Friday 5 May 2017

මහා මුහුද මැද ගිලිහුණු රන්වැටක අඳුරු මතක.. War, it ain't nothin' but a heartbreaker - 3

මේක ලියන්න ගත්තේ පහුගිය අවුරුද්දේ මැයි මාසේ.. ඒ උනාට ලියන්න බැරි උනා.. ඒක බොහොම සාමාන්‍ය දෙයක්නේ ඉතිං. මේකේ දෙවෙනි කොටස විදියට එකක් ලියුවත් ඒකෙ මුලින් කියන්න බලාපොරොත්තු වෙච්චි කතාවට අදාලව කිසිම දෙයක් ලියවුනේ නෑ.. එකත් ඉතින් බොහොම සාමාන්‍ය දෙයක් තමයි.. බලමු අදවත්..

2001 අප්‍රේල් මාසේ අවුරුදු දවස්වල අපි හිටියේ කන්කසන්තුරේ.. එතකොට මම P 495 ඩෝරා එකේ දෙවෙනියා.. මගේ ලොක්ක උනේ ලුතිනන් කමාන්ඩර් රජීව් සේනාරත්න.. ඔහු ගැන වෙනම ලියන්න ඕනි.. රජිව් සර් මුලින්ම ඩෝරා එකක OIC කෙනෙක් වෙලා ආවේ එතකොට මම දෙවෙනියා විදියට හිටපු P 442 ඩෝරා එකට.. රියර් අද්මිරාල් සින්නයියා තමයි ඒ කාලේ ඩෝරා බලඝණයේ අණ දෙන නිලධාරී හෙවත් CO. පස්සේ රජිව් සර් 495 ඩෝරා එකට මාරු වෙලා යනකොට මාත් ඒ එක්කම ඒකට ගියා. 495 එක MSIS (Multi-sensored stabilized integrated System) කියන වෙපන් සිස්ටම් එකත් එක්ක කපල් කරපු මි.මි. 23 Typhoon වර්ගයේ ප්‍රධාන අවියක් සවි කරපු ඒ දවස්වල විදියට නවීනතම යාත්‍රාවක්.. Attack එකක් වෙලාවට ඒ වෙපන් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්නේ ඩෝරා එකේ දෙවෙනියා.. ඉතිං සාමාන්‍යයෙන් ඒ වගේ ඩෝරා එහෙකට තව අමතර නිලධාරියෙක් (3rd Officer in Command- 3IC) කෙනෙකුත් ඉන්නවා. අපිත් එක්ක හිටිය 3IC මගේ ජුනියර් බැච් එකේ.. බලපිටියේ සොයිසා කෙනෙක්.
A fully equipped Ultra Fast Attack Craft (UFAC) with MSIS and Typhoon
MSIS with Day vision Camera, Night Vision Camera and Laser range finders etc.

A MSIS turret fitted on a ship mast 

Attack එකක් වෙලාවට ඩෝරා එකක මේ OIC- 2IC සම්භන්දතාවය හරිම වැදගත්.. අනිත් crew එකත් එක්ක තියෙන සම්බන්ධතාවයත් වැදගත්.. නමුත් attack එකේ scale එක හා OIC ගේ tactical maneuvers ගැන හොඳම විව් එක තියෙන්නෙත්, ඒ අනුව ප්‍රධාන අවිය හසුරුවන්නෙත්, සෙසු අවි හැසරවිම සඳහා උපදෙස් දෙන්නේත් (Gun Comm හරහා) දෙවෙනියා නිසා මේ අවබෝධය crucial. කාලය බොහොම සීමිතයි ඒ වගේම ගොඩක් කතා කරන්න කියන්න ගියාම පැටලෙන්ඩ, වරදින්න හා පැනික් වෙන්න තියෙන අවස්ථාව වැඩි නිසා attack එකක් වෙලාවට අපි දෙන්න කතා කරන්නෙම නැති තරම්.. එක බැල්මකින් නැත්නම් වීල් එක හසුරුවන කෙනාට දෙන ඕඩර් එකකින් එහෙමත් නැත්නම් එක 'කුණුහරුපයකින්' ඊළඟ ඇක්ෂන් එක මොකක්ද වෙන්න ඕනි මොකක්ද කියල දැනගන්න පුළුවන්..

වතාවක් අපි පොයින්ට් පේදුරු මුහුදේ පැට්‍රොල් එක තව එක ඩෝරා එකක් එක්ක.. එතකොට නාගර්කෝවිල් වලට එනකම් කොටි ලයින් එක.. නාගර්කෝවිල් වලට පොඩ්ඩක් උඩින් මනල්කාඩු වල අපේ තිබ්බ අන්තිම ඩිෆෙන්ස් ලයින් එක.. මුහුදෙන් ගොඩ බිමට කිට්ටු කරන්න පුළුවන් මනල්කාඩු හරියට විතරයි.. ඊට පහලට ගිහින් ලං උනොත් ගොඩබිම තියෙන MBT වලින් කන්න වෙනවා.. ඔය පේදුරුතුඩුව ට එළියෙන් මුහුදේ එක දිගට ගල් වැටියක් තියෙනවා හැතැක්ම හතරක් 5ක් ඈතින් ගොඩබිමට සමාන්තරව.. ඉතින් ඔය ගල් වැටියට ඇතුලෙන් ගොඩබිමට කිට්ටුව අපි ඩෝරා දෙක ඉහල පහල යාත්‍රා කරමින් නාගර්කෝවිල්, වෙත්තිලකර්නි, චලෙයි, චුන්ඩිකුලම් ඉඳල මුලතිව් වෙනකම් මුහුද දිහා ඇහැ ගහගෙන ඉන්නවා.. ඇහැ කියුවට රේඩාර් එක තමයි ඉතීම්..

ඔහොම ඉද්දි දවසක් නාගර්කෝවිල් සහ වෙට්ටිලකර්නි වලින් එකදිගට කොටි බෝට්ටු මුහුදට දාන්න ගත්තා.. සාමාන්‍යයෙන් මෙහෙම කරන්නේ මුලතිව් හෝ චලෙයි පැත්තට ආයුධ හෝ වෙනත් භාණ්ඩ අරගෙන බෝට්ටු එන්න තියෙන වෙලාවට අපේ අවධානය වෙනස් කරන්න එහෙම.. ඒ වගේ වෙලාවට උන් කරන්නේ ගොඩබිම ඉඳල හැතැක්ම 5-6ක් එලියට ඇවිත් වටේ පිටේ තියෙන ඩෝරා ටික එතනට ගෙන්නාගෙන සෙල්ලමක් දාන එක. අපි අහුවෙයි ඕවට.. ඒත් එදා බෝට්ටු එහෙම ගොඩබිමින් එලියට ආවේ නෑ. ගොඩබිමට කිට්ටුවෙන්ම එක ළඟ ගුලියක් වගේ පේනවා මිසක් රේඩාර් එකෙන් පැහැදිලිව පෙන්නේ නෑ.. අපි මේ ගැන උතුරු නාවික විධානයේ ආඥාපති තුමාව දැනුවත් කරාම එතුමා අවශ්‍ය කටයුතු කරලා හදිසි අවස්ථාවකට සුදානම් කරා මුළු නාවික විධානයම සැනෙකින්.. එතකොට එදා ශක්ති සහ තවත් නැවක් ට්‍රින්කෝ වල ඉඳල KKS වලට එමින් තිබුනේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා හමුදා සාමාජිකයෝ අරගෙන.. සමහරවිට මේ ඒ නැව් වලට පහරදීමකට සුදානමක් ද නොදන්නා නිසා ඒවාටත් මේ ගැන දැනුම් දීලා අවශ්‍ය සුදානම් වීම කරලා තිබුනා. ඒ වගේම අපේ උදව්වට තව ඩෝරා යාත්‍රා කිහිපයක් පේදුරු තුඩුව මුහුදුටත් යාත්‍රා කරමින් තිබුනා..

නමුත් එදා මේ සිටුවේෂන් එක ගැන මටවත් රජිව් සර් ටවත් සෑහීමකට පත්වෙන්න බැරි උනා. එතන ඊට වඩා යමක් සිදුවෙන බව අපිට වැටහෙමින් තිබුනා.. මේ වෙනකොට action station හෙවත් සියලු දෙනා තම තමන්ගේ අවි ආයුධ වලට වෙලා පුර්ණ යුධ අවස්ථාවකට සුදානමින් හිටියේ.. මමත් ගන් කම්පියුටර් එක ඉස්සරහා වාඩිවෙලා MSIS කැමරාවෙන් කොටි බෝට්ටු පැත්ත නිරීක්ෂණය කරන්න උත්සාහ කරාත් ඉර බැහැගෙන යන වෙලාවේ දකුණ/ බටහිර පැත්ත බලන්න තියෙන අමාරුව නිසා පැහැදිලි පින්තුරයක් ගන්නත් බැරුව හිටියේ.. රේඩාර් යන්ත්‍රයත් කැමරා මොනිටර් එකත් දිහා මාරුවෙන් මාරුවට බල බල හිටපු OIC එකවරම 'Steer south- වන්-එයිට්-සීරෝ' කියල එන්ජිං දෙකම ස්පීඩ් අප් කරා.. මම දන්නවා මේ යන්නේ කොටින්ගේ මුහුදු සීමාවට මේ ගැන පැහැදිලි විස්තරයක් බලා ගන්න කියල.. ඉතින් මමත් හැකි ඉක්මනින් කැමරා එක නාගර්කෝවිල් මුහුදු සීමාවට මානාගෙන සුදානම් උනා.. අනිත් ඩෝරා එක මනල්කාඩු වලට එළියෙන් නතර කරලා අපි මුහුද අයින දිගේ නාගර්කෝවිල් පැත්තට ගියා.. කොයි වෙලාවේ MBT එන්ගේ ජ් කරයිද නම් දන්නේ නෑ..

ගියා තමයි.. අම්මට සිලි වෙනවා.. එක පොකුරට බෝට්ටු විස්සකට වැඩියි මුල් cluster එකේ. දහයක් විතර හෙන පත සයිස් Attack craft. ඩෝරා එහෙකට වැඩිය ඕනිනම් පොඩ්ඩක් පොඩි ඇති. තව පොඩි බෝට්ටු කිහිපයක් හා suicide craft කීපයක් ඒ අතර.. අපි එන වගේ වගක් නැතුව උන් එක cluster එකට මුහුද අයිනෙම්ම පේදුරු තුඩුව පැත්තට එනවා හෙමි හෙමීට.. අපි ඒ බෝට්ටු පහුකරලා තව පහලටම ගියා.. එතනත් ඒ වගේම cluster එකක්.. වේගෙන් උඩට එනවා පලවෙනි group එකට සෙට් වෙන්න බලාගෙන වගේ.. පුදුමේ කියන්නේ මේ ගෘප් දෙකෙන් එකක්වත් එහෙම නැත්නම් ගොඩ බිම ඉඳලාවත් තනියම උන්ගේ රේන්ජ් එකට ගිය අපේ ඩෝරා එකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. අපි මේ විස්තරත් ඔක්කොම ඉහලට දැනුම් දීල ආපහු හරවාගෙන මනල්කාඩු ඉස්සරහට ඇවිත් අපේ යුනිට් එක්ක එකතු උනා. ඒ වෙනකොට අපේ ඔක්කොම ඩෝරා 6ක් විතර.. MSIS හයි කරපු නයිට් ෆයිටින්ග් වලට ගැලපෙන ඒවා තිබුනේ තුනක් වගේ.. තව ට්‍රින්කෝ වලින් හා මැනාර් සයිඩ් එකේ තිබ්බ ඩෝරා කිහිපයක් අපිත් එක්ක එකතුවෙන්න එන ගමන්.

අපි ලයින් එකක් හදල මනල්කාඩු වලට ටිකක් පහලට වෙන්න බැරියර් එකක් ෆෝම් කරා. ටික වෙලාවකින් එනමි ක්ලස්ටර් දෙකම එකතු වෙලා තනි යුනිට් එකක් වෙනවා අපි බලාගෙන.. ඊට පස්සේ හෙමි හෙමින් උඩට එනවා.. අපි මුලින්ම මේ ගෘප් එකට එන්ගේජ් කරනකොට කළුවර වැටෙන්න ඇවිත්. ඒ වෙනකොට අපි දෙගොල්ලම PPD චැනල් එක ඇතුලේ .. කලින් කියපු ගල් පරය නිසා අපිට බෝට්ටු හරවන්න පුළුවන් බොහොම සිමා සහිතව.. ඒ වගේම මෙතැනදී enemy අපිව out number කරනවා වැඩි බෝට්ටු ප්‍රමාණයකින්.. නමුත්, surprisingly, අපි attack කරනකොට උන් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙඩි තියනවා මිසක් අපිට ඇටැක් කරන්න මහන්සි වෙන්නේ නෑ. දිගටම උන්ගේ ටාස්ක් එකට යනවා විතරයි.  මේක හරිම වොරියින්ග්. මේ විදියට ටිකක් වෙලා යනකොට මුන්ගේ movements වලින් සහ intelligence වලින් අපිට තේරුනා මුන් මේ යන්නේ KKS හාබර් එකට කියල..

හාබර් එක ඉස්සරහ MV Ruhunupura නැව ඇන්කර් කරලා unloading කරනවා.. වැරදිලා හරි රුහුණුපුර ට සුවිසයිඩ් එකක් ගහල හාබර් මවුත් එකේ ගිලුනොත් KKS හාබර් එක ඉවරයි. KKS හාබර් එක ඉවරයි කියන්නේ යාපනේ ඉවරයි.. බොහොම සිම්පල් විදියට එහෙම හිතුවට මේක මහාම මහා බයානක අවස්ථාවක්.. පොයින්ට් පේදුරු වලින් හැරුනාම KKS හාබර් එකට තියෙන්නේ හැතැක්ම දොළහයි. සුවිසයිඩ් බෝට්ටුවකට එක ඩෑෂ් එකෙන් රීච් කරන්න පුළුවන් විනාඩි 15ක් ඇතුලත.. ඒ කියන්නේ මේ ගෘප් එක තව හැතැක්ම 3-4ක් මෙහෙම ගිහිං පොයින්ට් පේදුරු වලින් ටර්න් කරාම මුන්ගේ මේ සියලු ටැක්ටික්ස් වෙනස් වෙනවා.. එක ටීම් එකක් ඩෝරා එක්ක එන්ගේජ් වෙයි. අනිත් ටීම් එක කෙලින්ම KKS පැත්තට අදියි.. ගියෝත්නම් පුතා ලොවෙත් නවත්වනවා බොරු..!

අපි ආයිම වතාවක් ඕගනයිස් වෙලා attack run එකක් කරා.. ඒත් බෝට්ටු තිහකට වැඩිය තියෙන හොඳට ඔගනයිස් වෙලා යන මේ cluster එකට එහෙම attack කරන්න බෑ කියල අපිට තේරුණා. වෙන තැනකනම් ගොඩ බිමින් ෆයර් සපෝර්ට් ගන්න තිබ්බ.. මේ තැනෙ හැටියට ඒකත් බෑ. ගොඩින් ගැහුවොත් අපි දෙගොල්ලම අනතුරේ. ඉක්මණින් තීරණයක් ගන්න ඕනි.. මම OIC දිහා බැලුව.. ඔහු කිසිම කලබලයක් නැතුව සෙට් එක අතට ගත්තා..

"මේ ගෘප් එක මෙහෙම තනි ක්ලස්ටර් එකට ඉන්නකං අපිට මුන්ට ගහන්න බෑ. මම ඇතුලට යනවා.. එහෙමෙහෙ වුනාම උඹල වෙන වෙනම එන්ගේජ් කරපල්ලා"

ඊළඟට වෙන්න තියෙන දේ ගැන මට අමුතුවෙන් කියන්න ඕනේ උනේ නෑ.. මම ගන් කොම් එක අතට ගත්තා..
"අපි මුන්ගේ ලඟට ටිකක් කිට්ටු කරනවා- මම මුලින් එන්ගේජ් වෙනකම් ඉඳල වටේ පිටේ පේන්න තියෙන ඔක්කොටම ගහපල්ලා.. මම කියනකම් ෆයර් එක නතර කරන්න එපා...."

මම හොඳට හරි බරි ගැහිලා ගන් කැමරා එක ඉස්සරහා වාඩි උනා..

"ස්ටියර් ටූ-වන්-සීරෝ" ..

"ටූ-වන්-සීරෝ සර්" වීල් එකේ හිටපු LME (Leading Engineering Mechanic) ඕඩර් එක කන්ෆර්ම් කරා..

"ලං වෙනකං එන්ගේජ් කරන්න එපා" කාලෙකින් OIC ගෙන් මටත් උපදෙසක් ලැබුනා.. සාමාන්‍යයෙන් අපි මේන් ගන් එකෙන් එන්ගේජ් වෙන්න පටන් ගන්නේ මීටර් 2000-2200 වගේ රේන්ජ් එකේදී.. එහෙම ගිහින් 1000-1200 විතර ලං වෙනකොට හරවාගෙන එනවා.. එදා මම LRF එක (Laser range finder) එක ඔබ ඔබ හිටියා ළඟම පෙනුන කොටි බෝට්ටුව මීටර් 1000ක් විතර වෙනකම් ලං වෙනකම්.. ඒ වෙනකොට අපේ ඩෝරා එක 'පිස්සු හැදිච්ච කඟවේනෙක්' වගේ කොටි බෝට්ටු ක්ලස්ටර් එක අස්සට කඩා පනිමින් හිටියේ.. මගේ කැමරා මොනිටරේ පුරවලා දැන් කොටි බෝට්ටු.. අලගෙඩි වගේ.. ඒ වෙනකොට බෝට්ටුවේ එළියේ හිටපු කොල්ලන්ටත් තමන්ගේ ඉස්සරහා තියෙන බෝට්ටු වල ඡායාව හොඳින්ම පේන්න තරම් අපි කිට්ටුවෙලා.. මට මොහොතකට මුළු ලෝකෙම අමතක උනා කියුවොත් හරි.. හිත ඇතුලෙන් යකෙක් කෑගහනවා..

'Waste the bloody motherfuckers!!!'

මම 23mm Typhoon එක engage කළා.. ඒ එක්කම මුළු ඩෝරා එකම එකම වෙඩි හඬකින් දෙදරලා යන්න පටන් ගත්තා.. ටාගට් ට්‍රැක් කරන්න, රේන්ජ් සිලෙක්ට් කරන්න ඒවා මොකුත් නෑ.. මම ගන් එක මුහුදට පැරරල් තියල මගේ ෆයරින් ආර්ක් එක ඇතුලේ මිලිමීටර් විසි තුනේ බෝම්බ වරුසාවක් වැපිරුවා.. ඒ එක්කම වගේ 'ටින්- ටින්- ටින්..' ගාලා ඩෝරා එකේ ඇලුමිනියම් බඳ හිල්වෙන සද්ද ඇහෙන්න ගත්තා..

"හාර්ඩ පෝට්..."

"හාර්ඩ පෝට් සර්.." LME බෝට්ටුව හරවනවත් එක්කම එක පාරම බෝට්ටුවේ වේගය බාල වේගන ගියා..

"ස්ටාර්බඩ් එන්ජිම නතර උනා සර්" LME කෑ ගහනවා..

"උඹ පහලට පලයන්.. මම වීල් එක ගන්නම්.." මම ගන් කම්පියුටර් එක අතෑරලා වීල් එකට පැන්න..

තනි එන්ජින් එකෙන් දුවනකොට වීල් එකෙන් ගෙනියන්න අමාරුයි. ඊට ලේසියි එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එකෙන් steer කරන එක.. මම වීල් එකෙන් කන්ට්‍රෝල් අයින් කරලා පෝට් එන්ජින් කන්ට්‍රෝල් යුනිට් එකෙන් ඩෝරා එක එනමි ක්ලස්ටර් එකෙන් එළියට ගත්තා හිමි හිමිට.. ඒත් ඉස්සරහා ඇණිය බරට යට යනවා තේරෙනවා..

"බෝසන් ස්ටෝර් එකට වතුර පිරෙනවා වගේ.. වෝටර් ටයිට් කරලා ගිහින් ඇතුලෙන් වටේම බලපන් තව කොහෙද වතුර දාන්නේ කියල" මම සොයිසා ව ඒ වැඩේට පිටත් කරා..

"මගේ ස්ටාබඩ් එන්ජින් එකට වැදුනා.. මම හෙමිට එලියට ගන්නවා.. දැන් මුන්ගේ ක්ලස්ටර් එක කැඩිලා උන් අනාථ වෙලා ඉන්නේ.. උඹල වෙන වෙනම අරං එන්ගේජ් වෙයල්ලා.. මම මෙහෙමම හාබර් එකට අදිනවා.. "
OIC සෙට් එක අරන් ජයග්‍රාහිව කියුව..

කොහොම හරි Damage Control කරගෙන තනි එන්ජින් එකෙන් අපි KKS එනකොට කොටි බෝට්ටු ආපහු හරවලා පහු බහින්න පටන් අරං.. ඒ වගේ Planned Attack එකක Command and Control නැතුව ගියාම මූලික අවස්ථාවේ තියෙන පහසුකම් එක්ක සටන් කරන ත්‍රස්තවාදී කණ්ඩායමකට අතරමගදී ආපහු අර මුලින් වගේ ඔර්ගනයිස් කර ගන්න බෑ. P 495 අපි එදා කරේ ඒ දේ.. මේ වගේ බොහෝ සිද්දි 495 ඩෝරා එකත් එක්ක මතකෙට එනවා..

P495 අපට අහිමිවෙච්චි දවසේ කතාව ආයේ දවසක කියන්නම්. ජයවේවා!


88 comments:

  1. කියලා කමෙන්ට් පස්සෙ :) :) :) මං එක

    ReplyDelete
  2. එදා සිට ඔබ මහා ගරු රණ විරු උනා එහෙම ද

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.. මම කවදාවත් රණවිරුවෙක් වෙලා ඉඳල නෑ.. එහෙම ඉන්න අදහසකුත් නෑ.. එහෙම ඇහුවට ස්තුතියි!

      Delete
    2. ආයෙ කමියට රණවිරු කියල කියන්නෑ.
      රණවිරු,රට විරු, ලොතරැයි විරු මොන බයිලද මෙව්වා...
      මේ සෝඩ කාරයෝ ටික ටික සෝඩ දාල දැන් අරක්කු නෑ.සෝඩ විතරයි.

      Delete
    3. මං කොහොමත් එහෙම එකෙක් නෙවෙයි බං.. නේවි එකේ රස්සාව කරා.. කොටි වෙඩිතියන්න ආවොත් උන්ට කලින් අපි වෙඩි තිබ්බ.. මාසේ අන්තිමට පඩියක් අරං ගෙදර ගියා.. ඇතියි කියල හිතුනම අයින් උනා.. ඊට වැඩිය මොන ලබ්බක්ද?

      Delete
    4. @ ගස් ලබ්බා
      //රණවිරු,රට විරු, ලොතරැයි විරු මොන බයිලද මෙව්වා...
      මේ සෝඩ කාරයෝ ටික ටික සෝඩ දාල දැන් අරක්කු නෑ.සෝඩ විතරයි//
      ++++

      ඔය රණවිරු කියන වචනයම දේශපාලනිකයි.හරියට දැන් බුද්දාගම,සිංහල ජාතිය වගේ.

      Delete
  3. ඩෝර එකේ වේගය අඩාල උනා කියල දැනගත්තම ටෙරාල එලවල ඇවිත් ගහන්න ට්‍රයි කරන්නෙ නැද්ද ?. P495 කියන්නෙ ජීවිතේ තියනකම් කොටින්ට රිදෙන්ඩ ගහපු කෙනෙක් නේද ?

    ReplyDelete
    Replies
    1. දැන ගත්තනම් අනිවා පස්සෙන් සුසෙක් එල්ලනවා.. ඒ ගහපු ගැහිල්ලට උන්ට හිතා ගන්න බැරි උනා. එච්චර ලඟට ගියාම රේඩාර් වල පික්චර් එක වෙන වෙනම පැහැදිලිව බලන්න බෑ.. එක පොදියට තමයි පේන්නේ.. අපි බලන්නේ නයිට් විෂන් කැමරා එකෙන්..

      P 495 මුහුදට ගියොත් එදාට ඇටැක් එකක් ෂුවර් කියල ඒ දවස්වල අනිත් උන් කියන්නේ.. :)

      Delete
  4. P495 කතන්දරේ කොච්චර බර ඇද්ද කියලා හිතා ගන්න පුළුවන් පෝස්ට් තුනක් දාලත් මාතෘකාවට ඒ ගන්න තටමන හැටියට.හෙමිහිට දිව බුරුල් වෙච්ච වෙලාවක වත් ලියල දාහං බොස්...
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. බරයි නේන්නං.. අවුරුදු දාසයකට පස්සෙත් බිමින් තියාගන්න බැරුව කර තියාගෙන ඉන්නේ.. පෙන්නේ නැද්ද? මැරිච්ච උන්ගේ මූණු වලට වඩා උන් නිසා ජීවත්වෙලා හිටි උන්ගේ මූණු දැක්කම බර වැඩි වෙනවා.. :/

      Delete
  5. //P495 අපට අහිමිවෙච්චි දවසේ කතාව ආයේ දවසක කියන්නම්. ජයවේවා!//
    තව පෝයවල් දහයක් දොලහක් ගියාම ...

    ReplyDelete
  6. මහත්තයා නාවුක හමුදාවේ ඉන්නකොට දෙමලු ගොඩක් මැරුවද? බොහොම හොදයි. මොකද මට උන් පේන්න බෑ. මොකද දෙමලු ගාව ගදයි. ඇයි අනේ අපේ හමුදාවට දෙමලු ඔක්කොම ටික මරන්න බැරි උනේ? මං නං කියන්නේ ආයේ යුද්දේ පටන් අරං දෙමලු ටික මරලා දාන්න ඕනි ඔක්කොම. දෙමලු මැරීම තවත් දිරිමත් කරන්න ඕනි. ඒකට කරන්න තියෙන්නේ දෙමළෙක් මැරුවම ඒ රණවිරුවට රුපියල් දාහක බෝනස් දීමනාවක් දෙන්න ඕනි. ඉතින් මාසෙකට දෙමලු සීයක් මැරුවම පඩියට අමතරව කෙලින්ම රුපියල් ලක්ෂයක් අතටනි.

    මහත්තයා නැවේ කප්පිත්තා වගේ ඉදලා වෙඩි පත්තුකරලා දෙමලු ගොඩක් මරපු පිනම ඇති මහත්තයට බුදුබව අත් වෙන්න. තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් තෙරුවං සරණයි! ඒක නෙවෙයි කවුද දෙමලු කියන්නේ .. හැක්

      Delete
    2. දෙමලු මරපු එවුන්ට දැන් බෝනස් දුන්න නේද උසාවියෙන්.

      Delete
    3. ආ.. මේ කියන්නේ ඒ අය ගැනද? මම පෝස්ට් එකකුත් ලියුව ඒ අය ගැනනම්.. යුධ විරුවෝ සහ යුධ අපරාධකාරයෝ කියල..

      Delete
  7. ඒ ආයෙ දවස ඉක්මනටම එයි කියල හිතනව....
    මේ වගේ පිස්සො කියන ඒව ගනන් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. අහ.. ඒ දවස නේ.. බලමු ඉක්මණට.. තැන්කියු ප්‍රසාද්. මටත් පිස්සු නිසා කිසි දේක ගානක් නෑ..

      Delete
  8. මේ කතාව සති අන්තෙ පත්තරේකට දුන්නානං උං මාස ගානක් අදියි. දැං මේ කතාවෙ තියෙනව වගේ නෙමෙයි. අර කොම්පිවුටරේ ගේම් ගගහ ඉඳල අර රෝදෙයක් අල්ලගත්තු එකම යනව ඡේදෙකට එහා.

    “රුදුරු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මෙලක දියඹ මුදාගනිමිය් සිතා එකාවන්ව සටනට බට ඒ සූර වීර තෙදැති වීර පුත්‍රයා වන ................ කලනසිරි වීරවරයා පරිගණකයෙන් පහසුවෙන් සහ සිය දිවි සුරැකිව කරගන්නට තිබූ සටන .................“

    ඕං ඔහොම ඇදෙනව. අන්තිමට -ලබන සතියට- කියල අදිනව.

    මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙවෙයි, අපි දන්න හුඟක් යුද්දෙට ගිය අය ඉන්නව. ඌල ගමේ ආවහං යුද්දෙ ගැන වචනයක්වත් කියන්නෑනෙ. උංගෙං ඇහුවහං, “එව්වනං ඉතිං මොටද බාං“ කියල මගාරිනව. ඒ මොකද?

    ReplyDelete
    Replies
    1. උඹලෑ ගමේ එකෙක්වත් අධාරක අනුඛන්ඩ වල ඉඳල නෑ.. ඔක්කොම ඉන්න ඇත්තේ ප්‍රන්ට් එකේ.. ඒකයි හේතුව.. :)))

      Delete
    2. පත්තරනං මොනවද බං. අර රවියට දුන්නනං මේක අදී අවුරුදු දහයක් පාළහක්.

      Delete
  9. කමි මේ ප්‍රහාරය වරාය බේරගන්න උපකාරී වෙන්න ඇති නේද? උඹලගේ සේවයට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව්. නැත්තං එදා උන් අනිවා kks වලට ගහනවා. එහෙම එකක් නූන නිසා ලොකු හාවක් හූවක් ගියේ නෑ. කොහොමත් එහෙමනේ.. ඒත් මේ සීන් එක ඒ කාලේ නේවි එකේ හැමෝම දන්නවා.. අපි කොහොම හරි හාබර් එකට ඇවිත් පියර් එකට බහින්න උනේ නෑ.. කොම්නෝර්ත් ඇවිත් වඩාගෙන බිමට ගත්තේ..හැක් හැක් .. ඇගයීමට ස්තූතියි!

      Delete
    2. උඹට අමතක වෙලා, වඩාගෙන නෙවෙයි ගන්න ඇත්තෙ , ක්‍රේන් එකෙන් උඹව බාද්දි ලොක්ක අල්ලල බිමින් තියන්න ඇති.

      Delete
    3. හම්මේ ඉතිම් මගේ කටට එන ඒවා!

      Delete
    4. මු උගෙන් බාගයයි

      Delete
  10. නියම පෝස්ටුවක්..මේ බ්ලොග් එකට ආව මුල්ම වතාව...ලියනව කිව්ව අනිත් එකත් ඉක්මනට ලියන්න...
    (ඇනෝ ආවෙ ඇක් එකට ලොග් වෙන්න කම්මැලි හින්දා.අහිතකට නෙමෙයි)
    ~ඇනෝRulz~

    ReplyDelete
    Replies
    1. ස්තූතියි .. වැදගත් විදියට එනවනං කෝම ආවම මොකෝ.. ඉතුරු හරියත් ලියන්නං ඇහැක් විදියට.. ඇවිත් කියෝල යන්නකෝ..

      Delete
  11. ඉක්මනට ලියපං අයියේ..... හදිස්සියක්.....

    ReplyDelete
    Replies
    1. උඹ ටාජ් එක ඉස්සරහ පොල් ගහට නැග්ග වගේ මේව ලියන්න බෑ. අඩුම ගානෙ අර ගල් කාල වයින් වීදුරුවෙන් බොන වෙලාවවත් ඕනෙලු පෝස්ට් එකකට.

      Delete
  12. මචං, රජීව් සේනාරත්න කිව්වේ ජා-ඇල පැත්තේ කොල්ලෙක් ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. තුඩැල්ලේ.. දන්නවා නේ..

      Delete
    2. අපේ ගේ ගාවනෙ රජීව් ලෑ මහගෙවල්! රජීව් ගේ අම්මා තමා මගේ මුල්ම ඉංග්‍රීසි ගුරුවරිය. දැන්නම් කොහෙ ඉන්නවද දන්නෑ, කාලෙකින් දැක්කෙ නෑ...

      Delete
    3. P495 අන්තිම ඇටෑක් එකේදි තුවාල උනා. පස්සේ නේවි එකෙන් අයින් උනා. දැන් Akra Bakers එකේ CEO. ඒක රජීව් සර් ලාගෙ පවුලේ බිස්නස් එකක්..

      Delete
    4. Akra Bakers ? ඇහුවෙත් අදයි...!!

      Delete
    5. සුපර් මාකට් එහෙක පාං කූඩුවේ බලපං :))

      Delete
  13. උඹ ගැන ගොඩක් ආඩම්බර හිතුනා...උඹලා රට වෙනුවෙන් ඇත්තටම ජීවිතේ කැප කරපු මිනිස්සු..

    රුහුනුපුර නැව එක සැරයක් කොළඹ වරාය ඇතුලෙදි ගිලුනා කියලා උඹ දන්නව ද? පස්සේ තමා විකීලා ඒක ගොඩ අරන් රුහුනුපුර කලේ..

    ReplyDelete
    Replies
    1. කොලඹ වරාය ඇතුලේ? මට මතක පානදුර කිට්ටුව වගේ.. සමහරවිට ඒ වෙන නැවක සීං එකක් පැටලිලා වෙන්න ඇති.. කොහොමහරි සිද්දිය දන්නව.. මම අලුත් හාබර් එකේ වැඩකරනකොට පරණ ඔයිල් ලයින් එක කපලා අයින් කරන ජොබ් එක මාස ගානක් කරේ විකීලත් එක්ක.. ඔය කතා ඔක්කොම කතා කරනවා ඒ කාලේ හිටං.. :)

      Delete
    2. නෑ ඇතුලේ.. ඒ දවස්වල නම mv. Leerot..
      බර්ත් එකේ නවත්තලා තියනකොට වෙන ලොකු නැවක් ඇවිත් ඇන්නා.. jct 1 හරි 2 හරි වෙන්න ඕනා.. නැව එතනම ගිලුනා...

      Delete
    3. ඔහ්.. මට දෙකක් පැටලිලා.. පානදුරේ ගොඩගත්ත නැව මුන්ගේ බිල ගෙවන්න බැරුව මුන්ටම දීලා ගියාද කොහෙද කියුවා.. :)))

      Delete
  14. ගන් මොනිටරේ අතඇරල වීල් එක ගත්තම කොහොමද ගන් ඔපරේට් වෙන්නෙ ? ඩෝර එකේ ඉස්සරහ තියන ගන් එක කම්පියුටර් එකෙන් විතරද ඔපරේට් වෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මැනුවල් ගහන්න පුලුවන් ඒත් එච්චර ඇකියුරේට් නෑ. කොහොමත් ලෝඩ් කරන්නේ මැනුවලි.. විත්ඩ්‍රෝ වෙන වෙලාවට ඉස්සරහ ෆයරින් ආක් එකෙන් වැඩක් නෑනේ. ඒ වෙලාවට පිටිපස්සේ තියෙන ගන්ස් තමයි ෆයර් කරන්නේ.. අනික එන්ජිම ස්ලෝ උනාම ප්‍රයෝරිටි එක ඉමීඩියෙට් ඩේන්ජර් ඒරියා එකෙන් එලියට යන එක.. මොනවා හරි හේතුවකින් එන්ජින් දෙකම නතර උනොත් ආයෙම ප්‍රයොරිටි එක වෙපන්ස්.. සමහරවිට ඒ අන්තිම වතාවට.. අන්තිම හුස්ම තියෙනකම් සටන් කරනවා..

      Delete
    2. අන්තිම හුස්ම තියෙනකම් සටන් කරනවා.

      Salute Sir !!!

      Delete
  15. // හිත ඇතුලෙන් යකෙක් කෑගහනවා..

    'Waste the bloody motherfuckers!!!'//

    උඹේ හිත ඇතුලෙ ඉන්න යකා ඉංග්‍රීසි එකෙක් නෙ. ඕකව එලවන්ඩ යකදුරෙක් ඉම්පොර්ට් කරන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය කෑල්ල තියෙන්නේ මම ආසම ඉංගිරිස් ෆිලුම් එහෙක.. Rules of Engagement.. ඒකයි යකාට ඉන්ග්‍රීසියෙන් කෑ ගැහුනේ..

      Delete
    2. කම්මල, මරු කතාව ඕයි...හෙහ්..

      Delete
    3. කොටියම කාපියව් ටොපි දෙන්නව..

      Delete
    4. කම්මල, මං හිතන්නෙ ඕකට පන්දං හරියන එකකුත් නෑ.

      Delete
  16. මේන් ගන් එකට දෙන ටාගට් එක ගන් එකෙන් ලොක් කරගන්නවද ? කම්පියුටර් එක වැඩ කරන්නෙ නැති උනොත් මැනුවල් ඔපරේට් කරගන්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. ගන් එක ස්ටැබිලයිස් කරලා තියෙන්නේ වෙපන් සිස්ටම් එකෙන් ට්‍රැක් කරලා ලොක් කරලා දුන්නම ගන් එකත් ටාගට් එකට ලොක් වෙනවා..මැනුවල් ෆයර් කරනත් පුලුවන්..

      Delete
  17. එක එක පැතිවලින් ඩෝරා ගොඩක් එනකොට ඒ අවස්තාවෙ කමාන්ඩ් කරන කෙනා තෝරගන්නෙ කොහොමද ?
    විවිධ වර්ගවල නාවික යාත්‍රා එකතුව සටනක් කරද්දි ඒවට කමාන්ඩ් කරන්නෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. එන උන් අතර ඉන්න සීනියර් ම එකා හැමෝම දන්නවනේ.. ඒ වුනාට සමහරවිට වැඩිම වෙලා සීන් එකේ හිටපු එකා ගේම හැන්ඩ්ල් කරනවා. නැත්නම් හොඳම වැඩ්ඩෙක්‌ ඉන්නවා නම් ඌ සිටුවේෂන් එක හැන්ඩ්ල් කරනවා. ඒ එක්කම ඩෝරා ටික වෙනම ට්‍රින්කෝ නැත්නම් KKS වල ඉන්න කමාන්ඩ් ඔපරේෂන් ඔෆිසර්ස් ලා වගේ කොඩිනෙට් කරනවා. ගන් බෝට් එනවනම් ඒවත් ඒ වගේ කොඩිනෙට් කරගන්නවා. Attack එකක් වෙලාවට ඒ වගේ ඒවා වැඩිය ලොකුවට ගන්නේ නෑ.. සීනියර් එකෙක් උනත් පිස්සුවක් කෙලින්න යනවනම් "සර් මේ *කන්නේ නැතුව පැත්තකට වෙන්න" කියල අනිත් එවුන් වෙන්න ඕනි දේ කරනවා.. රෑට සෙට් වෙලා අඩියක් ගැහුවම ඒවා ඔක්කොම ඉවරයි.. :)

      Delete
  18. KKS PPD අයේමත් මතකයට ආවා.
    කල්‍යාණට මතකද 2000 වසරේ ඔක්තෝබර් 23 ති‍්‍රකුණාමලේ වරායේ නේවි එකට එල්ල කරපු කොටි ඇටෑක් එක? ඒ කාලේ මොන කෑම්ප් එකේද හිටියේ?
    ඒ ඇටෑක් එකට මම හිටපු නැවත් මැදිවුනා.

    ReplyDelete
    Replies
    1. උග්‍ර සටන් පැවති සමයේ මම කංකසන්තුරේ සිට පේදුරුතුඩුව පේන තෙක්මානය වන තුරු ගියා මර්ක්ස් වාද්දුව කියන බඩු ගෙන යන නැවේ. ත්‍රිකුණාමලයේ සිට කේ කේ එස් ගියේ නගරෝමා කියන නැවේ. එවකට ත්‍රකුණාමල කඳවුරේ කමඩෝර් ලෙස ගිටියේ දයා සඳගිරි මහතා. කැප්ටන් නිලයේ හිටියේ වසන්ත කරන්නාගොඩ මහතා. අපි එදා රැ නැවතුණේ කරන්නාගොඩ මහතාගේ කාමරයේ ට්‍රින්කෝවල.

      Delete
    2. මර්ක්ස් නැව් කිහිපයක සේවය කලත් ඔබ ගමන්ගත් වාද්දුව නෞකාවේ සේවය කරන්න බැරිවුනා.අතිශය කටුක හා සුන්දර කාල වකවානුවක්. බ්ලොග් එකේ ලියන්නත් හිතෙනවා.

      Delete
    3. සදගිරි කියන්නේ අමුම ..රියෙක් කියලයි මමනම් අහලා තියෙන්නේ

      Delete
    4. @ කොළොම්පුරේ.. ඔය දවසෙත් මම හිටියේ මේ P 495 එකේම තමයි. අපි KKS Attachment එකේ ඉන්න ගමන් මේ සිද්ධියේ කියන විදියටම PPD හරියේ පැට්‍රොල් එකේ හිටියේ.. ට්‍රින්කෝ වලට කොටි ගහනවා කියුවම PPD ඉඳල විද්ද ට්‍රින්කෝ වලට.. අපිට නොර්ත් එකේ ඒරියා කමාන්ඩර් ගෙන් ඉන්ස්ට්‍රක්ෂන් එනකොට අපි ට්‍රින්කෝ කිට්ටුවටම ඇවිත්.. ඒ ස්ටෝරි එක ඊළඟට ලියන්නම්කෝ..

      Delete
    5. @ නලියා.. 96-98 වගේ කාලේ වෙන්න ඕනි.. ඊට පස්සේ සඳගිරි නාවික හමුදාපති උනානේ.. :) මමත් කීප සැරයක් මර්ක්ස් නැව් වල Navy Liaison Officer විදියට ගිහින් තියෙනවා ට්‍රින්කෝ- කේකේඑස් අතර.. ඒ කාලේ නේවි එකේ ටීම් එකක් එහෙම යවනවා. අපි Midshipman ලා විදියට නැව් වල ට්‍රේනින් වෙනකොට එහෙම යන්න වෙනවා. මර්චන්ට් නැව් වල තියෙන්නේ වෙනම එක්ස්පිරියන්ස් එකක්..

      @ කොළොම්පුරේ..

      එහෙනං සමාරවිට අපි හම්බෙලත් ඇති ඒ කාලේ.. ලියාන් ලියාන් බලන්න මටත් කොමෙන්ට් කරන්නවත්..

      @ උදාර.. ඔක්කොම එහෙම උන් තමයි බං.. සඳගිරි තමයි නේවි එකට එයාර් වින්ග් එකක් හදන වැඩේ අල කරේ.. ඒ වගේම ඒ කාලේ තමයි නේවි එකට 'සුදුසුම්කම් තියෙන කැතම ගෑණු ළමයි බඳවා ගැනීමේ' ප්‍රතිපත්තිය ගෙනාවේ.. හැක්.

      Delete
  19. මම මුල් වරට ඩෝරාවක ගියේ කන්කසන්තුරේ ඉඳන් කච්චතිව්වලට. එදා ඒ සුපර් ඩෝරා එක පැදෙව්වේ කපිතාන් ආලෝක බණ්ඩාර. කමි දන්නවා ඇති ඔහුව මං හිතන්නේ. චෝරා එකේ උඩ යන එකනං මරු ගති. යට තට්ටුවේ යනකොට නං එලොව පොල් පේනවා වගේ. සුපිරි වේගයෙන් යන වෙලාවට.

    ReplyDelete
    Replies
    1. කපිතාන්? ආලෝක බණ්ඩාර? ම්හු.. සාමාන්‍යයෙන් කපිතාන් කෙනෙක් ඩෝරා එහෙක OIC වෙන්නේ නෑ. නේවි එකේ කපිතාන් කෙනෙක් කියන්නේ ආමි නම් (ෆුල්) කර්නල්.. සයුර වගේ ලොකු නැවක CO කෙනෙක් වෙන සිනියෝරිටි එක.. ලෙෆ්ටිනන් කෙනෙක් හෝ ලෙෆ්ටිනන් කමාන්ඩර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නලියා ල වගේ VIP ලා යන නිසා ඒ වගේ ජේෂ්ඨ නිළධාරියෙක් එදා විශේෂයෙන් ගියාද දන්නේ නෑ..:)))) අනික ආලෝක බණ්ඩාර? බණ්ඩාර ලා කීප දෙනයි ඉන්නේ නේවි එකේ.. 2009 ට කලින් හිටපු බණ්ඩාර ලා නම් මම ඔක්කොම දන්නවා.. ඒත් මට ආලෝක කෙනෙක් නිච්චි නෑ නේ.. ඔය කියන්නේ කරන්නාගොඩ සර් ළඟ හිටපු ජයන්ත බණ්ඩාර ගැනද? ම්හු.. මීටර් නෑ. මට පස්සේ බැච් එහෙක එකෙක්නම් සොරි වෙන්න ඕනි.. නමින් අඳුනන්නේ නෑ.
      බයි ද වේ.. නලියා ඩෝරා එකේ එළියේ යන එක හා ඇතුලේ යන එක ගැන කියපු කතාව නම් හරියටම හරි.. :)

      Delete
  20. ඔය වගේ අවස්ථාවකදි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව ගොඩක් වටිනව ඇති.

    දැං මේකෙ ඉතුරු කෑල්ල එන්නෙ අවුරුදු කීයකින් ද?

    ReplyDelete
    Replies
    1. කොහොමත් සෙනිකව තීරණේ ගන්න වෙනෝ.. ඒකට පුරුදු පුහුණු කරනවා පොඩි කාලේ හිටන්ම.. වැඩේ තියෙන්නේ සෙනිකව හරි තීරණේ ගන්න එක.. කලබලේට මොනවා කරනවද කවුද දන්නේ.. හැක්.

      අවුරුදු තුනක් ඇතුලත ලියන්න මම ඔන්න උඹට පොරොන්දු වෙනවා.

      Delete
  21. ඉංග්‍රීසි ඇක්ෂන් ෆිල්ම් එකක් වගෙ දිගටම කියවන්ගියා, ඉතුරු ටිකත් මේ අවුරුද්දේ ලියනවනේ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ SMART ටාගට් දෙනවනං ලියන්න පුළුවන්.. :)

      Delete
  22. අර කොටි බෝට්ටු අස්සට ගියා කියන්නේ උඹලා මාර මිනිස්සුනේ බං.කොටි අත්අඩංගුවේ හිටපු අජිත් බෝයගොඩ ලියපු පොතක් තියෙනවා.කමියා දැක්කාද එක.මම දැක්කා ඒ පොත ගැන උඩුවා රාවයට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බෝයගොඩතුමා ගැන පැහැදීමක් නම් නෑ. පොත ගැන අහල තිබුනට කියෝලා නෑ. කියවලම කොමෙන්ටෙකක් දාන්නම් කෝ.. :)

      Delete
  23. හම්මේ බං... ඇඟත් හිරිවැටුණා...
    ඉක්මණට ලියහං ඉතුරුටික... බලා ඉන්ට බැරුවා..

    ReplyDelete
    Replies
    1. අනේ.. අයියා.. මට මේ ටිකේ පුක බිම තියා ගන්න වෙලාවක් නැතුවා.. :)

      Delete
  24. කෙමෙන්ට් පස්සේ ...
    එල ද බ්‍රා ...
    මේවා නොලියා ඉන්න එපා

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් පස්සේ.. හැක්. *නකොට පරිස්සමෙන් බ්‍රෝ.. :)

      Delete
  25. හප්පා එලා ආ ඉතිරියත් දාන්න

    ReplyDelete
  26. මම ප්‍රශ්න වගයක් අහනව.ඔබ තුමාට පුලුවන් නම් පිලිතුරු දෙන්න.
    1.නාවික හමුදාවේ ජොඉන් වෙන්න ඕන හොදම branch එක මොකද්ද්?
    2.මට වයස 22.මට නාවික හමුදාවට join වෙන්න පුලුවන් ද?වයස ගොඩක් තදින් බලනවද?
    3.fitness හුගක් බලනවද?

    ReplyDelete
    Replies
    1. 1. හොඳම බ්‍රාන්ච් එක Electrical Engineering :) හැබැයි ඒකට ඔයා උසස්පෙළ ගණිත අංශයෙන් සමත් වෙලා කැම්පස් යන්න සුදුසුකම් සපුරා ඉන්න ඕනි. අනිත් ටෙක්නිකල් බ්‍රන්චස් උනත් නරක නෑ.
      උසස් පෙළ කරේ කොමර්ස් වලින් නම් ඊළඟට හොඳම බ්‍රාන්ච් එක සප්ලයි. ඒක ට යන්න ටිකක් නෙවෙයි ලොකු තරඟයක් තියෙනවා හැබැයි. හේතුව හිතා ගන්න පුළුවන්නේ..
      නේවි එකේ ක්‍රීම් එක ලෙස හඳුන්වන ඒ වගේම කවදා හරි නාවික හමුදා පතිවරයා දක්වා යන්න පුළුවන් බ්‍රාන්ච් එක තමයි එක්සෙකටිව් බ්‍රාන්ච් එක.. ඒකට උසස්පෙළ විද්‍යා/ ගණිත අංශ වලින් ඉහලින් සමත්වෙලා තියෙන්න ඕනි. හැබැයි මුල් කාලේ වැඩි හරියක් මුහුදේ තමයි ඉන්න වෙන්නේ.. :)

      Delete
    2. ආ තව ප්‍රශ්ණ දෙකක් තියෙනවා නේ..
      2. 22 සම්පුර්ණ නම් බෑ මම හිතන්නේ. KDU එකට නම් 23 වෙනකම් පුළුවන් මතක විදියට. ඔබ ඒ ගැන උනන්දු නම් නාවික හමුදාවේ 'මාණ්ඩලික නිලධාරි- බඳවා ගැනීම්' ව අමතා විස්තර ගන්න පුළුවන්.
      3. ඒ ගැන වොරි වෙන්න එපා. ෆිසිකල් හදන එක තමයි කරන්නේ.. පුහුණුව ඉවරවෙනකොට හොඳ ෆිට් කොල්ලෙක් වගේ ඉන්න පුළුවන්. :)

      Delete
  27. Replies
    1. ඉන්නවා... (වෙසක් ඉවර උනේ ඊයේ නේ බං.. :)

      Delete