Wednesday 5 April 2017

1. ෆිලින්ග් ඔසම් විත් නෙලුම් යාය ...................... Hearts are truly touchable; aren't they?


Image result for nelum mal

අද 25 සෙනසුරාදා වෙනදටත් වඩා ටිකක් කලින් ඇහැරුනා.  ගත්තා කෝල් එකක් ලසන්ත්තයට

ටිඉං ...ට්‍රිඉන් ...ඔබේ අතින් මල් මහලා ටිඉං ...ට්‍රිඉන් කරුලු ජෝඩුවක් ටිඉං ...ට්‍රිඉන් මතකද ඔබ මට දුන්නා ටිඉං ...ට්‍රිඉන් කොට්ට්ටෙට උරයක් ටිඉං ...ට්‍රිඉන්...

“හලෝ මචෝ ලසන්ත මම මෙන්ඩ “

“හා ..ඔව් මචං කියහන් මොකද හදිස්සියේ ?”

“හදිස්සියක් නැහැ බං...ගිය මාසේ පඩි ගත්ත වෙලාවේ මම උබ ලග රුපියල් 3000 ක් අරන් තියන්න දුන්නේ මට 25 බ්ලොග් සම්මාන උළෙලකට යන්න තියනවා කියලා”

“මොකා...බ්ලොග් ගල් ?..ඇයි දැන් උබට ගාමන්ට් වල වැඩ කරලා ඇති වෙලාද?”

“නැහැ නැහැ බන් නෙලුම් යාය කියලා බ්ලොග් ලියන උන්ට සම්මාන දෙන උත්සවයක් තියනවා “

“මොනවද බං බ්ලොග් ලියනවා කියන්නේ නවකතා වගේ දෙයක්ද?”

“මේ වෙලාවේ උබ හුයන්නක් කියනවා ...මට දැන් උබට ඕක පැහදිලි කර කර ඉන්න වෙලාවක් නැහැ “

“හා..හරි දැන් කියන්හකෝ එහනම් උබ කතා කරේ මොකටද කියලා ?”

“ඒ උත්සවේ තියන්නේ වොටෙර්ස් එජ් එකේ මට එකට යන්න අර 3000 ඕනේ “

“මල කෙලියයි උබ මට කිව්වේ නැහැනේ ඒක අද ඕනේ කියලා “

“ඇයි ගස් ගෙබ්බෝ තොට මම කිව්ව්වේ 25 මට ඒක ඕනේ සඳු ලග තිබුනොත් ඕක මට ලැබෙන්නේ නැහැ ඒක නිසයි උබ ලග තියන්නේ කියලා “

“අනේ මචෝ මම දැන් ඉන්නේ වත්තල සයිට් එකක දැන් මගේ අතේ ඒ තරම් මුදලක් නැහැ ..උබට ඒක හදිස්සි නැති වෙයි කියලා මගේ අතින් ඒක වියදන් උනා “

“මචං පිස්සු කෙලින්න විතරක් එපා ඒකට නොයා ඉන්නවට වඩා හොදයි ලෝකේ තියන අන්තිම අරක්කු බෝතලේ නොබී ඉන්නවා “

“ඉතිං උබ සඳුට පොඩ්ඩක් කියලා බලහන් ඔය කිව්වට සඳු ලග ඇති “

“අනේ මේ උබ රෙද්දක් කතා කරනවා එයාව මේකට එක්කරගෙන යන්නේ නැහැ කියලා ඊයේ ඉදලම මාත් එක්ක වලි දාගෙන ඉන්නේ ..එයාට තේරුම් කරනවට වඩා හොදයි අල්ලපු ගෙදර බල්ලට සිංහල කියලා දෙනවා “

“එහනම් උබ අපේ ගෙදරට ගිහින බලහන් මම ඉනෝකට කතා කරලා බලන්නම් ..හැබැයි ගෙදර තියනවද දන්නේ නැහැ “

“හා මචං එහනම් මම තියන්නම් “

@$^&((&$%^&889965 @#$%&()_*&%$$$$@#$%^^&*(*& $@^()))(*&5#@

ලෝකේ තියන ඔක්කොම කුණුහරප හිතෙන් කියලා මුට බැන්නා . දැන් ඉතින් පලයන්කෝ උගේ ගෙදර . කොට කලිසමකුත් දාගෙන එලියට බහින්න ලැහැස්ති උනා විතරයි. සඳු ....................

“කොහෙද අයියේ යන්නේ මේ උදේ පාන්දර තවම ඔයා කෑවෙත් නැහැ නේද?”

“මාර වැඩේනේ සඳු ....අදනේ අර බ්ලොග් සම්මාන උළෙල ඒකට යන්න ගිය මාසේ පඩියෙන් රැ 3000 ක් ලසන්තයා ලග අරගෙන තිබ්බා ..දැන් මු කියනවනේ ඒක ඌ ලග නැහැ වියදන් උනා කියලා “

“මොකා....3000 ක් ඔයා මට කිව්වේ නැහැනේ ...සාරියට දාන්න අර සෙරෙප්පු දෙක අරගෙන දෙන්න කිව්වහම ඔයා කිව්වේ ලබන මාසේ අරගෙන දෙන්නම් කියලා”

“හරි හරි මම ඉතින් ඒ සල්ලි ඌ ලග අරගෙන තිබ්බේ මේකට යන්නම ඕනේ නිසානේ “

“හොද වැඩේ ඔයා මාවයි බබාවයි එකට එක්කරගෙන යන්නෙත් නැහැ...අනික ඔයාට යන්නම ඕනද?”

“මමී ..මට සම්මානයක් නැති උනාට ඔයා දන්නවනේ මම බ්ලොග් වලින් මොනතරම් දේවල් ඉගනගෙන තියනවද ඒ වගේ එකෙක් සම්මානයක් ගන්නකොට අත් දෙක එකතු කරලා අත්පුඩියක් ගහන්න ලැබෙන එක ඌ වෙනුවෙන් මට කරන්න පුලුවන් උපරිම දේ “

“ඉතින් බ්ලොග් ලියන ගොඩක් අය මමත් අදුරනවනේ ඒ නිසා අපිවත් එක්කරගෙන යන්නකෝ “

“බැහැ සඳු ඒක ඉවර වෙනකොට රැ වෙයි අරක්කු ටිකකුත් බිලා මටනම් බස් එකක හරි එල්ලිලා එන්න පුලුවන් ඔයවයි පුතාවයි එක්කරගෙන ගිහින් එහම කරන්න බැහැනේ “

“මම ඇදුම් අයන් කරලා දෙන්නෙත් නැහැ කිසිම දෙයක් කරලා දෙන්නෙත් නැහැ රැට දොර අරින්නෙත් නැහැ ..තරහයි තරහම තරහයි”..දාහක් නෝක්කාඩු අහගෙන ගියා ලසන්ත්යලගේ ගෙදර ...

“ඉනෝකා ...ලසන්ත කෝල් එකක් දුන්නද?”

“අනේ ඔව් මෙන්ඩිස් අයියේ ඒ උනාට එයා මට දීලා ගියේ නැහනේ ...මගේ අතෙත් නැහැ “

දැන් ඉතින් මොකේද දන් වළදන්නේ කිව්වලු . මේ වෙලාවට තමයි දුලීකා මරපනට 32 B බ්‍රා එකක් අන්ඳන්න හිතෙන්නේ . කප් එක නැති බ්‍රා එකක් වගේ මුනත් හදාගෙන ආවා ගෙදර .

“සඳු ...මගේ සුදු පැටියෝ ලබන මාසේ පඩි අරගෙන දෙනකන් මට රැ 2000 ක් දෙන්නකෝ ...ඔයාට මම ලස්සන සරියකුත් අරගෙන දෙනවා “

“අනේ ..ඔයාගේ සාරිය ...මම ලග නැහැ අයියේ බබාගේ පංතියට දෙන්න තියන සල්ලි විතරයි තියෙන්නේ “

දැන් වෙලාව 2.30 යි දැන්නම් මට ඇඩෙන සයිස් එකට ඇවිත් . ගේ පිටිපස්සට ගිහින් සිගරට් එකකුත් පත්තු කරගෙන ඉදගෙන කල්පනා කරා මොකද කරන්නේ කියලා.  එතකොට සඳු පිටිපස්සෙන් ඇවිත් මම ලගට ඇවිත් කතා කරේ .

“අයියේ ඇයි ඔයා කල්පනා කරන්නේ මම කියන්නේ නැහැ ඔයාට ඕකට නොගිහින් ඉන්න කියලා මම දන්නවා ඔයා බ්‍රා වලට වගේ බ්ලොග් වලටත් ආදරය කරනවා කියලා”

“මට සම්මානයක් නැති උනාට මම උන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා එහම එකේ උන් සම්මානයක් ගන්නකොට අත්පුඩියක් ගහන්න බැරි උනොත් ඒ දුක මගේ ජිවිතේ හැමදාමත් තියෙයි “

“අයියේ මේ ඔයා මට උපන්දිනේට අරගෙන දුන්න මුද්ද මේක තියලා ඔයා සල්ලි ගන්න “

“කමක් නැද්ද මමී ?”

“ඔයා පඩි අරගෙන මට බේරලා දෙන්න ..හැබැයි මට සාරියකුත් අරගෙන ඕනේ. පරිස්සමට ගිහින් එන්න , බිලා පාරේ එනකොට බලගෙන . බ්ලොග් වල හැමෝම මතක් කරා කියන්න “මම නැගිටලා සඳුව ඉම්බා. .

“අනේ යනවා යන්න බොරු ආදරේ ..අන්න ෂිර්ට් එකයි කලිසමයි අයන් කරලා තියෙන්නේ “

“ආත්ම හතකට ඔයාවම හම්බවෙන්න කියලා ඉල්ලන්න හිටියේ එත් ඊලග ආත්ම වල වත්සලයි ශානිකයි දිප්ත්යි ඉල්ලුවනේ “

“මම උබ මරනවා අයිය්යේ “දඩබඩ ගාලා ඇදගෙන ආවා ඇවරිවත්ත්ට

“හා...නගින්න්ඩ් නගින්ඩ් අයිවේ කොලබ අයිවේ කොලබේ කොලබේ “

මේ වෙලාවට තමයි එය්ර් පොර්ට් එකේ ඉදලා කොලබට යන්න ජෙට් එකක් නැති එකේ අඩුව දැන්නෙන්නේ. කමක් නැහැ නැග්ගා හයිවේ කොලබ එකක 18 කනුව වටේට රවුන් ගහලා විනාඩි 30 කට විතර පස්සේ කොහම්හරි දාගත්තා කොලබ එයර්පෝර්ට් හයිවේ එකට, මග දිගට් කෝල් දෙක තුනක් අවා

“මෙන්ඩයියේ උබ කොහෙද ඉන්නේ?”

“හරි බං මම දැන් එන ගමන් ඉන්නේ”

“ආපු ගමන් ඇතුලට වරෙන් අපි ඉන්නවා “

බැහැගත්තා මරදානෙන්. මගේ හදිස්සිය දැනගත්තොත් තුන්සක රියක එකෙක් මාව මරාගෙන කනවා ඒක මගේ සාක්කුවට හොද නැති නිසා මීටරේ තියන තිවිල් එකක් අල්ල ගත්තා.

“අයියේ වොටෙර්ස් එජ් එකට යමුද?”

“කොහෙද මල්ලි ඕක තියෙන්නේ?”

“හුටා මම දන්නෙත් නැහැ ඉන්න බලන්න කෝල් එකක් දාලා අහගමු “

“ට්රින්..ට්රින් මචෝ කොහෙද බන් ඕක තියෙන්නේ “

“දියත උදානය ලගින් වමට හැරියන්” දැන් ඊලග මෙහෙයුම ත්‍රිවිල් අයියට ටෝක් කරලා පුලුවන් තරම් ඉක්මනට එතනට දාගන්න එක.

“අයියේ කඩයක් ලග නවත්තලා සිගරට් දෙකක් ගමුද ? එකක් පත්තු කරලා ඔයාට දෙන්නම් හැබයි මාව පුලුවන් තරම් ඉක්මනට වොටෙර්ස් එජ් ලගට දාන්න ඕනේ” කඩයක ලගින් නවත්තලා උදුරලා වගේ සිගරට් දෙකක් අරගෙන නැග්ගා ආපහු ත්‍රිවිල් එකට දුන්නා එකක් මගේ මාතලී දිව්‍ය පුත්‍රයට...

“අයියේ යමන් අයියේ ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා “

“මල්ලි මීටරේ ගාන වැටුනට හයියෙන් යනකොට තෙල් පිච්චෙනවා වැඩි එහනම් වැඩිපුර 100 ක් දෙන්න “
එල්ලෙන්න වැල් නැතුව ඉන්නකොට මු මට නයිලෝන් කඹ දෙනවා

“හා...කමක් නැහැ අයියේ යමන්”

බැස්සා වතුර විල ලගින් ..

“550ක් දෙන්න මල්ලි”

හතර පාරක් ගනන් කරලා ඇගෙන් ඇටයක් අරගෙන දානවා වගේ 550/= මාතලී දිව්‍ය පුත්‍රයාට දීලා උට දණගහලා වැදලා දොර ලග හිටපු නංගිගෙන් පාර අහගෙන දිව්වා උඩට .

අම්මට හුඩු ග්‍රහලෝකාගරේට ගියා වගේ .හත් අට පොලකින් ඉදගෙන සුදික,නලින් අයියන්ඩිලාට අතට අත දීලා තව දෙතුන් දෙනෙකුට පහක් දාලා අහසෙන් එන්නා ලගට ගිහින් ඒ දෙන්නටම කතා කරලා, සම්මාන ගත්ත වුන්ට අත්වල කරගැට එනකන් අත්පුඩි ගහලා  ඔහම ඉන්න අතරේ, තෙවැනි ඇස දුටු සොබා රූ වේදිකාවට ගියා සම්මානේ ගන්න මට එහා පැත්තේ මෙජ්ජර වෙලා ඉදගෙන ඉදලා තියෙන්න මු ...දැන් තමයි දන්නේ . පුටුවෙන් නැගිටලා අත්පුඩියක් ගැහව්වා

මු සම්මානේ අරගෙන ඇවිත් ඒක මගේ අතට දීලා  “මෙන්ඩිස් අයියේ මේ සම්මානේ අයිති උබට” කියලා කියනකොට මගේ ඇස් දෙකට කදුළු පිරුනා . මට අඩේයි කියලා බයට එතනින් නැගිටලා කාර් පිස්සුව ලගට ගියා. ඌ මගේ අතින් අලගෙන

“අයියේ මම උබ වෙනුවෙන් අලුත් කාර් ගැන ලියනවා “කියලා කියනකොට ආයමත් මගේ ඇස් වල කදුළු පිරුනා. ඔය අස්සේ නිවේදිකාව නුතන සේනක බිබිලේට වේදිකාවට කතා කරා සජ්ජා ඇවිත් දුමක් දාන්න යන්න කතා කරා.

පහලට ගියහම නලින් අයියන්ඩි සනස්ගල අදුන්නලා දුන්නා මට ඒකත් ලොකු දෙයක් පොර මාත් එක්ක අතට අත දීලා කතා කරා . ඔන්න ඉතින් පපුව පිරෙන්න නිකොටින් අඩු දුමක් දාලා ඇතුලට එනකොට කන බොන වෙලාව, ඩෙනිම් සාක්කු දෙකට ඒවගෙන් දෙකක් තුනක් ඔබා ගන්න තිබුනානම් සඳුටයි පොඩි මෙන්ඩටයි අරගෙන යනවා ඒ මොකද මම කොහේ ගියත් මොනවා කැවත් ඒ දෙන්නා දන්නවා මම පොඩි කැල්ලක් හරි ඒ දෙන්නා වෙනුවෙන් අරගෙන එනවා කියලා එත් අද එහම  කරන්න බැහැ.

අර දික් දන්ඩක් වගේ උසට උසේ ඉන්න ඉයන් මහත්තයා ගැහණු ළමයෙක්ව අදුන්නලා දුන්නා

“මම එරන්දි “

“මම එරන්දිගේ මහත්තයා “

“මම එරන්දිගේ පුංචි සුරංගනාවී “

“මම එල ද බ්‍රා මෙන්ඩ “

“අනේ අයියේ මම කොහමද උබට එල ද බ්‍රා කියලා ලියන්නේ? මම උබට මෙන්ඩ කියලා ලියන්නම් “
සම්මාන උළෙල්දී මට දැනුන එකම හිත රිදෙන දේ සන්නස්ගල මහත්තයා වේදිකාවට නැගලා මයික් එක අරගෙන ඇහව්වා "සේනක බිබිලේ ගියාද?” කියලා ඒක එතනට ගැලපෙන්නේ නැති කතාවක් කියලා මට හිතෙනවා. පස්සසේ දැනගත්තා මට වගේම එහම දැනුන තව කෙනෙක් ඉදලා කියලා . ඒ මම එරන්දිගේ මහත්තයා .

ඔන්න ඉතින් කොහමින් කොහමින් හරි සම්මාන උළෙල ඉවර වෙලා කමියා මාව සුදික අයියන්ඩිට පන්ගර්තු කරා නෙලුම් යාය පසු සැමරීමේ තැනට අරගෙන එන්න කියලා.
සුදික අයියා කියන්නේ හැලපෙලගේ ගෙදර ගිය වෙලාවෙත් මාව ගෙදරටම ගෙනත් දාලා ගිය එකා ඒ ගැන කිසිම විවාදයක් නැහැ. එත් සුදික අයියන්ඩ් මට මග අරුනා ඒ මම එරන්දිගේ මහත්තයා දාලා එන්න තිබුන ලොබකම උන්දැ එක්ක දවසක් හරි කතා කරන්න ආසා හිතෙනවා.

තව ටිකෙන් ස්කොට්ලන්ඩ්යඩ් එකට එන්න කියන්න වෙනවා මම එරන්දිගේ පෑන හොයන්න හොද වෙලාවට හෝටලේ වැඩ කරන පොඩි එකකේ පැන හොයලා ගෙනත් දුන්නා ඒ පැන නැතුව මම එරන්දි අඩපු අඩිල්ලට දියවන්නාවේ වතුර වැඩි වෙලා හෝටලේ යට වෙනවා.

අරක්කු ටිකක් බොන්න තිබුන පෙරේත කමට මම එරන්දිලගේ පවුලේ අයට යන්නම්වත් කියන්නේ නැතුව දුලිප් මහත්තයාගේ දඩු මොනරේ නැගලා හොටලෙකට ගියා ඒ හෝටලේ මැනේජර් මහත්තයා කිව්වා
“බ්ලොග් ගල් හදන මහත්තරු වගයකුත් ඇවිත් අහලා ගියා”

ආයමත් ඕනයගේ දඩු මොනරේ නැගලා හරි හෝටලේ හොයාගෙන ගියා. ඔන්න ඉතින් ගිටර් බිටර් බන්ජෝ රබන් මැද්දේ බ්‍රෑන්ඩ් එක ගල් කියලා සුද්දා හදපුවා බිලා කන සාක්කුවට වැටිලා බල්ලට මචං කියලා පාන්දර 1.30 ට විතර අඩලා වැලපිලා ඉබලා බදාගෙන අතට අත දීලා අපිට කෙලින් හිටගෙන ඉන්න බැරි උනාට අනිත් උන්ට පරිස්සමට යන්න කියලා ගෙදර එන්න පිටත් උනා .

මාව පන්ගර්තු උනේ අජිත් අයියන්ඩි ගේ යාළුවගේ වාහනේට. හුට්ටප්ප්රේට ගහපු කලාබරේ කිව්වලු මේ පාන්දර අජිත්ට අප්ප කන්න ඕනලු දැන් ඉතින් නාවල, රාජගිරිය බත්තරමුල්ල දෙවනත් වෙන්න ආප්ප හෙව්වා . ආප්ප තියා ආප්ප වටියක්වත් හොයා ගන්න බැරි උනා. අන්තිමට අජිත් අයියගේ යාළුවයි මමයි එංගලන්තෙට ආප්ප එවනවා කියලා පොරොන්දු වෙලා බලෙන් වගේ අජිත් අයියන්ඩිව හෝටලේ ලගින් බස්සලා අපි දෙන්නා එන්න අවා. බොරැල්ල හරියට එනකොට අජිත් අයියගේ යාළුවා කිව්වා

“මල්ලි ඩිසල් කට්ට අන්තිම හරියේ තියෙන්නේ කොහමහරි ෂෙඩ් එකට ගන්න බලමු “ කියලා
චෝ චා චු හුට්ස් පටස් ගාලා ෂෙඩ් එකට මෙහා කලර් ලයිට් එක ලගදී වැන් එක නැවතුනා බීපු අරක්කු මතක් කරගෙන පුර්ෂ දයිර්ය හිතට අරගෙන “හරි අයියින්ඩ් ඔයා ඉන්න මම තල්ලු කරන්නම් කියලා” තල්ලු කරා ෂෙඩ් එකට වැන් එක. ඉත්රු අරක්කු බාගයක් සාක්කුවේ දාගෙන ඇවිත් තිබුනම එතනම බොනවා බිලා එතනම නිදා ගන්නවා. මාව කොටුවට ගෙනත් දාලා ඒ අයියා ගියා.

“හා...නගින්ඩ නගින්ඩ් ජපානේ එංගලන්තේ ප්‍රන්ස්ය ජර්මන්යිය අප්‍රිකාව නගින්න්දේ නගින්ඩ් ...” කොන්දොස්තර මල්ලි කෙනෙක් බස් එකක දොරේ එල්ලිලා කෑ ගහනවා ..

“මල්ලි..ගුවන් තොටුපලට යන්න පලුවන්ද?”

“නගින්න මහත්තයා නගන්න  හා...නගින්ඩ නගින්ඩ් ජපානේ එංගලන්තේ ප්‍රන්ස්ය ජර්මන්යිය අප්‍රිකාව නගින්ඩ නගින්ඩ් ඔය ඕන තැනකට යන්න පුලුවන් නගින්න “ “නැගලා ඉදගන්න “

පාන්දර 4ට විතර එය්ර් පොර්ට් එකෙන් බැහැලා ත්‍රිවිල් මල්ලි කෙනකුට 350/= දීලා අතේ තිබුන අන්තිම 150/= ට අර දෙන්නට චොක්ලට් දෙකකුත් අරගෙන සිගරට් එකකුත් පත්තු කරගෙන ගෙදර ඇවිත් නිදා ගත්තා.

දහම් පාසලේ ඉස්ට්ජ් එකට නැගලා හමදුරුවන්ගෙන් සහතික ගත්ත මට සහතික නැතත් පිටු 40 තනි රුල් පොත් දෙකක් කවරෙක දාලා මටත් අර ඉස්ට්ජ් එකට කතා කරලා දීපල්ලා කවුරු මොනවා කිව්වත් ඒ වෙලාවට දැන්නෙන අඩාම්බර්ය මුළු ජිවිත කාලෙම මතක හිටිනවා.

හැබැයි ඒ තෑග්ග ඇවිද්ද පයේ සුදික අයියන්ඩි අතින් දෙනවනම් ඒ වෙලාවට ගන්න පොටෝ කැල්ල වයසට ගිය කලෙක පොඩි මෙන්ඩ ගේ පොඩි එකට පෙන්නලා හිනා වෙන්න පුලුවන්

“ලෝඕ...ලෝඕ ...මටත් ඒ කාලේ තෑග්ගක් හබ්වෙලා තියනවා” කියලා ...

මම කවදවත් බ්ලොග් එකක් පටන් ගන්නේ නැහැ හැමදාමත් මම උබලගේ ආදරණිය කමෙන්ට්කරු ..එත් ඉදලා හිටලා මේ වගේ හිතට දැන්නෙන දෙයක් ලියලා දාන්න උබලා කගේ හරි බ්ලොග් එකක පොඩි ඉඩක් දෙනවනම්...

මට හිතට දැන්නෙන දේ ලිව්වා මේක කියවලා බනිනවානම් බැන්හල්ලා..එත් මම තරහා නැහැ.

මම එල ද බ්‍රා මෙන්ඩා .  

******************************************

මේක මට එවල දවස් දෙකක්.. නොවැලක්විය හැකි හේතුවක් නිසා ලැප්ටොප් එකවත් දිග ඇර ගන්න බැරුව හිටපු නිසා පබිලිෂ් කරගන්න බැරි උනා.. මෙන්ඩ සමා වෙයන්.. අද ඉඳන් මේ බ්ලොග් එකේ සම අයිතිකරුවෙක් උඹත්.. ජයවේවා!

- මම කල්‍යාණ මිත්‍ර.

140 comments:

  1. ජයවේවා.....මං එක

    ලල්ල ලලේ..

    අද ගහනව පකෑස් වෙන්න..

    ReplyDelete
    Replies
    1. ටෞකනවා.. තෝ කියවලා නැතිව එක උනේ.. මං තිත තියන්න හැදුවත් මේ ටෙඩි බෙයාර් කවදාවත් මේ විදියට ලියන එකක් නෑ කියල හිතල කියවගෙන ගියේ කෙටි කතාව.. මගදි ලට පටං වෙච්චි පාර සෑහෙන්න වෙලාවක් ගියා. පෝස්ට් කන්නා වෙල්කම් බෑක්..

      Delete
    2. //අද ගහනව පකෑස් වෙන්න..//

      හුටා... ඔය වගේ අලුකුත්තේරු වැඩ කරන්න එපා බොලව්

      වෙල් කම් බැක්.... හැක්

      Delete
    3. //අද ගහනව පකෑස් වෙන්න..//

      ඔන්න මම නම් දන්නේ නෑ.. මෙන්ඩ තමයි.. හිහ්.

      Delete
    4. ලට පටේට එකේකේව කියල තමයි බොට ලටපටං උනේ. අනේ සාදු. හැක්..

      Delete
    5. පාන්දර 4 ට එයාර් පොර්ට් එකෙන් බැහැලා ගේ ලගට ඇවිත් මේක පොඩි මෙන්ඩට කියලා සෙල්ලම් බඩුවක් දීලා ගිය, ගෙදරට ඇවිත් කුස්සියට ගිහින් බත් ටික බෙදාගෙන කාලා පිගන හෝදලා තියපු උබ එක උනා කියන්නේ මට සම්මානයක් ලැබුනා වගේ තමයි සහෝදරයා

      Delete
    6. තද තද දේශා බ්‍රෝ 😃😃 මාත් මාර කැපකිරීමක් කරක එක උනේ.හැක්
      වෙල්කම් බැක් නෙමෙයි උඹලටත්.. අද මෙන්ඩා ගානේ බුෆේ ..හා හා

      Delete
    7. හා මල් පත්තර මල්ලීඊඊඊඊඊඊඊඊ!!

      Delete
  2. +++++++++++++++++
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හරියට ලියන්නේ මෙහෙමයි..

      ජ ය වේ වා !!!

      Delete
    2. මට හැමදාම ගෙනත් දෙන සුරුට්ටු ජාතියෙන් පැකට් එකක් දීපන් ප්‍රා මට දෙන සම්මානෙත් එක්ක

      Delete
    3. දැන් ප්‍රාට ගැලවීමක් නැහැ. මෙන්දත් බ්ලොග් ලිපියක් දැම්මා කියන්නේ.

      Delete
  3. හැක, හැක.

    රවි වීරසිංහ ඔටුවාට තමන් ගේ කූඩාරමේ ඉඩ දුන් රන්දිකාට වෙච්ච දේ කමියාටර්හ් වෙයි ද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඔටු වීරසිංහ වගේ පතරංග ලියන තව එකෙක් බිහි උනොත් බ්ලොග් කියවන්න රස්සීන් අස්වෙන්න වෙනවා.. හැක්.

      Delete
    2. ඇත්තටම දැන් කමියා කම්මැලි වෙයිද අයියන්ඩි

      Delete
    3. නරක් වෙලා හිටියි! හැම බ්ලොග් සම්මාන උළෙලට ම ගිහින් සම්මාන ගන්නකොට! :D

      Delete
    4. මටම සම්මානයක් දී ගන්න චෑන්ස් එකක්.. හැක්.

      Delete
  4. ‘‘මම මෙන්ඩා.. එළ ද බ්‍රා මෙන්ඩා‘‘ කියල සුදීකට අතට අත දෙද්දි මමත් එතන උන්නා.. මටත් බකස් ගාලා හිනා ගියා.

    හේ මෙන්න අර වහ දැම්ම හිලාකත ආයෙම ඕපන්.. හොඳයි. හොඳයි.

    ReplyDelete
    Replies
    1. //වහ දැම්ම හිලාකත ආයෙම ඕපන්//
      වහ කාලා මැරෙන්නයි වෙන්නේ..

      Delete
    2. කවුද ඩො වහ දැම්මේ.. මේවා වස විස නැති තනිකරම දේශීය නිෂ්පාදන හරිය..

      Delete
    3. එල ද බ්‍රා මගේ බ්‍රෑන්ඩ් නේම් එකනේ

      Delete
  5. බොහොම ආසාවෙන් කිවේවේ බං.. මෙන්ඩා.. උඹ කමෙන්ට්කරුවා වෙලාම ඉදිං.. ඔය අජියට තියෙන ලෙඩේ මටත් මීට අවුරුදු ගානකට කලින් තිබුනා. අරක්කු බීල ඉවර වෙච්චි ගමන් බිත්තර ආප්ප කන්න ඕන. ඉතිං පලකෝ වෙරි මරගාතේ පොලිස් වලින් කට්ටි පැන පැන කිලෝමීටර් විස්ස තිහ.. ජය වේවා මෙන්ඩෝ.. කාගෙවත් අතින් සම්මාන ගන්න ඕන නෑ.. උඹට ඔය තියෙන සම්මාන හොදටම ඇති. අර කාර් පිස්සා කිව්ව එක මං වගේ එකෙකුට කිව්ව නං සම්මාන සීයක විතර බර ඒකේ තියේ බං..

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න තමා හිටියේ , වෙලාවක් තිබ්බේ නෑ

      Delete
    2. අැයි යකෝ මට නොකිව්වේ....

      Delete
    3. ලව්පූස් තුමාගේ පසුගිය දවස් වල මූනේ තිබුන සිරියාව දැකක්ම වෙලාවක් නෑ කියන එක පිළිගන්න පුලුවං.. මැයි මාසේ නැකැත් පටං ගන්නවා

      Delete
    4. මේ මනමාල මහතාගේ "නැකත් පත.."
      අමතක වීමකින් අද මෙහි ගෙනත් නැත..
      එහෙනං දුවේ මේ මගුලින් කමක් නැත..
      "නැකත් පත" සේම මොහුගේ "නැකත් පත"...

      Delete
    5. ඊළඟ පාර දේශකයා අතින් මෙන්ඩ ට සම්මානයක් දෙමුද?

      Delete
    6. එකෙන්ම මම කැමති.... දේශා අතින් දෙනවනම් ගල් බෝතලේකුත් දීපං

      Delete
    7. දේශා ඊළඟ සැරේවත් සෙට් වෙමු එහනම් ආප්ප තියෙනේ තැනක් හොයාගෙනම වරෙන්.

      Delete
  6. මෙන්ඩටයි කමීටයි දෙන්නටම ජය වේවා.....

    ReplyDelete
  7. //සහතික නැතත් පිටු 40 තනි රුල් පොත් දෙකක් කවරෙක දාලා මටත් අර ඉස්ට්ජ් එකට කතා කරලා දීපල්ලා කවුරු මොනවා කිව්වත් ඒ වෙලාවට දැන්නෙන අඩාම්බර්ය මුළු ජිවිත කාලෙම මතක හිටිනවා.//

    හැමෝට ම තේරෙන දෙයක් නෙමෙයි :)

    ReplyDelete
    Replies
    1. හැමෝට ම තේරෙන දෙයක් නෙමෙයි :) x 2

      Delete
    2. රවියගේ බ්ලොග් එකේ සම්මාන රන්දිල් ඇන්ටි ගන්න කොට කොහොම තියෙන්න ඇද්ද නේද? හැක්

      Delete
    3. රවියට ලුණු පොලොත්තේ පැනලා මැරෙන්න හිතුනා කිව්වේ..

      Delete
    4. උඹල ඔක්කොටම දීපු සම්මාන මුලින් අරගත්ත මට කොහොම සතුටක් දැනෙන්න ඇද්ද?

      (එක දෙගුණ උනාලු අර පිංකි නංකිලාගෙන් සම්මාන ගන්නකොට.. හැක්.)

      Delete
    5. රවිය එදා බල්ලට මචං කිවුවලු හිතේ දුකට.

      Delete
    6. මටනම් එදාම ඉල්ලලා ගන්න හිතුනා රන්දී

      Delete
  8. මෙන්ඩත් යූ.ඇම්.පී වුනා අන්තිමට එහෙනං , යූ.ඇම්.පී කාරයෙක්ගේ බ්ලොග් එකෙමනේ දාලා තියෙන්නේ පොස්ට් එක හැක

    ReplyDelete
    Replies
    1. තනිකරම හූ. ඇම්. පී. වෙලා.. හැක්.

      Delete
    2. මු මට කලින් කිව්වේ නැහැනේ බං යූ.ඇම්.පී කියලා ....චා..චා..මම තනිකරම ගැටයකට අහුවෙලද

      Delete
  9. Replies
    1. මටත් එකක් ලියන්න හිතෙනවා අෆ්ෆා..

      Delete
    2. මම හිතුවේ උබ බනි කියලා

      Delete
  10. මෙන්ඩයියෙ... අම්මප කඳුළු ආව ඇස් දෙකට... උඹේ හෘදයංගම බව හැමදාම පපුව පතුළටම දැනිච්ච දෙයක්.... අතින් වියදං කරං කට්ට කාගෙන අපිට අප්පුඩි ගහන්නනෙ උඹ ආවෙ...
    (ඈ යකෝ... බොට කෝල් කරලත්, ළඟ හිටියෙ මං කියලා සම්මානෙට නම අඬ ගහනකංම උඹ දැනං හිටියෙ නැද්ද)
    උඹට මම සම්මානෙ දෝතින්ම ගෙනත් දුන්නෙ ඇත්තටම උඹටත් ඒක අයිති නිසා...
    හැබැයි රජෝ උඹ බ්ලොග් එකක් ලියන්න ගත්ත දාට කමියලට, රවියලට බ්ලොග් දාල දුවන්න වෙනවා.. උඹේ රයිටිං ස්ටයිල් එකත් එක්ක උං කැලේ...

    ReplyDelete
    Replies
    1. //"ඈ යකෝ... බොට කෝල් කරලත්, ළඟ හිටියෙ මං කියලා සම්මානෙට නම අඬ ගහනකංම උඹ දැනං හිටියෙ නැද්ද"// මමත් දැනගෙන හිටියේ නෑ වෙලාවට , දැනගත්තනම් එතනදීම දෙනවා දත් සෙට් එකම බඩට යන්න හැක.. උඹේ වෙලාව හොඳයි

      Delete
    2. හැක්... මාත් ආවෙ බොගෙ දත් ටික ගලවඤ්ඤං කියල තමා.... තෝනෙ මට කැමරා හොම්බා කියලා නමක් දැම්මෙ මදුවගෙ බ්ලොග් එකේ...
      ඒ වුණාට දැක්කම දුකේ බෑ.. හුරතල් කොලුවනෙ කියල මං නිකා උන්නෙ

      Delete
    3. පොල්ල මෙන්ඩට දීල දුවන එක නතර කරන්න බැලුවේ..

      Delete
    4. මමත් එදා ආවෙ මු එක්ක ගේමක් ඉල්ලන්න මු සංචාරක සටහන් ලියන එක නැවතුවට...පස්සෙනේ බං දන්නේ

      Delete
  11. උඩ කොමෙන්ටුව දැම්මෙ සතුටට.. මේක දාන්නෙ සතුට උහුලගන්ඩ බැරුව...ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුව උඹේ පෝස්ට් එක කියෙව්ව...
    උඹටයි සදුටයි පොඩි මෙන්ඩටයි සුභ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. මං ගැන මොකුත් කියල නෑ මේකා.. හුහ්..

      Delete
    2. හොද වෙලාවට උබ සඳුවත් මතක් කරේ නැත්නම් අපේ ගෙදර ආපු දවසක උබට කන්න දෙන්නේ නැහැ කියලා සඳු කිව්වා

      Delete
  12. මුකුත් කියන් නෑ.. ලබන සතියේ උඹට තෑග්ගක් දෙනවා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එහනම් ලබන සතියේ අඩියක් ගහමුද? අර බයික් මල්ලිව එවන්නම් එක්කරගෙන යන්න

      Delete
  13. දෙන දෙයක් තාප්පේ බේරලා දීපං

    ReplyDelete
    Replies
    1. අලුත්ම කතාව විදනයා බයික් එකේ ගියා වගේ

      Delete
  14. නෙලුම් යායට පැමිණි නොපැමිණි හැමොටමත්
    නෙලුම් යාය සංවිධායක හැමෝටමත්

    ජයවේවා!!!

    ReplyDelete
  15. හැක්... ඔය තියෙන්නෙ 18 කණුවෙ කොල්ලගෙං ආතල් පෝස්ට් එකක්.
    උඹල අපි කො.කා. ල වෙච්චි. අපිට මොන සම්මානද බං. ඔන්නොහේ හැමදාමත් කොමෙන්ට් එකක් දාගෙන ඉන්න එකයි තියෙන්නෙ.

    හරි දැං උඹ බල්ලට මචං කිවුවට පස්සෙ වෙච්ච ටිකත් කියහංකො.

    ReplyDelete
    Replies
    1. උඹට සම්මාන දුන්න උන්ට ගහන්න ඕන

      උපශාන්ත

      Delete
    2. මඩුවළිගෙන් ද?

      Delete
    3. එහම බැහැ බං අපි ඉල්ලලා හරි ගමු

      Delete
  16. මම මේ දවස් වල එක එකාගෙන් අහඅහ යනවා අලුත් කාර් ගැන, දෙක තුනක් පැදලා ලියන්න පොටක් පාදගන්න... උන් බලනවා මට පිස්සුද කියලා. උන්ගෙන් එකෙක් මට කාබ් එකකින් වත් ගැහුවොත් තෝ තමා මෙන්ඩෝ...

    ReplyDelete
  17. හිත හොඳ කලාබර මචෝ,
    බ්ලොග් දුවවන්නේ උඹලා.........
    එච්චරයි කියන්නේ.....ඇති

    ReplyDelete
    Replies
    1. වෙන මුකුත් එපා... ඔක්කොම මෙතන තියෙනවා...❤

      Delete
    2. සැහැ.. කෝ මේ ලව්, ලයික් බටන්..

      Delete
  18. මෙන්ඩා කියන්නේ එළකිරි පොරක් තමයි.ඒ වගේම උඹේ "සඳුත්" නියමයි. ඌබේ හෘදයංගම කතාව එළකිරි බං.

    ReplyDelete
    Replies
    1. මුන් දෙන්නම මෙලෝ රහක් නෑ. පොඩි මෙන්ඩ තමයි බුවා :)

      Delete
    2. පොඩි මෙන්ඩ මූට වඩා ඇම්ඩ. " නැන්දෙ ඔයා අපේ ගෙදර ඉන්න" කියල මගෙ හාමිණේව එහෙ තියාගන්න හැදුව.

      Delete
  19. අඩේ පට්ට බන්.උඹ තොරණෙ විස්තරේ ආයෙ නියමෙටම ලියලා.. මෙන්න මේ වගේ තව තව ලියහං.. උඹ ලඟ කතා ගොඩක් තියනවා කියලා දාන කොමෙන්ට් වලින් හිතෙනවා.. ආරාධනා.......ආ......රාධනා...!
    හිලාකත ඕපන් කලාට කමියටත් සැලියුට් එක හොඳේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෑ! හිලාකත වහල තිබ්බද බං කාලයක්? මට මතක නෑනේ.. :)))

      Delete
  20. මේ බ්ලොග් පෝස්‍ට් එකෙන් මට හරියටම උඹට සහතිකයක් දෙන්න අමාරුයි. තව පෝස්ට් හත අටක් ලියපං ,
    ඇත්තටම උඹ හොද ස්වාමිපුරුෂයෙක් සදූ එදා දොර පොල්ලෙන් ගහපු කතාවත් කියන්නෙ නැතිව ඉන්න තරම් හොද එකෙක්.

    මෙන්ඩ මට අද සන්තෝසයි මේක මම ලිවුව වගේ. මේ සතුටට මමත් අද ගහනව කන සාක්කුවට වැටෙන්ඩ.. චියර්ස්

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කමක් නෑ බල්ලට මචං කියන්න එපා. හැක්..

      Delete
    2. ඔහොම නෙවෙයි ඕක කම්මලය කියන්නේ.. "මචං.. බිව්ව බවක් බල්ලට කියන්න එපා.." කියල.. මූ බල්ලට ඒ තරම් බයයි.

      Delete
    3. ඔකා බිවුවට පස්සේ ඒඳන්ඩෙත් වාහනේ අරගන යනවා. බොරුනම් අහපන් චෙෆාගෙන්

      Delete
    4. සැක් ...මම කබරයෙකුට මචං කිවුවත් බල්ලට මචං කියන්නෙ නෑ. බල්ලො කියන්නෙ මහම නස්කූනි ජාතියක්.

      Delete
    5. චෙෆා එක්ක ඒදන්ඩෙ යන්න බෑ . බයගුල්ල.

      Delete
  21. උඹට ටොප් එකට ලියන්න ඇහැකි නොවැ මෙන්ඩෝ. තව දෙක තුනක් ලියපන්කො බලන්න.

    ReplyDelete
    Replies
    1. මේ අර විප්‍රවාසව ඉද්දි හැලපකඩේ කියල බ්ලොග් එකක් ලියපු හැලපයියාද? :p

      Delete
    2. එහෙනං, දැන් විප්‍රවාසෙ නැති නිසා බ්ලොග් ලියවෙන්නෙ නැද්ද කොහෙද.

      Delete
    3. මං කියුවේ.. හරියන්නේ නෑ. ආපහු රට පටවන්න වෙනෝ..

      Delete
  22. සන්නා කළේ "සේනක බිබිලේ ගියාද?” කියල අහල හිත්වල තිබුණ විරෝධය සමහන් කරපු එක කියල දැන් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දෙන්නම ආරාධිතයෝ හැටියට ඒක ඒ හැටි ගැලපෙන්නේ නෑ වගේ කියලයි මට හිතෙන්නේ..

      Delete
  23. ⁣අපතයා...
    තෝ අහලක ඉදලත් කතා කලේ නෑ.. ගෙ⁣ා්තයා..
    ඊළග ආත්මෙ හිල් බ්‍රා එකක් වෙය තෝ :-D :-D :-D

    ReplyDelete
    Replies
    1. හිල් කොපුවක් උනානං සමාජයටම ලොකු සේවයක් කරන්ඩ තිබ්බ..

      Delete
  24. මට කතා කරන්න බැරි වෙන්න ඇති ! කමක් නෑ ඔහොම කොහොම හරි මෙන්ඩත් බ්ලොග් ලියනවනේ !

    ReplyDelete
    Replies
    1. මටත් කීප දෙනෙකුවම මිස් උනා.. :(

      Delete
  25. මෙන්ඩාට අම්බලන්ගොඩයාගේ උත්තමාචාරය... ඒ වාගේම මෙන්ඩාගේ බ්ලොග් ලිපිය පලකල කමියාටත් හදපිරි මෙව්වා එක...

    මෙන්ඩෝ... මට තියෙන්නේ ප්‍රශ්න දෙකයි.. පළමු ප්‍රශ්නය මේ තරම් අපූරුවට ලියන්න පුලුවන්කම තියෙද්දී බ්ලොග් එකක් ලියන්නේ නැත්තේ ඇයි කියන එක.. දෙවැනි ප්‍රශ්නය සඳුටත් පොඩි මෙන්ඩාටත් මේ සා සෙනෙහසක් තියෙන මෙන්ඩාගේ දුම් බීම ගැන ලියද්දි හිතෙන්නේ ඔය කියන සෙනෙහස බොරුවක්ද කියන ප්‍රශ්නය..



    ප.ලි.
    බ්ලොග් ලියන තව හාදයෙක් ඉන්නවා කට ඇරියොත් දරුවොන්ට පන ඇරලා.. ඒත් සිගරට් බීම නවත්තන ඕනෑකමක් නෑ.. හැක් ...

    අපිත් කනබොන එවුන් තමා මචන්ලා.. කන බොන වෙලාවට ජෝන් ප්ලේයර්ගේ හිටං තණමල්විල දක්වා තියෙන ඕනෑම දුමක්ද සුදුවා බෝතලයේ හිටං විස්කි බ්‍රැන්ඩි රම් ජින් ඕනෑම දෙයක් දක්වාද භාවිතයට දෙපාරක් හිතන්නේ නැතෝ... ඒත් පුරුද්දක් විදිහට ඔව්වා භාවිතය අනුමත කල නොහැක..

    අනික යකඩෝ ලංකාවේ සිගරට් බීම යනු කෝටිපතියන්ගේ පානයක්. ඔව්වයේ මිලේ හැටියට අපි වගේ දුප්පත් එවන්ට දැන් සිගරට් බොන්න තාලයක් නැහැ..

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය කියන තරං දරුවන්ට ආදරේ ඇති පියෙක් නෙවෙයි.. මමනං සිකරට් බොන්නේ නැත්තේ (දැන්) එකක් මට ඒ වියදම දරා ගන්න බෑ.. අනික අඩියක් ගහපු වෙලාවට වගේ නෙවෙයි අමුවෙන් උදේ පාන්දරම සිකරට් එකක් ගැහුවම මහා මුස්පේන්තු ගඳයි.. සෙහ්...

      Delete
    2. නොදකින් ගස් බල්ලෝ දෙන්නා

      Delete
    3. //අපිත් කනබොන එවුන් තමා මචන්ලා.. කන බොන වෙලාවට ජෝන් ප්ලේයර්ගේ හිටං තණමල්විල දක්වා තියෙන ඕනෑම දුමක්ද සුදුවා බෝතලයේ හිටං විස්කි බ්‍රැන්ඩි රම් ජින් ඕනෑම දෙයක් දක්වාද භාවිතයට දෙපාරක් හිතන්නේ නැතෝ... ඒත් පුරුද්දක් විදිහට ඔව්වා භාවිතය අනුමත කල නොහැක.. //

      උඹේ කතාව සහතික ඇත්ත. ඉදල හිටල අඩියක් ගහල , දුමක් දාල ආතල් එකක් ගත්තට ඕව හැමදාම පුරුද්දට කරන එක හැම අතින්ම හොද දෙයක් නෙමෙයි.

      Delete
  26. මෙන්ඩ මල්ලි,

    කට්ටිය ස්වේච්චාවෙන් බ්ලොග් ලියනවා කියල නෝනා කෙනෙක් කියනවා මට ඇහුන, එයා දන්නේ නැහැ බ්ලොග් ලියන එව්වෝ ලියන දේවල් කියවල, ඒ ලියන ඒවාට එක වචනෙකින් හරි සහයෝගයක් දක්වන මෙන්ඩල වගේ කට්ටියයි නියම ස්වේච්චාවෙන් ඒක කරන්නේ කියල....සම්මාන දෙන්න ඕනේ ලියන එව්වොන්ට නෙවේ...උන් ලියන හැම එකම කියවන එව්වොන්ට...

    කඳුලක් ආව මේක කියෝලා...රහට ලියනවා...කමි ඉඩත් දෙන්නම් කියල තියන එකේ දිගටම ලිව්වා නම් මොකෝ වෙන්නේ...

    ප.ලි.
    රාජිතල වගේ ගඳ ගහන මිනිස්සුන්ට එහෙම නොකිය මක් කියන්නද සන්නා...ඕවට දේශපාලකයෝ ගාව ගන්නව කියන්නේ නෙලුම් වල අනිවාර්යෙන් මඩ ගෑවෙනවා...


    ReplyDelete
    Replies
    1. මෙන්ඩ අයියා ලෙස වෙනස්විය යුතු බව කරුණාවෙන් සළකන්න.. ගල් හූනෙක් වගේ කළුවට කෙට්ටුවට උන්නට මූට ඇලිගේටර් කෙනෙක්ගේ වයසයි.. හැක්.

      Delete
  27. මෙන්ඩ අපි හිටපු තැනටඇවිත් මට හදුන්වල දෙනකොට මට ඇත්තටම හිනත් ගියා... මාත් ඉතින් මෙණ්ඩ අය්ය කියල තමයි කියුවෙ...
    බ්ලොග් ලියනකල් මට නම් මෙණ්ඩ අය්යව අමතක වෙන එකක් නෑකාරනා දෙකක් නිසා...
    ඵලමු හා වැදගත් එක තමයි මගෙ පළමු බ්ලොග් පෝස්ටුවේ පළමු කොමෙන්ටුව දැම්මෙ මෙන්ඩ අය්ය... ඉතින් ඒක කෝහොම අමතක කරන්නද... අනික මට දවසක් වැරදිලා අය්යගෙ කොමෙන්ටුවක් ඩිලීට් වීම.....
    ලියවිල්ලනම් මරු.. දෙන්නත් එකම ලියමු ඉතින්... එදා හමු වීම සතුටක්..
    කමී අය්යට විස්කෝතුයි මේ පෝස්ටුව දැම්මට...

    ReplyDelete
    Replies
    1. ඔහොම වැඩක් නෑ.. කන්න පුළුවන් විස්කෝතු පැකට් එකක් වත් එවහන්.. හි.හි..හි..

      Delete
  28. එළ ද බ්‍රා මෙන්ඩා.... උඹේ ෆීල්ඩ් එකේ ලියන්න දේවල්ද නැත්තේ.. එතකොට ගමේ දේවල්... දිගටම ලියහන්....

    ReplyDelete
    Replies
    1. අම්මෝ.. මුගේ කතා ලියන්න වෙනම බ්ලොග් එකක් පටන් ගත්තත් හිට් වෙනෝ ෂුවර්.. කොහොමද මෙහෙම.. "මෙන්ඩා ගේ ඉල ඇදෙන කතා"

      Delete
    2. මෙන්ඩාගේ කප් නැති බ්‍රා

      Delete
    3. මෙන්ඩාගේ බ්ලොගයට නමක් යෝජනාකර බ්‍රා දුසිමක් දිනාගන්න.

      1. 14 හෙ කණුව
      2. මිස්ටර් බ්‍රා
      3. මෙන්ඩාගේ පෑන්ටිය

      Delete
    4. මගේ බ්‍රා එක

      Delete
    5. 1. මෙන්ඩාගේ බෙසියරය...

      2. මෙන්ඩාගේ ජංගිය..

      Delete
  29. බ්ලොග් ලේඛකයෙක් කියන්නෙ අතේ සතේ නැතත් අතේ තියෙන සොච්චමත් ඩේටා වලට වියදම් කරලා අනුන්ගේ හිත පුරවන්න යමක් ලියලා ඒකෙන් තමනුත් ආත්ම තෘප්තියක් ලබන පිරිසක්. ඒ ආත්ම තෘප්තිය තමා බ්ලොග් ලේඛකයෙකුගේ ලොකුම ධනය වෙන්නෙ. ඔවුන්ට පිටට මවලා පෙන්නන්න පුහු ප්‍රතිරූපයක්වත් සමාජය ඉස්සරහා නඩත්තු කරන්න ව්‍යාජ ප්‍රතිරූපයක්වත් නැහැ. ඒකයි ඔවුන්ගේ ලියවිලි මෙව්වර අව්‍යාජ වෙලා තියෙන්නෙ. කල්‍යාණ මිත්‍ර සහෝදරයාගේ මේ ලියවිල්ලත් ඒකට හොඳ සාක්ෂියක්.

    ReplyDelete
    Replies
    1. ඉරංග, මේක ලියුවේ අපේ මෙන්ඩ.. මෙන්ඩ කියන්නේ බ්ලොග් වලට 'පර්සි' කෙනෙක්.. මම කරේ ඒක මගේ බ්ලොග් එකේ දාපු එක විතරයි. ඔබේ සියලු වැනුම් හා සුභ පැතුම් අයිති මෙන්ඩ ටයි.. :)

      ස්තුතියි!

      Delete
  30. සතුටුයි වචනයක් දෙකක් හරි කතා කරන්න ලැබුනට. ඒත් ඉතින් කතා කලා ද කියලා මතක නෑ කියලා තිබුනනෙ.. :(

    ReplyDelete
    Replies
    1. ඔච්චර ඉඳල තුෂානි මාත් එක්කවත් වචනයක් කතා කරේ නෑ.. ඒත් මෙන්ඩව හොයාගෙන ගිහින් කතා කරලද කොහෙද.. හුහ්..

      Delete
    2. අනේ නෑ... මෙන්ඩා එක්ක කතා කලෙත් කෑම කන වෙලාවේ අහම්බෙන්.. ඔයා ඉතින් බිසීනෙ එදා... ඔන්න සම්මානෙ දෙන වෙලේ නම් නාලක ගුණවර්ධයන්ට මම ගැන මොනවදෝ කියනවා ඇහුනා... :)

      Delete
  31. මේ සම්මාන උළෙල ගැන ලියපුවා කියෙවුවට කිසිම කමෙන්ට් එකක් දැම්මේ නෑ. ඒත් උඹ ලියපු එකකට කමෙන්ට් නොකර කොහොමද...

    කෙනෙක් ලියනවා කියන්නේ උගේ හිත අනිත් එවුන්ට ඇරලා පෙන්නනවා කියන එකයි. උඹලා වගේ එවුන්ගේ හිත්වල කුණු නැතිනිසා ඒ වැඩේට බයවෙන්න ඕනේම නෑ. දිගටම ලියපන් බං. අඩුමගානේ පොඩි මෙන්ඩට හරි කියන්න පුලුවන් " අඩෝ... උඹලා අපේ තාත්තට කැහුට්ටා කිවුවට අපේ තාත්තා බ්ලොග් එකකුත් ලියනවා ඩෝ..." කියලා

    ReplyDelete
    Replies
    1. උඹල මොකෝ හැබෑට ඌට කැහුට්ටා කියන්නේ.. :))

      Delete
  32. මෙන්ඩා අයියේ උඹ බොලොග් වලටත් වඩා දක්ශයි මොකක් හරි කතාවක් චිත්ත රූප මවලා ඉල ඇදෙන්න හිනා යන්න දෙන්න. අනේ මොකුත් එපා දෙයියෝ වීඩියෝ බොලොගක් දාහන්කෝ අර ගප්පියා වගේ. අර මොනිකගේ කතාවනම් සුප්පම හොදේ.....

    උබ අයියේ බොලොග් වල ඉන්න සුන්දර මෙන්ඩම තමයි ඇත්තටත්...
    උඹව හම්බවීම කතා බස් කිරීම සහ අඩියක් ගැසීම මා ලද සතුටක්.......

    ReplyDelete
    Replies
    1. මූට හැබැට හොඳයි ව්ලොග් එකක් පටන් ගන්න එක.

      Delete
  33. ඇස් වහක් කට වහක් නෑ පට්ට ලිවිල්ලක් ජයවේවා !

    ReplyDelete
    Replies
    1. බෙහෙත් පෝර නැති නිසා විස නෑ..

      Delete
  34. දේශපාලන කථායි, නෙලුම් විල ගැන විවිධ විවේචනයි හින්දා බ්ලොග් කාරයොත් එක්ක එපා වෙලා තිබුනු වෙලාවේ, සිංහල බ්ලොග් කාරයන්ගේ ඇති සහෘද බව මතුකරපු මේ ලිපිය නිසා බ්ලොග් කාරයෝ ගැනත් ආදරයක් ඇති වුනා.
    මං දකින විදියට හුඟක් බ්ලොග් කාරයෝ මෙලෝ රහක් නැති අති පණ්ඩිතයෝ. ඉඳලා හිටලා කමෙන්ට් දාන මමත් ඒ වගේ.
    ඒ අතරේ මේ වගේ විවෘත්තව කථා කරන ප්‍රතිරූප නැති සරල කමෙන්ට් කාරයෙක් කියන්නේ වටිනා සම්පතක්.
    මෙණ්ඩා ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. //මං දකින විදියට හුඟක් බ්ලොග් කාරයෝ මෙලෝ රහක් නැති අති පණ්ඩිතයෝ// හැක් හික් හුක්.. මෙහෙත් එහෙමයි හිටං..

      Delete
  35. හිතට දැනුන ලියවිල්ලක්.නැවත හමුවෙමු එහෙනං මේ වගේම සුපිරි ලියවිල්ලකින්..

    ReplyDelete
  36. නියමෙට ලියල තියෙනවා.. මෙන්ඩා කමෙන්ට් කරුවෙකු පමණක් වී සිටීම පාඩුවක් නේ..
    මේක කියෙව්වම ඇත්තටම හිතට සංවේදී කමක් දැනුනා. මටත් ඇවිල්ල කට්ටිය හම්බ වෙන්න තිබුනානම් කියල හිතුනා.. ෂුවර් එකට ලබන සරේදී හමුවෙමු.



    ReplyDelete
    Replies
    1. ලබන සැරේ සම්මාන දෙන එක තමයි සුවර් නැත්තේ..:)

      Delete
  37. වෙන වෙනම උබලගේ කෙමෙන්ට් වලට උත්තර දෙන්න හෙට දිහාට එන්නම්. මම වෙනුවෙන් උත්තර දීපු කමියට මගේ එල ද බ්‍රා එක

    ReplyDelete
  38. මෙන්ඩා උඹේ "සඳු" උඹට යන්න සල්ලි ගන්න මුද්ද තියන්න දුන්නා.හැබැයි අපේ "සුදු"නම් කියන්නේ බ්ලොග් ලියන උන් අහුවුනොත් බෙල්ල ගලවන්න ඕන කියලායි.

    ReplyDelete
    Replies
    1. ලබන සැප්තම්බරේ පොත් සල්පිලට එහෙම එන්න හිතන්නවත් එපා කියහන් උඹලෑ තුදූ ට.. නැත්නං බ්ලොග් කාරයෝ එහෙකුටවත් එහෙ යන්න බැරි වෙනවා බෙල්ල බේරගෙන..

      Delete
  39. දිගටම ලියමු මෙණ්ඩා අයියේ. ලිපිය මරු. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔයත් ලියන්න නංගි.. මොකෝ නමුණුකුලේ කන්ද අද්දන්න අමාරුද?

      Delete
  40. ඇත්තටම මෙන්ඩයියේ බැරිද මේවගේ වෙන බ්ලොග් එකකින් වත් ලියන්න?
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. මම හැමදාමත් උබලගේ කෙමෙන්ටෙර්

      Delete
  41. මට අර වාහනේ ෂෙඩ් එකට තල්ලු කරපු කතාව කිව්වම මතක් වෙන එක දෙයක් තියෙනවා. පොස්ට් එකක් නොදා ෂෙඩ් එක පෙනී-පෙනී වාහනේ නතර වුණා වගේ ඉන්න වෙලාවට, මෙන්ඩා කොහෙන්දෝ ඇවිත් මේ වගේ තල්ලුවක් දානවා. එතකොට බ්ලොග් එක ආයෙත් අර වාහනේ වගේ ඉස්ටාට් වෙනවා. මෙන්ඩා නැතිනම් මගේ බ්ලොග් එකත් වහලා ගොඩක් කල්. ඒ නිසා ඒ සම්මානෙත් මෙන්ඩාට ලැබුණු එකක්. මම පරිවර්තන ලියන්න ගත්තෙම ඉංග්‍රීසියෙන් පලවෙන වැදගත් ලිපි මේ සිංහලෙන් කියවන අය අතරට ගේන්න. අන්තිමට ඒ දේටම සම්මානයක් ලැබුණා. සම්මාන කියන දේවල් මහලොකු නෑ. ඒත් මෙන්ඩා ඇවිත් දාන කමෙන්ට් එකක් සම්මාන 10කට වඩා වටිනවා.
    උඹේ ලිවිල්ලට වඩා, කියවිල්ල රහයි කියලා එතැන හිටපු හැමෝම වගේ දන්නවා. ඒ වෙලාවේම වීඩියෝ බ්ලොග් එකක් පටන් ගන්න උඹට යෝජනා කලේ ඒ නිසා. ඒක කලොත් නම් රජෝ එක රැයින් ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒක නම් සහතිකයි. ඒකෙන් කියවෙන්නේ උඹට ලියන්න එපා කියන එක නෙවෙයි. ලියනවා නම් ලියපන්. අපි ලිවිල්ල නතර කරලා බලාගෙන ඉන්නම්.

    අනුරාධපුරේ අඩා ගිණි බිඳපිය ....

    ReplyDelete
    Replies
    1. කමියාට ස්තුතියි. මේක දැම්මනට නෙවෙයි. ලින්ක් එක දුන්නට.

      Delete
    2. එල ද බ්‍රා අයියන්ඩි ...

      Delete
  42. මෙන්ඩ මරු ලිපිය. හැබැයි උඹල දෙන්නගෙන් නම් ආප්ප විකුණන් තැන අහන්නේ නැහැ මිට පස්සේ.

    ReplyDelete