් මම කාන්තාවන්ව අදහස් කළේ නෑ)ලොකුම දේ හැම උත්සවයක්ම අවසානවන වලි මේ උත්සවයේ තිබුනෙ නැති එකයි.ඒක ලොකුම වාසනාවක්.ඒ වගේම සම්මාන ලබාදීම ගැන නෝක්කාඩු,වැරදි හෙවීම් වගේ දේවලුත් තාම අහන්න ලැබුනෙ නෑ.ඒ නිසා හොඳ උත්සවයක් සංවිධානය කළා කියල සංවිධායකයෝ සියලු දෙනාටම සතුටු වෙන්නට පුළුවනි.
    මෙකී නොකී හැම දේකින්ම අත්දැකීම් අරගෙන ලබන පාර හොඳටම කරන එකයි.

    ReplyDelete
    Replies
    1. වැරදීම අපේ ගතියක්.. සමාවදීම හැලපයියාගේ ගතියක්.. :) අනිවා ඊළඟ එක හොඳට කරනවා..

      Delete
    2. ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා හැලපේ.....

      Delete
  10. මෙහෙමයි කමී... මේක ඉතිං ඉවෙන්ට් මැනේජ්මන්ට් එකකට දිල කරපු එකක් නෙවෙයිනෙ... ඒ හින්දා පොඩි වැරදි අඩු පාඩු අනිවා තියෙන්න පුලුවන්. අනික අපිට තිබුනෙ ඇවිත් දෙන දේ අරන් යන්න විතරයි. මේ හැමදේම සංවිධානය කරල වැඩේ සෙට් කරන එක ලේසි දෙයක් නෙවෙයි. කියනව වගේ නෙවෙයි කරන්න ගියාම... මට නම් වැඩේ කිසිම ලොකූ අඩුපාඩුවක් දැක්කෙ නෑ. වැරදි අඩුපාඩු හදාගෙන ඊළඟ එක සුපිරියට කරමු.... ජය..!

    ReplyDelete
    Replies
    1. වැරදි අඩුපාඩු හදාගෙන ඊළඟ එක සුපිරියට කරමු.... +++++++

      Delete
  11. සම්මාන උත්සවේ තත්ත්වය මනින්නේ ඒකට ඇදෙන කචල් වලිං . ඇනෝලා සැට්ටෙකක් (එකෙක්ම වෙන්නත් පුලුවන්) මේ ගැන ලියපු හැමතැනකම අඬාහැපෙන හැටි පේනව නේද? ඔය අයවැය වාර්තා එහෙමත් ඉල්ලන්නේ

    ReplyDelete
    Replies
    1. සම්මාන දුන්නෙ අජිත් එක්ක රෑට චැට් කරපු උන්ට කියල ඇනෝ කෙනෙක් කියල තිබුණෙ බං...! අනේ මංද මුංට මේ ගොං කතා කවුරු හරි කියනවද නැත්නම් මූංටම හිතෙන්වද කියල....

      Delete
    2. //අඬාහැපෙන හැටි// හික් හික්.. එකෙක් සම්මාන දෙන වෙලාවට ලයිට් යන්න කියලත් දෙයියන්ගෙන් ඉල්ලුවා..

      Delete
    3. සැක් ඉතරක්... කෝ ඉතින් පයිට් එකක්වත් නැහැනේ... කිසි ගතියක් නැහැනේ... ඔක්කොමල්ල හොඳමයි කියන්නේ

      Delete
  12. මේ ලිපිය ලිවුව එකේ වටිනාකම වැඩියෙන්ම දැනෙන්නෙ සම්මාන උළෙල අහසින් කඩන් වැ‍ටුන එකක් වගේ හිතාගෙන ඉන්න අයට ( මමද ඇතුළුව )
    මම හැම තැනදිම කිවුව වගේ, මේක හරිම වටිනව.
    මේක සංවිධානය කළ හැමෝටම ස්තූතියි. කොහොම හරි ලබන අවුරුද්දෙ නම් එන්න හිතාගෙන ඉන්නවා.
    නොපැමිණීම සාධාරනීකරණය කරනවා නොවේ, ඒත් පහු ගිය අවුරුදු දෙකට මම සහභාගී නොවුණ මලගෙවල් මගුල් ගෙවල් ගණන දන්නෙ මමම විතරයි.
    කෙනෙක්ව එවන්න ක්‍රමයක් තිබුණා නම් හොඳයි, ඒත්.......... ! ප්‍රශ්න ප්‍රශ්න.... !
    ඉක්මනින් ඔබව මුණ ගැසීමට බලාපොරොත්තු වෙනව. ආයෙමත්, ස්තූත්යි !

    ReplyDelete
    Replies
    1. එන්නම ඕනි නෑ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එක බලා ගන්න. ඔබ ඒ වෙනුවෙන් කම්පා වුනු අයුරු මා දැක්කා. සහතිකය හා සමරු තිළිණය මගේ ළඟ තියෙනවා. පහසු වෙලාවක මාව අමතන්න.

      Delete
  13. කමියා,

    අවංකවම මේක කියවනකම් උඹලා මේකට කන කට්ට ගැන මට එච්චර හැඟීමක් තිබුනෙ නෑ...ගෙදර දොරේ වැඩ පාඩු කරන්, තමන්ගේ නින්ද කැප කරන්, අනුන් වෙනුවෙන් කැප වෙන්න හැමෝටම බෑ බන්.. ඒකට ලොකු පපුවක් තියෙන්න ඕනා...

    උඹ, අජිත් ඇතුළු මේ වෙනුවෙන් වෙහෙසිච්ච හැමෝටම මේන් මගේ ශීර්ෂ ප්‍රණාමය.

    ජයම වේවා !!

    ReplyDelete
    Replies
    1. උඹ ඊළඟ පාර මේ වැඩේට එන්නම ඕනි. ඊට කලින් ඕනනම් අපි ට්‍රයල් එකකට වගේ සෙට් වෙමු. :)

      Delete
    2. අනිවා අනිවා....යථා කාලයේදී තථා අයුරින් හමුවෙමු එහෙනම් :D

      ජය !!

      Delete
  14. අන්න මල්ලි වැඩ... නියමයි!....සහභාගිවෙන්ට හැකිවුනානම් කොපමණ අපූරුද? කොපමණ අපූරුද? කියල වචනයක්, වාක්‍යයක්, ඡේදයක්, පරිච්ඡේදයක් ගාන හිත අකම්පාල වුනා. ඒත් ඒ එන්ට බැරිවෙච්චි හේතුවත් අපූරු කතාවක්.හෙට අනිද්දම ඒකත් ලියන්නං.....

    මේ වැඩේ සාර්ථක කරගන්නට බොහොම වෙහෙසවූ බොලා ඔක්කෝටම සලාම්!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් ඉතින් කතාවක් එහෙනම්.... ඔය පුවක් ලෙලි ගගහ ඉන්න එකේ ගජබින්නයක් ලියහන්කෝ අපිටත් අහන් ඉන්න.. හෙහෙ හෙහ්.. ඊළඟ පාර අලුත් කැටගරියක් ( ගජබින්න) දානවා. රවියි, දැතිහුලහයි ඉන්නවනේ

      Delete
    2. රවී අයියා තමයි තාම හරියට අල්ලා ගන්න බැරි උනේ.. හේතු ලියුවට කමක් නෑ. ඊළඟ වතාවේ නිවාඩු ඉතුරු කර ගන්න..

      Delete
    3. //හෙට අනිද්දම ඒකත් ලියන්නං.....// අනේ රවී අයියෙ මේ බොරු කියන්න එපා. හැක්..

      Delete
  15. පළමු සම්මාන ප්‍රදානොත්සවයත් එක්ක සසදද්දි මේවතාව අති සාර්ථකයි මචන්
    ඇහැට හයිලයිට්වෙච්චි පොඩි පොඩි අවුල් දෙක තුන හදාගෙන 2017දි මීටත් වඩා සුපිරි වැඩක් කරන්න හැකියාව ලැබෙන්නයි කියල ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
    Replies
    1. ඕනෙගෙ ඕනෙ කෑල්ල හලල මැන්ටලේ කියල කිව්ව වෙලාවෙ අවුල් වෙච්ච පාර ආයෙ මගෙ මූණවත් බැලුවෙ නෑ කියාල්ලකො..
      කවුද හිතුවෙ මේ මැන්ටලේ කියන ඒව ඔය මැන්ටලේ ගණන් ගනීවි කියල
      හැක්

      Delete
    2. ඕනෙයා ගේ පැමිණීම ඉහලින්ම අගය කරනවා. හදිසි කටයුත්තක් මගහැරගෙන උඹ ආවේ උඹේ බ්ලොග් එක්ක තියෙන බැඳීමට.. උඹලා ආපහු ලියනකම් අපි ඉන්නේ ආසාවෙන් කියවන්න..

      Delete
  16. පසුගිය වරත් සමග සැසඳූ විට සාධනීය වර්ධනයක් තියෙනවා. ඒ ගැන සතුටු වෙන්න. කොලිය්ටියක් තියෙන එක නරකයි කියනවා නෙවෙයි. අපේ ලියවිලිවල වගේම මේකේ අඩුපාඩු තිබුණට ගණන් ගන්න එපා. මගේ රාජකාරි ස්ථානයේ ඉවෙන්ට්ස් ගොඩකට දායත්කත්වය දෙන කෙනෙක් විදියට මට දැනුණු දේවල් නොතිබුණා නොවේ. නමුත් ඒ වගේ විශාල සංවිධාන ශක්තියක් මෙතැනට නැති නිසා අඩුපාඩු ගැන කථා කරන එක සාධාරණ නෑ. මට උර දෙන්න බැරි නිසා, මම ඒ ගැන කියන්නත් කැමති නෑ. නමුත් මේක දිගටම වෙන්න ඕනේ. ලිපි තෝරා ගැනීම ගැන වෙනත් ක්‍රමයක් අනුගමනය කරන්න බලමු. මොකද මේකේ ඉන්න අපි අපිම මේවා කරත්දී පොඩි පොඩි අඩු-වැඩි කම් වෙන්න පුළුවන්. මම ඒ ගැන පොඩි අදහසක් පුද්ගලිකව කියන්නම්.

    ReplyDelete
    Replies
    1. ලිපි තෝරන්න ලේසි විදියට මොකක් හරි ක්‍රමයක් කියලා දෙන්න පුළුවන් නම් ලොවෙත් වටිනවා.. :)

      Delete
  17. මෙතන දි අඩුපාඩු වලටත් වඩා මම නම් දැක්කේ උඹලගේ උත්සහයේ වටිනාකම. හදවතින්ම ඒක අගය කරනවා. මේ වැඩේ වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරපු හැමෝටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන.


    ReplyDelete
    Replies
    1. අනිවා මචං. හැමෝම එකතු වෙලා ඊළඟ එකත් උපරිමෙම්ම කරමු.

      Delete
  18. අඩුපාඩු දැකීම නරකක් නෙවී නමුත් මෙහෙම අඩුපාඩු වුණා කියල ඒ ගැන මතක් කරකර ඉන්ට ඕන නෑ කමී. ඊළග පාර ඒ අඩුපාඩු හැක් තරං මගාරල වැඩ කරමු.
    අනික අඩුපාඩුම හොයන සෙට් එකක් ඉන්නවනෙ ඒත් පොඩ්ඩ දෙනයි. ඒ පොඩ්ඩ දෙනා කියන දේවල් ගැනම හිතන්ට ඕනත් නෑ. මොකද මහා කුලකය තාම සාධනීය විදියට මේ ගැන කල්පනා කරනව. මං කීවෙ හොඳ කියන පැත්තෙන්
    ඉන්න දුර නිසාත් ඇත්තටම මහා මාර්ගයෙ ඉදන් ඉටිපංදං බරගාණක දුර ඉන්න හිංදත් ජොබ් එකේ ලෝක අවුල් හිංදත් දෙන්න පුලුවං සහයෝගය අඩුවුණත් ඊළඟ පාපෙුලුවං විදියට සහයෝගය දෙනව කියන පොරොන්දුව මම දෙනව.

    ඇඳුම ගැන හිතන්න එපාම කියන්න බෑ. ඒත් ඒ ගැන දැං හිතල වැඩකුත් නෑ.ඊළඟ පාර ඒ වෙනුවෙන් සුදුසු විකල්පයක්හදාගෙන තියාගන්න
    සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු නොවුණ විදියට මාත් එක්කට සුදුසුකම ලබල ස්ටේජ් එකට ගියෙත් ගැලපෙන ඇඳුමකින් නෙවී කියල ගොඩ දෙනෙක් මටත් බර බරේ දැම්ම. ඒත් තව කීප දෙනෙක් එහෙම ගියා කියන මතකෙ තියන හිංදත් ආයෙ ඒ වැරැද්ද කරන්න හිතක් නැති හංදත් ඒ නැතත් කවුරු මොන දේ කීවත් ගණං ගන්නෙ නැති හංදත් මං ඒක අමතක කලා.

    වැඩේ හොඳට තිබ්බ. දැක්ක දේවල් කීව ආයෙ කියන්න දෙයක් නෑ. ලබන සැරේ අපි තව හොදට කරමු...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. අනිත් උන්ගේ නම් ඇඳුම්වල අඩුවක් මට පෙනුනේ නෑ.. ඒත් මගේ ඇඳුම අවුල් කියලා හිතුනා.. හික්.

      Delete
    2. නෑ කළණෙ ඔයා හරිම හැඩට උන්නා. වේදිකාව උඩ ඉඳන් සම්මාන ටික පිළිවෙලක් කරන්න කාපු කට්ට දැක්කා.. ඒ හින්දම අවුලක් නැති සම්මාන ටික දෙන්නත් හැකි වුණා.. හදවතේ ලස්සන තමයි වටින්නෙ.. ඇඳුම නම් මොනවද මෙයා..

      Delete
    3. //නෑ කළණෙ ඔයා හරිම හැඩට උන්නා// සක්.. මේ සිකුරිටි කාරයෝ හැම තැනම.. නැත්නම් වැටෙන් පැනලා එනවා උම්මා එකක් දෙන්න..

      Delete
    4. මමත් ඔය කියන තරම් වරදක් කළණෙ ගෙ ඇඳුමේ දැක්කේ නෑ. හොඳට හිටියානේ..

      Delete
  19. උඹල ලොකු කට්ටක් කාපු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, මේ වගේ නෙමෙයි අඩු ගානේ බලු කපුටු දානයක් දෙන්න ගමක සෙට් වෙච්ච එකෙක් පවා දන්නවා වැඩක් කරද්දී කන්න තියෙන කට්ටේ රහ...
    ඒ වෙනුවෙන් සක්‍රියව දායක වෙච්ච හැමෝටම ස්තුති කරනවා...
    උත්සවය හොඳ තත්තවයේ තිබ්බා, ටොයියයි බයියයි අවුල් උනාට ඒකෙ අතරින් පතර පොඩ්ඩක් හිනා යන කෑලි කීපයක් තිබුනා...
    රජයේ රස්සාව නම් එළ කිරි වගේ...

    මටත් උඹට වෙච්ච ඇබැද්දියම උනා. තැනට ගැළපෙන ඇඳුමක් නෙමෙයි මමත් ඇන්දේ...
    පහෙන් එකකට තේරිලා තිබුනට සම්මානයක් ලැබෙයි කියල හිතුනේ නැහැ, 3/5 සම්භාවිතාවය ගණන් නොගැනීම තමයි වරද. ඒත් ලොකු අවුලක් නැහැ, ඇඳුම කන්නද. විළි වහ ගන්න තරමට තිබ්බම මදෑ...

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ජායාරූප කියන ඝණයට පමණක් වැටෙන බ්ලොග් අපි අතරේ තියෙනවද කියලා, අවම වශයෙන් වැඩි ප්‍රයෝරිටියක් හෝ ෆොටෝ වලට දීපු ඒවා...
    ඒ අංශයෙන් පළමු තැන ගත් විචාරක මහතා ඒ සඳහා ඔහුගේ නම නිර්දේශ වෙච්ච වෙලාවේ ඒ ගැන විමසා සිටියා මට මතකයි...
    ඒ පෝස්ට් එකත් අයත් වෙන්නේ සංචාරක අංශයට බව තමයි මගෙත් අදහස. සංචාරක අංශයේ “සාමාන්යය සංචාර”, “ඓතිහාසික/පුරාවිද්යාත චාරිකා”, “වන සංචාර” ආදී වශයෙන් වෙන් කල හැකියි. නමුත් සංචාරයෙන් ජායාරූප වෙන් කල නොහැකි බවයි මගේ අදහස...

    ජායාරුප අංශයේදී සළකා බලන්නේ ජයාරුපයේ ගුණාත්මක භාවයද, නැත්නම් ජායාරූප ශිල්පය ගැන කතා කිරීමද කියන එක එතැනදී පැහැදිළි නැහැ...
    මේක කලින් සාකච්චා වලදී කියන්න බැරි උනා ඒකට හේතුව උනේ මට තිබ්බ වෙලාව මදිකමේ ගැටළුව...
    එනිවේ පණ පිටින් හිටියොත් ලබන පාර දායකත්වය වැඩි කරන්න බලන්නං...

    ReplyDelete
    Replies
    1. සම්මාන සඳහා තෝරපු අංශ වල අවුලක් තියෙනවා කියලා මම මුල ඉඳන්ම වගේ කියුවා. නමුත් අපි මේ පාර සම්මාන දුන්නේ නෙලුම්යාය වෙබ් එකේ අංශ බෙදලා තිබුන විදියට. චායාරුප නෙවෙයි වීඩියෝ කියල කැටගරියකුත් තිබ්බා. නමුත් එහෙම ඒවා නැති නිසා හැලුවා.
      චායාරුප/ සංචාරක අංශ දෙකට වෙන් කරන්න පැහැදිලි නිර්ණායක තිබුනේ නෑ. මේක චායාරුප මේක සංචාරක කියල එක එක විනිශ්චයකරුවන්ගෙන් ආපු පිළිවෙලට තමයි දැම්මේ. බොහෝ විට සම්මාන දෙන කැටගරි ලබන වසරේදී වෙනස්වෙයි. ප්‍රහසන/ 18+, සංචාරක/ චායාරුප, කවි/ හයිකු, වගේ ලඟින් යන ඒවා එක කැටගරියකට වැටෙන්නත් සෞඛ්‍ය, අධ්‍යාපන වගේ අංශ අලුතින් බිහිවෙන්නත් ඉඩ තියෙනවා. තාම නෙලුම්යාය තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ. :)

      Delete
    2. මේ කාරණේ සාකච්ඡා කිරීම ගැන ලොකුපුතාට ස්තුතියි. මටත් නිකන් මොකක්දවගේ, බලාපොරොත්තු නොවුන වර්ගීකරණයකින්, සම්මානයක් ලැබුනම. අනික් පැත්තෙන්, මම වැඩිපුරම ලියන්නේ හමුදා තොරතුරු නිසා, ඒ ගැන වර්ගීකරණයක් අලුතෙන් දැමීමේ තේරුමක් නැහැ. මා ලියන වර්ගයේ ලිපි ලියන වෙනත් අඩවි ඇත්තේ නැති තරම් නිසා. කොහොම වෙතත් මීළඟ සැරේ මීටවඩා සාර්ථක වන්න හොඳ අත්දැකීම් නෙලුම්යායට ලැබුනා කියලා හිතනවා.

      Delete
  20. ගමන් වියදම් ආදිය අතහැරියත් මටනම් මේ කාලය තුළ මේ සඳහා සහභාගී වීමේ කිසිම හැකියාවක් තිබුණේ නැහැ. ඒ වුණත්, වෙනත් කෙනෙක්ව එවන්න කිසිම හැකියාවක් නැහැ කියන එක ටිකක් අවුල් වගේ පෙනිය හැකි නිසා පොඩි පැහැදිලි කිරීමක් කරනවනම් බ්ලොග් කියන්නේ මොනවාද දන්නේ නැති වුනත් සම්මානයක් ලැබීමෙන් සතුටු වීමට ඉඩක් තිබුණු මගේ පියාව සහභාගී කිරීම ගැන මම මුලින් හිතුවා. එහෙත්, පසුව ඒ අදහස අතහැරියේ ජීවිතයේ සැන්දෑ කාලයේ සිටින ඔහු කට්ටක් කාගෙන කොළඹ ඇවිත් අන්තිමට සම්මානයක් නොතිබුණානම් සිත්තැවුලක් ඇතිවිය හැකිවීම ගැන හිතලයි. මට හැකියාවක් තිබුණානම් සම්මානයකට නිර්දේශ වී නොතිබුණත් අනිවාර්යයෙන් පැමිණෙන්නට හා කළ හැකි දෙයක් කිරීමට ඉඩතිබුණත් පැත්තක ඉන්න කෙනෙක්ව එවැනි අපහසුතාවයකට ලක්කිරීමට මට අවශ්‍ය වුණේ නැහැ. නිර්දේශ ගණන තෑගි ගණනට වඩා අඩු කැටගරියක සිටියානම් මෙය කළ හැකිව තිබුණා. (සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථා වල සිදුවන පරිදි මෙය අවසන් මොහොතේ ප්‍රකාශ කිරීම ගැන කරන විවේචනයක් නෙමෙයි.) කොහොම වුණත්, තමන්ගේ දහසක් වැඩ කටයුතු මැද්දේ මෙවැනි කටයුත්තක් මේ මට්ටමින් කරගැනීමට හැකිවීම සංවිධායකයින්ගේ ජයග්‍රහණයක්. අර විවේචන තියෙන නාට්‍යය වීඩියෝ එකේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ නාට්‍යය නම් නැති එක හොඳයි.. අවසන් ජයග්‍රහණ ගැන කිසිවෙකුට කියුවේ නෑ.. ඒක නිසා ඉඟියක් වත් ලබා දෙන්න අදහස් කරේ නෑ. ඉස්සරහට බලන්න මේ කාලේ අල්ලලා නිවාඩු ගන්න. ඉකොනොමැට්ටගේ බ්ලොග් අනන්‍යතාවය ඉදිරියට අරන් යන්න.

      Delete
  21. කලණ, ඔබ, අජිත් ඇතුළු මේ සදහා කැපවූ සියළු දෙනා ගැනම ආඩම්බරයි.

    මගේ පුද්ගලික අදහස ඇදුම ගැන කිසිසේත්ම පසුතැවිලි නොවිය යුතු බවත් අනෙකුත් අඩුපාඩු වුනත් ඊළග වතාවට පාඩමක් කරගන්නවා මිස පසුතැවිලි වීමට කාරණා නොවන බවයි

    මම මගේ පෝස්ට් එක තේරීම් වලට නොගන්නා මෙන් ඉල්ලා සිටියෙ මාර්තු 14 අජිත්ගෙ පෝස්ට් එක දුටු වහාම. ලන්කාවෙ වෙලාවෙන් නවයටත් කලින්.අතපසුවීමක් හෝ වෙනත් කාරණයක් නිසා එය අවසන් ලැයිස්තුවට ඇතුලත් කර තිබීමත් මෙහිද මා එය අවසන් ලැයිස්තුවෙන් ඉල්ලා අස්කරගත් බව සදහන් වීමත් ඔබට සිදු වූ අත්වැරදීමක් විය යුතුයි.

    මා එය ඉවත් කරගැනීමට හේතුව ලෙස කියා සිටියේ " ඔබ වැනි සැබෑ බ්ලොග්කරුවන් අතර මා බ්ලොග්කරුවෙක් බව මට නොසිතෙන නිසාත් බ්ලොග් එක වෙනුවෙන් මා කතා නොලියන නිසා නෙළුම් යායෙ අරමුණු හා මගේ බ්ලොගය නොපෑහෙන නිසාත් ඉදිරියේදී ලිවීමට වඩා නොලියා සිටීමට ඇති ඉඩකඩ වැඩි නිසා කිසියම් සම්මානයක් ලැබුනොත් එය මගේ හිතට වදයක් විය හැකි බවත්ය.

    මේ පෝස්ට් එක කියවද්දි ඔබ ඇතුළු බොහෝ බ්ලොග්කරුවන් කර ඇති කැපවීම ගැන ඇහුවම අවුරුද්දකට පෝස්ට් දහයක්වත් නොලියන, තෝරාගත් සීමිත බ්ලොග් කීපයක් පමණක් කියවන්නෙකු ලෙස මම මගේ පෝස්ට් එක ඉල්ලා අස්කර ගැනීම කොයි තරම් හොදද හිතුනා

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මං ඔයාට දොස් කියුවේ නෑනේ.. :)

      ඕනෙවට වඩා නිහතමානී වෙන්න ගියාමත් පේන්නේ පොඩ්ඩක් ආඩම්බරයි වගේ.. හැක හැක ... ඔයාගේ නිර්මාණ හොඳ නිසයි අපි තේරුවේ. කොහොම උනත් දැක්ක ගමන් එපා කියපු එක (prompt action) නිසා අපි අපහසුතාවයට පත් උනේ නෑ. ඒකට ස්තුතියි.

      Delete
    2. දොස් කිව්වනම් හොදයි හිතෙනවා හැක හැක ගාන්නෙ නැතුව.:)

      නිහතමානිකම, උද්දච්චකම, මෝඩකම, පණ්ඩිතකම ආදී ඕනිම ආකාරයකින් ඒක නිර්වචනය කරගන්න ඔබට තිබෙන අයිතියට මගෙන් බාධාවක් නෑ.
      ඊළග නෙළුම්යායෙදි හරි ඒ වගේ එකතු වෙන්න පුළුවන් වෙනත් පොදු කටයුත්තදි මුණ ගැහිලම බලමු හරි වචනෙ මොකක්ද කියලා

      Delete
  22. //වෙනත් සම්මානයකට නිර්දේශවුනානම් ලකුණු අඩුවුනා//

    ඒක අසාධාරණයි. [අනෙක් නිර්නායක අවුලක් නෑ] උදාහරණයක් විදියට මම තුනකට නිර්දේශ වුනා. ඒ තුනටම ලකුණු අඩුවෙන්න පුළුවන් ඒ එකිනෙක නිසාම. මම තේරුම්ගත්ත විදිය හරි නම් ඒ නිර්නායකය ලොකු අවුලක්.

    ReplyDelete
    Replies
    1. තුනටම නෙවෙයි දෙකකට ලකුණ ගානේ කැපුනා දේශපාලන එකට තේරුන නිසා :) ඔව්. ඒක අවුලක් තමයි. මෙහෙමයි ඒක උනේ. අන්තිමට විනිශ්චය මණ්ඩලයේ ලකුණු සම්පිණ්ඩනය කරලා ගත්තම ගොඩක් ඒවාට සමාන ලකුණු තියෙන්නේ. ඒ වෙලාවට තමයි වෙන එකක් 'ජයග්‍රහණය' කරලා තියෙනවනම් එක ලකුණක් අඩු කරේ. හැම තිස්සෙම බැලුවා ලියන එකාට 'වඩා වටිනා සම්මානේ' ඉතුරු කරලා අනිත් ඒවගෙන් ලකුණ අඩු කරන්න. ඉස්සරහට මිට වඩා සාධාරණ ක්‍රම හොයාගමු. යෝජනා දෙන්න.

      Delete
  23. එල කිරි කමියා... එකෝමත් එක අවුරුද්දක 2010 සුන්දර සිත්තරා නොහොත් කෙහෙල් කො‍ටුවෙ චූටි මහත්තයගෙයි කකා ගෙයි බ්ලොග් වලින් පටන් අරං මේදක්වා පිස්සුවෙං වගේ බ්ලොග් කියවන පික්ශු පීකුදු බ්ලොග් රසිකයෙක් විදිහට ඔය අට මගලෙට එන්න පුල් ගේමක් දුන්න. කොහෙද මේ ගල් අරාබියො ඕනදාට නිවාඩු නොදී අප්‍රේල් මාසෙට නිවාඩු දුන්න කියහංකො. ඒකත් උඹලම තියං බම්බු ගහගං කියල මේහෙට්ටවෙලා අයිනක් අල්ලං මයිනෙක් වගේ ඉන්නව කියල හිතා ගත්ත. ඊලඟ පාරනං අනිවා ඩෙෆා එනව බොලාලගෙ තොවිලෙ බලන්න. කමිය මේ වගේ ස්වයං විවේචනයක් (වචනෙ හරි නේහ්..?) කරපු එක හරිම අපූරුයි. මේවගේ සියලුම සංවිධායකයින් ත්මංගේ ස්වයං විවේචන ඉදිරිපත් කරානං ඊලඟ තොවිලෙ වඩා හොඳින් කරන්න හොඳ පිටිවහලක් වෙයි වගේම මේ මහා වි්‍යායමයේ විනිවිද භාවයත් වර්ධනය වෙයි කියල හිතෙනව. ඕකෙදි අල්ලපු වීඩියෝ කෑලි හෙම තියේනං දාහංකො අපිවගේ උන්ට එහෙමවත් බලල සැනසෙන්න. සෙද්ද.....

    ReplyDelete
    Replies
    1. ස්වයං විවේචනයක් කරන එක තරම් ඉස්සරහට හැදෙන්න උදව් වෙන වෙන ක්‍රමයක් නැති තරම්. එකයි මෙහෙම කතා කරන්නේ. හැබැට ඔය කෙහෙල් කොටුවේ එකා එහෙම දැන් ලියන්නේ නැත්තේ ඇයි බන්. youtube එකේ තියෙනවලු වීඩියෝ කෑලි. මමනම් තාම බැලුවේ නෑ.

      Delete
  24. වැඩසටහනට සහභාගීවන්න උපරිම ආසාවෙන් හිටියත් ඒ සඳහා ගස්ලබු ශරීරය යෝග්‍ය මට්ටමක තාම නෑ.සිකුරාදා බුකියෙ පණිවිඩයකින් සහභාගීත්වයේ අවිනිශ්චිත බව දැනුම් දුන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා.සහභාගී නොවීම තුල නෙළුම් යාය හෑල්ලුවට ලක් කිරීමක් හෝ අධි මානයක් කිසිසේත් නොතිබූ බව උදක්ම පැවසිය යුතුමයි.මේ දිනවල මා වෙනුවෙන් හිතමිතුරන් වද වන ප්‍රමාණය නිසා ඔවුනට තවත් බරක් එකතු කිරීමට නොසිතූ හෙයින් නියෝජිතයෙක් සහභාගී කරවීමටත් නොහැකි උනා.ඒ පිලිබඳ සංවිධායක මණ්ඩලයට කණගාටුව ප්‍රකාශ කරනවා.
    පළමු වැන්නට සාපේක්ශව දෙවැන්න සුපිරි මට්ටමින් සංවිධානය වී ඇති අතර ඉදිරිය ඉතා සුභ බවට ලකුණු බොහොමයක් පහල වී තිබෙනවා.
    අයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕකට තමයි කියන්නේ ගස්ලබු වගේ පලතුරු අමුවෙන් කඩලා කොළඹ ගෙනත් බෙහෙත් ගහලා ඉදවන්න ඕනේ කියලා.. එතකොට ලබ්බ තැලෙන්නේ නා. කොහෙද උඹලා ඒවටත් ලෙඩ දානවනේ වස විස කවනවා කියලා.. හැක. උඹ ඔහෙට වෙලා හිටහන් ලබ්බ සනීප වෙනකම්. පුළුවන් උනොත් ඇවිත් බලලා යන්නම් වෙලාවක.

      Delete
  25. කමියා අයියේ..................

    //ලස්සන චුටි ගෑනු දරුවෝ දෙන්නෙක් එතනට එක්ක ඇවිත් වැඩේ භාර දෙන්න. කුරුටු හාමිනේලාව තමයි ඒ වැඩේට යොදවන්න මම හිතන් උන්නේ. // සම්මාන ඔක්කොට ම වැඩිය වටිනා කතාව තමා මේක.... ඇත්තමයි අයියේ කලින් මේ කතාව දැක්කානං අපේ බ්ලොගයේ ෆොටෝ කෑලි එල්ල එල්ල දුක් විදින්නෑ. කෙලින් ම මේ කෑල්ල දාලා පෝස්ටුවක් දානවා.... ආය කවියක් ලියනවා එහෙනං උඩ යන්න.....

    අයියේ ගෙදර පැත්තේ මොනවද අඩුපාඩු.. අගල් හැට හැත්තෑවක විතර ෆ්ලැට් ස්ක්‍රීන් ටීවී එකක් හරි ෆිජ් එකක් හරි ඕනේ නං කියන්න... අපි දියතලාවෙන් අරන් පෙරහැරකින් වඩම්මලා ගෙදර පැත්තේ ගිහින් තියන්නම්...... ආය මොන සම්මාන අෆ්ෆා... මේක නිකමට කිව්වානං සම්මාන ඔක්කොම අපිට දුන්නා වගේනේ..... සම්මාන ඇයි අෆ්ෆා මේවානේ සම්මාන....

    මීට කුරුට්ටියෝ......

    ReplyDelete
  26. ඉතා ඉක්මනින් බ්ලොග් සංගනනයක් කර දැනට ඇක්ටිව් බ්ලොග් කීයක් තිබෙනවාද යන වග සොයා බැලීම වැදගත්. හේතුව මේවගේ සම්මාන ප්‍රධානයකදී එය ඉතා වැදගත් නිසයි. ඒ සඳහා සින්ඩි පමනක් ප්‍රමානවත් නොවන බව මගේ හැඟීමයි. බ්ලොග් කරුවකු නොවන විනිසුරුවන් විසින් තේරීම කල යුතු අතර, ඒ සඳහා බ්ලොග් අඩවි ලයිස්තුවක් පමනක් ලබා දිය යුතුයි. එක් එක් පුද්ගලයා විසින් ඒ ඒ අඩවි පිලිබඳ කොයිතරම් දැනුවත් ද යන්න ගැනත් පරීක්ෂා කිරීමට නිර්නායක සැකසිය යුතුයි. එවිට සෑම බ්ලොගයක්ම, සෑම පෝස්ටුවක් ම අවධානයට ලක් කර ගැනීමට හැකි වේවි කියලයි මට හිතෙන්නේ. එය මේ මොහොතේ සිටම ඇරඹිය හැකිනම් වඩා සාර්තක වේවි.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස නං බ්ලොග් වල පෝස්ට් විතරක් නෙවෙයි, කමෙන්ට් වල අගයත් ‌තේරුම් ගත්ත කෙනෙක් හෝ කීප දෙනෙක් තමයි විනිශ්චයට ඉන්න ඕනෙ... ගොඩක් පෝස්ට් වල වටිනාකම තියෙන්නෙ ඒ හරහා කමෙන්ට් වලින් ඇතිවෙන සංවාදයෙ.... මේක ලේසි වැඩක් එහෙම නෙවෙයි ඉතිං...

      Delete
    2. කසුනා.. ඔය බ්ලොග් කරුවෙකු නොවෙන එකෙක් මේක කියෝලා හරියට තොරයි කියන එක ප්‍රයෝගික නෑ බං. කෞෂි කියනවා වගේ පෝස්ට් එක විතරක් නෙවෙයි කොමෙන්ට් පවා කියවන මේකට ඇම්ම තියෙන එකෙකුට තමයි ඕක කරන්න පුළුවන්. ඌ කොච්චර සාධාරණ විනිශ්චයක් දෙයිද කියන එක ඩිෆෙන්ඩ් වෙන්නේ උගේ ඇට්‍රිබියුට්ස් මත. ලෙට්ස් සී බඩි..

      Delete
  27. විශිෂ්ඨයි මිත්‍රයා. ඕනෑම වැඩක අඩුපාඩු තියෙන්න පුළුවන්. ගිය වතාවට වඩා මේ වතාවේ සාර්ථක බවයි බොහෝ අය කියන්නෙ. මං ගිය අවුරුද්දෙ ආවෙ නැති නිසා ඒ ගැන කියන්න දන්නෙ නෑ. කොහොම වුණත් මාත් දැක්කෙ ඔය ඉහල තියෙන අඩුපාඩු ටික තමයි. ඒ වගේම සම්මාන ගන්න අයට පොත් තෑගි දීමත් බෙහෙවින් අගය කරනවා. ලබන අවුරුද්දෙ මීට වඩා හොද එකක් කරන්න ලැබේවා. ජය....!

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් එදා ඇවිත් හිටියයි කියලා දැක්කේ සම්පත් ගේ ෆොටෝ වලින්.. කතා කරන්න බැරි උනත් සහභාගී වීම ලොවෙත් වටිනවා. සයිබර් සිහින උළෙලේදී වත් හමුවෙමු. ජය වේවා!

      Delete
  28. අජිත් අයියා ඉල්ලීම කළේ විණාඩි 15 ක විතර කෙටි නාට්‍යයක් හොයල දෙන්න කියලයි. මං දන්න සහ මට විශ්වාස කරන්න පුලුවන් මල්ලිලා සෙට් එක තමයි අන්නේම්ඩ් තියටර් ගෘෘප්. එයාලගෙ නාට්‍ය මං බලලත් තිවුණ නිසයි මං එයාලට කතා කළේ. ඒ හැම නාට්‍යයක්ම විණාඩි 20 ට එහා. නාට්‍යෙය් පිටපත දුන්නම අජිත් අයියා මේ නාට්‍යයට උඩින්ම කැමති වුණා... ඒ අනුවයි මේ කෙටි නාට්‍යය තෝරා ගැනුණෙ..

    ඔය නාට්ටිය නිසා මං කොච්චර පණ බයේ උන්නද කියල ඔන්න නුවර කුමාරි දන්නවා. අපේ බ්ලොග් ඇත්තන්ට නාට්ටිය ඇල්ලුවෙ නැතොත් මක්කා වෙයිද කියල හිත හිතමයි මං උන්නෙ.. දැන් නම් අන්නේම්ඩ් තියටර් පිහිටෙන් මම ගොඩ. නැත්නම් දෙයියනේ මේ වෙද්දි මඩ වගුරකනෙ ඉන්න වෙන්නේ...

    සමස්තය සහ ප්‍රතිචාර ගැන හිතද්දි ඒ තෝරා ගැනීම ගැන දැන්නම් දැනෙන්නෙ ලොකු සතුටක්. නාට්‍ය කණ්ඩායමත් මට ස්තුති කළා ඒ අවස්ථාව ලබා දීම ගැන. එවැනි ඕඩියන්ස් එකක් ලේසියෙන් ලැබෙන්නෙ නැහැ කියල. ඒ ස්තුතිය අපේ බ්ලොග් පවුලටමයි..

    අජිත් අයියා නාට්‍ය්ය ගැන ( පැරා ) ලියු ලිපියත් ඉතාම වටිනවා. මේ ප්‍රතිචාර තවත් හොඳ නිර්මාණ ඉදිරිපත්කරන්න ඒ කණ්ඩායමට පන්නරයක් වේවි..

    බ්ලොග් සම්මාන උළෙල වෙනුවෙන් මං කළ එකම උදව්ව එච්චරයි. තවත් බොහෝ දේ කරන්න තිබුණ නේද කියල හිතෙනවා. ලබන වසරේ මීට වඩා උදව්වක් දෙන්න උත්සාහ කරනවා.. ස්තුතියි. ජය වේවා. සැරදේවා...

    ReplyDelete
    Replies
    1. මෙයාට ඉතින් නාට්ටිය මතක් වෙන වෙලාවට අල්ලන කලන්තේ එකට සයිබරයෙන් වතුර ඉහ ඉහ පියවි සිහියට ගන්න මම කාපු කට්ට... හෙහ් හෙහ්... ඊටත් වඩා එන්න බැරුව හිර වෙලා පුච්චපු ලේ ලීටර් ගාන.. හය්යු...

      Delete
    2. බේරෙ වැව දෙසින් හමා එන සිහිල් සුළං මැද, දැඩි ආරක්ෂක විධි විධාන යටතෙ මහ පාර මැද ඔයාට නෙළුම් යාය සම්මානය පුද කරන්න ලැබීම මහත් සතුටක්..

      අනේ උපේ මේ ටිකේ හොඳට කන්න. මොකද දැන් ඔයාගෙ සරීර කූඩුවෙ ලේ කළදක් නැතිව ඇති පිච්චිල්ලට.. ඇයි නින්ද නොයා නෙළුම් යාය ගැනම හිත හිත උන්නු එක..

      Delete
    3. ඒ විතරක්ද.... වාහන බාධක පීරාගෙන, දුවගෙන ඔයා ළඟටම ඇවිත් ගන්න ලැබෙන එක මම අහන්නේ ඔලිම්පික් මැරතන් ශුරියකට වත් ලැබෙන අවස්ථාවක්ද?

      මගේ නින්ද නම්... අය්යෝ... මට මේ දවස් ටිකේම නින්ද යන්නේ නැහැ.... තව සතියකින් දෙකකින් විතර අඩු වෙයි මයේ හිතේ... හෙහ් හෙහ්... ඒ අඩු උනේ නැත්තම් මෝහනෙන් ප්‍රතිකාර දෙන තැනකට යන්න වෙනවා...

      'මා....ගේ දෑ....ස දෙස බලනු..... ඌ ඌ ඌ........
      උඹට සම්මානයක් ලැබුනේ නැත... අ. අ අ අ .....
      එහෙම සම්මාන උළෙලක් පැවත් උනේද නැත.. අ. අ අ අ .....'

      කියල ප්‍රතිකාරේ කරවගන්න ඕනේ...

      Delete
    4. මෙන්න මෙතන මෝහන ප්‍රතිකාරයක්.. මැද්දට පනින්න හොඳ නෑ. නැත්නම් අර නුවර පිස්සු හටන මෝහනයෙන් අවදිවෙලා මෙතන එක විකාරයක් කරනවා.. හැක්.

      තරූ දන්නවද? මෙයාට පිස්සුවට අමතරව තව ලෙඩක් තියෙනවා.. ටියුබ් ලයිට් ගතිය. අජිත් ගේ බුක් ලෝන්ච් එකට ඇවිත් ගිහින් රෑ දොළහට විතර මට sms එකක් එනවා මට අජිත්ගේ අත්සන ගහලා පොතක් අරන් තියන්නලු. හික්.

      Delete
    5. මටත් 07.05.54 ට මෙසේජ් එකක් ආවා ඔය පණිවිඩේටම.. මෙයා හිතන් ඉන්නෙ අපට ගෙවල් දොරවල් නෑ කියල වෙන්ටැ...

      ඔයාට නම් ඒ වෙලාවට එව්ව එක සාධාරණයි කියමුකො.. සාමාන්‍යෙයන් පොතකින් පස්සෙ සාහිත මධුසාද තියෙන නිසාවත්.. එහෙම හිතලවත් එව්ව කියන්න පුලුවනි...

      Delete
    6. මෙච්චර පට්ට කෑල්ලක් එක්ක වචනයක් කතා කරන්න බැරි උනා නේ... කොහෙද නේ ඔහේ අන්තරස්දාන උනේ....

      Delete
    7. කමි/තරු/මාතලන්

      මේ... කට කට!
      මෙන්න මේ බිස්කට් එක කකා අන්න අරෙහෙට වෙලා ඉන්නවද...
      ( තමන්ටම : මම එදා මගේ ගට දාල උපරිම වැදගත් විදියට ඉඳල ගියේ පුස් පටිය වගේ. ඒ ටිකට මුන් කොහෙන් හොයාගන්න එව්වද මන්ද. )

      මේ.. ඉවෙන්ට් එකෙන් පස්සේ වෙච්ච එව්වා සහ වෙන්ට තිබ්බ එව්වා මෙතැන කීම තහනම් ඈ ! පෝස්ටුව ඉතින් සම්මාන උළෙල ගැනනේ නෙහ් ? මාතෘකාව දරුවෝ මාතෘකාව!!

      ( ඇති යන්තම්.. තව ඩින්ගෙන් වැඩේ පාජා වෙනවා.. හුහ්)

      Delete
    8. බිස්කට් වලින් ශේප් වෙන්න බෑ. පාටියක් දිපම්.. එදා පාක් ලේන් එකේදී අතරමන් වෙන්න නොදී බේරා ගත්තට..

      Delete
    9. හෑ එදා උපේක්ෂත් ආව ද?

      Delete
  29. ඔය උඩ කමෙන්ටුව කුරුට්ටියන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයක් කියලා තමා දැම්මේ.... ඔන්න ඕවාට අපි නැහැ කමියා...

    කමියා මේ මහන්සිය ගැන අපිට හිතාගත්ත ඇහැකි. මුල සිටම මේල් වලින් අපි මොනවා කිව්වත් වැඩෙත් එක්ක උඹලා කොයිතරම් දුකක් වින්දද කියලා අපිට තේරුණා.. මේ සාර්ථකත්වය පිටිපස්සේ තියෙන්නේ අපි ලැප්එක ඉස්සරහා වාඩිවෙලා කොටපු යුනිකෝඩ් අකුරු නෙමෙයි බං උඹලා වෙච්ච මහන්සිය සහ නිදිමරපු විනාඩි ගාණ තමා....

    දිලා ගැනත් යමක් කියන්න ඕනේ.... කාන්තාවෝ කීයක් බ්ලොග් ලියුවත් වැඩේට සම්බන්ධ වුනේ ඇය පමණයි. මේකට කවුරු හරි එන්න කියලා උඹලා විවෘත ව කතා කරාට ආවේ ඇය විතරයි. වටින්නේ ඉදිරිපත්වීමයි..... ඒකට ඇයට ස්තූතිය....

    කමියා... අජිත් අයියා සහ සංවිධායක මණ්ඩලය....

    මේකේ අහලා තියෙන විදිහට අපි අඩුපාඩු ගැන කතා කළ යුතුයි... ඒත් මේ වෙලාවේ අපි කතා කරන්න යන්නේ අඩුපාඩු ගැන නෙමෙයි... අඩුපාඩු අපිටත් වැඩිය හොදට ම උඹලාට ම තේරෙන්න ඇති. ඒ ටික හැදුනාම ඊළග පාර මේක මහා වැඩක් බං..... අපි අර අහලා තියෙන විදිහට සම්මාන සදහා තේරීම පහසු කරන විදිහක් ගැන යෝජනා කීපයක් දෙන්නං... හැබැයි මේවා යෝජනා විතරයි. කරන්න හැකි නොහැකි.. කළ යුතු නොකළ යුතු විදිහට උඹලාට මේවා බෙදා ගන්න හැකියි....

    1. අවුරුද්දකට සැරයක් යෝජනා තෝරන්න දුක් විදීම වෙනුවට සතියකට වරක් හෝ එක් එක් අංශයට අදාල ව හොදම පෝස්ටු නෙලුම්යායේ පළ කරනවා. පස්සේ අන්තිම යෝජනා ටික සහ තෝරන බ්ලොග් ටික ගන්නේ නෙලුම්යායේ පළවූ ඒවායින් විතරයි. මේක ඉතා පහසු දෙයක් කියලා අපිට හිතුනා

    2. කොහෙදි හරි අපි දැක්කා බ්ලොග්සහෝදරියක් කියලා තිබුණා අවසාන අවස්ථාව වෙනතුරු නොඉද හොද පෝස්ටුවක් දැක්කොත් හැමදෙනාට ම ඒක යම් තැනකට ගොණු කරලා තියන්න හැකි ක්‍රමයක් යෝජනා කරමු කියලා.. ඒකත් හොද එකක්...

    3. තවත් ක්‍රමයක් තමා කැටගරි කිහිපය කිහිප දෙනෙක් අතර බෙදාගෙන විනිවිධභාවයකින් යුතුව පෝස්ටු දිගින් දිගට ම තෝරා ගොණුවක් හදා අවසන් තේරීම් කමිටුවට ඉදිරිපත් කිරීම...

    මේ පොඩි යෝජනා තුනක් විතරයි. තව තවත් මේ ගැන කතා කිරීම හරහා හොද ක්‍රමයකට යන්න හැකි වේවි.... නැත්තං ආයෙමත් සංවිධායක මණ්ඩලයට ම තමා දුක් විදින්න වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. මෙහෙම නෙවෙයි මේ යෝජනා ටික දාල ප්‍රයෝගික අපහසුතාත් කතා කර ගන්න ඉ මේල් ත්‍රෙඩ් එකක්ම ඕපන් කරමු. ඉක්මනට ක්‍රමයක් හදා ගන්න වෙනවා. නැත්නම් පහුගිය මාසවල දාපු පොස්ට් වලට අසාධාරණයක් වෙන්න ඉඩ තියෙනවා.

      Delete
    2. බොහොම හොඳ යෝජනා. මම එකඟයි.

      Delete
  30. අර කටුස්සයි කැමරාකාරයයි උඹේ පිහිටෙන් ගොඩයනවා නේද?

    ReplyDelete
    Replies
    1. කටුස්සනං ගැන නං මම දන්නෙ නෑ.....
      මමනං ආයෙ ලොවෙත් නැතිවෙන්ඩ ගොඩ ගිහිල්ල කියන්නෙ.....
      තැංකියු මචං ඒක මතක් කලාට ....

      Delete
    2. ඇනෝගෙ කතාව සහතික ඇත්ත. මාත් ක්ල්‍යාණට කියන්ඩම හිටියෙ.
      ---- ෆේක් කම්මල -----

      Delete
    3. ඔව් බං. මට හම්බවෙන NGO සල්ලි වල පිහිටෙන් උන් දෙන්න යන්තම් කාල ඇඳලා ඉන්නවා..

      Delete
    4. කමි,
      මචං 26 වැඩේට මට හම්බ වෙන්ඩ ඕනෙ යුරෝ ටික තාම මගෙ ස්විස් අකවුන්ට් එකට වැටිල නෑ....
      පොඩ්ඩක් බලල ඉක්මනට දාපං ....

      Delete
    5. මුද්ද, පවුං , පවුං අජිය එංගලන්තෙ ඉදන් එව්න්නෙ එවුව. උඹ තව NGO එකක වැඩද, යුරෝ ඉල්ලන්නෙ ?

      Delete
    6. අඩේ එහෙමද ..??
      මං හිතුවෙ යුරෝ කියල ...

      Delete
  31. සම්මාන උළලට ගියා වගේ. නියමෙට ලියලා. අගෙයි. ඊලඟ සම්මාන උළලත් හොඳට කරන්න ලැබේවා. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මේ නිර්මාණි ගේ හා කසුන් (අහසෙන් එන්න) ගෙයි සම්භන්දය දන ගන්න කැමතියි.

      Delete
    2. ඇයි උඹට නිදහස් චතුරශ්‍රයේ ගාඩ් කම හම්බු වුණාද?

      Delete
  32. මාරම කට්ටක් තමයි සංවිධායකයෝ කන්නේ. නමුත් මට හැඟී ගිය විදියට නම් මේ බ්ලොග් සම්මාන උළෙල කලින් ඒවට වඩා සාර්ථකව, ගැ‍ටුම් අඩුව පැවැත්වුනා කියලයි. (උඹ මේ ටික කියන කල්. :D) සාමාන්‍යයෙන් මෙහෙම වැඩක් කට්ට කාගෙන කලාම බැණුම් අහලා ඉවරයක් නෑනේ. මේ පාර එහෙම කැපී පෙනෙන සිදුවීමක් වුනේ නෑනේද?

    ඔය ඇඳුම ගැන නම් මට කිසිම අවුලක් නෑ. එහෙම හිතන්න හේතුව අපි ඇඳුම ගැන දක්වන ආකල්පය. දැන් උඹ ඇඳන් හිටපු ඩෙනිමට එරෙහිවෙන්න මගේ ඩෙනිම ලියන මට කිසිම හේතුවක් නැත්තේ ඒක මගේ ප්‍රියතම ඇඳුම නිසා. ඒකෙ තියෙන ප්‍රැක්ටිකල් ගතිය හුඟ දෙනෙකුට දැනිලා නෑ.

    මේ උත්සවය සංවිධානය කරලා මෙච්චර ලස්සනට පවත්වගෙන යන්න උඹලා කාපු කට්ටට මගේ ආචාරය. උඹලට ජයම වේවා. පොඩි පොඩි අවුල් ගණං ගන්න එපා. අපිට ඒක ඉහටත් උඩින්.

    ReplyDelete
    Replies
    1. හා හා.. 'මගේ ඩෙනිමෙ'න් ටිපිකල් බැක් එකක් මගේ ඩෙනිමට.. ඔව්. වැටෙන්නේ නම් නෑ. දවස් ගානේ ඉස්සරහට යනවා මිසක්.. ජය වේවා!

      Delete
    2. උඹගේ ඇඳුම තමයි නියමම ඇඳුම.... මට නම් ඒකේ කිසි අවුලක් නෑ...

      අඳින්න ඕන එක එකාට ඕන දේ නෙමෙයි.... තමන්ට ඕන එක... බ්ලොග් කියන්නෙත් ඒකමයි...

      Delete
  33. හයියො කමියෝ...මං ගිය පාර ආවේ නෑ....ඒත් මේක අනිත් සම්මාන උලෙලවල් වගේ කම්මැලි හිතෙන එකක් නම් නෙමෙයි....
    ඔයාලගේ කැප වීම විහිෂ්ටයි.අපිට නං රස්සා පවුල් අතරෙ වෙන මොන දේකටවත් කැප කරන්ඩ කාලෙ ඉතිරි නෑ නොවැ.අබි ඇවිත් ගියා විතරයි....
    අපිටනං මේක ඉහටත් උඩින්......මේ පාර අඩු පාඩු උනා නං ලබන පාර මග අරවා ගමු නේද?
    ඔයාලගේ හැම කැප කිරීමකට අපි ගරු කරනවා

    ReplyDelete
    Replies
    1. තනියෙම අච්චර කට්ටක් කාගෙන ආපු එකම වටිනවා ටීචර්. :) උඹව හැබැහින් දකින්න ලැබීම සතුටක්. මම නම් හිතාගෙන හිටිය විදියෙම පිස්සු නට් එකක් තමයි දැක්කේ.. හැක හැක හැක..

      Delete
  34. ස්තුතියි මේ සටහන ලිව්වාට , හේතු කිහිපයක් නිසා. එකක් අප වගේ මේ උත්සවයට එන්න නොහැකි වුනු අයට මුළු වැඩසටහනම “හිතේ මැවෙන“ විදියට ලියපු නිසා , නොආවත් ඒ සතුට තරමකින් හෝ විඳගන්නට අවස්ථාවක් ලැබුණා. දෙවැන්න , මේ කටයුත්තෙදි ඔබ සැම වුනු ,“අපට නොදැනුනු“ වෙහෙස පිළීබඳව පොඩි හරි අදහසක් ගන්නටපුළුවන් වුනා. මේ සියල්ල දැන දැනත් අපට කළ හැක්කේ ,“ ස්තුතියි“ කිම පමණයි මේ අවස්ථාවේදි. සිංහල බ්ලොග් මාධ්‍යෙය් උන්නතිය වෙනුවෙන් ඔබ සැම කළ මෙහෙය වෙනුවෙන් මගේ ගෞරවය පිළිගන්න. ඊළඟ වසරේදිවත් කළ හැකි අයුරකින් ඔබ සැම සමඟ එක්වන්නට අපේකෂා කරනවා. නැවතත් ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. මේ හිතවත්කම හැමෝගෙන්ම ලැබෙනවානම් වැඩ කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි..ස්තුතියි.

      Delete
  35. කමියෝ..
    මොනා හරි අඩුපාඩු වුනානම් සහ ඒවා වුනා කියලා අවංකව පිලිගන්නවා නම් එච්චරයි...
    එතනින් එහාට හැදෙන්න තියෙන්නේ තව ටිකයි..

    ලියාපු පොස්ටුවෙන්ම පේනවා කැපවීම කොයිතරම් ද කියලා..
    මොකා එක්ක මොන වලිය දාගත්තත් එදා තිබ්බ ඉවෙන්ට් එක අද මතක්වෙද්දී උඹේ හිතට දැනෙන්නේ අව්‍යාජ සතුටක් නම් මූණෙන් පුංචිම පුංචි හිනා රැල්ලක් පිටවෙනවා නම් ඒ කියන්නේ උඹ වැඩේ බොක්කෙන්ම කරලා...
    එච්චරයි....

    ReplyDelete
    Replies
    1. මචෝ..මට පොඩි මේලක් එවහන් මේ ඇඩ්රස් එකට..
      vibheeshana2@gmail.com

      Delete
    2. මහන්සි වෙලා ගේම දුන්නට ඉවර උනාම සතුටුයි. ඒකම ඇති. ඔන්න මේලක් එව්වා.

      Delete
  36. එකෙන්ම රෙස්පෙක්ට් එක අජිත් අයියා, කමී ඇතුලු සංවිධායක මඬුල්ලට!!

    බ්ලොග් තෝරන්න ඉතාම පහසු විදියක් අටමා යෝජනා කරල තියෙනව දැක්කා. මෙහෙමයි, සිංහල බ්ලොග් කියන්නෙ කොහේවත් වෙනමම රෙජිස්ටර් වෙලා පටන් ගන්න එකක් නොවන නිසා කවුන්ට් එකක් ගන්න එක කරන්න බෑ නෙ. අපි පුලුවන් තරම් බ්ලොග් එකතු කර ගනිමු.

    සායක්කාරගෙ වැඩේනම් චාටර්. හැබැයි unnamed theatre group එක නම් 'හීගඩු පිපෙන' තාලේ සුපිරි ඩ්‍රාමා එකක් පෙන්නුවා. මැදක ඉඳන් රෙකෝඩ් කරගත්තත් එක්ක, ආපහු බලන්න.

    කමියෝ මේහ්. උඹේ ඇඳුම හොඳටම හොඳයි. මාත් මාතර ගිහින් හදිසියේ ඔතෙන්ට කඩාපාත් නූනානම් එන්නෙ ඩෙනිම් ටීෂර්ට් ගහගෙන (ගිය පාර ආව වගේ).

    අපි ලියන ඒවත් නිදහස්. අපේ ඇඳුම් පැළඳුම් ගැන රුචිකත්වයත් ඒ වගේම නිදහස් වෙච්චාවේ.

    දිලාගෙ ෆස්ට් එක්ස්පීරියන්ස් එකනෙ. ගිය අවුරුද්දේ ඉඳන් මේ අවුරුද්දට එද්දි නෙළුම් යාය improve උනා වගේම, දිලාත් ලබන අවුරුද්දේදි වැඩේ එලටම කරයි. එච්චරයි. නේද දිලා?

    මට හිතට එකම දුක ඇනෝපිලිසාව දණගස්සල තිබ්බ එක අෆ්ෆා. :/

    ReplyDelete
    Replies
    1. මාව කවුරුවත් දණ ගැස්සුවේ නෑ ....
      මමම දණ ගහ ගත්තා ....
      හැක හැක හැක .

      Delete
    2. පල ..පල උඹ ඔතන දන ගහපු හේතුව දන්නෙ මමනෙ

      Delete
    3. බෙස්ට් බ්ලොගර් ට මගෙත් රැස්පොට් එක.. උඹට ලැබුනේ ලැබිය යුතුම සම්මානයක් බස්සි. මන් හැමදාම කියනවා වගේ අභ්‍යන්තර මල් ගහණ හැමදාම පිපෙන්නේ නෑ.. පිපෙන කාලෙට උපරිම ප්‍රයෝජන් ගන්න ඕනේ. උඹේ සුවාමියා ගැනත් මොකුත් නොකියා ඉන්නම බෑ. ඌ 'එළ කොල්ලෙක්' උඹේ වාසනාව..

      මුද්දා & කම්මල.. කෝ බන් මේකේ අර උඩ පැන පැන හිනාවෙන ඇනිමේෂන් එකක් දාන්න විදියක් කියපියව්.. (ගෙරි කම්මලයා තෝ කියුවොත් ඔය වගේ වරෙත්තු කතාවක්ම තමයි.. හැක හැක හැක..)

      Delete
    4. කම්මල,
      මොකද්ද බං මමවත් නොදන්න හේතුව..???
      කමී,
      මොකක් හරි කුප්ප කතාවක් තමා නේ ..??

      Delete
    5. උඹේ සුවාමියා ගැනත් මොකුත් නොකියා ඉන්නම බෑ. ඌ 'එළ කොල්ලෙක්' උඹේ වාසනාව.. සහතික ඇත්ත. බස්සා අයිය බස්සි අක්කට දෙන සහයෝගය අගයකරන්න වචන නෑ,

      Delete
    6. අපේ බ්ලොගාල සැට් එක කට්ට කාල මහන්සියෙන් සංවිධානය කරපු දේට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වීම ගැන මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතරම අපහසුවෙන් හෝ අසා සිට දැක්වූ සහයෝගය ඉතාමත් අගයකොට සලකමි.(ඉවාන් දන්නවා ඒ ගැන ඒ මොහොතේ මං පුද්ගලිකව කොයිතරම් වද උනාද කියල.)

      Delete
  37. මේකට මගේ උත්තරේ මෙතන

    ReplyDelete
  38. මෙන්න මේ සම්මාන උළෙල තමයි ඇත්තම බ්ලොග් වසන්තය. එදා පැමිණි නොපැමිණි සම්මාන ගත් නොගත් අපි හැමෝටම මේ අවුරුද්ද පුරා බ්ලොග් ලියන්න උත්තේජනයක් ලැබුනා . උඹලාගේ මේ කැපවීම දුටුවාම අපි මොකුත්ම උදව්වක් නොකළ එක ගැන දුකකුත් හිතෙනවා. ඔය කියන විදිහේ පොඩි පොඩි අඩුපාඩු හදාගෙන ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳට කරමු. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ඊළඟ අවුරුද්දේ නිවාඩු හදාගෙන පැමිණීමෙන් උදව් කිරීමට සැමට අවකාශ සලසා දී ඇත. :) ස්තුතියි. යමක් කරලා තියෙනවා වගේ හිතෙනවා මේවා කියෙව්වම.

      Delete
  39. වැඩේ ගැන කියන්ඩ දෙයක් නෑ ....
    ඔය කොරපු හරිය ඉහටත් උඩින් ....
    කවුරුත් දන්නෙ නැති දෙයක් කියන්ඩ තමයි මේ හදන්නෙ ....
    මගේ කැමරාව කැඩිල, නයා නැති අහිකුණ්ඨකය වගේ උඩ බලං ඉන්නකොට, තමං ගාව තියන කැමරාව දීල උඹ මේකෙන් පොටෝ ගහං කියපු කටුස්සට අති විශේෂ ස්තූතියක් හිමි වෙන්ඩ ඕනෙ...
    සම්මාන උළෙල වගේම මීයාගල වැඩෙත් කවර් කෙරුවෙ කටුස්සගෙ කැමරාවෙන්...
    කිසි බයක් නැතුව වටින කැමරාවක් තව එකෙකුට දෙනව කියන්නෙ අද කාලෙ අමාරු වැඩක් නෙමෙයි නොකරන වැඩක් .....

    ReplyDelete
    Replies
    1. අම්මප කටුස්ස කියන්නෙ පල් මෝඩයෙක් උඹ වගේ එකෙක්ට ඔහොම කැමරාව දෙනවද ? :D

      Delete
    2. මචං කටුස්සා ගැන වෙනම පොස්ට් එකක් දාන්න වටිනවා.. අනුරධපුරෙයි කොළඹයි අතර ගෙවෙන උගේ ජිවිතේ වටිනාම දවස් වලින් කියක් ඌ කිසි ලොබ කමක් නැතුව 'මම' වෙනුවෙන් කැප කලාද?
      උඹයි ඌයි ෆිට් එකට නැත්නම් මේ කිසි දෙයක් මම කරන්නේ නෑ. මට බය නැතුව ඕනෙම තැනක තුන් දෙනෙක් කරන වැඩ භාර ගන්න පුළුවන්. ඒ උඹලා දෙන්නා නිසා..

      Delete
    3. ඒ මදිවට ඒකට කවුද එකෙක් වැලි ගැහුවත් එක්ක බීච් එකේදී... ;)

      Delete
    4. වැලි ගැහුව කියන එක වැරදී ....
      පොටෝ එකට ඇක්ශන් පෝස් එකක් දාන්ඩ ගිහිං වැලි ටිකක් විසිඋනා ....
      මගෙ කටෙත් එක්ක වැලි ....
      හැක හැක හැක ....

      Delete
  40. වචන වලින් විතරක් ලියල ක්‍රියාවෙන් සහයෝගයක් දෙන්න බැරිවුන මම විවේචන විතරක් එල්ල කරන එක වරදක් කියලයි දකින්නේ. ඒ හින්ද මොන වැරදි අඩුපාඩුකම් තිබ්බත් ඔයාල කරපු වැඩේ විශිෂ්ඨයි...

    විනිශ්චය ගැන ඔයාගේ කලින් පොස්ට් එකේ මම සෑහීමකට පත්වෙන්නේ නැහැ කියල මම කිව්ව ඒකත් වරදක්ද කියල මම නැවත නැවතත් හිතමින් ඉන්නවා... එයින් යම් අපහසුතාවයකට පත්වුනානම් සමාවෙන්න... ඊළඟ නෙලුම් යායට කලින් සමාන උළෙලක විනිශ්චය කෙසේ විය යුතුද යන්න ගැන පුළුල් සහ විවුර්ත කතිකාවතකට යායුතුයි කියලයි මගේ අදහස... උළෙලේ කියවෙච්ච අනෙකුත් අඩුපාඩුකම් නම් ඉතින් හදාගන්න එක ඒ තරම් දෙයක් වෙන එකක් නැහැ.. වැරදීම් වලින් ඉගෙනගන්නා දෙයින් ඔයාල ලැබුවාවූ පන්නරය ඊළඟ වතාවේ සම්මාන උළෙල මීට වඩා වර්ණවත් කරාවි කියල ශුවර්ම ෂුවර්..

    මම යෝජනා කරනවා ඊළඟ සම්මාන උළෙල සඳහා බ්ලොග් අඩවි යෝජනා කිරීමේදී බ්ලොග් පාඨකයින් වන හැමදෙනාටම හැම ඉවෙන්ට් එකකටම පොස්ට් එක බැගින් යෝජනා කරන්න අවස්තාව දෙන්න කියල. ඊට පසුව වැඩි දෙනා විසින් යෝජිත පොස්ට් වලින් හොඳම පොස්ට් තේරීමේදී සම්මත නිර්ණායක අනුව ලකුණු ලබාදී ලකුණු මට්ටමෙන් වැඩිම ලකුණු අතර ඉන්න පොස්ටුව ජයග්‍රහණය කරවීම බොහෝ දුරට සුදුසුයි කියලයි මම හිතන්නේ.. පාඨකයින් විසින් යෝජිත සහ විනිශ්චය මණ්ඩලයක සම්මත නිර්ණායක අනුව තේරිච්ච සම්මානයක් වෙනුවෙන් කාටවත් චෝදනා කරන්න බැරිවෙයි ඒ සම්මානේ දීපු කෙනා වැරදියි කියල.. විනිශ්ච මණ්ඩලයක ඉන්න කිහිපදෙනෙක් යෝජනා කරන අඩවි හෝ පොස්ට් වලට වඩා පාඨකයින් විශාල ප්‍රමාණයකගේ යෝජනා වලින් ඇතුලට එන සහ සම්මත නිර්ණායක වලින් තේරීමට ලක්වෙන අඩවි හෝ පොස්ට් ගැන තියන විනිවිදභාවය වැඩියි කියලයි මගේ අදහස. එහෙම කරාම විනිශ්‍ය මණ්ඩලය ගැන තියන විනිවිදභාවය වැඩියි කියලයි මම හිතන්නේ.. ඔය මගේ යෝජනාව ඇතුලේ පාඨකයින් විසින් යෝජිත පොස්ට් සහ අඩවි වලට සම්මාන හිමිවෙන ක්‍රමයක් ඇතුලේ මගේ බ්ලොග් අඩවිය සම්මාන උළෙලට නිර්දේශ වෙන්නේ නැති විත්තියත් මම ඉර හඳ වගේම දන්නවා උනත් එහෙම කිරීමෙන් කාට හෝ අසාධාරණයක් වෙන්න තියන ඉඩකඩ අවම වෙනවා කියලයි මගේ අදහස.

    පුලුවනිනම් ඊළඟ වතාවේ වසරේ ජනප්‍රියම බ්ලොග් අඩවියට සම්මානයක් දෙන්න විදිහක් හදන්න ඔන්ලයින් පෝල් එකකින් තෝරලා..එතකොට හැමෝටම පුළුවනි අපි පුද්ගලිකව ආස කරන බ්ලොග් අඩවියට චන්දයක් දෙන්න..


    සම්මාන උළෙල වෙනුවෙන් වෙහෙසවූ කමීටත්, නෙලුම් යාය අජිත් ධර්මකීර්තිටත් බුද්ධිමය සහ අරමුදල් දායකත්වය සැපයු අනෙකුත් සැමදෙනාටත්,හැමදෙනා වෙනුවෙන් අරගල කල අටමාටත් හදවතින්ම ස්තුතියි..


    ReplyDelete
    Replies
    1. මචං ක්‍රියාවෙන් සහයෝගය නොදුන්නට වචනයෙන් දෙන සහයෝගය අපිට ක්‍රියා කරන්න උත්තේජනයක්. ඒක නිසා උඹලා අපිත් එක්ක ඉන්න එක වටිනවා. අනික තියෙන චෝදනා කෙලින්ම කියපන්. හිතවත්කමට කියලා නොකියා ඉන්න එකෙන් වෙන්නේ අපි වැරද්දක් කරානම් ඒක දිගටම කරන එක විතරයි. ඒක එතකොට යාලු කමක් නෙවෙයි ද්‍රෝහී කමක් වෙනවා. අම්බලන්ගොඩ උඹට මම මේ දේවල් අමුතුවෙන් කියන්න ඕනි නෑ. අඩු පාඩු කියපන්.අපි ලෑස්තියි හදා ගන්න.
      ජනප්‍රිය බ්ලොග් අඩවිය හොඳ යෝජනාවක්. එක ප්‍රොෆයිල් එකකින් එක ලයික් එක විතරක් ගානේ වගේ දෙන්න පුළුවන් විදියට එහෙම එකක් හදා ගන්න පුලුවන්නම් පට්ට ඈ!

      Delete
    2. ඔන්ලයින් පෝල් දාන විදි තියනවනේ කමී.. කොහොමත් එක ප්‍රොෆයිල් එකකින් එක බ්ලොග් අඩවියකට එක ලයික් එකක් විතරක් දෙන්න පුළුවන් වෙන්න හදාගන්න බැරි වෙන එකක් නැහැ. අපේ බ්ලොග් කාරයෝ ඉන්නවා නේද IT පැත්ත ගැන දන්නා.. එයාලගෙන් සහයෝගය ගන්න පුළුවන් වෙයි ඔය වැඩේට.

      **************

      කලින් පොස්ට් එකේදී ඔයාට මම කමෙන්ට් කරලා දැන්වුවා මට එන්න වෙන්නේ නැහැ කියල.. එතැනදී ඔයා මගෙන් අහල තිබුන කව්රුහරි නොයෝජිතයෙක් සහභාගී කරවන්න පුලුවනිද කියල. මම ඒකට උත්තරේ නොදුන්නේ අන්තිම අවස්තාව වෙනකම් මම එතනට එවන්න නියෝජිතයෙක් හොයමින් උන්නු නිසා. ඒත් අවසානයේ මගේ උත්සාහය වතුරේ ගියා.

      සම්මානය ගැනීමට පැමිණීම සම්මානය ලැබීමට සුදුසුකමක් වීමට ලකුණක් එකතු කරනවා කියල මම කලින් දන්නවනම් ලංකාවේ ඉන්න එවුන්ට කෝල් දීල උත්සවේට කව්රුම හරි සහභාගී කරන්න මම උත්සහ කරන්නේ නැහැ කියල මට කනගාටුවෙන් උනත් කියන්න වෙනවා කමී..

      ඒ ලකුණ ඇතුලේ ගම්‍ය වෙන්නේ සම්මානය ලැබෙන්නේ බ්ලොහයේ හෝ නිර්දේශිත පොස්ටුවේ අන්තර්ගතය වෙනුවෙන් නොවෙන බවක්. ඒ ලකුණ නිසා සමහරවිට සමහරක් දෙනාට සම්මානය නොලැබී යන්නට ඇති. එහෙම උනානම් ඒක නොවියයුතු දෙයක්. මම ඒ පැමිණීම වෙනුවෙන් දුන්නු ලකුණ ඇතුලේ දකින්නේ සම්මාන උලලට සහභාගී වෙන ඔලු ගණන වැඩි කරමින් කාට හෝ සම්මාන දීල කරන්න හදන මොකක්දෝ තුන්වෙනි පාර්ශවයක හන්ගාගත් මාර්කටිං අරමුණක්. නෙලුම්යාය සංවිධායක මණ්ඩලයට ඒ ලකුණ සම්භන්ධයෙන් මගේ සාතිශය කනගාටුව ප්‍රකාශ කරනවා.

      සමහර විට උඹල හරි ඇති.. උඹල හිතනවා ඇයි යකෝ උඹ එහෙම කිව්වට මිනිස්සු නැතුව අපි පුටු වලට සම්මාන දෙන්නද කියල. ඒත් මගේ තර්කය නම්, මේ දෙන්නේ දක්ෂතාවයට ලැබෙන සම්මානයක් නම් ඒ සම්මානය හිමිවියයුත්තේ එය ලැබියයුත්තාට හෙවත් දක්ෂයාටමයි.. එතැනදී සංවිධායක මණ්ඩලයට අදාළ විය යුතු නැහැ සම්මානයට පාත්‍ර වන පුද්ගලයා ජීවතුන් අතර ඉන්නවාද නැතිද සම්මාන උලෙලෙට එනවාද නැතිද කියන දේ.. නිර්මාණ ඇගයීම සිදුවියයුත්තේ නිර්මාණකරණයේ අන්තර්ගතය අරමුණු කරගෙන මිස සහභාගිත්වය අරමුනු කරගෙන නොවේ යන්න මගේ අදහසයි.

      මෙව්වා මෙහෙම ලියනවට සමාවෙයන්.. මගේ හිතේ තියන දේ නොකිය ඉන්න එක මගේ සිරිත නෙවෙයි.. අවංක වූ මා සැමදා දුකේ කියනවනේ මචන්..ඒ හින්ද කෙලින් කතාකරන මිනිස්සු හැම තැනින්ම කැපිල යනවා.. මමත් එහෙම එකෙක්.. හිතේ එකයි කටේ එකයි නැහැ..කැපුවත් මැරුවත් කියන්න තියන දේ කියන්න ඕන කියල මම හිතනවා.

      විවේචනය හරිම ලේසියි.. ඒත් කරන්න ගියාම තියන අමාරුව දන්නේ කරපු උඹල විත්තිය දන්නවා බන්.. උඹලාට ජය..

      Delete
  41. ගිය අවුරුද්දට සාපේක්ෂව මෙවර සම්මාන උලෙළ ගොඩක් ඉහළ මට්ටමක තිබුනා. පොඩි පොඩි අඩු පාඩු කොහොමත් වෙනවනෙ. මේ තරම් සාර්ථක කරගන්න පුලුවන් උනේ කමි ඇතුලු සංවිධායක මණ්ඩලයේ කැප වීම නිසා. කමීගෙ ඇදුම නම් කිසි අවුලක් උනේ නෑ මට පෙනුනු විදිහට. අර ටොයි බයි ලොන්තයො දෙන්නගෙ නාට්ටිය නම් පට්ට පජාතයි.
    ඉදිරියේදී තවත් හොඳට මේ කර්තව්‍ය සාර්ථකව කර ගන්න අපි එකමුතු වෙලා වැඩ කරමු.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා නෙලුම්යය තියෙනකම් නැතිවෙන්නේ නැති නමක්..

      Delete
    2. මේ පාර මනා නෙළුම්යායේ ගීතය ගායනා කරනවා දකින්න අසන්න මට ඉඩක් ලැබුනේ නැහැ. ඒ ගැන නම් පොඩ්ඩක් දුකයි. කමක් නෑ .ඊළඟ වතාවේ පුළුවන් වෙයිනෙ

      Delete
  42. සම්මාන උළෙල දවසෙ නම් මේ කියන කිසි අඩුපාඩුවක් පෙනුනෙ නැහැ. අපි නම් ගොඩක් සතුටින් රසවින්ද :)

    ReplyDelete
    Replies
    1. කැමැත්තෙන් තැනකට ගියාම එහෙම තමයි. :)

      Delete
  43. අපි වගේ ඇනෝලට තැනක් නැති එක ගැන හරිම දුකයි.... කොටින්ම කියනව නම් කාලයක් කකාගෙ බ්ලොග් එක ඇදගෙන ගියේ අපි......අපි නැත්නම් කකා ලොවෙත් නැ....

    කකා බ්ලොග් ලෝකෙට කරපු යම් සේවයක් තියෙනවනම් ඒ පිටිපස්සෙ ඉන්නෙ අපි... අපිටත් පොදු සම්මානයක් වත් ලැබුනනම් තමා හොඳ..........

    ReplyDelete
    Replies
    1. ඇනොලට සම්මානයක් දුන්නොත් කවුද එන්නේ ගන්න?

      Delete
    2. ඇනෝ විදියටම ඇවිත් තමයි ගන්න වෙන්නේ හෙහ් හෙහ්

      Delete
    3. ඇයි සිංදු ඇනෝ ගෙ සම්මානය දුන්න වෙලාවෙ කව්දෝ පට්ට ආතල් එකක් දුන්නලු නේද එදා?

      Delete
  44. ඇත්තටම මට හිතුන දෙයක් තමයි ඔතනට කරෑ නැතුව පරණවිතාන ආවනං කියල.. පත්තරවල එහෙම මේ ඉවෙන්ට් එක දේශපාලනික විදියට ඉස්මතු කරල තිබ්බෙ කරූ හින්ද.. කරූ ජයසූරිය කියන නමම දේශපාලනිකයි... මීඩියා කවරේජ් එක ඕනෙ තමයි, ඒත් ඒක දේශපාලනික එකක් වෙලා වැඩක් නෑ කියල මම හිතන්නෙ... ( අපේ කට්ටිය දැං මගෙන් අහන්නෙ ඔයා දේශපාලනේ ලියනවද, ඕවා කරන්නෙ පරිස්සමින් හොඳේ... කියල... ... ඔව්.. මෝඩ මිනිස්සු තමයි එහෙම අහන්නෙ.. ඒත් ... ) ඔතනට පරණවිතාන ආවනං කරූ වගේ උඩින් තියන්න ඕනෙත් නෑ... ඒ මනුස්සය උඩ ඉන්න හදන්නෙත් නෑ... එයාට එන්න පුළුවන් උනානං වැඩේ තවත් ලස්සන වෙනව... අනිත් එක මං සම්මානෙ ගත්තෙ මාතලන්, අජිත්, කමියා අතින්.. ඕක කරූ දුන්න නං මට නම වත් මතක හිටින්නෙ නෑ.. සිරාවටම... මොකද මං ඒ යකාව දන්නෙ නෑ නේ... හි හි...

    ( ම‌ං නං පරණවිතානව දන්නෙ ඔය අපේ කකාව දන්නව වගේ තමයි.. බ්ලොග් එකෙන් විතරයි.. මට කකාත් බ්ලොග්කාරයෙක්, පරණවිතානත් බ්ලොග්කාරයෙක්..)

    ReplyDelete
    Replies
    1. කරූ ජයසූරිය කැමැත්තෙන් එන්න ඇහුවා කියුවොත් විශ්වාස කරනවද? :)

      පරණේ ආපු නැති එකනම් ලොකු පාඩුවක්. උනේ දවසේ වැරැද්ද.. නමුත් අපි මුලින් දිනේ ෆික්ස් කරලා තිබ්බේ. අමාත්‍යංශේ වැඩේ වැටුනේ පස්සේ අන්තිම මොහොතේ. පරණේ පට්ට බ්ලොග් කාරයෙක්.. හරිම ආසවෙන් හිටියේ ඉවෙන්ට් එකට එන්න..

      Delete
    2. ඔයාගේ කේක් ප්‍රදර්ශනයකුත් සයිඩ් එකෙන් තියලා ඔයාගේ ප්‍රියතම මහින්ද රාජපක්ෂ ගෙනාවනම් කොහොමද?

      Delete
    3. කට්ටියට කේක් කෑල්ලක් දෙන්න තිබ්බනං කියල මටත් හිතුන.. ඒත් ඉතිං කඩේ කරන්නෙ මම නෙවෙයිනෙ... හි හි... අනිත් එක එහෙම දෙයක් කරන්න නං කලින් කතාබහ කර ගන්න ඕනෙ.. මම මේ ඉවෙන්ට් එක සංවිධානයට සම්බන්ධ උනේ නැහැ... මහින්ද රාජපක්ෂ නං ඇවිල්ල වැඩක් නෑ... දේශපාලනේ මගේ ප්‍රියතම විශයක් නොවිච්චකොට, දේශපාලුවො කියන්නෙ මට අප්‍රියම විශයක්.... එයාලගෙන් බ්ලොග් වලට වැඩකුත් නෑ, කේක් වලට වැඩකුත් නෑ... (හොරුන්ට මිස වෙන මොකාටවත් ඇති වැඩකුත් නෑ..) මගෙ අදහස උනේ කරූ උනත් වැඩක් නෑ කියල... ඔය කට්ටිය මේ දවස්වල මාධ්‍යට මූණ දාගන්න ක්‍රම හොය හොය යනව... මේ ඉවෙන්ට් එක ගැන පත්තරවල ගිය ආටිකල් ටික බලන්නකො...

      Delete
  45. මේ වගෙ දෙයක් සංවිධානය කරන එක ලේසි දෙයක් නෙමෙයි. කමිය උඩ කිව්ව විදියට මේ වගෙ එකක් තනියම කරන්න පුලුවන් අය වගේම උලෙලට එන්න බස්ගාස්තුව හොයාගන්න අමාරු අයත් ඉන්නව. ඒ හැමෝම එකට කාල බීල කරට අත දාගෙන ඉන්නව අහන එකත් හිතට සැපයක්.මට නම් ලොකුම සතුටක් වුනේ මේ සිද්ධියෙන් පස්සෙ බ්ලොග් ගැන සමාජයෙ කතාබහක් ඇතිවුන නිසා. ලොකුවට හාහෝවක් වගෙ දෙයක් පෙනුන නිසා බ්ලොග් කියන වචනෙ අහල නැති අයත් මොනවද මේ කියල හිතන්න ඇති.කරූ ජයසූරිය ආපු එක අන්තිම හොදයි.ඒ නිසයි මාධ්‍යවල අවධානය ලැබුනෙ.
    මම සිව්වැනිමානය කියල අලුත් ඉස්කෝලෙක අලුත් සිසුවෙක් ලෙස මුල ඉදන්ම පටන් ගත්තත් කාලෙක ඉදන් බ්ලොග් එක්ක හිටපු බ්ලොග්වලට ආදරය කරන එකෙක්.බ්ලොග් සමාජයෙ සැලකියයුතු බලයක් තිබෙන මාධ්‍යයක් වෙන ලකුනු පේනව කියන්නෙ සතුට කියා නිමකරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මම මේ තාම හිතන්නේ උඹ :අහවලා'ද කියලා.. :)

      Delete
  46. වාව්...
    ජාති හොඳේ...
    කොහෙද අපේ මේ බම්බු විභාග එක්ක මොකවත් වෙන වැඩ කරන්ට බෑනේ...

    මැරුණේ නැත්නම් ලබන පාර එන්ට උපරිම උත්සාහය දෙනවා...

    ReplyDelete
    Replies
    1. විභාග ගැන එච්චර හිතන්න එපා බං. මටත් හෙට Law exam පටන් ගන්නවා OUSL එකේ. අද නිවාඩු දැම්මා පාඩම් කරන්න. තාම උදේ ඉඳන් මේවට උත්තර ලියනවා.

      මැරිච්ච උන්ට උනත් එන්න පුළුවන් නම් මමත් මලත් එනවා හැම අවුරුද්දකම.. හැක හැක හැක..

      Delete
  47. ආආආ තව දෙයක්... කලින් දාපු පෝස්ටුවේ දිනපු පෝස්ටු වලට එක පාරම යන්ට පුළුවන් විදිහට ලින්ක් ටික දැම්මා නම් නරකද???

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට පෝස්ටුවේ කොමෙන්ටුවක් විදියට තිසර දාල තිබ්බ ඔක්කොම ලින්ක්ස් ටික.

      Delete
    2. ඔව්. තිසර සැහෙන්න මහන්සි වෙලා දාලා තිබ්බා ලින්ක් ටික. හැබැයි ඒක හොයා ගන්නත් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා.. :)

      Delete
  48. phugiya dawas wala arrears adinawa, sinhalath na, comment ekak daannam passe, umbata jaya. Man of the Match kamiya

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකට යන පාරත් අමතක වෙලා ඇති නෙහ් ?

      Delete
    2. යනකොට සික්‍යුරිටි එකෙන් අයිඩෙන්ටිය ඉල්ලනවා බං. තේ හදන කොල්ලා විසිටර් රුම් එකට තේ එක ගේන්නේ..

      Delete
  49. නොකී කතා ඔයින් ගියා මදැයි!

    ඇඳුම ගැන හිතන්න එපා හලෝ. ඊට පස්සේ ඕකත් අනිත් සම්මාන උළෙවල් වගේ කිට් බිට් ගහගෙන, ටයි බයි දාගෙන , සාරි බාරි ඇඳගෙන , සිලින් බිලින් දාගෙන එන ඉවෙන්ට් එකක් වෙයි. හත්වලාමේ මම ඊළඟ අවුරුද්දේ ඉවෙන්ට් එකට එන්න හිතන් ඉන්නේ අනේ, ඒක නැති කොරන්ට එපා අය්යෝ.... ( සාධාරණ හේතු ඇතුව මාව එන එක වලක්වන්නම කිව්වදෝ කියලත් හිතෙනවා..)

    ඩෙනිමක් ගහගෙන.. පාඩුවේ එන්න තියෙනවා නම් කොතරම් හොඳද... මට නම් මෙලෝ අවුලක් පෙනෙන්නට නැහැ. විකාරයක් වෙයි නැත්තම්.

    ReplyDelete
    Replies
    1. නොකී කතා පහුවෙනිදම ආපහු ගිහිල්ලා.. :) කිට් බිට්, සාරි බාරි, ටයි බයි, සිලින් බිලින් කෙල්ලට කියලා දෙන්න ඕනි සිස්සත්තෙට ලියන්න යුගල පද වලට.. මාත් ආසම කිට තමයි.. ඒත් නිකම් හරි මදි වගේ හිතුනා වේදිකාව උඩ ඉන්න වෙච්චි නිසා..

      Delete
  50. මේක විශිෂ්ඨ වැඩක්. ඒ ගැන කතා දෙකක් නෑ!
    ඉවෙන්ට් එකට ආපු නැති, කිසිම සපෝර්ට් එකක් දුන්නේ නැති මට මේ ගැන විවේචනය අයිතියක් නැහැ. ඒත් බ්ලොග් ලියන්නෙකු විදියට මගේම අදහස් ටිකක් තියෙනවා.
    1. සම්මාන උළෙලින් තමුන්ගේ බ්ලොග් එක ඉවත් කරන්න කියලා කියන එක නම් හරි මදි වගේ නේද? විනිශ්ය මණ්ඩලේ ඉන්නවා නම් පොයින්ට් එකක් තියෙනවා. මේකේ ප්‍රධාන පරමාර්ථය වෙන්න ඕනේ හොඳම බ්ලොග් ලියන්නෝ ටික හයිලයිට් කරන එක. එතිනින් තමුන්ගේ නම ඉවත් කර ගන්නවාය කියන්නේ හැමෝටම කරන අසාධාරණයක්! සම්මානය ලැබෙන එකාට හිතෙනවා "අරූ" හිටියනං මට මේක හම්බවෙන්නේ නෑ" කියල. අනෙක් අතට උත්සවය නරඹන්නෝ හිතනවා "ඔය තේරුනේ හොඳම එක නෙවෙයි.. අරය එයාගෙම කැමැත්තෙන් අයින් වෙලා මෙයාට චාන්ස් එකක් දීල " කියල.
    ඒ හින්ද සම්මාන උලෙලට ඇතුලත් කරන්න එපාය කියපු බ්ලොග් වල නමක්වත් සඳහන් කරන්න ඕනේ නෑ කියන තැන තමා මම ඉන්නේ.

    2. නෙලුම්යාය සම්මාන උළෙල ගැන ගොඩක් ලිපි මම කියෙව්වා. එතනින් මම දැක්ක දෙයක් තමයි හැමෝම ඉවක් බවක් නැතුව ප්‍රසිද්ද නොකරන්න ඕනේ දේවල් පවා පොස්ට් හැටියට ලියල තියෙන බව. උදාහරණයක් විදියට විනිශ්ය මණ්ඩලේ ඉන්නේ කව්ද, නොමිනේට් උනේ මොන බ්ලොග්ද, බ්ලොග් විත්ඩ්‍රො කරගත්තේ කව්ද වගේ දේවල්. මගේ නම් අදහස ඒ වගේ දේවල් විනිශ්ය මණ්ඩලය ඇතුලේ විතරක් තිබ්බාම ඇති කියල. මණ්ඩලේ ක්‍රියාකරින් ඒවා ප්‍රසිද්ද නොකරන්න කටයුතු කරන්න ඕනේ
    ඉවෙන්ට් එකට පස්සේ දවසේ සියලුම අංශ වලින් නිර්දේශ වුනු බ්ලොග් සහ තේරුණු බ්ලොග් ලිස්ට් එක වෙනමම පබ්ලිෂ් කලාම හොඳටම ඇති. නිර්දේශ උනු අයට පෞද්ගලිකව දැනුම් දෙන්න පුළුවන්නේ කල් ඇතුව

    තව අදහස් කීපයක් තියෙනවා. පස්සේ කියන්නං

    ReplyDelete
    Replies
    1. මොකුත්ම කොමියුනිකේට් නොකර ඉන්න එක නම් සාර්ථක වෙන එකක් නෑ. හැබැයි කන්ට්‍රෝල් වෙන්න ඕනි. ඒක හරි. අපිට ඕනි මේක සාමාන්‍ය සම්ප්‍රධයෙන් එහාට ගිහින් ඕපන්ලි දිස්කස් වෙන තැනකට ගේන්න. විවේචන අදහස් යෝජනා ඔක්කොම භාර ගන්නවා. අවසානයේ හරි දේ කරන්න ලැබුනොත් අපි දිනුම්.
      තව අදහස් දීපං මචෝ..

      Delete
  51. හැම පැත්තක් ගැනම හිතලා මෙහෙම දෙයක් කරන එක කොච්චර අමාරුද කියලා තේරෙනවා. වැඩෙ නම් උපරිමෙන්ම තිබුනා. ඇත්තටම සතුටුයි.

    මට මෙහෙම හිතුනා. අර අන්තිමෙ තිබ්බ නාට්ය කරූ ඉන්න වෙලේ කරා නම් කියලා. මොකද ඒක සෑහෙන හොද මට්ටමක තිබුනා.

    ඊලග වතාවේ මීටත් වඩා සාර්ථක වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අඩේ මේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නවට වඩා උඹ හෙන හැන්ඩි කොල්ලෙක් නේ.. :) පොතේ වැඩේ කරන්නේ කවදද? පොඩි පබ්ලිසිටියක් දීපං. නැත්නම් අවුරුදු කාලා ඕවා අමතක වෙනවා..

      Delete
  52. මට මෙතන අදහසක් දාන්න විදියක් නෑ මම ඔතෙනට ආවෙ නැති නිසා. නමුත් මීට කලින් තිබ්බ ඉවෙන්ට් වලට වඩා හොඳ තත්වෙන් මේක කෙරිල තියෙන වග පේනව. ඇත්තටම ඒ අතින් උඹ කරල තියෙන මේ කැපවීම ඉහටත් උඩින්. ඔය රෙද්දක් ගැන ඕනිවට වැඩිය හිතන්න යන්න ඕන නෑ කියන එකයි මගේ හැඟීම. රෙද්දෙන් රෙද්ද ඇතුලෙ ඉන්න මනුස්සය මනින්න බෑ.
    විදානය මාව ඇදගෙන යන්න මාර කැපවීමක් කළත් එදා එන්න නොහැකිවීම ගැන අවංකව කණගාටු වෙනව.
    අඩු පාඩු ඔක්කොම එකපාර හදාගන්න අමාරුයි. අර ලොකුපුතා කියල තියෙනව වගේ බලු කපුටු දානයක් දෙන්න උනත් මාර කැපවීමක් කරන්න ඕන.
    ඊගාව පාර ඕවත් හදාගෙන මේක දිගටම කරගෙන යන්න බලමු.
    -ජය-

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ ආවේ නැති නිසා උඹේ අදහස් අපි විසි කරනවද.. හැක්. එහෙම නෙවෙයි. කොහොම හරි වෙලාවක් හදාගෙන වෙලාවක සෙට් වෙමු. අන්න එහෙම වැදගත් යෝජනා දාපං..

      Delete
    2. ඔවු ඒ යෝජනාව හැකි ඉක්මනින් ක්‍රියාවේ යොදවන්න ඕන කියල තමයි මාත් හිතාගෙන ඉන්නෙ.

      Delete
  53. ෂැක්....අර ඉවානය ස්ටේජ් එකට නග්ගල තිබ්බ එක ඇරෙන්ඩ වෙන කිසි අවුලක් නෑ.
    ඇදුම ගැන හිතන්න දෙයක් නෑ මචං ගරු සරු නැති අවකාශෙනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. බං මටත් ඕකා දිරවන්නෙම නෑ. (ඌ උඩ ඉන්නකම් එක කෙල්ලක්වත් මගේ දිහා බැලුවේ නෑ)

      Delete
  54. දිලා කියන්නේ අපේම එකෙක් නේ පොඩි පොඩි අඩු පාඩු තිබුනත්... බොගියෙක්ම ඒ වැඩේට සහභාගි උන එක වටිනවා....

    හොඳම දේ තමයි ලබන පාරත් දිලාම ගන්න එක...

    අඩු පාඩු කොහෙද බං නැත්තේ... ඒවා පයිසෙකට ගනන් ගන්න එපා... ලද දෙයින් සතුටු වෙයල්ලා... ඔක්කෝම කොර වෙලා ඉන්නේ...

    අර බජට් ඉල්ලන උන්ට නම් මගේ ළඟ උත්තරයක් තියෙනවා.. ඒක මෙතන දාන එක හරි නෑ... මොකෝ සම හරක් විට මුළු බජට් එකම උන් දෙන්න හදන්වද දන්නේ නෑ නේ... ඒ වගේම සම හරක් විට ඉන්කන්ටැස් එකෙන් වෙන්නත් පුළුහන්.... බලාගෙන... බී කෙයාර්පුල්...

    ReplyDelete
    Replies
    1. අනිවා. ඊළඟ එකෙත් කම්පියරින්ග් ඉවාන් සහ දීලා තමයි. ඒකත් අපේ අනන්‍යතාවයට එකතු කර ගන්න ඕනි.

      මුන් හිතාගෙන ඇත්තේ දැන් අපේ සුවිස් ගිණුම් වල ඩොලර් කුට්ටි තියෙනවා කියලද දන්නේ නෑ. හැක්. සමහරුන්ට තමන්ගේ සිමාවෙන් එහා ගිහින් මොකුත් හිතන්න බැරි එක කණගාටුවට කාරණයක්.

      Delete
    2. //මුන් හිතාගෙන ඇත්තේ දැන් අපේ සුවිස් ගිණුම් වල ඩොලර් කුට්ටි තියෙනවා කියලද දන්නේ නෑ//
      පුදුමයි තාම එහෙම එකක් නොකිවුව එක. උඹල අර ඉස්කෝලෙට වතුර දෙන්න මහන්සි වෙද්දි මම හිතුව ඔය වගේ ජඩ කතා ටිකක කවුරු හරි කියයි කියල.
      ඒ වගේ කුහකයො දැන් එක්කො බ්ලොග් බලන්නෙ නෑ, නැත්නම් උන් හැදිල

      Delete
    3. අර බජට් ඉල්ලන උන්ට නම් මගේ ළඟ උත්තරයක් තියෙනවා.... දීපන්කො ඔච්චර ඇඹ..රෙන්නේ

      මෙන්න දවසේ කියමන මාතලන්ගේ ඥානකතා අහුලා ගනිල්ලා, පල කරපල්ලා හැබැයි උගෙයි කියපල්ලා

      Delete
    4. තොපි හිතුවද තොපි වගේ කාලකන්නි සෙට් එකක් කියලා නෙළුම් යායේ සෙට් එකත්....

      Delete
    5. නෙළුම් යායේ සෙට් එක අපි 26 වෙනිදා දැක්කා ......හෝල් එකේ සිට් ගානත් වැඩිය හිටියනේ උතුරන්නත් එක්ක එකනේ සම හරක් හිට ගෙන දන ගාගෙන ජනෙල් කුරුවල එල්ලිගෙන අතුරු සිදුරු නැතිව හෝල් එකේ පිරිලා හිටියේ
      එදා බාගදා ලංකාවේ T20 ගේමක් තිබුනද දන්නේ නැ tv එකේ. ගීතා කුමාරිකාව ගෙන්නුවානම් වැල බලන්න ඔයිට වඩා සෙනග එනවා

      Delete
  55. කනගාටුයි එන්න බැරි වුනාට... සමහර විට ලබන අවුරුද්දත් මිස් වෙයි.. දිගටම කරගෙන යන්න කවද හරි එන්න පුළුවන්.. ඔය ඇඳුම් වල කේස් මටත් තියෙනවා. මම ඔහොම අපේ ටෝස්ට්මාස්ටර් ක්ලබ් එකේ චාටර් සෙරමනි එකේදී හිටියා කම්පැනි එකේ ගෘප් CEO ආදී බොහෝ ලොකු ලොක්කෝ ඉන්න තැනක ..හෙහ් හෙහ්.. මාස ගානකින් පොලිෂ් නොකරපු සපත්තු දෙකක් දාගෙන නිකන් අපතය වගේ.. කොටින් ම ස්ටේජ් එකට නැගල සහතික අරන් ෆොටෝ අල්ලන කම් ස්ටේජ් එකේ ඉස්සරහට වෙලා හිටගෙන හිටිය ඉතින්..

    පස්සේ මතක් කරනකොට එකෙත් පොඩි ගතියක් තියෙනවා දැන් හෙහ් හෙහ්....

    සම්මාන උළෙල සාර්ථක වීම ගැන ගොඩක් සතුටුයි.. එල

    ReplyDelete
    Replies
    1. පැරණිම බ්ලොගර් කෙනෙක් ගෙන් මේ වගේ ආශීර්වාදයක් ලැබුනම දැනෙන සතුට කියලා වැඩක් නෑ. අපි බලන් ඉන්නවා බිත්තිය තව තව කියවන්න.

      Delete
  56. ඇයි මාරයාට සම්මානයක් දුන්නේ නෙත්තෙ මම දැක්ක පරිනතම දක්ක්මක් තියෙන කෘතහස්ත බ්ලොග් රචකයෙක් ( ඔව් පොඩ්ඩක් රජාගේ වලන් හෝදනවා තමයි එක ඉතිං දැන් නොර්මල් නේ)

    ReplyDelete
  57. මොන වැඩේ තිබුනත් කොහොමහරි වෙලාවට එතනට ඇවිත් යනවා කියලා හිතාගෙන තමයි ඔපීසියෙන් දුවලා ආවේ.. කට්ටිය එහෙට මෙහෙට දුව දුව මහන්සි වෙන හැටි දැක්කහම වැඩේ වෙනුවෙත් පුංචි හරි උදව්වක් කරන්න නොලැබුන එක ගැන කණගාටු හිතුනා...

    නොගිනිය හැකි තරමේ පුංචි පුංචි දේවල් තිබුනත් වැඩේ උපරිමයෙන්ම තිබුනා කියලයි මටත් හිතෙන්නේ.. කොහොමහරි එන්න පුළුවන් වුන එක හොඳයි කියලා හිතෙන තරමට මට නම් වැඩේට හිත ගියා..

    වැඩේ සාර්ථක කරගන්න සංවිධායක මන්ඩලය, දායක වෙච්ච සියළුදෙනාම කරපු කැප වීමට, වෙච්ච මහන්සියට අපේ ආචාරය හිමි විය යුතුමයි..

    ReplyDelete
  58. පහුගිය වතාවට වඩා මෙවර සම්මාන උළෙල සාර්ථකයි කියලා තමයි බොහෝදෙනා කියනවා දැක්කේ.ඉතින් මේ සාර්ථක උළෙලේ යම් යම් අඩුපාඩු තියේ නම් ඊගාව වතාවේ ඒ සියල්ල හොඳින් හදාගෙන මෙයට වඩා සාර්ථක උළෙලක් සංවිධානය කරන්න පුළුවන් වේවි.මේ වෙනුවෙන් මහන්සි වුනු,කට්ට කාපු උඹලාට අපේ සැලියුට් එක.

    ReplyDelete
  59. මොනවද බං මේ පොඩි පොඩි අඩු පාඩු කියලා කට්ටිය කියන්නේ. ඇත්තටම කියන්නේ මම නම් කිසිම අඩුපාඩුවක් දැක්කේ නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙලාවට වගේ පටන් ගත්ත. සම්මාන ටික ගෙනල්ල තිබ්බා. වෙලාවට ආරාධිත අමුත්තා ආවා. ඉදිරිපත් කිරීම හොඳට තිබුණ, හැමෝම සතුටු වුණා, කන්න බොන්න තිබ්බ, ගොඩක් කට්ටිය ආවා, හවසත් කන්න බොන්න තිබ්බා, සුරංග වගේ දුර යන්න තියෙන අයත් රෑවෙනකන් හිටිය, කටුස්සට හොඳට වැදුන. වෙන මොනවද අඩු??????

      Delete
  60. මාරම ගේමක් දීලනේ සම්මාන උළෙල ගොඩදාල තියෙන්නේ, සැමටම සුබ පතනවා.

    ReplyDelete
  61. කමිය,

    මෙතන මම කිව්ව දෙයක් ගැන කියැවිල තීන නිසා යම්නක් ලිවිය යුතුමනෙ.

    මම උඹට, උඹ ගැන පුද්ගලිකව දුන්න අදහසක් නෙළුම් යාය ඉවෙන්ට් එකේ අඩුවක් විදිහට හයිලයිට් කරේ ඇයි දන්නෙ නෑ.

    ඉවෙන්ට් එකට සහභාගි වෙන මිනිස්සු ඕන විදිහකට එන එක ඒ අයගෙ කැමැත්ත, ඒක පාළනය කරන්න යන එක අනවශ්‍ය වැඩක්.

    ඒත් උත්සවයෙ ප්‍රධාන සංවිධායක සහ වේදිකාවෙ තෑගි ලංකර දෙන්න විදිහට උඹ ඔයිට පිළිවෙලට උන්නනම්, පින්තූරවලට ඒක ලස්සනට දැනෙනව. ඒ වටිනාකම් අනෙක් උන්ට නෙමේ, ලැබෙන්නෙ උඹටයි. මොකද ඔය පින්තූර කවදහරි දකින තුන්වැනියො දකීනෙ අදාල සිද්ධිය මිස ඒ පස්සෙ තීන කතා නෙමෙයි.

    මේක මම කිව්වෙ පුද්ගලිකව උඹට මිසක් උත්සවයට අදාලව නෙමෙයි කියල ආයි කියනව.

    අනික, බ්ලොග් කියන්නෙ රැඩිකල් මාධ්‍යක්, ඒකෙ උත්සවෙට එන උන්ට ෆෝමල් වෙන්න ඕනෙ නෑ කියන අයගෙන් අහන්න කැමතියි, ඇයි එහෙනම් ෆෝමල් සම්මන උත්සවයක්? ඒකත් රැඩිකල්, ඔන්ලයින් හරි වෙන ක්‍රමයකට හරි තියන්න තිබ්බනෙ ( අර කකාට චූ කක්ක සම්මණෙ දුන්න වගේ )?

    උත්සවය සහ කන්සෙප්ට් එක ෆෝමල් වෙත්දි සහභාගිවෙන උන්ගෙ ඇඳුම විතරක් ඉන්ෆෝමල් වෙන එක නිකන් වවුලගෙ මගුලට ගිහින් කකුල් දෙකෙන් හිටං උන්න වගේ තමා.

    කමිය, උඹලගෙ උත්සවේ වැරදි සහ අඩුපාඩු කියන එක මට අදාල නෑ, හේතුව මම එතන නොසිටි නිසා. ඒත් ඒකේ යහපත දකින ඉඳ හිටවත් බ්ලොග් පෝස්ට් එකක් ලියන එකෙක් විදිහට ගුණ කියන්න අයිතියක් තීනව.

    මිනිස්සු අනික් උන් වෙනුවෙන් යමක් කරන්නෙ එක්කො තෘප්තියට, එක්කො කැපිල පේන්න, එක්කො පුද්ගලික වාසියට. ඒ මොන අරමුණින් කලත් කරන්නෙ කා හට හරි යහපතක් වෙන දෙයක්නෙ. වැදගත් ඒකයි. මේ සම්මාණ උත්සවේ ගැන බුකියෙ කතාවුනා, පත්තරවල යමක් ගියා, ලියන්නො පුබුදු උනා. එහෙම බැලුවම උඹල අති සාර්‍තකයි. ඒ නිසා මේ වැඩේ තව දුරටත් කරගෙන යන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා...!

    ReplyDelete
    Replies
    1. මේ උත්සවෙත් ඉන්ෆෝමල් බං..... කමියා ගැන මට මාර ආඩම්බරයි... මොකෝ ඌ උන්නේ නැත්නම් මේ උත්සවය මොන්ටිසෝරි ඉවෙන්ට් එකක් වෙනවා... කැත්තට පොල්ල වගේ උන්නේ ඌ තමයි....

      උඹ මෙතන උන්නා නම් උඹ ඉන්නෙත් අපි උන්න මතයෙමයි....

      මම නම් ඔය පහන් දැල්වීමටත් විරුද්ධයි....

      Delete
  62. මේ පොස්ට් එකෙන්, අපි බොහෝ දෙනෙකුට, මේ ගැන නැවත හිතන්න අවස්ථාව ලබාදීම ගැන ස්තුතියි. මෙවැනි කාර්යයක ඇති ගැඹුර, වෙහෙස, අභියෝග, අප්‍රසන්න අද්දැකීම්, නොදන්නවා නොවේ.

    මේ ලිපිය සහ අදහස්, ඊළඟ සැරේ උත්සවය සංවිධානය කිරීමෙට පෙර නැවත කියවා බලන්න.

    ReplyDelete
  63. ගොඩක් වටින වැඩක්.. ගොඩක් සාර්ථකව කෙරිලා තියෙන බවක් පේනවා. සම්මාන ලැබුණ හැමෝටම සුබ පැතුම්. ලබන අවුරුද්දෙ වත් එන්න ලැබේවි කියලා හිතන් ඉන්නවා..

    ReplyDelete
  64. වැඩේ ඇති සාර්ථකයි කියල බ්ලොගර්ස්ල දාල තිබුණ පොස්ට් වලින්ම පෙනුණා. කණගාටුවෙනවා එන්නට නොහැකිවීම ගැන, වැඩ කටයුතු සාර්ථක කරගන්ඩ දරදිය ඇදපු සැමටත් සම්මාන දිනපු සැමටත් මගේ ආචාරය පුදකර සිටිනවා.

    ReplyDelete
  65. "මේඝ ගර්ජන චණ්ඩ මාරුත පිරුණු බියකරු
    අඳුරු රැය අදයි
    නමුදු මියුලැස අපේ ලෝකෙට හිරු කිරණ එන
    සොඳුරු දින හෙටයි"

    ගායනය - විජේරත්න වරකාගොඩ

    හැමෝටම සුභ පැතුම් !!!
    ජයවේවා !!

    ReplyDelete
  66. කමියා මාත් එක්ක තරහා වෙලාද ?
    දහසක් පෙරුම් පුරාගෙන හිටියා මචෝ එන්න එත් මම එදා හෙන අසරණ උනා ..මොනවා කරන්නද රස්සාව බෙර ගන්නත් එපයි ...
    මම බ්ලොග් වලට සිරාවටම ආදරය කරන එකකේ මට බ්ලොග් නිසා ලැබුන දේවල් ගොඩයි ..
    මම නම් කියන්නේ අලුත් පරන ලියන දේවල් සරලද බරසරද කියලා නැහැ උබලා හැම කෙනෙක්ම ලියන දේවල් වල වටිනාකමක් තියනවා ඒ නිසා කිසිම කෙනකුට සම්මාන එපා කියන්න අයිතියක් නැහැ..
    කමියා උබනම් ඇතටම පොරක් ...උබ්ගේ කැපවීම එලද බ්‍රා

    ReplyDelete
  67. මචෝ මෙතන නම කියවන්න ඕනෑම එකෙක් අපි හැමෝටම අමතක වෙලා උ ගැන හොයලා බලපං
    මදු මාදවී

    ReplyDelete
  68. මන් කලින් පොස්ටුවකට දැම්ම කොමෙන්ට් එකට මක්ක උනාද කියල හිතාගන බෑ අප්පා...

    මන් තාමත් බ්ලොග් කෑල්ල අටවාගෙන යාන්තන් මාස තුනක් වගේ පොඩි කාලයක් ගත උනේ,හැබැයි එදා නෙලුම් යායේදී ඒ හිටපු හැම බ්ලොග් කරුවෙක්ම,කාරිනියක්ම හරිම ලෙන්ගතු විදියට කතා බහ කිරීම නං ඇත්තටම සතුටුයි.බ්ලොග් කෑල්ලට යටින් තියන ඒ හැම කෙනෙක්ගෙම සුන්දර මනුස්සකම වගේම නිහතමානිත්වය ගැන පුංචි එකියක් විදියට මගේ උපරිම උපහාරය පුද කරනවා.ඔතනට එනකොට මන් අදුරගෙන හිටියේ යාන්තන් අර කසුට්ටවයි,අවන්හලේ මහේෂ්වයි විතරයි,පොටෝ කෑලි වලට පින් සිද්ද වෙන්න යාන්තන් කමි අයියව අදුරගත්ත,එත් එතනට ආවට පස්සේ හැමෝම එක පවුලක වගේ හැසිරිච්ච විදිය ඇත්තටම සතුටුයි...:) සම්මාන උළෙල සංවිදානය කරන්න මහන්සි වෙච්ච හැමෝටම ගොඩක් ස්තුති...:)

    ඊලග වසරේදීත් මීටත් වඩා සාර්ථක නෙලුම් යයකට සුබ පැතුම්...!!!

    ReplyDelete
  69. මතක් වෙනකොටත් කිති වගේ..හැක් හැක්....පුදුම ආසාවෙන් සහභාගි උනා..අලුත් බ්ලොගයෙක් විදිහට ඇත්තටම ඒ ලබල දීපු Chance එක ගැන කියන්න no words ආ...ගත්තු මහන්සිය කොහොම එකක්ද කියල හොඳට තේරුනා...ඕං ඒකට බොසාගෙ salute එක​. කස්ටිය ඇත්තට දකින්න ලැබුනු නිසා මට දැනුනු සතුට​..හම්මා...වෙන මොන කතාද​..(ටියාරා ස්විස් රෝල් සාදර අනුග්‍රහයෙනි..හික්z..)කමි අයියලා මේ මහන්සි වෙලා කරපු දේට පස්වාන් දහසකට බුදු වෙන්ට ඕනා..(එක්කොත් ඕන නෑ...එතකොට මෙහෙම රජ වැඩ සූදානම් කොරල දෙන්නෙ කවුද ඉතින්..) ජයෙන් ජය වේවා !!!

    ReplyDelete
  70. අයියණ්ඩි, කලිනුත් කීපසැරයක්ම කිව්වා වගේ දැනුත් කියන්න තියෙන්නෙ සම්මාන උළෙල අතිවිශිෂ්ටයි. කමි අයිය මෙතන දාලා තියෙන ගොඩක් අඩුපාඩු ඔයාලට පේන්නෙ සංවිධායක මණ්ඩලයේ ඇහෙන්. පිටින් ඉඳන් බලන් හිටපු අපිට මේ කියල තියෙන අඩුපාඩු බොහොමයක් දැනුණෙවත් නෑ. බොහොම පුංචි අඩුපාඩු දෙකතුනක් මම දැක්කා, එවෙලේ නාලක ගුණවර්ධන මහත්මයාම කිව්ව විදිහට අඩුපාඩු නැති දෙයක් නෑනෙ. ඒවා පොදුවේ කියන්න තරම් දේවල් නෙමෙයි. පස්සේ වෙලාවක කමි අයියට කියන්නම්කො. නමුත් ඒ පුංචි අඩුපාඩු කිහිපයෙන්වත් උත්සවයේ මූලික වැඩකටයුතු වලට කිසිම බාධාවක් වුණේ නෑ. අයියල රෑ දවල් නොබලා මහන්සි වෙලා අන්තිමට එලියට දාපු අවුට්කම් එක අතිසාර්ථකයි.

    පළවෙනි නාට්‍යය ගැන නම් මටත් සැහෙන විවේචන තියෙනවා, එකට කැමති වෙන්න දෙයක් තිබුනෙම නෑ. ඒකේ විහිළුවලින් වැඩි හරියක් අවුරුදු කීපෙකට කලින් ඉරිදා පත්තර වල ටැබ්ලොයිඩ් එකේ ගියපු විහිලු කෑලි. හාස්‍ය රසය ඇති කරන්න ගොන් ජෝක් අවශ්‍ය නෑ කියල එයාලට තේරුම් කරන්න ඊළඟ නාට්‍යයට පුළුවන් වුණා මං හිතන්නෙ. ඒ නාට්‍යයේ අච්චර බරපතළ මාතෘකාවක් ගැන කතා කරන අතරේ ඇඟට පතට නොදැනෙන්න දාපු පුංචි විහිලු වල හාස්‍ය රසයක් තිබුණ ටොයියයි බයියයි එකේ විහිලු වලට වඩා. දෙවෙනියට කරපු නාට්‍යය නම් අතිවිශිෂ්ටයි.

    දිලිනි අක්ක ගැන කියන්න තියෙන්නෙ, නුපුරුදු කෙනෙක්ට එහෙම වචන පැටලෙන එක, ගොත ගැහෙන එක හරිම සාමාන්‍යයි. මං බොහොම මෑතක් වෙනකන්ම අපේ පාසලේ සංගීත ප්‍රසංගයේ සංවිධායකවරයෙක් සහ ගායකයෙක් විදියට වැඩ කළා, දාහක දෙදාහක ඕඩියන්ස් එකක් ඉස්සරහට ගියාම අපිත් ටිකක් බය වෙනවා කොච්චර අවුරුදු ගානක් තිස්සේ ඒ දේ කරලා අත්දැකීම් අරන් තිබ්බත්. මං හිතන්නෙ එදා සම්මාන උළෙලේ ඕඩියන්ස් එකේ හිටපු කිසිම කෙනෙක් ඒ දේ ගණන් ගත්තෙත් නෑ. දැන් එකපාරක අත්දැකීමුත් තියෙන එකේ ඊළඟ වතාවේ සැහෙන හොදට කරන්න පුළුවන් වේවි.

    ජය වේවා!

    ReplyDelete
  71. උඹ කාපු කට්ටට අඩෙනවා බ්‍රෝ ජාති ජාති.. ලබන පාර නං බං අර ප්‍රවිණ බ්ලොග්ගරුවන්ට සම්මාන වලින් බ්ලොග් අයින් කරගන්න දෙන්න එපා..

    උම ගැන වෙනම පෝස්ට් එකක් කව්රු හෝ ලිවිය යුතුමයි. හිතේ කැකැරෙන දහසක් දේවල් දැං කියන්නට බෑ සොඳුරේ.. හැක්..

    ReplyDelete
  72. සම්මාන උළෙල සාර්ථකව නිමකිරීම ගැන සුබ පැතුම් ! හැමෝම කියනවා වගේ මටත් හිතෙන්නේ කමි නැත්නම් සම්මාන උළෙලත් නැහැ කියලයි. ලිපි තෝරන වැඩේ, නිර්දේශ සලකා බැලීම වැනි අඩුපාඩු හෙමීට හදාගමු. අඩු පාඩු නැත්තේ කොහෙද. ගණන් ගන්න එපා. අපිත් හැකි ලෙස උදවු කරන්නම්.

    බොහොමත්ම සොඳුරු සැන්දෑවකට සහභාගීවන්නට නොලැබීම ගැන කණගාටුයි. ඊළඟ වාරයේදී හමුවෙමු. සම්මාන උළෙලේ වීඩියෝ එකකට පාර කියනවනම් පිං !

    ReplyDelete